විතානගේ ගේ පියා
පසුගිය ලිපියේ සඳහන් චන්ද්‍රජිත් විතානගේ සහෝ ගැනද යමක් ලිවිය යුතුය. නව සම සමාජ පක්ෂයේ සාමාජිකයකු වූ ඔහු 1984 සෝවියට් දේශයට ආ කණ්ඩායමේ විය. ඔහු පැමිණියේ මා දන්නා පරිදි මිත්‍රත්ව සංගමය හරහාය. ඔහු උගත්තේ දනියෙත්ස්ක් නගරයේය.
ඔහුගේ පියා හොරණ විදුහලක විදුහල්පතිවරයකුව සිටි වාමාංශික දේශපාලනය කල අයෙකි. වසර 1980 දී කල වැඩ වර්ජනයේ දී රැකියාව අහිමි විය. 1988 දී පමණ ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යයි සැලකෙන දෙදෙනෙක් ඔහුට වෙඩි තබා මරා දමන ලදී. ඔහුගේ මිනිය දණිහින් පහලට පමණක් ඔසවා ගෙන යා යුතුයි නීතියක් ද පැනවිණි. විතානගේ ගුරුතුමා වනාහි නිර්භීත ශ්‍රේෂ්ඨ වාමාංශික ක්‍රියාධරයෙකි.
පියාගේඅවමඟුල් උළෙලට සහභාගී වීමට යන විතානගේ සමග සෝවියට් දේශයේ මොස්කව් හි ශේරෙමිතෝවා ගුවන් තොටට ගිය අය අතර මමද වීමි. අවමඟුලෙන් පසුව නැවත රුසියාවට පැමිණි විතානගේ මට කිවූ කරුණක් වන්නේ ඔවුන් දේ.ජ.ව්‍ය. අණ නොතකා පියාගේ දෙන කර මතින් තබා ගෙන ගිය බවයි. එසේම ඒ කාලයේ දී එම තරුණයන්ට විරුද්ධව රජය දුන් අවි ආයුධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කල නියම මානවවාදියකු වන වික්‍රමබහු කරුණාරත්න මහතාට ද මගේ ප්‍රසාදය හිමිවේ.
සෝවියට් දේශය ගැන යම් ප්‍රකාශයක් කළොත් "මං පොර" ලා හැටියට අපව සලකන පොල්කට්ටක් ඇතුලේ සිරවී සිටින ජවිපෙට හිතවත් වජිර යාපා වැන්නවුන් මේවාට කියන්නේ මොනවාද යන්න ගැන දැන ගැනීමට කැමැත්තෙමි. (මෙහිදී මවිසින් එවකට පැවති යුඑන්පී රජය මගින් වධ බන්ධන පමුණුවා තරුණයන් මරා දැමීම සාධාරණය කිරීමක් නොකෙරේ. අනුර කුමාර දිසානායක මහතා තම ශෝකය හා කම්පනය ඒ පිළිබඳව ප්‍රකාශ කළ බව දනිමි. සමාව ඉල්ලනවාට වඩා කල යුතුව තිබුනේ පක්ෂය තුල ඒ ගැන අවංක සාකච්ඡාවක් ගෙන යාමය. බාගෙට දන්නා යාපලා බිහිවන්නේ එසේ නොකළ බැවිනි.) අවම වශයෙන් ජවිපෙ දේශපාලනය සහ සෝවියට් දේශපාලනය එකක් නොව දෙකක් බවත් විජේවීර මහතා සෝවියට් දේශය ධනවාදයට පා නගතියි කියා එය හෙළා දුටු බවත් ඔවුහු නොදනිති.
සෝවියට් ශිෂ්‍යත්ව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය
පසුගිය අවුරුද්දේ මාර්තු මස මගේ "පොල්කට්ටෙන් එපිටට " පොත එලි දැක්වීමේදී මම කිසියම් කරුණක් සඳහන් කලෙමි. ඒ සෝවියට් ශිෂ්‍යත්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට රටකින් එම සංවිධානයට ගෙවිය යුතු වූ සාමාජික මුදල් හා බැඳී තිබුණු බවයි.
මා එය දැන ගත්තේ කෙසේද යන්න මෙහි පැහැදිලි කරමි.
කොළඹ රාජකීය විදුහලේ උගත් සිසුවෙක් විදුලි ඉංජිනේරුවකු වීමට ට මා උගත් මොස්කව් බලශක්තිය පිලිබඳ තාක්ෂණික විශ්ව විද්‍යාලයට පැමිණියේය. මෙය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය හා බැඳී තිබුණකි. රාජකීය විදුහලේ සිටි කල නිතර දබර වලට පැටලී සිටි අයෙකු ලෙස මම ඔහු ගැන දැන සිටියෙමි. ඔහු මගේ වසරේ අයෙක් වුවත් රුසියාවට පැමිණියේ තෙවන වරත් උසස් පෙළ විභාගයට පෙනී සිටිය. එවිට මම තෙවන වසරේ උගනිමින් සිටියෙමි. සමස්ත සෝවියට් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වරයා ලෙස කටයුතු කලේද මේ අවධියේ බව මට මතකය. (මේ සිද්ධිය මිට පසුව වූවාද විය හැකිය.) එසේම මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා සිසුන් සංගමයේ ද ලේකම් වී සිටියෙමි. (සෝවියට් ක්‍රමයට අනුව සංගමයක බලවත් පුද්ගලයා ලේකම්ය. සභාපති පත් කරන්නේ දවසකට පමණි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් මෙනි).
ඔහු විදුහලේදී මෙන් නොව විශ්ව විද්‍යාලයේදී හොඳ තැනැත්තෙකු විය. මම ඔහු රැගෙන මගේ රුසියන් මිතුරු මිතුරියන් ගේ නිවෙස් වල පවා ගියෙමි. වරක් මට බීමත් රුසියන් ජාතිකයෙකු පහර දීමට එද්දී ඔහු වහා ඉදිරියට පැන මා බේරා ගත්තේය. ඔහුට කිසියම් මානසික ප්‍රශ්නයක් තිබුණි. මෙය මානසික රෝගයක් දක්වා පසුව උත්සන්න වී විශ්ව විද්‍යාලයෙන් මානසික රෝහලක නතර කර ප්‍රතිකාර (විදුලිය ඇල්ලීම වැනි) කරන ලදී. නමුත් පසුව සිදුවූ කිසියම් සිද්ධියකි මාලාවකින් පසුව ඔහු ගේ ශිෂ්‍ය භාවය තහනම් කර ඔහුට ශ්‍රී ලංකාවට නැවත යාමට අණ කෙරුණි.
මුලදී ඔහු එය නවත්වා ගැනීමට ඔහු හොඳින් හඳුනන විදේශික ශිෂ්‍යයන් සඳහා වන පීඨාධිපතිවරිය වන දෙනිසෝවා සමග තැත් කලමුත් එසේ කළ නොහැකි විය. ඉන්පසු මා කරා පැමිණි මුත් මුලදී මට එය කල නොහැකි යයි කීවෙමි. පසුව ඔහු ශ්‍රී ලංකා කොපයට සම්බන්ධ සිසුන්ද පසුව හමුවී තිබුණි. පසන් කොඩිකාර, මහින්ද, රෝහණ ලක්ෂමන්, ටියුඩර් ද මේ පිරිස අතර වී යයි ඔහු කීවේය. ඔවුන් ඔහුට කියා තිබුනේ කෙසේ හෝ අජිත්ටම කරදර කර නැවත ශිෂ්‍ය භාවය පිහිටුවා ගන්නා ලෙසයි. මේ නිසා ඔහු මගේ කාමරයටම වී කරදර කරන්නට විය. පසුව මා වී.වී. දේශන වල සිටියදී එහිද පැමිණ ඉවතට කැඳවා ගෙන පැය ගණන් කතා කරමින් තම දුක් ගැනවිල්ල කියන්නට විය.
අන්තිමේදී මා කලේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්මාකොව් නමැති නිලධාරියා හමුවීමයි. ඒ නිලධරයා ලඟට යනවිට රොත්මන්, මාල්බරෝ වැනි සිගරට් 20-30 පෙට්ටියක්, හොඳ විස්කි හෝ වෙනත් විදේශික මත්පැන් බෝතලයක් වැනි දේ රැගෙන යා යුතුය. නැත්නම් පැත්ත බලන්නේ නැත. අර සිසුවාට මුදල් නැති හෙයින් මගේ වියදමින් එයද රැගෙන ගියෙමි. වැඩේ බලන්නම් කී ශ්මාකොව් සතියකට පසු මා ගියවිට සිසුවාගේ ශිෂ්‍ය භාවය නැවත පිහිටවීම කළ නොහැකි බවයි. අපේ විශ්වවිද්‍යාලයටම යන ලෙස ඔහු මට දැන්වීය.
අපේ විශ්වවිද්‍යාලයට මොස්කව් වල ඉහළ පිළිගැනීමක් තිබුණු එකකි. එහි කොමියුනිස්ට් පක්ෂ බලධරයන් තරමක ස්වාධීනත්වයක් භුක්ති වින්දේය. මේ නිසා මා කළේ විදේශික සිසුන් පිලිබඳ උප කුලපති හමුවීමට යාමයි. මේ උපකුලපති කේජිබී එක සමග කෙලින්ම සම්බන්ධකම් ඇති තැනැත්තා ලෙස හැමෝම දැන සිටියහ. විදේශික ශිෂ්‍යයන්ගේ තොරතුරු සෙවීම ඔහුගේ එක කාර්යයයක් විය.
ඔහු මට පැවසුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට යන ලෙසයි.යුනෙස්කෝව පිහිටා තිබුනේ පාර්ක් කුල්තුරි යන ස්ථානයේය. UNDP එක තවත් කොහෙද තැනකය. යූඑන් එකට යන්නේ කුමට ද යන්න මට මහා විමතියක් විය. එහිදී ඔහු කීවේ සෝවියට් දේශය වසරකට අති විශාල මුදලක් ගාස්තු වශයෙන් ඩොලර් වලින් (hard currency හෙවත් රුසියානු භාෂාවෙන් "වැල්යුති" ) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු බවත් සිසුන්ට දෙන ශිෂ්‍යත්ව ඉන් කොටසක් බවත්ය. එනිසා අවසන් කර යන සිසුන්, අස්වෙන සිසුන් ආදීන් ගේ සමස්ත සංඛ්‍යාව ගැන රුසියන් අධ්‍යාපන අමාත්‍යංශය, ඔවුන්ටත් අදාළ රටේ තානාපති කාර්යාලයටත් දන්වන බවය. මේ අනුව සිසුවකු ගේ සුභ සාධනය ගැන අදාළ රටේ තානාපති කාර්යාලයට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ද වගකීමක් තිබෙන බව ඔහු කීවේය. ලංකාවේ තානාපති කාර්යාලයට ගොස් වැඩක් නැති බව මම අත්දැකීමෙන්ම දන්නෙමි.
ඔහු කී කතාව මට ඒත්තු යාමට හේතු දෙකක් විය. පළමුවැන්න නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු ගැන සෝවියට් දේශයේ එතරම් පැහැදීමක් තිබුනේ නැත. දැන් NGO ගැන කියන්නාක් මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇමෙරිකන් හොරණෑවක් යයි පතුරු ගැසීම ප්‍රව්දා වැනි පුවත්පත් මගින් කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයට එදා මෙන්ම අදද වැඩිම මුදල් ප්‍රමාණයක් ගෙවන්නේ එක්සත් ජනපදයයි. එ.ජා. සංවිධානයේ නිලධරයන් මුදල් නාස්ති කරතියි යන්නද නිතර නැගුනු චෝදනාවක් විය.
දෙවන හේතුව වන්නේ සෝවියට් දේශයට වැලුති හෙවත් හාර්ඩ් කරන්සි (ඩොලර්, පවුම්, ජර්මන් මාක්) හිඟවීමයි. ඔවුන්ට ඒවා ලැබුනේ තෙල් විකිණීමෙන් හා අමුද්‍රව්‍ය, දියමන්ති ආදිය විකිණීමෙන් පමණි. රටට අවශ්‍ය දේ මිලදී ගන්නට මිස වෙනත් දෙයට එම මුදල් යෙදවීමට ඔවුහු කැමති නොවූහ.
මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට උදව්වක් ලෙසින් මුලදී පටන්ගත් ශිෂ්‍යත්ව දීම සාර්ථක ලෙස UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ අනුව රටවල් වල අධ්‍යාපන අමාත්‍යංශ සමග ගිවිසුම් ඇතිකර නිත්‍යානුකූල ලෙස සෝවියට් ශිෂ්‍යත්ව දීම ඇරඹි තිබේ.
මින් සෝවියට් ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන නොගත්තේ යයි කියන අදහස මතුවන්නේ නැත. මොන මුදල ගෙව්වත් ඒවායේ සෝවියට් ජනතාවගේ දහදිය හා කඳුළු ගැබ්ව තිබේ. එනිසා එසේ සිසුන් යැවු රටවල් මෙන්ම උගත් සිසුන්ද සෝවියට් ජනතාවගේ කැප කිරීම නිදහස් අධ්‍යාපනය ලබාදීම ගැන ස්තුතිවන්ත විය යුතුය.
නමුත් මෙයත් සෝවියට් දේශපාලන ක්‍රමය ගැන කතා කිරීමත් සමග පටලවා ගත යුතු නැත.
කෙසේ හෝ කිසිවෙක් මේ ගැන දැන සිටියේ නැති අතර අර සිසුවාගේ ප්‍රශ්නයේ සංවේදී බව නිසා මට මෙය කා හටවත් කිව නොහැකි විය. ඔය කියන ස්ථාන ගැන සොයා ගැනීමට නොහැකි නිසා මම කේජිබි උප කුලපති හමුවීමට නැවත ගියෙමි. "ඔහේ කරදරයක් වුනානේ " යයි මැසිවිලි කී ඔහු ෆයිල් එකක් දෙකානාත් නමැති සිසුන් පිලිබඳ කාර්යාලයෙන් ගෙන්වා ගති.
එහි විශ්ව විද්‍යාලයේ උගන්නා සියලු ලාංකික සිසුන් ගේ නම් තිබු අතර නාමාවලිය බලමින් "ගොස් - ගොස්" යයි කියාගෙන ගොස් අර කි සිසුවාගේ නම ඉදිරියේ නතරවුනේය. ඔහු "ගොස්" යනුවෙන් කිවේ රුසියානු භාෂාවෙන් ගසුදාර්ස්ත්වා හෙවත් රජය යන්න මට වැටහුණි. ඒ කියන්නේ රජය හරහා පැමිණි යන්න බවය. ඉන්පසු ඔහු කීවේ අස් කල සිසුවා පැමිණ ඇත්තේ මිත්‍ර සංගමයෙන් බවය. (එහි නිත්‍යානුකූල නම වොක්ස් හෙවත් විදේශීය සංස්කෘතික සම්බන්ධකම් සඳහා වන සමස්ත සෝවියට් සංගමයයි) තමන් මට වැරදි උපදෙසක් දුන් බව කී ඔහු සිසුවා ගේ අස්කිරීම අවලංගු කර ගැනීමට මිත්‍ර සංගම් කාර්යාලයට යන ලෙස කිවේය. මේ නිලධාරියා බොරුවක් කර මා කඩේ යැව්වාදැයි කුකුසක් මගේ සිතේ පහල විය. ඉහත කි සංස්කෘතික සංගමයට සංස්කෘතික මන්දිර පවත්වා ගෙන යාමට හා අවුරුද පතා විශාල මුදලක් සෝවියට් සංගමය විසින් වෙන් කරන ලදී. ශිෂ්‍යත්ව සුළු සංඛ්‍යාවක් දීමද එයට අයත්ව තිබුණි.
මා කලේ මේ බව වටින් ගොඩින් තහවුරු කරගෙන අර සිසුවා ගෙන්ද ඇසීමයි. මුලින් එය ප්‍රතික්ෂේප කල ඔහු පසුව එය සත්‍යයක් බව පිළිගත්තේය. ඔහුගේ පියා වාමාංශික වෘත්තීය සමිතියක සිටි නයුවෙකි. මේ නිසා මා කළේ මිත්‍ර සංගම් කාර්යාලයට යෑමයි. එහි සිසුන් බාරව සිටියේ ඉතා තඩි , මහත, නෙරා ඇති බඩක් සහිත පුද්ගලයෙකි. ඔහු දුටු විගස මට මතකයට නැගුනේ අර ඕර්වෙල් ගේ "සත්ව ගොවිපල" පොතේ ඌරන් සමූහයය. ඔහු මට පෙනෙන්නට මෙන් විදේශික හවානා වැනි සිගාර් එකක් උරමින් පැමිණියේය. මා ඔහුට අල්ලස පිණිස කිසිවක් රැගෙන ගියේ නැති එකට අමනාපයෙන් මෙන් කතා කල ඔහු සිසුවාගේ විස්තර උඩින් පල්ලෙන් බලා "මෙයී" (මෙය අපේ විශ්ව විද්‍යාලයට කියන කෙටි නමයි) එකේ වැඩට ඇඟිලි ගහන්නට බැහැ යයි කීවේය. ඉන්පසු ආ ලෙසින්ම අහංකාර ලෙස ඇතුලට ගියේය.
මම ඉන්පසු නිහඬව සිටියෙමි. අර සිසුවාද ශ්‍රී ලංකාවට යැවුනි. ඔහු ගියේ මා ඔහු වෙනුවෙන් කටයුතු නොකළැයි මා සමග තබාගත් වෛරයකින් යුක්තව යයි ඔහුගේ යහළුවෙකු පසුව කීවේය. මට කළ හැකි දෙයක් තිබුනේ නැත. අර කේජිබි උප කුලපතිට එය නැවැත්විය හැකිව තිබුනත් එය නොකළ ඔහු ඔහු මට පසුව කී පරිදි "සිසුවා " සුව කල නොහැකි අයෙකි. අද වෙන තුරුත් මා මෙය කිසිවකුට කීවේද නැත.
මගේ පොත එළි දක්වන දිනයේ මා සරදමකට මෙන් පැවසුවේ විජේවීර මහතා මේ බව දැන සිටියානම් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් ගේ කාර්යාලයට ගොස් පැමිණිලි කර තමන් ගේ වීසා අවලංගුව සාදා ගැනීමට තිබු බවයි. එසේ නම් සමහර විට ලංකාවේ ඉතිහාසයද වෙනස් වන්නට තිබූ බවයි. ඇත්ත වශයෙන්ම විජේවීර මහතා ගියේ කොපය හරහා නම් ඔහු මිත්‍ර සංගම් ආධාර යටතේ ගිය අයෙකු වන්නටද ඉඩ තිබිණි.
මා පසුව මේ ගැන විස්තර සෙවූ මුත් මේ කතාව සනාථ කරන කිසිදු රාජ්‍ය ලේඛනයක් මා සතුව නැති බවද කිව යුතුය. නමුත් ඉන්පසු මට හමුවූ සෝවියට් දේශයේ ගුරු භවතුන් කිහිප දෙනෙකුම මේ කතාව සනාථ කළහ.
ශ්‍රී ලංකාවේ ඇති අධ්‍යයන පොදු සහතික පෙළ උසස් පෙළ විභාගය යනු බොහෝ විට කට පාඩම් කර මෙන්ම ගණිත ගැටළු විසඳීම් ආදිය මතකයේ තබාගෙන පිළිතුරු දිය යුතු විභාගයකි. එය සමත් වන අය අනිවාර්යයෙන්ම දක්ෂය. නමුත් මේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට යාමට ඔන්න මෙන්න තියා අඩු ලකුණු ගත් ඕනෑම අයෙකු ඉන් ජිවිතයේ අනිත් කටයුතු වලදී අදක්ෂයෙකු වේ යයි ඉන් කියවෙන්නේද නැත. එසේම වෙනත් විභාග පසු කලෙක සමත් නොවන්නේ යයිද කිව නොහැක.
එසේම එම විභාගය අසමත් හා ඉතා අඩු ලකුණු ගත් අය අදක්ෂයන් යයි ඉන් කියවෙන්නේද නැත. රාජකීය විදුහලේ රගර් ක්‍රීඩකයෙකු පසු කලෙක එංගලන්තයේ අපොස උසස් පෙළ සමත්ව වෛද්‍යවරයෙකු වුනු බව මම දනිමි. එනිසා කිසිවකු කොහෙන්ද ආවේද උසස් පෙළ සමත්ද යන ප්‍රශ්නය මා කිසි දිනක කාගෙන් වත් ඇසුවේ නැත. ඊට වඩා වැදගත් වන්නේ පිටරට සිටින අප සැවොම සමග ගොඩ නගා ගන්නා යහපත් මානුෂික සම්බන්ධතාවයයි. මට නොයෙක් රටවලින් ඉතා හොඳ මිතුරු මිතුරියන් රැසක් සිටි අතර සෝවියට් දේශයේ ඒ ගත කල කාලය ගැන අදත් ඉතා හෘදයන්ගමව සතුටින් සිහි කරමි.
මූලාශ්‍ර :
1. මේ නිව්යෝර්ක් ටයිම්ස් ලිපියේ සඳහන් වන්නේ සෝවියට් සංගමය ඩොලර් මිලියන් 197 පමන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතුව තිබුණු බවයි.
2. එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට රටවලින් ගෙවන මුදල් (දැන්)
3. ඉහත පින්තුරය උපුටා ගත්තේ ලන්කාවෙබ් අඩවියට ධර්මන් වික්‍රමරත්න මහතා ලියු ලිපියකිනි.

මොස්කව් බලශක්තිය පිලිබඳ තාක්ෂණික විශ්ව විද්‍යාලය (පින්තුරය මගේය) |