Sunday 10 May 2020

ලොක් ඩවුන් සුන්දරද මෙතරම්

අක්කා කතා කළා 
මල්ලි අනේ තිස්දහටත් වැඩියි  නේද 
බය නැත්ද ඔහේ ඉන්න 
අම්මත් මේ දැන් කතාකළා 
අපි හැමෝම බයෙන්
ඔයා ගැන 

අක්කේ තිස්දාහ තමයි  
අපිට  ඉතින් ප්‍රශ්නයක් 
ඇත්තෙත් නැහැ  
නැත්තෙත් නැහැ 
ජොන්සන් පරක්කු වැඩියි නේ 
එයාට  හදිස්සි වුනේ 
යුරෝපෙන් එලියට යන්න විතරයි 
අනිත් ඒවාට හරි හිමින් 
පේන්නේ නැත්ද කපටි ඉබ්බෙක් වගේ 
හාව  පරද්දපු 

අම්මට මම කතා කරන්නම් 
අම්මත් බයෙන් 
අනේ පුතේ එන්න 
අපේ ජනාධිපති ස',
එයා භාර ගන්නවලු 
එන ඕන කෙනෙක් ව  

පිස්සුද අම්මේ ඔයාට 
ළමයි දෙන්නයි අරයයි දාල 
කොහේ එන්නද 
එයාලා කොහොමත් එන්නේ නැහැ 
මම ආවත් 

අද අල්ලපු ගෙදර එක්ක බාබෙකිව් 
අම්ම තරහ නැහැනේ සුරුට්ටුවක් බිව්වට 
තාත්තා නම් බිව්වේ යාපනේ සුරුට්ටු 
හප්පේ සුවඳ  ඒත් තිබ්බනම්
කෝවිඩ්  19 සුවඳටම  මැරිලා යයි

ඕන දෙයක් කරගන්න 
කියන දෙයක් අහන ළමයෙක් යැ 
මම මේ පහන තියල දෙයියන්ට 
බුදුන්ට භාර වුනා ඔයාල රැක  දෙන්න 

මරණේ කියන එක එනවා 
ඕන වෙලාවක අම්මේ 
අද එන්නත් පුළුවන් 
හෙට එන්නත් පුළුවන් 
අවුරුදු දහයකින් එන්නත් පුළුවන් 
පුළුවන් වුනොත්  මාත් එන්නම් 
අගෝස්තුවේ වත් 
ඔයාව බලල යන්න

මේ ටික නම් අම්මට නෙමේ කිව්වේ 

ජිවිතේ තියෙන්නේ 
විඳින්න මිසක්
විඳවන්න නෙමෙයි 
බයෙන් ඉන්නවට වඩා 
ඉන්න මොහොතේ 
ඉඳහල්ල බන් සතුටෙන්
  
විස්කි වීදුරුවයි සිගාර් එකයි 
මස් කෑල්ලයි ඕනෙම නැහැ ඒකට  
පෙරාපු රා ටිකක්, යාපනේ  සුරුට්ටුවක්
ලුණු මිරිසක් එක්ක  මඤඤොක්ක 
කෑලි ටිකක් තිබ්බත් 
ඒකත් සැපක් තමයි 
තියෙන දේ විඳින එක 

ලොක් ඩවුන් සුන්දරද මෙතරම් 

Friday 8 May 2020

"එක්සත් රාජධානියේ ප්‍රශ්න හා ලංකාවේ එක්සත් රාජධානිය ගැන කියන ප්‍රශ්න" ලිපියට ලැබුණු ප්‍රතිචාර

Sankha Ranadheera Vithana
 Meanwhile 

Ajith Dharmakeerthi සංඛ දැන් ඔබ මෙය පල කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ රටේ PPE නැති ප්‍රශ්න තිබෙන බව ලේබර් පක්ෂයත් අපිත් ලියනවා ෂෙයාර් කරනවා. ඒ ප්‍රශ්නය ෆිලිපිනෝ අයට විතරක් නෙමේ තිබෙන්නේ. හැමෝටම. ඔය රස්සාව ගත්තට පස්සේ ඒ රස්සාව කරන්න බැහැ කියල කියන්න බැහැ. අපි හැමෝම වැඩ කරනවා. අනිත් හැමෝම වෙනුවෙන්. දැන් මේ හෙදියන් සමහරු වැඩ කරන්න බැහැ කියනවා. එතකොට රැකියාව ගත්තේ ඇයි . රැකියාවෙන් අයින් වෙලා ගියොත් එයා ජිවත් වන්නේ කොහොමද? නැවතත් අපේ බදු මුදලින් ලැබෙන සහනාධාර වලින් නේද? එතකොට වීසා ලබාගෙන ආවේ රැකියාවකරන්න නේ? නැත්නම් එන්නේ නැහැනේ? දැන් අපේ රෝහලේ වැඩිපුර ම හෙදියන් ෆිලිපිනෝ, නයිජීරියන් සහ ඉන්දියන්. ඒ ගොල්ලෝ තමයි අපි ගියහම රිසිප්ෂන් එකේ ඉඳන් වෛද්‍යවරයා ගාවට යනකන් ඉන්නේ. ඒ රස්සාවලට ආවේ කැමැත්තෙන්. ආණ්ඩුවේ වැරැද්ද මම කලින්ම කිව්වා. ඒක සඟවන්නේ නැහැ. පරක්කු වීම. PPE නැතිවීම ආදිය .ඒකට මේ ගොල්ලෝ පස්සේ රජය ට නඩු දමයි කියල මම හිතනවා. නැත්නං පවුල් වල කට්ටියට උදව් කරයි. නමුත් ලංකාවේ යන කතාව වෙනස් නේ . අපිට ඇඳන් දෙන්නේ නැහැ සුද්දන්ට විතරයි දෙන්නේ සහ සුද්දන් වැඩ කරන්නේ නැහැ අනිත් අයව ඉස්සරහට දානවා කියන එක. ඔයා මේ රටේ හිටි නිසා දන්නවනේ කවුද ලන්ඩන් රෝහල් වල වැඩ කරන්නේ කියල. හැමෝම වගේ වෙනත් රටවලින් ආපු අය. අපේ නෝර්ත් මිඩ්ල්සෙක්ස් එකේ සුදු ඉංගිරිසි ජාතිකයෝ හොයන්න අමාරුයි. ශ්‍රී ලංකාවේ ඉපදුනු දෙමල කන්සල්ටන්ට් ලා, වෛද්‍යවරු, ඉන්දියන්, ඊජිප්තු වෛද්‍යවරු , පෝලන්ත හෙදියන්, ෆිලිපිනෝ, ඝානා, නයිජීරියන් හෙදියන් සහ නොයෙකුත් රටවල අය ඉන්නේ, ඇවිල්ල බලන්න. ආණ්ඩුවේ වැරැද්ද මේ තර්ජනය හරියට ගණන් නොගැනීම නමුත් උන් යමක් කරනවා. පඩි දෙන එක වගේ. නොකරන්නේ නැහැ.

Sankha Ranadheera Vithana ලංකාවේ මිනිස්සු එංගලන්තෙ ගැන කියන එකයි, අනෙක් පැත්තට ඔයාවගේ නොවන වෙනත් පිරිස් එංගලන්තයේ ගැන කියන කතා අතරයි තියෙන අවුල ගැන මම දැකලා තියෙනවා. ඒක අස්සෙ මේ වීඩියෝ එක දැක්ක නිසයි මෙතන දැම්මේ..
සෘජු ලෙස මෙතන්ට අදාළ නැති වුනත්, UK වල ව්‍යූහගතව වර්ගවාදයක් තියෙනවා කියන එකයි මට පෙන්නන්න ඕන වුනේ. ඒක හොස්පිටල් එකේ ඇදන් ⁣දෙනවා වගේ තැනක නෙවෙයි තියෙන්නෙ, හැබැයි එක්තරා අපහසුම වෙලාවක එහෙම වුනත් පුදුමයක් නෑ. මේ වීඩියෝ එකේම තියෙනවා මියගිය පිරිසෙන් 1/5ක්ම පිලිපීනෝ කියලා (මං හිතන්නෙ ඇත්තටම සේවක පිරිස අතරින් පිලිපීනෝ ප්‍රතිශතය ඊට ගොඩක් අඩුයි)
ආයෙත් මං කියන්නේ බ්‍රිතාන්‍යයේ වර්ගබේදවාදය තියෙන්නෙ දකුණු අප්‍රිකාවේ හරි පනස් ගණන්වල තිබුංණ වගේ නෙවෙයි, ඊට වඩා සංකීර්ණ තැනක.

මගේ පිළිතුර: සංඛ මල්ලි  ඔබ ව්‍යුහගත වර්ගවාදය කියන්නේ institutional  racism කියන එකට  (ආයතනගත  වර්ගවාදය)  කියා මම හිතනවා. බ්‍රිතාන්‍ය පොලිසියේ සහ ගිනි නිවන් හමුදාව ආදියේ මෙම ව්‍යුගත වර්ගවාදය (ඒ කියන්නේ මේ වර්ගවාදය කෙලින්ම එන්නක් නොවේ වක්‍රව එන්නක්) තිබෙන බව පිලි අරන් ඔවුන් ඒ ගැන කටයුතු කරනව. මම මේ වර්ගවාදය වැඩිපුරම දුටුවේ බ්‍රිතාන්‍යයට වඩා ඉතිලිය , ප්‍රංශය, ස්පාඤ්ඤ ය වගේ රටවල. කිසිවෙකුට සමාජීය දු පඩි ගෙවන රකියවකට් වැඩ ඉහලට යන්න බහ. ඒ තත්වය අරගන්නේ තෙවන  ජෙනරේෂන් වගේ අය . බ්‍රිතාන්‍යයේ ඒ තත්වයනැහැ . ඔය පිලිපීන කෙස් එක මමත් බැලුව. ඒක වර්ගවාදය කියල කියනවනම් ඔබ හිටියේ එංගලන්තයේද කියල මට පුදුම හිතෙනවා. එතැන තියෙන්නේ ධනවාදය. ෆිලිපිනෝ සේවකයන් 19500 පමණ වැඩ කරනවා NHS . ඔවුන් ඉදිරිපෙළ සේවකයන්. මෙහෙ එනකොටම ඔවුන් දන්නවා ඔවුන් ඉදිරිපෙළ කියා.. අවුරුදු 5-10 ට වැඩි අය මෙට්‍රන්ලෙස උසස් වීම් ලබා  මම දැක තිබෙනවා. සේනක ගෙන් අහන්න. PPE නැති ප්‍රශ්නය ඔවුන්ට විතරක් නෙමේ. මේක තනිකරම් ජොන්සන් රජයේ වරද්ද. මේක වර්ගවාදය කියල දාල ජෝන්සන්ව බෙර ගන්න පුළුවන්. නැහැ මේ රජය අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ නොදීම , මැට් හැන්කොක් ගේ සමාගමට දීම , පහුවෙලා ලොක් ඩවුන් පටන් ගැනීම ආදිය නිසා ඇතිවූ තත්වයක් ඕක. වර්ගවාදය තිඑබන තැන් තියෙනවා. මෙතන නෙමේ.  

Nalin Dodangoda දියුණු ධනපති රාජ්‍යයක අද ජාතිකවාදී තැනකට මාරුවෙමින් යන එංගලන්තයේ සෟඛ්‍යය පහසුකම් ඇති බව පැහදිලියි.මා හට දැනගතයුතු වන්නේ 4 "වීල් වල යන පවුම් ලක්ෂ 2, 3 ගෙවල් වල ඉන්න ,විස්කි ,බ්‍රැන්ඩිි , ජින් බොන වාමාංශිකයන්ට ,එංගලන්තයේ ඉන්න ලාංකික සංක්‍රමනිකයන්ව ලංකාවට යෑවීමට හේතූ වූ කාරනාව ඔබගේ ජෙජික්ට අනුව විග්‍රහ කරන්නේ කෙසේද?අනිත් කාරනය වාමාංශිකයන්ට එසේ වුවමනාවුවත් එම ලාංකිකකයන් ට ලංකාවට යාමට පෙලඹවූ කාරනාව පැහදිලි කරන්න. එංගලන්තයේ ධනවාදය පිලිබදව විශාල අඩුපාඩුකම් තිබෙනවා කියා ඔබ පැවසුවත් ,එම අඩුපාඩු කම් මොනවාද කියා පැහදිලි කරන්න.අනිත් කාරනය එංගලන්තයේ ධනවාදය හරහා වන පීඩනයක් සාමාන්‍යය සමාජයට ඇත්නම් එයට ප්‍රතිවිරුද්ධව ඔබ වාමාංශික නොවන කුමන හෝ දේශපාලනයක් නියෝජනය කරනවාද?


Ajith Dharmakeerthi ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. දොඩන්ගොඩ මහත්මයා ඔබ අසා ඇත්තේ ඉතා සංකීර්ණ ප්‍රශ්නයකි. ෆේස්බුක් ප්‍රතිචාරයක් නොව බ්ලොග් ලිපියකින් කතා කලයුතු එකකි. නැතනම් ලිපි කිහිපයකින්. මගේ කොළඹ ගමයා බ්ලොග් අඩවියේ මේ හා සම්බන්ධ ලිපි ගණනාවක් තිබේ. ඒවා කියවනමෙන් ආරාධනා කරමි.…See more

Ajith Dharmakeerthi ජිජැක් ට අනුව විග්‍රහ කරන්නේ කෙසේද - මේ ජිජැක් කතාව ලියා ඇත්තේ ඉතා හොඳ , මිත්‍ර වාමාංශික කණ්ඩායමක අවධානය පිණිස මිස සියල්ලන්ටම නොවේ. වට්සැප් සංවාදයකදී මතු කළ කරුණක් අරභයා ලියන ලද්දකි. ඔබට ජිජැකියානු කියවීමක් අවශ්‍යනම් ඒ ගැන අධ්‍යනයක් කිරීම වඩා හොඳයි. මහේෂ් හපුගොඩ/අලවත්ත ලියු "ජිජැක් අධ්‍යයනය " නමින් පොතක් තිබේ. එසේම ත්‍රිමාණ වෙබ් අඩවියේද නොයෙකුත් ලිපි පළවේ. ඊටත් අමතරව සුමිත් චාමින්ද මහතාද "ශිෂෙක් පිළිබඳ " ලිපි පළකරයි. (ග්රම්ස්චි සම්බන්ධ ලිපි වලට අමතරව) ඔබට ජිජැක් ගේ පොත් අවශ්‍යනම් මා ළඟ ඊබුක්ස් තිබේ. එවිය හැකිය. ජිජැක් යනු මුදල් අයකර දේශන පවත්වන්නෙකි, ඔහු සෑහෙන මුදලක් උපයන්නෙකි. (මමද පවුම් 25 ගෙවා ප්‍රවේශපත්‍ර මිලදී ගෙන දේශනා වලට සවන් දී ඇත්තෙමි). ඔහු මාක්ස්වාදය විග්‍රහ කරන්නෙත් සමාජය විග්‍රහ කරන්නෙත් එවැනි තැනක සිටය. වෙසක් දවසේ බුදු හිමියන් ගනිමු. එතුමා සිදුහත් කුමරු ලෙස කාලය දීපය දේශය කුලය සහ මව් උපදින්නට පෙර සොයා බලා තිබේ. (මා එය විශ්වාස කරනවාට ලියනවා නොවේ) ඒ කියන්නේ රොඩියකු ලෙස ඉපදී හිටියා උන්වහන්සේගේ දේශනා අසන්නන් වැඩි නොවනු ඇත. ජේසු ජීවිතය දුන්නේ ඒ නිසාය. සිගාර් බි ගිටාර් ගසා සින්දු කිවූ චේ විප්ලව කළේය.


Ajith Dharmakeerthi /එංගලන්තයේ ධනවාදය පිලිබදව විශාල අඩුපාඩුකම් තිබෙනවා කියා ඔබ පැවසුවත් ,එම අඩුපාඩු කම් මොනවාද කියා පැහදිලි කරන්න//මේවා ෆේස්බුක් ප්‍රතිචාර වලින් කළහැකි දේවල් නොවේ. හැදෑරිය යුතු දේවල්ය. ඩේවිඩ් හාවේ යුටියුබ් වීඩියෝ බලන්න. වොල්ෆ්ගන් ස්ට්‍රෙක් ගේ "how will capitalism end " කියා පොතක් තිබේ. ඒවා කියවන්න.

Ajith Dharmakeerthi eugen_von_bohm-bawerk_-_karl_marx_and_the_close_of_his_system මාක්ස්වාදයට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වා ඇති වටිනා පොතකි.


Nalin Dodangoda
අජිත් මහතාගේ පිලිතුරට ස්තුතියි.පිලිතුරු ලපියේ මා හට ගැටලු කිහිපයක් මතුවිය.මෙය ඔබ එංගලන්තයේ ජීවිතයේ වැඩිකාලයක් ජීවත්වීම පිලිබද කාරනයක් නිසා විය හැක.එංගලන්තයේ සිටින වාමාංශිකයන් කිවත් නොකවවත් ගෝලීය කරනයේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්තයේ පමනක් නොව දියුනු රටවල වාමාංශිකයන් ඇතුලු බොහෝ ජනයා විස්කි ,ජින් ,4 වීල් සංස්කෘතියකට උරැමකම් ලබනවා සේම පහසුකම් ඇති නිවාස වල සංස්කෘතිකව ජීවත්වන බව ලාංකීය ජනතාව නොදන්වා යයි සිතීම ඔබගේ වරදක් නොව සිතීමේ බාධාවකි.එය යම්කිසි විදියකන් එංගලන්තයේ ලාංකික වාමාංශිකයන් ඔවුන්ගේ ලෟකික ජිවිතය පිලිබදව ලාංකික ජනයාට නොකියනවා කීම ඔබේම පරිකල්පනීය ගොඩ නැංවීමක් මිස යතාර්තය් පවතින දෙයක් නොවේ.දෙවන කාරනය ලෙස 2 ලෝක මහා යුද්ධයෙන් පසුව ලෝක ධනපති ක්‍රමයේ සමතුලිතතාවය රැකගැනීමේ අරමුනෙන් ගොඩ නගන ජීනීවා ගිවුසමට අනුව එහි සාමාජික රටවල් විසින් එකග වු දේශපාලන රැකවරනය යන කාරනය මත බටහිර රටවල් සිවිල් යුද්ධ 3 ක් ඇතිවු ලංකාවේ ජනතාවටත් එම ඉඩ අවස්තාව ලබාදීම තැචර්ගේ පුද්ගල වුවමනවක් නොවේ.නවලිබරල් වාදී ආර්ථිකය එංගලන්තයට හදුන්වා දුන් තැචර් පාලනය නිසා එංගලන්තයට අද සිදුවී ඇති විනාශය කෙබදුද?කොරෝනා වයිරසය නිසා ඇතිව ව්‍යසනයෙන් ගැලවීමට හැම රටක් මෙන්ම එංගලන්ත මධ්‍යම බැංකුව විසින් මුදල් අච්චු ගසා මිනිස්සුන්ට දීම ඔබ උත්කෘෂ්ටත්වයට ලක්රන්නේ ධනවාදයේ සංස්කෘතිය ගැන පමනක් හැදෑරීමේ ප්‍රතිඵලයක් නිසාද? ඔබ සදහන් කල එක්ස් කංඩායමෙන් පෙකනිය කපාගත් සුමිත් චාමින්ද ,මහේෂ් හපුගොඩ ඇතුලු බුද්ධිමතුන් තවමත් සංස්කෘතික දේශපාලන විග්‍රහයන් වලට අමතර දෙයක් නොකිරීම පිලිබදව ඔඹ සවිඥානකද? මෙයට අනුව ඔබේ ආස්ථානයත් ඔවුන්ගේ ආස්ථානය නම්.ඔබ පැවසු ජෙජික් ගේ වචන වලින් කියන්නේ නම්(චොක්ලට් චාකලට් නොවන චොකලට්,කිරි ,කිරි නොවන කිරිය,විස්කි විස්කි නොවන විස්කිය) පැහදිලව කියන්නේ නම් සාරයක් නැත යන්නයි.

නලින් මහත්මයාගේ පිළිතුරට ස්තූතියි . මම හිතනවා මම කී දෙය ඔබ තේරුම් අරන් තිබෙන්නේ සම්පුර්නයෙන්ම අංශක 180 අනිත් පැත්තට කියල.
// එංගලන්තයේ පමනක් නොව දියුනු රටවල වාමාංශිකයන් ඇතුලු බොහෝ ජනයා විස්කි ,ජින් ,4 වීල් සංස්කෘතියකට උරැමකම් ලබනවා සේම පහසුකම් ඇති නිවාස වල සංස්කෘතිකව ජීවත්වන බව ලාංකීය ජනතාව නොදන්වා යයි සිතීම ඔබගේ වරදක් නොව සිතීමේ බාධාවකි// ඔබ ඊයේ පෙරේදා කොටුවේ හාමුදුරුවන් කියා පැරිසියේ අයෙකු ගේ වීඩියෝව බැලුවානම් ඔබ කියන දෙයහි නිරවද්‍යතාවයක් නැති බව වැටහෙනු ඇත. ඔවුන් කියන්නේ පාට් ටයිම් ජොබ් කර සුද්දන්ගේ පස්ස හෝදන අය ගැනය. බොහෝ අය සිතන්නේ (ෆේස්බුක් හා බ්ලොග්, වට්සැප් ) එංගලන්තයේ ජිවත්වන්නේ එවැන්නන් කියාය. ඒ මදිවාට දැන් මාසයකට කලින් ඉතාලි අය විදේශ විනිමය ගෙනත් රජයට දෙන්නේ නැති යයිද ඔවුන් ඒවා ලංකාවේ බඩු ගැනීමට වියදම් කරතියිද සමහරෙක් ලිය තිබුණි. එය මගේ පරිකල්පනයේ තිබෙන දෙයක් නොවේ. ඔබ සමහරවිට මේ ගැන දැනුවත්ව සිටිනවා ඇත. එසේම බොහෝ "සහෝදරයන්" ලියන ඒවා ම ෆෙස්බුක්හි නිතිපතා  දකිමි. ඔවුන් වැඩිපුරම ලියන්නේ මෙහි තිබෙන අමාරුකම් ගැනය. රැජිනට වැඩ කරන මෝඩයන් ගැනය. ඔවුන් මෙහි ඉන්නේ තමන්ගේ සැපයට නොව ලංකාවේ  විප්ලවය කිරීමට බවය. ඒවා පෙන්විය හැකිවුවත් පෞද්ගලිකත්වයට පහරක් හෙයින් එසේ නොකරමි. අනිත් කාරණය නම් ඔබ මගේ අදහස ග්‍රහණය කර නොගැනීමය. මා කියන්නේ ඔවුන්ට ජිජැක් ලෙස සිතන්න කියාය. තමන් මෙහි ගත කරන ජීවිතය සැඟවිය යුතු එකක් නොවේ. මේ දියුණුව ලංකාවට  වඩා  හොඳ බවත් ඔවුන් සමාජවාදය ලෙස පතන්නේ ඊට එහා ගිය දියුණුවක් බවත් කීමය. නමුත් බොහෝ අය කියන්නේ වෙන කතාවකි. මා  දුටු පරිදි "පාරිභෝගික ජීවිතය " හෙලා  දකින බොහෝ අය  ධාර්මික වාමාංශික විප්ලවීය ජිවිතයකට බන දෙසති. මට මෙය පෙනෙන්නේ අර සමහර භික්ෂූන් මාලිගා වැනි පන්සල් තනාගෙන,බෙන්ස් හා 4x4 වල යමින් අල්පේච්ච ජිවිත ගත කරන්නට ලංකාවේ මිනිසුන්ට දෙසන බණ වගේය.

ඊළඟ කාරණයද ඔබ හොඳ එකෙන් පටලවාගෙන ඇත. //ලංකාවේ ජනතාවටත් එම ඉඩ අවස්තාව ලබාදීම තැචර්ගේ පුද්ගල වුවමනවක් නොවේ// මේ කියුමෙන් එය පැහැදිලි වේ. මම කියන්නේද ඔබ කියන කතාවමය. මගේ මුළු ලිපියේ පරමාර්ථය ද එයමය.කරුණු නොදැන බොරුවට බ්‍රිතාන්‍යයට තඩිබාන හිනාවෙන ලංකාවේ අයට මම කියන්නේ දක්ෂිණාංශික ජොන්සන් රජය පවා වමේ රජයක් වැනිව සහන සපයන බවයි. ලිපියේ සාරාංශය එයයි. තැචර් වැනි අන්ත දක්ෂිණාංශික නායිකාවක සිටියදී පවා බ්‍රිතාන්‍යය ජාත්‍යන්තර නීතියට ගරු කර සිංහල කැරලිකරුවන් පමණක් නොව දෙමල කරලිකරුවනට දේශපාලන අනාතභාවය දුන් බවයි. මෙය නිවැරදිව වටහා ගැනීම වැදගත්ය. තැචර් ගැන ඔබ කිවූ කාරනා ගැන මගේ විරුද්ධත්වයක් නැත. මෑතක්  වනතුරුම මම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සහ මොමෙන්ටම් හි සාමාජිකයකුව සිටි මට තැචර් ගැන කියාදීම අවශ්‍ය නැත.
//එංගලන්ත මධ්‍යම බැංකුව විසින් මුදල් අච්චු ගසා මිනිස්සුන්ට දීම ඔබ උත්කෘෂ්ටත්වයට ලක්රන්නේ// ඔබ කියන්නේ මිනිසුන්ට පඩි ගෙවීම , සුළු කර්මාන්ත හා ස්වයං රැකියා හිමියන්ට පඩි ගෙවීම වැරදි යයි කියාද? රිෂි සුනාක් තවම මුදල් අච්හු ගැසුවේ නැත . එවැනි යෝජනාවක් තිබේ.  ඔහු universal credit එක දීමටද ක්‍රියා කරයි. එය කෝබින් ගේ යෝජනාවකි. එසේම මෙහි ඇතැම් සහන පැකේජයන් ට කම්කරු පක්ෂයේ විරුද්ධත්වයක් නැත. විරුද්ධ වන්නේ NHS එකට අවශ්‍ය උපකරණ  ප්‍රමාද කිරීම, ලොක් ඩවුන් ප්‍රමාද කිරීම මැට් හැන්කොක් ගේ සමාගම  මගින් PPE ගෙන්වීමට තැත් කිරීම , ඩොමිනික් කමින් කියන දේ මිස විද්‍යාඥයන් කියන දේ නොඇසීම  ආදියටය. 
මා එක්ස් කණ්ඩායමක් ගැන සඳහන් කලේ නැත. එක්ස් කණ්ඩායම අවසන් වුනේ 2004 දීය. සුමිත් චාමින්දට ග්‍රාම්ස්චි සමුහයක් තිබෙන  අතර ඔහුගේ තත්වය කුමක් වුවත් ඔහුගේ හොඳ ලිපි තිබේ. අධ්‍යනය සඳහා හෝ විචාරයන් සඳහා ඒවා හොඳය. මම ඔබ තරම් ඒ ගැන ඔලුව උදුමවාගෙන නැත. මට ඉංග්‍රීසියෙන් ජිජැක් කියවිය හැකවා ව මෙන්ම  සිංහලෙන් ලියන ඒවාද කියවමි. මහේෂ් හපුගොඩ ලොකුවට එක්ස් එකේ හිටියේ නැත ඔහු සිටින්නේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේය. ඔහු සංස්කෘතික දේශපාලනයන්ට  අමතරව පොත් දෙකකුත් ලියා තිබේ. මේ දිනවල එකකට විචාරයක් කරමින් සිටිමි. ඒ කිව්වා කියා ඔහු සමග ගැටුම් නැත්තේ නොවේ. (බ්ලොග් ලිපිය කියවන්න) 


//සංස්කෘතික දේශපාලන විග්‍රහයන් වලට අමතර දෙයක් නොකිරීම // මේ  කතාව  අර පරණ ජවිපෙ හෝ නව පෙසප   තිබෙන "අපගේ භාවිතාව   තිබේ  නුඹලාගේ තිබෙන්නේ මොනවාද " යන සුපුරුදු පඬි වදන  මෙනි.එක භාවිතාවක් අවසන් වුනේ  අසාර්ථක  පොල්පොට් පන්නයේ කරල්ලකිනි.  අනිත් භාවිතාව නම් මේ කාලයේ යන්තන් මනෝ විශ්ලේෂණය හා ජිජක් ආදීන්  මාක්ස්වාදය ගෙන යන්නේ කොයි දිසාවටද යන්න ගැන යම් සවේදනයක් පෙන්වමින් සිටිති. මේ දිනවල  වැදගත් වන්නේ අඅධ්‍යයනය  මිස වෙන කිසිවක් නොවේ. 

Nalin Dodangoda
අජිත් මහතාගේ පිලිතුරට ස්තුතියි.පිලිතුරු ලපියේ මා හට ගැටලු කිහිපයක් මතුවිය.මෙය ඔබ එංගලන්තයේ ජීවිතයේ වැඩිකාලයක් ජීවත්වීම පිලිබද කාරනයක් නිසා විය හැක.එංගලන්තයේ සිටින වාමාංශිකයන් කිවත් නොකවවත් ගෝලීය කරනයේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්තයේ පමනක් නොව දියුනු රටවල වාමාංශිකයන් ඇතුලු බොහෝ ජනයා විස්කි ,ජින් ,4 වීල් සංස්කෘතියකට උරැමකම් ලබනවා සේම පහසුකම් ඇති නිවාස වල සංස්කෘතිකව ජීවත්වන බව ලාංකීය ජනතාව නොදන්වා යයි සිතීම ඔබගේ වරදක් නොව සිතීමේ බාධාවකි.එය යම්කිසි විදියකන් එංගලන්තයේ ලාංකික වාමාංශිකයන් ඔවුන්ගේ ලෟකික ජිවිතය පිලිබදව ලාංකික ජනයාට නොකියනවා කීම ඔබේම පරිකල්පනීය ගොඩ නැංවීමක් මිස යතාර්තය් පවතින දෙයක් නොවේ.දෙවන කාරනය ලෙස 2 ලෝක මහා යුද්ධයෙන් පසුව ලෝක ධනපති ක්‍රමයේ සමතුලිතතාවය රැකගැනීමේ අරමුනෙන් ගොඩ නගන ජීනීවා ගිවුසමට අනුව එහි සාමාජික රටවල් විසින් එකග වු දේශපාලන රැකවරනය යන කාරනය මත බටහිර රටවල් සිවිල් යුද්ධ 3 ක් ඇතිවු ලංකාවේ ජනතාවටත් එම ඉඩ අවස්තාව ලබාදීම තැචර්ගේ පුද්ගල වුවමනවක් නොවේ.නවලිබරල් වාදී ආර්ථිකය එංගලන්තයට හදුන්වා දුන් තැචර් පාලනය නිසා එංගලන්තයට අද සිදුවී ඇති විනාශය කෙබදුද?කොරෝනා වයිරසය නිසා ඇතිව ව්‍යසනයෙන් ගැලවීමට හැම රටක් මෙන්ම එංගලන්ත මධ්‍යම බැංකුව විසින් මුදල් අච්චු ගසා මිනිස්සුන්ට දීම ඔබ උත්කෘෂ්ටත්වයට ලක්රන්නේ ධනවාදයේ සංස්කෘතිය ගැන පමනක් හැදෑරීමේ ප්‍රතිඵලයක් නිසාද? ඔබ සදහන් කල එක්ස් කංඩායමෙන් පෙකනිය කපාගත් සුමිත් චාමින්ද ,මහේෂ් හපුගොඩ ඇතුලු බුද්ධිමතුන් තවමත් සංස්කෘතික දේශපාලන විග්‍රහයන් වලට අමතර දෙයක් නොකිරීම පිලිබදව ඔඹ සවිඥානකද? මෙයට අනුව ඔබේ ආස්ථානයත් ඔවුන්ගේ ආස්ථානය නම්.ඔබ පැවසු ජෙජික් ගේ වචන වලින් කියන්නේ නම්(චොක්ලට් චාකලට් නොවන චොකලට්,කිරි ,කිරි නොවන කිරිය,විස්කි විස්කි නොවන විස්කිය) පැහදිලව කියන්නේ නම් සාරයක් නැත යන්නයි.

Ajith Dharmakeerthi නලින් මහත්මයාගේ පිළිතුරට ස්තූතියි . මම හිතනවා මම කී දෙය ඔබ තේරුම් අරන් තිබෙන්නේ සම්පුර්නයෙන්ම අංශක 180 අනිත් පැත්තට කියල.
// එංගලන්තයේ පමනක් නොව දියුනු රටවල වාමාංශිකයන් ඇතුලු බොහෝ ජනයා විස්කි ,ජින් ,4 වීල් සංස්කෘතියකට උරැමකම් ලබනවා සේම පහසුකම් ඇති නිවාස වල සංස්කෘතිකව ජීවත්වන බව ලාංකීය ජනතාව නොදන්වා යයි සිතීම ඔබගේ වරදක් නොව සිතීමේ බාධාවකි// ඔබ ඊයේ පෙරේදා කොටුවේ හාමුදුරුවන් කියා පැරිසියේ අයෙකු ගේ වීඩියෝව බැලුවානම් ඔබ කියන දෙයහි නිරවද්‍යතාවයක් නැති බව වැටහෙනු ඇත. ඔවුන් කියන්නේ පාට් ටයිම් ජොබ් කර සුද්දන්ගේ පස්ස හෝදන අය ගැනය. බොහෝ අය සිතන්නේ (ෆේස්බුක් හා බ්ලොග්, වට්සැප් ) එංගලන්තයේ ජිවත්වන්නේ එවැන්නන් කියාය. ඒ මදිවාට දැන් මාසයකට කලින් ඉතාලි අය විදේශ විනිමය ගෙනත් රජයට දෙන්නේ නැති යයිද ඔවුන් ඒවා ලංකාවේ බඩු ගැනීමට වියදම් කරතියිද සමහරෙක් ලිය තිබුණි. එය මගේ පරිකල්පනයේ තිබෙන දෙයක් නොවේ. ඔබ සමහරවිට මේ ගැන දැනුවත්ව සිටිනවා ඇත. එසේම බොහෝ "සහෝදරයන්" ලියන ඒවා ම ෆෙස්බුක්හි නිතිපතා දකිමි. ඔවුන් වැඩිපුරම ලියන්නේ මෙහි තිබෙන අමාරුකම් ගැනය. රැජිනට වැඩ කරන මෝඩයන් ගැනය. ඔවුන් මෙහි ඉන්නේ තමන්ගේ සැපයට නොව ලංකාවේ විප්ලවය කිරීමට බවය. ඒවා පෙන්විය හැකිවුවත් පෞද්ගලිකත්වයට පහරක් හෙයින් එසේ නොකරමි. අනිත් කාරණය නම් ඔබ මගේ අදහස ග්‍රහණය කර නොගැනීමය. මා කියන්නේ ඔවුන්ට ජිජැක් ලෙස සිතන්න කියාය. තමන් මෙහි ගත කරන ජීවිතය සැඟවිය යුතු එකක් නොවේ. මේ දියුණුව ලංකාවට වඩා හොඳ බවත් ඔවුන් සමාජවාදය ලෙස පතන්නේ ඊට එහා ගිය දියුණුවක් බවත් කීමය. නමුත් බොහෝ අය කියන්නේ වෙන කතාවකි. මා දුටු පරිදි "පාරිභෝගික ජීවිතය " හෙලා දකින බොහෝ අය ධාර්මික වාමාංශික විප්ලවීය ජිවිතයකට බන දෙසති. මට මෙය පෙනෙන්නේ අර සමහර භික්ෂූන් මාලිගා වැනි පන්සල් තනාගෙන,බෙන්ස් හා 4x4 වල යමින් අල්පේච්ච ජිවිත ගත කරන්නට ලංකාවේ මිනිසුන්ට දෙසන බණ වගේය.

Ajith Dharmakeerthi ඊළඟ කාරණයද ඔබ හොඳ එකෙන් පටලවාගෙන ඇත. //ලංකාවේ ජනතාවටත් එම ඉඩ අවස්තාව ලබාදීම තැචර්ගේ පුද්ගල වුවමනවක් නොවේ// මේ කියුමෙන් එය පැහැදිලි වේ. මම කියන්නේද ඔබ කියන කතාවමය. මගේ මුළු ලිපියේ පරමාර්ථය ද එයමය.කරුණු නොදැන බොරුවට බ්‍රිතාන්‍යයට තඩිබාන හිනාවෙන ලංකාවේ අයට මම කියන්නේ දක්ෂිණාංශික ජොන්සන් රජය පවා වමේ රජයක් වැනිව සහන සපයන බවයි. ලිපියේ සාරාංශය එයයි. තැචර් වැනි අන්ත දක්ෂිණාංශික නායිකාවක සිටියදී පවා බ්‍රිතාන්‍යය ජාත්‍යන්තර නීතියට ගරු කර සිංහල කැරලිකරුවන් පමණක් නොව දෙමල කරලිකරුවනට දේශපාලන අනාතභාවය දුන් බවයි. මෙය නිවැරදිව වටහා ගැනීම වැදගත්ය. තැචර් ගැන ඔබ කිවූ කාරනා ගැන මගේ විරුද්ධත්වයක් නැත. මෑතක් වනතුරුම මම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සහ මොමෙන්ටම් හි සාමාජිකයකුව සිටි මට තැචර් ගැන කියාදීම අවශ්‍ය නැත.
//එංගලන්ත මධ්‍යම බැංකුව විසින් මුදල් අච්චු ගසා මිනිස්සුන්ට දීම ඔබ උත්කෘෂ්ටත්වයට ලක්රන්නේ// ඔබ කියන්නේ මිනිසුන්ට පඩි ගෙවීම , සුළු කර්මාන්ත හා ස්වයං රැකියා හිමියන්ට පඩි ගෙවීම වැරදි යයි කියාද? රිෂි සුනාක් තවම මුදල් අච්හු ගැසුවේ නැත . එවැනි යෝජනාවක් තිබේ. ඔහු universal credit එක දීමටද ක්‍රියා කරයි. එය කෝබින් ගේ යෝජනාවකි. එසේම මෙහි ඇතැම් සහන පැකේජයන් ට කම්කරු පක්ෂයේ විරුද්ධත්වයක් නැත. විරුද්ධ වන්නේ NHS එකට අවශ්‍ය උපකරණ ප්‍රමාද කිරීම, ලොක් ඩවුන් ප්‍රමාද කිරීම මැට් හැන්කොක් ගේ සමාගම මගින් PPE ගෙන්වීමට තැත් කිරීම , ඩොමිනික් කමින් කියන දේ මිස විද්‍යාඥයන් කියන දේ නොඇසීම ආදියටය.

https://www.express.co.uk/finance/city/1265676/coronavirus-news-uk-economy-money-bank-of-england-andrew-bailey-BoE-coronavirus-latest?fbclid=IwAR2m5dwxw6YHgyd1Z539qllcujnY3guLUYr7_ipvwsLbCQAt_p7Kn7EsN8Y

Ajith Dharmakeerthi මා එක්ස් කණ්ඩායමක් ගැන සඳහන් කලේ නැත. එක්ස් කණ්ඩායම අවසන් වුනේ 2004 දීය. සුමිත් චාමින්දට ග්‍රාම්ස්චි සමුහයක් තිබෙන අතර ඔහුගේ තත්වය කුමක් වුවත් ඔහුගේ හොඳ ලිපි තිබේ. අධ්‍යනය සඳහා හෝ විචාරයන් සඳහා ඒවා හොඳය. මම ඔබ තරම් ඒ ගැන ඔලුව උදුමවාගෙන නැත. මට ඉංග්‍රීසියෙන් ජිජැක් කියවිය හැකවා ව මෙන්ම සිංහලෙන් ලියන ඒවාද කියවමි. මහේෂ් හපුගොඩ ලොකුවට එක්ස් එකේ හිටියේ නැත ඔහු සිටින්නේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේය. ඔහු සංස්කෘතික දේශපාලනයන්ට අමතරව පොත් දෙකකුත් ලියා තිබේ. මේ දිනවල එකකට විචාරයක් කරමින් සිටිමි. ඒ කිව්වා කියා ඔහු සමග ගැටුම් නැත්තේ නොවේ. (බ්ලොග් ලිපිය කියවන්න)
https://kolambagamaya.blogspot.com/2019/04/blog-post_2.html
//සංස්කෘතික දේශපාලන විග්‍රහයන් වලට අමතර දෙයක් නොකිරීම // මේ කතාව අර පරණ ජවිපෙ හෝ නව පෙසප තිබෙන "අපගේ භාවිතාව තිබේ නුඹලාගේ තිබෙන්නේ මොනවාද " යන සුපුරුදු පඬි වදන මෙනි.එක භාවිතාවක් අවසන් වුනේ අසාර්ථක පොල්පොට් පන්නයේ කරල්ලකිනි. අනිත් භාවිතාව නම් මේ කාලයේ යන්තන් මනෝ විශ්ලේෂණය හා ජිජක් ආදීන් මාක්ස්වාදය ගෙන යන්නේ කොයි දිසාවටද යන්න ගැන යම් සවේදනයක් පෙන්වමින් සිටිති. මේ දිනවල වැදගත් වන්නේ අඅධ්‍යයනය මිස වෙන කිසිවක් නොවේ.

Nalin Dodangoda අජිත් මහතාට මා ඉදිරිපත් කල අදහසට ප්‍රතිවිරුද්ධව ඉදිරිපත් කරන තර්කය තමන් තුලම තාර්කික කරගැනීමට, අජිත් මහතා ගමක සිිට කොලඹට පැමින කවි බන කියා හිට් වුන ,සමාජ ප්‍රග්ධනයෙක් ජීවත් වෙන බුවෙක් වන කොටුවේ පොඩි හාදයාගේ ප්‍රකාශයක් සහ පොහොට්ටුවේ බයියන් ඉතාලියේ සිට පැමිනි කංඩායම් පිලිබදව කල ආතල් ප්‍රකාශයන් පාදක කරගැනීම තමන් භාෂා සුරාන්තයක් තුල කොටු වීමකි.ඔබ යම් කිසි විදියකින් මගේ අදහස දියකිරීමට සමාජවාදී සමානතා පක්ෂයේ,ජවිපේ, පෙසෙපේ , ප්‍රක්සිස් සාමූහිකයේ , දීප්තිකුමාරගේ පක්ෂයේ හෝ අනිකුත් වමාංශික පක්ෂයක් විසින් හෝ ඔවුන්ගේ සාමාජියකු විසින් කල ප්‍රකාශයක් උපුටා ගත්තේ නම් මට ඔබ සමග මේ කාරනාව සම්බන්ධව යම් එකගතාවයකට ඒමට හැකිවීමට ඉඩ තිබිනි.

Ajith Dharmakeerthi  වාමාංශික සහෝදරයන් පළ කරන ඒවා කියවන්නේඔවුන් ගේ සහෝදරයන් පමණක් නොවේ. පෞද්ගලිකත්වය කඩ නොකිරීමේ ප්‍රශ්නයක් මත නම් නොලියමි.


Nalin Dodangoda 
ජෙජික්ව ඉංග්‍රිසියෙන් කියවීම හොදය නමුත් ඔබ එය තේරුම් ගැනීම පිලිබදව මට පරස්පර තාවයක් ඇත.හැදෑරීම හොදය ලෙනින් කිව්වේත් ඔය ටිකය.සංවිධානාත්මකව හැදෑරීම නිෂ්පාදනීය වනු ඇත,ඔබ ජෙජික් ගේ මනෝ විෂ්ලේෂනය පිලිබදව අදහසක් ඉදිරිපත් කර ඇත.මනෝ විෂ්ලේෂනය යනු වෘත්තියකි.ජෙජික් තමා මනෝ විශ්ලේෂයකු නොවන බව පවසයි.ඔහු දේශපාලනය කරන්නෙකි. පැහදිලිව සමාජය වෙනස් කිරීමට උත්සාහ කරන්නෙකි.ඔබ මෙන් ඔහු නව ලිබරල් ධනවාදය තුල සුරාන්තයට පත්වෙන්නේ නැත එහි අසාර්ථක භාවය සහ විනාශකාරී බව පැහදිලි කරයි.ඒ වගේම එංගලන්තය බෙරක්සිට් සංකල්පය හරහා ජාතිකවාදයට යන ගමන සහ එංගලන්තයට වන විනාශය පැහදිලි කරයි.අපනයන ආදායම බරපතල ආකාරයකට කඩවැටෙන බව පවසයි.ලෙනින් මෙන් මුල සිටම පටන් ගතයුතු බව පවසයි.මුලු ලෝකයම 1 වෙනි ලෝක යුද්ධයට පෙර පැවති තත්වයට සමාන කරයි.ඔබ සාමාන්‍යය සමාජයේ පුද්ගලකු මෙන් නවලිබරල්වාදී ආතල් ලියයි.එයට අමතරව ප්‍රතිවිරූද්ධ අදහසක සිටින සාරසංග්‍රහ වාදී අකාරයට ජෙජික් කෙනෙකුත් පටලවා ගනියි;

අනිකුත් ප්‍රතිචාර :

Punsara Amarasinghe Simply amazing . Thanks for unfolding this facts


Ajith Dharmakeerthi Thanks Punsara Amarasinghe

Sunil Fernando Thank you Mr. Dharmakeerthi I really appreciate you ...💖💖💖

Ajith Dharmakeerthi Thanks.

Ajith Perakum Jayasinghe 
Thank you bro. This is very important.

Ajith Dharmakeerthi
 Thanks brother. I was discussing your K-point book with Berty the other day.

Оксана Понкратенко
 Аджит, все очень плохо на Шри-Ланке? Как твои родственники? Очень надеюсь, что у них все хорошо! 🙏

Ajith Dharmakeerthi
i думаю там хорошо. пока 797 болен и 9 капут. и родственников тоже хорошо . спосиба оксана
 · Reply · 1d

Khap Dayaratne Thanks 

Buddhika Erandi Jayasinghe
 Ayya, thanks for sharing your article here to educate the people who mislead by the wrong information.

Ajith Dharmakeerthi
Thanks. I hope I out the record straight.

Sujeewa Ranathunga
හිතවත් අජිත් , මේ ලිපිය මිතුරන් අතරේ බෙදාහදා ගන්ට share පහසුකම දෙන්නකෝ....

Ajith Dharmakeerthi
 සමාවෙන්න මේක මම friend ලිස්ට් එකට දාල තියෙන්නේ . ඒකෙ ෂෙයාර් වෙන්නේ නැත්ද?

T Kumari Lokugamhewa
සුපිරිම කතාවක්..👍👍🌷🌷 දෑස හරහා මොලයට..👍

Ajith Dharmakeerthi ස්තූතියි කුමාරි

Prabath Ratnayake
 ඇයි බං... එතකොට අපිව ගෙන්නගනියෝ කියලා අරුන් ටික කෑගැහුවේ බොරුවටද......😄

Ajith Dharmakeerthi එක්කෝ ලංකාවේ බය කරලා තියෙන නිසා. නැත්නම් දැන් ඔය දොස්තර පුහුණුවට ආපු අයට මෙහෙන් වැටුපක් ගෙවනවානේ පවුම් 13000 විතර (අවුරුද්දට). ලනක්වෙන් ලැබෙන පඩියට අමතරව.මෙහෙ රිසර්ච් ඩිග්රි වගේ කරන ඔක්කොටම ඕක දෙනවා. ඒ කියන්නේ දවස් භාගයක් හරි වෝඩ් එකක ඉන්න ඕනි මම හිතන්නේ. කෝවිඩ් වෝඩ් එකකට දැම්මොත් මැරෙයි කියන බයට තමා යන්නේ . මෙහෙ දොස්තරවරු මැරුණා නේ 20 විතර. නමුත් ඉතින් ඔය සොක්‍රටීස් දිවුරුම හෙම ගන්නේ ඕන කෙනකුට බෙහෙත් කරනවා කියල නෙමෙයිද? මෙහෙ ලොක් ඩවුන් පරක්කු වීම පිලිබඳ ප්‍රශ්නයක් තියනවා. ඒක මම නැහැ කියන්නේ නැහැ.ජර්මනියේ විධිහට් යන්න තිබ්බ. නමුත් රජය ගණන් ගත්තේ නැහැ මුලදී.

ඇණයා රාජවිපක්ෂ 
ඔය කිව්වට ඇඳේ ඉන්නේ සුද්දෙක් වෙන්නැති, එකනේ මූණ පෙන්නන්නේ නැත්තේ.

Ajith Dharmakeerthi මූන දැම්මා බන්. ෆේස්බුක් එකේ නිසා මූන අයින් කරන්න කියල කිහිප දෙනෙක් කිව්වා.

Kevitiyagala Withanage Ranjith
 Machan bed is alright.where is u?
Ajith Dharmakeerthi: Why, you don't trust me?😀 I posted it first but then someone told me to remove it as this was not a private post and everyone can read it. Comprendo

Chandana Gunasekera ස්තූතියි ඔබට!

Ajith Dharmakeerthi
ස්තූතියි චන්දන
...

Gamini Chandrasekera
 ආසාදිතයින් ලක්ෂ දෙකක් සහ මරණ සංඛ්‍යාව 30,000ක් නම් ආසාදිත යින් ගෙන් 15%ක් මිය යන තත්වයක් තියෙනවා නේද? එය අසාමාන්‍ය ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව වැඩි අගයක් නොවේද?

Ajith Dharmakeerthi ඉතාලිය 13.8% තමා වැඩිම මම හිතන්නේ. මේ අගයත් වැඩියි මරණ සංඛ්‍යව බැලුවොත්. නමුත් මුළු ජනගහනය බැලුවොත් තවම 1% ට ඇවිත් නැහැ. මිනිසුන්ට දැනෙන්නේ නැත්තේ එකයි. සුනාමියේදී ලංකාවේ 30000 මැරුණ එක දැනුනේ ජනගහනය මිලියන් 20 නිසා. ඒ වගේම චීනයේ මිට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. ඔවුන් දුන් දත්ත වැරදියි කියල මම හිතන්නේ. ගණන් හදල බලුවහම එන්නේ එහම. මම මේ මේ ආණ්ඩුව සුද්ධ කරනවා නෙමේ ඔවුන්ගේ දුර්වලකම් බොහොමයක් තියනවා. නමුත් ලංකාවේ කියන දේවල් වෙන්නේ නැහැ. සුද්ද ඇඳන් දෙන්නේ නැති කතා හෙම. ලංකාවේ මගේ නෑදෑයෝ බය වෙලා. වැඩියෙන්ම ලිව්වේ ඒක නිසා.

Ajith Dharmakeerthi පොඩි පැහැදිලි කිරීමක් . ඔබ නිවැරදියි 15% කියන කොට හේතුව ආසාදිත සංඛ්‍යාව 206,715 කට මියගිය් ගණන 30615 නම් 15% ප්‍රතිශතයක් එනවා.
මම ගණනය කලේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 3 ක් ලෙස ගෙන. ප්‍රතිජනන අගය 1.5 ලෙස ගෙන හඳුනානොගත් ආසාදිතයන් (asymptomatic carriers) ලක්ෂයක් පමණ එකතු කර..

Saman R Silva ලිං මැඬියන්ට යමක් කියා දීම අපහසුයි. නමුත් ඔබේ උත්සාහය ප්‍රශන්ශනියයි. ස්තුතියි අජිත්!

Ajith Dharmakeerthi ස්තූතියි ඔබට

Sunday 3 May 2020

පන්දාහත් ගානක්ද 'ස' බත් මුට්ටි දෙකක්ම ඕනෙද ?

ඉංගිරියේ ජිවත් වන කෙනෙක් ට එයාගේ මවගේ විශ්‍රාම මුදල ගන්න බැරිවෙලා මේ මාසේ. මොකද තැපැල් කන්තෝරුවට සල්ලි ආවට අම්ම කොරෝනා එන්න කලින් ගමේ ගිහින් ඇඳිරි නිතිය නිසා එන්න බැරිවෙලා.  හැඳුනුම් පත අරගෙන ගියහම් දෙන්න බැහැ කියල. අම්මව අරගෙන එන්න කියල. 
අම්මගෙන් ලියුමක් වත් අරන් එන්න යන්න බැහැ  ඈත ඉන්නේ.  මේ තැනැත්තාට දැනට රැකියාවක් නැහැ.
ඉතින් රුපියල් පන්දාහ  ගන්න ගියහම ග්‍රාම සේවිකාව මුලින් දෙන්න කැමති වෙලා පස්සේ බැහැ කියල.  ගමේ මිනිස්සු කියල තියනවලු කාරෙකක් තියනවා කියල. කාරෙකක් තිබ්බට කුලී නැහැනේ. ණය, පොලිය ෆිනෑන්ස් එකට ගෙවන්න ඕනේ. වෙන ආදායමක්  නැහැ.

මවගේ විශ්‍රාම මුදල් අරගෙන යවන්නත් ඕනේ බෙහෙත් ගන්න එහම.

ඉංගිරිය ප්‍රාදේශීය  සහකාර ලේකම්වරිය අහල ගෙදර බත් මුට්ටි දෙකක් ලිපේ තියනවද කියල? ඉතින්  මේ මනුස්සය අහල ඇයි එහෙම  අහන්නේ කියල? විශ්‍රාම වැටුප ගන්න අම්ම වෙනම බත් උයන් කනවා නම් විතරලු මෙයාට පන්දාහ දෙන්නේ. ඉතින් මෙයා කියල , එහෙම කරන්න පුලුවන්ද අපි කන කෑම තමා එයත් කන්නේ කියල. ලේකම් වරිය කියලා එහෙනම් පන්දාහ දෙන්න බැහැ අම්මා ගෙන් ලියුමක් අරන් එන්න , එයා අත්සන් කරලා දෙන්නම් විශ්‍රාම වැටුප ගන්න කියල. ප්‍රශ්නේ තමා දෙන්නම් ඉන්නේ ඇඳිරි නිතිය තියෙන දිස්ත්‍රික්ක වල . ඒක කරන්න බැහැ . මෙයා  අහනවා ලේකම්වරිය හරිද කියල? 

මේක ෆේස් බුක් එකේ රා.සේ.පි. කියන ගෘප් එකට. මේ තමයි ලැබුණ උත්තර . වෙනසක්  නැතිව පළ කරනවා. අර ප්‍රශ්නය අහපු කෙනාට දැන  ගන්නත් එක්ක. 



Ananda Somasiri මේක නිලධාරීන් අසරණ ‍‍වෙන ප්‍රශ්නයක්.. හැබැයි ඒ මහත්තයට සැබෑ වුවුමනාවක් ඇත්නම් තමන්ගෙම කාර් එකකුත් තියෙන එකේ පොලිසිය සහ පී.එච්.අයි.දැනුවත් කොට ස්ව්‍යං නිරෝධායනයට යටත්ව තම මව රැගෙන ඒමේ හැකියාවක් තිබුන. දැන්නං මම හිතන්නෙ රජයෙන්ම ඒ දේ කරනවතමේවගේ ගැටළු විසඳන්න.
4

 · Reply · 16h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka ස.ප්‍රා.ලේ සහ ග්‍රා.නි. දෙන්නම නිවැරදි. ඔවුන් කරන්නෙ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීම.කාර් කතාව නම් බොරුවක්. දෙන්නම 5000/- දෙන්න බෑ කියන්නෙ එකම ගෘහයේ රාජ්‍ය විශ්‍රාමිකයෙකු සිටීම නිසයි.
 or report this
Like
 · Reply · 16h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi ඇයි එහෙම කියන්නේ ඔයා දන්නේ නැහැනේ වෙලා තියෙන්නේ මොකක්ද කියල. මිනිස්සු එහෙම බොරු කියනවද? ග්‍රාම සේවක මුලදී දෙන්න පොරොන්දු වෙලා පස්සේ ගමේ අය සමහරක් විරෝධය පාල තියනවා කාර් එකක් තියනවා දෙන්න එපා කියල. ඊට පස්සේ ග්‍රාම නිලධාරී අසරණ වෙලා. (ඔය උඩ කොමෙන්ට් එක හරියටම හරි) . එහෙම කාර් තියන වෙනත් රැකියා තිබුනත් දැනට ඒවාට යන්න බැරි අයට දෙන එකටත් විරුද්ධ වෙලා. නමුත් රජය කියල තියෙන්නේ වෙනසක් නැතිව දෙන්න කියල දැන් අදායම් මාර්ගයක් නැත්නම්. අනික විෂමිකයෙකු සිටීම අදාල නැහැ. රජය චක්‍රලේඛයේ එහෙම එකක් කියල නැහැලු.. දැන් රැකියා ව නැත්නම් අදායම් මාර්ගය නැත්නම් හැමෝටම දෙන්න කියල තමා ජනාධිපති තුමා කියල තියෙන්නේ.

 · Reply · 7h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka Ajith Dharmakeerthi ඔයාගෙ පෝස්ට් එකට අනුවයි මම උත්තර දුන්නෙ. මෙච්චර නාඩගම් නටන්න ඕනෙ නෑ. රජය සහනාධාර පිළිබඳව චක්‍රලේඛ දහයක් විතර නිකුත් කලා. අගමැති කාර්‍යාලයෙන් , සමුර්දි අධ්‍යක්ෂ ජනරාල් , ...ඒ වගේ කිහිප තැනකින් එකකට එකක් පරස්පරතාවයන් සහිතව ඒව නිකුත් උනේ. විශේෂයෙන්ම මේ සහනාධාරය ගෙව්වෙ පවුලක ආදායම් මට්ටම බලලා නෙමේ. කාර් එකක් නෙවි ලොරියක් තිබුනත් , ෆුට් සයිකලයක් තිබුනත් , ගෙදර රජයේ විශ්‍රාමිකයෙක් ඉන්නව නම් දෙන්න බෑ. චක්‍රලේඛ ටික හොයාගෙන කියවගන්න. මොළේ පෑදෙයි.

 · Reply · 3h · Edited
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka Ajith Dharmakeerthi අනෙක , මුළු ගමම විරුද්ධ උනත් , චක්‍රලේඛෙ තිබුන නම් ඒ රාළහාමි දෙනව. රාළහාමිල වැඩ කරන්නෙ , ගමේ අය කියන විදිහට නෙමේ , රජයෙන් දෙන උපදෙස් අනුව නීත්‍යානුකූල විදිහටයි.

 · Reply · 3h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi //ගෙදර රජයේ විශ්‍රාමිකයෙක් ඉන්නව නම් දෙන්න බෑ//
ඔබ මෙයට අදාල රජයේ නිලධාරියෙක් ද මෙහෙම කියන්න? හරියටම දන්නවද - මොකද ඉංගිරියේ පරිපාලන ග්‍රාම නිලධාරීනිය තමා කියල තියෙන්නේ චක්‍රලේඛනයක් (සති 2.5 කට කලින්) ඇවිත් තියනවා විශ්‍රාමික අය හිටියත් කලින් කල රැකිය…See more

 · Reply · 3h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka Ajith Dharmakeerthi රජයේ විශ්‍රාමිකයෙක් මං දන්න තරමින් රුපියල් 5000/- ට අඩුවෙන් පාරිතෝෂික ලබන්නෙ නෑ.එහෙම කෙනෙකුට නම් දෙන්න පුළුවන්. එහෙම නැතිව රාජ්‍ය විශ්‍රාමිකයින්ටත් සහනාධාරය දීල නම් ඒව හොඳ වසම් නෙමේ ඔයා කියන විදිහට. ආදායම් අහිමි වූවන්ට දීම හරි. විශ්‍රාමිකයින්ගෙ ආදායම රජය අහිමි කලේ නෑනෙ. ඒකයි දෙන්න එපා කියල තියෙන්නෙ. මේ කර්තව්‍ය ගැන පොඩියට හරි මටත් අවබෝධයක් තියෙන නිසයි ලිව්වෙ. ඔයා මේ රටෙත් නෑනෙ. එහෙම එකේ මේ වෙලාවෙ අර අහිංසකයි කියන දුප්පත් රට වැසියො කරන මගඩි ගැන ඔයාට අවබෝධයක් නැතුව ඇති. ඔයාට කියන දේවල් ගැන විතරයි ඔයා දන්නෙ. ඔයා වගෙම මේ ගැන ලියන හුඟ දෙනෙක් යතාර්තය නොදැනයි යමක් ලියන්නෙ. රටේ පවුල් ගාණත් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් වගේ. ඔයා කාටහරි මුදල් එවල උදව් කරන එකට සතුටුයි. ඒත් මං හිතන්නෙ නැවත වරක් ඔබ මුදල් එවන පවුල් පිළිබඳව රහසේ විමසීමක් කරන්න වේවි. මිනිස්සුන්ගෙ අවංකභාවයත් , ඔබගේ දැනීමත් අතර ගොඩක් ලොකු හිඩැසක් තියෙනව.

 · Reply · 2h · Edited
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi Samantha Kumara Jayathilaka මෙතන විශ්‍රමිකයෙකු හැටියට එයා ලබන ගාන නෙමේ වදගත් . මම දැන් ලීවානේ ච්රක්රලේඛනය ගැන කීව නිලධාරිනිය කවුරුද කියලත්. විශ්‍රාමිකයකු හිටියත් අදායම් අහිමි වූ අයට දෙන්න කියල ආණ්ඩුව කියනවනම් දෙන්න ඕනේ කියන එකයි ඔය කියන අයගේ තර්කය. අවවාදයට ස්තූතියි

 · Reply · 1h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka Ajith Dharmakeerthi ගඟ ළඟට අශ්වයා එක්ක යන්න පුළුවන්. වතුර පොවන්න බෑ. ඌ දැනගන්න ඕන බොන්න. ඔය විදිහටම ඉන්න. වෙනස් වෙන්න එපා.

 · Reply · 1h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi බොහොම ස්තූතියි . මේ දැන් මම එක්තරා බලකායක කෙනකුට කතා කළා, එයා කීවේත් ඉංගිරියේ ග්‍රාම සේවා පාලන නිලධාරිනිය කීව එකමයි හබැයි . හෙට සඳුදා හොයල බලන්න . මට ඒ ගොල්ල බොරු කියනව වෙන්න පුළුවන් ඕනේ තරම්. එහෙම අවස්ථා තිබෙනවා .

 · Reply · 1h
Samantha Kumara Jayathilaka
Samantha Kumara Jayathilaka කාළෙ නාස්ති වෙනව..!
Thank you මචං.
ආහ් , ඉංගිරිය ලංකාවට අයිති නැද්ද ?

 · Reply · 1h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi මට කියපු උන්ගෙන් හෙට අහන්නම් මචන් 😀දැන් රෑ


Dinidu Endaragalle හැමෝම සතුටු කරන්න බෑ රජයට. ඔන්න ඔහොම තවත් ටිකක් ඉවසන්න කියන්න.

 · Reply · 15h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi මිනිස්සු අමාරුවක් ඇති නිසානේ ඉල්ලන්නේ. එංගලන්තයට ලනක්වේ හැමෝම බැන්නට වෙනසක් නැතිව හැමෝටම දෙනවා ආධාරය

 · Reply · 7h
Gayan Nadugala
Gayan Nadugala ඇදිරි නීතිය තිබ්බ කියලා බැන්කුවට , පොලිසිය ට , ප්‍රාලේ එකට යන්න කිසිම භාදාවක් නෑ....
එයාට පෙන්ශන් එක ගන්න ඕනෑම ක්‍රමයකට යන්න් එන්න් පුලුවන් ...පෙන්ශන් හැදුනුම්පත විතරයි ඕනෙ වෙන්නෙ

Danishka Navin
Danishka Navin Gayan Nadugala can he use his mother's NIC?
1

 · Reply · 9h
Gayan Nadugala
Gayan Nadugala Danishka Navin අම්මට සනීප නැත්තන් ඇවිදගෙන යන්න බැරි නන් සාමාන්‍යයෙන් එයා නන් ගිහිල්ලා අරන් එන්නෙ ආසන්න තැපැල් කාර්‍යාලයට ගිහින් ගේන්න පුලුවන් ...

 · Reply · 9h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi Gayan Nadugala එයාට ඇවිදින්න බැහැලු. ත්‍රි වීල් වලින් තමා ගමන ,ඇඳිරි නිතිය අස්සේ යන්න බැහැලු වෙන තැනක ඉන්නේ.

 · Reply · 7h
Gayan Nadugala
Gayan Nadugala Ajith Dharmakeerthi කරන්න තියෙන්නෙ මවගෙ විශ්‍රාම හැදුනුම්පත තියේ නන් ග්‍රාම සේවකගෙන් ලිපියක් අරගෙන හෝ නැතුව අදාල වාහනෙන් යන්න පුලුවන්... ආබාධිත කෙනෙක් නන් ඕක පොලිසියට කොහොමත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ...

 · Reply · 6h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi ස්තූතියි

 · Reply · 6h
Ajith Dharmakeerthi
Write a reply...

Nilani Dilshika
Nilani Dilshika සප්‍රාලේ සහ ග්‍රානි නිවැරදි ...චක්‍රලේඛ අනුව ඔවුන් එය කියලා තියෙන්නේ ...අනික විශ්‍රාමික හැඳුනුම්පත පෙන්වා යන්න එන්න පුලුවන් ...

 · Reply · 13h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi එයාට ඇවිදින්න බැහැලු. ත්‍රි වීල් වලින් තමා ගමන ,ඇඳිරි නිතිය අස්සේ යන්න බැහැලු වෙන තැනක ඉන්නේ.

 · Reply · 7h
Sabeetha De Silva
Sabeetha De Silva සහකාර ලේකම් තුමිය සහ ග්‍රාමනිලධාරි යන දෙදෙනාම නිවැරදියි.තැපැල් කාර්යාල වලින් විශ්‍රාම වැටුප ගන්න අයට ගෙදරට ගෙනත් දිිමෙිි ක්‍රමවෙිදයක් තිබුනා.අනිත් කරුණ විශ්‍රාම වැටුප ලබා ගැනිිමට යාමට දින 3ක් වෙන් කරලා තිබුනා .ඇදිරිනිිිති බලපත්‍රය විදියට විශ්‍රාමික හැදුනුමිිපත භාවිතා කරන්න පුලුවන් කම තිබුනා .

 · Reply · 12h
Chamath Perera
Chamath Perera නිලධාරීන් ඉතාම නිවැරදිව රාජකාරි කරල තියෙනව

 · Reply · 9h
Ajith Dharmakeerthi
Ajith Dharmakeerthi සියලු පිළිතුරු වලට ස්තූතියි . මම වුනත් ආධාරයක් කරනවා නමුත් මම ඉන්න රටේ සිට දැනට මුදල් යවන්න විධිහක් නැහැ කිසිම කෙනෙකුට. ට්‍රාන්ස්ෆර් සර්විස් ඔක්කොම නවත්වල. මමමාසෙකට සැරයක් ආධාර කරණ පිරිසක් ඉන්නවා. නමුත් දැන් ඒකත් බැහැ .
මේ දෙදෙනාම හෘද රෝගීන්. මිනිසුන් ගැවසෙන තැන්වල ඉන්න එපා කියල වෛද්‍යවරු කියල. වෙන විස්තරයක් දන්නේ නැහැ. . ඔවුන්ගේ බෙහෙත් වලට විශාල මුදලක් යනවා. ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ එතන. රජයේ ආරෝග්‍ය ශාලාවෙන් දෙන බෙහෙත් ගන්න විධිහක් නැතිවෙලා . ATM ගිය වෙලේ ඒක වැඩ කරල නැහැ. අනිත් එකේ සෙනග පොදියක්ලු. ඒ නිසා හැරිලා ඇවිත් . කොතැනක හරි අසරණ වීමක් වෙලා එපමණයි. මම උදව් කරනන උත්සහයක් ගන්නවා.

Saturday 2 May 2020

කොරෝනා වසංගතයට කළ යුත්තේ කුමක්ද? කුමක්ද ලෙනින්

ඇත්තටම කියනවනම් මමත්  දන්නේ නැහැ හරියටම මොකද්ද කරන්න ඕනේ කියල. ඒව කරන එක  විශේෂාංඥයන්ට භාර දෙමු. අලුත් තත්වයක් නිසා වැරදීම් වෙන්න පුළුවන්. ලෙනින් ගේ නම දැම්මේ ඒක මේ දවස් වල ආකර්ශනීය නිසා. මැයි පළවෙනිදනේ. 

 කොරෝනා වෛරසය වන  කෝවිඩ් 19 පැතිරීම පිළිබඳ මම ලිපි කිහිපයක්ම ලිව්වා. ඒවායේ යොමු  පහල ඇති. අප්‍රේල් 23   මා ලීවේ මෙලෙස . //ප්‍රති  ජනන අගය ලෙස 1.3 ගතහොත් 494 ක මුළු  ආසාදිතයන් ප්‍රමාණයක් ඒ අනුව සිටිය යුතු අතර ඒ හැමගෙන්ම තවදුරටත් බෝවී ඇත්නම් අද වනවිට හඳුනා නොගත් අයද ඇතුළුව රට පුරාම අවම වශයෙන් 5700 ක් පමණ ආසාදිතයන් සිටිය යුතුය//  ඒ වනවිට ආසාදිතයන් වශයෙන් හඳුනා ගෙන සිටි ගණන  වූයේ  327.

එතකොට අද මැයි පළ වෙනිද. ලියා  පදිංචි වෙලා තියෙන නැත්නම් හඳුනාගත් රෝගීන් ගණන 690ක්.  ඒ කියන්නේ දෙගුණ වෙන්න දවස් 7 ක් ගිහින්.   දැන් අපි බලමු ප්‍රතිජනන අගය 1.3 නම් සැබවින් බීජෞෂණ සමයේ හෝ එය පසු කරමින් සිටින ගණන විය යුත්තේ 894 ක් (නමසීයක් පමණ ). ( මම මේවා ලියන්නේ  ගණිතමය පැත්තෙන් බලල මිසක් වෛද්‍ය පැත්තෙන් බලල නෙමෙයි.) එතකොට රෝගය හැදෙමින් හෝ දෙවන රැල්ලට ලක්වෙමින් සිටිය යුතු ගණන වෙන්නේ 11069 ක්. (එකොලොස්දාහක් පමණ) . දැන්  අපි හිතමු මේ ප්‍රතිජනන අගය 1.5 කියල.  (ඒ කියන්නේ වසංගතය වැඩිවෙමින් යන ආකාරය ගණනය කිරීමට යොදා ගන්නා අගය)  එහෙම නම් සිටිය  යුතු ආසාදිතයන් (පොලිසියට අහුවෙන්නේ නැතිව කට්ටි පනින  අය එක්ක) ගණන 1032 යි. ලංකාව පුරා  දෙවන රැල්ලට අහුවෙන ගණන 12112 ක් නැතනම් දොළොස්දාහක් පමණ. 
දැන් එතකොට පොකුරු නිමුව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එක අයෙකුගෙන් කෝවිඩ් 19 හැදිලා එයාගෙන් පැතිරෙන ඔක්කොම අය හොයා ගත්ත කියන එක. ඒ කියන්නේ අවසාන ආසාදිතය දක්වා. හැබැයි සමහර විට නොහඳුනන දෙතුන් දෙනක් ඔය හැම එක්කම ඉන්නත් පුළුවන්. 

ඒ කියන්නේ නමසීයත් දාහත් අතර ආසාදිත වූ ප්‍රමාණයක් දැනට ඉන්න ඕනේ. දැන් 690 ට වැඩිවෙමින් යන මධ්‍ය  අගය  වන 30 ක් එකතු කරගෙන ගියොත් 900 එන්නේ මැයි අට වනදාට.    ඒ කියන්නේ පොලිසියට/සෞඛ්‍ය සේවයට  900 හොයාගන්න පුළුවන් වෙන්නේ මැයි අට. ඇඳිරි නීතිය වගේ තත්වයක් නිසා එහම් වෙන්න පුළුවන්. හැබැයි දෙවන රැල්ලේ අය හමුනොවීම  සුවය ලබන්නත්  පුළුවන්. ඒ කියන්නේ අර එකොලොස්දාහක් විතර වෙන කට්ටිය ගැන. 

මරණ සංඛ්‍යාව ගැන නම් මගේ හිතේ තිබෙන්නේ විචිකිච්චාවක්. මට ලැබුන , කියවපු ආරංචි අනුව අනුමාන කරන්නේ ඒ ගණන 15 ක් විතර කියල.මේ අතරට  කෝවිඩ් වගේ හිතෙන මරණත් සාමාන්‍ය  විධිහට භූමදාන කරන්න පෙළඹිලා කියලහිතෙනවා.  ඇතැම් පවුල් ලෝකයාගේ කතා අහන්න බයේ  නිහඬවම භූමදාන හෝ ආදාහන කරනවා  කියල අදහසක් තියනවා. පාරේ වැටිලා මියගිය දෙන්නත් මේ ගොඩටම වැටෙනවා ඇත්තටම. අනික කෝවිඩ් 19 හැදුනම  ඒනිසා අතුරු ආබාධයක් උත්සන්න වෙලා මැරෙන්නත් පුළුවන්. බ්‍රිතාන්‍යයේ ඒ මරණත් කෝවිඩ්  19 අතරටමයි එකතු කරන්නේ. 

මිට කලින් මම ලිපියක් ලිව්වා   මිනිසුන් ස්ව කැමැත්තෙන් නිරෝධායනයට යොමු වෙනවද? කියල. එහිදී අර මගේ කලිසම් ඔලුවෙන් ගලවනවා කියල කිව්ව කෙනෙකුත් හිටිය බුකියේ.  හේතුව තමා නිරෝධායනයට බයේ මිනිස්සු එන්නේ නැහැ,  මොකද හැමෝම  එකට (එක පේළියේ ඇඳන් වල දාල) නිසා අනිත් අයටත් බෝවෙනවා කියන බයට කියල කීම. ඕක ලිව්වා එකට ෆේස්බුක් එකේ ආණ්ඩුවට  සහයෝගය දෙන  අය වෙන්න ඕනේ මරාගෙන මැරෙන්න එනවා. මොකක් හරි  ප්‍රශ්නයක් වැරැද්දක් තියනවනවම් ඒක හදනව වෙනුවට මේ බයි රාලලා රාලිලාගේ තියෙන දඩබ්බර හැසිරීම නිසා සංවාදය නැති වෙලා යනවා. මේ ගොල්ල මේ බයිබෝස් දාන්නේ  ෆේස්බුක් එකේ. 

ඉතින්  එදා මම කිව එක වැරදි  නම් මේ නාවික හමුදාවේ සහෝදරවරුන් දිගින් දිගටම ආසාදිත වෙන්නේ ඇයි?

දැන් අර නාවික හමුදාවේ සෙබලෙකුගේ පියාට පහර දුන් හරක් රැල තමා  මේ කට්ටියගෙ භුමියේ හමුදාව . ඇයි නාවික හමුදාවේ අය ලෙඩ හදා ගත්තේ  බලෙන්ද? මුන්ව බේරා  ගන්න ගිහිල්ලනේ. දැන් තේරෙනවද මේ හැසිරීමේ  වැරැද්ද?
 
නමුත් හොඳ අය ඉන්නවා සංවාදශීලීව සංයමයෙන් වරදක් වුනත් පෙන්වල කතා කරන යහළුවෝ සහ බ්ලොග් මිතුරෝ . තමන් කවුද කියල ඒ අය දන්න නිසා නම් වශයෙන් කියන්න යන්නේ නැහැ.   

රජයේ ක්‍රියා පිළිවෙත ගැන කියනවනම් විවේචනය කරන්නන් වාලේ විවේචනය කරන්න  මම කැමති නැහැ. විපක්ෂය ආවයි කියල මිට වැඩිය දෙයක් කරයි කියල හිතන්නත් බැහැ. සමහරවිට අර දෙන්නගේ බල අරගලය නිසා මිට වැඩිය චොර  වෙන්න තිබුන. 
   
අසනීප වුනු කෙනෙක් හමුවුණු ගමන් කෙලින්ම ගිහිල්ල  ඒ අහල පහළ අය  එක්කම නිරෝධායනය  කාරක  එක (රෝගීන් වෙනම වෙන් කරලා ) හොඳ වැඩක් හැබැයි ටෙස්ට් කරලා.  
 එසේම  හමුදා සාමාජිකයන්  අය ලෙඩේට මුහුණ දෙන්න දාපු එකේ ප්‍රශ්නයක් තියනවා. ඒ අය සෞඛ්‍ය ය සේවකයන් මෙන් පුහුණු වූ අයද? ආරක්‍ෂිත ඇඳුම් අවශ්‍ය ප්‍රමාණයට තිබුනද ? 
 
ඇඳිරි නිතිය පිළිබඳවත් කියන්න තියෙන්න ඒක . මම මුල ඉඳලම  කීවේ එක දිගට ඇඳිරි නීතිය දාල  පලක් නැහැ. එකපාර දවසක් ඇරියම මිනිස්සු බඩු ගන්න පොර කන එක වලක්වන්න බැහැ. වෛරසය පැතිරෙන්න දෙතුන් දෙනෙක් හිටියත් ඇති.
 
දැන් ප්‍රතිපත්තිය වෙනස් වෙනවා කියල ආරංචියි. ඒක හොඳයි. අත්‍යවශ්‍ය බඩු විකුණන වෙළඳ සල් ඇරලා , කට්ටිය බහුලව අවශ්‍ය  නොවෙන රැකියාවන  කරන්න ඉඩ දීල , පොදු ප්‍රවාහන   සේවා සහ  රථ වාහන ගමනා ගමනය පවා පටන් ගන්නෙක හොඳයි. මිනිසුන්ට ක්‍රමානුකුලව නගරයට ඒමට ඉඩ දුනොත්, වෙළඳ හල්වලට යන්න ඉඩ දුන්නොත් යම් ප්‍රමාණයකට වෛරසය පැතිරීම වලක්වෙනවා. 
සමහර මරණ වෙන්න පුළුවන් . ඒක කාටවත් වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි බෙහෙතක් හොයා ගත්තේ නැතිනම්. 

හැබැයි ලොක් ඩවුන් එකක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. නගරයෙන් නගරයට, ගමින් ගමට  යාම වලක්වල දැන් වගේම. ආසාදිතයන් ටෙස්ට් කරන එක වැඩි කරලා. 

ශ්‍රී ලංකාව මේ වසන්ගතයෙන් හැකි ඉක්මනින් මිදේවා කියල හිතමු. 

පෙර ලිපි 




Thursday 30 April 2020

සමුදුන් අතීතයක මිහිරක්

************
*********************
අමාරුවෙන්  සමු දුන්න අතීතයක් . එහෙම දෙයක් අපි හැමෝටම තියනවනේ. 
ඒ සමු දුන්න මතක වල මිහිර වත්, වේදනාවන්  වත් කාටවත් උදුරා ගන්න බැහැ. 
මොකද, ඒවා සදාතනිකව හිතේ කොනක තැන්පත් වෙලා අගුලු දාල වහල තියෙන නිසා. 
එලියට එන්නේ ඉඳල  හිටලා හිත ගැස්සුනහම ඒ අගුල එහා මෙහාවෙන නිසා.

ඕනෑතරම් අය දින වකවානු කියාවී 
ඒ මිහිර තමන් වින්ද කියාවි  
ඒ හින්ද මටත් කවියක් ලියැවෙනවා කියාවි
එහෙම වෙන්නත් ඇති 
ඔයා  වගේම තවත් සොඳුරු අය ඕන තරම් ඉන්න ඇති 
සුදු හිම තලා වල ඇවිද ගිය  

ඒ උනාට ලෝකේ මිනිස්සු එක වගේ නැහැ 
දෙන්නෙකුගේ ගැලපීමත් 
ඒ  මොහොත විඳීමත් 
සුවිශේෂ ඒ දෙන්නට විතරයි  

ඒ කවුරු මොනව කීවත් මිහිරාවි 
 ඒ හැඟීම දැනගෙන හිටියේ  අපි දෙන්න විතරනේ  
ඒ ජිවිතය දැනගෙන හිටියෙත්  අපි දෙන්න විතරයි
ඒ රහස් තිබුනේ අපි දෙන්න අතර විතරමයි 

ඒවා කාටවත් උදුරා ගන්න බැහැ 
ඒ ගොල්ල ඒවා උදුරාගෙන 
ලියල මලවල  මොනව කළත් 
ඔයා  ඉන්නේ මගේ හිතේනේ 
මේ සින්දුව ඔයාට මතකද 

 මට ආයි ඒක අහන්න හිතුන 
මම සමු දීල ඉන්න අතීත මතකය විඳින්න 
මම දැන් ඉන්නේ ප්‍රීතියකින් 
නිරාමිස ප්‍රීතියකින් 

හොඳින්  ඉන්නකොට 
අතීතය ආවර්ජනය කරන්නේ ඇයි 
කියල සමහරු අහනවා 
මට නම් වර්තමානය ලස්සන වෙලා තියෙන්නේ 
අර නිරාමිස ප්‍රීතිය නිසා 

ඔයාගෙන් තමා මම ඉගෙන ගත්තේ 
ලස්සනම ලස්සන සින්දු අහන්න 
මෙන්න ඔයා කැමති වෙලා හිටිය 
සින්දුවක්   


Joe Dassin - Et Si Tu N'Existais Pas

"ඔබ  ඇත්තටම  නැත්නම් 
කියන්න මට මම ඉන්න ඕනේ ඇයි 
ඔබ නැතිව අමාරුවෙන් ඇදගෙන යන්න මේ ජිවිතේ  
බලාපොරොත්තුවක් නැතිව 
දුකක් නැතිව 
ඔබේ ජීවමාන  නැත්නම් 
මම ආදරය කියන එක නිර්මාණය කරාවි 
සිත්තරෙක් තමන්ගේ ඇඟිලි තුඩු අතරින් 
දවසේ වර්ණ උපදිනවා දකිනවා වගේ 
එයින්  පුදුම වෙමින් 

ඔබ  ඇත්තටම ජීවමාන නොවීනම් 
කියන්න මට මම ඉන්න ඕනේ ඇයි 
පහු වෙලා ගිය යුවතියන් 
මගේ අතේ එල්ලිලා 
මම කවදාවත් ආදරේ කරන්නේ නැති 
ඔබ නැත්නම් 
මම තවත් තිතක් පමණයි
එන යන , මේ ලෝකෙට 
මම අනාථයි කියා දැනේවි  
මට ඔබ ඕනෑ වේවි   

ඔබ  ඇත්තටම හිටියේ නැත්නම් 
කියන්න මට ඇයි මම (ඉන්නේ)
මම රඟපාන්නම් මා වෙන්න  
නමුත් ඒ ඇත්ත නෙමේනේ 
ඔබ  ඇත්තටම හිටියේ නැත්නම් 
සමහරවිට මම හොයා ගනී 
 ජිවත් වීමේ රහස , ඇයි අපි 
ඔබව මවන්න විතරක්
ඔබ දිහා බලන් ඉන්න  

ඔබ  ඇත්තටම මේ ලෝකේ හිටියේ නැත්නම් 
කියන්න මට මම ඉන්න ඕනේ ඇයි 
ඔබ නැතිව අමාරුවෙන් ඇදගෙන යන්න මේ ජිවිතේ 
බලාපොරොත්තුවක් නැතිව 
දුකක් නැතිව 
ඔබ හිටියේ නැත්නම් 
මම ආදරය නිර්මාණය කරාවි 
සිත්තරෙක් ඇඟිලි තුඩු අතරින් 
දවසේ වර්ණ උපදිනවා දකිනවා වගේ 
එයින්  පුදුම වෙමින් "

Tuesday 28 April 2020

ටයරයක කතාවක්


අපේ නිවෙස  ඉදිරිපිට කුඩා  තණකොළ පිට්ටැන්නක්  ඇත. ලන්ඩනය  වැනි ස්ථානයක ඕනෑම විවෘත අවකාශයක් ඉතා වටී. එන්ෆීල්ඩ් හි නගර සභාව  විසින් අප නිවෙස් වල වාසීන්  වෙනුවෙන් තණකොළ කපා, කුණු, රොඩු ආදිය ඉවත් කර පිරිසිදුව පවත්වාගෙන   යනු ලබන මෙම විවෘත අවකාශය වටා කුඩා මාර්ග හතරක් ඇති අතර එනිසාම එය කුඩා චතුරශ්‍රයක්  බවට පත් වේ. අපේ නිවෙස්  මේ කුඩා චතුරශ්‍රය වටා ඇත. එහි දෙපස කුඩා  තණකොළ කඳු දෙකක්ද  තිබේ.  ඊට අමතරව විශාල  චෙරි ගසක් ඇතුළු තවත් ගස් කිහිපයක් ඇත.

කොරෝනා වෛරසය නිසා වූ  අගුලු දැමීමේදී, අවට ඇති බොහොමයක් උද්‍යාන වසා  දමා  හෝ ඒවාට ජනතාව යන්නේ නැත. ඒ නිසා වැඩිපුර  කිහිප දෙනෙක් මෙම චතුරශ්‍රයට පැමිණෙන බව මට නිරීක්ෂණය විය. සමහරු  තමන්ගේම  පින්තූර නැත්නම් සෙල්ෆි ගන්නා  අතර  සමහරු තම දරුවන් සමගද පින්තූර ගනිති. . බොහෝ විට  අනුමාන කළ හැක්කේ මේවා  සමාජ මාධ්‍යවල පළ කිරීමට ගන්නා බවයි.

 සමහරු කැමරාව ඉදිරිපිට නටති. ඒ බොහෝවිට  විට ටික්-ටොක් වල පළ කිරීමට විය හැක. සමහර පවුල් පැමිණ ඔවුන්ගේ කුඩා දරුවන් අප විසින් ගසේ  එල්ලා ඇති ටයර ඔන්චිල්ලාව මත තබා පද්දති. තැන පිටියේ හිඉන්ද හිරු එලිය  භුක්ති විඳින අතර,   ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගත කිරීමද කරති. සමහර යෞවන, යෞවනියන් ටයරයේ එල්ලී හෝ ගසේ නැගී පින්තූර ගනිති.

 දශක එකහමාරකට පමණ පෙර, යමෙක් ටයරය සොරකම් කළේය, නැතහොත් සමහර විට ඔලු උදුම්මාගත් නගර සභා නිලධාරින් එය  ඉවත් කරන්නට  ඇත.

 මට වයස අවුරුදු 8 ක් හෝ 9 ක් වන විට මම ජීවත් වූයේ ශ්‍රී ලංකාවේ ලුනුගල නම් කුඩා ගම්මානයකය. මගේ පාසැල් මිතුරකු සහ මම සමහර විට සුදු වැල්ල පාර නමින් යුත් පාරක් දිගේ ටයරයක් තල්ලු කළෙමු. දිග පැල්ලමක් සහිත එම මාවත   කුඩා දිය පහරකටඋඩින්  ගොස් නැවත කන්දකට නගී . ටයරය පහලට තල්ලු අකර බලා  සිටීම කුඩා අපට ඉමහත් විනෝදය ගෙන දෙන ක්‍රියාවක් විය. 

 මම මේ කතාව මගේ අසල්වැසි බ්‍රයන්ට වරෙක කීවෙමි.

 ඔහු බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ විශ්‍රාමික පොලිස් රථවාහන සැරයන්වරයෙකි. ඔහු දැඩි  ලෙස  බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික  ටෝරි (කොන්සවටිව්) පක්ෂයට සහය දැක්වූවෙක් විය. මම අර්ධ  ලෙස කම්කරු පක්ෂයට සහය දැක්වූවෙක් වීමි. අප අතර බොහෝ වාද විවාද ඇතිවුනේ ,  බ්‍රයන් ඔහුගේ   සුරුට්ටුව සහ විස්කි වීදුරුව සමඟත් , මම මගේ වොඩ්කා වීදුරුව සමඟත් අප නිවෙස් පිටුපස කුඩා  ගාඩ්න් වල හවස් යාමයේ දෙපැත්තේ  හිඳ ගෙනය..මේ  උණුසුම් සාකච්ඡාවල ප්‍රතිපලය  කුමක් වුවත්, අපි සෑම විටම හැකි තරම් මිත්‍රශීලීව සිටියෙමු. ඔහු මට හොඳ අසල්වැසියෙක් සහ හොඳ මිතුරෙක් විය. ඒ වෙනුවට මම ඔහුට දිය හැකි ඕනෑම උදව්වක් දුන්නෙමි. මගේ බිරිඳ සැදූ  ජර්මානු කේක් මෙන්ම  ඉඳහිට මවිසින්  සෑදු ආසියාතික  ව්‍යංජනත් ඔහු සමඟ බෙදගතිමු. ඔහු වරක් අපේ බොයිලේරු වේ ප්‍රශ්නයක් ඇතිවී එය සවි කර දුන්නේය. ඒ  පොලිසියෙන් විශ්‍රාම ගත්  පසු බොයිලර් සවි කරන්නෙකු ලෙස නැවත පුහුණු වී තිබු හෙයිනි.

 නැවත ටයරයේ කතාවට යමු.

මගේ කතාව ඇසීමෙන් පසු බ්‍රයන් යෝජනා කළේ අපි තවත් ටයරයක් ගසේ එම  අත්තේම  එල්ලන්නටය. ටයරයක් කොහෙන්දෝ සොයා ගත්  බ්‍රයන් එය අත්තේ එල්ලූ  අතර බොහෝ ළමයින් (මගේ ද ඇතුළුව) සතුටින් එහි ඔන්චිල්ලා පැද්දහ. බ්‍රයන් මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ අතර අපට දැන් නව අසල්වැසියන් සිටී. 

තෙවසරකට පෙර කවුරුන්හෝ  නැවතත් ටයරය සොරකම් කළහ. මෙම ටයරය එල්ලා තැබුවේ බ්‍රයන් සහ මා  බව දැනසිටි  රොබට් නම් තවත් අසල්වැසියෙක් ඒ බව මට පවසා ඔහුම සොයාගත්  ටයරයක් නැවතත් ගසේ එල්ලීය.
 
රොබට් ද මීට දෙවසරකට පෙර හදිසියේ මිය ගියේය. 
එහෙත්   වුන්ගේ කාරුණික අභිනය තවමත් එළියේ පිට්ටැන්නේ තිබේ.  වැඩිහිටියන් හා දරුවන් ටයර ඔන්චිල්ලාව අසල ප්‍රීතිමත් වෙති. . සමහර යෞවන,  යෞවනයන්  සමහර විට ටයරය අසල පැද්දෙමින් ඔවුන්ට උරුම  ජන්ජාල කරමින් සතුටු වෙති. පින්තුර ගනිති. පිට්ටනිය මැදින්  ඇති අඩි පාර   දිගේ ඇවිදින අයද මෙතනට ඇතැම් විට පැමිණේ. 


සමහර විට, මේ ජීවිතය  තුල වැදගත් එපමණකි. අනුන්ට ප්‍රීතිමත්  වන්නට ඉවත් කර යන වැදගත්ද නොවන පුංචි  යමක්.





Saturday 25 April 2020

ශ්‍රී ලංකාවෙන් ලැබුණු සනාථ කොට ගත නොහැකි ආරංචියක්


කො***** ප්‍රදේශයේ අත්‍යවශ්‍ය  සේවා සපයන ළඳකට කොරෝනා වෛරසය වැළඳී ඇත. පොලිසිය සහ රාජ්‍ය බුද්ධි අංශ තරුණිය ඇසුරු කළ අය සොයා ගැනීමට ඉමහත් මහන්සියක් දරති. අවාසනාවට මෙන් අදාළ  තරුණිය දන්නේ ඉහත සතිය තුළ  ඇය ඇසුරු කළ සියල්ලන්ගේ හැඩරුව හා මුල් නම පමණකි. බුද්ධි අංශ මහජන සහාය පතයි.

තරුණිය විසින් හෙළි කල තොරතුරු වලට මේ නම් ලැයිස්තුව බ්ලොග්  (සමාජ ජාලා) ගත කර තිබේ.
සැම්සන් අයියා, සුදු කෙට්ටු අයියා , හන්දියේ වසන්ත , පාන් කඩේ මුදලාලි, චතුරි ට හොරෙන් එන හස්බන්ඩ් ,නිකන් එන පොලිසියේ කෙට්ටු රාළහාමි, 
පොලිසියේ මහත  රාළහාමි , 1** බස් එකේ කොන්දොස්තර මල්ලි, උඩ දතක් නැති අයියා, චන්දරේ , රන් මාලේ දාපු වරකාපොළ එක්කෙනා , දකුණු කළවේ පච්චේ තියන මාළු කඩේ එක්කෙනා, අල්ලපු වත්තේ සැර මල්ලි,  ඩප්පි සර්, කුඩු විකුණන මල්ලි,  ට්‍රැෆික් සර්, **** *** මන්ත්‍රී  සර්,  මන්ත්‍රී සර් ගේ ලේකම් 

ඉහත සඳහන් අය සහ ඔවුන් ඇසුරු කරන අය වේනම් වහා ස්වයං  නිරෝධානයනයට ලක් වෙන ලෙසට බුද්ධි අංශ විසින් කාරුණික ඉල්ලීමක් කර තිබේ.     

--මේ ආරංචියේ නිරවද්‍යතාවය තහවුරු කිරීමට මාගේ මූලාශ්‍රය අපොහොසත් බව කරුණාවෙන් සළකන්න 

අවවාදය - රජය , බුද්ධි අංශ, හමුදාව, සෞඛ්‍ය සේවය, බොරුවට කෑ ගහන විපක්ෂය   මොනවා කළත් කෝවිඩ් -19 රෝගය පැතිරීම වැළැක්වීමේ අවශ්‍යම කාර්‍යභාරය පැටවී ඇත්තේ තම තමන් මතය.

සුජනන විද්‍යාව හෙවත් එයුජෙනික්ස්


සුජනන විද්‍යාව eugenics කියන්නේ මොකක්ද? කෝවිඩ් 19 වෛරසයට ලෝකයේ රටවල් මුහුණ දෙන අතරේ මේ ගැන ලිවීමේ වැදගත් කමක් ඇති සිතමි. මගේ කලින් ලිපියක වඩා ප්‍රබලයා රැකීමේ ප්‍රතිපත්තියකට බටහිර රටවල් සැරසෙන බව කීවෙමි. හරියට ඉතාලියේ සිට එය එසේම ක්‍රියාත්මක වෙමින් පවතී. මානව පරිණාමයට සම්බන්ධ මෙම "කෑලෑ නීතිය " වර්තමාන ශිෂ්ඨ සම්පන්න සමාජයට උචිතද යන්න ප්‍රශ්න කලෙමි. මහාචාර්ය ගම්ලතුන්ගේ ශබ්ද කෝෂයේ සුජනන විද්‍යාව හෙවත් එයුජෙනික්ස් අර්ථ ගන්වන්නේ "වර්ගයක ආවේනික ගුණ වර්ධනය කිරීම පිලිබඳ විද්‍යාව " යනුවෙනි.

එනම් කිසියම් ජන වර්ගයක ගේ විශ්වාසයන්, ප්‍රවේණිගත පුරුදු මෙන්ම ජාන විද්‍යාව පිළිබඳව හැදෑරීම යනුවෙනි. ප්ලේටෝ ගේ කාලයේ සිට වර්තමානය දක්වා තෝරා ගෙන උත්පාද කිරීම "selective breeding " නමැති සංකල්පයක් ක්‍රියාත්මක විය. එනම් වඩා හොඳ ප්‍රවේණිගත ජාන ඇති පවුල් තෝරා ඔවුන් ප්‍රවර්ධනය කිරීමයි.
සත්ව ගොවිපළවල මේ ක්‍රමය අදටත් ක්‍රියාත්මක වේ. නවසීලන්තයෙන් හොඳ පිරිමි ගවයන් (bull) ගෙන්වා හොඳ කේප්ප වැස්සියන් ගැබ් ගන්වන්නේ එබැවිනි.
නමුත් මේ අද සංකල්පය ගැනෙන්නේ විද්‍යාත්මක ජාතිවාදයක් (scientific racism)හෝ සුදුජාතික මහජාතිවාදය යටතටය.

ග්‍රීසියේ බොහෝ පුරාණ කාලයේ අනුගමනය කල මෙම සංකල්පය විසි වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය කැනඩාව ආදී රටවල පැතිර ගියේය. මේ සංකල්පය භාවිතා කරමින් නොයෙකුත් ප්‍රතිපත්ති සම්පාදනය විය. ජනගහනය තුල වඩා "හොඳ ජාන හිමි " ශක්තිමත්, සුන්දර ජනයා තෝරා ඔවුන්ට පමණක් ප්‍රජනනය කිරීමට අවසර දීම කරන ලදී. එසේම ආබාධිත තත්ව ඇති අයට , දුර්වල හෝ ප්‍රජනන ක්‍රියාවලියට "නුසුදුසු" යයි සිතන අය බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී. මානසික හා කායික දුර්වලතා ඇති ගැහැනුන් සහ පිරිමින් නොයකුත් දැනුම සොයන ප්‍රශ්නාවලි (IQ test) වලින් අසමත් වන්නන් ද , අපරාධ වලට හසුවූ වන්ද මෙසේ බලහත්කාර වන්ධ්‍යකරණයන් ට ලක් කරන ලදී.
එක්සත් ජනපදයේ මෙවැනි සුජාණන විද්‍යා ප්‍රතිපත්තීන් සඳහා වූ ව්‍යාපාරයන් ගොඩ නැගුනේ 1880 පමණ කාලයේ සිටය. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ගල්ටන් ගේ ජීව විද්‍යාත්මක නිර්ණය කිරීමේ න්‍යායට අනුව මෙම eugenics නමැති වචනය මුල් වරට භාවිතා කරන ලදී. මේ න්‍යායට අනුව මිනිසාගේ හැසිරීම කෙලින්ම පාලනය වන්නේ ඔහුගේ ජාන අනුව හෝ කායිකවිද්‍යාව (physiology) මත යන්නය. එක්සත් ජනපදයේ සුජාණන විද්‍යා මතයන්ට වඩාත් උත්තේජනයක් සැපයුවේ ජෝර්ජ් මෙන්දෙල් ගේ ජීව විද්‍යාත්මක උරුමය පිලිබඳ න්‍යායගත කිරීමයි.

එක්සත් ජනපදයේ සුජනන අදහස් වල ප්‍රභවය වන්නේ එම න්‍යාය පමණක් නොවේ. ගැල්ටන් විසින් බ්‍රිතාන්‍යයේ ඉහල පන්තියේ ජනයා පිළිබඳ හැදෑරීමක් කර ඔවුන්ගේ සමාජිය උසස් තත්වය ඔවුන්ගේ උසස් ජාන මත පදනම්ව ඇති බව ප්‍රකාශ කළේය. එසේම මෙවැන්නන් විශ්වාස කලේ එංගලන්තයට මුල් පදිංචි කරුවන් වන නෝර්ඩික් , ජර්මනික් හා ඇන්ග්ලෝ සැක්සන් වරුන් වඩා උසස් ජාතීන් බවයි.

මේ එයුජෙනික්ස් ව්‍යාපාරයට මුදලින් ආධාර කළෝ කවරහුද? ඒ නම් කානගි ආයතනය, රොකෆෙලර් පදනම , කිලෝග් නමැති ධනවතා සහ දුම්රිය ව්‍යාපාර වලින් ධනවත් වුනු හැරිමන් ය.

මේ ව්‍යාපාරය කෙමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව අතර විවේචනයට ලක්වන්නට වූ අතර "අනුවණ මිනිසුන් ", ආබාධිත වුවන් හෝ සුළු අපරාධකරුවන් වන්ධ්‍යකරණය කිරීම අමානුෂික බවට අදහස් පල වන්නටත් විරෝධතා ගොනු වන්නටත් විය.

මෙමෙ න්‍යාය ඊළඟට උපත ලැබුවේ නාසි ජර්මනියේය. හිට්ලර් තම අදහස් මූලිකව සොරා ගත්තේ ඇමෙරිකාවේ එයුජෙනික්ස් ව්‍යාපාරයෙන් හා ජෝර්ජ් මෙන්දෙල් ගෙන් බව කියවේ. නිල් ඇස් හා රන්වන් කොණ්ඩය සහිත ආර්ය මිනිසුන් පමණක් ජීවත් විය යුතු යයි ඇදහූ ඔහු එම ජනතාවගේ සංඛ්‍යාව වැඩි කරන්නට ගැහැනුන් සහ මිනිසුන් ට නිදහසේ කාම සම්භෝගය කරන්නටද අනුබල නාසි ජර්මනියේ අනුබල දුන්නේය. මින් ඉපදුනු අවජාතක දරුවන් නාසි රජය භාරයට ගැනුනි. ඔවුන් හැදින්වුයේ "ආදරයේ දරුවන් liebenkinde " නමිනි. එසේම යුදෙව් ජාතිය, ජිප්සී ජාතිය, ආභාධිත ජනතාව හා රටකට "අනවශ්‍ය " ජනතාව මරා දැමීමට වධ කඳවුරු පිහිටවුනේද මේ න්‍යායට අනුවය. සුජාණන විද්‍යාවප්‍රයෝගික කළ අඳුරුම සමය ලෙස ඉතිහාසගත වන්නේ මේ කාලයයි.

ඔස්ට්‍රේලියාව අබෝරිජින් දරුවන් ඔවුන්ගේ මවුපියන්ගෙන් උදුරා ගනිමින් සුදු ජාතික නිවාස වල හා පල්ලි වල රඳවා සමාජ ගත කරන්නට දැරූ වෑයම ද මේ ව්‍යාපාරයේම අතුරු ප්‍රතිපලයකි. ඉන් බොහෝ අබෝරිජින් දරුවන් මිය ගියහ.

අද කෝවිඩ් 19 වෛරසය වැළඳී බරපතල ලෙස ආසාදිත වුනු මහලු රෝගීන් අත්හැර තරුණ රෝගීන් හා ජිවත් වන්නට ඉඩක් ඇති රෝගීන් තෝරා ගන්නට ඉතාලියේ හා ස්පාඤ්ඤ යේ රෝහල් පාලනයන් කටයුතු කරති. ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩි වශයෙන් ආසාදනයට ලක්ව මිය යන්නේ විශාල ගෙවල් වල එකිනෙකාට ඈතින් ජීවත්වන සුදු ජාතිකයන් හා පොහොසත් වැසියන් නොව වඩා දුප්පත් ප්‍රදේශ වල ජනයා බහුල ප්‍රදේශ වලය. ඒ වැඩිපුරම කළු ජාතිකයන්, ආදී වාසි අමෙරිකනුන් ආදීන් යැයි කියවේ. පරිණාමවාදයේ දී උගන්වන්නේ වඩා පරිසරයට වඩා සුදුසු ජීවී වර්ගය ඉදිරියට පරිණාමය වන බවය. එහෙත් ඒ අදහස එලෙසින්ම මනුෂ්‍ය වර්ගයාට ආදේශ කළ හැකිද?




Thursday 23 April 2020

කෝවිඩ් -19 වයිරසය නැවැත්වීමට වෛරස් බොට්ල්නෙක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය කෝවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව ඉතා සෙමින් ඉහල යන බව පෙනේ. මා ඉහත  ලියු බ්ලොග් ලිපි කිහිපයකම  මේ පැතිරෙන ප්‍රමාණය ගණනය කළෙමි. එසේ කළේ ඇඳිරි නීතිය හෝ ලොක් ඩවුන් කිරීමක් නොමැති තත්වයක  හා ප්‍රති ජනන අගය 2,2, 1,5 හා 1 ට අඩු වශයෙන් රැගෙනය.  

එහිදී ඇඳිරි නීතිය  හෝ  ලොක් ඩවුන්  නොමැතිව ආසාදිතයන් සංඛ්‍යාව 1අප්‍රේල් 5 වනවිට 27,000 පමණ  වන බවත් අඩු අගයකදී 1126 වනබවත් ලීවෙමි. දෙවන ලිපියේදී ඇඳිරි නීතිය නිසා මේ අගය 275 ත් 620 අතර වනු ඇතැයි ද ලීවෙමි. (අප්‍රේල් 2 හා 4 අතර ) සමහරු කීවේ මෙය විය නොහැකි බවයි.  අප්‍රේල් 15 වනවිට මේ අගය 1700 පමණ වුනු ඇතැයි ලීවෙමි.
 
අද (අප්‍රේල් 21) වන විට සත්‍ය වශයෙන්ම සොයා ගෙන ඇත්තේ 327 කි. නොඑසේ නම් පරික්ෂා නොකරන ලද අය කී  දෙනෙකුන්  සිටිය හැකිද? මා සැලකුවේ අවදානම වැඩිම අගයක් ගෙනය. ඒ කියන්නේ ආසාදිතයන් 1700 ක් සිටිය යුතුය. මින් බොහෝ අයට සාමාන්‍ය රෝග ලක්ෂණ ඇත්නම් (උණ, හිසේ රදය ආදිය හා දින හතකින් සුවය ලැබීම) ඉන් දහසක් පමණවත් දැනටමත් සුවය ලබා සිටිය යුතුය. 
අප්‍රේල් 22 වන විට වගු ගත කරන ලද ආසාදිතයන් ප්‍රමාණය 328 කි.   ප්‍රති  ජනන අගය ලෙස 1.3 ගතහොත් 494 ක මුළු  ආසාදිතයන් ප්‍රමාණයක් ඒ අනුව සිටිය යුතු අතර ඒ හැමගෙන්ම තවදුරටත් බෝවී ඇත්නම් අද වනවිට හඳුනා නොගත් අයද ඇතුළුව රට පුරාම අවම වශයෙන් 5700 ක් පමණ ආසාදිතයන් සිටිය යුතුය.
  
 ඉහත කොටස ලීවේ ඊයේ වන අතර අද අප්‍රේල් 23 දා වගු ගත කරන ලද ආසාදිතයන් ප්‍රමාණය 368 ක්  යයි දැන ගන්නට ලැබුණි.

මේ අනුව අද  නැවත ගණනය කලෙමි.  වැඩිවුණ  ආසාදිතයන් ප්‍රමාණය ඒ අනුව විය යුත්තේ  551 කි. (ප්‍රති ජනන අගය 1.5 ලෙස ) . ඒ අනුව මුළු රට පුරා  අවම වශයෙන් 6170 ක් වත්  රෝගය වැළදුන අය සිටිය යුතුය.   මේ අතරට  සුව වූවන්ද ඇතුළත් වන  බව කරුණාවෙන් සලකන්න. එසේම මෙම අගය  අවම අගයක් ලෙස සිතමි.

එසේ අඩු අගයක් වන්නේ ඇඳිරි නීතිය  නිසා හා හමුදා හා බුද්ධි අංශ විසින් රෝග ලක්ෂණ ඇති  අයත් ඊට සම්බන්ධ අයත් වහ වහා නිරෝධායනයට යොමු කරන හෙයිනි. 

මගේ බ්ලොග් මිතුරෙකු වන දිල්රුක් ඇසුවේ එසේ නම් මිය යන ප්‍රමාණය අඩු ඇයිද යන්නය. 

මේ වාර්තාගත මරණ ප්‍රමානය වන හත පිලිබඳ කිසියම් ප්‍රශ්නාර්ථ ලකුණක් තිබේ. කටුකුරුන්ද, කළුතර මහ මග අසබඩ මියගිය පුද්ගලයා කෙසේ මිය ගියේද යන්න තවම හෙළි දරව් වී නැත. එසේම ශ්‍රී ලංකාවේ අනිකුත් හදිසි මරණ කීයක් වාර්තා වී ඇත්ද? සාමාන්‍ය වෙනත් හේතු සිදු වූ මරණ  කීයක් වාර්තා වී ඇත්ද? ඒ අතරින් කොරෝනා අසාදිත යයි සැක  කල හැකි මරණ නැත්ද?

මගේ මේ ප්‍රශ්න වලට  හේතුව පැහැදිලි කරමි. එංගලන්තයේ වැඩිහිටි නිවාස  සහ පෞද්ගලික නිවාස  වල මියගිය අය ලහි ලහියේ භූමදාන හෝ ආදාහන කර ඇති අතර දැන් හෙළිවී තිබෙන්නේ ඉන් හාර දහසක පමණ ප්‍රමාණයක් කොරෝනා ආසාදිත තත්වයේ සිටි අය  බවයි.  එනිසා  මුලින් දී තිබූ අගයන් වැරදි බව ජාතික දත්ත සකසන ආයතන පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ මරණ සාපේක්ෂව අඩුවීමට තවත්  හේතු කිහිපයක් මම දකිමි. 

1. බිසීජී එන්නත ශ්‍රී ලංකාවේ හැමෝටම  පාහේ ලැබී තිබීම. ක්ෂය රෝගයට දෙන මෙම එන්නත කොරෝනා වෛරසය අසාදනය වීම වැළැක්වීමේ කාර්යයක් ඉටු කරන බව පෙනී යන්නේ එන්නතය ලැබූ අයගේ මරණ හෝ අසාදනය වීම ඉතා අඩු හෙයිනි. (එංගලන්තයේ මෙම එන්නත අනිවාර්ය නැත. අපිනම් දරුවන්ට එය ලබා දුන්නෙමු)
මට ඇති ප්‍රශ්නයක් වන්නේ බීසිජි එන්නටත් ලබා දෙන්නේ ටියුබෝකියුලොසිස් බැසිලස් නමැති බැක්ටීරියාව නිසා හැදෙන ක්ෂය රෝගය මර්දනයට. බැක්ටීරියා මර්දන එන්නතක් ලැබූවකු වෛරස් ආසාදනයකින් බේරෙන්නේ කෙසේද යන්න ගැන මට වැටහීමක් නැත. නමුත් එංගලන්තයේ බීසිජි එන්නත  අනිවාර්ය නැති රටවලින් පැමිණි වැසියන්ට එනම්  සෝමාලියාව, ඉතියෝපියාව ආදී රටවල අයට කෝවිඩ් 19 රෝගය ආසාදනය වීම ඉක්මන්ය.

2. ශ්‍රී ලංකාවේ බොහොමයක් වැසියන් ස්ථුල අය නොවීම. බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ මිය ගිය අයගෙන් වැඩි හරියක් මහත ශරීර ඇති අය බවට වාර්තාවක සඳහන් වේ. (ශ්‍රී ලංකාවේ හිටපු 225 දෙනාගෙන් කිහිප දෙනෙකු හැර අනිකුත්  අය සැඟවී සිටීමේ හේතුව ද මෙය විය හැකිනිසා පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තැත් දරන අය  ඒ වීරයන්ගේ ජිවිත අනතුරේ දැමීමට ක්‍රියා කිරීම හෙළා දැකිය යුතුය .:) )

3.බ්‍රිතාන්‍යය ,ඉතාලිය , ඇමෙරිකා එක්සත් ජනපදය ආදී රටවලට සාපේක්ෂව අඩු ජනගහනය 

4.බොහෝ වැඩිහිටියන් වැඩිහිටි නිවාස  වල නොව තමන්ගේම නිවෙස් වල හෝ නෑදෑයන් සමග ජිවත් වීම (එනිසා ආරක්ෂාවද වැඩිය)

මේ මම කලින් ලියූ ලිපි දෙකයි.
 

කෝවිඩ් -19 වයිරසය නැවැත්වීමට වෛරස් බොට්ල්නෙක් 

දින කිහිපයකට  ප්‍රථම ඉංග්‍රීසියෙන් මගේ ඉංග්‍රීසි බ්ලොගයේ  ලියූ ලිපියක පරිවර්තනයක් ද මේ ලිපියටම ඈඳමි.
 
 බොහෝවිට මේ සාකච්ඡා කරන අදහස ඒ ගැන දන්නා අයට කියවීමට පහසු  වනු ඇත.

 ඩියුටීරියම් බොට්ල්නෙක් නමැති සංසිද්ධියක් බිග් බැන් මොඩලය පිළිබඳ ඉගැන්වීම් වලදී කියවේ. 
ඩියුටීරියම් යනු හයිඩ්‍රජන් පරමාණුවේ අයිසොටොප් එකකි. එහි න්‍යෂ්ටියේ එක ප්‍රෝටෝනයක් සහ එක නියුට්‍රෝනයක් ඇත. බිග්බැන් හෙවත් විශ්වයේ ඇරඹීම පිලිබඳ "මහා පිපුරුම" මොඩලය බොහෝ අය අසා ඇතිවාට සැක   නැත. පහල ඇති යොමුවෙන් ඒ ගැන අවබෝධයක් ලබා ගත හැකිය.   එම මොඩලයේ න්‍යෂ්ටික සංශ්ලේෂණ ක්‍රියාවලියේ මුලදී හීලියම් 4 නමැති මූලික  පරමාණුව නිපදවනු ලබයි. මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඩියුටීරියම් න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියකදී නිපදවේ. (ප්‍රෝටෝන හා ප්‍රෝටෝන ගැටීමෙන් ) නමුත් බිග්බැන් මුල් අවධියේ ඇති අධික උෂ්ණත්වය නිසා ඩියුටීරියම් නිපදවුණු වහාම විනාශ වී යයි. එනිසා  හීලියම් නිපදවීමද ඇන හිටී. නැවත  එය සිදු  වන්නට නම් විශ්වය තව තවත් සිහිල් විය යුතුය. මෙසේ අවශ්‍ය තරම් ඩියුටීරියම් නැති නිසා ක්‍රියාවලිය නතරවීම ඩියුටිරියම් බොට්ල්නෙක් නමින් හැඳින්වේ. ඒ කියන්නේ බෝතලයේ මුව විට හිරවීමෙන් ඇතුලේ තිබෙන සාරය  එළියට ඒම නැවතීම හඳුන්වන පදයකි. නැත්නම් මාර්ගයේ ඉතා පටු  කුඩා හැරවීමක් ඇති තැන රථ වාහන ගමන අඩාල  වීමද මෙසේ හැඳින්වේ.

තවත් උදාහරණයක් නම් මැලේරියා  මර්දනයේදී භාවිතා වන The Plasmodium bottleneck යන්නය. ඒ කියන්නේ මැලේරියා සාදන මදුරු පරපෝෂිතයාට වාහක මදුරුවා හෝ වාහකයා   නොමැතිව මර්දනය  වීමයි. ශ්‍රී ලංකාවේ මැලේරියා මර්දනය අති  සාර්ථකව කරන ලද්දේ මේ මගින් යයි සිතමි. (The Plasmodium bottleneckmalaria parasite losses in the mosquito vector -Wiki))

අපි දැන් එක්තරා ගමක දහසක පමණ ජනගහනයක් වෙසෙනවා යයි සිතමු. කෝවිඩ් 19 සඳහා ප්‍රති  ජනන අගය එහි මධ්‍ය අගය වන (mean value ) 2.2 ලෙස ගනිමු.  පළමුවන දවසේ ආසාදනය වූයේ එක අයෙකුට යයි සිතමු. එසේම දවසක් පාසා තවත් පුදගලයන් 2.2 කට වෛරසය අසාදනය වන්නේ යයි සිතමු. දැන් අපිට  දෙවන දිනය වන විට  ආසාදිත මුළු සංඛ්‍යාව හැටියට ලැබෙන්නේ 3.3 කි. මේ ලෙස ගණනය  කළහොත් දවස් නමයකදී ආසාදිත රෝගීන් ගේ ගණන 1005 ක් වේ. මේ අනුව දවස් දහයක් ඇතුළත මුළු ගමටම රෝගය වැළඳේ.
නමුත් වෛරසයේ බීජෞෂණ කාලය දින දෙකේ සිට දින දහ හතරකි. එනිසා හැම දෙනාම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත.
    

පහල තිබෙන වගුවේ මූලික අගය  2, 4,8,32  ආදී ලෙස වැඩිවෙන ආකාරයට ගණනය කර ඇත. පහල නිල් රේඛාවෙන් පෙන්වන්නේ එයයි. කහ පාට රේඛාවෙන්  පෙන්වන්නේ ආසාදිතයන් වැඩිවන ආකාරයයි.


දැන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදුන් ප්‍රතිජනන අගයේ අවමයට යමු. එය  R0 = 1.5 ය. (උඩ මුලින්ම තිබෙන වගුව ) මේ අගයට අනුව මුළු ගමේ දහසක් දෙනා  රෝගී භාවයට පත්වන්නේ දින 18ක් ඇතුලතදීය . 

ඊයේ වනවිට මුළු ලෝකයේම කෝවිඩ් 19 මරණ අනුපාතය  සියයට 7ක් පමණය. එනම් අපේ දහසක ජනගහනයක් ඇති ගමේ හැත්තෑ දෙනෙකු ජිවිත අවසන් කළ යුතුය.  දැන් බීජෞෂණ සමය දින දෙකේ සිට 14 නිසා අපි දින පහේදී මුළු ගමම ලොක් ඩවුන් කළා යයි සිතමු. එසේම ඇඳිරි නීතිය ද පනවා කිසිවෙකුට නිවසින් එලියට යාමට නොහැකි වූවා යයි සිතමු.

මෙහිදී දින පහෙන් පසුව  ප්‍රති ජනන අගය 2.2 දී හතළිහක් පමණක් ආසාදනය වී නවතින අතර ප්‍රති ජනන අගය 1.5 දී දහතුන් දෙනෙකු පමණක් ආසාදනය වී නැවතේ.  මෙන්න මෙතැනදී වෛරසය බොට්ල්නෙක් එකකට හෙවත් හිර වීමකට ලක්වෙයි. එය ඉන්පසු පැතිරෙන්නේ නැත. නමුත් මේ වසා  දැමීම  හරියටම දින 14ත් දින 18ත් අතර ප්‍රමාණයක් පැවතිය යුතුය. සමහර විට වැඩි හොඳට  දින 20ක් වත් ගෙන යා යුතුය. ඉන්පසු ගම නැවත විවෘත කිරීමට හැකිය.

හැබැයි මේ කිසිම අවස්ථාවක කිසිවකු අර හතලිස් දෙනා හෝ අවම අගය වන දොළොස් දෙනා  මුණ නොගැසිය  යුතුය. දැන් ලොක්‌ ඩවුන් හෝ ඇඳිරි නීතිය සලකන්නේ නැති අයෙකු හෝ දෙදෙනෙකු නිවසකින්  පිටවූවා යයි සිතමු. නැතිනම් ඇඳිරි නීතිය මුදාහළ මොහොතක මේ එක අයෙකු අනිත් අය සමග ගැටුනා යයි සිතමු. එසේත් නැතිනම් වෙනත් ගමකින් හදිසියේ ආසාදිතයෙකු  පැමිණියා යයි සිතමු.

එවිට නැවතත් අර චක්‍රය පිලි පදින්නට අපට සිදුවේ. නැවත  ලොක් ඩවුන් කාලය හෝ ඇඳිරි නීතිය  දීර්ඝ කළ යුතුය. වයිරසය පැතිරීම නතර කිරීමට අප අපොහොසත් වූ හෙයිනි.

නමුත් අප ලොක් ඩවුන් කිරීම හෝ ඇඳිරි නීතිය   හොඳට පිලි පැද්දොත්  මුළු දහසටම එක අයෙකු හෝ දෙදෙනෙකුට වඩා ගණනක්  ජිවිතයට සමු දෙන්නේ නැත.

මෙහිදී වැදගත්ම කාරණයක් වන්නේ කිසිවෙකු තමන් ආසාදිත බවට සැඟවීම නොකළ යුතු බවයි.  මේ අනුව  සියලු දෙනාටම සෑදී වුවත් සියයට 93ක් (930)  හෝ  සියයට 98ක් (998) පමණ සුවවී මරණයෙන් බේරීමට හැකිවනු ඇත.   

මේ මොඩලයම ලක්ෂයක් පමණ ජනතාවක්  සිටින නගරයකට ආදේශ කරමු. සම්පූර්ණ ලොක් ඩවුන් එකකදී (ඇඳිරි නීතිය දැමීම වැනි දැඩි ලෙස) ක්‍රියාත්මක කළහොත් දහසකට  එක් අයෙකු හෝ දෙදෙනෙකු මිය යන අතර මුළු ලක්ෂයටම  සියයක් පමණ ජිවිතයට සමු දෙනු  ඇත. ඉතිරි අය සුවවනු ඇත. මෙහිදී මිලියනයක ජනතාවක් නම් දහසක් හෝ දෙදහසක් පමණ නැතිවනු ඇත.
 
නමුත් ලොක් ඩවුන් ලිහිල් කිරීමකදී හා මුළු නගරයටම අසාදනය පැතිරුනොත් ලක්ෂයක් ජනතාවක්  වෙසෙන නගරයක මරණ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ඉහල අගයක් ගනී.  අවම වශයෙන් දවස් විසි අටක වත් දැඩි නීති රීති යටතේ ජනතාවකට  ජිවත් වීමට සිදුවේ. බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය වැනි රටවල ජනතාව මෙයට කැමති නැත. ඔවුන් තමන්ට  සංචාරයට ඇති නිදහස වඩා හොඳ යයි සලකති. එනිසා ලක්ෂයකට හත් දහසක් පමණ මියයති.

නවසීලන්තය, වියට්නාමය, දකුණු කොරියාව මේ ක්‍රමය හොදින් අනුගමනය කර ඇත. ජර්මනියද ඒ ආසන්නයේ සිටින මුත් ඔවුන්ට තවමත් හරියටම වළකා ගැනීමට නොහැකිව ඇත්තේ විශාල නගරවල ජන අනුපාතය වැඩි හෙයිනි. ස්වීඩනයේ රට අති විශාල වන අතර ජන අනුපාතය වර්ග කිලෝමීටරයට ඉතා අඩුය. එනිසා ඔවුනට ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ තත්වය අවිනිශ්චිතය. සෞඛ්‍ය සේවා සහ හමුදාව හොඳ උත්සාහයක්  දරති. එහෙත් ජනතාවගෙන් වැඩි හරියක් ආසාදිත තත්වයන් සඟවන බවක් පෙනේ. මේ නිසා ඔවුන්ගෙන් තවත් අයට බෝවේ.  වැළැක්විය යුත්තේ එයයි.

මොඩලය සඳහා යොදාගත් සමීකරණය -((1-R0n)/(1-R0)) මෙහි n යනු දිනයයි 

Formula used - ((1-R0n)/(1-R0)) , n is the day 

(සහයෝගය - ශකීරා ධර්ම ගෙන් )


Wednesday 22 April 2020

ආයුර්වේද බෙහෙතක් හොයාගෙනලු

දැන් මේ වීඩියෝ එක එව්වා යහළුවෝ කිහිප දෙනෙක්ම. ප්‍රශ්න  කීපයක් ආවා ඔළුවට. 
 මේකේ කියනවා බටහිර වෛද්‍ය ක්‍රමයේ වෛරස් වලට බෙහෙත් හොයාගෙන  නැහැ කියල. මේක වැරදි කතාවක් . එහෙනම් ඕගොල්ලන්ට  පොඩිකාලේ ත්‍රිත්ව එන්නත (MMR ) (එන්නත් තුනක් එකට)  හෝ වෙන වෙනම  ගැහැව්වේ මොකටද කියල හොයල බලන්න. වෛරස  වලින් හැදෙන සරම්ප, ජර්මන්  සරම්ප සහ කම්මුල්ගාය ට තමා . 

ත්‍රිත්ව එන්නත ගැන මමත් සැකෙන් හිටි කාලයක් තිබුනා අර එංගලන්ත වෛද්‍යවරයෙක් නිසා. බ්ලොග් ලිපියකුත් ලිව්වා ඒ ගැන. මගේ දරුවන්ට වෙන වෙන වෙනම  එන්නත් ලබා දුන්නේ. ඒ කොහොම වෙතත් ඒවා වෛරස රෝග වලට දෙන එන්නත්.

ඊළඟට පැපොල කියන්නේ වෛරසයකින් හැදෙන රෝගයක් chicken pox කියන්නේ එකට. හදන වයිරසය varicella zoster . ඒකටත් එන්නතක් තියනවා. 

නැත්තේ කෝවිඩ් 19 එකට විතරයි මේ වෙලාවේ. ඉතින් බැයිද  මේ කියන බෙහෙත තියනවනම්  රසායනාගාර පරීක්ෂණයක් මගින් තහවුරු කරලා පෙත්තක් නිපදවන්න. පේටන්ට් එක අරගෙන විකුණුවානම් බිලියන ගානක් විදේශ විනිමය ගේන්න පුළුවන්නේ. මේ වීඩියෝවක් ගහනවට වැඩිය ඒකනේ කරන්න ඕනේ. 


Friday 17 April 2020

ඉතාලිය වෙනුවෙන්

මම 80 දශකයේ සෝවියට් සංගමයේ ඉගෙනුම ලබන විට බොහෝ රුසියානු  ,සහ ඉංග්‍රීසි  ගීත වලට අමතරව වෙනත්  විදේශීය රටවල් වල  සංගීතයද   ඉතා ජනප්‍රිය විය.  ඇත්තටම වෙනත් රටවල ගීත ඇසීමට මා පුරුදු වුනේද මේ කාලයේය. විවිධ යුරෝපීය  සංගීත ශානරයන් අතර ඉතා ජනප්‍රිය වුයේ ඉතාලි හා ස්පාඤ්ඤ සංගීතයයි.  ඒවා බොහෝ විට මොස්කව් ඩිස්කෝ සහ බාර් වල වාදනය විය. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ නිෂ්පාදිත සංගීත තැටි බහුලව මිලදී ගැනීමට තිබුණි. රුසියාවේ  සුප්‍රසිද්ධ ඉතාලි ගායකයින් අතර ඇඩ්‍රියානෝ සෙලෙන්ටානෝ, රිචී සහ  පොවේරි සහ ටෝටෝ කුටුග්නෝ  (මගේ  ප්‍රියතම ඉතාලියානු සංගීතඥයෙක් ) ද  විය. 

අපි 2015 දී ඉතාලියට ගියෙමු. ඉතාලියානුවන් ඉතා මිත්‍රශීලීයි ජාතියකි.  අපි  ඉතාලි කෑම වලට ආදරය කරන පවුලකි.  අපි විවිධ වර්ගයේ පැස්ටා, දේශීය වැනීසියානු අවන්හල්වල විශාල තුනී පීසා රස වින්දෙමු.පි බොටාර්ගා, ලසානියා , රයිබොලිටා, කාබොනාරා වැනි ආහාර අත්හදා බැලුවෙමු. දූවරුන් දෙදෙනා ඇතැම් ආහාර ප්‍රත්ක්ෂේප කරන අවස්ථාවක  , පීසා හෝ ස්පැගටි වලට ඔවුන් කිසි විටෙක අකැමත්ත දැක්වුයේ නැත.

 ඉතාලියේ ප්‍රසිද්ධ එහි  විශිෂ්ට හා ප්‍රසිද්ධ ආහාර වර්ග වලට  පමණක් නොවේ. ඔවුන්ගේ අතිශයින් වර්ණවත් හා පොහොසත් ඉතිහාසය වෙරෝනා, වැනීසිය සහ පීසා යන ආකර්ශනීය නගර සමඟ සංයුක්ත විය; සුප්‍රසිද්ධ වතිකානුව; පිනොචියෝ කතාන්දරය සහ දිගු කළු හිසකෙස් ඇති රූමත් කාන්තාවන්  අපව සැමවිටම ඉතාලියට බැඳ තබයි.
 මේ වන විට ඉතාලිය සෙසු යුරෝපයට සමගාමීව දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටී. කෙසේ වෙතත්, කොවිඩ් -19 හි මරණ සංඛ්‍යාව අඩු වන බවත් එහි ප්‍රස්ථාරයේ වක්‍රය පහළට නැමීමට පටන් ගෙන ඇති බවත් අපට පෙනේ. ඉතාලිය දැන් එහි උච්චතම අවස්ථාව පසු කර ඇති බවත්, මේ සුන්දර රට ඉතා ඉක්මනින් ආපසු යතා ටයට පැමිණෙනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි. 
මට නම්, ටෝටෝ කුටුග්නෝගේ "ලා ඉටාලියානෝ" ගීතය ඉතාලි ආත්මය නිරූපණය කරයි.
 වීවා ඉතාලියා