Tuesday, 7 February 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - දහතුන

දොළහ කියවන්න 
රිෂ්කයා මල් වෙළඳ පළ 

මේ වනවිට ගිහාන් හා තාන්යා ගේ සොයුරිය ලේනා ද එකිනෙකා හඳුනාගෙන සිටියහ.  ඔවුන් සිතු තරම්ම ප්‍රශ්නයක් ඇති නොකලද සොහොයුරියගේ පෙම්වතා වන වලොද්යා සමග සම්බන්ධවී සිටීම මදක් ප්‍රශ්නකාරී බව ගිහාන් වටහා ගත්තේය. ඒ ගිහාන් දෙස තවත් එක විදේශිකයෙකු දෙස බලන බැල්මෙන් වලෝද්යා ක්‍රියා කිරීමය.

රුසියන් තරුණියන් කිහිප වර්ගයක් සිටින බව ගිහාන් දැන සිටියේය. යාලු වීමට ඉතා ලෙහෙසි කෙල්ලන් පෙම්වතුන් නිතර මාරු කරන අතර ඔවුන් විදෙස් සිසුවකු සමග යහළු වන්නේ කිසියම් දෙයක් අවශ්‍ය වූ විටය. ඒ ලෙවයිස් වැනි ඩෙනිමක්, පිටරට හොඳ සපත්තු කුට්ටමක්, ඇඳුමක් වැනි දෙයක් සඳහා විය හැක. අවශ්‍යතාවය සපිරුණු පසු ඔවුන් වෙනත් පෙම්වතකු සොයා ගනී.

 ඒඅතරේ කෙලින්ම මුදල් ඉල්ලා එන අය ද  සිටිති. ඔවුන් ගෙන් සමහර අය ඇත්තටම ගණිකාවන් වන අතර බොහෝ විට මොස්කව් හි ඉන්ටුවරිස්ට් නමැති විදේශිකයන් නිතර ගැවසෙන හෝටලය හෝ තැපැල් සේවා මධ්‍යස්ථානය මෙන්ම අර්බාත්ස්කයා වීදියේද ඔවුන් දැකිය හැකිය. ඒ අතර කේජිබි ඔත්තු සේවයේ තරුණ තරුණියන්ද සිටිති.

ඒ අතරම තාන්යා වැනි කෙල්ලන් මෙන්ම, එක දරුවෙකු පමණක් වයස අඩු කාලයේදී ලැබුන පසුව තනිව රැකියාව කරන තරුණියන්ද සිටිති. ඔවුන් දීර්ඝකාලීන ලෙස එක පෙම්වතකු සමග පමණක් සිටිති. බොහෝවිට විවාහ නොවී එකට අඹුසැමියන් ලෙස ජිවත් වීම ඔවුන්ගේ සිරිතය.

තාන්යා තමන් සතු සුළු මාසික මුදලින් ජිවත් වන්නේ අමාරුවෙන් බව ගිහාන් දැන  සිටියේය. ඇය සතුව තිබූ සීමිත ඇඳුම් සංඛ්‍යාව ගැනද ඔහු දැන සිටියේය. එහෙත් ඇය කිසිවක් ඔහුගෙන් ඉල්ලා නැත. ඇය තමාට පෙම් කරන බවද ඔහුට සක් සුදක්සේ වැටහී ඇත.

පළමු දවසේ ඔහු ගිය විට කෙල්ලන් තමන් සතු සියළු කෑම බීම සමග ඔහුව ඉහලින් පිලි ගත්තද ඉන්පසු ගිය කිහිප විටක ඔවුන් සතුව තිබුනේ පාන් හා අර්තාපල්, ගෝව ගෙඩියක්, කැරට් සහ බිත්තරත්, කිරි සහ යෝගට් ස්වල්පයක් පමණි. කිරි නරක් වුවහොත්  එය වීසි නොකර යෝගට් සාදා ගන්නා  ක්‍රමය ඔවුන් දැන  සිටියහ.   බොහෝ විට ස්තලෝවයා වලින් ආහාර ගත්තේ දවසට එකවරකි. මොස්කව් හා  පද් මොස්කව් නමින් හැඳින්වෙන අවට ආශ්‍රිත කුඩා නගර වලින් පැමිණෙන සිසුන් නැවත  නිවෙස් බලා  යන හෙයින් ඔවුන්ට ප්‍රශ්නයක් නැති වුවද ඈත පළාත් වලින් පැමිණි සිසුන් සිටියේ අමාරුකම් මධ්‍යයේය.

ගිහාන් එංගලන්තයේ ගිය විටෙක ගෙන ආ  නෙස්කැෆේ කොපි බෝතලයක් වරක් තාන්යා ට දුන් අතර ඉන් පසු යන සෑම විටෙකම් කිසියම් මස් වර්ගයක් මෙන්ම වෙනත් ආහාරද රැගෙන ගියේ ඇය කවදාවත්  කිසිවක් ඉල්ලා නැති හෙයිනි. නමුත් ගිහාන් ගේ පැමිණීම කාමරයේ අනිත් කෙල්ලන් ඉමහත් අගය කොට සැලකූ  බවත් ඔහුට වැටහිණි. විදේශිකයකු හෝ විදේශික සිසුවකු හා යහළු වීමේ වටිනාකමක් තිබෙන බව ඔවුන් පමණක් නොව තාන්යා ගේ සොයුරිය ලේනා ගේ පෙම්වතා ද දැන සිටියේය.

වරෙක ඔහුට ඩෙනිම් කලිසමක් අවශ්‍ය වූ අතර පසුව බිරියෝස්කා  නමැති ඩොලර් වලින් භාණ්ඩ විකුණන වෙළඳ හලකින් බෝතල් සහ සිගරට් ඕනෑ විය. තාන්යා මෙයට අකමැති වුවද ලේනා ගේ ඇවිටිල්ලට ගිහාන්ට වලොද්යා සමග ගනුදෙනු කරන්නට ඉඩ දුන්නාය.

බොහෝ ආසියාතික සිසුන් ජර්මනියට හෝ  එංගලන්තයට ගොස් නොයෙකුත් තහනම් හෝ සෝවියට් දේශයේ නොමැති හිඟ භාණ්ඩ රැගෙන ආ අතර ඒවා විකුණා කිසියම් මුදලක් උපාය ගත්හ.  මුල් කාලයේ වෝල්ක්මන් වැනි දේද, නොයෙකුත් ජපන් හෝ ජර්මන් කැසෙට්ප්ලේයර්ස් ,  තහනම් සංගීත තැටි ආදියද මේ අතර විය. පසු කාලයෙක පරිගණක මුල් තැනක් ගති.

තාන්යා ට මුල්ම වටිනා ත්‍යාගයක් ගිහාන්ට මිලදී ගන්නට සිදු වුනේ අහම්බෙන්ය. ඒ ඔවුන් රිෂ්කයා නමැති විශාල වෙළඳ පොලක් ඇති උමන් දුම්රිය පළට ගිය විටය. රිගා නමැති බෝල්ටික් ලැට්වියන් රටේ අග  නගරයේ නමින් මෙම දුම්රිය පළ නම් කර තිබුණි. රුසියානු භාෂාවෙන් රිෂ්කයා ලෙස හැඳින්වෙන මෙහි මොස්කව් හි මල් විකිනීමට හා ප්‍රදර්ශනයට තිබෙන ප්‍රධාන ස්ථානයක්  විය. තාන්යා ට එය නැරඹීමට තිබු ආශාව නිසා එහි ගිය ඔවුන් වෙළඳ සල් පසු කර යන අතර තුර එක්  වෙළඳ සලක තිබු දිගු මෙරුන් පැහැති විදේශයක මසන ලද ගවුමකට තාන්යා ගේ සිත ගිය බව ගිහාන්ට වැටහුණි. එය අත ගා බලමින් මිලද අසමින් සිටි ඈ මදක් දුක්මුසුව ඉන් ඉවතට ගිය අන්දම ඒ අසල වෙනත් සාප්පුවක සමරු භාණ්ඩ නරඹමින්  සිටි ගිහාන් නිරීක්ෂණය කළේය.   ඔහු කළේ හීන් සීරුවේ එය මිලදී ගෙන බෑගයේ සඟවා ගැනීමයි.
රීගා උමන් දුම්රිය පළ අසල 

රීගා උමන් දුම්රිය ස්ථානයේ  සිට මෙශ්දුනරෝදනයා ('ජනතාව  අතර') නම් උමන් දුම්රියපළට ඔවුන් පැමිණියේ එතන සිට මොස්කව් නදිය අසබඩ ඇවිදීමට හැකි හෙයිනි. නදිය අසබඩ තාප්පය ළඟ  සිටගත් දෙදෙනා අවට සිරි නරඹන අතර ගිහාන් බෑගය ඇර ගත්  ත්‍යාගය ඇයට පිරි නැමුවේය. ඇය ආශාවෙන් ස්පර්ශ කළ ගවුම දුටු ඇයට උගුර හිරවූවා ක් මෙන් වූ බව ඔහු ට වැටහුනි. "අම්මා අරන් දුන්නට පස්සේ කවුරුහරි මේ වගේ ලස්සන ගවුමක් දුන්නමයි" හැඟීම් බර ලෙස කිවූ ඈ ඔහුගේ කම්මුල සිඹ ගත්තාය. ඇගේ දිගු  ගෙල හරවා ඔහුගේ ගෙල දෙසට මුව හොවාගෙන සිටින  ඈ තුරුලට ගත්  ගිහාන් ඇගේ ඇත් දළ වන් ගෙල සෙමින් පිරිමැදීය. නෙත් පියාගෙන සිටින ඈ හුරතල් පූසියක යයි ඔහුට සිතුනි.

තමන් ග්‍රීෂ්ම සමයේ නිවාඩුවට තාවකාලික රැකියාවක් කිරීමට  ලන්ඩනය ට යන බව කීමට මේ හොඳම අවස්ථාව යයි ඔහුට සිතුනි. ගිහාන් ලා  සෝවියට් දේශයට ආ මුල් කාලයේ කොමියුනිස්ට් පක්ෂය හරහා පැමිණි හෝ සමාජවාදයට බර සිසුන් කීවේ ඔවුන් සෝවියට් රුසියාව ගොඩ නැගීමට තිබෙන වැඩ කඳවුරු වලට යන බවයි.  සයිබීරියාවේ හදන රේල් මාර්ග හෝ මහා මාර්ග වල වැඩ කරන විට රූබල් 2000-3000 පමණ උපයාගත හැකි යයි ඔවුහු කීහ. එසේම එය සමාජවාදය ගොඩ නැගීමට උදව්වක් යයිද රෝහණ විජේවීර වැන්නවුන් පවා එසේ වැඩ කළ බවද විස්තර කෙරුණි. නමුත් ගිහාන් ගේ විශ්වවිද්‍යාලයේ සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් මේ කතා වලට උපහාසාත්මකව සිනාසුණහ. පළමු අවුරුද්දේ කොහොමත් ලන්ඩනයට ගිය ගිහාන් දෙවන අවුරුද්දේ මෙසේ වැඩ කිරීමට යාම සඳහා තමන්ගේ පන්තියේ රුසියානුවන් ගෙන් විමසීය.

ඔහුගේ මිතුරකු වූ ගේනා කොක් හඬලා සිනා සුනේය.
"උඹ දන්නවද ඕකට  කොම්සොමෝල් (තරුණ කොමියුනිස්ට් සංවිධානය) එකේ උන් ගාවට පු* ලෙවකන්න යන්න ඕනේ කියල. ස්තුද් සවියේත් (නේවාසිකාගාරයේ ශිෂ්‍ය සභාව) එවුනුත්  ඉන්නවා එතන. හපෝ.  මම කඩේක වැඩට යනවා ඒ මාස දෙක තුනේ. ඉතුරු මස් කෑලි ටිකකින් රෑට සුප්  එකක් හදා ගත්ත හැකි. "
"ගේනා නමුත් කියුබන් එවුන්, තව විදේශික ශිෂ්‍යයන් යනවනේ."
"අපොයි ඔව්. ඒක හරි. උඹල  යන එක ප්‍රචාරණ වාසියක් නිසා උඹලට පෝලිමේ ඉස්සරහ ලැබෙනවා. කොම්සොමෝල් එකේ උන්ට ඊට පස්සේ පාටියේ හොඳ පෝස්ට්  වලට පැන ගන්න පුළුවන් ඕවගේ දේවල් කරාම. නමුත් කල්පනා කරලා බලපන්. මේකේ ඉන්න රුස්සෝ පු* වල ලෙවල ලෙවල  අමාරුවෙන් යන එකට උඹලත් රිංග ගත්තම.  උඹලට සල්ලි තියනවා. උඹලට බටහිරට යන්නත් පුළුවන්."
ගේනා සමග කළ මේ කතාවෙන් පසු ගිහාන් ලන්ඩන් ම යාමට තීරණය කළේය. බොහෝ අමාරුවෙන් ජිවත් වන රුසියානු සිසුන්ට ලැබෙන අවස්ථාවක් පැහැර ගැනීම නොමනා යැයි ඔහුට සිතුනි.

තමන්ට ලැබෙන රුබල් 90 වේ ශිෂ්‍යත්ව  මුදලින් අමාරුවෙන් කෙසේ හෝ රූබල් 30 පමණ මසකට ඉතිරි කල හොත් ලන්ඩන් යාමට දුම්රිය ප්‍රවේශ පතක් ගත හැකිය.ලංකාවෙන්  ඩොලර් ගෙනා සිසුන් ඒවා වැඩිගණනට කළු කඩයේ  විකුණා ගමනට මුදල් සපයා ගත්හ.  ලන්ඩනයට යාම හැඳින්වූයේ පප්පා යනවා කියාය. එයට බොහෝ විට හේතුව වන්නට ඇත්තේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ වීසා  ගැනීමට යන බොහෝ සිසුන් කියන්නේ පියා ලන්ඩන් එන හෙයින් ඔහු බැලීමට යන බව නිසා විය හැකිය.

ලන්ඩනයේ වැඩ කිරීම  සිසුන් හැඳින්වූයේ ගිටාර් ගැහීමට යාම යනුවෙනි. ගිටාර් ගැහීම යනු බොහෝ විට හෝටලයක හෝ ආපන ශාලාවක පිඟන් සේදීම හෝ වේටර් වැඩකි.  ලොකු හෝටල් වල පිඟන් වලට අමතරව කල්දේරම් ආදිය  සේදීමට වුවහොත් එය ඩ්‍රම් ගැසීම දක්වා උසස් වෙයි. මිට වඩා ලෙහෙසි වැඩ වුයේ කුඩා හෝටල වල පිළි ගැනීමේ නිලධාරීන් ලෙස රැකියා කිරීම හෙවත් සින්දු කීමට යෑමයි. මේ හෝටල්වල  පිරිසිදු කිරීම් වල නිරත වූයේ බොහෝ විට පෝලන්ත කෙල්ලන්ය.  එවැන්නියක හා තාවකාලික ග්‍රීෂ්ම සමයේ  ප්‍රේම වෘත්තාන්තයක් ඇරඹීමේ පහසුව නිසා , රැකියාවේ  ගෙවන මුදල් අඩු වුවත් ඒවායේ වැඩ කිරීමට ඇතැම් පිරිමි සිසුන් වැඩි කැමැත්තක් දැක්වුහ.

 මේවාට අසූ ගණන් වල සතියකට පවුම් 70-80 පමණ මුදලක් ගෙවනු  ලැබීය. ඉන්පසු මේ මුදල වැඩිවූ අතර ඇන්ගස් ස්ටේක් හවුස් වැනි  ආපන ශාලා වල වේරයෙකුට ටිප් ද සමග සතියකට පවුම් 300-400 පමණ උපාය ගත හැකි විය.සතියකට දවස්  6ක් පමණ වැඩ කල යුතු වුවත් මේ ග්‍රීෂ්ම සෘතුවේ  රැකියා කිරීම කරදරයක් නොව මුදල් උපයා ගෙන  නිවාඩුවට ශ්‍රී ලංකාවට යාම සඳහා ගුවන් ටිකට් පත  ගැනීමට මෙන්ම එදිනෙදා  කරදරයක් නොමැතිව ජිවත් වීමටද ලැබෙන හොඳ අවස්ථාවක්  ලෙස බොහොමයක් සිසුන් සැළකුහ. සමහර විට තීන්ත ගෑම, උද්‍යාන සුද්ද කිරීම  වැනි වැඩද ඉක්මන් මුදලක් උපාය ගැනීමට හැකි ඒවා විය.

ඇතැම් කොමියුනිස්ට් පාක්ෂික සිසුන් මෙසේ ලන්ඩන් යාම විවේචනය කළේ ඉන් ලන්ඩන් කම්කරුවන්ගේ රැකියා අවස්ථා පැහැර ගැනීම මෙන්ම ශ්‍රමය සූරා කෑමට තමන්ව කැමැත්තෙන් භාජනය කරන්නේ යයි ද පවසමිනි. නමුත් බොහෝ ලන්ඩන් සුද්දන් මේ රැකියා කිරීම ප්‍රතික්ෂේප කළහ. අනික බොහෝ  රැකියා පැවතියේ ග්‍රීෂ්ම කාලය අවසන් වනතුරු පමණි. එසේම එසේ විවේචනය කල සමහරුද හොරෙන් ගොස් රැකියා කරනු ගිහාන්ට හසු වී තිබුණි.

ප්‍රශ්නය වූයේ රටවල් කිහිපයක් පසු කර යන හෙයින් ඒවායේ වීසා ගැනීමය. නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය, බෙල්ජියම හෝ ඕලන්දය මේ රටවල් අතර විය.

මේ සියල්ල තාන්යා ට   පැවසුවේ ඇය බැලීමට යන අවස්ථා අඩුවෙන හෙයිනි. ඒ මදිවාට ජුනි මාසයේ විභාග පැවැත්වේ. ඉන්පසු දිගු ග්‍රීෂ්ම නිවාඩුව ආරම්භ වෙයි.  මේ වනවිට ඔහු  නොදැක ජිවත්  වීම නොහැකි වන තරමට තාන්යා ගිහාන්ට ඇලී සිටියාය.

ගිම්හානය ආරම්භ වන විට එළි මහනේ ගංගා ඇළ දොළ වැව් වල නෑමට යාම, පික්නික් යෑම රුසියානුවන්ගේ සිරිතකි. සේරෙබ්‍රෙන්නයා බ්‍රෝ  නමැති මොස්කව් නදිය අසබඩ උද්‍යානයට හා වෙරළට යාමට තාන්යා ගේ සොයුරිය ලේනා හා පෙම්වතා වලෝද්යා ගෙන් ඇරයුමක් ලැබුනේ මේ අතරය. පළහා කෑමට මස් වර්ගයක් සහ වොඩ්කා  බෝතලයක් රැගෙන  ඒමට ගිහාන්ට පැවරුණි. ඒ ගැන වැඩිදුර  නොසිතු ඔහු සහභාගී වන බව දන්වා යැව්වේය.

~~~~~~~~මතු සම්බන්ධයි.
මෙය ප්‍රබන්ධයකි.  සියළු නම් ගම්  මනඃකල්පිතය.



35 comments:

  1. මම හැමදාමත් මේ කතාව ආසාවෙන් කියෙව්වත්, කමෙන්ට් කරන පලමු වතාව.නියමයි. Romance with a dash of politics

    සමහර වෙලාවට ධනවාදය/සමාජවාදය විච්චේදනය කරන සෘජු දේශපාලන ලිපියකට වඩා යමක්, මේ වගේ දැකපු දේ විස්තර කරන, ප්‍රේක්ෂකයාට විනිශ්චයකරුවා වීමට ඉඩ දෙන කතාවක තියනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සෝවියට් දේශය ගැන කතා කරන කොට පොඩ්ඩක් දේශපාලනයත් ඇදිල එන එක නවත්වන්න බැහැ . නොයෙකුත් අසත්‍ය ප්‍රවෘත්ති පවා ඇතැම් අය කියන නිසා.

      Delete
    2. ඒක නිසාම තමා මේ ලිපිය ස්ට්‍රොබෙරි ටොපින් දාපු චීස් කේක් කෑල්ලක් වගේ රසවත් වෙලා තියෙන්නෙ :)

      Delete
    3. රසවත් කොම්න්ටුවක්. රසවත් උපමාවක්.

      Delete
    4. +++++++++++++++++++++++++++++++++

      Delete
    5. In Europe and America
      there's a growing feeling of hysteria
      Conditioned to respond to all the threats
      In the rhetorical speeches of the Soviets
      Mister Khrushchev said, "We will bury you"
      I don't subscribe to this point of view
      It'd be such an ignorant thing to do
      If the Russians love their children too
      How can I save my little boy from Oppenheimer's deadly toy
      There is no monopoly on common sense
      On either side of the political fence
      We share the same biology, regardless of ideology
      Believe me when I say to you
      I hope the Russians love their children too
      There is no historical precedent
      To put the words in the mouth of the president
      There's no such thing as a winnable war

      - Russians by Sting -

      සිංදුව අහන්න මෙතනට කොටන්න

      Delete
  2. නියම කතාව අජිත්. ඊළඟ කොටසත් ඉක්මනටම දාන්න. ඉවසිල්ලක් නැතුව බලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොඩි ප්‍රශ්නයක් ඇවිත් තිබෙනවා. මේ කතාවේ සමහර කොටස් වෙනත් තැන්වල උපුටා තිබෙනවා කියා මට ලියන්න එපා කියල ආරාධනයක් ඇවිත් තියනවා.

      Delete
    2. ලියන්න එපා කියන්නේ ආරාධනයක් (invite) නොව තහනමකි, නැතිනම් ඉල්ලීමක් හෝ තර්ජනයකි.

      Delete
    3. නැහැ එහෙම එකක් නෙමේ. මම ඇහුවම කියපු දෙයක්.

      Delete
  3. අකුරු චුට්ටක් ලොකු කරන්ඩ බෑද

    ReplyDelete
  4. අටමා කිව්ව එක හරි අකුරු ලොකු කරන්න නැත්නම් හතලිස් ඇදිරිය වැටිගෙන එන කොල්ලන්ට බලන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මම සාමන්‍යයෙන් normal font size එක දාන්නේ. ඉස්සර පුළුවන් කියවන්න. දැන් පබ්ලිෂ් කලහම අකුරු තව පොඩි වෙනව. දැන් large font size එක තේරුවා. දැන් බලන්න.

      Delete
  5. මෙය පොතක් ලෙස පළ කරන්න අදහසක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම ආරාධනාවක් තිබෙනවා. ඒ නිසා තමා බ්ලොගේ පළ කිරීම නතර කරන්න ඉන්නේ. රුවන් ගේ අදහස මොකක්ද?

      Delete
  6. අකුරු පේනවා මදි. ලෙක්චර්ස් යන්න ලෑස්තිවෙන ගමන්. ඇවිත් කියවන්නම්

    ReplyDelete
  7. // ඒ ගැන වැඩිදුර නොසිතු ඔහු සහභාගී වන බව දන්වා යැව්වේය.//
    අන්න ඉතින්... ඕකනෙ බැරි.. දැං කල්පනා කරන්න ඕනෙ ඇයි වැඩිදුර කල්පනා කිරිල්ලක් කිව්වෙ කියලා..
    (අකුරු ලොකු වෙන එක නං හොඳයි තමයි.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. තේරුණා නේද?

      Delete
  8. Replies
    1. දිගටම රැඳී සිටින්න ආරාධනා

      Delete
  9. මේ කතාවේ අවසානය මොකක් වෙයිද කියල කිසි අනුමානයක් කරන්න බැහැ...
    කොහොම උනත් කතාව නියමයි...

    ReplyDelete
    Replies
    1. අවසානය මෙය නොවේ.

      - ස්තූතියි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. Replies
    1. ස්තූතියි. මුළු කතාවම කියෙව්වද

      Delete
  11. තාන්වි හරි පවු... ගිහාන් දැනටනම් හරි හොඳයි.. තාන්වි කැමති දේවල් ගැන හොඳට අවධානයෙන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එයාට පව් කියන්නේ

      Delete
  12. උමන් දුම්.රිය පොළ අසළ ඇති වෙළඳ සැලකට ඇතුළු වී
    මෙරුන් පැහැයෙන් මසා ඇති ඒ ගවුම ගත්තේ සිනහ වී
    ගිහන් එය ගෙන තාන්යට දුන් පසුව ඈ නිති සතුටු වී
    ඉතින් මේ දිගු කථා පෙල මම නිතර කියවමි පුදුම වී......

    හැමදාමත් වගේ ලස්සනට ලියලා. මම කලින් දවසක කිව්වා වගේ මේ කතාව හරහා ඒ රටේ විස්තර දැනගන්න ලැබීමත් සතුටක්.

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. කවියට සහ කවියාට ජය වේවා. දුමියාගෙන් කවියක් ගන්නවා කියන්නේ ලේසි නැහැ

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.