tag:blogger.com,1999:blog-7853672256074577273.post2580349547420489615..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : ලංකා ඉතිහාසය - ජාන විද්‍යාවේ ද්‍රවිඩ සිංහල තියරිය හා බුදුන් උපන් ලංකාව Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7853672256074577273.post-22341441822760559912020-03-10T02:39:05.932+00:002020-03-10T02:39:05.932+00:00මේ තියෙන්නේ ඉතිරි කොටස
11) M.P. චන්දිමා ප්රබෝධි...මේ තියෙන්නේ ඉතිරි කොටස

11) M.P. චන්දිමා ප්‍රබෝධිනී කුමාරි (සංරක්ෂණ නිලධාරිනී, ජාතික කෞතුකාගාර දෙපාර්තමේනතුව)
- (කටුගෙයි උරුමය) දනගිරිගල විහාරයේ දැවමුවා මකර තොරණ (2007/07/11)

12) M.D. චමිලා සජීවනී ජයවර්ධන (අධ්‍යාපන සංවර්ධන නිලධාරිනී, කොළඹ ජාතික කෞතුකාගාරය)
- (කටුගෙයි උරුමය) ලොව මවිත කළ ඇත් පහන (2007/08/08)

13) චතුරි කෞමුදී නිකපිටිය (අධ්‍යාපන ප්‍රවර්ධන නිලධාරිනී, ජාතික කෞතුකාගාර දෙපාර්තමේනතුව)
- (කටුගෙයි උරුමය) අර්ධනාරි නටේශ්වර ද්විත්ව ප්‍රතිමාව (2007/08/22)

14) කාංචන ජනප්‍රිය (කථිකාචාර්ය, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යන අංශය, රුහුණු විශ්වවිද්‍යාලය)
- පැරණි හෙළ රජදරුවන්ගේ සිංහාසන (2007/07/11)

15) E.M. සරත් ඒකනායක
- ශ්‍රී ලංකාවේ ලෙන් සංස්කෘතිය (2007/08/08)

16) ප්‍රගීත් ඇල්ගිරිය (මධ්‍යම සංස්කෘතික අරමුදල, තිස්සමහාරාම ව්‍යාපෘතිය)
- රෝහණ රාජ්‍යයේ මාගම අගනුවර (2007/08/08)

17) K.N.D. චන්ද්‍රසේන (විශ්‍රාමික විදුහල්පති)
- රාජසිංහ රජ පරපුරේ රාජකීය වස්ත්‍ර යළි හමුවීමේ කතන්දරය (2007/08/22)
- ශ්‍රී වික්‍රම රාංසිංහ රජතුමා තම්බි මුදලිට තෑගි කළා යැයි කියන රන් ඔරලෝසුවේ ඇත්ත කතාව (2007/11/28)
- ඔරලෝසු තුනක් ඇති බවයි (2007/12/19)

18) ආචාර්ය K.D.G. විමලරත්න (හිටපු ජාතික ලේඛනාගාර අධ්යක්ෂ)
- ශ්‍රී වික්‍රම රාංසිංහ රජු ළඟ තෝම්බි මුදලිට දීමට රන් ඔරලෝසුවක් වීද? (2008/01/02)

19) S.B. කරළියැද්ද
- සෙංකඩගල ඇසළ පෙරහැරේ දළදාව පැහැරගැනීමේ කුමන්ත්‍රණයක් (2007/08/29)

20) මිරිස්වත්තේ විමලඥාණ හිමි (කථිකාචාර්ය, බුද්ධ ශ්‍රාවක භික්ෂු විද්‍යාලය, අනුරාධපුරය)
- මූලාචාරියගේ පුරෝහිත භූමිකාව (2007/08/29)

21) ගාමණී මෛත්‍රීවර්ධන
- බුද්ධ පරිනිර්වානය සිදුවූයේ කවර දිනකදීද? I (2007/09/12)
- බුද්ධ පරිනිර්වානය සිදුවූයේ කවර දිනකදීද? II (2007/09/19)

22) සුධර්මා කුමාරි (සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල - මහනුවර ව්‍යාපෘතිය)
- ශ්‍රී ලාංකීය චිත්‍ර හා මූර්ති කලාවේ නිරූපිත සිංහ සංකේතය (2007/09/19)

23) U.N.K. රත්නායක (ඉතිහාස (ගෞරව) උපාධි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
- ලාංකීය ඉතිහාසය ගොඩනැගීමේදී සෙල්ලිපි වල වැදගත්කම (2007/10/03)

24) සංජීවනී විද්‍යාරත්න (කොළඹ ජාතික කෞතුකාගාරය)
- ඇහැලේපොළ කුමාරිහාමිගේ ශෝකාන්ත පිත්තල බන්දේසිය (2007/10/10)

25) E.A. සෙනරත් වික්‍රමසිංහ (සහකාර අධ්යක්ෂ - මානව වංශ විද්‍යා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේනතුව)
- පැල්මඩුල්ලෙන් හමුවුණු කාසි මුට්ටිය (2007/11/28)

26) N.A. විමලසේන (කථිකාචාර්ය, ඉතිහාස දෙපාරතමෙන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
- පෙරසිරිත හා ලංකාවේ නීතිය (200712/05)

27) D. තුසිත මැන්දිස් (ප්‍රධාන පර්යේෂණ නිලධාරී, ජේතවන ව්‍යාපෘතිය, අනුරාධපුරය)
- ප්රාග් ජේතවනාරාම භූමිය ආර්ථික ම්යාස්ථානයක්ද? (2007/12/05)

28) ආචාර්ය P.D. සුමිත් ද සිල්වා (රත්නපුර ශ්‍රී ඥානෝභාස මහ පිරිවෙන)
- ලක්දිව පළමු දාර්ශනිකයා (2007/12/05)

29) R.A.N.M.R. බණ්ඩාර (රම්බා විහාර ව්‍යාපෘතිය)
- ශ්‍රී ලංකාවේ ඉපැරණි වෙළඳාම සහ තීරුබදු (2007/12/05)

30) තලහගම ඉන්දරතන හිමි
- සීගිරි ළඳුන්ගෙන් අර්ථවත් වන්නේ පින-පව සංකල්පයද? (2007/12/19)

31) J.A. ඉන්ද්‍රලතා
- සීගිරි ළඳුන් කාමෝත්සවයට යන කාමිනියන්ය (2008/01/02)

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25828816372130956112020-03-10T02:38:41.610+00:002020-03-10T02:38:41.610+00:00සොරි අජිත් මට විස්තරේ දාන්න බැරි වුනා.
මේ තියෙන්...සොරි අජිත් මට විස්තරේ දාන්න බැරි වුනා.

මේ තියෙන්නේ ඒ දවස් වල ඔය ගැන උනන්දු වෙච්ච අයගේ නම් ලිස්ට් එකක්. මේ අයව සම්බන්ද කර ගත්තොත් වැඩි විස්තර හොයා ගන්න පුළුවන්.

මේ තියෙන්නේ ශ්රීශානු ගෘප් එකට එවපු මැසේජ් එක.

මිතුරනි,

පහතින් දැක්වෙන්නේ, මා කළින් පොරොන්දු වූ පරිදි "දිවයින බදාදා අතිරේකය" ඇසුරින් සකස් කළ, අපට සහාය ලබා ගැනීමට උත්සාහ කළ හැකි විද්වතුන් පිරිසක්. මොවුන් සියළු දෙනාම මෙවන් පුවත්පත් අතිරේකයකට තම පර්යේෂණ ඇසුරින් ලිපි ලියන්නේ, ඉතිහාසය ගැන ඔවුන් තුළ ඇති සැබෑ උවමනාව නිසා බව සිතිය හැක. එබැවින්, අපගේ කාර්යයටත් ඔවුන් සහාය වෙතැයි බලාපොරොත්තු විය හැක. අප උත්සාහ කරමු.

මොවුන් ඇතුළු සියළුම විද්වතුන් තමන් තෝරගත් එක් ක්ෂේත්රයක් ගැන මූලිකව පර්යේෂන කරන බව පෙනෙයි. ඉතිහාසඥයන් කිහිප දෙනෙකු ගත් කළ, ඔවුන් ලියා ඇති ලිපි අනුව අපට ඒ බැව් සිතා ගත හැක. (පහත නම් ලැයිස්තුව සමගම ඔවුන් ලියා තිබූ ලිපි වල මාතෘකාත් මා සඳහන් කර ඇත්තේ ඒ ගැන අපට අවබෝධයක් ලබා ගැනීම පිණිසය.) උදාහරණ වශයෙන්, ප්රාග් ෆඑතිහාසික යුගය, මහනුවර යුගය, පරණි සාහිත්‍යය, පැරණි නීති ආදී විවිධ පැතිකඩවල් දැක්විය හැක. මෙහිදී කිව යුතු තවත් දෙයක් නම්, ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන්ට අමතරව භාෂා/සාහිත්‍ය විශාරදයින්, මානව විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින්, භූ විද්‍යාඥයින් ආදී මෙකී නොකී සෑම ක්ෂේත්රයකටම අදාල අයවලුන් අපට උපකාරී වේවි. (මන්ද අද මෙන්ම - මේ සියළු කාරණා අතීතයේද තිබුනු බැවිණි :)

මෙම ලැයිස්තුවට තවත් නම් ඇතුළත් කරන මෙන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි. අපගේ හමුවීම් වලදී කතා වුනු විද්වතුන්ගේ නම් මෙහි නැත. (සමූහයේ පිටුවක් තැනීමට බැලුවත් නොහැකි විය. ටිරෝන්, පිටුවක් දාමුද? එතකොට යාවත්කාල කරන්න පහසුයිනේ...

ස්තූතියි.

සැ:යු:- පහත ලැයිස්තුව ඇති ලිපි සමහරක්, තවත් ලිපියකට ලියූ විචාරයි. එවා පහත පරිදි වේ.
1,2 සහ 3 ලිපි
17 සහ 18 ලිපි
30 සහ 31 ලිපි

සම්පත් දායකයින්ගේ ලැයිස්තුව
(දිවයින බදාදා අතිරේකය ඇසුරෙන්)

1) ආචාර්ය සූරිය ගුණසේකර
- ලංකා ඉතිහාසයේ හෙළ යුගය (ග්‍රන්ථය)
- හෙළ ශිෂ්ඨාචාරයේ ආරම්භය දත නොහැක (2007/06/20)
- නිගමන වලට එළඹිය හැක්කේ සාධක ඇති පමණටය (2007/11/07)
- දැනුම හා ශාස්ත්‍රීය බව එකක්ම නොවේ (2008/01/02)

2) I. ගුණරත්න
- හෙළබිමේ පාලකයන් දෙව වංශිකයන් නොවේ (2007/10/10)
- සූරිය ගුණසේකර දේව කොටස උඩ දමන්නේ ඇයි? (2007/11/28)

3) ශාස්ත්‍රපති G.R. ගුණවර්ධන බණ්ඩා
- (ලිපියේ නම සොයාගත නොහැකි විය) (2007/12/19)

4) මහාචාර්ය අබය ආර්යසිංහ
- (විවිධ මාතෘකාවන් අළලා ලිපි රැසක් පළ කර ඇත)

5) A.M. කරුණාරත්න
- ලංකාවට සිදුවූ විදේශ ආක්‍රමණ (සතිපතා ලිපි තිස් ගණනක් පළ කර ඇත)

6) M.K. වීරසිංහ (ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කැළණිය විශ්වවිද්‍යාලය)
- ලොව ප්‍රථම මුද්‍රිත පොත - වජ්ර සූත්‍රය (2007/06/20)

7) මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන
- දේශයේ ඒකීයභාවය තහවුරු කිරීමට නම් (2007/06/27)
(ලංකාවේ පැරණි ස්ථාන නාම පිළිබඳ පර්යේෂණ පවත්වන්නෙකි. මේ එහි ප්රතිඵලයි. web site)

8) නාමල් කොඩිතුවක්කු (සහකාර අධ්යක්ෂ - අභිලේඛන හා නාණක විද්‍යා, පුරාවිද්‍යා දෙපාර්තමේනතුව)
- ආරක්ෂක හමුදා මුදාගත් ත්‍රිකුණාමල වෙරුගල් ප්‍රදේශයේ වසර දෙදහසක් පරණි සෙල්ලිපි (2007/06/27)

9) ආචාර්ය රාජ් සෝමදේව (ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය)
- ආර්ථික ඝාතකයන් හමුවේ අපේ උරුමය (2007/07/11)

10) නුවරඑළියේ චන්දජෝති හිමි (උඩරට අමරපුර මහා නිකායේ අනුනායක)
- ඉතිහාසයේ සැඟවී ගිය සුභ මඟුල් පුස්කොල පොත (2007/07/11)
- බලි ඇඹුම් කවි පොත (2007/10/03)

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-76044005988525295062020-03-09T16:13:07.778+00:002020-03-09T16:13:07.778+00:00ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. නැතනම් ඔයාට දාන්න අමතක ...ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. නැතනම් ඔයාට දාන්න අමතක වෙලා. ආපහු බලන්න. මේ සාකඡ්චාව තවම ඉවර නැහැ. මමත් කරුණු හොයමින් ඉන්නවා. කට්ටකඩුවේ මල්ලි පොතක පිටු ඒවා තිබුන. එහි මා හෙවු තොරතුර නැහැ. එනිසා තවම හොයනවා මේ වී විස්තර. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36179267450640162332020-03-09T10:37:53.591+00:002020-03-09T10:37:53.591+00:00අජිත්, මේ තියෙන්නේ අපි ඒ දවස් වල කරපු කතා බහ වලදී ...අජිත්, මේ තියෙන්නේ අපි ඒ දවස් වල කරපු කතා බහ වලදී එකතු කර ගත්ත මේ විෂය ගැන උනන්දු අය ගැන පරණ බ්ලොග් කරුවෙක් වෙච්ච ශ්රීශානු එකතු කරපු සටහනක්.

ඒ දවස් වල අපිට ඕනේ උනා urumaya.lk නැත්නම් heritage.lk වගේ සයිට් එකක් හදල මේ තොරතුරු ඔක්කොම සටහන් කරන්න. නමුත් විවිද හේතු හින්ද ඒ වැඩේ උනේ නැහැ.

දැන් නැවත ඒ වගේ උනන්දුවක් ඇති වෙලා තියෙන නිසා මේ තොරතුරු වැදගත් වෙයි කියල හිතෙනවා.

මේ තියෙන්නේ ශ්රීශානු අපේ ගෘප් එකට එවපු ඊමේල් එකක්. ඔහු මොකුත් හිතන එකක් නැහැ (කියල මම හිතනවා) මම මේක මෙතන දැම්මට...

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72355423487776361272020-03-09T06:23:27.761+00:002020-03-09T06:23:27.761+00:00අපුරු සාකච්චාවක්... අදයි දැක්කේ.... ලංකාවේ ප්රාග...අපුරු සාකච්චාවක්... අදයි දැක්කේ.... ලංකාවේ ප්රාග් අයිතිහාසික යුගය ගැන මමත් කාලයක් උනන්දුවෙන් කරුණු හෙව්වා. අවුරුදු 15කට විතර කලින්. පස්සේ ඒ ආසාව එහෙමම යට ගියා... මේවා කියවද්දී ආයෙත් ආස හිතෙනවා හොයන්න. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46929441264545055632020-01-31T06:42:39.301+00:002020-01-31T06:42:39.301+00:00ela
blog syndi ekk https://sithuvili.info/ blog ...ela

blog syndi ekk https://sithuvili.info/ blog liyanna kiyawana aya me paha avilla yannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78037928886609083082020-01-30T12:44:43.821+00:002020-01-30T12:44:43.821+00:00ඇන්ටනි, දෙමළ ජාතිවාදියෝ වගේම සිංහල ජාතිවාදියෝ එක...ඇන්ටනි, දෙමළ ජාතිවාදියෝ වගේම සිංහල ජාතිවාදියෝ එක්කත් ඒ ගැන වාද කරලා පලක් නෑ. මේක තර්ක කර විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔ්ක මාකටිං වලින් කරන්න ඔ්න දෙයක්.

/එහෙම ආවත් ඇවිත් තියෙන්නේ දෙමළ කතා කරන මුස්ලිම්වරු. දෙමළ කතා කරන බමුනෝ(උනුත් මුස්ලිම්වරු වගේ) සහ දෙමළ කතා කර න හෙට්ටි./
හරියට බලාගෙන හිටිය වගේ කියන හැටි. ඇන්ටනි එතකොට බමුණෝ, චෙට්ටියාර්ල දෙමළ නෙවේ. ගුජරාටි, මරාටි, පංජාබි වෙන්න ඇති නේද .

De Silva කියල ප්‍රංශ කාරය (බටහිර ක්‍රිස්තියානි) වගේ පෙන්නන්න ගියාට නලීන් ද සිල්වා ඇම්බසඩර් තුමා ඉතිං පෘතුගීසි කාරය නේ අපට තමා පූශ් පූශ් .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31325168049283374942020-01-27T09:23:26.858+00:002020-01-27T09:23:26.858+00:00++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29135558811302236482020-01-27T06:24:22.055+00:002020-01-27T06:24:22.055+00:00රොබින්හුඩ් ටෙලි නාට්‍යයේ එක අවස්ථාවක ෂෙරීෆ් පලමු ර...රොබින්හුඩ් ටෙලි නාට්‍යයේ එක අවස්ථාවක ෂෙරීෆ් පලමු රොබින් (ලොක්ස්ලි) ව මරනවා. මරලා විකම් ගමට ආපුවාම ගිස්බන් අහනවා ඇයි රොබින්ගේ මිනිය ගෙනාවෙ නැත්තේ කියලා.
ගිස්බන් කියනවා
මිනිස්සු කාමති නෑ රොබින් මලා කියලා පිලිගන්න. ඒ නිසා මිනිය පෙන්නුවත් උන් කියයි. ඒ වෙන කෙනෙක්ගේ මිනියක් කියලා.
ඒ නිසා මිනිය ගෙනාවට වැඩක් නෑ. රොබින්ගැන ආරංචියක් නැනි වුනාම උන් පිලිගනියි රොබින් මලා කියලා.

දෙමළ ජාතිවාදියෝ එක්ක ඒ ගැන වාද කරලා පලක් නෑ. මේක තර්ක කර විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔ්ක මාකටිං වලින් කරන්න ඔ්න දෙයක්.

මෙහෙම දෙයක් තියෙනවා. ලන්දේසි කාරයන්ගේ කාලයට පෙර දෙමල මිනිස්සු අද තමිල්නාඩු කියන ප්‍රදේශයෙන් පිටතට (ඉන්දියාවේ හෝ ලංකාවේ) මහා පරිමාන සංක්‍රමණය වීමක් වෙලා නෑ.
එහෙම ආවත් ඇවිත් තියෙන්නේ දෙමළ කතා කරන මුස්ලිම්වරු. දෙමළ කතා කරන බමුනෝ(උනුත් මුස්ලිම්වරු වගේ) සහ දෙමළ කතා කර න හෙට්ටි.
ඊට අමතරව චෝල පාණ්ඩ්‍ය අධිරාජ්‍ය හැදෙන කාලවල දෙමළ හමුදා කාරයෝ යම් ප්‍රමාණයක් එන්න ඇති. ඒවා බිඳ වැටුනට පස්සේ ඒ මිනිස්සු එක්කෝ මව් රටට ගියා. නැත්නම් අළුත් රජ්ජුරුවන්ට එකතු වුනා.

ඊට වඩා වෙනස් ලෙස මලයාලි ජාතිකයෝ ඉන්දියාවේ අන් පලාත්වලට සහ ලංකාවට සංක්‍රමණය වුනා.
සිංහලයෝ අතර ඉන්න පෙරේරා, සිල්වා, වගේ නම් තියෙන අය එහෙම අය. උදාහරණ නලීන් ද සිල්වා.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-48934292918902625172020-01-26T22:17:08.024+00:002020-01-26T22:17:08.024+00:00/(මේවා තවම පරීක්ෂණ මට්ටමේ පවතින ගවේශනයන්. "මු.../(මේවා තවම පරීක්ෂණ මට්ටමේ පවතින ගවේශනයන්. "මුහුදු වැද්දන්" ගැන අමුතු, විවිධ පුරා කතා මහියංගනය, කන්දකැටිය, දඹාන බදුල්ල ප්රදේශාශ්රිත ආශ්‍රිතව සිටින පැරණි ජනතාව සතුව ඇති බව එම ගවේශකයන් මගින් දැනගන්නට ලැබෙනවා.මේ ප්‍රදේශ නියෝජනයක් යටකී නියැදියේ නැති බව පෙනී යාම ඒ වටිනා පරීක්ෂණයට අදාල නියැදියේ නැතිබව මේ බ්ලොග්කරු ගේ ද මතයයි//මේක මම අහල තිබුනේ නැහැ .සිදුහත් කුමරු ලනක්වේ ඉපදුනා කියන එක තවම නිකම් මතයක් විතරයි. හැබැයි Alois Anton Führe ගැන මමදාල තිබෙන ලින්ක් එක බලන්න. සිදුහත් උපත ලුම්බිණියේ උනා කියල ඔප්පු කරන්න මිනිහ බොරුවක් කරල තිබෙනවා කියල ඉන්දියන් ආණ්ඩුව එයාව අස් කරපු විත්තිය Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26069253980259288562020-01-26T19:44:10.455+00:002020-01-26T19:44:10.455+00:00වඩා දැඩි අවධානයකින් යුතුව ඔබේ බ්ලොග් එක කියවමින් ස...වඩා දැඩි අවධානයකින් යුතුව ඔබේ බ්ලොග් එක කියවමින් සිටිමි. එහි අන්තර්ගත යොමු වෙතට ද අවධානය යොමු කර කියවීමි. එහි දී ඩී.එන්.ඒ පරීක්ෂණය සදහා ලබාගත් නියැදියේ දුබලතාව වැඩිබව මගේ ද මතයයි. විශේෂයෙන් 1818 සිට ඉංග්‍රීසි මර්ධනයෙන් බේරීමට එකල සබරගමුව ඌව සිටි ලාංකිකයන් ගත් උත්සාහයේ දී නැගෙනහිරට මෙන්ම ඒ වනවිටත් අතීතයේ සිටම පදිංචිව සිටි මුස්ලිම් ජනයා හා මිශ්රවෙමි්න් සැඟව සිටි බව විවිධ
උපකල්පනය කරමින් වියතුන්ගේ පරීක්ෂණවලට යොමුව පවතිනවා(මේවා තවම පරීක්ෂණ මට්ටමේ පවතින ගවේශනයන්. "මුහුදු වැද්දන්" ගැන අමුතු, විවිධ පුරා කතා මහියංගනය, කන්දකැටිය, දඹාන බදුල්ල ප්රදේශාශ්රිත ආශ්‍රිතව සිටින පැරණි ජනතාව සතුව ඇති බව එම ගවේශකයන් මගින් දැනගන්නට ලැබෙනවා.මේ ප්‍රදේශ නියෝජනයක් යටකී නියැදියේ නැති බව පෙනී යාම ඒ වටිනා පරීක්ෂණයට අදාල නියැදියේ නැතිබව මේ බ්ලොග්කරු ගේ ද මතයයි. ලංකාවේ බුදුන් ඉපදීම සම්බන්ධව පළවන මතවාද තවමත්, බෙහෙවින්ම දුබල මූලාශ්‍ර මත පවසන දෑ පමණක් බව මගේ ද අදහසකි.
MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75066199213483538702020-01-25T19:21:49.862+00:002020-01-25T19:21:49.862+00:00This comment has been removed by the author.MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53656287462212971102020-01-25T16:32:46.870+00:002020-01-25T16:32:46.870+00:00මමත් දැම්මා . ස්තුතියි මේවා බලමින් සිටිනව.මමත් දැම්මා . ස්තුතියි මේවා බලමින් සිටිනව.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5764903141955071822020-01-24T18:59:17.312+00:002020-01-24T18:59:17.312+00:002. මේ යූටියුබ් චානලයේ බොහේ සාකච්ඡා අදාල මාර්තෘකා... 2. මේ යූටියුබ් චානලයේ බොහේ සාකච්ඡා අදාල මාර්තෘකාවට ප්‍රයෝජනවත් වනු ඇතියි සිතමි Sri Lanka Archaeology and History - ඉතිහාසය ගන්නා ලද නිගමන වල සිට "ඉතිහාසය" සම්බන්ධව ලියන්නට හෝ කියන්නට යාම අසීරුය. එවිට එය හඬ හඬා ලිවීමක් හෝ බැන බැන ලිවීමක් බවට පත්වෙයි. හඬාවැටෙමින් හා බැන වදිමින් ලිවීම නිසා එය "ඉතිහාසය" පිළිබඳ ජීවගුණය රඳා නොගනී. ඉතිහාසය නොවන්නක් බවට පත්වෙයිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27681501652135936222020-01-24T18:52:53.041+00:002020-01-24T18:52:53.041+00:00මේ වටිනා ලිපියට අදාලව මුහුණු පොතේ මා වෙතින් පළ වු ...මේ වටිනා ලිපියට අදාලව මුහුණු පොතේ මා වෙතින් පළ වු ප්‍රතිචාර පිටපත් ද මෙතනට එක් කරන්නට අවසර Pemas Gunasinghe ඉහතින් අජිත් ධර්මකීර්ති පවසන "..දෙවැනි හේතුව හෙවත් මගේ තර්කණය හෙවත් උපකල්පනය (hypothesis) වන්නේ මෙයයි. වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් පුර්වජ මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (ලෙනිටා ඩින් එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරයි.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා හා වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා හා උපකරණ අනුව ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය.." මෙහි කියවෙන ලෙනිටා ඩීන් විකිපීඩියාව පමණක් කියව නිගමනයකට පැමිණ ඇති බව පෙනෙනවා. එහෙත් ආචාර්ය ශිරාන්දැරණියගල සහ ඔහුගේ පියාණන්ද පසුව තවත් අයද එක්ව කර ඇති ගවේශන සම්බන්ධ පොත් ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද පළවී තිබෙනවා. ඒ අනුව අජිත් ධර්මකීර්තිගේ උපකල්පනයට (hypothesis) ට වැඩි වටිනාකමක් එකතු වෙනවා. (පොත් සම්බන්ධ මතකය මේ මොහොතේ සිහියට නොඑයි. එහෙත් පහත දැක්වෙන යූටියුබ් ලින්ක් වෙතට යාමෙන් අදාල මතය වඩා සනාථ වනු ඇතියි සිතමි
https://www.youtube.com/watch?v=FO-f1hBI3CI https://www.youtube.com/watch?v=3Fly5ieOdAI https://www.youtube.com/watch?v=FO-f1hBI3CI https://www.youtube.com/watch?v=9chgLVQ0sJQ බුදුන් උපන්නේ ලංකාවේද යන ගැටළුවට මහාචාර්ය මහින්ද සෝමතිලකයන් දෙන මේ පිළිතුර ද අවධානයට ගන්න https://www.youtube.com/watch?v=5F1DH1gOkAo
Edit or delete this
ආචාර්ය දැරණියගල මහතාගේ දීර්ඝ පරීක්ෂණ දිවියේ වැදගත්ම අනාවරණ පිළිබඳ archaeology.lk කණ්ඩායමට කල අනාවරණය
YOUTUBE.COM
ආචාර්ය දැරණියගල මහතාගේ දීර්ඝ පරීක්ෂණ දිවියේ වැදගත්ම අනාවරණ පිළිබඳ…
ආචාර්ය දැරණියගල මහතාගේ දීර්ඝ පරීක්ෂණ දිවියේ වැදගත්ම අනාවරණ පිළිබඳ archaeology.lk කණ්ඩායමට කල අනාවරණය
1MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2261347216626938482020-01-24T10:41:43.734+00:002020-01-24T10:41:43.734+00:00ඉතිහාසය අනාගන්න එක ඉතා ලේසියි කියන එක තමයි මං කිව්...ඉතිහාසය අනාගන්න එක ඉතා ලේසියි කියන එක තමයි මං කිව්වෙ කොහොමත්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85990188448697665902020-01-24T09:17:15.456+00:002020-01-24T09:17:15.456+00:00මම මේලක් එව්වා. ස්තුතියි අභයගිරි කතාව මම කියවපු ...මම මේලක් එව්වා. ස්තුතියි අභයගිරි කතාව මම කියවපු දෙයක්. කොහෙද කියල නම් මතක නැහැ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83642575800734651662020-01-24T00:43:03.169+00:002020-01-24T00:43:03.169+00:00අජිත් තුමා, පුස්ථකාලේ පොත් ඉස්සුව කථාව විහිලුවක් බ...අජිත් තුමා, පුස්ථකාලේ පොත් ඉස්සුව කථාව විහිලුවක් බව තේරුම් ගත්තා.. ඒක නිසාමයි ඊට අදාල ඉමොජිකොන්ස් දෙකකුත් යෙදුවේ. වඩා වැදගත් කාරනේ උත්තර අට්ඨ කතාවනේ...මහාවිහාර පාර්ශ්වය අභයගිරිය ගිනි තිබ්බායැයි කියන කතාව නං අනිවාර්ය බොරුවක්. ඔවුන්ට අවශ්‍යතාවක් තිබුනත් ( තිබුනා යැයි මං හිතන්නේ නෑ) ඊට පසුබිමක් තිබුනේ නෑ...'තුන් නිකා සමගි කොට' කියවෙන කාලේ වෙනකොට ප්‍රභල මධ්‍යස්ථානය - ධනයෙන්ද බලයෙන්ද- අභයගිරිය බවයි මට හිතෙන්නේ....මහාවංසයම තමයි මූලාශ්‍රය. මහාවංසය අභයගිරි සම්ප්රදායන්ගෙන් සමහරකට පමණයි විරුද්ධ උනේ. ඒකට හේතුව මහායාන සම්ප්රදායයන් මෙන්ම ථේරවාදී / ස්ථවිරවාදී සංකල්පත් කොටින්ම ධූතාංගධාරී සම්ප්රදායයන් පවා අභයගිරිය තුල පැල පදියම්වෙලා තිබ්බ හින්දා වෙන්න ඇති. අභයගිරිය විශ්ව විද්‍යලයක්. නමුත් එය අයිති to be more open than usual කියන ආප්තය ඇදහූ පැරණි පේරාදෙනි සම්ප්‍රදායට මිසක් අන් මත නොඉවසන, අන්‍යයන්ට ඉගෙනීමට ඇති අවස්ථා පොත් වල කොල කඩා දැමීමෙන් නැති කරන වත්මන් පේරාදෙණියට නම් නොවේ. පේරාදෙණි පොත්ගුලේ සුවය දන්නෙක් විදිහට මා දුක් වෙනවා මේ ගැන.
මං ලග තියෙන්නේ විද්‍යාලංකාරයෙන් මුද්‍රණය කරපු පොතක් මතක විදිහට. නමුත් වෙනත් පොත් පත් කීපයකුත් ඔය යුගය ගැන මා ලග තියෙනවා. අපි කොහොම හරි හොයමු.
උත්තර අට්ඨ කතාව හොයමුද? එක පයින්ම කැමතියි...ඉතිහාසයේ අපැහැදිලි තැන් අනාගත පරපුරට පැහැදිලි කරගන්ඩ එය උදව්වක් වේවි. දැනට kattakaduwa2017@gmail.com ඊ මේලයට ඔබගේ ඊ ලිපිනය එවන්න....ආයු බෝ වේවා!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59288483061600886742020-01-23T20:15:41.869+00:002020-01-23T20:15:41.869+00:00ඔය තියෙන්නේ ලංකාව හා ඉන්දියාව එකම ගොඩබිමක් පැවති ...ඔය තියෙන්නේ ලංකාව හා ඉන්දියාව එකම ගොඩබිමක් පැවති අවධිය ගැන. මම කියන්නේ බලන්ගොඩ මානවයා ගෙන් හැම අතටම ලන්කිකකය්න් විහිදී ගිය බවයි. එම ලාංකිකයන් විජය සමග මිශ්‍රව නව සිංහල ජාතිය හැදෙන්න ඇති. එසේම ද්‍රවිඩයන් සහ ආසියානු රටවල ආදිවාසීන් මේ සියල්ලම එකම මුලයක් කියල මම කියන්නේ.

ඔබේ බ්ලොගය අලුත්වැඩියා වෙන්න නැතිව ඇති. එහෙම ඒවා මම අයින් කරනවා හිතුනම අනිත් ඒවාට ඉඩ දෙන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-86489920362481748932020-01-23T20:12:39.598+00:002020-01-23T20:12:39.598+00:00The geological history of India and Sri Lanka in r...The geological history of India and Sri Lanka in relation to plate tectonics. Sri Lanka has always been connected to the Indian subcontinent that was part of Pangaea during the Permian period (250 to 300 Mya). Pangaea split apart at the end of the Triassic (200 Mya) into two supercontinents: Laurasia to the north and Gondwana drifting southward. Gondwana itself broke apart about 180 Mya ago into progressively more separated landmasses that we know today as South America, Africa, Antarctica, Australia, the Arabian Peninsula and India. For about 90 My India drifted rapidly northward as an isolated island in the Thethys Sea and crashed into Laurasia about 35 to 55 Mya to take up its present position. Fluctuating sea levels have repeatedly submerged or emerged the land bridge connecting India and Sri Lanka at the shallow Palk Strait during the Pleistocene (Modified from The Future Mapping Company, UK).
https://www.researchgate.net/figure/The-geological-history-of-India-and-Sri-Lanka-in-relation-to-plate-tectonics-Sri-Lanka_fig1_321311027Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45227069571192336382020-01-23T20:09:41.605+00:002020-01-23T20:09:41.605+00:00පණ්ඩුකාභය කාලේදී යක්ෂ සහ සිංහල ගෝත්‍ර එකතු වුනා කි...පණ්ඩුකාභය කාලේදී යක්ෂ සහ සිංහල ගෝත්‍ර එකතු වුනා කියල නේද කියන්නේ. කොහොම හරි ආදී ලාංකිකයන්ට ද්‍රවිඩ කියනවද ලාංකික සිංහල කියනවද කියන එකනේ තර්කය නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-69897484204476337192020-01-23T20:08:23.770+00:002020-01-23T20:08:23.770+00:00ශාස්ත්‍රීය කියලම කියන්නත් අමාරුයි.සාමාන්‍ය වැටහෙන ...ශාස්ත්‍රීය කියලම කියන්නත් අමාරුයි.සාමාන්‍ය වැටහෙන සිංහලෙන් නේ ලියල තියෙන්නෙත්. ප්‍රා ජේ ගේ කොමෙන්ටුව ඇරේ refreshing කියන ජාතියේ එකක්. මම කියන්නේ මේ ඔය ඔය ගමන් යනවනේ. ඒ යනකොට පුරාවිද්‍යා නටබුන් දැක්කොත් දේවාලයක්, පන්සලක් ඒ වගේ තැන්වල විස්තර හොයන්න. හොයලලියල තියන්න. . ඔය ගුණසිංහ මහත්මයා වගේ. එක තැනක දෙතැනක වුනත් කමක් නැහැ. මොකද ඉතිහාසය කියන්නේ කෑලි අඩු ලොකු ප්‍රහේලිකාවක් වගේ අර පුරවන්න තියෙන puzzle වගේ . කරල තියනවද. පුංචි පුරාවිද්‍යා කෑලි ලොකු කෑලි එකතු කරලා ලොකු චිත්‍රයක් ගොඩ නගන්න් පුළුවන්. ඉතින් හැමකෙනෙක්ම හොයා ගන්න ඒවා වැදගත් . එතකොට තමයි අපිඅට හරියට ගොඩ නගාගන්න පුළුවන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5866484215147618122020-01-23T15:57:09.654+00:002020-01-23T15:57:09.654+00:00අනාගන්න නෙමේ ගොඩ නගාගන්න හොඳද /ප්‍රමාණවත් සංවාදයක...අනාගන්න නෙමේ ගොඩ නගාගන්න හොඳද /ප්‍රමාණවත් සංවාදයක් ගොඩ නගා ගන්නට //Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13642969388283396192020-01-23T15:56:06.193+00:002020-01-23T15:56:06.193+00:00මම අහල තියෙන්නේ මහාවිහාර වාසීන් අභයගිරිය ගිනි තිබ්...මම අහල තියෙන්නේ මහාවිහාර වාසීන් අභයගිරිය ගිනි තිබ්බ කියානේ. ඒ ගිනි තියන කොට පුස්කොලපොත් ඇතුළු විශාල ග්රන්ථ සම්භාරයක් ගිනිබත් වුනාලු ඔය කියන උත්තර අට්ඨ කතාව කොහෙද තියෙන්නේ? ඔන්ලයින් ගෙන්න ප්‍රොජෙක්ට් එකක් කරමුද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38707696051761770642020-01-23T15:53:50.077+00:002020-01-23T15:53:50.077+00:00කට්ටකාඩුවේ ලොකු මහත්තයා, මම හොරකම් කරගත්තු කතාව ක...කට්ටකාඩුවේ ලොකු මහත්තයා, මම හොරකම් කරගත්තු කතාව කීවේ විහිළුවට ඈ. අදාල කොටස එවන්න. මේල් එක දෙන්නේ කොහොමද? මම පුස්තකාලෙට ගියහම අහපු කතාව මේ කොටසේ ලියල තියනවා. ඔයා මගේ ෆේස්බුක් එකේ නැති නිසා දකින්න නැතිව ඇති. //කතාව මෙහෙමයි . පෙමස් ගුණසිංහ මහත්මයා බ්ලොගයේ ලියන උග්ගල් අලුත් නුවර දේවාලය හා ඒ අවට කතා නිසා මම අවුරුදු දෙකකට කලින් ලංකාවට ගිය වෙලේ එතනට ගියා. රත්න පුරේ පැත්තේ ලස්සන තැනක්. ඒ කතා ටිකක් අහගෙන ආව ඡායා රූප එක්ක. ඒක හදපු ප්‍රාදේශීය රජු කවුද කියන එක ගැන අපි අතර පොඩි සාකච්ඡාවක් ගිය නිසා මම ඒක ගැන ඇහුව දේවාලෙන් . ඒ ගොල්ලන්ට අදහසක් නැහැ. මොකද මම ලංකාවේ ඉන්න කාලේ ලංකා ඉතිහාසය ගැන ඉතිහාස පොත් රාශියක් කියවල තිබෙන නිසා (ඒ දවස් වල සෑහෙන්න උනන්දුයි ඉතිහාසය කියවන්න) ඒ රජු සීතාවක රාජසිංහ වෙන්න බැහැ කියන මතය මට තිබෙනවා. ඉතින් ප්‍රා (ප්‍රදීප් ජයතුන්ගත් ) අල්ලගෙන ගියා ජාතික පුස්තකාලයට.ලංකාවටම නෙමේ ලෝකෙටම තියන එකම එක සත්ව විද්‍යාව (veterinary science)) පොතකුත් හොයන්න එක්කයි ගියේ. අපරාදේ කියන්න බැහැ ප්‍රා ගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ඒ පොත හොයා ගත්ත. අන්න නියම බ්ලොග් ප්‍රතිචාර දක්වන්නෙක්. ඇඟෙන් දෙන්නේ සපෝර්ට් එක. ඒ පොත ගැන පස්සේ කියන්නම්. ඉතින් මේ "ලංකා ඉතිහාසය" කියන පොතේ ඔය කියන රජු ගැන විස්තරේ තියනවයි කියල මට මතක නිසා හෙව්වා පොත. කොළඹ මහජන පුස්තකාලයට සම්බන්ධ ආශ්‍රේය පුස්තකාලයේ (reference library) පොත තිබ්බ. "ලංකා ඉතිහාසය" ලංකා විශ්ව විද්‍යාලයෙන් ගහපු (දැන් පේරාදෙණිය). හැබැයි මට අවශ්‍ය දෙවන කාණ්ඩය නැහැ, ඒක උස්සලලු රෙෆ් එකෙන්.. මම ඇහුව කවුද කියල පිළිතුර - "විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ තමයි ඉතින් වෙන කවුද?". තවත් පොත් දෙකක් තිබුන. ඒවලත් මැද නැහැ. පිටු කඩන් ගිහින්. කවුද මේව කරන්නේ. පිළිතුර - "විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ තමයි ඉතින් වෙන කවුද?" ලියා ගන්න කම්මැලි කමට පිටුව කඩාගෙන යනව. ඊළඟට අවශ්‍ය කෙනාට පොත නැහැ, මේවා කරන්නේ ඇත්තටම විශ්ව විද්‍යාල ශිෂ්යයෝමයි කියන්න සාක්ෂි නැහැ. වෙන කවුරු හරි වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. විගේනේශ්වරන් වුනත් අරන් හැන්ගුවද කවුද දන්නේ. 😀 නමුත් මහජන පුස්තකාලේ අදහස ඒකයි. ඒ පොත - ඇත්තටම ලෝකෙටම එකයි තියෙන්නේ. ඉංග්‍රීසි මුද්‍රණයක් බ්‍රිතාන්‍ය පුස්තකාලේ ඇතිලු, තවම වෙලාවක් නැහැ ගිහින් හොයන්න. ආයි මුද්‍රණය කරන්නේ නැති නිසා, අපරාදේ. තියාගෙන ඉන්න කෙනෙක් ඉන්නව නම් ගිහින් දෙන්න නිර්නාමිකව හරි, වටින පොතක් ලංකා ඉතිහාසය ගැන..//Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com