මුල් ලිපි:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -1
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දෙවන කොටස
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - තෙවන කොටස
පෙරේදා මා සිටියේ මැක්ලැරෙන් F1 වාහන සමාගම භුමියේ සීඑන්එන් ස්ටුඩියෝ එකේය. එහි CNN සමාගමේ "මේ ලොවින් එපිටට " යන රුපවාහිනී සමුඛ සාකච්චා වැඩ සටහන පටිගත කෙරුණි. මට එය නරඹන්නට අරාධනා කලේ රාජකීය තාරක විද්‍යා සංගමයයි. ඒ මා එහි සාමාජිකයකු හෙයිනි. එහි තේමාව "out of this world " "මේ ලොවින් එපිටට " යන්න මළවුන්ගේ ලෝකය ගැන නොවේ. පෘතුවියෙන් එහා ගමනක් ගැනය. අඟහරු ලොවට යාමට සැරසෙන කණ්ඩායමේ එක අයෙකුද එහි සමාගමේ සභාපතිද එහි විය. ඒ ගැන ඉදිරියේ දී ලිවීමට සිතමි.
එඩ්ගාර් කේසි පොත් කියවන මට "වේලයෙන් පිටු පස " කණ්ඩායමේ අයෙක් යෝජනා කල දෙයක් ඉමහත් කුතුහලයක් දැනවීය. ඒ සිල්වර් බර්ච් නමැති ආත්මවාදී ඇමෙරිකානු ආදී වාසි (රතු ඉන්දියානු) මිඩියම් ගැන කියවන ලෙසයි. මේ මිඩියම් වරු ගේ නම්ද අර මුල් වාසීන්ගේ (රතු ඉන්දියන්) නම් මෙන් අමුතුය. සුදු බර්ච් ගස ඔහුගේ නමයි. ඔහුගේම කටහඩින් දෙන රිඩින් (reading) හෙවත් මළවුන් ගේ කතා මෙතැන ඇසිය හැකිය.
"සුදු බර්ච් ගස" ගෙන්වන්නේ මොරිස් බබනෙල් නමැති මිඩියම් හෙවත් සිල්වර් ගේ මාධ්‍යය වශයෙන් කටයුතු කළ තැනැත්තායි. . සුදු බර්ච් කියන්නේ ඔහුට මාස්ටර්ලා හෙවත් ගුරුන් විස්තර සපයන බවය. කේසිට සියලු විස්තර දෙන්නේ කලින් සිටි වෛද්‍යවරයෙකු ගේ ආත්මයකි. සෘෂි වරයෙක්ද විය හැක. මේ විස්තර දෙන අය හඳුන්වන්නේ මාස්ටර් හෙවත් ගුරු හැටියටය. ඔවුන් විස්තර ගන්නේ මහා පුස්තකාලයක් වැනි තැනකිනි. ලෝකයේ ජිවත් වන හැමෝගේ ම විස්තර, බල්ලන්, බළලුන් ගේ පවා, එහි ඇත.
මම මේ ගැන අපේ කණ්ඩායමෙන් ඇසුවෙමි. මෙහිදී ලවුලෙන් ප්‍රකාශ කලේ ඇගේ මියගිය පියා ප්‍රථමයෙන් පෙනී සිටින බවත් ඔහු හරහා ඇය අනිකුත් අය ගෙන්වන බවත්ය. මෙහිදී මා කිවේ එසේනම් ඇය කථා කළේ මගේ පියාට නොවන බවයි. මගේ පියා දාන ශාලාවේ සිටි නිසා එය විස්තර කළ හැකි අතර ඇගේ පියා ඒ ගැන නොදන්නා බවද ඇය කීවාය.
ඉන්පසු මා කීවේ ඒ ඇගේ පියා නොව අර සිල්වර් බර්ච් හෝ කේසි කි ජාතියේ මාස්ටර් කෙනෙක් විය හැකි බවත් එසේ නැති නම් ලංකාවේ හාමුදුරුවරු කියන ආකාරයට භූතාත්ම, ප්‍රේතාත්ම විය හැකි බවත් කෙසේ නමුත්, මා ඒවා කිසි දිනෙක විශ්වාස නොකළ බවත්ය. ඇය හෝ අනිත් අය භූතාත්ම කතාවට එකඟ නොවූ අතර ඔවුන් කීවේ මේ මළ ගිය ආත්ම පෙන්නුම් කරන්නට උදව් දෙන අය හොඳ මිනිස් ජිවිත ගත කළ තමන්ට හොඳින් ජිවත් වීමට උපදෙස් දෙන සුපිරිසුදු ආත්ම බවයි. ඔවුන් ජිවත් වන්නේ අපට තලයක් දෙකින් උඩින් බවද ඔවුහු කීහ. (astral plane) එම තල මොනවාද යයි ඇසීමේදී එසේ තල හත අටක් ඇති අතර උඩට යන්නට යන්නට එම තලවල අය බලවත් බවද ඔවුහු කීහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ සිට කණ්ඩායමට ලොගින් වෙන ඩිව් නමැති පරීක්ෂකයෙක් හමුවිය. ඔහු සමග කුළුපග වීමේදී මම ඔහු සිටින තැන ගැන විස්තරයක් කලෙමි. ඒ මට එසේ කළ හැකි දැයි බලන්නටය. ඔහු සමග තවත් තැනැත්තෙක් සිටින බවත් ඔහු අත් කොට ටි ෂර්ට් එකක් ඇඳ සිටින බවත් පැවසුවෙමි. (මට එසේ පෙනුනේ සිතේ හැඳි රූපයක් මගිනි)
තවත් දිනෙකදී මගේ කාමරයේ නිවසක ඇති පින්තුරයක් ගැන සමන්තා නමැත්තියක් පැවසුවාය. එය ඇයට පෙනෙන අන්දමට මගේ බිරිඳ සුදු ඇඳුමක් ඇඳ සිටින අතර මා සිටින්නේ සිට ගෙනය. මේ කියන්නේ මම පලමු ලිපියේ දක්වා ඇති අපේ මංගල ඡායාරූපය ගැනය. පසුව දැනගත් පරිදි සමන්තා ගේ පියා හා පියාගේ පියා (සීයා) හා මව ජර්මන්ය. ඔවුන් මගේ ජර්මන් බිරිඳගේ ප්‍රාන්තයෙන් සංක්‍රමණය වූවන්ය. මේ සමන්තා පසුව කණ්ඩායමෙන් ඉවත්ව ගිය පළමු තැනැත්තියයි.
මගේ බිරිඳ මේ විස්තරයට කැමැත්ත පළ කලේ නැත. ඔවුන් අපේ නිවසට භූතයන් එවති යයි ඇය බිය පළ කළාය. එවැනි කිසිවක් සිදු නොවන බවත් ඔවුන් කිසියම් ආකාරයක මායාවක් (මැජික් එකක්) ක්‍රියාත්මක කරන බවත් පවසා ඇය අස්වැසුවෙමි.
මෙහිදී ලවුලෙන් ඇගේ ඉංගිසි ජාතික සම්භවය ගැන අපට පැවසුවාය. ඒ අනුව ඇගේ මිත්තණිය ලන්ඩනයේය. වඩා හොඳින් විමසා බලන විට ඇය පොන්ඩර්ස් එන්ඩ් නම් පෙදෙසේ ජිවත් වූ කෙනෙකි. ඒ කියන්නේ මා ජිවත් වන නිවසේ සිට කිලෝමීටර එකහමාරක් ඈතින් ඇති එන්ෆිල්ඩ් නගරයේම අනු කොටසකි. ලවුලෙන් කිවේ මේ සම්බන්ධකම් අහම්බයක් නොව එම සම්බන්ධකම් නිසාම සමහර විට ඇයට හා සමන්තා ට මේ විස්තර කිව හැකි බවය. මගේ අදහස වූයේ ලෝකය අපට ලොකුවට පෙනුනත් විශ්වයට අනුව කුඩා බවත් මේවා නිකම්ම නිකම් අහම්බයන් බවත්ය.
ලවුලන්ගේ සැමියා ගේ පියා යුගෝස්ලාවියාවේ (එවකට සමාජවාදී සමුහාණ්ඩුව) ස්ලොවේකියා රටේ බ්‍රට්‍රිස්වාලාවා නගරයෙන් කැනඩාවට සංක්‍රමණය වූ කෙනෙකි. ඒ කියන්නේ අගේ සැමියාට ස්ලෝවේකියන් කතා කළ හැකිය. අපේ නිවසට ඒ කාලයේ ළමයි බැලීමට පැමිණි නැනී ද ස්ලෝවේකියාවේ බ්‍රට්‍රිස්වාලාවා වල ඉපදුනු යුවතියකි. ලවුලෙන් මා හගිස්වන්නට මේ කරුණද භාවිතා කළාය.
සිල්වර් බර්ච් ගැන සොයද්දී මට හමුවුයේ හෙලේනා බ්ලවට්ස්කිය. මෙය මට මහත් පුදුමයට කරුණක් විය. ඒ මා බ්ලවට්ස්කි ගැන කලින් කියවා තිබීමයි. කොළඹ විශාඛා විදුහලේ උගත් මගේ සොයුරිය ළඟ කර්නල් ඕල්කට් තුමා, ඇනී බෙසන්ට් හා බ්ලවට්ස්කි ගේ පින්තුර රැගත් පොත් පිංචක් තිබුණි. එයට හේතුව ඕල්කට් හා බ්ලවට්ස්කි විසින් පිහිටවූ තියෝසොපිකල් සොසයිටි (දෙවියන් ගැන දැනුම හෝ පරම විඥාණාර්ථ සමාගම) මගින් බෞද්ධ විදුහල් වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ හා විශාඛා වැනි විදුහල් පිහිටුවීමයි.
හෙලේනා පෙත්රෝව්නා බ්ලවට්ස්කි යනු රුසියානු රදළ (aristocratic) කාන්තාවකි . ඇගේ පියා රුසියානු හමුදාවේ සේවය කළ ජර්මන් රදළ සෙන්පතියෙකි. මවද රුසියානු රදළ කාන්තාවකි. හෙලේනා බ්ලවට්ස්කි මිඩියම් කෙනෙකි. ඇය සම්බන්ධ කරගන්නා මළගිය මාස්ටර් ලාගේ නම් වන්නේ මොර්යා හා කුට් හූමිය. මොවුන් කව්දැයි ඇයවත් දන්නේ නැත. කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට් යනු ඇගේ මිතුරෙකි. සැකෙවින් කතා ව කියතොත් මලගිය ලෝකයේ මාස්ටර් ලා විසින් දේව සභාවක් ගැන කියා තිබේ. ඈත පෙරදිග රටක සත්‍යය සොයා ඔවුන් යා යුතු බවත් ඔවුන් සත්‍යය වටහා ගන්නා බවත් පවසා ඇත. ඕල්කට් හා හෙලේනා දෙදෙනාම ඉන්දියාව බලා නැව් නැගුනහ. එහි අර්ද්‍යා නගරයේ තම සංගමයේ මුලස්ථානය පිහිටුවා ගත් ඔවුන් දෙදෙනා ආර්ය සමාජය නම් සංවිධානයක් ගොඩ නැගුහ. එහිදී බෞද්ධාගම වැළඳ ගත් මුල්ම බටහිරයන් වුයේද ඔවුන්ය.
පසුව ලංකාවට (ceylon) පැමිණ බෞද්ධ පුනරුදයක් ඇති කරන්නට අනගාරික ධර්මපාල තුමාට උදව් කළේත්, බෞද්ධ පාසැල් පිහිටුවන්නට ජෙරමියෙස් ඩයස්, ඇනි බෙසන්ට් ආදීන්ට උදව් කළේත් මොවුන්ය.
මේ අනුව වර්තමාන ලංකාවේ බුද්ධාගම පිහිටුවා ඇත්තේ බටහිරයන් දෙදෙනෙකුට මළවුන් කියූ සාස්තරයකටය. එනම් භූතයන් හා ප්‍රේතයන්ට විරුද්ධ හාමුදුරුවරුන්ගේ ඒ මුළු ආගම ම පිහිටුවන්නට උදව් කල දෙදෙනා භූතයන්ගෙන් අවවාද ගත් යයි. එසේ නැත්නම් මේ භූතයන් ගෙන් ලද නියෝගයක් නොව ආනන්ද මෛත්‍රය හිමි කියන ආකාරයට දේව සභාවකින් ලත් නියෝගයක්ය. ආනන්දය, නාලන්දය ආදී විද්‍යාල පිහිටුවන්නට උපදෙස් දෙන්නට ඇත්තේද මළවුන් යයි මෙහිදී සැක ඇතිවේ. කෙසේ වුවද එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවට වූවේ හොඳකි. ආචාර්ය නලින් ද සිල්වා මහතා බටහිර බුදු දහමට මෙතරම් බැන වදින්නේ සමහර විට මේ නිසා විය යුතුය.
මට වැටහෙන ලෙසට ක්‍රි ව. 217 වට්ටගාමිණී අභය රජු විසින් පිහිටුවන ලද අභයගිරි විහාරය පැවති සමයේ දී ශ්‍රී ලංකාවේ නියම බුදු දහම පැවතුනි. මහාවිහාර අභයගිරි ප්‍රශ්නය මත බෙදී වෙන්වී පසුව සොළින් විසින් විනාශ කරන ලද අභයගිරි විහාරය මහායානික බුදු දහමේ මුලස්ථානයකි.
මේ වන විට 2007 වසර වූ අතර මම මෙහිදී මේ සියල්ල තනිකරම මායාවක් බව ලවුලෙන් ට පැවසුවෙමි. මා ලංකාවේදී මේ දේව සභා කතා කවදාවත් විශ්වාස නොකළ බවද පැවසුවෙමි.
මෙහිදී තවත් අයෙකු පැහැදිලි කිරීමක් කරන්නට ඉදිරිපත් විය. මේ තැනැත්තා ගේ යහළුවා වා ජේම්ස් ****** මරා දමා ඇත්තේ ඔහු කියන ආකාරයට ඇමෙරිකන් ඔත්තු සේවා මගිනි. ඒ මැද පෙරදිග තෙල් වලට විරුද්ධ යමක් ඔහු සොයා ගෙන ඇති නිසා බව කීය. ඔහු මරා දමා ඇත්තේ පොටෑසියම් ක්ලෝරයිඩ් ඉන්ජෙක්ෂන් එකක් ගසා කෘත්‍රිම හෘදයාබාධයක් සාදවාය. එහිදී පොටෑසියම් දිය වෙන නිසා මරණ පරීක්ෂණයක දී සොයා ගැනීමට නොහැකිය. මේ යහළුවා සිරින්ජය සොයාගෙන තිබේ. එදා සිට ඔහු ජිවත් වන්නේ හොරෙන්ය.
එසේම ඔහු පැවසුවේ, ඔහු එම රහස් ඔත්තු සේවාවේ රිමෝට් (remote viewing) බැලීම වැඩ සටහනේ සිටි බවයි. ඔවුන්ගේ කාර්යය වුයේ මැද පෙරදිග ආදී ඇමෙරිකානු හමුදා ඇති පෙදෙස් දෙස සිතෙන් බැලිය හැකිද යන්න සොයා බැලීමයි. එම වැඩ සටහන පසුව නවතා දැමුවාක් බවද ඔහු කියා සිටියේය.
මෙය මා යහලුවෙකුට පැවසුවෙමි. ඔහුගේ අදහස වුයේ මේ කණ්ඩායමම රහස් ඔත්තු කරුවන් විය හැකි බවත් ඔවුන් මගේ චිස්තර මුලින් සොයා බලා පසුව මා පුදුමයට පත් කරන්නට ඒවා කියන බවත්ය. මේ සිද්ධීන් එසේ විය නොහැකි යයි කියා ඉවත දැමුවෙමි. ඔවුන්ට එසේ කිරීමට හේතුවක් නැත.
මම මෙයින් පසු කණ්ඩායමෙන් ඉවත්ව යාමට සැරසී සිටියෙමි. මේ කාලයේ මගේ ලංකාවේ මිතුරා වෛද්‍ය බ්‍රයන් වයිස් ගැන කියවන ලෙස දැන්විය. ඔහුගේ many lives many masters ආදී පොත් සියල්ල මා ළඟ තිබේ. යුදෙව් වෛද්‍යවරයෙකු වන ඔහු පුනරුත්පත්තිය විශ්වාස කරයි. past life regression (අතීත භව වලට යාම) නමැති මෝහන ක්‍රමයකින් අතීත පුනර්භාවයන් ගැන කියන බව කියති. ඔහු ලන්ඩනයට නිතර පැමිණෙන මුත් මට ඔහු ගේ සම්මන්ත්‍රණයකට යාමට නොහැකි විනි.
වයිස් ගේ පොත්ද කියවූ නමුත් මගේ අදහස් දැඩි ලෙස වෙනස් කරන්නට ඒවාට නොහැකි විය. මේ වන විට වසර 2008 ද එළඹ තිබුණි. ලවුලන් ගේ අන්තිම රිඩින් එක හෙවත් කියැවීම ලැබුනේ මේ දිනවලය. මේ වනවිට ඇය මුදලට මෙසේ මළවුන් ගෙන්වීම ද අරඹා තිබුණි.
~ මතු සම්බන්ධයි.
සිල්වර් බර්ච් - http://www.silverbirchpublishing.co.uk/page.asp?pageid=3
ඔහුගේ කටහඬ - https://www.youtube.com/watch?v=3aFtkVRrizU
ඇමෙරිකානු මුල් වැසියන් වන මීඩියම් ලා ගේ නම්: http://whitecrowbooks.com/michaeltymn/entry/why_red_indians_so_often_control_mediums
හෙලේනා බ්ලවට්ස්කි - https://en.wikipedia.org/wiki/Helena_Blavatsky
http://www.magickalmind.com/blavatsky.htm
(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත. එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන් ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින් ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

සිල්වර් බර්ච් |

ඩිව් කිවේ ඒ ඔහුගේ සහෝදරයා බවය. ඔවුන් දෙදෙනාම මේ සාකච්චාවට උනන්දුවක් දක්වන බවය. පසුව විස්තර සොයා බලන විට දැන ගන්නට ලැබුනේ ඩිව් ගේ සහෝදරයා රාජකීය විද්‍යාලයේ මගේම ඒලෙවල් පන්තියේ උගත් මිතුරකු බවය. ඔවුන් රෝමානු කතෝලිකයන්ය. රෝමානු කතෝලික අය මෙවැනි දේ විශ්වාස කරන බව දැන ගැනීමම මට පුදුමයක් බව කීවෙමි.
ඩිව් ගේ සහෝදරයා වන මගේ පන්ති මිතුරා මට ශ්‍රී ලංකාවෙන් පොත් තුනක් එවීය. ශ්‍රී ලංකාවේ බෞද්ධ කාන්තාවක් රෝමානු කතෝලිකයකු වන කෙනත් සමහ විවාහ වී සිට ඇත. ඔවුන් අවුරුදු 30 පමණ එකට ජිවත් වූ පසු ඔහු හදිසියේම මිය ගියේය. ඇය ඔහුගේ මරණයට තමන් වග කිව යුතු යයි සිතූ තැනැත්තියකි. ඇය අලෝමා නමැති මිඩියම් කෙනෙකු හමුවුණු පසු, මියගිය කෙනත් ඇය හරහා කතා කර ඇත. මේ කාන්තාව (රානි) ඉන්පසු ඒවා පළ කර ඇත. එම පොත් තුන නම් - Beyond the veil, Lead me to the Real, Death is not the end යන ඒවාය. කෙනත් නමැති මියගිය තැනැත්තා ද ආලෝකයක් ගැන කතා කරන අතර මාස්ටර් ලා ගැනද විස්තර කරන බව ඔහුගේ බිරිඳ ලියු පොත් වල තිබේ.
ශ්‍රී ලංකාවේ බෞද්ධ, හින්දු , රෝමානු කතෝලික හා මුස්ලිම් ජනතාව ගෙන් සමහරු මේ මළවුන් ගෙන්වීම් විශ්වාස කරති. මුස්ලිම් වරුන්ගේ ෂියා නිකාය ඒවා තදින් විශ්වාස කරති.

පසුව ශ්‍රී ලංකාවට ගිය මා ඔවුන් දෙදෙනාම මුණ ගැසුනෙමි. මගේ මිතුරාට බුදු දහම ගැන හොඳ දැනුමක් තිබේ, අපි පන්සල් ගිය අවස්ථාවල ඒවා ගැන බොහෝ විස්තර මගේ බිරිඳට කියා දුන්නේ ඔහුය. මා මේ ලිපිය ඔවුන් දෙදෙනාටම යවන අතර ඔවුන්ට මා වැරදි යමක් කියා ඇත්නම් නිවැරදි කළ හැකිය.