මම කැමතිම සින්දු ටිකක් අටම දාල තිබෙනවා. ඒ මෙතන. ඉයන් ගේ සින්දු ටික සම්පුර්ණයෙන්ම අහන්න බැරි වුනා තවම. මිල්ටන් ගේ සින්දුව බොහොම කැමති එකක්. කලණ ගේ තේරීමත් ඉතා හොඳයි කියමු. එඩ්වර්ඩ් ජයකොඩිගේ සින්දුවට තමයි මම වැඩිපුරම කැමති. හන්සිගේ තේරීම් වලින් සිත හොරෙන් හොරෙන්, සිහිල් සුලන් රැල්ලේ හෙම කැමතිම ගීත. හැබැයි එයා දාල තියන අලුත් ඒවා වැඩිය දන්නේ නැහැ. නිර්මාණි ගේ තේරීම් වලින් සිහිනයකි ඔබ මම කැමතිම ගීතයක්. තරිඳුගේ එගොඩහ යන්නෝ හුඟක් කැමති ගීතයක් .
නිර්මාණි කියනවා වගේ ඉයන් ගේ අභියෝගය හිත ඇවිස්සු , කලම්බපු එකක් බව ඇත්ත. මම අද උදේ වැඩට යද්දී කල්පනා කළෙත් මම කැමතිම ගීත මොනවාද කියල. එහෙම අත අරින්න පුළුවන්ය. මෙන්න මගේ කැමතිම සිංහල ගීත දහසය. ටිකක් පරණ ඒවා තමයි වයසේ හැටියට.
1. වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා - පෙම් රස වෑහෙන
දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැතිපාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැතිතැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනිඑකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
නුවර උයන් මැද හමුවු ළඳුන් නැතීයටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතීතැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනිඑකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
13. සුනිල් එදිරිසිංහ - සන්තාප මාවතේ
15. සුනිල් එදිරිසිංහ - සඳකඩ පහනක
නිර්මාණි කියනවා වගේ ඉයන් ගේ අභියෝගය හිත ඇවිස්සු , කලම්බපු එකක් බව ඇත්ත. මම අද උදේ වැඩට යද්දී කල්පනා කළෙත් මම කැමතිම ගීත මොනවාද කියල. එහෙම අත අරින්න පුළුවන්ය. මෙන්න මගේ කැමතිම සිංහල ගීත දහසය. ටිකක් පරණ ඒවා තමයි වයසේ හැටියට.
1. වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා - පෙම් රස වෑහෙන
පෙම් රස වෑහෙන පද ටික මෙන්න.
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා
ආදර නැකත ළඟා වේ
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ
මී වද සුවඳ සදා දේ
පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා
සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා
මධුරස වෑහෙනා
ආදර නැකත ළඟා වේ
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ
මී වද සුවඳ සදා දේ
පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා
සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා
සින්දුව ට මම කැමතිම මේක මගෙයි බිරිඳ ගෙයි පුංචි කැදැල්ලේ දරු දෙන්න එක්ක ගෙවන ජිවිතේ වගේ නිසා. එකම කණගාටුව මගේ බිරිඳ ට සින්දුව තේරෙන්නේ නැති එක.
2. නන්දා මාලිනි - තරුද නිදන මහා රෑ
නන්දා මාලිනී කියන්නේ කැමතිම ගායිකාවක්. එයාගේ සින්දු වලින් කුරුටු ගෑ ගී පොතේ සහ ගලන ගඟකි ජිවිතේ කියන සින්දු දෙකටත් මම ගොඩක් කැමතියි. නමුත් රෑ තරු පිරුන අහසක මේ සින්දුව නිතර හිතට එනවා. තරු බලන නිසා වෙන්න ඇති. මගේ සොයුරිය නිතර ගයනවා මේක. එයාගේ පුංචි පැරදුන ආදරයක් තිබ්බා කාලෙකට කලින්.
3. අබේවර්ධන බාලසුරිය - පියාණෙනි මා නැවත උපන්නොත්
මට හැම වෙලේම මගේ පියා සිහි වෙනවා මේ සින්දුව නිසා. මම උපාධියක් ගත්ත පළමුවන අවස්ථාවේදී එයාට එන්න වීසා හදන්න බැරිවුණා. දෙවෙනි අවස්ථාවේදී පුළුවන් වුනත් එයා අසනීපෙන්. තුන්වන අවස්ථවේදී එයා මෙලොව හැර ගිහින්. අහන හැම අවස්ථාවකම හිත සංවේදී වෙනවා.
4. වික්ටර් රත්නායක - ආදරයේ උල්පත වූ අම්මා
අම්මා ගැන ගයන මේ ගීතයත් ජෝතිපාල මහතාගේ තව ගීතයකුත් තියනවා. ඒ වගේම අම්මාවරුනේ ගීතයටත් මම කැමතියි.
5 ගුණදාස කපුගේ - තරු මල් යායම
මෙහෙම කතාවකුත් තිබුනා ජිවිතයේ. නැවත මතක කරන්නේ නැතුව සින්දුව ඇහුවම හරි.
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේඅඳ්රේ උන්නෙමි ලොවම එපාවීමා හැරදා ඈ ගිය දවසේදුක පැවසුවෙමි අසනා කෙනෙකු නැතිපාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැතිතැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනිඑකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
නුවර උයන් මැද හමුවු ළඳුන් නැතීයටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතීතැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනිඑකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
6. ඩබ්ලිව් ඩි අමරදේව - සන්නාලියනේ
මම මේක සින්දුව අහපු මුල් දවස වල ඉඳලම වගේ කැමතියි. ජීවිතය ගැන ලස්සනට ගීතයකින් මැවෙනවා. ඉපදීම, ජීවිතය හා මරණය එකට ඈඳලා.
7. එච් ආර් ජෝතිපාල - පාට පොදක් තිලකලා
8. මිල්ටන් මල්ලවාරච්චි - පෙර එක දවසක
මේක අංක පහට සම්බන්ධයි.
9. පියුම් නිල විල උපන්නියේ - ටි එම් ජයරත්න
අපේ ගෙවල් ගාව හිටිය ලස්සන ගැහැණු ළමයෙක්. ලස්සන වැඩි කමට කොල්ලෝ පස්සෙන් යනවත් වැඩියි. මේ සින්දුව එයාටම ලියපු එකක් කියල හිතුන වාර අනන්තයි.
10. ක්ලැරන්ස් වීජේවර්ධන - හිරුගේ ලොවේදී
11. සනත් නන්දසිරි -එදා මෙදා තුර
මගේ යහළුවකුට වුණා කියමුකො. ජිවිතේ දුක තමයි වෙලාවකට.
12- ප්‍රිය සුර්යසේන - ආදරණිය නේරංජනා
13. සුනිල් එදිරිසිංහ - සන්තාප මාවතේ
14.
ශ්‍රීමති තිලකරත්න - ආත්ම ගණනක සිතිවිලි අතරේ15. සුනිල් එදිරිසිංහ - සඳකඩ පහනක
16. ටි එම් ජයරත්න , සුනිලා - හෙමින් සැරේ පියා විදා
මේ සින්දු දහසයට අමතරව තවත් සින්දු කීපයක්ම හිතේ තිබෙනවා. ඒ අමරදේව මාස්ටර්ගේ "රෑ දුරු රට මේ ". පිටරට සීතල දවසක අහන් හොඳ සින්දුවක් කෝපි කොප්පෙකුත් හදාගෙන.
දයාරත්න රණතුංග ගේ මංගල මධු සමය පතා , සෝමතිලක ජයමහ ගේ දෙනුවර මින්පසු, මොහිදීන් බෙග් ගේ සුදු සඳරැස් ගලන , මර්වින් පෙරේරාගේ මා සනසා , විජය කුමාරතුංග ගේ ගඟ අද්දර . බණ්ඩාර ආතාවුද ගේ සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිරංජලා සරෝජිනී ගේ මේ ගඟ මේ දුර කතර ගෙවා.
ඒ වගේම මම කැමතිම පරණ ගීතයක් මේක.
අයිරින් ඩි අල්විස් , රොම්ලස් පෙරේරා - නීල ජලේ යමුනා සමිරේ
මධුර යාමේ අමතක කරලා කොහොමද. ඔන්නොහේ ඒකත් එකතු කලා .
ඒ නිසා ඉයන් මේක සින්දු 25 ක්ම කළොත් නරකද? ඇත්තටම හිතුවොත් ඉයන් මේ සින්දු ගැන ලියපු එකෙන් තවත් දෙයක් ඉස්මතු වෙනවා. අපි මේ සින්දු කියපු, සින්දු ලියපු, සංගීතය සපයපු ආදරණිය සංගීතඥයන්ට කොපමණ ණය ගැතිද කියල. හිත වේදනාවෙන් පිරුණු වෙලාවක වගේම, හිත සතුටින් උදම් අනපු වෙලාවක, තේ කෝප්පයක් හදාගෙන හිත තනි කර ගත්ත වෙලාවක මේ සහෘදයන්ගේ සොඳුරු ගීත අපව කොතරම් මන්මත් කළාද? ඇත්තටම හිතා ගෙන යනකොට මට විසි පහෙනුත් නවත්වන්න බැහැ වගේ. ඉයන්ට ස්තුතියි.