Friday, 15 February 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (47) - සොයාගොස් ඔබ, නාඳුනන රටක තනිවී

පැය පහමාරක්  පමණ වූ ගමනින්  වෙහෙස වී  සිටි  එරික්, මීෂා, ජාවෙඩ් සහ ස්වේතා ප්‍රමුඛ තරුණියන් දොළහක කණ්ඩායම ප්‍රථම දිනය ගත කලේ විවේක සුවයෙනි.  ඔවුන් නවාතැන් ගත්තේ මුහුද පෙනෙනා මානයේ වූ විශාල තරු පහේ හෝටලයකය.  එහි මුළු තට්ටුවක එක පැත්තක් ඔවුනට වෙන්ව තිබුණි.  කණඩායමේ බොහෝ තරුණියන් කාමරවල සැප පහසුවට වශී වූ සෙයක් පෙනුණි . කිහිප දෙනෙක් එහි සවි කර තිබු යන්ත්‍රයෙන් කෝපි පානය කළහ. තවෙකෙක් ශීතකරණයක තිබූ කුඩා මත් පැන් බෝතල් හා කොකා කෝලා පානයට  ගත්හ. අති විශාල ඇඳන් වල මහා හඬින්  සිනා සෙමින් වැතිරුනහ. තාන්යා තුල වූයේ උදාසීන බවකි.   ඇය සෝවියට් දේශයේ දී ගොස්  තිබුනේ කොස්මොස් සහ ගස්තිනිට්සා උක්රයිනා යන හෝටල  දෙකට පමණි. ඒවාද  නැවතීමට නොව ගිහාන් සමග  එහිවූ ආපන ශාලා වල  ආහාර ගැනීමට ගිය ගමන්ය.

ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපලින් ඉවතට පැමිණි වහාම ස්වේතා ගමන් බලපත්‍ර එකතු කර ගත්තේ ආරක්ෂාවට යයි කියමිනි. ඒවා හෝටලයේදී තමන්ට නැවත දෙන බවට තාන්යා සිතුවත් නැවත ලැබුනේ නැත. ඇයට  මෙම රට කෙසේ දැයි නැරඹීමට  හවස් යාමයේ  මදක් සංචාරය කිරීමට   සිතුනත් එසේ කිරීමටද අවසර ලැබුනේ නැත.
නමුත් නොයෙකුත් වර්ගයේ කෑම  හා බීම වලින් නම් අඩුවක් නොවීය. මේ රටේ මත්පැන් පානය නොකරන්නේ යයි කීවද ඒවායින් අඩුවක් නොතිබුණි.

පසුවදා උදයේ ඔවුන්ට සැරසෙන්නට අණ ලැබුණි. ඒ ස්වේතා කී පරිදි ඇඳුම් වර්ග ප්‍රදර්ශනයට හෙවත් මොඩෙලීරවනියට බව ඇය සිතුවාය. ඔවුන්ට නොයෙකුත් මාදිලියේ යට ඇඳුම් වර්ග ඇඳීමට අණ කෙරිණි. ඒවා බොහෝ විට පිහිනීමට  අඳින බිකිනි වලට සමාන විය. ක්සේන්යා කීවේ මේ රටේ මුහුද වටේම ඇති හෙයින් එහි කාන්තාවන් නොයෙකුත් වර්ගයේ පිහිනීමේ ඇඳුම් හැඳීමට කැමති බවයි. සෝවියට් රුසියාවේ මෙතරම් හොඳ ඒවා තිබුනේ  නැත. එහෙත් රට විවෘත වූ පසු බොහෝ ඇඳුම් පිටරටින් ගලා ආවත් ඒවා මිලෙන් අධික විය. තාන්යාට එය ප්‍රශ්නයක් නොවූයේ බොහෝවිට ඇයට අවශ්‍ය ඇඳුම ගිහාන් ලන්ඩනයෙන් හෝ බර්ලින් නගරයෙන් ගෙන ආ බැවිනි.
ස්වේතා සියලුම යව්වනියන්ට නාන ඇඳුමට උඩින් දුහුල් සළුවක්  වැනි යමක් පොරවා ගැනීමට අණ කළාය.

තාන්යාට වෙලාව පිළිබඳ හැඟීමක් තිබුනේ නැත. ඔවුන් උදය ආහාරය ගෙන පැයක් දෙකක් පමණ ගත වෙන්නට ඇත.

 කාමර විශාල කොරිඩෝරය දෙපසම තිබූ  අතර හැම  කාමරයටම කුඩා විසිත්ත කාමරද තිබුණි. ඒවායේ එළියේ කොරිඩෝරයේ  මල් පැල ආදිය තබා තිබුණි.  එකවරම  මිනිසුන් දෙදෙනෙකු එරික් සමග ඔවුන්ගේ කාමර තිබු පෙදෙසේ මැද හරියට පැමිණියහ. එක අයෙකු හමුදා නිල ඇඳුමකට සමාන එකක්ද අනිකා සුදු දිග ඇඳුමක්ද හැඳ සිටියහ. සුදු ඇඳුම හැඳ සිටි තැනැත්තා ගේ හිසේ සුදු රෙද්දකට කළු රවුමක් වැන්නක් තබා තද කර තිබුණි. එවැනිම කළු රවුමක් තුලින් රින්ගවූ  රතු සහ සුදු කොටු සහිත රෙද්දක් අනිකාගේ හිසේ විය. හමුදා ඇඳුම් කාරයාට විශාල බුරුසුවක් වැනි උඩු රැවුලක් තුබූ අතර  අනිකා මුහුණ  පුරා  රැවුල වවාගෙන සිටියේය.  ඒ හැඳ සිටි ආකාරයට ඔවුන් රූපවාහිනියේ දැක පුරුදු  මැද පෙරදිග වැසියන් බව තාන්යා ට පසක් විනි.

කෙල්ලන් සමූහය දෙස බැලූ ඔවුන් එරික් සහ ජාවෙඩ් සමග කතා කළහ. ජාවෙඩ් පරණ සෝවියට් සමුහාණ්ඩුවක් වූ අසර්බයිජාන් වලින් පැමිණියෙක් බව තාන්යාට කෙල්ලක පවසා තිබුණි.

එකිනෙකා  සමග කතා කරමින් සිටියදී හමුදා කාරයා තමන් අසලම සිටි කෙල්ලගේ උඩුකය  ඇඳුම ඇර ඉතා සාමාන්‍ය දෙයක් කරන්නාක් මෙන් ඇගේ එක පියොවුරක් මිරිකීය.  මොල්දෝවා වලින් මොස්කව් පැමිණි වෙරෝනිකා නමැති අමුතු නමකින් යුත් ඒ තරුණිය හදිසි ක්‍රියාවෙන් විමතිව කෑ ගසා පිටු පසට පැන්නාය. පිරිමින් සියල්ලෝම සිනා සුනහ. එවිට එරික් තාන්යා අසල සිටි ක්සේන්යා තමන් දෙසට ඇද ගත්තේය. ඔහු හමුදා කාරයාට යමක් පැවසුවේ "සමල්චි බ්ලයාත් " (නිහඬව  ඉඳපන් බැල්ලි) ලෙස ක්සේන්යා ට තදින් අණ කරමිනි. හමුදා කාරයා එවර දෙඅතින්ම ක්සේන්යා ගේ තිසර යුගල ඔබා බලා නරුම සිනහවක්  පෑවේය.  ක්සේන්යා ඇදවී ගිය මුහුණින් යුතුව නිහඬව උන්නාය.තාන්යා ගේ හදවත  දරුණු ලෙස ගැහෙන්නට විය.  මේ සිදුවන්නේ කුමක්ද?

මේ විශාල තට්ටුවේ මුල හරියේ විශාල විසිත්ත කාමරයක් විය. එහි ඉතා සැප පහසු අන්දමේ කුෂන් වලින් කල පුටු බොහොමයක් තිබුණි. පැමිණි දවසේ කෙල්ලන් ඒවායේ හිඳගෙන කතා බහ කළහ.
ඔවුන්  විශාල  විසිත්ත කාමරයට කැඳවාගෙන ගිය ස්වේතා හා මීෂා ඔවුන්ට පේලියට  සිටින්නට අණ කළහ. ඔවුන් ඉදිරියේ සැප පහසු පුටු වල කිසියම් යුෂ වර්ගයක් පානය කරමින් සිටියේ මැදිවියේ පිරිමින් පිරිසකි.

තාන්යා ට තමන් තව දුරටත් ස්වේතා කියනා අන්දමේ ඇඳුම් මොඩෙලිරවනියට පැමිණි අය නොවන බව පසක් වුනි. ආපසු හැරුණු ඈ කාමරයට දිව ගියාය. කාමරයේ තමන්ගේ ගමන් බලපත්‍රය නැති බව මතක් වී ඈ  ස්වේතා නතරවී සිටි මුලින්ම තිබූ විශාලතම කාමරයට දිව්වාය. ස්වේතා ගේ ඇඳුම් ගොඩේ ස්වේතා ගේ වටිනා බෑගය  දුටු තාන්යා විකල්ව ගිය සිහියෙන් බෑගය අවුස්සමින් එහි ඇති සියල්ල එලියට ඇද දැම්මේ ගමන් බලපත්‍රය හා ගුවන් ටිකට් පත සොයා ගන්නා අටියෙනි. කෙසේ හෝ ගුවන් තොටුපලට යෑම ඇගේ අභිප්‍රාය විය. ස්වල්ප මොහොතකට පසු ඇය සොයා කාමරයට පැමිණි මීෂා ඇගේ  මුහුණට දැඩි පහරක් ගසා ගෙලෙන් වැරෙන් අල්ලා මුහුණ  ඇඳට තබා තද  කළේය. තාන්යා ඔහුගෙන් මිදෙන්නට දැඟලුවා ය.  එහි පැමිණි ස්වේතා ඔහුට අණ කළේ  අමුත්තන්ට  තමන් ආ කාරිය හෙවත් ඔවුන්ගේ  තේරීම කර ගන්නා තුරු තාන්යා එතනම  තබා ගන්නා   ලෙසයි.

අඩ හෝරාවකට පමණ පසු එරික් හා ජාවෙඩ් එහි එනතුරුත් මීෂා සිටියේ තාන්යා ගේ ගෙල පාගා ගෙන රූපවාහිනිය නරඹමින්ය. තමන් හසුවී සිටින්නේ "ක්‍රිශා (වහල) " ලෙසින් හඳුන්වන මාෆියා කණ්ඩායමකට  යයි තාන්යා සිතුවාය. කළ යුත්තේ කුමක්ද යන්න  ගැන ඇයට නිනව්වක් නැතිවිය.

"මේකිට මොන  පිස්සුවක් ගැහුවද? දැන් අරෙහෙ ගෙනිහිල්ල පිස්සු කෙලින්න ගත්තොත්" එරික් ස්වේතා ඇමතීය.

"එරික් උඹ දන්නවනේ කරන්න ඕනේ මොකක්ද කියල. යූරා කියල දෙන්න ඇතිනේ" පවසමින්  ස්වේතා  දොර දෙසට ගියාය .

"මුන්ගේ මෙතැන නායිකාව ස්වේතා එහෙනම් " තාන්යා ට වැටහිණි.

"ස්වේතා මට අනුකම්පා කරපන්. උඹට මම සල්ලි දෙන්නම් ආපහු මොස්කව් ගිය ගමන්. මගේ පෙම්වතා උනත් දෙයි. මට  මගේ පෙම්වතා ගාවට යන්න  දීපන්. මම වෙන මිනිස්සු එක්ක  ඉන්නේ නැහැ. මම මැරෙනවා."

"පිස්සුද උඹට හොයන්න බැරි ගාණක්  දැනටමත් වියදම් වෙලා  ඒවා හොයන්න ඕනේ . එරික් මොකද උඹ බලන් ඉන්නේ. ඔය බැල්ලි අපේ නේවාසිකාගාරේ ඉන්න කාලේ  ඉන්දියන් එකෙක් ගෙන්නාගෙන වේසකමේ ගියේ. මේකිට විදේශිකයෝ එක්ක ඉඳල පුරුදු බඩුවක්. දැන් සාන්ත මරිය වෙන්න යනවා "" ස්වේතා නැවතත් කීවේ අණ දෙන ස්වරයෙනි.

"ස්වේතා ඇයි මට මේ විධිහට බනින්නේ.  මම හිටියේ ගිහාන් එක්ක විතරයි. එයා ආගමික වුනේ කවදද."  තාන්යා ට වැඩිදුර සිතීමට ඉඩක් නොවුනේ, මීෂා  විසින් ඇඳේ  කෙළවරට ඇගේ මුහුණ තද කරගෙන සිටි නිසා  දණ ගසා  ගෙන සිටි තාන්යා ගේ   දෙපා දෙපසට ඇදෙන ලෙස කලවයන්  වලට දැඩි  පා පහර කිහිපයක් එරික් විසින් එල්ල කළ බැවිනි. ඇය වේදනාවෙන් කෑ ගැසුවාය.

"මේකි කෑ  ගහනවා තොට පේන්නේ නැත්ද දුරාක් (මෝඩයා )"  එරික් මීෂා ට ගර්ජනා කළේය.

"හොඳ වැඩක් කරන්නම්" තම මේස් එක ගැලවූ මීෂා එය තාන්යා ගේ කටේ එබුවේය.  දින කිහිපයකින් සෝදා නැති මේස් එකේ කුයිලයට තාන්යා ට හුස්ම හිරවෙන කැස්සක්  ආවේය.

ජාවෙඩ් ගේ උදව්වෙන් නිරුවත් කළ අසරණ යුවතියට බලහත්කාරකම කිරීමට අපහසු වූ එරික් කෝප විය.

"අර මූණේ  ගාන  ක්‍රීම් එක ගනින්. මේකිගේ ඉන්දියන් කාරයා කිරි විතරයි බීලා තියෙන්නේ. තද වැඩියි බ්ලයාත් " ස්වේතා එරික් ගේ එම කතාවට මහා හඬින් සිනහ සුනාය.

"ඇය වැනිම වූ තවත් ගැහැණියකට, එකට උගත් එකියකට මෙතරම්  දරුණු ලෙස සලකන්නට ඇයට හැකි වූයේ කෙසේද?" තාන්යා සිතුවේ දැඩි ශෝකයෙනි.

දඟලමින් වේදනාවෙන් මිරිකෙන යුවතිය තුලට බලහත්කාරී ලෙස ක්‍රීම් වර්ගය ඇතුළු කළ එරික්  ජාවෙඩ් සමග ස්වේතා අණකළ දඬුවම ඉටු කලේ සිනා සෙමින් ඝෝෂා කරමිනි. ස්වේතා එළියේ රැස්ව සිටි කෙල්ලන් කාමර වලට එලෙව්වාය.

ජාවෙඩ් ස්වේතා කැඳවාගෙන ආවේ කළු ලෝගුවක්ද රැගෙනය. ඉතා අපහසුවෙන් හා වේදනාවෙන් සිටි තාන්යා ගේ හිස තුලින් එය රිංගවා එය හැඳ ගැනීමට ක්සේන්යා උදව් වූවාය . මුළු ඇඟම වැසෙන සේ අඳින කළු ලොගුවක්වූ එය ට හිස් වැසුමක්ද තිබුණි. ඇයට එලිය පෙනුනේ ඉදිරියේ ඇති විවරයකිනි. ක්සේන්යා ද එවැනිම ලෝගුවක් හැඳ  සිටි අතර ස්වේතා හිස වසාගෙන දිග ගවුමක් හැඳ සිටියේ රූපවාහිනියේ දැක පුරුදු  විදේශික කාන්තාවක් ලෙසය.

"යමල්ල " ස්වේතා කෙල්ලන්ට අණ කළාය.

"අනිත් එවුන් " එරික් ඇසුවේය.

"යූරා තව ටිකකින් ඇවිත්  හතර දෙනෙක් ගෙනියයි අතන්ට. අනිත්  කට්ටිය අපි ආවහම බලමු. කාමර අගුළු දාල වහපන්.  මීෂා උඹ ඉඳපන්.  එළියේ හෝටලේ අපි දන්නා හාදයා මුරට තියල යන්නේ එළියේ  දොරත්  වහලා." ස්වේතා පැහැදිලි කළාය.
තාන්යා ගමන් කළේ ඇදි ඇදී අපහසුවෙනි. මීෂා ඇගේ පසුපසට පයින් පහරක් ගසා ඉක්මණින් ඇවිදීමට අණ කළේය.

"උඹල වැඩි හානියක් කළේ නැහැ නේද? කොහෙද තොපි බැ... පුතාල  කෙල්ලෙක් දුන්නොත් කාල දානවා. උන් එපයි කියල  කිව්වොත් යූරා සල්ලි ගන්නේ උඹලගෙන්. " ඔවුන්ට නොමනාපයෙන් මෙන් බැණ වැදුණු ස්වේතා කුඩා කුෂන් එකක් අසල  පුටුවකින් ගෙන
"මේක තියා ගනින් ඇතුලට " පවසා තාන්යා අතට දුන්නාය. මීෂා ලෝගුව ඔසවා කොට්ටය තාන්යා ගේ කුස මත තබා කලිසමේ බඳ පටියෙන් බැන්දේය. ඇය දැන් ගර්භනී මාතාවක් මෙනි.

හෝටලයේ විදුලි සෝපානයෙන් පහළට එද්දිත් ලොබිය හරහා යද්දිත් තාන්යා දෙපස බැලුවේ කවුරුන් හෝ දුටුවොත් කෑ ගසා උදව් ඉල්ලන්නටය. එහෙත් ඒ හෝටලයේ සිටි ඇතැම් සුදු ජාතිකයන්ද අනිකුත් විදේශිකයන් යයි කිවහැකි අයද  ඔවුන් දෙස බැලුවේ වත් නැත. හෝටලය ඉදිරිපස විශාල කළු පැහැති  රථයක් නවතා  තිබුණි.  රථයේ පැත්තකින් විවෘත කළ දොරට එක තරුණියක එක ආසනයට බැගින් වාඩි කර  ඔවුන් අසල ස්වේතා හා එරික් හිඳ ගත්හ. ජාවෙඩ් රියදුරු සමග ඉදිරියේ හිඳගති.

වායු සමීකරණය කරන ලද වාහනයේ වීදුරු  සියල්ල අඳුරු කර තිබුණි. එහත් ඇතුළේ සිටි අයට එලි මහන පෙනේ. වාහනය වේගයෙන් ඇදී ගියේය. ඔවුහු  හෝරා  පහක පමණ කාලයක් මුහුදක් අයිනකින් ඇති විශාල මාර්ගයක ගමන් කළහ. අතරමග අබුඩාබි නමින් නගරයක් පසු කළ බව ස්වේතා එරික්ට කීවාය. තවත්  අඩ හෝරාවකින් පමණ ඔවුන් තවත් රටක දේශ සීමාවකට පිවිසිණි.

ඔවුන් සතු ලියැකියවිලි ඉදිරිපත් කළේ ජාවෙඩ් ය. ඔහු  ව්‍යක්ත ලෙස එම  රටේ භාෂාවෙන් කතා කරන  බව තාන්යා ට වැටහිණි. මදක් ඝෝෂාකාරී ලෙස ඇසෙන  එය බොහෝ විට මැද පෙරදිග ප්‍රචලිත භාෂාව විය හැකියයි ඇය සිතුවාය.

දින දෙකක් ඇතුළත තමන්ගේ ජීවිතය එහෙම පිටින්ම වෙනස් වී තිබේ. තව දුරත් ශ්‍රී ලංකාවට යෑම ගිහාන් හමුවීම පිළිබඳව ඇය සිතුවේ නැත. හැකි ඉක්මනින් මොස්කව් යාමට හැකිනම්. ඇයට  මවුපිය දෙදෙනා මතක් විය. අසරණ මව ඇය විදේශික රටක සිරි නරඹමින් සිටින්නේ යයි සිතනවා විය හැක. ඇගේ දෑසින් කඳුලු ගලා එන්නට විය. හැකි ඉක්මනින් රොස්ටොව්  යා යුතුය.

දේශ සීමාව පසුකල වහාම රථය නවතා ඔවුන් ආහාර අනුභව කළහ.  ඒ වනවිට හවස් වී රාත්‍රිය උදා  වෙමින් තිබුණි. ඩුබායි නගරයෙන් ගත් පාන්,  චීස් වර්ග, ඇපල් යුෂ කෙල්ලන් දෙදෙනාට ලැබුණි.  දේශ සිමා මුර පොළ පසු කළ පසු රට ඇතුලට ඇදී ගිය රථය විශාල මාර්ගය දෙකට බෙදෙන තැනකින්  දකුණට  හැරවීය.
"ඒ පාර අගනුවරට නේද ? " එරික් ඇසුවේ ස්වේතා ගෙනි.
"ඔව්, මේ මගේ තුන්වෙනි ගමන. පලවෙනි දෙක යූරා එක්ක " ආඩම්බරයෙන් පිළිතුරු දුන්නේ ජාවෙඩ් ය.  මුහුද පසුවී පැයකින් පමණ රථය ගමන් කළේ රට තුලටය.  තාන්යා රථය යන මාර්ගය සිහියේ තබා ගන්නට වෑයම් කලාය.  රථය  ජනාකීර්ණ  පෙදෙසකය. ඉන්පසු එය අවතීර්ණ වූයේ කාන්තාර බද පෙදෙසකටය. රාත්‍රිය එළඹී තිබේ. තවත් පැය කිහිපයක ගමනකින් පසු රථය  නැවතත් නතර විය.  එය නතර වූයේ කිසියම් නගරයක් වැන්නක  ඉදිරිපසය. රාත්‍රිය නිසා කිසිවක් හරියට පෙනෙන්නේද නැත.

"නගරයකට  ඇතුලත් වන්නට මුර කපොලු  ඇත්තේ ඇයි, සමහර විට සෝවියට් දේශයේ තිබූ අජටාකාශගාමින් ජිවත් වූ  තාරකා නගරය වැන්නක් විය හැකිය " තාන්යා සිතුවාය.   එහි මුරට සිටි අය හමුදා ඇඳුම් වැනි යමක් හැඳ  සිටි බවක් ඇයට යන්තමට පෙනුනි. ඔවුන් මෙම රථය හඳුනන බව පෙනුණේ ඉකමනින්  ඇතුළට යාමට ඉඩ දුන් හෙයිනි.

  තවත් අඩ හෝරාවකටත් වඩා ගමන් කළ රථය  තවත් මුර කපොලු සහිත ගේට්ටු දෙකකින්  ගමන් කළේය. ඒ දෙතැනම ඔවුන්ගේ වාහනය නවතා සෝදිසි කලේ නැත. මදක් ඈතින් විදුලි පහන් දැල්වෙන විශාල ගොඩනැගිලි කිහිපයකින් වටවූ තැනක රථය  නැවතුණි. වෙලාව මධ්‍යම රාත්‍රිය වන්නට ඇතැයි තාන්යා ට සිතුනි.

වට පිට බැලීමට ඉඩක් නොතබාම ගොඩ නැගිල්ල තුලට ගෙනයන ලද යුවතියන් දෙදෙනා විදුලි සෝපානයකින් දෙවන තට්ටුවේ  ඇති කාමරයක රඳවා එරික් හා ස්වේතා ඉවතට ගියහ. ක්සේන්යා වහා පැමිණ තාන්යා වැළඳ ගත්තාය.

"මට දුකයි උඹ ගැන තාන්යා. ඇයි උඹ එහෙම පැනලා යන්න හිතුවේ . මුන් මහා නපුරු මිනිස්සු. අපට මොනවා වෙයිද දැන් "

"ක්සේන්යා උඹත්  දැනන් හිටියේ නැත්ද? මම හිතුව මම විතරයි නොදැන අහුවුනේ කියල."

"නැහැ, මට කිව්වේ මොදෙලිරවනියට එක්ක යනව කියලනේ "

"මට තේරෙන්නේ මුන් අපිව කාට  හරි විකුණලා තියෙන්නේ කියල. කොහොමද මුන්ගෙන් පැනලා යන්නේ කියල මම හිතන්නේ"

ඔවුන් සිටි කාමරය විශාල එකකි. එහි පැත්තක විශාල ඇඳක් හා නාන කාමරයක් තිබුණි. හිඳ ගැනීමට සුව පහසු සත්ව හමින් කළ විශාල පුටු කිහිපයක්ද  විය. ඇඳ ඉදිරියේ විශාල රූපවාහිනියකි. මුළු බිමටම  වර්ණවත් කාපට් අතුරා අලංකාර කර ඇති කාමරයේ වම් පැත්තේ ඇති විශාල දොරටුව හා බැල්කනිය  දුටු තාන්යා  එය විවෘත කිරීමට තැත් කළාය. දොර විවෘත  වුනේ බිත්තිය දිගේ පැත්තටය. එළියේ පුටු තුනක් හා මේසයක් තබා තිබුණි.  එලියේ උෂ්ණත්වය  දැඩි ලෙස මුහුණට වැදුණු තාන්යා  දොර වැසුවාය.

එරික් හා ස්වේතා පැමිණියේ උදයේ පැමිණි හමුදා කාරයා සමගය. කාමරයේ වම් පැත්තේ ඇති දොර විවෘත කර එරික් ක්සේන්යා එයට තල්ලු කළේය. තවත් කාමරයක් එහි ඇති බව ඔවුන් දුටුවේ එවිටය. කාමරයට තල්ලු වෙමින් ගිය තවමත් යන්තම් දහ අට වැනි වියේ සිටි  ක්සේන්යා  හඬන්නට ගත්තාය. එරික්  වැරෙන්  ඇගේ මුහුණට පහරක් ගැසුවේය.  අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගත් තාන්යා වහා පැත්තට ඇරෙන දොරෙන් බැල්කනියට පිවිසී  එහි තිබූ පුටු තුනෙන් එකක නැග බැල්කනියෙන් එළියට පැන්නාය . දෙවෙනි තට්ටුවේ නිසාත් ඇය කිසියම් කාලයක් පාසලේදී ජිම්නාස්ටික් උගත් නිසාත් පහලට වැටීමේදී පොළවට වදින කම්පනය මග හැරීමට හැකි වෙතැයි සිතුවාය.

"ඇය සිතුවා වැරදිය. තද සිමෙන්ති පොළොවේ දෙකකුල් තැබූ අවස්ථාවේ ම වම් කකුලේ දණහිස් අසල දැඩි වේදනාවක් සමග ඇය ඇද වැටුනාය. දෙඅතට වාරුවී නැගිටියත් ඇයට වැඩි දුරක් අස්ථියක් බිඳී ඇතැයි සිතෙන තරමට වේදනා දුන් කකුල සමග ඉදිරියට යෑම  අපහසු විය. මිනිසුන් කිහිප දෙනෙකුම පසු පසින් දිව එන හඬ ඇසිණි. එක වරම පිට හරහා පොල්ලක් වැනි යමකින් වැදුණු දැඩි පහරින් ඇය අද වැටුනාය. උස මහත පිරිමින් සතර දෙනෙකු ඇයව මරා දැමුණු ගෝනෙකු ලීයකට තබා බඳින්නට ඔසවන්නාක් මෙන් ඇගේ අත් දෙකින්  හා දෙපා වලින් ඉහළට එසවූහ. කකුල ඇද ඔසවද්දී දැනුනු අධික වේදනාවෙන් කෑ ගැසූ තාන්යා විසංඥ වූවාය.

කොපමණ වේලාවක් ගතවූවා දැයි තාන්යාට නිනව්වක්  නැත. ඇයට සිහි එන විට ආ ළඟ සිටියේ  නාඳුනන කාන්තාවකි. ඇගේ එක කකුලක් සම්පුර්ණයෙන්ම වෙළුම් පටි වලින් බැඳ තබා නැමිය නොහැකි වන ලෙස ඇඳ අසල  රඳවා තිබූ කරු සහිත රෝහල් වල සේලයින් දෙන කණුවක් වැන්නක එල්ලා තිබුණි. හෙදියක සේ ලෝගුවක් හැඳ සිටි   කාන්තාව වහා එලියට ගියාය. ස්වේතා හා එරික් පැමිණියේ බැන ගෙනය.
"උඹ නිසා පහුගිය පැය කීපයේ  උඹේ වැඩේ කරන්න  වුනේ මට. උන් ගෙවල තියෙන්නේ මේ සේර්විස් එකට අපට. මේක බිස්නස් එකක් කියල තී දන්නේ නැත්ද බ්ලයාත්. " ඇය තාන්යා ගේ කම්මුලට පහර කිහිපයක් ගැසුවාය.
"උඹව මරල වැලි ගොඩේ හංගල අපි යනවා දැන ගනින්. මේ  සති දෙකේ ඔහොම ඉඳල හරි සෙර්විස් එක කරලා වරෙන් ආපහු මොස්කව් යන්න ඕනෙනම්. හොඳ වෙලාවට උඹේ කකුල ඇඹරිලා විතරයි. කැඩිලා නැහැ. දවස් දෙකෙන් මේක අයින් කරයි. " කකුලේ වෙළුම්ද පෙන්වා   එරික් තර්ජනය කළේය.

වේදනා නාශක බෙහෙත් විද ඇති නිසා කිසියම් මත් ගතියකින් සිටි තාන්යා ට ඔවුන් කීදේ ද සේර්විස් යනු කුමක්ද හෝ වෙනත් කිසිවක් හරියාකාරව වැටහුනේද නැත. නමුත් ඇය සිටියේ තව දුරටත් විරෝධය පෑමෙන් පලක් නොවන බව පමණක් වටහා ගනිමිනි.

"අපි දැන් යනවා, අපි එන්නේ සති දෙකකින්. උන්ට කීකරුව හිටියේ නැත්නම් උඹ ගන්න අපි එන්නේ නැහැ " ඔවුන් නික්ම ගියහ.
 
හෙදිය නිකටට අත තබාගෙන තමන් දෙස බල සිටියේ අනුකම්පා සහගත දෑසින් බව තන්යාට පෙනුණි.  තාන්යා ඇයට රුසියානු භාෂාවෙන් කතා කළාය.
"මම කොහෙද ඉන්නේ? මෙතනින් යන්නේ කොහොමද?"
ගැහැණිය කතා කලේ කැඩුණු ඉංග්‍රීසියෙනි.
තාන්යා ට වැටහුණු ආකාරයට මේ ස්ථානයෙන් පිට යාමට නොහැකිය. සෑම තැනම මුරකාවල් තිබේ. ඇය නිදන්නේම  ගොඩ නැගිල්ලේ වෙනත් පැත්තකය.
ඔවුන්ගේ කතාව අසා තුවායක් පොරවා  ගත් ක්සේන්යා අල්ලපු කාමරයේ සිට පැමිණියාය. පැමිණි වහාම ඇය කළේ තාන්යා  ගේ ගෙල බදා ගැනීමය.

"උඹට පිස්සුද තාන්යා. පැනල යන්න  බැහැ. ගියොත් මුන් මරයි. උඹ පැන්නට පස්සේ එරික් මට පිස්තෝලයක් පෙන්නුවා. අර මිනිහ ගාවත් තියනවා. මම හිතුවේ උඹ මැරෙන්නම  පැන්න කියල. පස්සෙයි දැක්කේ මේ ගොඩනගිල්ලේ දෙවන තට්ටුව උස නැහැ කියල."

"මම ඉස්සෙල්ල දැක්ක ඒක. ඕන දෙයක් වෙන්න කියල පැන්නේ. කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න. මොකද වුනේ ඊට පස්සේ "

"උඹට සිහි නැති වුණාම කළු පාට හම තියෙන දොස්තර කෙනෙක් ඇවිත් බැලුව. උන් උඹව කොහෙද අරන් ගියා එක්ස්රේ  එකක්  ගන්න. ඊට පස්සේ බෙහෙතක් විදලා ගියා.  මට මේ පැය හතර පහට හය දෙනයි. අර බඩ ලොකු හමුදා කාරයා ඉස්සෙල්ලම. එරික් කාමරේ එලියට වෙලාම හිටියා. උඹේ වෙලාවටත්  එක්ක ගෙවන්න  වුනේ  මට " ක්සේන්යා කීවාය.

"මට සමාවෙයන් ක්සේන්යා. මට මෙතනින් පැනලා යන්නයි ඕන වුනේ". තාන්යා කිවේ දොම්නස් සහගත හඬකිනි.
"උන් ටිකක් වද දෙනවා. මේ. " ක්සේන්යා ඇගේ සිරුරේ තඩිස්සි වී ඇති තැන්  හා විකා ඇති තැන් පෙන්වූවාය. දෙදෙනාටම එකවර ඉකි ගැසිනි.
 හෙදිය සෙමෙන් සෙමෙන් ඔවුන් අසලට පිය මැන දෙදෙනාගේම හිස අත ගෑවාය.
.
 ක්සේන්යා ගේ කැඩුණු ඉංග්‍රීසියෙන් කළ කතා බහේදී ඇය පිලිපීන ජාතික හෙදියක බව ඔවුන් දැන  ගත්හ. මුලදී මුදලට එන ගැහැණුන් බව සිතා සිටියත් තාන්යා ගේ පැනීමෙන් පසු ඔවුන් බලහත්කාරයෙන් රඳවා සිටින බව වටහාගත් පිලිපීන  කාන්තාව කෙල්ලන් දෙදෙනාට අනුකම්පා කළාය. ඔවුන්ට නිදි පෙති සහ වේදනා  නාශක පෙතිද තේ සහ කෑමද සැපයූ ඇය නිදා ගැනීමට යන බව පවසා ඉවත්ව ගියේ හැකිනම් ඉක්මණින් නිදා ගන්න ලෙස අයැදීමක් ද කරමිනි.

ක්සේන්යා තාන්යා ගේ පොරවනයටම ඇතුළුවී එම ඇඳේ ම ඇලවුණාය.
දැඩි ලෙස මහන්සිවී සිටි යුවතියන් දෙදෙනා වෙත ඉක්මනින්ම පැමිණි සියලු දුක් දෝමනස්සයන් අමතක කරවන  නිදි දෙව්දුව ඔවුන්  වැළඳ ගත්තාය.

~~~~~මතු සම්බන්ධයි 

8 comments:

  1. අපේ හිතවතියකගේ සොහොයුරියක් වූ උක්රයින්කා කෙනෙක් ඔය විදිහට ස්ලවයන්ස්කි ඩාන්සින් ගෘප් එකක් විදිහට යුගෝස්ලෝවිය කියල යැව්වා, එවන විට ඇයට 17 සම්පුර්ණවුන පමණයි. ඔවුන්ට සති කීපයක් කැබරේ ඩාන්සින් ඉගැන්වුවා, කතන්දරේ තේරුන අපි ඇයට, සහ පවුලේ අයට එහි අවදානම කියා සිටියත් ඩොලර් ඉපැයීමට හැකිවීම ගැන සියලුදෙනා උද්දාමයෙන් සිටි බවත් ඇයගේ ඉරණම ගැන දෙමාපියන් වද නොවූ බවත් තේරුම් ගියා. ඇය ගැන තොරතුරක් ලැබුනේ වසරකට පමණ පසුවයි, ඒවනවිට ඇය සිටියේ එවන විට යුද්දය පවතී කුඩා නගරයක සමාජ ශාලාවක, ඇය සටන්කමියකුගේ පෙම්වතිය බවට පත්වූ නිසා ගෙදරට ටෙලිෆෝන් කිරීමේ වරප්‍රසාදය ලබා දී තිබුනා, ඇය කිසිදු වත්කමක් රැස්කරගෙන් නොතිබූ නමුත් පෙම්වතා තෑගි දුන් ලෙදර් ජැකට්ටුවක් ගැන ඇය උද්දාමයෙන් සිටි බව දැනගන්නට ලැබුන, ඇයගේ ඉරණම මගේ හර්දසාක්ෂියට ප්‍රබල පිඩාවක් වුනේ මා විකිනිමට රැගෙන ගොස් තිබු ලෙදර් ජකට්ටුවක් ඉල්ලා ඇය කීප විටක් ඇවිටිලි කර තිබු නිසායි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අපේ හෘදය සාක්ෂිය අමතන කතා කිහිපයක්ම මටත් තිබෙනවා. මේ විධිහට කරානම් හොඳයි එහෙම නැත්නම් මෙහෙම කරනන් තිබුනනේ වගේ දේ. නමුත් දැන්නම් මම ජීවිතය දිහා බලන්නේ උපේක්ෂාවෙන්. මේ වෙන හෝ වුන හුඟක් දේවල් සමහර වෙලාවට තනි අපට වලක්වන්න බැහැ. වෙන්නේ තියෙන දේ වෙනවා කියන එක මම පිලි ගන්නේ නැහැ. අපි කරන දේවල් වලින්ම තමයි ප්‍රතික්‍රියාව ලැබෙන්නේ. කලින් තීරණය වුනු කර්මයකින් නෙමේ කියලයි මම හිතන්නේ

      Delete
  2. හපොයි... මෙහෙම වෙයි කියල නම් මුලින් හිතුනෙම නෑ..

    ReplyDelete
    Replies
    1. හිතන්නේ නැති දේවල් ජිවිතේ ගොඩක් වෙනව. දැන්නම් ලංකාවේ සන්සුන් ජීවිතය පැතුම් අගය කරනවා ඇති නේද

      Delete
  3. අපෝ අද නම් කියවන්න බැහැ.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .