Sunday, 20 August 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (14) -ප්‍රේමයෙන් වෙලී නදිය අසබඩ

මෙතෙක් කථාව:
සේරෙබ්‍රෙන්නයා බ්‍රෝ ජලාශය අසල 

සෙනසුරාදා පැහැපත් දිනයක් විය. තරමක්  සීතල ගතියක් දැනුනද තමන්  එනතුරු බලා  සිටි තාන්යා දැකීමෙන් ගත මෙන් සිතද  උණුසුම්  වූ බව ගිහාන් ට  දැනුනි. දෙදෙනාම උමන් දුම්රියේ නැගී බෙලොරුස්කයා නමැති දුම්රියපල දක්වා ගියහ. දුම්රියේ යද්දී තාන්යා තොර තෝංචියක් නැතිව මොනවදෝ  කියෙව්වාය. ඇගේ සතිය ගෙවුන හැටි , දේශනයකදී ගුරුවරයෙකු කළ විහිළු කතාවක් හෝ හවස කෙල්ලන් සමග වූ දබරයක් ඒ අතර විය. ගිහාන්ට වඩාත් මතක හිටින්නේ ඇය දෑස මුදු කරමින් ඔහු දෙස බැලීමත් සුමුදු ලෙස ඔහුව වැළඳ ගැනීමත්ය. දුම්රියේ සමහරු ඔවුන් දෙස බැලුවද වෙනදා මෙන් ඔහුට චකිතයක් දැනුනේ නැත. එය දුරුව ගොස්ය. 

බෙලොරුස්කයා වලින් බහිද්දී "දිගටම යද්දී ඊළඟ දුම්රිය පල දෙක එයාරෝපොර්ට් හා සෝකල්. මගේ යාළු ලංකාවේ ශිෂ්‍යයෝ ඉන්නව එහෙ " ගිහාන් කීවේය.

"මාදි විශ්ව විද්‍යාලය නේද " ඈ   පිළිතුරු දුන්නාය.  මොස්කව් වාහන හා මහා මාර්ග ඉදිකිරීම සඳහා වූ  විශ්ව විද්‍යාලය පිහිටියේ ඉන් මද දුරක් වෙන්නටය.  ඔවුන් එදින දවස ගෙවීමට යන ජලාශය පිහිටි ස්ට්‍රොගොනොවා දිස්තික්කයේ තමන්ස්කයා මාවතට යන බසයක නැගුනහ.  මැද රබර් වැනි දෙයකින් සාදන ලද හැරවෙන කොටසක් ඇති මෙවැනි දිග හංගේරියාවේ නිපදවන ලද  ඉකාරුස් බස් රථ මොස්කව් වල බොහෝ පෙදෙස්වල  දක්නට ලැබුණි. 
ඉකාරුස් බසයක් 
තාන්යා කළේ බසයේ හරියට අර කැරකැවෙන මැද  කොටසේ සිටගෙන ගිහාන් ගේ බෙල්ලේ එල්ලී සිටීමයි. ගිහාන්ට සිනහව වළකා ගන්නට නොහැකි වූයේ බසය හැරවෙන වාරයක් පාසා ඇය ඔහුගේ සිරුරේ වෙලෙමින් බෙල්ලේ එල්ලෙමින් කෙලින් සිටගෙන සිටීමට ගත වෙහෙස බලාය. ඇය එය කරන්න ඕනෑ කමින් බව ඔහුට වැටහුනේ මදක් පමා වීය.

සේරෙබ්‍රෙන්නයා බ්‍රෝ ජලාශය සෑදී තිබුනේ මොස්කව් නදිය හැරෙමින් ගලා යන තැනක දුපතක් ඇති පහත්  බිමකට ජලය ස්වභාවිකව ගලා ගොස් එක්වීමෙනි. මොස්කව් වල විශාල ජලාශයක් වූ මෙහි සිනිදු වැලිතලාවක් වටේට ම  සෑදී තිබුනේ අභ්‍යන්තර මුහුදක් පරිදිය.  සිහින් රැලි එහි නැගෙන යුරු ගිහාන් නිරීක්ෂණය කලේ මොස්කව් ගඟ හැරෙන තැන ජලාශයේ පිවිසුම අසලදීය. පයින් ගස් හා බිරියෝසා  ගස් පිරුණු කැලෑවක් බඳු පෙදෙසකට ඉදිරියෙන් සුදු වැලි තලාව තිබුණි. මෙවැනි පිරිසිදු දර්ශනීය වැලි තලා ඇති ජලාශ අසල ගිම්හානයේදී මොස්කව් වැසියෝ අව්ව තැපීම ට හා ජල ක්‍රීඩා පිණිස රැස් වෙති. ජූනි අග හෙයින්  වැඩි සෙනගක් මේ දිනවල නැත. හිරු රැස් තිබියදීත් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ට ඉහලින් තිබුනද  ජලයද තවම ශිතලය. 
( ගුගල් සිතියමක් බව සලකන්න )
 

සේරෙබ්‍රෙන්නය බ්‍රෝ 
මොස්ක්වා නදිය හා ජලාශය හමුවන තැන තාන්යා ගේ සොයුරිය ලේනාත් අගේ පෙම්වතා වලොද්යා හා ඔවුන්ගේ මිතුරන් හා මිතුරියන් දෙදෙනෙකුත් ලට්ට ලොට්ට කරේ එල්ලා ගෙන ඔවුන් එනතුරු බලා සිටියහ.

සොයුරින්ගේ වැළඳ ගැනීමෙන් පසු ඇය විසින් කණ්ඩායමට ගිහාන්ව හඳුන්වා දුන්නාය. සාමන්‍යයෙන් රුසියනුන් තදින් අත  මිරිකමින් අතට අත දී ආචාර කරති. වලොද්යා ගේ යහළුවන් වන ගේනා හා ලියොනිඩ් ද ඔවුන්ගේ මිතුරියන් වන ස්වේතා  හා ආල්ලා ය.

ඔවුන් මිනිසුන් හා ගැහැනුන් ද ළමයින් ද අව්ව තපිමින් හා මස් පළහා  බදිමින් දවසේ විනෝද සංචාර සඳහා පැමිණ සිටි පිරිස් පසු කරමින් තවත් වනය තුලට වැදුනහ.  වනය අවසන් වන  තැන තවත් පයින් යායක්  මැද්දෙන් ගමන් කළ ඔවුහු එළිමහන් වෙරළකට පිවිසුනහ. එහිදී දුටු දෙයින් ගිහාන්ගේ ඇස් උඩ ගියේය.

 එහි මිනිසුන් සහ ගැහැනුන් සමුහයක් අව්ව තපිමින් සිටියේ ඇඟේ නූල් පාටක් වත් නැතිවය. මෙවැනි තැන තිබෙන බව ඔහු අසා  තිබුනේ බටහිර යුරෝපයේ, එංගලන්තයේ හා ඇමෙරිකාවේ පමණය. සෝවියට් දේශයේ එවැනි 'නිදහස්" මිනිසුන් සිටින බවක්  ඔහු දැන  සිටියේ නැත. සෝවියට් දේශය තද නීති ඇති කොමියුනිස්ට් රටක් බවට සෑම විටකම සිසුන්ගේ සිත් වල තිබුණි.

මේ ගැන ශිෂ්‍ය නේවාසිකාගාරයේ කතාවක දී වැඩිහිටි සිසුවකු වන නන්ද කීවේ අමුතු කතාවකි. ඔහු නැගෙනහිර ජර්මනියට ගිය අවස්ථාවේ  මෙවැනි නිරුවතින් අව්ව තපින වෙරළවල්  මෙන්ම උද්‍යානද තුබුණු බව ද දැක තිබේ, හංගේරියාවේ හා බල්ගේරියාවේදී මේවා ප්‍රචලිතය. මේ රටවල විශේෂයෙන් නැගෙනහිර ජර්මනියේ නීති ඉතා තදය. නැගෙනහිර ජර්මන් රහස් ඔත්තු සේවය වන "ස්ටාසි " සමාජයේ හැම තැනම වාගේ  ක්‍රියාත්මකය. එනිසාම  මිනිසුන් කිසියම් නිහඬ ප්‍රතිවිරෝධයක් සඳහා මෙවැනි ලෙස ඇඳුම් උනා දමා නිදහසේ හැසිරෙන බව ඔහුගේ තර්කය විය.

