Saturday 9 September 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම

මුල් ලිපිය මෙතැනින්  කියවන්න.
විජේවීර ලුමුම්බාවේ 

ලංකා සමසමාජය ගැන කතා කරන විට පොපි මල් එකතු කිරීමේ ව්‍යාපාරයට එරෙහිව සුරිය මල් ව්‍යාපාරය පැන නැගුනු හැටි මතක් කලෙමි. එලෙසම ලංකාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයටද පැරණි වාමාංශික නායකයන් මහත්  සේ සහය දුන්හ. මිනිසුන්ට ඒ කාලයේ පරිප්පු ඇතුළු සහනාධාර බෙදු හෙයින් ඇන් ඇම් "පරිප්පු මහත්තයා"  වශයෙන් ද ප්‍රසිද්ධ විය. එනිසාම  ඔහු 1977 දක්වාම රුවන්වැල්ල ආසනය නියෝජනය කළේය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නිදහස් සටනේ පුරෝගාමීන් වූයේද ඔවුන්ය.  බ්‍රිතාන්‍යයෙන් පුර්ණ නිදහස ඉල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

බ්‍රිතාන්‍ය පාලනයෙන් ක්‍රම ක්‍රමයෙන් සහන ලබා ගැනීම මගින් නිදහස දිනා  ගැනීමට එෆ් ආර් සේනානායක ප්‍රමුඛ ලංකා ජාතික සභාව (Ceylon National Congress) කටයුතු කළේය. ඔහු සමග දෙමළ  ජාතික පොන්නම්බලම් අරුණාචලම්, සර් ඩී බි ජයතිලක , සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර , ඊ  ඩබ්. පෙරේරා , එච් ඩබ් අමරසුරිය ආදීන්ද වූහ .

වර්ෂ 1943 දී ඩී එස් සේනානායක මහතා ජාතික සභාවෙන්  ඉවත්  වූයේ ඔවුන් (ජාතික සභාව)  ඩොමිනියන් තත්වයෙන් පමණක් සෑහීමට පත් වීම නිසාය. එක්සත් ජාතික පක්ෂය 1946 දී  බිහි වූයේ මින් පසුවය. මේ නිසා ආරම්භයේදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඇන් ඇම් කොල්වින්ලාගේ සම සමාජයද රටේ පූර්ණ නිදහස උදෙසා සටන් කළහ.

මා පෙර ලිපිය අවසන් කලේ පැරණි  වමට සෝවියට් සාහිත්‍යයේ  බලපෑමක් සිදු නොවීයයි යන නිගමනයට එළඹෙමින්ය.

පැවති එජාප පාලනය බිඳ දමා බණ්ඩාරනායක මහතා බලයට පත්වූයේ 1956 දීය. මේ වනවිට ලංකා සම සමාජ පක්ෂයෙන් බිඳුණු සෝවියට් වාදී  එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය ලෙස නම වෙනස් කරන ලදී. මහජන එක්සත් පෙරමුණ වශයෙන් ඔවුන් හා සම සමාජ පක්ෂය බණ්ඩාරනායක රජයට එක්විය.  බණ්ඩාරනායක ආණ්ඩුව කිසිම බල කඳවුරකට නොබැඳී සිටීමේ ප්‍රතිපත්තිය යටතේ සෝවියට් දේශය සහ චීනය සමග තානාපති සම්බන්ධතා 1957 දී  අරඹන ලදී. සෝවියට් ශ්‍රී ලංකා  මිත්‍රත්ව සංගමය 1959 දී පිහිටුවන ලදී.ඉතා සීමිත ලෙසින් සෝවියට් සාහිත්‍යය හා පුවත්පත් ශ්‍රී ලංකාවට ඒමට පටන් ගත්තේ ඉන් පසුවය. ඔරුවල වානේ කම්හල, මෝදර පිටි කම්හල හා කැලණිය ටයර් කම්හල පිහිටුවීමට ගිවිසුම් අත්සන් කෙරුණේද මේ කාලයේය.

එවකට පැවති දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් වැසියන්ගේ වීරකම් මෙන්ම රතු හමුදාවේ ජයග්‍රහණයන් ලොව පුරා ප්‍රචාරණය කිරීමට "සෝවියට් සතිය " නමින් සඟරාවක් 1942 දී පමණ සෝවියට් විදේශ අමාත්‍යංශය හා සෝවියට් ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පළ කරන ලදී. මේවා මුලදී බෙදා හරින ලද්දේ තානාපති කාර්යාල මගිනි. පසුව "සෝවියට් දේශය" යනුවෙන් මාස් පතා පල කෙරුනේ මේ සඟරාවයි.

ස්ටාලින්ගේ මරණයෙන් පසු  චීනය සෝවියට් දේශයට ප්‍රතිවිරුද්ධ මතයක සිටියේය. එයට හේතුව නිකිතා කෘෂෙව් (1953-1964)  හා ඔහුගෙන් පසු බලයට පත්වූ සෝවියට් ජනාධිපති/පක්ෂ ලේකම් වරු ස්ටාලින් වාදයට විරුද්ධව අදහස් පල කිරීමයි. ලෙනින් අසලම  එම්බාම් කර සංරක්ෂනය කර තිබු ස්ටාලින්ගේ මිනියද කෘෂෙව්  ගේ අණින්   ඉවත් කර ලෙනින් ගේ සොහොන්  ගෘහය පිටුපස තාප්පය අසල මිහිදන් කරන ලදී.

නිකිතා  කෘෂෙව් ස්ටාලින් විසින් පක්ෂයට කරන ලද ද්‍රෝහී ක්‍රියා ගැන ප්‍රසිද්ධ කතාවක්  කරන ලද අතර මේ ක්‍රියාවලිය "ස්ටාලින් ඉවත් කිරීම   de-Stalinization" ලෙස නම් කරන ලදී.  ස්ටාලින් ගේ අණින්  මරණ ලද හෝ සයිබීරියාවේ වැඩ කඳවුරු (ගුලාග්) වලට යවන ලද  මිලියන් 20ක පමණ සෝවියට් ජනතාව ගැන ප්‍රසිද්ධියේ  විස්තර සපයන ලදී.  එසේම ගුලාග් (වැඩ කඳවුරු) වසා දමා  සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලදී. රුසියාවට අයත්ව තිබූ ක්‍රිමියාව උක්රයිනයට භාර දුන්නේද මේ කෘෂෙව් මය.
ස්ටාලින් වළ දමා ඇති ස්ථානය (පින්තූරය මා විසින් ගත්  එකකි)

මහජන චීන ජනාධිපති හා කොමියුනිස්ට්  පක්ෂ සභාපති මා ඕ සේතුං හා අගමැති චෞ එන් ලායි සෝවියට් දේශය ස්ටාලින්වාදයෙන් පිට පැනීමට විරුද්ධ විය.  මේ නිසා සෝවියට් දේශය සහ චීනය අතර මතවාදී  විරුද්ධත්වයක් හට ගැනිණි. " මොස්කව් වල වැස්සොත් කොළඹ කුඩ ඉහළනවා" යයි විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය මොස්කව් පිල හා පීකිං වල වැස්සොත් කොළඹ කුඩ ඉහලන චීන පිල ලෙසින් බෙදිණි. චීන පිල බිහි වූයේ 1960 පමණය.

සෝවියට් දේශය ස්ටාලින් වාදය ඉවත දමමින් නැවතත් මාක්ස් ලෙනින් වාදයට යාම පිලිබඳ ප්‍රකාශ නිකුත් කරන සමයේ චීනයේ මාඕ සේතුං සංස්කෘතික විප්ලවය දියත් කරන ලදී. (cultural revolution) මේ සමයේ මිලියන් 30 කට අධික චීන ජනතාවක්  ඝාතනය වුනි. මාඕ ට සහය දුන් සටන් සගයන් පවා "නැවත ඉගෙනීම" පිණිස අති  දුෂ්කර තත්වයන් යටතේ ජිවත් වීමට ගම්වලට පටවන ලදී. (ඩෙන් ෂියා ඕ පින් එවැන්නෙකි)

වසර 1963 දී කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පදවියට පත් වූයේ මාඕවාදී පොල්පොට්ය. වසර 1979 දක්වා පැවති ඔහුගේ පාලනයේදී "නැවත ඉගෙනීම" සඳහා ගම් වලට  යැවුණු  මිලියන් 1 සිට 3 දක්වා ජනතාවක්  ඝාතනය විය.

ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය  නැවතත් සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ 1962 සභාග ආණ්ඩුවකට පිවිසුණි. එක්සත් වමේ පෙරමුණ යටතේ කොමියුනිස්ට් පක්ෂය, ට්‍රොට්ස්කිවාදී සම සමාජය හා මහජන එක්සත් පෙරමුණ රජයේ සිටියද ඇමති ප්‍රශ්න නිසා එය බිඳී ගියේය.  ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සිසුන් 31 දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයට පිටත් කෙරුනේ මෙම වාමාංශික රජය සමග අත්සන් කළ ගිවිසුමකිනි. ශිෂ්‍යත්ව ලබා දුන්නේ මිත්‍රත්ව සංගමය හරහා වන අතර බොහෝ විට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සිසුන්ට පමණක් අවස්ථා ලැබිණි. සමහර විට  අයදුම් කරන ලද්දේද ඔවුන් පමණක් වන්නට ඇත.

මෙසේ ගිය එක සිසුවකු වන රෝහණ විජේවීර  වසර කිහිපයකින් පසු රෝගී තත්වයක් උඩ ශ්‍රී ලංකාවට නැවත පැමිණි විට ඔහු චීන පිලේ නිසා රුසියානු තානාපති කාර්යාලය වීසා ප්‍රතික්ෂේප කල බව කියති. මේ කතාව  පිළිගත නොහැක්කේ සෝවියට් වීසා ලබා දෙන්නේ කාල වකවානුවකට බැවිනි. එම කාල වකවානුව තුළ නැවත පැමිණීමේ ගුවන් ගමන් බලපත්‍රය ඇත්නම් රුසියානු තානාපති කාර්යාලයට යාමේ අවශ්‍යතාවයක් නැත.

මා වඩාත් විශ්වාස කරන කතාව නම් විජේවීර සමග කිසියම්  අමනාපයකින් හෝ ඉරිසියාවකින් සිටි සිසුවෙකු හෝ දෙදෙනෙකු ඔහුට එරෙහිව මිත්‍රත්ව සංගමයට චෝදනා කළ පසු ඔහු විශ්විද්‍යාලයෙන් පහ කිරීමට මිත්‍රත්ව සංගමය කටයුතු කල බවය.  ඔහුට එරෙහි චෝදනාවල ඔහු චීනයට පක්ෂව කතා කරන බවටද චෝදනාවක් අඩන්ගුවී තිබුනේ යයි කියති. විජේවීර පැහැදිලිව කියා තිබුනේ සෝවියට් දේශය ධනවාදය කරා ගමන් කරන බවත් මාඕ ගේ ස්‌ථාවරය නිවැරදි බවත්ය. විජේවීරගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු නිසා ඔහු සෝවියට් දේශයට පැමිණියේ එහි එවකට නායක එස් ඒ වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහයෙන් බව කියවේ.  එසේම නැවත රුසියාවට පැමිණීමට ඔහු පක්ෂයේ උසස් අයගේ උදව් පතා ගියත් එයද නොලැබී තිබුණි.

මිත්‍රත්ව සංගමය හෝ කොමියුනිස්ට් පක්ෂය හරහාත්  පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහාත් ගිය සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි  කල හැකි වුයේ අදාල විශ්ව විද්‍යාලයට සහ මිත්‍රත්ව සංගමයටය.

(මේ තත්වය වෙනස් වූයේ 1980 දී ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය සෝවියට් දේශය සමග ගිවිසුමක් ගැසීමෙනි. සෝවියට් ශිෂ්‍යත්ව වල අගය වටහා ගෙන සිටි ජේ ආර් ශිෂ්‍යත්ව සඛ්‍යාව 75 දක්වා වැඩි කිරීමට සෝවියට් දේශය එකඟ කරවාගෙන දෙරටේ අධ්‍යාපන අමාත්‍යංශ අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. අපොස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් සංවිධානය කළ සම්මුඛ පරීක්ෂණ දෙකක් හරහා තෝරා යවන ලද්දේ ඉන් පසුවය. මා  සම්මුඛ පරික්ෂණයට අයදුම් කලේද මේ ශිෂ්‍යත්ව පිලිබඳ දිවයින පුවත් පතේ පල කල දැන්වීමකට අනුවය.මේ සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ හැක්කේ පක්ෂයකට හෝ මිත්‍ර සංගමයට නොව රුසියානු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පමණය.)

කේ ශන්මුගදාසන් ගේ නායකත්වයෙන් යුත්   කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට මුලින් බැඳුනු විජේවීර මහතා  ඉන්පසු තමන්ගේම පක්ෂයක් සංවිධානය කළේය. නව වම වුයේ ඔහු විසින් එසේ පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණයි.

වසර  1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිටවූ  සමගි පෙරමුණු රජයට කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය ද ඇතුලත් වුනි. වසර 1971 වනවිට සිංහල තරුණයන් බහුතරයක් විසින් වාමාංශික සමගි පෙරමුණු රජයට එරෙහිව කැරැල්ලක් ගසන ලදී. කැරැල්ලේ න්‍යායවාදී නායකයා වූ විජේවීර අනුගමනය කළේ චීනයට හා මාඕ වාදයට පක්ෂ ප්‍රතිපත්තියකි. ඔහුගේ එක පන්තියක් වුයේ ඉන්දියානු ව්‍යාප්තවාදය යන්නය. ඉන්දියාව සමග දේශ සිමා යුද්ධයක පැටලී සිටි චීනය ඉන්දියානු  ව්‍යාප්තවාදය තදින් විවේචනය කළ රටකි. (නමුත් සැබවින්ම සිකීමය හා ටිබෙටය ආක්‍රමණය කළේ චීනයයි.)  මේ කැරැල්ලට විරුද්ධව සිරිමාවෝගේ රජයට සහය දීමට ඉදිරිපත් වූ එක රටක් වන්නේ සෝවියට් දේශයයි.කැරැල්ලට පක්ෂ යයි සැක කල එකම රට වුයේ උතුරු කොරියාවයි.

රුසියානු සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වන චෙකොව් ගේ පොත් ඒ පී ගුණරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද්දේ 1949 තරම් ඈත කාලයේය. (රුසියානු කෙටි කථා) ඉන්පසු බොහෝ රුසියානු සාහිත්‍ය පරිවර්තන කෙරුණු අතර කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව කටයුතු කල උඩකැන්දවල  ශ්‍රී සරණංකර හිමියන් පලකල "නවලෝකය " සඟරාවේ  ඒවා පළවන්නට විය.  මේ සාහිත්‍ය පරිවර්තන බොහොමයක්ම ප්‍රේමකතා සහ පූර්ව  විප්ලවීය සම්භාව්‍ය  රුසියානු සාහිත්‍යය කෘති වීය.

විජේවීර මහතා ගේ ලුමුම්බා සමකාලීනයකු වූ පද්මහර්ෂ කුරණගේ  මහතා  චෙකොව් ගේ මෙන්ම වෙනත් කතුවරුන්ගේද කෘතීන් අනගි ලෙස  පරිවර්තනය කරණ ලදුව මොස්කව් ප්‍රගති ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කර බෙදා හරින ලදී. මේවා කිසිවක් රුසියානු විප්ලවයට සම්බන්ධ ඒවා නොවීය.  දැදිගම වී රුද්‍රිගු මහතාගේ පරිවර්තන එන්නේ පසු කාලයකය.


 මේ නිසා මේ 1971  කැරැල්ලට සහභාගී වූ තරුණයන්ට සෝවියට් සාහිත්‍යයේ බලපෑම එතරම් ප්‍රබල වුවක් යයි කීම ඉතා අපහසුය.මගේ නිගමනය නම් 1971 කැරැල්ල දක්වා වූ කාලය අතර තුර නව වමට බලපෑවේ සෝවියට් සාහිත්‍යය නොව විජේවීරගේ මාඕ වාදය බවයි. ග්‍රාමීය තරුණයන් කැරැල්ල සඳහා  විජේවීර සංවිධානය කළේත් මාඕ වාදය අනුව මිස ලෙනින් වාදය අනුව නොවේ. ලෙනින් ඔක්තෝබර් විප්ලවය ට්‍රොස්ට්කි සමග සංවිධානය  කලේ පෙත්රෝගාඩ් (සෙන්ට් පිටර්ස්බර්ග්) නාගරික කම්කරුවන් හා සොල්දාදුවන් අතර මිස රුසියානු ග්‍රාමීය ගොවි ජනතාව  අතර නොවේ.

~මතු සම්බන්ධයි
https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20160304/282510067654331

https://www.thoughtco.com/body-of-stalin-lenins-tomb-1779977




28 comments:

  1. මචං උඹේ යාලුව සාරසයට මොකෝ උනේ ?
    ඌත් බන්ධනාගාර රෝහලේද?

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් නම් නොවේ. මුණ ගැහිලා වත් නැහැ. ආසිරි රෝහලේ ඉන්න කියල ලිපියක තිබුන. ප්‍රා ගෙන් අහන්න බලන්න.

      Delete
    2. බොරු කියන්න එපා දෙන්නම / තුන්දෙනාම ගියේ එකම වකානුවේ රාජකීය කොලීජියට මාතලන් ,සාරසා .අජිත් 83/85 කාලයේ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. එතකොට පන්තියෙන් එලියට ගියේ චු කරන්න විතරද? අර කතන්දර කාරයා සිව් අවුරුද්දක් අන්තිමට පාසලේ සිටිකාලේ වගේ පන්තියේ ඉන්න එවුන්වත් දන්නේ නැ එහෙම එකෙක් හිටියා කියලා ඔබත් කියනවද

      Delete
    5. ඔයා පන්තියෙන් එලියට චූ කරන්න ගියාම පහල පන්තිවල අයයි ඉහල පන්තිවල අයයි එක්ක කතා කර කර ඉන්නවද මෙයා ? මොකද්ද ඔය ඉස්කෝලේ ?

      Delete
    6. මේ කොමෙන්ට් එක ආයේ දාන්නම්.
      රෝයල් එක මාත් එක්ක එක බැච් එකේ හිටිය හැමෝම අඳුනන්නේ නැති එකේ පහල පන්තිවල පොඩි එකෙක් අඳුනන්නේ කොහොමද හලෝ? සරසා මාතලන් 85, මම 83 පන්ති 30 විතර තියනවා එක බැච් එහෙක. ළමයි 1200 විතර. එතකොට ඒ අය ඔක්කොමත් මගේ යාලුවොද? මෝඩ කතාවක්නේ. මාත් එක්ක එක බැච් එකේ හිටි මගේ යහළුවන් නොවන ඔබ හඳුනන අය
      - ප්‍රියංකර ජයරත්න
      - මාලින්ද සෙනෙවිරත්න

      අපිඅපොස උසස් පෙළ පන්ති ගත්තොත් මැත්ස් පන්ති 9-10 තියනවා. ළමයි 35 ගානේ. බයෝ 6-7 විතර, ආර්ථික විද්‍යාව 7-8 හා ආර්ට් 3 ක්. හම පන්තියකම ළමයි 35-40 විතර. ඔය එක අවුරුද්දක බැච් එකක්. ළමයි 700-900 විතර. ඔය හැමෝම දැන ගන්න කොහෙත්ම විධිහක් නැහැ.
      සරසා 85 බැච් එක. මාතලන් මම හිතන්නේ 84. මගෙන් උඩ පන්තිවල හිටි අයගෙන් දන්නේ ප්‍රදීප් ජෙගනාතන්, සමන් ආතාවුද හෙට්ටි වගේ අය මොකද ඒ ගොල්ලෝ කොහොමත් ප්‍රසිද්ධයි විදුහලේදී නැත්නම් සංගම් වල හිටි නිසා.
      මට මතකයි සජිත් ප්‍රේමදාස ඉන්නව. යහළුවෝ පිරිවරාගෙන ඇවිදිනවා හෙම. කවදාවත් කතා කරලා නැහැ. 85 නැත්නම් 86 බැච් එක.

      Delete
    7. එලියට චූ කරන්න ගියාම පහල පන්තිවල අයයි ඉහල පන්තිවල අයයි එක්ක කතා කර කර ඉන්නවද මෙයා
      අනේ ඔව් ඇයි අහලා දැකලා නැද්ද අපේ ඉස්කෝලේ ඔයයන්න තියන වැසිකිලිවලට දොරවල් නැති නිසා ඉහලපහල පන්තිවල ළමයි එක්ක කථා කරකර තමයි ඒවාට යන්නේ එහින්දා ඔක්කොමාලාව වගේ එකිනෙකා දන්නනවා

      මොකද්ද ඔය ඉස්කෝලේ ...ඔබතුමා ගියපාසලට තාප්පයකින් වෙන් කරලා තියන ඉස්කෝලේ අර කාලෙන් කාලෙට ඔහේගේ ඉස්කෝලේ එවුන්ට තුන් මුල්ලට දුවනකම් නෙලන එවුන් ඉන්නේ ...අන්න එකයි ඉස්කොලෙ ,අපෙ ඉස්කෝලේ ....

      Delete
    8. කො අපි දාපු රෙප්ලයි එක උඩ කොමෙන්ට් එකට එක අවුල්ද

      Delete
    9. ආ ඒකද මගෙත් යාලුවෝ ඉන්නවා. උන්නම් බොහොම අහිංසකයි. ඔහොම කතාවක් නම් අහලා නැහැ. එක පාරක් තාප්පෙන් පැනලා රහීම එක ඉස්සරහ ගේට්ටුවෙන් ම එලියට ගියා . ඔබතුමා ලගේ ශිෂ්‍ය නායකයෝ හරි මරුනේ අප්පා.
      නෙලපු කතා නම් මාත් අහල තියනවා. එක පාරක්ද කොහෙද බස් වලියකට,
      හැබැයි අර්ජුනගේ මැරැටියෝ ඇවිල්ල වැලි දාගත්ත වෙලේ අපේ එවුන් එක ඔබතුමාගේ ඉස්කෝලේ එවුනුත් "මරදානේ " සෙට් එකට දුවන්න නෙළුව නේද? 1981 හෝ 1982. මතක නැහැ හරියටම . ප්‍රාදේශීය වාදයද, නෙලන්න හම්බ වෙනවා නම් ඕන එකෙකුට නෙලීමේ වාදයද මන්ද ?

      Delete
    10. කො අපි දාපු රෙප්ලයි එක උඩ කොමෙන්ට් එකට එක අවුල්ද" -ඔබතුමා ඉන්න රට මම ඉන්න රටට වැඩිය පැය කිහිපයක් පස්සේ හෝ ඉස්සරහින් වෙන්න ඇති. මම නිදි වෙලාවට කොමෙන්ට් පල කරන්න කෙනෙක් නැහැනේ. .

      Delete
    11. 1981 හෝ 1982. කාලේ අපි පොඩිමපොඩි ළමයි සිව් වසරක් ආනන්දේ හිටපු කෙනා දන්නවා ඇති ඒකාලේ ගැන ඒ කාලෙනේ එයා ඉඳලා තියෙන්නේ.


      Delete
  2. දේශපාලන මැරයන් විසින් විජේවීරගේ තාත්තා අබ්බගාතයෙක් කලා . කේපී සිල්වා විජේවීරගේ අධ්‍යාපනයට කෙලෙව්වා. විජේවීර මේ ඔක්කොම පොලියත් එක්ක සමාජයට දුන්නා. අද පවා විශ්ව විද්‍යාල නට්ටං වෙලා තියෙන්නේ විජේවීරගේ ක්‍රියාදාමයන් නිසා

    ReplyDelete
    Replies
    1. මේක මෙච්චරම ලඝු කරලා කියන්න අමාරුයි රුවන්. අපි ඉතිහාසය විවරණය කරන කොට ඒ දිහා අපක්ෂාපාතිව බලන් ඕනේ. ඔය වගේ සිද්ධි නිසා විජේවීරට කිසියම් අමනාපයක් තියෙන්න ඇති. ඒත් විජේවීර කියන්නේ ලොකු සංවිධාන ශක්තියක් තිබුන කෙනෙක්. ඔය වගේ බෝල්ෂෙවික් විනයක් ඇති පක්ෂයක් ගොඩ නැගීම ලෙහෙසි දෙයක් නෙමෙයි. ඔහු කැපවීමෙන් ඒක කලා. මම කියන්නේ ඔහු ස්ටාලින්/මාඕ අනුගමනය කලා කියල. ඒ අනුගමනය් මත තමයි ඔහුගේ ක්‍රියා මාර්ගයන් තීරණය වුනේ. යුඇන්පී එකෙන් තාත්තට ගහපු එකවත් කේ පි සිල්වා කපපු එකවත් නෙමෙයි. කේ පි සිල්වා ඒ කලේ සුළු බලවතෙක්. පක්ෂ ලේකම් නෙමෙයි. කේ පි කොමියුනිස්ට් පක්ෂ ලේකම් වුනේ පසුව.

      Delete
  3. පැරණි සෝවියට් සංගමයේ වාමාංශික අදහස් සහ අලුත් වම ගැන කතා කරාට අජිත් ධර්මගේ දේශපාලන අදහස් තවමත් සංවර්ධනයට යන මගට වැටී නැති බව කිවමනාය. අජිත් තවමත් සිදුකරන්නේ අඳුරේ අතපත ගෑම බව ඔහුගේ බොහෝ ලිපි දෙස බලද්දී පැහැදිලිය. වත්මනයේ අජිත් ධර්ම නොඅවදිවන සිහින ලෝකයක ගැටෙනවා බඳුය. මෙය සිංහල බ්ලොග් වල අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක කෙළවර නොදැකීමකී.

    අජිත් ධර්ම බොහෝ දේ දන්නා අයෙක් ඔබ ඔහුම සිතා සිටියත් ඔහු දන්නා කිසිවක් නැති බව අප කීවේ ඔහු නෙලුම්යායට එකතු වූ අලුතය. ඒ අමුතු එකමුතුවකට නොව සිංහල බ්ලොග්වල අභිවෘද්ධියටය.

    එහෙත් දේශපාලනිකව දෙගමනක් යන අජිත් ධර්මට සහ නෙලුම්යාය පදනමට හමුවුණැයි එකට එකට ගමනක් නැති බව කාලයත් සමඟ තහවුරුය. එහෙත් මේ දෙගමන තුළ බ්ලොග් වලට එකම ගමනක් සැදීම ලේසි පහසු නැත. දේශපාලනය අමතක කොට බ්ලොග් වලට ගමනක් නැති බව අමුතුවෙන් පුන පුනා පෙන්වා දිය යුතු කරුණක් නොවේ. එහෙත් අද අජිත් එක මගකත් නෙලුම්යාය තව මගකත් යනු පෙනේ. එහි අවසානය මේ බංකොළොත් වටපිටාවෙන්ම පෙනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ විවරණයට. නෙළුම් යාය බ්ලොග් ප්‍රවර්ධනය කරන මග ඔස්සේ යයි. නෙළුම් යායට දේශපාලන පදනමක් නැහැ. නෙලුම් යාය ජාතිවාදයට විරුද්ධයි. මිනිස් අයිතිවාසිකම් රැකීමට පක්ෂයි. පවතින ඕනෑම රජයක් සමග සහයෝගයෙන් කටයුතු කරන්න ලැහැස්ති එකක්. මගේ කාලය අවසානයි . අලුත් අය ඒ විධිහටම ගෙනියයි කියල හිතනවා. ඊළඟ ට එන රජයේ ගෝටා / ඩලස් හිටියොත් ඒ අයට කතා කරයි. එතකොට දැන් බනින අය හොඳ කියයි. දැන් හොඳ කියන අය බනියි. ඒ දේශපාලනය ඔච්චරයි.

      කොලමබ ගමයා දේශපාලනය වෙන එකක්.
      //අජිත් තවමත් සිදුකරන්නේ අඳුරේ අතපත ගෑම බව ඔහුගේ බොහෝ ලිපි දෙස බලද්දී පැහැදිලිය. // ඔබලාට එලිය ඇවිල්ලා නම් හොඳයි ඉතින්. එළියේ යන්නකෝ.
      //අජිත් ධර්ම බොහෝ දේ දන්නා අයෙක් ඔබ ඔහුම සිතා සිටියත් // ම්ම කවදාවත් එහෙම හිතලාත් එහෙම කියලාත් නැත.

      Delete
  4. පොල්පොට් කොමියුනිස්ට් පාක්ෂිකයෙක් මාවෝවාදියෙක් කිව්වට එයාට තිබුණේ එයාටම ආවේණික දර්ශනයක් නේද?මෙතනට එයාව ඈඳාගැනීම ගැලපෙනවද?

    ReplyDelete
    Replies
    1. පොල්පොට් 1963 සිට කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්. මාඕ කල සංස්කෘතික විප්ලවයම තමයි ඔහුත් කළේ . නමුත් වඩාත් දරුණු විධිහට. මාඕ හැමෝම ගමට යැව්වේ නැහැ. කිසියම් නිලධාරීන් ප්‍රමාණයක්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් පක්ෂයට සම්බන්ධ උගතුන් තබා ගත්තා. පොල්පොට් ඉයන්සරි ඔක්කොම යැව්වා. ළමයින්ට අම්මල තාත්තල ගැන ඔත්තු කකියන්න කීව . ළමයි මෙහෙයෙව්වා වැඩිහිටියන් මැරීමට. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී කාම්බෝජයේ අගමැති. ඔහු කොමියුනිස්ට් වදය ගෙනිච්ච මාක්ස් කියපු මුල් සමාජවාදී සමාජයට. ඒ කියන්නේ මුලික මිනිස් සමාජයේ සියල්ල බෙදා ගත්තා හුවමාරු කලා කියන අදහසට. ඒ කියන්නේ වහල් යුගයටත් කලින් තිබුණු රජවරුන්ටත් කලින් තුබූ ගෝත්‍රික සමාජයට. හැබැයි ඔහුගේ කොමියුනිස්ට් පක්ෂයේ පුර්ණ ඒකාධිපතිවාදය යටතේ. වියට්නාමය හමුදා සෝවියට් දේශයේ සහය ඇතිව කාම්බෝජය ආක්‍රමණය කලා. චීනය නිහඬව හිටිය. ඒ වනවිට චීනය හතර දෙනාගේ කල්ලියත් හිර කරලා ඇමෙරිකන් සම්බන්ධතා හදාගෙන වෙන ගමනක් යමින් සිටියා.

      Delete
  5. ප‍්‍රගති ප‍්‍රකාශකයෝ මගින් පලකෙරුනු රුසියානු සාහිත්‍යයේ සිංහල පරිවර්ථන ගැනත් ලියන්න. ඇයි ඒ පොත් ප‍්‍රකාශන නැතිවුනේ?

    ReplyDelete
    Replies
    1. සෝවියට් දේශය වැටුනට පස්සේ ෆන්ඩ්ස් නැති වුණා.

      Delete
  6. හප්පා අජිත් අය්යා මම හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තට ගෑටුවා. පස්සේ මේක හරියට කියවන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආවට.

      Delete
  7. සවිස්තරාත්මක වැදගත් තොරතුරු ටිකක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්ති මල්ලි.

      Delete
  8. රාජාණ්ඩුවක් පෙරලල සමාජවාදී කොමියුනිස්ට් ආණ්ඩුවක් ඇති කරලාත් නායකයින්ට වඳින පුදන ජාතියේ ක්‍රමයක්මයි එන්නේ නේද? කොමියුනිස්ට් යනු ඉතා න්‍යායාත්මක හා පැහැදිලි ප්‍රතිපත්ති මත පමණක් වන ක්‍රමයක් වුනත් හුඟක් කොමියුනිස්ට් රටවල නායකයින් දේවත්වයෙන් සලකන පුද්ගල වන්දනා විදිහට වුනේ මොකද?
    ඒක පාක්ෂික ක්‍රමයක් නිසාද? එනිසා පක්ෂය හා ප්‍රතිපත්ති වන්දනා කල එක හිතා ගන්න පුලුවන් පුද්ගලයින් වන්දනා කලේ ඇයි ?
    ඔය සමහර සෝවියට් ප්‍රකාශිත කතා පොත්වල උනත් නායක සහෝදරයින් ගැන කතා වෙන්නේ පුද්ගල වන්දනා වගේ. ඇයි ඒ?

    මට සාමාන්‍ය ඉන්ටරෙස්ට් එකක් තිබුනත් කවදාවත් මාර්ක්ස්වාදී න්‍යායයන් හරියට කියවල නෑ. එනිසා මට මේක ටිකක් ප්‍රෙහේලිකාවක්. මාර්ක්ස් , එන්ගල්ස් වගේ න්‍යායාචාර්යවරු නායකයින් , පාලකයින්, පක්ෂය වගේ දේවල් ගැන කිව්වෙ මොකක්ද හරියටම?

    ReplyDelete
    Replies
    1. රාජාණ්ඩුවක් පෙරලල සමාජවාදී කොමියුනිස්ට් ආණ්ඩුවක් ඇති කරලාත් නායකයින්ට වඳින පුදන ජාතියේ ක්‍රමයක්මයි එන්නේ නේද? - ඒකනේ . මම හිටහ්න්නෙත් ඒක පාක්ෂික ක්‍රමයක් වීම නිසා එහෙම වුණා කියල.
      //මාර්ක්ස් , එන්ගල්ස් වගේ න්‍යායාචාර්යවරු නායකයින් , පාලකයින්, පක්ෂය වගේ දේවල් ගැන කිව්වෙ මොකක්ද හරියටම?// නියම ප්‍රශ්නයක් ප්‍රා . රිසර්ච් කරලලිපි පෙළක් ලියන්න වුනත් හොඳයි. පටන් ගමුද?

      Delete
  9. මාර පොරවල් ඔයි බ්ලොග් ලියන්නේ කොහොමද සම්මානවලට නැමෙන නැමිල්ල

    සම්මාන ඕනනම් මේ විදිහට නැමියන් නැතිනම් සම්මාන සුම්මා !!!!

    Ajith DharmaSeptember 13, 2017 at 4:33 AM
    "අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව"- අම්මා මේ බ්ලොග් එක කියෙව්වා දවසට ආච්චි අම්ම එක්ක එකතු වෙලා දෙහි කපයි සුරංග මලයට.
    තොරන් දෙයියෙක් වගේ අර තොරන් වල ලයිට් පත්තු වෙන හැටි ඔහොම මතක තියා ගත්තේ කොහොමද?
    එසේම ලැබූ සම්මාන ප්‍රශංසා අඩියට සුභ පැතුම් සුරංග.
    (තව පොඩි ප්‍රශ්නයක් මේ කොමෙන්ට් වලට දාපු උත්තර දිහා බලන කොට හිතුන සුරංග ළමය යෙහෝවා විට්නස් එකට වත් බැඳුණද කියල. )
    Reply

    surangamlrSeptember 13, 2017 at 5:51 PM
    ඉතාමත් ශෝබමාන සහ සවිස්තරාත්මක අදහස් දැක්වීමකින් බ්ලොග් ලිපිය සුවඳවත් කළ ඔබට මාගේ ආචාරය. ඔබට පැහැබර සහ සුවදායී දිනයක් උදාවේවා

    හැදෙන ගහ මෙන්න මෙහෙමයි හැදෙන්නේ අදර්සෙට අරගෙන කොමන්ට් කරන්න .

    ජකජක ජම්බු ජකර බක බක ගන් කබර ලියලා හරි කමක් නැ

    ReplyDelete
    Replies
    1. නිර්නාමික ඔතන සුරංගට සුභ පතල තියෙන්නේ මම දුන්න සම්මානයකට නෙමේනේ. මම පෞද්ගලිකව කොහොමත් සම්මාන දෙන්නේ නැහැ. සම්මාන දුන්නත් නැතත් සුරංග කියන්නේ හොඳ බ්ලොග් කාරයෙක්. කියවනං එන අයගෙන් ඒක පේනවා. මම සුභ පතල තියෙන සම්මානය ඉන්දික කොඩිතුවක්කු, දුමින්ද කරවිට, චෙෆාකි, මාරයා, ජේවීපී මංජුල සමරසේකර හෙම එකතු වෙලා දුන් බ්ලොග් වසන්තය සම්මානයට. ඔය සුරන්ගයා දාල තියෙන ප්‍රතිචාරය හැමෝටම මිනිහ දාල තියෙනවා. කින්ඩියට වගේ. නිර්නාමික අහුවෙලා වගේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .