දේශකයාගේ ලිපියකට ඉයන් විසින් දුන් ප්‍රතිචාරයක් පහත දැක්වේ. මෙය කියවූ මට මතක් වූයේ සමාජවාදය යටතේ කලා කෘති අයිති ජනතාවට නිසා ඒවා ජනතාවාදී විය යුතුය යන මතයයි.
අජිත් බොහෝවිට ගීතයට වඩා ගායකයාට ඉල්ලුමක් තියෙන බව පේනව නේද? කාගේ වුණත් තමන්ට හුරු සිංදුවක් තමන් කැමති ගායකයෙක් කියනවට මිනිස්සු ආසයි. කලා කෘතියක් සමාජ ගත කලාම සහ එය සමාජගත වුණාම නීතිය කුමක් වුණත් එය අයිති සමාජයට.
සෝවියට් සාහිත්‍යය වර්ධනය වූයේ පසු කලෙක නීරස වූ සමාජවාදී යථාර්ථවාදය (Socialist Realism) යටතේය. එනම් හැම කලා කෘතියකම යථාර්තය පිළිඹිබු විය යුතුය යන මතයයි. එම යථාර්තය නම් නිර්ධන පන්ති ජනතාවගේ හා කම්කරු පන්තියේ රාජ්‍ය බලය නමැති යථාර්ථය කලාව තුලින් එළි දැක්විය යුතුය යන්නයි. මේ මතවාදය පෝෂණය වූයේ කලාව අයිති මහජනයාට යන අදහස නිසාය.
නමුත් මේ මතවාදය තුල සිදුවුයේ ස්වාධින කලාත්මක නිර්මාණ බිහිවීම නොව රජයට ගැති නීරස ප්‍රචාරාත්මක (propaganda) නිර්මාණ බිහි වීමය. ස්ටාලින් වන්දනා කරන ගායනා හෝ කොමියුනිස්ට් සමාජයේ සාධාරණත්වය, සශ්‍රිකත්වය ආදිය උලුප්පා දක්වන නිර්මාණ සමාජගත කරන ලදී. ඒවා ඉදිරිපත් කළ කලාකරුවන් යයි කියා ගත් නිලධාරීන් කලා සංගම් වල හා රජයේ ආයතන වල වැජඹුණි. පිටරටවල සංචාරය කිරීමට වරම් ලද්දෝද ඔවුහු වූහ.
මේ දැක්මට විරුද්ධව නැගී සිටි කලාකරුවන් සමුහයක්ද විය. ඔවුන් ජීවිතය ගැට ගසා ගත්තේ අමාරුවෙනි. මහා කවි මයකෝව්ස්කි ගේ අන්තිම කාලය, අන්ද්රෙයි තර්කොව්ස්කි , ව්ලදිමිර් විසෝස්කි ආදීන් මේ ගණයට වැටේ. ව්ලදිමිර් විසෝස්කි ගැන මා දැන ගත්තේ ගිය වසරේ දිවි මගෙන් සමුගත් පසන් කොඩිකාර සහෘදයා ගෙනි. ඔහු තේනුවර හා තවත් සිසුවකු විසෝස්කි ගේ ගී රස විඳිමින් සිටියේය. සෝවියට් අධිකාරය විසෝස්කි ව ප්‍රිය නොකළ අතර ඔහු පසුව තගන්කයා නම් නාට්‍ය ශාලාවට අනුබද්ධව වැඩ කළේය. නිදහස්ව නිර්මාණ සමාජගත කල විසොස්කි රුසියානු ජනතාව අතර ඉතා ජනප්‍රිය විය. ඔහුගේ ගීත නිර්මාණ ඕනෑම අයෙකුට රැගෙන ගායනා කිරීමට අවකාශය තිබුණි. කලාකරුවෙකු වශයෙන් ඔහු දිළින්දෙකු විය.
කිසියම් කලාත්මක කෘතියක් ඉදිරිපත් කරන්නේ මහ ජනතාවට රස විඳින්නට බව සැබෑය. නමුත් රසිකයා යන සෑම විටම සමාජයේ බහුතරය නියෝජනය කරන්නෙකු හෝ කරන්නියක නොවේ. උදාහරණයක් වශයෙන් ඔපෙරා ගායනයන් හෝ බටහිර ශාස්ත්‍රීය සංගීතය සැමදෙනාම රස විදින්නක් නොවේය යන අදහස් තිබේ. "දන්නෝ බුදුන්ගේ " ගීතය ඔපෙරා ගායිකාවක් ගැයූ වේලේ ඔපෙරා අසන්නේ සමාජයේ උසස් යයි සම්මත බටහිර ගැති කොටසක්ය යන අදහසක්ද ඉස්මතුව තිබුණි.
නමුත් අන්දරේ රියූ වැනි බටහිර ජර්මන් වයලින් වාදකයන් යුරෝපියානු ජනතාව අතර ජනප්‍රියය. සමාජයේ සෑම ස්ථරයකම ජනතාව ඔහුගේ වාදන රස විඳීමට පැමිණේ.
මේ අන්තර්ජාල අවධියේ තමන්ගේ නිර්මාණයක් තමන්ගේම ලෙස රැක ගැනීම ඉතා අසීරුය. අපිට මුදල් නොගෙවා අන්තර්ජාලයෙන් පොත් බා ගත හැකිය. මුදල් නොගෙවා ගීත බා ගත හැකිය. එසේම චිත්රපටිද බා ගත හැකිය. මමද මේ වරද ඇතැම්විට කරන අයෙක්මි.
සාමාන්‍යයෙන් එංගලන්තයේ සිනමා ශාලාවක ප්‍රවේශ පත්‍රයක් පවුම් 10 පමණ වේ. බොහෝ අය චිත්‍රපට අන්තර්ජාලයෙන් බා ගන්නේ එහෙයිනි. නමුත් චිත්‍රපටියක් නිපදවූ පසු එහි නිෂ්පාදකයාට මුදලක් ලැබුනේ නැත්නම් ඒ කර්මාන්තයේ යෙදෙන අයගේ රැකියා වලට එය තර්ජනයකි. සංගීත ගැන තත්වයද එසේමය. ඒ නිසා මා ද අන්තර්ජාලයෙන් බා ගන්නවා වෙනුවට බොහෝ විට මුදල් ගෙවා චිත්‍රපටි බැලීම කරමි.
බටහිර රටවල නළුවන්ට මෙන්ම ගායකයන්ට ගෙවන මුදල අති විශාලය. ඔවුන් අතිශයින් ධනවත්ය. ඔවුන්ට එරෙහිව බොහෝ අය මේ අන්තර්ජාලය තුල චිත්‍රපටි හා ගීත බෙදා හැරීම කරන්නේ එහෙයිනි. මෙසේ නීත්‍යානුනුකුල නොවන ආකාරයට බා ගන්නා අයගේ තර්කයද කලා කෘති සමාජගත කළ පසු එය අයිති ජනතාවට බවය.
සෝවියට් දේශයේ හා බොහොමයක් සමාජවාදී රටවල චිත්‍රපට සඳහා ප්‍රවේශ පත්‍ර ඉතාම ලාභයට තිබුණි. බොහෝ දෙනා මේ නිසා චිත්‍රපට නැරඹීමට ගියහ. තිබෙන නිලධාරිවාදී පිඩාව මධ්යයේ වුවද හොඳ චිත්‍රපට තිබිණි. ගායකයන් ද ප්‍රසිද්ධ මුත් ඔවුන් ලොකු ධනවතුන් නොවිනි.
වර්තමානයේ බ්ලොග් වල ෆේස් බුක් හෝ වට්පෑඩ් එකේ පලවන නිර්මාණ නොමිලයේ භුක්ති වින්ද හැකි වීමය. ඒ නිසා මා පොතක් පල කලද තව කාලයකට පසු එය නොමිලයේ අන්තර්ජාලය හරහා බෙදා හැරිය යුතු යයි මට සිතේ.
මට වැටහෙන ලෙසට සෝවියට් දේශය බිහි වී තිබුනේ කාලයට කලින් බවය. එය බිහි වන්නට තිබුනේ බොහෝ පසුවය.
දියුණු ධනවාදී රටවල මාතලන් හා ඉයන් කියන්නාක් මෙන් ගීත ඇතුළු කලා කෘති සමාජ ගත කල පසු ඒවා අන්තර්ජාලය නිසා ඉබේම සමාජයට අයිතිවේ . ඒ නිසා ගීතයක් ඕනෑම කෙනෙකුට ගායනා කල හැකිය. මා සිතන්නේ ගායකයාගේ අවසරය ඇතිව සුළු මුදලක් ඔහුට ද දී එසේ කල යුතු බවය. නිර්මාණය වඩා ප්‍රසිද්ධ ද වේ. අනිකුත් නිර්මාණද බෙදා ගත යුතුය. එවිට ඇති ධනවත් ගායකයන්, නළු නිලියන් ඇතිවන්නේ නැත. බොහෝ මිනිසුන්ටද අඩු මුදලට මේ නිර්මාණ රස විඳිය හැකි වනු ඇත.
ඉයන් ලා මාතලන් ලා සමාජවාදී කතා කියන්නේ මේ අනුව විය යුතුය.
මේ කියන්නේ නෝ මෝ මාක්ස් කියා කිව්වාට මාක්ස් නිවැරදි බවය. පශ්චාද් මාක්ස්වාදය යනු එයය. එනම් පිස්සු කෙල ඇත්තේ ලෙනින් බව වටහා ගැනීමද?