කණ්ඩායම එම "නිදහස්" තීරයද පසුකර  ඉදිරියටම ගියහ. ළඳු කැලෑවක් මැද්දෙන් කුඩා පිවිසුම් මගකට  පිවිසුණු පසු එතැන තිබුනේ ජලාශයට යෑමට ඇති සිනිදු වැල්ලෙන් පිරි වෙරලක්ද  සහිත එළිමහන් බිම් කඩකි. සොයා ගැනීමට ඉතා අපහසු මෙම එළිමහන් ඉඩ ගිහාන් පසුව හැඳින්වූයේ "කේජිබි කෑල්ල " යනුවෙනි.

ගිහාන් මස් ජාති දෙක තුනක් සකසා ගෙනා අතර රුස්සන් ගේ දෙනෙත් ඒවා දැක දීප්තිමත්  විය. ඔවුන් වඩාත් සතුටු වූයේ ගිහාන් විසින් මිරිස් තුනපහ දම පිළියෙළ කර තිබු බෑගය දැකීමෙනි. තාන්යා ගිහාන්ගේ "රටේ" කෑම ගැන වර්ණනාවක් කර තිබුණි.
එළිමහනේ වැඩ වලට කවදත් දක්ෂ රුසියානුවන් තිදෙනා වහ වහා  කුඩා කුඩාරම් හතරක්  තැනූහ. ඒවා කොලපාට වහළ පහත  ඒවා විය. යන්තමට දෙදෙනෙකුට නිදා සිටිය හැකිය.
සෝවියට් හමුදා කුඩාරම් 
"මේවා කොහෙන්ද" ගිහාන් ඒවා පෙන්වමින් තාන්යා ගෙන් ඇසුවේය.
"ආමි කෆෙද්රා එකෙන්" එනම් හමුදා දෙපාර්තමේන්තුවෙන් යයි ඈ පිළිතුරු දුන්නාය.මොස්කව් හි සෑම  විශාල රුසියානු විශ්වවිද්‍යාලයකම හමුදාවට සම්බන්ධ දෙපාර්තමේන්තුවක් තිබුණි. එහි සෑම සිසුවෙකුටම යුද පුහුණුවට අදාල යම් යම් දේ ඉගැන්වූ අතර වසර දෙකේ අනිවාර්ය  යුද පුහුණුවට යන හා එන සිසුන් සම්බන්ධව කටයුතුද කළහ. වලොද්යා මේ කුඩා කැන්වස් වලින් සෑදු කුඩාරම් හතර ගෙනවිත් තිබුණි.

කෙල්ලන් ටික වහ වහා හිඳ  ගැනීමට තැනක් පිළියෙළ කල අතර දෙදෙනෙක් අසල කැළයෙන්  දැව සොයාගෙන පැමිණියහ. ගිහාන් තමන් ගෙන ආ වොඩ්කා බෝතල් දෙකක්  ඒ අසලින් තැබූ අතර රුස්සන් විසින් ඇපල්  යුෂ බෝතලයක්ද බියර් බෝතල් හා "සමගොන්කි" බෝතලයක්ද තැබුහ. සමගොන්කි යනු ගෙවල් වල සාදන ඇල්කොහොල් වර්ගයකි. එය නිත්‍යානුකුල නැත. මේ කේජිබි කාරයන් වන්නට ඉගෙන ගන්නා  වුන්ට එහි වගේ වගක්ද නැති බව ගිහාන්ට සිතුනේය.

රුස්සෙක් අසල කැළයෙන්  කාරයකහෝ පරණ  ජීප් රථයක දොරක් වැනි  කොටසක් ගෙනාවේ ලොකු කම්බි කණු දෙක තුනක්ද සමගිනි. ඒවා එතන සඟවා තිබුණු ඒවා බවත් මේ ස්ථානය තවත් අය යන එනතැනක් බවත් ගිහාන්ට වැටහුණි. ඔහු මස් පලහන්න්ට  ඒවා වැල්ලේ සවි කළේ යටට දර දමමිනි.
කල්බසා නමැති සොස්ජ් වලින්  පෙති කිහිපයක් කෙල්ලන් කපා පිළියෙළ කල අතර කිහිප දෙනෙක්  අගුර්සි නමැති පිපිඥ වර්ගය සමග පාන් වල තබා ඒවා කෑහ.

"අපි කෑම හදන්න  කලින් නාමුද" ලේනා ඇසුවාය. ඒ වදන් ඉවර වෙන්නත් කලින් රුස්සන් දෙදෙනෙකු ඇඳුම් උනමින් වතුරට පැන්නාහ. ඔවුන් යට ඇඳුමින් සරසි සිටියද ඒවා දුටු ගිහාන්ට සිනහ  ගියේය. රුස්සන් යටට ඇන්දේ ඇතැම් ගැහැනුන්  අඳින බාච්චු  කොට කලිසම් වර්ගයකි. ඔවුන්ට ඇත්තටම හොඳ  යට ඇඳුම් තිබුනේ නැත. එසේම පිහිනුම් ඇඳුම කියා යමක් කිසිවෙක් ගෙනත් තිබුනේද නැත. ගිහාන්ට ලංකාවෙන් මිලදී ගත හැකි පන්නයේ ඒවා වුවත් රුසියාවේ බහුලව නැත. රට කෙතරම් එක පැත්තකින් දියුණු වුවද බටහිර තරම් විච්චුර්ණ ඇඳුම් සොයා ගැනීමට ඔවුනට  නොහැකිය.  නමුත් තරුණ තරුණියන්  ඇත්තටම කඩවසම්ය. කෙල්ලන් සම්පුර්ණයෙන් ඇඳුම් ඉනුවේ නැතත් වතුරට බැස්ස පසු ඔවුන් ඒවා ගලවා වෙරළට විසි කල බව ඔහු හොරැහින් දුටුවේය.

ලජ්ජාවෙන් රතුවී සිටින ගිහාන්ගේ අත ගත් තාන්යා අපි කැලේ ඇවිදිමු යැයි කීවාය.

"අපි වටේ පොඩ්ඩක් බලන්න යනවා" යයි අත වනා  පිරිසට කි ඔවුහු වෙරළ දිගේ පියමන්  කළහ.

~~~~~~මතු සම්බන්ධයි.

මෙය ප්‍රබන්ධයකි.  සියළු නම් ගම්  මනඃකල්පිතය.


30 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මකන්න තරම් දෙයක් ලියල නැහැනේ නේද.
      //Anonymous has left a new comment on your post "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (14) -ප්‍රේමයෙන් වෙලී නද...":

      අජිත් ධර්ම මහත්මයා කියන්නේ කඩවසම් පිරිමියෙක් නෙමෙයි. එතරම් උසත් නැති, කැහැටු ලුක් එකක් තියෙන කෙනෙක්. පිරිමියෙක් හැටියට කිසිම පෞර්ෂයක් වත් නෑ ඔහුට. කැපී පෙනෙන යමකුත් නැහැ. එම හීනමානය නිසා නේද අජිත් මහතා ඔබ මෙවැනි කතා ගොතමින්, කාන්තාවන් ආශ්‍රය කල බව හැගවෙන්න මෙවනි දෑ ලියන්නේ? මානසික සහනයක් දැනෙනවද ඔබට එතකොට? //
      අනිවාර්යයෙන්ම. ප්‍රබන්ධයක් කියල කියන්නේ මොකක්ද කියල තේරෙනවද දන්නේ නැහැ. බයියොනේ - අපේනේ

      Delete
  2. වියුණු ලොවේ තනි මංසල අතරමං වෙලා
    සුසුම් හෙලන පාඨක අප හදවත් සනසා
    අතීතයේ ගිලිහී ගිය ජොලිය රැගෙන යළි වඩින්න
    ආරාධනා ආරාධනා

    නෙලූ නෙලිලි දස අත බ්ලොග පවුරැ තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    මල්ලේ පොල් දිගු ගමනින් අනාත වූ දා
    ජාතිකවාදී පියුමන් යළිදු පිපේවා
    ආරාධනා ආරාධනා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Suffering Follows The Evil-Doer

      Mind precedes all knowables,
      mind's their chief, mind-made are they.
      If with a corrupted mind
      one should either speak or act
      dukkha follows caused by that,
      as does the wheel the ox's hoof.

      Explanation: All that we experience begins with thought. Our words and deeds spring from thought. If we speak or act with evil thoughts, unpleasant circumstances and experiences inevitably result. Wherever we go, we create bad circumstances because we carry bad thoughts. This is very much like the wheel of a cart following the hoofs of the ox yoked to the cart. The cart-wheel, along with the heavy load of the cart, keeps following the draught oxen. The animal is bound to this heavy load and cannot leave it.

      Delete
  3. සේරෙබ්‍රෙන්නයා බ්‍රෝ...මරු නම බ්‍රෝ :)

    ReplyDelete
  4. හු.. හු... හු
    සම හරක් බ්ලොග් ලියන චන්ඩි, ඇනෝ වහලා ඇයි ඇනොලට බයේද නැතිනම්
    මන් වැදගත් බ්ලොග්කරුවන්ගේ එකෙක් මට ලැජ්ජයි ඕවට කියලද
    මාතලන් කමියා ඉයන් ඊගාවට කවුද හු හූඌඋ ..

    මැන්ටල් ඩොකත් ඇනෝ වහලා අන්තරේ කොලන්න්ට බයේ හු හු හු.....

    රට හදන්න බ්ලොග් ලියන සම හරක් ට සතුටුයිද දැන් හි හු හා!!!!!!!

    කමෝන් අජිත් ඔයත් ඇනෝ වහනවද ඇනොලට බයේ

    ReplyDelete
  5. පොතක් ගහන්න මරු කතාව... චියර්ස් අජිත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක

      Delete
  6. මේ කතාව එක්ක නොදන්න තොරතුරු එකතු සෑහෙන ප්‍රමාණයක් දැනගත්තා.හැබැයි කතාවෙ මුල මැද මතක නැතිවෙන තරම් පරක්කු කරන්නැතුව ඉතුරු කොටස් කියවන්ඩ ලැබෙයි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි. දැන් ටිකක් නිදහස් කුරුල්ලෙක් වගේ නිසා ලියන්න වෙලාව ලැබෙයි කියා හිතනවා.

      Delete
  7. අම්මේ ඇති කතාව ලියලා... මෙච්චර දිග නිවාඩු ගන්නැතුව ලියමු නේද...
    නව කතාවක් කියවනව එක්කම අමතර දැනුමකුත් ලැබෙනවා... ඒක අපුුරුයි අය්යේ...

    ReplyDelete
    Replies
    1. දිග නිවාඩු කිහිපයක්ම යන්න වුනානේ. ස්තුතියි නංගි

      Delete
  8. වැදගත් තොරතුරුත් එක්ක කතාවේ තව කොටසක් අදත් රහට ලියලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වැදගත් තොරතුර මොකක්ද කියල කල්පනා කලේ. දුමිගේ හිතට ඇල්ලුවා නම් එච්චරයි.

      Delete
    2. කතාවට අමතරව රටේ සාමාන්‍ය තොරතුරු ලියලා තියෙනවා. ඒ තොරතුරු මට වැදගත්.

      Delete
  9. අමුතුයි වගේ , බලමුකෝ පරණ ඒවත් කියවලා

    ReplyDelete
    Replies
    1. කියවල බලලම එන්න.

      Delete
  10. Replies
    1. "සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි "

      Delete
  11. Replies
    1. මොකෝ අත උළුක්කු වෙලාද

      Delete
  12. හෙහ්.. මෙච්චර ලස්සන දේවල් ලියන්න තියෙද්දි නේ මේ ගිහාන්.. සොරි අජිත් බයිලා ලිය ලිය ඉන්නේ.. ;)

    රුසියාවට ලස්සන ජොක්කු සෙට් එකක් අපනයනය කරලා ගොඩ යන්න බැරිවෙයිද දන්නේ නෑ.. :))

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනෝලා අතරමං වුනාට ඔයත් එඑහෙමයි යල හිතුවේ නැහැ. මේක ප්‍රබන්ධයක් විතරයි.
      රුසියාවේ දැන් ජොක්කු ඕන තරම් තියනවා. ඕන රටකින්. මේ සෝවියට් කාලයේ කතාවක්.

      Delete
  13. ලියන්න අජිත් දිගටම ලියන්ඩෝ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .