Tuesday, 17 June 2025

ක්යෝටෝ පන්සල් වන්දනාව - කියෝමිසු - දේරා - පිරිසිදු ජලයේ ආරණ්‍යය


මුල් බ්ලොග් ලිපියේ ජපානයේ ෂින්ටෝ දහම සහ මහායාන බුදු දහම සම සමව අදහන බව ලිව්වනේ.  මම මේ  බ්ලොග් එකේ මරණින් මතු ජිවිතය  ගැන අදහස ලියන කොට ටිබෙටන් බුදු දහමටත් වහ වැටිලා හිටියේ .  ටෝකියෝ වලදී එහෙම පන්සලකුත් දැක්ක . ජපානය දකුණු කොරියාව වගේ බෞද්ධ බහුතරය ක්‍රිස්තියානිය වැළඳ නොගත්ත හේතුව මහායාන බෞද්ධ සිරිත් විරිත් සහ ෂින්ටෝ සිරිත් එකතු වීම කියල හිතෙනවා .  
ශින්ටෝ ආගමේ දී හිත සතුටු කරන උපන් දින වගේ දේ සැමරීම වගේම මහායාන පන්සල් වල පව් සමා කිරීමේ ක්‍රමයක් (ක්‍රිස්තියානි ආගම් වල වගේ) තිබෙනවා .  ලි පතුරු වල කරපු පව් ලියල තිබ්බම හාමුදුරුවරු පසුව පිරිත් කියමින් ඒවා පුළුස්සනවා .  එතකොට අර පව් ඉවත් වෙලා යනවලු .  ඒ වගේම අර නොයෙකුත් දේ ප්‍රර්ථනා කරන කොඩි වැල් වගේ ලි පතුරු ,  රෙදි කෑලි තිබෙනවා .  

හරියට අටට එන්න කීව ක්යෝටෝ ස්ටේෂන් එක ගාවට. හරියට අටහමාර වෙන කොට බස් එක ඇද්දුව. අපි මුලින්ම බලන්න ගියේ කියෝමිසු - දේරා කියන පන්සලට .  මොන පින්තුර ටිකද පල කරන්නේ කියල හිතා ගන්න බැරි තරමට මේ හැම පන්සලක්ම වගේ දර්ශනීයයි .  යන අතරමග තේ දන්සැලක් තිබුන .  මේක හදල තියෙන්නේ කැනොන් කියන බෝධිසත්ව වන්දනා කරන්න . බෝධිසත්ව වන්දනාවත් එක්තරා අතකට අනිත් ආගම් වලට ජපන්නු යන්නේ නැති වෙන්න තව හේතුවක් මට හිතෙන්නේ .  බුදුන්ට නොකියන දේ ,  නො ඉල්ලන දේ ඉදිරියේදී බුදු වෙන්න ඉන්න බෝධිසත්වයන් ට කියන්න පුළුවන් .  
මේ අපේ ටුවර් ගයිඩ් තැන පෙන්වන්නේ පින්තුරයක් බෝධිසත්ව ගේ . 



පන්සල තියෙන්නේ ඔටෝවා කියන කන්දේ භාගයක් දුර නැග්ගහම . කියෝටෝ වල හිගශියමා කියන දර්ශනීය කඳු පෙළ අතර . මුලින්ම හදලා  තියෙන්නේ ක්‍රි . ව .  778 නාරා යුගයේදී .  ශෝගුන් (ජපානයේ අධිරාජයා වෙනුවෙන පාලනය ගෙනයන සෙන්පති වගේ කෙනෙක් )  සකනුයේ තමයි ලොකු මාලිගය හදල තියෙන්නේ . පහු කාලීන හුඟක් ගොඩ නැගිලි 1633 දී වගේ නිමවල  තියෙන්නේ .  ඔය පින්තූර වල හොඳට බලන්න ,  ලොකු මාලිගාව තනිකරම හදල තියෙන්නේ ලීයෙන්, එක ඇණයක් වත් ගහන්නේ නැතිව . කිසිම භුමි කම්පාවකට වත් වැටිලා නැහැ .  මම හිටගෙන ඉන්න තැන පිටිපස්සේ ලී ජොයින්ට්  තියෙනවා පේන්න. පිරිසිදු වතුර ගලාගෙන එනවාලු ඇතුලේ තියෙන දිය ඇල්ලෙන් .  කියෝමිසු කියන්නේ පිරිසිදු වතුර කියන එක .  අපි දෙන්නත් බීව අරගෙන. තාම  මුකුත් වුනේ නැහැ .  








 කිමොනෝ කුලියට දෙන තැනකුත් දැක්ක .  

මේ ඒ පන්සලට යන පාර දෙපස පින්තුර වගයක් 







ශුද්ධ වූ වතුර පානය කරන නිරාගමිකයෙක් තමා ඔය ඉන්නේ.








මේ පන්සලේ තිබෙනවා අනිත් පැත්තට පෙරලපු ඝන්ටාරයක්, ඕකෙන් ගැහුවම හොඳයිලු .  එනිසා මමත් දෑත බදලා දුන්න පාරක් .

ස්ලාවෝ ජිජැක් කියපු කතාවක් මේක .  නීල්ස් බෝර් ගේ චරිත කතාවේ  තිබුනලු .   "ක්වන්ටම් විද්‍යාවේ පියා ලෙස සැලකෙන බෝර් තම නිවසේ දොරට අශ්ව ලාඩමක් එල්ලා තබා ගැනීමට පුරුදු වී සිටියාලු .  යුරෝපීය (සහ ඉන්දියානු) මිථ්‍යා විශ්වාසයන්ට අනුව, අශ්ව ලාඩම නිවස නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂා කරන, වාසනාව ගෙනෙන වස්තුවක් ලෙස සැලකෙනව. දවසක් බෝර්ගේ නිවසේ දොරට අශ්ව ලාඩමක් එල්ලා ඇති අයුරු දුටුව යහළුවෙකු, අදාළ මිථ්‍යා විශ්වාසයන්, භෞතික විද්‍යාඥයෙකු වන  බෝර් අදහන්නේ දැයි විමසා සිටියාලු . ඊට පිළිතුරු දුන් බෝර් කියා සිටියේ තමන් ඒවා විශ්වාස නොකරන නමුත්, අශ්ව ලාඩමේ  බලය තමන් විශ්වාස කළත් නැතත් ක්‍රියාත්මක වන බවට මිනිසුන් පවසන  බවයි." . දැන් මටත් කිව්වේ මම විශ්වාස කළත් නැතත් වතුර පිරිසිදුයි සහ   ලෙඩ සනීප වෙනවා කියල . (වතුරේ මිනරල් ගතිය වැඩියි) 





කලින් දවසේ ගන්ඩම් බේස් එකකට ගියා .  මේක සැටලයිට් එකක් .  ප්‍රධාන එක ටෝකියෝ වල තියෙන්නේ .  ෆොටෝ ටික බැලුවහම තේරෙයි .  ඒ යොන් කියන ෂොපින් මෝල් එකේ .  ජැප්පෝ හරියට පුංචි ෆෑන් භාවිතා කරනවා දැක්ක .  රස්නෙයි කියල තේරුනේ නැහැ එපමණ . 

 

















18/06/2025 - කොළඹ ගමයා විසිනි .