Thursday, 15 December 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - එකොළහ

ප්‍රාග් නමැති චොකලට් කේක් වර්ගය රුසියාවේ ජනප්‍රිය එකකි.

දහවන කොටස 

විශ්ව විද්‍යාල නේවාසිකාගාරයට පැමිණි විගස ගිහාන් කළේ පෙරදා ගත් කුකුල් මස ශිතකරණයෙන් එලියට ගැනීමය. ඉන්පසු මගදී කඩයෙන් ගත් කේක් ගෙඩිය තාන්යා අතට දීමය.  සුහද හා මරියාද එන බැවින් කේක් ගෙඩිය ලස්සනට කපා පිඟානක සැකසු ඇය ගිහාන් ගේ කාමරයේ පසෙක තිබූ නවා අයින් කළ හැකි කුඩා මේසය සාදා එය මත  තැබුවාය.

මේ කුඩා නවා අයින් කළ හැකි  මේස (folding table) වල පොත් තබාගෙන  ඇඳේ හෝ ඩිවානයේ සිට පාඩම් කිරීම සඳහා ඉතා පහසු  වූයෙන් ගිහාන් හා සුහද මේස දෙකක්ම රැගෙන තිබිණි.

විදුලි කේතලයට වතුර රැගෙන ආ තාන්යා එය ගසා "සාහිත්‍ය පුවත් " නම් පත්තරය  ගෙන ඩිවානයේ දිගා වුනාය. (ලිතෙරතුර්නයා ගැසෙතා යනු පුෂ්කින් ගේ කාලයේ පටන් පවතාගෙන ආ සාහිත්‍යය පිලිබඳ  පුවත්පතකි.)

"ඔයා මේ වගේ පත්තර කියවනවා කියල මම දන්නේ නැහැ . මගේ තාත්තා අර ගන්නවා මේක "
"අපට රුසියානු භාෂාව හොඳට ඉගෙන ගන්න නම් පත්තරයක් කියවනං කිව්වා ටීචර්. ඒකයි මම ගන්නේ. ඔකේ හොඳ කෙටි කතා යනවා. මට සමහර වෙලාවට වචන තේරෙන්නේ නැහැ. " ගිහාන් පැවසීය.
"මම කියල දෙන්නම්කො," ඇය මුව උල් කර ගනිමින් අමුතු ආකාරයකට පැවසුවාය. ගිහාන් ට බකස් ගා  හිනා ගියේය.
සුහද හා මරියා පැමිණ සියලු දෙනා තේබි අවසන් වූ පසු  මරිය හා සතුටු සාමීචියේ යෙදී සිටි තාන්යා මේසය අස්කර කෝප්ප හා පිඟන් සේදීමට ගෙන ගියාය. ගිහාන් ඇයට උදව් කරන්නට පසුපස යනු දුටු සුහද කෑ ගෑවේය.
"දීපන් බං එයාට  හෝදන් එන්න. නරක් කරන්න එපා.  තෝ දැන් බැන්ද වගේ තමයි. හිටපන් මම අනිත් එවුන්ට කියනකන් ."
"මං උන්ට කියන්නම්කො උඹ මරියව හොරෙන් බැඳලා ඉන්නේ කියල."

ඔවුන්ගේ කුස්සිය තිබ්බේ කොරිඩෝරයේ කෙළවරක නිසා කුකුළා කපා උයන්නට සිතු ගිහාන් එයද භාජනයක්ද රැගෙන ගියේය. කුස්සියේ ඉන්දියන් කාරයන් දෙදෙනෙක් උයති. ඒ අසල කාමරයක වෙසෙන ජෝර්දාන් ජාතික ඇබ්බා අසීස් ද තව දෙතුන් දෙනෙක්ද කුස්සියේ  සිටියහ.

සුහදට සහ අනිත් ලාංකික යහළුවන්ට ඉන්දියන් දෙදෙනා හා ඇබ්බා පෙන්නන්ට බැරිය. ඒ අනුන් විසින් යහළු කරගෙන නේවාසිකාගාරයට කැඳවා ගෙන එන තරුණියන් තම වසඟයට ගැනීමට ඔවුන් දක්ෂ හෙයිනි.  මේ තරුණියන් බොහෝ විට සති අන්තයේ "පෙම්වතුන්" සොයා එන තාවකාලික පෙම්වතියන්  බැවින් ඔවුන් සමග කළහ කර ගැනීමටද බැරිය. නමුත් ලැට්ටන් (ලතින් ඇමෙරිකානු සිසුන්)  නම් වරක් එවැන්නකට තැත් කළ ඇබ්බන් සමුහයකයට  දුවන්නටම  නෙලූහ.

මරියා යහළු වීමට ප්‍රථම සුහද සමග යහළු වී නේවාසිකාගාරයට පැමිණි රූමත් කෙල්ලන් දෙදෙනෙකු සුහද එහා මෙහා වෙනකන්  සිට ඔවුන්ගේ  කාමරයේ හින්දි චිත්‍රපට බලන්නට යයි කියවා කැඳවා ගෙන ගිය ඉන්දියන් කාරයයන් දෙදෙනා  පහුවදා  උදේ තරුණියන් එළියට කැඳවා ගෙන යන ගමන් සුහද ගේ කාමරයේ දොරට තට්ටු කරන්නට ද  අමතක නොකළේය. එදා සිට සුහදට ඌ දුටු මනතින්  මල පනී.

තාන්යා දුටු එක්  ඉන්දියන් සිසුවකු වූ විජේ ගේ කට මදක් අඇද වෙනු ගිහාන් දුටුවේය. "මෙච්චර  කෙල්ලෝ ඉඳලත් මූට ඉරිසියාව" ගිහාන් සිතීය.  තාන්යා පිගන් සෝදද්දී ගිහාන් කුකුළා පිළියෙල කරන්නට පටන් ගත්තේය.
විජේ "මේ උඹේ යාලුවෙක්ද" තාන්යා පෙන්වමින් ගිහාන් අසලට පැමිණියේය.  ඒ අතරවාරයේ අනිත් එකා අරුන් හිමිහිට තාන්යා සමග කතාවක් පටන් ගති.   ගිහාන් ගේ දෙකන රතුවී  ගෙන එන බව ඔහුට දැනිණි.
"එයා එහෙම යයිද අරුන් ගේ කාමරේට. අපි අතරේ මුකුත් ම නැත්ද?" ඔහුට සිතිනි.

සාමාන්‍යයෙන් සෝවියට් තරුණියන්, විශේෂයෙන්ම රුසියානු තරුණියන් ඕනෑම කෙනෙකු සමග කතා බහ කරති. බොහෝවිට සබකෝලයක් නැති ඔවුන් කතාබහ කිරීමට විහිළු තහළු කිරීමට ලැජ්ජා වන්නේ ද නැත. ඔවුන් කතා කරන්නේ පිරිමියෙකු සමග නම් ඇය ඔහුට කැමති යයි ඉන් අදහස් වන්නේද නැත.

අරුන් කාරයා ඔහුගේ කාමරයේ තිබෙන චිත්‍රපට හා ගීත ගැන මෙන්ම අළුත් ම මත්පැන් බෝතලයක් ගැනද කියවයි. සාමාන්‍යයෙන් බටහිර හොඳ මත්පැන් බෝතලයක් බීමට ඇත්නම් හා හොඳ ගීත ඇත්නම්  කෙල්ලන් එතැනට වහ වැටෙති.   ඒ අතරේ ඇරබ්බා ගිහාන් සමග ඌ ළඟ තිබෙන මොකක්දෝ කෑමක් ගැන කතාවක්  පටන් ගත්තේ  තාන්යාට ඇසෙන්නට ය.

පිගන් සෝදා පැත්තකට කර අරුන් සමග කතා කරමින් සිටි තාන්යා ගිහාන් කුකුළා කපා සෝදන තැනට පැමිණියාය. කිසිවක් නොකියාම ඔහුගේ අත් යටින් සිය දෙඅත් යවා ඔහුව  වැළඳගත් ඇය  මදක් උස්වී ඔහුගේ කණ පෙදෙස සිම්බාය.
"ඕක තවම ඉවර නැත්ද  " සිය වත ඔහු දෙසට ලං කරමින් විචාලාය.
 ඉන්දියානුවා ඉදිරිපිටදීම ඇය කළ ක්‍රියාවෙන්  ඔහු දුර්මුඛව යනු ගිහාන්ට දැනුණේය. අරුන් තමන් උයා අවසන් යයි කියමින් පිටව ගියේය.

තාන්යා තවමත් ඔහු වැළඳ ගෙන සෙමින් සෙමින් තාලයට නටන්නාක් මෙන් වැනුනායය. ඇගේ පිරිණු පයෝධර යුගල ඔහුගේ පිටේ  තදින් ඇතිල්ලේ. අත්දෙක වතුරෙන්  සෝදාගත් ඔහු ඇගේ මුව සිම්බේය. "එන්ජෝයි ද ඉව්නින්ග් - සන්ධ්‍යාව සතුටෙන් ගත කරන්න " යයි ඉංග්‍රීසියෙන් කියමින් විජේ කාරයා ද මාරුවී ගියේය. කුස්සිය තුල පෙමින් වේලි මදක් වේලා සිටි ඔවුන් කාමරයට ගියේ තුනපහ ආදිය  රැගෙන එන්නටය.

ගිහාන් සුහදට ඉන්දියානුවන් දෙදෙනා ගේ වෑයම කියද්දී සුහදට යකා නැංගේය.
"යන් බං . ඇදල අරන් ගහමු. අර ලැට්ටෝ වගේ. මුන් ඕනෑවට වැඩියි. "
"ඕනේ නැහැ. " ගිහාන් තාන්යා කළ ක්‍රියාව විස්තර කළේය. තාන්යා ගිහාන් සිංහලෙන්  විස්තර කරන්නේ කුමක්ද වටහා ගත්තාය.
"අරුන් මට කාමරයට එන්න කතා කළා. මට වැඩිය ඇල්ලුවේ නැහැ. ඔයා ගාවට ආවේ ඒකයි. " ඇය කීවාය.
"උන් මහා ඇඹලයෝ . කොල්ල ළඟ නැත්නම් හැම කෙල්ල ගාවටම ගිහින් දණින් වැටෙනවා " මරියා පෝර දැම්මාය.

තාන්යා ලඟට පැමිණ ඔහුව වැළඳගත් ආකාරයත් ඉන්දියානුන් හා ඇබ්බා පිටව ගිය ආකාරයත් විස්තර කරද්දී සුහද ගේ මුවට හිනාවක් නැගුණේය.
"නියමයි. නෝන්ඩි වෙලාම යන්නැති. මේ කෙල්ල උඹට ලව් බං " ගිහාන්ගේ පිටට තට්ටු කරමින් සුහද පැවසීය.
"තවම කියල නං නැහැ. "ගිහාන්  කීවේය.
"ඔහොම යන කොට කියයි. " සුහද පැවසීය.
"සිංහලෙන් කතා කලොත් අපට තේරෙන්නේ නැහැ". මරියා  නුරුස්නා  ස්වරයෙන් කීවාය.
යහළුවන් දෙදෙනා කෙල්ලන් කාමරයේ තබා උයන්නට ගියේය. නමුත් ව්‍යංජනයක් හදන්නේ කෙසේදැයි  බලන්නට තාන්යා ද පිටුපසින් වැටුනාය.

~~~~~~මතු සම්බන්ධයි.

මෙය ප්‍රබන්ධයකි.  සියළු නම් ගම්  මනඃකල්පිතය.

  

17 comments:

  1. රුසියාවෙනෙ යන්න තිබුනෙ, අයි ඩෝන්ට් නෝ වයි?.....!

    ReplyDelete
  2. යූක්‍රයීනයට ගිය කාලේ මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. කොයි කාලෙද

      Delete
    2. 2004-2006 දක්වා කාලේ නාවිකයෙක් විදිහට නැව් වලින් ඇවිල්ලා තියෙනවා.

      Delete
  3. මේ පෝස්ට් එක හිංදා අහුවෙන හැම තැනින්ම වගේ පාං ජාති ටැස් කොරල බලන පුරුද්දක් හැදුනා කියන්නකො..
    බලන්න තාන්‍යා කොච්චර හොඳ බබෙක්ද කියල හා? හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  4. ලස්සන මතක සටහන්, සමහර නඟරවල ඔයි නවන මේස හොයාගන්න පහසු වුනේ නෑ, අපි ගාව නවන මේස ස්ටොක් එකක් තිබුනා, ළඟ පාත නඟර වල ඉගෙනගන්න යාළුවෝ ගෝස්ති (විසිටින්)ආවාම ගෙනියන්න දෙන්න. නවන මේස, නවන ඩිවාන් නිසා දෙන්නාගේ පුංචි කාමර වල ඉඩ ගොඩක් වැඩිවුනා. ඒ වුනාට පුංචි ස්ප්‍රීන් ඇඳ, උනුසුම් ඇඳ රෙදි, තාන්‍යා, ආහ් ...

    ප.ලි. කවුරුත් වැරදි වැටහීම් ගන්න නම් එපා, එක පංතියක අඩුම ගණනේ තාන්‍යලාම 3ක් වත් හිටියා.

    ReplyDelete
    Replies
    1. කොයි නගරේද ඒ මමත් ඔය සඵරෝෂි හරි කොහෙන් හරි තමා ගෙන්න ගත්තේ මහිතේ.

      Delete
    2. කොයි නගරේද? රස්සාව සහ පරස්තාව රැක ගන්න ඕන නිසා උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්.

      Delete
  5. දැන් නම් අන්තර්ජාලෙන් එකයි රුසියන් කෑලී...

    ReplyDelete
    Replies
    1. ඇයි තව කවුද ලියන්නේ? මම මේ කලෙක ඉඳන් ලියන එකක්නේ මාතා. ප්‍රථම ප්‍රේමය ගැන නම් හෝ ගාල ලියවෙනවලු.

      Delete
    2. නෑ බං.... මම කිව්වෙ රුසියන් මනමාලියෝ ගැන...

      Delete
  6. "උන් මහා ඇඹලයෝ . කොල්ල ළඟ නැත්නම් හැම කෙල්ල ගාවටම ගිහින් දණින් වැටෙනවා "

    Typical Indians.....!!!!

    ReplyDelete
  7. ඇති යන්තම් අජිත්, ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.