Tuesday 22 August 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (15) -ප්‍රේමයේ විල් තෙරේ යව්වනේ මල් වනේ




සැන්දෑවේ පෙම් යුවල 
මෙතෙක් කථාව:
පොත තවමත් මිලදී ගත හැකිය. 
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (15) -ප්‍රේමයේ විල් තෙරේ යව්වනේ මල් වනේ 

ජලාශය අසල කැළයේ පයින් හා බිරියෝසා මෙන්ම ගිහාන් නොහඳුනන ගස් වර්ගද විය. එහෙත් එලි මහන් බිම් කඩ අසල ඇත්තේ සුදු වැල්ල වසා පැතිරුණු උස තෘණ වර්ගයකි.  අතරින් පතර කැලෑ ඇපල් ගස් ද විය. ගිහාන් ඉන් එකක් කන්නට යද්දී තාන්යා ඔහුගේ අතට ගැසුවාය.
"ඔය ඇපල් කන්න එපා. මම හොඳ ඒවා වගයක් ගෙනාව". එසේ කියමින් ඔහුව ගසට හේත්තු කරමු මුව  සිප ගත්තාය.
"ඔයාව හම්බවෙන දවස බල බල හිටියේ" ඇය මිමිණුවාය.
ගිහාන් මේ රුසියන් තරුණිය මෙන්ම අනිත් යුරෝපියානු තරුණ  තරුණියන් තමන්ට අවශ්‍ය  දෙය කියන්නට නොපැකිලෙන බව වටහා ගෙන සිටියේය. ඔවුන්ගෙන් "ඔබට තේ එකක් අවශ්‍ය දැයි " ඇස විට ආසියානු ජාතිකයන් මෙන් තේ එක අවශ්‍ය වුවත් "නෑ , එපා ඕනේ නැහැ. ඔය බොනවා නම් බොන්නම්" වැනි දේ නොකියති.  අවශ්‍ය නම් අවශ්‍යය. සිනි එපා නම් එපාය. "ඔබට බඩගිනිද කෑමට  යමක් ඕනෑද" කියා ඇසුවොත් බඩගිනි නම් එය එසේ යයි කියති. බොරු කෝල බවක් ආරුඪ කර ගන්නේද නැත. ඇගේ ක්‍රියාව ඔහු වටහා ගත්තේ එලෙසිනි.

ගිහාන් කළේ ඇය ගේ ඉන  වටා දෑත  යවා වැළඳ ගෙන සිප ගැනීමය. ලජ්ජාවෙන් රතු වීමට අහල පහල කවුරුත් නැත. ඇය ඔහුගෙන් මිදී විහිළුවට මෙන් ඉවතට දිව්වාය.
  "මේක නිකන් හරියට හින්දි චිත්‍රපටයක්  වගේ, ගහක් යට ආදරේ කරනවා. ඔයා දුවනවා. " ගිහාන් හිනා වෙමින් තෙපළේය.

"ඒකනේ ලේනා කිව්ව ගමන් මම කැමති වුනේ එන්න"
තාන්යා උස්  හඬින් කියමින් උණුසුමට උඩුකය වසා හැඳ සිටි පුලෝවරය ගලවා උස තණකොළ යාය උඩින් ඇතිරුවාය. එහි යන්තමින් හාන්සි වීගෙන හෙලූ ආරාධනාත්මක බැල්ම ගිහාන්ගේ හෘද ස්පන්දනය දෙගුණ කරන්නට සමත් වුනේය. ඇය සිටින තැනින්ම ඈඳිගත් ඔහු ඇගේ නිල්වන් නෙතට එබී බැලුවේය. ඇය හෙමින් සීරුවේ ඔහු අසල ඇලවුණේ ඔහුගේ අත තම අතින්   තදින් මිරිකා ගනිමිනි.
 තම දෑත ඇයගේ හිස යටින් තබමින් සෙමින් උස්සා  ඇය සිප ගනිමින් ප්‍රේමාලිංගනයේ වෙලී සිටි මොහොත කල්පයක් විය.  ඇය ඔහු සිරුර මත දිගාවුනු මොහොතක ඔහුට නීල අහස දිස් විය. සීතල උස තණකොළ මුහුණේ ගෑවී නොගෑවී සුළඟට  රඟ දෙයි.
ඈතින් යහළුවන් දියේ කෙළින හඬ ඇසී නොඇසී යයි. ඒ මොහොත තුල දෙදෙනාම ගිලි ගියේ තමන් අවට ලෝකය අමතක කරලමිනි.

ඔහුට අමරදේව ගයන ගීතයක් හදිසියේම සිහියට නැගුණි.

"කුමරියක පා සළඹ සැලුනා ...
වසා සිටි නෙතු පියන් ඇරුණා "

ඇය සමග එක්වූ හැම වතාවකම පාහේ  තමන්ට සුවිශේෂි නැවුම්  මොහොතක් වූයේ ඇයිදැයි ඔහු කල්පනා කළේය.

"උකුල ළැමහස මලවි කරලීය
මුවාකල ඇගේ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස්  සලෙළුන්
උමතුවූ දෙනුවන් දැහැන් ඇද
මෙමා  අබියස මැවුණු තුසිතය
සුරන් නැළවුණු සුයාමය "

උන්මාදයෙන්  නැළවුණු  ඒ සුයාමයෙන් ඉක්බිති ව ඇගේ හිස විවේක ගත්තේ ඔහුගේ උරහිස් ගොබය තුළය. දෙදෙනාම අහස දෙස බලාගෙන නිහඬව වැතිර සිටියහ. ඒ මොහොතවල්  සමුහය දෙදෙනාම එක් අයෙකු ගේ සිතකින් හැසිරවුවක් මෙන්ම  විය.

ඈතින් මෙන් ඇසුණු සොයුරිය ලේනා ඔවුන් කැඳ වන හඬින් සලිත වුනු තාන්යා ඔහුගේ අතින් ඇද ගෙනම යාමට සැරසුණාය.

"අපේ රටේ හුඟක් ඈත කාලේ ඈත ගම්වල ජිවත් වෙච්ච පෙම්වතුන් කළේ "බැද්දට රිංගනවා " කියල කැළයට  ගිහින් සුමානයක් විතර අඹුසැමියන් මෙන් ඉන්න එක.  ඊට පස්සේ දෙන්නා ගමට ආවහම යුවලක් වගේ එක ගෙදර ඉන්නේ".
ගිහාන් ඇයට ඔහු දන්නා පරිදි පහදා දෙන්නට හැදුවේය.
"මෙහෙ ඕක කරන්නේ කොහොමද ශිත කාලෙට. අමු හීතලේ හිම ගොඩේ කැලේ  ගියොත් හොඳට  තියෙයි" ඇය හඬ නගා සිනා සුනාය.

අතින් කටින් ඇඳුම් එල්ලා ගෙන පැමිණෙන  දෙදෙනා දෙස බැලු රුස්සන් විසිල් ගැසූහ.
 "රෑ වෙන්නත් කලින්" එකෙක් කියුවේය.
"මුළු රැයක්ම ඉන්නවා මෙතන. ඔච්චර ඉවසන්න  බැරිද" ගේනා විහිළු කළේය.
"අපොයි මේ දෙන්න හාවෝ වගේ. මම දන්නේ නැත්ද " ලේනාද විහිළුවට මෙන්  කියමින් ගිහාන්ව වතුරට ඇද්දාය.

