Thursday 22 June 2017

ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින් 2

මෙවර පාර්ලිමේන්තු සැසිවාරය චාම් ලෙස ඇරඹුණි. රැජින සහ චාල්ස් කුමරු 

ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින් 1

ඉහත  ලිපියෙන් විස්තර කළේ දැන් ලන්ඩන් වල තත්වය. ඊයේ  අගමැතිනි තෙරේසා මේ  ආණ්ඩුවේ ඉදිරි කාලය පිලිබඳ වැඩ පිළිවෙල හෙළි දරව් කළා. ඒක කළේ සුපුරුදු පරිදි  පාර්ලිමේන්තුව මෙම  සැසි වාරයට විවෘත කළාට පස්සේ පළමුවන එලිසබත් රැජින විසින්. අර ලිපියේ ලිව්ව උතුරු  අයර්ලන්ත ප්‍රජාතන්ත්‍රවාදී   යුනියනිස්ට් (DUP) පක්ෂය තවම බහ දීල නැහැ සභාග ආණ්ඩුවක් හදන්න. ආණ්ඩුව පැරදෙන්න  වුනත් ඉඩ තියෙනවා. ඒ අතරේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සාකච්චා පටන් ගත්ත. ඒකෙදිත් කලින් කිව්වා වගේම බ්‍රිතාන්‍යය තද ස්ථාවරයක්  ගන්නේ නැති පාටයි.

අද දැක්ක නිව්ස් වල හැටියට ඔවුන්ගේ  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ අලුතින් ග්‍රමර් පාසැල් හදන එක, වයසක අයට බදු ගහන එක (dementia tax ) ආදිය අයින් කරලලු. ජෙරෙමි කෝබින් දිනන්න ඉඩ  තිබෙනවා ඊළඟ මැතිවරණයක් තිබ්බොත්. ඔහුගේ වාමවාදී යයි  කියන ප්‍රතිපත්ති බොහොමයක් යුරෝපයේ තිබෙන   සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ  රාජ්‍ය වල තිබෙන නිසා බොහෝ අය කැමතියි. නමුත් අර ගින්න නිසා එලියට විසිවුණු අයට පොහොසතුන් ගේ හිස් ගෙවල් දෙන්න ඕනේ කියල කෝබින් කියපු එක පාක්ෂිකයෝ උනත් වැඩිය අනුමත කළේ නැහැ. ඒ කියන්නේ වඩා වාමවාදී ප්‍රතිපත්තියකට ගියොත් කෝබින් අප්‍රසාදයට පත්වෙන්නත් පුළුවන්. (නොවෙන්නත් පුළුවන්) නමුත් කෝබින් ගේ කීමට ආණ්ඩුව වැඩ කරන බවක් පෙනෙනවා. අලුත්ම නිවාස යෝජනා ක්‍රමයක තිබෙන ඉතා  සුඛෝපභෝගී නිවාස  මේ ගින්නෙන් අසරණ වූ අයට දෙන්න කොන්සර්වටිව් රජය කටයුතු කරනවලු. මේ එක නිවසක් පවුම් මිලියන් 1.5 පමණ වෙනවා.
ජෙරෙමි කෝබින් සහ තෙරේසා මේ පාර්ලිමේන්තුවේ නව සැසි වාරයට ඇතුළු වෙමින් 

මැන්චෙස්ටර් හි  සියදිවි නසාගත් බෝම්බ කරු ගෙන් පස්සේ පාර්ලිමේන්තුව අසල ප්‍රහාරය සිදු වුනේ. ඉන් පස්සේ තෙරේසා මේ කිව්වා ත්‍රස්තවාදීන් ගේ මානුෂික අයිතීන් සීමා කළ යුතුයි කියල. (Curb human rights ). එයා තමා  ඊට කලින් හිටිය අභ්‍යන්තර කටයුතු භාර ඇමතිනිය. (home secretary) ." මම මේ මානුෂික අයිතීන් පිලිබඳ ලියවිල්ල ඉරා දමනවා කියල." කියල තමා කිව්වේ.

ඉතින් ඔය  කතාවට මේ රටේ මෙන්ම වෙනත් රටවල් වල ඉන්න ලාංකිකයෝ (සිංහල අය) ෆේස්බුක් එකේ හෙම සෑහෙන්න උඩ පැන්න. "ඇද්ද තොපිට. අපට තමයි උඹල උපදෙස් දෙන්න ආවේ ".  කොටින්ම "තොපිට හොඳ වැඩේ " වගේ කතා  තමයි හැම තැනම කියවුනේ. ආචාර්ය නාලක ගොඩහේවා  වඩා සමබර ලිපියක් ලියල තිබුන. නමුත් ඔහුගේ ලිපියේ LTTE සංවිධානය විසින් දකුණේ කරන ලද ප්‍රහාර මාලාවක් දක්වලා තිබුන වගේම, බ්‍රිතාන්‍යය හා යුරෝපය අපට මානව හිමිකම් රකින්න උපදෙස් දීපු හැටි ප්‍රශ්න කරලා තිබුන ත්‍රස්තවාදී මර්දනයට සහය නොදී.

මේ ගැන මම මෙන්න මෙහෙම පෝස්ට් එකක් ෆේස්බුක් බිත්තියේ දැම්ම.

"ලංකාවේ අය නම් කමක් නැහැ කියමු. මේ රටේ ඉන්න සිංහලයන් නම් අරුම පුදුම කට්ටියක්. ඒ කියන්නේ මෙහෙ රැකියාව කරන්නේ. කන්නේ බොන්නේ. ලංකාවට සල්ලි යවන්නේ. ගෙවල් අරගෙන සැපෙන් ඉන්නේ. ඒත් හිනාවෙනවා බෝම්බයක් පිපිරුවම. තොපි අපිට කියන්න ආව . දැන් ඇත්ද තොපිට කියල. අනේ මන්ද මෙහෙමත් මිනිස්සු. මැරෙන්නේ මිනිස්සු හැම රටේම. මේ රටේත් වරදක් තියනවා ලෝකේ වටේ ගිහින් බෝම්බ දාන නිසා. නමුත් සාමාන්‍ය මිනිස්සු කොයි රටෙත් අහිංසකයි."

මෙතැනදී තවත් අය ඕක සිංහල  බෞද්ධත්වය පිළිබඳ  ප්‍රශ්නයක් කියල ලියල තිබ්බ. මම ඒක පිලි ගන්නේ නැහැ. තවත් අය ඒකට විරුද්ධව ලියල තිබුන. ඔතන සිංහල බෞද්ධකම ගාව ගන්නේ කුහක කමට කියල. සමහර විට ඒ අය (මම නෙමේ) සිංහල බෞද්ධකම ගාව ගත්තේ මෙහෙම සුද්දට හිනාවුන වැඩි දෙනෙක් තමන් සිංහල බෞද්ධ කියල හඳුන්වා ගන්න නිසා වෙන්න ඇති. සිංහල බෞද්ධ නම් ඒ වගේ වෛරී කතාවක් කියන එක වැරදියි කියල ඒ ගොල්ලෝ හිතනවා ඇති. මොකද බුදුන් වහන්සේ දේශනා කළේ "වෛරයෙන් වෛරය නොසන්සිඳේ " කියලනේ.

මම මෙතැන ලිව්වේ "ලංකාවේ අය නම් කමක් නැහැ කිව්වත් " කියල. ඊට හේතුව ලංකාවේ ඉන්න හුඟක් අයට යුරෝපයේ  රටවල මානුෂික  අයිතිවාසිකම් ගැන තියෙන සැලකිල්ල ගැන අවබෝධය අඩු නිසා. දක්ෂිනාංශික යයි කියන කැමරන්ගේ තිබුණ කොන්සර්වටිව් රජය හෝ තෙරේසා ගේ නව රජය වුවත් මේ රටවල තිබෙන මානුෂික අයිතීන් කැඩීමේදී පරිස්සම් වෙනවා.  ඕනෑම වාමාංශික හෝ අන්ත වාමාංශික , අන්ත දක්ෂිණාංශික පක්ෂයකට වුනත් කිසියම් සීමාවන් තුල තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.  දක්ෂිණාංශික බලය   අන්තයට ගියොත් ඔය අපි ඉන්න පිටරටවල ඉන්න සිංහලයන්ට වුනත් පහර වදින්න පුළුවන්. මොකද සුදු  එකාට සිංහලයාගේ, පකිස්තානුවගේ, බන්ගිලියගේ , ඉන්දියානුවගේ වෙනසක් තේරෙන්නේ නැහැ.

එසේම මේ රටවල මානුෂික අයිතිවාසිකම් රැකීමට තිබෙන සංවිධාන ඉතා බලවත්. දේශපාලන පක්ෂවල මෙන්ම මහා ජනතාවගේ සහයෝගයත් ඔවුන්ට තිබෙනවා.

  ඊළඟට මම කිව්වේ " මේ රටේත් වරදක් තියනවා ලෝකේ වටේ ගිහින් බෝම්බ දාන නිසා. " . තලිබාන් කාරයෝ ත්‍රස්ත ප්‍රහාරයක් (2001 සැප් 11) ඇමෙරිකාවට එල්ල කළ පසු  බ්‍රිතාන්‍යය  ඇෆ්ඝනිස්තාන ආක්‍රමණයේ දී එක්සත් ජනපදයට එකතු වුණා.   ඒ නිසාම ලංකාවටත් වාසියක් වුණා . බුෂ් සහ බ්ලෙයාර් ත්‍රස්ත විරෝධී යුධයක් හැටියට ඒක නම් කලේ. ඉන් පස්සේ ඉරාකය ආක්‍රමණය කලා. ඒ ආක්‍රමණයේදී ජෙරෙමි කෝබින් ඇතුළු වාමාංශික මන්ත්‍රී ලා තමන්ගේම කම්කරු රජයට විරුද්ධ වුණා.

ඉරාක යුද්ධයේදී සිදුවුණ මානව හිමිකම් කඩවීම් කිහිපයකට සමහර සොල්දාදුවෝ හිරේ ගියා . ඒකට (හිරේ යැවීමට)  විරුද්ධව ලංකාවේ වගේම චෝදනා ලත් හමුදා භටයන් ට පක්ෂව මෙහෙ පත්තර සහ මිනිස්සු උද්ඝෝෂණ කලා. 

ඊළඟට ලිබියාව ගත්තොත් එතනත්  බටහිර තමා උද්ඝෝෂණ ඇතිකරලා ගඩාෆි එලෙව්වේ. ඒ එළවන්න පුහුණු කරලා  ගත්ත ලිබියන් කාරයෙක් ගේ පුතෙක් තමයි මැන්චෙස්ටර් බෝම්බ කරු. පාර්ලිමේන්තු සිද්ධියේ එක අයෙක් රටේම ජිවත්වුන පකිස්තානුවෙක්. අනිත් දෙන්න යුරෝපෙන් ආව අය. ඉතින් මේ අය බ්‍රිතාන්‍යය සහ යුරෝපය විසින් "තමන්ම " හදා  ගත්ත ප්‍රශ්න.  එනිසාම තමයි මේ රටවල "මානුෂික අයිතිවාසිකම්" අඩු කරන්න ඕනේ කිව්වහම් ඒක ඔය ලංකාවේ වගේ දෙයක් නොවෙන්නේ.

අර ත්‍රස්තවාදියා කියන පුද්ගලයව යවන්න  රටක් නැහැ. බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය ගමන් බලපත්‍රයක් නම් තියෙන්නේ. රටට එනකොට අතරමගින් නවත්වන්නත් බැහැ.  "මානුෂික අයිතිවාසිකම් ඉරල දැමීම " කියල තෙරේසා මේ කියන්නේ ඔය ගමන් බලපත්‍ර ගැන හිතන්නේ නැතුව මුලින් ඉපදුනු රටට පිටුවහල් කිරීම. එහෙම නැත්නම් නඩු අහලා හිරේ දමන්න පුළුවන් නීති හැදීම.

ඉතින් ඕව ලංකාවේ තිබ්බ තත්වයට වඩා සෑහෙන්න වෙනස්. ලංකාව නිකන්  එල් සැල්වදෝරය වගේ තිබ්බේ. ද්‍රවිඩ කැරලිකරුවන් එකිනෙකා  මරා ගත්ත. ළමයි බලෙන් පැහැර  ගෙන ගියා යුද්දෙට. LTTE  එක විවේචනය කරපු රාජිනි තිරාණගම හෙම මරපු හැටි මතකද?  යුද්ධය අතරතුර මිනිසුන්ව අන්ත දුෂ්කරතා මැද ගාල් කරගෙන එහෙ මෙහෙ අරන් ගියා (LTTE  එකෙන්). පොඩි ළමුන් වින්ද දුක් දැක්කද?  ලංකාවේ  දකුණේ LTTE එකෙන් මරපු ගණන ගැන  ලියන කිසි කෙනෙක්  ඒ උතුරු හා නැගෙනහිර මිනිස්සු වින්ද කරදර ලියන්නේ නැහැ. මොකද 95% දෙමල මිනිස්සු LTTE  එකට   පක්ෂයි කියල හිතන නිසා.  එසේම ඔය මිනිස්සුවම  1956 , 1877, 1979 (යාපනය පුස්තකාලය ගිනි තැබීම) හා  1983 අවධීන් වල  ගහල , ගෙවල් කඩලා , ගිනි තියල මරල දැම්ම.  හැබැයි ඉතින් ඕකෙ  අනිත් පැත්තත් ඔහොම්මමයි.දෙමළ අය LTTE එකෙන් දකුණේ කරපු අපරාධ ගැන ලියනවත්  අඩුයි.

ඉතින් තරුණයන් මරා දැමීමේ සිට ජනගහනයට බෝම්බ දැමීම දක්වා සෑම ශ්‍රී ලාංකික රජයක්ම මානව හිමිකම් උල්ලංඝනය කරල තියෙන්නේ. ඔය අතරට පැහැරගෙන යාම්, පුවත්පත් වලට ගිනි තැබීම් , කර්තෘවරුන්ට පහරදීම, මරා දැමීමත් වුණා. අද වුනත් ලංකාවේ ජනතාව  ගැන  අපේම යහළුවෝ ගැන හිතන කොට දුකයි.  තව ගොඩක් දේ වෙන්න තියනවා.පොලිසියට අල්ලන් ගියහම පොඩි වරදකට හෝ වරදක් නැතුව   තවම පොලිසිය ගහනවා. රටේ නොයෙකුත් ආයතන වලින් හරි හමන් සේවයක් කෙරෙන්නේ  නැහැ. නගර වල කුණු අහක් කෙරෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ඔය මානුෂික අයිතීන් වල‍ට අයිතියි.

අනිත් චෝදනාව තමා චීනය හා රුසියාව හැර අනිත් රටවල් යුද්දෙදි උදව් කළේ නැහැ කියන එක.  ඉන්දියාව කරපු ආධාර ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම කියල තිබුණ. ඇමෙරිකා එක්සත් ජනපදය ඇත්තටම ආයුධ තහනම් නියෝගයක් දැම්ම නම් දැන් ඔය රුසියාව ට හා කියුබාවට දාන සම්බාධක වගේ චීනයට නෙමේ මොන ජගතෙකුට වුනත් ලංකාවට ආයුධ විකුණන්න බැහැ. ඒ අතරේම  තිරයෙන් වහගෙන ඔවුන් ලංකාවට උදව් කලා. බ්‍රිතාන්‍යයත් එහෙමයි.  (SAS නිලධාරීන් ලංකාවේ භට පුහුණුවට) නමුත් 1983 ලංකාවේ සිංහලයෝ ගහල මරණ කොට දිවි බේරා  ගන්න එංගලන්තෙට පැනපු දෙමළ  ජනතාව ඔය හැම බටහිර රටකම ඉන්නව. බ්‍රිතාන්‍යයේ නම් ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධව වැඩ කරනවා." දෙමළ ජනතාව කොන්සර්වටිව් පක්ෂයට", සහ "දෙමළ ජනතාව  කම්කරු පක්ෂයට " කියන සංවිධාන හරහා. ඒ වගේම ප්‍රබල මානව හිමිකම් සංවිධාන තියනවා. ඒ බලපෑම් වලාට් ගරු කරමින් රජයක්  කටයුතු කළ යුතුයි.

යුද්දේ වෙලාවේ ලංකාවට ඇවිත් ගිය ඩේවිඩ් මිලිබෑන්ඩ් පස්සේ කියල තිබ්බ " එයා ලංකාවට ගියේ චන්ද ටික බේරා ගන්න කියල ". මම හිතන්නේ එයත් දැනගෙන හිටිය, මහින්ද රාජපක්ෂ මහතාත් දැනගෙන හිටියා  මේ කරන්නේ රඟපෑමක් බව.

