Friday, 12 February 2016

ප්‍රථම ප්‍රෙමය ඔබ නොවේ (7 ) - පස් අවුරුදු සැලැස්ම


පළමුවන කොටස 

දෙවන කොටස 

තෙවන කොටස

හතරවන කොටස

පස්වන කොටස

සයවන කොටස

ඉතින් ඇය පැමිණියාය. ඇය පැමිණි දවසේ ඇගේ සොයුරිය ඒමට ප්‍රථම දුම්රිය ස්ථානයේදී හමුවීමට දෙදෙනා කතා බහ කර ගත්හ. වැඩිමහල් සොයුරිය කෙලින්ම විශ්ව විද්‍යාලයට ඒමට පොරොන්දුවී තිබුණි. එකිනෙකා හමුවීමට දෙදෙනාම සිටියේ දැඩි නොඉවසිල්ලකින් බව දෙදෙනාටම වැටහුනේ තාන්යා දුම්රිය නැවතූ පමණින් එලියට පැන වේදිකාවේ සිට ඔහු හමුවට ආ වේගයටත් හරියටම ඇය සිටින මැදිරිය සොයාගත් ගිහාන් මැදිරිය නවතින තැන ආසන්නයටම සොයාගෙන ඒ අසලම වගේ සිටි නිසාත්ය. දැඩි ලෙස වූ ආලිංගනයකින් හා මුව කිහිප වතාවක් තරයේ සිප ගැනීමෙන් අනතුරුව දෙදෙනාම රොස්ටොව් සිට පැමිනෙන දුම්රිය නවත්වන යරොස්ලාව් දුම්රිය පලින් පිටතට ගියහ.
"බ්ලින්චිකි එකට යමුද?" ගිහාන් ඇසුවේය. ඈ ඔහු දෙස නෙත් කොනින් බැලුවා, "ම්හ්" ලෙස සිහින් කෙඳිරියක් නැගුවා ඔහුගේ අත තදින් මිරිකා ගත්තාය. ඇය මුල් වරට හමුවූ දිනයේ මෙන්ම ගිහාන් ගේ හදවත ඩිං ඩිං ගා ගැහෙන බව ඔහුට දැනුනි.

බ්ලින්චිකි යනු පෑන් කේක් වැනි කෑම වර්ගයකි. බිත්තර හා බඩ ඉරිඟු පිටි වලින් සාදන මෙය මී පැණි, ද්‍රව චොකලට්, රෝස පාට සැමන් මාළු පෙති හෝ මිල අධික මාළු බිත්තර (caviar) සමග කෑමට තිබේ. කෑමෙන් පසු උණු චොකලට් පානයක් හෝ කිරි කෝපි කෝප්පයක් ද ලැබෙන මේ අවන්හල සම විටම ජනයා ගෙන් පිරී තිබුණි.

කෙළවරේම තිබු මේසයක අසුන් ගත් පසු දුම්රිය පළේදී ඔහු විසින් ඇගේ අතින් ඉල්ලා ගෙන පැමිණි බරැති ගමන් මල්ල ගිහාන් අයිනකින් තැබුවේය. මේසයේ හිඳගත් තාන්යා මුහුණ දෙඅත් තුල රුවා ගත්තාය. "ප්‍රශ්නයක්ද"
"මට ඔයාව හමු වෙන්නේ නැතිව අක්කා ගේ නවාතැනට යන්න වෙනවා. එයා කැමති නැහැ ඔයා ගාවට එනවට" ගිහාන් ගේ හදවත කඩා වැටුනේය.
"මදැයි පෙරුම් පුරා ගෙන හිටියා " ඔහුට සිතුනි.
 "මම කෑමට බ්ලිනි ගේන්නම්. පස්සේ කතා කරමු. ඔයා ට චොකලට් පානය"
 "ඔව්" හිත කීරි ගැස්සෙන මද සිනාවක් පැමිණ ඇය කීවාය . එදා ඇගේ දුටු අපූරු සුන්දරත්වය ඒ බැල්මේ අදත් තිබේ.
"ඉතින් මොකද වුනේ" දුරකතනයෙන් නොකියා සිටි කතාවක් කියන්නට ඇය සැරසෙන බව ඔහුට වැටහිණි.
"මම දුරකතනයෙන් කිව්වේ නැත්තේ ඔයා කණගාටු වෙයි කියල. එදා පාර්ක් කුල්තුරි උද්‍යානයේ දී මගේ සොහොයුරිය ලේනාත් හිටියා. ඔයා එනවා දැකල මම එයාට කිව්වා අර ඉන්දියන් නළුවා එක්ක අද මම කතා කරනවා කියල." ගිහාන්ට සිනා ගියේය.
 "ඒ කියන්නේ ඔයා පස් අවුරුදු සැලසුමක් ගහල මාව අල්ල ගත්ත" සෝවියට් පස් අවුරුදු සැලසුම් මතක් කරමින් ඔහු කීවේය.
"නැහැ මං ඔයාට එදා කිව්වනේ හේතුව. "
"ඔව් ඔව් මම විහිළුවට කිව්වේ."
"ලේනා කැමති වුනේ නැත්තේ එයා කේජිබී විද්‍යාලයේ ඉගෙන ගන්න නිසා. ඇයගේ පෙම්වතාත් ඒකෙමයි. ඉතින් එදා එයාට ඔයාට කතා කරමු කීවාම මටත් බැනල ගියා. ඔයා දැක්කේ නැතුව ඇති. අද ඔයා එනවා කීවාම මට කීව ඔයාව අද එක්ක එන්න එපා කියල. එයාගේ පෙම්වතා එනවා කියලා."
"මදැයි මම බලන් හිටියා ඔයාගේ සොහොයුරිය වත් මුණ ගැහිලා හොඳ ආපන ශාලාවකට කෑමකට යන්න " අක්කා කියා වචනයක් රුසියන් භාෂාවේ නැති අතර සහෝදර සහෝදරියන් බොහෝ විට නම කියා අමතා ගනී.
"ඉතින් ඔයාගේ අම්මා මුකුත් කියන්නේ නැහැනේ මම කතා කරන කොට"
"අම්මා නම් ඉතින් මගේ පැත්තේ. තාත්තා කෑ ගැහුවා ටිකක් හොඳ රුසියන් කොල්ලෝ ඇත්තෙම නැත්ද කියල" ඇය සුමුදු දත් දෙපල විහිද සිනා සුනාය. ඇගේ දෙතොලේ කිමිදී මුව මි උරා බිමට ඇත්නම් සිතමින්ම ගිහාන් ඇගේ සිනිඳු අත්ල ගෙන තම සුරතට මැදි කර ගත්තේය,

කේජිබී විදුහල ගැන ගිහාන් මුලින් ම කියෙව්වේ නවකතා වලය. මුලින්ම සෝවියට් රුසියාවට පැමිණි විට ඔවුන් නවාතැන් ගත්තේ පියකරු විශාල හෝටලයකය. එය විශ්ව විද්‍යාල හෝටලය හෙවත් රුසියානු භාෂාවෙන් ගස්තිනිත්සා උනිවෙර්ට්ස්කයා යනුවෙන් හැඳින්විනි. තරු තුනක විශාල හෝටලයක් වූ එය අසලම ඔවුන්ට කෑම ගැනීමට ඇති විශාල ආපන ශාලාවද විය. ශ්‍රී ලංකාවෙන් පැමිණි සිසුවියන් බොහොමයක් එහි ඇති රුසියානු කෑම ප්‍රතික්ෂේප කල අතර ගෙවල් වලින් ගෙන ආ මාළු ඇඹුල් තියල්, සීනි සම්බෝල ආදිය සමග පාන් කෑහ. ගිහාන්, සුහද ඇතුළු පිරිමි සිසුන්ට වැඩි ප්‍රශ්නයක් තිබුනේ නැත. ඔහු ලංකාවේ කෑම ගෙනාවේද නැත. ගව මස්, සොසේජස් හා බිත්තර ද සුප් වර්ග හා රස කැවිලිද ඔවුහු මහත් කැමැත්තෙන් ගිල දැමූහ.

 ඉන්පසු ඔවුන් කලේ එම හෝටලය ඉදිරිපස පාරේ ඇවිදීමයි. එම මාවත මැද ඇපල් ගස් වැවී තිබුණි. ශීත සෘතුව එළඹීමට කලින් අගෝස්තු මාසයේ අග භාගයේ රුසියාවට ගිය ඔවුන්ට ඇපල් වලින් පිරුණු ගස් දැකීම මහත් ප්‍රීතියට කරුණක් විය. ගිහාන් ඇතුළු පිරිමි සිසුන් කිහිප දෙනෙකුද කෙල්ලන් ට දෙන්නටද ඇති වෙන්න ඇපල් කඩා ගත්හ. අහල පහල ගමන් ගත් රුසියානුවෝ එදෙස බලමින් ගමන් ගත්තා මිස කිසිවක් කිවේ නැත. ඇපල් රුසියාවේ ඉතා ලාභ බව ගිහාන් පසුව දැන ගත්තේය.


මේ හෝටලයට ඔවුන් පැමිණි පසු ඔවුන් කණ්ඩායම් කරන්නට, අවශ්‍ය නොයෙක් දේවල් කියා දෙන්නට සිටියේ පියකරු ලාබාල රුසියානු තරුණියන් හා කඩවසම් රුසියානු තරුණයන්ය. සුහද, ගිහාන් ඇතුළු පිරිමි සිසුන් රුසියානු තරුණියන්ට වහ වැටුණු අතර නිතර ඔවුන්ට විහිළු කරන්නටත් පසු පස යන්නටත් විය. කෙල්ලන් ඔවුන්ට ලංකාවෙන් ගෙනා තේ කොළ පැකට් ආදිය දුන්හ. ඔවුන් කේජිබි විදුහලෙන් යයි ඔවුන් බැලීමට පැමිණි වැඩිහිටි සිසුවෙක් කීවේ ඒ දැකය.

ගිහාන් පසුව ඉගෙන ගත් පරිදි කේජිබි විදුහලේ නම දෙර්ශින්ස්කි උසස් විද්‍යායතනයයි. ෆීලික්ස් දෙර්ශින්ස්කි යනු පසුව කොමියුනිස්ට් වාදියෙකු වූ පෝලන්තයේ උසස් පවුලක සිටුවරයෙකි. නොවැම්බර් 7 ද සිදුවූ රුසියානු කැලැන්ඩරයට අනුව ඔක්තෝබර් විප්ලවයේ නායකයා වූ ලෙනින් විප්ලවය ආරක්ෂා කිරීම සඳහා හා ප්‍රති විප්ලවයට එරෙහිව කටයුතු කිරීමට හදිසි කමිටුවක් සාදා එය භාර දුන්නේ ෆිලික්ස්ටය. හදිසි කමිටුව යන අරුතින් සැදුනු චෙකා නමින් එය හැඳින්වුණි. විප්ලවය සුරැකීමට එය වැදගත් වූ අතර ස්ටාලින් ගේ කාලයේ එන්කවද (NKVD) හෙවත් "අභ්‍යන්තර රාජ්‍ය ආරක්ෂාව සඳහා මහජන කමිටුව" නමින් නම වෙනස් කර ලව්රෙන්ති බෙරියා නමැති ජෝර්ජියානු ජාතිකයාට භාර දුන්නේද මෙයයි. බෙරියා අතින් සෝවියට් දේශයට ද්‍රෝහීන් කියා වැරදි ලෙස හංවඩු ගසා බොහෝ ගනනක් රුසියන් බුද්ධිමතුන් හා සාමාන්‍ය ජනතාවට මරුමුවට පත් කෙරිණි. එසේම ඔහු එවැනිම බොහෝ ගණනක් ගුලාග් නමින් හැඳින්වුන දේශපාලන සිර කඳවුරු වලට යවන ලදී.

තාන්යා තම සොයුරියගෙන් අසා දැනගත් පරිදි විදේශ සිසුන් පිලි ගැනීම සඳහා මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ භාෂා අංශයේ සිසු සිසුවියන් අතරට කේජිබී විදුහලේ සිසුවියන් තමන් ගේ මුල්ම "වැඩ පුහුණුව" සඳහා යවන බව තහවුරු කලාය.

එදා ස්වෙත්නොයි බුල්වාර් (එලිය පිරුණු දෙපස වෘක්ෂයන් ඇති මාවත) උමන් දුම්රිය පළේදී මද සිත් තැවුලෙන් යුතුව කිහිප වරක් තරයේ තාන්යා වැළඳ ගත් ගිහාන් ඇයට සමු දුන්නේ නැවත දුරකතනයෙන් කතා කරන බවට ගිවිස ගනිමිනි. ඔහු ඉන්පසු ඒ ලංගම පිහිටි ප්රෝස්පෙක්ට් මීරා (සාමයේ මාවත) නමැති උමන් දුම්රිය පල අසල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට ගියේ සිංහල පුවත් පත් කියවිමටය.

~~~~~~~~~~~~~~~~මතු සම්බන්ධයි ~~~~~~~~~~~~~~~~~~~~~~~~

ගූගල් ක්‍රෝම් බ්‍ර්රව්සරයේ ප්‍රශ්න නිසා වචන නිවැරදිව පල නොවීම පිළිබඳව කණගාටුව පල කරමි.

28 comments:

  1. කතාව ගතියටම නැගල යනව වගේම
    කතාවෙ අස්සෙන් පස්සෙන් එ තොරතුරුත් ඇත්තටම වටිනව.මොකද දන්නැති දෙයක් දැනගන්න චෑන්ස් එකක් එන හිංද
    ඉතුරු කොටසත් පරක්කු නොකරම දුන්න නං

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය වැඩ මෙන්ම තවත් දහසකුත් එකක් වැඩ අතර සිරවී ............ස්තූතියි

      Delete
  2. හෑ....
    ඇයි තාන්යා....ඔයා..?
    බලමුකො ඉස්සරහට මක්වෙයිද කියලා
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තාන්යා ලා ඔහොම්මමයි.

      Delete
  3. රහයි මචෝ...

    ඒත් මම එක දෙයක් හිතා ගත්තා උඹ මේක ඉවර කරන දවසට ඔක්කෝම ලින්ක් ටික ඒකේ දාපන්... එක පාර නවල් එකක් වගේ කියවන්න.. මෙහෙම කියෙව්වම රහ නෑ... ඒ නිසා අවසාන එක දක්වා මගේ කොමෙන්ට් තියෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. මොනවාද කෑවේ බන් .............දන්නවා මචන්. මේ නෙලුම් යාය උත්සවේද මොකක්ද කියල එකක වැඩක් වැටිලා නිවනක් නැහැ.

      Delete
    2. මම මුල් ටික කියවන්නෙ නැතුව ඉඳලා 5න් විතර පටන්ගත්තෙ අන්තිම හරිය වෙන්නැති කියලා.ඉවර උනාම ආයෙ රවුමක් අදිනවා.අර ලිංක් වැඩේ නම් වටිනවා

      Delete
    3. //එක පාර නවල් එකක් වගේ කියවන්න..//
      same here. මම තාම මේ කතාවෙ එක කොටසක්වත් කියවල නෑ, පළවෙනි කොටසට බුක්මාක් එකක් දාල තියන් ඉන්නව ඉවර වෙනකම්.

      Delete
  4. ෆීලික්ස් දෙර්ශින්ස්කි යනු පසුව කොමියුනිස්ට් වාදියෙකු වූ පෝලන්තයේ උසස් පවුලක සිටුවරයෙකි. නොවැම්බර් 7 ද සිදුවූ රුසියානු කැලැන්ඩරයට අනුව ඔක්තෝබර් විප්ලවයේ නායකයා වූ ලෙනින් විප්ලවය ආරක්ෂා කිරීම සඳහා හා ප්‍රති විප්ලවයට එරෙහිව කටයුතු කිරීමට හදිසි කමිටුවක් සාදා එය භාර දුන්නේ ෆිලික්ස්ටය.///////// Did Felix Dzerzhinsky Suffer From Posttraumatic Embitterment Disorder? http://transyl2014.blogspot.ca/2015/03/did-felix-dzerzhinsky-suffer-from.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රුවන්. මෙතනට ගැලපෙන පෝස්ට් එක සොය දැම්මාට.

      Delete
  5. කතාව ලස්සනට ගලාගෙන යනවා.දැන් මුල ටික ටිකක් අමතකයි වගේ. ආයෙත් මුල ටික කියවන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මම දිගටම ලියන්න ගන්නවා නෙළුම් යාය උත්සවයෙන් පස්සේ.

      Delete
  6. සුපිරි සහෝ,විශාල වටපිටාවක් ස්පර්ශ කර ඇති නිසා දැනුමටත් බොහෝ දේ එකතු වුනා,
    ජයෙන් ජය සහෝ,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්තියාදු කාරයා. මේ පැත්තේ ආවටත් තුති.

      Delete
  7. කතාව නං මාර රහයි.යලට මහට ලියන එකයි වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ ගේ වැරැද්ද

      Delete
    2. http://topdocumentaryfilms.com/who-really-invented-vodka/

      Delete
  8. අද කතාව දිග මදි...

    ReplyDelete
    Replies
    1. දිග වැඩි වුනොත් මාතා කියවන්නේ නැතිලු.

      Delete
    2. මටත් හොදයි මේ ගානට ලියන එක.

      Delete
  9. ක්‍රෝම් වැඩේට විචාමාමා සහ නිමෝ එකතු වෙලා ක්‍රමයක් හොයා ගෙන..... එ්ත් වැඩේ ගොඩදාගන්න නොහැකි වුණා....... ගිහින් බලන්න...

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් එකේ ඇරියම ප්‍රස්හෙන් නැහැ, නමුත් ගුගල් ටයිප් කරන කොට ආයේ එනව. තව ක්‍රමයක් අරූ කියල දුන්න. අද බලමු.

      Delete
  10. ආපහු ලියන්න ගත්ත දවසේ ඉදන් බලන් ඉන්නේ කතාව ඉවරවෙනකන්.ඔක්කොම ටික එකපාර කියවන්න.තාම කියෙවුවේ 4වෙනි කොටස විතරයි.එහෙම බලන් ඉන්නකොට තමයි හිතෙන්නේ ,මේ ලංකාවේ දේශපාලනය කියලා දෙයක් නොතිබුනානම් කොච්චර ශෝක්ද කියලා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේවා ලිය ලිය හිටිය හැකි.

      Delete
  11. අප්පා..... සෑහෙන කාලයක් බලං ඉන්ට වුනා නොවැ...... මුල කොටස් ටික කට පාඩං කියවලම......
    අනේ.... පිං සිද්ද වෙයි දෙයියො..... ඉක්මනට කොරන්ට....(ලියන්ට..)

    ReplyDelete
  12. ලස්සනයි කතාව.. ඊලග කොටසත් ඉක්මටම දාමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිංහ මචන්.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.