ජලය ඇත්තටම ශීතලය. නමුත් ජලයට බැස  මොහොතකට පසු සිරුර ශීතලට හුරුවෙයි. පිහිනීමට එතරම් නොදත් නිසා ගිහාන් වැඩි ඈතට ගියේ නැත. දිය කිඳුරියක  මෙන් තාන්යා නම් පිහිනා  ඈතට ගියාය. සොයුරියන් දෙදෙනා මොකක්දෝ විහිළුවක් කරමින් සිනා සුනහ. තාන්යා වතුර පාරක් ලේනාට ගැසුවාය. ඔවුන් දෙදෙනා තමන් ගැන කතා වෙතියි ඔහුට සිතිනි.

වතුරෙන් එලියට පැමිණ රුස්සන් සාදා තිබු ගිනි මැලය ළඟ හිඳගත් විට මහත් සුවයක් දැනුනි. ලියොනිඩ් අතු කිහිපයක් කඩාගෙන ඒ මැද ලීයක් තබා  භාග පනිට්ටුවක් වැන්නක් එල්ලා  වතුර උණු කරන්නේ තේ බිමටය. රුසියානුවන් තේ බිමට ඉතා කැමතිය. තේ එකට සමහර විට දෙහි පෙත්තක් ද දමති.  නමුත්  කිරි නම් දමන්නේ නැත. ආසියානුන්  කිරි දමා තේ බිම පුරුදු වී ඇත්තේ ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ ඉංග්‍රීසින් ගෙනි. ආල්ලා තේ කොළ රැගෙන එම පනිට්ටුවටම  දැම්මාය . ඉන්පසු බෙලෙක් කෝප්ප රැගෙන සියල්ලටම තේ දුන්නාය.

තේ බොන ගමන් වොඩ්කා බීමද වොඩ්කා බොන ගමන් කළු පාන් පෙත්තක් හැපීමද රුස්සන් නොකඩවා කරගෙන යති. ඒ අතරේ සුරූපී ආල්ලා තේ එකත් රැගෙන අව්ව තපින්නට ඇල වුනාය. අනිත් කෙල්ලන් ටිකද දොඩමළු වෙමින් ඇය අසල වැතිරුනහ. රුස්සන් එකිනෙකා  වතුරට පනිමින් නැවත එමින් වොඩ්කා  බොමින් කාලය ගත කළහ.

 ඒ අතරේ වලොද්යා මස් පලහමින් ඒවා බෙලෙක්  පිඟන් හා පොලිතින් කවර මත ඇතිරුවේය. ඔවුන් ඒවා එකවර කන්නේ නැත. සියල්ලෝම කමින් බොමින් කාලය ගත කිරීමට කැමතිය.

හවස් වන විට ගිනිමැලය වටා රැස් වී කරන කතාබහ ගී ගායනා කීමකට  පෙරලුනි. ගිහාන්ට තේරුණු එක දෙයක් නම් රුසියානුන් මෙවැනි විනෝදකාමී අවස්ථාවල   දේශපාලනය කතා නොකරන බවයි. ලංකාවේ සිසුන් අතර බෝතලයක් අවසන් වන විට දේශපාලන වාද හට ගනී. සමහරවිට ඒවා කෙළවර වන්නේ කවුරුන් හෝ තරහ වීය. මේ නිසා ඇතැම් සිසුන් කලේ ගීත වාදනය කර නැටීමය. එවිට දේශපාලන වාද වලට ඉඩක් නැත.  ලුමුම්බා විශ්ව විද්‍යාලයේ සිසුන් අතර දේශපාලන බෙදීම් නිසා  කණ්ඩායම් කිහිපයක් ඇති බව ප්‍රසිද්ධය. ලුමුම්බා විශ්ව විද්‍යාලය මොස්කව් වල වැඩියෙන්ම සිංහල සිසුන් ඉගෙනගත් ස්ථානයයි. රාජ්‍ය විශ්ව විද්‍යාල සමුහයේ එතරම් සිසුන් සිටියේ නැත. සිටියත් ඔවුන් මොස්කව් නගරය පුරා  විසිරි සිටියහ.

ගිහාන්ට සිංහලෙන් ගීතයක් ගැයීමට එන ඉල්ලීම බලවත් විය. වැඩියෙන්ම ඉල ඇටයට අනිමින් පෙරැත්ත කළේ තානිච්කා ය. අන්තිමේදී වතුර ගෙන ආ කෑන් එකට තට්ටු කරමින් ඔහු තමන් ඉතා ප්‍රිය කරන ගායිකාවක් වූ මාලනී බුලත්සිංහල ගේ "ප්‍රේමයේ විල්තෙරේ" නම් ගීය බැරි මරගාතේ හෝ ගායනා කළේය.

එය ගායිකාවක ගේ වුවත් එම ගීතයට තමන් කැමති බව පවසා ගීතය රුසියානු බසට දන්නා ලෙසින් පරිවර්තනය කළේය.

"ප්‍රේමයේ විල්තෙරේ
යෞව්වනේ මල්වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කළා

සීත  පවනැල් ගලා
නීල  තුරු මල් සලා
ආදරෙන්  පිබිදිලා
ලෝකයම හිනැහිලා "

ගීතයේ පරිවර්තනයට හැඟුම් බර වුනු තාන්යා ඔහුගේ වම් උරහිස පැත්තෙන් අත වෙළාගෙන ඔහුගේ ගෙලට හිස තබාගෙන ඇලවී සිටියාය.  ආදරයෙන් මුසපත්වුණු යුවතියක්, ඩොල්පින් මාළුවෙකු මිනිසුන් හැර යාමට අකැමැතිව වටේ රැඳෙමින් පිහිනන්නාක් මෙන්, තමන් අසල දැවටී දැවටී සිටින්නේ යයි කවුදෝ කියනු ඔහුට මතකය.

ඔහු වඩාත්ම කැමති වූ  රුසියානු ගීතය ලේනා ගිටාරය වයමින් පටන් ගත්තේත් අනිකුන් සියල්ලෝම ඊට හවුල් වූයේත් ඉන් පසුය.

~~~~~~~මතු සම්බන්ධයි.


-  කතාවේ  උපුටා ගෙන ඇති විශාරද අමරදේව මහතා ගායනා  කළ "කුමරියක පා" සළඹ සැලුණා" ගීතය ලියා ඇත්තේ කේ ඩී  කේ ධර්මවර්ධන මහතාය.
ඡායාරුපය අන්තර්ජාලයෙනි.

ප්‍රේමයේ විල්තෙරේ ගීතය නැසීගිය සංගීත විශාරද මාලනී  බුලත්සිංහල මහත්මිය ගයන ලද්දකි. පද රචනය කුලරත්න ආරියවංශ , සංගීතය එච් එම් ජයවර්ධන


මේ ප්‍රබන්ධයේ විස්තර වන  කාල පරාසය 1980 දශකයේ අග භාගය වන අතර කතාවට පාදක වන්නේ  බිඳී විසුරුණු සෝවියට් දේශය නමැති රාජ්‍යයේ උගත් විශ්ව විද්‍යාල සිසුන් ගැනය.



31 comments:

  1. අද කොටසත් හරිම රසවත් .(පරණ කොටස්වල ලින්ක් එල්ලුවොත් නරකද )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බක්කරේ. ඔය මෙතෙක් කතාව කියන එකට ක්ලික් කරාම මුළු කතාවම තියෙන පිටුව එනවා.

      Delete
  2. /කාලය 1985 සිට 1995 දක්වාය/ ඔව් 95 වෙනකොට විදේශිකයන්ට බියෙනුයි ජීවත්වෙන්න වුනේ, මම කීපවතාවක් දුවල බේරුනත් එකවතාවක් පාර්ක් එකේදී අහුවුනා බිගත්ත ගැන්සියකට ලේගලන තුරු ගුටිකෑවා.

    ReplyDelete
    Replies
    1. 91 දී සෝවියට් දේශය බිඳ වැටුන.එතනට ආවේ ජාතිවාදය. එසේම නිතිය ඉවරයි. සෝවියට් කාලේ බයෙන් හිටිය දේ එළිපිට කෙරුනා. සෝවියට් ඒකාධිපතිවාදය යටතේ යම් තරමකට නිතිය රැකුන. නැත්නම් ආණ්ඩුවක් ගෙනියන්න බැහැනේ. 1977 ලංකාවට ධනවාදය ආවාට වඩා දරුණුවට. ලංකාවේ මොකද වුනේ. ඔය ජාතිවදයම දරුණුවට ආවේ නැත්ද?

      Delete
  3. //මෙය ප්‍රබන්ධයකි. සියළු නම් ගම් මනඃකල්පිතය//

    මේ වගේ කතාවක් හොඳට රස විඳින්න, කතාවට අනුගත වෙන්න ඕනෙ. මම ඉහත කොටසට අකමැති ඒකයි.අමනාප වෙන්න එපා , මං කිව්වෙ මට හිතිච්ච දේ. ඔබ ඒක පුන, පුනා කියන්නෙ ඇයි කියලා, කලින් පොස්ට් එකේ කමෙන්ට් දැක්කාම තේරුනා.

    අර කලින් පෝස්ට් එකේ පිංතූර දැම්මා වගේ , මේකෙත් කළුපාන් වල පිංතූර දැම්මා නං , වැඩේ තවත් ලස්සනයි.

    කමෙන්ට් කරපු කාලයක් මතක නෑ. ඒත් මේකට කමෙන්ට් නොකර කොහොමද? :)

    මං කැමතිම , රුසියන් ජන ගීයක් වගේම, මේ කතාවත් ලස්සනයි.

    Katyusha

    ReplyDelete
    Replies
    1. මම ඒක ලියන්නේ කිහිප දෙනෙක් මේක පරිවර්තනයක්ද (හුඟක් අය රුසියානු කතා පරිවර්තනය කරන නිසා) කියා අහපු නිසාත් තවත් අය මගේ පෞද්ගලික ජිවිතයට සම්බන්ධ කරන නිසාත්. ඊළඟ එකේ සිට හලන්නම්. පින්තුරයක් හොයන්න ඕනේ.

      Delete
    2. කත්යුෂා මම කැමතිම ගීයක්.

      Delete
    3. අවුලක් නෑ , කලින් පෝස්ට් එකක පිංතූරෙ තිබුනා. මේ සාවියෙත් රුස්සො ඉන්නවා, රුසියන් කෑමත් තියනවා. ඕන එකක් කියලා මටත් කන්න හිතෙනවා කළුපාන්.

      Delete
    4. කළු පාන් ගුණයි ඇඟට - සීනි අඩුයි

      Delete
  4. කල්පෙකට පස්සෙ කතාව ඇවිත්... මං හිතන් හිටියෙ ඒක ඉවර වෙන්න ඇති කියල.

    ReplyDelete
    Replies
    1. එහෙමත් ඉවර වෙනවද. මේ පාර ලියාගෙනම යනවා ඉවර වෙන්නම

      Delete
  5. මස් ජාති කිහිපයක් කියල කිව්ව නේද පසුගිය පෝස්ට් එකේ? ඒ මොනවද?

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්. අනවශ්‍ය දේ අහන්නේ. ලියල නැත්නම් අහන්න එපා. කුකුළු මස් සහ හරක් මස් තමා ගණන් පුළුවන් දෙකට තිබුනේ. මාකට් ගියොත් ඌරු මස් ටිකක් දාගන්න පුළුවන්.

      Delete
  6. මේක පරිවර්තන ශෛලියක් තමා තියෙන්නේ. ඒකේ කිසිම දොසක් නෑ. කියවන කොට හරියටම රුසියානු භුමියක පය ගහන් ඉන්නවා වගේ දැනෙන්නේ. ඉකේයියා බං ගිහාන් කියන්නේ ගෑනු සිංදු නේහ්.. හැක්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. පරිවර්තන ශෛලිය කියන නිසාමයි අර ඩිස්ක්ලේමර් එක ගැහුවේ. හේ හේ .ශෛලිය වෙනස් කරනන් වෙනවා මෙහෙම ගියොත්.
      ගෑනු සින්දු කියන එකනේ දයලේක්තික ප්‍රතිවිරෝධයට අනුව හරි දේශකයා . කෝ පන්ති පහට ගිහිල්ලත් ඕවා ඉගැන්නුවේ නැත්ද? ගෑනු ආස ගෑනු සින්දු වලට වැඩියෙන්ම. පිරිමි ගැහැණු සින්දුවක් කිව්වම උන් ඊට පස්සේ සින්දු කිව්වා පිරිමියටයි කැමති. :)

      Delete
  7. ප්‍රේමයේ විල්තෙරේ.. යෞවනේ මල් වනේ.. ගිහාන් තැනට ගැලපෙනම සිංදුව තෝරාගෙනනේ..
    හරිම සංයමයෙන් ලියල තියෙනවා අවශ්‍යම තැන් ටික.. :)))

    ReplyDelete
    Replies
    1. වැඩිය ලියන් බැහැ අනේ. අර මට නිතර චෝදනා එල්ල කරන ගැහැණු දරුවා මම වැල ලියනවා කියලත් චෝදනා කලා . මොනා කරන්නද? හිතේ හිර කරන් ඉන්න අය එලි මහනට කැමති නැහැනේ.

      Delete
  8. සිංහල බ්ලොග් අවකාශය නාමයෙන් සිදුවන වංචා දුෂණ ගැන කතා කරන හැම වාරයකම වඩා ආවේශ වන්නේ අජිත් ධර්ම මහතාය. මෙය බ්ලොග් මේනියාවකි. අජිත් මහතා අදහන එක් සත්‍යයක් ඇත. එනම් සිංහල බ්ලොග්හි අයිතිකාරයා ඔහු පමණක් බවය. බ්ලොග් ගැන සියල්ල දන්නේද ඔහුම පමණක් වන බවය. එපමණක් නොවේ, සිංහල බ්ලොග්කරුවන් අතරින් රුසියානු ෆෙඩරේෂණයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ අධි පරිභෝජනකාමී ධනවාදී උන්නතිය ගැන පවා වඩාත්ම හදාරා ඇත්තේ ඔහුම පමණක් බවය. ඒ සියල්ල ඔහුටම දුන්නද බ්ලොග් වලට සෙතක් වේද?

    තමා නෙළුම් යාය ගැන දැනුවත් කොට එයින් ඉවත් උනයි කියා අජිත් ධර්ම මහතා මේ දිනවල කෑ මොර දේ. ඔහු කියා සිටින මේ නෙළුම් යායේ තනතුරු දරන්නේ කවුද? නෙළුම් යාය හරහා ඉල්ලා සිටිනුයේ සිංහල බ්ලොග් මෙහෙයවීමේ බලය ඔහුට ලබා දෙන ලෙසය.

    ඔහුට කිසිදා සිත් ඇදගන්නා ආකාරයට ලිපියක් ලිවිය නොහැකිය. ඒ නිසා බ්ලොග් වල මුදුනට එන්නේ නම් එයට ඇති නෙළුම් යාය පදනමක්මය.

    ඇත්තෙන්ම අජිත් ධර්ම මහතාට ඇති මේනියාව අනුව බ්ලොග් මෙහෙය වීමේ ජනාධිපතිකම හමුවුවද අඩුවකි. මේ තණ්හාව කුමක්ද? සියල්ලටම වඩා පෙරමුණ මෙරට බ්ලොග් හි අයිතිකරුවා තමා බව සිතීමය. බ්ලොග්කරුවන් ලිවිය යුත්තේ තමාට ඕනා එපා ආකාරයට පමණක් බවය.

    ReplyDelete
    Replies
    1. ආවේශ වෙන්නේ යකෝ හොරකම් දුෂණ නොකරපු එකානේ.
      // අජිත් මහතා අදහන එක් සත්‍යයක් ඇත. එනම් සිංහල බ්ලොග්හි අයිතිකාරයා ඔහු පමණක් බවය. බ්ලොග් ගැන සියල්ල දන්නේද ඔහුම පමණක් වන බවය// හපොයි මං ගැන මට වඩා දන්නේ එකෙක්.
      //තමා නෙළුම් යාය ගැන දැනුවත් කොට එයින් ඉවත් උනයි කියා අජිත් ධර්ම මහතා මේ දිනවල කෑ මොර දේ. ඔහු කියා සිටින මේ නෙළුම් යායේ තනතුරු දරන්නේ කවුද? නෙළුම් යාය හරහා ඉල්ලා සිටිනුයේ සිංහල බ්ලොග් මෙහෙයවීමේ බලය ඔහුට ලබා දෙන ලෙසය. // උඹලට පිස්සු කියල මම මැරෙන්නද?
      //ඔහුට කිසිදා සිත් ඇදගන්නා ආකාරයට ලිපියක් ලිවිය නොහැකිය. ඒ නිසා බ්ලොග් වල මුදුනට එන්නේ නම් එයට ඇති නෙළුම් යාය පදනමක්මය. // ඒක කියවන එවුන් තීරණය කරයි.
      //ඇත්තෙන්ම අජිත් ධර්ම මහතාට ඇති මේනියාව අනුව බ්ලොග් මෙහෙය වීමේ ජනාධිපතිකම හමුවුවද අඩුවකි. මේ තණ්හාව කුමක්ද? සියල්ලටම වඩා පෙරමුණ මෙරට බ්ලොග් හි අයිතිකරුවා තමා බව සිතීමය. බ්ලොග්කරුවන් ලිවිය යුත්තේ තමාට ඕනා එපා ආකාරයට පමණක් බවය.// මචන් පිස්සු වැඩි වෙනවට උඹ ඉන්න රටේ බෙහෙත් නැත්ද? තියෙනවා නම් ගනින්. අඩුම ගානේ තමන්ගේ පවුලට වත් යහපතක්.

      Delete
    2. ඇනෝ වහපු දවසේ ඉඳල මට නම් මාර සහනයක් තියෙන්නේ.. අපේ වෙලාවයි බයිටුයි ලේ ටිකයි පුච්චගෙන අනුන්ට ගොන් ආතල් දෙන්නේ ඇයි? සාධාරණ විදියට ඇනෝ එන උන්ට අසාධාරණයක් වෙනවා කියල හිතුවත් පස්සේ කල්පනා කරා කියවන්න බාදාවක් නෑනේ කොමෙන්ට් කරන්න ඕනිනම් තමන්ගේ අනන්‍යතාවය හෙළි නොවෙන විදියට ෆේක් ප්‍රොෆයිල් එකක් හදන් කොමෙන්ට් කරපුවාවේ ඒ දේ කරන්න බැරිනම් කොමෙන්ට් නොකර සිටියාවේ කියල..

      Delete
    3. ඒක ඇත්ත. මේ මිනිස්සුන් ගේ හිතේ ඇත්තටම් තියෙන දේවල්ද මේ ලියන්නේ නැත්නම් ඔලොක්කුවටද කියල දන්නේ නැහැ. මම දන්නා සමහර අය ඉන්නවා ඇත්ත නමින් ලියන් කැමති නැහැ. ඇනෝ ඇරලා තියෙන්නේ ඒ අයට . ඒ අතරේ මෙහෙම මවාගත්ත මොකක්ද එකක් ගැන කතාකරන පැරනොයිඩ් ස්කිසොෆ්රෙනික් පොර්වලුත් ඉන්නවා. ඇතුවත් බැරි නැතුවත් බැරි ඇනෝ.

      Delete
    4. මොකක්ද මේ කල්‍යාන මිත්‍ර කියන මනුස්සයාගේ බ්ලොග් එක? එකේ ඇනෝ වහලා දැන් හරි සනිපලු. හිකිස්‌. අපි දන්නෙත් නෑ ඒ මිනිහ බ්ලොග් එකක් ලියනවද කියලා වත්.

      Delete
    5. http://kalahitha.blogspot.co.uk/2017/08/2-here-comes-party-time-again.html

      Delete
  9. # කල්‍යාණ මිත්‍ර23 August 2017 at 10:42

    ඔයාගේ බ්ලොග් එකේ නං ඇනෝ වැහැව්වාත් නැතත් ඕකට එන මිනිහෙක් නෑ. ඉස්සර විචාරක මහතා ඉන්න කාලේ අපි එතුමාගේ බ්ලොග් එකේ එතුමාගෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහැව්වම ඔයා ඇවිත් මැදට පැනලා හරියට උත්තරේ දන්නෙත් නැතුව නොන්ඩි උනා කියලා නං මතකයි. ඒ ඇරෙන්න ඔයාට බ්ලොග් එකක් තියෙනවද, එකේ ඇනෝ වැහැව්වාද කියන එක අපිට නං ගානක් වත් නෑ හලෝ.

    ReplyDelete
  10. මා දන්නා ශෘංගාරාත්මකම ගීය තමයි කුමරියක පා කියන්නෙ.
    සමහරවිට මා කැමතිම ගීය ඒක වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. කැමතිම ගීය හොයන එක අමාරුම වැඩක්. අපට කියන්න ඕන දේ සමහර ගීත වල ශෘංගාරාත්මකව සුන්දරව හරියටම ලියල තියනවා. මේකත් මම කැමතිම සින්දුවක් තමයි.

      Delete
  11. කල්‍යාණ මිත්‍ර23 August 2017 at 10:42

    මේ ලොක්කා ඔයා ඇනෝ වහලා අමුතුම ගේමක් ගෙනියන්නේ ඔයා ඊළඟ අලකලංචියට
    පෙළහර පාන නිසා නේ දැන් බ්ලොග් වසන්තෙන් සුක්කානම කරකවන්නේ ඒවා දැන් එලියට ඇවිල්ලා ඉවරයි

    ගැරඩියා හව ඇරියට ඌ ගැරඩියා මිසක් වෙන සතෙක් වෙන්නේ නැහැනේ

    සිනයියාව අප් කරපු ඔයා මොකාද කියන්නේ දැන්

    https://youtu.be/MZUudf_QYug
    කොහොමද චතුර පුතා මෙතනට සෙට්වුනේ කියලා කියන්නකෝ කොහොමද දැන් සැපද ???? මන්දන්නේ නෑ මට කිව්වේ නෑ කියලා ද කියන්නේ ....බබා හුකුන් එපා


    ReplyDelete
  12. Kasun Kalhara sang 'ප්‍රේමයේ විල්තෙරේ' in a tv programme. It was really nice. This reminded me of that.
    The story is flowing wonderfully.
    - Ranuka

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රනුක. කසුන් කල්හාර කියන්නේ හින්දි ගීත ගයන කෙනෙක් කියල හිතන් හිටියේ. ඇත්තටම හොඳයි. එයාගේ අම්ම නේද මාලනී බුලත්සිංහල.
      මෙන්න හොයා ගත්ත. ලොකුම දේ මියුසික් අවුල් කරලා නැහැ.
      https://www.youtube.com/watch?v=G-hqkXKyR9c

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .