Tuesday 24 March 2020

මුඛ ආවරණ පැළඳීම

මුඛ ආවරණ රතු තරුවෙන් හදල දෙන එක හොඳයි. ඒ සමගම ඇඳුම් කට්ටලත් දෙන නිසා. ඒක විශිෂ්ඨ වැඩක්. හොඳ දේට  හොඳයි කියමු.

ඒත් සමහර ජවිපෙ සම්බන්ධ අය   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියපු දේ ප්‍රශ්න කරලා තිබුන. මුඛ ආවරණ අනිවාර්ය නැහැ කියන එක. නමුත් ඒක ඇත්ත.

කවුරුහරි කිවිසුමක් ඇරියොත් ඔබ ගාව ඉඳන් මුඛ ආවරණයෙන් බේරෙන්නේ මුව විතරයි. කෙළ බින්දු ඇහැට වැටෙන්න පුළුවන් ඒ එන වේගෙට, මුහුණේ ඉතිරි පෙදෙසට වැටෙන්න පුළුවන්.  කිවිසුමක වේගය පැයට  හැතැප්ම 100. නැත්නම් කිලෝමීටර 160ක්. අනිත් කොටස් ඔබේ මුහුණේ සහ ඇඟේ අනිත් තැන්වලට විසිරෙනවා.  ලක්ෂයක් පමණ විෂබීජ විසිවෙන්න පුළුවන්. ඒ කියන්නේ මුඛ ආවරණයෙන් බේරෙන්නේ 10-30% ප්‍රමාණයක් විතරයි. (ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය බලන්න ).

එක මුඛ ආවරණයක් (surgical) වරකට වඩා පැළඳිය නොහැකියි. හෝදා පැළඳීම ද කළ නොහැකියි . සමහර විට සම්පුර්ණයෙන්තැම්බිය යුතුයි. එවිට සර්ජිකල් එකක් නම් කිවිසුම් හෝ කතාවෙන් එන බිඳිති  උරා ගන්න කොටස විනාශ වෙනවා.

ඊට පස්සේ අතින් මූණ   ඇල්ලුවොත්  හැදෙනවා. එනිසා එක්කෝ හෙල්මට් එකක් දාන්න ඕනේ. නැත්නම් හාර්ඩ් වෙයාර් කඩේකින් බාසුන්නැහේ ලා දාන ප්ලාස්ටික් ඇස් ආවරණයක් දාන්න ඕනේ.
 වානේ  පෘෂ්ඨ (stainless steel) මත පැය 9 කුත් ප්ලාස්ටික් මත පැය හයකුත්  අනිකුත් පෘෂ්ඨ මත  පැයක් පමණත් වෛරසය රඳන නිසා අත් වැසුම් පළඳින්න ඕනේ. විශේෂයෙන් සල්ලි අත ගාන සුපර්මාකට් වල අය. අත් දෙක හැම වෙලේම හෝදන්න කියන්නේ ඒකයි. පිහදාන්න ඩෙටොල් නැත්නම් දෙහි ගෙඩියක් කපල අතුල්ලන්න. එපමණම  හොඳ නැති  වුනත් යම් සහනයක් තිබෙනවා.


සබන් තමා හොඳම. ඒකෙනුත් ඔය හොඳ සුවඳ ඒවා නෙමේ රෙදි හෝදන සබන් වගේ ඒවා . එසේම දෙමල ජනතාව ඉහින කහ වතුරත්  ඉතා හොඳයි කියනවා පැතිරීම වලක්වන්න.

කහ වතුර  ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍යනම් පහල යොමුවට යන්න.
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6509173/

6 comments:

  1. මුඛ ආවරණයෙන් බේරෙන 10% -30% වත් බේරෙන්නෑ මිනිස්සු ඒක ගලෝන විදිහට... මැද්දෙන් අල්ලලා ගහලවන්නේ... අර නිව්ස් කියන උන්දලා පවා කරන්නෙ... මිනිස්සුත් ඉතින් ඒවා බලන් අවුලක් නෑ කියල හිතන් කරනවා...

    ReplyDelete
    Replies
    1. හප්පෝ , ඉතින් ඇති වැඩක් තියේද

      Delete
  2. ඇත්තෙන්ම කිව්වොත් ලංකාවේ නං අති බහුතර ජනතාව මුඛ ආවරණ පළදින විදිය, ඒවා භාවිතා කරන විදිය දැක්කම මේකෙන් කොරොනා තව පැතිරෙන එක මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ. හන්දි ගානෙයි, කඩවල් පල්ලෙයි, පෙට්‍රල් ෂෙඩ් අස්සෙයි රිංගන් ඉන්න පොලිස්කාරයොයි, PHI නිලධාරීනුයි මිනිස්සුන්ට බනිනවා මාස්ක් එකක් නැත්තන් ලේන්සුවක් වත් බැදගන්න කියලා. අනේ ඉතින් අර අතේ තියෙන හැම ජරාවම ගෑවිලා තියෙන ලේන්සු කඩමාලු බැදන් මිනිස්සු එහෙ මෙහෙ යනවා ගිනි කාගෙන. චාලි චැප්ලින්ගේ චිත්‍රපටි වල වගේ.

    සමහර උන්ගේ මාස්ක් එකේ බෙල්ලේ. සමහර උන එක කණකින් මාස්ක් එක එල්ලං ඉන්නවා. පොලිසිය දැක්කම යන්තන් උස්සන් කට වහගන්නවා. ආයේ ටිකකින් ගලවනවා. පස්ස ගහනවා, දත් හාරනවා, සල්ලි ගනින්නවා. අනික් එකාගේ කිරිපල්ලට අනිනවා. ආයේ පොලිසිය බනිනකොට උස්සගන්නවා මාස්ක් එක.

    ReplyDelete
    Replies
    1. සෙල්ලම් පිස්තෝලයක් වත් දුන්න නම් ලේන්සු බැඳන් යන කට්ටිය එක්ක කව්බෝයි ෆිල්ම් එකක් ගහන්න තිබ්බ

      Delete
  3. වැරැද්දට බනිමින - හරි දේ නොකරමින
    අමන දේ කරමින - ඉඳී අපගේ රටේ වැඩි දෙන!

    පුරුද්දකි ජාතියේ - කවුරුද අතැර දැමුයේ
    වරද ඇත ජානයේ - දුකකිනි අකුරු කෙරුයේ!!

    ReplyDelete
    Replies
    1. ඔයා ඔහොම කීවට
      ලන්ඩනයේ කියා වෙනසක් නැත
      මාස්ක් නොදමුවට
      අනිකාට ඇති කෑමත්
      රැගෙන දුවන උන්ය

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .