පසුගිය නත්තල් කාලය ජර්මනියේ ගත කල බැවින් කලින් ලිපියේ ලියු පරිදි වැඩි පුර බ්ලොග් කියවීමට කාලයක් නොවුනි. ඒ කාලයේ තමන්ට හැකි පරිදි මා වෙනුවෙන් කාලය වැය කරමින් නෙලුම් යාය වෙබ් අඩවියේ බ්ලොග් කරුවන් ගේ ලිපි පල කල කල්‍යාණ මිත්‍රට ස්තුති කරමි. අලුත් අවුරුද්ද ආරම්භයේ දීම දුටුවේ ගිය වසරේ අපගේ බ්ලොග් සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා වූ නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමති පරණවිතාන මහතා තමන්ගේ බ්ලොගයේ ලිපියක් පල කරමින් පුස් බැඳ තිබුණු සතර දිගන්තය බ්ලොගය නැවත යාවත්කාලීන කිරීමයි. ඔහුගේ ආගමනය අපට ද ධෛර්යයකි.
අප ගියවර බ්ලොග් සම්මාන දීමට කටයුතු කරන අවස්ථාවේ එක ප්‍රසිද්ධ නීතිඥවරයෙකු කීවේ බ්ලොග් යනු කාලය කා දමන්නට කරන හොබියක් පමණක් බවත් ඒවායේ ඇත්තේ කුණු කන්දල් පමණක් බවත්ය. අපට උදව් කිරීමට අවශ්‍ය නම් සැබෑ වෙබ් ජන මාධ්‍යවේදීන්ට උදව් කරන ලෙසත්ය. ඔහු ඔවුන් වෙනුවෙන් පුහුණුවක්ද ආරම්භ කරන බව පැවසුවේය. ඔහු ආරම්භ කළ පුහුණුවක් අදටත් නැත. මම ඔහුට කිවේ බ්ලොග් යනු තවත් එක් සන්නිවේදන මාධ්‍යක් බවත් එය ලියන්නා අනුව වෙනස් විය හැකි දෙයක් (එනම් විනෝදාත්මක ලෙස, දැනුම සැපයීමට, තමන්ගේ ස්ව නිර්මාණ ඉදිරිපත් කිරීමට වැනි) බවත් බොහෝ රටවල ජන මාධ්‍ය භාවිතයේ බ්ලොග යනු ඉතා ප්‍රබල අංගයක් බවත්ය. ගාඩියන් පුවත් පතේ බොහෝ ප්‍රසිද්ධ ජන මාධ්‍යවේදීන් මුලින් ම ලියන්නේ තමන් ගේ බ්ලොගයේය.
මම නිර්නාමික නම් වලින් ලිවීම අත්හැර කොළඹ ගමයා බ්ලොගය මගේ සැබෑ නමින්ම ආරම්භ කලේ කිසියම් හේතු කිපයකටය. මුල් කාලයේ මා සමග සංවාද කල එක අයෙකු වුයේ යකා ය. ඔහු සමග ගිය සංවාදයක් මෙහි ඇත. පසුව ඔහු යකා නොව මධ්‍යස්ථ මතධාරියා විය. ඉතින් එවැන්නෙකු ගේ නික්ම යාම කණගාටුදායකය.
අප ගියවර බ්ලොග් සම්මාන දීමට කටයුතු කරන අවස්ථාවේ එක ප්‍රසිද්ධ නීතිඥවරයෙකු කීවේ බ්ලොග් යනු කාලය කා දමන්නට කරන හොබියක් පමණක් බවත් ඒවායේ ඇත්තේ කුණු කන්දල් පමණක් බවත්ය. අපට උදව් කිරීමට අවශ්‍ය නම් සැබෑ වෙබ් ජන මාධ්‍යවේදීන්ට උදව් කරන ලෙසත්ය. ඔහු ඔවුන් වෙනුවෙන් පුහුණුවක්ද ආරම්භ කරන බව පැවසුවේය. ඔහු ආරම්භ කළ පුහුණුවක් අදටත් නැත. මම ඔහුට කිවේ බ්ලොග් යනු තවත් එක් සන්නිවේදන මාධ්‍යක් බවත් එය ලියන්නා අනුව වෙනස් විය හැකි දෙයක් (එනම් විනෝදාත්මක ලෙස, දැනුම සැපයීමට, තමන්ගේ ස්ව නිර්මාණ ඉදිරිපත් කිරීමට වැනි) බවත් බොහෝ රටවල ජන මාධ්‍ය භාවිතයේ බ්ලොග යනු ඉතා ප්‍රබල අංගයක් බවත්ය. ගාඩියන් පුවත් පතේ බොහෝ ප්‍රසිද්ධ ජන මාධ්‍යවේදීන් මුලින් ම ලියන්නේ තමන් ගේ බ්ලොගයේය.
මම නිර්නාමික නම් වලින් ලිවීම අත්හැර කොළඹ ගමයා බ්ලොගය මගේ සැබෑ නමින්ම ආරම්භ කලේ කිසියම් හේතු කිපයකටය. මුල් කාලයේ මා සමග සංවාද කල එක අයෙකු වුයේ යකා ය. ඔහු සමග ගිය සංවාදයක් මෙහි ඇත. පසුව ඔහු යකා නොව මධ්‍යස්ථ මතධාරියා විය. ඉතින් එවැන්නෙකු ගේ නික්ම යාම කණගාටුදායකය.
මධ්‍යස්ථ මතධාරියා ලියු අවසන් ලිපියේ ඇතැම් තැන්වල මා ආරම්භ කල දේ සඳහා විවේචනයක් තිබේ යයි සිතෙන නිසා එයට පිළිතුරු දීමක් කරමි. එය එසේ නොවේ නම් ඔහුට පැමිණ ඒ ගැන පැහැදිලි කල හැකිය. කවුරුන් හෝ නිදහස් අදහස් ඉදිරිපත් කරන විට වට කරගෙන පහර දෙයි නම් ඔහුට කල යුතුව තිබුනේ කොමෙන්ට් වසා දැමීම හෝ පාලනය කිරීමයි. ඒවා පල කිරීමට අවශ්‍ය නැත.
නෙලුම් යාය විසින් කඳුකරයේ පාසැල් වල දරුවන්ට පොත් පත් හා උපකරණ ප්‍රමාණයක් බෙදා දුන්නෙමු. කල්‍යාණ මිත්‍ර, කටුසු හදවත, රූපේ වැනි බ්ලොග් කරුවන් හා වෙබ් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මිට සහභාගී වුනි. බ්ලොග් කරුවන් දෙදෙනෙක් (පැතුම් හා ඉවාන්) මුදලින් දායක වුනි. මධ්‍යස්තයා කියන්නේ මේවා අණබෙර ගසා නොකළ යුතු බවකි. මෙය අපට චෝදනාවක් දැයි නොදනිමි. ලංකාවේ එසේ කල හැකිද? ජනතාවගේ මුදල් වලින් දේශපාලකයන් ආධාර දී පත්තර වල දා ගන්නා රටක? මමත් මගේ යහළුවන් පිරිසකුත් චැරිටියක් පිහිටුවා සුනාමියෙන් අසරණ වූ ළමුන්ට උදව් කළෙමු. මෙවැනිම සපත්තු, පොත් බෙදා දීම් ආදිය කළෙමු. ඒ 2004 සිටය. මේවා පත්තර වල දැම්මේ නැත (වෙබ් අඩවිය) .
කඳුකරයේ පාසල් පොත් බෙදා දීමේදී සංවිධාන ක්‍රමයේ ප්‍රශ්න කීපයක් ම ඇති වුනි. ඒ නිසා අප ගිය මාසයේ කුරු ගෑ ගී පවුර බ්ලොගය විසින් සංවිධානය කළ එවන් අවහිරතා ඇති ළමුන්ට පාසල් උපකරණ බෙදා දීමට දායක වුනෙමු. එය මුළුමනින්ම සංවිධානය කලේ හා මුලිකත්වය ගත්තේද ඔවුන්ය. දැන් ඒ අනුසාරයෙන්ම තවත් බ්ලොග්කරුවන් පිරිසක් එවැනිම සද් කාර්යයක් කරන්නට සැරසෙති. අපි එයටද දායක වෙන්නෙමු. ඒ නිසා මධ්‍යස්ත මතධාරියා එවැනි දේ ප්‍රසිද්ධ කිරීමෙන් හොඳක් මිස නරකක් වන්නේ නැත. හැකිනම් ඔබත් දායක වෙන්න.
බ්ලොග් වලට සම්මාන දීමට තීරණය කලේ මමයි. ඉන්පසු එයට මුල්‍ය ආධාර දෙමින් තමන්ගේ වෙබ් අඩවියේ වඩා වැඩි ඉඩක් සපයා දෙමින් මෙන්ම වෙනම වෙබ් අඩවියක් නෙලුම් යාය නමින් ඇති කිරීමෙන් ද මහත් සේ උදව් කල ප්‍රසිද්ධ වෙබ් අඩවියක ප්‍රධාන කර්තෘ වරයෙක්ද සිටි. අප මේවා කරන්නේ නිස්සරණාධ්‍යශයෙන්ය. ලංකාවට මෙය පුරුදු නැති දෙයක් බව අප දනිමු. සමහරු හිතන්නේ අපට ලොකු පොරවල් වීමට අවශ්‍යව ඇති බවකි. අහෝ මිතුරනි, අපි මේ උළෙලවල් සංවිධානය කරන බව හෝ සම්මාන, ත්‍යාග දෙන බව හෝ අපගේ පවුල් වල උදවිය තබා මිතුරන් වත් දන්නේ නැත.
සම්මාන දීමෙන් නිදහස් අදහස් ප්‍රමිතිකරණයට ලක්වේ යයි කීම පදනම් විරහිත දෙයකි. බස්සි වඩාත් හොඳින් තවමත් ලියන්නීය. ඒ මදිවට පොතකුත් ගැසුවාය. මාතලන් ගේ කුණුහරප වල අඩුවක් නැත. ඔහු තමන්ට ආවේණිකවූ ශෛලියෙන් තවමත් ලියයි. එක් අයෙකු දෙදෙනෙකු හැර අනිත් අය තවත් හොඳට නිර්මාණ කරති. නිදහස් සිතුවිලි ඉන් එක් බ්ලොගයකි. සම්මාන දුන්නත් නැතත් බ්ලොග් කරුවෝ ලියති. සම්මාන දෙන්නේ අප හදාගත් නිර්නායකයන්ටය. ඒවා මොනවා දැයි කීමට අප බැඳී නැත. සම්මාන දෙන්නට කලින් අපි ඒ බව බ්ලොග්කරුවන්ට දැනුම් දෙන්නෙමු. ඔවුන්ට ප්‍රතික්ෂේප කරන්නට අවස්ථාවක් ද දෙන්නෙමු. ඒවාට අකමැති කෙනෙක් තමන් ගේ සම්මාන උළෙලක් පවත්වනවාට අපෙන් බාධාවක් ද නැත. එසේ බාධා කරන්නට අප මහා ලොක්කන් ද නොවේ. බ්ලොග් උළෙල වල් වැඩි වෙන තරමට හොඳ බ්ලොග් කරුවන්ට මය.
ටික්කා මධ්‍යස්ත මතධාරියා ට අපහාස කිරීමක් ගැන දැක්කේ ඔහුගේ අවසන් ලිපියෙනි. සාමාන්‍යයෙන් ටික්කා මට විවේචන ලියා නැත. ඔහු ඉංග්‍රීසියෙන් සින්හල කොටන නිසා සාමාන්‍යයෙන් මම ඔහුගේ කොමෙන්ට් කියවන්නේ නැත. (ටික්කා අමනාප නොවන්න.) ඒ ගැන නොයෙක් වර ඔහුට පවසා දැන් ඔහු සිංහලෙන් කොමෙන්ට් කරයි. ටික්කා අපහාස කර ලියා ඇති දේ මධ්‍යස්ත මතධාරියා පල කර ඉන්පසු ඒ ගැන දුක් වෙමින් අනිත් අය ඔහු සඳහා ඉදිරි පත් නොවන්නේ යයි කියයි. මම එය ඊයේ කියවූ නිසා කියන්නට තිබෙන්නේ ටික්කා සාමන්‍යයෙන් කුණුහරුප ගොඩක් ලියන අයෙකු බව මා දැක ඇති බවයි. එය ඔහුගේ නිදහස නිසා මම කිසිවක් කීමට නොගියෙමි. මධ්‍යස්ත මතධාරියා ඒවාට අකමැති නම් ඒවා පල නොකර සිටියා නම් ඉවරය. නැත්නම් එයට සරිලන පරිද්දෙන් උත්තරයක් දීමට මධ්‍යස්ත මතධාරියා ට ද නිදහස ඇත.
මා දැක ඇති දෙයක් නම් දරුණු විවේචන ඉදිරිපත් කරන අයට ඒ ආකාරයෙන්ම පිළිතුරු දුන් විට "මට ගැහුවෝ" යයි කියා ඔවුන් ම ඉන්පසු අඬා වැලපෙන බවයි. මටද එවැනි දරුණු ප්‍රහාරයන් කීපයක් මගේ බ්ලොගයේ හා මාතලන්ගේ බ්ලොගයේ දී එල්ල විය. ඒ මගේ දරු පවුල ගැනය. ඒවාට ගත් හා ගන්නා ක්‍රියා මාර්ග ගැන මෙහිදී කිසිවක් නොකියමි. නමුත් මධ්‍යස්ත මතධාරියා ටික්කා ගේ ඔය කියන අපහාසයට බ්ලොග් ලිවිම නැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමන් දුර්වලයෙකු බව පමණය. ඔය කියන ලිපියේදී මා ගත්තේ මධ්‍යස්ත මතධාරියා ගේ පැත්තය. මගේ කොමෙන්ටුවෙන් එය දැක ගත හැකිය. මා කොහොමත් පාසැල් ගුරුවරුන් ළමුන්ට තලනවාට විරුද්ධ අයෙකි. එසේම විචාරක මහතාට විරුද්ධව මගේ බ්ලොගයේ පලවූ කොමෙන්ටුවක් මම පල කලේ නැත.
මා අදේවවාදියෙකු මිස නිරාගමිකයෙකු නොවන නිසා ඔහු ආගම් ගැන කියන දේ ගැන කිසිවක් නොකියමි. මම යන්නේ හින්දු දෙවියන් ගේ ප්‍රතිමා නැති පන්සල් දෙකකට පමණි. සියලු දේව ඇදහීම් වලට විරුද්ධ අයෙකු මිස අනිකාට තම ආගමක් තමන් ට ඕනෑ විධිහට ඇදහීමේ නිදහසට විරුද්ධ නොවෙමි. එසේම ඕනෑම ආගමක් විවේචනය කිරීමට හා නිදහසේ අදහසක් පළ කිරීමට මට මෙන්ම අන් අයටද අයිතියක් තිබේය යන්න විශ්වාස කරමි. බුදු දහම ගැන හැඳින්වීමේදී බුදුන් කිවේ "ඒහි පස්සිකෝ " කියාය. එනම් අන්ධ භක්තිය නොව "එව බලව" කියාය. ළමා අපචාර මෙන්ම දුෂණ කරන ඕනෑම ආගමක, ඕනෑම යතිවරයෙකුට මම නම් විරුද්ධය. තමන් අතරමන් වූ ඕනෑම අවස්ථාවක දේශපාලක තක්කඩියන් කරන්නේ ආගම්වාදය හා ජාතිවාදය ඇවිස්සීමයි. මධ්‍යස්ත මතධාරියා එම තත්වයට පත් නොවනු ඇතැයි මගේ විශ්වාසයයි.
අවසන් වශයෙන් කිව යුත්තේ තමන් කල යුත්තේ තමන්ගේ සිතට ප්‍රීතියක් දැනෙන තමන් කැමති දේ පමණක් බවය. අකමැති දේ කිරීම සිතටද වධයකි. මධ්‍යස්ත මතධාරියා ගේ නික්ම යාම කණගාටුවට කරුණක් වුවද තමන් සිතන දේවල් බ්ලොග් වලින් ඉටු නොවේ නම් එය වදයක් කර නොගෙන ඉන් ඉවත්ව යාම යෙහෙකි. නොඑසේ නම් වෙලාව ඇති පමණට බ්ලොග් ලිවිම හෝ සංවාදයේ රැඳී සිටීම යෙහෙකි.