Thursday 20 October 2016

බැක් ටු අම්බලම් මනෝ (මළ) විකාරය

යහළුවකු විසින් එවූ ගොසිප් වෙබ් අඩවියක අමුතුම අන්දමේ පුවතක් දුටුවෙමි. ලොකු අයියලා අක්කලා පොඩි කාලේ අම්බලම්  ගිය ඇඳුම් ඇඳන් කරන නාඩගමක් ගැන දුටුවෙමිය. මේ කියන්නේ යන්තම් අවුරුදු දහඅට  පැන්න  අද ඊයේ අම්බලම් වලින් එලියට පියමැන්න එවුන් ගැන නෙමේය. උන්ටිකට ඊයේ පෙරේදා අවුරුදු දොළහක් වත් අඩුම ගණනේ ඉඳලා  එලියට ගිය අම්බලම් ඉස්කෝලේ , අම්බලම් මහා විද්‍යාලේ , අම්බලම්  කොලීජිය ගැන පොඩි කැක්කුමක් සංකාවක් තියන එක මට හිතා  ගත හැකිය. ඒවා සාමන්‍ය  දේවල් ය.

මේ අයියලා අක්කලා එහෙම නොවේය. උන් ඇවිල්ලා  අවුරදු හතලිහ පණහ පැන්න වුන්ය. අඩුම ගණනේ තිහ වත් පැන්නවුන්ය.  හතළිහෙන් පස්සේ අර මිඩ්ලයිෆ් ක්‍රයිසිස් හෙවත් මැදිවියේ විප්ලවය වත් හට ගත්ත කට්ටිය දැයි මට නිකමට වගේ සිතුනෙමිය.

හැබැයි බලාගෙන ගියාම මේ වැඩේ එහෙම එසේ මෙසේ සිල්ලර හේතුවකට වෙන දෙයක් නෙමේය.  මේ හැමෝම පොඩි කාලේ ඇඳපු  කොට කලිසම්, සායවල් , සුදු ගවුම්, සුදු දිග උණ බම්බු කලිසම් ආයේ මහගෙන, කරේ ළමා බෑගයකුත් එල්ලා ගෙන යන්නේ තමන්ගේ නැති වෙච්ච ළමා විය හොයාගෙනය.

ළමා විය නැතිවී ඇත්තේ ලංකාවේ සෝ කෝල්ඩ් නිදහෂ් අධ්‍යාපනේ නිසාය.  අන්තිම දුප්පත් දෙමහල්ලන්ගේ සිට,  පහල මධ්‍යම පන්තියේ දෙමාපියෝත්, ඉහළ මධ්‍යම පන්තියත් කියා වෙනසක් නැතුව දුවා දරුවෝ ටියුෂන් හෙවත් පෞද්ගලික පන්ති යවන්නේ එකේ පන්තියේ සිටය. ඒ ඔක්කොම විෂයන්ටය. පහේ පන්තියේදී කඩයිම් විභාග සඳහා තවත් අමතර පුද්ගලික පන්තිය.  ඒකෙන්  මුළු රටේම පළවෙනි තැනෙ සිට තුන්වන තැන ගන්නා දරුවන්ගේ පමණක් නොව  දරුවාගේ පියා, දරුවාගේ මව් , හවසට පුද්ගලික පන්ති දැමු ඉස්කෝලේ ටීචර්, ආච්චි  , සීයා හා බල්ලා ගේද පින්තුර පත්තර වල පළවෙන්නේය. අහක හිටිය  ප්‍රින්සිපල් ලාගේ පින්තුරද වැටෙන්නේය. ඔය කවුරුත් කළ රෙද්දක් නැත.

මේ ළමයිද තමන් ටියුෂන් (හෙවත් පෞද්ගලික අධ්‍යාපනය)  පැත්ත පළාතක නොගිය බවත් හො ඳට සෙල්ලම් කළ බවත්,   නිකම්ම විභාගෙට ගිය බවත් රුපවාහිනියට උජාරුවෙන් කියති. අල්ලපු ගෙදරින් ඇහුවොත් ඇත්ත කතාව හෙළිවනු ඇත. මොකද අල්ලපු ගෙදර පොඩි එකා පාස් නැත්නම් දෙමාපියන් උගේ හතර හන්දි කැඩෙන්නට පහර දී තිබෙන්නට පුළුවන් නිසාය. පහේ පන්තියේ විභාගෙන් ෆේල් වෙන එකා ගේ මානසික තත්වය කවුරුත් හොයන්නේ නැත.

ඉතින් මොන දක්ෂතාවය තිබුනත් පහ ෆේල් වුණා කියා නවතින්නේ නැත. තවත් පෞද්ගලික පන්ති දහය , එකොළහ පන්තිය වෙනකන් යා යුතුය . ඒ විභාගෙන්  පසු උසස් පෙළටද පන්ති යා යුතුය. ඒ දෙකෙන් පැන ගෙන නිදහස් අධ්‍යාපනේ දෙන විස්ස විද්යාලෙකට යා ගන්නට බැරිවුනොත් අම්ම තාත්තා ඉඩම්, ගෙවල් උගස් කර ණයවෙලා යවන අහවල් පුද්ගලික ආයතනේට ගොස් සටිපිකට් , ඩිප්ලෝමා එකක් දා ගත යුතුය. මේ හැම තැනටම ප්‍රවාහනෙට යන වෙලාවත් එකතු කරලා ගණන් බැලුවාම ජිවිතේ විඳින්න උන්ට වෙලාවක් නැත. විස්ස විද්ලීයාලේ උන්ට වෙලාවක් තියනවා කියල හිතන්නටද බැරිය. ශිෂ්‍ය සංගමෙන්, ආණ්ඩුවෙන් සහ  පොලිසියෙන් දෙන   අසයින්මන්ට් හා විබාග  අස්යින්මන්ට්ද කරලා ගොඩ ආ යුතුය.

තිබ්බ ළමා විය ඔහේ දන්නෙම නැතිව ගෙවී ගිහිල්ලාය. ඊට පස්සේ වැඩ කරලා වැඩ කරලා හති වැටිලා බලන කොට දන්නෙම නැතිව තිහ හතළිහත් පැනලාය. ඊටත් පස්සේ පොඩි එවුන්ගේ ඇඳුම් ලොකුවට මහගෙන  බැක් ටු අම්බලම් කියල පරණ අම්බලමට බඩගාන්නේ පොඩි කාලේ මිස් වෙච්ච ජෑම්  පාන් එකකුත් මල්ලට දා ගෙනය. මේ ගොල්ලන්ට සූප්පු විකුනන්න කවුරුත් හිටියේ නැත්ද කියල හිතුනේ බඩ ගාන ගෑවිල්ලටය.

ප්‍රශ්නේ මේක නෙමේය. තමන්ගේ ළමයින්ට දෙන්නෙත් මේ සබ්බුවමය. උන් ටිකත් තව අවුරුදු විස්ස තිහකින් ඔය නාඩගමම නටනවාය. හේතුව උන්ගේ ළමා කාලේ ගත වෙන්නෙත් පුද්ගලික නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ය.

නිදහස ගත් දා සිට කන්නන්ගර මහතා  වෙහෙසී ලබා දුන් නිදහස් අධ්‍යාපනෙන් අප ගත් ප්‍රයෝජන බොහෝය. බ්ලොගය ලියන්නට සිංහල ඉගෙන ගත්තේද නිදහස අධ්‍යාපනයෙන් කියා කිව හැකිය. ඒ වුනාට  මට ආපහු සුදු කලිසමක් හෝ කලිසම් කොටයක් ගහගෙන පරණ  ඉස්කෝලේ පැත්තේ යන්නට නම් කීයටවත් හිතෙන්නේ නැත.  ඒ කාලෙ පහු කරගෙන ආවේ ආයේ එතනට යන්නට නෙමේය.

මේ ආපහු  කලිසම් කොට ගහගෙන,  බෑග් එල්ලගෙන ඉස්කෝල ගානේ දුවන්නේ තමන් ඇත්තටම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තා දැයි බලන්නට විය යුතුය. මතක තියෙන්නට විධිහක් නැත.

අහෝ මේ නම් මහා ඛේදවාචකයකි. ඉරකි., තිතකි. ....

අපේ බ්ලොග් ඇත්තෝත් බැක් ටු අම්බලමට ගියා නම්  සමා විය විය යුතුය. මේ මට හිතෙන හැටි පමණය.
     

61 comments:

  1. මටත් ඔය ආපහු ඉස්කෝලේ යෑමේ ක්‍රීඩාව නම් මහා අපුලක් දැනෙන එකක්. අපිත් අතීතකාමයේ ගැලී ඉස්කෝලේ ගිය කතා ලියනවා තමයි, නමුත් ඕක රඟපාන්නම ඕනෑ ද?

    ReplyDelete
    Replies
    1. මාත් ලිව්වා. තවත් ලියන්න හිතන් ඉන්නව. ඒක අපි අතීතයේ වින්ද රස, නොරස ජීවිතය දෙස බැලූ ආකාරය ආවර්ජනය කිරමක්. මේක නිකම් නාඩගමක් වගේ මට පේන්නේ.

      Delete
  2. ඇත්තටම ඇත්ත මම දන්න පොඩිඑකෙක් ඉන්නවා 5 විබහගෙට මහන්සි වෙලා මානසික රෝගයකින් පීඩා විඳින. කටකාරිඉ

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් දෙයක් දෙන පීඩනයට.

      Delete
  3. //ඒ වුනාට මට ආපහු සුදු කලිසමක් හෝ කලිසම් කොටයක් ගහගෙන පරණ ඉස්කෝලේ පැත්තේ යන්නට නම් කීයටවත් හිතෙන්නේ නැත. ඒ කාලෙ පහු කරගෙන ආවේ ආයේ එතනට යන්නට නෙමේය.//

    මට හිත්තෙනේද ඊට කිට්ටු අදහසකි.

    පරණ මතකයන් මතක් කර රස විඳිය හැකි වුවත් ඒවා දැන් අයිති වන්නේ අතීතයටයි. අපි පොඩි කාලේ අපේ වැඩිහිටියන් නම් ඔවැනි දේට "නාකි දනගානවා" වැනි කතා කියුව මතකයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි වචනේ. වේදිකාවක නාට්‍යයකට කළාට නම් කමක් නැහැ. ඇත්තට කරන්න යන්නේ නැතුව.

      Delete
  4. ඒ කාලෙ පහු කරගෙන ආවේ ආයේ එතනට යන්නට නෙමේය.//// well said

    ReplyDelete
  5. ඔය ඉස්කෝලවලින් පන්තියේ තීන්ත ගාන්න දෙමව්පියන්ට එන්න කියනවනේ. මම ඕවට යන්නෙම නෑ. හාමිනා තමයි යන්නේ බාස් කෙනෙක් එක්ක. එකම එක දවසක් බාස් කෙනෙක් මට යන්න උනා. ඉතින් එතන ඉන්න ගොන් තාත්තෙක් මගෙන් අහනවා. ඔයා කවදාවත් ඉස්කෝලේ පැත්ත පලාතේ ඇවිල්ලා නෑ නේද කියලා. මම ඒ ගොන් හරකට කිව්වා, මෙහෙමයි ලොක්කා මම ඉස්කෝලේ ගිහින් ඉවර උනේ 1984 දි. තමුසෙ තාමත් පොඩි එකා කියලා මට කරන්න දෙයක් නෑ කියලා. ක්ලාස් එකේ මැඩම්ට පුක නැති වෙන්න හිනා. එදා ඉඳන් ඒ මැඩම් මාත් එක්ක පුල් ෆිට් උනා. කොහොම හරි අන්තිමට උන්දැගේ වදෙට අර නුවල් ට්‍රිප් එකට යන්නත් උනා. එතන ගිහිනුත් පට්ට ආතල් එකක් ගත්ත. පොඩි උන් එක්ක නෙමෙයි. අපි ටික වෙනම.

    පොඩි උන්ගේ ඇඳුම් ඇඳගෙන ඉස්කෝලවල යන්නේ පට්ට මානසික ලෙඩක් තියෙන උන්. ඔය වගේ දවසට ලංකාවේ ඉන්න මනෝ වෛද්‍යවරුත් පාසලට කැඳෙව්වනම් ඒක මේ රටට කරන ජාතික සේවයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ///පොඩි උන්ගේ ඇඳුම් ඇඳගෙන ඉස්කෝලවල යන්නේ පට්ට මානසික ලෙඩක් තියෙන උන්. ඔය වගේ දවසට ලංකාවේ ඉන්න මනෝ වෛද්‍යවරුත් පාසලට කැඳෙව්වනම් ඒක මේ රටට කරන ජාතික සේවයක් වෙනවා.///
      ++++++++++++++++++++++++++++++

      Delete
    2. සම හරක් තාම කැම්පස් යාමත් එසේමය. මෙයට නියම කතාවක් නාලක ගුණවර්ධන් බුකියේ ලියා තිබුනි.

      Delete
    3. ලෙඩක් වගේ කියල තමා මටත් පෙනුනේ. මුලදී හිනා ගියා . පස්සේ ඇත්තටම අනුකම්පා හිතුන. වැඩිහිටියන් නොවූ වැඩිහිටියන් කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් කියන එක.

      Delete
  6. මටත් ඔය නාකි ආපහු ඉස්කෝලේ බඩගාන එක දිරවන්නෙම නැහැ...
    ඔක්කොටම වඩා තියෙන කැත විතරක්...
    අතීත මතක අපේ හිත් වල තියෙන එක එකක්, මේ වගේ විගඩම් තව එකක්...

    ReplyDelete
    Replies
    1. අර බඩ මහත උන් කොටේ ගහගෙන ටයි එක ගෙන සුදු ඇඳුම ඇඳගෙන යන ඒවා මෙහෙත් තියෙනවා. සෙක්ස් බාර් වල. ඉස්කෝල වල කරන්න ගියහම අර ඉස්කෝලේ තත්වෙත් ඉවරයි.

      Delete
  7. මටත් කතාකළා ඉස්කෝලේ යන වැඩේට. රැවුලයි කොණ්ඩයි වවාගෙන ඉස්කෝලේ යන එක අවුල් වගේ... මම ඒලෙවල් අන්තිම දවසේ ඉස්කෝලේ ඇඳුම ගැලෙව්වේ ආයෙනං අඳින්නෑ කියලා හිතාගෙන

    ReplyDelete
    Replies
    1. විග් එකකුත් දාගෙන යන්න වුනොත් කොහොමද?

      Delete
    2. ඒ තව අවුරුදු විස්සකින් විතර තමයි!!

      Delete
    3. උඩුව නම් තවමත් ඉතින් ඒලෙවල් කොල්ලෙක් ගේ ගානට තමයි පේන්නේ . ගියාට අහුවෙන්නේ නැහැ. (මම මේ පින්තූරේ දිහා බලල කියන්නේ.)

      Delete
  8. මගේ කතන්දරේ නං ටිකක් වෙනස් අජිත් අයියේ...... අම්මපා මං ආයේ ඉස්කෝලෙට යන්න තියා ඉස්කෝලේ ළගින් යන්නත් බයයි.... පාසලට වෛර කරනවා හෝ අගෞරව කරනවා නෙමෙයි..... දැක්කා ම බය හිතෙනවා...... ඒ තරම් ඒ කාලේ පීඩනයකින් ජීවත් වුණා කියලා හිතෙනවා...... ඉතින් මං ගොඩක් දුරට ඒ හරහා යන්න තියෙන පාර වෙනුවට අලුත් පාර භාවිතා කරන්න කැමතියි....... මැරෙනවා කිව්වා ම මට තියෙන එකම බය ආයෙමත් ඉපදිලා ඉස්කෝලේ යන්න වෙයි කියන එක තමා..... මං කිව්වේ ඇත්තට ම දැනෙන දේ......

    තුෂාර

    ReplyDelete
    Replies
    1. මාත් නම් ආයේ ඉස්කෝලෙකට යන්නේ නැහැ. නැවත ඉපදුනත් යන්නේ නැහැ පින්ලන්තේ ඉපදුනොත් මිසක්. ඔය පීඩනය ගැන හිතා ගත්ත හැකි. . පින්ලන්තේ ඉපදෙන්න හැමදාම දානයක් දෙන්න හිතන් ඉන්නේ. හේ හේ එනිවේ වෙල්කම් බැක්.

      Delete
  9. සහතික ඇත්ත කතාවක්... ළමයිගේ ළමා කාලෙ උදුරගන්නගමන් ආපහු ඉස්කෝලේ යන්න හදනවා... සමහරවිට එදාම හවස ගෙවල්වලට ගිහින් පොඩි එවුන් මරන් කන්නත් හදන්න ඇති.. මේවනම් හරිම විහිලු...

    ReplyDelete
    Replies
    1. ඒකනේ නිර්මාණි. ඕනෑම නම් ඉස්කෝලේ පැත්තට හීන් සීරුවේ ගිහිල්ල එනවා මිසක්.

      Delete
  10. කාන්තාවො නම් කැමති ඇති තාම කෙල්ලො වගේ පේනව කියල හිතාගෙන යන්න.

    ගිහිල්ල පරණ දේ එහෙමමද , වෙනස් වෙලාද කියල බලන එක මං ආස දෙයක්. හැබැයි ඒ ඔය විදිහට නෙමෙයි, වෙන මොකකටහරි (කාගෙ හරි felicitation වගේ දෙයකට) ගියොත් වැඩේ ඉවර වුනාම තනියම හොරෙන් වගේ ඇවිදින්න.

    මං කොහොමත් උත්සව හා කණ්ඩායම් ක්‍රියාකාරීත්වයන්ට සීමිත කැමැත්තක් විතරයි තියෙන්නෙ. ඕල්ඩ් බෝයි මානසිකත්වය ඉස්කෝලෙන් අස්වෙලා අවුරුදු කීපයක් තිබුනට දැන් බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ප්‍රා ජෙන්ඩර් ඩිස්ක්රිමිනේෂන් කතාවක් කිව්වා. නීතිඥයෙක් නේද ඈ ?
      //තනියම හොරෙන් වගේ ඇවිදින්න.// මාත් කැමතියි ඒකට නම්. ඕල්ඩ් බෝයි එකකටවත් මාත් ගිහින් නැහැ. ලනක්වේ නෙමේනේ ඉන්නේ.

      Delete
  11. ඊයා බං හිරිකිතයි උන්ව දැක්කහම , අනික ආයේ ඉස්කෝලේ යන්ඩ කැමැත්තෙන් අපායෙ යනව දැක්කා මයි ඔය

    ReplyDelete
    Replies
    1. // කැමැත්තෙන් අපායෙ යනව දැක්කා මයි ඔය// අන්න කතාව හේ හේ

      Delete
  12. ඔයි බෑක් ටු ස්කූල් යන අයට මහ පොදු ලක්ෂණයක් තියනවා, ඒ සමාජයේ විනීතව හැසිරෙන්න නොදත් කම, පින්සිපොල්ලලාට තියෙන්නේ උන් ඉස්කොලෙට ආපහු ආව දවසේ වත් ඒ ටික කියලා දෙන එකයි.

    ReplyDelete
    Replies
    1. වේවැලකුත් අරගෙන. සමහර විට ගුටි කන්න ආසාවකුත් ඇතිද මන්ද?

      Delete
  13. අපි උනත් ඒකාලෙ කැපවෙලා වැඩ කරපු සමිති සමාඟම් වලට තාමත් නිස්සද්දව උදව් කරගෙන ඉන්න අතරේ පරණ පංතියකට ගිහින් ඒ සුවඳ විඳලා අතීතකාමෙ සනහගන්නෙ නෑ කිව්වොත් බොරු.
    හැබැයි බැක් ටු ස්කූල් සිද්ධිය දකින දකින වාරෙ මතක් වෙන්නෙ තමුන්ට ඒ මහ ගන්න කලිසමයි කමිසෙයි/ගවුමයි මහන්න යන රෙදි ටික වත් එකතු කරලා දීපියව්කො අර නැති ඒත් ඉල්ලන්නෙ නැති ළමයි ටිකක් හොයලා.ඔය එන වෘත්තිකයො එකතු වෙලා එක ඉස්කෝලෙක බිල්ඩිමක් හදල දියන්කො.. නැහ්නං තමුන්ගෙ ඉස්කෝලෙම ඉන්න එවුන්ට ලිංගික අධ්‍යාපනය/ප්‍රථමාධාර වගේ දේවල් මචං ෆිට් එකෙන් කියල දියන්කො... මුං මේ ළමය දාගන්න ඕබී එකේ කැපිල පෙනෙන්න කොරන වැඩ නෙව.

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //හැබැයි බැක් ටු ස්කූල් සිද්ධිය දකින දකින වාරෙ මතක් වෙන්නෙ තමුන්ට ඒ මහ ගන්න කලිසමයි කමිසෙයි/ගවුමයි මහන්න යන රෙදි ටික වත් එකතු කරලා දීපියව්කො අර නැති ඒත් ඉල්ලන්නෙ නැති ළමයි ටිකක් හොයලා// හරියට හරි ගස්. බොරු වියදමක් ඕක.

      Delete
    2. ..........//මුං මේ ළමය දාගන්න ඕබී එකේ කැපිල පෙනෙන්න කොරන වැඩ නෙව//.......
      මේක තමා ඇත්තම කාරණේ

      Delete
  14. මම හිතන විදියට මේ සෙල්ලම මුලින්ම පටන් ගත්තේ මොරටුව වේල්ස් කුමාර එක වෙන්න ඕන.ඊට පස්සේ මේක වසංගතයක් වගේ පැතිරෙන්න අරන් දැන් නම්. වැඩේ කියන්නේ ස්කෝලේ යන කාලේ ස්කොල කට් කරපු උනුත් යුනිෆෝම් ගහන් ආයෙමත් ස්කෝලේ යන එක.

    ReplyDelete
    Replies
    1. මම මේ ලඟදි දැක්කේ. යුනිෆෝම් ගහගෙන කරන විකාරයක් කියල මට හිතුනේ.

      Delete
  15. මමනං ආයෙමත් ඉස්කෝලේ යුනිෆෝර්ම් එක ගහගෙන බෑග් එල්ලගෙන විනෝදෙටවත් යන්න හිතලම නෑ . ඉස්සරහ දවසක යන්න කැමතිත් නෑ . ඒ මගේ පුද්ගලික කැමැත්ත . ඒ හැරුනාම 'බැක් ටු ස්කූල් ' දවසට යුනිෆෝර්ම් ඇඳගෙන ඉස්කෝලේ යන්න හිතපු (සමහර විට අවුරුද්දකට දවසක් හෝ ජීවිතේටම වතාවක් ) මිනිස්සු ගැන අහිතකුත් නෑ . ඒක මහා ඛේදවාචකයක්වත් ලොකු මනෝ විශ්ලේෂණ කරන්න දෙයක්වත් වෙන්නේ ඇයි කියල මටනම් හිතාගන්න බෑ . එහෙම යන්න කැමති අය අහිංසක සතුටක් ගත්තාවේ .

    ReplyDelete
    Replies
    1. දැන් මේක ලියපු එකෙන් තිලකේ කොමෙන්ට් දාන්න හරි ආවනේ. හේ හේ මේකයි. තිලකේ ඉන්නේ මැද පෙරදිග නිසා මේවා දකින්නේ නැතිව ඇති, සාමාන්‍යයෙන් සිකුරාදා සෙනසුරාදා ක්ලබ් යන ජනකායක් ඉන්නවා මේ රටේ. ගැහැණු කට්ටියගේ ප්‍රියතම ඇඳුමක් තමයි බැක් ටු ස්කූල් එක. කොට ස්කොලේ සාය , බාගෙට අඳින ටයි එක, උඩ බොත්තම් කිහිපයක් ඇරපු බ්ලවුස් එක. හිතා ගන්න ඇහැකිනෙ. වැඩිහිටි පිරිමිත් යුනිෆෝර්ම් වගේ ඇඳලා එන අවස්ථා ත් තියනවා. ක්ලබ් එකේ one night stand එකකට (ඒ මොකක්ද කියල දන්නවා ඇතිනේ) ගොදුරක් දාගන්න ටක්කෙටම හරියන ඇඳුමක් ලු. හිතේ ඇතුලේ ඩාක් සික්‍රට් හැමෝටම තියනවනේ. නොකිව්වත්. ඔය බැක් ටු ස්කූල් ඇඳුමේ සේක්ෂුවලයිස් කරපු කෑල්ලක් අනිවාර්යයෙන්ම තියනවා. වැඩිහිටියෝ කියවන බ්ලොග් වල ගැට පේර ගැන කවි ලිව්වට කමක් නැහැනේ. ක්ලබ් වලට ගියාට කමක් නැහැනේ. ළමයි ඉන්න ඉස්කෝල වලට ගිහිල්ල පත්තර වල දාල කරනකොට ඕක ටිකක් විකාරයක් වගේ පේන්නේ නැත්ද ?

      Delete
    2. අර බ්‍රිට්නි ස්පියර්ස් ගේ සින්දුවක් තියනවා ඔය ඉස්කෝලේ ඇඳුම ගහගෙන කියන. https://www.youtube.com/watch?v=C-u5WLJ9Yk4
      ඒකට චෝදනාවක් ආව ඉස්කෝලේ ගැහැණු ළමයින්ගේ ලිංගිකත්වය විකුණනවා කියල. පස්සේ සමීක්ෂණයක් කලා. ඒ සීඩී එක වැඩියෙන්ම මිලදී අරන් තියෙන්නේ වැඩිහිටි අය . ඒ අයගෙනුත් වැඩිපුරම වැඩිහිටි පිරිමි අය.

      Delete
    3. හෙහ් හේ මම කොමෙන්ට් නොදැම්මට පුළුවන් වෙලාවට බලනවා ෆෝන් එකෙන්. ඒකෙන් කොමෙන්ට් දාන්න හුරුවක් නෑ . අජිත් මම කිව්වේ අපේ ඉස්කෝලේ මේ ලඟදි තිබ්බ බැක් ටු ස්කුල් ගමනක් ඔලුවේ තියාගෙන. ෆොටෝවල දැක්ක හැටියට ඒක අහිංසක ආතල් එකක් . එච්චර ගැඹුරට මම හිතුවේ නෑ .ක්ලබ් වල මේවා අඳින ට්‍රෙන්ඩ් එකක් තියෙනවා කියල දනගත්තේ අදයි .

      Delete
    4. ඒක තමා මම කිව්වේ මැද පෙරදිග නැතුව ඇති කියල. පිටරටින් එන හැම දේම ලංකාවට ගන්න ඕනෙත් නැහැ. ඕක ජපනෙත් හරියට තියනවා කියල මම හල තියනවා.
      http://www.japantimes.co.jp/news/2013/05/01/national/fake-school-uniforms-let-some-turn-back-the-clock/#.WAoyTY8rK70
      ගොඩක් සෙක්ස් බාර් තියනවලු ඒවාටම.

      Delete
    5. කෙන්කියුෂ ගෙන් ඇහුවොත් කියයි.

      Delete
    6. :D

      Cos-play වල මහගෙදර ටෝකියෝ කියලත් සමහරු කියනවා නේද ?

      Image club හෙවත් ImeKura කියල ඒවට මෙහෙ කියන්නේ. ඒවා Japan pink industry එකේ සැහෙන ලොකු කොටසක්. ජපන් රජය 1957 Anti-prostitution-law එක මගින් මුදල් හුවමාරුව මත පදනම් වී සංසර්ගයේ යෙදීම (genital intercourse) තහනම් කළා. නමුත් අනෙක් ක්‍රියාකාරකම් වලට එවැනි තහනමක් නෑ. ඒවා නීත්‍යනුකුලව ලියාපදිංචි සමාගම්. නීතිය උල්ලංඝනය නොකර "සුමාතා" වගේ දේවල් හදාගෙන ජපානයේ pink industry එක යන හැටි සොයාබැලීම හරිම විනෝද ජනක වැඩක්. බටහිර රටවල වගේ නොවෙයි ජපානයේ බොහෝ එවැනි ස්ථාන වලට ජපන් භාෂාව ඉතාම හොඳින් කතාකළ හැකි ජපන් ක්‍රමය ඉතාම හොඳින් දන්නා කෙනෙක් කෙනෙක් හැරෙන්නට විදේශිකයන් ඇතුල් කරගන්නේ නෑ. විදේශිකයන්ට සේවය සපයන වෙනම තැන් තිබෙනවා. ජපානයේ එවැනි සේවා සපයන අය බොහෝ විට කෙටිකාලීනව කැමැත්තෙන් එම රැකියාවට යොමු වුන අය. ඔවුන් මත්ද්‍රව්‍ය, දුම්බීම ආදිය ඇත්තෙම නැති තරම්. සේවා සපයන්නිය (හෝ ගනුදෙනු කරුවා කාන්තාවක් නම් සේවා ලබා ගන්නියන්ගේ) ආරක්ෂාව අතිශය ඉහලින් තහවුරු කර තිබෙනවා. (එහෙම නැති නීති විරෝධී මිනිස් ජාවාරම් නැතුව නොවේ.) ඒ ආරක්ෂාව කොතරම් ද කියනවා නම් සමහර සේවා වලදී සේවා සපයන කාන්තාවට ගනුදෙනු කරුවා ස්පර්ශ කිරීමට හැකි වුනත් ගනුදෙනු කරුවාට සේවා සපයන්නිය ස්පර්ශ කිරීම පවා තහනම්. එවැනි අවස්ථාවක සේවා සපයන්නියට පොලිසියට පැමිණිලි කල හැකියි. ටෝකියෝ රෙඩ් ලයිට් දිස්ත්‍රික්කය ලෙස සලක "කබුකි-චෝ" තුලින් හැන්දෑවක වුනත් වුනත් පාසල් සිසුවියකට පවා ගමන් කල හැකි තරමට ආරක්ෂාව තිබෙනවා. ජපන් යකුසා මාෆියාව සහ පොලිසිය සහයෝගයෙන් ආරක්ෂාව පවත්වාගෙන යන බවයි පෙනෙන්නේ.

      මේ විශේෂත්වයන් නිසාම මේ ගැන තරමක් සොයා බලා තිබෙනවා. ගණිකාවක් දුෂණය කිරීමත් කන්‍යාවක් දුෂණය කිරීමත් එකම වරද බව මේවා ගැන මට විස්තර ලබාදුන් අයෙක් කිවුවා මතකයි.

      Delete
    7. කෙන්කියුෂා ඔබ හරි. http://www.cosplay.com/
      ගණිකාවක් දුෂණය කිරීම මෙහෙත් වරදක්. ඒත් ඒ අය පොලිසි යනවනම් අඩුයි. එහෙමත් කෙනෙක් තමා යන්නේ. මෙතන මම ඇත්තටම වැඩිහිටියෝ ස්දෙදෙනෙක් හරි කිහිප දෙනෙක් හරි මේවා කරනවාට විරුද්ධ නැහැ. ඒක එයාලගේ වැඩක්. එස්කොට් ගර්ල් කෙනෙක් ගාවට ගිහින් කොට කලිසම් බැරිනම් සූප්පු ඉරුවත් එක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒක වැඩිහිටි දෙදෙනෙක් ගේ දෙයක්.

      Delete
  16. අපොයි ආයිත් ඉස්කෝලෙ යන්න තියා ඒ ගැන කථා කිරීමටද බැරියෝ. ඒ කාලේ ලස්සන මතක හිත්වල එහෙම්මම තිබ්බාවේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. බ්ලොගේක ලස්සන ලියල තිබ්බම හරි.

      Delete
  17. අපූරු මාතෘකාවක් අජිත් හොයාගෙන තියෙන්නේ.
    මමත් ජාතික පාසැලක ආදි ශිෂ්‍යයෙක් වගේම ආදි ශිෂ්‍ය සංවිධාන වල ක්‍රියා කාරිකයෙක්. ඒත් මමත් පෞද්ගලිකව මේ වගේ විකාර අනුමත කරන්නේ නැහැ හොඳ වෙලාවට අපේ උන්ට තාම මේ පිස්සු බලු රෝගේ බෝවෙලා නැහැ.
    මේ වගේ විවිධ විකාර කාලෙන් කාලෙට ගේන්නේ ආදි ශිෂ්‍ය සංගම් වල ලකුණු දාගන්න දඟලන උන්. ඒවා තුලත් තියෙන්නේ අන්තිමට ආර්ථික හේතු. පාසැලට ළමයි අතුලත් කිරීම බලය අත්පත් කර ගැනීම, තමන්ගේ ළමයව ක්‍රිකට් කණ්ඩායමට දා ගනීම, තමන්ගේ එකාව ප්‍රධාන ශිෂ්‍ය විධායක කර ගැනීම වගේ දේවල්.

    වටේ ඉන්න මෝඩයෝ ටික දෙනෙක් ඕවට පිනට කඩේ යනවා අපේ පාසැල් කාලේ හරි ආතල් කියලා. හැබැයි උන් ඒ කාලේ ආතල් නොගත්ත උන්.

    ReplyDelete
    Replies
    1. ආදිශිෂ්‍ය සංගමේට සෙට් වෙලා ළමයි දාගන්න එක මමත් දැකල තියනවා. ඒවා ඉතින් ලංකාවේ හැටියට නොකරත් බැහැ වගේනේ. මම ලංකාවේ හිටියනම් වුනත් කරයි. කවුද දන්නේ.
      //හැබැයි උන් ඒ කාලේ ආතල් නොගත්ත උන්.// මේක තමා මටත් හිතුනේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ලංකාවේ හොඳ සමාජ විද්‍යාඥයෙක් හිටිය ඒ කාලේ. මහාචාර්ය නන්දසේන රතනපාල කියල. හොඳ සමික්ෂණ වගයක් කලා. සෙක්ස් වර්කර්ස් ලා ගැන කරන කොට කියල තියනවා එයාට , මිනිස්සු එනවලු කොට කලිසම ඇඳලා පස්සට වේවැලෙන් ගණිකා ළඳ කට කියල ගස්සා ගන්න. ගණිකා මහත්මිය ගුරුතුමියක් වගේ සාරි ඇඳලා ඉන්න ඕනෙලු. සමහර අය එනවලු උකුලේ තියල නලවන්න. මම මෙහෙ දැක්කා සමහර ගැහැණු පිරිමි දෙගොල්ලම නැපි අන්දවලා බෝතලේ කට තියලා දෙන්න ඕනේලු උරන්න. ඕව ඔක්කොම මානසික ප්‍රශ්න තුලින් ආව දේ හරි sexual fetish හරි. ජිවිතේ කිසියම් අඩුවක් තියනවා වගේ. ප්‍රසිද්ධියේ ඉස්කෝලෙකට යනවා කියන කොට මට නම් හිනා ගියා.

      Delete
    4. ස්වාදීන ජීවිතවල නිදහස එක්ක අනාරක්ෂාව තනිකම වගේ දේවලුත් එනවනේ.

      Delete
  18. මමනං කියන්නේ දැං ඉන්න දෙමව්පියෝ ඉස්කෝලේ සූට් අන්දවලා තමුන්ගෙ බරට සමාන පොත් බෑග් එකක් එල්ලලා වසවර්ති ගුරාල ඉන්න ඉස්කෝලෙක යවන්න ඕනෑ සතියක්. ඉස්කෝලේ ඇරුණු ගමං රෑ අට වෙනකං ටියුෂන් යවන්නත් ඕනෑ. අන්න එතකොට තේරුම් ගනියි ලමයි විඳින දසවදේ.

    ReplyDelete
  19. මමනං කියන්නේ දැං ඉන්න දෙමව්පියෝ ඉස්කෝලේ සූට් අන්දවලා තමුන්ගෙ බරට සමාන පොත් බෑග් එකක් එල්ලලා වසවර්ති ගුරාල ඉන්න ඉස්කෝලෙක යවන්න ඕනෑ සතියක්. ඉස්කෝලේ ඇරුණු ගමං රෑ අට වෙනකං ටියුෂන් යවන්නත් ඕනෑ. අන්න එතකොට තේරුම් ගනියි ලමයි විඳින දසවදේ.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ අදහස සුරංග.

      Delete
  20. කෝ මේ ඉයන් ..??? හැක හැක හැක .......

    ReplyDelete
  21. හම්මෝ ඉස්කෝල මතක් කරන්න එපෝ :)

    ReplyDelete
  22. හොඳ වෙලාවට අපේ ඉස්කෝලෙ එවුන්ට තාම ලෙඩේ බෝවෙලා නැහැ. මටත් ඔය වැඩේ අප්පිරියයි. තිබ්බොත් පැත්ත පලාතෙ යන්න නෙවේ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. කට්ටියම එකතු වෙලා හෝල් එකක් කුලියට අරගෙන කලානම් හරි. පරණ ඇරියස් නුත් සෙට්ල් කරත හැකි. හේ හේ

      Delete
  23. අජිත් ඔබ ලියා ඇත්තේ බොහොම කාලීන මාතෘකාවක් ගැන...

    ඔය බැක් ටු ස්කුල් රැල්ලේ මුලින්ම එකතු වන පාසැලක් තමයි මා අධ්‍යාපනය ලැබූ පාසැල...මා ලංකාවේ නොහිටියත් මුහුණු පොත හරහා මගේ යෙහෙලියන් පාසැල් ගිය අයුරු දක්වමින් පලවූ බොහොමයක් පින්තුර ඒ දිනවල මා දැකගත්තා...

    මා මගේ පාසැලෙන් බොහොමයක් දේවල් මගේ ජිවිතයට එකතු කරගත් කෙනෙක්...ඒ වගේම අනික් බොහෝ දෙනෙකුට වාගේම මා උගත් පාසල මට ආඩම්බරයක්...එය මගේ හිතේ තබා ඇත්තේ බොහොම ගෞරවනීය තැනක...

    මා පුදගලිකව නැවතත් පාසල් නිල ඇඳුමෙන් පාසල් යාම නම් අකමැති දෙයක්...නමුත් තමන් ගිය පාසලට වෙනත් ක්‍රමයකින් ඒක රාශී වීම බොහොම සුන්දර දෙයක්...සුන්දර පාසල් වියක් තිබු ඕනෙම කෙනෙකුට එය සුන්දර දෙයක් වන බව නොඅනුමානයි...ඒ වගේම එය යහපත් අරමුණක් වෙනුවෙන් යොදා ගැනීමත් ඉතාම හොඳ දෙයක්...මගේ බැක් ටු ස්කුල් වෙනුවෙන් වෙහෙසුන යෙහෙළියන්, වෙනත් යහපත් අරමුණු වෙනුවෙන් මුදල් හෝ වෙනත් ආධාර රැස් කිරීමටත් ඒ ලෙසටම කැප වී වැඩ කරන හැටි මා දැක තිබෙනවා..ඒ නිසා මා ඔවුන්ට මෙතනදී කිසිම චෝදනාවක් කරන්නට කැමති නැහැ...

    මිනිසුන් සමහර දේ කරන්නේ බොහොම සරල වින්දනයක් ලබා ගැනීමට...බැක් ටු ස්කුල් සංකල්පයත් එවැනි දෙයක්...මෙය විනය විරෝධී, සදාචාරාත්මක නොමැති හෝ උමතු ක්‍රියාවක් ලෙස අප සිතනවා නම්, ඒ ගැන මුලින්ම කලබල විය යුත්තේ ඒ පාසැල් වල ගුරු මණ්ඩලය සහ විදුහල්පති වරුන්...මේ වගේ ක්‍රියාවන් වල බර කරට ගන්නේ ආදී ශිෂ්‍යයින් විසින්...මේ ආදී ශිෂ්‍ය සංගම් හරහා පාසල් වලට බොහෝ විට යම් සේවයක් ඉටු වෙනවා...අප පුදගලිකව අපට උගැන්වූ ගුරුවරුන්ගේ බෙහෙත් හේත් වියදම් වලට පවා උදව් උපකාර කරනවා...එතනදී ඒ දේවල් කරන්නේ තමන්ගේ දරුවාව පාසලට දාගන්න අරමුණෙන් පමණක් නෙවේ...මොකද ඒ දරුවෝ බහුතරයක් ඒ වයස පසු කල අය...එලෙසින් පාසලට යම් සහයෝගයක් දෙන, පාසල් ගැන පැරණි ගුරුවරුන් ගැන සොයා බලන, ආදී ශිෂ්‍යයින් මේ ලෙසින් පාසලට එකතු වීම ඔවුන්ට උගැන්වූ ගුරුතුමියන්ට පවා බොහොම හැඟුම්බර දෙයක් බව මා දුටු පින්තුර වලින් මට හොඳින් වැටහුනා...

    ඒ නිසා යුනිෆෝර්ම් සහ ස්කුල් බෑග් අමතක කලොත්, එතන ඔබ නොදන්නා බොහොම සංවේදී බැඳීම් බොහොමයක් තියනවා...පුද්ගලිකව මගේ පාසල් ජීවිතය කියන්නේ මගේ ජිවිතේ සංදිස්ථානයක්...එතනින් ජීවිතය බොහෝ ලෙස හැඩ ගැසුනා...ඉතින් අනිත් හැමදේම වගේ මේ කරනාවේදීත් දෙපැත්තක් ඇති වග අප අමතක කල යුතු නැහැ...

    ReplyDelete
    Replies
    1. මට මේ වගේ එකකට සහභාගී වුනු යහළුවකු තමා යොමුව එවල මගෙන් ඇහුවේ මම මොකද්ද හිතන්නේ කියල? ඔය හොඳ වැඩ බොහොමයක් කරන්න පුළුවන් සුපුරුදු ඇඳුමෙන් වැඩිහිටියන් වශයෙන් ගිහින්. ඔය ගස් ලබ්බ උඩ කිව්වා වගේ. මෙතන සරල වින්දනයක් ගන්න එකම තමා ප්‍රශ්නය. මොකද මම හුඟක් නෝටිස් කරපු දෙයක් තමයි ළමයි වැඩිහිටි වෙනකොට අවුරුදු 18-20 වෙන කොටත් කුඩා දරුවන් වශයෙන් සලකලා දෙමවිපියන් විසින් සළකන ආකාරය. ආසියාවේ දෙමාපියන් අතර මේක හරියට තිබෙනවා. ඉන් එහාටත් ඒ වගේ. වැඩිහිටියන් ළමයින් මෙන් හැසිරීම. බොහෝවිට පිරිමි අය. මේවාවල ඇත්තටම හොඳ හැඟීමෙන් යන අය ඇති. නමුත් ළමයි තවම යන ඉස්කෝලෙක ඉස්කෝලේ දවසේ ඔහොම යනවා කියන එකම මට නම් අවුල්. ඒකයි මම මේක ලීවෙත්. ඕනේ නම් හෝල් එකක් අරගෙන ගුරුවර ගුරුවරියන්ට එන්න කියල උපහාර උළෙලක් තිබ්බනම් කමාක් නැහැ. වැඩිහිටි අය එකතු වෙලා මෙහෙම් ඇඳුම් ඇඳන් එන්න කියල එහෙම වෙනම තැනක් කලා නම් ඒත් කමක් නැහැ. අර ඉස්කෝලෙම කැමරාකරුවන්ට එන්න කියල එතන කරන්නෙම ප්‍රදර්ශනාත්මක ආසාවක් බවයි මගේ මතය. (exhibitionism)

      Delete
  24. මේ මැටි වස්සො ටිකයි වස්සියෝ ටිකයි ඔය ඉවෙන්ට් ඒකට යන්න ඇඳුම් මහන්න වියම් කරන සල්ලි වලින් කොච්චරනම් සේවයක් කරන්න පුලුවනිද අජිත් අයියෙ. ජනප්‍රිය පාසල් ඇරුනාම ලංකාවේ නොදියුණු පැතිවල තියන ඉස්කෝලවල ළමයින්ට ඉස්කෝලෙට එන්න දාන්න රබර් සෙරෙප්පු දෙකක් අරන් දෙන්නවත් වත්කමක් නැති දෙමාපියෝ කොච්චරනම් ඉන්නවද. ඔය බහුතරයක් නොදියුණු ගම්මාන වල ළමයි උදේට ඉස්කෝලෙට එන්නේ කහට කෝප්පයක් විතරක් බීලයි. එතනිනුත් සමහරක් ළමයින්ට ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාම දවල්ට කන්න දෙයක් නෑ.. ඉතිං පොත් පත් යුනිෆෝර්ම් ගැන කවර කතාද. ඔය බැක්ටු ස්කූල් එන එවුන්ට ඔය ගොන් ආතල් ඒක ගන්නවට වඩා බැරිද ඒ නැති බැරි දරුවන් වෙනුවෙන් ඒ මුදල යොදවන්න.

    ඔය බැක්ටු ස්කූල් යන එවුන් නිකමට හොයල බලනවද උගන්නපු ගුරුවරු තමුන්ගේ විශ්‍රාම කාලය තුන් වේල හොඳින් කාලා බීලා ඉන්නවද කියල.. ඒ වගේම ඔය බැක්ටු ස්කූල් යන එවුන් බහුතරයක් කාර් බාර් වල ඒසී දාගෙන යද්දී තමුන්ට උගන්නපු ගුරුවරයෙක් බස් හෝල්ට් එකක උන්නොත් වාහනේ නවත්තලා වාහනේට නග්ගගන්නේ නැහැ නොදැක්කා වගේ යනවා මිසක්.

    මේ මෑතක කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක ගුරුවරියක් පිළිකාවක් හැදිලා මියගියා. මම දන්න විදිහට ඒ ගුරුවරිය තමුන්ගේ අසනීපෙ එක්ක ආර්ථික අතින් බොහොම අමාරු අඩියක ජීවත් උනේ. ඒ ඉස්කෝලේ බැක්ටු ස්කූල් ඉවෙන්ට් එකකුත් තිබ්බ උනාට කව්රුවත් ඒ මනුස්සයා ගැන හොයලා බලලා උදව් කරන්න ඉදිරිපත් උනේ නැහැ. දෙතුන් දෙනෙක් ඒ ගුරුවරියට මුදල් අතින් උදව් කළා තමුන්ට හැකි පමණින්.

    මේ මෑතක අපේ ඉස්කෝලේ සංගීත ප්‍රසංග කීපයක් පැවැත්වුනා ප්‍රසිද්ද සංගීත කණ්ඩයක් කීපයක් එක්ක. එව්වට හෝල් ඒක හවුස් ෆුල් උනාට නැති බැරි දරුවෙකුට උදව්වක් කරන්න සම්මාදමක් ඉල්ලුවොත් දැක්කා නොදැක්කා ගානට මාරු වෙනව කිසිම ලැජ්ජාවක් නැතුව.

    වෙලාවට මං වගේ එකෙක් ඔය වගේ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් නොවුනේ.. එහෙම උනානම් ඕකුන් බැක්ටු ස්කූල් ආපු දවසට සේරෝම පෝලිමට දන ගස්සලා දෙනවා වේවැල් පාර ආයේ නෝට් කමින් බැක් ටු ස්කූල් ෆෝරෙවර් වෙන්නම.

    ReplyDelete
    Replies
    1. // ඔය ඉවෙන්ට් ඒකට යන්න ඇඳුම් මහන්න වියම් කරන සල්ලි වලින් කොච්චරනම් සේවයක් කරන්න පුලුවනිද අජිත් අයියෙ.// ඔන්න වැදගත්ම කතාව.
      //මේ මෑතක කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක ගුරුවරියක් පිළිකාවක් හැදිලා මියගියා. මම දන්න විදිහට ඒ ගුරුවරිය තමුන්ගේ අසනීපෙ එක්ක ආර්ථික අතින් බොහොම අමාරු අඩියක ජීවත් උනේ. ඒ ඉස්කෝලේ බැක්ටු ස්කූල් ඉවෙන්ට් එකකුත් තිබ්බ උනාට කව්රුවත් ඒ මනුස්සයා ගැන හොයලා බලලා උදව් කරන්න ඉදිරිපත් උනේ නැහැ. දෙතුන් දෙනෙක් ඒ ගුරුවරියට මුදල් අතින් උදව් කළා තමුන්ට හැකි පමණින්. // මේක නම් හරිම සෝචනීයයි .
      //එහෙම උනානම් ඕකුන් බැක්ටු ස්කූල් ආපු දවසට සේරෝම පෝලිමට දන ගස්සලා දෙනවා වේවැල් පාර ආයේ නෝට් කමින් බැක් ටු ස්කූල් ෆෝරෙවර් වෙන්නම.// එංගලනතේ වගේ රටවල මේ බැක් ටූ ස්කුල් අන්දුන් අඳින්නේ "අහවල්" සමාජ වල

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .