Wednesday, 14 September 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ ( නමවන කොටස )

පළමුවන කොටස 

දෙවන කොටස 

තෙවන කොටස

හතරවන කොටස

පස්වන කොටස

සයවන කොටස

හත්වන කොටස 

අටවන කොටස 

ඇගේ ආලිංගනයෙන් මනමත් වුනු  ගිහාන් ඇයව ඇඳේ පෙරලා ගත්තේය. මේ ඇඳන්  ඔහුගේ කාමරයේ තිබූ ඩිවාන් වැනි ඒ නොවේ. සාමාන්‍යයෙන් මෙවැනි නේවාසිකාගාර වල ඇති යකඩ  රාමුවක් ඇති ඇඳන් ය. එහි මැද යකඩ වලින්ම සෑදූ දැලකි. මෙට්ටය ඇත්තේ එහිය. මුලින්ම මෙවන් ඇඳන් ලැබුනේ පළමුවෙනි වසරේ ඉගෙන ගන්නා විටය. ඒවායේ ඔහුත් සුහදත් අනිත් සිසුනුත්  කුඩා ළමයි මෙන් උඩ පැන්න හැටි ගිහාන්ට මතකය.  ඒ යකඩ දැල ස්ප්‍රින්ග් එකක් මෙන් ක්‍රියාකර උඩ පැන්න  විට වැඩි වේගයකින් ඉහලට තෙරපන බැවිනි.

දෙදෙනාම වැටුණු වේගයටම උඩට විසිවිණි. තාන්යා ගේ කකුලක් මේසයට වැදී කකුල අල්ලා ගෙනම ඇය මෙට්ටය දිගේ පහළට රූටා බිම හිඳ  ගත්තාය. "මදැයි කොළා. ඔහොම දේවල් මයි මට වෙන්නේ " යි සිතූ ගිහාන් වහා බිමට පැන තාන්යා ගේ අතක් අල්ලා  ගෙන ලඟින් හිඳගති.
"පිස්සු කොල්ලා. ඔයිට වැඩිය ඉවසන්න පුරුදු වෙන්න කෙල්ලක් එක්ක" කී තාන්යා,
 "ඔයාගේ කාමරේ වගේ සින්දු අහන්න විධිහක් නැහැනේ. අර රේඩියෝ එක තමා තියෙන්නේ" කියා ආණ්ඩුවෙන් සවි කරන කුඩා ගුවන් විදුලි යන්ත්‍ර කෑල්ල පෙන්වූවාය. ඒ දිනවල කිසිම තේරුමක් නැති එක නාලිකාවක් පමණක් ඇති කුඩා රේඩියෝවක්  හැම කාමරයකම සවි කර තිබුණි. ඒවායේ වැඩිපුර ගියේ කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ කතාය. අනිත් වෙලාවට පරණ ගීතයක් හෝ සම්භාව්‍ය සංගීතයක හෝ ඔපෙරාවක කොටසක් වාදනය වේ. හිමිදිරි පාන්දර 5.30 ට පමණ විකාශය පටන් ගන්නා නිසා ශිෂ්‍යයන් බොහෝ විට මේවා හොරෙන්ම ක්‍රියා විරහිත කළහ.. වරක් ශිෂ්‍යයෙකු නිදිමතේම තමන්ගේ ඇඳ ළග තිබු සපත්තු, සෙරෙප්පු, පොත්, ප්ලාස්ටික් භාණ්ඩ සියල්ලෙන්ම එයට ගසා බැරිම තැන කෝපයට පත්ව පුටුවකින් ද ගසා එය කඩා දමා තිබුණි.

අසල තිබූ තමන්ගේ ගිටාරය තාන්යා රැගෙන උකුල හරහා තබා ගත්තාය.
"ඔයාට ගිටාර් ගහන්නත් පුලුවන්ද? " ගිහාන් විමසුවේය.
ගිටාරය අතට ගත් තාන්යා මදක් කල්පනා කළාය.
"අනේ මම ඔයා එනකන් හිටියේ" යි හිටි හැටියේ කී ඈ ගිහාන්ගේ මුව දැඩි ලෙස  සිප ගත්තාය. මොහොතක
දැඩි ආලිංගනයකින් පසු තාන්යා  මෙට්ටය සහ ඇඳේ කවර සියල්ල බිමට ඇදීමට ගත්තාය. ඇගේ අදහස සැනෙකින් වටහාගත් ගිහාන් ඇඳේ  මෙට්ටය හා කවර බිමට ඇද දැම්මේය.
බොහෝ දිනක් තෙරපාගෙන සිටි හැඟීම් හා ආශාවන් මුදාලන්නට දෙදෙනාම එකිනෙකා  වැළඳ ගත්හ. තාන්යා ඔහු එනතුරු සතිය පුරා  බලා සිටි බව ඔහුගේ කනට කොඳුලා, ඔහු මත හිඳ ගත්තාය. ගිහාන්ට එම මතකය විසින් තවමත් තමන්ගේ ඇඟ කිලිපොලා යවන  බව දැනුනි.

මුළු සතියම දේශනා වලට ගොස් මහන්සිවී සිටි දෙදෙනාට එකිනෙකා  වැළඳගෙනම නින්ද ගොස් තිබිණි. ඔවුන් ඇහැරුණේ චිත්‍රපටිය බලා ඉන්පසු අහල පහල ඇවිද පමාවී පැමිණි යෙහෙළියන් කාමරයේ දොරට තට්ටු කළ හඩිනි.  වහා කමිසයක් වැන්නක් හැඳගත් තාන්යා දොර මදකට හැර ඔවුන් සමග කතා කළේ ගිහාන්ට ඇඳ ගන්නට ඉඩ හරිමිනි. එකවර තාන්යා තල්ලු කරගෙන සිනාවෙමින් පැමිණි කෙල්ලන් ඇඳන්වල හිඳගත්තේ තාන්යා දෙස අමුතු අන්දමින් බලමිනි. ඔවුන්ගේ බැලුම් වලින් විලියෙන් රතුවූ තාන්යා ගිහාන්ගේ පිටුපසින් පැමිණ ඔහු ගේ උරයට හිස ඔබා වැළඳ ගත්තාය.

"ඔන්න ගිහාන්ගේ ශිෂ්‍ය හැඳුනුම් පත ගත්තා. දැන් මහ රෑ ආපහු යන්නේ ඕනේ නැහැ" ආන්නා හැඳුනුම් පත ඔවුන් දෙසට වීසි කලාය.
"ඒ කොහොමද, වහ්ක්ත් එකේ (නේවාසිකාගාරයට පිවිසීමේදී ඇති මුර පළ) ආච්චි කිව්වා අද ස්තුද් සවියෙත් එකෙන් ඉන්න නිසා කාඩ් එක දෙන්න බැහැ  කියල ". තාන්යා පැවසුවාය.
 ආච්චිට තේ කොළ දී යහළු වී තිබුණත් නේවාසිකාගාර ශිෂ්‍ය සභාවෙන් සිටිනම් ඒවා හරියන්නේ නැත. නේවාසිකාගාරයේ පාලනයට පාලිකාව හෝ පාලකයාගේ සහයට ශිෂ්‍ය සභාවක් තිබේ. එය රුසියානු බසින් ස්තුද් සවියෙත් කියා හැඳින්වෙයි. බොහෝ විට රුසියානු/සෝවියට් ශිෂ්‍යන්ගෙන් හා සභාපති කෙනෙක් ගෙන් සමන්විත වන්නක් වන මෙහි  සභාපති බොහෝ විට විශ්ව විද්‍යාලයේ  කේජිබි නිලධාරීන්ට සම්බන්ධතාවයක් දක්වන බවද නොරහසකි.

"ඇයි, දන්නේ නැත්ද, ස්තුද් එකේ සභාපති අලෙග් මෙයාට විශේෂ සැලකිල්ලක් දක්වනවනේ. තානිච්කා,  තේරුනේ නැත්ද මේ වැඩිපුර පුටු ආවේ කොහෙන්ද කියල ?" ඔල්ගා ආන්නා පෙන්වමින් ඇහැක් ගැසුවාය. තානිච්කා යනු රුසියානු බසින් තාන්යා ට ආදරයට කියන කෙටි නමය.
"මම ඇහුවම දෙන්නම් කිව්වා පුටු . ගිහාන් කොහෙද ඉන්නේ කියල ඇහුවා. ඊට පස්සේ ශිෂ්‍ය හැඳුනුම්  පත දුන්නා" ආන්නා අහිංසක බවක් ආරූඪ කර ගනිමින් කීවාය.

සභාපතියා අනිවාර්යයෙන්ම කේජිබි පොරක් විය හැකි බවත් ආන්යා ගෙන් තමන් ගැන විස්තර සොයා ඇති බවත් ගිහාන්ට සිතිනි.
කෙල්ලන් නිදා ගැනීමට සැරසෙන අතර දත් මැද  මුහුණු සෝදා එන්නට ගියහ. මේ  යකඩ ඇඳේ නිදා ගන්නේ කෙසේදැයි ගිහාන්ට සිතුනත් දැන් කරන්නට දෙයක් නැත. ඒවා වල නිදා ගත්තේ මුල් අවුරුද්දේ පමණය.
ගිහාන්ගේ මුලින්ම සිටි කාමරයේ  රුසියානුන් නිදා ගන්නේ යට ඇඳුම පිටිනි. තමන් මෙන් සරමක් වත් පිජාමා එකෙක් වත් ඇඳීමේ පුරුද්ද්දක් ඔවුන්ට නැති බව ඔහු දනී. ඔහු පසුව සරම අතහැර ලිහිල් කොට කලිසමක් හැඳ නිදන්නට පුරුදු විය. ජිවිතයේ ප්‍රථම වරට තරුණියක් හමුවුන ද ඇය සමග රැයක් ගත කරන්නේ දැන්ය.

"මේ අපි දිහා බලන්නේ නැතුව අනිත් පැත්ත හැරෙන්න." තාන්යාට  රෑ අඳින  ඇඳුමක් තිබෙන බවත් අනිත් තරුණියන් දෙදෙනාද දුහුල් රාත්‍රී ඇඳුමක් හැඳ සිටින බවත් ගිහාන් දැක ගත්තේය. එහෙත් ඒවාට යටින් මේ රූමතියන්ගේ යට ඇඳුමද පෙනෙන තරමට ඒවා දුහුල්ය.  "හෙට කොල්ලන්ට විස්තරේ කිව්වම උන්ට ඉරිසියා හිතෙයි". එසේ සිතත්ම ගිහාන්ට බකස් ගා හිනා ගියේය.
"ආයි අපට හිනා වෙනවා." තාන්යා සුරතලයට මෙන් ගිහාන් ගේ මුහුණට පහරක් ගසා  පොරෝනයෙන් ඔහුගේ මුහුණ වසා දැම්මාය. ඉන්පසු ඇයද  පොරෝනය තුලට ගුලිවුනාය.

හිමිදිරියේ අවදි වුනු ගිහාන්ට තම ළයේ හිස තබාගෙන නිදන තාන්යා ඇහැරවීමට ලෝභ සිතුනි. මද වෙලාවක් ඇගේ මුහුණ දෙස බලා සිටින ඔහුට ඇය කෙරේ ඉමහත් ස්නේහයක් දැනුනි. තමන්  ඇයට නිසැක ලෙසම ආදරය කරන්නට පටන් ගත්තේ ඒ මොහොතේ සිට බව ගිහාන්ට සිතුනි.

ඉතා සෙමින් දෙනෙත් හැරි තාන්යා ඔහු දෙස බැලුවාය.
"මට හීනෙන් පෙනුනේ ගෙදර ඉන්නවා වගේ. ඔයයි මමයි දොන් නදියේ ඉවුර දිගේ ඇවිදින්න ගියා. ඔයා පය ලිස්සල වතුරට වැටුන. මම ඇදල ගන්න කොට මමත් වැටුන. දෙන්නටම හිනා . එතකොට ඇහැරුනා" ඈ රහසින් මෙන් මිමිණුවාය. අනිත් කෙල්ලන් තද නින්දේය.
"මට නම් තැන පුරුදු නැති නිසා නින්ද ගියේ ගොඩක් වෙලා ගිහින්. ඒක නෙමේ අපේ නේවාසිකාගාරෙට යමුද? ගිහින් හෙට මම ගෙනත් දාන්නම් " ගිහාන් සිහින් හඬින් විමසුවේය.
"අක්කා ආවොත් "
"එයාගේ නේවාසිකාගාරෙට කතා කරලා පණිවිඩයක් තියමු."
"එයාට තරහ යයිද දන්නේ නැහැ. කමක් නැහැ. මටත් ආසයි ඔයා ළඟට වෙලා ඉන්න. එහෙනම් යමු"
තාන්යා බෑගයට ඇඳුම් තොගයක් ඔබා ගත්තාය.
"ඔච්චර ඇඳුම් , ඔයා නවතින්නම එනවද " ගිහාන් සිනාවෙන් ඇසීය.
"ඇයි එපාද ? මට කිළුටු ඇඳුම් හෝද ගන්න ඕනේ. සති අන්තයේ කළේ නැත්නම් කොහොමද?"
එකම ඩෙනිම හා වෙනත් කලිසමක් මාස දෙක තුනක් පට්ට ගසා අඳින ගිහාන් කමිස තෝරන්නේ වඩා කිලිටු අඩු එක වශයෙනි. ඔවුන් රෙදි සෝදන්නට යන්නේ මසකට වරකි. නැත්නම් සෝදා දෙන තැනකට මුදල් ගෙවා භාර දෙති.
"ඔයා දිගටම ඉන්නවා  නම් මම කැමතියි. යමු." ගිහාන් කී විට තාන්යා ඔහුගේ වැලමිටට ඇන සිනාසුනා ය.
ඔල්ගා ඇහැරවී කෑ ගැසුවාය.
"පෙම් කුරුල්ලෝ, ඇහැරිලා නම් පලයව් යන්න  අපට නිදා ගන්න  දීල."
සිනා සෙමින්ම,අඩ  නිරුවතින්  පොරෝනයෙන් එලියට කකුලක් දමා  ගෙන හුන් ඔල්ගා ගේ හිසට චුම්බනයක් දුන් තාන්යා මවක් මෙන් ඔල්ගා පොරෝනයෙන් වසා ගිහාන්ගේ අත රැගෙන කාමරයෙන් පිට වුනාය.

නේවාසිකාගාරයේ ඉදිරි දොර අසල මුර පොලේ කිසිවකු සිටියේ නැත. තාන්යා ගේ බඳ වටා අත යවා ඇය තුරුළු කර ගනිමින් ගිහාන් එළියට පිය මැන්නේය.



46 comments:

  1. ඉස්සරෝම කියෙව්වෙ අජිත් අයියෙ...හරි ලස්සනයි.. රුසියන් පරිවර්තනයක් වගේ...
    අර කේජීබී කියන්නෙ....කේරළ ගංජ බොන කියන එක වෙන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. පළමු කොටස් අට කියෙව්වද? පරිවර්තනයක් නොවේ. මගේ නිර්මාණයක් පමණි.
      //ර කේජීබී කියන්නෙ....කේරළ ගංජ බොන කියන එක වෙන්නැති නේද?// එළ . මීට පස්සේ එහෙමයි කියන්නේ.

      Delete
    2. නැ අජිත් අයියෙ... ඇත්තටම කියවන්න වෙලාවක් තිබුනෙ නෑ...ඉස්සරහට හෙමින් සැරේ කියවන්නම්..

      Delete
    3. සම්පුර්නයෙන්ම කියවන්න වෙලාවක.

      Delete
  2. මාත් මේ කොටස තමයි පළමුවෙන්ම කියෙව්වේ. ලස්සනයි. නිවාඩු වෙලාවට අනික් කොටස් ටිකත් කියවන්නම් අයියෙ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පොත් මැදින් කියවල මුලට යන අයත් ඉනන්ව තමයි. හේ හේ

      Delete
  3. ඇති යන්තම් කාලෙකට පස්සේ මතක් වෙලා තියනවා මේකේ කොටසක් දාන්න.

    මේ ලිඅන විදිහට මේවා හරියට අජිත්ට වෙච්ච දේවල්ම ද කියලත් හිතෙනෝ..

    ReplyDelete
    Replies
    1. ඔය එනම් මනම් කියනන් එපා. මනඃකල්පිත කතාවකි.

      Delete
    2. සැකයක් නෑ,අජිත් ය‍ාළුවෙක්ගෙන් අහගත්ත විස්තරයක් ලු ලියන්නේ.

      Delete
    3. නිර්මාණයක් කියල හිතාගෙන ලියන දෙයක්, අහගත්ත විස්තරයක් කියල කිව්වහම හිතට ටිකක් දුකයි මචෝ.

      Delete
  4. අම්මේ, ඇති යන්තම්. මග බලාගෙනයි හිටියේ. ඊ ළඟ කොටසත් ඉක්මනටම එවන්න.

    ReplyDelete
  5. මුල සිට කියවන්න ඕන මට මේ පෝස්ටු පෙළ මග හැරී තිබුණ බව පෙනෙනවා

    ReplyDelete
    Replies
    1. වටිනා දෙයක් මග හැරී ඇත. ඔය උග්ගල් නුවර පැත්තේ මතකයට බෙහෙත් කරනවද? මට අවශ්‍ය වෙලා තියෙනවා (ගොටුකොල ඇරුනම)

      Delete
  6. මාත් කොටස් වශයෙන් පළවෙන නවකතා කියවනවා නම් කියවන්නේ සේරම පළවෙලා ඉවර වුණාමයි. එකම එක්ෂෙප්සන් එක වුනේ සමනල විප්ලවය.

    නමුත් මේ කොටස කියෙව්වා.

    හැබැයි මට පෙනුනේ මෙතන එක අවස්ථාවක් (අර කෝච්චිය බිංගෙය ඇතුළෙන් යන කෑල්ල / මී මැස්සා මල උඩ වහන කෑල්ල) ලියවිලා නෑ වගේ!

    ReplyDelete
    Replies
    1. චෝදනාවක් ආවනේ වැල ලියනවා කියල. එනිසා අනවශ්‍ය දේ අනවශ්‍යයි කියා කපල දැම්ම. සමනල විප්ලවය පොතක්ද?

      Delete
  7. ඒ දිනවල කිසිම තේරුමක් නැති එක නාලිකාවක් පමණක් ඇති කුඩා රේඩියෝවක් හැම කාමරයකම සවි කර තිබුණි. ඒවායේ වැඩිපුර ගියේ කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ කතාය. අනිත් වෙලාවට පරණ ගීතයක් හෝ සම්භාව්‍ය සංගීතයක හෝ ඔපෙරාවක කොටසක් වාදනය වේ. හිමිදිරි පාන්දර 5.30 ට පමණ විකාශය පටන් ගන්නා නිසා ශිෂ්‍යයන් බොහෝ විට මේවා හොරෙන්ම ක්‍රියා විරහිත කළහ.////// මෙම රේඩියෝව ක්‍රියාත්මක වන්නේ බිත්තියට අල්ලන ලද සිදුරු දෙකකින් යුත් ප්ලග් එකකට සවි කිරීමෙනි. එයින් වෝල්ට් 6 පමණ විදුලියද රේඩියෝව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඇන්ටෙනාවද ලබා දෙයි. මෙම ප්ලග් එක මගින් කේජීබී එක සිසුන් ගේ සංවාද වලට සවන් දෙන බවට බොරු දූසමාන ආරංචියක් නිසා සමහර සිසුන් කතා කලේ මේ ප්ලග් එක අතින් වසාගෙනය​. අපගේ වෛද්‍ය පීඨයේ සිටි මන්සූර් නම් සිසුවා කතා කලේ මේ ප්ලග් එක අතින් වසාගෙනය. වර්තමානයේ මන්සූර් නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.

    වොලදියා ගේ පරණ රේඩියෝ කරච්චලය ඉරිදා දවස් වල හිමිදිරියේද ඇරඹීම නිසා උරණ වූ සිවලිංගම් වරක් වෝල්ට් හයෙන් වැඩ කරන රේඩියෝවේ වයර් දෙක වෝල්ට් 230 සම්බන්ධ කොට කිසිවක් නොදත්තෙකු මෙන් සිටියේය​.

    එදින උදෑසන රේඩියෝව ක්‍රියාත්මක කිරීමට වොලදියා ගත් උත්සහය ව්‍යර්ථ විය​. ඔහු දහ අතේ දඟලමින් රේඩියෝවේ දෝශය සෙව්වේය​. මම නිදාගත්තාක් මෙන් පොරවාගෙන සිටියෙමි. සිවලිංගම් බියෙන් බියෙන් හොරෙන් ඇස් ඇරමින් වොලදියා දෙස බලන්නට විය​. ඉන්පසු වොලදියා බැටරි වලින් වැඩ කරන ලොකු හඞක් එන රේඩියෝවක් ගෙන ආවේය​. එම නිසා අපට ඇපත් අහිමි විය​.

    ReplyDelete
    Replies
    1. ඔය ප්ලග් එක උඩ පින්තූරේ තියෙන්නේ. ඉඑගන් ගත්ත හැමෝටම අත්දැකීම් තියනවා නේද?

      Delete
  8. අර කිව්වත් වගේ ආයාසයෙන් හිතාගන්නම්කො මේක මනඃකල්පිත කතාවක් කියලා.(ජරමන් වලින් මේක ලිව්වනම්..... හෙහ් හෙහ්)
    තානිච්කා සුන්දරයි... බෝනික්කෙක් වගේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආයාසයෙන් හිතන්න දෙයක් නැහැ. ජර්මන් වලින් ලියන්න දන්නේ නැහැනේ භාෂාව.

      Delete
  9. අපි නම් ඉතින් මුල ඉඳලම මේක කියෝපු උදවියනේ...
    කතාව හොඳයි අජිත් අයියා...
    දැන් යන විදිහටනම් අවසානය හිතා ගන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු පුතා . පොඩි පුතාට කියල දෙනවා හෙම නොවෙයි දැන්මම. ස්තූතියි. අවසානය නේද? ඉඟියක් දෙන්නම්. අර රොටියා කාල තිබ්බනේ සෑම් ගේ කතාව ලියල. මොනවා කරන්නද රොටියගේ නිර්මාණ ශක්තියට හිස නවනවා මිසක්. එතන කතාවේ තියන කෑල්ලක් ඒ ගම් පළාත එක්කම එනවා . නමුත් මම දැන් හිතන්නේ ඒ කෑල්ල අයින් කරන්න කියල. එක්කෝ ගම් පළාත වෙනස් කරනවා. කතාව හිතේ නේ තියෙන්නේ. වෙනස් කරනන් උනාම අවුල්.

      Delete
  10. කතාව අමතක වෙලා තිබුනත්,, කියවගෙන යද්දි මතක් උනා.. කියල වැඩක් නෑ.. පොඩි පොඩි අප්සෙට් උනා.. අවුලක් නෑ ඉතිං.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි. මං හිතුව දේශකය තරහ වෙලා වත්ද කියල.
      //පොඩි පොඩි අප්සෙට් // මොනවද කිව්වා නම් ?

      Delete
    2. හැක් හැක්.

      වැල ගතියට ඔරොත්තු නොදීම බං. වෙන් මක්කද? හැබෑට මොකට තරහ වෙනවද මේ අධිරාජ්‍යවාදියෝ එක්ක මම.. ජය

      Delete
    3. වැල වැලක් නොව ආර්ට් එකක් කියල හිතුවම හරි. අපි ජිවත් එන්න සතුටට කරන දේවල්, ආදරේට කරන දේවල් ලේබල් නොගහ තියා ගත්තම ශරිඅර සෞඛ්‍යට හොඳයි.

      Delete
  11. ගොඩක් කාලෙකින්නේ කොටසක් දැම්මේ... ඊලඟ කොටස ඉක්මනින් ලියන්නකෝ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නංගි . දැන් දිගටම ලියන්න ඉන්නේ.

      Delete
  12. අදමයි දැක්කේ අජිත්, මුලින් මුල ඉඳලා කියවල එන්නම්.. වෙලාවක් හොයාගෙන..

    ReplyDelete
    Replies
    1. කියවල කියන්නකෝ.

      Delete
  13. /තාන්යාට රෑ අඳින ඇඳුමක් තිබෙන බවත් අනිත් තරුණියන් දෙදෙනාද දුහුල් රාත්‍රී ඇඳුමක් හැඳ සිටින බවත් ගිහාන් දැක ගත්තේය. /

    රුස්සියෝ නිතර අඳින (හම්පඩ) හලාත් එක ගැන වරුණාවක් දීලා නැති එක අඩුවක්.

    ReplyDelete
    Replies
    1. අදාළ නෑනේ මෙතනට. හලාත් එක කියල කියන්නේ ඕවර්කෝට් වගේ එකකට. දොස් තරලා හෙදියෝ විතරයි ලංකාව වගේ රටවල අඳින්නේ. සෝවියට් දේශයේ ඒ කාලේ ජනයා සමග වැඩ කරන හැමෝම අඅඳින්න ඕනේ නීතියෙන් . කොටින්ම කඩවල ඒ කියන්නේ මස් කඩ පවා අඳින්න ඕනේ. නිල් පාට ලා නිල් පාට හා දුඹුරු පාට පාට ඒවත් තිබුණා. ඔය කොණ්ඩේ කපන අයත් හලාත් හෙවත් ඕවර්කෝට් එක අඳින්න අනිවාර්යයි. මතකද දන්නේ නැහැ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හොඳ කතාවක් කියන්නම්. කඩවල එහම වැඩ කරන රුසියන් තරුණ කෙල්ලන් ඔය හලාත් එක ඇඳල, ගෙදරින් ඇඳන් එන හොඳ ඇඳුම කිළුටු කර ගන්න කැමති නැහැ. ඉතින් ගෙදරින් ඇඳන් එන එක ගලවල යට ඇඳුමට උඩින් ඕක දාගන්න එක තමා කරන්නේ. ඉතින් නෙතට රසඳුනක් වන දැකුම් පවා ලැබෙනවනේ. අපේ පැත්තේ එක කඩේක ලස්සන තරුණ ගැහැණු ළමයෙක් හිටිය. ග්‍රීෂ්ම කාලෙට එයා හලාත් එකේ පහල සිට සෑහෙන උඩහට එනකම්ම බොත්තම් ටික අරිනව. බෙල්ල ගාවින් ටිකක් පහලට වෙන්නම බොත්තම් අරිනවා. හිතා ගත්ත හැකිනේ දසුන. ග්‍රීෂ්ම කාලේ නිසා එයාට වරදක් කියන්නත් බැහැ , හැබැයි අපේ කොල්ලෝ නිතරම ඒ කඩේ. ලංකාවේ විතරක් නෙමේ. අනිත් රටවල විදේශික සිසුන් පවා එතන. කොල්ලෝ තමන්ට අනවශ්‍ය බඩු උනත් ගන්න යනවා. ගන්න ගමන් කෙල්ල සමග කදේ දා ගෙන ඉන්න තමා බලන්නේ. සමහර අය ඈතින් ඉඳන් හොරෙන් හොරෙන් බලල යනවා. ඉතින් මෙන්න ඉඳල එක ඇරබ්බෙක් කෙල්ලව යාළු කරගත්ත. ඌත් ටිකක් හැන්ඩිය තමා. මේකා කොල්ලෝ ගැන දන්නා හින්දම කෙල්ලගේ හලාත් එකේ බොත්තම් සම්පුර්නයෙන්ම දාගෙන ඉන්න කියල නියෝග කරලා යාලු වුනාට පස්සේ. මේකිගේ ඔලුව වහගන්න අර පලස්තීන එවුන් හෙම දාන අරාබි සළුවකුත් දීල. කොල්ලන්ට කොච්චර අප්සෙට් ගියාද කියනව නම් ලැට්ටෝ (ලතින් ඇමෙරිකන්) කොල්ලෝ දෙන්නෙක් මූට අල්ලගෙන හොඳටම ගහලා කඩේ ගාවදි. ඇබ්බෝ ගිය තැන අනනවා ඉතින්.

      Delete
    4. ඔන්න බලන්නකෝ මුලදී ටිකක් තරහ ගියාට හලාත් එකේත් මොන තරම් කතන්දර තියේද කියා, අජිත් ගේ ලියමනෙන් අතීත රූප හිතේ මැවෙනවානේ, අපි එක් එක් කෙනා හිතේ මවා ගන්නා රූප බොහෝ සෙයින් සමාන වුනත් පෞද්ගලික අත්දැකීම් අනුව ඒවා තරමක් වෙනස් වෙන්න පුළුවන්, අජිත් රුස්සියන්ගේ දුහුල් යට ඇඳුම් ගැන ලීවාට මගේ හිතේ කිසිම රූපයක් ඇඳෙන්නේම නෑ, ගෙදරට අඳින ගණකම හලාත් එකට යටින් යමක් ඇඳලා හිටි අය දැකලාම නැති කොට එහෙම රූප හිතේ කොහොම ඇඳෙන්නද? :) ඒකට හම්පඩ කීවේ පද් එක කාලේ ඉදන් අපි අතරේ පැවති පොදු ව්‍යවහාරයකට අනුවයි, ගොඩක් වෙලාවට පුංචි ප්‍රජාවක පොදු ව්‍යවහාරයක් හැදෙන්නේ එතෙන ඉන්නේ බොහොම එක්ස්ට්‍රීම අදහස් දරණ අය කීපයකගේ මත අනුව, ඒ වුනාට කන්ඩායමෙන් පිටදී කවුරුත් ඒ එක්ස්ට්‍රීම් වලට යන්නේ නෑ, හම්පඩයි කිවූ හලාත් ඇතුලේ හරිම උනුසුම් සහ නැවුම්.

      Delete
    5. ඇබ්බෝ රශියන් කෙල්ලන්ටත් දිගට ඇඟ වැහෙන්න ඇන්දවූවා, ඇත්ත තමයිනෙ. ගොඩක්ම ඈත ගම් වල කෙල්ලෝ තමයි උන්ට කොටුවෙලා හිටියේ, කාමර වලින් එළියට අරන් ගියෙත් නෑ.

      Delete
    6. ඇබ්බන් සහ ඔවර්කොට් (හලාත්) ගැන කතාවක්; අහ්මද් නාහෙට නාහන අවුරුදු කීපයක්ම පේල් වෙවි හිටි නාකි යේමන් ස්ටුඩන්ට් කෙනෙක්, කෙමෙස්ට්‍රි ලැබ් එකේ ලැබ්කොට් අනිවාර්ය නිසා මිනිහට ප්‍රොෙෆසර් කිව්වා හලාත් එකක් නැතිනම් ලැබ් එකේ දොර පිට පැත්තෙන් වහන්න, ඇතුලට එන්න ඕනේ නම් හලාත් එකක් හොයන් එන්නය කියලා. මේකා විනාඩි 5 විතර එනවා පිරිසිදු කරන අය අඳින නිල් පාට හලාත් එකක් ඇඳන්, ප්‍රොෆා කීවා කොරිඩෝව අතුගලා තියන නිසා නිල් පාට හලාත් තියන අය අවශ්‍ය නෑ කියලා ගිහින් ඊළඟ දවසේ සුදු හලාත් එකක් ඇඳන් එන්නය කියලා. ඊළඟ දවසේ මේකා ඇවිත් මැදින් ඔළුව දාන්න හිලක් කපපු හොස්ටල් එකෙත් ඇඳට දාන්න දෙන සුදු රෙද්දක් ඇඳ ගත්තා, හැමෝටම ඇහෙන්න හය්යෙන් කිව්වා, සුදු හලාත් ඩෙෆිසිට්, ටවුමේ කඩවල නෑ කියලා. ඉතින් ප්‍රොෆී එයාගේ කාමරයෙන් අමතර හලාත් එකක් ගෙනත් ඌට ඇන්දුවා.

      Delete
    7. ඇනයා රුසියන් උණුසුම සොයා නොයෑම ගැන කණගාටුයි. රෑට අන්දිඅන් එකට කියන්නේ නොච්නික් කියල. ඔය හම්පඩ හලාත් එක හෝදන්නේ නැතුව අඳින එවුන් ඉන්නව කඩ වල. අර ඇබි කතාව ඇත්ත. මාත් දැකලා තිබෙනව.

      Delete
  14. මුල සිට කියවන්න ඕනි. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. කියවල කියන්න අදහස

      Delete
  15. හරිම රහයි කතාව...මං කලින් කොටස් කියවල තියනවා...මේ ලියන රටාවට මං බොහොම කැමතියි...

    ReplyDelete
    Replies
    1. බොහිම ස්තූතියි පොකුරු. නැවත එන්න.

      Delete
  16. මාත් ආවා.... හරිම රසයි අප්පා කියවනකොට..... එක දිගට කියවන්න මේකා ලියන්නෙ නැකුව මිසක්.....
    අගේ කරලා චුට්ට චුට්ට දාන්නේ...
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. බ්ලොගයට ආවට සහ දිරි ගැන්වුවට ස්තූතියි ඉන්දික. දැන් ලියන මළවුන්ගේ කටහ්ව් ඓවර වුන ගමන් මේක දිගටම ලියල ඉවර කරන්නයි කල්පනාව.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.