Monday 20 May 2019

සොයමි මම ඔබ දයාබරය ජානිම් - ගුල්නාර් බෙජානෝවා

උස්බෙක් හෝ තුර්ක්මෙනිස්තානු  ගායිකාවක වන ගුල්නාර් බෙජානෝවා ගේ  ජාමින් නමැති  ගීතය රුසියානු භාෂාවෙන්    Jennet - Джаным (Canım) ගයන වීඩියෝව ෆේස්බුක් එක පල කර තිබුනේ මුදිත  ජයසූරිය . ඔහු එහි තේරුම සොයමින් සිටියා.

මේ ගීතය ඇසුවාම මටත් ඇත්තටම ඒකට ආස හිතුන. ගීතයේ කියවෙන්නේ   අහිමි වූ ප්‍රේමයක්  ගැන තලිබාන් කාරයෝ ඇෆ්ගනිස්ථානයේ සංගීතය ඇසීම හෝ ගායන  තහනම් කළාට උස්බෙකිස්ථානය , තුර්ක්මෙනිස්තානය, කසාස්ථානය  වැනි සෝවියට් සමුහාණ්ඩු වලට  ඒ සන්තෑසිය  අත් වුනේ නැහැ.

ඉන්දියානු හා අරාබි ආභාෂය ලැබූ පොහොසත් සංගීතයක් ඔවුන් සතුයි. ඔවුන් තමන්ගේ භාෂාවෙන් මෙන්ම රුසියානු භාෂාවෙනුත් ගයනවා.

සෝවියට් රජය මධ්‍යම ආසියාවටම අරාබි අකුරු ඉවත් කර රුසියානු අකුරු හඳුන්වා දුන්නේ  නවසිය විසි ගණන් වලදිමයි. එසේම ගැහැනුන්ට කතෝලික ආගමේ මෙන් හිස ආවරණය කරීම මිස මුහුණ ආවරණයට ඉඩ දුන්නේ නැහැ.  හැම ගැහැණු ළමයෙකුටම පාසල් යාමත් අනිවාර්ය කළා. 

මේ එම ගීතය උස්බෙක් හෝ තුර්ක්මෙන් භාෂාවෙන් ගයන ගුල්නාර් බෙජානෝවා




මේ තියෙන්නේ රුසියානු ගීතය ඉහත  ගිතයේම පරිවර්තනයක් 

මෙන්න තේරුම: (ජානිම් දයාබරය හෝ දයාබරිය යන තේරුම ගෙනෙන පදයකි. )

ඔබ සමග ජානිම් (දයාබරය)   ළඟින් ඉන්නට ඇත්නම් 
ඔබ සමගයි මට සුතුටෙන් ඉන්න හැකි 
කෝ කොහෙද ඔබ ජානිම් ? සොයමි ඔබ මා 
ඔබ සමග හිඳින්නට ඇවැසි මුත් තහනම්ය එය  මට

chorus

අමතමි ඔබට මම , අසන්නට කටහඬ 
ඔබ මා කරා එන්න  නැවතත් 
දුරකථනය ගෙන පිළිතුරක් දෙන්න මට  
  

කියන්න මට, "ජානිම් (දයාබරිය) , ආදරෙයි ඔබට ,
ඔබට ආදරෙයි මම, මට ඕන ඔබ විතරයි 
ඔබ සමග ළඟින් ඉන්නට පමණයි 

ඔබයි මා සිහින තුල  සැමදා සිටින්නේ 
මා අවදි  වන විට ඔබ නැත මා  අසලක  
ඔබ සමග සිටින්නට, නැත අවසරයක් මට කෙසේවත් 
ඔබ මගේ නොවේ දයාබරය සමාවෙන්න මට 

(මෙහි අබීද්න обидно යන වචනයේ තේරුම ගර්හාව වැනි එකකි. මුස්ලිම් යුවතියකට තවත් කෙනෙකු ගැන සිතීම ගර්හාවක් බව මින් කියවේ. මම එය සමාවෙන්න මට යනුවෙන් පරිවර්තනය කෙළෙමි.)
С тобой Джаным хочу быть рядом..
С тобой мой милый буду счастливой,
Но где ты джаным? Ищу тебя Я..
С тобой хочу быть ,но мне нельзя.

Припев:
Звоню тебе Я, услышать голос,
Твой снова нужно мне опять…
Возьми же трубку! Ответь мне снова,

Скажи мне: “Джаным, люблю тебя,
Люблю тебя я, ты мне нужна.
С тобою рядом хочу быть я!

А в снах моих ты всегда со мною.
Я просыпаюсь и тебя нет!
Ведь мне нельзя быть с тобою вместе!
Не мой ты джаным обидно мне.



Sunday 19 May 2019

ධර්ම චක්‍රය

ධර්ම චක්‍රය  ශ්‍රී ලංකාවට ආවේ ඉන්දියාවෙන්. ඒක බුද්ධාගමට වගේම ජයිනාගම සහ හින්දු ආගමටත් පොදු සංකේතයක්. 

ඉන්දියානු ජාතික කොඩියේ ඇති අශෝක චක්‍රයේ ඉතිහාසයත් ඒ ධර්ම චක්‍රයමයි .
 ඉන්දියාවේ කොඩියේ තියෙන්නේ ඒ අශෝක චක්‍රය. 
 ධර්ම චක්‍රයේ ඉතිහාසය එන්නේ  දොල්වරියා සංකේත වලින්. , ඉන්දියාවේ දොල්වරියා ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් වලින්   හොයාගත්ත සයින් බෝඩ් එකේ තමා ධර්ම චක්‍රය මුලින්ම තිබුන කියල කියන්නේ.
පහල පින්තුරය බලන්න.

මේවා අවුරුදු හය දහසකටත් පැරණි ඉන්දු නිම්නයේ බිහිවුණු  හරප්පා ශිෂ්ඨාචාරයේ සලකුණු 
බුදුන් වහන්සේ පන්සිල් පද පහ ජයිනාගමෙන් ගත්ත වගේ මේ ධර්ම චක්‍රයත් ආර්ය අෂ්ටාංගික මාර්ගය හෝ ආර්ය සත්‍ය හතර කියල දෙන්න භාවත කරන්න ඇති. එහෙම වුණාය කියල මේ එක ආගමක බුදලයක් හැටියට ලියා ගන්න බැහැ. 

අර කුලියාපිටියේ ස්වාමින් වහන්සේ වගේම  පොලිස් ස්ථානයත් වැරදියි.  

අනික නොඇලීම (non-attachment) උගන්වන ආගමක් පිලි පදින කොට ඕව බදාගන්නෙ මොකටද?  

භූතානය, තායි ලන්තය, සීකීම් , ටිබෙටය වගේ රටවල් කිහිපයකම භාවිතා වන සලකුණක්. 

Thursday 16 May 2019

කුලියාපිටියේ කලබල - මට ලැබුණු ප්‍රතිචාරයක්

කුලියාපිටියේ කලබල ඇතිව තිබෙන්නේ යම් යම් සැක කටයුතු දේවල් මන්දිරයකින් සොයා ගැනීමෙන් අනතුරුව එකී මන්දිරයේ හිමිකරු පොලීසිය මඟින් නිදහස් කිරීම නිසා කුපිත වූ ජනතාව පොලීසිය වටලා උද්ඝෝෂණය කිරීමෙන් පසුව ජාති ආල කට්ටිය බීමතින් ගොස් මුස්ලිම් කඩ සහ ගෙවල් කීපයකට ගල් ගසා අලාභ හානි කිරීම බව දැනගන්න තිබෙනවා. මාධ්‍ය වාරණයක් නොදා රජය සත්‍ය ප්‍රවෘත්ති ජනතාවට දෙන්නේ නම් මාධ්‍ය මගින්  කලබල ඇති කරන්නන් මෙන්ම සැකකරුවන් ද සොයා ගැනීම පහසු ‍වේවි. 

වැල්ලම්පිටිය පොලීසියේ විරෝධය නොතකා තඹ කම්හලේ සිටි සැකකරුවන් නම දෙනාට ඇප දී ඇති බව ස්ථානධිපති කියා තිබෙනවා. ඇප ලබා දීමට පොලීසිය දැඩි සේ විරුද්ධ වූ බවට දිවුරුම් පෙත්සමක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද ලබා දී තිබෙනවා. සිද්ධිය විවෘත අධිකරණයේ වූවක් නම් අනෙකුත් නීතිඥවරුන් ද එහි සිටියා විය යුතු යි. එහෙත් නීතිඥවරුන් වැඩි පිරිසක් මෙම මහේස්ත්‍රාත්වරයාට අකමැතියි. ඒ වාගේම මෙම නීතිඥවරුන් පොලීසිය සමඟ එකතුයි. එම නිසා මහේස්ත්‍රාත්වරයාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වීමේ ඉඩකඩක් ද නැතිවා නොවේ. 

කොට්ටරාමුල්ලේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ළමුන් ද ඇතුළු සිද්ධියට සම්බන්ධ නොමැති පිරිසක් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට නීතිඥවරයකු මාධ්‍ය ඉදිරියේ චෝදනා කළා. කෙසේ වෙතත් සියලු දෙනාම සති දෙකකට රිමාන්ඩ් කර අවසන්. කලබල ඇති කරන්නන් අත්අඩංගුවට ගැනීම ගැන සාමාන්‍ය ජනතාව විරුද්ධ නොවෙතත් අහිංසකයන් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීම - පොලීසියේ නොහැකියාව වසා ගැනීමට - ඉතා භයානකයි. එය කලබලකරුවන් අත්අඩංගුවට නොගෙන සිටීම තරම්ම භයානකයි. කලබලවලින් හානි වූ දේපළවලට රජයෙන් ගෙවයි. නිකරුණේ අත්අඩංගුවට ගත් අයගෙන් සමාව අයැදීමක්වත් පොලීසියෙන් කවදාවත් කෙරෙන්නේ නැති බව තමයි අපේ අත්දැකීම. ඒ වෙනුවට සිද්ධ වන්නේ ඔවුන් කලබලකාරීන් බවට ගොතන ලද සාක්ෂි පොලීසියෙන් ඉදිරිපත් කිරීම පමණයි. 

ඇල්ලේ ගුණවංශ ස්වාමීන්ද්‍රයන්වහන්සේ ද ජනතාවට කලබල කිරීමෙන් වැළකී සිටින ලෙසට මාධ්‍ය මගින් දන්වා සිටියා. ඒ ගැන අප සතුටු විය යුතු යි. වයසට ගිහින් හරි මැරෙන්න ඉස්සෙල්ලා බණ දහම් මතක් කර ගැනීම කාට කාටත් හොඳයි. 

ජනපති ලංකාවට නෑවිත්ම ඉන්නවා නම් තමා හොඳ. ඒත් සියල්ල වුණාට පස්සේ ආපහු ඒවි. අපේම රටවැසියෙකු නොවැ. 

මේ රට අරාජික තත්ත්වයට පත් කිරීමට මංගලත් අදහස් කරන බව මාධ්‍ය මගින් දැනගන්න ලැබුණා. මෙය ඇමැත්තන් අනිසි වාසි ලබා ගැනීමට වඩා තම හොරකම් හෙළිවීම වැළැක්වීම පිණිස කෙරෙන්නක් බවයි පෙනෙන්නේ. මුන්ගේ පෙරේතකම නිසා මේවා කොහෙන් කෙළවර වේද මන්දා. 
- ඉහත පළ කළේ ප්‍රතිචාරයයි.

මේ මගේ අදහස මංගල සමරවීර මහත්මයා ගැන 

මංගල ගැන මම ෆේස්බුක් එකේ මෙහෙම දෙයක් ලිව්වා. මංගල කියපු දේ, ජාතිවාදයට විරුද්ධ අදහස්, හැමෝම එක සමානයි වගේ දේ  , මේවා ඔක්කොම හරි. මන්ගල ට ස්තුතියි ඒ ගැන. සිංහල බෞද්ධ අන්තවාදයට විරුද්ධව කතා කිරීම සහ රටේ හැමෝම එක හා සමාන පුරවසියම් බව සැලකීම. ඉතා උතුම්. හොඳයි. ඒ වගේම ජාතිවාදී මිඩියා වලට දෙන  දැන්වීම් වරණයත් හොඳ වැඩක්.

ඒ වගේම මංගල ඇමති තුමාගේ ලිංගිකත්වයට එල්ල කරන මඩ ප්‍රහාර වලට සහය දෙන්නෙත් නැහැ. ඒවා බාල වැඩ.

නමුත් මේ වෙලේ මිනිස්සු කල්පනා කරන්නේ බඩ ගැන. මංගල නෙමේ සංහිඳියා ඇමැති . වෙන කෙනෙක්. මංගල මුදල් ඇමති. මංගල බලන්න ඕනේ ආර්ථිකය ගැන . ඒක වැටිලා තියෙන්නේ.
පළමු පියවර - තෙල් මිල අඩු කිරීම. 
මම බුකියේ ලිව්වේ මේක:
මංගල සමරවීර මහත්මයා ‍ව්‍යාපාර කඩන් වැටිලා, කඩවල් වැහිලා ,බඩු ගණන් ගිහින් . ඉන්ධන මිල අඩු කලොත් , ප්‍රවාහන මිල අඩු වෙලා සමහර බඩු වලවත් ගණන් අඩුවෙයි. මිනිස්සු එහෙමෙහේ යන එක වැඩි වෙයි. බඩු ගණන් අඩු වුනොත් අතේ ඉතිරි වෙන කීයෙන් හරි මිනිස්සු තව මොනවා හරි ගනියි . ආර්ථිකය ටිකක් හරි නගියි මුදල් සංසරණය වීම වැඩි වුනොත්. මිනිස්සුන්ට මේ ජනාධිපතියි මේ ආණ්ඩුවයි එපාම වෙලා ඉන්නේ. ඔහේ ඉන්ධන මිල වැඩි කරනව. . මේ වෙලාවේ තමයි මනුස්සයෝ සහනාධාර දෙන්න ඕනේ හැමෝටම. ඉන්ධන මිල අඩු කරන්න බයිලා නොකිය .
Oil price increases are generally thought to increase inflation and reduce economic growth. In terms of inflation, oil prices directly affect the prices of goods made with petroleum products. ... Increases in oil prices can depress the supply of other goods because they increase the costs of producing them.

Monday 13 May 2019

ආයි කෙලව ගන්නද - විරුද්ධ වෙන්න දැන්මම

අර අනගාරික ධර්මපාල තුමා මුන්ට කතා කරපු විධිහ හරි, එයා දීපු පණිවිඩේ වැරදි වුනත් කතා කරපු විධිහ හරි. 

1983 සංවිධානය වෙලා කඩ වලට ගෙවල් වලට ගහපු උන් කවුද කියල අපි දැක්ක.

 අවුරුදු හතර කට පස්සේ ලෝකයේ දෙවැනි විශාලතම හමුදාව ආව රටට. 
මහා ජාතියෙයි ප්‍රධාන සුළු ජාතියකයි රටේ හොඳම කොල්ලෝ කෙල්ලෝ ලක්ෂයක් දෙකක් විතර මරාගත්ත මතක නැත්ද?

 දැන් තොපි ආයිත් පටන් ගනියව්. මේ පාර එන්න ඉන්නේ ලෝකේ ලොකුම හමුදා තුනින් "ච" යන්නද "ඉ "යන්නද "අ "යන්නද කියන්න තවම අමාරුයි.
හැබැයි ආයිත් තව ලක්ෂයක් දෙකක් මරා ගනිල්ලා පුළුවන්නම්. 

ඒකට කැමති නැත්නම් මේ පිස්සු බල්ලන්ට විරුද්ධ වෙයල්ලා පක්ෂ භේද අත හැරලා.

දැන් කියන්න එන්න එපා පිටරට ඉන්න එක මෙහෙ වැඩක් බලා ගනිල්ලා , අපි අපේ රට බල ගන්නම් කියල. අපේ ආදරණියයෝ ඉන්න ජිවත් වෙන රට අපි හැමෝටම වැදගත්.

කඩ වර්ජනය කරන්න ඕනේ නම් කරාට කමක් නැහැ. මම නම් ඒකට විරුද්ධයි. නමුත් හලාල් මස් ගන්න  මුස්ලිම් වරුන්ට අයිතිය තියනවා නම් , කොෂර් කෑම විතරක් ගන්න යුදෙව් ජාතියට අයිතිය තියනවා නම් කඩ වර්ජනයටත් පුද්ගලයෙකුට අයිතිය තියනවා. එංගලන්තයේ  ලේබර් පක්ෂයේ සමහරු ගාසා තීරයේ  යුදෙව් භාණ්ඩ වර්ජනය කරනවා. 
  නමුත් කාගෙවත් දේපල ගිනි තියන්න, කඩා දමන්න කාටවත් අයිතියක් නැහැ. ඒක සිවිල් නීතිය  යටතේ වරදක්.

ඕක කරනවුන් අල්ලලා පොලිසියට භාර දෙන්න ගත්තේ නැතත්.

රෑ වැටුණ වලේ දවල් නොවැටෙමු. 



Sunday 5 May 2019

බටහිර භාෂණ නිදහසේ සීමාව

පසුගිය කාලයේ ම නිතර කියවූ ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් විය. මෙම බ්ලොග් අඩවිය බොහෝ විට ලෝකයේ කිසියම්ම හෝ තැනක සියදිවි නසා ගන්නා බෝම්බකරුවෙකු හෝ කණ්ඩායමක්  ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක ඒ පිළිබඳව තිබෙන විකල්ප වාර්තා ඉදිරිපත් කරන්නකි.
බ්ලොග් අඩවිය ඉවත් කර ඇත 

බොහෝ විට ඇතැම් රටවල ඩීප් ස්ටේට් නමින් හඳුන්වන රහස් ඔත්තු සේවා තුලම රහසේ ක්‍රියාත්මක වන රහස් ඔත්තු කණ්ඩායම් (ගෘප්) වල ක්‍රියා ද හෙළිදරව් කෙරිණි. (ගැඹුරු මුහුද සහ ඩීප් ස්ටේට් ලිපිය)   මෙවැනි ඇතැම් කණ්ඩායම් වල ක්‍රියා ඒ ඒ රටවල දේශපාලන නායකත්වයට නොදන්වාද   ක්‍රියාත්මක වේ. ඒ අතරම කිසියම් රටක දේශපාලන ප්‍රවණතාවන් වෙනස් කිරීමට යොදා ගන්නා ව්‍යාපාරයන් මෙහෙයවීමද මේවායින් කරනු ලබයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධව මා  ලිපියේදී ප්‍රශ්නයක් ඇසුවෙමි.
//අවසන් වශයෙන්  වසර දහයකට පෙර අවසන් වූ LTTE සමග යුද්ධයේදී   තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට සිටි බව ඇත්තක් ද?//

දැන් කවුරුත් දන්නා පරිදි එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා දැනුවත්ව එවැනි මුස්ලිම් ඔත්තුකරුවන් ප්‍රමාණයකට මුදල් ගෙවා තිබූ බව  දැන් නොරහසකි. දෙවැනි ලිපියේදී මා කිවේ ආරක්ෂක සේවා එවැනි දේ කරන බවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා එවැන්නක් කරන්නට ඇත්තේ එදා තිබූ තත්වය සළකා බලා විය හැක. නමුත් ඔවුන් (තව්හාද් ජමිත්) පසුව වෙනස් වන්නට ඇත. එය ඔහු  බලාපොරොත්තු නොවූ තත්වයක් වන්නට ඇත.

 මේ ළඟදී ෆේස්බුක් හි ගිය සංවාදයක  අයිසිස් සංවිධානය සැදුවේ එක්සත් ජනපදය නොවේ යයි කියා අනූප නම් මහතෙකු පළ කළ කොමෙන්ටුවකට පිළිතුරු වශයෙන් තවත් යොමු සමග පහත පින්තූර දෙක  පළ කළෙමි.
සෙනෙටර්ජෝ න් මැකේන් අයිසිල් (පසුව අයිසිස්) නායක සමග 

පළමු වැන්නේ  හිටපු ඇමෙරිකානු සෙනෙට් වරයෙකු වන  ජෝන් මැකේන්   හා පසුව අයිසිස් සංවිධානයේ සිරියාවේ නායකයා වූ තැනැත්තාගේ පින්තූරයකි. ඒ  ඇමෙරිකා එක්සත් ජනපදය  සිරියානු ජනාධිපති ඉවත් කිරීමට සිරියානු "නිදහස් විමුක්ති කාමීන්ට" උදව් කරන කාලයේය. අයිසිල් ලෙස එදා හැඳින්වූ අයිසිස් ඉන්  එක සංවිධානයක් විය.
මේ පින්තුරය නිවැරදි නොවන බව fact check වෙබ් අඩවිය පවසයි. ඔවුන් කියන්නේ ඒ සිටින්නේ නිදහස් සිරියානු හමුදාවේ (free Syrian army) නායකයා බවයි. එනම් අසාද්ට විරුද්ධව එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර සන්ධානය විසින් ආධාර කල සිරියානු විරුද්ධ පක්ෂයයි.

මෙහිද ප්‍රශ්නයක්  තිබේ. ජනාධිපති ඔබාමා ගේ උප ජනාධිපතිවරයාව සිටි ජෝ බයිඩන් කිහිප වතාවකදීම අසාඩ් ට විරුද්ධව ගොඩ නගන  ලද සන්ධානයේ අල් නුස්රා  බ්‍රිගේඩය , අල් කයිඩා සහ අයිසිල් වරු සිටින බව පිලි ගත්තේය. වෙනත් අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයේ යහළුවන් වන සෞදි අරාබිය සහ තුර්කිය  අයිසිල් එකට සහය දුන් බව පිලි ගත්තේය. මේ සඳහනට ඔහු පසුව සමාව ඉල්ලා සිටියේය.
(Obama’s “Anti-ISIS” Coalition Built ISIS, Biden Admits )
(Joe Biden apologised over IS remarks, but was he right?)
(Behind Biden’s gaffe lie real concerns about allies’ role in rise of the Islamic State)

දෙවැනි පින්තූරයේ  ඇත්තේ  නැටෝ රටක් වූ තුර්කි ජනාධිපති එර්ඩොගන්  අයිසිස් එකට ආයුධ සැපයූ වගුවකි. ඔහු අයිසිස් වරුන්ගෙන් නිත්‍යානුකුල නොවන ලෙසට අයිසිස් ඉරාකයේ  පාලනය කළ තෙල් නිධි වලින් තෙල්ද ලබා ගත්තේය. මේ ඇමෙරිකා  එක්සත් ජනපදය නොදැනුවත්ව නොවේ. (ලිපිය දිග වැඩි වන නිසා ඒ ගැන නොලියමි) මේ පින්තූර ලැබෙන්නේ කුර්දිවරුන් හරහාය. ඒ කුර්දි වරුන් තුර්කි ජනාධිපති එර්ඩොගන් ට විරුද්ධ බැවිනි.

 සෝවියට් හමුදා වලට සටන් කළ මුජහදීන් වරුන්ට සහය දුන් ඇමෙරිකා  එක්සත් ජනපදය එම ගරිල්ලා කණ්ඩායම්  පසුව අල් කයිඩා වශයෙන් සංවිධානය වී තමන්ට පහර දේ යයි කිසි විටෙක  නොසිතන්නට ඇත. බොහෝ විට ජෝන් මැකේන් ට   සිදුවන්නට ඇත්තේද එයයි. ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තමන්ගේ චන්ද ව්‍යාපාරයේදී හිලරි ක්ලින්ටන්  ගේ මේ විනාශකාරී විදේශ පිළිවෙත දැඩි ලෙස විවේචනය කළේය.  අන්තිමේදී ඇමෙරිකාවට සිදු වූයේ කුර්දි ගරිල්ලන් සමග එකතුව අයිසිස් එකට පහර දීමටය.

මේ ගැන ලිපියක් මම 2014 දී (The Kobeningrad)  ලීවෙමි. ඇමෙරිකා එක්සත් ජනපදය කෝබෙන් නගරය බේරා  ගැනීමට කුර්දි හමුදාවලට සහය දුනි.

අන්තවාදී ප්‍රහාරයක් වැනි සිද්ධියකදී එය මවාගත් හෝ දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම අරභයාකරන ලද්දක් දැයි සොයා බැලීම මා ඉහත සඳහන්  කල බ්ලොග් අඩවියේ සිරිතකි.

මා දන්නා පරිදි මෙම බ්ලොග් අඩවියට ලිපි ලිවූ කිහිප දෙනෙක් විය. ඉන් එක් අයෙකු මැද පෙරදිග සටන් කළ, ප්‍රබල රටක කමාන්ඩෝ සෙබළෙකි.

බ්ලොග් අඩවියේ  අවසන් ලිපි දෙක පළවූයේ ශ්‍රී ලංකාව ගැනය. මගේ මේ ලිපියට "ජනාධිපති සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය"  සම්බන්ධ කරුණු සෙවීමේදී යොදා ගත් ලිපිවල ඇතැම් මූලාශ්‍ර ගත්තේ මෙම බ්ලොග් අඩවියෙන්ය. මා පල කරන්නේ සිංහලෙන් නිසා ප්‍රශ්නයක් වේ යැයි නොසිතුවෙමි. නමුත් ආරක්ෂාව සඳහා  එම බ්ලොග් අඩවියේ යොමුව පළ නොකලෙමි.

කෙසේ වුවද මගේ බ්ලොග් ලිපිය පළකර දින පහකට පමණ පසු වර්ඩ් ප්‍රෙස් විසින් මේ බ්ලොග් අඩවිය ඉවත් කර ඇත. බ්ලොග් අඩවිය ලියූ අය  එය කරන ලද්දේ නිර්නාමික ලෙසය. බ්ලොග් අඩවිය කරන්නේ කවුද යන්න දැන  සිටියේ ඇතැම් කුර්දි ජාතික වාමාංශිකයන්ය. නමුත් මේ වාමාංශික කුර්දිවරු සිරියාවේ දී එක්සත් ජනපද ආරක්ෂාව හා හමුදා සහය ලැබූවන්ය. ජනාධිපති ට්‍රම්ප් ඔවුන් අත හැර දමාවිද යන්න  කීමට තවම කල් වැඩිය.  මේ නිසා මේ අඩවියේ බ්ලොග්කරුවන් හෙළිදරව් වීමට ඇති ඉඩකඩ ද වැඩි වූ බව දැන් සිතේ.

බටහිර රටවල හෝ රුසියාවේ භාෂණයේ නිදහස සීමාවන තැනක් තිබේ. ඒ එම රටවල රහස් ඔත්තු සේවාවන්  හා ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරීත්වයන්  පිලිබඳවය.  එතැනදී භාෂණයේ නිදහස සීමා කිරීමට ඔවුන් පැකිලෙන්නේ නැත. විශේෂයෙන් "ඩීප් ස්ටේට් " පැත්ත ඔවුන් දැඩි ලෙස ආරක්ෂා කරනු ලබයි. චීනය, ඉරානය සෞදි අරාබියාව වැනි රටවල එවැනි නිදහසක් නැති නිසා ඒ රටවල් කොහොමත් ප්‍රකාශන නිදහස රකින රටවල් ලෙස නොසිතමි.

කෙසේ හෝ වේවා ශ්‍රී ලංකාවේ තර්ජනය තවම පහව ගොස් නැත.  මුස්ලිම් වරුන් පල්ලිවල කඩු  ගෙනැවිත් තබමින් සංවිධානය වූයේ බොදුබල සේනා , මහසෝන් බලකා ආදීන් ගෙන් ආරක්ෂා වීමට බව මගේ  හැඟීමය. නමුත් ඉන් සමහරෙක් වඩාත් සංවිධානය වී ශ්‍රී ලංකාවට දරුණු පහරක් එල්ල කර තිබේ. මිනිස් ඝාතනයට අමතරව සංචාරක ව්‍යාපාරයටද එල්ලවී ඇත්තේ දරුණු පහරකි.ශ්‍රී ලංකාවේ ජනතාව සාමයෙන් සිටිනු දකින්නට අකමැති, එහි ආර්ථිකය දියුණු වනු දකින්නට  අකමැති ලංකාවේම ඉපදුනු මිනිසුන් සිටීම කණගාටුවට කරුණකි . චීනයේ උර්ගු මුස්ලිම් වරුන් මුහුණදී  ඇති දරුණු තත්වයට ද බොහෝ අන්තවාදී මුස්ලිම්වරු කැමති නැත . එනිසා ඉදිරියේදී ලෝකයේ චීනය හා සම්බන්ධ ව්‍යාපාර වලට පහර දේ යයි බියක් මා තුල පවතී. ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යාපාර බොහොමයක් ඇත්දැයි මම නොදනිමි.

මට කිව හැක්කේ පරිස්සම් වන්න මිතුරනි කියා පමණකි.

Saturday 27 April 2019

ජනාධිපති සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය

කොච්චිකඩේ දේවස්ථානය 
ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව දෙසිය පණහ ඉක්මවා ගොස්ය. නොයෙකුත් වාද විවාද බහුල මේ අවධියේ මෛත්‍රීට හා රනිල්ට දෝෂාරෝපණය කරන්නන්ද හතර පස් ගුණයකින් වැඩිවී තිබේ. මේ ලිපිය ඔවුන් ඒ අපවාද වලින් බේරා ගැනීමේ ප්‍රයත්නයක් නොවේ.

බටහිර මාධ්‍ය බොහොමයක ප්‍රධාන සිරස්තලය වූයේද මේ සිද්ධීන් මාලාවයි. මගේ සිතේ  නැගුනු ප්‍රශ්නයක් නම් මේ ප්‍රහාරය බටහිර මාධ්‍ය කියන පරිදි ක්‍රිස්තියානියට එරෙහි යුද්ධයක් ද?  එසේ නොමැති නම් බෞද්ධ රාජ්‍යයකට එරෙහිව  යුද්ධ ප්‍රකාශ කිරීමක්ද? බෞද්ධයන්ට එරෙහිව නම්  ප්‍රසිද්ධ  පන්සලකට ප්‍රහාරයක් එල්ල නොවූ යේ  මන්ද ?

මා 2018 අප්‍රේල් 02 දා ලියූ මේ ලිපිය ( සෝවියට් විවාහ ගැන නොවේ - 5)
 අවසන් කළේ අල්ලාහු අක්බර් කියාය.  ශ්‍රී ලංකාවේ දේශපාලන බල තුලනය වෙනස් කිරීමට කිසියම් රටක් අන්තවාදය උපයෝගී කරගනු ඇත යන අනතුරු ඇඟවීම කළේ ඒ ලිපියෙන්ය.

 රජය:
අගමැති  රනිල් ආරක්ෂක රැස්වීම් වලට කැඳවා නැත්තේ ජනාධිපති තුමාය. නියෝජ්‍ය ආරක්ෂක ඇමති රුවන් ජයවර්ධන ද ආරක්ෂක රැස්වීම් වල සිටියේ නැත? එසේ කියා ඔවුන්ට මේ වගකීමෙන් බේරිය හැකිද? පිළිතුර නැත යන්නය. ආරක්ෂක හමුවලට නොකැඳවීම පමණක් නොව නීතිය  හා සාමය අමාත්‍යංශය  ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාට භාර නොදීම පිළිබඳවද අගමැතිවරයා ක්‍රියා කලේ ඇල්මැරුණු ස්වභාවයකිනි.  ඒ ඇයි?

පොලිසිය භාරව  සිටින්නේ ජනාධිපතිය.  නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ප්‍රභූ ආරක්ෂක අංශ වලට ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් කර ලිපියක් යවා තිබේ. එසේනම්  මෙම අනතරු ඇඟවීම අගමැතිට යවන්නට එපා යයි කිවේ කවුද? ඔහුට (අගමැතිට)  සැබවින්ම එය නොලැබුනාද? ඇමති හරීන් ප්‍රනාන්දු ඇත්තටම දැන ගත්තේ පියාගෙන්ද? නැත්නම් අර ලිපියෙන්ද? ඔහුගේ බොළඳ ප්‍රකාශය ඇමතිවරයෙකුට නොවටිනා එකක් බව වෙනම කරුණකි.

අනිකුත් ඇමතිවරුන් පුවත්පත් සාකච්චාවේදී සිනහ වෙමින් සිටියේ රටේ  ආරක්ෂාව භාරව සිටි ප්‍රධානියා ජනාධිපතිවරයා වූ  නිසා "කෙළ  වුණා නේද ඔහෙට " යන හැඟීමෙන් ද?

අර ගිය වසරේ ලියූ මුල් ලිපියේ මා කිවේ මුස්ලිම් රටවල්ද මේ සමීකරණයට එක්වෙන බවය. නැගෙනහිර දිගින් දිගටම වහබිවාදය ව්‍යාප්ත වෙමින් සිදු වූයේ එයයි. ඒ සඳහා මූලික අඩිතාලම දැමුවේ සෞදි  අරාබියට ශිෂ්‍යත්ව ලැබ එහි ඉගෙනුම ලබා පැමිණි අයයි.  ඊට අමතරව සෞදි  මුදල්ද නොයෙකුත් ව්‍යපෘති වලට යයි කියමින් නැගෙනහිරට ගලා එන්නට විය. මුස්ලිම් ඡන්ද නැති කර ගැනීමට නොහැකි නිසා රනිල් පාර්ශ්වය මෙන්ම මහින්ද පාර්ශ්වයද  නිහඬව සිටි බව රහසක් නොවේ.

රාජපක්ෂ කණ්ඩායම:
ගෝඨාවාදී කණ්ඩායම අගමැති රනිල් සහ කැබිනට්ටුවට විරුද්ධව හඬ නගනු පෙනේ. මහින්ද සහ  ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සමග තව්හිඩ් ජමාල් සම්බන්ධය පිළිබඳවද ප්‍රබල හෙළි දරව්වක් තිබේ.
ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ තව්හිත් ජමාඩ් හි ලේකම් වරයා බුද්ධි අංශයේ ඔත්තුකරුවකුව සිටි බවට චෝදනාවක් පවතී. එසේම එම කණ්ඩායම මහින්ද මහතා සමග සිටියදී ගත් ඡායා රූපයක් ද ඇත. එසේම ජනතා  විමුක්ති පෙරමුණේ නාම  යෝජනා මාලාවක එක බෝම්බ කරුවෙකුගේ පියා සිටී. චෝදනා කෙසේ වුවත් ජවිපෙ නායකත්වය මේ තැනැත්තා මුස්ලිම් ජාතිවාදයට සම්බන්ධ බවට දැන සිටි බවට සාක්ෂි නොමැත. ඒ බව බොහෝ විට පවසන්නේ (බුකියේ) ගෝඨා වාදීන් ය.  මට සිතෙන විධිහට ඒ මහින්ද - හා ගෝඨා ට එල්ලවන අපවාදයෙන් මිදීමට විය හැකිය. එසේම එම  මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධ ඇමතිවරු යුඇන්පී කැබිනෙට්ටුවේ සිටින බවට චෝදනා ඇත.

