Thursday 13 July 2017

දානේ ගෙදර කතාබහ - සයිටම් සයිටම්

සයිටම් විරෝධතාවය - ලන්ඩන් 
ආයෙත් සයිටමේ ගැන ලියන්න වුණා. මේකේ මේ දානේ ගෙදරකදී වෙච්ච කතා බහක්.  පාත්‍ර වර්ගයා - මම, සුවා , රොහා හා ටෙකා කියල  හිතමු.  මම ඇරෙන්න අනිත් නම් ගම් මනඃකල්පිතයි.

කතාව පටන් ගත්තේ මෙහෙම.

නිමිත්ත: සයිටම් එකට විරුද්ධ මාපියන් හා ශිෂ්‍යයන්ගේ සංවිධානයේ ලන්ඩන් ශාඛාව කියල එකක්  විරෝධතාවයක්  පැවැත්වුවා  ලන්ඩන් වල ශ්‍රී ලන්කන් හයි කොමිෂන් එක ඉදිරිපිට  ගිය සිකුරාද. අපිට නම් වැඩ. නිවාඩු දාල යන්න  තරම් වැඩි  ඇම්මකුත් නැහැ. ඉතින් එතැන හිටිය (දානේ ගෙදර)  අය කවුරුත්  ගිහිල්ලත් නැහැ. දානේ ගෙදර හිටිය මේ මම ඇතුලු හැමෝම නිදහස් අධ්‍යපනයෙන් ප්‍රථිපල ගත් අය. (සෝවියට් දේශයේ නොමිලේ උගෙන අවසන් කළ ඉංජිනේරු උපාධියද  ඇතුළුව) . මම ඊට පස්සේ ගත් උපාධි නම් ගෙවල කරපුව.

විරෝධතාවයේ  හිටිය සමහර අයගේ දුවා  දරුවෝ  ටියුෂන් ගොස් අමාරුවෙන් හතේ පන්තියට තියන තරඟ  විභාගයක් (11 ප්ලස්) පාස් කරලා හොඳ ග්‍රමර් පාසැල්  වලට යන අය. සමහරුන් ගේ ළමයි ඉතින් මෙහෙ තියන මුදල් දෙන විශ්ව විද්‍යාල වලට යන අය. ඔය දෙකේම වරදක් නැහැ.

මම කිව්වා තමන්ගේ ළමයි ඔහොම අමාරුවෙන් ඒ වගේ හොඳ පාසැලකට දානවා නම් සයිටම් වගේ විශ්ව විද්‍යාලයකට සල්ලි දීල දාන එකේ වැරැද්ද මොකක්ද කියල? හැම දෙමාපියෙකුටම ඕනේ තමන්ගේ දරුවට උගන්වන්න. සමහර විට අර තමන්ට යන්න  බැරිවුන ඉහල මධ්‍යම  පන්තියට ඇතුලත් වෙන්න, නැත්නම් ඉන්ටෙලිජෙන්සිය එකට ඇතුලත් වෙන්න. නැත්නම් තමන්ගේ තත්වය, ධනය එහෙමම තියා  ගන්න (විශේෂන්ඥ වෛද්‍යවරු , ඇමතිලා වගේ) .  ඉතින් පෙරටුගාමී  සමාජවාදී පක්ෂයට සම්බන්ධ හා ජවිපෙට සම්බන්ධ අය ඔය ගෙනියන විරෝධය සාධාරණද?

"ටෙකා " කියනවා ග්‍රමර් ස්කූල් (මේවා රෝයල් ආනන්ද විශාඛා වගේ පාසල්) රජයේ ඒවා. ඒවා පෞද්ගලික නොවේ. එනිසා ඒවාට ගියාට කමක් නැහැ. එයා තමන්ගේ  ළමයින්ට ටියුෂන් නොදී තමන් උගන්වල තමයි එයාලා විභාගේ සමත් වුනේ කියල.  අගමැතිනි "තෙරේසා  මේ" කියනව වගේ ග්‍රමර් විදුහල්  තව අරින්න ඕනේ කියල. නමුත් එයාට (තෙරේසට)  දැන් ඒක කරන්න කොහොමත් විධිහක් නැහැ. එයා අ ප්‍රතිපත්තිය අත හැරලා.  මගේ සහ "සුවා" ගේ තර්කය උනේ "නැහැ අර ලේබර් පක්ෂයේ කෝබින් කියනවා වගේ රජයේ අනිකුත් පාසල් වලට ආධාර (funding) වැඩි කරලා ගුරුවරු වැඩි කරලා ඔය හොඳ  ළමයි විතරක් තෝරලා ගන්න පසු ගාමී අධිරාජ්‍යවාදී ක්‍රමය නැත්තටම නැති කරන්න  ඕනේ කියල. එතැනදී "සුවා" මා  සමග එකඟයි.

මම කිව්වේ නමුත් ඔයා නැති වුනත් අනිත් අය ටියුෂන් යවනවා කියල. අනවශ්‍ය තරඟයක් ඇති කරලා තියෙනවා මේ රටේ, ලංකාවේ , ඉන්දියාවේ චීනේ වගේ. විශේෂයෙන්ම කළු ජාතික ළමයි වැඩිපුර ඉන්න රජයේ විදුහල් වලට තමන්ගේ ළමයි යවන්න කවුරුත් කැමති නැහැ. ඉගෙනීම බාලයි කියල.

මම කිව්වා ඔය ප්‍රශ්නයේ විරෝධතා කරන වාමාංශික සහෝදරයෙක් ගෙන් ඇහුව මෙහෙම කියල. "ලහිරු වීරසේකර ගේ අක්කා ස්ලිට් එකට යන එක සාධාරණද මල්ලි පෞද්ගලික අධ්‍යපන ක්‍රමයට එරෙහිව සටන් කරන කොට " එයාගේ පිළිතුර වුනේ ගෙදර අය කරන දේ ගැන ලහිරු  ට වගකීමක් පවරන එක අසාධාරණයි කියල. ලහිරු  ප්‍රතිපත්තියකට සටන් කරන්නේ කියල. නිදහස් අධ්‍යාපනය බේරා ගන්න.

හරි අපි ඒක  මොහොතකට පිලි ගමු.  නමුත් එයා නායකත්වය දෙන්නේ වෙනත් කොටසක් , සල්ලි තිබෙන දෙමාපියන් කොටසක් තමන්ගේ ළමයි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යවනවට? එතනත් පෞද්ගලික පවුල් සම්බන්ධකම් නැතිද? එතකොට ඒ ගොල්ල සටන් කරන්නේ ඒ අයිතිය බේරා ගන්න නෙමෙයිද. අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඥාතියෙක් ගැනත් ඒ වගේම තර්කයක් දැක්ක පසුගිය දවස් වල. එතකොට අර සයිටම් එකේ ඉන්නේ ඇමැතිලාගේ දුවල , ගැමුණු ගේ පුතාලා කියන කොට - තම තමන්ගේ ළමයි, සහෝදරියොත් ඒ වගේ ඉගෙන ගන්නවා කියන එක ඔළුවට එන්නේ නැතිද?

සුවා  කිව්ව  මෙහෙම කතාවක්.  ශ්‍රී ලංකා ජනතාවට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය  සේවය එක්ක ලොකු බැඳීමක් තියෙනවා. ඒ බැඳීම නැති කරන්න ලෙහෙසියෙන් බැහැ.  ජේ ආර් ටත් බැරි වුණා. ප්‍රේමදාස අන්තිමට දණ නැමුව. කාටවත් ඒකට අත ගහන්න මිනිස්සු දෙන්නේ නැහැ.

මගේ ප්‍රශ්නය: ඒක හරි. සාධාරණයි . කන්නන්ගර මහත්මයා  හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයෙන් අපි හැමෝම පල ප්‍රයෝජන ගත්ත. නමුත් මෙතන ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. නිදහස් අධ්‍යාපනය තිබ්බට විශ්ව විද්‍යාලය දක්වා යන ඒ ගමන බොහෝ දෙනෙක්  පෞද්ගලික ටියුෂන් මත, ශිෂ්‍යත්ව විභාග, සමහරුන්ගේ ජාත්‍යන්තර පාසැල් වල ඉගෙනීම හරහා තමා  වෙන්නේ. එතකොට වෛද්‍ය වෘත්තීය හැරෙන්න අනිකුත් වෘත්තීන් වලට යොමු වීම සඳහා උගන්වන්න පෞද්ගලික විශ්ව විද්‍යාල සහ නොයෙකුත් පෞද්ගලික ආයතන තිබෙනවා. එතකොට ඇයි වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවිමෙන් පමණක් නිදහස් අධ්‍යාපනය නැති වෙනවයි කියන්නේ?

සු ගේ පිළිතුර වුනේ මේක. අපි පරිගණක ඉංජිනේරුවෝ වශයෙන් අපේ අතින් වැරැද්දක් වුනොත් අපිට කෝඩ් එක හදන්න පුළුවන්. පරිගණක හදන ඉංජිනේරුවෝ අතින් වරදක් වුනොත් පරිගණකය  කැඩිලා යයි ආයි හදන්න පුළුවන්, අනිත් වෘත්තීන් වුනත් එහෙමයි. නමුත් වෙදැදුරු කෙනෙක් වරදක් කලොත් නැති වෙන්නේ ජිවිතයක්. ඒ නිසා වෛද්‍ය වෘත්තීය හැමෝටම කරන්න බැහැ. හොඳ ලකුණු තියන, ප්‍රමිතියක් ඇති මුදලට නොවිකිණෙන තැනකින් වෛද්‍ය උපාධිය දෙන්න ඕනේ.

බැලූ බැල්මට ඒ තර්කයත් හරි.  නමුත් දුර්වල තර්කයක්. සිවිල් ඉංජිනේරුවෙක් බිල්ඩිමක් හෝ පාලමක් වරදවා හැදුවොත් මැරෙන්නේ සිය ගණනින්. යාන්ත්‍රික ඉන්ජිනේරුවෙක් වරදක් ඇති මෝටරයක් නිරීක්ෂණය නොකළොත් සේවකයෝ කි දෙනෙක් මැරෙයිද? විදුලි  ඉංජිනේරුවෝ අතින් වැරැද්දක් වෙලා  විදුලිය නැති වුනොත් ඒකත බරපතල  ප්‍රශ්නයක්නේ. එහෙම බැලුවොත් මිනිසුන් 200-300 අරන් යන ගුවන් නියමුවන් ව පෞද්ගලික ආයතන වලින් පුරුදු කරලා හරියන්නේ නැහැ දැන් තියනවා වගේ. ආණ්ඩුවෙන් ඉහල ලකුණු මට්ටමකට බඳවා ගෙන පුහුණු කරන්න වෙනවා.

හැම රස්සාවකම  වැදගත් කමක් තියනව. කුණු ගෙනියන නාගරික කම්කරුවාගේ පවා.

වඩා හොඳ ලකුණු  තර්කය ගැන කතා කළොත්  - එහම නම්  දිස්ත්‍රික් පදනම ඇතිව අඩු ලකුණු වලින් විශ්ව විද්‍යාල වලට එන ළමයින්ට ඔය කියන උසස් ලකුණු නැහැ නේද? ඒ අයත් කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඒ කාලෙත් ආව . දැන් රටේ තියන අනිකුත් වෛද්‍ය විද්‍යාල වලට එහෙම ඇතුලත් වෙනවා. කොළඹ, යාපනය, නුවර වගේ පැති  වල සිසුන්  තමයි ඉහල ලකුණු වලින් එන්නේ. එතකොට අර ලකුණු අඩු ළමයි නිසා ප්‍රමිතිය අඩු වෙන්නේ නැත්ද? සත්‍යය නම් උසස් පෙළ සමත් නම් බොහෝ අයට වෛද්‍ය විද්‍යාව හදාරන්න බාධකයක් නැහැ. ඒ දැනුම ඇති විශ්ව විද්‍යාලය ක වෛද්‍ය විද්‍යාව හදාරන්න. ජර්මනිය වගේ රටවල ලකුණු සීමාව වැඩි කරලා තියෙන්නේ ස්ථාන වලට ඇති ඉල්ලුම වැඩි නිසා.

දෙවෙනි කාරණය  ඔය කියන විද්‍යාලයේ ප්‍රමිතිය අඩු නම් ඒක ලෙහෙසියෙන්ම විසඳිය හැකි ප්‍රශ්නයක්. එතැන ඉන්න අයට ඒක කරන්න බැරි නම් වෛද්‍ය සංගමයට පුළුවන් බල කරලා ප්‍රමිතිය හදා ගන්න.

හැබැයි ලාභ ලබන කතාවට නම් කියන්න තියෙන්නේ ව්‍යාපාරිකයෙක් එවැනි දෙයක් කරන්නෙම ඉන් කිසියම් ලාභයක් උපාය ගැනීමේ අරමුණින්. එතකොට අධ්‍යාපනය විකුණන එක හරිද? වැරදියි කියල හිතමු. මොකද බලපෑමක් එන්න පුළුවන් ප්‍රතිපල වලට. (විභාග)  බ්‍රිතාන්‍යය  වගේ රටවල වුනත් ලාභ ලබන විශ්ව විද්‍යාලයක්  නීතිය හැදෑරීම සඳහා ඇති කලේ 2012 දී වගේ මෑතකදී.  අනිත් හුඟක් පෞද්ගලික විශ්ව විද්‍යාල ලාභ ලබන ආයතන නොව චැරිටි (පුණ්‍යායතන)  ආයතන.

හරි එහෙම නම් ජනතා මුදලින් නිදහස් අධ්‍යාපනය  ලබන වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් වල ට තම සේවය විකිණීම හරිද? පෞද්ගලික රෝහල් කියන්නෙම ලාභ ලබන ආයතන? එතකොට ජනතා මුදලින් ඉගෙන ගෙන ලාභ ලබන ආයතනයකට සේවය විකිණීමේදී  එතිකල් (ethical)  ප්‍රශ්නයක් නැත්ද? ඒ එක්කම කියන්න ඕනේ හැම වෛද්‍යවරයෙක්ම පෞද්ගලික සේවයේ යෙදෙන්නේ නැති බවත්. නොකරන අයත් හුගක් ඉන්නවා.

පහුගිය මාස කිහිපය තුල මගේ ළඟම  ඥාතීන් දෙතුන් දෙනෙකුම අසනීප වුණා. එක අයෙකුව  මුලදී පෞද්ගලික රෝහලට ගෙන ගියත් අන්තිමේදී ශල්‍යකර්මය කළේ රජයේ රෝහලක. ලැබුණු අවධානය ඉතා හොඳයි. හැබැයි හඳුනන කරුණාවන්ත වෛද්‍යවරුන් දෙතුන් දෙනෙකුත් ලොකු උදව් දෙක තුනක් කලා.  දෙවෙනි අවස්ථාවේ පෞද්ගලික වෛද්‍ය ආයතනය වැරදියට එක්ස් රේ එක කියවල වැරදියට ඩයග්නොස් කරල රෝගියා ට හොඳටම අමාරු වුණා . අන්තිමේදී ළඟම  තියෙන රජයේ රෝහලකටත් ඉන්පසු ඒ සඳහා විශේෂිත රජයේ රෝහලකටත් අරන් ගිහින් පසුව ශල්‍ය කර්මයකුත් කලා. නැවතත් රජයේ වෛද්‍යවරුන් හා හෙදියන් ඉතා හොඳට සැළකුවා. ඒවා අගය කරන්න එපැයි. ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවය තිබිය යුතු අවශ්‍යම දෙයක්.

ඔය අතරේ තවත් ඥාතියෙකුටත් හදිසි අසනීපයක් වෙලා. ඉන්නේ කොළඹින් පැය දෙකක දෙකහමාරක විතර දුර (රථයකින් යනවා නම්).  හදිසි වෙලා ඇමතුවම ඇවිත් තියෙන්නේ හැමෝම බැනපු ඉන්දියාවෙන් ගෙන්නපු හදිසි අනතුරු සේවා රථයක්. ඔය මගේ ඥාතියා ඕවට පලු යන්න බැනපු කෙනෙක්. ඉන්දියාවෙන් කසි කබල් ගෙන්නනවා. ඕව බොරු. ගෙවන්න ඕනේ වගේ දේ. සත පහක් ගන්නේ නැතිව ළඟම තිබෙන රජයේ  රෝහලට ගෙනිහින් දාල. මේ දවස් වල සනීප වෙලා ගෙදරත් ඇවිත්. මම නිකමට ඇහුව ඒ ඉන්දියන් හදිසි අනතුරු වාහන හොඳද කියල. ඔව් කිව්වා.

ඉතින් ආපහු  දානේ  ගෙදර යමුකෝ.

"රොහා"  නම් වැඩිය මුකුත් කිව්වේ නැහැ. "අනේ මම නම් සයිටමයට විරුද්ධයි. අපට  නිදහස් අධ්‍යාපනේ  ඕනේ " කියල. ඊට පස්සේ එයා ආපහු නිදි කිරන්න ගත්ත.

හැබැයි මට හොඳටම තේරුණ දෙයක් තමයි ටෙකා හිතනවා කියල  මම ළමයි ග්‍රමර් විදුහල් වලට දානවට විරුද්ධයි, ටියුෂන් යවනවට විරුද්ධයි කියල.  මොකද මම සු වා ට කිව්වා. මචන් ඕක හරි දෙබිඩි වැඩක් නේ. තමන් ගේ ළමයිව ටියුෂන් යවන ගමන්, හොඳ ඉස්කෝල හොයන ගමන් සයිටමයට විරුද්ධ වෙන්නේ කියල.

එතකොට සුවා  කියනවා " මට ඕකට අදහසක් නැහැ. දෙපැත්තටම කතා කරන්න බැහැ කියල."
මම කිව්වා, ඉතින් මමත් කියන්නේ ඕකම තමයි. මම විරුද්ධ නැහැ ඔයාල කවුරුවත් ළමයි ටියුෂන් යවනවට , ග්‍රමර් විදුහල් වලට දානවට, පෞද්ගලික විදුහල් වලට යවනවට. මොකද මටත් අවශ්‍ය වුනොත් එහෙම කරන්න  ඕනේ නිසා. මම කල්පනා කරන්නේ මගේ දරුවන් ගේ සුභ සිද්ධිය ගැන නිසා.

එතකොට සුවා  කියනවා,  ඔයා  කෝබින්  ගේ විශ්ව විද්‍යාල ටියුෂන් ෆීස් නැති කරනවයි කියන ප්‍රතිපත්තියට  සහයෝගය දෙනවනේ. ඒ කියන්නේ ඒකත් දෙබිඩි කමක් නේ කියල.

ඔන්න ඔතන තමයි ප්‍රශ්නය. ඕක  ගැන ඉතා  සවිස්තරාත්මකව මෙතන ලියල තිබෙනවා. ඒ වගේම මේ ඉංග්‍රීසි ලිපියෙත් තිබෙනවා.  කෝපරේෂන් ටැක්ස් හෙවත් විශාල සමාගම් සඳහා අය කරන බද්ද අඩුම රටක් තමයි බ්‍රිතාන්‍යය. ඇමෙරිකාවේ  හා ප්‍රංශයේ මේ බද්ද වැඩිම.  මින් ජර්මනියේ හා ස්වීඩනයේ අධ්‍යාපනය නොමිලයේ දෙන්නේ (පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් තිබේ). දැනට තිබෙන බද්ද 26% දක්වා වැඩි කිරීමන් බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට දැඩි  හානියක් වෙන්න නැහැ කියල තමයි මේ ලිපි දෙකේම කියන්නේ.  එනිසා කෝබින්ට විශ්ව විද්‍යාල වල ටියුෂන් ගාස්තුව නැති කළ හැකියි ආර්ථිකයට හානි නොවන විදහට.
 මේ පින්තුරය ගත්තේ ෆිනන්ෂල් ටයිම්ස් පුවත් පතේ ලිපියකින්.

තවත් දෙයක් තමයි පහුගිය කාලවල සිසු ණය  වලින් ඉගෙන ගෙන ගෙවන්න තියන ණය පවුම් බිලියන් සීයක් විතර. ඉගෙන ගෙන ණය නොගෙවපු නිසා බොල් වෙච්චි ණය  හුඟක් තියනවා. බැංකු අමාරුවේ වැටිලා. ඒවා බේරා  ගන්න ගෙවන්නෙත් ආණ්ඩුව.

කෝබින් මේ ණයත් අහෝසි කරනවලු. ඒකෙන් වෙන්නේ අර මිලියනයකට වැඩි සිසු ණය ගෙවන රැකියා සහිත උපාධිධාරීන්ට අතට මුදලක් ඉතිරි වෙනවා  ණය නොගෙවන නිසා. ඔවුන් ඒ මුදල නැවත යොදන්නේ , වියදම් කරන්නේ, භාණ්ඩ හා සේවා ලබා ගැනීමට නම් එමගින් ආර්ථිකයට තව තල්ලුවක් එනවා.  ඒ කියන්නේ එයත් ආර්ථිකයට හොඳ බවයි .

තව ටිකක් ඒ ගැන පැහැදිලි කෙරුවොත් මෙන්න මෙහමයි. මම ආත්මාර්ථකාමියි. මගේ දරුවෝ ගැන තමයි හිතන්නේ. ඒ නිසා ටියුෂන් ෆීස් නැති කෙරුවොත් උන් විශ්ව විද්‍යාලේ යන දවසක ණය නොවී ඉගෙන ගනියි. සාධාරණයි නේ. නමුත් මම විරුද්ධ වෙන්නේ නැහැ මෙහෙ කාගේවත් ළමයි පෞද්ගලික විද්‍යාල වලට යවනවට වත් (කම්කරු පක්ෂයේ ඩයන් ඇබට් වගේ), පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවට වත්.  මොකද මගේ ළමයින්ව අවශ්‍ය නම් එහෙම ටෝයිෂන් යවන්න  මම ලෑස්ති නිසා. සයිටම් වහපන්, නිදහස් අධ්‍යාපනේ බේරා  ගනිව් කියල කියන ගමන් තමන්ගේ ළමයි ට සලකන්නේ වෙනස් විධිහක ට නම්  ඕක හරි වන්නේ කොහොමද/ අපිද ආත්මාර්ථකාමී, පෙරටුගාමී සමාජවාදීන්  ලා ලහිරු ලාද? ඔය ලන්ඩන් උද්ඝෝෂණයට ගිය අපේ හිතවතුන්ද?

ලන්ඩන් නගරයේ පමණක් ආර්ථිකය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩා කිහිප ගුණයක් විශාලයි.  බ්‍රිතාන්‍ය ආර්ථිකය ගැන සිත ගත හැකිනේ එතකොට. සිසු ණය අහෝසි කිරීම හා විශ්ව විද්‍යාලය දක්වා නොමිලයේ අධ්‍යාපනය ලබා දීම ඔවුන්ට කරන්න පුළුවන්. නමුත් විශ්ව විද්‍යාල සේවා සඳහා පවුම් 1000 වගේ මුදලක් ය කරනවා නම් නම් හොඳයි කියලයි මම හිතන්නේ. දැන් වගේ පවුම් 9000 ට ඉහලින් යන ගණනක් නම් අසාධාරණයි.

ආ දානේ ගෙදර හිටියා ශ්‍රී ලංකාවේ උගත්, පුහුණුව ලැබූ වෛද්‍යවරියකුත්. එයා කිව්ව දෙයක් තමයි "ලංකාවේ ඉඳන් ළමයි එනවනේ පවුම් 40000 වසරකට ගෙවල (දැන් තියෙන පවුමට රුපියල් 198 රේට් එකට කූල් ලක්ෂ 79ක් - 79,35813) විතර ) ඉම්පීරියල්, කේම්බ්‍රිජ් වගේ විශ්ව විද්‍යාල ඉගෙන ගන්න. එහෙම පොහොසතුන් තමා ලංකාවේ  ඉන්නේ කියල."
ධනයෙන්  අඩු පොහොසතුන් (මධ්‍යම පන්තිකයන්)  සහ කීර්තිමත් වාමාංශිකයන්, වැඩි ප්‍රසිද්ධියක් නැති සයිටම් විරුද්ධ වාදී  වාමාංශිකයන් ගේ ළමයි (පෞද්ගලිකව දනිමි) එහම චීනය, චෙක්, රුසියාව, ජෝර්ජියාව, ලැට්වියාව , ලිතුවේනියාව , මැලේසියාව, ඉන්දියාව වගේ රටවල ඊට වැඩ අඩු ගණන් වලට වෛද්‍යවරු වන්න ඉගෙන ගන්නවා. ඔය හැම  එකේම ප්‍රමිතිය තියනවද කියල නම් මම දන්නේ නැහැ.

 ශ්‍රී ලංකා  වේ රජයකට පුලුවන්ද අලුත් විශ්ව විද්‍යාල හදන්න. තියෙන විශ්ව විද්‍යාල වලටත් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයටත්, කාර්මික විදුහල් වලටත් සමස්තයක් වශයෙන්  වියදම් කරන්නේ ඉතා අඩුවෙන්. ලක්ෂයකට වැඩියෙන් අපොස උසස් පෙළ සමත් සිසුන් සඳහා වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. ඉංජිනේරු හා ගණකාධිකාරී වෘත්තීන් සඳහා පෞද්ගලික  ආයතන තියනවා නම් වෛද්‍ය විද්‍යාව සඳහා එසේ ආයතන පිහිටුවීම වරදක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. ඒකෙන්  නිදහස් අධ්‍යානය නැති වෙනවා  කියන්නේ අසත්‍යයක්.  ලංකවේ ඔය කියන නිදහස් අධ්‍යාපනය නැති කරන්න අමාරුයි. මිනිස්සු තමයි බලෙන් ළමයින්ට ටියුෂන් දීල උගන්වන්න යන්නේ.

රාගම පිඑම්සී එක හදපු කාලේ අපි හැමෝම ඒකට විරුද්ධ වුනානේ නිදහස් අධ්‍යාපනේ නැති කරනවා කියල. නමුත් විජේවීර මහතාගේ හා ජවිපෙ අදහස වුනේ එම අරගලය වඩාත් තීව්‍ර කරලා,  ඒ අරගලය රජය පෙරලීමේ අරගලයක් දක්වා ව්‍යාප්ත කරන්න. නමුත් වුනේ වෙන දෙයක්. තහනම් දේශපාළන  පක්ෂයක් අවි අතට ගත්තේ මර්දනයට විරුද්ධව කියල. ඇත්ත, දරුණු  මර්දනයක් තිබ්බා.  ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධ අරගලය රජය පෙරලීමක් දක්වා ගෙනියන්න ජනතාවක්  හිටියේ නැහැ. ඒ අරගලයට එකතු වුනේ ඉන්දියන් විරෝධී අරගලය විතරයි.  ඒ වගේ පටු ඉල්ලීමක් දෙකක් කවදාවත් පළල්  විරෝධත්වයක් වෙන්නේ නැහැ. ආණ්ඩුව කලේ පින්සර් ඇටෑක්  එකකදී  වගේ ඉස්සෙල්ල කඩාගෙන මැදින් එන්න දීලා ඊට පස්සේ දෙපැත්තකින් තුන් පැත්තකින් වට කරලා ගහපු එක.  කී දෙනෙක් මැරුනද දෙපැත්තේම ?
සයිටම් විරෝධී සටන තවත් එහාට?

පෙරටුගාමී සමාජවාදීන් අවුරුදු 28 කට 29 කට පස්සේ ආපහු  එහෙම කරන්න පුළුවන් කියල හිතනවා වෙන්න පුළුවන්.   නමුත්  දැන් එකට ඉන්න අය තව ඉස්සරහදි කැඩී වෙන්වීමේ අවදානම වැඩි. මේක ලංකාවනේ. . වෛද්‍ය සංගමය ආණ්ඩුව පෙරළීමේ ව්‍යාපෘතියකට  එන එකක් නැහැ. පළල් ජනතා  සහභාගිත්වයක් නැති වුනොත් එවැනි අරගලයකට ආණ්ඩුව මුළු වැර  යොදා පහර දෙයි.සිසුන්ට පහරදීම් මගින් ඔවුන් මර්දනයකට පොළඹවා ගන්න එක ලේසියි. දයලෙක්තිකව අනුව වෙන වැඩක් නේ.

අනිත් පැත්තෙන් තම දරුවන් එම විද්‍යාල වලට දාගෙන ගිය ආණ්ඩුවෙනුත් ආධාර අරගෙන සයිටමේ පැත්තේ ඉන්න ඇමැති ලගේ පැත්ත ගන්නත් බැහැ. එස් බී, රාජිත වැනි නම් කිහිපයක් මතකයට එනවා. ඒ අය පිලිබඳ නොයෙකුත් අපවාද , චෝදනා තියනවා. හුඟක් අයට පෙන්නන්න බැහැ වගේ. නමුත් ප්‍රශ්නේ කියන්නේ මේ ගොල්ල ඔය හැම ආණ්ඩුවේම ඉන්න එකනේ. ඔපමණ  අප්‍රියජනක, අපකීර්තිමත් අයනම් හැම ආණ්ඩුවකම ඇමතිකම්  දරන්නේ කොහොමද?  පුදුම ආණ්ඩුව සහ පුදුම ජනතාවක්.

ඇත්තටම  කියනවා නම් දානේ ගෙදරින් එලියට බහින කොට මට හිතුනේ සුවා වගේම  මටත් පැත්තක් ගන්න බැහැ  නේද කියල. "ගෙදර ගියොත් අඹු නහී. මග හිටියොත් තෝ නහී" වගේ වැඩක්.

ජනමත විචාරණයක් තිබ්බොත් නරකද?

1. ඔබ සයිටම් ආයතනය ප්‍රමිතියකින් යුතුව පවත්වා ගෙන යන්න කැමතිද?
2. සයිටම්  ආයතනය හා තවත් එවැනි ආයතන පිහිටුවීමෙන් නිදහස් අධ්‍යාපනය නැතිවේද?
3. නිදහස් අධ්‍යාපන නැති නොකරන් බවට රජය ගිවිසුමකට එළඹිය  යුතුද?

වගේ ප්‍රශ්න ටිකක් දාල?

ජනතා පරමාධිපත්‍යය කියල ජනතව දෙන තීරණය හැමෝටම පිළි  ගන්න බැරිද?

මේ ගැන ලියූ අනිකුත් ලිපි:

1. අන්තරේට කඳුළු ගෑස් ගහන්න කිවූ යහපාලන පිස්සු හුටං කවුද?


3. නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්
4. නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 2 - සයිටම් යනු රෝග ලක්ෂණයකි.
5. නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 3 කෝබින් සහ යුරෝපය
6. පෞද්ගලික අධ්‍යාපනය
7. වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි
8. සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්
9. සයිටම් පිලිබඳ මධස්ථ සිතින්
10. නිර්මාල් එන්න ෆොන්සේකා සමග මල් නෙලන්න

කෙළින්ම සම්බන්ධයක්  නැති ලිපි:

විජේවීර නුදුටු ජැප්පා දුටු සෝවියට් දේශය


මුලාශ්‍ර:

1.The party's over - how tuition fees ruined university life 
2. The 11 plus 
3. ග්‍රමර් පාසැල්
4. Britain's first profit making university 
5. ජෙරෙමි කෝබින් මාක්ස්වාදියෙක්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ද?
6. Why Corbyn is right to increase corporation tax
7. UK student loan debt soars to more than £100bn

46 comments:

  1. දානේ බෙදන්න රහ බලන්න එහෙම වෙලාවක් තිබිලම නෑ වගේ :))

    ReplyDelete
    Replies
    1. දානේ බෙදුවේ නම් නැහැ. මේ ඉතින් දානෙ ඉවර වෙලා හවස් වෙනකම් යන කතාබහනේ.

      Delete
    2. මහින්දවත් අන්දවපු, ඒකාබද්ධයත් ගිලගත්තු, පොලු සක්විතියෙක්..

      ඔහු නමින් එදිරිසිංහ ආරච්චිලාගේ අභීත උදයබණ්ඩාර එදිරිසිංහ.(අභීත එදිරිසිංහ-මීමුරේ මාමා නොහොත් කැහැටු වඳුරා) ඉපදුණේ 1979 මාර්තු මාසෙ 25 වෙනිදා. උපතින්ම ගෙදරට බරක් වෙච්චි මේ හාදයා ගියේ කුරුණෑගල මලියදේවෙට.ඒ කාලෙ ඉඳන් ගුරුවරු අතරේ බේධ ඇති කරලා, ගොට්ට අල්ලලා කොහොමින් කොහොම හරි පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක කමත් අරගත්තා.මෑන් කොච්චර ආඳෙක්ද කියනව නම් අප්පච්චි අන්තිම හුස්ම පොද හෙළනකල් ගෙට ගත්තෙ නෑ.ඒකට හේතුව තමයි මිනිහා ගෙදර තිවුණ අප්පච්චිට අයිති මෝටර් රථය හොරෙන් විකුණලා, කොළඹට ආව නිසා.බුද්ධිමත් ඔබට ඒකෙන්ම පුතයගෙ තරම මැනගන්න පුළුවන් වෙන්න ඕනි.

      ඔය අතරවාරයේ මිනිහා රන්ජුලා කියලා තරුණියක් වහසිබස් කියලා රවට්ටගෙන විවාහ කරගත්තා.ඒ කාළෙ ඔහු තමන්ගෙ යාලුවන්ට කියලා තියෙන්නෙ “මූණ කචල් වෙලා, හෙණ ගැහුවත් කමක් නෑ බං ඉන්න තැනක් තියන එකියක් නම්” කියලලු.එහෙම කියපු එදිරිසිංහ කොලුවා කොට්ටාවෙ තියන රංජුලාගෙ ගෙදරම බින්න බැස්සා.ඔය අතරවාරයේ තමයි මේ හාදයට දේශපාලනය ගැන වහ වැටෙන්නෙ.මේ හාදයගෙ කයිරාටිකකම කොච්චරද කියනව නම් තමන්ට දේශපාලනයේ අත්පොත් කියල දුන්න , එක පාරක් නාමල්ගෙ ගෝලයන්ගෙන් හම්බානෙක කාපු නුවන් නිරෝධ කියන බයියව පවා රවට්ටලා ගේම් ගැහුවා.

      මෙයාට ඇන්දිච්ච තවත් පොරක් තමයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රංගන හේරත්.බිස්නස් එකකට ඉන්වෝල් වෙලා කරන්නම් කියලා හේරත්ගෙන් ලක්ෂ පහක් වංචා කරපු මෙයා කළේ හේරත් ඒක ඉල්ලනකොටම හේරත්ගෙ පරණ ලවු ගැන නෝනට කියනවා කියලා බ්ලැක්මේල් කරපු එකයි.එක පාරක් රන්ගන හේරත්ගෙන් හම්බානෙක ගුටිකාපු අභීතට රංගන හේරත් කිව්වෙ “උඹ නිසා මගෙ ඉස්කෝලෙ අපකීර්තියට පත්වෙන නිසා නිකන් ඉන්නෙ” කියල විතරයි.අනික මහලොකුවට ඉවෙන්ට් ඕගනයිස් කරනව කියලා 97/98 මලියදෙව් ආදිශිෂ්‍ය සංගමෙන් සල්ලි ගරාගෙන මාටිය ගහලා නෝණ්ඩි වුණ නිසා අදටත් මේ හාදයට OB එක පැත්තෙ යන්නවත් බැහැ.ඔහොම හොරු එක්කද මහින්ද ආණ්ඩු හදන්න යන්නෙ කියලයි අපිට අහන්න තියෙන්නෙ.

      Delete
    3. ඔන්න කාලයක් යද්දි පාර්ලිමේන්තු මැතිවරණය ආවා.රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක පොකුරට තරඟ කරපු ජෝන් සෙනවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි යන දෙන්නට දෙන්න නොදැනීම ,උන්ව කොටවලා, මෙයා ඒ කැම්පේන් දෙකම බාර ගත්තා.ඒ මාද්‍යකරණයේ ඇති අවම සදාචාරය වත් රකින්නෙ නැතුව.සල්ලි වෙනුවෙන් තමන්ගෙ දරුව පවා විකුණන්න සූදානම් මේ හාදයාගෙ කෙරුවාව තව තියනවා.කනක හේරත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරද්දි, අනුරාධ ජයරත්න නියෝජනය කළේ සිරිසේන පාර්ශවය.මෙයා කළේ ඒ දෙන්නගෙම කැම්පේන් එක අරගෙන එක්කෙනෙක්ට හොරෙන් අනෙකාගෙ කැම්පේන් එක කළ එක.

      මොන තරම් ජඩ වැඩක් වුණත් කිසිම හිරිකිතයකින් තොරව කරන්න පුරුදු වෙලා හිටපු අභීත එදිරිසිංහ කියන පාදඩයගෙ වැඩ ඔහොමම තමයි.

      තවත් වරෙක නො.180/3, මාලපල්ල පන්නිපිටිය කියන ලිපිනයේ ඉන්න කෝට්ටගේ දොන් ලලිත් අමරසිංහ කියන පුද්ගලයව රවට්ටලා, රුපියල් මිලියන 1.45 ක මුදලක් වංචා කරපු ඔහු නැවතුණෙ පානදුර දූෂණ මර්දන ඒකකයේ.

      ඊළඟට ඔහු යොමු වුණේ මීමුරේ පැත්තෙ ඇඩ්වෙන්චර් වැඩ වල.ඒකේ ඉන්න ගමන් ගමේ ගෑණුන්ට අනින්න ගිහිල්ලා, හම්බානෙක ගුටි පූජාවල් වලින් හෙම්බත් වෙන්නත් ඔය අතරේ මෙයාට සිද්ධ වුණා.තමන් එක්ක එකට හිටපු රිද්ම හේවාවිතාරණ කියන තරුණයට පඩි නොගේආ මාස ගාණක් වැඩ ගන්නකොට, ඔහුට කේන්ති ගිහින් මෙයාගෙ ලැප්ටොප් පරිඝණය ගෙදර අරන් යද්දි, මෙයා කළේ ඉක්මණට පොලීසියෙ පැමිණිලි දාලා අර අහිංසකයව කූඩු කරපු එක.මේ හාදයා කොච්චර ඇඩ්වෙන්චර්ස් කරත් මීමුරේ පොඩි කොල්ලො කුරුට්ටොත් පනින තාලිකටෙන් පවා මූ පනින්නෙ ජැකට් දාලා.ඔන්න පීනගන්නවත් බැරි අභීත එදිරිසිංහගෙ ඇඩ්වෙන්චර්.

      ඒ කාළෙ මුගේ හොර වැඩ වලට හරි හරියට මහින්දානන්ද අලුත්ගමගේ කියන කම්බ හොරා සහ කනක හේරත් සම්භන්ධ වෙලා වැඩකළා.ඒ මුගෙන් ලැබෙන කොමිෂන් වලට.Travel with Dilini කියල වැඩසටහනක් දාගෙන කළුබෝවිල පැත්තෙ වයස 17 ක ගෑණු දැරිවියක් අපයෝජනය කරමින්, ඇයව මතට හුරු කරමින් මොහු විකෘති කාමාශාවන් සංසිඳවා ගන්න ඇයව අදටත් භාවිතා කරනවා.ඇගේ කට වහල තියෙන්නෙ ඇගේ මව සමඟ මොහු යහන්ගත වීම හේතුවෙන්.

      ගොඩාක් අය අහුවෙන්නෙ මේ හාදයගෙ බොරු පම්පොරි වලට.පොලිටිකල් පේජ් කරන බව පවසමින් මාසෙකට ලක්ෂ ගණන් උපයන මොහුට හසුවූවන් අතරේ ගීතා කුමාරසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්,ශෙහාන් සේමසිංහ,රොෂාන් රණසිංහ,පවිත්‍රා වන්නිආරච්චි වගේ ඒකාබද්ධය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රීවරුන් රැසක් ඉන්නවා.

      වරක් ජාතික නිදහස් පෙරමුණෙ කුරුණෑගල නායක කැලුම් ජයසුමන කොයන හාදයගෙ බජට් ටැක්සි කියන පේජ් එක කරන්නම් කියලා පම්පෝරි ගහලා රුපියල් 50000 ක් කඩාගෙන වාෂ්ප වෙලා ගියා. ඊළඟ පාර උඩගිල්ම ටී ස්ටේට් එකේ පේජ් එක වෙනුවෙන් 100000 කට ඇරලා මාරු වුණා.ඊළඟ පාරක් වජිරා මාපලගම කියන අපේක්ෂිකාවගෙන් ලක්ෂ දෙකකට ඇරියා.තවම ඒ නඩුව උසාවියෙ විභාග වෙනවා.ඒකට පෙනී ඉන්නෙ ජනාධිපති නීතීඤ රජික කොඩිතුවක්කු.

      බැලින්නම් මේ යකා හතර වටේටම තියල තියෙන්නෙ පොලු විතරයි.අභීත එදිරිසිංහ කියන්නෙ අවංකවම පිල්ලියක්.ඒකාබද්ධය සුණුවිසුණු කරන පිල්ලියක්.ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙයාට අහුවෙන්න එපා කියලයි.

      -උපුටනය(සමන් වීරබාහු)-

      Delete
  2. දානේ ගෙදර "පාන" තියෙන්න ඇති, නැතිනම් ඔච්චර කතාබහක් යන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. පුදුමේ කියන්නේ මේ දානේ ගෙදර "පානේ" තිබ්බේ නැහැනේ. තිබ්බනම් මොන සයිටම්ද කට්ටියම සින්දු කියනව මිසක්.

      Delete
  3. ලංකාවේ රජයේ වෛද්‍ය පිඨ වල එංගලන්තයේ ලාංකික සම්භවයක් ඇති දෙමව්පියන්ගේ දරුවන් ඉන්නවානම් ඔවුන් මුූදල් ගෙවා ඉන්න අය වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නම් දන්නේ නැහැ.

      Delete
    2. මම දන්නවා ලාංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ දෙමව්පියන් ගේ දරැවෙක් කරාපිටිය වයිද්ය පීඨයේ මුදල් ගෙවා ඉගෙන ගන්නවා.

      Delete
  4. //2. සයිටම් ආයතනය හා තවත් එවැනි ආයතන පිහිටුවීමෙන් නිදහස් අධ්‍යාපනය නැතිවේද?//

    උසස් පෙල සමතුන්ගෙන් සුලු කොටසට දිස්ත්‍රික් පදනම යටතේ නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමයක් මිස නිදහස් අධ්‍යාපනයක් ලංකාවේ නොමැත.

    ReplyDelete
    Replies
    1. අපි ඉන්න කාලේ තිබ්බ. දැන්නම් ෂුවර් නැහැ.

      Delete
  5. මහත්මයා මුලික උපාධිය ලබාගත්තේ සෝවියට් රුසියාවේ කාරුණික අනුග්‍රහය නිසා නේද? ඒ කියන්නේ ගොවියා,ධීවරයා, කම්කරුවාගේ දාඩිය මහන්සියෙන්.

    ඒත් ඇයි දැන් මේ අන්ත දක්ෂිණාංශික ධනපති ආණ්ඩු වලට ලැදියාව දක්වන්නේ? ඔබතුමා සමාජවාදය යටතේ අධ්‍යාපනය ලබා, දැන් අධ්‍යාපනය විකිනීමට පක්ෂපාතිත්වය දක්වනවා. මෙය යුක්ති සහගත වන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඔබතුමා මා ගැන මෙසේ කියන්න කලින් මේ ලිපි ටික කියවා නැවත ඔය ප්‍රශ්නයම අහනවද? ඔබ නිසාම මම මේවා ඇතුළු කලා ලිපියට.
      මේ ගැන ලියූ අනිකුත් ලිපි:
      1. අන්තරේට කඳුළු ගෑස් ගහන්න කිවූ යහපාලන පිස්සු හුටං කවුද?
      2. අන්තරේට කඳුළු ගෑස් - රාජකීයට ටැබ් - ඇත්තටම රනිල්ට පිස්සුද

      3. නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්
      4. නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 2 - සයිටම් යනු රෝග ලක්ෂණයකි.
      5. නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 3 කෝබින් සහ යුරෝපය
      6. පෞද්ගලික අධ්‍යාපනය
      7. වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි
      8. සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්
      9. සයිටම් පිලිබඳ මධස්ථ සිතින්
      10. නිර්මාල් එන්න ෆොන්සේකා සමග මල් නෙලන්න

      කෙළින්ම සම්බන්ධයක් නැති ලිපි:
      විජේවීර නුදුටු ජැප්පා දුටු සෝවියට් දේශය

      Delete
    2. ලින්ක් ටික උඩ ලිපියේ ඇති.

      Delete
    3. මහත්මයා මුලික උපාධිය ලබාගත්තේ සෝවියට් රුසියාවේ කාරුණික අනුග්‍රහය නිසා නේද? ඔව්.
      ඒ කියන්නේ ගොවියා,ධීවරයා, කම්කරුවාගේ දාඩිය මහන්සියෙන්. - අනිවාර්යයෙන්ම ඒ මිනිසුන් ගෙවූ බදු මුදලින්.

      ඒත් ඇයි දැන් මේ අන්ත දක්ෂිණාංශික ධනපති ආණ්ඩු වලට ලැදියාව දක්වන්නේ? හරියටම් සුවර් නැහැ. ධනවාදය දියුණු වෙනවාට මම කැමතියි. මට හිතෙන විධිහට ඔබ මේ ලිපියේ හරය වටහා ගෙන නැහැ.

      මා දන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂිකයෙකුගේ (ඔහු ඉතා හොඳ අයෙක්. ඕනෑම වෙලාවක යහළුවෙකු ලෙස මා ආශ්‍රය කිරීමට කැමති ඉතා ගුණ යහපත් සැමට උදව් කරන පුද්ගලයෙක්) සහෝදරිය එංගලන්තයේ මුදල් ගෙවා උපාධියක් ලබා ගත්ත. ඔහු සයිටම් විරෝධී අරගලයේ සිටිනවා. මට මෙය තේරුම ගැනීම සඳහා ඔබ උදව් කරනවද ?

      Delete
    4. ඔබතුමා සමාජවාදය යටතේ අධ්‍යාපනය ලබා, දැන් අධ්‍යාපනය විකිනීමට පක්ෂපාතිත්වය දක්වනවා. මෙය යුක්ති සහගත වන්නේ කෙසේද? මම ජිවත් වන එංගලන්තයේ අධ්‍යපනය විකිනීමට මම සහය දක්වන්නේ නැහැ. ලාභය සඳහා වන එක විශ්ව විද්‍යාලයයි තිබෙන්නේ. නමුත් එම විශ්ව විද්‍යාලය වහන්න් කියා හෝ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විද්‍යාල වහන්න් කියා මම කියන්නේ නැහැ. මම ඔය ලිපියේ කියා තිබෙනවා දැනට තිබෙන ටියුෂන් ගාස්තු ක්‍රමය නැති කළ යුතුයි කියල. නමුත් පවුම් 1000 වගේ ගානක් විශ්ව විද්යාල කටයුතු සඳහා යොදවා ගත්තාට කමක් නැහැ.
      සෝවියට් දේශය ගැන කියනවා නම් අප වැනි ගුණමකු අයට ශිෂ්‍යත්වය නොදී ඉන්නයි ඔවුන්ට තිබුනේ. ඔවුන් ශ්‍රී ලංකාවේ , ඊජිප්තුව වැනි රටවල ගුණමකු, අහංකාර මිනිසුන්ට වානේ කම්හල්, අස්වාන් වේල්ල, තුල්හිරිය පෙහෙ කම්හල වැනි දේ සාදා දී සෝවියට් ජනතවගේ මුදල් නාස්ති කලා. උන් ඒ මුදල් යොදවා සෝවියට් ජනටහ්වගේ තත්වය ධනවාදී රටවලට වඩා උසස් කරන්නයි තිබුනේ. වෙන රටවල් අල්ලස්කාමී දුෂිත කොමියුනිස්ට් පක්ෂ නඩත්තු කරමින් මුදල් නාස්ති කලා . ඔඅබ් අහන්නේ නැත්ද අයි ඔවුන් එහෙම කළේ කියා ?

      Delete
    5. අධ්‍යාපනය "මිලට" ගත්ත එක්කෙනෙක් තමයි මමත් . මම ටියුශන් ගියේ නැත්නම් විශ්ව ව්ද්‍යාලයට යන්න වෙන්නෑ. ඒක නිසා යම් සුළුහෝ මිලක් මම ගෙවල තියෙනවා ඒක ගෙවන්න මට බැරිවුනා නම් ?

      Delete
    6. මමට සෝවියට් දේශයෙන් ලැබුනේ විදුලි ඉංජිනේරු උපාධියක්. මට සෝවියට්, රුසියානු ගුරුවරුන් හොඳින් ඉගැන්වුවා. මම උපාධියත් හොඳින් සමත් වුණා . නමුත් මම එංගලන්තයේදී මුදල් ගෙවා පරිගණක විද්‍යා උපාධියක් කලා . දැන් රැකියාව කරන්නේ ඒ දැනුමින්. නමුත් මුලික දැනුම (ගණිතය) සෝවියට් දේශයෙන් සහ මුලික් නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවෙන්. මේ ලිපිය හරියට කියවන මනුස්සයට තේරෙයි මම ඔය නිදහස් අධ්‍යාපනයට විරුද්ධ නැති බව.

      Delete
  6. සොවියට් රුසියාව බිද වැටෙන්න කලින් ඉදලම මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා ගත හැකි අයතන තිබුනා නේද? ඒවා ක්‍රියාත්මක වුනේ රජයේ විශ්වවිද්‍යාල විදියටද නැත්නම් ස්වාදීන විශ්වවිද්‍යාල විදියටද?

    ReplyDelete
    Replies
    1. //සොවියට් රුසියාව බිද වැටෙන්න කලින් ඉදලම මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා ගත හැකි අයතන තිබුනා නේද? // එහෙම ඒවා තිබුනේ නැත. සියලු අධ්‍යාපන ආයතන අයත්ව තිබුනේ රජයට, අදාල අමාත්‍යංශයට හෝ හමුදාවටය.

      Delete
  7. සයිටම් එක පිටිපස්සේ ඉන්නේ චාලි ඔස්ටිං වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. දැන් බලාගෙන ගියහම ඔය ඔස්ටින් කාරය නැති තැනක් නැහැනේ.

      Delete
  8. සයිටම් ගැන කතා දැන් එපා වෙලා තියෙන්නෙ. උසස් අධ්‍යාපනයක් තියා හරිහමන් පාසැල් අධ්‍යාපනයක් නැති උනුත් ලොකු ටෝක් දෙනවා සයිටම් ගැන. අනික ඔය කථා කරන ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ලංකාවෙ නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක්ද කියලවත්. හැමෝම හිතන්නෙ නොමිලේ අධ්‍යාපනය කියල විතරයි. එතකොට මගේ ආච්චි සහ සීයා ඉගෙන ගත්තෙත් නොමිලේ, ඒ කන්නංගර මහත්තය නිදහස් අධ්‍යාපන පණත ගේන්නත් ඉස්සෙල්ලා. එහෙනම් මොකක්ද මේ නිදහස් අධ්‍යාපනය කියන්නෙ? ප්‍රොෆෙසර් නලින් ඩි සිල්වගෙ මේ වීඩියෝ එක බැලුවම තේරෙයි.

    https://m.youtube.com/watch?v=HTAEFhnhbP8

    ReplyDelete
    Replies
    1. //මගේ ආච්චි සහ සීයා ඉගෙන ගත්තෙත් නොමිලේ, ඒ කන්නංගර මහත්තය නිදහස් අධ්‍යාපන පණත ගේන්නත් ඉස්සෙල්ලා.// මේ කතාව සම්පුර්ණ ඇත්ත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මුලික නිදහස් අධ්‍යාපනයක් දුන්න. එසේම විහාර වලිනුත් අධ්‍යාපනය නොමිලයේ බෙදා හරිය. යොමුවට ස්තූතියි. පසුව බලන්නම්.

      Delete
    2. ඔහුගේ කතාවේ කියන factual කරණු සියල්ලම වගේ ඇත්ත. උදාහරණයක් වශයෙන් රෙපෙරමාදු ආගමික විදුහල් වල නම් වෙනස් කිරීම. නලින් ද සිල්වා වගේ නම් එන්නෙත් එහෙම. එතකොට කන්නගර නිදහස් අධ්‍යාපනේ බටහිර ධ්‍යාපනය නොමිලේ දීමත් ඇත්ත. ආචාර්ය නලින් ද සිල්වා ගේ ළමයි නුත් පිටරට නේද ඉගෙන ගත්තේ.

      Delete
    3. එතකොට සමාජවාදී රටවල නොමිලේ දෙන අධ්‍යාපනයට දේශපාලනය ඉගැන්වීම අනිවාර්යයි. සෝවියට් රාජ්‍ය ක්‍රමය හා කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය ඉගැන්වීම, විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය හෙම සමත් වුනේ නැතිනම් උපාධිය ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මුදල් ගෙවා කරානම් ශිෂ්‍යයෝ ඒවා ඉගෙන ගන්නේ නැහැ. එනිසා නිදහස් අධ්‍යාපනය හා ශිෂ්‍යත්ව දීම අනිවාර්යයි.

      Delete
    4. ඔය රාජකීය විද්‍යාලයට අයත් ගොඩ නැගිලි තමා කොළඹ විශ්ව විද්‍යාලයේ තියෙන්නේ කියන්නෙත් ඇත්ත. කොටින්ම මේ මහත්මය කියන ගොඩක් දේවල් ලොජිකලි හරි.

      Delete
  9. සයිටම් ප්‍රශ්ණය ගැන අදහස් දක්වන්න තරම් මට දැනුමක් නෑ.

    //සිවිල් ඉංජිනේරුවෙක් බිල්ඩිමක් හෝ පාලමක් වරදවා හැදුවොත් මැරෙන්නේ සිය ගණනින්.//

    ඒ නිසාම ඒ ප්‍රොසෙස් එක, ලෙඩෙකුට බෙහෙත් දෙනවට වඩා කම්ප්ලේක්ස්. මේ ගැන කියන්නම්, දන්න දේ නිසා.

    අපේ ඩිසයින් එකක් ප්‍රොජෙක්ට් ඉංජිනියර් ලඟට (කන්ස්ට්‍රක්ෂන් සයිට් එකට) යන්න කලින්, චාටර්ඩ් ඉංජිනියර් කෙනෙකු විසින් පරීක්ෂා කර, අත්සන් කරනවා. හයි රයිස් බිල්ඩින් හෝ පාලම් කිසිවක්, චාටර්ඩ් ඉංජිනියර් කෙනෙක් විසින් අත්සන් නොකර හදන්නේ නෑ.

    ඒ ඩිසයින් වලටත් සයිට් ඉංජිනියර් මෙතඩ් ස්ටේට්මන්ට් හදල, කන්සල්ටන්ට් ගෙන් අනුමැතිය ගන්න ඕන, කන්ස්ට්‍රක්ෂන් පටන් ගන්න කලින්. කන්ස්ට්‍රක්ෂන් කරන අතරේ, කන්සල්ටන්ට් කෲ එකෙන් ඇවිත් බලනවා, විශේෂයෙන්ම කොන්ක්‍රීට් එකක් තියන දවසට ඔවුන් ඇවිත් කම්බි හරියට තියද බලල අත්සන් කරනකම් කොන්ක්‍රීට් පටන් ගන්න බෑ, වගේම, කොන්ක්‍රීට් එක අතරේ කන්සල්ටන්ට් කෲ එකේ අය කොන්ක්‍රීට් එකේ කොලිටි ටෙස්ට් කරනව.

    ඒ වගේ බිල්ඩිමක් කඩා වැටුනොත්, ඒ අත්සන් කරපු හා ඩිසයින් කරපු ඉංජිනේරුවන් ට නීතිය ඉදිරියට යන්න සිදු වෙනව.

    චාටර්ඩ් ඉංජිනියර් කෙනෙක් වෙන්නට BSc එකෙන් පස්සේ අවම වසර 3ක වත් සයිට් එක්ස්පීරියන්ස් + අවම වසර 2ක වත් ඩිසයින් එක්ස්පීරියන්ස් තියෙන්න ඕන. A සහ B ලෙස නම් කරපු ප්‍රශ්න පත්‍ර 2ක් කරලා පාස් වෙන්න ඕන. සයිට් එක්ස්පීරියන්ස් රිපෝට්, ප්‍රසන්ටේෂන් සහ ඩිසයින් වයිවා පාස් වෙන්න ඕන. ඒ නිසා රජයේ කැම්පස් එකකින් ආවත්, ප්‍රයිවට් කැම්පස් එකකින් ආවත්, චාර්ටර්ඩ් ඉංජිනියර් කෙනෙක් වෙනකොට ඇත්තටම ඒ පුද්ගලයට ගොඩක් ප්‍රායෝගික දැනුම + අවබෝධය තියනව.

    ReplyDelete
    Replies
    1. එ.මා,

      චාටර්ඩ් ඉංජිනියර් කතා පැත්තකින් තියමුකෝ.
      නගර සභාවේ ඉන්න (පහලම) සේවකයා කාණු ටික හරියට සුද්ද නොකරොත්, ඩෙංගු (හෝ ඩෙන්ගි). ඉතිරි හරිය ලියන්න ඕනේ නැහැ නේ.

      Delete
    2. එමා දැන් මම මෙහෙම /සිවිල් ඉංජිනේරුවෙක් බිල්ඩිමක් හෝ පාලමක් වරදවා හැදුවොත් // ලීවට ඔය ක්‍රියාවලිය මම දන්නවා. සාමාන්‍යයෙන් විදුලිබලාගාරයක ටර්බයින් එකක් කොමිෂන් කරන කොටත් ඔය හා සමාන ක්‍රියාවලියක් යනවා. මොන ලකුණු අරගෙන ඉගෙන ගත්තත් භූමියට ඇවිල්ල වැඩ කරලම ඉගෙනේ ගන්න ඕන දේත් තියනවා. ප්‍රධාන තර්කය තමයි වෛද්‍ය වෘත්තීය විතරක් නෙමේ උසස්ම කියන එක.

      Delete
    3. ඇනෝ 15.34 නගර සභාවේ සේවකයෝ මෙහෙ බ්‍රහස්පතින්දට ඇවිත් කුණු අරන් නොගියොත් අපි අනාථයි. මම මේ කරකැවිලා අත ඇරලා වගේ ඉන්නේ අපේ මේ ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂවල සහෝදර යහළුවෝ මේ සකල ලෝක වාසි කම්කරුවන් ගේ වෘත්තියන්ට වඩා දොස්තර මහත්වරුන්ගේ වෘත්තියට කරන අවධානයට සහ සැලකිල්ලට. "වෛද්‍ය කම්කරුවන් ගේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරව්." මේ සයිටම් කාරයෝ මෙච්චර වියදම් කරලා වෛද්‍ය කම්කරුවෝ වෙන්න හදන්නේ මොකද?

      Delete
  10. සයිටම් එකත් සමහර අයට කාලෙ කන්ට අයිටම් එකක්.

    ReplyDelete
    Replies
    1. මේ කතාව පන නැගුනු නිසයි ලිව්වේ. ඒකත් ඇත්ත තමයි.

      Delete
  11. සයිටමය කියන්නෙ සල්ලි ඇති අයගෙ මොලේ නැති දරුවන්ට දොස්තර පට්ටම ගහගන්න කපපු සීල් එකක්. ඒක පැහැදිලියි. මේ දවස්වල තමුන්ගෙ නම්බුව බේරගන්න ඔවුන් කරන ඊමේල් කැම්පේන් වලට කෝටි ගණනක් යට කරල ඇති. උදාහරණයක් විදිහට ඔබත් සයිටමයට එකඟව නිතර ලිව්වොත් ඔබට දිරිදීමනා ලැබෙන්න පුළුවන්.

    එතකොට සයිටමයට විරුද්ධව කෑ ගහන්නෙ කවුද? රජයේ වෛද්‍ය නිලධාරීන්. හේතුව මොකක්ද? ඔවුන් රෝගීන්ට ආදරය නිසාද? නෑ. රටේ වෛද්‍යවරු වැඩිවෙලා අතිරික්තයක් හැදුනොත් දැන් සිටින දොස්තරලාට ආදායම අඩුවෙනවා. ඒ නිසා රටේ දොස්තරලා හිඟ කරන එකයි ඔවුන්ගේ වෑයම. රුසියාවේ සහ වෙනත් රටවල දියුණු වෛද්‍ය විද්‍යාව හදාරා මෙරට එන බහුතරයක් වෛද්‍යවරුන්ට මෙරට සේවය කිරීමට සමත්වෙන්නට අවශ්‍ය විභාගයෙන් ඔවුන්ව අසමත් කර ඒ අතර සිටිනා වර්තමාන රජයේ වෛද්‍යවරුන්ගේ හිතමිතුරන් සහ දරුවන් පමණක් සමත් කරන විභාග ක්‍රමයෙන් කරන්නෙත් එයයි. මේ සයිටමයට එරෙහි පොරය වෙනුවෙන් ඔවුන් විහිළුසේකරටත් හොඳට කුලිය ගෙවනවා ඇති. මෙය රජයේ වෛද්‍යවරුන්ට විතරක් අදාල දෙයක් නෙවෙයි. බහුතර වෘත්තීය සංගම්වල ක්‍රියාව වන්නේ සිය වෘත්තියට එක්වන පිරිස අඩු කරමින් හිඟයක් මවාගෙන අසීමිත මුදලක් ඉපයීම.

    බලන්න සයිටමයට එරෙහි සටනට ඉන්නෙ විහිළුසේකරගෙ වහල්ලු ටිකයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයයි විතරයි. සයිටමයට පක්‍ෂව ඉන්නේ රජයයි සයිටම් එකේ හිමිකරුවනුයි විතරයි. පොදු ජනතාව මෙයින් එකකටවත් නැහැ. ඇයි ඒ? රජයේ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවෙන දොස්තරගෙන් හරි එහෙමත් නැතිනම් සයිටමයෙන් බිහිවෙන දොස්තරගෙන් හරි මහජනතාව බහුතරය බෙහෙත් ගන්නෙ සල්ලි දීලා. දොස්තර හොඳ නැතිනම් ලෙඩ හොඳවෙන්නෙ නැතිනම් ඒ ඩිස්පෙන්සරිය වේලෙන්න මහ කලක් යන්නෙ නැහැ. එනිසා සයිටමය වැහුනත් ඇරියත් මහජනතාවට අදාලම නෑ. මේක ජනතාවගෙ ප්‍රශ්නයක් නෙවෙයි. මේක රජයේ දොස්තරලගෙ කුහකත්වය පිළිබඳ ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. //සයිටමය කියන්නෙ සල්ලි ඇති අයගෙ මොලේ නැති දරුවන්ට දොස්තර පට්ටම ගහගන්න කපපු සීල් එකක්. ඒක පැහැදිලියි. // එහෙමං කියන්නත් අමාරුයි. හොඳ ප්‍රථිපල තියෙන අයත් ඉන්නවා නේද?// උදාහරණයක් විදිහට ඔබත් සයිටමයට එකඟව නිතර ලිව්වොත් ඔබට දිරිදීමනා ලැබෙන්න පුළුවන්// අනේ ඒ චෝදනාව නම් කරන්න එපා. ගූගල් ඇඩ් වලින් හම්බවුනොත් මිස වෙන සල්ලි ලැබෙන්න විධිහක් නැහැ.
      - විහිලුසේකර කිව්වේ කාටද?
      //රජයේ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවෙන දොස්තරගෙන් හරි එහෙමත් නැතිනම් සයිටමයෙන් බිහිවෙන දොස්තරගෙන් හරි මහජනතාව බහුතරය බෙහෙත් ගන්නෙ සල්ලි දීලා.// මේක ඇත්ත

      Delete
    2. "සයිටමය කියන්නෙ සල්ලි ඇති අයගෙ මොලේ නැති දරුවන්ට දොස්තර පට්ටම ගහගන්න කපපු සීල් එකක්".
      සයිටම් යන්න අවම සුදුසුකම වෙන්නෙ උසස් පෙල විද්‍යා අංශෙන් 2C, 1S. රජයේ වෛද්‍ය පීඨ යන්න අවම සුදුසුකම 3S. එතකොට සයිටම් යන්නෙ සල්ලි ඇති අයගෙ මොලේ නැති දරුවොනම්, රජයේ වෛද්‍ය පීඨයට යන්නෙ ඊට වඩා මොලේ නැති අය වගේ තර්ක ගේන්න පුළුවන්. ඒත් අවම සුදුසුකම් එහෙම වුණාට රජයෙ වෛද්‍ය පීඨවලට යන බහුතරය උසස් ප්‍රථිඵල ගන්න අය. සයිටමයෙත් ඉන්නවා ඉහල ප්‍රථිඵල තියන අය. අනික උසස් පෙල කියන්නෙ හරියටම දක්ෂකම මනින විභාගයක්ද ? ඒකත් ප්‍රශ්නයක්. එතකොට මොලේ නැති කෙනෙක්ට උසස් පෙල C2,S1 ක් ගන්න පුළුවන්ද ? මේවා කෙස් පැලෙන තර්ක.
      එතකොට රජයෙ වෛද්‍යවරු මේකට විරුද්ධ ඇයි ? සමහරු වගේම ඔබ කියන්නෙ දොස්තරල වැඩිවෙලා දොස්තරලගෙ ආදායම අඩුවෙයි කියලනෙ. ඒත් ඔය කෑ ගහන අයගෙ දරුවොත් පිටරට වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගන්නවා. අනික ඕකට ලක්ෂ 120ක් ගෙවන්න පුළුවන් ධනවතුන්ට ළමයි පිටරට යවන්න සල්ලි තියෙනවා. GMOA එකට ඔතන පැහැදිලිවම තියෙන්නෙ නෙවිල් ප්‍රනාන්දු එක්ක ඊර්ෂ්‍යාවක් සහ දේශපාලන උවමනාවක්. හැබැයි අන්තරේ සහ ජවිපෙට තියෙන්නෙ සම්ප්‍රදායික පුද්ගලික අංශෙ විරෝධය. පුද්ගලික අධ්‍යාපනය ඕනෙද නැද්ද කියල ප්‍රතිපත්තිමය තීරණ ගන්නෙ රජය මිසක් වෘත්තිය සමිතිවත් 5%ක් ඡන්ද ගන්න බැරි බංකොලොත් සමාජවාදී පක්ෂවත් නෙවෙයි. ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවානම් ඒ ගැන කතා කරන්න ඕනෙ විශේෂඥ්ඥ දැනුමක් තියෙන අය මිසක් අන්තරේ ඉන්න බහුතර කලා සිසුවො නෙමෙයි. මොවුන් කරන වැඩ ජනතාවට විහිළුවක්.

      Delete
    3. //. ඒත් ඔය කෑ ගහන අයගෙ දරුවොත් පිටරට වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගන්නවා// ඒක නම් ඇත්ත.

      Delete
  12. //සයිටමය කියන්නෙ සල්ලි ඇති අයගෙ මොලේ නැති දරුවන්ට දොස්තර පට්ටම ගහගන්න කපපු සීල් එකක්.//

    උන් සයිටම් යන්නෑ බං. උන්ට යන්න ඕන තරම් තැන් පිටරට තියෙනවා.
    http://www.studentworldonline.com/article/-6-affordable-places-to-study-medicine-in-europe/457/

    https://www.easyuni.com/advice/top-5-most-affordable-countries-to-study-medical-degrees-1168/

    ReplyDelete
    Replies
    1. සමහැර නැගෙනහිර යුරෝපීය රටවල් ගොඩක් හොඳ රිසල්ට්ස් අවශ්‍ය නැහැ. නමුත් එංගලන්තයේ ගෙවල ආවත් අඩු ලකුණු වලට ගන්නේ නැහැ. මම දන්නා විධිහට.

      Delete
  13. සයිටම් එක ආණ්ඩුවේ ගේමක්ද කොහෙද. දැන් ඉතින් ලිද ලග,දානෙ ගෙදර,මගුල්ල් ගෙදර සයිටම්නෙ ලොකුම කතාව.කෝම උනත් විස්තරාත්මක ලිපිය වටිනවා

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව බේරුනා මේ වැඩෙන්. නැත්නම් තව ප්‍රශ්න කියක් විසඳන්නද? ජිවන වියදම වැඩි වෙනවා, රස්සා අඩුයි කියනවා, ඩෙංගු, කුණු ප්‍රශ්නය, වංචා දුෂණ කීයක්ද?

      Delete
  14. දොස්තරලා සයිටම් එපා කියලා දොස්තරලා සහ පෙරුට්ටෝ මරාගෙන මැරෙන එකේ අර්ථය අධ්‍යාපනය ,සෞඛය ,වගේ දේවල් නොමිලේ දෙන්න ඕනි කියන එක නම් ,,සරලව කිව්වොත් සුභසාධන ධනවාදය තව දුරටත් පවත්වාගත යුතුයි කියන එක නම් ,අපිත් ඔයිට එහා ගියපු සුබසාධනයක් පවත්වාගත යුතුයි කියන මතයේ ඉන්නවා ගැටළුවක් නෑ ..ඒක ප්‍රායෝගිකව තත්වයන් යටතේ කරන්න පුලුවන්ද බැරිද කියන එක වෙනම කාරණයක් .

    හැබැයි සයිටම් විතරක් නෙමෙයි ,පුද්ගලික රෝහල් රජයට පවර ගන්න ,රජයේ රෝහල් වල ගුණාත්මක බව වැඩි කරන්න ,පුද්ගලික ෆාමසි රජයට පවර ගන්න නොමිලේ සියලු දෙනාට බෙහෙත් දෙන්න ,දොස්තරලාට පුද්ගලික ප්‍රතිකාර කිරීම සම්පුරනෙන් තහනම් කරන්න ...ඔන්න නිදහස් සෞඛය රැකෙනවා ,,සල්ලි තියෙන මිනිහටත් නැති මිනිහටත් ගෞරවයක් ඇතිව ගිහින් පෝලිම් වල ලගින්නේ නැතුව නොමිලේ බෙහෙත් ගන්න පුළුවන් අපි පක්ෂයි එකෙන්ම ,,පිට රටවල් වල ගිහින් දොස්තරලා වෙලා මෙහෙ වැඩ කරන එකත් තහනම් කරන්න ,සිමා ,ස්ලිම් ,ස්ලිට් වගේ උපාධි මත රජයේ රකියා දෙන එක නවත්තන්න ..

    නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ අධ්‍යාපනය නෙමෙයි ලංකාවේ නැති නිදහස් අධ්‍යාපනයක් රකින්න සටන් කරන පෙරෝට්ටෝ හැම දාම කරන්නේ කොහෝ හරි තියෙන හුදකලා ප්‍රශ්නයක් අල්ලාගෙන මාද්‍යට ඔලුව දාන එක .

    දොස්තරලා මෙච්චර කල් හිටියේ වලාකුළු වල පාවී පාවී ,,තමන් දෙවන ප්‍රජාගනය අපිට මහපොළොවත් එක්ක ගනු දෙනුවක් නෑ කියලා හිතාගෙන ..අම්මට හුදු අපේ පවුරාණික වියිපි ශ්‍රී විභූතියට කෙල වෙන්න යන්නේ කියලා තේරුනාම දොස්තරලා කෑ ගහනවා ..

    නැතුව උන්ට මේකේ අහවල් එකක් වත් රකින්න ඕනි නෑ

    ReplyDelete
    Replies
    1. //හැබැයි සයිටම් විතරක් නෙමෙයි ,පුද්ගලික රෝහල් රජයට පවර ගන්න ,රජයේ රෝහල් වල ගුණාත්මක බව වැඩි කරන්න ,පුද්ගලික ෆාමසි රජයට පවර ගන්න නොමිලේ සියලු දෙනාට බෙහෙත් දෙන්න ,දොස්තරලාට පුද්ගලික ප්‍රතිකාර කිරීම සම්පුරනෙන් තහනම් කරන්න ...ඔන්න නිදහස් සෞඛය රැකෙනවා ,,සල්ලි තියෙන මිනිහටත් නැති මිනිහටත් ගෞරවයක් ඇතිව ගිහින් පෝලිම් වල ලගින්නේ නැතුව නොමිලේ බෙහෙත් ගන්න පුළුවන් අපි පක්ෂයි එකෙන්ම ,,පිට රටවල් වල ගිහින් දොස්තරලා වෙලා මෙහෙ වැඩ කරන එකත් තහනම් කරන්න ,සිමා ,ස්ලිම් ,ස්ලිට් වගේ උපාධි මත රජයේ රකියා දෙන එක නවත්තන්න ..// හරියට හරි ඇනෝ

      Delete
  15. අජිත් අමතර කියවීම් මිස් කළා, කොමෙන්ට් කියවන්න ගත්තත් පටන් ගත්ත තැනම මොකද්ද අනුන්ගේ ආගත නාගතයක් නිසා වැඩේ අල්ලලා දැම්ම. ඔබේ පෝස්ට් එක පමණක් කියවා ලියන වගනම් .... ආ මේ ඉතින් මගේ මතය කාත් එක්කවත් සාකච්චා කොළේ නෑ

    1. මිනිස්සු තමන්ට නොමිලේ ලැබෙන දෙය වෙනුවෙන් වැය කර ලබා ගන්නවා. ඒ නිසා තමන්ට හොඳයි කියා හිතුනොත් ආණ්ඩුවේ/ස්වාධීන, නොමිලේ/ගෙවා, ලාබ ඉලක්ක නොකරන/කරන ඕනේ එකකට යනවා. කසිප්පු මුදලාලි කලත් යනවා මිනිස්සු මේක සරල වෙළඳපොල රියලිටිය. ඒ නිසා සේවාව ලබාගන්නා කෙනාගේ පැටිකිරිය අදාළ නෑ.

    2. එතැනදී තියෙන සේවාව ගනිඉන් එය වඩාත් හොඳ කරගන්න දඟලන අයත් ඉන්න පුළුවන්. කෙනෙක් සයිටමේ ඉගෙන ගනිමින් එය රජයට පවරා ගන්න දේශපාලනය කලොත් එය පරස්පරයක් නොවේ.

    3. කෙනෙකුගේ පවුල්වල අය මේ ආයතන වල සහය ලබද්දී ඒවා කෙතරම් සමාජීය අවශ්‍යතා ද කියා ඔවුන්ට තේරෙන්න ඕනේ. ඒ නිසා ලහිරු හෝ අනුර කුමාර තම පවුලේ අය ආණ්ඩුවේ අධ්‍යාපන කෝටාවෙන් එළියේ ඉද්දි අධ්‍යාපනය රජයේ කොටාවට සීමා කරන්න කියනවා නම් එහි මම පරස්පරයක් දකිනවා.

    4. කොහොමින් හරි අපි තේරුම් ගත යුත්තේ ගෙවන අධ්‍යාපනයට ඇති වෙළඳපොල අවකාශය. එතකොට අපි දකින්න ඕනේ මිනිස්සු යන්නේ තියෙන හොඳම එකට කියල. ඉතින් තියෙන හොඳම එකේ කොලිටිය පවත්වා ගන්න මොනවා හරි කල යුතුයි. අධ්‍යාපනය කියන්නේ භාණ්ඩ හා සේවා වගේ වෙළඳ පොලේ තේරීම මත තත්ත්ව පාලනය වන්නක් නොවේ. [දිග කතාව මෙතනින්] ඒ නිසා රජයකට වගකීමක් තියෙනවා මේ මූලික කොලිටි කොන්ට්‍රෝල් එක පවත්වා ගන්න.

    5. ලාබ ඉලක්ක කරන ආයතනයක් කොලිටි ඉලක්ක කරන්නේ නැහැ. එය ඔබ්වියස්. ලාබ මාජින් නග්ගන්න යද්දී අධ්‍යාපනයේ කොලිටි මාජින් නගින්නේ නෑ. ඒ නිසා ලාබ ඉලක්ක කරන අධ්‍යාපනය මේ වගේ සීරියස් ෆීල්ඩ් එකකට දෙන්න පුළුවන් රජයට නිසි යාමනයක් කරන්න පුළුවන් රටක විතරයි. දූෂිත මුග්ධ ලාංකීය රාජ්‍ය අංශය යාමනයක් හරියට කරන්නේ නෑ කියා ඔබ්වියස්. ඒ නිසා ලංකාවේ ලාබ ඉලක්ක කරන අධ්‍යාපනය දෙන්න හොඳ නැහැ සමාජ ජීවන තත්වයට බලපාන වෛද්‍ය වැනි විෂයකට. ඔබ කියූ පරිදි වෛද්‍ය වගේම සිවිල් ඉංජිනේරු උනත් එහෙම එකක්. පරිගණක ඉංජිනේරු එහෙම නොවෙන එකක්. ඔය ඔනේ එකෙක් එව්වට අපි බය නෑ. ඒ මේ ෆීල්ඩ් එකේ හැටි.

    6. මම හිතන්නේ සයිටමය ලාබ ඉලක්ක නොකරන මුදල් ගෙවා ඉගෙන ගන්න ආයතනයක් කල යුතුයි.

    7. කිසියම් කෙනෙක් මෙතරම් සමාජ අවශ්‍යතාවයක් වෙච්ච මුදලට අධ්‍යාපනය ගැනීමේ අවශ්‍යතාවය නොදකිනවා නම් එය ලොකු වැරදීමක්. අපි කරන්න ඕනේ කොලිටි ලාබ ඉලක්ක නොවන එහෙත් මුදලට ගතහැකි අධ්‍යාපනයක් ගන්න ඒ මිනිසුන්ට ඉඩ දීමයි. ස්ලිට් nibmවගේ ඕනේ තරම් දැනටත් තියෙනවා. කෙනෙක් පිස්සෙක් වගේ දේශපාලන අන්තවාදී ආගමක් අල්ලාගෙන මේ අවශ්‍යතාවයට හරස් කපන්නේ නම් ඉන් ඇතිවෙන අවිනිශ්චිත තත්වය තුල සයිටම් වැනි කළුකඩ මුදලාලි කෙනෙක් තමා ජයගන්නේ. ලහිරු ලා අනුර කුමාර ලා ලාබ ඉලක්ක නොකරන මුදලට දෙන අධ්යාපනයට් එරෙහි නම් වක්‍රව ඔවුන් කරන්නේ මර්කි සිටු එකක් හදලා සයිටම් වගේ තක්කඩි පවතින්න ඉඩ දීම.

    ReplyDelete
    Replies
    1. සැකෙවින් කියනවා නම් ඔබේ අදහස් එකකටවත් එකඟ නොවී සිටින්න පුළුවන් කමක් නැහැ. 5 හැර. පහේදී මම තවමත් හිතන්නේ ප්‍රමිතියක් ඇතිව විනිවිද භාවයෙන් කලොත් ලනක්වේ කරන්න පුළුවන් කියල. අපි සෘණාත්මක වෙන්න නරකයි. ලංකාවේ හොඳට වැඩ කරන රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික ආයතනත් තිබෙනවා. එම නිසා. හැමදාම බහ කිව්වොත් බහමා තමයි.

      Delete
  16. මම අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍යවරයෙක්. උසාවියෙන් වෛද්‍ය පත්වීම් ලබා දුන් සයිටම් සිසුන් පිරිසක් දැන් මෙහේ සීමාවාසික වෛද්‍යවරුන් ලෙස වැඩකරනවා. නිවැරදිව රෝගීන් පරීක්ෂා කිරීමට නොහැකි එවැනි වෛද්‍යවරයෙක් නිසා රෝගියෙක් Anaphylaxis හැදී පසුගිය සතියේ මියගියා. සියලු වාට්ටුවල ප්‍රතිකාර කටයුතු ඔවුන්ගේ නොහැකියාව සහ නොදැනුම නිසා ව්‍යාකූල වෙලා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව දැන් රෝහල මගහැර කරවනැල්ල රෝහලට යනවා. ලංකාවේ රජයේ රෝහල්කට කවමදාකවත් නොයන, සෞඛ්‍ය සේවය ගැන අබමල් රේණුවක තරම් වැටහීමක් නැති, තමුන්ගේ තියෙන හීනමානය හා කුහකකම නිසා අධ්‍යාපන සුදුසුකම්වලින් තොරව ඕනෑ කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් යැයි විශ්වාස කරන බකපණ්ඩිතයන් නිසා අසරණ රෝගීන් අමාරුවේ. තව අවුරුද්දකින් මොවුන් unsupervised වැඩකරන්න අවසරය ලබනවා. එතකොට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙයි. හැබැයි මේගොල්ලො බලගතු ඉහළ පන්තියේ පවුල්වල ළමයි. උන් ගමේ ගොඩේ මිනිස්සුන්ට කරන දේවල් මාධ්‍ය වලිනුත් හංගයි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .