Saturday, 28 November 2015

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (1)


පළමුවන කොටස

"ඉතින් මචං මොකක්ද තත්වේ" ගිහාන් සිය මිතුරාගෙන් විමසීය. "නැහැ මචං වුන දේ නිකන් හීනයක් වගේ. උඹට වෙච්ච් දේ හොඳයි කියල මට කියන්න බැහැ. නමුත් මට මෙහෙ වෙයි කියල හිතුනේ නැහැ. ."
නිලන්ත පැවසීය. ගිහාන් ට තම මිතුරා ගැන දුකක් ද සිතුණි. ඔහු අතීතයේදී කි කතාවක් ගිහාන්ට මතක් විනි.
"මචං ඔය සුද්දියෝ පස්සේ යන්නේ මොකද බන්. හොඳ පිරිසිදු ලස්ස්සන කුලවත් සිංහල කන්‍යාවියක් බැඳ ගනිං. උඹ දන්නේ නැහැ. හරිම සුන්දරයි. ආදරේ කරගෙන ලස්සනට ජිවත් වෙන්න පුළුවන්."
"උඹ මොනවාද බන් සුන්දරත්වය ගැන දන්නේ" එදා එසේ කියා ගිහාන් නිලන්තට දිග දේශනාවක් කළේය.

නිලන්ත නාවික ඉංජිනේරුවෙකි. තම නිවසේ මාස තුනේ සිට හයක් පමණ සිටින ඔහු ඉතිරි කාලයේ තම රැකියාවේ නිරත වෙයි. ඔහු රැකියාව කළේ නැවක ප්‍රථම නාවික ඉංජිනේරු වශයෙනි. දෙවන ඉංජිනේරු වශයෙන් සැහෙන කලක් සේවය කර ඔහු උසස්වීමක් ලැබීය. වරක් නිලන්ත රැකියාව කරන නැව ඔඩෙස්සා වරායට පැමිණියේය. නිලන්ත ඒ බව ගිහාන්ට දන්වා තිබුණි. එකල ගිහාන් සිටියේ සෝවියට් දේශයේ ඉංජිනේරු උපාධියකට ඉගෙන ගනිමිනි. තමන්ගේ භාග උක්රයින භාග රුසියානු පෙම්වතිය සමග ඔහු බලන්නට ගිය සැටි ගිහාන්ට සිහි විනි. ඕනෑම නැව් නතර කරන ස්ථානයක අභිසරු ලියන්, නොයෙකුත් බ්ලැක් මාර්කට් භාණ්ඩ විකුණන්නන් ගැවසීම සාමාන්‍ය දෙයකි.නැව් නැංගුරම් ලෑ පසු එලියට එන අයට මුලින්ම මුණ ගැසෙන්නේ ඔවුන්ය. මේ නැවේ සිටි ඉංජිනේරුවන්ගෙන් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයන් වන නිලන්ත හා උදයන්තය. නිලන්ත හා අනිත් ඉන්ජිනේරුවා තම පෙම්වතිය දෙස බැලුවේ තද ඊර්ෂ්‍යාවකින් බව ගිහාන්ට සහතිකය. ගිහාන් දුටු සැනින් නිලන්ත කිවේ ඔඩෙස්සා වල ලස්සන අභිසරු ලියක් සොයා දෙන ලෙසය. ඔහුගේ නැව අප්‍රිකාව හරහා පැමිණි එකකි. "කළු දෑවවල් දැන් එපා වෙලා බන්. "
 අනිත් ඉන්ජිනේරුවා උදයන්ත එසේ කී පසු නැව නවතන වරායවල ඔවුන්ගේ ප්‍රථම කාර්යය කුමක්ද යන්න ගිහාන් ට පසක් විය.

"මචං මේ රටේ හොඳ ගැහැණු ළමයි ඉන්නවා. මේ අභිසරු ළියන් පස්සේ ගිහින් ලෙඩ හදා ගන්න ඕනේ නැහැ."
ගිහාන් පැවසිය.
"උන් දෙන්නේ නැහැනේ බං"
පිළිතුරු දෙමින් නිලන්ත සහ අනිත් ඉන්ජිනේරුවා වන උදයන්ත හඬ නගා සිනාසුනි.
එහිදී තමන් ඔවුන් දෙදෙනා රැගෙන කලින් පිළියෙළ කල පරිදි ඔඩෙස්සා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරන් හමුවට ගෙන ගිය සැටිත් එහිදී හොඳ බතක් හා මසක් දමා වොඩ්කා සහ අනිකුත් කෑම බීම පිළියෙළ කර තිබු ඔහුගේ මිතුරන් තම තමන්ගේ ගේ උක්රයින යෙහෙළියන්ට තවත් රූමත් යෙහෙලියන් කිහිප දෙනෙකු සමග පැමිනෙන ලෙස ආරාධනා කල බවත් ඔහුට සිහි විය. කමින් බොමින් නටමින් පසුව නාවික ඉංජිනේරුවන් දෙදෙනා ඉන් රූමත් කෙල්ලන් දෙදෙනෙකු සමග යහළු වී කාමර වලට ගිය හැටිත් ඔහුට මතකය. පහුවදා ගැහැණු ළමුන් ටැක්සි වල පටවා නිවෙස් වලට යැවු පසු නිලන්තත් යහළුවාත් ඔවුන් ගේ ජිවිතයේ හොඳම රැයක් ගත කල බව කියමින් ගිහානුත් යහළුවනුත් බදාගෙන ස්තුති කලහ.පසුදින ඔවුන් නැවට ගෙන යද්දී දොඩමළු වූ උදයන්ත තමන් වටිනා පෑනක් ඔහු සමග රැය පහන් කළ කෙල්ලට දුන් බවත් ඇය මුදල් දුන් විට ප්‍රතික්ෂේප කල බවත් පැවසූ විට, තමන් දැඩි කෝපයට පත්වී මුදල් දීම ගැන ඔහුට එවෙලේම තදින් බැන වැදුණු සැටි සිතන විට ගිහාන්ට දැඩි සිනහවක් පහල විය.

"මොකද යකෝ පිස්සෙක් වගේ තනියම හිනා වෙන්නේ. මම මේ පුක  ගීනි අරන් දඟලනවා. ගෑණි මාව ගෙදරින් එලවල. මූ  හෙන ජොලියේ"
නිලන්තගේ කෑ ගැසිල්ලට ගිහාන් මතක ලෝකයෙන් ඇද වැටුණි.
"නැහැ මචන්. මට මතක් වුණා ඔඩෙස්ස වල අර උක්රයින කෙල්ලක් එක්ක ඉඳල උදයන්තය සල්ලි දෙන්න හැදුවයි කියල මම ඌට බැන්න හැටි."
 "ඉතින් ඒ වුනාට උඹ මට බැන්නෙ නැහැනේ. මමත් සල්ලි දෙන්න හැදුව. පස්සෙනේ අර උඹට දෙන්න ගෙනාපු තේ කොළ ටිකයි වෙස් මුහුණ කුයි තව මොනවදයි දුන්නේ මාත් එක්ක හිටපු කෙල්ලට. පුදුමයි උන් ඒවාට නිදා ගත්ත එක."
"ඉතින් බලාපිය තෝ තවමත් ඒ බලු කතාවම කියන හැටි"
ගිහාන් විහිළුවට මෙන් නිලන්තට ගහන්නට පැන්නේය.
"සොරි සොරි බන්. මම උඹව අවුස්සන්න කිව්වේ. ඇත්තටම උන් හොඳ කෙල්ලෝ බන්. මට තවම මතකයි. හප්පේ සොමිය. එක්කෝ ඒ එකියක් වත් බැන්ද නම්"
"උඹ එදා කිවේ නම් ඕක නෙමෙයි. කන්‍යාවියක් බැඳලා හොඳ විවාහ ජිවිතයක් ගත කරපන් කියල. උඹල දෙන්නම අර කෙල්ලෝ දෙන්නට සැලකුවේ වේ*** දෙන්නෙකුට වගේ මුලදී"
"හරි හරි උඹේ දීර්ඝ දේසනාවට පස්සේ අපි වරද පිලි ගත්තනේ. " නිලන්ත පැවසීය. ගිහාන් නැවත අතීතයට ගියේය.

"උන් උඹෙන් සල්ලි ඉල්ලුවද "
ඔහු කෝපයෙන් උදයන්ත ගෙන් විමසූ හැටිත්,
"නැහැ" කියූ උදයන්තගේ කනට කර
 "ඔව් එතකොට උන් අපේ පාටියේ ඉඳල, කාල බීල උඹල දෙන්න එක්ක කාමරේට ගියේ ඇයි. සල්ලි ඉල්ලන්නද යකෝ. උඹ කොරිඩෝර් එකේ බදාගෙන ඉම්බේ. ප්‍රංශ කිස් ඉඳන් දුන්නේ" යි කෑ ගැසූ හැටිත් මතකයට නගා ගත්තේය.
 "නැහැ මචන් උන් දෙන්නම අපි දෙන්න එක්ක එක්ක කාමරේට ආවේ ඇයි කියල හිතුන."
"වෙන කාමර නැහැනේ යකෝ. හොස්ටල් එකේම ලංකාවේ කොල්ලෝ හතර දෙනයි ඉන්නේ. අපිත් ඔහේ තැන් තැන් වල ඇලවුණේ උඹලට කාමරේ දීල අනිත් එවුන්ගේ කාමර වල. අනික ඒ කාමරේ තිරයක් දාල එක ඇඳක් වෙන් කරලා අනික නොපෙනෙන  කොනේ තිබුනේ. ශිෂ්‍යයෝ හැටියට තියෙන හොඳම තැන තොපිට පිළියෙළ කලේ. ඒකයි උඹලව ඒකට යැව්වේ."
"හරි බන්. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න අපි දෙන්නව මාරු කර ගත්ත උඹ දන්නවද? හපොයි එහෙම සොමියක්. මට උඹල ගැන ඉරිසියයි. බලපන්කො උඹේ අතේ එල්ලිලා ඉන්න කෑල්ල දිහා. මුන්ට කසාද බඳින්න බැරිවෙයි මෙහම ගියොත් තොපි එක්ක ඉඳලා. "
"හරි උඹලගේ ඉරිසියාව පැත්තකට දාපන්. උන්ට අරුන් බොරු කියලා උඹල අලුතෙන් ඉගෙන ගන්න ආපු එවුන් කියල. මෙතන කෙල්ලෝ දෙන්න ගැන වරදවා හිතන්න එපා. උඹලා  ගිය කියල දැන ගත්තම උන් බැනල ආවෙත් නැහැ ඊට පස්සේ.  ඒක උන්ගේ සංස්කෘතිය. කවුරුත් මෙහෙ ඒවා හොයන්නේ නැහැ. අනික තාන්යාව බඳින්නේ මමනේ උඹ නෙමේනේ"

 එතෙක් සිංහල නොතේරෙන නිසා නිහඬව සිටි තානිච්කා තම නම ඇසී  ලතාවකට හිස ඇලකොට ගිහාන් දෙස බැලුවාය. නිලන්තයා ලංකාවට පැමිණ කන්‍යාවියක් බැඳ ගනින් යයි අවවාද කළේ එවිටය.
ගිහාන් සෝවියට් දේශයේ ඔවුන් නොදන්නා පැත්තක් ගැන නිලන්තට හා උදයන්තට පහදා දුන්නේය. දියණිය හෝ පුත්‍රයා අවුරුදු පහලව දහසය වන විට යහළුවකු හෝ යෙහෙළියක නැත්නම්, ඔවුන් අවුරුදු 18 පසුවිත් කන්‍යාවියන් නම් දෙමාපියන් තම තරුණ දු පුතුන් වෛද්‍ය ප්‍රතිකාර වලට හෝ මානසික සායනයන්ට යවති. බොහෝ තරුණියන් සිතෙන හමුවන සැම එකා සමගම නින්දට නොයති. එලෙස හැසිරෙන තරුණ තරුණියන් ලොව ඕනෑම රටක සිටිය හැකිය. තමන්ටම මුලදී තේරුම් ගැනීමට අපහසු වුනු සෝවියට් ජීවිතය හා ලිංගික චර්යාවන් ගිහාන් මිතුරන්ට පැහැදිලි කළේ එලෙසය.

ගැහැණු ළමුන්ට දෑවැද්ද දීමක් කියා දෙයක් නැත. එයින් ඔවුන් නිදහස්ය. කුලය බැලීමට අවශ්‍යද නැත. මෙතන ඇත්තේ නිදහස් ආදරයකි. තරුණයා හෝ තරුණිය බොහෝ විට තමන් කැමති කෙනෙකු සමග පෙම් සබඳතා පටන් ගනිති. මේවා සමහර විට කෙලින්ම ලිංගික සම්බන්ධයෙන්ම ඇරඹෙති. එසේ නොවී මාස ගණන් දිගට යන සබඳතා ද තිබේ. විවාහ වලින් කෙළවර වන්නේ බොහෝ විට දරුවෙකු ඉපදෙන විටය. සෝවියට් නීතියට අනුව දරුවකු ලැබෙන්නේ නම් විවාහ විය යුතු අතර පිරිමියා දරුවා භාර ගත යුතුය. බොහෝ තරුණ තරුණියන් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල එකට ජිවත් වීම සුලභය. මෙය විශ්ව විද්‍යාලයෙන් එළියේ කර්මාන්තශාලා වල නේවාසිකාගාර වලද දැකිය හැකිය. කසාද නොබැඳ එකට ජීවත්වීම සාමාන්‍ය දෙයකි. එසේ නොමැති තරුණයෙකුට හෝ තරුණියකට සබඳතා කිහිපයක් එකවර පැවතීමද සාමාන්‍ය දෙයකි. එනම් නිත්‍ය පෙම්වතෙකු හෝ පෙම්වතියක නැත්නම් නිදහස් ලිංගික සබඳතාවයන් ගෙනයාම ගැන දෙමාපියන් වත් වෙන කවුරුන් වත් කිසිවක් කියන්නේ නැත.

නමුත් වෙනත් රටවල මෙන් රැකියාවේ ප්‍රබල කම හා සමාජයේ සිටින ස්ථානය අනුව තීරණය වන සබඳතා හා විවාහ ද තිබේ. මේවා එළිපිට නොකීවද කොමියුනිස්ට් පක්ෂයේ හෝ හමුදාවේ ඉහල ජෙනරාල් කෙනෙකුගේ දියණියක විදේශිකයකු හා පැටලුනොත් නොයෙකුත් ප්‍රශ්නය. මෙයින් සමහරු තමන්ගේ රැකියාවේ තත්වය මත සබඳතා තෝරාගන්න ට දරුවන්ට කියති.

ගිහාන් ට තම මිතුරා ගැන දුක හිතුනද ඔහුගේ නරුම කම් වලට සමාව දීමට නොහැකිය.කුලයෙන් ඉහල කන්‍යාවියක් කියා ඔහු සිංහල තරුණියක් බැඳගත්තද නිලන්ත තමන්ට එම නීතියම සාධාරණ යයි නොසිතුවේය.
"මචන් මම යනවා හෙට නැවේ. මාස ගාණක ජොබක්. හැබැයි එතැනින්ම ඔස්ට්‍රේලියාවට යනවා "
 නිලන්ත ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පැවසීය.
"ඒ මොකද? උඹ මෙතන විශාඛා ගේ වැඩේ ට මොකද කරන්නේ ළමයත් එක්ක ඒකි තනියමනෙ." ගිහාන් විමසිය.
"මොනවා කරන්නද. ඒක ඉවරයි. ගෙයත් ඒකිගේ නමට තියෙන්නේ. ඒකි දෑවැද්දට ගෙනාපු එකනේ. පරට්ටි මට කිව්වා කතාව උඹ දන්නවද? මම හිතන් හිටියේ බඳින කොට මේකි පත්තිනි අම්ම කියලනේ"

නිලන්ත කෝපයෙන් මිට මොළවා මේසයට පහරක් ගැසීය. ගිහාන් විමතියට පත් මුහුණින් තම යහළුවා දෙස බැලීය.
"මේකි මට කිව්වා එක කොල්ලෙක් නෙමෙයි. දෙන්නෙක්ම හිටියලු. ගලේවෙල ගියාලූ. ලොලිපොප් කෑවලු.තොට පෙට්ටිය ලොකු වුනාට මගේ කොල්ලෝ ලෙව කාපුව තමා තොට හම්බ වුනේ කියල කිව්වා. දුන්නා බැ** ගේ මූණ ඉදිමෙන්න.දතකුත් කැඩුනද දන්නේ නැහැ. ලේත් ආව. පරට්ටි. තව මූණ සමතලා වෙන්න දෙන්න තිබ්බේ" කෝපයෙන් පිපිරෙමින් නිලන්ත මොර දුනි.

 "උඹට පිස්සුද බන් ඒ අහිංසක ගෑණිට ගහන්න. ළමයත් බලා ගෙනද හිටියේ?"
"නැහැ ළමය අම්මලා ගාව. මම යනවා උදයන්තය එක්ක බෝතලේකට සෙට් වෙන්න. ඕන නම් වරෙන්. අද අන්තිම දවස මාස ගාණකට මම යනවා. අර වේ* ගැන අනුකම්පා කතා කියන්න එපා මට. "
එසේ කියා ගෙයින් එලියට ගිය නිලන්ත කාරය පණ ගන්වනු ගිහාන් ට ඇසිනි.

ගිහාන් නැවතත් තම අතීත මතක ලොවට පිවිසුණේය. සිකුරාදා සවස මොස්කව් පළමු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරා සමුවීමට ගිය ගිහාන් වොඩ්කා බෝතල් භාගයකට වඩා වග කියා මිතුරා පිළියෙළ කල කුකුල් මස් කරියක් සමග බතක් ගිල දමා සිංහල සින්දු අසමින් දේශපාලනය ගැන කතා කරමින් සිටියේය. රෑ බෝවී නිදාගත් ඔවුන් පසුවදා තරමක් දහවල්වී ඇහැරුණු පසු උදය ආහාරය සඳහා ළඟ තිබු පිල්මෙනි අවන්හලට ගියහ.
පිල්මේනි යනු ගිහාන්ගේ ප්‍රියතම රුසියානු කෑමකි. ඉන් පසු කිරි කෝපි එකක් බි මිතුරාට සමු දුන් ගිහාන් වෛද්‍ය විද්‍යාලය අසල පිහිටි ක්‍රපොතින්ස්කයා උමන් දුම්රිය පොලට පැමිණියේය. දුම්රිය පාක් කුල්තුරි හෙවත් සංස්කෘතික උද්‍යානය නමැති උමන් දුම්රිය පලට පැමිණි විට ඔහුට එයින් බැස තවම දවස ඉතුරුව ඇති හෙයින් ගෝර්කි හෙවත් සංස්කෘතිය හා විවේකය සඳහා වන මධ්‍යම උද්‍යානය (central park of culture and leisure) ට ගොස් ඇවිදීමට සිත් විනි.

~~~~~~මතු සම්බන්ධයි.~~~~~~~~~~~

39 comments:

  1. මේ වගේ දේ මෙහෙම කලබලේ ලියන්න එපා... උඹගේ රුසියානූ අත්දැකීම් කීපයක් ඇර නැවුම් දෙයක් නෑ.. ඉස්ටාට් එක නිසාද මංදා.. උඹ මොකක්ද කියන්න යන්නේ කියන එකත් දන්නේ නෑ.. හැබ්යි ඉතින් මේ එකක්වත් අළුත් දේ නෙමෙයි.

    උඹ ඉන්න ඕන මීට වඩා සෑහෙන ඉස්සරහින්... ඒ වගේම උඹ එතන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. උඹේ තක්සේරුවට ස්තූතියි. මේක ඉවර වෙන්නේ තව කොටස් දෙකකින් විතර. උඹ හිතන්නෙවත් නැති විධිහට. ඊට පස්සෙත් කොමෙන්ටුවක් දාපන්. හැම වෙලේම අලුත් දේ නැතුව තියෙන දේ ගැනත් කතා කරමු.

      Delete
  2. ලංකාවේ විශ්ව විද්‍යාලවල සිසුන් ප්‍රචණ්ඩත්වයට බරවීමට sexual repression නිසා එන ලිංගික පීඩනයත් එක හෙතුවක්

    ReplyDelete
  3. ශහ්... අළුත් කතාවක්.රුසියාවත් හිතට අල්ලනවා මේව්වා දැක්කම.... හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  4. හොඳ කතාබහකට නිමිත්තක්. ඉතිරි කොටස කියවලම අදහස් දක්වන්නම්.

    ReplyDelete
  5. ලස්සනට ලියල තියෙන මේ ලියවිල්ලෙ ඉතිරිය කියවන පිපාසයෙන්.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දෙනවා මේ සුමනේ දෙවන කොටස ලියන්න. ස්තුතියි ආවට.

      Delete
  6. ඔයිට හොද නැදද් කලන හොද නාවික ඉංජිනේරුවෙකි කිව්වනං.. හැක්... කතාව කියවන එක කම්මැලි හිතුනා.. ආයි වෙන දවසකට ඒක අදිනවා..

    ReplyDelete
    Replies
    1. අඩෝ...ව්.. කලනයා එහෙම නිලන්ත වගේ නෑ බං.. ඌ හොඳ එකා,, ඇල් වතුරත් නිමලා බොන්නේ..

      Delete
  7. ඔක්කොම කියවල ඉමු නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවර වෙන්නේ හුඟක් අය හිතන විධිහටම නොඑන්න පුළුවන්. (ඉඟියකි)

      Delete
  8. අපේ සිංඩියටත් ගොඩ වෙලාම බලන්න
    http://www.akurasyndiya.tk

    ReplyDelete
    Replies
    1. ගොඩ වුනානේ. කොමෙන්ට් දාන්න අමාරුයිනේ.

      Delete
  9. අපේ සිංඩියටත් ගොඩ වෙලාම බලන්න
    http://www.akurasyndiya.tk

    ReplyDelete
  10. අපරාදේ රුසියාවට ගියේ නැත්තේ

    ReplyDelete
  11. එළ! නිලන්ත නැව් නගින්න යනකොට කාර් එක කොහෙද දාල යන්නේ.. හෙහ් හෙහ්.. මටත් තියෙන ප්‍රශ්ණ.. ඉක්කනට දාමු අනිත් ටිකත්..

    ReplyDelete
    Replies
    1. නාවික පැත්ත කතා කරොත් ඉතින්..

      Delete
  12. ගිහාන් ඉංජිනේරුවෙක්ද? මට හිතෙන්නේම මෙඩ්ඩෙක් කියලා :)

    ReplyDelete
    Replies
    1. ඒක වැදගත්ද? දන්න කෙනෙක්ද?

      Delete
  13. මටනං ටිකක් අමුතු මේ පරිසරය ගැන විස්තරයයි.... වෙනත් රටක් ගැන නිසා අමුත්තක් ඒක්කම සුන්දරයත්වයකුත් තියෙනවා..... කතාව හොද පැත්තකට යාවි කියලා හිතෙනවා... ජයවේවා අජිත් අයියා...... ඉතුරු කොටස් දෙකත් කියවලාම අවසානයක් ගැන කතා කරමුකෝ..

    ReplyDelete
  14. මගේ කොමෙන්ටුව කෝ මහත්තයෝ?
    මම කීවේ සියාමා වගේම ආසාවෙන් කියෙව්වා කියලා.
    ඉදිරියටත් කියවන්න ඉක්මනට දාන්න අනික් ටික.

    ReplyDelete
    Replies
    1. මගේ එකේද ඒ කොමෙන්ටුව දැම්මේ? එහෙම එකක් ආවේ නැහැනේ?

      Delete
  15. මේ රුසියන් යාං හෑල්ල අහලම ඇතිවෙලා මොකද .
    අපේත් අයියලා දෙන්නෙක්ම ඉහලට ඉගෙන ගන්න කියා රුසියා ගියා. මොනවා කියනවද ඉතින් රුසියාවම තෝරා ගන්නා හේතුව එකෙන්ම ස්ත්‍රි සුවය පතා තමා.එහෙම ගියාට ඉතින් අර සිදුහත් ලේනා නැට්ටෙන් මහමුද ඉස්සා වගේලු තමා.

    රුසියන් කෙල්ලන් ලංකාවේ කොල්ලන් ගැන කියන කතාව මෙතන ලියන්න මට එය සභ්‍ය වදන් වලට පෙරලාගන්න ශක්‍යතාවයක් නැහැ.

    මේ කතන්දරේ ටිකක් රිලැක්ස් ලියන්න. මොකද මේ හයි ස්පිඩ් ලිවිල්ල ඔ්වා නොදන්න කෙනෙක්ට ටිකක් පැහැදිලි මදි.



    ReplyDelete
    Replies
    1. මේ කතාව මට හොඳටම විශ්වාසයි ඔයා අහල නැහැ කියල. ඒ නිසා ඉවසිල්ලෙන් ඉන්න.

      Delete
    2. අවවාදයට ස්තූතියි. උත්සහ කරන්නම්.

      Delete
  16. අජිත් අයියා... තව ටිකක් ලුණු ඇඹුල් කාරිය දාල ඉතුරු කොටස ලියන්න.. රස වින්දා..

    ReplyDelete
  17. රසු්‍යාන් අත් දැකීම මත වියමනක් ඉදිරියට කියවාගෙන යනවා අජිත්

    ReplyDelete
    Replies
    1. sthuthiyi. ඔබට හරි යයිද දන්නේ නැහැ මේ වගේ කථා

      Delete
  18. රුසියානු කාන්තාවන් ගැන මුහුදු කරේ ඉන්න මටත් යම් යම් අත්දැකීම් තියෙනවා.අවාසානාවකට ඒවා ප්‍රබල අත්දැකීම් නෙවෙයි. "යා ලෙබ්ලුයු" ඔය වගේ වචනත් එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා.උන් අපිට සාපේක්ශව පට්ට නිදහස් එවුන්

    ReplyDelete
  19. ප්‍රථම ප්‍රේමය 12 කියල දැක්කම මං බැලුවා කෝ මේකෙ එක කියල... දැන් ඉතින් මුල ඉඳන්ම බලන් යන්න වෙනවා...

    මට හිතාගන්න අමාරුයි ලංකාවෙ පිරිමි තමන්ට ඕනම අත්දැකීමක් ලබන්න පුළුවන් නමුත් ගැහැනු පාරිශුද්ධව, කුටුම්භයටම හිරවෙලා ඉන්න ඕන කියල හිතන්නෙ ඇයි කියල. ගැහැනු කීප දෙනා ඇසුරු කරන නමුත් තමන්ගෙ බිරිඳගෙ පතිනිභාවය ගැන ආඩම්බර වෙන පිරිමි මං දැකල තියෙනවා. හනේ මන්දා... මට නම් කවදාවත් පිරිමින්ව තේරුම් ගන්න බෑ අයියේ...

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.