Tuesday, 28 June 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (අටවන කොටස )

පළමුවන කොටස 

දෙවන කොටස 

තෙවන කොටස

හතරවන කොටස

පස්වන කොටස

සයවන කොටස

හත්වන කොටස 

ඇය මොස්කව් වල ඉගෙනීමට පැමිණියාය. පැමිණි දවසේ ගිහාන්ට යාමට නොහැකි වුනේ සොයුරියත් ඇගේ කේජිබි පෙම්වතා ත් නේවාසිකාගාරයේ කාමරයට ඇය සමග ගොස් ඒ සියලු කටයුතු කරන නිසාය. යන්තම් දහ අටට ලංවන තම නැගණියට සොයුරිය තදින් ආදරය කරන බව ගිහාන්ට වැටහුණි. ඇය තම සොයුරිය තාන්යා වෙනුවෙන් තරමක් ආරක්ෂාකාරී බවද වැටහුණු ගිහාන් ඒ දින කිහිපය අපහසුවෙන් මුත් ඈත් වී සිටියේය.

එහෙත් ගිහාන්ගේ ඉහටත් උඩින් මල් පිපිලාය. ඔහුට යහළුවන් මතක නැත. පන්ති අවසන් වූ වහාම ස්තලෝවයා එකෙන් රුසියානු කෑම කා දුරකථනය ලඟට දුවයි. හරියට හවස හතට තාන්යා තම නේවාසිකාගාරයේ දුරකථනය අසල රැඳී සිටින්නී ඔහුගේ ඇමතුම බලාපොරොත්තුවෙනි.

මේ ආදර අන්දරය සුහදට ඇල්ලුවේ නැත. ඔවුන් දෙදෙනා දවසක් හැර දවසක්  රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමට ගිවිස ගෙන තිබුණි. මස් කරියක්  එක එළොළුවක්  සහ බතක් සැමදාම පිළියෙළ කෙරුණි. බොහෝ විට තවත් යහළුවෙකු දෙදෙනෙකුද එයට සෙට් වෙති. නැතහොත් ඉතිරිය පසුදා දවල් කෑමට ගනිති. ගිහාන්ට දැන් කිහිප  වතාවක්ම ඉවීම මිස් වීම යහළුවන් දෙදෙනා අතර ඇතැම් විට වාදයක් තරම දුර ගියේය.  අන්තිමේදී දෙදෙනා කාමරයේ සිටින දවසට උයන ඩියුටිය බෙදා ගන්නට කතා කර ගත්හ. අනිත් වෙලාවට සුහද මරියා  සමග රාත්‍රී ආහාරය ගනු ඇත. නැත්නම් අනිත් කොල්ලන්ට සෙට් වෙනු ඇත.

දීර්ඝ සති තුනක කාලයකින් පසු තාන්යා අවසානයේදී කොළ එලි ය දැල්වූවාය. චොකලට් තුනක් ඇයට ලැබුණු කාමරයේ සිටින සිසුවියන් තිදෙනාටත් වහ්ක්ත්යෝර් (මුර කාමරයේ ) වැඩිහිටි කාන්තාවට  කෝපි පැකට් එකකුත් රැගෙන සෙනසුරාදා  සවසක පැමිණෙන ලෙසයි. ඇගේ  සොයුරිය පැමිණෙන්නේ නැත.
රුසියානු කල්බසා 

චොකලට්  මල්ල, කෝපි මෙන්ම කල්බසා නමැති ඌරු  මස් වලින් සාදන ලොකු සොසේජස් දෙකක්  හා බල්ගේරියන් වයින් බෝතලයකුත් රැගෙන තාන්යා හමුවීමට හාපුරා කියා මොස්කව් නේවාසිකාගාරයට ගිය දිනය අද වගේ මතකය.

තාන්යා ඉදිරි කරගෙන කෙල්ලන් හතර දෙනා  ඔහුව පිළි  ගත්තේ මදක් ලැජ්ජාවෙන් ඇඹරෙමින් බව ගිහාන්ට දැනුනි.  ආන්යා හෙවත් ආනිච්කා, ඉන්ගා හා ඔල්ගා හෙවත් ඕල්යා ඔහුට හඳුන්වා දුනි. ලජ්ජාවෙන් මදක් ඇඹරෙමින් මෙන් ඕල්යා තමන් ඉන්දියානුවන් මින් පෙර දැක නැතැයි  පැවසුවාය. ඇය  ඈත ගමකින් පැමිණි සිසුවියකි.  "එයා ඉන්දියන් නෙමේ. ශ්‍රී ලංකාවේ " තාන්යා වහා පැවසුවාය. ශ්‍රී ලංකාව ගැන විස්තර කර ගනිමින් ඔවුහු කාමරයේ තිබු ඇඳන් හතරේ හිඳ ගත්හ.

අංක 108 වූ කාමරය තිබුනේ  කොරිඩෝරයේ කෙලවරට වෙන්නය, එය අති විශාල කාමරයකි. ඇඳන් හතරක්  මුළු හතරේ තිබුණු අතර ජනේලය ළඟ එක මේසයක් විය. බොහෝවිට පොත් දැමීම සඳහා සිසුවෙකුට බිත්තියේ ඇණ ගසා එල්ලන පොත් රාක්කයක්  හෝ දෙකක් ලැබෙන අතර හතර දෙනාටම ඒවා හතරක්ද අල්මාරි දෙකක්ද විය.  මේසයට පුටු පහක් හොයාගෙන විත් තිබුණි.  සාමාන්‍යයෙන් පුටුවක් හෝ දෙකක් පමණක් ලැබෙන අතර ඔවුන් ඒවා කාගෙන් හරි ඉල්ලා ගන්නට ඇතැයි ගිහාන් ට සිතුනි.
අගුර්ට්සි

ගිහාන්ගේ බඩු මල්ල පිළිගත් තාන්යා ඔහුව කෙලින්ම මේසය ලඟට ගෙන ගියාය. ඇය පුංචි කෑම මේසයක් පිලියල කර තුබුණි. බෝතල් වලින් ගත් ගර්කින් හෙවත් අගුර්ට්සි  ද බෝතල් වල බහා කල් තබා  ගන්නා  තක්කාලි ගෙඩි හා හතුද තම්බන ලද සොසේජස්  ද එහි විය.  චීස් කෑලි කිහිපයක් හා ලුණු දැමු ප්‍රේට්සෙල් දෙක තුනක් ද විය. ඕනෑම රුසියානු කෑම මේසයක තිබෙන කළු පාන් ගෙඩියක් ද විය. කළු පාන් ඉතා සෞඛ්‍ය  සම්පන්න ලෙස සැලකෙන්නේ සුදු පාන් තරම්  සිනි අඩංගු නැති හෙයිනි. සාමාන්‍යයෙන් රුසියානු සිසුන්ට වැඩි මුදල් නැති බව දත් ගිහාන් ඇය ගත්  මහන්සිය ගැන සතුටු විය.
ප්රෙට්සෙල් 
කළු පාන් 

ඔහු දුන් බෑගයෙන් කල්බසා එක ගත් තාන්යා එය අන්යා සමග කපා බටර් වෙනුවට මයෝනස් ගා පිලියෙළ කලාය.
ගිහාන් වයින් බෝතලය ඇර  සියල්ලන්ගේම වීදුරුවල ට පිරවිය. සියල්ලෝම සතුටින් ආහාර ගත්හ. කෙල්ලන්ට ගිහාන් ගෙන් ඇසීමට බොහෝ ප්‍රශ්න තිබුණි.  ආහාර ගැනීම අවසන් වෙත්දී ඉන්ගා කහට තේ පිළියෙළ කලාය.  රුසියානුවන් කොහොමත් කහට තේ කෝප්ප කිහිපයක් පානය කරති. බොහෝවිට වරේණිය (ජෑම්) සමග හෝ චොකලට් සමගය. තාන්යා ගිහාන් ගෙනා  චොකලටයක් කඩා බෙදුවාය.

"අපි දහයට විතර එන්නම්. උඹට වෙලාව ඇතිනේ කතා කරන්න. " තාන්යා දෙස ඇහැක්  ගැසූ ආන්යා අනිත් කෙල්ලන් දෙදෙනාද ඇදගෙන කාමරයෙන් පිටතට  ගියාය.

"ඒ ගොල්ලෝ කොහෙද යන්නේ" ගිහාන් ඇසීය.

"මම උන්ට චිත්‍රපටියක් බලන්න යන්න  සල්ලි දුන්නා . උන් දහයට  විතර එයි.  ඇයි ඒගොල්ලොත් ඕනද? මං විතරක් මදිද? "  දඟකාර ලෙස පවසමින් ගිහාන් වෙතට නටමින් පැමිණි තාන්යා ඔහුගේ  ගෙල වැළඳ ගත්තාය.

22 comments:

  1. අම්මේ ඉතිං තව හය මාසයක් ඉන්න ඕනනේ ඊළග කොටස බලන්න​.....
    --ඉමා--

    ReplyDelete
    Replies
    1. සොරි ඉමා මේ බ්රෙක්සිට් ප්‍රශ්නයි අරවයි මේවයි.

      Delete
  2. කල්බසා අගුර්සි සහ කළු පාන් ;; ම්ම්.... නොස්ටැල්ජික රසය

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මම නම් දැනුත් කනවා හැබැයි.

      Delete
  3. ආයෙත් රෂියන් පොත් කියවන්න පටන් ගත්තා වගේ... පරණ මතක අළුත් වෙනවා...

    ඉස්සර අපිට තිබුනේ රුසියන් පොත් විතරමනේ...

    ReplyDelete
    Replies
    1. හෑහ් මාතට රුසියන් පුළුවන කියල අදයි දන්නේ. :)

      Delete
  4. ප්රෙට්සෙල් රුසියානුද ජර්මන්ද??

    ReplyDelete
    Replies
    1. ජර්මන්. නමුත් රුසියාවේ බේකරි වල හදන ජනප්‍රිය කෑමක්.

      Delete
    2. Salt bun ? I ate in Dusseldorf, Germany

      Delete
    3. යේස් I like them too.

      Delete
  5. මුල කොටස් ටිකත් කියවන්ම ආවා... ලස්සනයි.. ඊලඟ කොටස කවද විතර කියවන්න ලැබෙයිද???

    ReplyDelete
    Replies
    1. බ්රෙක්සිට් එකට ලිපියක් ලියනවා. ඊට පස්සේ.

      Delete
  6. 8 කොටස තමයි කියවන්න මුලින්ම පටන්ගත්තේ. අනික් කොටස් 7 නිවාඩුවේ බලන්න ඕනේ. මෙහි කෑම පිලිබද විස්තරය හා චායාරූප කිහිපය වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  7. සුපුරුදු පරිදි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි භාග්‍යා

      Delete
  8. අර කෑම වර්ග වල රසය උපකල්පනය කරමින් කතාව රසවින්දා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැන් ලංකාවෙත් ගන්න තියනවා.

      Delete
  9. අද කෑම විතරයි.

    ReplyDelete
    Replies
    1. තව මොනවාද ඕනේ

      Delete
  10. කල්බසා.කළුපාන්,ඇඹුල් පාන් ගැන පරණ පොත් වල තියන එව්ව කියෝල තියන එව්ව මතක් උනා.. අජිත් අයියෙ ඇඹුල් පාන් කියන්නෙ මොනවද හැබෑට?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇඹුල් පාන් හුඟක් වෙලාවට කළු පාන් මයි. කළු පාන් සාමාන්‍යයෙන් ඇඹුල් ටිකක්. රයි වලින් හදන පාන් , අයිරිෂ් බ්‍රෙඩ් ඒවා හෙම ටිකාක් ඇඹුල්

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.