ජෙහාන් ලෙනින්
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 3
සෝවියට් විවාහ හා නිකං ට්‍රොට්ස්කි - 4
මේ ලිපිය ජෙහාන් ලෙනින්, ජෙහාන් ට්‍රොට්ස්කි ලිපි මාලාවේ අවසන් ලිපියයි. මේ ලිපිය සඳහා ප්‍රවේශය වන්නේ මා කලින් පළාත් පාලන චන්දය ගැන ලියු පළාත් පාලන සභා චන්ද ප්‍රතිඵල - සුළු නිරීක්ෂණයක් - නමැති ලිපියය.
බණ්ඩාරනායක මහතා 1956 දී ජයග්‍රහණය කරන විට චන්ද ප්‍රතිඵලය බලන්න. ඔහු විසින් කුඩා වාමාංශික පක්ෂ සහ ශ්‍රීලනිපය එක්කොට සාදන ලද සභාගයට ලැබුනේ 39.52% කි. ලංකා සමසමාජය හා කොමියුනිස්ට් පක්ෂයට 14.9% කි. එජාපයට තනි පක්ෂයක් වශයෙන් 27.9% කි. ද්‍රවිඩ අරසු කච්චියට 5.4% කි. සභාගයකට මිස සිංහල බෞද්ධ චන්ද වලින් පමණක් මේ රටේ බලයට පත්වීමට නොහැකි බව 1956 සිට 2018 පළාත් සභා දක්වාම ඔප්පු වී තිබේ. එජාපයට තනිවම ශ්‍රී ලංකාවේ බලය ලබා ගත හැකිව තිබුනේ සිංහල ඡන්ද වලට අමතරව බොහෝ මුස්ලිම් හා දෙමළ ඡන්දද ඔවුන්ට ලැබුන නිසාවෙනි.
වාමාංශික පක්ෂ වල 15% චන්ද සංඛ්‍යාව ක්‍රමයෙන් දියාරු වී ගිය අතර ඉන් 3-4% අතර ප්‍රමාණයක් නිරන්තරව ජවිපෙට ලැබුණි.
රනිල් හා මහින්ද අතර ජනාධිපති තරඟයේදී ප්‍රභාකරන් දෙමළ ජනතාව බහුල පළාත් වල ඡන්ද වර්ජනයක් දියත් කළ අතර පැරැණි වාමාංශික පක්ෂ සමග සුළු සභාගයකට ගිය මහින්ද රාජපක්ෂට ජවිපෙ සහයද සන්ධානයකින් තොරව හිමි වුනි. ඔහු 2005 දී ජනාධිපතිවරණය දිනුවේ එබැවිනි. ඔහු ලැබූ චන්ද සංඛ්‍යාව 50.29% කි. එසේ නොවූ එකම අවස්ථාව වන්නේ 2010 වන අතර එම චන්දයේදී සිවිල් යුද්ධය ජය ගැනීම හේතුවෙන් එජාප චන්ද හා මුස්ලිම් චන්ද බොහොමයක් ඔහුට ලැබුණි. (උදා: කොළඹ දිස්ත්‍රික්කය ජය ගත්තේ රාජපක්ෂ මහතායි. 52.93%). කොටින්ම වමේ සාධකය අඩු කර දැමීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වුනි.
මෙවර පළාත් පාලන ඡන්දයේදී ඉහත සඳහන් ලිපියේ මම එජාප ඡන්ද වලට ශ්‍රී ලනිප , එජනිස ඡන්දද එක් කල මුත් දැනට තිබෙන සලකුණු වලට අනුව එය එසේ නොවන බවට රඟ පෑමක් යයි. එසේ වුවද පොදු ජන පෙරමුණ, ශ්‍රී ලනිපය එක්ව ලබා ගෙන ඇත්තේද 49.5% කි.
