Tuesday 24 March 2020

චීනය මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි (කොරෝනා වෛරසය පැතිරී කාලය තුල)

මේ ලිපිය සම්බන්ධ මුල් ලිපිය පළමුව කියවන්න.

මුඛ ආවරණ පැළඳීම

රෝගය බෝවන අන්දම දළ වශයෙන් 
(කරුණාකර කලින් පෝස්ටුව කියවා මෙය කියවන්න)
සියලු දෙනාටම ප්‍රශ්නයක් වන්නේ මුඛ ආවරණ පැළඳීම සමහරු බල කරද්දී විශේෂන්ඥ වෛද්‍යවරු එසේ නොකියන්නේ ඇයිද යන්නය. ඔවුන් නිවැරදි බව කලින් දැමූ පොස්ටුවේ කියුවෙමි. එසේ නම් චීනය වූහාන් ප්‍රදේශයේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි?
එය මෙසේ පැහැදිලි කරමි.

ලෝක සෞඛ්‍ය ය සංවිධානයට අනුව එක් අයෙකුගෙන් දෙදෙනෙකුට වත් අවම වශයෙන් වයිරසය පැතිරේ. (හරි ගණන 2.2 කි) ඒ නිසා දෙදෙනෙකුට, ඉන්පසු හතර දෙනෙකුට , ඉන් තවත් අට දෙනෙකුට, ඉන් තවත් 16 දෙනෙකුට වශයෙන් රෝගය පැතිරේ. රෝගය පැතිරීම ඉතා ඉක්මන්ය. 

 වයිරසය ඔබේ සිරුරේ තිබුනද රෝග ලක්ෂණ මතු වන්නේ දින 2-14 අතර කාලයක් තුලදීය. මෙයට කියන්නේ බීජෞෂණ සමය  incubation period කියාය.  මේ කාලය තුල වයිරසය ඇති තැනැත්තා අවුරුදු  උත්සවයක "සැඟවුණු  අමුත්තා " වැන්නෙකි. ඔහු හෝ ඇයගෙන් රෝගය බෝ වුනද රෝගය ඇතැයි ඔවුන් දන්නේ නැත. මෙහි සාමාන්‍යය අගය (Average)   දින 5 කි. දින 5ත් 14ත් ඇතුලත රෝගය වැළඳී මුඛ ආවරණ පළඳින්නට පටන් ගන්නා  විටදී  වැළඳුනු තැනැත්තා  බොහෝ විට තව කිහිප දෙනෙකුට එය පතුරුවා තිබෙන්නට පුළුවන. 

එනිසා මුහුණ වැස්මක් හෝ මුඛ ආවරණයක් පැළඳීම රෝගය නැති අයෙකුට අවශ්‍ය නැත. නමුත් රෝගය පැතිරීම අතිශයින් වේගවත් වීම නිසාත් රෝග ලක්ෂණ ඇති අය ඒ ගැන නොදැනුවත් වූ නිසාත් චීන බලධාරීන් සැමටම මුඛ ආවරණ පළඳවන්නට නියෝග කරන ලද බව පෙනේ. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ රෝගය වැළඳී එහෙත්  ඒ ගැන නොදත්ත වුන් ගෙන් රෝගය පැතිරීම වලක්වා ලීම විය හැක. 

බටහිර රටවල අවශ්‍ය ප්‍රමාණය ට මෙම මුඛ ආවරණ  නැති හෙයින් ඔවුන් එය පැළඳීම අනිවාර්ය කර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සපයන අයට පමණකි. ඒත් මුළු මුහුණම වාගේ වැසෙන පරිදිය.
Shocking Videos Show Chinese Authorities Humiliating People For Not Wearing Masks
මුලාශ්‍ර Coronavirus Disease 2019 (COVID-19)

5 comments:

  1. 100% හරි. මෙ අවස්තාවේ රෝගය පැතිරීම වලක්වා ගන්න කරන්න පුලුවන් හොන්දම ක්‍රමයක් තමා මුඛ ආවරණ පැලදීම. ඒත් ගෙවල වල මහලා බෙදා හරින ඒවා නම් වැඩක් වෙන්නේ නෑ මේ අවස්තාවේ මට හිතෙන විදියට.

    ReplyDelete
    Replies
    1. //ඒත් ගෙවල වල මහලා බෙදා හරින ඒවා නම් වැඩක් වෙන්නේ නෑ // පව් ඉතින්, ඒත් හොඳ හිතින් නේ කරන්නේ . දේශපලනය කිරීම නම් මට වැඩිය ඇල්ලුවේ නැහැ.

      Delete
    2. අනිවාර්යයෙන්ම, අගය කරන්න ඕනේ ඔවුන්ගේ මහසිය සහ සහයෝගය.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .