ඩබල් ඒජන්ට් ලා කියන්නේ තමන් එක රටක රහස් ඔත්තු සේවයේ යෙදී ඉන්න ගමන් තව රටක ඔත්තු බලනවට. දැන් ඔහොම හෙන ප්‍රසිද්ධ කට්ටිය ගොඩක් හිටිය. එක්කෙනෙක් තමා ජුවාන් පෝල් ගාර්සියා. ඉතාම දක්ෂ විධිහට අනුන් රවටන්න පුළුවන් පොරක් තමා මේ. කොච්චර හොඳට ඒක කලාද කියනවා නම් නාසින් ගෙන් හා බ්රිතන්යයෙන් යන රටවල් දෙකෙන්ම ඉහලම හමුදා පදක්කම් දිනා ගත්තා.
තරුණ කාලේදී කරපු කිසිම දෙයක් හරි ගියේ නැහැ. ඉගෙනීම, රස්සාව, බිස්නස් ඔක්කොම ඇන ගත්ත.. අන්තිමේදී බිරිඳත් දාල ගියා. ඉස්සෙල්ලම MI5 න් ඇහුවට පොරව ගත්තේ නැහැ. ඇමෙරිකාව ගත්තෙත් නැහැ. ස්පාඤඤ ය යුද්දෙට නැහැ. මිනිහ ගියා ජර්මන් වරු ගාවට. නාසීන් මිනිහ ඔත්තු කාරයෙක් වශයෙන් ලන්ඩන් එව්වා. මිනිහ තමන්ගේම ඔත්තුකාරයෝ ජාලයක් හැදුව. මොකද ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා. නමුත් වැඩේ සාර්ථක වුණා. ජර්මන් වරු අතරේ වැඩ කරපු බ්‍රිතාන්‍ය ඔත්තුකාරයෙක් මේක දැනගෙන MI5 ට කිව්වා. ජුවන් ඒ ගමන MI5 හමුවෙලා ඔක්කොම කිව්වා. MI5 මේ සැරේ ජුවාන්ව ගත්ත. මිනිහ ඊට පස්සේ නම් යවන්න ගත්තේ කිසි තේරුමක් නැති වාර්තා ජර්මනියට. නමුත් ජර්මන්වරු විශ්වාස කළා. නමුත් ඇත්තට වැඩ කළේ MI5 එකට. තුන්වැනි රයිඛ් (Third Reich) එකේ අයන් ක්‍රොස් එකත් ගත්ත අන්තිමට.
කිම් ෆිල්බි කියන්නේ තවත් එකෙක්. මුලින් වැඩ කලේ MI6 එක ට . ඔහු සහ තවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත පස් දෙනෙක් පස්සේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට බැඳුනා. නමුත් ගයි බර්ගස් කියන සෝවියට් ඩබල් ඒජන්තයා කිම් ව බඳවා ගත්තා. කොමියුනිස්ට්වාදය තදින් විශ්වාස කල කිම් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සිටිමින්ම සෝවියට් දේශය වෙනුවෙන් ඔත්තු බැලුව. අනිත් ඔත්තුකරුවන් පස් දෙනාත් සෝවියට් දේශය වෙනුවෙන් බඳවා ගත්තේ.
අල්ද්රිච් අමිස් , ආතර් ඔවෙන්ස් කියන්නේ තව කීප දෙනෙක්.
ඉතින් මේ වගේ ඩබල් ඒජන්ට් ලා අතරට ට්‍රිපල් ඒජන්ට් ලත් ඉඳල තියනවා. දැනට ඉන්න ප්‍රසිද්ධම එක්කෙනා වැඩකරලා තියෙනවා කියන්නේ ඔත්තු සේවා තුනකට. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය MI6, ඉන්දියන් රහස් ඔත්තු සේවය RAW සහ ඇමෙරිකන් CIA . ලේසි නැහැ. ඉතාමත් බලවත් ආසියානු රටක රාජ්‍යයේ ඉතාම ඉහල ස්ථානයක් වන රාජ්‍ය ජ්‍යෝතිෂ්‍යය උපදේශක (රාජකීය දෛ අඥයා ලෙසද හැඳින්වේ) වන මේ තැනැත්තා ඉතා ගැඹුරු විද්‍යාවක් වන ජ්‍යෝතිෂ්‍යය හදාරා තාරකා හා ග්‍රහලෝක ඇසුරින් ඉතා අගනා උපදෙස් දී රාජ්‍ය පාලනය සඳහා රජ වරුන්ට ඉතාමත් උදව් කල තැනැත්තෙක්. ඉතින් කොහොම සැක කරන්නද? ට්‍රිපල් ඒජන්ට් වෙලා අර බලවත් රජතුමා ධුරයෙන් පහ කරන්න ඔත්තු සේවා තුනක් සමග
වැඩ කිරීම ලේසි පාසු දෙයක්ද? කෙලින්ම ඔලුවෙන් තමා වැඩ කරලා තියෙන්නේ. චාර්ට් හදල ග්‍රහ ලෝක වලට මෝර්ස් සංඥා ක්‍රමයෙන් ඔත්තු යවල ඒ ග්‍රහ ලෝක වල ඒලියන් (පිට ග්‍රහ ලෝක වාසීන්) සේනා වල උදව්වෙන් නැවත MI6, RAW සහ CIA එකට ඔත්තු එවල හෙන ගේමක් තමා දීල තියෙන්නේ.
ඔන්න හොඳට බලා ගන්න. (තමන්ගේ විද්‍යාගාරයේ සිටියදී ගත් ඉතා දුලබ පින්තුරයකි. පිනෝකියෝ ප්රවෘත්ති සේවාව මගින් සපයන ලදී)
ප.ලි. එසේම නොයෙකුත් රටවල වැඩ කල , වැඩ කරන තානාපති වරුද, ව්‍යාපාරිකයන්ද , ව්‍යාපාරිකයන් වන තානාපතිවරුද තානාපතිවරුන් වන ව්‍යාපාරිකයන්ද තම රටේ තානාපති කමට අමතරව ඩබල් ඒජන්ට් ලා ලෙස කටයුතු කරන බවද ප්‍රසිද්ධ රහසකි.
මුලාශ්‍ර - කිසි වැඩක් නැති ඩබල් ඒජන්ට් ලා ගැන කැමති නම් මෙතනින් කියවන්න. http://www.toptenz.net/10-brilliant-double-agent-spies-history.php