මේ අනුව සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙක් පත් කිරීමට නම් ශ්‍රී ලංකාවේ කිසියම් ප්‍රශ්නයක් (ජාතීන් අතර ) ඇති කල යුතුමය. කුමන රටකට එවැනි ජනාධිපතිවරයෙක් අවශ්‍යද? කුමන රටක ආයෝජන ඉදිරියේදී තර්ජනයකට ලක් වේද? කුමන ආසියානු රටක් බටහිර රටවල් සමග වෙළඳ හා නාවික සම්බන්ධතා අර්බුදයකට යයිද?
එවැනි රටකට නැගෙනහිර පැත්තේ මුස්ලිම් වරුන් සමග හෝ උතුරේ ඉතිරිවී සිටින දෙමල කණ්ඩායම් සමග සම්බන්ධතා ඇති කර ගත හැකිය. විදේශයේ විශේෂයෙන්ම එංගලන්තයේ හා කැනඩාවේ සිටින විසිරුන එල්ටීටීඊ කණ්ඩායම් සමග මුදල් මත සම්බන්ධතා ගොඩ නගා ගත හැකිය. බෝම්බයක් දෙකක් පිපිරවීම , පොඩි ප්‍රශ්නයක් ඇති කර සිංහල පෙදෙස් කුපිත කිරීම කළ හැකිය. සිංහල සංවිධාන කිහිපයකට මුදල් පොම්ප කල හැකිය. සමහර විට පසුගියදා දිගන හා අම්පාර ප්‍රදේශයේ සිදුවුයේ ට්‍රයල් රන් එකක් විය හැකිය. මුදල් විසි කරන ප්‍රමාණය අනුව ලංකාවේ "ප්‍රශ්න" හා "අරගල" ඇති කල හැකි බව පසුගිය කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් වලින් පැහැදිලි වේ. ලංකාවේ ආවේගී ජනතාව මෙහෙයවිය හැකි ක්‍රම සහ විධි ගණනාවක්ම දැනටමත් අත්හදා බලා තිබෙනවාට සැකයක් නැත.
අන්තිම තුරුම්පුව වශයෙන් අරගල කිහිපයකදී පොලිස් වෙඩි තැබීම් ආදී ක්‍රියා වලින් කිහිප දෙනෙක් මිය යාම වුවත් නොවිය හැකි දෙයක් නොවේ. ඡන්ද වර්ජන ආදිය කරලියට ඒමට ඉඩ ඇති අතර සිංහල බෞද්ධ අපේක්ෂකයා 51% පමණ ඡන්ද ප්‍රමාණයකින් 2020 දී ජයග්‍රහණය කරනු ඇත.
මිට වෙනස් ප්‍රතිඵලයක් ලැබීමට නම් බටහිර රටවල ට්‍රම්පච්චි විරෝධී සන්ධානය හා ට්‍රම්පට් ට පක්ෂ සන්ධානය ශ්‍රී ලංකාව පිලිබඳ එකඟතා ප්‍රතිපත්තියකට පැමිණිය යුතුය. දැනට සාදාගෙන යන (manufactured) රුසියානු විස දීම් ආදී ප්‍රශ්න මත " එසේ සිදුවීමේ ශක්‍යතාවය හෙවත් "ට්‍රම්ප්" "ඇමෙරිකානු දෙපාර්තමේන්තුවල බහුතර මතයට " හිස නැමීමේ සම්භාවිතාවක් තිබේ. බටහිරට වඩා හිතවාදී සිංහල බෞද්ධ නොවන ජනාධිපති වශයෙන් ඔවුන් කවුරු තෝරා ගනීවිද?
රනිල් වික්‍රමසිංහ ඇමෙරිකන් හිතවාදියෙකු බව හැම දෙනාම හොඳින් දනිති. එනිසා මොන වරද කලත් පළමු තේරීම වෙන්නේ ඔහුය. නමුත් ඔහුට සිංහල ඡන්ද බහුතරයක් ලැබෙන්නේ නැත. එහි යම් අවදානමක් පවතී. පැරචුට් ක්‍රමයට මයිත්‍රිපාල සිරිසේන මහතා පැමිණියේ ඒ නිසාය. ශ්‍රී ලංකාවේ බහුතරයෙන් 35% වත් නොමැතිව එජාපයට තනිව දිනීම දැන් අපහසු වී තිබේ. චන්ද්‍රිකා "ජේ ආර් ගේ බහුභූත ව්‍යවස්ථාව " නමින් ආදරයෙන් හඳුන්වනව්‍යවස්ථාවද එක හේතුවකි. මේ නිසා 10% කතා, ඩීල් චෝදනා කොපමණ තිබුනත් ඔවුන්ගේ ඊළඟ හොඳම තේරීම වන්නේ බැසිල් රාජපක්ෂ මහතාය. සමහරෙකුට අනුව යුධ අපරාධ සිද්දියේදී බටහිර හා ඉන්දියාවට අනුව "නිවැරදි තැනක " සිටියේද බැසිල්ය. ආර්ථික ප්‍රශ්න නිරාකරණය කිරීමේදී බැසිල්ගේ "අප්‍රොච් " එකට ව්‍යාපාරික පන්තියේ සහ බටහිර විරෝධය අවමය.
මේ රටවල් කිහිපයේ බලපෑමට අලුතින් එක්වී ඇති මුස්ලිම් රටවල් කිහිපයක් ද වේ. ශ්‍රී ලංකාවේ දේශපාලන තලයට මුස්ලිම් රටවලින් කවදාවත් එතරම් බලපෑමක් තිබුනේ නැත. එම තත්වයද සීග්‍රයෙන් වෙනස් වී යමින් පවතී.
සමහර විට සිංහල කතා කරන පුටින් ගේ විදේශ ඇමතිවරයාගේ උදව් ද අවශ්‍ය වෙන අවස්ථාවක් එළඹෙන්නටද ඉඩ තිබේ. ඔහු පුටින්ගේ ඇතුලත කණ්ඩායමේ (inner circle) නොවීම හොඳ දෙයකි .
රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස භංගයෙන් දිනුවොත් (දැන් තත්වයේ හැටියට බොහෝ විට ඔහු දිනීමට වැඩි ඉඩක් තිබේ. නමුත් තත්වය චන්දයෙන් දෙකෙන් වෙනස් විය හැකිය. ) ඒ අනුව ඉහත නම් සඳහන් බලවේගයන්, බැසිල් හා රනිල් අතර සිතල යුද්ධයක් ඇති කරනු ඇත. කෘත හස්ත දේශපාලනඥයකු වන මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් හා සිංහල බෞද්ධ අපේක්ෂකයා අතරින් දිනන අශ්වයා තේරීමේ තුරුම්පුව දරනු ඇත.
මීළඟ 2020 මැතිවරණයේදී ලෝකයේ රටවල් කිහිපයක් ශ්‍රී ලංකා දේශපාලන භුමියේ පාපන්දු ගැහීම නැරඹීමට විරල වාසනාවක් අපට උදාවී තිබේ.
අර මා මිට කලින් ලිපියේ (4) සඳහන් කල සිරිසා පන්නයේ බලවේගයක් බිහිවීමට ඇති සම්භාවිතාව බොහෝ අඩු හෙයින් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිටාරක්ෂාවද සර්ව බලධාරී දෙවියන් වහන්සේ ගේ පිහිට හා ආරක්ෂාවද පතමු.
අල්ලාහු අක්බර්
~සමාප්තයි
ප.ලි - ඊයේ රාත්‍රියේ සිදුවූ යම් යම් සාකච්ඡා මත හා ශ්‍රී ලංකාවේ ලැබෙන ආරංචි මාර්ග අනුව අවසන් මොහොතේ යම් ප්‍රාතිහාර්යයක් සිදු නොවුන හොත් රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස භංගයෙන් අනිවාර්යෙන්ම ජය ගනු ඇත.
~ මේ ලිපියද ලිපි අංක හතර මෙන් හිතලුවක් පමණක් වීමට පුළුවන.

මෝඩි හා ට්‍රම්පච්චි |

මුහුණු වෙනස් වුනාට විදේශ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත |