Friday 17 March 2017

බ්ලොග් සම්මාන උළෙල 2016 වසර සඳහා නිර්දේශ:

පහත සඳහන් බ්ලොග් අඩවි 2016 වසර සඳහා නිර්දේශ වී තිබෙන බව නෙළුම් යාය සංවිධායකයන් දන්වා එවා  ඇත.  යොමුව .  මෙහි පල කර ඇත්තේ නිර්දේශ වූ බ්ලොග් අතරින් මුල් පහ පමණි. මේ ස්ථාන පහෙන්  සම්මාන  පිරි නැමෙනුයේ තෝරාගත් බ්ලොග් අඩවි තුනකට පමණි.අදාළ අංශය සඳහා වන එම බ්ලොග් අඩවි තුන මාර්තු 25 වනදා සම්මාන උළෙලේදී ප්‍රකාශයට පත් කරනු ලැබේ.  ඔබ සම්මානය ප්‍රතික්ෂේප කරන්නේ නම් කරුණාකර editor@nelumyaya.com ලිපිනයට හෝ මෙහි ප්‍රතිචාරයක් මගින් දැන්විය හැකිය.   ඔබට සම්මාන උළෙලට සහභාගී වීමට නොහැකි නම් ඒ බවද දන්වන ලෙස සංවිධායකයන් ඉල්ලා සිටි

1 අතීතකාම

 http://pokuruwahi.blogspot.com/2016/08/2.html අප්පච්චිගේ වී මෝල  

 http://ambalangodakatha.blogspot.com/2016/06/blog-post_14.html ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්.. (කොටස් 1 සහ 2 ම) 

 http://transyl2014.blogspot.com/2016/10/blog-post_29.html කුඩා මිනිසා 

 https://kolompure.blogspot.com/2016/12/my-santa-claus.html  මගේ සැන්ටා ක්ලෝස් 


 http://thilakasitha.blogspot.co.uk/2016/01/blog-post_14.html! අපේ ගෙදර ආ මහගම සේකර 

2. අධ්‍යාපනික


අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය !


https://ahasenenna.blogspot.co.uk/2016/09/blog-post.html ලොව නොදකින දෑසක්, ලොව දැකීම 
http://sinhalabloggala.blogspot.com/2016/05/4.html  මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය

“දරුවා‍ වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්” මහේෂ් නිශාන්ත දරුවා‍ වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්






3.ඉතිහාසය

http://vidya-gaweshana.blogspot.co.uk/2016/06/blog-post_8.html අපේ සැඟවුණු තාක්ශණය




https://kolompure.blogspot.com/2016/08/blog-post_14.html   ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය

http://dasathasarisara.blogspot.com/2016/06/blog-post.html  හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම- වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර

 https://wasithaya.blogspot.com/2016/11/blog-post_11.html?m=1  කුකුළාගේ ණය ගෙවාදමන්න 

4. කාලින සංවාද

http://ansathudinapotha.blogspot.com/2016/10/blog-post_28.html මරේ වත්තේ හෝටලේ සිරිපාදේට

ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව රෝමාන්තික රස්තියාදුකරයා 

https://kochchimiris.blogspot.co.uk/2016/11/blog-post_28.html  සත්‍යාගාරයේ පච වූ සුමනදාස, හොර කේන්දරකාරයෝ, නොස්ට්‍රදාමුස් සහ ආසිරිගේ පාන්

 පොත් කියවීම සහ පොත් ඇහීම    - http://littleflowerbuds.blogspot.com/2016/09/115.html 

http://padanguwa.blogspot.com/2016/04/blog-post.html    විල්පත්තු ගියෙමි.. දුටුවෙමි...කලකිරුණෙමි


5. කෙටි කථා
http://wewismatha.blogspot.com/2016/11/blog-post.html  ඒකිත් ගෑණියක්

https://dumimda.blogspot.co.uk/2016/06/blog-post_28.html  සුදු අරලිය මල් පොකුරක්

ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම



6. දේශපාලන
https://sudukukula.blogspot.co.uk/2016/06/blog-post_87.html  සෝමවංස මැරුණේ නැත.

http://uduwaage.blogspot.com/2016/10/blog-post_13.html   මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද

http://www.w3lanka.com/2016/10/blog-post_15.html මෛත්‍රී, රනිල්, පොරොන්දු වූ දේ කර පව් නො දී ගෙදර යනු!

https://bitternight.blogspot.co.uk/2016/11/blog-post_10.html යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම -මරණයේ මාසය


http://rivharapinnaduwa.blogspot.co.uk/2016/11/blog-post.html සයිටම් ජාතිවාදියෝ
http://sudukukula.blogspot.ae/2016/12/blog-post_27.html  විජේවීරට අභියෝග කළ මස්සිනා

7. පරිවර්තන

http://apeahasa.blogspot.com/2016/06/705-1.html  ෆෙඩෙක්ස් හි ජීවිත සටන

 http://sithumkavipotha.blogspot.com/2016/04/131.html 131. ෆ්ලොස් නදිය අසබඩ 

http://ranrandil.blogspot.co.uk/2016/04/123.html  පිරුණු කළය සහ පිපිරුණු කළය

8.ප්‍රහසන


http://kurahanhena.blogspot.com/2016/08/blog-post_3.html   ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා

http://4s7sw.blogspot.com/2016/06/blog-post_3.html  රනිල් හාමු

නිල්පාට තට්ටම් චින්තක සඳරුවන් (සඳරු) හිස් අහස බ්ලොග් අඩවිය

http://storybox2016.blogspot.com/2016/07/blog-post.html  මට නම් දෙකක් වැඩි නැහැ හාමුදුරුවනේ

9. බ්ලොග් නවකතා

http://ambalangodakatha.blogspot.com/2016/04/1.html  වාදී ස්වර සංධ්‍වනි

http://sithumkavipotha.blogspot.com/2016/06/159-01.html කිරුලක උරුමය

https://ahasenenna.blogspot.co.uk/2016/04/1.html   අමුතු කතාවක්

සඳ එළියේ අසිපත වයලගේ කාමරේ බ්ලොග් අඩවිය (වයලිනෝ)

 https://vibheeshana2.blogspot.com/2016/04/1.html සමාවෙන්න හංසි


10. විද්‍යා ප්‍රබන්ධ


http://rotiyababa.blogspot.com/2016/05/blog-post_16.html මැජික් ජොකා 



11. විද්‍යා හා තාක්ෂණ

https://wasithaya.blogspot.com/2017/01/blog-post_2.html?m=0 කාබන් කාල නිර්ණය 

http://carpissuwa.blogspot.co.uk/2016/12/step-by-step-guide.html ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද

http://4s7sw.blogspot.com/2016/08/blog-post.html   ජනපති මැදුරේ ඔත්තුබැලූ  අතිං කයිට්


http://pokuruwahi.blogspot.com/2016/07/humanized-mice-1.html "මනුස්ස මීයෝ" - The humanized mice -



12. විවිධාංග

http://dreamsofharee.blogspot.com/2016/04/laptop.html  මං ආදරෙයි ලැපී

http://padanguwa.blogspot.com/2016/01/blog-post_27.html  ලාබයි... ලාබයි ... වාලම්පුරි ලාබයි

http://nopenena.blogspot.com/2016/12/blog-post_22.html  පරිසර සංරක්ෂණයේ මිත්‍යාව

https://worldbeyondworld.blogspot.com/2016/05/blog-post.html හිස් හොරි මානසික වදයක්ද

http://rideegeththama.blogspot.com/2016/01/blog-post.html -හර්ද සූත්‍රය

13. සංගීතය

http://geepadura.blogspot.co.uk/   ගී පැදුර


http://sinduano.blogspot.com/2016/08/blog-post_23.html  පදික වේදිකා කෙළිබිම කර ගත් කාටත් නොපෙනෙන දරුවෝ

කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 1,2,3, හා 4 කොටස්  යසනාත් ධම්මික බණ්ඩාර (යසනාත් සිතුවිලි බ්ලොග් අඩවිය)

http://dampatadedunna.blogspot.com/2016/03/blog-post_30.html රොක් සංගීතයේ ඉතිහාසය  ජිවන ෆර්නැන්ඩු දම්පාට දේදුන්න බ්ලොග් අඩවිය

https://dukaa.blogspot.com/2016/08/blog-post_87.html මේ අපේ අම්මාය  සුභාෂ් ගුණවර්ධන දුකා බ්ලොග් අඩවිය

14.  සංචාරක හා ඡායාරූප


http://sobaroo.blogspot.com/2016/07/rail-hike-from-nanuoya-to-ambewela-in.html එල්ජින් ඇල්ල සොයා රේල්පාර දිගේ දිල්ශාන් දිසානායක,

https://wasithaya.blogspot.com/2016/12/1.html?m=1 සංචාරයක සටහන්

http://biththiya.blogspot.co.uk/2016/09/blog-post.html   බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ

 http://samakayawate.blogspot.com/2016/08/blog-post.html  කොළපතන ඇල්ල සොයා ගිය චාරිකාව

https://sandamalisakunthala.blogspot.com/2016/05/blog-post.html   රටවල් හතරක ටැක්සි හතරක්
 http://sulakkhana.blogspot.com/2016/04/blog-post.html මගේ ගමන් බිමන් අනූව වැනි කොටස - කොත්මලේ ජලාශය හා කඩදොර පන්සලකන්ද

15. සඳැස් / නිසඳැස් හයිකු හා කෙටි කවි

https://dumimda.blogspot.co.uk/2016/12/blog-post_5.html  පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක්
http://wewismatha.blogspot.com/2016/10/blog-post.html  නගර සෝභිනියක ස්නේහය
https://katusuhadawatha.blogspot.com/2016/04/blog-post_54.html නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා
http://sodurusitha.blogspot.com/2016/11/blog-post_85.html  ආදරේ බින්දුවක් තියෙනවා

https://tharurasi.blogspot.com/2016/12/blog-post.html පුංචි පුතු හද සරැලි බින්දා..

ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට කිත්මා වසනා දහනායක (විසිරි සිහින බ්ලොග් අඩවිය)

සුළඟ මේ අහනවද   - http://littleflowerbuds.blogspot.com/2016/09/113.html

16. සාහිත්‍ය කලා  විචාර

http://iranga.net/?p=301 ථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව

http://wehimandarama.blogspot.com/2016/04/blog-post_28.html  සයිමන් අපට ඇනපන් ටොක්කක් සැරට



 http://patayakagepituwa.blogspot.com/2016/09/blog-post.html  සිරිල් සී. පෙරේරා : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

http://tharurasi.blogspot.com/2016/11/blog-post_17.htmlක්බිති ඔවුහු බුදියගත්හ.





Monday 6 March 2017

අතුරු ආබාධ එන්නත් සහ කොලටරල් ඩැමේජ්

උපුටා ගත්තේ ප්‍රසන්න මුදුන්කොටුව බුකියේ ෂෙයාර් කළ එකකින් 
කොලටරල් ඩැමේජ් (Collateral damage) කියල කියන්නේ හුඟක් වෙලාවට මිලිටරි යෙදුමක්. තමන් ගේ එල්ලයට (ටාගට්) එකට පහර දෙනෙකුට නොසිතූ ලෙස වෙන කෙනෙකුට, ගොඩ නැගිලි වලට පහර වදින්න පුළුවන්.  ඒක අන්ඉන්ටෙන්ෂනල් (unintentional) නිසා හෙවත් හිතල කරන දෙයක් නොවන නිසා වරද පැටවෙන්නේ නැහැ.  පහුගිය දවසක මම ලිපියක් ලිව්ව ඇතැම් බටහිර බෙහෙත් වල අතුරු ආබාධ ආදිය ගැන පැහැදිලි කරලා අපි ඇයි ළමයින්ට ත්‍රිත්ව එන්නත වෙන වෙනම දුන්නේ කියල. ලිපිය මෙතන. ඒක ඒ දවස් වල අපට තිබුණු තොරතුරු අනුව මධ්‍යස්ථව සිතා බලා ගත්  තීරණයක්.  අපි කිසි විටෙකත් තීරණය කළේ නැහැ එන්නත් නොදී සිටින්නට.

අපි හැම වෙලේම බටහිර බෙහෙත් වලින්ම පුළුවන් විධිහෙන් හැදෙනා ලෙඩ  සනීප කර ගන්න බලනවා. ඒ අතරේම මම වුනත් අතුරු ආබාධ ඇති වෙන බව දැන දැනත් බෙහෙතක් ගන්නවා අවශ්‍ය නම්. මොකද දැනට ඉක්මනින් ලෙඩක් සුව කර ගැනීමට පුළුවන් හොඳම  ක්‍රමය තමයි බටහිර වෙදකම. නමුත් එහෙම වුණා කියල හැම හෙම්බිරිස්සාවටමයි  කනේ කැක්කුමටයි ප්‍රතිජීවක ඖෂධ  (අන්ටිබයෝටික්ස්) ගන්න ගියොත් ඒවා අහන්නේ නැතුව යනවා.

ඊයේ පෙරේද පවුම් 14 ක් ගෙවල ගත්ත ප්‍රතිජිවකයක්.  පෙනිසිලින් සම්බන්ධ ඖග්මෙන්ටින් . නම ලීවා හරිද මන්ද. ඒකෙ අතුරු ආබාධය ටිකක් වැඩියෙන්  දරුණු වුනා මට . එලියට ඇවිදින්න  රස්සාවට යන්න බැරි තරමට.  බෙහෙත  නියම කල වෛද්‍යවරයාට කීවාම ඔහු වෙන එකක් දුන්න.

මේ එන්නත් ගැන සහ විශේෂයෙන් MMR වැක්සින් එක ගැන එකොනොමැට්ට හොඳ ලිපියක් ලියල තිබ්බ මෙතන. එතැන මම ප්‍රතිචාර හුඟක් දැම්ම. හේතුව ඔය වැක්සින් එක ගැනත් ඒ සම්බන්ධව අර වෛද්‍ය වේක්ෆිල්ඩ් කළ අසාර්ථක ප්‍රමිතියෙන් තොර (ඔහු සයිටමයට සම්බන්ධයක් නැහැ)  පර්යේෂණය ගැනත් ඔහු ලියල තිබුන. එසේම එම එන්නත ජපානයේ තවම තහනම් ඇයිද යන්න ගැනත් හොඳ සංවාදයක් කෙරුණා කියල මම හිතනවා.

ඔය අතරේ රයිගම හන්දිය ලියල තිබුන ලිපියක් අතුරු අබාධ ගැනත් එක්ක  මෙතන .
ඔහුට පොඩි අතුරු අබාධයක් වුනාලු ලේ පරිත්‍යාග කරන්න ගොහින්. ඉතා හොඳ වැඩක්.  ඒ අතරේ සිදුවීමක් වෙලා ඒ න ඔහු කියන්නේ මෙහෙම.
//ඒ ගමන හිටපු අනික් හෙදියට මාව බාර දුන්න.  ඇත්තටම ලේ ගත්ත ඒ අතට වඩා, නොගත්ත අතේ වේදනාව (ලොකු එකක් නොවේ) හවස් වනතුරු තිබුණ. එක ලේ දීමකින් ජිවිත 3ක් බේරෙනවා කියල කියනවා. මා ඉහතින් සඳහන් කරපු සේරම ‘අතුරු ආබාධ’ (එක කෙනෙකුට හැදෙනවයි කියා සිතා) එක පැත්තකට දමල, ජිවිත තුනක් බේරීම අනෙක් පැත්තට දැමුවොත්, මේක මට නම් ප්‍රිටි ගුඩ් ඩීල් එකක්.
මට පෞද්ගලිකව කෙලින්ම වැදගත් නොවන මෙවැනි දෙයක් විතරක් නොවේ, කෙලින්ම බලපාන දේවල් ගැනත් මා තීන්දු ගන්නේ මේ ආකාරයෙන්ම තමා. ඒ කියන්නේ අතුරු ආබාධ කියන දේවල්, ලැබෙන ඵලය හා සසඳපුවහම, නොසැලකිය හැකි තරම් කුඩා නම්, දෙයක් කරන්නට මැලි වන්නේ නැහැ.//

හැබැයි ඉතින් මම ඉහත කිව්වා වගේ අපි ඔක්කොම වගේ  හිතන්නේ එහෙම  තමයි. අතුරු ආබාධ අඩුනම් බේතක් ගන්න එක ලේ දෙන එක ප්‍රශ්නයක් නෙමේ. ප්‍රශ්නේ වෙන්නේ ඕක වැඩි දෙනෙකුට අදාළ වුනහම. (ඉහත කී  මේ ලිපි දෙක  තුනම ටිකක් එක  ළඟින් යනවා කියල හිතෙන්නේ  නැත්ද?)
සමහරු කියන්න පුළුවන් "ඇයි මම අනිත් අය නිසා දුක් විඳින්නේ. ඇයි මම හෝ මගේ පවුලේ අය අනිත් අයගේ නොදැනුවත් කමට ගෙවන්න ඕනේ කියල". ඇමෙරිකාවේ වගේ රටක හුඟක් මහත අයට නම් ඔය කතාව අනිත් අය නිතර කියනවලු.

නමුත් කල්පනා කරලා බලන්න ඒ ඔබගේ දරුවා කියල. යුරෝපයේ ළමයි හදන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි. චීනයේ හුඟක් කල් ඉඳන්  එක ළමයෙක් විතරයි හදන්න දෙන්නේ. ඉතින් දෙමව්පියෝ ඒ එක ළමය හෝ ළමයි දෙන්න වෙනුවෙන් ප්‍රවේසම්කාරී වෙන්නේ නැත්ද? ඒ ළමයි රැක ගන්න හැම දෙයක්ම කරන්නේ නැත්ද? දරුවෝ නැති අයට හෝ දරුවෝ ගැන එතරම් හෙවිල්ලක් බැලිල්ලක් නැති අයට මේ තත්වය එතරම් අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි, වැඩි දෙනාගේ හොඳට ටික දෙනෙක්ට ප්‍රශ්නයක් වෙන එකට කමක් නැහැ කියන අය ඒ වගේ දෙයක් තමන්ට වුනා නම් කොහොම හැසිරෙයිද? මොකද තමන්ගේ ළමය මිලියන් එකෙන් එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් තමන්ට ඉන්නේ ඒ දරුවා විතර නම්.  උනහපුළුවටත් තමන්ගේ ළමය ලොකුයිලු.

ඔහොම හිතන කොට තමයි මට කොලටරල් ඩැමේජ් යෙදුම මතක් වුනේ. අපි හැමෝටම මතකනේ ලංකාවේ ඉවර වුන සිවිල් යුද්ධය. බහුතරයක් අපි, ඒක ගැන සතුටුයි. මම දැක්ක හෙන්රි වර්ණකුලසුරිය මහත්මය ලියල තිබුන සත්හඬ පත්තරේට ලිපියක්. LTTE වගේ ෆැසිස්ට් වාදී සංවිධානයක් පරාජය කරපු එක හොඳ බව ඔහු කියා තිබුන. මමත් හිතුව එවැනි සංවිධානයක් කෙළවර වෙන්නේ ඔය විධිහටම තමයි කියල. වැඩි දෙනෙකුට යහපත උදා වුනා නේද කියල?

හැබැයි ඔතන  කොලටරල් ඩැමේජ් එකකුත් වුනානේ. කොටි පැත්තකින් තියමු. කොටි හිර කරගෙන හිටපු වැසියන් වගේම කොටින්ට සහයෝගය දුන්න වැසියනුත් දහස් ගණනක්  මැරුණා. ඒ මිනිසුන්ගේ ළමයි මැරුණා. ගෙවල් දොරවල් නැතිවුණා. සමස්තයක් වශයෙන් ගත්තම වැඩේ හොඳයි රටට. නමුත් අර විධිහට ළමයි මැරුණ  දෙමාපියෝ, දෙමව්පියන් නැතිව අනාථ වුන ළමයි, ගම්බිම් නැති  වෙච්ච එවුන්. උන් හැමදාම  ඒක ගැන කතා කරාවි. පෙළපාලි යයි.  මොකද දැනෙන්නේ ඔවුන්ට විතරක් නිසා.

ඉරාකේ ගමුකො. බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර ඔත්තු සේවයන්ට වැරදුනා. නමුත් ඔවුන් දුන් ඒ වැරදි දත්ත සේක්ස්ඩ් අප් කරලා (එහෙම තමා යෙදුම තියෙන්නේ) ඒ කියන්නේ වඩා ලස්සන කරලා, වඩා  බියකරු කරලා, සදාම්ට අති බිහිසුණු මිනිසුන් සමූල ඝාතනය කරන්න ආයුධ   තියනවා කියල ප්‍රචාරයක් ගෙන ගියා. (ඇත්තටම එහෙම දරුණු ආයුධ තියෙන්නේ ඇමෙරිකාවට, රුසියාවට, චීනයට, බ්‍රිතාන්‍යයට , ප්‍රංශයට - ඇයි  න්‍යෂ්ටික අවි - ඉරාකයට ඒවා තිබුනේ නැහැ.) 
ඒ මදිවට සදාම් 30000 ක් කුර්දි වරුන් පවා මරපු බවක් කියවුනා. සදාම් ජරා ඒකාධිපතියෙක්  බවත් ඇත්ත. ඒ නිසා වැඩි  දෙනෙකුට යහපතක් කරන්න ඒ රට ආක්‍රමණය කලා. ඒ ආක්‍රමණය නිසා දැනට 200,000 - 500,000 අතර ප්‍රමාණයක් ඉරාක වැසියන්  දරුණු හේතු නිසා මියගොස් තිබෙනවා කියල කියන්නේ.   මේවා තමයි අර කොලටරල් ඩැමේජ්. තමන්ගේ  මිත්‍ර හමුදා අතින් තවත් මිත්‍ර හමුදා සෙබලෙකු වෙඩි වැදී හෝ වෙනත් විධිහකට මිය ගියොත් එහෙමයි කියන්නේ. නමුත් දැන් වැඩි වශයෙන් ඒක භාවිතා වෙනවා යුද්ධයෙන් වෙන මිනිස් ඝාතන සාධාරණිකරණය කරන්න. 

ඉතින් කල්පනා කරල බැලුවහම වැඩි දෙනෙකුට යහපතක් වෙන්න අතුරු අබාධ තිබුනත්, තමන්ගේ අය මැරුණත්, වෙනත් ලෙඩ රෝග හැදුනත් බහුතරයේ යහපත තකා සුළුතරය නිහඬ විය යුතුයි කියන අදහසක් තමා මින් මතුවෙන්නේ. හැම දෙනාටම සරිලන දේවල් ලෝකේ නැහැ. ඒත් බහුතරය කිසියම් ප්‍රමාණයකට සුළුතරය ගැන අවධානයෙන් සිටිනවා නම් හොඳයි. 

එන්නත් ගැන ගත්තොත් සෝවියට් දේශය හා බටහිර අතර සිතල යුද්ධය පැවතුන කාලේ බයලොජිකල් ආයුධ හෙවත් ජිව විද්‍යාත්මක අවි නිෂ්පාදන වුණා  පර්යේෂනාගාර වල. දෙපැත්තෙන්ම ඒක කලා. ඒවා භාවිතා කරන්නේ යුද වැදුන රටට එරෙහිව. රටවල් වල සියලුම ළමයින්ට දෙන පොදු එන්නත් දෙන ක්‍රියාවලීන්  හරහා මෙම  ප්‍රහාර දෙන්න ඉඩ තියනවා. සෙවිල්ලෙන් ඉන්න වෙන්නේ අපටමයි. 

--මේ දිනවල වැඩිය ලිපි ලියැවෙන්නේ නැහැ.  මාර්තු 25 සම්මාන උළෙලට ලක ලැහැස්ති  වෙන නිසා. නමුත් පෙරේද ලන්ඩනයේ උත්සවයකදී ඒ  ගැන ප්‍රශ්න කරපු ප්‍රියන්වදා නංගි මෙන්ම ලංකාවේ දිමුතු  මල්ලිටත් තවත් ඊමේල් මගින් විමසූ යහලුවන්ටත් ස්තූතියි. මාර්තු 25න්  පස්සේ බ්ලොගයට තමයි පුර්ණ අවධානය. 




Monday 27 February 2017

අභ්‍යවකාශ පර්යේෂණ වලට කරන වියදම් අනවශ්‍ය ද? මේවා වැඩි හරියක් බොරුද?

මේ ප්‍රශ්නය මුලින්ම අසා තිබුනේ කොකාවල මහතාගේ බ්ලොග් අඩවියේ මේ ලිපියේය. ඉන්පසු කල්‍යාණමිත්‍ර මහතා ද එවැනිම පැනයක් යොමු කර තිබුනේ මා ලියූ මේ ලිපියටය.  නමුත් මේ ප්‍රශ්නය ඉතා සුලබ එකකි. නාසාව, රුසියාව හෝ වෙනත් යුරෝපීය රටවල් කරන අභ්‍යවකාශ පර්යේෂණ මුදල් නාස්තියක් ලෙස දකින බොහෝ පිරිසක් බ්‍රිතාන්‍යයේ මෙන්ම බොහෝ රටවල වෙසෙති. එම මුදලින් අප්‍රිකාවේ බඩගිනි නිවන්නට කතා කරන අයද සිටිති.

මිනිසා කියන්නේ මේ ලොව පරිණාමවාදයට අනුව විකාශනය වූ හෝ දේවවාදයට අනුව මැවූ සතෙකි.  කොයි විධිහෙන් ගත්තත් මිනිසා විශාල  කුතුහලයක්  සහිත  මොළය වැඩුණු , සිතා මතා වැඩ කරන සතෙකි.

හිතා බලන්න. පළමුවෙන්ම ගින්දර සොයා ගත් ආදී කල්පික මානවයා ගැන. ඔහු නිරීක්ෂණය කරන්නට ඇති ලැව් ගිනි. එසේම ගල් දෙකක් ගැටෙන විට ගින්නක් ඇතිවෙන හැටි. අකුණක් වැඩි ගසක් ගිනි ගන්නා හැටි. ගින්න දෙවියෙක් යයි (අදත් සමහරු සිතති) සිතූ හැටි. ගින්න හසුරුවන අයුරු ආදී මානවයා  සොයා ගත්තේ මිට වසර මිලියන් 0.2 ත් 1.7 ත් අතර යයි විකිපෙඩියාවේ කියවේ.

අනිත් පිරිමින් හා ගැහැණුන් දඩයමේ යන්නට මොහුට හෝ ඇයට කතා කරන්නට ඇති.
"නැහැ මම එන්නම් පස්සේ. මම මේ ගින්න හදන්න යන්නේ. " ගල් දෙකක් අතුල්ලමින් හෝ ලී කෝටු  දෙකක් අතුල්ලමින් ඔහු හෝ ඇය කියන්නට ඇත.
"අර ළමයි බඩ  ගින්නේ. අපට බඩ ගිනි. මස් ටිකක් හොයන්න වරෙන්. බොරුවට වෙලාව නාස්ති කරන්න එපා". ඔවුන් කියන්නට ඇත.
"අපේ ඔය ගල් මුදල් වියදම් කරන්නට එපා". (මා  උපකල්පනය කරන්නේ  ලස්සන කැටයම් සහිත පාෂාණ ඔවුන් හුවමාරු ඒකකයක් ලෙස භාවිතා කරන්නට ඇති කියාය)

ඔහු හෝ ඇය එසේ නොකලා නම් අපේ පරිණාමය තව ප්‍රමාද වන්නට ඉඩ තිබිණි.

නමුත් ගින්න සොයාගෙන එයින් මස් පළහා කන්නට මෙන්ම සීතල දුරු කර ගන්නටද ඔවුහු ඉගෙනගත්හ. මානවයාගේ පරිණාමයට ඉන් සිදුවුයේ අති විශාල මෙහයකි.

ඔවුන්ගේ කුතුහලය එතනින් නතර වූයේ නැත. මිනිසා  දැනුම සොයා ගියේ නිසඟයෙනි. ඔවුන් දර්ශනවාදීන් වූයේද එහෙයිනි. දර්ශනවාදී දැනුමේ ඔන්ටෝලොජිය යනු මේ දේවල් කුමක්ද යන්න විමසීමයි. එපිස්ටමලොජිය යනු අප මේ දේවල් දන්නේ කෙසේද යන්න යි. මේ දෙක එකිනෙකට ඇතැම් විට සමපාත වුවද දැනුම සොයා යාමේදී මිනිසා පසුබට වූයේ නැත. මරණයෙන් වන්දි ගෙවමින් ඔවුන් ඒ සඳහා ඉදිරපත් වූහ. (සොක්‍රටීස් ගේ සිට )

තාරක විද්‍යාව යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. ඉන්දියාවේ සිට චීනය දක්වාත් අලෙක්සන්ද්රියාවේ සිට ඔලිම්පස් දක්වාත් අපේ ආදිතමයින් තාරකා  ගැන අධ්‍යයනය කළහ. තාරකා පද්ධති සටහන් කළහ. ඒවාට දෙවියන්ගේ නම් දුන්හ. එසේම ඉරබටු තරුව හෝ වෙනත් තරු පිහිටන ආකාරය දැනගෙන  නාවික ගමනාගමනය හසුරුවා ගත්හ. කාන්තාර වලදී මග සොයා ගත්හ.

ඕලන්ද ජාතික ලිපෙර්ශි මෙන්ම මත්යෙස් සොයාගත් දුර දක්නය ගැලිලියෝ වැඩි දියුණු කළේ තාරකා  නිරික්ෂනයටය. නමුත් ඉන්පසු දුර දක්නය නාවික ගමනා ගමනයට භාවිතා විය.
අක්ෂාංශ දේශාංශ  භාවිතාවට ආවේත් යුරෝපිය ජාතීන්ට ලෝකය වටා ගමනේ යෙදෙන්නට  මෙන්ම  අධිරාජ්‍ය ගොඩ නගන්නට උදව් වුයේද මේ සොයා ගැනීම් මය.  අමෙරිගෝ වෙස්පුචි සඳේ  සහ අඟහරු ග්‍රහයාගේ පිහිටීම අනුව තමන්  සිටින  දේශාංශය ප්‍රථම වරට මැන්නේය.  ඒ 1600 ගණන් වලය.

එම ඈත අතීතයේ සිට මෑත අතීතයට එමු. දෙවන ලෝක සංග්‍රාමය අවධියේ ජර්මානුවන් V  2 රොකට්ටුව නිෂ්පාදනය කළහ. මිනිසුන් 22 මරා  දමමින් ලන්ඩනයට ප්‍රහාරයක් එල්ල කෙරුනේ 1944 දීය. ජර්මනිය යුදයෙන් පරාජය වූ පසු මේ යුදෙව් හා ජර්මන් විද්‍යාඥයන් ඇමෙරිකාවට සහ සෝවියට් දේශයට රැගෙන ගියහ.

මේ රටවල් දෙකේ අභ්‍යවකාශ  ගමන් වලට අවශ්‍ය රොකට් තැනීම් ඇරඹුණේ ඉන් පසුවය. වර්නන් වොන් බ්‍රවුන් ඇමෙරිකා  එක්සත් ජනපදයට ප්‍රථම රොකට්ටුව දුන්නේ එලෙසය.  එසේ ඇරඹුන අභ්‍යවකාශ  තරණයේ ප්‍රථම භාගය ජය ගත්තේ සෝවියට් දේශයයි.  ඒ ප්‍රථම චන්ද්‍රිකාව අභාවකාශයට යැවීමෙන්, ප්‍රථම ජීවියෙක් (ලයිකා බැල්ල ) යැවීමෙන් හා ප්‍රථම මිනිසා යැවීමෙනි. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදය අභ්‍යවකාශය ජය ගත්තේ  සෝවියට් දේශය පරයා  යමිනි.

ඒ කෙසේ වුවද දැනුත් හොඳම  හා බලවත්ම  රොකට් තාක්ෂනය සතුව ඇත්තේ රුසියාව අත බව නාසා ආයතනයද පිලි ගනී. ඔවුන්ගේ මෙන්ම යුරෝපියඅභ්‍යවකාශ ආයතනයේ උපකරණ ආදිය  ජාත්‍යන්තර අභ්‍යවකාශ යානයට ගෙන යන්නේ සෝවියට් රොකට්ටුය. සෝවියට් දේශය තමා ලත් දියුණුවේ වැඩි හරියක් භාවිතා කලේ න්‍යෂ්ටිකඅවි නිෂ්පාදනය සඳහා මෙන්ම යුධෝපකරණ නිෂ්දපානයන්ටය. එතරම් වැඩි දියුණු නොවුණු අති විශාල  පරිගණකයන්ද කැමරාවන්ද මේ අභ්‍යවකාශ තාක්ෂණයෙන් ඔවුන්ට ලැබුණු දේවල්ය.

එහෙත්  ඇමෙරිකා  එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර විසින් අභ්‍යවකාශය ජය ගැනීමට ගිය ගමනේ අතුරු  ප්‍රතිඵල ඉතා හොඳින් ලබා ගත්හ. සෝවියට් විද්‍යාඥයන්ට සහ නව නිපැයුම් කරුවන්ට ලොකු තැනක් ලැබුනේ නැත.   අවශ්‍ය නම් සෝවියට් දේශයේ විරයා  යන සම්මානය ලැබුණි . හොඳ නිවසක්  ලැබුණි. එපමණකි. අභ්‍යවකාශ  විද්‍යාඥයන්  කෑම බීම සියල්ලම මෙන්ම  හොඳ නිවෙස් ද ඇති ඔවුනටම සුවිශේෂ වූ තාරකා  නගරයේ ජිවත් වූහ. (දැන් නම්  රුසියාවේ තත්වය වෙනස්ය)

සෝවියට් හා ඇමෙරිකානු චන්ද්‍රකා තාක්ෂනය නිසා පණිවුඩ හුවමාරු ක්‍රම දියුණු විය. අද මොබයිල් තාක්ෂනය මෙන්ම වයර්ලස් තාක්ෂණයද දියුණු වූයේ ඒ නිසාය.

 ඇමෙරිකාවේ එම නිපැයුම් තම තම තමන්ගේ නමට ලියා පදිංචි  කල හැකිය. මේ  නිසා අභ්‍යවකාශ වස්තුන්  ගැන සෙවීම,  අභ්‍යවකාශ තරණයන් හා ඒ සම්බන්ධ පර්යේෂණ වල අතුරු ප්‍රතිඵල ජනතාවට  ලබා දෙන්නට ඔවුනට හැකි වුනි. පරිගණක තාක්ෂණයේ දියුණුව මෙන්ම නොයෙක් ප්රෝග්‍රමින්ග් භාෂාවන් දියුණු වීමටද තද බලපෑමක් තිබුණි.

සෝලර්  පැනෙල් හෙවත් හිරු එළියෙන් විදුලිය නිපදවීම මුලින්ම කෙරුනේ අභ්‍යවකාශ යානා වල හා චන්ද්‍රිකා  වල ප්‍රයෝජනයටය.  දැන් අපේ නිවසේද සෝලර් පැනෙල් තිබේ. හදවත් වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය  කුඩා මෝටරය ද එවැනිම අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව නිසා ලැබුණු  නිපැයුමකි. එසේම ජලය පිරිපහදු කිරීමේ ක්‍රම කිහිපයක්ම දියුණු වුයේද මේ නිසාමය. අවශ්‍ය නම් මෙවැනි බ්ලොග් ලිපි දහයක් ලිවීමට තරම් කරුණු එක් රැස්  කරගත හැකිය.

නාසා  ආයතනයෙන්  පල කරන ස්පිනොෆ්ෆ් නම් සඟරාවක් තිබේ (මෙන්න  යොමුව)  එහි ඇත්තේ අභ්‍යවකාශ තරණය මෙන්ම එම වස්තුන් ගැන ඉගෙනීම සඳහා යොදා ගන්නා විද්‍යාඥ කාලය, ශ්‍රමය මෙන්ම මුදලේද අතුරු ප්‍රතිඵල ගැනය.

මේ වසරේ සඟරාවේ රොබෝටික්ස් දියුණුව ගැන ලියා  ඇති තැනෙක රොකි 7 නමැති රොබට් යන්ත්‍රය රෝහල් වල භාවිතාව සඳහා යොදා ගන්නා  හැටි  පැහැදිලි කර  තිබේ. මෙයට  අරමුදල් යොදවා ඇත්තේ  නාසා  ජෙට් ප්‍රොපල්ෂන් ආයතනයයි. නාසා ආයතනය සඳේ පින්තුර වැඩි දියුණු කිරීමට  තැත් කිරීමෙන් MRI හා CT ස්කෑන් තාක්ෂනය දියුණු වූ බව ඔබ දන්නවාද ? 

ඉහත පින්තුරයෙන් දැක්වෙන පරිදි (ත්‍රිමාණ ඡායාරූප එන්ඩොස්කොපි) මොළයේ ස්කෑන් සහ ඔපරේෂන් කිරීමට අවශ්‍ය තාක්ෂණයන්හි බොහොමයක දියුණුවට මේ පර්යේෂණ බලපා  තිබේ.

වෙනත් ග්‍රහලෝක සෙවීම හා ජිවය සෙවීම:

මා ඉහත දැක්වූ පරිදි  ලෝකයේ ජිවය ඇති වුයේ කෙසේද යන්න  ආදී කාලයේ සිටම අපට වද  දුන් ප්‍රශ්නයකි. බොහොමයක් දාර්ශනිකයන් මේ ප්‍රශ්නයට සිත යොමු කළහ.  සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගේ දේශනයක මෙන්ම ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන්ද මේ සඳහා වෙහෙසුනහ. ඇතැම් ආගමික  ශාස්තෘන් වහන්සේලා සර්ව බලදාරී දෙවියෙක් ගැන කිවූහ.

නමුත් අපට සමාන ග්‍රහලෝක මේ අනන්ත විශ්වයේ තිබෙන බව දැන  ගැනීමම අප ලද ජයග්‍රහණයකි. අප දන්නා විශ්වයේ බිලියන් 100 පමණ තාරකා තිබේ. එසේ නම් ඒවා වටා ගමන් කරන ග්‍රහලෝක තව කොපමණ සංඛ්‍යාවක් ඇත්ද? අප හා අපේ සුර්යයා අතර  අප වැනිම ජීවයක් (ලෝකයේ මිලියන් 8.7 පමණ වන  ජීවී විශේෂයන් ගනනක් තිබේ  )  තිබිය හැකි දුර ප්‍රදේශය හැබිටබල් සෝන් යනුවෙන් හැඳින්වේ. ඉතින් එවැනිම දුර ප්‍රමාණයක තවත්  ග්‍රහලෝකයක් තිබෙන්නේ නම් මෙහි  ජීවය අහම්බෙන් ඇතිවූ විධිහටම එවැනි තැනක ද ජීවයක් ඇතිවිමේ සම්භාවිතාවක්  තිබේ.

එය අපට  දෙයාකාරයකින් වැදගත්ය. එනම් අප පමණක් නොව වෙනත් ජීවයන්ද විශ්වයේ ඇති බවට දැනෙන ප්‍රබල සාක්ෂියකි. එවන් පිටසක්වළ ජීවීන්  සමුහයක් අපට වඩා බලවත් නම්  ඔවුන්ගේ ආක්‍රමණයකින් ලෝකය බේරා  ගැනීමටද අපට සිදුවනු ඇත. කොතරම් සුරංගනා කතාවක් ලෙස සිතිය හැකි වුවද එවැනි සම්භාවිතාවක් තිබෙන බවට ආචර්ය ස්ටීවන් හෝකින්ස් මහතාද අදහසක් පළ කළේය.

අනිත් ප්‍රශ්නය නම් මිට අවුරුදු 30000 කට ප්‍රථම අස්ටරොයිඩයක් වැදී ඩයිනෝසරයන් විනාශ වූ බවට ඇති මතයයි. අප සිටින පෙදෙසට කුයිපර් බෙල්ට් නමැති අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ  කෙළවර පෙදෙසින් ධුම කේතු, අස්ටරෝයිඩ  නිතර පැමිණේ. ඉන් විශාල එකක් හදිසියේ වැදුනොත් වෙන විනාශය කිව නොහැකිය. එසේ ලඟින්ම ගිය ඒවා කිහිපයක්ම පසුගිය  දශකයේ විය.  ඇමෙරිකාව හා රුසියාවද මේවා ගැන නිතර සෙවිල්ලෙන් සිටිති. අප කවදාවත්  ඔවුන්ට ස්තූති කර තිබේද?

අවසන් වශයෙන් මෙම ගණනයන් කිරීම සඳහා උපයෝගී කර ගන්නා  ක්‍රම වේදයන් ඉහත ලිපියේ පැහැදිලි කලෙමි.  අවශ්‍ය අයට මේ වෙබ් අඩවියෙන්  වලින් එම පර්යේෂණ දත්ත බැලිය හැකිය. ග්‍රහලෝක හත  සොයා ගැනීමට පෙර ග්‍රහ ලෝක තුනක් ට්‍රාන්සිට් ක්‍රමයෙන් සොයා ගත්තේ බෙල්ජියමේ ලීජ් විශ්ව විද්‍යාලයේ ට්‍රපිස්ට් නම් දුරේක්ෂය  භාවිතා කරන කණ්ඩායමකි.  එය තව දුරටත් පරික්ෂා  කර ග්‍රහලෝක හතක්  සොයා ගන්නට උපකාරී වුනේ නාසා හි ස්පිට්සර් දුරේක්ෂයයි. ඒ පර්යේෂණ දත්ත ඕනෑම කෙනෙකුට බැලිය හැකි පරිදි පළ කර තිබේ.

ඉහත  පින්තුරයෙන් (ආලෝක වක්‍ර light curves) පෙන්වන්නේ ග්‍රහලෝක හතෙන් පැමිණි ආලෝක දීප්තිය වෙනස් වන අයුරුය. මේවා බොරු දත්ත නොවේ. මා ක්වින් මේරි විශ්ව විද්‍යාලයේ උගත් අවධියේද මෙවැනි දත්ත නිරීක්ෂණය කිරමට අපට ගුරුවරුන් විසින් ලබා දුනි.

මුලින්ම හඳේ පස් ගෙනා රුසියාවද දැන් නැවතත් අභ්‍යවකාශ ගවේෂණයට එක්වී සිටීම සතුටකි. ඔවුන් 2018 දී නැවත සඳ වෙත යානයක් යවනු ඇත. ඉන්දියාවද, චීනයද මේ රටවල්  ගොන්නට අළුතින්  එකතු වී ඇත. මේ ශතවර්ෂය ඉතාමත් පැහැදිලිව මානව වර්ගයා ඉදිරි පිම්මක් පනිනු ඇති බව මගේ විශ්වාසයයි.

අජිත් ධර්මකීර්ති
සාමාජික - රාජකීය  තාරකා  විද්‍යා සංගමය

පින්තුරය:https://clipartfest.com/download/aec1d960ec939b4a3806d41febca7407d81d1762.html
https://www.nasa.gov/sites/default/files/files/Benefits-Stemming-from-Space-Exploration-2013-TAGGED.pdf
ස්පින්ඔෆ්ෆ් සඟරාව - https://spinoff.nasa.gov/Spinoff2017/index.html
https://arxiv.org/abs/1605.00616
http://www.sciencemag.org/news/2016/04/renaissance-russian-space-science
light curves 

Thursday 23 February 2017

ග්‍රහ ලෝක හතක නව සෞරග්‍රහ මණ්ඩලයක් - ග්‍රහ ලෝක තුනක ජලය ?

ට්‍රපිස්ට් - 1 පද්ධතිය 
හදිසියේ ම දුටු මේ පුවතින් ඉමහත් සතුටක් දැනුනි.  එනම් යුරෝපියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය එක්ව කළ දීර්ඝ නිරීක්ෂණ හා පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කුඩා වාමන (dwarf ) සූර්යයෙකු සමග ග්‍රහලෝක හතකින් සමන්විත  සෞරග්‍රහ මණ්ඩලයක් 2017 ෆෙබරවරි 22 වැනි බදාදා සොයාගෙන තිබේ.  මෙය හැඳින්වෙන්නේ ට්‍රපිස්ට් -1 (TRAPPIST -1) යනුවෙනි. අපට ආලෝක වර්ෂ 40 (එනම් හැතැප්ම ට්‍රිලියන් 235 පමණ ) ඈතින් පිහිටා  තිබෙන මෙම මණ්ඩලය සොයාගත් කණ්ඩායමේ නායක මයිකල් ගිලන් පවසන්නේ මෙහි විශේෂත්වයන් දෙකක් තිබෙන බවයි . එකක් නම් මේවා සියල්ල විශාලත්වයෙන් පෘථිවිය ට සමාන ඒවා වීමයි. නමුත් අපට වඩා වැදගත් වන්නේ දෙවන හේතුවයි.
එම ග්‍රහලෝකයක් මෙසේ විය හැක -Credits: NASA/JPL-Caltech


එනම් මින් ග්‍රහ ලෝක තුනක්ම තිබෙන්නේ ජිවය  පැවතිය හැකි සීමාවේ වීමය  ("habitable zone alias goldilocks zone'). මෙය හැබිටබල් සෝන් හෙවත් පැරණි ළමා කතාවක් වන  ගොල්ඩිලොක් හි දැරියගේ නමින් ද  හැඳින්වේ. එනම් මේ ග්‍රහලෝක තුන තමන්ගේ සුර්යයා ගේ සිට ඇති දුර අපේ පෘතුවිය අපේ හිරුට ඇති දුරට සමාන දුරකින් (මද වෙනස් කම් සහිතව) පිහිටා  තිබේ. එහි තේරුම නම්  මේවායේ ජිවය පැවතීමට අවශ්‍ය ද්‍රව ජලය තිබිය හැකි වීමය. ජලය තිබී නම් මහා සාගරද තිබිය හැකිය. එසේ සාගර තිබේනම් ජීවයට ද පැවතිය හැකිය.


පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කළ තවත් විද්‍යාඥයෙකු වන ඇමරි ට්‍රයාඩ් (Amaury Triaud) පවසා තිබෙන්නේ මෙම පද්ධතියේ වාමන සුර්යයා නිපදවන බල ශක්තිය අපේ සුර්යයාට වඩා  බොහෝ අඩු බවයි. එසේම ග්‍රහ ලෝක පද්ධතියද එකිනෙකාට ලඟින් පිහිට තිබේ. එනිසා ජලය පිහිටීමේ සහ ජිවය පැවැතීමේ සම්භාවිතාව වැඩිය. 


නාසා ආයතනයෙන් එලි දක්වන ලද වීඩියෝවක් ඉහත තිබේ. (Credits: NASA)

මෙසේ වෙනත් සුර්යයන්  වටා ග්‍රහලෝක තිබෙන බව දැන ගන්නේ කෙස්ද? මෙවැනි ග්‍රහලෝකයක්  නම් කරන්නේ  ට්‍රාන්සිට් එක්සෝප්ලැනෙට් (Transiting exoplanets) යනුවෙනි. "ට්‍රාන්සිට්" යනු හරහා ගමන් කරන යන තේරුම දෙන්නකි.

පළමු ක්‍රමය නම් බලවත් දුරේක්ෂයකින් කෙලින්ම නිරීක්ෂණය කිරීමයි. (direct imaging) මෙසේ නිරීක්ෂණය කර ග්‍රහලෝකයක් සොයාගත් ප්‍රථම දුරේක්ෂය ස්ටෙයාර් (STARE) නම් සෙන්ටිමීටර් 10 ක (කාචයක්) අපර්චර් එකක් තිබුණකි. අද අපට බ්‍රහස්පති, සෙනසුරු හෝ ඔවුන්ගේ චන්ද්‍රයන් මේ ක්‍රමයට නිවසේදී වුවද නිරීක්ෂණය කළ හැකිය.



ඊළඟ ක්‍රමය කොරෝනග්‍රපි (Coronagraphy) ලෙස හැඳින්වේ. උපකරණය දිසාවට එන හිරුගේ රශ්මි කදම්බය කිසියම් පෙත්තක් (disk) වැනි යමකින් සඟවා එය නිරීක්ෂණය කරනු ලැබේ. එසේ කරන විට කෙළින් ම බැලූ විට නොපෙනන සැඟවී මෙන් තිබෙන වස්තූන් අදුරු තිත් ලෙස පෙනේ. මේ ක්‍රමයට ග්‍රහලෝකයක් සෙවීමට නම් ඒවා තමන්ගේ හිරුට ඉතා ලංව පිහිට තිබිය යුතුය. පහත පින්තූරයේ පෙනෙන්නේ ෆොමල්හට් නමැති තාරකාව අසල එසේ ඩිස්ක් එකකින් වැසීමෙන්  ෆොමල්හට් b ග්‍රහලෝකය සොයා ගැනුණු අන්දමයි.

තවත් ක්‍රමයක් වන්නේ ග්‍රහලෝක තම සුර්යයා සමග පිහිටා  තිබෙන කෝණය ගණනය කිරීමයි. මෙය ඇන්ගියුලර් ඩිෆරන්ස් ඉමේජින් (Angular difference imaging) ලෙස හැඳින්වේ. HR8799 නමැති තාරකාව වටා  යන ග්‍රහ ලෝක තුනක් මේ ආකාරයෙන් සොයා ගන්න ලදී.

වඩාත්ම සාර්ථක ක්‍රමයක් වන්නේ සංක්‍රාන්ති හෙවත් ට්‍රාන්සිට් (transit method) කරයි. දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක 3565 න්  බහුතරයක් සොයාගෙන  ඇත්තේ මෙලෙසය.

සාමාන්‍යයෙන් ඈත තිබෙන තාරකාවකින් එන එළියේ දීප්තිය (brightness)  බලවත් දුරේක්ෂ මගින් නිරික්ෂනය කළ හැකිය. මාස ගණනාවක් හෝ අවුරුදු ගණනාවක් තිස්සේ කරන එම නිරීක්ෂණ  වලින් එම දීප්තියෙ නොයෙකුත් ආලෝක චක්‍ර වගු  (light curve graphs) ඇඳිය හැකිය. මෙම වගු බොහොමයක් ඇඳීමෙන් පසු ඒවා  නැවත නිරීක්ෂණය කරන විට මෙම ආලෝක වගු වල ඇතැම් තැන වල බැස්මක් නිරීක්ෂණය කල හැකිය. පහත පින්තූරය බලන්න. ඒ අර තාරකාව හරහා ග්‍රහලෝකය ගමන් කරන විට දීප්තියේ අඩුවක් පෙනෙන අන්දම නිරීක්ෂණය කරන්න.
ට්‍රාන්සිට් ක්‍රමය 

මෙය නිවසේදීද අත්හදා බැලිය හැකිය, නිවසේ ලාම්පුවක් (table light) උඩින් නූලක්  බැඳි බෝලයක් එල්ලන්න. ඉන්පසු එය ලාම්පුව වටා කරකවන ලෙස කෙනෙකුට භාර දෙන්න. ඔබ ලාම්පුව දෙස බලන දිශාව හරහා බෝලය යනවිට එමගින් ලාම්පුවේ  ආලෝකය වැසෙන  අයුරු නිරීක්ෂණය කරන්න.


ට්‍රාන්සිට් ක්‍රමය තව  දුරටත් 
ට්‍රාන්සිට් ක්‍රමයෙන් ගන්නා ආලෝකයේ දීප්තිය රැගත් වගුවක් 

මෙසේ  ලබා ගන්නා දත්ත  එකතු කර කොපමණ දීප්තියෙ අඩු වීම් ඇත්දැයි නිරික්ෂනය කළ හැකිය. ඉන්පසු ග්‍රහලෝක කිහිපයක්ඒ තාරකාව වටා යනු ඇත්දැයි යන කාල (දින වකවානු) ගණනය කිරීමෙන් සොයා ගත හැකිය.

තවත් ජනප්‍රිය ක්‍රමයක්  වන්නේ තාරකාව තිබෙන තැන හරියටම අස්ට්‍රොමෙට්‍රි (Astrometry ) නම් ක්‍රමයෙන් සොයාගෙන ඉන්පසු එම තාරකාවේ ඇතිවන කැළඹීම් (wobbles - චලනයන් ) අවට තිබෙන  අනිකුත් තාරකාවල් වලට සාපේක්ෂව නිරික්ෂනය කිරීමයි. එසේ කැළඹීම් ඇති වන්නේ එය වටා යන ග්‍රහලෝකයක් ඇති බැවිනි.  මේ චලන නිසා ආලෝක චක්‍ර වල වර්ණයේ වෙනස් කම් ඇතිවේ.

රේඩියල් වෙලෝසිටි  හෙවත් කේන්ද්‍රීය ප්‍රවේගය යන ක්‍රමයෙන් හිරු වටා යන ග්‍රහලෝකය මගින් ඇති කරන චලනයන්  (wobble)  හා  ආලෝකයේ වර්ණයන් ගේ වෙනස් කම් නිරික්ෂනය කළ ගණිතමය ලෙස  ඔප්පු කළ හැකිය.

මේ නාසා වීඩියෝව ක්‍රම පහක් ගැන රූප සහිතව හොඳ විස්තරයක් දෙයි. 


අප සිටින්නේ මේ නව ශත වර්ෂයේ සිදුවන ප්‍රබලම හෙළිදරව්වක් ඉදිරියේද?


මුලාශ්‍ර: https://www.nasa.gov/press-release/nasa-telescope-reveals-largest-batch-of-earth-size-habitable-zone-planets-around
A nearby star has seven temperate Earth-size planets
නාසා වීඩියෝව: https://exoplanets.nasa.gov/interactable/11/
ඉහළම පින්තූරය =http://www.telegraph.co.uk/science/2017/02/22/nasa-announcement-live/

Monday 20 February 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

අන්නා කරේනිනා චිත්‍රපටියේ කීරා නයිට්ලි 
දැනට වසර හතරකට පමණ පෙර මගේ බ්ලොගයේ මා මිතුරු සරෝජ් පතිරණ ලියු "ද්‍රෝහියාගේ දියණිය"  ග්‍රන්ථය ට හඳුන්වාදීමක් ලියුවෙමි. මේ හඳුන්වා දීමම මදක් වෙනස් කරමින්, පසු ගිය වසරේ   මගේ හා ඔහුගේ පොත්  ලන්ඩනයට හඳුන්වාදීමේදී රුසියානු සාහිත්‍යය  පූර්ව  විප්ලවීය හා පශ්චාත් විප්ලවීය යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකි බවත් විප්ලවයෙන්  පසු රුසියානු සාහිත්‍යය  බොහෝ විට සෝවියට් සාහිත්‍යය සමග බද්ධවූ බවත් පැවසුවෙමි.

එසේම සෝවියට් සාහිත්‍යය සමාජවාදී යථාර්ථවාදය අනුයමින් කරන ලද නිර්මාණ හා එසේ අනුගමනය නොකරන නිර්මාණ ලෙස බෙදිය හැකි බවත් පසු කාලීනව සෝවියට් විරෝධී සාහිත්‍යයක් ගොඩ නැගුනු බවත් පැවසුවෙමි.

පූර්ව විප්ලවීය රුසියානු සාහිත්‍යය සහ කලාව ගැන කතා කරනවිට පොතක් ලියන්නට හැකි තරම් කරුණු සොයා ගත හැක. රුසියානු සම්භාවනීය සාහිත්‍යය ඒකාලෝක කල මහා ගත්  කතුවරුන් බොහොමයක් වූහ . මේ  කෘතීන් බොහොමයක් විශ්ව සාහිත්‍යයේ ඉහළම ස්ථානයේ වැජඹේ. එංගලන්තයේ කේම්බ්‍රිජ් , ඔක්ස්ෆර්ඩ් යන විශ්ව විද්‍යාල පමණක් නොව බර්ලින් විශ්ව විද්‍යාලය, ලෝක ප්‍රසිද්ධ  ලිප්සිග් ආදී ජර්මන් විශ්ව විද්‍යාල වලද ප්‍රංශයේ සොරෝබෝන් සරසවියෙහි ද රුසියානු හා උක්රයින සාහිත්‍යය උගන්වන පාඨමාලා තිබේ.

පූර්ව  විප්ලවීය රුසියානු සාහිත්‍යයේ  බැබලෙන ප්‍රබලම ගත්  කතුවරයා  ලෙස සැලකෙන ලියෝ ටෝල්ස්ටෝයි "රුසියානු විප්ලවයේ හදවත" ලෙස හැඳින්වූයේ ඔක්තෝබර් විප්ලවයේ නිර්මාතෘ වූ ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් ය. ටෝල්ස්ටෝයි  රුසියානු සාර්වාදී සමාජය මැනැවින් විග්‍රහ කරමින් ලිවිම ලෙනින් ගේ මේ කියමනට පාදක විය.  එසේ නැතිව සිටුවරයෙකු වූ ටෝල්ස්ටෝයි වාමාංශික අරගල ගැන ලිව්වේ නැත. ලෙනින් ගේ විචක්ෂණ ශීලි මොළයට තමන්ගේ පැත්තේ යයි නොසිතිය හැකි ලියවිල්ලක්, පොතක් පමණක් නොව නාට්‍යයක් පවා තම පැත්තට  හරවාගෙන විචාරයන් ලිවිය හැකි අමුතුම දක්ෂතාවයක් තිබුණි.

රුසියානු සාහිත්‍යය ගැන කතා කරනවිට චිත්‍රපට වලට පවා නැගුණු ටෝල්ස්ටෝයි ගේ අන්නා කරෙනිනා  හා යුද්ධය හා සාමය පොත් හැඳින්විය හැකිය. මේ මෑතකදී  බීබීසී ආයතනය "යුද්ධය හා සාමය" නැවත රුපවාහිනී චිත්‍රපටයක් ලෙස කොටස් වශයෙන් පෙන්වන ලද අතර එය ඉතා ජනප්‍රිය විය. මේවායේ පිළිඹිබු වන්නේ එවකට රුසියන් සමාජයේ අතිශයින්  පොහොසත් සාර් රජ පවුල ,  නොයෙකුත් ඉඩම් හා මාළිගා හිමි රදළයන් සහ  හමුදා සෙන්පතියන් ගේ ජිවිතයන්‍ ය.  එසේම  ඔවුන් බාහිර සමාජයෙන් වෙන්ව ගෙවූ එම සුඛෝපභෝගී ආකාරයේ ජිවිත හා ඔවුන් විසින් නොසලකා හරින ලද බාහිර සමාජයේ පරතරයද මේ පොත් වල මැනවින් පිළිඹිබු විය..

ෆියෝදෝර් දොස්තයෙව්ස්කි ගේ "අපරාධය සහ දඬුවම", "කරමාසොව් සහෝදරයෝ" මෙන්ම නිකොලායි ගොගොල් (උක්රයින ජාතික) ගේ "මළ මිනිස්සු" ද එලෙසින්ම විශිෂ්ට කෘතීන් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවට ද පැමිණි ඇන්ටෝව් චෙකොව්   ප්‍රසිද්ධ නාට්‍ය රචකයෙක් විය. ඔහුගේ "සොයුරියන් තිදෙනා", "චෙරි ගහ යට සහ "බල්ලා  කැටුව යන කාන්තාව" ප්‍රසිද්ධ නාට්‍යයන්ය. මහා කවියෙකු මෙන්ම ඔපෙරා තනන්නෙකු ලෙස චිර ප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ "කපිතන්ගේ දියණිය " නව කතාව මෙන්ම ඔපෙරාව  ද චිත්‍රපටයකට නැගුනු  "යෙව්ගෙනි අනිගින් " ද ලොවම  දනී.

නිර්භයව අඩු වයසේ තරුණියක හා මැදිවියේ මිනිසෙකු අතර පෙම් සබඳකමේ කතාව  "ලොලිතා" ලීයූවේ රුසියානු ජාතික   නබෝකොව්ය. එසේම ඉවාන් තුර්ගේනිව් (පියවරු සහ පුත්තු) , මිහයිල් ලෙර්මන්තොව් (අපේ කාලයේ වීරයෙක්) ද ඉතා ප්‍රසිද්ධ ගත් කතු වරුන්ය.

මේ රුසියානු සාහිත්‍යය ගැන ඉතා කෙටියෙන්ය.

සෝවියට් සාහිත්‍යයට යාමට පෙර ලංකාවේ වමේ මුලාශ්‍රය සොයමු.

ආචාර්ය එන් එම් පෙරේරා 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වමේ පක්ෂය ගොඩ නැගු අයගෙන් කෙනෙක් වන  නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා උගත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේය.  කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා ප්‍රසිද්ධ ආර්ථික අධ්‍යනය සඳහා වන ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (London  School of Economics ) ආචාර්ය උපාධිය ලබා ගත්තේ ජර්මන් වයිමාර් රජයේ ව්‍යවස්ථාව හදාරා ඒ ගැන ලිවීමෙනි. ඔහු DSc හෙවත් (Doctor of Science) විද්‍යාචාර්ය උපාධිය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (ULC ) ලබා ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා  විය.
බොරළුගොඩ සිංහයා හෙවත් පිලිප් ගුණවර්ධන 

ඔහුත් සමග ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වූ අනෙක් තැනැත්තා ලංකාවට  ට්‍රොට්ස්කිවාදය හඳුන්වා දුන් බොරලුගොඩ සිංහයා යයි විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධනය. මේ අතරට එක්වූ තුන් වැන්නා පානදුර  ශාන්ත ජෝන් විදුහලේ හා කොළඹ  රාජකීය විද්‍යාලයේ උගත් කොල්වින් ආර් ද සිල්වා මහතාය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා කිංග්ස් කොලේජ් වෙතින් ආචාර්ය උපාධිය ලත් ඔහුගේ තීසිසය වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයයි.
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා  

එන් එම් (ඇන් ඇම් ලෙසින් ජනතාව හැඳින්වූ)  සහ කොල්වින් දෙදෙනාම "ඉන්දියා, සිලෝන් සහ බුරුම බොල්ෂෙවික්  ලෙනින්වාදී පක්ෂයේ " සාමාජිකයන් වූ (ඉන්දියාවේදී) අතර ලංකාවට  පැමිණි කොල්වින් බොල්ෂෙවික් සමසමාජ පක්ෂය පිහිටුවන ලදී.  එංගලන්තයේ ඉගෙන ගත්   ඇන් ඇම් සහ කොල්වින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට විරුද්ධව සුරියමල් ව්‍යාපාරය (පොපි මලට එරෙහිව) ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාවේ ජනතාව  එම ව්‍යාපාරය ට  ඉමහත් සහයක් දුනි.
එන් එම් සහ ජේ ආර් 

ප්‍රථම වමේ පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය පිහිටවන්නට ක්‍රියා කල ඉතිරි දෙදෙනා නම් ලෙස්ලිගුණවර්ධන (ශාන්ත තෝමස් විද්‍යාලය හා  London  School of Economics ) හා රොබට් ගුණවර්ධනය. 

මේ අතර සිදුවූ වැදගත්ම සිද්ධියක් වූයේ  ලෙනින් සමග විප්ලවයේදී උරෙනුර ගැටී ක්‍රියාකළ ප්‍රථම රතු හමුදාවේ අණ දෙන්දනා  වූ ලියොන්  ට්‍රොට්ස්කි නමැති රුසියානු -යුදෙව් විප්ලවවාදියා  වසර 1940 දී සෝවියට් පාලක ජෝර්ජියානු ජාතික ස්ටාලින් ගේ අණින්  මරා දමනු ලැබිය.  ඇන් ඇම් සහ කොල්වින් මෙය නොදැන සිටින්නට විධිහක් නැත.

බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලද ඔවුන්ට බ්‍රිතාන්‍ය  සමාජවාදීන් ගේ ක්‍රියා කලාපය හොඳින් හදාරන්නට ඉඩ ලැබුණි. ඔවුන් සෝවියට් දේශයේ ස්ටලින්වාදයට  නොව බ්‍රිතානයේ වඩා ජනප්‍රියව තිබු ට්‍රොට්ස්කිවාදයට වඩා හිතවත් වුනි.

මේ කිසිවෙක් රුසියන් සාහිත්‍යය කෙසේ වෙතත් සෝවියට් සාහිත්‍යය  තදින් පරිශීලනය  කලා යයි කියන්නට සාධක නොමැත. 

මෙනිසා පැරණි වමේ නායකයන් ට සෝවියට් සාහිත්‍යය පරිවර්තන වලින් බලපෑමක් සිදු නොවුණු බවට ඉතා සාධාරණ ලෙස තර්ක කළ හැකිය.

මේ අතීත කතාවේ තවත්   වැදගත් තැන්  දෙකක් තිබේ. එනම් 1935 ලංකා සමසමාජය පිහිටවූ පසු ඔවුන් ලෙනින් පිහිටවූ තෙවැනි ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළහ.  ස්ටාලින් ගේ සමය වන විට නොයෙකුත් රටවල  සමාජවාදී පක්ෂ වලින් සැදුම් ලත් මෙම ජාත්‍යන්තර සභාව  අක්‍රීයව පැවතුනි. ට්‍රොට්ස්කි සෝවියට් දේශයෙන් පිටුවහල් කළපසු පිහිටවූ හතරවැනි  ජාත්‍යන්තරයට එක්  වීම ගැන  තීරණය කිරීමට කළ  චන්ද විමසීමේදී වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ සහ එම් ජි මෙන්ඩිස් එයට විරුද්ධව චන්දය පාවිච්චි  කළහ.

සෝවියට් දේශයට පක්ෂවූ (ස්ටාලින්වාදයට පක්ෂ )  එක්සත් සමාජවාදී පක්ෂය බිහි වූයේ මින් පසුවය. එය පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සේ නම් කෙරුණි.
වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ 

ගාල්ලේ මහින්දයේ ආදී සිසුවකු වූ සුගීෂ්වර වික්‍රමසිංහ කොළඹ  ආනන්දයේ ත් ඉන්පසු ලංකා මෙඩිකල් කොලේජ් හිත් උගෙනුම ලැබුවේය. එංගලන්තයේ ආචාර්ය උපාධිය සඳහා  උගනිද්දී කොල්වින්, ඇන් ඇම් සහ ලෙස්ලි ගුණවර්ධන සමග එක්ව ලන්ඩනයේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර වලට එක්  විය.

දෙවන ලෝක යුද්ධය පටන් ගත් පසු සමසමාජය බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රතිපත්තියක් ගනිද්දී එස් ඒ වික්‍රමසිංහ ඇතුළු පිරිස ගත්තේ සෝවියට් දේශයේ පැත්තයි. සෝවියට් වරු බ්‍රිතාන්‍යය හා ඇමරිකාව සමග යුද්ධයේ දී එක්වීම නිසා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කරන ක්‍රියා වලට එම අවුරුදු පහ තුල එක්සත් සමාජවාදීන් ගේ  සහයක් තිබුනේ නැත. 

මේ කාලය වනවිට කිසිම සෝවියට් සාහිත්‍යය ක් ලංකාවේ තිබුණා යයි  කිව නොහැකිය.    ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ අඩිතාලම දැමුවේ ලන්ඩනයේ සිට අධ්‍යයනය  හමාර කර ගිය ලන්ඩනයේ රැඩිකල් වාම ව්‍යාපාරය සමග සිටි තරුණ පිරිසක් විසිනි.

මතු සම්බන්ධයි. 

- ද්‍රෝහියාගේ දියණිය: https://kolambagamaya.blogspot.co.uk/2013/08/blog-post_22.html
- යුද්ධය හා සාමය -https://www.theguardian.com/tv-and-radio/2016/jan/26/russia-verdict-on-bbc-war-and-peace-reviews