මේ පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානින් ට එරෙහිව ලෝක ශුද්ධ යුද්ධයේ එක ජවනිකාවක්ද ? බටහිර හා පෙරදිග (east and west ) ශිෂ්ටාචාරයන් හි ගැටීමක්ද? බොහෝ අය ඔබට අවබෝධ කරවන්නට හදන්නේ එයයි. ශ්‍රී ලංකාව පෙරදිග රටකි. ශ්‍රී ලංකාවේ  සිංහල  බෞද්ධ ශිෂ්ඨාචාරය පිලිබඳ බොහෝ කියැවීම් තිබේ. බොහෝ කතෝලික ප්‍රගතිශීලින් මෙන්ම සිංහල වාමාංශික හා ලිබරල්වාදී (බෞද්ධ විය හැකිය) අය මේ "සිංහල බෞද්ධ" දැක්මට නිරන්තරයෙන් සමාජ මාධ්‍ය, රූපවාහිනී පුවත්පත් මගින් විවේචන කරනු දැකිය හැකිය. සිංහල බෞද්ධයා කොඩිය ඔසවාගෙන යන මහා සොහොන්  බලකාය ඇතුළු අනිකුත් ජාතිවාදී සංවිධාන වලට   මුස්ලිම් සහ කතෝලික ජන වර්ග දෙකම  සමග ඇරියස් තිබේ. එනිසා අර ශිෂ්ටාචාර සමග ගැටීමේ බටහිර මතය ඉවත දැමිය හැකිය. ක්‍රිස්තියානි - ඉස්ලාම් ගැටීම ලංකාවේ පෙන්වන්නට ඔවුන්ට අවශ්‍යතාවයක් තිබෙන්නෙට නොහැකිය.

ප්‍රහාර පිළිබඳ මූලික චෝදනාව එල්ල වන්නේ ජාතික තව්හිත් ජමාත් නැමති කුඩා ත්‍රස්තවාදී සංවිධානයටය.  නමුත් අර අහම්බෙන්  නියෝජ්‍ය පොලිස්පතිවරයා  යැවූ ලියුම ඇරෙන්නට ඔවුන් මෙයට සම්බන්ධ  වෙන්නේ මැරුණු මුහුණු වලින්ය. ඒ කියන්නේ මොවුන් පහර දෙන බව, මේ කුඩා කණ්ඩායම පහර දෙන බව පොලිසිය, ආරක්ෂක ලේකම්, විපක්ෂ නායක ආදීන් දැන  සිට ඇත. ඒ කියන්නේ ජනාධිපතිද දැන  සිටීමට අවකාශය වැඩිය. නමුත් කුඩා කණ්ඩායමක් පැමිණ  රතිඤ්ඤා දෙක තුනක් පුපුරා යාවි යයි ඔවුන් සිතා  ඇති බව හිටපු ආරක්ෂක  ලේකම්වරයා  ගේ කතාවකින් හෙළි විය.

නමුත් මෙය කාලයක් මුළුල්ලේ ඉතා සූක්ෂමව සැලසුම් කර ඉතා නිවැරදි ලෙස එල්ල කළ ප්‍රහාරයකි.   දෙදෙනෙක්  ව්‍යාපාර හිමි ධනවතෙකුගේ පුතුන්ය. අවශ්‍ය ලොජිස්ටික් හා රහස්‍ය තොරතුරු සඳහා විසි කරන්නට මුදල් තිබී ඇත. ඒ ඇරෙන්නට කිසියම් දේශපාලන හා පාතාල ප්‍රබලයන්  කිහිප දෙනෙකුගේ හා විදේශ රහස් සංවිධානයක ආධාර ලැබී නැතැයි කිව හැකිද? මොවුන්ට මෙතරම් ප්‍රබල ප්‍රහාරයක්  කරන්නට අවශ්‍ය දත්ත හා සැලසුම්  සපයා ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.  නැත. ඒවා සපයා තිබේ. ඒ කවුද?

දැන් මා මේ ලිපිය ඉන්දියාව සමග නැගිටිමු  ලියුවේ 2018 පෙබරවාරි වලය. එහි ජේ ආර් ගේ ඇමෙරිකානු හිතැති රජය පෙරලීමට ද්‍රවිඩ කණ්ඩායම් වලට ආරක්ෂක හෙවනක් තමිල්නාඩුවේ සැපයුවේ ඉන්දියාවේ ඉන්දිරා  බව සඳහන් කළෙමි. ජේ ආර් හා යුඇන්පී එකට විරුද්ධ නිසා සිරිමා- මහින්ද ඉන්දියාවේ මේ අශුද්ධ ගේමට  වැඩිය විරුද්ධ වුයේ නැත. විරුද්ධ වුයේ ජවිපෙ හා ජාතික චින්තන කණ්ඩායම පමනි. ඉන්පසු වූයේ කුමක්දැයි අපි දනිමු.  සිවිල් යුද්ධය ජය ගැනීමට මහින්ද රජයට ඉන්දියාව  දැඩි ලෙස උදව් කල බවද දැන් අපි දනිමු.  ඒ තමන් කිරි පොවා දැඩි කල ප්‍රභාකරන් මහතාම  ඔවුන්ට දෂ්ඨ  කළ හෙයිනි.

පශ්චාත් යුද සමයේ  දැඩි ලෙස චීනයට ඇදෙන මහින්ද රජය  නවත්වන්නට මුස්ලිම් ප්‍රශ්නයක්ද දඩමීමා කරගෙන එම රජය පෙරලීමට පිටුපසින් සහය වූ විදේශ බලවේගය කුමක්ද  යන්නද දැන් අපි දන්නෙමු. ඒ කියන්නේ බොදු බල සේනාව නිර්මාණය වූයේ කෙසේද යන්න දෑස් වැසුනු ජාතිවාදී පිස්සන්ට  ඇරෙන්නට අන් අයට රහසක් නොවේ.

ඇඩම් ගැරී ගේ මේ ලිපිය බලන්න." කිසියම් බලවත් විදේශ රටක් ඇටවූ උගුලක ශ්‍රී ලංකා රජය වැටුණාද" 
ඔහු කියන අන්දමට ලංකාවේ මුස්ලිම් ජනගහනය 8% කි. මේ කුඩා ජනගහනයෙන් වැඩි හරියක් සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් වලින්  සුළු ප්‍රශ්න තිබුනද සිංහල  බෞද්ධයන් සමග සාමයෙන්  වෙසෙති.  එනිසා හෝටල් ගණනාවක් සම්බන්ධ කර මෙවැනි ප්‍රහාරයක් ලොජිස්ටිකලි එල්ල කිරමට මෙවැනි කුඩා ජනගහණයකට නොහැකිය. එයට විදේශ බලවේගයක් හෝ විදේශ රහස් ඔත්තු සේවයක සහය ලැබී නැති යයි කිව හැකිද?

වඩාත් වැදගත් ලිපියක් ඇත්තේ මෙහිය. රනිල් වික්‍රමසිංහ රජය නිදාගෙන සිට නැත. ගිය දෙසැම්බරයේ සිට යුදෙව් හත්සල්ලා එකමුතුව (United Hatzallah ) සහ ඇමෙරිකානු යුදෙව් කමිටුව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කර ඇත්තේ  කුමක්ද? එය විශාල ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දීමට කණ්ඩායම් කිහිපයක් පුහුණු කර ඇත. යොමුවට යන්න. 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා  රටේ අගමැතිව  බලයෙන් පහ කලේ ගිය ඔක්තෝබරයේය. එක හේතුවක් වූයේ ඔහු ඝාතනය කිරීමට ඉන්දීය කුමන්ත්‍රණයක් ඇති බව පවසමිනි. ඔහු  පසුව ඉන්දීය අගමැති මෝදි අමතා එසේ නොකී බව පැවසුවේය.  ඉන්දීය - ඇමෙරිකානු ටිකට්ටුවෙන් බලයට පැමිණි ජනාධිපති වරයා හිටු කියා චීනයට කඩේ යන්නට පටන් ගත්තේ පසු කාලයකදීය. චීන වරාය  නගරය තව දුරටත් සිහිනයක් නොවේ. රනිල් රජයේ ගැලවුම්කරුවා වී ඇත්තේද චීනයමය. පසුගිය කාලයේ අත්සන් කල ගිවිසුම් දෙස  බලන්න.

ජනාධිපති කෙරෙහිද  බිජිං බලපෑම උත්සන්න වූ බව දිල්ලියට රහසක් නොවේ.

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය අසූ  ගණන්වල ඇමෙරිකාව දෙසට හැරීම "භාග සමාජවාදී " ඉන්දිරාගේ ඉන්දියාව නොඉවසුවාක් මෙන්ම මහින්ද සහ  සිරිසේන  කොමියුනිස්ට් චීනා ගේ  පැත්තට හැරීමද ඔවුන් ඉවසන්නේ නැත. සිරිමාවෝ වැනි මාඕ , චෞ එන් ලායි හා ඉන්දිරා  සමග ජාම බේරාගෙන  එකසේ කටයුතු කළ නායිකාවක් ලංකාවට  දැන් නැත. එසේ නම් ඉන්දියාව කළ යුත්තේ කුමක්ද?

ඇඩම් ගැරී ට අනුව යුද්ධය අවසන් වී වසර දහයක් පමණ ගතවී ඇති නිසා ලංකාවේ  ආරක්ෂණ යාන්ත්‍රණය ලිහිල්  වී ඇත. එය ස්වභාවික දෙයකි.  ලංකාවේ දේශපාලන භුමියේ වීරයා  වීමට ඉස්ලාමෆෝබියාව දහම කරගත් මෝදී ගේ ඉන්දියාව කළ යුත්තේ කුමක්ද?

රනිල් වික්‍රමසිංහ කෙතරම් ඉන්දීය වාදියෙකු වුවද ඔහුද චීනයේ සිල්ක් මාවත  යෝජනා ක්‍රමයට සහය දක්වන්නෙකි. එනිසා සිඝ්‍රයෙන් වර්ධනය වන  චීන සිල්ක් මාර්ග ව්‍යාපෘතිය හා චීන සම්බන්ධකම් වලට දඬුවම් පැමිණවීමට ඉන්දියාවට හා ඇමෙරිකා එක්සත් ජනපදයට වුවමනා නම් සංචාරක ව්‍යාපාරයට පහර දීම ගන්නේ මුල් තැනකි. ලංකාවේ කොන්ද කැඩීම ට එය ප්‍රමාණවත්ය.

පසුගිය කාලවල ඉන්දියාවේ සිදුවූ ජිහාඩි ප්‍රහාර  වල පිටුපස පකිස්ථානුවන් සිටියා  යයි කීවද වඩා ලඟින් සොයා බැලීමේදී හෙළිවන්නේ ඔවුන්ට පකිස්ථානයේ කතා කරන උර්දු භාෂාව පවා  කතා කිරීමට නොහැකි බවයි.  මේ මුසොල්මානුවන් ආගමික අන්තවාදීන් බව සැබෑය. නමුත් ඔවුන් හසුරුවන්නේ පිටරට අයිසිස් සංවිධානය යයි බොහෝ අය සිතති. නමුත් බොහෝ විට ඔවුන් හසුරුවන්නේ වෙනත් සංවිධානයක් විසිනි. සිරියාවේ එවැනි "වෙනත් අය " හසුරුවන සංවිධාන බොහෝය.

ඉන්දීය  හා ඊශ්‍රයල සංවිධාන ලංකාවේ කරන්නේ කුමක්ද? ඔවුන් විශාල ත්‍රස්ත පහර දීමකට මුහුණ දීමට 2018 දෙසැම්බරයේ මිනිසුන් පුහුණු කෙරුවේ ඇයි ? එසේම අප්‍රේල් හතර වැනිදා ඉන්දියානු ඔත්තු සේවා ප්‍රහාරයක් ගැන දැනුම් දී තිබුන බව දැන් හෙළිවී ඇත. මේවා පල්ලි වලට නොකීවේ ඇයි? කුඩා මුස්ලිම් ජනගහනයකින් මතුවූ කුඩා කණ්ඩායමක් ඔවුන් වැනිම වූ  කුඩා කතෝලික  ජනගහනයකට පහර දෙන්නේ ඇයි? ඔවුන්ට ඉන් ලැබෙන දේ කුමක්ද? සමහර විට ලෝක ප්‍රසිද්ධිය පමණි.  සිංහල  හා දෙමල ජනතාවගේ කෝපය මිස මුස්ලිම් ජනයාට ලැබෙන දෙයක් නැත.

දැන් මෙන්න මේ ලිපිය බලන්න. වෛද්‍ය ෆෞස්ට් යනු ජර්මන් කතාවක එන චරිතයකි. ඔහු යක්ෂයා සමග ගිවිසුමකට යන්නේ ලෝකයේ තිබෙන සියලුම දැනුම හා විනෝදය ලැබීමේ වාසි තකාය.  ලිපියේ මාතෘකාව ෆෞස්ට් මෙන් ශ්‍රී ලංකාවද  යක්ෂයා  සමග සම්බන්ධයකට ගිය බවකි.  මෙහි සඳහන්  යක්ෂයා  පකිස්ථානය සහ එහි රහස් ඔත්තු සංවිධානය වන ISI එකය (Inter-Services Intelligence). ඉන්දියාව ප්‍රතික්ෂේප  කල පසු LTTE සමග යුද්ධයේදී යුද උපකරණ ලංකාවට  වික්කේ චීනය සහ පකිස්ථානය බව ජෙනරාල් ෆොන්සේකා කියා ඇත. මේ නිසාම කඩි මුඩියේ LTTEය  අවසන් කිරීමට සහය දීමට ඉන්දියාවද තීරණය කළාය. ඇමෙරිකානු සහ ඉන්දීය රහස් ඔත්තු සේවා LTTE නෞකා ගැන ඔත්තු දුන්නේ එලෙසය. (ගෝඨාභය  මහතා ගෙන් අහන්න)

LTTE පරාජය කල පසු ලංකාවේ හිඩැස පිරවූයේ ඉන්දියාව නොව චීනය සහ පකිස්ථානය බව මේ ලිපියේ කියයි. එසේම 1971 පක් - බංග්ලා යුද්ධයේදී සිරිමාවෝ රජය පකිස්ථානයට ගුවන් හා ඉන්ධන පහසුකම් දීම ගැන මේ ලිපියේ කතා කරන්නේ අති  මහත් ද්වේෂයකිනි.   ඊට අමතරව ඉස්ලාමික ප්‍රහාර සහ ඉස්ලාමික අන්තවාදය  ශ්‍රී ලංකාවේ පතුරුවන්නේ පකිස්ථාන රහස් ඔත්තු සේවය  ISI බවට මෙහි කෙලින්ම චෝදනා කරයි.  මෙහි තරමක සත්‍යතාවයක් නැත්තේම නොවේ. සෝවියට් හමුදා ඇෆ්ඝන් මුජහදීන් සමග කළ  සටනේදී ඇමෙරිකානු - සෞදි ආධාර මුජහදීන් ගරිල්ලන්ට ලැබුනේ මේ අයිඑස්අයි හරහාය. ඔවුන්ට සෞදි සම්බන්ධයක් තිබේ. නමුත් අල්  කයිඩා ප්‍රධානි ඔසාමා බින් ලාඩන් මරු දුටුවේ  පකිස්ථානයේය.මේ නිසා  සෞදිය තවත් අයි එස් අයි කෙරෙහි එතරම් විශ්වාසය තබන්නේ යයි කිව නොහැකිය. ඔවුන්ට කෙලින්ම එහි වහබිවාදය ඉගෙනීමට  එන ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණ තරුණියන් සිටී.  මේ නිසා පකිස්ථානය ශ්‍රී ලංකාවේ  උතුරු නැගෙනහිර ඉස්ලාමික අන්තවාදීන් පුහුණු කර දකුණු ඉන්දියාවට පහර එල්ල කිරීමට සැරසෙන බවට එන චෝදනාව බිඳ වැටේ. පකිස්ථානය සමග  ශ්‍රී ලංකාවේ ඇති සුහද යුධ සම්බන්ධතාවය ඉන්දියාවේ රුස්සන්නේ නැත.
බෝම්බ කරුවන් යයි කියන ඡායාරුපය 

ඒ අතරම වසර 2016 සත්හඬ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් සමාජ ජාල වල සැරි සරයි ඒ තව්හිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ට   බුද්ධි අංශය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ මුදල් ගෙවූ බවයි. මේ ලිපිය බලන්න.
මෙහි ඇත්ත නැත්ත කෙසේ වුවත් මේ පිළිබඳව විරෝධයක් පෑමට මට නොහැකිය. ආරක්ෂක ලේකම් වශයෙන් බුද්ධි තොරතුරු සපයා ගන්නට එවැන්නක් කිරීම වරදක් ලෙස දැකිය නොහැකිය. එවැනි දෑ ඕනෑ  තරම් ඇමෙරිකන්, රුසියන්, බ්‍රිතාන්‍ය ආරක්ෂක ජාලයන් කරති.  ප්‍රශ්නය වන්නේ ඔහු එම ජාලය  දැන් භාවිතා කළේද යන්නයි. ඔහුට චෝදනා කරන අය ඔහු එසේ කළ බවට සාක්ෂි සැපයිය යුතුය.

මේ ලිපියේ ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය ගැන සඳහනක් එයි. පකිස්ථානය සමග ඇති සම්බන්ධතාවයට ඉන්දියාව එදා විරුද්ධ නොවුනේ ශ්‍රී ලංකාව හරහා LTTE සංවිධානය පරාජය වනු දැකීම ඉන්දියාවේ අභිප්‍රාය වූ නිසාය. නමුත් 2003 දෙසැම්බර් මස පකිස්ථාන  ජෙනරාල් ඛාන් ගේ ශ්‍රී ලංකා ගමන ඉන්දියාව අනුමත කළේ නැත. එයට හේතුව ඉන්දියාවට විරුද්ධ ජිහාඩ් යුද්ධයේ සැපයුම් කරුවක ඔහු බවට ඉන්දියාවේ සිතීමයි. දැන් මේ ටැමිල් ගාඩියන් එකේ කර්තෘවරයා ම බිබීසී සේවයට කිවූ කතාවක් අන්තර්ජාලයේ සැරිසරයි. ඒ සිංහල බෞද්ධ අන්තවාදය මේ ප්‍රහාරයට හේතුව බව ඔහු පුන පුනා පැවසීමයි. එම ප්‍රක්ෂයට විරුද්ධව පෙත්සමක්ද මේ දිනවල අන්තර්ජාලයේ  සැරිසරයි.   මතක තබා ගන්න බිබිසී දකුණු ආසියානු සේවයේ රැකියා කරන්නන් බොහොමයක් දකුණු ඉන්දීය ජාතිකයන්ය. ඔහු කිවූ දෙයෙහි සම්පූර්ණ වැරැද්දක් නැත්තේ සිංහල බෞද්ධ අන්තවාදයේ පැවැත්ම  බොරුවක් නොවන නිසාය. නමුත් මේ සිද්ධියේ බෝම්බ පිපිරුනේ සිංහල බෞද්ධ ස්ථාන වල නොව කතෝලික පල්ලි  හා සංචාරක හෝටල් වලය. චීන ආයෝජනයක් වූ ෂන්ග්‍රි- ලා ද එකකි. ඉන්දියානු  සම්භවයක් ඇති ටාජ් සමුද්‍රා හෝටලයට ගහන්නට පැමිණි ත්‍රස්තවාදියා අනිත්ම මොහොතේ හැරී ගොස් තමන්ම බෝම්බ පුපුරුවාගෙන අහිංසක පෙම්වතුන් දෙදෙනෙක්ද මරාගෙන මැරුණේය.
ටැමිල් ගාඩියන් කර්තෘ වුවමනාවෙන්ම හෝ ඔහුට ලැබුණු උපදෙසකට අනුව මෙවැනි ප්‍රකාශයක් කළාද? හේතුව මේ කරන්නේ සිංහල බෞද්ධයන් යි හඳුන්වා ගන්නා  කණ්ඩායම් ඕනෑ කමින්  ඇවිස්සීමක් හෙයිනි.

රකේෂ් ක්‍රිෂ්ණන් ගේ ලිපියේ අවසාන කොටස බලන්න.  ඔහු කියන්නේ   ශ්‍රී ලංකාව මේ ව්‍යාකුල තත්වයේ සිටීමට ඉන්දියාව වගකිව යුතු බවය. "ශ්‍රී ලංකාවේ දෙමළ  ඊලාම් රාජ්‍යයක් නොසැදීමෙන් ඉන්දියාවට සැමවිටම අවනත වෙමින්  කටයුතු කළ ශ්‍රී ලංකා දෙමළ  ජනතාවට  ඉන්දියාව  කලේ මහත් අසාධාරණයකි.  කාශ්මීර මිනිසුන්ට වඩා මේ දෙමළ ජනතාව ඉන්දියාවට ආදරය  කරති. ශ්‍රී ලංකාව පකිස්ථාන ඔත්තු සේවය  අයිඑස්අයි තුරුලේ තබාගෙන නළවයි. 
සිංහල නායකත්වයට මතක් කර දිය යුත්තේ ශ්‍රී ලංකාව ඇත්තේ ඉන්දියාවේ පිටුපස (backyard) බවය. පකිස්ථානය ඇත්තේ ශ්‍රී ලංකාවට  සැතපුම් දහස් ගනණක් ඈත්වය.දේශීය ගිනි නිවන්නට ජලය ඈත රටවලින් ගෙන ඒමට කොළඹට නොහැකිය. " මේ මුළු ලිපියම පාහේ  තර්ජනයකි.

සිරිසේන ජනාධිපතිගේ ඩිලෙම්මාව 

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔහුට මරණ තර්ජනයක් ඇතැයිද එය රෝ
(ඉන්දියානු රහස් ඔත්තු සංවිධානය) එකෙන් විය හැකි යයිද නාමල් නමැති විහිළුකාරයෙකු ලවා  ප්‍රකාශයක් කෙරෙව්වේය. එය තව දුරටත් විහිළුවක් යයි මට සිතිය නොහැකිය. ඔහු එළඹෙන අන්තරාය දැන දැනම සිංගප්පූරුව ට  වී සිටියේ ඇයිදැයි මට දැන් සිතා  ගත හැකිය. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාට දිගින් දිගටම නීතිය හා සාමය ආරක්ෂක අමාත්යංශය සමග භාර  නොදෙන්නේ ජනාධිපතිට ඔහුගේ ඇති පෞද්ගලික වෛරයකට වඩා විශාල රටකට ෆොන්සේකා අවශ්‍ය නැති වීම විය නොහැකිද? ෆොන්සේකා මහතා යුද්ධය අවසන් කාලයේ සිටියේ චීනයේය. ඔහු චීනයට  හා පකිස්ථානයට වඩා හිතවත් බවට ඉන්දියාව සිතන්නේ යයි කිව නොහැකිද?

එසේ නම් රනිල් වික්‍රමසිංහ මහතා වැනි ඉන්දියාවට  විරුද්ධ නොවූ ඉන්දීය උදව්වෙන් පත්වුවෙකු ෆොන්සේකා මහතා  පත් කිරීමට ඉල්ලන නේ ඇයි? බොහෝවිට රටෙන් හා එජාපයේ අනිකුත් අයගෙන් ලැබෙන බලපෑම නිසා විය හැකිය. එසේම ඔහු ෆොන්සේකා මහතා ආරක්ෂා අමාත්‍යංශයට යැවීමට පහුගිය කාලයේදි එතරම් උනන්දු වූවා යයි මට නොසිතේ. අගමැති කම රැක ගැනීමට සටන් කළත් නීතිය  හා සාමය රකිම ගැන ඔහු සටන් කළේ නැත.

රනිල් වික්‍රමසිංහ සේද මාවත  ව්‍යාපෘතියට මෙන්ම වරාය නගරයටද විරුද්ධ නැත. එනිසා  ඉන්දියාවට  තව දුරටත් අනවශ්‍ය  අවලංගු කාසියකි.  ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ පැත්තේ තබා ගැනීමට ඇමෙරිකාව පනවන ඕනෑම කොන්දේසියකට යටත් වීමට  රනිල් වික්‍රමසිංහට සිදුවේ. එනිසා ඇමෙරිකාවද දිනුම්ය.

මා  2018 පෙබරවාරි මාසයේ ලියු ලිපියේ සඳහන්  කළේ සිංහල බෞද්ධ නායකයකු චන්දයෙන් පත් කිරීමට ශ්‍රී  ලංකාවේ  ප්‍රශ්න ඇති කළ යුතු බවයි. මා කීවේ මෙයයි.
"එවැනි රටකට නැගෙනහිර පැත්තේ මුස්ලිම් වරුන් සමග හෝ උතුරේ ඉතිරිවී සිටින දෙමල කණ්ඩායම් සමග සම්බන්ධතා  ඇති කර ගත හැකිය. විදේශයේ විශේෂයෙන්ම  එංගලන්තයේ හා කැනඩාවේ සිටින විසිරුන එල්ටීටීඊ කණ්ඩායම් සමග මුදල් මත  සම්බන්ධතා ගොඩ නගා  ගත හැකිය. බෝම්බයක් දෙකක් පිපිරවීම , පොඩි ප්‍රශ්නයක් ඇති කර සිංහල පෙදෙස් කුපිත කිරීම කළ හැකිය. සිංහල සංවිධාන කිහිපයකට  මුදල් පොම්ප කල හැකිය. සමහර විට පසුගියදා දිගන හා අම්පාර ප්‍රදේශයේ සිදුවුයේ ට්‍රයල් රන් එකක් විය හැකිය. මුදල් විසි කරන ප්‍රමාණය අනුව ලංකාවේ  "ප්‍රශ්න" හා "අරගල" ඇති කල හැකි බව පසුගිය කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් වලින් පැහැදිලි වේ"


ඔවුන් නැගෙනහිරින් ශ්‍රී ලංකාව අවුළුවා තිබේ, නමුත් තෝරා  ගන්නා සිංහල බෞද්ධ නායකයා කවුද? මට පෙනෙන විධිහට  එදා කිවූ පරිදි බැසිල් රාජපක්ෂ සමීකරණයේ තව දුරටත් නැත. මට සිහි වන්නේ තිදෙනෙකි. මුල් දෙදෙනා  ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ  අමාත්‍ය චම්පික රණවකය.  නෝර්වීජියානු ආධාර සමග ඉන්දියානු කුමන්ත්‍රණයකින් නිපදවුණු බොදු බල සේනාවට හසුවී තම සහෝදරයාගේ පරාජයට මග කැපුවේ ගෝඨාභය රාජපක්ෂය. දැන් ඔහු තමන්ගේම සංවිධාන සමග ජනාධිපති සටනට එළි බැස ඇත. ඉන්දියානු භක්තිමතකු ලෙස මා සිතන රාජිත සේනාරත්න මහතා චම්පික  රණවක ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගන්නවාට  අකමැති බව ඔහු විසින් දුන් සම්මුඛ සාකච්ඡාවකින් පැහැදිලි විය. නමුත් රාජිත ජාතිවාදී පැත්තේ කවදාවත් සිටියේ නැත. එනිසාම ඉන්දියාවට ඔහු තෝරා ගැනීමටද  නොහැකිය.  තුන් වැන්නා වන්නේ ජනාධිපති සිරිසේනමය. අයිසිස් යයි කියන ත්‍රස්තවාදීන් ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඉන්පසු ඔවුන් පරදවා  ජාතික නායකයෙකු ලෙස කරලියට  ආවොත් ඔහු දිනනවා සිකුරුය. ඉන්දියානු දාදුව  මේ තිදෙනා  වටා කැරකෙනවා ඇත යන්න මගේ හැඟීමයි.

කවුරු මොනවා කීවත් ඊළඟ ජනාධිපති වන්නේද ඉන්දියාව කමැති නායකයාය. විමල් වීරවංශ මහතා මොනවා කීවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති  බලතල නැති කිරීමේ නව ව්‍යවස්ථාවට සහයෝගය දෙන්නේ ඒ නිසා විය හැකිය. පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙකු  ශ්‍රී ලංකාවට  වඩා හිතකරය.

අසාර්ථක විප්ලවයක් (1971) හා නරෝද්නික් වාදී මරණීය ව්‍යාපාරයක් (1988-1989) මෙහෙයවූ රෝහණ විජේවීර මහතා ගේ පන්ති පහෙන් එක පන්තියක් වූයේ ඉන්දියානු ව්‍යප්තවාදයයි. ඔහුට එය නම් කරන්නට තිබුනේ "ඉන්දියානු අත පෙවීම් " කියාය.


Sri Lankan Authorities May Have Fallen Into a Trap Set by a Foreign Power

How Israel helped Sri Lanka prepare for mega-attacks

Israeli emergency responders share expertise in India, Sri Lanka

Sri Lanka's Faustian bargain with Pakistan: Exit LTTE, enter ISI

සෝවියට් විවාහ ගැන නොවේ - 5

ජාතික තව්හිත් ජමාල් සංවිධානයේ සාමාජිකයින්ට බුද්ධි අංශ ලැයිස්තු වලින් ගෝඨාභය පඩි ගෙවූ හැටි හෙළිවේ




Monday 22 April 2019

සිදුවීම් පිළිබඳ ප්‍රශ්න කිහිපයක්

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා සිට අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධනට ආරක්ෂක රැස්වීම් වලට සහභාගී  වීමට ඉඩ නුදුන්නා නම් ඒ  ඇයි ?

තිලංග සුමතිපාල මහතා එම රැස්වීම්  වල සිටියානම් ඒ කුමන වගකීමකින්ද?

ආරක්ෂක ලේකම්වරයා ට මේ ගැන කලින් දැන්වීමක් එවා  තිබුනා නම්, ඔහු ඒ ගැන ක්‍රියා නොකළා නම් ඔහු ඉල්ලා අස්  නොවන්නේ ඇයි ?

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යැවූ ප්‍රහාර ගැන අනතුරු හැඟවීම් ඇතුලත් ලිපිය සමාජ මාධ්‍ය ජාලයන්ට හෙළි කලේ කවුද?

ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති අර ලියුම ගැන දැන  සිටියානම් ප්‍රධාන පල්ලි වල ආරක්ෂාව තර නොකළේ ඇයි ?
හමුදාපති නොදැන සිටි බවට ආරංචියක් තිබේ.

Army says Police did not share intelligence report


හරීන්  ප්‍රනාන්දුගේ පියා පවා  දැනගත් දෙයක් රනිල්, රුවන් ඇතුළු කැබිනට්  මණ්ඩලය දැන  නොසිටියේ යයි කීම ඇත්තක්  වන්නේ කෙසේද?

ආරක්ෂක මණ්ඩලයට නොගෙන් වූවාට අගමැතිට හදිසි අවස්ථාවක ආරක්ෂක හමුදාවලට අණ දීමට නොහැකිද?

සිරියාවේ අයිසිස් සංවිධානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියායි කියන  25ක්  පමණ වූ අන්තවාදීන් අත් අඩංගුවට නොගත්තේ ඇයි?

අවසන් වශයෙන්  වසර දහයකට පෙර අවසන් වූ LTTE සමග යුද්ධයේදී   තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට සිටි බව ඇත්තක් ද?



Saturday 20 April 2019

පාස්කු බිත්තර සහ බෝජා පවුල

ජෙරෙමි අයන් ඇලෙක්සැන්ඩර් සෙක්ස්ටස් ලෙස 
අද ශ්‍රී ලංකාවෙන් ලැබුණු ආරංචි නිසා මේ ලිපිය ඉවත් කරන්න හිතුවත් එසේම තබනවා. ලිපිය ලිව්වේ කතෝලික ජනතාව දැන්  කොතරම් සාමකාමී දැයි පවසන්නත් එක්ක. ඔවුන්ගේ පල්ලියේ ඉතිහාසය  සම්බන්ධ රූපවාහිනී වැඩ සටහන් මාලාවක් ගිය විටදී පවා ඔවුන් ඒ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විරුද්ධ නොවූ අන්දම පෙන්වන්න. 

 සියළුම මනුෂ්‍ය ඝාතන සහ අන්තවාදී ක්‍රියා තරයේ හෙලා දකිමි.

********************************************************
අපේ ළමයි පුංචි කාලේ, අපි පාස්කු ආහාරය ගත්තට පස්සේ පාස්කුවට ඇවිදින්න යනවා. එහෙම යද්දී  යද්දී චොකලට් වලින් තැනූ පාස්කු බිත්තර (easter eggs)  තැන තැන සඟවනවා. ඒවා හංගල තියෙන්නේ පාස්කු හාව කියලයි ඒ ගොල්ලන්ට කිව්වේ. නත්තලට එන නත්තල් සීය හරි, දතක් වැටුනහම සල්ලි හරි තෑග්ගක් හරි කොට්ටේ යට තියන  සුරංගනාව  (tooth fairy) වගේම පාස්කු හාව චොකලට් බිත්තර ගස් යට හංගනවා ඇති  කියල පොඩි උන් විශ්වාස කලා ද කියල  මම දන්නේ නැහැ. . අපි මේ නිවාඩුව එක්කෝ ජර්මනියේ නැත්නම් ලන්ඩන් වල ගත කළේ. ඉතින් මේවා සිරිතකට වගේ කළ දේවල්.

ළඟදී පොඩි දුව කීව එයාට ඕන  වුනේ හංගල තියෙන චොකලට් කන්න විතරයි කියල.  නත්තලට තෑගි හදිසියේ මතුවුන එක පුදුමයක් වුනත් හොඳම අත්දැකීම තෑගි විවෘත කරන එක කියල.  කොටින්ම ඒ ගොල්ල ඒවා වැඩිය විශ්වාස කරල නැහැ. අවස්ථාව වින්ද විතරයි කියල තමා කිව්වේ. වෙන්නත් පුළුවන්.

අපේ පවුලේ සංස්කෘතීන්  දෙක අනුව අලුත් අවුරුද්ද සමරලා පාස්කු සමරන එක අලුත් දෙයක් නෙමෙයි.  ඒවා වැඩියෙන්ම ළමයි වෙනුවෙන් කළ දේවල්. පස්සේ කාලෙක ඒ ගොල්ලන්ට ඉක්මනින් තේරුණා චොකලට් හංගන්නේ අම්මයි  තාත්තයි කියල. ඒත් උන්ට ළමා විය සුන්දර මතකයක්.  වෙසක් වලට කූඩුවක් දෙකක් හැදුවට උන්ට ඒක දැනුනේ නැහැ. හේතුව ඒක මේ පැත්තේ අනිත් ගෙවල් වල සැමරීමක් නොවීම. ඒ කියන්නේ එහෙම සංස්කෘතික අත්දැකීමක් එන්නේ වැඩි දෙනෙක් එකට එකතුවෙනවානම් විතරයි. ඒ කියන්නේ මේවා සාමාජිය දේවල්.

සත්‍ය ඡායා රූපයක් 

වසර 1500 කියන්නේ ක්‍රිස්තියානි කැලැන්ඩරයේ වැදගත් එකක්. හයවැනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ ජුබිලියක් ප්‍රකාශයට පත් කලා.  මේ ජුබිලියේදී එයා කොන්ස්තන්තිනෝපලයෙන් පලා එන යුදෙව්වන්ට රෝමයේ ආරක්ෂාව සලසන ගමන් ඔවුනගෙන් එහි හිලව්වට ලබාගත්  ජේසුස්  වහන්සේගේ ශුද්ධවූ රුධිරයෙන් තෙත් වුනු හෙල්ල (The Holy Lance  ප්‍රදර්ශනය කලා . ඒක නරඹන්න නම්  වන්දනා කරුවන්  සෙන්ට් පීටර්ස් පෙන්ස් යනුවෙන් හඳුන්වන මුදලක් පාප් වහන්සේට (වතිකානයට) පල්ලියට ප්‍රදානය කළ යුතුද වුණා.

මෙහිදී තවත් මිල ගණන් සඳහන් මෙනු එකක් පාපෝච්චාරණය කරන කූඩු අසල තබා තිබුනා. උදාහරණයක් වශයෙන් ඔබ සොරකමකට පාපොච්ඡාරණය කරනවා නම් ඩුකට් 11 ගෙවන්න ඕනේ දෙවියන්ගෙන් සමාව ගන්න. මිනිහෙක්  මැරුවා නම් ඩුකට් 25. ස්ත්‍රී දූෂණයකට ඩුකට් විස්සක්. පොඩි වැරදි වලට අඩු ගණන්. කොටින්ම  කතෝලික පල්ලිය හෙවත් වතිකානය  දෙවියන්ගේ සමාව විකුණුවා. ඕන වරදක් කරලා වන්දනාවේ එන බැතිමතෙකුට  මුදල් ගෙවල තමන් කළ වරදවල් වලට සමාව අරගෙන ගිය හැකියි.
.
සුරූපී ලුකේසියා 

මේ හයවැනි ඇලෙක්සැන්ඩර් කියන්නේ අමුතුම පාප් වහන්සේ කෙනෙක්. සල්ලාල කම් libertinism  සහ ඥාති සංග්‍රහය  (nepotism)   ට අළුතින්ම හොඳ තේරුමක් දුන් අයෙකු ලෙස ඉතිහාසයට එක්වූ අයෙක්.

ඔහු ස්පාඤ්ඤ යේ වැලන්සියා හි රොඩ්රිගෝ දී බෝජා උ දොම් ලෙස 1431 දී උපත ලැබුවා. ස්පාඤ්ඤයේ  බලවත්  බෝජා පවුලේ ඔහුගේ මාමා අලෝන්සෝ ඩි බොර්ජා  වලෙන්සියා හි බිෂොප් වරයායි.  ඔහු යටතේ අධ්‍යාපනය ලැබූ  රොඩ්රිගෝට   තරුණ වියේදී ම පල්ලියේ කටයුතු භාරදෙනු ලැබුවා. මේ වනවිට  ඔහුගේ මාමා තුන්වන කැලික්ටස් නමින් පාප් තුමා බවට පත් වී සිටියා. ඔහු විසින් වසර 1456 දී වතිකානයේ කාදිනල් වරයෙකු ලෙස පත් කළ රොඩ්රිගෝ වයිස් චාන්සලර් (රෝමානු කතෝලික පල්ලි වල උප කුලපති ) ලෙස පත්වුණු පසු අතිශයින් විශාල ධනයක් රැස් කලා. මෙය කළේ දෙවැනි පෝප් පයස් ගේ බරපතල විරෝධය මැද. යුරෝපීය පුනරුදයේ (Renaissance) කුමරකු ලෙස හැසිරුණු රොඩ්රිගෝ පල්ලියේ අධ්‍යාත්මික ගුණ වගාවන්හි  දියුණුවක් ගැන  සත පහකට මායිම්  කලේ නැහැ .

ඔහු ප්‍රංශ රජු චාල්ස් ඉතාලිය ආක්‍රමණය කිරීමේදී  නේපල්ස් රාජධානිය  ප්‍රංශයට  ලබා දීම ප්‍රතික්ශේප කලා වගේම වෙනිසියට බලපෑ තුර්කි වෙළඳ කොල්ලයද නැවැත්වුවා. ඒවා ඔහුගේ ජයග්‍රහණයන් ලෙස සැලකිය හැකියි.

අනිකුත් කාඩිනල් වරුන්ට වගේම මේ පෝප් වහන්සේට වනෙස්සා කැටනේ නමින් නිත්‍යානුකූල  නොවන බිරිඳක්  සිටියා. ඇය ඔහුට  දාව චිසරේ, ජුවාන් (ස්පාඤ්ඤ හුවාන්),  ලුක්රේසියා හා ජෝෆ්රි නමින් දරුවන් හතර දෙනෙකු වැදුවා. ඇයට හොඳ මාලිගාවක් වතිකානයේ වියදමින් ඔහු විසින් ලබා දී තිබුන. ඊට අමතරව ඔහුගේදුර ඥාති යෙකු වූ  වූ ඔරිසිනි ගේ බිරිඳ ජුලියා ෆර්නේසි  ද හොර අඹුවක් ලෙස (වැනේස්සාට අමතරව)  වතිකාන මාලිගාවක තබා ගත්තා. තවත් රාජධානියක ප්‍රාදේශීය රජ කෙනෙක්ගේ බිරිඳත් ප්‍රංශ රජු අතර යුද්ධයේදී තම වසඟයට ගත් බව සඳහන් වෙනවා.

එසේම ඔහු ප්‍රන්ශුවන් ට  එරෙහිව  යුද්ධය ශුද්ධ වූ යුද්ධයක් ලෙස නම් කර යුධ භූමියට ගොස් (මිනිසුන් මැරීමට) භටයන්ට ආශීර්වාද කළා.

මේ  පාප වහන්සේ තමන්ගේ නිත්‍යානුකූල නොවූ දරුවන්ට මහත් ලෙස ආදරය කළ කෙනෙක්. එසේම තමන්ගේ බලය රැක  ගැනීමට ඔවුන්ව භාවිතා කිරීමට පසුබට වූවේ නැහැ.

    ඔහුගේ පුතා චිසරේ බෝජා ව (බෝජියා ඉතාලි භාෂාවෙන් Borgia)
කාඩිනල් වරයෙකු බවට පත් කලා , අනිත් පුතා හුවාන් (juan) පපාල් හමුදාවේ ජෙනරාල් වරයෙක් කලා. හුවාන් බෝජා   ගැහැණු ලෝලියෙක් වගේම බීමත්ව ගණිකා මඩම් වල  හැසිරෙන්නෙක්. දියණිය ලුක්රෙසියා ව පළමුව මිලාන්වල ජියෝවන්නි ෆොර්සා ට විවාහ කර දුන්නත් බලාපොරොත්තු හමුදා සහය ලැබුනේ නැහැ. එම විවාහය අවලංගු කර නැවත ඇයව අරගොන්හි අල්ෆොන්සෝ ටත් පසුව ෆෙරරාහී ඩියුක් වරයාටත් බඳවා දුන්න. මේ සියල්ල කලේ උපායමාර්ගික ලෙස බලය රඳවා ගන්නයි. හුවාන් ස්පාඤ්ඤ කුමරියකට පාවා දුන්නෙත් එලෙසමයි. චිසරේ පසුව ප්‍රංශයේ කුමරියක් විවාහ කර ගත්ත.  ජෙෆ්රි ගේ බිරිඳ නේපල්ස්  හි කුමරියක්. එයත් බලය රඳවා ගැනීමේ වෑයමකට. ජෙෆ්රි ට වයස 13යි බඳින කොට. එනිසා ඔහුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගත්තේ හුවාන් (දෙවැනි සහෝදරයා).

ලුකේසියා සහ ඇගේ වැඩිමහල් සහෝදරයා චිසරේ අතර අසම්මත ආදරයක්ද තිබූ බව කියැවෙනවා.

කන්ටරෙල්ලා නම් විෂ භාවිතා කර තමන්ට විරුද්ධ වූ බොහෝ අය  ඝාතනය කළ බවද අද රහසක් නොවෙයි.

  ඔහුව මරා දැමීමට නොයෙකුත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. වතිකානයේ බලය රඳවා ගැනීමට ඔහු කාඩිනල්වරුන් හිතුමතයට පත් කලා. ඉන් එක අයෙකු නම් ඔහුගේ හොර අඹුවක් වන ජුලිය ඵනෙසී   ගේ සහෝදරයා අල්සන්ද්රෝ ෆර්නේසි. පසුව තුන්වන පොල් නමින් අති උත්තම පාප් පදවියට පත් වුනේ ඔහුයි.

හුවාන් ව පසුව මරා දැමුවේ වැඩිමහල් සහෝදරයා චිසරේ  බව කියැවෙනවා.

මේ පාප්වහන්සේ කළ හොඳ වැඩ අතරට ගැනෙන්නේ ඔහු කලාව සම්බන්ධ දේ දියුණු කළ බැවින් . මයිකල් ඇන්ජලෝ ට සිස්ටීන් පල්ලියේ කළා කෘති නිම කිරීමට  අනුබල දීම, සිමොනි (Simony)  නමින් ඔහුට දෝෂාරෝපණයක් ලැබුණු අධ්‍යාත්මික  දේ විකිණීම හෝ  මිලදී ගැනීම අවම කිරීම,  කාඩිනල් සහ පල්ලියේ බිෂොප් වරුන් හොර අඹුවන් තබ ගැනීම සීමා කිරීම මේ අතර වනවා. ඔහු නැවතත් රෝමයේ අනාථ දරුවනට නිවස්නයක් ඇති කලා . වතිකානයේ බලයද යුරෝපයේ වැඩි වුනේ ඔහුගේ බලයට තිබූ අසීමාන්තික ආශාව නිසයි.
ලියනාඩෝ ඩා වින්චි මිලාන් වල සිටියේත් මේ කාලයේ.  ඔහුට දැඩි ලෙස විරුද්ධ වුන බවක් පෙනෙන්නට නැහැ. 


තවත් වැදගත් දෙයක්  නම් කොලම්බස් "නව ලෝකය" සොයා ගත්තට පස්සේ ඒවායේ ජිවත්වන "වනචාරීන් " හොඳචාරීන් කරන්න මේ පාප් වහන්සේ අනුමැතිය දුන්න. එනයින් මේ පාප් වහන්සේ ශ්‍රී ලංකාව ටත් වැදගත් වන කෙනෙක්.  ලෝක ගෝලය දෙකට බෙදා බටහිර අර්ධ ගෝලය ස්පාඤ්ඤයටත් නැගෙනහිර පෘතුගාලය ටත් භාර දුන්න ජය ගන්න කියල. මේ බෙදීම සනිටුහන් කල ටොදෙසිල්ලස් නම් ගිවිසුම 1494 දී අත්සන් කලේ. වෙනත් යුරෝපීය රාජ්‍යයන් මේ ගිවිසුම ගණන් ගත්තේ නැහැ. (ඕලන්දය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය) පෘතුගීසින් ඉන්දියාවේ ගෝවට සහ 1505 දී ලංකාවට ආවේත් එහෙමයි.   

චිසරේ බෝජා ගේ යුධ ජයග්‍රහණ ආදිය පිටුපස් තවත් සුප්‍රසිද්ධ නමක් කියවෙනවා. ඒ මැකියාවෙලි. මැකියාවෙලි ගේ "කුමරා" පොත කියවා  තිබෙනවා නම් චිසරේ ගේ උපායයන් දැන ගත හැකියි. 

කෙසේ වුවත් චිසරේ බෝජා කියන්නේ ඉතිහාසයේ මගේ ප්‍රියතම චරිතයක්. මම සීතාවක රාජසිංහ, වීදියේ බණ්ඩාර, ජනරාල් කුතුසෝව් වැනි චරිත සමග එකට තබන කෙනෙක්.  

හයවැනි ඇලක්සන්ඩර් පොන්ටිෆ්  කළ හොඳ  දේට වඩා නරක දේ වැඩියි. මේ නිසාම ඥාති සංග්‍රහය ඉහල කොට සැළකූ  බලයට කෑදර දූෂිත පාප් වහන්සේ කෙනකු ලෙස ඔහු ඉතිහාසයට එක්වී තිබෙනවා.
දෙවියන් වහන්සේ ගේ මිහිපිට නියෝජිතයා හැසිරුණේ ඉතා අවලස්සන ලෙස බව හෙළිවුණා .

ඔහු ගැන රූපවාහිනී කතා මාලාවක් (සීරිස්) බටහිර රටවල රූපවාහිනියේ පෙන්වූවා  මෙයට කියන්නේ බෝජා (හෝ ඉතාලියානු බෝජියාස් ) කියල. පාප් වහන්සේ සහ ඔහුගේ පුතා චිසරේ අතර සම්බන්ධය ඔවුන් කළ ඝාතන ආදිය ඓතිහාසික මුලාශ්‍ර ඇසුරු කරගෙන කළ අනගිතම නිර්මාණයක්.

හැබැයි කතෝලික ලෝකයේ මේ රූපවාහිනි චිත්‍රපට මාලාවට ලොකු විරෝධයක් එල්ල වුනේ නැහැ. හයවෙනි ඇලෙක්සැන්ඩර් මදක් ශුද්ධ කරන්න කතාවල් ගියා වුනත්. කවුරුත් පෙළපාලි ගියේ නැහැ. නිර්මාතෘ නීල් ජෝර්ඩන් කවුරුත් ම උසාවියට දක්කන් ගියෙත් නැහැ. ඇප නැතිව හිර කලෙත් නැහැ. ජෙරමි අයන් ඇතුළු නළුවන් හොඳින් ඉන්නවා.  ඔවුන්ගේ භාෂණයේ සහ නිර්මාණ කිරීමේ නිදහස කවුරුන් වත් උදුරා ගත්තේ නැහැ.

මේ පාප් වහන්සේ ගැන විවේචන හා නැගුනු ජනතා විරෝධය නිසා  කතෝලික වතිකානුවේ පාලනය හොඳ අතට වෙනස් වුනු බවත් සඳහන් කළ යුතුයි.

තමන් අදහන ආගම කුමක් වුවත් එයට භක්තිවන්ත වීමේදී අන්ධ භක්තිය හානිකරයි.  වසර දහස් ගණන් පැරණි ආගම් වලට විවේචන එල්ලවීම ස්වභාවිකයි. ඒ  වගේම ඒවා භාර ගැනීමේදී ආවේගී නොවී පිළිතුරු දිය යුතුයි. වැරදි කරන අය සිටිනවා නම් ඔවුන් එළවා දැමිය යුතුයි. 

ලෝකය එදාට වඩා අද වෙනස්. දේවල් සඟවා තබන්න ඊයේ ට වඩා අද අමාරුයි.   කාගේ හෝ ලිපියක් , පොතක් නිසා භක්තියකට හෝ ඇදහීමකට හානි වෙනවා කියන්නේම  ඒ ගැන සැකයක් ඇති නිසා කියන එක නෙමෙයිද?  එසේ කළ  යමෙකු සිර කර තබනවා නම් ඒ මානව වර්ගයාට එරෙහිවීමක්. එවැනි ආගම්වල ශාස්තෘන් වහන්සේ කෙනෙක් අද සිටියානම් කරන්නේ එක්කෝ නිහඬව සත්‍යය හෙළි දරව් වන්නට  සැලැස්වීම. නැත්නම් තම අනුගාමිකයන්ට සත්‍යය පැහැදිලි කිරීම. තමන්ට ඇති රාජ්‍ය සම්බන්ධතා හා රජවරුන් මගින් ඕනෑම දෙයක් කරන්නට බලය තිබුණත් ඔවුන් ඒවා භාවිතා කලේ නැහැ. 

ඔබට සුභ පාස්කුවක්.




මූලාශ්‍ර :
Cesare Borgia
Pope Alexander VI, born Rodrigo de Borja
Treaty of Tordesillas
Simony
Giulia Farnese
Pope Paul III
උපුටා ගැනීමේදී කරුණාකර යොමුව ඇතුලත් කරන්න.

Sunday 14 April 2019

සුභ නව වසරක් ෆේස්බුක් සමාජවාදය එක්ක

මම මේ කල්පනා කළේ ඇත්තෙන්ම අපේ සිංහල සහ දෙමල යහළුවෝ අවුරුද්ද සමරන්නේ කොහොමද කියල. සමරන හැම දෙයක්ම ෆේස්බුක් එකේ බෙදා ගත්තේ නැත්නම් ඒක අඩුවක් කියල හිතන අය ඉන්න බව පේනවා.

මට ඊයේ රෑ ඉඳන්ම මෙසේන්ජර්, වයිබර් , වට්සැප් වලින් අවුරුදු සුභ පැතුම් ගලා එනවා. සමහර ඒවා මට එල්ල කරලම නෙමේ මුළු ගෘප් එකකටම. ඇයි දැන් හරිම ලෙහෙසියි ගෘප් එකකට සුභ පැතුමක් යවන්න. ඒකෙ වරදක් නැහැ. නමුත් එතකොට අර පෞද්ගලික ලෙන්ගතුකම එතැන නැති වෙලා ගිහින් තියෙන්නේ.  පොදු සුභ පැතුමක්  දන්නා කියන යාළුවෝ ඔක්කොටම. ඔව්,  කිසිම  වෙනසක් නැතිව. හරිම සමාජවාදියි.

හැබැයි වෙන වෙනම එවන ඒවාට මුකුත් කියන්නත් හොඳ නැහැ. යාලුවෝ නේ එවන්නේ.  ඉතින් බැරි මරගාතේ හරි අකුරු කිහිපයක් කොටලා සුභ පැතුමක් යවනවා. නැත්නම් ඉතින් මම ගැන විතරක් සලකල එහෙම එවන යාලුවෝ නෑදෑයෝ ගැනත් හිතන්න එපයි. හැබැයි පණිවිඩ විස්ස තිහ පැන්නම ටිකක් කම්මැලියි උත්තර ලියන්න. එකම පණිවිඩේ කොපි කරලා පෝස්ට් කලා. අන්තිමට ඒකත් එපා වුණා.

ඕන මගුලක් කියල කුරුල්ලෙක් වගේ තියෙන  ඕකිඩ් මලකට හැපී නිව් ඉයර් කියල ලියල යාළුවන් ඔක්කොටම පෙනෙන්න දැම්ම බුකියේ . ඔය උඩ තියෙන්නේ.

මෙන්න එනවා තව ඒවා . එක වීඩියෝ එකක්  නගරේ කට්ටියක් සරන් ගහල යනවා පැලක් වටේ. පැලක්  කිව්වට ගැමි ගෙයක් පිදුරු හෙවිලි කරපු.  සිසිර සේනාරත්න මහත්මයාගේ සින්දුව දැම්මේ නම් නැහැ වෙන එකක් දැම්මේ අවුරුද්ද  ගැන.


හැබෑටම මොකටද මේ  පිදුරු හෙවිලි කරපු ගෙවල්. දැන් කොළඹ විතරක් නෙමේ වෙනත් පැති වලත් තට්ටු නිවාස  තියනවා.  උළු හරි ඇස්බැස්ටෝස් හරි  දාපු ගෙවල් තියනවා. ඒවල  අවුරුදු සමරන්නේ නැත්ද?  තරහ ගන්න එපා. ගමක අසිරිය පෙන්වීම ගැන මගේ කිසිදු විරෝධයක් නැහැ. ඒත් කෘතිමව හදපුවා?

ඒක කිව්වම මතක් වුනේ. මම මෙන්න මේ පෝස්ට් එකත් දැම්ම.
"දැන් ඉතින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වන ෆේස්බුක් එකේ රැඳෙන්න නැතිව පවුලේ අය නෑදෑ හිත මිතුරන් සමග විනෝද වෙන්න. ඒ ගොල්ලන්ව අඳුනගන්න , පංචි දමන්න, කැට ගහන්න ඒවා නැත්නම් කොම්පියුටර් ගේම් එකක්වත් ගහන්න දුව හෝ පුතා එක්ක . එලියට බැහැල එල්ලේ ගහන්න , චක් ගුඩු ගහන්න , පොල් කටු ගහන්න , කටු මැටි ගහල පිදුරු හෙවිල්ලපු ගෙයක් හොයාගෙන විහිළුවට හරි වටයක් ඇවිදලා සෙල්ෆි එකක් ගහන්න. මේ ෆේස්බුක් එකේ ටැග් ගැහෙන්නේ නැතිව කට්ටියම."
මට හිතුන කට්ටියම ෆේස්බුක් ඉන්නව මිසක් පවුලේ ඇත්තෝ  ගැනවත් හොයා බලනව ද කියල. මම නම් ඊයේ රාත්තිරියේ ඉඳන්ම පොඩි දුව එක්ක ස්පයිබෝර්ග් ගේම් එක සෙල්ලම් කලා. පැය හතක්  තවම ඉවර නැහැ.  අන්තිමට නවත්තල දාල නිදා ගන්න හිතුනා. එවෙලේ හිතුන පංච දැම්මනම් ඊට හොඳයි කියල. කොහෙද ඉතින් ඒවා හොයන්නේ. දුව කියනව ස්නේක් ඇන්ඩ් ලැඩර් සෙල්ලම් කරමුලු. කොම්පියුටර් එකේ. ම්හු  හරියන්නේ නැහැ.

ඔය අතරේ කල්පනා වුනා  ඇයි හැමෝම ෆේස්බුක් ඉන්නේ කියල. සමාජවාදී කට්ටිය. පරණ වමේ කට්ටිය. නව ලිබරල් වාදී කට්ටිය. පැරණි  එක්ස් කණ්ඩායම,  අලුත් එක්ස් කණ්ඩායමේ ප්‍රහාරක එකවුන්ට් බලඇණි, ධනපති කට්ටිය, ජාතිවාදී කට්ටිය, සිංහල බෞද්ධ කට්ටිය, කතෝලික බෞද්ධ කට්ටිය, කතෝලික අන්තවාදීන් , මුස්ලිම් අන්තවාදීන් , මුස්ලිම් කට්ටිය , අධිරාජ්‍ය විරෝධී ජාතිවාදීන් , අධිරාජ්‍ය විරෝධී මාක්ස්වාදීන් - තව ඉන්නවා නම් මතක් කරලා කියන්න, ඔය ඔක්කොම කිසිම භේදයක් නැතිව එකිනෙකා ට බැණ අඬ ගසාගෙන ඉන්නේ එකම බුකියේ එක වහලක් යටනේ ඉතින්.

තමන් කන දේ,බොන දේ, රෙන දේ , යන වාහනේ , නොයන වාහනේ, බිරිඳ, පෙම්වතිය , පෙම්වතා , කුක්කු ටෝක් ඔක්කොම යන්නෙත් ඒකෙ.  ඇමතිලා, පලා  බබාල , අගමැති අකවුන්ට්, ජනපති එකවුන්ට් , හමුදාවල් , පොලිසිය ඒ ඔක්කොමත් එතන. ඒ කියන්නේ ෆෙස්බුක් එකේ හැමෝම එක සමානයි. ඒකෙ සමාජවාදය පිහිටුවල ඉවරයි. කිසිම ලේ හෙලවීමක් නැතිව.

ඉතින් යාලුවනේ මට හරිම සතුටුයි. යන්තම් මාක්ස් කියපු දෙයක් ෆෙස්බුකෙන් හරි සාක්ෂාත් කරගන්න ලෝකවාසී  ජනතාව සමත්වීම ගැන.

සකල ලෝක වාසී ෆේස්බුක් අරගලකරුවනි එක්වව්.

බ්ලොග්  ජනතාවට සතුට සැපත සෞභාග්‍යය, විදුලිය  හා මැතිවරණ පිරි  සුභ නව වසරක්.  




Monday 8 April 2019

හදවත් සනහා දෙසවන් පිනවා ඔබ යන්න ගියා ඇය නැවත සොයා


පසුගිය දවසක ඔබ තනුවක් ලියූ
අමරසිරි පීරිස් ගේ ගැඹුරු හඬින් ගැයූ
හදවත පතුලටම කිඳා බහින ගීතයක්
අර ගත්තා මතකයි මගේ
මතකයක් ගැන ලියන්නට

ඇත්තටම පසුව දැන ගන්නට ලැබුනේ
ඔබ අසනීපයෙන් බව
ඒ දැනගත්තෙත්
ඔබේ ධජයත්  ඉහලින්ම ඔසවන් යන
කසුන් කල්හාර ගායකයාණන් ගැන
අවිනීතයින් පිරිසක්
ලියූ දෙයක් ගැන හිතවතෙක්
ලියූ පිළිතුරක්  දැක


එදා ඇත්තටම දැනුණත් කණගාටුවක්
ඒ ජීවිතය මැයි සිතා  සැනසුනේ
සුවහසකුත් එකක්
ගී තනු තුල ඔබ ජිවත්වන බව
ඔබ නොමියෙන බව දැනගෙනයි

කසුන් ගේ සවන් පිනවන මියුරු හඬ
ඔහු ගේ දස්කම ඔහුගේම වගේම
ගීතවත් වූ පවුලක ඔබේ
බලපෑමත් තිබෙනවා  ඇති
අප සවන් පිනවූ
සුන්දරවූ ඔහුගේ මව් තුමියගේ  සේම

ප්‍රේමයේ විල් තෙරක සිට
කඩ මන්ඩියේ දොළ අයින දක්වාත්
අහසින් තරුවක් කඩා හැලුණු කළ
එක යායට මල් පීරුනු බිම් තීරයකටත්
පණ පෙවූ ගී තනු ඔබෙයි

හද සැනහූ ගී ලියූ ඒ සොඳුරු මිනිසුන්ගේ
වදන්වැලට  පණ පෙවූ එගී  ගැයූවන්ගේ
ගේය පද ඇඳ බැඳ තබන්නට
මනරම් වූ සංගීත හුයකින්  බැන්දේ  නුඹයි

ඒ පිනම ඇති දෙව්ලොවක් ඇත්නම්
සැප විඳින්නට
නිවනක් ඇත්නම්
එය ලබන්නට

සුභම වූ  ගමනක්  මහා කලා කරුවාණෙනි
සඳ තරු නිහඬයි - ගායනය ඩබ්ලිව් ඩී අමරදේව
ගී පද : කුලරත්න ආරියවංශ සංගීතය : එච් එම් ජයවර්ධන


Tuesday 2 April 2019

අකුරු මැකී නෑ කොළ ගැළවී නෑ හපුගොඩ - මහේෂ් හපුගොඩ ට පිළිතුරක්

ලෙනින් හා ස්ටාලින් පළමුවරට හමුවූ  ක්ලකන්වෙල් හි ක්‍රවුන් පබ්  එක 
මහේෂ් හපුගොඩ මිතුරා ඔහුගේ ලිපියකින් කොටසක මවිසින් ලියන ලද "මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග" ලිපියට පිළිතුරක් ලියා තිබුණි.
ඒ "වෙනස් කල යුත්තේ යථාව ය" මැයෙන් පළවූ ලිපියකිනි.  යොමුවට මෙතනින් යන්න. 

එතැනදී ඔහු මෙවන් සාධාරණ ප්‍රශ්නයක් ද නගා තිබුණි, 
"විප්ලවීය ක්‍රියාවකදී යම් ‘සිද්ධියක්’ සිදුවීමට සංකේත පිළිවෙල උල්ලංඝනය කිරීමට (ප්‍රකෘතිය විකෘති කිරීමට) සිදුවන බව න්‍යායිකව පහදන මගෙන් අජිත් ධර්මකීර්ති මිතුරා මම එංගල්ස් කියූ දෙය පරම සත්‍යයක් ලෙස පිලිගන්නවා දැයි අසන්නේ ඇයි දැයි නොතේරේ."-මහේෂ් හපුගොඩ  (ම.හ.)

මට වැටහී ගිය අන්දමට මහේෂ් හපුගොඩ මිතුරා  මගේ ලිපියෙන් මා අදහස් කළේ කුමක්දැයි වටහා ගෙන නැත. එය ඔවුන්ට කළ විවේචනයක් ලෙස සළකා අප වැනි විදේශ රටවල ජීවත් වන අයට නිතර එල්ලවන සුපුරුදු වාග් ප්‍රහාරයකින් පිළිතුරක් සපයා ඇත. එම වාග් ප්‍රහාරය   මා ඉහත  කී "සාධාරණ " කතාවට පිළිතුරු දීමට කලින්ම එල්ලවූවකි.

"මා පිටරට සිට මෙරට ට චන්ඩි පාට් දමන වමේ දේශපාලනයක ද නිරත නොවෙමි. මා ඉන්නේ මේ ගෙන්දගම් පොළොවේ ය. " (ම.හ.)

මේ කතාව ඉතා සුපුරුදු එකකි. පිටරට සිටින   අප ලංකාවේ සෙල්ලම් දැමීමට කතා කරන බවක් අපගෙන් ලංකාවට  තර්ජනයක් එල්ල වන බවක් සමහරු ඇනොනිමස් ලෙස බ්ලොගයට පැමිණ චෝදනා කරති.
මහේෂ් මිතුරා  මෙසේද කියයි.

"නමුත් අපගේ අරමුණ වුවේ නලින් ඉවරෙට ම ඉවර කර දැමීමක් නොව නලින් බිහි කළ ලෝකයෙන් ඛණ්ඩනයක් සලකුණු කර අපගෙන් පසු පරම්පරාවට අලුත් ලෝකයක් පෙන්වා දීමය .

ඒ දෙදෙනා ම භෞතිකව ජිවත් වන්නේ මා ජීවත් වන ලෝකයට වඩා වරප්‍රසාධිත අවකාශයක (දියුණු රටවල) වීම ද විශේෂත්වයකි. මුලින්ම මුහුණු පොත හරහා ප්‍රතිචාර දැක්වුවේ ජනා චාමින් නම් මුහුණු පොත් අරගල කරුවෙක් වන අතර අනෙක් තැනැත්තා අජිත් ය. ජනා ගේ එක් ප්‍රතිචාරයක් ජයසිරි මිතුරා විසින් SIS.lk වෙබ් අඩවියේ පළ කරන ලදී. ජනා සහ අජිත් යන දෙදෙනා ම දේශපාලනය කරන්නේ සහ සාකච්චා කරන්නේ වර්චුවල් අවකාශය ඔස්සේ ය (උදය ආර්. තෙන්නකෝන් මිතුරා ද අයිති මෙම කුලකය ට ම ය). ඔවුන්ගේ ‘වර්චුවල් දේශපාලනයේ’ කිසිදු ගැටළුවක් මට නැත (නමුත් අන්තර්ජාලය යනු සමස්තතාවය සඳහා දිවෙන යථාවක් යන ජෝඩි ඩීන් ගේ තර්කය මට පහසුවෙන් අමතක කල නොහැක. කියවන්න ‘The Real Internet’ by Jodi Dean). අපගේ ව්‍යායාමය ගැන කතා කිරීමට තරම් විවෘත වීම සහ කුහක නොවීම ගැන ඔවුන් දෙදෙනාට ම අප කෘතඥ වෙමු. නමුත් මගේ ප්‍රශ්ණය නම් ඉහත පොත හෝ ඒ පිළිබඳව ඔවුන්ගේ මැදිහත් වීම ගැන නොවේය. මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’ යන්න ය

 නව භූමියකට නිරාවරණය වූ නලින් ද සිල්වා ‘අපෝ මට නම් ඒ විදිහේ විද්‍යාඥයෙක් වෙන්න බැහැ’ යනුවෙන් මුරගාමින් ආපසු සියරට බලා යාත්‍රා කළේය. අද දවසේ අපේ අය පිටස්තර භූමියක සිටියත් මේ ‘අමුතු ඇටයේ’ සිදුවන්නේ කුමක් ද යන්න දෑස් නොපියා බලාගෙන සිටී (gaze point). මා කියන්නේ ඔබගේ නව භුමිය තුල ඔබ තවම නිදහස් නැති බවයි."- (ම.හ.)

රතු පැහැයෙන් සලකුණු කරන ලද කොටසට මම මේ පිළිතුර ප්‍රතිචාරයක් වශයෙන් පළ කලෙමි. (ත්‍රිමාණ වෙබ් අඩවිය)

 මහේෂ් ,// ජනා සහ අජිත් යන දෙදෙනා ම දේශපාලනය කරන්නේ සහ සාකච්චා කරන්නේ වර්චුවල් අවකාශය ඔස්සේ // කියන කොටසට මා දන්නා පරිදි කියල කෑල්ලක් දැම්ම නම් හොඳ නැත්ද? ජනා කියන්නේ කවුද මම දන්නේ නැහැ. නමුත් මම ගැන කියනව නම් මම මොමෙන්ටම් එකේ සාමාජිකයෙක් වගේම ලේබර් පක්ෂයේ සාමාජිකයෙක්. මේ දවස් වල කෝබින් ගේ යුරෝපය පිලිබඳ ස්ථාවරයට විරුද්ධව  අයින් වෙලා ඉන්නේ. සම්පුර්ණයෙන්ම අයින් වෙන්ඩත් ඉඩ තියනවා. අන්න ඒක වුන වෙලාවක ඔය කතාව කීව නම් හරි. ඕනෙනම් ෆොටෝ එකක් එවන්නත් පුලුවන්නම් මම ඔය ඔයා කියන වර්චුවල් අවකාශ ඔස්සේ විතරක් දේශපාලනය කරන්නේ නැහැ කියල පෙන්වන්න. හුඟක් වෙලාවට මම ලිබරල් ඩිමොක්‍රටික් දේශපාලන පක්ෂයට සහයෝගය දෙන්න ඉඩ වැඩියි.

// මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’//  මම බ්ලොග් ලිපියකින් සවිස්තරාත්මක පිළිතුරක් දෙන තුරු මේ පිළිතුර  taster එකක් ලෙස ගන්න. මහේෂ් මේ කතා සාමාන්‍යයෙන් මට කියන්නේ බයියෝ රැල මගේ බ්ලොගේ කොමෙන්ට් කරන. තෝ එහෙ ගියානම් එහෙට වෙලා ඉඳපිය . එහෙ ඒවා බලාගන් . තෝ මොකටද ලියන්නේ අපි ගැන. අපි බලා ගන්නම් . තව දරුණු භාෂවෙන් පරයා වගේ වචන පවා කියමින් දානවා පොස්ට්. සමහර ඒවා මම පල කරනවා, සමහර ඒවා පළ කරන්නේ නැහැ මෝඩ වැඩි නිසා හරි කුණු හරුප නිසා හරි. ඒ ගොල්ලන්නට දුන් උත්තර ටිකක් පස්සේ දාන්නම් දැනට මෙහෙම අහමු. මාක්ස් ලන්ඩන් ඉන්න කාලේ ඔයාගේ තර්කයට අනුව පැරිස් කොමියුනය ගැන හොයන්නේ නැතිව ලන්ඩන් වල දේශපාලනය කරන්න තිබ්බ නේද? ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ ඉන්න කොට මෙක්සිකෝවේ මිසක් සෝවියට් රුසියාවේ දේශපාලනය හොයන්නේ නැතිව මෙක්සිකෝවේ එකට සම්බන්ධ වෙන්න තිබ්බ නේද? ස්ටාලින් ගෙන් මැරුම් නොකා ඉන්නත් තිබුන. ආ එතකොට ලෙනින් – ස්විට්සර්ලන්තේ අරගලයට ඒකාත්මික වෙන්නේ නැතිව මොන බම්බුවක් කලාද රුසියාවේ  දේශපාලනයට  ඇඟිලි ගගහ ?
මම නම් කියන්නේ දීප්ති වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ජිවිතේට අහන්නේ නැහැ කියල. මහේෂ් මේක ටිකක් බොළඳයි කියල හිතෙන්නේ නැත්ද? විවේචනයට උත්තර දෙනවා මිසක් උඹල මොනවාද කරන්නේ යකෝ අපිනේ භුමියේ දේශපාලනය කරන්නේ කියන තර්කය ඉස්සර මට දැම්මේ ජවිපේ සහ පෙසප සහෝදරවරු. දැන් ඔයත් පටන් ගත්තද? වැඩේ කියන්නේ මේකයි. අපි කරන හුඟක් දේවල් එළියේ ඉන්න අය දන්නේ නැහැ . දැනගන්න දෙන්නෙත් නැහැ. ඉතුරු ටිකට පිළිතුරක් බ්ලොග් එකෙන් දෙන්නම්. මගේ ලිපියේ උඩම කියල තියනවා මම දීප්ති සහ හපුගොඩ ගේ අදහස් වලට එකඟයි කියල . ඒක ඔයාට මිස් වුනේ කොහොමද දන්නේ නැහැ. මගේ ලිපියේ අදහස මොකක්ද කියලවිස්තර කරලා ලිපියක් බ්ලොග් එකේ දානවා.

-- මේ ලියන්නේ එසේ වූ පොරොන්දුවේ පැහැදිලි කිරීමය.

පසු කාලයක පෙරටුගාමී සමාජවාදීන් ලෙස ජවිපෙන් කැඩී යාමට ප්‍රථම පුබුදු ජයගොඩ ප්‍රමුඛ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක්  විසින් ක්වන්ටම් භෞතිකය ගැන පොතක් ලියා තිබුණු බව පැවසුවෙමි.  මට මතක විධිහට එහි නම "ක්වන්ටම් ලෝකයේ දයලෙක්තිකය" වැනි එකකි. එහි අවසානයේ ක්වන්ටම් භෞතිකය පිලිබඳ දැනුම මාක්ස්වාදී අදහස් වලට විරුද්ධ නොවන බවට තර්කයක්ද  ගෙන එයි. මේ පොත හොඳ එකක් වන්නේ අවශ්‍ය අවස්ථාවේ එය පළ කල  නිසාය. ඒ ජවිපෙ ප්‍රකාශනයක් ලෙසය. ක්වන්ටම් භෞතිකය පිලිබඳ අදහස්, නවීන විද්‍යාවේ දියුණුව මෙන්ම පෙරදිග දර්ශනය එකට මුහුවුණු නව දර්ශනයකින්  එල්ල විය හැකි  පහර ගැන ඔවුන් සිටියේ අවබෝධයකින් බව එම පොත පළ කිරීමෙන් පෙනී යන්නේ නැත්ද? එංගල්ස්ගේ ඓතිහාසික භෞතිකවාදයේ හි සාක්ෂි හා තර්ක යල්  පැනගිය ඒවා බව සෝවියට් දේශය කාලයේදීම වටහා ගෙන තිබුණි.  වී ජි අපනාසියෙව් විසින්  ඒ පිලිබඳ අදහස් වඩා දියුණු කරන්නට සිතා දයලෙක්තික    භෞතිකවාදය සහ නවීන විද්‍යාව මැයෙන් ග්‍රන්ථයක් පළ කලේ එම
නිසාය. (මෙහි සංක්ෂිප්ත  පරිවර්තනයක් පියසේන මහනිල්ගම මහතා විසින් කරන ලදී - ප්‍රගති ප්‍රකාශන - මොස්කව්. )

නමුත් සෝවියට්  දේශයේ භෞතික  විද්‍යාඥයන් ගැන සඳහන් කරනවා නම් ඔවුන් මහාචාර්ය ස්ටීවන් හෝකින්ස්  ගේ කළු කුහර (black holes) වල ක්‍ෂිතිජ සීමාවේ  (event horizon) පරමාණුක උප  අංශුන් (subatomic particles) විහිදවිය හැකි බවට වූ ප්‍රමේය (Hawkins radiation) පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. ඒ දයලෙක්තික භෞතිකවාදයට අනුව එවැන්නක් සිදු නොවෙතැයි තර්ක කරමිනි. නමුත් ගණිතමය අපෝහනයෙන්  පසු ඔවුන්ට පසුව එය පිලි ගන්නට සිදු වුනි.

මා භෞතික  විද්‍යාවේ ක්වන්ටම් භෞතිකයේ  අරී අට මග ගැන සඳහන්  කලේ මහේෂ් මිතුරාට  පටිච්ච සමුප්පාදය ගැන කතා කිරීමට ආරාධනා කිරීමට  නොවේ.

මා කියුවේ මෙයයි.

" තව දුරටත් අපට මිනිස් පරිණාමය පිලිබඳ ඩාර්වින් ගේ මතය පරීක්ෂණ හා නිගමන මගින් තහවුරු කල හැකි වුවත්  විශ්වයේ පරිණාමය ඉතා කුඩා අන්ශුන්ගේ හැසිරීම දක්වා ලඝු කිරීමේදී මූලික ඓතිහාසික භෞතිකවාදයේ  සඳහන් කරුණු වල බිඳ වැටීම වැළැක්විය නොහැකිය."

 මා ඔබලාට එකඟ වෙමින් මෙසේද ලියුවෙමි.

"දිප්ති කුමාර  හා මහේෂ් හපුගොඩ ආදරය ගැන කියන්නේ එනිසා විය යුතුය. මට වැටහෙන ආකාරයට  ඔවුන්ට අනුව (හෝ ජිජැකියානු දර්ශනය තුල) ආදරය හා මිනිස් සම්බන්ධතා වර්ධනය කිරීම තුලින් ධනවාදය අවසන් කිරීමේ අඩිතාලම ගොඩ නගා ගත හැකිය. ප්‍රති-දීප්ති හා ප්‍රති-මහේෂ් වෙනත් ප්‍රති-විශ්වයක වෛරය (පන්ති වෛරය) අත්හදා බලනවා විය හැකිය."

ඇත්ත වශයෙන්ම කියනවා නම් මාක්ස් ගේ කාලයේ පතල් කම්කරුවන්ගේ ජිවන තත්වයෙන්  උත්පාදනය වුනු අදහසක් වන පන්ති වෛරය තව දුරටත් මානව හිමිකම් ගැන ප්‍රබල මතවාදයක් ඇති මේ කාලයේ තවදුරටත් වලංගු යයි මම නොසිතමි. ඒ මගේ පෞද්ගලික මතයයි. එනිසාම ඔබලාගේ අදහස මෙහිදී නිවැරදියයි සිතමි. වෙනත් විශ්වයක එසේ අත්හදා බලනවා යයි කිවේ වෙනත් විශ්වයක් ඇත්තේද යන්න අප තවමත් නොදන්නා නිසාය. නමුත් ඒ සඳහා  සම්භාවිතාවක්  ඇති බව අමතක නොකරන්න.

දෙවැනි කාරණය නම් මහේෂ් හපුගොඩ  ජයසිරි අලවත්ත සමග ඉදිරිපත් කල "ජිජැක් අධ්‍යයනය" පොතේ බුදු දහම ගැන ලියන දේ බලන්න.  (පිටුව 101, 105-107) . ජිජැක් බුද්ධාගම ගැන කතා කළ බව සත්‍යයකි. නමුත් මේ  පහුගිය අවුරුදු ගණන මුළුල්ලේ මේ කියන දේ සියල්ල ලිබරල් හා වාමාංශික සගයන් වරින්වර පවසන දේමය. බොහෝවිට ෆේස්බුක් එකේ මේ මතවාද පිරි තිබේ. අද ලංකාව සම්බන්ධව ගතහොත්  වැඩිපුරම දේශපාලන ආගම් වාද  සංවාද ලයික් අන්ලයික්  ඇති මේ ෆේස් බුක් හි පිරී  සිටින පිරිස හරහාය. එනිසා ජිජැක් කීවා කියා ඔබලා  සාකච්ඡා කරන මේ බුද්ධාගම සම්බන්ධ දේ  අලුත් දෙයක් නොවේ. ඒ විවේචන බොහොමයක් හුවමාරු වේ.   බොහෝ කතෝලික හා මුස්ලිම් පිරිස් මේ අයුරින්ම බුද්ධාගම පිළිබඳ  අදහස් පල කරන අතර ඔවුන් ගේ ආගම වඩා ප්‍රගතිශීලි බවක් පෙන්වයි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ යුද්ධය සමයේ කතෝලික  දමිළ ප්‍රජාව, හින්දු  ප්‍රජාව තරමකටම දරුණු පීඩනයකට ලක්වූ බව සැබෑය.
නමුත් කතෝලික සිංහල ප්‍රජාවේ (මා දන්නා අතලොස්සක් හැරෙන්නට) හෝ මුස්ලිම් ප්‍රජාවේ බහුතරය සිටියේ යුද්ධය පැත්තේ මිස අනිත් පැත්තේ නොවේ. එනිසා බහුතරයක්  (සිංහල)  බෞද්ධ භික්ෂූන් ගේ   හා බෞද්ධයන් ගේ යුද සහාය සිංහලයා  ජාතියක් වශයෙන් කළ දෙයකි.

ආචාර්ය ද සිල්වා මහතාට  ගණිතඥයෙකු වශයෙන් තිබෙන දැනීම හා භෞතික විද්‍යාව පිළිබඳ ඔහුගේ දැනීම මත ඔහු විසින් ඒ දිනවල සමාජවාදය පැත්තෙන් අභිනික්මන් කිරීම වටහාගත හැකිය. එසේනම් ඔහු ගේ ස්ථාවරය ප්‍රශ්න කිරීමේදී හපුගොඩ මිතුරා කියන පරිදි "නමුත් අපගේ අරමුණ වුවේ නලින් ඉවරෙට ම ඉවර කර දැමීමක් " නලින් ඉවර කර දැමීමක් ගැන නොව මා  කතාකලේ  ආචාර්ය නලින්  ද සිල්වා ට  ද හමුවුණු සමාජවාදී  අදහස් වල දුර්වල තාවයන් ආමන්ත්‍රණය කිරීම ගැනය.

ඔබ යුද්ධයක් කරන්නේ යයි සිතන්න. දේශපාලනික හා ආර්ථික පැත්තෙන් ඔබේ මතයන් ඉදිරියට යනවා යයි සිතන්න, නමුත් විද්‍යාව හා දර්ශනය පැත්තෙන් ඔබේ පැත්ත (flank ) විවරව තිබේ නම් සතුරා පහර දී පෙරමුණ කඩන්නේ එතැනය. ඒ සිදුර වසා ගැනීම භාර ඔබටය.

ජිජැක් හරහා නලින් ද සිල්වා මහතාගේ ලෝකය කියවීමට නම් මහේෂ් යොදා ගත යුතුව තිබුනේ ජිජැක් ගේ පැරලක්ස් වීව් ය. (parallax view)   (ඔහු එම වචනය  ත්‍රිමානය පල කල වෙනත් ලිපියක උපයෝගී කරගෙන තිබේ - යථාර්තවාදී යුතෝපියාවේ අවසානය )  ඌරා ගේ මාළු ඌරා ගේ පිටේ තබාගෙනම කපනවා නම් මට කිව හැක්කේ ඔහුට "Copernicus, Darwin, Freud ...and many others " (parallax view ) පිටු 165-169 ද  Toward A New Science Of Appearance පිටු 169-173 නැවත කියවන ලෙසය.
"Quantum physics posits as the ultimate reality not some primordial elements but, rather, a kind of string of “vibrations,” entities which can only be described as desubstantialized processes; cognitivism and system theory focus on the mystery of “emerging properties” which also designate purely processual self-organizations, and so on." -Zizek -  parallax view

ස්ලොවොයි ජිජැක් විසින් ඒ පොතේ ක්වන්ටම් භෞතික විද්‍යාවේ සොයා ගැනීම් තමන්ගේ දේශන වලට එකතු කරන්නේම එංගල්ස් වැනි අයෙකු තව දුරටත් ලෝක සමාජවාදී කඳවුරේ නැති නිසා බව මගේ හැඟීමයි.

උදාහරණයක් වශයෙන් ඔහු හයිඩෙගර්, ඩෙලුස් හා බදියු සිදුවීමක් (event) අරභයා කරන විවරණයන් තුන ගැන කරන හැඳින්වීම අදාළ කර ගත හැකිව තිබුණි.

මම ඒ පරිච්ඡේද දෙක මෙහි පරිවර්තනය කරන්නට යන්නේ නැත . කවුරුන් හෝ  අවශ්‍ය යයි කීවොත් මිස මහේෂ් සහ අලවත්ත දෙදෙනා ඒ ගැන මටත් වඩා සුදුස්සන්ය. මේ වාක්‍යය  පමණක් උදාහරණයක් වශයෙන් ගනිමු. ජිජැක් කියන්නේ භෞතිකවාදයට  පමණක් මනස හා විඥානය (consciousness)  නම් ප්‍රපංචයන් විග්‍රහ කළ හැකි බවය. විඥානවාදය අසභ්‍ය බවත් එය සැමවිටම සහ කල්තබාම (always-already) ඉහත කී  ප්‍රපංචයන් යථාවක් හා තාත්වික දෙයක් ලෙස (reifi) නිගමන කර ඇති බවය. (පි. 169) ආචාර්ය නලින් ද සිල්වාට මෙය මග හැරී ඇත.

ඉහත කී ලිපියෙන්  අනතුරුව මහේෂ් හපුගොඩ තවත් ලිපියක කෙළවර මට පිළිතුරු දී තිබුණි. මම ඉන් කොටසක්  පමණක් පළ කරමි.

ඉතිරිය පහත ලිපියෙන් බලන්න.
"බාහිර ලෝකයේ පවතින්නේ ද ඇතුලත මෙන්ම නපුරු ලෝකයක්" ත්‍රිමාණ ඔන්ලයින්  සඟරාවේ මේ යොමුවෙන් කියවිය හැකිය. 

//එම රටවල සිදුවන දේ ගැන අවම සවිඥානික බවක් ඇති ඔවුන් මෙහේ සිදුවන සියලු දේ සමග අනන්‍ය වේ (රීටා සමග ඇන්ඩි අනන්‍ය වුවා සේම). පැයෙන් පැය ලංකාවේ සිදුවන දේ ගැන ඔවුන් දැනුවත් ය. නව තත්වයට ඇද වැටීම බාධා කරන සහ පරණ තත්වය සමග අනන්‍ය වීමට ඔවුන් භාවිතා කරන තිරය වනාහී මුහුණු පොතයි. ඔවුන් බොහෝ විට මේ රටේ සිටින අරගලකරුවන්ටත් වඩා ‘රැඩිකල්’ (අධි-රැඩිකල්) අය වන අතර මෙහේ සිටින අයට ඔවුන් කියන්නේ පොන්න පිරිමි (නාකි පොන්න පිරිමි) යනුවෙන් ය....රටේ මතවාදය සකසන්නේ නැතුව කුමක් කලත් වැඩක් නැත. //-හපුගොඩ 
ලෙනින් ලන්ඩනයේ හිටි තැනක් 

මතවාදය සකසන්නේ නැතිව කුමක් කලත් වැඩක් නැත යන්නට මම එකඟය.  මම යුගෝස්ලාවියානු කතාවක් පොල්කට්ටෙන් එපිටට පොතේ  ලිවූ වෙලේ ("යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්" ලිපිය) ස්ලෝවේනියානු ජාතික ජිජැක් ගේ පොත්  හා ලිපි කියවන ලෙසට උපදෙස් දුන්නේ දීප්තිය. (පොතේ පෙරවදන ඔහුගේය.)

ඊට කලින් ජිජැක් ගැන මා දැන සිටියේ  ලන්ඩනයේ අනිත් අය ලෙසම ගැලරියට නටන දර්ශනවාදියෙකු ලෙසිනි. සවුත් බෑන්ක් සෙන්ටර් හි ඔහුගේ දේශනයකට දෙකකටද ගොස් තිබේ. ජිජැක් ගේ අදහස් පිළිබඳව  ගැඹුරු  අධ්‍යයනයක් පටන් ගත්තේ ඉන්පසුවය.  වසර දෙකකට පමණ පෙර  දීප්තිට ජිජැක් ගේ ග්‍රන්ථ  දෙකක් ලන්ඩනයේ ෆොයිල්ස් පොත්හලින් ගෙන යැව්වේද කෘතගුණ පළ කරන්නටය. අසා බලන්න.

නමුත් හපුගොඩ තවදුරටත් මෙසේ ලියයි. හැබැයි මා මෙය දුටුවේ හඬා වැටීමක් ලෙසය. "ගමෙන්  කොළඹට පැමිණි මට නුඹ සිනහසෙන්නේද අජිත් මිතුර " යනුවෙන් අසන්නේ හපුගොඩ ය. ඔහුගේ අහම තුවාල වී ඇත. මා කොළඹ ගමයා ලෙස බ්ලොග් අඩවිය නම් කරන ලද්දේ කුමක් හෙයින්ද යයි ඔහුට සිතෙන්නේ නැත්ද?

//අජිත් ධර්මකීර්ති මිතුරා විසින් මා අසන ලද ‘අප දෙස බලා සිටීම නිසා ඔබට ඔබගේ සත්‍ය (නව) යථාර්තය අහිමි වී යා හැකි නොවේද?’ යන පැණයට තරමක් කේන්ති ගොස් ඇති ආකාරයේ පිළිතුරක් කොමෙන්ටුවක් ලෙස ගොනු කර ඇති බව දුටුවෙමි. //-හපුගොඩ 
 සාමාන්‍යයෙන් කොමෙන්ටු දිග නැති නිසා  යමෙකුට එසේ සිතීම සාධාරණය. 
//ඔහු එංගලන්තයේ ලේබර් පක්ෂයේ සාමාජිකයකු බව සහ නව භූමියේ යථාර්තය සමග අනන්‍ය වී ඇති බව එම පිළිතුරේ සඳහන් ව ඇත. එය ඉතාමත් සතුටු දායක දෙයකි. එය මා දැන සිටියේ නැත. ඇත්ත වශයෙන් ඔහු කියන පරිදි මා කිව යුතුව තිබුණේ ‘මා දන්නා පරිදි’ යනුවෙන් ය. අජිත් ඇත්ත වශයෙන් මා අනුභූතික තලයේ බොහෝ දේවල් දන්නේ නැත. ඔබ ගැන මා කිසිවක් දන්නේ ද නැත.  ලෙනින් ගැන බොහෝ ඇසූ පිරූ අයෙක් ද නොවේය (වෙනත් රටවල් ගැන කතා කලත් ලෙනින් තමන්ගේ භූමියේ  ‘වැඩේ’ කළ බව නම් මම දනිමි). අනෙක නම් අජිත් විසින් මා ‘ගොඩයෙක්’ ලෙස නම් කිරීමට ආසන්නයේ ඇති බව ඔහුගේ ව්‍යංග අර්ථයයි. මන්ද එවන් ප්‍රශ්න අසන්නේ ඔහුගේ කොමෙන්ටු වල ඉන්නා පල් ගොඩයන් ය යන්න ඔහුගේ මතය ය. මම එම ප්‍රශ්නය ඇසුවේ කෙසේවත් ඔබගේ අහම තුවාල කිරීම පිණිස නොවේ. දේශපාලනික ලෙසය. සහෝදරත්වයෙන් ය. අනෙක එවන් ප්‍රශ්න ඇසූ සහ එම කෘතිය ගැන සඳහන් කල හැමට ම මා එම ලිපිය තුල කෘතඥ විය. ඔබ අපේ අදහස් සමග එකඟ වීම ගැනද ඉතාම කෘතඥ වෙමි. සංවාදයක් ඇතිවීම කොතරම් හොඳද අජිත්. කෙසේ වුවත් මා ‘ගොඩයෙක්’ ලෙස නාමකරණය වීමට මා බිය නැත (මිනිසුන් එයට බය වන්නේ ඇයි?). මන්ද සත්‍යය එය වන නිසාය. රාවය ට ලියන කාලයේ සිට මා යෝජනා කරමින් සිටින දෙය පසුබිම් කරගෙන මා ‘ගොඩයෙක්’ ලෙස එංගලන්තයේ වාසය කරන අරගල කරුවෙක් විසින් නම් කිරීම කොතරම් අපූරු දෙයක් ද අජිත්? ඔබ ලංකාවට ආ දිනක මා ජීවත් වන කෑගල්ලේ ගමට දවසක් ඇවිත් යන්න. එවිට ඔබට සාපේක්ෂව මා කොතරම් ඈත අව-වරප්‍රසාධිත ගමක ජිවත් වන්නේ ද යන්න ඔබට තේරුම් යනු ඇත. නමුත් මම ඒ ගැන නහයෙන් අඬන්නේ නැත (අව වරප්‍රසාධිත තත්වය විකුණා ගෙන කෑමට මට වුවමනා නැත). වෙනත් රටක සිට අප කරන දෙයක් ගැන ප්‍රශ්න ඇසීම සඳහා ඇති ඉඩ මෙයින් වාරණය කිරීමට කිසිසේත් මා අදහස් කරන්නේ ද නැත. අපෙන් ප්‍රශ්නයක් ඇසීම පැහැදිළිව ම ගෞරවයකි. මන්ද ‘දීප්ති නම් එසේ නොඅසන’ බව ඔබ කියා ඇත. ඒ ඔහු මට වඩා සංස්කෘතික සහ නාගරික (සහ දේශපාලනික) නිසා විය හැක. අජිත්, දේශපාලනයේදී මම ඔබට සම්බන්ද වන්නේ දුරක් තබා ගෙන නොවේ. ඒ නිසා මගේ ඇත්ත ප්‍රශ්නය මා ඔබෙන් අසමි. මේ මොහොතේ ද එම ප්‍රශ්නය වෙනුවෙන් මා පෙනී සිටිමි. මන්ද එය බොහෝ දෙනෙකුට අදාළ ප්‍රශ්නයක් වන බැවිණි. වමේ දේශපාලනයේදී තත්‍යතාවයේ මාර්ගය (authenticity – අව්‍යාජ බව නැතහොත් සත්‍යතාවය) හැර ඔබට සත්‍ය ලෙස සම්බන්ද විය හැකි අන් මඟක් මා නොදනිමි. //

මේ මා කොමෙන්ටු වශයෙන් මා දුන් පිළිතුරයි. (මෙය සංශෝධනය කර පළ කර ඇත) 
මහේෂ් සහෝදරයා, මට තවම පොත ලැබිල නැති නිසා ඒ ගැන කියන්න බැරිය . //මම එම ප්‍රශ්නය ඇසුවේ කෙසේවත් ඔබගේ අහම තුවාල කිරීම පිණිස නොවේ - හපුගොඩ // මගේ “අහම ” ලෙහෙසියෙන් තුවාල වන එකක් නොවේ. නමුත් මගේ බ්ලොග් ලිපිය විවේචනයක් ලෙස සැලකීමෙන් ඔබේ “අහම” තුවාල වී තිබුණි. ඔබ  අර පිටරට සිට ඒ රටේ වාමාංශය සමග වැඩ නොකර ලංකාවේ රෙද්දස්සේ අත දමන්නේ ඇයිද යන බයි (අපි ටොයියන්ගේ  පැත්තට වගේ කතා කලොත්), ජවිපෙ – (අපි පෙරටුගාමී සමාජවාදී පැත්තට වගේ කතා කලොත් ), පෙරටුගාමී සමාජවාදී (අපි ජවිපෙ පැත්තට වගේ  කතා කලොත්), ටොයි (අපි බයි  පැත්තට වගේ  කතා කලොත්) යන ප්‍රශ්නයම ඇසීමෙන් ඔබ පෙන්නුම් කලේ එයයි. // වමේ දේශපාලනයේදී තත්‍යතාවයේ මාර්ගය // මෙය  අමු බොරුවකි. ඔබට මා සමග සම්බන්ධ වීමට මම වමේ දේශපාලනය පමණක් කළයුතු නම් ඔබ සිටින්නේද විජේවීරගේ ස්ටලින්වාදී ආකෘතිය තුල සිරවීය. අනික මේ රටේ ලේබර් පක්ෂයේ සිටින සමහරක් ලංකාවේ වාමාංශයට  එහා බොරු කාරයෝය.

උදාහරණයක් වශයෙන් මම එන්ෆිල්ඩ් උතුර (ජෝන් රයන් මන්ත්‍රිනියගේ අඩවිය ) ලේබර් පක්ෂයේ CLP (Constituency Labour party) එකේ විධායක කමිටුවේ භාණ්ඩාගාරික ලෙස විශාල වැඩි චන්ද ගණනකින්  තේරී පත් වුනේ අවුරුද්දකට කලින්ය. නමුත් කෝබින් ගේ පැත්තෙන් පැමිණි අයිරිෂ් ජාතික ලේකම්වරිය මරියා මැකොයි, ජෝන් රයන්ගේ කණ්ඩායම සමග දොර වසාගෙන ගහගත් ගිවිසුමකින් මගේ තනතුර  අහිමි විය. ඇගේ හේතුව වුයේ පස් දෙනෙකුගේ කාරක සභාවේ පිරිමින් හතර දෙනෙකු සිටින නිසා සම්ප්‍රදායික ලෙස භාණ්ඩාගාරික පදවිය ගැහැනියකට දිය යුතු බවය. (කලින් අවුරුදු තුනේ සිටි තැනැත්තිය වැඩි වැඩක් කල අයෙකු නොවේ) නමුත් ලේකම්වරියට  දෙවන වර පත්වීමට අවශ්‍ය ඡන්ද ගණන සාදා ගැනීමටත් ඇගේ පැත්තේ කෙනෙක් වෙන තනතුරකට දම්මවා ගැනීමටත් මගේ තනතුර  බිලිදී තිබුණි. ඒ තනතුරු  කිහිපයක් ජෝන් රයන්ගේ පැත්තට දීමෙනි. මම එදා එයට දැඩි ලෙස විරුද්ධ වුනෙමි. ජෝන් රයන් විශ්වාස කළ නොහැකි බවත් ඇය අවශ්‍යම අවස්ථාවක අනිත් පැත්තට යන බවත් පැවසුවෙමි. දැන් රයන් ස්වාධින වී ඇත (හෙවත් මා කී දේ තරම් දුරට සනාථ වී ඇත). (කම්කරු පක්ෂයෙන් ඉවත්ව) දැන් මට දිගට හරහට මුහුණු පොතේ  ලේබර් කට්ට්ටිය රික්වෙස්ට් එවති. ලේකම් තුමිය  නැවතත්  දිගට හරහට  ඊමේල් එවන්නේ මට නැවත  පැමිණෙන්නට  කියාය. එම අය හා ලංකාවේ අය අතර වෙනස කුමක්ද?

දෙවැනි  උදාහරණය නම් මේ ලේබර් පක්ෂයේ බහුතර සාමාජිකයන් රැස්වීම්  වලට  එන්නේ බෙනිෆිට් හෙවත් සහනාධාර වැඩි කර ගැනීමට මිස සමාජවාදයක් හැදීමට නොවේ. සමාජවාදයේදී හැමෝම වැඩ කල යුතු බවත් රැකියා සපයුතු බවටත් උන්ට ගණනක්  නැත. මේ බෙනිෆිට් ගන්නට බදු වැඩි කළ යුතුය. ඔවුන්ගේ  අදහස මහා පරිමාණ කර්මාන්ත හා බිස්නස් වලින්ද  රැකියා කරන අයගෙන්ද බදු ගසා තමන්ගේ බෙනිෆිට් හෙවත් සහනාධාර වැඩි කර ගැනීමටය.  අප වැනි රැකියා කරන (මා ඉංජිනේරුවෙකි) අය කෙරෙහි කිසියම් ප්‍රතිවිරෝධයක්ද සමහරුන්ගේ තිබුණි. මට ඇත්තටම එය විහිළුවක් විය. මෙවැනි “තද” වාමාංශික කිහිප දෙනෙක් මට චන්දය නුදුන් බවද දනිමි. මෙහෙම වාමාංශික කණ්ඩායමකින් කෝබින්ට කළ හැකි රෙද්දක්  නැත. එනිසාම  මේ වැඩ වලින් යමෙකුගේ දේශපාලන තත්‍යභාවය මැනීමත් විහිළුවක්‌ නොවන්නේද?

මම  ලංකාව දෙස බලන්නේ  ජර්මනිය, රුසියාව වැනි රටවල් දෙස බලන ආකාරයෙන්මය. තමන් වසර දහනමයක් එක දිගට  ජීවත්වූ මව් රට මෙන්ම වසර හයහමාරක් ජීවත්වූ රටද වැදගත්ය.  ජර්මන් බිරිඳක් සිටින නිසා හා නිතර යන එන නිසාත් ඒ රටේ දේශපාලන තටහ්වය වැදගත්ය. රුසියාව පිළිබඳව ගත්තත් එලෙසමය. ඉතින් ඇත්ත වශයෙන්ම මට හපුගොඩ මිතුරාට එකඟවිය හැකි තැනක් තිබේ. කවුරුන් හෝ ලෙනින් ට හෝ මාක්ස්ට ඔය කතාව  කීවා නම්.

මහේෂ් කියන්නේ "වෙනත් රටවල් ගැන කතා කලත් ලෙනින් තමන්ගේ භූමියේ  ‘වැඩේ’ කළ බව නම් මම දනිමි." ඔහු තමන්ගේ භුමිය කියන්නේ රුසියාවට විය යුතුය. මහේෂ් ඔහු සිටියේ ස්විට්සර්ලන්තයේය.  ඊට කලින් ලන්ඩනයේය. තම පැත්තට බොල්ෂෙවික් යන වචනය ලෙනින් නිර්මාණය කළේද ලන්ඩනයේ දීය (1903). ඉතින් ඔහුට හෝ මාක්ස්ට ඔබගේ අවවාදය පරිදි මේ රටවල අරගලයට ඒකාත්මික වී මෙහෙ විප්ලවය කළා නම් පළමුවන ලෝක යුද්ධයද මග හරවා ගන්නට ඉඩ තිබුණි. එහෙම නම් ලෙනින් ට ජර්නුමානුන්ගෙන්  මුදල් ගැනීමට අවශ්‍යතාවයක් ඇති වන්නේද නැත.

ගිය ඔක්තෝබරයේ මම දීප්තිට මගේ පොත ගැන කතාවක්  කිරීමට ආරාධනා කළ අවස්ථාවේ ඒ ගැන දැනගත් කිහිප දෙනෙක් දැඩි විවේචනයක් ඉදිරිපත් කළහ. ඒ ඔහු කිසියම් බලවන්තියකගේ අතකොළුවක් ලෙස මීඩියා ආයතනයක වැඩ කරන බව පවසමිනි. මම ඔවුන්ට කීවේ මට වැදගත් ඔහුගේ ගැඹුරු විවේචනය හා අදහස් මිස ඔහු කාත් සමග හෝ කරන අල්ලන සෙල්ලන් නොවන බවයි.
  
ඔබලා  කිසියම් මතවාදයක් ගොඩ නැගීමට කරන බලවත් වෙහෙස මම දනිමි. ඒ පිළිබඳව මගේ ස්තුතිය ඔබලාට හිමිය. ශ්‍රී ලංකාවේ මේ කාර්යය ඉතා අසීරු බවද දනිමි. සියල්ල දත් සර්වඥ ලා ලංකාවේ වැහි වැහලා සිටින බවද දනිමි. කෙසේ නමුත් ඔබලාට එල්ල කරන  සුළු විවේචනයකින් අපට, "ඔබලා  ඉන්න  රටේ (එංගලන්තයේ) දේශපාලනය  කරන්න , මෙහේ අපි කරන  අමාරු ක්‍රියාව ප්‍රශ්න නොනගා ඉන්න" යයි කීමෙන් අදහස් වන්නේ ඔබලා සිටින ස්ථාවරය තවමත් දුර්වල බව මිස වෙනෙකක් නොවේ.  
  
විවේචනයන් ගෙන්  නොසැලී ඉදිරියට යාමට සුභ පතමි.