Thursday 5 March 2020

කොරෝනාව ඩිසයිනර් වයිරසයක්ද

එක්තරා අන්දමකට මෙම COVID 19 නව කොරෝනා වයිරසය පැතිරෙන්නේ කිසියම්  දේශපාලන මතවාදයකට අනුකුලව බවක් පෙනීයයි . එනම් මිය යන්නේ ප්‍රථමයෙන්ම කිසියම් දීර්ඝ කාලින රෝගී තත්ත්ව   ඇති අය හෝ දියවැඩියාව වැනි රෝගී   තත්ව ඇති අයය. මේ රෝග ඇති අය ජිවත් කරවීමට හා ඖෂධ වලට යන වියදම අඩුවේ.  ඊළඟට මිය යන්නේ වැඩිහිටි වයස 60ට වැඩි අයය.  ඔවුන්ට ගෙවන විශ්‍රාම වැටුප එම රටවලට  ඉතිරි වේ. හිට්ලර් වැනි ඒකාධිපතියන් ට හරියන වයිරසයකි.

 ළමයින් හා තරුණ තරුණියන් ද වයස 45 ට අඩු අයද බොහෝ විට සුවපත්වේ. ඔවුන්ගේ රෝග ලක්ෂණ ද දරුණු නැත. හරියට ඩිසයිනර් (සැලසුම් කල ) වයිරසයක් මෙනි. වවුලෙක් හෝ වෙනත් සතෙකු ගෙන් මේ  වෛරසය බෝ වුනා  නම් ඒ සත්වයා   මැවුම් කරුටත් එහා දක්ෂයෙකි.

චීනයේ කර්මාන්තශාලා බොහොමයක් වසා  දමා ඇත. ඒවායින් සිදුවූ වායු ගෝල දුෂණය සම්පුර්ණයෙන්ම පාහේ නැවතී ඇත. ඇමරිකාවේ ට්‍රම්ප් , බ්‍රිතාන්‍යයේ ජොන්සන් ගේ පටන් ඉරානයේ  මුල්ලා  වරු දක්වා දක්ෂිනාන්ෂික දේශපාලනඥයන් කබලෙන් ලිපට වැටී ඇත .  ඉදිරියේදී ආර්ථික වර්ධන වේගය  අඩුවී රැකියා විරහිත භාවය වර්ධනය වනු ඇත. බ්‍රිතාන්‍ය ගුවන් යානා සමාගමක් දැනටමත් බංකොලොත් වී ඇතැයි කියති.

මෙය සමහරවිට කොමියුනිස්ට් කාරයන් ගේ කුමන්ත්‍රණයක් වන්නටද බැරි නැත.  මෙවැනි දෙයකින් කඩා වැටෙන ආර්ථිකය හමුවේ විප්ලවයක් වීමටද බැරි නැත.

දෙයියන්  වහන්සේ විසින් එවා ඇත්නම් මේ ඒවා ඇත්තේ අරුම පුදුම වයිරසයකි. පව්කාරයන් ද වයසක අයද ඉක්මනින්ම දෙව් තුරුලට ගනී.

පින්තූරය ගත්තේ මෙතැනිනි.
(උපහාසයට ලියූවකි.  වැඩිය ගණන් ගන්නට එපාය )

 කොරෝනා  වයිරසය සහ HIV සම්බන්ධය 

මුල් ලිපිය: නව කොරෝනා වයිරසය ගැන චීනය අවංකද?



බ්‍රිතාන්‍යයේ අසනීප සංඛ්‍යාව  අද 115 දක්වා ඉහල නැග ඇත. මුළු ලෝකයේම එම සංඛ්‍යාව 96440 පමණ වේ. මා විසින් හැදු එක්සෙල් පත්‍රයක මේ වගුව මෙසේ පෙන්විය හැකිය.

බ්‍රිතාන්‍යයේ 


මෙහි එය සීග්‍රයෙන් පැතිරෙන බවක් පෙන්නුම් කරයි. මරණ සංඛ්‍යාව 3.4% කි. හැබැයි මෙය තවම ඉතා ඉහල අගයක් නොවේ.
ලෝකයේ තත්වය 


පහත සඳහන්  HIV සම්බන්ධ කොටස මා ලීවේ සති දෙකකට පමණ පෙරදීය.

අළුත්ම පුවතකින් කියවෙන්නේ ස්පාඤ්ඤ යේ කොරෝන වයිරස් රෝගියෙකුට HIV රෝගයට දෙන බෙහතක් දීමෙන් සුවය ලබා ඇති බවය. මේ අනුව ඉන්දීය විද්‍යාඥයන් කළ පර්යේෂණ ලිපිය නිවැරදි වන්නට ඉඩක් නොමැතිද යන ප්‍රශ්නය  හට ගනී. (2020-03-05)

 Spanish coronavirus patient recovers after being treated with an HIV drug that stops the deadly virus replicating


දැනට ලැබෙන දත්ත අනුව මිය යන ප්‍රමාණය 3.42% පමනද සුව වන ප්‍රමාණය 96% පමනද වේ. 
ගිය මාසයේ පෙබරවාරි 10 වනදා ම ලියු ලිපියේ ඉතිරි කොටස මෙයයි.

දැන් මම ඊළඟට මේ   ලිපියට අවධානය  යොමු කරන්නට කැමතිය. ඒ   නව කොරෝනා වෛරසය ගැන පලකල නවතම අදහසටය. මේ පර්යේෂණාත්මක ලිපිය  ඉදිරිපත් කර තිබෙන්නේ  ඉන්දියානු ජීව විද්‍යාඥයන්  සමූහයක් විසිනි.  භෞතික විද්‍යා පර්යේෂණ ලිපි පල කරන අර්කයිව් (archive.org) වෙබ් අඩවියේ මෙන්ම ජිව විද්‍යාව සම්බන්ධ පර්යේෂණාත්මක ලිපි පලකරන https://www.biorxiv.org/  වෙබ් අඩවියේ මෙම පර්යේෂණ ලිපිය පළ කෙරුනේ ජනවාරි 10 දාය. (පින්තූරය බලන්න ) . කිසියම් ජිව විද්‍යා පර්යේෂකයෙකු වේනම් මෙම පර්යේෂණ විස්තර කියවා ඒවා නිවැරදිද යන්න පහදන්නේ නම් මැනවි. භෞතික විද්‍යාව මිස ජිව විද්‍යාව යනු මා වැඩිදුර දන්නා විෂයක් නොවේ. මේ පර්යේෂණාත්මක  ලිපියේ මුඛ්‍ය අදහස වන්නේ නව කොරෝනා වෛරසයේ 2019-nCov. ප්‍රෝටීන් බහළුම්  HIV -1 GP120 සහ HIV-1 GAG වෛරස වලට  සමාන බවය. ඒ කියන්නේ ඒඩ්ස් වෛරසයේ ප්‍රභේදයන් දෙකකට සමාන බවය. අවශ්‍ය කෙනෙකුට මා ළඟ තිබෙන මේ පර්යේෂණාත්මක ලිපිය එවිය හැකිය. නැත්නම් යොමුවෙන් බාගත හැකිය.




බ්‍රිතාන්‍යයේ 
ඕනෑම ශාස්ත්‍රීය පර්යේෂණ ලිපියක් අනිකුත් විද්‍යාඥයන් විසින් කියවා පර්යේෂණයේ දෝෂ සොයා බලා  අනුමත කල යුතුය.  මෙයට කියන්නේ peer review කියාය. මේ ලිපිය පර්යේෂණ දත්ත නිවැරදිව අධ්‍යනය කොට නිගමනයන් ඉදිරිපත් කර නැති  බව කියවේ. එනිසා ලිපිය ඉවත් කරගෙන ඇත.

එසේම නව කොරෝනා වෛරසය විද්‍යාගාර තත්වයන් යටතේ නිපදවන්නට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ.

ඒ අතරම මෙන්න මේ නිරීක්ෂණය ද  වැදගත් යයි සිතමි. පසුගිය අවුරුදු  දෙක තුල චීනය වැඩි වශයෙන්ම ආයෝජන කර ඇත්තේ ඖෂධ සමාගම් වලට හා ඖෂධ නිපදවීම් වලටය. ඇමෙරිකණු  එක්සත් ජනපද වෙළඳ පළ මෙන්ම  යුරෝපිය වෙළඳ පල සඳහාද  ප්‍රධාන වශයෙන් සටන් කරන රටවල් දෙක ඉන්දියාව  සහ චීනයයි. නව කොරෝනා වෛරසය ඒමට මසකට පෙර එකොනොමික්ස් සඟරාව  මේ ලිපිය පළ කර තිබුණි. චීනයේ ඖෂධ නිපදවීමේ කර්මාන්තය  දියුණු වෙමින් තිබේ.      එම වසරේම (2019) ඔක්තෝබර් මාසයේ පලවන මේ ලිපියේ චීනය විසින් "කෘතීම බුද්ධිමය දියුණුව " AI  artificial intelligence  ඖෂධ නිපදවීම සඳහා යොදා ගන්නා බවත් ඒ සඳහා ආයෝජන කරන බවත්  පළ කරයි. ඖෂධ නිපදවීමට ලෙඩද නිපදවිය යුතුය.

නව වෛරසය වැරදුණු කුරුමානමක්ද? අපට සත්‍යය හරියටම දැනගත හැකිද?

ඒ කෙසේ වෙතත් එම වෛරසයෙන් බේරීම ඉතා වැදගත්ය. එංගලන්තය පොලිසියට හදිසි බලතල ලබා දී තිබෙන්නේ රෝගීන් බලෙන් තබා ගැනීමටය. චීනයේ රෝගී අයට නිවෙස්  වලින් එලියට ඒමට බැරි පරිදි දොරවල් වෙල්ඩින් කර වසා දමන බව දුටිමි.



මූලාශ්‍ර :

What to know about coronaviruses

Where Coronaviruses Come From

Inside the Chinese lab poised to study world's most dangerous pathogens

The Wuhan Virus Is Not a Lab-Made Bioweapon

Uncanny similarity of unique inserts in the 2019-nCoV spike protein to HIV-1 gp120 and Gag

China investing heavily in AI to boost pharma sector, says analyst

China’s pharmaceuticals industry is growing up

WHO sees more evidence of civet role in SARS

11 comments:

  1. කල්ප විනාශයවත් එනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. සීයට හතරක් මැරිලා අනුහයක් ඉතිරිවෙනකොට කල්ප විනාශය ඉවර වෙන්න කල්ප කීයක් යයිද?

      Delete
    2. දැනට මැරෙන ගාන Spanish flu එකේදී 27% කට හැදුනා. 17% මිය ගියා . තවම එතන නැහැ

      Delete
  2. උස ප්‍රමාණයට වගේ ඩිසයින් කරන්න බැරිද?
    (උපහාසයට ලියූවකි. වැඩිය ගණන් ගන්නට එපාය )

    ReplyDelete
    Replies
    1. ශරීර හැඩරුව වගේ දේවල් ගැන උපහාස කිරීම අලුත් ලෝකයේ ගණන් ගැනෙන්නේ විහිළු හැටියට නොවේ අපහාස හැටියටයි. ඔබ වැනි අයවලුන් ගැන කනගාටු වෙමි.

      Delete
    2. //ශරීර හැඩරුව වගේ දේවල් ගැන උපහාස කිරීම අලුත් ලෝකයේ ගණන් ගැනෙන්නේ විහිළු හැටියට නොවේ අපහාස හැටියටයි. ඔබ වැනි අයවලුන් ගැන කනගාටු වෙමි.// x 2 (ha ha )

      Delete
  3. පෙනහළු වල දුර්වල බවත් බලපානවා කියල පර්යේශන පත්‍රිකාවක් නිකුත් කරලා තියෙනවා ඇමරිකාවේ . මම දන්නා විදියට ඉතාලි වල හැමෝම වගේ දුම් බොනවා . චීන ජාතිකයනුත් එහෙමයි .

    හැමදාම වගේ වටිනා සටහනක්

    ස්තුතී ඔබතුමන්ට .

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .