පසුගිය වසරේ මාර්තු 26 වනදා ම ලංකාවට ගියේ නෙළුම් යාය ප්‍රථම බ්ලොග් සම්මාන උළෙල සංවිධානයේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම සඳහාය. ඒ සඳහා ත්‍යාග සහ වෙනත් වියදම් සඳහා මුදල් ලැබුනේ කෙසේද යන්න ගැන මේ බ්ලොග් ලිපි වල සඳහන් කර ඇත.
නෙළුම් යාය සම්මාන උළෙලේදී කළ හැඳින්වීම
නෙලුම්යාය ප්‍රථම සමරු සඟරාවේ හැඳින්වීම
ප්‍රථම උළෙලේ බ්ලොග් සම්මාන දිනා ගත් බ්ලොග් අඩවි මේ ලිපියෙන් ඉදිරිපත් කර ඇත.
නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2014
එදා මේ ප්‍රථම උළෙල සංවිධානය කලේ තනිකරම ඊමේල් ගනු දෙනු වලිනි. විනිසුරු මඬුල්ලේ සිටියේ අප දෙතුන් දෙනෙකි. ඉනුත් බ්ලොග් හරි හැටි කියවුයේ අප දෙදෙනෙකු පමණි. අපට පුළුවන් විධිහට බ්ලොග් සියයකට අධික සංක්‍යාවක් කියවුයෙමු. අපට පිහිටට සිටියේ මාතලන් ගේ සින්ඩියයි.
එදා අපේ ප්‍රධානම ප්‍රශ්නයක් වුයේ 2014 වසරේ හොඳම බ්ලොග් කරු සම්මානය දෙන්නේ කාටද යන්නයි. ඒ සඳහා ට්‍රාන්සිල්වේනියා හි වෛද්‍ය රුවන් ජයතුංග, කතන්දර කාරයා (රසික), අරුණි ශපීරෝ, ටැබූ සබ්ජෙක්ට්ස්, w3ලංකා හි අජිත් පැරකුම් සහ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ සලකා බැලුවෙමු. අවසාන නම් දෙකකට වැඩි ලකුණු ලැබුණි. ඒ අජිත් පැරකුම් ට හා මාතලන්ටයි. ඉනුදු වැඩිම බ්ලොග් ලිපි ගනනක් හා දේශපාලන ප්‍රහසන ලියන මාතලන්ට වැඩි ලකුණු ලැබුණි. ඔහුගේ අඩවියේ පළවුණු කොමෙන්ට් සංක්යාව හා ඔහුගේ පිළිතුරුද අවධානයට ලක් විනි.
අමාරුම කාර්යය වුයේ බ්ලොග් දිනූ අයට ඒ ඒ බ්ලොග් අඩවි වලට ගොස් මට ඊමේලයක් එවන්නට දැනුම් දීමයි. වාසනාවකට මෙන් සියල්ලෝම ඊමේල් එවුහ. ඉන්පසු එසේ දැන හඳුනා ගත් ඉවාන් පව්ලුෂා සම්මාන උළෙල සඳහා ශාලාවක් සෙවීමට පොරොන්දු වූ මුත් ඔහුට වැඩ අධිකවී එය පමා විනි. දිනයද ළඟ ළඟාව එන බැවින් හා ලංකාවේ සම්බන්ධයක් නොමැතිව අප අසරණ වූයෙමු.
ලංකා නිව්ස් වෙබ් ප්‍රධාන කර්තෘ චන්දිම විතාන ආරච්චි මෙහිදී පරණ බ්ලොග් ලියන්නෙකු වන කරුණාරත්න පරණවිතාන ඇමතුවේය. බ්ලොග් ලිපි පල කිරීමට ලංකා නිව්ස් වෙබ් හි නෙලුම් යාය කොටසේ ඉඩ ලබා දුන්නේද ඔහුය. අපේ වාසනාවට පරණේ ළඟ ශාලාවක් තිබුණි. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශාලාවයි. මෙහිදී අප මදක් පැකිලුන මුත් පරණේ පැවසුවේ අමාත්‍යංශයේ නමම "ජනමාධ්‍ය ප්‍රවර්ධන අමාත්යංශය " බවත් බ්ලොග් යනු ප්‍රබල ජනතා මාධ්‍යයක් බවත්ය. බ්ලොග් යනු පුරවැසි මාධ්‍යකරණයේ ප්‍රබල අංගයක් බව දැන සිටි මාධ්‍ය ලේකම්වරයෙකු සිටීම අපේ වාසනාවක් විය.
මෙහිදී පැවසිය යුතු වැදගත්ම කරුණ නම් අප කාහට සම්මාන ලබා දෙන්නේද යන්න ගැන වචනයක් වත් පරණේ විසින් නො ඇසීමයි.
මාතලන්ට ප්‍රධාන සම්මානය දීමට තීරණය කෙරුණු අතර දෙවන තැනට පත් අජිත් පැරකුම් ට සභාව ඇමතීමට අවස්ථාවක් දීමට තීරණය කළෙමු. එසේම සභාව ඇමතීමට ආචාර්ය ලියනගේ අමරකිර්ති, නාලක ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙකුට ඊමේල් හා ෆේස්බුක් මැසේජ් යැව්වත් පිළිතුරු ලැබුනේ අජිත් හා නාලකගෙන් පමණි. එසේම බ්ලොග් ගැන දැඩි අවබෝධයකින් සිටි සුදුසුම දෙදෙනාද ඔවුන් වූ අතර ඊමේලයක් යනු නීත්‍යානුකුල වැදගත් සන්නිවේදන මාධ්‍යයක් බවද දෙදෙනාම දැන හුන් බව සිතමි.
මාතලන්, ඉවාන් පව්ලුෂා ඇතුළු අනිකුත් බ්ලොග්කරුවන් සහභාගී වන බව දැන් වූ පසු මම ශ්‍රී ලංකාවට ගියෙමි. එහිදී චන්දිම විතාන ආරච්චි මහතා විසින් ලංකා ඩේලි පුවත් පතේ කර්තෘ හිමාශි කරුණාරත්න, ලංකා නිව්ස්වෙබ් හි උපුල් නිශාන්ත මගේ සහයට කැඳවා තිබුණි. ඇත්තෙන්ම වැඩි පුරම බර ඇද්දේ ඔවුන් දෙදෙනාය. ඒ දිනවල යහළුවෙකු ගෙන් ඉල්ලා ගත් මෝටර් රථයක් මගේ අතින් හැපීමෙන් එය පිළිසකර කරන්නට පවා ගෙවන්නට සිදු වුනි. ඒ සඳහා මෙන්ම අනිකුත් වැඩ සඳහාද උදව් වුයේ ශ්‍රී ලංකා මිරර් අඩවියේ කැලුම් ශිවන්තය.
කෙසේ හෝ නොයෙකුත් පසුබෑම් මධ්‍යයේ වුවද හිමාශි, උපුල් සහ මම බ්ලොග් සම්මාන උළෙල පැවැත්වූයෙමු. නාලකගේ හා අජිත් ගේ දේශනා අසන්නට නොහැකි වුනත්, බ්ලොග් කරුවන්ට වඩා මීඩියා කරුවන් සිටියත් ඒ උළෙල සාර්ථක බව මම කියමි.
ඊට හේතු කීපයකි. සම්මාන දිනු කිසිම බ්ලොග්කරුවෙකු නමින්වත් හඳුනාගෙන නොසිටි මා ප්‍රථම වරට ඔවුන් ඊමේල් කර එවූ නොම්මර වලට කතා කල දැන හඳුනා ගතිමි. සුමිත් කළනසිරි හා මම ෆේස්බුක් මගින් පණිවිඩ හුවමාරු කරගතිමු. මාතලන්ට මුහුණ වසාගෙන ඒමට හෝ වෙනත් අයෙකු ත්‍යාගය ගැනීමට එවන ලෙස කීවත් එය නිහතමානිව ප්‍රතික්ෂේප කරමින් තමන් සහභාගී වන බව පැවසුවේය. මුල් සම්මාන උළෙල ඔවුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර ඉන් පසු මා නැවතී සිටි හෝටලයට මාතලන්, ප්‍රසන්න, සුදීක, අටමා ඇතුලු පිරිස පැමිණියහ.
මාතලන් සමග එදා ශ්‍රී ලංකා බ්ලොග් සංසදය පිහිටුවන්නට තවත් තඩි උස මහත බ්ලොග්කරුවෙකු ඉදිරිපත් විනි. ඒ කල්‍යාණ මිත්‍රයි.
අපි මේ බ්ලොග් උළෙල මුළුමනින්ම සංවිධානය කළේ එකිනෙකා නොදැනය. කොටින්ම හිමාශි කරුණාරත්න හා උපුල් නිශාන්ත ස්කයිප් වලින් දැන සිටියද ජීවමානව දැක ගත්තේ ලංකාවට පැමිණි පසුය. මාතලන් ඇතුළු අනිකුත් බ්ලොග් කරුවන් ප්‍රථම වරට දැක්කේද 2015 මාර්තු 26 වනදාය. එනිසා මට සැබවින්ම ප්‍රථම බ්ලොග් උළෙලේ සාර්ථක එකක් විය.
ඉන්පසු එළඹුණේ අටමා, බස්සි, දීලා, මාතලන්, ප්රාජේ, කල්‍යාණ මිත්‍ර, මනා, කටුස්සා ආදීන් සමග කෙරුණු ඊමේල් ගනුදෙනුවයි. බ්ලොග් සංසදය පිහිටුවීමට නොයෙකුත් බාධා ඇතිවිණි. අපගේ බ්ලොග් මිතුරන් සමහරෙක් ද එයට විරුද්ධ විනි. අපේ ඇති අමුතුම අජෙන්ඩා එකක් ගැන චෝදනා එල්ල විනි.
මේ අතර වාරයේ නෙලුම් යායේ බ්ලොග් පල කිරීම අප විසින් නොකඩවා කළ අතර සුමිත් කලනසිරිද කාල වේලා ඇති පමණින් එයට උදව් කළේය. විශේෂයෙන්ම මම නිවාඩු යන දිනවල ඔහු ඒ කාර්යය මැනැවින් ඉටු කළේය. උපුල් නිශාන්තද හැකි පමණ දායක වුනි. අනිත් තැනැත්තා වූයේ අටමාය. ඔහු විසින් බ්ලොග් තෝරා ඒවායේ යොමුව එවූ අතර මට හැකි පමණ ඒවා පල කෙරුවෙමු. අටමා එසේ කළේ පෞද්ගලිකව තිබුණු නොයෙකුත් කරදර මධ්‍යයේය. අටමා එවන ඒවා පල කිරීම අප අතින් අතපසු වන්නේ අපේ කාල වෙලාවේ මද කම බව තේරුම් නොගත් බවක් ද දුටුවෙමි. කෙසේ හෝ නෙළුම් යාය පිලිබඳ කතා බහ මෙන්ම සම්මාන උළෙලේ නිර්මාණ තේරීම සඳහාද මා පටන් ගත් මාසික ත්‍යාග ප්‍රදානය කිරීම තුල ඇතිවුන ප්‍රශ්නයක් මත අටමා ඉවත් විනි.
අප තලවකැලේ ගමන සංවිධානය කලේ ඒ අතරය. එහි මුලික වැඩ කොටසක් හිමාශි කරුණාරත්න, පලනි විජයනන්දන් හා සුමිත් යාපා (කල්‍යාණ මිත්‍ර) විසින් කරන ලදී. ක්‍රිකට් උළෙලක්, නෙලුම් යායෙන් සම්මාන සහ තෑගි බෙදා දීමක් මෙන්ම ළමුන්ට පොත්පත් ආදී දේ බෙදා දීමක්ද සිදු වුනි. මෙය කලේ අපේ සම්මාන උළෙලෙන් අපට ලැබී ඉතිරිව තුබූ මුදල් ප්‍රමාණයක් අනුව පමණය. මේ නිසා අවශ්‍ය තරම් ළමයින්ට බෙදා දීමට තෑගි ගැනීමට නොහැකි වුනි. "බිත්තියේ" පැතුම් හේරත් හා ඉවාන් පව්ලුෂා මුදලින් ආධාර කල අතර කටුස්සා, ප්‍රසන්න, සහන් ඇතුළු බ්ලොග් කරුවන්ද ගමනට එකතු වුහ. එය අවසානයේ කිසියම් ප්‍රශ්න කිහිපයක් පැන නැගුනු අතර එයට සහභාගී වූ කටුස්සා වේදනා කාරී ලෙස කිසියම් කාලයක් නිහඬව සිටි බව දුටිමි. ඉතා සුමුදු හදවතක් ඇති කටුස්සාගේ නිහඬව සිටීම තලවාකැලේ ගමනට අදාලව නොවන බව දැනගත් විට අප්‍රමාණ සතුටට පත් වීමි. මුල් පියවර වශයෙන් අඩුපාඩු තිබුනත් තලවාකැලේ ගමන හොඳ අත්දැකීම් සමුහයක් එක් කළේය.
තලවකැලේ ගමනින් ලැබූ අත් දැකීම මත බ්ලොග් කරුවන්ට සම්පුර්නයෙන්ම මේ වැනි සද් කාර්යයක් සංවිධානය කිරීම භාර දිය යුතු යයි සිතුවෙමු. හරියටම එවැන්නක් සිදු වුනේ රත්නපුරයේ බලන්ගොඩ ප්‍රදේශයේ පාසලකට පොත්පත් ඇතුළු උපකරණ බෙදා දීමට "කුරුටු ගෑ ගී පවුර " බ්ලොගය හා තවත් බ්ලොග් කරුවන් සමුහයක් සංවිධානය වනු දැකීමෙනි. ඊමේල් මගින් සාදාගත් සම්බන්ධයක් මත නෙළුම් යායෙන් අපේ දායකත්වය දැක්වීමු . එය සාර්ථක වුනු බව කුරුටුලා දැමු පොස්ටුවකින් පැහැදිලි විය.
මේ අත්දැකීම සුමිත්, ඉවාන්, සුරංග (කමියා) ඇතුළු බදුල්ලේ පිරිසට දැන්වූ පසු නෙලුම් යායේ ආධාරයෙන් බදුල්ලේ පාසලක එවැනිම සද් කාර්යයක් සංවිධානය කෙරුවෙමු. එයට ඒ පළාතේ බ්ලොග් කරුවන් බොහොමයකගේ නොමද සහයෝගයද ලැබුණි. නෙළුම් යාය ඉදිරියට යන බව මේ එකිනෙක සම්බන්ධ නොවන සේ පෙනෙන කාර්යයන්ගෙන් අපට පැහැදිලි විය. අපට අවශ්‍ය වුයේ බ්ලොග් අවකාශය සමග මහා පොළොවේ ජිවිතයක්ද බැඳී ඇති බව පසක් කර ගැනීමයි.
අවසාන වැඩ පිළිවෙල වුයේ ඉන්දිකගේ ඔත්තුවක් මත ඇරඹුණු මොණරාගල මියාගල පාසලට ජලය ලබා දීමේ ව්‍යාපෘතියයි. මෙය ළමයින්ට එක ජල කරාමයක් පමණක් සාදා දීම නොව මුල් ගුරු නිවාසයට ජලය සැපයීම, සියලුම් වැසිකිලි වලට, පාසැලේ ගුරු කාමරයට මෙන්ම පන්ති ශාලා කිහිපයකට ද නළ දමා ජාල කරාම සවි කර වතුර සැපයමේ ලොකු වැඩකි. අප සුමිත් යාපා ඇතුළු බ්ලොග් නඩයට කිවේ බ්ලොග් සම්මාන උළෙල පවතින බැවින් එයින් පසු මෙය කරන්නටය. නමුත් සුමිත් ඇතුළු පිරිස එය මසකින් නිම කරන්නට පොරොන්දු වුනි. අප නොසිතු ලෙස සහෘද බ්ලොග් කරුවන්ගෙන් ආධාරද ලැබෙන්නට විය. සුමිත් ඇතුළු කණ්ඩායම තම පවුල් වල නොයෙකුත් භාරදුර කටයුතු මධ්යයේම මේ සද් කාර්යයට අත ගසා පොරොන්දු වූ පරිදිම එය සාර්ථකව නිම කළහ.
ගුරුවරයෙකු විසින් ලුනුගල පාසලක දරුවෙකුගේ පාසල් ගමන නිමා කල බව මෙහිදී ලීවෙමි. එදා සුමිත් හෙවත් කමියා දරුවෙකුට කරාමය හැර වතුර බොන්නට දෙන විට ඒ දරුවාගේ මුවේ පිපුන සුන්දර සිනහව අර පාසල් නැවැත්වූ සගයාට කල පිදීමක් විය මට. චන්දිමත් මමත් ඒ පින්තුර බලමින් දැඩි සතුටක් ලැබුවෙමු.
මේ සියල්ල සංවිධානය කලේ අජිත් පැරකුම් බ්ලොග් සහෘදයා කියන්නාක් මෙන් ඊමේල් වලින් සහ ෆේස්බුක් පණිවුඩ ක්‍රමය හා වයිබර් හරහා වීම විශේෂත්වයකි. බොහෝ දෙන එකිනෙකා නොහඳුනන මුත් සයිබර් අවකාශයේ ගොඩ නැගුනු මිත්‍රත්වය ඒ සියල්ල පරයා නැගී සිටියේය.
අන්තිමට එළඹියේ දෙවන බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කිරීමේ කටයුත්තයි. නැවතත් ඊමේල් වල පිහිට පතන්නට සිදුවුණි.
~~~~~~~~~~~~මතු සම්බන්ධයි.~~~~~~~~~~~