Thursday 24 November 2022

අබොරීජින් වරුන් ගේ කතාවක්

ඕස්ට්‍රේලියාවේ මහාධිකරණය 1992 වසරේදී ඉතා වැදගත් තීන්දුවක් දුන්නේය. ඒ ටොරෙස් ස්ට්‍රේට් දිවයින් වැසියෙකු වූ අබොරිජින් අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන  කොයිකි මාබෝ ට පක්ෂවය. ටෙරා මිලස් හෙවත් "කිසිවෙකුට අයිතියක් නොමැති ඉඩම් " නිතියට අනුව ටොරෙස් ස්ට්‍රේට් දිවයිනේ වැසියන්ට එම ඉඩම් වල අයිතියක් නැත.  බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන් ඕස්ට්‍රේලියානු ඉඩම් අල්ලා ගැනීම සාධාරණිකරණය කිරීම කළේ එම නීතියට අනුකුලවය. මහාධිකරණය බල රහිත කරන ලද්දේ එම නීතියයි.    

අප නැරඹීමට ගිය ටේට් මොඩර්න් කලාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ චිත්‍ර අතර ඕස්ට්‍රේලියානු අබොරිජින්  හා ටොරෙස් දුපත් වැසියන් හා ඔවුන් ජීවත්වූ ඉඩම් අතර සම්බන්ධය යටත්විජිත වාදයේ බලපෑමද අද ඔවුන්ගේ සංකීර්ණ සමාජ තත්වයන්ද පෙන්නුම් කරන නිර්මාණ බොහොමයක් විය.  

-A YEAR IN ART: AUSTRALIA 1992

අප ඉගෙන ගත්තේ කපිතාන් ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව සොයා ගත්තා කියාය. ඇත්තටම සිදු වූයේ කුක් ගේ ගමන් මගේ ඔස්ට්‍රේලියාව අහම්බෙන් සම්මුඛ වීමය. ඕස්ට්‍රේලියානු මහාද්වීපය ඊට අවුරුදු දහස් ගණනකට කලින් සොයාගත් මිනිසු එහි ජිවත් විය. කුක් ගේ ආගමනයෙන් සිදුවූයේ ආදිවාසීන් විශාල ප්‍රමාණයක් සමූලඝාතනය වීම, ඔවුන් වහල් වැඩ වලට යොදා ගැනීම මෙන්මා පිටින්  ආ නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වී දහස් ගණන් මිය යාමත්ය. 

 මේ පින්තුරයේ පෙනෙන්නේ  ආදිවාසී ජනයා කුක් හෝ බටහිර වාසීන් පැමිණීමට ප්‍රථම  ඔස්ට්‍රේලියාව පුරාම විසිරි ජීවත්වූ අන්දමයි. 






ඕස්ට්‍රේලියාවේ කතෝලික පල්ලිය 1996 දී අබොරිජින් වරුන් බලහත්කාරයෙන් සමාජයට එක් කිරීම හා ශිලාචාර කිරීම ට තැත් කිරීම පිළිබඳවද, බලහත්කාරයෙන් දහස් ගනනක් ළමුන් සිය පවුල් වලින්  වෙන් කිරීම   පිළිබඳවද සමාව යැදීය. බොහෝ දරුවන් මේ "අත් අඩංගුවේ " සිටියදී මිය ගියහ. 

ශුද්ධවූ දෙවන ජුවන් පාවුළු II පාප් වහන්සේ 2001 දී වතිකානය  හා කතෝලික ප්‍රජාව වෙනුවෙන්,   අතීතයේදී පල්ලියෙන්  සිදු කෙරුණු ලැජ්ජා සහගත අසාධාරණ ක්‍රියා වලට සමාව පුද කළේය. 

ළමයින් සහ මිනිසින් "ශිෂ්ටාචාර" කිරීම  


ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් 2008 පෙබරවාරි 13 දා ළමුන් බලයෙන් පහර ගැනීම හා බලයෙන් සමාජගත කිරීම මෙන්ම වෙනත් අසාධාරණ රාජ්‍ය ප්‍රත්පත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ද නැතිවූ අතුරුදහන් වුනු පරම්පරා වෙනුවෙන්ද රාජ්‍ය සමාවක් අබෝරිජින් හා ටොරෙස් දීවයින් වාසීන් ට පුද කරන ලදී. 































Photos by Ajith Dharmakeerthi