ඉතින් ඔන්න ඔය පසුබිම මත තමා මම කියන්නේ ඔය වගේ "ඇද්ද උඹලට " කතා තේරුමක් නැහැ කියල.  මේ රටේ හැම ඊමේල එකක්ම ෆිල්ටර් හරහා යන්නේ (විශේෂිත වචන),  හැම දුරකථන කතාබහකටම (විශේෂිත වචන කියන්නේ නම් පමණක්) සවන් දෙනවා (Snooping bill ).  එනිසා ඔය තියෙන නීති ඇති. තෙරේසා මේ කියන දේට විරුද්ධ වෙලා මානුෂික අයිතීන් වලට තර්ජනයක්  එනවා නම් රැක ගැනීමයි කළ යුත්තේ. මේ රටවල්වල  මානව හිමිකම් රැකිලා තියනවා නම් ඒක අපට හොඳයි. ඒකවත් තේරුම් ගන්න  බැරි නම් ඇති වැඩේ මොකක්ද?

මුලාශ්‍ර: http://www.independent.co.uk/news/uk/politics/revealed-uk-sells-arms-to-sri-lankas-brutal-regime-8498768.html
https://www.theguardian.com/world/2014/jan/16/former-sas-officers-training-sri-lanka
http://johnpilger.com/articles/terror-in-britain-what-did-the-prime-minister-know
http://www.telegraph.co.uk/news/2017/06/04/absurd-scandalous-new-york-times-criticised-saying-uk-reeling/
https://www.theguardian.com/commentisfree/2017/jun/07/theresa-may-human-rights-european-charter-terrorists



41 comments:

  1. //ඊට හේතුව ලංකාවේ ඉන්න හුඟක් අයට යුරෝපයේ රටවල මානුෂික අයිතිවාසිකම් ගැන තියෙන සැලකිල්ල ගැන අවබෝධය අඩු නිසා. දක්ෂිනාංශික යයි කියන කැමරන්ගේ තිබුණ කොන්සර්වටිව් රජය හෝ තෙරේසා ගේ නව රජය වුවත් මේ රටවල තිබෙන මානුෂික අයිතීන් කැඩීමේදී පරිස්සම් වෙනවා. ඕනෑම වාමාංශික හෝ අන්ත වාමාංශික , අන්ත දක්ෂිණාංශික පක්ෂයකට වුනත් කිසියම් සීමාවන් තුල තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. දක්ෂිණාංශික බලය අන්තයට ගියොත් ඔය අපි ඉන්න පිටරටවල ඉන්න සිංහලයන්ට වුනත් පහර වදින්න පුළුවන්. මොකද සුදු එකාට සිංහලයාගේ, පකිස්තානුවගේ, බන්ගිලියගේ , ඉන්දියානුවගේ වෙනසක් තේරෙන්නේ නැහැ.

    එසේම මේ රටවල මානුෂික අයිතිවාසිකම් රැකීමට තිබෙන සංවිධාන ඉතා බලවත්. දේශපාලන පක්ෂවල මෙන්ම මහා ජනතාවගේ සහයෝගයත් ඔවුන්ට තිබෙනවා. //

    ඔය ටික අත්දැකීමෙන් මිසක් තේරුම් ගන්න අමාරුයි. අත්දැකීම් තියෙන අයත් තේරුම් නොගැනීම හෝ එසේ පෙන්වීමයි ප්‍රශ්නය. ඒ වගේම, අවුරුදු ගානක් තිස්සේ ක්‍රමයෙන් පරිණාමය වෙලා සමාජයක් එන තැනට ඊට බොහෝ පිටුපසින් සිටින සමාජයකට එකවර එන්නත් අමාරුයි. හැබැයි ඉතා කෙටි කලකින් ආපහු යන්නනම් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබත් සමග එකඟයි. මම ඒ නිසා තමා ලිව්වේ ලංකාවේ අයට නෙමේ ඒ කතාව කිව්වේ පිටරටවල ඉන්න සිංහල අයට කියල. // හැබැයි ඉතා කෙටි කලකින් ආපහු යන්නනම් පුළුවන්.// දැන් ආයි ඒකම වෙයි කියලත් හිතෙනවා මේ සයිටම් ප්‍රශ්නය ගැන දෙපැත්ත ක්‍රියා කරන දිහා බැලුවම.

      Delete
  2. බොහෝම පැහැදිලියි .. සරලයි.
    .
    .
    .
    .
    .
    .
    ඒ උනාට සිංහලෙන් ෆේස්බුක් එකේ අර වගේ කොමෙන්ට් එකක් එහෙම දැම්මම පොඩි ලල් එකක් තියෙනවා නේ.. අන්න ඒ ආතල් එක අපේ උං ගත්තාදෙන්.. මොකද සුද්දෝ සිංහලෙන් ෆේස්බුක් කියවනවා කියලැයි? හෙහ්. හෙහ් ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අය උදාහරණයක් වශයෙන් අපේ කවුෂි නැඟී හෙම දාපු කොමෙන්ට් වලට මම වැඩිය මුකුත් කිව්වේ නැහැ. මම මේ කිව්වේ අපේ මෙහෙ , කැනඩාවේ , ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ ඉන්න සෙට් එක ගැන.

      Delete
  3. I think it is fair for us to feel happy about terrorist issues in the west (though it is not right) For me it is the pre-911 UK's policy on LTTE. When LTTE had their Int-HQ in the UK, when SL govt complain about it, they said LTTE has not broken any UK laws. Result of that kind of shortsightedness is the current situation.

    ReplyDelete
    Replies
    1. LTTE had so called International headquarters IN UK, US, Germany, Norway, Australia, France, India. For a short except SL anywhere possible. //they said LTTE has not broken any UK laws// LTTE was banned in all the above countries except Norway who was the peace facilitator. before 9/11 LTTE were taken as freedom fighters. It is not entirely UK's fault that many thousand Tamils claimed asylum post 1983. SL also take the share of the blame.

      Delete
  4. මෙයා මේ කොහෙවත් නැති ලන්ඩන් එකක් කතා කරනවා.

    අපි මෙහෙ ගුටි කනවා සයිටම් එක තහනං කරගන්න බැරුව.

    ReplyDelete
    Replies
    1. ඕන තරම් ලියල තියනවා කියල කිව්වේ.

      Delete
    2. සුද්දෝ ඔය වැඩේ බලාගනිවී.
      අපිට සයිටම් තහනං කරගන්න සපෝට් එකට ලන්ඩන් නගරයේ උද්ගෝෂණයක් කරලා දෙන්න පුලුවන්ද? හා නේද?

      Delete
    3. ඒකනේ බැලුවේ. කොහෙද මෙහෙ ඉන්න බුවාලා අහනවනේ දැන් සයිටම් හරි ගියොත් අපේ ළමයි යවන්න බැරිද කියල. ලන්ඩන් වල පවුම් 9000 සිට 40000 දක්වා ගන්නවනේ. සයිටම් ලාභද කියල අහනවා. මොන උද්ඝෝෂනද මෙයාල එක්ක. හේ හේ අර ජේවීපී පෙරටුගාමී සමාජවාදී සන්ධානයෙන් අහල බැලුවේ නැතෙයි ?

      Delete
  5. මානව හිමිකම් කඩවීම් වෙනවා නම්, යුද්දේට කිසි සම්බන්ධයක් නැති අහිංසකයෝ යුද්දේ ඉලක්කයක් වෙනවා නම් ඒ තත්වයන් ලෝකේ කොතන උනත් හෙලා දකින්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඕක තමයි මේ කියන්න හදන්නේ. බොහොම ස්තූතියි.

      Delete
    2. ඔවු හැබැයි සාධාරනව . දෙමල අය මැරෙනකොට පොලවෙ පස් කන්නයි සිංහල අය මැරෙන කොට සුළු ජාතික ජාතිවාදය ප්‍රාගතිශීලියි කියල හෝ අසුවල් දෙයක් කරල ඒකට එකට එකයි ඔය කලේ කියල හෝ නැත්නම් මේකට හේතුව ත්‍රස්තවාදය නොවෙයි වෙන අපෝහනය කර ව්‍යුත්පන්න කල යුතු හෙජමොනියක් කියල ඇග බේරගන්න එක නෙවෙයි කල යුත්තෙ.
      ඇත්තටම සාධාරනව ත්‍රස්තවාදය හෙලා දකිනවනම් මේව මෙච්චර ඇදෙන්නෙත් නෑ.

      සමහරු ඉන්නව පලස්තීන් කාරයන්ට මොනවහරි වුනොත් පොලවෙ පස් කනව හැබැයි හමාස් ල ඊශ්‍රායල් සිවිල් වැසියන්ට රොකට් එවන එකට ගානක් වත් නෑ.වාමාංශික තක්කඩි තමයි වැඩිපුරම එහෙම කරන්නෙ.

      Delete
    3. ඔය කියන්නේ මහා ජාතිවාදී කතාවක් විතරයි. මම මේ රටේ ජිවත්ව ඉන්න නිසා කියන්නේ./දෙමල අය මැරෙනකොට පොලවෙ පස් කන්නයි සිංහල අය මැරෙන කොට සුළු ජාතික ජාතිවාදය ප්‍රාගතිශීලියි // මේ රටේ මිනිස්සු ඔය විධිහට කටයුතු කලේ නැහැ. මානව හිමිකම් සංවිධාන වලින් බෝම්බයක් පිපිරෙනකොට ඒකට විරුද්ධ වුණා වගේම බෝම්බ දාන ඒවටත් විරුද්ධ වුණා. අනික මේ රටටව ඇවිත් සරණාගත ඉල්ලන අය දෙන විස්තර ඔවුන් එකතු කරනවා. එවල බොරු කීවොත් ඒක මේ මිනිසුන්ගේ වරද නෙමෙයි. ඒවා සිංහල අයත් කලා. පලස්තීන ප්‍රශ්නය ගැන මෙතන ඇද්දොත් දිගට යනවා. මම ඊශ්‍රායලය කියන රට තියෙන්න ඕනේ කියල හිතන් කෙනෙක්. නමුත් උන් පල්සතිනුන්ගේ රටේ ජිවත් වෙන ගමන් උන්ට ගහන ඒවා, මරණ ඒවා, ළමයි හිර කරන ඒවා වැරදියි. ඉශ්‍රයලය 100% සාධාරණ නැහැ.

      Delete
  6. අජිත්,

    //ඇද්ද උඹලට " කතා තේරුමක් නැහැ කියල. //

    හැබෑට ඇයි තේරුමක් නැත්තේ? ඔබට මතකද බ්‍රිතන්‍ය සහ ඇමරිකාව කොටි ත්‍රස්තවාදීන් සිවිල් ජනතාව සියගණනින් බෝම්බ තියල මරනකොට අපට කිව්වා සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසදගන්න කියල, ඇයි එතකොට මේ "තිරෙස මේ" කියන්නේ නැත්තේ අපි මේ මුස්ලිම් ට්‍ර්ස්තවාදින් සමග සාකච්චා කරමුයි කියල.


    // සිංහල බෞද්ධ නම් ඒ වගේ වෛරී කතාවක් කියන එක වැරදියි කියල ඒ ගොල්ලෝ හිතනවා ඇති. මොකද බුදුන් වහන්සේ දේශනා කළේ "වෛරයෙන් වෛරය නොසන්සිඳේ " කියලනේ.//

    ඉතින් අජිත් ක්‍රිස්තියානි ආගමේ කියලතියනවා නේද ඔබේ වම් කබුලට ගැහුවනම් දකුණු කමුලත් හරවන්න කියල නමුත් ඇමරිකාවේ ලෝකවෙලද මද්යස්තානයට පහර දුන්න වෙලාවේ මොකටද ඉරාකයට පහර දෙන්න ගියේ හරිනම් ඇමරිකාව කියන්න තිබුනේ "අපේ ක්‍රිස්තුස් වහන්සේට අනුව "Statue of Liberty" එකට පහර දෙත්වා කියල නේද ?

    //ඉතින් ඔය කතාවට මේ රටේ මෙන්ම වෙනත් රටවල් වල ඉන්න ලාංකිකයෝ (සිංහල අය) ෆේස්බුක් එකේ හෙම සෑහෙන්න උඩ පැන්න. "ඇද්ද තොපිට. අපට තමයි උඹල උපදෙස් දෙන්න ආවේ ". කොටින්ම "තොපිට හොඳ වැඩේ " වගේ කතා තමයි හැම තැනම කියවුනේ//

    ඔබට මතකද ගොටාභය මහතා දෙමල ජනතාව අගනගරයෙ සමහර පැතිවලින් ඉවත් කළා තාවකාලිකව, මතකද මෙය මහා මානව අයිතිවාසිකම් උල්ලබ්ගනයක් කියල කිව්වා මෙහෙම කීවව රටක් තමයි අමයිකානු එක්සත් ජනපදය, නමුත් දෙවන ලෝකයුද්ද කාලේ ඔවුන් ඇමරිකාවේ සියලුම ජපාන ජාතිකයන් ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත් කරලා කදවුරු වලට එකතු කළා. යමෙක් කියයි මේ අතීත කතාවක්නේ කියල නමුත් 2001 ඇමරිකාවේ ලෝක වෙළද මද්යස්තානයට බෝම්බ ගහපු වෙලාවේ මේ විදියට ම මුස්ලිම් ජාතිකයන් කදවුරු වල ගාල් කිරීම උනා.

    ඇත්ත කතාව තමයි ලංකාව මුහුණ දුන්න මට්ටමට ඔය දියුණු රටවල් වලට මුහුණ දෙන්න උනොත් මානව හිමිකම් නීති අහෝසි කරලා මානව හිමිකම් අහෝසි කිරීමේ නීති සම්මත වෙනවා. තිරෙසා මේ මෙවැනි කතාවක් කියන්න හේතු උනේ නිකන් මිනිසුන් 50 විතර මරුන සරල සිද්දියකට, දවස ගානේ 100- 200 මැරෙන තත්වයක් ආවනම් ඔබට තෙරයි වෙනස.

    //ලංකාවේ අය නම් කමක් නැහැ කියමු. මේ රටේ ඉන්න සිංහලයන් නම් අරුම පුදුම කට්ටියක්. ඒ කියන්නේ මෙහෙ රැකියාව කරන්නේ. කන්නේ බොන්නේ. ලංකාවට සල්ලි යවන්නේ. ගෙවල් අරගෙන සැපෙන් ඉන්නේ. ඒත් හිනාවෙනවා බෝම්බයක් පිපිරුවම. //

    ඉතින් අජිත් ශ්‍රී ලංකාවේ සමහර දෙමල අයත් ඔහොම නේද ? ඉන්නේ සිංහල මිනිසුන් අතරේ රැකියාව සිංහල මිනිසුන් අතරේවෙලදාම් කරන්නේ සිංහල මිනිසුන්ට නමුත් සිංහල මිනිසුන් මියයන විට සතුටු උනා ඔබට මතකද ? එක දෙසපාලක වරියක් කිව්වා කොටි ත්ර්ස්තාවාදීන් පාලනය කරද්දී තම ජනතාවට වැඩි ආරක්ෂාවක් ලැබුන කියල.

    ReplyDelete
    Replies
    1. //හැබෑට ඇයි තේරුමක් නැත්තේ? ඔබට මතකද බ්‍රිතන්‍ය සහ ඇමරිකාව කොටි ත්‍රස්තවාදීන් සිවිල් ජනතාව සියගණනින් බෝම්බ තියල මරනකොට අපට කිව්වා සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසදගන්න කියල, ඇයි එතකොට මේ "තිරෙස මේ" කියන්නේ නැත්තේ අපි මේ මුස්ලිම් ට්‍ර්ස්තවාදින් සමග සාකච්චා කරමුයි කියල.//
      දැන් ලංකාවේ තිබ්බේ 1959 සිංහලයෝ දෙමළුන්ට ගහල සිංහල රාජ්‍ය භාෂාව කරලා 77 ආයි ගහල 79 ගහල උන් ගැහුවම ආයේ 83 ගහල ඔඩු දුවපු ප්‍රශනයක්. ඒ වගේම දෙමල සංවිධාන බොහොමයක් සාකච්චා වලට එන්න හිටිය. බටහිර රටවල් කලේ ඒකට සහයෝගය දුන් එක.
      මෙතැන් මම කියනවද තෙරේසා මේ හරි කියල් නැහැ ඒ ගෑණි වැරදියි. එයට එහෙම මානව අයිතිවාසිකම් අකුලන්න දෙන්න බැහැ. එයට චන්ද ලැබුනද? නැහැ. තිබ්බ බහුතරයත් නැති වුණා.

      මුස්ලිම් ත්‍රස්තවාදීන් කියන්නේ තලිබාන් ගෙන් අල්කයේදා දක්වා හා අයිසිස් දක්වා හදන්න මුල් වුනේ බටහිර රටවල්මයි. දැන් මැන්චෙස්ටර් බොම්බේ ගහපු කෙනා ගැන හිතුවත් මෙහෙ කෙනෙක්. ඉතින් සාකච්ඡා කරන්න උන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. අල්ලා ගේ නමින් මැරෙන්නයි එන්නේ. උන් ගහන එක වලක්වන්න නම් බටහිර රටවල් තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්නයි ඕනේ.

      Delete
    2. //ඉතින් අජිත් ක්‍රිස්තියානි ආගමේ කියලතියනවා නේද ඔබේ වම් කබුලට ගැහුවනම් දකුණු කමුලත් හරවන්න කියල නමුත් ඇමරිකාවේ ලෝකවෙලද මද්යස්තානයට පහර දුන්න වෙලාවේ මොකටද ඉරාකයට පහර දෙන්න ගියේ හරිනම් ඇමරිකාව කියන්න තිබුනේ "අපේ ක්‍රිස්තුස් වහන්සේට අනුව "Statue of Liberty" එකට පහර දෙත්වා කියල නේද ?// දැන් ඉරාකයට පහර දුන් එක හරි කියල මම කොහෙවත් කියල තියනවද. මම කියන්නෙත් ඒක වැරදියි කියල තමා. ඇමෙරිකාව සම්පුර්නයෙන්ම වැරදියි. බුෂ් බ්ලෙයාර් ඉතා කුප්‍රකටයි මෙහෙ. මේ රටේ බහුතරයක් එපා කිවේ. මිලියන් ගණනක මිනිස්සු පෙළපාලි ගියා එපා කියල. බ්ලෙයාර් අදටත් ජනප්‍රිය නැහැ. මිනිහව යුද අපරාධ නඩුවකට ගෙන්වන්න කියල ව්‍යාපාරයක් යනවා.

      Delete
    3. //ඔබට මතකද ගොටාභය මහතා දෙමල ජනතාව අගනගරයෙ සමහර පැතිවලින් ඉවත් කළා තාවකාලිකව, මතකද මෙය මහා මානව අයිතිවාසිකම් උල්ලබ්ගනයක් කියල කිව්වා මෙහෙම කීවව රටක් තමයි අමයිකානු එක්සත් ජනපදය, .//
      ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් තමයි. හේතුව ඒ මිනිස්සුලංකාවේ වැසියෝ මිසක් දේශපාලන අනාථයෝ වත් හොරෙන් ආපු එවුන් වත් නෙමෙයි. හොරෙන් ආපු ඉන්දියන් කාරයෙක් ඇල්ලුවට මම මුකුත් කියන්නේ නැහැ. මේ තමන්ගේ රටේ වැසියෝ.
      //නමුත් දෙවන ලෝකයුද්ද කාලේ ඔවුන් ඇමරිකාවේ සියලුම ජපාන ජාතිකයන් ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත් කරලා කදවුරු වලට එකතු කළා// ජනපන යුද්ධ ප්‍රකාශ කරලා ඇමෙරිකාවට බෝම්බ දැම්මා. එවෙලේ ඇමෙරිකාව දන්නේ නැහැ කි දෙනෙක් ඔත්තු සේවා වල හිටියද කියල. ඒක වෙන රටක් සමග යුද්ධයක්. ලනක්වේ වෙනත් රටක් සමග යුද්ධයක් තිබ්බේ නැහැ. කෙසේ වෙතත් අමෙරිකාව ක්‍රියා කළ ආකාරය වැරදියි. නමුත් 1995 වෙන කොට බොහෝ වෙනස් ජාතියක්. අනික 1945 න පස්සේ ඇමෙරිකාව තමයි ජපානයට උදව් කලේ.
      //
      යමෙක් කියයි මේ අතීත කතාවක්නේ කියල නමුත් 2001 ඇමරිකාවේ ලෝක වෙළද මද්යස්තානයට බෝම්බ ගහපු වෙලාවේ මේ විදියට ම මුස්ලිම් ජාතිකයන් කදවුරු වල ගාල් කිරීම උනා.// මෙහම් කටහ්වක් මම අහල නැහැ. ඔබට කිසියම් යොමුවක් තියනවද? එහෙම කලා නම් වැරදියි.

      Delete
    4. //ඇත්ත කතාව තමයි ලංකාව මුහුණ දුන්න මට්ටමට ඔය දියුණු රටවල් වලට මුහුණ දෙන්න උනොත් මානව හිමිකම් නීති අහෝසි කරලා මානව හිමිකම් අහෝසි කිරීමේ නීති සම්මත වෙනවා. තිරෙසා මේ මෙවැනි කතාවක් කියන්න හේතු උනේ නිකන් මිනිසුන් 50 විතර මරුන සරල සිද්දියකට, දවස ගානේ 100- 200 මැරෙන තත්වයක් ආවනම් ඔබට තෙරයි වෙනස.// ඔඅව් එහෙම වෙන්න පුළුවන්. ලනක්ව මුහනු දුන්න බරපතල තතාවක් තමා . එක තමයි අපි කියන්නේ තෙරේස මේ ට මානව අයිතීන් අඩු කරන්න දෙන්න බහ කියල. නමුත් එයා අඩු කරන්න යන දේත් අහසට පොලොඅ වගේ. ඔය මම ලියපු එක කියෙව්වද? ලනක්වේ මානව හිමිකම් අදටත් අඩුයි. ඒකයි එනගලන්තේ හෝ බටහිරයි අතරේ ලොකු වෙනසක් තියෙන්නේ. ඉතින් මෙහෙ ඉන්න අයට තම ඒකෙ වාසිය. නැත්නම් සුද්ද ලංකාවේ ආණ්ඩුවල වගේ සලකන්න ගත්තොත් මොකද වෙන්නේ. . මෙහෙ ඉන්න සිංහල ය, ඉන්දියානුවෝ බ්රෙක්සිට් ඒකට චන්ද්දේ දුන්න. දැන් අඬනවා.

      Delete
    5. //ඉතින් අජිත් ශ්‍රී ලංකාවේ සමහර දෙමල අයත් ඔහොම නේද ? ඉන්නේ සිංහල මිනිසුන් අතරේ රැකියාව සිංහල මිනිසුන් අතරේවෙලදාම් කරන්නේ සිංහල මිනිසුන්ට නමුත් සිංහල මිනිසුන් මියයන විට සතුටු උනා ඔබට මතකද ? // ඕව ඔහොම වුනාද කියල මම හරියට දන්නේ නැහැ. දෙමළ මිනිස්සු ගෙන් සමහරක් සතුටු වෙන්න ඇති අර 83 කාපු අය හෙම. මට මෙහෙත් එහම දෙතුන් දෙනෙක් හමුවෙලා තියනවා. මුලදී එහෙම වලි ලි දාගෙන බැනගෙන ආපු එක දෙමල යාළුවෙක් පස්සේ කොච්චර සෙට් වුනාද කියනවා නම් පන්සලට දානෙත් දෙනවා. ඇත්තටම. ඔයාල ඔය යන විධිහ වැරදියි. මේ වගේ රටක ඉන්නකොට ඒක හොඳට තේරෙනවා. ගොඩක් සුද්දෝ දේශපාලනය කරන්නේ තමන්ගේ රට ගැන හිතල මිසක් ලංකාව ගැන හිතල නෙමේ. උන් සවුදියට ආයුධ විකුණන එක වැරදි වුනත් සද්ද නැතිව ඉන්නේ ඒකයි. හෙටනිද්දට ඒක වෙනස් වෙයි. ලංකාව දේශපාලනය කරන්න ඕනෙත් ලංකාව ගැන හිතල. සිංහල මිනිසුන් මිය යනකොට සතුටු වුණා කියන එක නිකන් කටකතාවක් වෙන්නත් පුළුවන්. මොන බුරුවද තමන් සතුරු යයි හිතන කොටසක් අතර ඉඳගෙන බෝම්බයක් ඒ සතුරු ගොඩට ගැහුවොත් - ආ මරුනේ " කියන්නේ? දෙමළ මිනිස්සු එහෙම කියනවා නම් 100% වැරදියි. එහෙම කිව්වයි කියල තමනුත් කියනවනම් ඒක හරි වෙන්නේ කොහොමද?

      Delete
    6. කුමක්ද මෙහෙමයි අජිත්,

      //දැන් ලංකාවේ තිබ්බේ 1959 සිංහලයෝ දෙමළුන්ට ගහල සිංහල රාජ්‍ය භාෂාව කරලා 77 ආයි ගහල 79 ගහල උන් ගැහුවම ආයේ 83 ගහල ඔඩු දුවපු ප්‍රශනයක්.//

      බැලුබැල්මට මේ කතාව ඇත්ත වගේ පෙනෙන්නේ නමුත් ඇත්ත යථාර්තය මිට හත්පසින්ම වෙනස්, දෙමල මිනිසුන් දැඩිලෙස පිඩනයට පත්කළේ දෙමල මිනිසුන්ම තමයි හොදම උදාහරණය කුල පීඩනය. මෙතන සිංහල ජාතිවාදය ලෙස පෙනුනේ රටේ සිංහල සහ දෙමල සේදපාලුවෝ තම පාක්ෂිකයන් නොමග යැවීමට කල බයානක සෙල්ලමයි. මෙහිදී සාමාන්‍ය සිංහල සහ දෙමල මිනිසුන් තුල එකිනෙකා පහත් කරගැනීමේ මානසිකත්වයක් තිබුනේ නෑ අද උනත් එහෙම නෑ, එහෙම තිබුනානම් දෙමල මිනිසුන් දකුණෙන් ඉඩම් මිලදිගන්නේ නෑ, සිංහල මිනිසුන් අතර ජීවත්වෙන්නේ නෑ.

      මෙතන බලය ලබාගැනීමට එදා කල සහ අදත් කරන දෙයක් තමයි තියෙන්නේ.

      //මෙතැන් මම කියනවද තෙරේසා මේ හරි කියල් නැහැ ඒ ගෑණි වැරදියි.//

      ඔබනම් කිව්වේ නෑ නමුත් මම ඔබ ගැන නෙමෙයි අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ "ලෝකයේ දියුණු සමාජයේ ප්‍රායෝගික යථාර්තය ගැනයි" කියන්නේ

      // ඉතින් සාකච්ඡා කරන්න උන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. අල්ලා ගේ නමින් මැරෙන්නයි එන්නේ. උන් ගහන එක වලක්වන්න නම් බටහිර රටවල් තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්නයි ඕනේ.//

      ප්‍රබාකරන් මෙහෙ ඊළම උතුරු නැගෙනහිරට ඉල්ලපු වෙලාවේ දුන්න නම් ඔහු මිනිසුන් මරණ එක නවත්වන්නේ නෑ, ඉන්දු ලංකා ගිවිසුමෙන් ඔහුට දේසපාලන විසදුමක් දෙන්න හදද්දී ඔහු බාරගත්තේ නෑ.

      //ඇමෙරිකාව සම්පුර්නයෙන්ම වැරදියි. බුෂ් බ්ලෙයාර් ඉතා කුප්‍රකටයි මෙහෙ. මේ රටේ බහුතරයක් එපා කිවේ.// මෙතන දිරුණු රටවල් ක්‍රියාකරන හැටියි පෙන්නුවේ.

      //ජනපන යුද්ධ ප්‍රකාශ කරලා ඇමෙරිකාවට බෝම්බ දැම්මා. එවෙලේ ඇමෙරිකාව දන්නේ නැහැ කි දෙනෙක් ඔත්තු සේවා වල හිටියද කියල. //
      මෙකෙමනේ අජිත් ලංකාවේ උනේ ලංකාවේ හමුදාව දැනසිටියේ නෑ මොන දෙමල ජාතිකයාද ත්‍රස්තවාදී වැඩ කරන්නේ කියල සියලු ද්‍රවිඩ ජාතිකයෝ කොටි උනේ නැති උනත් සියලු කොටි ද්‍රවිඩ ජාතිකයන් උනා.

      https://en.wikipedia.org/wiki/Detentions_following_the_September_11_attacks

      "Those opposed of the detentions labeled these detentions "secret", as such detentions are contrary to American democratic principles of openness and freedom. The government was also criticized for singling out Arabs, Muslims or foreigners, implying that this was "racial profiling" at its worst."


      // ඔඅව් එහෙම වෙන්න පුළුවන්. ලනක්ව මුහනු දුන්න බරපතල තතාවක් තමා . එක තමයි අපි කියන්නේ තෙරේස මේ ට මානව අයිතීන් අඩු කරන්න දෙන්න බහ කියල. නමුත් එයා අඩු කරන්න යන දේත් අහසට පොලොඅ වගේ//

      මෙහෙමයි අජිත් මම ඔබේ අදහසට විරුද්ද උනත් තිරෙස මේ ගේ අදහස සමග සම්පුර්ණයෙන් එකගයි.
      මෙහිදී අපි බලමු ප්‍රායෝගික ලෝකයේ ඔබත් මමත් දන්නා දේවල් දිහා, ඔබ දන්නවා ඇති ලී කවන් යු සිංගප්පුරුවේ බලයට එන විට මුස්ලිම් මැලේසියන් ජාතිකයන් සහ චීන ජාතිකයන් අතර වාර්ගික පහරදීම් විශාල ලෙස උනා. මෙය එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්යාලයේ නිතිය හදාරා බැරිස්ටර් කෙනෙක් වූ ලෝක ප්‍රජාතන්ත්‍රවාදය ගැන අතට ගත් නෙල්ලි ගෙඩියක් වගේ දන්නා පුද්ගලයා තත්වය පාලනය කරන්නේ කොහොමද ඔහු කියනවා සියලු අපරාදකරුවන්
      ඇපලබා නොදී වසර ගණනාවක් බන්දනාගර ගත කරනවා.

      https://www.youtube.com/watch?v=NOHDsc4r4GE

      මිනිසුන්ගේ ඉතා පුද්ගලික දේවල් පවා පාලනය කරනවා, ජාතිවාදී අදහස් පතුරවන මිනිසුන්ට දැඩි දඩුවම් කිරීමට නීති ගෙනත් ක්‍රියාත්මක කරනවා. මෙනිසා සිදුවුනේ කුමක්ද ලෝකයේ දියුණු රටක් බවට ආර්ථිකව පත් වුනාට අමතරව ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී රටක් අතිඋනා නේද ?

      දැන් බලමු ශ්‍රී ලංකාවේ උනේ මොකද්ද කියල, ශ්‍රී ලංකාවේ ඔබකියන කතාකිරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දුන්න, රටේ විපක්ෂ නායක ලෙස දෙමල ජාතික අමිර්ත ලිංගම් පත්වෙනවා ඔහු ලන්කාව තුල සිංහල මිනිසුන් ප්‍රකෝප කරන කතා පාවිච්චි කරනවා (ඔහුගේ බ්‍රිරිද සිංහල මිනිසුන්ගේ හමෙන් සෙරප්පු සැදිය යුටුහ් බව කියනවා), සිංහල මිනිසුන් අතර සිරිල් මැතිව් ඇමතිවරයා දෙමල මිනිසුන් එලවා දමියයුතු බව කියමින් සිංහල මිනිසුන් උසිගන්වනවා දෙමල මිනිසුන්ව මරාදැමීමට 1983 කලබල දක්වා මේ පිරිස ප්‍රජාත්න්තර්වාදී අයිති වාසිකම් යොදාගෙන එකිනෙකා මරාගැනීමේ වසර 30ක් යුද්දයකට යනවා.

      ආර්ථිකය දශක ගණනාවකට පස්සට යනවා මිනිස් ජිවිත ලක්ෂ 3ට කිට්ටුවෙන්න නැතිවෙනවා.

      දැන් බලන්න ප්‍රජාතන්ත්‍රවාදය මොනතරම් කුරිරුද ? ප්‍රජත්න්ත්රවදයන් තොර දැඩි පාලනය (අයිතිවාසිකම් සිමාකල ) කොච්චර කාරුනිකද (ප්‍රජාතන්ත්‍රවාදය හා සැසදීමේදී )

      Delete
    7. //මොන බුරුවද තමන් සතුරු යයි හිතන කොටසක් අතර ඉඳගෙන බෝම්බයක් ඒ සතුරු ගොඩට ගැහුවොත් - ආ මරුනේ " කියන්නේ? දෙමළ මිනිස්සු එහෙම කියනවා නම් 100% වැරදියි. එහෙම කිව්වයි කියල තමනුත් කියනවනම් ඒක හරි වෙන්නේ කොහොමද?//

      මෙතැනදී මේක අදාළ දෙමල මිනිසුන්ට විතරක් නෙමෙයි අජිත්, දැනට දින දෙකකට විතර ඉස්සර SAITM උද්ගොෂයේ යෙදෙන සිදුන්ට පහර දෙනවා කැරලි මර්දන පොලිසියෙන්, මෙහිදී පොලිස් බටයෙකු තුවාල ලබනවා , මම දැක්ක කොමෙන්ටුවක් දාල තියනවා "හොදවැඩේ මේ ලේපිපාසිත බල්ලන්ට, මුන්ට බහෙත් දෙන්න හොද නෑ " මට එකවර මතක් උනේ දැනට මෙවැනිම යුද්දයක් කල මේ පිරිසව හදුන්වනු ලැබුවේ රණවිරුවන් ලෙසින්.

      මෙහිදී යත්ර්තය මෙයයි රටේ මිනිසුන් ගේ මනස රටේ පාලකයන්ට පුළුවන් ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය පවිච්චි කරලා තමන්ට එන විරෝදත්වය වළක්වාගන්න නමුත් බුද්ධිමත් නායකයන් කරන්නේ ප්‍රජත්ත්න්ට්‍රවාදය සිමා කරලා රටේ මිනිසුන් ගේ ජිවන තත්වය දියුණු කරන එකයි.

      Delete
    8. Lankika Sithuwili

      Well said. This blogger Mr. Ajit do not have any idea about what happened in SL and simply stating bullshits without proper logical evidence regarding situation in SL.

      Only Sri Lankan citizens who faced the real situation knows how people suffered. I think this person has been fooled by false propaganda of LTTE carders in UK. So sad about this kind of poor Sri Lankans who doesn't know about SL.

      Delete
    9. Ano 11.32 - Did you actually read what i wrote? really? Are you such a blind person? I am such an idiot to be fooled by LTTE propaganda? I think you read so much face book nonsense and think Sinhalese did nothing to Tamils and LTTE just came up like monster? Check history. Both ethnic groups at fault here. And for the record - my brother caught up with LTTE suicide bombing in Fort (near the Lotus road temple). He broke his leg. Rest of the 30 something police officers died in there. I helped him financially. I carried his children in my arms when we go somewhere because he couldn't. (they are grown up now) I played with his son because he couldn't. But we never took it against Tamils. I am still sponsoring a child Tamil child who lost her father. Her Father was kidnapped by unknown people. We have to rise above mere rhetoric. We have to respect human rights. I know exactly how Sinhalese or anyone in the south suffered. I know exactly how people in the North East suffered. (which you conveniently denying). you see in my article I mentioned Rajini Thiranagama (née Rajasingham), you know why she was killed by LTTE? LTTE took heavy weapons to a crowded kovil and attacked Indian army. Then Indians bombed the Kovil killing lof of innocent Tamil bystanders. LTTE propaganda unit videoed it all and showed the videos in UK, Canada etc thus generating revenue from donations of irate Tamil people. They did it callously disregard for any human beings. Rajini voiced her opinion against that . that's why they killed her. LTTE did that to SL army too. We told these lTTE tactics in forums here in London, we told that to where it counts. So don't go there my friend that I knew nothing rubbish.

      Delete
    10. I have to correct something here. About the girl. I sponsored her few years and now someone else took over the sponsorship from me. I am still facilitating it.

      Delete
    11. // Sinhalese did nothing to Tamils and LTTE just came up like monster? Check history. //

      There is some truth here Ajith, because 1983 riots none of the sinhala culprits got punished, once I met with an accident and hospitalized for few weeks at one time there is this Tamil gentlemen after talking I become good friend with this man, he told me in 1983 riots how his sinhala neighbors burned his house and stole his property, Listening to this I was disgusted, however to provoke this sort of a situation sinhala and tamil leaders made a huge contribution.

      The main reason i blame leaders is because only they had access to the stop tap.

      //We have to rise above mere rhetoric. We have to respect human rights. //

      Respecting human life is not agreeing to allow people to say anything they want.

      in my opinion Bikku nanasara, wigneswaram chief minister and all Muslim extremist should be in jail by now,

      respecting human rights is not allowing this people to play havoc all over the place.

      Delete
    12. // to provoke this sort of a situation sinhala and tamil leaders made a huge contribution.// yes I agree.
      //in my opinion Bikku nanasara, wigneswaram chief minister and all Muslim extremist should be in jail by now,
      // is there any Muslim extremists they should be in Jail. I agree. But with due process. nansara, Wigneswaran - there must be balance. I think sometimes this people should be given chance to speak. Evan these mahasohan balakaya etc. They should be allowed to operate in the main stream and people have to counter. They will go underground if we ban them.

      Delete
  7. අම්මට හුඩු ලන්ඩන් සුද්දෝ මේක කියවලා මොනවා හිතයිද ......නයිට් නාමයක් එහෙම කුව්න් එලිසබත් රෙකමන් කරොත් .... කාටද ආඩම්ම්බර ....අජිත්ටද නැ ..නෙලුම් යායට ලංකා නිවුස් වෙබ් එකටනේ .

    ReplyDelete
    Replies
    1. :) මේක සුද්දන්ට පක්ෂව ලියපු එකක් නෙමේ. විපක්ෂව ලියපු එකකුත් නෙමේ. මානව අයිතීන් රක ගන්න ඕනේ කියල හිතල ලියපු එකක්. අර උඩ මනෝජ් කියල තියෙන විධිහට. අයියෝ මේ නෙළුම් යායක් අටවන්න ගිහින් මං කොරගත් දෙයක්. හේ හේ :)

      Delete
  8. මෙහෙම දෙයක් තියනව. කිසිම භේදයක් නැතිව සාධාරණය තියනවනම් කාටවත්ම කට උත්තර නෑ. මානවහිමිකම් ගැන කතා කරන කොට ඒක ජාති භේදයකින් තොරව හැමෝටම සාධාරණ වුනානම් කවුරුත් කතා කරන්නෙ නෑනෙ. දැන් මේ සිවිල් සංවිධාන කියන එන් ජී ඕ ගත්තම සිංහල බෞද්ධ විරෝධීන් බව ඕනම කෙනෙකුට පේනව.එතන සාධාරනය නෑ සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලියි අරකයි මේකයි කිව්වම ඒක පක්ෂපාතී ව්‍යාපාරයක් බව පේනව. බටහිර රටවල් වුනත් එහෙමයි.

    ඇයි අපට මධ්‍යස්ථව සිතන්න බැරි. දෙමල මිනිස්සුන්ට යම් වරදක් වෙනකොට ඒ හඩම දකුනෙ බෝම්බ පුපුරනකොටත් තිබ්බනම් අද ජාතිවාදයක් නෑනෙ. අන්න සාධාරනය. එහෙම නැතිව දෙමල මිනිහෙකුට පොලීසියෙන් බැන්නත් දෙමල කදුළු සීතලයි කියල පොලවෙ පස් කන්නයි ගම්මාන කැතිගානකොට මේකට හේතුව ජනවාර්ගික ප්‍රශ්න කියල ඇගබේරගන්නයි හදනකොට මේ අය අපක්ෂපාතී නැති බව දැනෙනව එතකොටයි ප්‍රතිවිරුද්ධ අන්තවාදයක් ඕන වෙන්නෙ.
    ඔය බටහිර රටවල් තමයි ඊළාම් ත්‍රස්තවාදය පෝෂනය කලේ. ලෝක වෙලදපොලේ සිද්ධිය නිසා මුස්ලිම් නොවන සියලු සංවිධාන පරාජය කරන්න ඇමරිකාවට ඕන වුනා. තමන්ගෙ සර්පයන්ට පොවන කිරි මුස්ලිම් සර්පයොත් බොන බව ඇමරිකාව දැනගත්ත. තමන්ගෙ අරක්කු තමන්ටම කෙලින නිසයි අවසන් යුද්දෙදි ඔහොම හැසිරුනේ.

    ප්‍රජාතන්ත්‍රවාදය ගනිමු. පිනෝෂ්ලට සුහර්තො ලට උදවු කලේ අද ප්‍රජාතන්ත්‍රවාදී ඉරානයට එරෙහිව වැඩවසම් සවුදියත් එක්ක ඉන්න්න කමෙන්ම මේ අයගෙ අවංකකමක් නැති බව පේනවනෙ. බ්‍රිතාන්‍යයෙ ඉන්න සිංහලයන්ගෙන් විතරක් මීට වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා .බ්‍රිතාන්‍ය සාධාරනව මුල ඉදලම ක්‍රියා කලානම් ඔය කියන සිංහලයන්ටත් කට උත්තර නෑනෙ. ඔය වගකියනව කියන චැරිටි කාරයොත් මෙහෙ එන් ජී ඕ වගේම තක්කඩි තමයි.

    මූන බලල ක්‍රියාත්මක නොවන සරව සාධාරන නීතියක් සාධාරනයක් අපක්ශපාතී බවක් අවංකවම තියනවනම් ඔය ප්‍රශ්න නෑ. ත්‍රස්තවාදය කියන සර්පය කිරි දීල හදපු බ්‍රිතාන්‍ය වගෙ රටවල් වලට වැඩේ වැරදුනහමයි ඔය බයිල කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. //ඇයි අපට මධ්‍යස්ථව සිතන්න බැරි. දෙමල මිනිස්සුන්ට යම් වරදක් වෙනකොට ඒ හඩම දකුනෙ බෝම්බ පුපුරනකොටත් තිබ්බනම් අද ජාතිවාදයක් නෑනෙ. අන්න සාධාරනය. එහෙම නැතිව දෙමල මිනිහෙකුට පොලීසියෙන් බැන්නත් දෙමල කදුළු සීතලයි කියල පොලවෙ පස් කන්නයි ගම්මාන කැතිගානකොට මේකට හේතුව ජනවාර්ගික ප්‍රශ්න කියල ඇගබේරගන්නයි හදනකොට මේ අය අපක්ෂපාතී නැති බව දැනෙනව එතකොටයි ප්‍රතිවිරුද්ධ අන්තවාදයක් ඕන වෙන්නෙ.// මේක ගැන ඇත්තටම කොච්චර කිවටැහැ ඔයාල වගේ අයගේ අදහස වෙනස් වෙන්නේ නැති නිසා කියල වැඩක් නැහැ.දෙමළු නිකන් ඔය වලියට ආවේ නැහැ. ලනක්ව ඒකීය කළේ සුද්දෝ. පරාක්‍රමබාහු කාලේ ගැන නෙමේ කියන්නේ. 1505 පෘතුගීසි එන කාලේ සිට.ලංකාවේ රාජධානි කිහිපයක් තිබුන. කෝට්ටේ තමා යාපනය අල්ල ගත්තේ. සුද්ද ඒකීය කලාට වරප්‍රසාද සුළු ජාතිකයන්ට දුන්න. සිංහල කොටසකටත් දුන්න. නමුත් දෙමල නායකයොත් සුද්දට විරුද්ධව නැගී හිටිය. නමුත් උන්ට සාධාරණ බලයක් ඕන වෙලා හිටිය. රට කඩන්න නෙමේ. 1956 ඕක වෙනස් කලා. ඉංග්‍රීසි එක්කම දෙමල සිංහලත් තිබ්බ නම් ප්‍රශ්න අඩු වෙනවා. එහෙම වුනේ නැහැ. 1983 පිපිරුණා. ඕව අපෙත් වැරදි. උන්ගේ විතරක් නෙමේ. උන්ට විතරක් වරද පටවන මේ කතාවම බොරුවක්. සිංහල ගම්මාන කැති ගාද්දී ලංකාවේ ආණ්ඩුව ඒවා ජාත්‍යන්තරයට ගෙනෙඅවේ නැහැ. මේ මිනිස්සු දන්නෙවත් නැහැ. පහු කලෙක සිංහල අයත් සංවිධානය වෙලා මේ රටවල් වලට එද්දී තමා ඕව දැනුම් දුන්නේ. කදිරගාමර් වගේ අය සෑහෙන වැඩ කොටසක් කලා . ඌත් දෙමළෙක් නේද? ඔතන ජනවාර්ගික ප්‍රශ්නයක් තමයි මුලින් තිබුනේ. ඊට පස්සේ ත්‍රස්තවාදයට පෙරලුනේ. ඕක හොඳට කියවල බලන්න.

      Delete
    2. //ඔය බටහිර රටවල් තමයි ඊළාම් ත්‍රස්තවාදය පෝෂනය කලේ.// මොන විකාරකතාවක්ද? බටහිර රටවල කිසියම් අයිතීන් විශේෂයක් තිබෙනවා. ඕන කෙනෙකුට මේ රටවල වැඩ කරන්න පුළුවන්. සල්ලි හොයන්න පුළුවන්. තමන්ගේ දේශපාලනය අදහන්න පුළුවන්. මාක්ස් හිටියේ මෙහෙ. කුර්දි ගරිල්ලන්ට සපෝර්ට් කරන එවුන් හිටියේ මෙහෙ. මිලිබෑන්ඩ් ගේ තාත්ත දේශපලන අනාථයෙක්. දෙමල මිනිස්සු දක්ෂයි (හෝ කට්ටයි) . උන් සංවිධාන හදල කටයුතු කලා . මේ රටේ නීති වලට අනුව ඒවා තහනම් කරනන් බහ. කොටින්ම මුන්ටම ගහන මුස්ලිම් සංවිධාන වලට සල්ලි යන්නෙත් මෙහෙන් මේ ලඟදි හොයා ගත්ත විධිහට. කොටි සංවිධානය මිනිස්සු ගෙන්වලා මෙහෙ උන් වැඩ කරන කොට ගානක් කපා ගත්ත. කොහොමද හොයන්නේ? මෙහෙ තියෙනේ නීතියේ හිල් වලින් ගොඩක් දේ කරන්න පුළුවන්. ඔය සංවිධාන ඔක්කොම කරන්නේ කළේ ඒක. ඊට පස්සේ නිත්‍යානුකුල සංවිධාන පිහිටුවල තමන්ට සෙනග ඉන්නවා කියල චන්ද තියෙනවා කියල පෙන්වල මන්ත්‍රීවරු බය කරා.

      Delete
    3. තව එකක්. මෙහෙ ඉන්නව මම ඉන්න එන්ෆිල්ඩ් වල ජෝන් රයන් කියල මන්ත්‍රීවරියක්. එයා ලෝක දෙමල සංවිධානේ මෙහෙ ශාඛාවේ ලේකම්. අහල බැලුවම එයට එහෙම පෝස්ට් එකක් තියනවා කියල දන්නෙත් නැහැ. එයාගේ හස්බන්ඩ් තමා එයාගේ මැනේජර් වගේ ඉන්නේ. මට පේන්නේ මිනිහ සල්ලි අරන් මෙයාගේ නම දීලා භාවිතා කරන්න. එය පාර්ලිමේන්තුවේ ඊශ්‍රායල් වලට පක්ෂව කතා කරන්නේ. බලනකොට ඊශ්‍රායල් වලට සම්බන්ධ සංවිධානයකින් මෙයාට උදව් එනවා. ඔන්න ඔහොමයි වෙන්නේ.

      Delete
  9. සමහරුන් කරන්නෙ කන බත් පතට ගැරහීමක් වගේ දෙයක්. කොහොම උනත් මාත් විශ්වාස කරනවා මානව හිමිකම් අපේ වගේ රටවල් වලට ව්ඩා විශාල ප්‍රමාණයකින් යුරෝපානු රටවල් රකිනවා කියලා.

    ReplyDelete
    Replies
    1. //සමහරුන් කරන්නෙ කන බත් පතට ගැරහීමක් වගේ දෙයක්.// මාත් ඔන්න ඔහොම කතාවක් තමයි කියන්නේ මල්ලි. මට ලනක්වේ සිංහල මිනිසුන් ගේ වේදනාවන් නොතේරෙනවා නෙමෙයි. නමුත් අපි ඉන්න රටවල මානුෂික අයිතීන් හොඳින් තියෙන නිසා තමයි අපිට මේ රටවල්වල හොඳින් ඉන්නත් පුළුවන්. සමහර වෙලාවට ඕනෑවට වැඩියි කියල හිතෙන්නේ සමහර සුළු ජාතින් ඒ නිදහස පමණ ඉක්මවා පාවිච්චි කරන නිසා. නමුත් එහෙම වුන කියල ඒවා අයින් කරොත් ප්‍රශ්නේ අපටමයි.

      Delete
  10. සල්ලි හම්බ කරන්න විතරක්ම ඔහෙ අකමැත්තෙන් ඉන්න සමහර ( සෑහෙන ගාණක් ඇත්තටම බැලුවාම ) අය ඉන්නවනෙ. රටේ කිසිම දෙයකට ආසාවක් කුතුහලයක් අගය කිරීමක් නැතුව. What a waste !

    ReplyDelete
    Replies
    1. තේරෙන්නත් ඇතිනේ ප්‍රාට මෙහෙ ආපු දවස් වල

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .