Wednesday 29 June 2016

අසරණ වූ කැමරන් පරාජය කෝබින් පිටින් අරී - හොරු රැලකට එරෙහිව කෝබින්

සැබැවින්ම අස් විය යුත්තේ කවුද? 

 කොන්සර්වටිව් පක්ෂයේ යුරෝපා සංගමයට විරුද්ධ වුවන් සැනහීමට හා ජාතිවාදී ෆරාජ් වැන්නවුන් ගෙන් එන තර්ජන වලින් බේරීමට ජන මත විචාරණයක් පවත්වන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් 2013 දී පොරොන්දුවක් දුන්නේය. මේ පොරොන්දුවට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සහය දැක්වූයේ නැත. ඩේවිඩ් කැමරන් දෙවන වරටත්  එඩ් මිලිබෑන්ඩ් මෙහෙයවූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පරදවා බලයට පත් වූයේද යුරෝපිය බිල්ලා පෙන්වූ මන්ත්‍රීවරුනට නිදහසේ මැතිවරණ කතා කීමට නිදහස් දීමෙනි. යුරෝපා තනි වෙළඳපළ (Single European Market -ESM)  තබා ගෙන සංක්‍රමණිකයන් අඩු කරන බවට ඉටු කළ නොහැකි පොරොන්දුක් ද ඔහු රටට දුනි. එසේම සහනාධාර අඩු කරන බවටද පොරොන්දු විනි.

මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ යුරෝපා සංගමයේ නායකයන් සමග සාකච්චා වලදී අගමැති කැමරන් දිනා ගත්තේ ඉල්ලීම් කිහිපයක් පමණි. ඒ සහනාධාර රටට පැමිණි ගමන් එකවර  නොදී,  රැකියා කරන යුරෝපීය සංක්‍රමණිකයන්ට රැකියාව නැති වූ විට පමණක් සහනාධාර  ලබා දීමටය. එසේම ඔවුන් ගේ ළමයින්ට දෙන සහනධාරය නොදීමටද එකඟ විනි. යුරෝපීය නිදහස් සංක්‍රමණය ඉවත් කිරීමට මේ අනිකුත් යුරෝපිය රටවල් එකඟ නොවිණි.

මේ තත්වය යටතේ පැවති ජනමත  විචාරණය නිදහස් එකක් වුනි. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ හා කොන්සර්වටිව් පක්ෂයේ සාමාජිකයන්ට නිදහසේ ඕනෑම පිලකට බැඳීමට අවසර දී තිබුණි. නමුත් යුරෝපීය නිලධාරිවාදය නිතර විවේචනය කල කම්කරු පක්ෂයේ නව නායක ජෙරෙමි කෝබින් ට පක්ෂ මතයට සහය දීමට සිදු වුනි.  කම්කරු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ට සහය පල කළහ. කැමරන් ගේ කොන්සර්වටිව් පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු බොරිස් ජොන්සන් සමග යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට චන්දය දුන්හ.

ජෙරෙමි  කෝබින් අවංකවම කිවේ තමන් දහයෙන් හතක් 7/10 යුරෝපා සංගමයට කැමති බවත් නමුත් ඔවුන් කරන මුදල් නාස්තිය හා  නිලධාරිවාදී ක්‍රියා අඩු කල යුතු බවත්ය. එය නිවැරදි ස්ථාවරයකි.

යුරෝපා සංගමය පිලිබඳ චන්දයේදී බොහෝ කොන්සර්වටිව් පාක්ෂිකයන් ඉවත්ව යාමට චන්දය ප්‍රකාශ කල අතර බහුතරයක් කම්කරු පක්ෂ සාමාජිකයන් යුරෝපා සංගමය සමග සිටීමට සහය පල කළහ. මෙය වෙනස් වූයේ  සන්දර්ලන්ඩ් වැනි කම්කරු පක්ෂ අසනවලය. එයට හේතුව ඒවායේ කැමරන්ගේ සහනාධාර කප්පාදුවට හසුවුණු බොහෝ කම්කරු පක්ෂ හිතවාදීන් සිටීමය.

මේ නිසා මේ ජන මත විචාරණය පැරදීම මත ඉල්ලා අස් වන්නේ නම් අස්විය යුත්තේ කැමරන් මිස කෝබින්  නොවේ.

කෝබින් නායකත්ව  සටන ගිය අවුරුද්දේ ජය ගත්තේ කෙසේද?

කොන්සර්වටිව් පක්ෂයේ නායකයා පත් කෙරෙන්නේ මන්ත්‍රී වරුන්ගේ චන්දයෙනි. ඒ නිසා මන්ත්‍රීවරුන් නායකයාට ඉල්ලා අස්  වන්නට කිවහොත් ඔහු ඉල්ලා  අස් විය යුතුය. කම්කරු හෙවත් ලේබර් පක්ෂයේ එසේ නොවේ. එහි වෘත්තීය සමිති වලට හා මන්ත්‍රීන්ට චන්දයන් හිමිව තිබුණි. වෘත්තීය සමිති  සාමාජිකයන් ගේ බහුතර ඡන්දය  නොලැබෙන කිසිවකු දිනුවේ  නැත. ලේබර් පක්ෂයේ එඩ්  මිලිබෑන්ඩ් මේ නීති 2010 දී වෙනස් කළේය.  එනම් £3 ගෙවා පක්ෂ සාමාජිකත්වය ගන්නා ඕනෑම අයෙකුට චන්දය දිය හැකි බවයි. වෘත්තීය සමිති  හා මන්ත්‍රීන්ට ද සමාන චන්දයක් හිමි විනි.

පසුගිය වසරේ මැයි මස අට පැවති  චන්දයෙන් මුළු සාමාජිකත්වයෙන් 59.1% හෙවත් 251,417 ක් ලබා කොබින් මුල් තැන ගති.  දෙවැනි තැනට පත්වූ ඇන්ඩි බන්හම් ගත්තේ 19%කි. කෝබින්ට ඉල්ලා අස්  වෙන්නට කියන කූපර් ගත්තේ 17% කි. බ්ලෙයාර් වාදී ලිස් කෙන්ඩොල් ගත්තේ 4.5% කි. එනම් චන්ද හාරලක්ෂයකින් දහඅට දහසක් වැනි සුළු සංඛ්‍යාවකි. මන්ත්‍රීන් 172 දෙනෙකු ඉල්ලා අස් වෙන්නට කියන්නේ මෙවැන්නෙකුටය.

එසේ නම් සියලුම මාධ්‍ය හා මන්ත්‍රීන් කෝබින්ට එරෙහි ඇයි?

මෙයට බොහෝ දුරට හේතුවක් වන්නට තිබෙන්නේ චිල්කොට් වාර්තාවයි. හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍යය ඉරක යුද්ධයට කැඳවා  ගෙන ගියේ සදාම් හුසේන් මිනිසුන් සමුල ඝාතන කිරීමට අවි නිපයා ඇතැයි අමුලික බොරුවක් කියමිනි. එයට ඔහු වරද කරුවකු  කර තිබෙන  මේ වාර්තාව එලියට එන්නේ ජුලි 6 දාය. මේ අනුව ඉරාක  යුද්ධයට සහය දුන් සියලු මන්ත්‍රීවරුන් යුද අපරාධයකට වැරදි කරුවන් වෙයි.  ඉහත 172න්  අතර බහුතරය එවැනි අයයි. කොටින්ම මේ කැරකෙන්නේ ටෝනි ගේ  සල්ලිය.

ලෝකයේ වෙනත් රටවල යුධ අපරාධකරුවන් අල්ලා  පරසක්වළ ගැසීමට කතා කරන යුරෝපීයයන් තමන් ගේ අයෙකුට එවැනි චෝදනාවක් එනවිට සැරසෙන්නේ මෙසේය.
ජෙරෙමි කොබින් සෑම යුද්ධයකටම විරුද්ධ වූවෙකි. ඔහු ලංකාවේ යුද්ධයට මෙන්ම , ඉරාක යුද්ධය ට ද සිරියාවේ බෝම්බ දැමීමටද විරුද්ධ වූ අයෙකි. අද කෝබින්ට එරෙහිව චන්දය දුන් මන්ත්‍රීන් 172 න්  වැඩි දෙනා  ඉරාකයට පහර දීමට අත්  එසවූ යයි. චිල්කොට් වාර්තාවට ඔවුන් බිය වන්නේ එය එලියට ආ  පසු ඔවුන් පක්ෂයෙන් එළවා දැමීමට අවශ්‍ය නම් කොබින්ට හැකි බැවිනි.

ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත් වීමට සහය නොදුන් අයෙකි. නමුත් යුරෝපය ට පක්ෂව ඔහුගේ ඉදිරිපත් වීමෙන් සිදු වුයේ  කම්කරු පාක්ෂිකයන් අතිශයින් අප්‍රිය කරන තැනැත්තෙක් වූ ඔහු නිසා ජනමත විචාරණයේදී  තවත් චන්ද අඩු වීමයි.

අවසන් වශයෙන් ඇසීය  යුත්තේ බහුතර සාමාජිකයන් ගේ චන්දයෙන් පත් වූ
නායකයෙකු කැමරන් කිවූ පලියට, මන්ත්රිලා 172 කියූ පලියට අස්  වුනේ නැත්නම් ඒකාධිපතියෙකු වන්නේ කෙසේද යන්නයි.  ඔහු නැවතත් ඡන්දයකට සුදානම්ය. ඒකාධිපතියන් චන්ද වලට අකමැතිය.





25 comments:

  1. ඔය රටක දැනට ජිවත් නොවන කෙනෙක් වසයෙන් උඹට තියන අත්දැකීම් මට නැති වග පිලි ගන්න අතර, වෙන්වීමට බහුතරය ගත තීන්දුව ආපසු යමක් ලෙසයි මට පෙනෙන්නේ. නිලධාරිවාදය, රෙගුලාසි හා සහනාධාර එකක්. වෙළඳපොල හා නිදහස් සංක්‍රමණය තවෙකක්. මේ ප්‍රශ්න වලට හරි උත්තර එයාල සොයන්න මහන්සි නොගත්ත එක ඇත්ත වගේ කියල මන් හිතනවා.

    හැබැයි මේ ජනමත විචාරණයේදී මුලට ආපු කරුණක් වන, සංක්‍රමණිකයන් එපා කියන අන්ත දක්ෂිණාංශික හා ජාතිවාදී කොටස් (මේ දිනවල යුරෝපයේ හා ඇමරිකාවේ තියන) ගෙනාපු රැල්ලට සහය දෙන සාමාන්‍ය ජනතාව (සංක්‍රමණික හා රටේම උපන්) වටහා නොගන්න දෙයක් තමා, සංක්‍රමණිකයන් නැතිනම් උදාහරණයකට සුපර්මාර්කට් එකේ ඔය තියන බඩු මිල කොතරම් ඉහල යන්න හැකිද කියන එක.

    අනික් අතින් මචං ඒ රැල්ලට සහය දෙන සංක්‍රමණිකයන් කොට්ශටායකුත් ඉන්නවනේ. ඔවුන් කියන්නේ, දැන් අලුතින් එන එවුන් නිසා, එයාලටත් රැකියාවක් කරගෙන, නිදහසේ පාරේ බැහැල යන්න නොහැකියි කියා. මෙතන තියන ඔක්සිමොරෝනය උඹට තේරෙනවනේ. ඔය කතාව එයාල එදා ආපු විටත් ජාතිවාදී කොටස් කියුව වග එයාල දන්නේ නැහැ. නැත්නම් මතක නැහැ.

    අන්ත දක්ෂිණාංශික-ජාතිවාදී කොටස් බලයට ආවොත්, මුලින්ම නිදහසේ ඉන්න බැරි වන කාණ්ඩ අතර ඒ වෙන්වීමට චන්දෙ දුන්න සංක්‍රමණික පිරිස් ද ඉඳිනු ඇති.

    අන්තර්ජාලයෙන් "තමන් ගේ උපන් රටේ ප්‍රශ්න වලට පරමාදර්ශී විසඳුම් ඉදිරිපත්" කරන, අපේ සමහර අයියල ජිවත් වන රටේදී කටයුතු කරන හැටි උඹත් දන්නවනේ. උඹ හිතනවද මෙයාල දැන් උපන් රටට ගියත්, ඔයිට වෙනස්ව කටයුතු කරාවි කියල.

    ReplyDelete
    Replies
    1. //අනික් අතින් මචං ඒ රැල්ලට සහය දෙන සංක්‍රමණිකයන් කොට්ශටායකුත් ඉන්නවනේ.//

      රැකියා ගැන තියන තරඟකාරීත්වය නිසා එහෙම හිතන එකේ සාධාරණත්වයක් තියනවා.
      ඒත් නට්සීන් යුදෙව්වන්ට විරුද්ධ ක්‍රියා කරන කොට අනිත් අය හිතුවා යුදෙව්වො විතරනෙ අපට එහෙම වෙන එකක් නෑනෙ කියල. හැබැයි ජාතිවාදයයි ක්සෙනොෆෝබියා එකයි සීමාවලට යටත්වෙන්නෙ නෑ කියන එකත් මතක තියාගන්න වෙයි

      Delete
    2. //සංක්‍රමණිකයන් නැතිනම් උදාහරණයකට සුපර්මාර්කට් එකේ ඔය තියන බඩු මිල කොතරම් ඉහල යන්න හැකිද කියන එක. // මේ උමබට තේරෙන ටික මුන්ට තේරෙන්නේ නැහැ බං.
      //අනික් අතින් මචං ඒ රැල්ලට සහය දෙන සංක්‍රමණිකයන් කොට්ශටායකුත් ඉන්නවනේ. ඔවුන් කියන්නේ, දැන් අලුතින් එන එවුන් නිසා, එයාලටත් රැකියාවක් කරගෙන, නිදහසේ පාරේ බැහැල යන්න නොහැකියි කියා. මෙතන තියන ඔක්සිමොරෝනය උඹට තේරෙනවනේ.// අනිවාර්යයෙන්ම. අර එකෝන් ගේ හා මාතලන් ගේ ලිපි වලත් මම කිව්වේ ඒක . සංක්‍රමණිකයන් සන්ක්රමනියන්ට විරුද්ධ වීම.
      //අන්තර්ජාලයෙන් "තමන් ගේ උපන් රටේ ප්‍රශ්න වලට පරමාදර්ශී විසඳුම් ඉදිරිපත්" කරන, අපේ සමහර අයියල ජිවත් වන රටේදී කටයුතු කරන හැටි උඹත් දන්නවනේ. // මෙතන තමයි හිනා වෙලා වැඩි කමට දිව විකාගෙන මැරෙන්න හිතෙන්නේ. හේ හේ

      Delete
  2. අජිත් අයිය. ඔයා මේ කියල තියෙන හැම දේම ඇත්ත. එත් මට ඔයාට යමක් කියන්ට ඕනි. මම වැරදි ඇති. ඒත් "ඇවිත් ඇවිදල බලන්ට east london. විශේෂයෙන්ම east ham." මේ කියනවට වඩා යමක් ඔයාට තේරෙයි. ස්තුතියි ලිපියට. 👊🏼

    ReplyDelete
    Replies
    1. මල්ලි. මම east ham වල ශෙලී avenue එකේ අංක 49 ගෙදර (ලස්සන සීක් කෙල්ලෝ 6 ක් ඉන්නවා ඒ ගෙදර. ගිහින් බලන්න) (ඒ දවස් වල උන් පොඩි ඈයෝ ) හිටියේ. east london වල මුස්ලිම් කාරයෝ එක්ක මටත් ප්‍රශ්න තියනවා. මොකද තමන්ගේ රටේ ගෝත්‍රික ගතිගුණ එහෙමෙ පිටින්ම ගෙනත් වගා කරගෙන ඉන්නේ. මේ රටේ ඒවා වෙනුවෙන් කතා කරලා උන්ව secular කරනන් ඕනේ. හිජාබ් තහනම් කරන්න ඕනේ. සංක්‍රමණිකයන් ට නීති රීති කියල දෙන්න ඕනේ. නමුත් මට මේ රට කාරුණික වුණා . මට මේ රටට එන අනිත් එවුන්ට අකාරුණික වෙන්න බැහැ .

      Delete
  3. සොරි. කොමෙන්ට් එක වෙනස් වෙන්ට ඕනි. මොකද ලිපිය බ්රෙක්සිට් නෙමෙයි නිසා. කමක් නැහැ නේද? කියන්ට දෙයක් කියන්ට ඕනි උනා.

    ReplyDelete
    Replies
    1. බ්රෙක්සිට් ගැන ලිපියක් වෙනම දානවා.

      Delete
  4. ස්තූතියි අජිත්. මේ කථාවේ ඔබ කියන පැත්ත ගැන දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉයන් කැමරන් හොඳට රස්සා ප්‍රශ්නය විසඳගෙන ආර්ථිකය හදාගෙන ආව . මේ කලේ ඉල්ලං කමක්. ලංකාවේ අරයා වගේ.

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. හිතවත් රොබට් මහතා වෙත. ඔබේ කොමෙන්ටුව මා මුලින් දුටුවේ නැත. අද උදේ සියල්ල එකවර පබ්ලිෂ් කළ පසු එය දුටුවෙමි. අවාසනාවට මට අපහාස කලත් වෙනත් බ්ලොග් කරුවන්ට අපහාස කරන ඒවා පල කිරීමේ පුරුද්දක් මට නැත. අනිත් කරණය නම් මම සංචාරක මග පෙන්වන්නා , දොස්තර, ඉංජිනේරු , තානාපති , හෝ කුණු එකතු කරන්නා කියා වෙනසක් නැතිව හැමෝම සමග කතා කරන අයෙකි. හැම මිනිසෙකුගේම හොඳක් ඇති බව විශ්වාස කරන අයෙකි. (මිනිමරුවෙකුගේ වුවත්) මට හැමෝගෙන්ම ඉගෙනීමට යමක් ඇතැයි සිතන මගේ දැනුම පරිපුර්ණ නැතැයි සිතන අයෙකි.

      Delete
    2. ස්තූතියි අජිත්. මේ කොමෙන්ට් එක නම් මම දැක්කෙවත් නෑ. තිබ්බත් ගානක් නෑ. රොබට් කියන්නේ මාතලන් වෙනුවෙන්ම වෙන බ්ලොග් කාරයෙක් පටන් ගත්ත එකක්. ඒකම කොච්චර ආඩම්බරයක්ද. අනෙක් උගත් කීයල කියන බ්ලොග් කාරයන්ට නැති කශේරුකාවක් ඔබට තිබීම ආඩම්බරයක්. මොකෝ අනෙක් අයට වඩ ඔබ එයිනුත් ඉදිරියෙන් සිටින නිසා.

      Delete
  6. මෙහේ නම් මහින්ද මහත්තයා එහෙම මාර ආතල් එකේ ඉන්නේ බ්‍රෙක්සිට් ජයග්‍රහණය ගැන..

    දැන් විගාලා සම්පන්තන්ලත් වෙන්වීමට ඉල්ලයි... අපේ හින්ගල ඩයස් පෝරාව වෙනුවෙන් මාත් විගාලට සප් එක දෙනවා...

    කොහොම හරි කැමරන් කියන්නේ රනිල් වගේම ඉල්ලගෙන කන පොළොවෙ පය ගහලා ජීවත් වෙන්නේ නැති, මිනිසුන්ගේ හැඟීම් දැනීම් නොදන්න හරකෙක් කියලා තමයි කියන්න තියෙන්නේ.. කොහොමත් මිනිහා නායකයකුගේ ලක්ෂන නොපෙන්නපු මිනිහෙක්. මහින්ද එක්ක තියෙන තරහට. ලංකාවට ආපු වෙලාවේ ඔක්කොම මිනිස්සුන්ට පුප්පපු හරකෙක්. එහෙම එකෙක් උගේ වරද් වහගන්න වෙන උන්ට කෑ ගහන එක පුදුමයට කාරනයක් නෙමෙයි... අපේ රනිල්ටත් ළඟදීම වෙන්නේ ඔය ටික තමයි...

    ReplyDelete
    Replies
    1. මාතලන් කැමරන් අර්ර්තිකය හොඳට ගෙනිච්ච. විරැකියාව අඩු කලා. නමුත් රනිල් වගේ නෙමේ මහින්ද මහතා වගේ ඉල්ලන් කෑව.

      Delete
    2. ඒ උනාට මම දැක්කා ප්‍රංශයේ ෆොරින් සැකටරි නෝනා එයාගේ පලු අරිනවා ජනමත් විචාරනයකට ගිය එක ගැන... මර්කෙන් නෝනගෙනුත් හොඳට අහගත්තා කියලයි ආරන්චිය නම්...

      Delete
    3. ඒක තමා මම ඔය උද කියල තියෙන්නේ. ඌ ඔය චන්ද ගුන්ඩුවකට ජනමත විචාරණය තියන්නම් කීව . වැඩේ backfire

      Delete
  7. මහින්ද මහත්තයාට කෙලින්න ආ ලේබර් සහ ටෝරි සියල්ලන් ට ම කෙලවී යන ආකාරය නරඹා ප්‍රීති වෙමු!

    අපේ රට ට කලින් ඉන්ගලන්තේ කෑලි වලට කැඩී සුනු විසිනු වෙනවා දකින්නට නොලබෙන මේ දෑස මක්කටෙයි?

    ReplyDelete
    Replies
    1. ඈක් , එංගලන්තේ නෙමේ බං , මහා බ්‍රිතාන්‍යය . ඉතින් කොච්චර හොඳද , මුන් මරා ගන්නේ නැතුව වෙන් වෙනවා නම්. මම ඒකීය රාජ්‍යයකට පක්ෂයි. නමුත් මිනිස්සු කැමති නම් කැඩෙන්නේ ඒක උන්ගේ වැඩක්.
      //මහින්ද මහත්තයාට කෙලින්න ආ ලේබර් සහ ටෝරි සියල්ලන් ට ම කෙලවී යන ආකාරය නරඹා ප්‍රීති වෙමු!// මේකනම් තේරෙන්නෙම නැහැ මට. මෙහෙ ඉන්න මන්ත්‍රී ල දෙතුන් දෙනෙක් කෑ ගැහුවා තමයි. දෙමල චන්දෙ නිසා. කවුරුත් ගණන් ගත්තේ නැහැනේ.

      Delete
  8. ඉන්ගලන්තේ එහෙම උණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ ...හා.....හා..

    ReplyDelete
  9. David Camaran good man but consavtive. But all goodest people socalism people. We very sad British leve uropiyan union.

    ReplyDelete
  10. දැන් කැමරන් ලොක්කාත් ඉල්ලා අස්වෙනවා කියලා තිබ්බා නේද?

    කොන්සර්වටිව් පක්ෂයේ නායකයා කම්කරු පක්ෂයේ නායකයාට ඉල්ලා අස්වෙන්න කියන්නේ ඒ දවස්වල දිනන්න බැරිනම් අයින් වෙන්න කියලා රනිල්ට මහින්දගේ ආණ්ඩුවේ අය කිව්වා වගේ වැඩක්නේ.

    ReplyDelete
    Replies
    1. අස් වුනානේ. ඒකනේ මේ අලුත් නායකයෙක් හොයන්නේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .