Monday, 18 July 2016

නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්

මේ මාතෘකාව පිළිබඳව මැදිහත් නොවී සිටීමට සිතා  සිටියත් දිනෙන් දින ශ්‍රී ලංකාවේ මතුවන අරගල හා සාකච්ඡා සංවාද තුල එය ඉතාමත් අපහසු බව දැනේ.   මුහුණු පොතේ (facebook) පලවූ පින්තුර දෙකකින් තවදුරත් මෞන වෘත්තය රැකීම නොකළ හැක්කක් බව මට පසක් විය. මින් එකක් වුයේ කෙලින්ම සයිටම් ආයතනයේ පැත්ත ගන්නා  අපේ බ්ලොග් මිත්‍ර මාතලන් පළ කල පින්තුරයකි. ඔහුගේ බ්ලොගයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පක්ෂාපාතීව ලිපි කිහිපයක්ද පලවිය.  ඔහුගේ මේ පින්තුරයට බුකියේ සුපතල ලයික් එකක් දැමුවෙමි.


මේ තර්කයට මටද එකඟ විය හැකිය.  ගණිතයෙන් අපොස උසස්  පෙළ සමත් වන සිසුන්ට මොරටුව, පේරාදෙණිය ය ආදී විශ්ව විද්‍යාල වලට අමතරව තවත් විශ්ව විද්‍යාල ගණනාවක් තිබේ. එසේම විශ්ව විද්‍යාලයකට යාමට නොහැකි නම් වෙනත් තාක්ෂණික පාඨමාලා ද තිබේ. එසේත් නොමැති නම් SLIIT වැනි  ආයතන තිබේ. ගණකාධිකාරී විභාගයකට වුවද උගත හැකිය.  මේ සමහර ආයතන වලට  මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත යුතු වුවත් ඒවාට විරුද්ධව ශිෂ්‍ය උද්ඝෝෂණ ඇති වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ කිහිපයක්ම තිබේ. වෛද්‍ය විද්‍යා උපාධියට ලකුණු මදි නම්, දන්ත වෛද්‍ය විද්‍යාව, සත්ව වෛද්‍ය විද්‍යාව (veterinary science) , කෘෂිකර්ම  විද්‍යාව ද (agronomy )විශ්ව විද්‍යාල වල උගත හැකිය.  එසේත් නොමැති නම් ඖෂධ වේදී පාඨමාලාව හැදෑරිය හැකිය. 

කිසියම් ශිෂයෙකුට මේ අවස්ථා තිබියදීත් වෛද්‍යවරයෙකු වීමටම ආශාවන් ඇති විය හැකිය. එකළ  මගේ මිතුරෙකු තෙවරක්ම අපොස උසස්  පෙළ කළේය. පළමු වර දන්ත වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය ලකුණු තිබුණි. දෙවන හා තෙවන වර විශ්ව විද්‍යාලයට යා හැකිව තිබුණු මුත් වෛද්‍ය පීඨයට  යාමට නොහැකි විනි. බයෝ සයන්ස් කල ඔහු ජපානයේ ආචාර්ය උපාධිය කළේය. 

එවැන්නෙකුට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල  තිබුණි නම් තමන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව තිබුණි. ඔහු සාමාන්‍ය  මැද පන්තියේ පවුලක සිසුවකු මිස ධනතියෙකුගේ දරුවෙකු නොවිය.

එකල බොහෝ දෙනා පිටරටවල අධ්‍යාපනය  සඳහා ගිය බව මම දනිමි. අප වැනි අයට  රජයේ ශිෂ්‍යත්ව ලැබුණු අතර තවත් අය  මුදල් ගෙවා ඉගෙනීමට ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට ගියහ. එසේ ඇමෙරිකාවේ උසස් විශ්ව විද්‍යාලවල  උගත් ඇතැමුන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විද්‍යාල ඇරඹීමට විරුද්ධ  වෙති. "අපි ඇමෙරිකාවේ ගිහින් සල්ලි දීල ඉගෙන ගත්තට මුන්ට එහෙම ඉඩ දෙන්න පුලුවන්ද" යන තර්කය එතන ඇති යයි සිතමි. 

අපේම සහෝදර සිසුන්ට අවශ්‍ය නම් මුදල් ගෙවා ඉගෙන ගැනීමට ඉඩ දීමට අපට නොහැකි ඇයි? මෙය කුහක කමක් නොවේද?  ඔවුන්ද අපොස උසස් පෙළ සමත්ය. සමහරුන්ගේ දෙමාපියන්ට මුදල් තිබේ. සමහරු ණය රැගෙන හෝ ඉඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය දෙති. ජර්මනියේ හා ස්වීඩනයේ නිදහස් අධ්‍යාපනය තිබෙන අතර පෞද්ගලිකව අධ්‍යාපනය ලැබීම සඳහාද ඉඩ තිබේ.  

දෙවැනි පින්තුරය කවියක් ද සහිතවම පළ කර ඇත්තේ  ඇත්තේ මගේ තවත් හිතවතකු වන පෙරේරා හිල්මි  සුපුන් සහෝදරයාය. වාමාංශික අදහස් ඇති ඔහු ඉතාලියේ වෙසෙන්නෙකි. ඔහුගේ කවි බොහොමයක් වෙබ් අඩි වල පළවේ.
මේ ඔහුගේ කවියයි.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය
අද රෑ නිදි වරන්නේ
හෙට උදේ අවදිවෙන
ඔබේ දරුවන්ගේ
අධ්‍යාපනයේ නිදහසත් 
නිදහස් අධ්‍යාපනයත්
රැකගැනීම වෙනුවෙනි
හිල්මි සුපුන්
13072016

පින්තුරයේ දැක්වෙන්නේ පසුගියදා පිටකොටුවේ සයිටම් එකට විරුද්ධව හා නිදහස් අධ්‍යාපනය රැක  ගැනීමට අරගලයක  ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. ඔවුන් සියල්ලෝම පාහේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල නිදහස් අධ්‍යාපනය ප්‍රතිඵල ලබන්නන්ය.

දොළොස්වන ශ්‍රේණිය  දක්වා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූ මා ප්‍රථම උපාධිය ලැබුවේ සෝවියට් දේශයේ විශ්ව විද්‍යාලයකිනි.  එනම් සෝවියට් රජය අපගේ ඉගෙනුම සඳහා  වියදම් කලේ සෝවියට් වැසියන් ගේ බදු මුදල්ය. සෝවියට් දේශය තම වැසියන් සියල්ලන්ටම නිදහස් අධ්‍යාපනය දුන් රටකි. මේ පින්තුරයට ද මම බුකියේ සුපතල ලයික් එකක් දැමුවෙමි. ඒ මා නිදහස් අධ්‍යාපනයෙන් පල ලබා ගත්  අයෙකු බැවිනි.

 මා උගත් විශ්ව විද්‍යාලය රුසියානු රජයට අයත් වුවත් දැන් ඕනෑම අයෙකුට මුදල් ගෙවා එහි උගත හැකිය. එනම් ශිෂ්‍යත්ව වලින් පැමිණ නොමිලයේ ඉගෙනුම ලබන රුසියානු සිසුන්ට අමතරව ඉතිරි අයට හා විදේශික සිසුන්ට  මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකිය. මෙසේ වුයේ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු අවම වශයෙන් ගුරු වැටුප ගෙවීමට පවා විශ්ව විද්‍යාල වලට මුදල් හිඟවූ හෙයිනි. රටේ ආර්ථිකයද  බිඳ වැටී තිබුණි.

ජනාධිපති පුටින් විසින්  රට ගොඩ නගන විට විශ්ව විද්‍යාල වලට මුදල් අයකර සිසුන් ඇතුලත් කර ගත හැකි ලෙස නීති වෙනස් කළේය.

බ්‍රිතාන්‍යයේ රජයේ  විශ්ව විද්‍යාල වලට විදේශික සිසුන්ට පැමිණ මුදල් ගෙවා උගත හැකිව තිබුණි. දේශීය සිසුන්ට ඉතාම අවම මුදලකට ඉගෙනීමේ හැකියාව තිබුණි. 

හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශ්ව විද්‍යාල වලට නොමිලේ අධ්‍යාපනය දීමට නොහැකි යයි පවසා වසරකට පවුම් 3000 දක්වා ගාස්තු වැඩි කළේය. කැමරන් ගේ රජය එය පවුම් 9000 දක්වා වැඩි කළේ ය. බැංකු ණය ලැබෙන මුත් සිසුවෙකුගේ  වසර හතරක සාමාන්‍ය උපාධිය අවසන් වන විට පවුම් 36000 ක ණයකාරයෙකු වී හමාරය. 

 මේ නිසා මම එයට එරෙහිව කටයුතු කරන සංවිධාන වලට හා ජෙරෙමි  කෝබින් නමැති කම්කරු  පක්ෂයේ  නායකයා ට සහයෝගය දෙමි. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසු කම් ලැබුවන්ට නැවත වරක් නිදහස් අධ්‍යාපනය දීමට යෝජනා කරයි. නමුත් බ්‍රිතාන්‍යයේ කිසිදු පුද්ගලික අධ්‍යාපන ආයතනයක් වසා  දැමෙන්නේ  නැත. මුදල් ගෙවා ඉගෙනීමට අවශ්‍ය අයට ඒ පහසුකම නැති කරන්නේ නැත.

බ්‍රිතාන්‍යය වැනි රටක අධ්‍යාපනය නොමිලයේ ලබා දිය හැකිය. අප සියලු දෙනාම අපේ බදු නොවැරදීම ගෙවන හෙයිනි. නිදහස් සෞඛ්‍ය  සේවාවට යන්නේ අප ගෙවන බදු මුදල් වලින් කොටසක්ය. ඇතැම් අති විශාල බහු ජාතික සමාගම් බදු ගෙවීම අඩු කිරීමට නොයෙක් උපක්‍රම යොදන  නමුත් බොහෝ සුළු වෙළඳම් හා මධ්‍යම ප්‍රමණයේ ව්‍යවසායකයන් නිවැරදි ලෙස බදු ගෙවති. 

එසේම ජර්මනියේ හා ස්වීඩනයේ තත්වයද මෙසේමය. ඒ රටවල ජනතාව  තම ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් බදු ගෙවති. එම රටවල  නිදහස් අධ්‍යාපනයට, නගර ගොඩ නැගීමට, සඛ්‍ය සේවයට යෙදවෙන්නේ එම බදු මුදල්ය.  

ඉහත වැකි ලියන ඉතාලියේ වෙසෙන හිල්මි සහෝදරයාගේ යහළුවන් ගේ දරුවන් සමහරක් එංගලන්තය වැනි රටවල ගෙවා උගෙනීම  ලබන බව ඔහු දන්නවා ඇති යයි මම සිතමි. එයට මගේ විරුද්ධත්වයක් නොමැත. නමුත් තමුන්ගේ ළමුන්ට එය අනුමත කරනවා නම් ලංකාවේ ළමයෙකුට එසේ අධ්‍යාපන ලැබීමේ  අයිතියක් නැත්ද යන ප්‍රශ්නයට ඔහු ගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. මා  දන්නා වාමාංශිකයන් බොහොමයකගේ දරුවන් එසේ මුදල් ගෙවා ඉගෙනීම ලබති. 

ලංකාවේ සිටින්නේ බදු ගෙවන ජනතාවක් නොවේ. ඉතා ටිකක් බදු ගෙවන රජයේ සේවකයන් හා ව්‍යාපාර කිහිපයක බදු මුදලින් සහනාධාර ලබන ජනතාවකි. කන්නට මුදල් ලැබෙන්නේ ණයටය. කන්න හා ජිවත් වෙන්න මෙන්ම අති විශාල දේශපාලන නළුවන් රැසක් නඩත්තු කරන්නේ ණයෙනි. ණය  වාරික ගෙවන්නේ පිටරටවල වැඩ කරන අය එවන මුදලින්, තේ අපනයනයෙන්   (තේ නෙලන කම්කරුවන් ගෙන්), නිමි ඇඳුම අපනයනයෙන්   හා අනිකුත් සුළු අපනයන ද්‍රව්‍ය වලිනි. යුරෝපා සංගමයට  නැවත මාළු අපනයනය කිරීම පටන් ගෙන තිබේ.. (තහනම් ව තිබුණි) වැඩි විස්තර සඳහා මේ වෙබ් අඩවියට යන්න.

ඉතින් මෙවැනි රටකට නිදහස් අධ්‍යාපනය සඳහා  මුදල් වියදම් කිරීමට මුදල් නැත. එසේ වුවද රජය විශ්ව විද්‍යාල අටක් පමණ නඩත්තු කරයි. විශ්ව විද්‍යාලයට යා නොහැකිව අතරමන් වෙන සිසුන්ගෙන් සුළු කොටසක් සයිටම් එකේ උගනිති. . කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියේද කොටසක් මුදල් ගෙවා උගනිති. ඔවුන්ට විරුද්ධව උද්ඝෝෂණ නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී ඇතිවේ. සයිටම් එකට  පමණක් විරුද්ධ වන්නේ ප්‍රමිතිය නිසා නම් ප්‍රමිතිය ගැන කතා කරන්න. එසේනම් එයට නිදහස් අධ්‍යාපනය අදාල නැත. නිදහස් අධ්‍යාපනය අවසන් කරන්නට කවුරුත් සැරසෙන්නේ නැත. එවැන්නක් මහින්ද රජය කිරීමට සරසි සිටියේ නැත. එදා අධ්‍යාපනයට 6% ඉල්ලා  පෙළපාලි ගිය සිසුන් දෙදෙනෙකු හදිසි අනතුරකින් මිය ගියහ. එය හදිසි අනතුරක් නොවේ යයිද කියති.   මේ  රජය නිදහස් අධ්‍යාපනය එහෙම පිටින්ම පෞද්ගලික අංශයට දෙන කතාවක් ද  නැත.   එසේනම් මේ හිල්මි සහෝදරයා කියන "ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයේ නිදහසත් නිදහස් අධ්‍යාපනයත් රැකගැනීම වෙනුවෙනි " යන අදහස මතභේදයට තුඩු දෙන එකකි. 

මේ දේශපාලන ක්‍රමයේ දුර්වලකම් බොහෝ තිබේ. දේශපාලකයන් ගේ වරප්‍රසාද හා පඩි නඩි අඩු කර ඒවා අධ්‍යාපනයට යොදවන්නැයි කියා අරගල කළ හැකිය. එසේ නැතිනම් සිසුනට  කල හැකි අනිත් දෙය නම් සමජවාදී සමාජයක් හා රටක් සඳහා සටන් කිරීමය.  නමුත් ශිෂ්‍ය සටන් ව්‍යාපාරයකට පමණක් එවැන්නක් සාක්ෂාත් කල නොහැකි බව අප අත්දැකීමෙන් දන්නෙමු. එවැනි අරගල දෙකකින් එකක් කැරැල්ලට  ජනතා සහයෝගයක් නොතිබූ නිසා   නිසා අවසන් වූ අතර අනෙක  දේශපාලන ත්‍රස්තවාදයකට පෙරලි දරුණු ලෙස මුදා හළ රාජ්‍ය භිෂණයකින් කෙළවර විය.

කෙසේ හෝ වේවා එසේ රජයක් පිහිටෙව්වා යයි සිතමු.  එසේ  පිහිටුවන රජයකට කියුබාවේ මෙන් නිදහස් අධ්‍යාපනය දිය හැකිය. කියුබාවේ නිදහස් සෞඛ්‍ය සේවය ලෝකයේ ප්‍රසංශාවට පාත්‍ර වුනු එකකි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෙදවරු, හෙදියන් වූ කියුබානුවන් ආරෝග්‍යශාලා වල තමන්ගේ සේවා මුරය අවසන් වූ පසු සංචාරකයන්ට මාර්ගෝපදේශකයන් හෝ ටැක්සි රියදුරන් ලෙස වැඩ කරමින් අමතර මුදලක් උපයති. ඒ ලැබෙන පඩිය ප්‍රමාණවත් නොවන නිසාය. කියුබාවේ අනිකුත් ජනතාවට ජිවත් වීමට එතරම් මුදල් නැත. රජයෙන් සලාකයට දෙන  දේ කා ජිවත් වෙති. නිදහස් අධ්‍යාපනය  වෙනුවෙන් ඔවුන් බදු ගෙවන්නේ තමන්ට වඩා  හොඳින් ජිවත් වීමට තිබෙන හැකියාව උකස් කරමිනි. නමුත් කියුබාවේ ඒ තත්වය දැන් වෙනස් වෙමින් යයි. එසේ වෙනස් වන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය විසින් රාජ්‍ය ධනවාදය මූලික කොටගත්  ආර්ථික ක්‍රමය  තව දුරත් පවත්වා ගෙන යා නොහැකි බව වටහාගෙන සිටින නිසාය. 

ස්වීඩනයේ හෝ ජර්මනියේ ජනතාව දිළින්දන් නොකර මෙම නිදහස් අධ්‍යාපන අයිතිය ලබා දී තිබේ. 

 ශිෂ්‍ය අරගලයකින් පමණක් සමාජවාදී ආණ්ඩුවක් පිහිටවිය නොහැකිය. ඒ සඳහා අනිකුත් වැඩකරනජනතාව ගේ උදව් අවශ්‍යය. නමුත් අවම වශයෙන් ගාමන්ට් වල වැඩ කරන සේවකයන්  පවා තම සුළු බදු මුදලින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වියදම් කිරීමට කැමති නැත. රටේ අනිකුත් ජන කොටස් වල මතයද එසේමය.   

ලංකාවේ මිනුසුන් එවැන්නකට කැමති කර ගන්නට ඔබට ඇති හැකියාව ගැන මගේ විශ්වාසයක් දැනට නැත.    

සයිටම් එකේ ඉගෙන ගන්නේ ඇමැති දු පුතුන් නම් ඔවුන් එතනට ගීයේ අදාල අපොස උසස් පෙළ ප්‍රතිඵල නොමැතිව නම් එයට විරෝධය පල කරමු. නමුත් අනිකුත් සිසුන්ට ඇති ඉගෙනීමේ අයිතියට ගරු කරමු.

(නිදහස් අධ්‍යාපනය සඳහා අන්තර්  විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ගෙන යන අරගලය ගැන මගේ මතය ඉදිරියේදී වෙනස් කරන බව  වාමාංශික පක්ෂයකට සහය දෙන මගේ ඉතා සුහද මිත්‍රයෙකුට පැවසුවෙමි. මේ ලිපිය එහි ප්‍රතිඵලයකි.මේ ලිපිය මෙතනින් අවසන් වන්නේ නැත. මේ ලිපි පෙළ මා ලියන්නේ තවත් අත්දැකීම් කිහිපයක් අදාළ කරගෙනය. ඒවා ඉදිරි ලිපිවල පළවනු ඇත)


145 comments:

  1. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ලංකාවෙන් ආ සිසුන් සිටීද? සිටී නම්, ඔවුන් ගේ උසස් පෙළ ලකුණු මට්ටම කෙසේද?

    ReplyDelete
    Replies
    1. සොයා බලා කියන්නද? මා එය හරියට දන්නේ නැත.

      Delete
    2. මගේ දරුවකුට වෛද්‍යවරයෙකු වීමට ඒ 3ක් අවශ්‍යය. ඊට අමතරව medical aptitude test එකක්ද තිබේ. මුදල් ගෙවා යාමටද උසස් ප්‍රතිඵල අවශ්‍යය.

      Delete
  2. බහුතරයක් පහල මැද පන්තික ජනතාවට මුදල් ගෙවා දරුවන්ට ඉගැන්වීමට හැකියාවක් නැත ,,ඔවුන් සිය දරුවන් පාසලට යවන්නේද අතිශය අපහසුතා මද්‍යයේය ..කෙසේ නමුත් ඉහල මැද පන්තියේ ජනතාවට සිය දරුවන් මුදල් ගෙවා කරන ඉගැන්වීමට හැකියාවක් ඇත ,බොහෝ දෙනා නගන තර්කය මුදල් අධ්‍යාපනය ලැබීමට සාදකයක් නොවිය යුතු බවය ,මුදල් මුලික සමාජයක කිසිම දෙයක් පොල් කට්ටෙන් වසා තබා ගැනීමට නොහැකි බව මගේ හැඟීමයි ,සමාජයේ සියලු අංශ වලට මුදලේ බලපෑම ඇති වී තිබෙන විට ,අධ්‍යාපනය පමණක් හුදකාලාව බේරා ගැනීමට නොහැකි බව පැහැදිලිය ,

    ප්‍රශ්නය නම් මෙය නොවේ උසස් පෙළ විභාගයට පෙනී සිටින විට බොහෝ දරුවන් විෂයන් තෝරා ගන්නේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ බලපෑමටය ,ඔවුන් ඉගෙනීමට ඉතා වෙහෙස වී විභාගය සමත් වේ ,සමහරක් දෙනා දොස්තර කෙනෙකු වී ලබනා වරප්‍රසාද ගැන සිතමින් විද්‍යා විෂයන් තෝරා ගනී ,තවත් සමහරෙකු දෙමව්පියන්ගේ බලපෑමටය ,තවත් සමහරෙක් එම රැකියාවට ඇති සැබෑ කැමැත්ත නිසා විය හැක ,කෙසේ නමුත් උසස් පෙළ පමණක් පදනම් කරගෙන දොස්තර කෙනෙකු වීමට යමෙක් සුදුසු නුසුදුසු බව තීරණය කිරීම කෙතරම් සාධාරණ කියා විටෙක සිතේ ,,,යමෙකුට දොස්තර කෙනෙකු වීමට සැබෑ ආසාවක් ඇත්නම් ඔහුව එම රැකියාව සඳහා සුදුසුද යන්න මැනිය යුත්තේ ඒ සඳහා අද්‍යාපනය ලබා දීමෙන් අනතුරුව විය යුතුය ,එක් විභාගයකින් පමණක් ,,යමෙකුගේ සිහින බිඳ දැමිය යුතුද යන්න විමසා බැලිය යුතුය ,

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම පාහේ එකඟ වෙමි.

      Delete
    2. ඔබ සමග බොහෝ විට එකඟ විය හැකියි.//බහුතරයක් පහල මැද පන්තික ජනතාවට මුදල් ගෙවා දරුවන්ට ඉගැන්වීමට හැකියාවක් නැත ,,ඔවුන් සිය දරුවන් පාසලට යවන්නේද අතිශය අපහසුතා මද්‍යයේය// ම ලංකාවේ දුටු දෙයනම් හැම ළමයාම පාහේ ටියුෂන් යන බවයි. මේ ගැන මේ ලිපි පෙළේම ලියමි. දෙමව් පියන්ගේ අදහස් ඉහල මැද පන්තියට යාමටය. ඒ සඳහා දරුවා වෛද්‍යවරයෙකු කිරීම අනිවාර්යය.

      Delete
  3. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වූ පුද්ගලයන් අතර වීරවංශගේ ළමයා , වාසුගේ ළමයි , එස් බී ගේ ළමයි, සෝමවංසගේ ළමයා , ගුණරත්නම් ගේ ළමයි ඉගෙන ගන්නේ කොහේද කියා බලන්න . ඔවුන් ගේ අධ්‍යාපනය සුරක්‍ෂිතය

    ReplyDelete
    Replies
    1. ගුණදාස අමරසේකර මහතාගේ ළමයි, නලින් ද සිල්වා මහතාගේ ළමයි, සෝමවංශ අමරසිංහගේ දොස්තර පුතා .............ගුණරත්නම සහෝදරයාගේ ළමයින් ගැන මා දන්නේ නැත.

      Delete
  4. උඩ පින්තුරේට නම් මමත් පට්ට ලයික්. අනික කැම්පස් උන් ඔය ලොකු ටෝක් දෙන්නේ උන්ට ඔක්කොම නිකන් නිසා. බලන්ට පුලුවන් ඔය කෑගහන එකෙක් දෙන්නෙක් තමන්ගේ සල්ලි වලින් මෙහෙ ඇවිත් ඉගෙන ගනින් කිව්වොත්.. පාර්ට් ටයිම් ජොබ් කරන්නයි කන්ට බොන්ට ගෙදර රෙන්ට් එක ගෙවන්නයි කැම්පස් ෆී එක ගෙවන්නයි වගේ සෙට් උනොත් හිතන්ට පුලුවන්ද අයිය ඕකුන් අපි වගේ මහන්සි වෙලා සල්ලි හම්බු කොරල ඉගෙනගනියි කියල. ඔකුන්ගේ කුහක කම මිසක් ඔය පෙන්නන්නෙ වෙන දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මගේ දෙවෙනි උපාධිය හා තුන්වෙනි උපාධිය කළේ එහෙමය. දෙවෙනි උපාධිය කරන කාලේ හෝටලයක රිසිප්ෂනිස්ට් ලෙස රෑ වැඩක් හොයාගෙන නිදා ගැනීම වෙනුවට පාඩම් කලෙමි.
      නමුත් රටකට හැකිනම් අධ්‍යාපනය නොමිලයේ දිය යුතුය කියන මතයේ මම ඉන්නේ. අවශ්‍ය නම් සුළු මුදලක් අය කර ගත හැකියි. දැනෙන්නේ නැති.

      Delete
  5. ජෙරමි කෝබයින් ලොක්කට බඩු බනිස් වෙන්න නේද යන්නේ?

    ReplyDelete
  6. රජරට වෛද්‍ය විද්‍යාලයේ තත්ත්වය ඔබ දන්නවාද?

    ReplyDelete
  7. රජරට වෛද්‍ය විද්‍යාලයේ තත්ත්වය ඔබ දන්නවාද? එහි මෙතරම්වත් පහසුකම් ඇතැයි නොසිතමි. තිබුණේ නම් නැත.

    ReplyDelete
    Replies
    1. වෙනසක් නැත, එය එක ප්‍රොෙෆසරයකුගේ රාජධානියකි.

      Delete
    2. කරුණාකර මිට වැඩිය යමක් ලියන්න පුලුවන්ද. අප ඒ ගැන දන්නේ නැත.

      Delete
    3. අැකඩමික් ස්ටාෆ් එකේ වැඩි දෙනෙකු ලංකාවේ MPhil එකක් තියන අය, ඒ අතර සුදුසුකම් සහ පළපුරුද්ද තියන අයත් කීපදෙනෙකුත් ඉන්නවා. දැන් ගොඩක් නවීන උපකරණ පහසුකම් තියනවා, ඒ අතින් පෞද්ගලික ආයතනයකට නම් ඒ අහලකටවත් යන්න බැරිවෙයි. මේක මගේ ෆීල්ඩ් එක නොවෙන නිසා සාධාරණ විචේචනයක් කරන්න දැණුමක් නෑ, නමුත් අපි වගේ දුප්පත් රටක් හොඳ ඇකඩමික් ස්ටාෆ් එකක් නැතුව මේතරම් සම්පත් ප්‍රමාණයක් ආයෝජනය කරනවට වඩා දැනට පවතින ෆැකල්ටි දියුණු කරනවානම් ...

      Delete
  8. මගේ දරුවන් ඉගෙන ගන්නේ ලංකාවේ ජාත්‍යන්තර පාසලකයි. එය කේම්බ්‍රජි විභාග සඳහා දරුවන් ඉදිරිපත් කරන අතර ලංකාවේ සඳහාද පන්තියක් හෝ දෙකක් පැවැත්වේ. මෙම පංතිවල සිටින්නේ රජයේ හෝ පුද්ගලික අංභවල රැකියාවැති වෘත්තීයවේදින් ගේ ළමයින් . කේම්බ්‍රජ් විභාගයකින් A3 ගැනීමට වඩ ලංකාවෙන් A3 ගැනීම ඉතාම අමාරුවුවත් විදේශයකට යැවීමට ප්‍රමානවත් ආදායමක් නොමැති නිසත් තම දරුවන්ටද තමන්මෙන් සහජ හැකියාවෙන් ගොඩයාමට හැකියැයි ඔවුන් විශ්වාස කරණ නිසාත් එසේ කරති.

    ReplyDelete
    Replies
    1. මව්පියන් මුදල් ගෙවා අධ්‍යාපනය දීම ලංකාවේ දැන් සුලභ දෙයක් නොවේද?. සයිටම් හා කොතලාවල නවත්නවාම් මේවාද නැවත් විය යුතුය.

      Delete
  9. contd-- මගේ දරුවා ලංකාවේ O/L පන්තියට මාරුවන විට ඇය සමඟ 9 පන්තියේ සිටි අය ,ඇය පළමු වසර A/L කරන අතරදී කේම්බ්‍රජ් A/L වලට පෙනීසිට එම වසරේම විදේශ විශ්ව විද්‍යාලවලට ඇතුලත්වු අතර. මාගේ දරුවා ඊට පසර කට පසු Local A/L 2As ලබාගත් නමුත් ඇය වෛද්‍යවරියක් වීමටම ආශාකරන නිස නැවත වරක් මෙවර ලියයි. 3As නොලැබුනොත් ඉතිරිකලමුදලක් යොදවාහරි ඇය විදේශයකට යැවීමට මාතීරණය කරඇත්තේ ඇයගේ සිහිනය සඵලකිරීමටයි !

    ReplyDelete
    Replies
    1. අප ජීවත් වන්නේ තනි තනිව නොවේ.සමාජයකය.එම නිසා සියලු දෙනා සමාජ ජීවිතය වෙනුවෙන් යම් කැපකිරීමක් කල යුතුය.හෙවත් නීති රීති වලට අනුගත විය යුතුය.සියලු දෙනාටම තමන් කැමති කැමති දේ කල නොහැකිය.දොස්තර කෙනෙකු වීමත් එලෙසය.එය කල යුත්තේ සමාජය පිලිගත් ක්රමයටය.සමාජනීති වෙනස් කල යුත්තේ පොදු සමාජයටම වාසි ලැබෙන අයුරින් මිස සල්ලිකාරයාට වාසි ලැබෙනායුරින් නොවේ. ඔබ ඔබේ දරුවාට කියාදිය යුත්තේ එය නොවේද. නැත්නම් මොන ජිල්මාට් එකක් දමා හෝ දොස්තර කෙනෙක් වෙයන් කියාද

      Delete
    2. මොන ජිල්මාට් දමා හරි දොස්තර කෙනෙක් වෙන උදවිය මා සෝවියට් රුසියාවේදී දැක තිබේ. අවසනාවකට දැන් ලංකාවේ නිදහස් අධ්‍යාපනයට මොර දෙන ඇතැම් අය තමන්ගේ පියාගේ/මවගේ පිහිටෙන් රුසියාවට ඉගෙනීමට පැමිණි වාමාංශික අය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයයි. ඒ නිසා මෙහි කිසියම් හයිපොක්‍රසි එකක් තිබේ. ඔවුන් එසේ පැමිණීම නරක යයි මා නම් කියා නැත. මා කියන්නේ ඔබට ලැබුණු අවස්ථාව තව අයෙකුට දෙන්න කියාය.
      සමාජවාදී සමාජයක ලකුණු ලැබූ පිළිවෙල අනුව වෘත්තීය පුහුනුකම සඳහා විශ්ව විද්‍යයලයකට යාමට හැකිය. එවැනි ක්‍රමයක් නැත්නම් කෙනෙකුට දොස්තර හෝ ඉංජිනේරු කෙනෙකු වීමට එපා යයි කීමට ඔබට ඇති අයිතිය කුමක්ද? ඔබේ දරුවාට ඔබ එය කියනවද? ඇනෝ නොපැමිණ ඔබේ විස්තර කියා පෙන්වන්න ඔබ එසේ නොකරන බව.

      Delete
    3. මා ඇනෝ පැමිනෙන්නේ එය අන්තර්ජාලය තුල පිලිගත් ක්රමවේදයක් බැවිනි.
      මා කිව්වේ අපට වුවමනා වූ පලියට දොස්තර කෙනෙකු විය නොහැකි බවයි.ඔබද එය කියා තිබේ.ඒ තුනක් නැතිව එන්ගලන්තයේ දොස්තර කෙනෙකු විය නොහැකිය කියා.එතකොට ඒ තුනක් නැති එන්ගලන්තයේ අයෙකුට දොස්තර කෙනෙක් වෙන්නට වුවමනානම් ඔහු කල යුත්තේ කුමක්ද. ලන්කාවේද තිබුනේ එවැනි ක්රමයකි.ඔබ කියන්නේ ඊට අමතරව සල්ලිකාරයාටත් තැනක් දෙන්න කියායි.
      මා උත්තර දුන්නේ ඇනෝ පැමින දුව ගැන කිව්ව පුද්ගලයාටය.ඔබ ඔහුට විරුද්ද නොවී මා පමනක් ප්රශ්න කරන්නේ ඇයි.

      Delete
    4. මා එසේ කිවේ ඔබ ඔහුගේ දරුවාට එසේ කියන්න යැයි උපදෙස් දෙන බැවිනි. මා බොහෝ විට දැක ඇති දෙයක් නම් ලංකාවේ අනුන්ට උපදෙස් දෙන අය තමන් විසින් එය නොපිළිපදින බවයි. බොහෝ වාමාංශික සහෝදර වරුන්ගේ තත්වය එයයි. (හැමෝම නොවේ) එංගලන්තයේ A 3ක් නොමැතිව මුදල් ගෙවා හෝ ඇතුළුවීමට නොහැකිය. ලංකාවේ එසේ නොවේ. මම උසස පෙළ කල අවධියේ ගම්පහින් උසස් පෙළ කල ළමයි මගේ ලකුණු වලට වද අඩුවෙන් තිබියදී මොරටු ගියහ. ලංකාවේ ඇත්තේ අසාධාරණ දිස්ත්‍රික් බේසිස් ක්‍රමයකි. අපට ශිෂ්‍යත්වයට එන්නට කියා කොලමබ යවා ඉන්පසු අපට පිටි පස්සේ සිටි ලුණුගල සිසුන්ට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට දුන් විට එහි ඇති සාධාරණත්වය කුමක්ද? මට ලුනුගල සිසුන් ගැන ප්‍රශ්නයක් නැත. නමුත් අඩු ලකුණු ලැබුවන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට යා නම් එහි වැරැද්ද කාගේද? ලංකාවේ ඔය කරන ආසධාරණය එංගලන්තයේ කරන්නේ නැත. හැමෝටම මනින්නේ එක මිම්මෙනි.
      සල්ලි කාරයන්ට ඔබේ තියෙන වෛරය කුමක්ද? සල්ලිකාරයාගේ ළමයාට ලකුණු තිබේ නම් සල්ලිකාරයෙකු නිසා ඒ ළමයාගේ ඉගෙනීම අහිමි කල යුතුද? සල්ලිකාරයා මුදල් ඉපැයුවේ අනුන සූරා කාල කියා ඔබ දන්නවාද ?

      Delete
    5. මා එම පුද්ගලයාට උපදෙස් දී නැත.හරි කුමක්ද කියා ප්රශ්නකලා පමනි.(කියවා බලන්න)දිස්ත්රික් ක්රමය සියයට සියයක් හරි නැත.නමුත් එය හදුන්වා දුන්නේ තිබුන නරක ක්රමයට යම් ආදේශකයක් ලෙසයි.හැරත් එය හදුන්වා දුන් කාලයේ ටියුශන් තිබුනේ නැත.දිස්ත්රික් ක්රමය නරක නම් කල යුත්තේ එය වෙනස් කිරීමයි.නමුත් එය කල යුත්තේ පිලිගත හැකි දියුනු නිර්දේශ අනුව මිස ඔබ වැන්නන් කියන විකාර අනුව නොවේ.
      //සල්ලි කාරයන්ට ඔබේ තියෙන වෛරය කුමක්ද?//
      මා කියා ඇත්තේ සල්ලි වලින් හැම දේම ගැනීම ක ල නොහැකි බවයි.වයිරය ඇත්තේ ඔබටයි.ඔබ වාමාශික අදහස් දරන්නන්ට විරුද්ද මත දක්වා අත්තේ එබැවිනි.එය ඔබ වැනි ලන්කාවේ පහල මද්යම පන්තික මුල් ඇති අයගේ පුරුද්දකි.
      //සල්ලිකාරයාගේ ළමයාට ලකුණු තිබේ නම් සල්ලිකාරයෙකු නිසා ඒ ළමයාගේ ඉගෙනීම අහිමි කල යුතුද?//
      මා එලෙස කියා තිබෙන්නේ කොතැනද පෙන්නන්න.මාකියා ඇත්තේ ලකුනු නැති සල්ලිකාරයා සල්ලි වලට වැඩේ කරගන්න යාම ගැනයි
      // සල්ලිකාරයා මුදල් ඉපැයුවේ අනුන සූරා කාල කියා ඔබ දන්නවාද ?//
      ඔබේ බ්ලොග් එකේ ඔබ ලියූ මුල් ලිපි කියවා බලන්න.
      ලුනුගල සෙන්ට්රල් හා රාජකීය විද්යාලය අතර ඇත්තේ කොපමන වෙනසක්ද කියා සිතා බලන්න.

      Delete
    6. //ඔබ ඔබේ දරුවාට කියාදිය යුත්තේ එය නොවේද// ඔබ මෙය උපදෙසක් හැටියට ගණන් ගන්නේ නැත්ද?
      දිස්ත්‍රික් ක්‍රමය සියයට සියයක් වැරදිය. කල යුතුව තිබුනේ ග්‍රාමීය ප්‍රදේශ වල අධ්‍යාපනයට වියදම් කිරීම හා ඒවා ඉහල නැංවීමයි. රාජකීය විදුහලට හා ආනන්දයට පමණක් ප්‍රතිපාදන ලබා දීම නොවේ.
      ම වැන්නන් කියන විකාරය මොකක්ද? මා කියන්නේ ලකුණු නැති සල්ලිකාරයා හෝ දුප්පතා නොව ලකුණු තිබෙන ඕනෑම ළමයෙක් විශ්ව විද්‍යාලයට යෑමට ලකුණු අනුව ඉඩ දිය යුතු බවයි. ලකුණු ඇති විශ්ව විද්‍යාල යාමට සුදුසු ළමයෙකුට මුදල් ගෙවා හෝ ඉගෙනීමට ඉඩ දිය යුතු බවයි.

      Delete
    7. /සමාජනීති වෙනස් කල යුත්තේ පොදු සමාජයටම වාසි ලැබෙන අයුරින් මිස සල්ලිකාරයාට වාසි ලැබෙනායුරින් නොවේ// මෙහි සමාජ නීතියක් වෙනස් කරන්නට කියන්නේ මමද ඔබද? සමාජවාදී ක්‍රමයට මුළු රටකමටම නිදහස් අධ්‍යාපනය දීම එක දෙයකි. එවැන්නක් නැති තැන එය ක්‍රියාත්මක කරන්නට යාම බොළඳ කමකි.
      //ඔබේ බ්ලොග් එකේ ඔබ ලියූ මුල් ලිපි කියවා බලන්න.
      ලුනුගල සෙන්ට්රල් හා රාජකීය විද්යාලය අතර ඇත්තේ කොපමන වෙනසක්ද කියා සිතා බලන්න.// මා මේ වෙනස හොඳින් දනිමි. අර ව්‍යාපෘතියකින් ජලය ලබා දීමට තැත් කලේද එවැනි විදුහලකටය. ඒවාට විරුද්ධ වන වාමාංශික අය කියූ කතාවක් මට මතකය. එසේ වෙන වෙනම විදුහල් වලට උදව් කර පලක් නැත. සම්පුර්ණ සමාජවාදී සමාජයක් බිහි කිරිඑම්න් ප්‍රශ්නය විසඳේ. න්‍යායිකව එය නිවැරදිව.
      නමුත් පවතින යථාර්තයට අනුව කතා කල හොත් - එහි සිටින හොඳම ළමයින්ට පහේ ශිෂ්‍යත්වයෙන් නගරයේ හොඳ යයි සම්මත විද්‍යාල ලබා දෙන්නේ රාජ්‍යය මය. ඉන්පසු ඔවුන් අපොස සමත් වුන පසු, දිස්ත්‍රික් ක්‍රමයට අර ශිෂ්‍යත්වය සමත් නොවූ ළමයින් ව අඩු ලකුණු වලට විශ්ව විද්‍යාල වලට යවා , වැඩි ලකුණු ළමයින් යාපනයේ හා කොලමබ අතරමන් කරන්නේද රාජ්‍යමය. යාපනේ ළමයින් ජාතිවාදයට හැරීමට එක හේතුවක් වුනේද එයමය. වන්නියේ ලමයිගෙන් විශ්ව විද්‍යාලවලට තේරුනේ එක්කෙනෙක් දෙන්නෙක් වන අතර බොහොමයක් යාපනේ දරුවන්ට විශ්ව විද්‍යාලය අහිමි විය. ලකුණු අඩු යය වෛද්‍ය විද්‍යාලයට දිස්ත්‍රික් ක්‍රමයෙන් යාම සාධාරණය කරන ඔබ ලකුණු අඩු සයිටම් සිසුන්ට විරුද්ධ වෙයි. මෙහි සාධාරණත්වයක් තිබේද?
      ලුණුගල සෙන්ට්‍රල් එකට හෝ එවැනි ඕනෑම විදුහලකට පහසුකම් සැපයීම මිස වෙන කෙහෙල්මල් කරන රජයන් තිබෙන්නේ ලංකාවේ පමණි.

      Delete
    8. ප්‍රශ්නයක් ඇසීම උපදෙස් දීමක් හැටියට පිලිගන්නේ නැත .
      දිස්ත්‍රික් ක්‍රමය සියයට සියයක් වැරදි බවට පිලිගත හැකි දත්ත ඉදිරිපත් කරන්න .නැත්නම් කටට ආවට කියූ බව පිලිගන්න.මූලික ප්‍රශ්නයට උත්තර දෙන්න.එන්ගලන්තයේ හැමෝටම දොස්තර කෙනෙකු විය නොහැකිනම් ලන්කාවේ එසේ කල යුතු බවට පදනම කියන්න ඔබට ලන්කාවේ විශ්ව විද්යාලයක යාමට නොහැකිවීම ගැන අප පලි නැත.

      Delete
    9. ඔබ එසේ කියන්නේ නම් මා එය පිළිගන්නම්. නමුත් මට පෙනෙන්නේ ඊට කලින් ලියු වාක්‍යයට එම ප්‍රශ්නය සම්බන්ධ කර ඇති බවය. ඔබ ලියා තිබෙන්නේ ඉහත ඇනෝ ගේ දියණියට දෙවනවර විභගය කර හෝ වෛද්‍යවරියක වීමට අයිතියක් නො තිබේ කියාය. මා විරුද්ධ වන්නේ එයට. මට හිතෙන්නේ ඔබ මෙහි වාද කරන්නේ පොට වරද්දා ගෙන බවයි.

      //.මාකියා ඇත්තේ ලකුනු නැති සල්ලිකාරයා සල්ලි වලට වැඩේ කරගන්න යාම ගැනයි// මගේ දෙවන ලිපිය මේ ගැන ලියන නිසා මෙතැන මා සිටින්නේ ඔබේ පැත්තේ බව ඔබට පෙනෙනු ඇත. ඒ ලිපිය කොම්න්ටුවක් වශයෙන් ලිවීමට නොහැකිය.
      //එන්ගලන්තයේ හැමෝටම දොස්තර කෙනෙකු විය නොහැකි// මේ ප්‍රශ්නය ඇසුවේ රසිකය. ඔහුට එංගලන්තයේ ලකුණු ක්‍රමය ගැන ඉහත කියා තිබේ. එම ලකුණු ඇති ඕනෑම කෙනෙකුට වෛද්‍යවරයෙකු විය හැකිය.
      දිස්ත්‍රික් ක්‍රමය වැරදි ඒ නිසාය.
      මා සිටි කාලයේ ලකුණු 262 ක කට් ඕෆ්ෆ් මාර්ක් එක දමා කොළඹ හෝ යාපනයේ ලකුණු 260 ගත් දරුවකුට කොළඹ වෛද්‍ය පීඨය අහිමී කොට ලකුණු 195 ගත් ඈත පළාතක සිසුවකුට ඔහු ගිය පාසැල හොඳ නැති කියා වෙද විදුහලට ඇතුලත් කර ගති. එසේ කිරීමෙන් ඔබ කියන ප්‍රමිතිය බිඳ ඇත්තේ ලංකාවමය. එංගලන්තයේ එවැනි නීති නැත. අනික සමහර එවැනි ළමුන් (විශේෂයෙන් ගුරුවරුන්ගේ ළමුන්) කොළඹ ඉගෙනේ ගෙන ගමේ පාසලට ගොස් උසස් පෙළ කර විශ්ව විද්‍යාලවලට අඩු ලකුණු වලින් පැමිණියහ.
      මා ඉතා පැහැදිලිව කියන්නේ සෝවියට් දේශයට තමන්ගේ දෙමාපියන් ගේ බල පුළුවන්කාර කමෙන් පැමිණි ළමයි හෝ දිස්ත්‍රික් ක්‍රමයට ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය ළමයි / මගේම මිතුරන් සමග මට ප්‍රශ්නයක් හෝ ඉරිසියාවක් නැති බවය. එසේ අඩු ලකුණු වලට ගිය එහෙත් අද මහාචාර්යවරු ලෙස සේවය කරන බොහෝ උගතුන් ගැන මම දනිමි.
      ප්‍රශ්නය එය නොවේ. ඔබේ තර්කය පරාද බව ඔබට නොවැටහිමය. ලකුණු අඩුවෙන් ලංකාවේ විශ්ව විද්‍යාලවලට වෛද්‍ය උපාධිය කිරීමට ළමුන් ගන්නවා නම් ලකුණු අඩුවෙන් සයිටම ය හෝ වෙන ඕනෑම එකකට ලමුන් ගැණීම වරදක් වන්නේ කෙසේද? යන්නය. ඒ නිසා එංගලන්ත කතාව අදාලම නැත.

      Delete
    10. //ඔබට ලන්කාවේ විශ්ව විද්යාලයක යාමට නොහැකිවීම ගැන අප පලි නැත// තර්කය පැරදුන විට පෞද්ගලික ප්‍රහාර කිරීම සුලබ දෙයකි. නමුත් මෙහිදීද ඔබ පරාදය. මම ලංකාවේ විශ්ව විද්‍යාලයකට හෙවත් කොළඹ විශ්ව විද්‍යාලයට යාමට වරම් ලැබූ අයෙකි. මගේ නම මෙහි ඇති බැවින් මේ ගැන බොරු නොකියන බව ඔබට පෙනුණු ඇත. ඇඩ්මිෂන් ලිපිය ලංකාවේ තිබේ දැයි නොදනිමි. සොයා බැලිය හැකිය. විද්‍යාලයෙන් සමහර විට රැගෙන දිය හැකිය. ලංකාවේ නොගියා කියා මට පාඩුවක් සිදු වීද නැත.
      මේ ප්‍රශ්නය තනිකරම ඇද ගන්නේ වෛද්‍ය සිසුන් බැවින් ඔවුන්ගේ දෙපිට කාට්ටු ස්වභාවය හෙලිකිරීම මගේ අරමුනයි. SLIT වැනි ආයතන නිසා නිදහස් අධ්‍යාපනයට වරදක් වී නැත්නම් පෞද්ගලික වෙද විදුහලක් නිසා එසේ වන්නට ක්‍රමයක් නැත. මා කියන්නේ ප්‍රමිතියකට එය කර, ලකුණු මට්ටමටම සිසුන් ගන්න කියාය. එම ලකුණු මට්ටම ලංකාවේ විශ්ව විද්‍යාල වල අවම ලකුණු මට්ටමට සමපාත විය යුතුය.

      Delete
    11. පුද්ගලික විශ්විද්‍යාල වලට එරෙහිව සියල්ල පටලවීමට කරන සමහර කණ්ඩායම් වල උත්සහයක් ඇති බව පෙනේ.

      අද්යාපන අමාත්යංශය යටතේ ඇති විභ දෙපර්තමනේතුව මගින් උසස් පෙළ විභාගය පවත්වා ප්‍රතිඵල නිකුත් කරයි. එම ප්‍රතිඵලයේ එක් එක් විෂයට ලැබූ සමර්ථය, සමස්ත z අගය, සහ විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවකට ඇතුලත් වීමට සුදුසුද නැද්ද යන වග සඳහන් වේ. සිවුවැනි වරට හෝ ඊට වැඩි වාර සංක්‍යාවක් උසස් පෙළ ලියු අයට විශ්විද්යාලයට ඇතුලත් වීමට සුදුසු කම් නොලැබේ. නමුත්, ඔවුනටද අධ්‍යාපන විද්‍යා පීඨ හරහා ගුරු වෘත්තියට පැමිණිය හැකිය. වීශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවකට ඇතුලත් වීමට සුදුසුද නැද්ද යන වග යන කොටස යටතේ "ඔවු" යනුවෙන් සදහන්වී ඇති සියලු දෙනාට උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අයිතිය හා යෝග්‍යතාව හිමිවේ. නමුත්, ශ්‍රී ලංකාව දියුණුවෙමින් පවතින රටක් බැවින්, උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අයිතිය හා යෝග්‍යතාව ඇති සියලු දෙනා ඇතුලත් කරගැනීමට රාජ්‍ය විශ්විද්‍යාල වල ඉඩ පහසුකම් නොමැත. එම නිසා උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අයිතිය හා යෝග්‍යතාව ඇති බොහෝ දෙනෙකුගේ අයිතිය උල්ලංඝනය කර ඉහලම ලකුණු ලැබූ සීමිත කොටසකගේ අයිතිය පමණක් සුරැකේ.

      මෙතන තිබෙන ක්‍රියාවලිය වන්නේ විශ්විද්‍යාලයක උපාධි පාඨමාලාවකට ඇතුලත්වීමයි. කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය හා කළා යන රාජ්‍ය විශ්විද්‍යාල වෙනුවෙන් සිසුන් තෝරාගැනීම කරන්නේ විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගිනි. කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය හා කළා යන රාජ්‍ය විශ්විද්‍යාල වල බොහෝ උපාධි පාඨමාලා වෙනුවෙන් පමණක් එම තෝරාගැනීම කරන්නේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම් වෙමිනි. ඒ හැරුණු විට, උසස්පෙළ විභාගයේදී ඉහලම ලකුණු නොලැබූ අබාධිත අය, හමුදා සේවයේ අය, ගුරුවරුන් වැනි අයට විශේෂ 1-2% පමණ විශේෂ වරප්‍රසාදයක් යටතේ ඉහත රාජ්‍ය විශ්විද්යලවල උපාධි පාඨමාලාවකට ඇතුලත් විය හැකිය. කෙසේනමුත්, මොරටුව විශ්විද්‍යාලයේ නිරමාණ පරිසරය, කැලණිය විශ්විද්‍යාලයේ කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය වැනි සමහර පාඨමාලා උසස්පෙළ විභාග ප්‍රතිඵලය මත පමණක් පදනම් වී සිසුන් තෝරාගන්නේ නැත. ඒවායේදී වීශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් තෝරා එවන අයට නැවත ප්‍රවේශ විභාගයක් පවත්වා ඉන් කොටසක් පමණක් තෝරා ගනී.

      කොතලාවල ආරක්ෂක, විවෘත්ත, සාගර, සහ වෘත්තීය තාක්ෂණ යන රාජ්‍ය විශ්විද්‍යාල වෙනුවෙන් පවා තෝරාගන්න ක්‍රමවේදය; කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සහ සෞන්දර්යය හා කළා විශ්විද්‍යාල වෙනුවෙන් සිසුන් තෝරා ගන්නා උස්පෙළ විභාග පරතිඵලය නොවේ. ඒ සඳහා වෙනත් සුදුසු තෝරාගැනීමේ ක්‍රම භාවිත කෙරේ. පුද්ගලික විශ්විද්‍යාල වලට තෝරාගැනීමේ දී කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය හා කළා යන රාජ්‍ය විශ්විද්‍යාල වලට බඳවාගන්න ක්‍රමයම සිදුවිය යුතුය යන්න පැටලිලි ඇතිකිරීමේ වුවමනාවෙන් කරන අසත්‍ය ප්‍රකාශකි.

      පුද්ගලික විශ්විද්‍යාල වලට බඳවාගැනීමේ ක්‍රමය කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය හා කළා යන රාජ්‍ය විශ්විද්‍යාල වල ක්‍රමයම විය යුතු නොවේ. ඊට වෙනත් සුදුසු ක්‍රමයක් භාවිත කල හැකිය. සුදුසු ක්‍රමය ස්ථිර අධ්‍යාපන ප්‍රතිපත්තියක් මගින් තීරණය කල යුතුය. එය විනිවිද පෙනෙනා නැවත තෝරාගැනීමේ විභාගයක් විය හැකිය.

      පුද්ගලික විශ්විද්යලව වල බඳවා ගැනීමේ සිට, ඇගයීම, උපාධි ප්‍රධානය දක්වා නියාමනය කල යුතු වන්නේ අධ්‍යපන අමාත්යංශය හා සුදුසු වෘතීයමය නියාමකයින්ය. පුද්ගලික විශ්විද්‍යාල ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය මගින් නියාමනය කල නොහැකිය.පසුගිය රජය කල ලොකුම වරදක් වන්නේ එයයි. එය වහා නිවැරදි කල යුතු බව සිතමි.

      Delete
    12. ශ්‍රීලංකා ඉංජිනේරු ආයතනය මගින් ගුණාත්මක භාවය නියාමනය කරමින් ඉංජිනේරු උපාධිය හා සමානව පිළිගන්නා සුදුසුකමක් ඉංජිනේරු සංගමයේ නිල ලියාපදිංචියද සමග ලබා දේ. මෙමෙ පාඨමාලාවේ ප්‍රයෝගික පරීක්ෂණද පවත්වන්නේ මොරටුව විශ්වවිද්‍යාලය මගින්ය. මෙහි ගුණාත්මක භාවය ඉතා ඉහල වේ. රසායන විද්‍යා ආයතනය මගින් ද රාජකීය රසායන විද්‍යා සංගමයේ අනුමැතියද ඇතිව එවැනි උපාධි සම සුදුසුකමක් ලබාදේ. මෙහිද ගුණාත්මක භාවය ඉතා ඉහල වේ. නමුත් වෛද්‍ය සංගමය එලෙස ගුණාත්මක භාවය නියාමනය කරන්නැයි කියන විට, නිදහස් අධ්‍යාපනය ගැන කතාවට මාරු වේ. මුදලට අධ්‍යාපනය ලබන අවස්ථා ගැන කියන ගැන කියන විට ගුණාත්මකභාවය ගැන කතාවට මාරු වේ. ඒ ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍ය වෘත්තියක් බිහිවීම වලකා, පහසුවෙන් මුදල් උපය ගත හැකි පූර්ණකාලීන හා අර්ධකාලීන රැකියා අවස්ථා ගණන රැක ගැනීමටත්, වර්ජන තර්ජන මගින් නීතියටද ඉහලින් සිටිමින් නීති කඩ කරමින් සහ වෘත්තීය සදාචාරයන් උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව වැජබීමටයි.

      Delete
    13. ඇනෝගේ දරුවාට විශ්ව විද්යාලයට යානොහැක කියා මා කියාඇත්තේ කොතැනද .මා කියා ඇත්තේ යා යුත්තේ අදාල ක්රමයට කියායි.
      එන්ගලන්තයේ ඒ 3ක් නොමතිව මෙඩිසින් ගිය අය සිටී.ඔබ කියන්නේ බොරුය.
      ඔබේ තර්කය තවදුරටත් දික් ගස්වා බලමු.ලකුනු 262 කට් මාක් එකට අනුව කොලඔ 260 ගත් කෙනා මෙඩිසින් නොගනී.නමුත් මොනරාගල කට්මාක් එක 195 නිසා ඔහුට යාමට පුලුවන.මොනරාගල 194 ගත් කෙනාට සල්ලි තිබෙන බවත් කොලඔ 260 ගත් කෙනාට සල්ලි නොමති බවත් සිතන්න.194 ගත් කෙනාට සයිටම් යාමට පුලුවන.260 ගත් කෙනාට නුපුලුවන.
      260ට වඩා අඩු ලකුනු ගත් කොලඔ කිසිවෙකු මෙඩිසින් ගොස් නොමැති නිසා පිලිගත් ක්රමයානුව ඔහුට අසාදාරනයක් වී නොමැත.[ නමුත් මෙතැනදී සියයට 50 කට ආසන්න ගනනක් මෙරිට් එකට ගන්නා බව අමතක කරන්නා රියල් තක්කඩියෙකි] ලකුනු 195 ගත් කෙනා සයිටම් ගොස් දොස්තර කෙනෙක් වුවොත් ලකුනු 260 ගත් කෙනාට ඔබට දිය හැකි පිලිතුර ලියන්න
      එන්ගලන්තයේ මීට ටික කලකට පෙර චැනල් 4 වල වැඩසටහනක් විකාශය වුනි.දිනය මතක නැත.එයින් කියවුනේ පාසැලක ඩිනර් ලේඩි කෙනෙකුගේ දරුවකු කැම්පස් ගියා කියාය.ඔවුන්ට අවශ්ය වුනේ දුප්පත් දරුවනුත් කැම්පස් යනවා කියා පෙන්නීමටය.එන්ගලන්තයේ දුප්පතෙකුට කැම්පස් යාම පහසු නැත.ලන්කාවේ දුප්පතෙකුට ඊටවඩා පහසුවෙන් කැම්පස් යාමට පුලුවන.

      Delete
    14. මෙතැන කරුනට අදාල වන්නේ පාග්ධනයේ තර්කනයයි.හෙවත් ප්රාග්දනයේ තර්කනයට ඉඩ දෙනවාද නැද්ද යන්නයි. කිසිදු සමාජයක් සියයට සියයක් ප්රාග්දනයේ තර්කනයට ඉඩ දෙන්නේ නැත.සියයට සියයක් ප්රාග්දනය යනු නීතිය යනු මුදල වීමයි.බදු, සිසු නය, බෙනිෆිට් ආදියෙන් කරන්නේ ප්රාග්දනයේ තර්කනය පාලනය කිරීමයි.
      ප්රාග්දනයේ තර්කනයට ඉඩදීම ශික්ශනය මනින මිම්මක්ද වෙයි.බොහෝ උගතුන් බුද්දිමතුන් සමාජවාදීන් නොවුනත් සමාජවාදීන්ට ගරහන්නේ නැත්තේ එබැවිනි. ලන්කාවේද අතීතයේ බොහෝ බුද්ධිමතුන් වාමන්ශික හෝ ප්රගතිශීලී අදහස් ඇත්තෝ වූයේ එබැවිනි.ජේ ආර් තුල පවා වාමාන්ශිකයන්ට ගරු කරන ගතියක් තිබුනි.
      ප්රයිවෙට් මෙඩිකල් ෆැකල්ටිය කෙනෙකුගේ ශික්ශනය මනින ලිට්මස් පරීක්ශාවක් වන්නේ එබැවිනි

      Delete
    15. //පුද්ගලික විශ්විද්‍යාල වලට එරෙහිව සියල්ල පටලවීමට කරන සමහර කණ්ඩායම් වල උත්සහයක් ඇති බව පෙනේ.// මා මතු කරන්නට උත්සහ කරන්නේද එම තරකයයි. කෙන්කියුෂ ගේ මතයට එකඟ විය හැකිය. ඔබ බ්ලොග් ලිපියක් ලෙස මෙය ලියනවා නම් හොඳ බව සිතමි. නැත්නම් මට එය වෙනම පල කල හැකිය. නමුත් අදහසට අයිතිකරුවකු නැත.

      Delete
    16. ඔබ ඉහත ඇති ලින්ක් එක බැලුවොත් A3 අවම සුදුසු කම හැටියට එම විශ්ව විද්‍යාල සලකයි. එනිසා A3 නැතුව යාමට නොහැක. එංගලන්තයේ මේවා නිර්ණය කරන්නේ එම විශ්ව විද්‍යාල විසිනි. කිසියම් විශ්ව විද්‍යාලයකට A3 පිරුණු අය නොසිටියොත් පමණක් එවැනි අවස්ථවක ඔවුන් තමන්ගේ නිර්ණායකය පහල දැමීමට ඉඩ තිබේ. එය තීරණය කරන්නේ එවිටය.

      Delete
    17. 260 ගත් කෙනාට සල්ලි නොතිබුන හොත් වෙන අසාධාරණය මැකීමට තමා මම යෝජනා කරන්නේ රජයෙන් බැංකු ණය දිය යුතුයි කියා. එම බැංකු නය කෙලින්ම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ටම ගෙවීමට ඉඩ සැලසීමෙන් විශ්ව විද්‍යාලයටද අනිත් නොගෙවන සිසුන් ගේ සුව පහසුව සඳහාද යෙදවිය හැකියි. එසේ වූවා නම් මගේ බොහෝ යහළුවන් මුදල් ගෙවා ඇමරිකාවට හෝ නොගෙවා නැගෙනහිර යුරෝපයට හෝ නොගොස් ලංකාවේම ඉගෙනිමටද ඉඩ තිබිණි.
      ඔබේ දෙවැනි ප්‍රශ්නය් මගේ ඊළඟ ලිපියෙන් සාකච්චා කරන බැවින් කිසිවක් නොලියමි. (260 හෝ ඊට අඩුවෙන් ගත් කෙනාට අසාධාරණයක් වන්නේ 195 ගත කෙනා පිඑම්සි ගිය බැවිනි.- පිඑම්සි එකට විරුද්ධව අප අසූ ගණන්වල උද්ඝෝෂණ කලේ හරියටම ඔය ප්‍රශ්නය නිසාය )

      Delete
    18. ප්‍රයිවෙට් මෙඩිකල් ෆකල්ටියකට ඉඩ දීම ප්රාග්දනයේ තර්කනයට ඉඩදීම ශික්ශනය මනින මිම්මක්ද වෙයි- මාරයි .
      එතකොට නිදහස් අධ්‍යාපනය ලත් වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් වල වැඩ කිරීම මොකක්ද? පෞද්ගලික උපකාරක පන්ති මොනවාද? තහනම් කරනවා නම් සියල්ල තහනම් කර නිදහස් අධ්‍යාපනය පමණක් ඉතිරි කරන්න. මිනිසුන්ට බදු ගෙවන්න කියන්න. (නැත්නම් සමාජවාදය කරා යන්න. එවිට ඔබ කියන අන්දමට ප්‍රාග්ධනය අහෝසි කළ හැකිය) )

      Delete
    19. //මම යෝජනා කරන්නේ රජයෙන් බැංකු ණය දිය යුතුයි කියා//
      ලක්ශ 120 බැන්කු නයක් දුප්පත් සිසුවෙකුට දෙන්නේ කොහොමද.ඔහු කොපමන කාලයක් එම නය ගෙවන්නද .මාසික වාරිකයක් කොපමනද.එන්ගලන්තයේ ඇත්තේත් මේ ප්රශ්නයම නොවේද.අඩු ආදායම් සහිත එන්ගලන්ත සිසුන් යුනිවසිටි යාමට මැලිවන්නේ මේ නිසා නොවේද.විශ්ව විද්යාලවල මුදල් අය කිරීමට ගත් තීරනය පසුගාමී එකක් බව එන්ගලන්ත බුද්ධිමතුන් පිලිගන්නේ මේ නිසා නොවේද. කෝබින් මේ බව ප්රසිද්දියේ කියනවා නොවේද .කෝබින්ට ගේම දෙන්නේ මෙවැනි කරුනු නිසා නොවේද.කෝබින්ට චන්දය දුන්නා කියන ඔබ මෙවැනි කතා කියන්නේ කොහොමද.
      //පිඑම්සි එකට විරුද්ධව අප අසූ ගණන්වල උද්ඝෝෂණ කලේ//
      රාගම පී එම් සී එකට විරුද්දව කටයුතු කලේ අන්තරයයි. රාගම පී එම් සී සිසුන් කොලඔ වයිද්ය ඵීටයේ ෆයිනල් ලියා එම් බී බී එස්[colombo] සහතිකය ගැනීමට ගිය අසාදාරනයට විරුද්දවවයි එය කලේ. ඔබ වැන්නෙක් එහි සිටිබවක් අප නම් අසා නැත.අඩුම තරමේ කොලඔඵීටයේ සිසුන්වත් අතේ කලුපටි ගැට ගසාගෙන සිටීම පමනි මුලින් කලේ.
      එන්ගලතයේ ප්රයිවෙට්ලි ඉගෙනගන්නා පාසැල් සිසුන් ඇත්තේ සියයට හතක් පමනි.හෙවත් වසරකට පවුම් 15000 පමන ගෙවිය හැකි අය.නමුත් සමහර විශ්ව විශ්ව විද්යාලවල පවුද්ගලික පාසැල්වලින් පැමිනි ප්රතිශතය සියයට පනහකටත් වැඩිය.

      Delete
    20. //ලක්ශ 120 බැන්කු නයක් දුප්පත් සිසුවෙකුට දෙන්නේ කොහොමද.ඔහු කොපමන කාලයක් එම නය ගෙවන්නද .මාසික වාරිකයක් කොපමනද.එන්ගලන්තයේ ඇත්තේත් මේ ප්රශ්නයම නොවේද.අඩු ආදායම් සහිත එන්ගලන්ත සිසුන් යුනිවසිටි යාමට මැලිවන්නේ මේ නිසා නොවේද.විශ්ව විද්යාලවල මුදල් අය කිරීමට ගත් තීරනය පසුගාමී එකක් බව එන්ගලන්ත බුද්ධිමතුන් පිලිගන්නේ මේ නිසා නොවේද. කෝබින් මේ බව ප්රසිද්දියේ කියනවා නොවේද .කෝබින්ට ගේම දෙන්නේ මෙවැනි කරුනු නිසා නොවේද.කෝබින්ට චන්දය දුන්නා කියන ඔබ මෙවැනි කතා කියන්නේ කොහොමද.// මගේ මුළු ලිපියම කියවන්න. කෝබින්ට චන්දය දෙන්නට ඔහු එලෙක්ෂන් එකකට තවම පැමිණ නැත. සහය දීම චන්දය දීම නොවේ. මගේ ලිපියේ ඇත්තේ කුමක්ද? මිනිසුන් නිවැරදිව බදු ගෙවන රටක් වන එංගලන්තයේ එසේ කල හැකිය. එනිසා ඔවුන් නිදහස් අධ්‍යාපනය දිය යුතුය. නැතිනම් පවුම් 9000 නොව මුලින් තිබුණු ගන්නට වත් ගෙන යා යුතුය. (පවුම් 1200 පමණ)
      ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුවකුට රජය ලක්ෂ 120 වියදම් කරනවද? එසේ නැත. වෛද්‍යවරයකුට සිසු ණයක් ගෙවිය හැකිය. ගෙවන්නට් නොහැකියි සිතනවා නම් එසේ නොකා සිටිය හැකිය. එය ඔබේ තර්කය නොවැ . හැමෝම නොකළ යුතු යයි කියන එක.
      // ඔබ වැන්නෙක් එහි සිටිබවක් අප නම් අසා නැත// ඔබට මෙසේ කියන්නට පුළුවන් වන්නේ මගේ නම ඔබ දන්නා හෙයිනි. මම මා නොකිය අපි කියා කීවේ කිසියම් කලකදී මා සහ තවත් පිරිසක් ඒ ස්ථාවරයේ සිටි බැවිනි. දැන් ඔබ කවුද කියා කියනවාද? එවිට ඔබේ ළමයි මොන විදුහල් වල උගන්නේද සහ ඔබ ඇත්තට ඉන්නේ කොතනද කියා අපටත් දැනගත හැකි බැවිනි. එය සාධාරණ නැත්ද ?

      Delete
    21. //මගේ බොහෝ යහළුවන් මුදල් ගෙවා ඇමරිකාවට හෝ නොගෙවා නැගෙනහිර යුරෝපයට හෝ නොගොස් ලංකාවේම ඉගෙනිමටද ඉඩ තිබිණි.//
      නමුත් ලුනුගල අඩාවත්තේ සිසුන්ගේ ප්රශ්නය වන්නේ හතයි තිහට කලින් ලුනුගල ටවුමට යන්නේ කොහොමද කියායි. ඔවුන් ටියුශන් යනවා නම් යායුත්තේ බදුල්ලට හෝ බන්ඩාරවෙලටය.බස් ගමන ඉතාම අන්තිමය. දිස්ත්රික් ක්රමයත් නැත්නම් ඔවුන්ට වන්නේ අඩාවත්තේ කානු කපන්නටය.

      Delete
    22. හා හා හා හා අහ අහ අහ - හොඳයි. මේක පොඩි බෝතලයකුත් කඩාගෙන ම විසඳිය යුතු ප්‍රශ්නයකි.
      ඔය අඩාවත්තේ කි දෙනෙකු කැම්පස් ගියාද? මම සෙන්ට්‍රල් එකට ගියේ පයින්ය. අර මගේ ගුරුවරයා ගුටි දෙන කතාවේ - ගුරු පුතා කොළඹ ටියුෂන් ගොස් තාත්තා ගේ බලයෙන් ලුණුගලින් උසස් පෙළ කර කැම්පස් යත්දී අඩාවත්තේ කොල්ලා හමුදාව අතින් මරුමුවට පත්වන්නේ ගුරු පුතාගේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක දෙමිනි.
      ලන්ඩනයේ සිටින 89 කාලයේ ලුණුගල සැඟවී සිටි මහතාගෙන් විමසුවා නම් කියනු ඇත.
      එක පැත්තකට සාධාරණය ඉටු කිරීමට තව පැත්තකට ආසාධාරණයක් සිදු කිරීම ප්‍රතිපත්තියක් නොවේ.
      දෙපැත්තටම අසාධාරණය අඩු කිරීම ප්‍රතිපත්තියකි.
      කෙන්කියුෂා කියන "කෝටා එක 60 %. මෙරීට් එක 40 % මම දන්නා තරමින් නම්." - මේ අලුත් දිස්ත්‍රික් බේසිස් ක්‍රමය හා මෙරිට් එකට යවන ක්‍රමයක් නම් එය වඩා සාධාරණ කර ඇතැයි සිතමි. මේ ගැන වැඩිපුර දැන ගැනීමට කවුරුන් හෝ ලියනවා නම් හොඳය.

      Delete
    23. මහත්මයා,ඔබ යෝජනා කරන්නේ කීයක්ද ලක්ශ 120 යනු සයිටම් ගානයි.ගිය මාර්තු මාසේ කල ඉන්ටවීව් එකෙදී ඔවුන් කිව්වේ 100 කියායි.ලක්ශ 70 අඩුම පොලියට වසර 25 ට ලන්කාවේදී මසකට 70000 ගෙවිය යුතුය.අතිකාල රහිත පටන්ගන්නා දොස්තර වැටුප 80000 පමනවේ.ඔබ ඔය හීන කතන්දර කියන්නේ කරුනු සොයා බලාද.
      ඔබකියන ආකාරයට හරියට බදු ගෙවන සල්ලි ඇති එන්ගලන්තයේදී අසාර්තක වුන ක්රමයක් ලන්කාවට යෝජනා කරන්නේ ඇයි.එන්ගලන්තයේ අඩු ආදායම් ලබන සිසුවකු සමග කතා කර බලන්න.ඔවුන් ඉන්නේ කොපමන ටෙන්ශන් එකකද කියා
      අනිත් අතට ලන්කාවේ අඩු ගනනකින් පටන් ගත්තා කියා සිතමු.ගනන වැඩි නොකරන වා කියා සහතිකයක් දිය හැකිද.එන්ගලන්තයේ වුන දේ ලන්කාවේ නොවීමට හේතුවක් නැත.මෙය තමන්ගේ මිනීවල තම්න්ම කපාගැනීමකි
      මා ගැන කීම වැඩක් ඇති දෙයක් කියා මා සලකන්නේ නැත.පොඩිකාලේ සිටමගේ ඉගෙනීමට ලන්කාවට වැයවුනු මුදල ගෙවී ඇතැයි මා සිතමි.ඒ මාගේ ජීවිතයේ කාලයක් මා ලන්කාවේ දුශ්කරම ප්රදේශයක වැඩකර ඇති බැවිනි.ඒ කොලඔට එන්නට හැකියාව තිබියදීය.

      Delete
    24. මහත්මයා ඔබ කියන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලය ට දොස්තර කෙනෙකු බිහි කිරීමට ලක්ෂ 120 යනවා කියාද? ඔඅබ් කියන්නේ මේ සයිටම් අයිති කාර නෙවිල් ප්‍රනාන්දුගේ කතාවකි. එංගලන්තයේ අඩු ආදායම් පවුල වල ප්‍රශ්නය නිසා තමා මා මෙහි යෝජනා කරන්නේ අධ්‍යපනය ඔවුන්ට නොමිලයේ දෙන්න කියා. ලංකාවේ අධ්‍යාපනය නොමිලයේ දෙන්න එපා කියා ම කොහෙවත් කියා තිබෙනවද ? මා කියන්නේ සරසවි යෑමට ඉඩ නැත්නම් මුදල් ඇති අයට ගෙවා ඉගෙනීමටත්, මුදල් අඩු අයට බැංකු නායක දීමටත්ය. ඔබ මගේ ලිපිය කියෙව්වද? ගණන වැඩි නොකිරීමට ටෝනි බ්ලෙයාර් වැනි අය පත් නොකිරීමට ප්‍රවේසම් විය යුතුය.

      Delete
    25. රුපියල් ලක්ෂ 120 ක යනු කීයක්ද? දැන් තියෙන පවුමට රුපියල් 195 බෙදු විට පවුම් 61,500 පමණ වේ. එංගලන්තයේ හොඳ විශ්ව විද්‍යාලයක් පවා අයකරන්නේ පවුම් 36000-45000 අතර ගණනකි. එයද වැඩි නිසා එය අඩු කිරීමට හෝ අහෝසි කිරීමට මම යෝජනා කරමි . නමුත් එන්හලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වසන්නට මම කියන්නේ නැත. ඔබ කියන ලක්ෂ 120 සැබවින්ම විහිළුවකි. රුසියාවේ එම මුදල වැඩිම වුනොත් පවුම් 10000-18000 පමණ වේ. ඉඩම් විකුණා අධ්‍යාපනයට රුසියාවේ දැන් යන ළමයින් සිටිති. ඔබ අර නෙවිල් ප්‍රනාන්දු ගැන ලියු ගස් ලබ්බගේ ලිපිය කියවන්න. දොස්තරවරයෙකු බිහි කරන්නට එතරම් මුදලක් වැය වන්නේ නැත.

      Delete
    26. //එතකොට නිදහස් අධ්යාපනය ලත් වෛද්යවරුන් පෞද්ගලික රෝහල් වල වැඩ කිරීම මොකක්ද? පෞද්ගලික උපකාරක පන්ති මොනවාද? //
      සියල්ල පටලනවා කියා කියන්නේ මේවාටය.මේ එක එක කරුන වෙනම කතා කල යුතු දේවල් මිස සරල දෙවල් නොවේ.මාතෘකාව කියවන්න.
      //ඔය අඩාවත්තේ කි දෙනෙකු කැම්පස් ගියාද?//
      මේ ටැප් හදන්න සල්ලි දෙන ඔබලාගේ නියම තත්වයයි.ඔබලාට අනුව අඩාවත්තේ මිනිස්සු මිනිස්සු නොවේ
      //මේ අලුත් දිස්ත්රික් බේසිස් ක්රමය හා මෙරිට් එකට//
      ලියන්නේ නිදහස් අද්යාපනය ගැන විශ්ව විද්යාල ගැන.හැබැයි කෝටා එක ගැනවත් දන්නේ නැහැ.ඕවා අනූ ගනන් වල වෙච්ච දේවල්.
      //ප්රයිවෙට් මෙඩිකල් ෆකල්ටියකට ඉඩ දීම ප්රාග්දනයේ තර්කනයට ඉඩදීම ශික්ශනය මනින මිම්මක්ද වෙයි- මාරයි . //
      ඔබට මූලික සමාජ විද්යාව නොතේරුනාට මට කරන්නට දෙයක් නැත.
      // එංගලන්තයේ අඩු ආදායම් පවුල වල ප්රශ්නය නිසා තමා මා මෙහි යෝජනා කරන්නේ අධ්යපනය ඔවුන්ට නොමිලයේ දෙන්න කියා.//
      නමුත් ඔබ කලින් කිව්වේ එසේ නොවේ.මෙහෙම
      //ලංකාවේ ඔය කරන ආසධාරණය එංගලන්තයේ කරන්නේ නැත. හැමෝටම මනින්නේ එක මිම්මෙනි. //
      //මා කියන්නේ සරසවි යෑමට ඉඩ නැත්නම් මුදල් ඇති අයට ගෙවා ඉගෙනීමටත්, මුදල් අඩු අයට බැංකු නායක දීමටත්ය.//
      තමන් ජීවත් වෙනරටේ තමන්ගේ ඇස් පනාපිටම බැන්කු නය කතාව වැරදිලා තියෙද්දි තමන් ජීවත්වෙන රටේ උගත්තු මේ ක්රමය වැරදියි කියද්දි ඔබ දිගටම මේ කතාවකියන්නේ ඇයි
      // එංගලන්තයේ හොඳ විශ්ව විද්යාලයක් පවා අයකරන්නේ පවුම් 36000-45000 අතර ගණනකි//
      මේ ගනන අදාල වන්නේ එන්ගලන්තයේ පුරවැසියන්ටය.හෙවත් මේ අදාල මුලු ගනන නොවේ.අදාල මුලු ගනන මේවාගේ 3 ගුනයක් පමන වේ.කරුනු සොයා බලා කතා කරන්න.මීට අමතරව කාමර කුලිය ලෙස සතියකට පවුම් 100 අවට මුදලක් ගනී
      //නමුත් එන්හලන්තයේ පෞද්ගලික විශ්ව විද්යාල වසන්නට මම කියන්නේ නැත.//
      එන්ගලන්තයේ එවැනි ඒවා ඇත්තේ 5 පමනි.හෙවත් අනුපාතය නොගිනිය හැකි තරම්ය
      ඔබට ජය -හැබැයි සිසුන්ගේ සටන පැරදුනොත් පමනක්

      Delete
    27. ////ඔය අඩාවත්තේ කි දෙනෙකු කැම්පස් ගියාද?//
      මේ ටැප් හදන්න සල්ලි දෙන ඔබලාගේ නියම තත්වයයි.ඔබලාට අනුව අඩාවත්තේ මිනිස්සු මිනිස්සු නොවේ -
      මේ ඔබ තර්ක කරන අසාධාරණ ආකාරයයි. අඩාවත්තේ මිනිස්සු මිනිස්සු නොවේ කියා මා කිවේ නැත. ඔය ඔබ කියන විධිහට දිස්ත්‍රික් ක්‍රමයට අඩා වත්තේ කැම්පස් ගියේ ඔබ කියන දිළිඳු අයද කියා ඇසුවා පමණි. අද මම නන්දන විරරත්නට කතා කර ඒ පැත්තේ විශ්ව විද්‍යාලයට ගියේ කවුද කියා කීවේ ඔබ ඔහු යයි සිතාය. ඔබ කරන්නේ පුද්ගලික පහර දීමකින් නම ඇතුව ලීවා නම් ඔබ අර කයන්නේ ඇත්ත යයි මටද පිලි ගත හැකිය. නැත්නම් දුෂ්කර පළාත්වල සේවය කලා කියා ඔබ කියන්නේ බොරුය.

      //// එංගලන්තයේ අඩු ආදායම් පවුල වල ප්රශ්නය නිසා තමා මා මෙහි යෝජනා කරන්නේ අධ්යපනය ඔවුන්ට නොමිලයේ දෙන්න කියා.//
      නමුත් ඔබ කලින් කිව්වේ එසේ නොවේ.මෙහෙම
      //ලංකාවේ ඔය කරන ආසධාරණය එංගලන්තයේ කරන්නේ නැත. හැමෝටම මනින්නේ එක මිම්මෙනි. ////
      මේ කියන දෙකම ඇත්තය. මුළු කොමෙන්ටුව සලකන්න. එංගලන්තයේ ඇති එකාට හෝ නැති එකාට කියා වෙනසක් නැත. නයට අරගෙන හෝ නැති එකාට අවශ්‍ය නම් ඉගෙන ගත හැකිය. මෙහි සුදු ජාතික වැඩ කරන මිනිසුන්ගේ ළමයි අඩුවෙන් කැම්පස් යන්නේ නැත්තේ මුදල් ප්‍රශ්නය නිසාම නොවේ. කැම්පස් නොගියට හොඳින් ජිවත් හැකි යයි ඔවුන්ට කාවද්දා ඇති හෙයින්ද ඔවුන් එසේ නොයති. කැම්පස් නොගොස් දියුණු වූ බිල් ගේට්ස් ගේ පටන් නොයෙකුත් ව්‍යවසායකයන් ගැන මෙහි කතා කරති . ඒ හේතුන් නිසාද ඔවුන් නොයති. මා නැවතත් කියමි. මේ රටේ බදු ගෙවන මිනිසුන් වැඩි නිසා මෙහි අධ්‍යාපනය නොමිලයේ දීමට පුළුවන. ඒ නිසා එසේ කල යුතුය. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීමක් ගැන එහි කතා නොකෙරේ.
      //මේ ගනන අදාල වන්නේ එන්ගලන්තයේ පුරවැසියන්ටය// ඔව් ඔබ කතා කරන්නේ විදේශිකයන් ගැනද ? ඔබ මෙපමණ වෙලා කතා කලේ ලංකාවේ ඉගෙන ගන්නට යන විදේශිකයන් ගැනද? ගාන හදල පෙන්නුවාට පසුත් එය පිලි ගන්නට බැරි ඔබගේ න්‍යාය යන්ද එසේය. මට සමාජ විද්‍යාව දන්නේ නැහැ කියන ඔබ එය දන්නවාද ? ම දේශපාල විද්‍යාව දන්නේ නැති අර දිසාද ඊයේ පෙරේද කිවේය. දැන් මම සමාජ විද්‍යාව දන්නේද නැත. අවාසනාවකට මට එසේ පුද්ගලික අපහස කරන ඔබ කොන්ද පන නැති අයෙකු සේ අන්තර්ජාලයේ නිර්නාමික වේශයෙන් පෙනී සිටි. ඒ නිසා ඔබ දන්නා දේ මට විහිළුවකි.

      Delete
    28. Anonymous20 July 2016 at 10:38,

      //ප්රයිවෙට් මෙඩිකල් ෆැකල්ටිය කෙනෙකුගේ ශික්ශනය මනින ලිට්මස් පරීක්ශාවක් වන්නේ එබැවිනි//

      SAITM පමණක් ගත්තද, පුද්ගලික පීඨ 4ක් තිබේ. ඒවා නම් Faculty of Medicine, Engineering, ICT and Media, Management and Finace යි. එයින් ඔබේ ලිට්මස් දර්ශකය වන්නේ පුගලික වෛද්‍ය වෛද්‍ය පීඨය පමණකි. වෛද්‍ය සංගමය පවා මාධ්‍ය නිවේදනයක ලියා තිබුනේ ඔවුන් සියළු පුද්ගලික විශ්විද්යලවලට විරුද්ධ නැති බවයි. එනම්, වෛද්‍ය නොවන අනෙක් පුද්ගලික පීඨ වලට, NSBM, SLIIT, IESL, CINEC වැනි ඒවාට සිසුන් ඇතුලත් වන විට ඔබ කියන්න ප්‍රග්ධනයේ තර්කයෙන් ශික්ෂණය ලැබෙනවද ?

      ඒවා දශක ගණනක් තිස්සේ පවතිද්දී ඒ ගැන කතාවක් නැති ඔබද, පුද්ගලික විශ්විද්‍යාල ඇතික යුතුය යන මතයේ සිටින මමද, සියළු පුද්ගලික විශ්වදියල වලට විරුද්ධ නොවන වෛද්‍ය සංගමයද ප්‍රාග් ධනය ගැන ඔබේ ලිට්මස් පරීක්ෂවේදී පෙන්වන්නේ එකම වර්ණයකි. එය ශික්ෂණයේ වර්ණය හෝ අශික්ෂණයේ වර්ණයද යන්න ඔබේ අහිමත තීරණයක් වන නමුත් ඇත්තේ එකම වර්ණයකි.

      මෙතනදී ඔබ ගැන නොදන්නා නමුත්, වෛද්‍ය සංගමය නම් සාමාන්යෙන් මාරුවන්නේ ගුණාත්මක භාවය ගැන කතාවට මාරුවේ. ඒ කතාව කතා කරන විට නැවත ප්‍රහ්ධනය ගැන කතාවට මාරුවේ.

      ප්‍රග්ධනයේ ශික්ෂණය ගැන තවත් කියනවා නම්, මිනිසෙකුගේ අධ්‍යාපනයේ නිල ආරම්භය වන පළමු වසරට ඇතුලත් කරගැනීමේදී පවා දරුවන් බෙදමින් වෛද්‍යවරුන්ගේ දරුවන්ට සුදුසු පාසල් ලෙස බෙදන්නේ ඔය ප්‍රග්ධනයේ ශික්ෂණය වෛද්‍ය සංගමයට තිබෙන නිසාද ? මට පෙනෙන්නේ නම් කිසිත් නොදන්නා දරුවන් එසේ බෙදීම ලංකාවේ නිලදාරීවාදය තුල වෛද්‍ය නිලධාරීන් වැටුන අශික්ෂිතම තැන එතැන බවයි.

      මෙකල ජනප්‍රිය වූ ඔබේ ලිට්මස් ප්රීක්ෂවම ගතහොත්, ඒ තරම් පහලට වැටුණු අශික්ෂිත භාවයක් මැනීමට ලිට්මස් සුදුසු නොවේ. ඊට හේතුව, මධ්‍යස්තයෙන් ටිකක් පහලට වැටුණු තත්වයේ සිට පහලටම වැටුණු තත්වයන් සියල්ලටම ලිට්මස් පෙන්වන්නේ රතු වර්ණය බැවිනි. මෙතරම්ම්ම පහලටම වැටුණු අශික්ෂිත භාවයක් ඊට සුදුසු වන්නේ තයිමෝල් බ්ලු වැනි ඉතා පහල තත්වයන් පවා පෙන්විය හැකි දර්ශකයකි. නමුත් එවැනි පහල තවයන්හිදී තයිමෝල් බ්ලු දර්ශකයේ වර්ණ වෙනස වන්නේ කහ සිට රතු දක්වා බැවින්, මෙතරම් පහලට වැටුණු වෙනසක් නිරීක්ෂණය කිරීම ඉතා අපහසුය. තයිමෝල් බ්ලු මගින් එවන් පහතට වැටුණු තත්වයක් නිරීක්ෂනය සඳහා හොදම ක්‍රමය වන්නේ ඇස ඉවතට නොගෙන එක දිගටම බලා සිටීමයි.

      නමුත්, සියල්ලන්ම සිටින තැන හොදින්ම බලාගැනීමට නම් වඩාත් සුදුසු වන්නේ ලිට්මස් වැනි දර්ශක නොව, සම්මත ස්වාරක්ෂක ද්‍රාවන 3ක් වත් යොදාගෙන පුළුල් පරාසයක් සඳහා ක්‍රමාංකනය කරන ලද සංවේදකයකි.

      Delete
    29. උත්තර දීම නැවැත්වීමට සිතුවත් කරුනු කීපයක් පැහැදිලි කිරීමට සිතුවෙමි.ඔබගේ පහත කරුනු ගැනය
      //දොස්තරවරයෙකු බිහි කරන්නට එතරම් මුදලක් වැය වන්නේ නැත.//
      //රුසියාවේ එම මුදල වැඩිම වුනොත් පවුම් 10000-18000 පමණ වේ.//
      ////මේ ගනන අදාල වන්නේ එන්ගලන්තයේ පුරවැසියන්ටය// ඔව් ඔබ කතා කරන්නේ විදේශිකයන් ගැනද ? ඔබ මෙපමණ වෙලා කතා කලේ ලංකාවේ ඉගෙන ගන්නට යන විදේශිකයන් ගැනද? ගාන හදල පෙන්නුවාට පසුත් එය පිලි ගන්නට බැරි ඔබගේ න්යාය යන්ද එසේය.//
      වයිද්ය පාඨමාලාව විශ්ව විද්යාලයක මිල අදිකම පාඨමාලාවකි.මා කතාකලේ එක් සිසුවකු වෙනුවෙන් වැයවන මුලු මුදල ගැන මිස කොටසක් ගැන නොවේ.එන්ගලන්තයේ පවුම් 9000 යනු සිසුවෙක් වෙනුවෙන් විශ්ව විද්යාලයට වැයවන මුලු මුදල නොවේ කොටසකි. ඉතුරු කොටස ග්රාන්ට් ලෙසලැබේ. නමුත් ඔවුන් අන්තර්ජාතික සිසුන්ගෙන් මුලු මුදලම අය කරයි.එමනිසා වයිද්ය වරයකු තැනීමට යන මුලු මුදල ලෙස ගතහැක්කේ අන්තර්ජාතික සිසුන් ගෙවන මුදලයි.[මේවා ලාභ නොලබන ආයතන නිසා] කේම්බ්රිජ් වල මේ මුදල වසරකට පවුම් 40000කි.
      රුසියාවේ ගනන අඩුය.නමුත් තත්වය හොද නැත.සායනික දැනුම අඩුය. එස් එල් එම් සී වාර්තාවල මේ බව සදහන්ය.රුසියා ගිහින් එන සිසුන්ගෙන් සියයට 80ක් තමන්ගේ සායනික දැනුම මද බව පිලිගන්නා බවඑස් එල් එම් සී ය කියයි.
      මානිපායි වල තත්වය හොදය.නමුත් වසරකට ඉන්දීය රුපියල් 9000කි.
      ලන්කාවේ රජයේ විශ්ව විද්යාලවල මේ ගනන තවම නිවැරදිව ඇස්තමේන්තු කර නැත.ඔවුන්ට සායනික පුහුනුව පවා ලැබෙන්නේ ගරු කටයුතු සේවයක් ලෙසය.ඔබට පුලුවන් නම් ලන්කාවේ එක් සිසුවකුට වැය වන මුදල ඔප්පු කර පෙන්නන්න.
      //අඩාවත්තේ මිනිස්සු මිනිස්සු නොවේ කියා මා කිවේ නැත//
      ඔබ කියා ඇත්තේ ඊටත් දරුනු කතාවකි.මේවා බොන ගමන් කතාකලයුතු දෙවල් කියා.අපට නම් අනුන්ගේ ජීවිත බයිට් නොවේ
      //ඔබ කොන්ද පන නැති අයෙකු සේ අන්තර්ජාලයේ නිර්නාමික වේශයෙන් පෙනී සිටි..//
      දැන් ඔය කෙන්කියුශා කියන්නේද අන්වර්ත නමකි.ඔබ ඔහුට මේ කතාව කියන්නේ නැතිව මට පමනක් කියන්නේ ඇයි

      Delete
    30. කෙන්කියුශා,
      සමාජයේ ප්රගතිශීලී යනුවෙන් පිලිගත් අදහස් ටිකක් තිබේ.හෙවත් සමාජයේ ආන්තික කොටස් වෙනුවෙන් පෙනීසිටීම ප්රගතිශීලී වශයෙන් ගැනේ. අද්යාපනය පව්ද්ගලික කරනය වීමෙන් නැතිවන්නේ දුප්පතාගේ අයිතිවාසිකමයි.ඊටවිරුද්ද වීම ප්රගතිශීලී වන්නේ එබැවිනි.ඔබට ජී එම් ඕ ඒ එක සමග ඇති ගැටලු ඔවුන් සමග විසදා ගන්න.මා කතා කරන්නේ ඔවුන් වෙනුවෙන් නොවේ.

      Delete
    31. Anonymous21 July 2016 at 10:16,

      ඒ ප්‍රගතිශීලී බව ගැන ඔබේ මතයයි.

      උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අයිතිය හා යෝග්‍යතාව ඇති බොහෝ දෙනෙකුගේ අයිතිය උල්ලංඝනය කර ඉහලම ලකුණු ලැබූ සීමිත කොටසකගේ අයිතිය පමණක් රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් සුරැකේ. විශ්විද්යලයකට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ නමුත් ඉඩ මදිවීම නිසා ඇතුලත් වීමට නොහැකි අය වෙනුවෙන් පෙනීසිටීම ප්‍රගතිශීලී නැද්ද ?

      පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව පමණක් පෙනීසිටීමෙන් ප්‍රගතිශීලී විය හැකිද ? ඔබේ ලිට්මස් පරීක්ෂාව ගැන කතාවට අනෙක් පුද්ගලික පීඨ ඇතුලත් කර ඇත්තේ නැති නිසාද ඊට පිළිතුරක් දී ඇත්තේද නැති නිසා ඒ ගැන නැවත විමසමි. රාජ්‍ය නිලදාරීවාදයෙන් තැලෙන කුඩා දරුවන් වෙනුවෙන් පෙනීසිටීම ප්‍රගතිශීලී නැතිද ?

      ප්‍රග්ධනයේ තර්කනයට ඉඩදීම ශික්ෂන්නයේ මිනුමක් බව ඔබ කියා තිබුණි. පුද්ගලික වැඩිය විද්‍යාල වලට එරෙහිව සමහර තැන්වලදී ඔය තර්කයට මාරු වෙන වෛද්‍ය සංගමය ඒ මිනීමට අනුව වෙනත් තැන වලදී කොතරම් අසික්ෂිත යන්න එසේ ලියා තැබුවෙමි.

      දුබල කොටසක් වන කුඩා දරුවන් ගැන පෙනීසිටින විට එය ඔබ කියා ඇති ආකාරයට ප්‍රගතිශීලී නොවී, වෛද්‍ය සංගමය සමග ඇති මට ඇති පුද්ගලික ගැටළුවක් ලෙස ඔබ තේරුම් ගත්තද, ඔබට තිබෙන්නේ ද සයිටම් එක ගැන පුද්ගලික ගැටළුවක් බව සීතීමට තරම් මම මගේ අදහස කිසි විටෙක ලඝු නොකරමි. ඉහත ප්‍රකාශයේ ගැබ් වී ඇත්තේ ඔබේ ප්‍රගත්ශීලීත්වයගැන මැනීම විය හැකිය.

      Delete
    32. ඇනෝ මුලින්ම බොන එක ගැන කතා කරමු. එසේ පළමු වර ලීවේ ඔබය. ///මේක කතාකරන එකත් ටිකක් විතර බොන්න ඕන කේස් එකක්. අඩියක් ගහලම එන්නන්. Anonymous 20 July 2016 at 00:18// මේ වෙන ඇනෝ කෙනෙක්ද. ප්‍රොෆයිල් එකක් හදාගෙන එන්න කියන්නේ එකයි.
      //දැන් ඔය කෙන්කියුශා කියන්නේද අන්වර්ත නමකි..ඔබ ඔහුට මේ කතාව කියන්නේ නැතිව මට පමනක් කියන්නේ ඇයි//
      1. කෙන්කියුෂ යනු පර්යේෂණ විද්‍යාඥයකු/ ඉංජිනේරුවකු ලෙස මට වැටහීමක් තිබේ. ඔහු සිටින්නේ කොහෙද කියාද වැටහීමක් තිබේ. එසේම ඔහු පෞද්ගලික් පහර දෙන්නේ නැත. ඔබ මා පිටරට සිටින බව දැන දැනම ඔබේ ඉගෙන ගත මුදල දුෂ්කර පළාත්වල සේවය කර ගෙව්වා යයි කියයි. ඔබේ දරුවන් මේ රටේ සියලු වරප්‍රසාද ලබන්දවද කියා අප දන්නේ නැත. ඔබට එය සඟවා ගෙන කමෙතැන් ඇති තරම් ඔබේ මතයේ හැටියට ප්‍රගතිශීලි විය හැකිය. ඒ කෙසේ වුවත් කෙන්කියුෂා හා ඔබද ඇතුළුව හරවත් සංවාදයකට එක්වීම ගැන ඔබට ස්තුති කරමි. මෙවැනි ලිපියක් ලියවෙන්නේම එවැනි ප්‍රතිවිරුද්ධ අදහස් පල කර ගැනීම සඳහාය.

      Delete
    33. බොන ගමන් කතා කලයුතු හේතුව ඔබට තේරුනේ නැත්ද? මේ කොටස ඔබ කියෙව්වේ නැත්ද හෝ මග හැරියද ?
      //අර මගේ ගුරුවරයා ගුටි දෙන කතාවේ - ගුරු පුතා කොළඹ ටියුෂන් ගොස් තාත්තා ගේ බලයෙන් ලුණුගලින් උසස් පෙළ කර කැම්පස් යත්දී අඩාවත්තේ කොල්ලා හමුදාව අතින් මරුමුවට පත්වන්නේ ගුරු පුතාගේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක දෙමිනි.//

      Delete
    34. //න්ගලන්තයේ පවුම් 9000 යනු සිසුවෙක් වෙනුවෙන් විශ්ව විද්යාලයට වැයවන මුලු මුදල නොවේ කොටසකි. ඉතුරු කොටස ග්රාන්ට් ලෙසලැබේ. // මේ වැරදි කතාවකි . රජය පවුම් 9000 ගණන් public funding ඇති හැම විශ්ව විද්යලයටමය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය ගන්නෙත් එවැනි ගන්නකි. ග්‍රාන්ට් වශයෙන් දෙන කතාවක් නැත. මේවට public funding කියන්නේ එනිසය. ඉතිරි මුදල ගෙවන්නේ අපිය. එනම් බදු ගෙවන්නාය . රජය නොවේ.
      //නමුත් ඔවුන් අන්තර්ජාතික සිසුන්ගෙන් මුලු මුදලම අය කරයි.එමනිසා වයිද්ය වරයකු තැනීමට යන මුලු මුදල ලෙස ගතහැක්කේ අන්තර්ජාතික සිසුන් ගෙවන මුදලයි.// එයද වැරදිය. අන්තර්ජාතික සිසුන් පවුම් 11000-12000 දක්වා ගෙවයි. එම මුදල විශ්ව විද්‍යාලයටය . ඔවුන් විශ්ව විද්‍යාල නඩත්තුව සඳහා එය වියදම් කරයි.
      කෙම්බ්රිජි විශ්ව විද්‍යාලයේ පවුම් 40000 ගන්නේ නවාතැන් හා පුස්තකාල පහසුකම් ඒකකය. බ්‍රිතාන්‍ය රජය 80% funding නැවතු නිසා කේම්බ්‍රිජ් තමන් අය කරන මුදල වැඩි කළේය.
      දැන් ඔබට මා කියන්නම් දොස්තර කෙනෙකුට අප කොතරම් වියදම් කරනවද කියා. එය පවුම් £250,000 කි. අර පවුම් 9000 හෝ විදේශික සිසුන්ගෙන් අය කලත් විශ්ව විද්‍යාල වලට වැය වෙන මුදල ගෙවන්නේ ජනතාවගේ බදු වලිනි. බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය කරන්නට බොහෝ අය කියති. කේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඩ් එසේ දස වසරකට පමණ පෙර ඉල්ලුහ. බ්‍රිතාන්‍ය රජය එදා ප්‍රතික්ෂේප කලත් තෙරේසා මේ එය කරන්නට ඉඩ තිබේ. (යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු විද්‍යා පර්යේෂණ සඳහා මුදල් වෙන් කර යුතුය. පවුම් බිලියන් 3-4 වසරකට)
      - දැන් අපේ අදහස් ඔබට වැටහෙනවද? අපොස උසස් පෙළ සමත් එහෙත් විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වුනු සිසුන්ට මුදල් ගෙවා එම විශ්ව අවිද්යල වලටම ඇතුලත් වීමට ඉඩ දීම සහ එම මුදලින් අනිත් සිසුන්ගේ දැවෙන ප්‍රශං විසඳීම.
      ඒ සඳහා සිසුන්ට ගෙවිය හැකි ගණනක් සාකඡ්චා කර අනුමැත කර ගත හැකිය. ඒ සඳහා රජයෙන් නය මුදලක් දීමටද කතා කර ගත හැකිය. දේශපාලකයන්ට වාහන ගේන්න පර්මිට් හා ණය දෙන රටක, හොර බිස්නස් වලට නය දෙන රටක සිසුවෙකුගේ ඉගෙනීමට පහසු ණයක් දුන්නාට කමක් නැත.

      Delete
    35. //රාගම පී එම් සී එකට විරුද්දව කටයුතු කලේ අන්තරයයි. රාගම පී එම් සී සිසුන් කොලඔ වයිද්ය ඵීටයේ ෆයිනල් ලියා එම් බී බී එස්[colombo] සහතිකය ගැනීමට ගිය අසාදාරනයට විරුද්දවවයි එය කලේ. ඔබ වැන්නෙක් එහි සිටිබවක් අප නම් අසා නැත// දැන් නිර්නාමිකව අන්තර්ජාලයේ දෙන නිසා එසේ පැමිණෙන ඔබට මට පෞද්ගලික පහරක් දෙන්නට හැකිවී ඇත්තේ මම මගේ නමින් සිටින නිසා නොවේද? (ඔබ වැන්නෙක් එහි සිටිබවක් අප නම් අසා නැත)- මා කොහෙවත් සිටි ප්‍රසිද්ධ අයෙකු නොවේ. ඔබ එසේද?

      Delete
    36. කෙන්කියුශා
      //විශ්විද්යලයකට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ නමුත් ඉඩ මදිවීම නිසා ඇතුලත් වීමට නොහැකි අය වෙනුවෙන් පෙනීසිටීම ප්රගතිශීලී නැද්ද ? //
      මෙවැනි තර්ක දැන් ඉදිරිපත් කර්න්නේ නැත.එය න්යාත්මකව වැරදිය.ඔබට මේවා ඉගැන්වීමට මට අවශ්ය නැත. පරාජය පිලිගැනීම පහසුය
      //දුබල කොටසක් වන කුඩා දරුවන් ගැන පෙනීසිටින විට එය ඔබ කියා ඇති ආකාරයට ප්රගතිශීලී නොවී//
      ඔයා අරක ගැන කියන්නේ මොකක්ද මේක ගැන කියන්නේ මොකක්ද ඇසීම ප්රශ්නය මඩ කිරීමකි.මා අදහස් දැක්වූයේ පී එම් සී ප්රශ්නය සම්භන්දයෙනි
      අජිත්
      //කෙම්බ්රිජි විශ්ව විද්යාලයේ පවුම් 40000 ගන්නේ නවාතැන් හා පුස්තකාල පහසුකම් ඒකකය.//
      //දැන් ඔබට මා කියන්නම් දොස්තර කෙනෙකුට අප කොතරම් වියදම් කරනවද කියා. එය පවුම් £250,000 කි.//
      හැබැයි ඔයා කලින් කිව්වේ මොහෙම
      //දොස්තරවරයෙකු බිහි කරන්නට එතරම් මුදලක් වැය වන්නේ නැත.//
      මෙවැනි එකකට එකක් නොගැලපෙන කතා කියමින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද.අප සන්වාදයෙන් එලවා දැමීමද
      //සිසුවෙකුගේ ඉගෙනීමට පහසු ණයක් දුන්නාට කමක් නැත.//
      අර මැක්කාගේ කතාව වගේ ඔයා එන්නේ ම ඔය නය කතාවට.නය වැඩේ හරියන්නේ නැහැ කියල කියන්නේ ඔය රටේ අයමයි
      //අර පවුම් 9000 හෝ විදේශික සිසුන්ගෙන් අය කලත් විශ්ව විද්යාල වලට වැය වෙන මුදල ගෙවන්නේ ජනතාවගේ බදු වලිනි.//
      ඔච්චර බොරු කියන්න එපා අජිත්.නැත්නම් හදිස්සියට කියවන්න ගිහින් තේරිලා තියෙන්නේ වැරදියට
      //ග්රාන්ට් වශයෙන් දෙන කතාවක් නැත.//
      මෙතනනම් මම කිව්වේ ආන්ඩුවෙන් සල්ලි දෙන එක ගැන .වචනය වැරදීම ගැන සමාවෙන්න.

      Delete
    37. සොරි අජියෝ, මේ බොන අනෝ මම, වෙන එකෙක්.

      Delete
    38. හලෝ Anonymous 20 July 2016 at 09:41

      //260ට වඩා අඩු ලකුනු ගත් කොලඔ කිසිවෙකු මෙඩිසින් ගොස් නොමැති නිසා පිලිගත් ක්රමයානුව ඔහුට අසාදාරනයක් වී නොමැත.[ නමුත් මෙතැනදී සියයට 50 කට ආසන්න ගනනක් මෙරිට් එකට ගන්නා බව අමතක කරන්නා රියල් තක්කඩියෙකි] ලකුනු 195 ගත් කෙනා සයිටම් ගොස් දොස්තර කෙනෙක් වුවොත් ලකුනු 260 ගත් කෙනාට ඔබට දිය හැකි පිලිතුර ලියන්න//

      මාත් පොඩි ප්‍රශ්නයක් අහන්න උත්තරේ දෙනවද.
      ගමේ ඉන්න සල්ලි කාරයාගේ ළමයා පන්තියේ අන්තිමයා නමුත් ළමයට එයාගේ සල්ලිකාර පියා තෝරමාළු ගෙනත් දෙනවා කියල නගරේ ඉන්න දුප්පත් මම පන්තියේ පළමු වෙනියා වෙච්ච මගේ ළමයට සාලයා මාළු දුන්නොත් එකේ වරද මොකක්ද? මම ණයවෙලා තොරමාලු ගන්න ඕනෙද නැත්නම් සල්ලියර පියා සාලයා මාළු ගන්න ඕනෙද?

      Delete
    39. //රුසියාවේ ගනන අඩුය.නමුත් තත්වය හොද නැත.සායනික දැනුම අඩුය. එස් එල් එම් සී වාර්තාවල මේ බව සදහන්ය.රුසියා ගිහින් එන සිසුන්ගෙන් සියයට 80ක් තමන්ගේ සායනික දැනුම මද බව පිලිගන්නා බවඑස් එල් එම් සී ය කියයි. // සිටි කාලයේත් කිවූහ . මේවා තනිකර ඉරිසියාවට එස්. එල් එම් සී කියූ දේවල්ය. සෝවියට් රුසියාවේ වෛද්‍ය පීඨ වල සායන සඳහා වෙනම රෝහල් තිබේ. සෝවියට් රෝහල් ඉතා උසස් තත්වයේ ඒවාය. මා ඇසින් දුටු දේය . දැන් රුසියාවේ රෝහලද එසේමය. ඔය වෛද්‍ය සංගමයේ බොරු විශ්වාස කරනන් එපාය. .

      Delete
    40. ////දැන් ඔබට මා කියන්නම් දොස්තර කෙනෙකුට අප කොතරම් වියදම් කරනවද කියා. එය පවුම් £250,000 කි.//
      හැබැයි ඔයා කලින් කිව්වේ මොහෙම
      //දොස්තරවරයෙකු බිහි කරන්නට එතරම් මුදලක් වැය වන්නේ නැත.//
      මෙවැනි එකකට එකක් නොගැලපෙන කතා කියමින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද.අප සන්වාදයෙන් එලවා දැමීමද//
      මහත්මයා නොතේරෙන්නේ ඔබටය. මම කෙනෙකු 120 නැත.ඔබ ඔය මම ලියූ public funding කියන්නේ මොකක්ද කියාවත් දන්නවද ? public funding criteria එකට අනුව පවුම් 250000කි. නමුත් ගණන් බලන්නේ public funding වලට නොවේ. විශ්ව විද්‍යාලය අය කරන ගණනය. විශ්ව විද්‍යාල ගණන් බලා ඉල්ලුවේ 9000 දක්වා වැඩි කරන්න කියාය. නොදන්නා දේ කියවිය යුත්තේ ඔබය. මම ලින්ක් ටිකක් දාන්නම්. public funding දෙන්නේ මුළු විශ්ව විද්‍යාලයටය.
      ////සිසුවෙකුගේ ඉගෙනීමට පහසු ණයක් දුන්නාට කමක් නැත.//
      අර මැක්කාගේ කතාව වගේ ඔයා එන්නේ ම ඔය නය කතාවට.නය වැඩේ හරියන්නේ නැහැ කියල කියන්නේ ඔය රටේ අයමයි// මමත් එහෙම කියනේ එකෙක්ය. ඒ කියන්නේ මේ රටේ අපි බදු ගෙවන නිසා ඒ බදු වලින් අධ්‍යපනයට වියදම්ම් කල හැකි නිසාය. ඔය මගේ ලිපිය කියෙව්වොත් මා පැහැදිලිව කියන්නේ ණයට කා ජිවත් වන රටේ එහෙම සල්ලියක් නැති බවය. එක්කෝ ඔවුන් සම්පුර්න සමජවදයකට යා යුතුය . නැත්නම් මිනිසුන් හරියට බදු ගෙවිය යුතුය.
      ////අර පවුම් 9000 හෝ විදේශික සිසුන්ගෙන් අය කලත් විශ්ව විද්යාල වලට වැය වෙන මුදල ගෙවන්නේ ජනතාවගේ බදු වලිනි.// මේවා බොරු නම් පහත ලිපි කියවා වත් බලන්න.

      Delete
    41. http://www.medicalstudyguide.com/medicine-russia.html

      Delete
    42. පබ්ලික් ෆන්ඩින් ගැන කතාවක් නොවෙයි.වයිද්යවරයකු බිහිකිරීමට අවශ්ය මුදල කියන්න.ගනන් බලා පෙන්නුවා කිව්වේ ඔබයි.කෝ ගනන.සයිටම් නම් ලක්ශ 120. ලන්කාවේ ගනන කීයද .හදා කියන්න.
      //මා පැහැදිලිව කියන්නේ ණයට කා ජිවත් වන රටේ එහෙම සල්ලියක් නැති බවය.//
      අද්යාපනය යනු එක්තරා ආකාරයක යටිතල පහසුකමකි.මෙවැනි ගොන් කතා නොකියන්න
      //මේවා තනිකර ඉරිසියාවට එස්. එල් එම් සී කියූ දේවල්ය.//
      එස් එල් එම් සී වැරදියි .ඔයා හරි.එහෙමද කියන්නේ.එවිඩන්ස් බේසිඩ්ව එස් එල් එම් සී වැරදියි කියලා ඒගොල්ලන්ට කියන්න.කියලා ඔප්පු කරන්න .
      තෝරමාලු ප්රශ්නයට පිලිතුරු
      තෝරමාලු කෑවාට ප්රශ්නයක් නැත මෙතන ප්රශ්නය තෝරමාලු කන හාදයා අපි කන්නේ තෝරමාලු බැවින් අපටත් පලමු ලමයාගේ මාක්ස්ම දිය යුතුය කියා බලකිරීමයි

      Delete
    43. ගොන් කතා කියන්නේ ඔබයි. තේරෙන නමුත් නොතේරෙන විධිහට කතා කරන්නේද ඔබයි . අධ්‍යාපනයට විශ්වවිද්‍යාල වලට දෙන යටිතල පහසුකම් සියල්ල වැටෙන්නේ පබ්ලික් ෆන්ඩින් යටතටය. ඔඅබ අර මා දැමු ලිපි එකක් වත් කියෙව්වාද? //එවිඩන්ස් බේසිඩ්ව එස් එල් එම් සී වැරදියි // මේ එවිදන්සේ කවුද දුනෙන් කියන්න? මා දන්නා විධිහට අප ඉංජිනේරු සංගමයට කි ආකාරයටම බොහෝ වෛද්‍යවරු වෛද්‍ය සංගමයටද කියා තිබේ. එංගලන්තයේ ප්බ්ලැ විභාගය කර මෙහි වැඩ කරන රුසියාවේ උපාධිය අවසන් කල බොහෝ වෛද්‍යවරු මම දනිමි. එංගලන්තයේ නැති ප්‍රශ්නයක් ලංකාවේ හදා ඇත්තේ ඇයි?
      අවසන් වශයෙන් වෛද්‍යවරයෙකුට යන මුළු වියදමට ගෙවන්න කියා බ්‍රිතාන්‍යයේ කියන්නේ නැත. ඔය ලිපි වලින් පැහැදිලි කරන්නේ එයයි. පබ්ලික් ෆන්ඩින් වලට ගෙවන්නේ නැතිව උසස් පෙළ අවසන් කරන සිසුන් ගෙන් ලකුණු මට්ටමට, මෙරිට් එකට, දිස්ත්‍රික් බේසිස් එකට හසු නොවන අයට රජයේ විශ්ව විද්‍යාල වලම ඉගෙනීමට දීමෙන් එම විශ්ව විද්‍යාලයටම යහපතක් වේ. රජරට වෛද්‍ය පීඨයේ පහසුකම් ඉතම් අඩු යයිදැන ගන්නට තිබේ. පවුම් 3000 එනම් වසරකට රුපියල් ලක්ෂ 6 කට හෝ ඊට අඩු ගණනකට අර සිසුන්ටත් ඉගෙනීම ලබා දෙන්න. විශ්ව විද්‍යාල යටිතල පහසුකම් එසේම තිබේ. අර මුදලින් නොමිලේ ඉගෙන ගන්න සිසුන්ගේ නවාතැන් ප්‍රශ්නය විසඳීමට මුදල් වෙන් කර හැකිය. ලක්ෂ 120 ගන්න සයිටමයද වසා දැමිය හැකිය.
      සයිටමයේ ලක්ෂ 120 හෙවත් පවුම් 60000 අසාධාරණ ගණනකි.
      අර්ධ රාජ්‍ය සහභාගිත්වයෙන් දැන් එය කරන්නට් යෝජනාවක් තිබේ.
      ලංකාව මිට වඩා ඉදිරියට යන අවස්ථාවක මේවා සම්පුර්ණයෙන්ම වසා දැමිය හැකිය. (මුදල් තිබේ නම්).

      Delete
    44. //තෝරමාලු කන හාදයා අපි කන්නේ තෝරමාලු බැවින් අපටත් පලමු ලමයාගේ මාක්ස්ම දිය යුතුය කියා බලකිරීමයි// නිකන් ගොන් කතා කියන්නේ නැතිව ඉන්න. කවුරුත් අනුන්න්ගේ ලකුණු ඉල්ලා නැත.

      Delete
    45. මේ තෝරමාලු ප්රශ්නය ඉතා වැදගත්ය.හෙවත් දර්මකීර්තිලාගේ මුලු තර්කයම මේ කතාවෙන් පැහැදිලි කිරීමට පුලුවන.
      තෝරමාලු කන්නට පුලුවන් ලමයාට පන්තියේ පලමුවෙනියා වෙන්නට නොහැක.පලමුවෙනියා තෝරමාලු කන්නට බැරි දුප්පතෙකි.තෝරමාලු කන ලමයාගේ දෙමාපියන් මෙහෙම කියයි.අපේ ලමයා කන්නෙත් තෝරමාලු.එයාටත් පන්තියේ පලවෙනියා වෙන්නට අයිතිවාසි කමක් තියෙන්වා.එයාට පන්තියේ පලවෙනියා වෙන්නට නොදෙන එක එයාට කරන අසාදාරනයක්.
      එවිට දියහැකි සරලම උත්තරය මෙහෙමයි.
      ඔව්, එයාටත් පලවෙනියා වෙන්නට පුලුවන්.උනන්දුවෙලා මහන්සිවෙලා වැඩකරලා.
      එවිට තර්කය එන්නේ මෙහෙමය.
      මෙහෙම හිතන්නකො මේ ඉස්කෝලෙට සල්ලිත් නැහැ.පලවනියෝ දෙන්නෙක් හදන්න බැරි ඒකයි.අපි ඉස්කෝලෙට සල්ලි ටිකක් දෙන්නම්.අපේ ලමයවත් පලවෙනියා කරලා දුප්පත් ලමයාට තෝර මාලු කෑල්ලක් දෙන්න.දෙවෙනියා තුන්වෙනියා වෙන අයටත් නයට දෙන්න.
      දර්මකීර්තිලා ආලවට්ටම් දමාලියන ලිපිවල සරල තේරුම මෙහෙමය.

      Delete
    46. දර්මකිර්තිලා ආලවට්ටම් දමා මෙහෙම දෙයක් කියන්නේ නැත. එහෙම දේවල් කියන්නේ ඔහේය. ඔහේ කියන්නේ සල්ලිකාර ළමයින්ට හොඳට සලකන්නට කියා අප කියනවය කියා බොරු කීමය. නිර්නාමිකව පැමිණ බොරු කියන්නේද සමහර විට ළමයි දෙන්නා යන්නේ එංගලන්තේ ග්‍රමර් ස්කූල් එකකට හෝ ලංකාවේ ජාත්‍යන්තර එකකට විය යුතු නිසාය. ලකුණු තිබෙන එහත් ඉගෙන ගැනීමට අවස්ථාව ඉල්ලන හැම ළමයාම ධනපති පන්තියේ නොවේ. ලංකාවේ අපොස උසස් පෙළ සමත් වන බොහෝ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම උසස්ය. ගොන් කතා නොකිය ඉන්න. ලියන්න දෙයක් නැත්නම්.

      Delete
    47. එස් එල් එම් සී යනු ලන්කාවේ හෙල්ත් සම්භන්ද ප්රොෆෙශනල් බොඩි එකය.එන්ගලන්තයේ ජී එම් සී ඕස්ට්රේලියවේ ඒ එම් සී වැනි එකකි.එන්ගලන්ත යේ ජී එම් සී එක පිලිගන්නා ලන්කාවේ ෆ්රොෆෙශනල් බොඩි එක එයයි.එවැනි ආයතනයක තීරන අභියෝගයට ලක් කරන පිලිගත් ක්රමවේදතිබේ.ඔබ එවැනි දේවල් නොද්න්නා බව පෙනේ.
      // එංගලන්තයේ ප්බ්ලැ විභාගය කර මෙහි වැඩ කරන රුසියාවේ උපාධිය අවසන් කල බොහෝ වෛද්යවරු මම දනිමි. //
      රුසියාවේ උපාදියක් තිබූ පමනින් ප්ලැබ් ලියන්නට බැරිය.ඔබ මේවා මුකුත් නොදන්නා බව පෙනේ.ඒ සදහා පිලිගත් ඉන්ටර්න් එකක් තිබිය යුතුය.එස් එල් එම් සී එක වැදගත් වන්නේ එවිටය.එස් එල් එම් සී වැනි අදාල රටේ අදාල ෆ්රොෆෙශනල් බොඩි සහතිකය නැතිව ප්ලැබ් ලියන්නට බැරිය.රුසියන් උපාදිදාරීන්ගේ ක්ලිනිකල් ගැන එස් එල් එම් සී එක දන්නේ එබැවිනි.කට්ටිය කරන්නේ ලන්කාවෙන්ක්ලිනිකල් හදාගෙන ප්ලැබ් ලියන එකය.
      මෙසේ කියා එස් එල් එම් සී එක රුසියානු උපාදිදාරීන් බැහැර කරන්නේ නැත.ෆමීලියරයිසේශන් වැනි වැඩසටහන් හරහා ඔවුන්ට උදව් කරයි. එස් එල් එම් සී එකට අපහාස කරන්නේ මේවා නොදන්නා මෝඩයන්ය.
      //පවුම් 3000 එනම් වසරකට රුපියල් ලක්ෂ 6 කට හෝ ඊට අඩු ගණනකට අර සිසුන්ටත් ඉගෙනීම ලබා දෙන්න.// මෙවැනි දෙයක් කියන්නට කලින් කුඩා හෝ අද්යනයක් කල යුතුය. මේ කැම්පස් වල කැපැසිටි එක කීයද.ගුරුවරු කීයද.නොන් ක්ලිනිකල් ස්ටාෆ් කීයද.ක්ලිනිකල් කරන්නේ කොහොමද. ක්ලිනිකල් ගෲප් එකක ලමයි කීයද.ඔයාට මේවා ගැන පොඩි හරි දැනීමක් තියෙනවාද.
      එකිනෙකට ගැලපෙන්නේ නැති පිස්සු විකාර කියවන ඔබට සමහර දේවල් ගැන තඔ සත පහක දැනුමක් නැති බව පෙනේ.එන්ගලන්තයේ හිටියාටම උගතෙක් වන්නේ නැත.ඒ සදහා මහන්සිවී හැදෑරිය යුතුය

      Delete
    48. ඔබතුමා උගතෙක්ද? මා උගතෙක් කියා කොහෙවත් කියා නැත. තවම මහන්සිවී හැමදේම හදාරන්නෙකි. මේවා ලියන්නෙත් දන්නා කට්ටිය බොරු නොලියතිය යන හැඟීමෙනි. //රුසියාවේ උපාදියක් තිබූ පමනින් ප්ලැබ් ලියන්නට බැරිය.ඔබ මේවා මුකුත් නොදන්නා බව පෙනේ.ඒ සදහා පිලිගත් ඉන්ටර්න් එකක් තිබිය යුතුය.එස් එල් එම් සී එක වැදගත් වන්නේ එවිටය// දනන් දෙයක් කතා කරන්නෝ. මම කියන්නේ ලනක්වේ ජිවත් වන ලංකාවෙන් ගිය දොස්තරලා නොවේ. මේ රටේ වැසියන් ගැනය. සෝවියට් දේශයේ උගත් ලංකාවේ නොවන පුරවැසි භාවය ගත් දෙමාපියන්ගේ ළමයි රුසියාවේ ඉගෙන මෙහි පැමිණ රැකියා කරති. ඔවුන්ට intern දෙන්නේද මෙහි රෝහල්මය. හොයා බලන්න. එස් එල් එම් සී එක ඔවුන්ට අවශ්‍ය නැත. රුසියාවේ සායනික පහසුකම් සවුත්තු නම් ඔවුන්ට මේ රටේ වැඩ කරන්නත් බැරිය.
      Applying for registration as an International Medical Graduate
      This guidance sets out our requirements for registration with a licence to practise for International Medical Graduates (IMGs).

      IMG doctors can apply for two types of registration: provisional registration with a licence to practise and full registration with a licence to practise. If you have completed an acceptable internship either overseas or in the UK you can only apply for full registration with a licence to practise.

      If you have not completed an acceptable internship you will be eligible for provisional registration with a licence to practise. Please see our important information on provisional registration.
      http://www.gmc-uk.org/doctors/before_you_apply/imgs.asp
      //මේ කැම්පස් වල කැපැසිටි එක කීයද.ගුරුවරු කීයද.නොන් ක්ලිනිකල් ස්ටාෆ් කීයද.ක්ලිනිකල් කරන්නේ කොහොමද. ක්ලිනිකල් ගෲප් එකක ලමයි කීයද.ඔයාට මේවා ගැන පොඩි හරි දැනීමක් තියෙනවාද.// මේවා සොයා බලා කරන්න කියා මම කොහෙවත් කියා තිබේද? කරන්නට තර්ක නැති කල දාන තර්ක මේවාය. මට බ්ලොග් එකක එවැනි යෝජනාවක් කළ හැකිය. පවුම් 3000 මුදල් අවුරුදු කිහිපයකට කලින් එංගලන්තයේ යෝජනා කළ ගණනය. මට ඔය කියන දැනීම ගන්නට අත්‍යවශ්‍ය නැත. එම විශ්ව විද්‍යාල වලින්ම මේ නිරීක්ෂණ කළ හැකිය. එංගලන්තයේ කලේද එයයි.
      ඔබ වරදවා ගන්නා ලොකුම තැන මම නිදහස් අධ්‍යාපනයට විරුද්ධ බව සිතීමය. ලිපිය නැවත කියවන්න.

      Delete
    49. //If you have completed an acceptable internship either overseas or in the UK you // වැදගත්ම කොටස or in the UK you.

      Delete
    50. රුසියන් උපාදිදාරීන් එන්ගලන්තයේ වැඩකිරීම
      අනේ දර්මකීර්ති, ඔයා ඔය කියන දේවල් වැරදියි.මේවා මොකුත් දන්නේ නැති ඔයා වගේ කෙනෙකුට මෙවා කොහොම විස්තර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ.ඕක විස්තර කරන්න දවස් ගානක් යයි.ඔයා හරි කියලා හිතාගන්න.
      //සමහර විට ළමයි දෙන්නා යන්නේ එංගලන්තේ ග්රමර් ස්කූල් එකකට හෝ ලංකාවේ ජාත්යන්තර එකකට විය යුතු නිසාය.//
      මේකට උත්තරය ඔයාම දීලා තියෙනවා
      //තර්කය පැරදුන විට පෞද්ගලික ප්රහාර කිරීම සුලබ දෙයකි. //
      ඔබට ජය .හැබැයි ලමයින්ගේ සටන පැරදුනොත් විතරයි

      Delete
    51. //අනේ දර්මකීර්ති, ඔයා ඔය කියන දේවල් වැරදියි.මේවා මොකුත් දන්නේ නැති ඔයා වගේ කෙනෙකුට මෙවා කොහොම විස්තර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ// මට දර්මකිරිති කියා කතා කරන ඇනෝ නම කියා දැන්වත් කොන්දක් පෙන්වන්න බැරිද? මම මෙතෙක් ඔබට කතා කල හැම දෙයටම අවශ්‍ය ලින්ක් පවා දමා පෙන්නුවේ අඩුම ගානේ ඒවා කියවයි කියා සිතාය . ඔබ එහම අයෙකු නොවන බව පෙනේ.
      මගේ යහළුවකු වන අප්‍රිකානු රටක මිතුරකු සෝවියට් උපාධිය කර මෙහි රැකියාවක් කරයි. ඔහුගේ පුතා ඔහු රුසියාවට යැව්වේ වෛද්‍යවරයෙකු කිරීමටය. දැන් ඔහු මෙහි පැමිණ හොමර්ටන් හොස්පිටල් (අපේ නිවෙස් අසල) එකේ ඉන්ටර්න් කර විදේශ උපාධියක්නිසා ප්ලැබ් එක කර මෙහි වැඩ කරයි. ප්ලැබ් එක කර මෙහි වැඩ කරනවා යයි මා කි විට ඔබ ඉන්ටර්න් එකක් ඇද ගත්තේ මා එය නොදන්නවා යයි ඔබම සිතා ගෙනය. මේ දැන් මා ඔහුට දුරකතනයෙන් කථා කල පසු ඔහු එවූ යොමුවන් මේවාය . ඉන්ටර්න් මෙහි කිරීමද අනිවාර්ය නැත. රුසියානු විශ්ව විද්යාලය GMC යේ අනුමත වීම සෑහේ. නැත්නම් ටිකක් අමාරුය. එනම් ඉදිරිපත් කළ යුතු විස්තර වැඩිය (ලිඛිත ලේඛන)
      මෙවැනි තැන්වල පවා ඉන්ටර්න් කළ හැකිය.
      http://www.goabroad.com/intern-abroad/search/medicine/internships-abroad-1
      http://www.atlantis-project.org/
      http://www.gmc-uk.org/doctors/plab/before_you_apply.asp
      මේ ඔහු එවූ ඒවායි.

      Delete
    52. This comment has been removed by the author.

      Delete
    53. In 2005, I went to USA and England and had the opportunity to visit some hospitals. Also I visited some Universities and exchanged ideas. Gradually I started questioning my self about our supreme position as the Doctor from the Colombo Medical Faculty. Are we the best? Or whether we were in a deception for a long time believing that we were the best and rest of others were buffoons.

      My exposure to the outside world told me that we were living in a false dream for many years I realized that there are other educational institutions much better and far advanced than us.

      Delete
    54. ඉහත කොමෙන්ටුව නැවතත්.
      පෞද්ගලික පහර දීම් කරන්නට පටන් ගත්තේ ඔබතුමා ය. දරුවන් දෙදෙනා ගැන කතාව ඔබට පෞද්ගලිකව කීවක් වෙන්නේ කෙසේද ? ඔබට දරුන් දෙදෙනෙකු වත් සිටිනවාද? ඔවුන් යන්නේ එංගලන්තයේ ග්‍රමර් විදුහල් වලටද ? අනික නිර්ණාමිකව පැමිණෙන ඔබ කවුද කියාවත් නොදැන මා පෞද්ගලික ප්‍රහාර එල්ල කරන්නේ කෙසේද? කල්පනා කර බලන්න.
      එසේම ..........................
      මේ මගේ තවත් දොස්තර මිතුරකු මේ දැන් එවූ එකකි. අඩුම ගන්නේ මෙයවත් කියවන්න. යොමුව පහල
      https://www.facebook.com/notes/duvindi-koralage/i-was-proud-to-be-a-doctor-from-the-colombo-medical-faculty-dr-lalith-perera/734187236685114/
      මේ ඔහු කියන දෙය>
      // I was astonished when I came to know that I was selected to the Faculty of Medicine Colombo and the day I came to the Medical Faculty I felt like a king. We look down upon the Medical Graduates from Peradeniya , Ruhuna and Jaffna because we were the best. We were the cream. We were very much proud of ourselves.
      //
      After some years, the Foreign Medical Graduates from USSR, Bulgaria, and Cuba came to Sri Lanka and started practicing as doctors. Again, we made a big protest to safeguard the Medicine in Sri Lanka. In 1997, I fully supported a poster camping against Foreign Medical Graduates.//

      Delete
  10. මේ රටට ඕන ඝෝඨාභය රාජපක්ෂ වගේ පාළකයෙක්...

    ReplyDelete
    Replies
    1. දීල බලමුද? සිංගප්පූරුවෙත්, මැලේසියාවෙත් හිට අයටනං ආර්ථික දැණුමකුත් තිබ්බා.

      Delete
    2. මාතේ
      ලංකාවට ඕනෑ ගෝටා වගෙ හමුදා මානසිකත්වයක් තියන කෙනෙක් නෙමෙයි. ලී ක්වාන් යූ වගෙ කෙනෙක්.

      Delete
    3. Agreed. Gota hoda kenek nevi namuth eya vage kenek hitiyanam oya kuhaka kamata kegahana ekekvath sadda karanne nehe

      Delete
    4. ඔව් මාතෙ. උබ හරියටම හරි. මේ රටට ඕනි ගෝට තමයි.. රෙස්පෙක්ට් හොඳේ.. 👊🏽

      Delete
    5. හිසරදෙට කෝට්ටේ මාරු කලා වගේ. ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ. උඹ කියන්නේ කොල්ලෝ මරන්න කියලද?

      Delete
    6. //හිසරදෙට කෝට්ටේ මාරු කලා වගේ. ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ. උඹ කියන්නේ කොල්ලෝ මරන්න කියලද?//

      එකෙන්ම අජිත් අයියා...:)

      Delete
  11. නිදහස් අධ්‍යාපනය එසේ තිබියදී, පුද්ගලික විශ්විද්‍යාල ඇතිවීම ඉතා හොඳ දෙයක් ලෙස දකිමි. පුද්ගලික විශ්විද්‍යාල ඇතිවීමට විරුද්ධ අය විසින් ඒවායේ ගුණාත්මක භාවයද, මිලදී ගැනීමේ හැකියාවද, දේශපාලනයද හිතාමතාම එකට පටලවා ඇති බවක් පෙනේ. සමහර විට හිතාමතාම මෙසේ පටලවන්නේ ලෝකය ගැන කුඩා අවබෝධයක් සමහර සිසුන් සහ පුරවැසියන් රවටා ගැනීමට ද විය හැකිය.

    ඇත්ත වශයෙන්ම, දැනට රජයේ විශ්වවිද්‍යාල වලට එන්නේද යම් තරමකට හෝ මුදල් වියදම් කර හැකි අයයි. මුදල් ගෙවා පකාරක පන්ති නොගොස් මෑත කාලයේ විශ්විද්යාලට ගිය අයවලුන් ඇති නම් ඒ ඉතා සුළු ප්‍රමාණයකි. දුප්පත් සිසුන් දහස් ගණන් සහභාගී වන අඩුවෙන් මුදල් අයකරන පන්ති වල බංකුවේ සිට කියන අසා පෙනෙන දෙයක් ලියාගෙන ගොස් පාඩම් කර උසස් පෙළ ලියති. ඊට වඩා තරමක් මුදල් ඇති අය ගුරුවරයාගෙන් ගැටළු විමසිය හැකි තරමේ කණ්ඩායම් පන්ති වලට ගොස් තරමක් හෝ ගැටළු නිරාකරණය කරගනිමින් ඉගෙන පාඩම් කර උසස් පෙළ ලියති. ඊට වඩා මුදල් ඇති අය නිවසට ගුරුවරුන් ගෙන්වාගෙන අපහසු පාඩම් හිතේ හැටියට සුවසේ උගෙන උසස්පෙළ ලියති. අධ්‍යාපනය විකිණීමට විරුද්ධව පෙළපාලි යන අයද ගෙවල් වලට ගොස් උසස්පෙළට උගන්වා මුදල් ගනිති. දැනුම නොමිලේ දීම මෙන්ම මුදලට විකිණීම ලොව සෑම තැනකම සිදුවෙන අතර එහි අසාමාන්‍ය බවක් බවක් මට නොපෙනේ. නව දැනුම හුවමාරුව වෙනුවෙන් ලියවෙන පර්යේෂණ පත්‍රිකා වලටද මුල්‍යමය වටිනාකම් තිබේ.

    මගේ අදහස නම් මේ පුද්ගලික විශ්විද්‍යාල වලට විරුද්ධවනන්න් බොහොමයක් එසේ විරුද්ධ වෙන්නේ සුදුසුකම් ලත් පුද්ගලයන් ගණන සීමා කිරීම මගින්, පහසුවෙන් වැඩිපුර මුදල් උපයාගතහැකි පූර්ණකාලීන සහ අර්ධකාලීන රැකියා අවස්ථවන් ගණන රැකගැනීමට බවයි. තවද මොවුන්ට වර්ජන තර්ජන මගින් නීතියට ද ඉහලින් වැජඹීමට ද ලැබේ. විදේශ ශ්‍රමිකයන්ගේ පැමිණීමට බිය වන්නේද මෙවැන්නන්ය. පුද්ගලික විශ්වවිද්‍යාල වලින් එන අයගේ ගුණාත්මක භාවය අඩු වන විට ගැටළු මත්වුඑන මෙන්ම, අවස්ථා ගණන පිරවීමට අවශ්‍ය ලෙස සුදුසුකම් ලැබුවන් නොමැති විට සේවයේ ගුණාත්මක භාවය ඉතා පහල වැටෙනබව මොවුන් නොපවසයි.

    [ඔබේ ලිපියේ ලංකාවේ රාජ්‍ය විශ්විද්‍යාල ගණන 8 ක් පමණ කියා ඇත්ත දැනට ඇති සංඛ්‍යාව ඊට බොහෝ වැඩි වේ. කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (හා සාගර විශ්විද්‍යාලය වෙනත් විශ්විද්යලයකට අනුබද්ධ කර ඇතිදැයි හරියටම දන්නේ නැත) හැරෙන්නට විවෘත්ත විශ්විද්යලයද ඇතුළුව තවත් රාජ්‍ය විශ්විද්‍යාල 15 ක් පමණ UGC වෙබ් පිටුවේ දැක්වේ.]

    ReplyDelete
    Replies
    1. මා සිතුවේ 8 කියාය.
      කොළඹ, මොරටුව, විද්‍යෝදය, පේරාදෙණිය, රුහුණ, යාපනය, මඩකලපුව, ඌව.
      විවෘත විශ්ව විද්‍යාලය ගෙවා ඉගෙන ගන්න තැනක් නේද ? සාගර විශ්ව විද්‍යාලය පිළිගත් එකක්ද?

      කොතලාවල එක පුද්ගලික නේද?

      Delete
    2. /මගේ අදහස නම් මේ පුද්ගලික විශ්විද්‍යාල වලට විරුද්ධවනන්න් බොහොමයක් එසේ විරුද්ධ වෙන්නේ සුදුසුකම් ලත් පුද්ගලයන් ගණන සීමා කිරීම මගින්, පහසුවෙන් වැඩිපුර මුදල් උපයාගතහැකි පූර්ණකාලීන සහ අර්ධකාලීන රැකියා අවස්ථවන් ගණන රැකගැනීමට බවයි. තවද මොවුන්ට වර්ජන තර්ජන මගින් නීතියට ද ඉහලින් වැජඹීමට ද ලැබේ.// දොස්තර සංගමය ගැන සැලකුවොත් එවැන්නක් පෙනේ. නමුත් ඔවුන් කියන්නේ ඔවුන් එසේ කරන්නේ නැත කියාය.

      Delete
    3. කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය විශ්විද්‍යාල ඒවායි.

      කොතලාවල ඉගෙන ගන්න කැඩෙට් අය ඉතින් රාජ්‍ය සේවකයෝනේ. එයාල මුදල් ගෙවන්න ඕනේ නෑ. එයාලට පඩිත් ගෙවනවා රජයෙන්. සිවිල් අය විතරයි සල්ලි ගෙවන්නේ මම දන්නා තරමින්. සාගර විශ්ව විද්‍යාලය ජපුරට අනුබද්ධ කරන්න හැදුව කලින්, දැන් මම හරියටම දන්නේ නෑ, සොයා ගන්නත් බෑ. විවෘත විශ්ව විද්‍යාලය ගෙවා ඉගෙන ගන්න තැනක් නම් තමයි. ඒවුනාට ගාස්තුව හරිම අඩු එකක්. නඩත්තු වෙන්නේ ආණ්ඩුවේ සල්ලි වලින්. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයත් UNIVOTEC නඩත්තු වෙන්නේ ආණ්ඩුවෙන්, පොඩි ගානක් අය කරන්නේ ළමයින්ගෙන්.

      Delete
    4. //දොස්තර සංගමය ගැන සැලකුවොත් එවැන්නක් පෙනේ. නමුත් ඔවුන් කියන්නේ ඔවුන් එසේ කරන්නේ නැත කියාය.//

      ඔවුන් පුද්ගලික විශ්විද්යලවලට විරුද්ධ නැති බවක් ලියා තිබුණ මට මතකයි. කොහොමටත් ඔවුන් SLIIT NSBM වැනි ඒවාට විරුද්ධ නැති නිසා එසේ විය හැකියි. අනෙක් අතට ඔවුන් පුද්ගලික වෛද්ය විද්යාල වලට පමණක් විරුද්ධ වෙන්නේ ගුණාත්මක භාවය ගැන ගැටළුවක් නම්, ඔවුන් කල යුත්තේ ගුණාත්මකභාවය තදින් නියාමනය කල යුතු බවට ඔවුන්ගේ සටන් පාඨය වෙනස් කිරීමයි. නමුත් පිටත සිට බලන අපට පෙන්නේ, පුද්ගලික වෛද්ය අධ්යාපනයේ ගුණාත්මක භාවය ඉහල දැමීමට ඔවුන් අකැමති බවයි. රජයේ රෝහල් වල ඕනා තරම් රෝගීන් සිටිද්දී, රජයේ වෛද්යවරු යටතේ දැඩි පුහුණුවක් දී ගුණාත්මක භාවය පරීක්ෂා කර බලා පුහුණුව සමත් හෝ අසමත් කිරීමට තිබු අවස්ථාව මගහැර ගියෝය.

      ගුණාත්මක භාවය නියාමනය කරන්නයි කියන විට ඔවුන් නිදහස් අධ්යාපනය ගැන කතාවට මාරුවෙති. අනෙක් පුද්ගලික විශ්විද්යාල සහ විදේශ උපදිදාරීන් ගැන කියන විට ඔවුන් ගුනත්මභාවය ගැන කතාවට මාරු වෙති. මට පෙනී ඇති ආකාරය නම් ඔවුන් ඉහත ලියා ඇති වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන බවයි.

      Delete
    5. මා මෙහිදී ඔබ සමග එකඟයි. ගුණාත්මක භාවය ගැන කතා කර ඉන්පසු නිදහස් අධ්‍යාපනයට මාරු වන්නේ වංක කමින් බව මටද සිතේ.

      Delete
  12. //දුප්පත් සිසුන් දහස් ගණන් සහභාගී වන අඩුවෙන් මුදල් අයකරන පන්ති// poor cant afford even these classes they charge 2000 to 2500 per month . from the second year of A/L ,there will be a paper class by the same master so monthly expenditure for three subjects will be around 10000/= to 12000/ Rs without bus fares etc. can a poor parent afford this ?

    ReplyDelete
    Replies
    1. what is the average poor earn in sri lanka? and how many of them in sri lanka? do you have statistics? If that is the case why are the tuition classes?

      Delete
  13. අජිතෝ, දිස්ත්‍රික් ක්‍රමය සියයට සීයක් හරි නැහැ තමයි. ලංකාවේ සියලුම ළමුන්ට එක හා සමාන පහසුකම් දෙන්න පුලුවන් දවසක් තිබේ නම් ඕක නැති කළාට කමක් නෑ. බලන්න කොළඹ ඉස්කෝලෙකුයි අගනුවර (ශ්‍රී ජයවර්ද්නපුර කෝට්ටේ) රාජගිරියේ හන්දියේ තියෙන ඉස්කෝලෙයි. පහසුකම්, ගුරුවරු, ඉඩකඩ සැමදේම අහසට පොලොව වගේ. ඉතින් කල්පනාකරලා බලන්නකෝ ඇත ගමක ඉස්කෝලයක්. ගමන් පහසුවක් (බස් එකක්) නෑ අඩුගානේ ටියුෂන් පන්තියකට වත් යන්න. ඊළඟට කොහේ තියෙන සල්ලිද.
    අනික කෝටා එක 10%-15% ක් තම මන් හිතන්නේ. හැමවෙලේම මෙරිට් එකට ලොකු පසන්ටේජ් එකක් ලැබෙනවා.
    ශිෂ්‍යත්වය කරලා ලොකු ඉස්කෝල වලට යන්නේ ඒවායේ ඉගනීමට හොඳ පහසුකම් ඇති නිසා.
    ඔය අඩු ලකුණු සිසුන් බොහොමයක් දෙනා ඩිග්‍රිය කොම්ප්ලීට් කරනවා. ඒ වගේම කොළඹ ලොකු ඉස්කෝලෙකින් මෙරිට් එකට අපු සමහරු පේල් වෙනවා.
    මේක කතාකරන එකත් ටිකක් විතර බොන්න ඕන කේස් එකක්. අඩියක් ගහලම එන්නන්.

    ReplyDelete
    Replies
    1. Anonymous20 July 2016 at 00:18,

      මිත්‍රයා, කෝටා එක ගැන කතාවට යමක් එකතු කරන්න අවසර දෙන්න.

      කෝටා එක 60 %. මෙරීට් එක 40 % මම දන්නා තරමින් නම්.

      Delete
    2. //ශිෂ්‍යත්වය කරලා ලොකු ඉස්කෝල වලට යන්නේ ඒවායේ ඉගනීමට හොඳ පහසුකම් ඇති නිසා.
      ඔය අඩු ලකුණු සිසුන් බොහොමයක් දෙනා ඩිග්‍රිය කොම්ප්ලීට් කරනවා. ඒ වගේම කොළඹ ලොකු ඉස්කෝලෙකින් මෙරිට් එකට අපු සමහරු පේල් වෙනවා.// එංගලන්තෙත් මේ සිස්ටම් එකම තියෙනෙව. මම මුලදී ළමයි දෙනන්ව ගෙනිච්ච රැල්ලට ග්‍රමර් ඉස්කෝලේ විභාග වලට . උන් පාස් වුනාට පස්සේ දැම්ම ආණ්ඩුවේ ඉස්කෝලෙට. මොකද නැත්නම් චෝදනාව එනවා අපට හම්බ වුනේ නැති නිසා විවේචනය කරනවා කියල.
      ඇනෝ එක වැරදියි. ශිෂ්‍යත්ව වලින් ආපු සමහර ළමයි අසමත් වුණා තමයි නොයෙකුත් හේතුන් මත. නමුත් ඔවුන් මෝඩ ළමයි නෙමේ.
      ඔය රාජගිරියේ හන්දියේ ඉස්කෝලේ වගේ එකකට මමත් ගියා . ඔය මගේ බ්ලොගේ ඇති. පහේ පන්තියේදී කතාව. ඉතින් ඒ කොළඹ ළමයින්ට මොන රෙද්දවත් නෑ. දිස්ත්‍රික් බේසිස් එකත් නැහැ. හොඳ ඉස්කෝලත් නොවේ.

      Delete
    3. කෙන්කියුෂා නමැති පර්යේෂකයා සහ ගමයා තුමා,

      මෙතන දිස්ත්‍රික් බේසිස් එක ගැන පොඩි ටැපලීමක් තිබෙනවා. දිස්ත්‍රික් බේසිස් එකයි දුෂ්කර පළාත් එකයි සම්පූර්ණ වෙනස්.
      දිස්ත්‍රික් බේසිස් එක ලංකාවේ හැම දිස්ත්රික්කයටම බලපානවා. එකට අනුව දිස්ත්රික්කයේ ජන අනුපාතය අනුව සියයට 55ක් සරසවි වරම් ලබනවා. ඒ අනුව කොළඹටත් ලොකු ප්‍රමාණයක් ලැබෙනවා මොකද දිස්ත්රික්කයේ ජනගහනය වැඩි නිසා,
      ඇත්තටම මෙතන කතා කෙරුනේ 'disadvantaged' දිස්ත්රික්ක 16 ගැන. මම හරියට පැහැදිළි කරලා නැත්නම් සමාවෙන්න. ඒවාට තියනවා අමතර සියයට 5 ක් ඔය 55%ට අමතරව. ඒවායේ ජනගහනයත් අඩු නිසා එම දිස්ත්රික්ක වලින් එන්නේ වැඩිම උනොත් 10-15% තමයි total. මෙරිට් කට්ටිය ඔක්කොම එන්නේ හොඳ පහසුකම් තියෙන දිස්ත්රික්ක වලින් පමණයි.
      ගමයා තුමා,හන්වැල්ලෙ පොඩි ඉස්කෝලෙකින් A -4 අරගෙන ඉන්ජිනේරින් ගිහිල්ල දැන් 'hadron collider' එකේ වැඩ කරන මගේ මිත්‍රයෙක් ඉන්නවා. පැටෙන්ට් මිටියක් එක්ක PhD එහෙම තියෙන. මිනිහ නම් මෙරිට් එකටම තමයි, හැබැයි ඒ ඉස්කෝලෙන් ඔය 'රෙද්දේ' 55% ටත් තව එන්න ඇති.
      ශිෂ්‍යත්ව වලින් ආපු සමහර ළමයි අසමත් වුණා තමයි නොයෙකුත් හේතුන් මත. නමුත් ඔවුන් මෝඩ ළමයි නෙමේ. එක සම්පූර්ණ ඇත්ත. මෙරිට් එකෙන් ආපු උනුත් අසමත් වුණා. උනුත් මෝඩ ළමයි නෙමේ.
      All in all, ඔය 5% ට ඔච්චර අඬන්න ඕනේ නෑ. මගේ අදහස දුෂ්කර පළාත් වලට අනිත් පළාත් වලට 'comparable ( i am not asking equal ) පහසුකම් දෙනකන් ඔය 5% දෙන එක අසාධාරණ නෑ.

      Admission to Undergraduate Courses of the Universities in Sri Lanka 2013_2014.pdf - page 7 බලන්න

      Delete
    4. ඔබේ පැහැදිලි කිරමට ස්තූතියි. රෙද්දේ කතාව කීම ගැන සමාවන්න. ම එය භාවිතා කලේ කොළඹ තිබෙන දුප්පත් විදුහල් ගැන කීමටය. කොම්පඤඤ විදියේ සිරි සරි පුත්ත විදුහල, ගල් පල්ලිඑ හා සෙන්ට් මේරිස් , ඇන්තනිස් වැනි විදුහල් වලට ළමෝ අන්ත අසරණය. ලොකු විදුහල් මාෆියාවෙන් හා දිස්ත්‍රික්ක ක්‍රමයත් ටියුෂන් මෆියාවත් ඒවා වසාගෙන තිබේ. දිස්ත්‍රික්ක ක්‍රමයෙන් දැන් ලංකාවේ ඇතුලට ගන්නේ මුළු විශ්ව විද්‍යාලය සමත් වෙන සංඛ්‍යාවෙන් 5% නම් මගේ තර්කය ඉල්ලා අස් කර ගන්නම්. නමුත් මම තව ටිකක් එක හොයල බලන්නම්. අර කෙන්කියුෂ කියනව වගේ විශ්ව විද්‍යාල 15 ක් තිබෙනවා නම් එහෙම අවශ්‍යත් නැහැ නේද?

      Delete
    5. දිස්ත්‍රික්ක කෝටාවේ සාධාරණයක් මෙන්ම අසාධාරනයක්ද තිබේ. සෑම ශීත ඍතුවකදීම සීතලේ ගැහෙමින් රාත්‍රියේ නිවසේ සිට ලියන කියන වැඩ කරන මට විට සිහිවෙන්නේ නුවරඑළියේ ළමුන් සමග කොළඹ සමකල හැකිද යන්නයි. මෙවන් විවිධ දුෂ්කර තැන බොහෝ තිබේ.

      අනෙක් අතට දිස්ත්‍රික්ක කෝටාව විශාල වශයෙන් අවභාවිත කිරීම මහත් අසාධාරණයක්ය. අම්පාරේ නම තිබෙන මාතර සිට ඉගෙන ගන්නා සිසුන්ද, පුත්තලමේ නම තිබෙන ගම්පහ ඉගෙන ගණන සිසුන්ද මා දැක තිබේ. මම දිස්ත්‍රික්ක කෝටාවට විරුද්ධ නැති අතර එහි විනිවිධ භාවය නැතිවීම හා අවභාවිතාවට පමණක් විරුද්ධ වෙමි. නමුත් ඊට විසඳුමක් යෝජනා කිරීමට මම නොදන්නෙමි. එමනිසා ඒ ගැන වැඩිදුර කතා කිරීමට මම දන්නේ නැත.

      Delete
    6. Do you Know that Jaffna is categorized as an 'educationally disadvantage" District but districts like Matale and Kegalle are excluded ?

      Delete
    7. කෙන්කියුෂෝ, ඔය ශීත ඉර්තුවේ කේස් එකට නම් මට කියන්න තියෙන්නේ ඕවට ඔය සීත රටවල හීටර් කියල ජාතියක් තියෙනවා. නොයෙන් වර්ග නොයෙක් ඉන්ධන පාවිච්චි කරලා හෝ ජියෝ තර්මල් ක්‍රමයට. අනිත් එක හොඳ ගනකම කබායක් සහ තොප්පියක් ගන්න. ගෙදර වතුර බට ලෝහ නම් (PVC නම් OK) ගේ අතුල වැඩිය සීතල උනොත් වතුර අයිස් වෙලා බට පුපුරනවා. ඒක ලොකු කේස් එකක්. තරහවෙන්න එපා, කවුරු හරි ඔබ තුමාව බලෙන්ද ඔය සීත රටට යැව්වේ.
      දැන් යමු මාතෘකාවට. දුෂ්කර කෝටාව ඔහොම තියෙන්න දෙමු කවදා හරි උන්ටත් නගරබද පහසුකම් ලැබෙනකල්. ඔබ තුමා දන්නවනේ කොළඹට කිරි ගමට තවමත් කැකිරි කියල. ඕනෙම නම් මෙරිට් එකටයි දිස්ත්‍රික් කෝටා එකටයි සමාන අවස්ථා දෙමු (47.5% each ). එක මගේ අදහස.
      දිස්ත්‍රික්ක කෝටාව විශාල වශයෙන් අවභාවිත කිරීම නම් ක්රිමිනල් කෝඩ් එකට ඇතුල් කරලා දැඩි දඬුවම් දෙන්න ඕන වැඩක්.
      මේකේ තියෙන්නේ ලොකු පොසිටිව් ෆීඩ්බෑක් තත්වයක්. නගරයේ හොඳ ඉස්කෝල, හැමෝම එකට එන්න දඟලනවා එක හොඳ නිසා. ඒකෙන් වුර්තිකයෝ බිහිවෙනවා. එවුන් ඉස්කෝලෙට සලකනවා (ළමයි දාගන්නත් එපැයි). ඒ ළමයිත් එනවා - එකයි චක්‍රය. එතකොට ගුරුවරුත් එම ඉස්කොලට කැමතියි. හොඳ ගුරුවරු ලැබෙනවා. ආණ්ඩුවෙන් සපෝට් එක ගන්නත් ලේසියි ආදී ශිෂ්‍යයෝ නිසා. etc .. etc

      මේ ඩිස්කශන් එකේ ලොකුම දේ, මූලිකම දේ Felix Fernando කියනවා වගේ "තහවුරු කල යුත්තේ අධ්‍යාපනයේ නිදහසයි"
      ඊළඟට අද්යාපනයේ ප්‍රමිතියත් නිරතුරු ඇගයීමට ලක් කල යුතුයි.
      කවුරු මොනවා කිව්වත් හැම දේම වෙන්නේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් අනුවනේ.
      අපේ උපාධිදාරීන් කිසි ඩිමාන්ඩ් එකක් නැති කෝස් කරලා, කාලෙයි දෙමවුපියන්ගේ සල්ලියි වියදම් කරලා, දැන් අපිට උපාධියක් තියෙනවා රක්ෂාවක් දීම රජයේ යුතුකමක් කියල ඉට්ටැයික් කරනවා. එම කෝස් කරන්න එනකොටම කියන්න ඕනේ තත්වය. ජොබ් මාකට් එක පොඩ්ඩක් ඉස්ටඩි කරලා දෙන්න උන්ට විකල්ප. ඊළඟට කියන්න ඕනෙමනං කරන්න එහෙනම් කාරල අහක්ක වෙලා තමන්ම රස්සාවකුත් හොයාගන්න කියල.
      ඕකම තමයි හැම තැනම ප්‍රශ්නය. අපේ ගොවියෝ තක්කාලි විකුණා ගන්න බැරුව පසටම කොටනවා. සෝස් හදන්න තක්කාලි රටෙන් ගෙන්නනවා. අඩුගානේ උන්ට රට තක්කාලි ප්‍රමෝට් කරන්න වත් එකෙක් නෑ.
      ලිතොට්‍රිප්ටර් තියෙනවා ලොකු ඉස්පිරිතාලවල. වකුගඩුවේ අරහේ මෙහේ තියෙන ගල් කඩන්න. උදේ ඇඩ්මිට් උනා වැඩේ කරා ගෙදර ගියා. පස්සෙන්දා වැඩටත් ගියා. ඒ උනාට යුරෝලොජිස්ට් ගාන කපාගන්න ඔපරේට් කරනවා. ඉතින් antibiotic බීපන් pain killer බීපන්. infect උනොත් කෙලිය හමාරයි. ආයෙමත් open කරපන්. හුටා පරි ජාලා.

      Delete
    8. //ඕනෙම නම් මෙරිට් එකටයි දිස්ත්‍රික් කෝටා එකටයි සමාන අවස්ථා දෙමු (47.5% each ). එක මගේ අදහස.// හොඳ අදහසක්
      //මේ ඩිස්කශන් එකේ ලොකුම දේ, මූලිකම දේ Felix Fernando කියනවා වගේ "තහවුරු කල යුත්තේ අධ්‍යාපනයේ නිදහසයි"
      ඊළඟට අද්යාපනයේ ප්‍රමිතියත් නිරතුරු ඇගයීමට ලක් කල යුතුයි.// එසේම

      Delete
    9. කබායක් දාගත්තත් සීතල දැනෙනවා තදින්. එකල මගේ ගේ පරණ ජපන් ක්‍රමයේ එකක් නිසා වාතය හුවමාරුව වැඩියි. ජපානේ නම් වැඩිපුර තිබෙන්නේ විදුලි හීටර්. ශිෂ්‍යයෙක් වෙලා ඉන්නකොට මට ඒවාට යන විදුලි බිල ගෙවා ගැනීමේ වත්කමක් තිබුනේ නෑ. විදේශ ශිෂ්‍යයෝ කියන්නේ ජපානේ ඉන්න අඩු අදායම් ලාභී කොටසක්. පර්යේෂණ සහකාර වරයෙකු ලෙස වැඩ කර ලැබුන යෙන් 150,000 කුඩා පඩියෙන් බදුත් ගෙවල එහෙම සැපට ජීවත් වෙන්න අමාරුයි. (MEXT නිර්දේශිත ගණන එයයි, නමුත් MEXT ශිෂ්‍යත්ලාභීන් බදු ගෙවිය යුතු නැත.) භුමි තෙල් හීටර් වුනත් යෙන් එක වැටුන නිසා තෙල් වියදම වැඩි වුන ඒ කාලේ. අනික භුමි තෙල් හීටර් දැම්මම කාබන්ඩයොක්සයිඩ් වැඩිවෙලා නිදිමත ඔලුවේ කැක්කුම එනවා, ලියන කියන වැඩ කරන්න අමාරුයි. වතුර බට පුපුරන එක නම් එහෙමට වෙන දෙයක් නෙවෙයි මම සිටි ප්‍රදේශයේ. නමුත් ඔබ කිව්වා වගේම මෙහි පැමිණීම මම විසින්ම තෝරාගත් එකක් නිසා මම එය හොඳ හෝ නරක ලෙස ගන්නේ නැතිව එලෙසම භාර ගත්තා. මම ඒ නිසා මගේ ඒ තෝරාගැනීම නිසා මුහුණ දුන් අත්දැකීම් හොඳ හෝ නරක ලෙස ගන්නේ නැතිව ඒවා එලෙසින් ම භාර ගන්නවා. අපි තෝරා ගන්න ඕනේ අනුන් කරනවා වාලේ තෝරාගන්නේ නැතිව කන්නේදිරි නොගා අපිට කල හැකි දෙයක්. මට වැඩිපුරම කියන්න ඕනේ මෙතැනදී, අපි කිසිම කෙනෙක් එහෙම අපහසු තත්වයෙන් මධ්‍යයේ ගත් සුදුසු කම් වලට විශේෂ සැලකිලි ලැබෙන්න ඕනය කියන මතයේ මම නෑ. ඔබ කිව්වා වගේම, එය මම විසින් තෝරාගත් එකක් නිසා.

      නමුත් නුවරඑළියේ දෙමවුපියන්ගේ ළමයින් වීම එහෙම තෝරාගැනීමක් නොවෙයි නේද ? සීතල නිසා අධ්‍යාපන කටයුතුවල කාර්යක්ෂමතාවය ටිකක් අඩුවෙනවා කියන එක දැක්වුවේ පරිසරයේ අසමානත්වයට එක ම එක උදාහරනයක් ලෙස. එවැනි අසමානත්වයන්ට යම් සාධාරණයක් ඉටුකිරීමේ අවශ්‍යතාවයක් ඇති බවයි මගේ අදහස.

      කිසිවිටෙක තරහා වෙන්නේ නැහැ. පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්නයක් නම් ඊට පිළිතුරු දෙන්න අපහසුයි කියල ඇත්තම කියනවා මිසක්.

      Delete
    10. කෙන්, සමාවෙයන් මහත්තයෝ හිත පෑරුනනම්.
      උඹ නම් ලංකාවේ ඉගනගත්ත එකෙක් නෙවෙයි වගේ. මොකද උන්ට ඔය කොලිටිය බොහොම අඩුයි. නිරහංකාර කම. හැබැයි පකුම් නම් බොහොමයි.
      කෝකටත් උඹ ඔය ඉගනීමේ වැඩ එහෙම අතපසු කරගන්නවා නෙවෙයි දිග දිග පෝස්ට් ලියලා. පාඩම් කරපන්, තව එක ලකුණක් වැඩියෙන් ගන්න හිතපන් හැම තිස්සෙම.
      ජය වේවා!

      Delete
  14. මේ කොදෙව්වෙ හැම දෙයක්ම මුදලට විකිනෙනව....නොවිකිණිය යුතු මිනිසත්කම පවා....ඉතින් එහෙම තත්වෙක තියෙද්දි අධ්‍යාපනය විකුනණව කියල බෙරිහන් දිදී කෑ ගහන්නෙ ඇයි?පු.වි.වි. වල විතරක් නෙවෙයි අධ්‍යාපනය විකුනන්නෙ...ඒවගෙ විතරක් නෙවෙයි ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනය තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඕක තමා මල්ලි ප්‍රශ්නේ.

      Delete
  15. මගේ දියණිය වසර පහක් වෛද්‍ය විද්‍යාලයේ දුකසේ ඉගෙනුම ලබා වෛද්‍යවරියක් වනවිට, ඇගේ පන්ති මිතුරියක්, ඇමරිකාවට ගොස් වසර තුනක් ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව උගෙන, අද ඉතා විශාල වැටුපකට රැයාවේ යෙදෙනවා. දියණියගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් ඉතා අමාරුවෙන් මුදල් වැයකළ අපිට ඇය ගැන සතුටු නමුත්, සල්ලි වලින් ලෝකයම ජයගන්න මාර්ග තිබෙන අතර සුදුස්සාට ඒවා නොලැබීම ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. විචාරක මයා, මම මේ ඔබේ දුව සමත්වූ නිදහස් අධ්‍යාපනය නැති කරනන් කියනවා නෙමේ. ලංකාවේ අප්සොස සමත් වන ළමයි හැමෝටම විශ්ව විද්‍යාල යන්න බහ. ලංකාව සමාජවාදී රටකුත් නෙමේ. එහෙම නම් මුදල් වියදම් කර හෝ සිසු ණය ලබාදී සිසුන් යනවා නම් එය වැළැක්වීම සාධාරණද?

      Delete
    2. විචාරක මහතා, ඔබේ දියණියනුත් මේ ලියන මමත් තවත් බොහෝ දෙනෙකුත් රජයේ විශ්විද්යලේට ගියේ ඒ දෙමවුපියන්ට මුදල් වියදම් කිරීමේ යම් හැකියාවක් තිබුන නිසා. එවැනි දෙමුපියන් ලැබීම අපි කල පිනක් හෝ වාසනාවක් වෙන්නට ඇති.

      ඔබටත් මගේ දෙමවුපියන්ටත් තිබුන ඒ හැකියාව නොතිබුන දෙමව්පියන් කියනවා ඇති "සල්ලි වලින් ලෝකයම ජයගන්න මාර්ග තිබෙන අතර සුදුස්සාට ඒවා නොලැබීම ගැන දුකයි." යන කතාවම අපට.

      මෙතැනදී මුදල්ලෝ නැති කම නිසා ඔබේ දරුවන්ට වැසුණු ලෝකය ජයගැනීමේ මාර්ගයක් මුදල් ඇති කෙනෙක් මුදල් යෙදීමෙන් විවෘත්ත කර ගැනීම ගැන ඔබ දුක් වෙනවා. නමුත්, ඇත්තටම ඔබ සහ මගේ දෙමවුපියෝ ඔවුනට තිබෙන හැටියට අපිව ඉහල පාසල් වලට යවල උපකාරක පන්ති එකකට හෝ කිහිපයකට යවල, මිල අධික පොත් පත් අරගෙන දීල අපිව උසසේප්ල සමත් කරන්න කරපු මග පෙන්වීම කරන්න බැරි දෙමවුපියොත් ඔය කතාවම කියනවා ඇති නේද ? ඔවුනුත් දුක් වෙනවා ඇති නේද ? අපිට මුදල් නිසා විවෘත්ත වුණ නගරයේ උපකාරක උපකාරක පන්ති මිල අධික පොත් වැනි මාර්ග මුදල් නැතිවීම නිසා වැසී යාමෙන් මට සහ ඔබේ දියණියන්ට ලැබුන අවස්ථාවන් නොලැබුන අපිට තරම් මුදල් නැති අය ගැනත් ඔබ මේ ලෙසින්ම දුක් වෙනවද ? ඒ බව ප්‍රකාශ කරනවද ? (මෙය අදහසට එකඟ නොවීමක් පමණක් වන අතර පුද්ගලිකව ගන්නට එපා.)

      මම නිහතමානීව පිළිගන්න දෙයක් නම්, මට වඩා දක්ෂ බොහොමයක් දෙන මුදල් සහ සමාජමය හේතු නිසා උසස් පෙළ විභාගයේදී අසාධාරණයට ලක්වූ බවයි. එය පුද්ගලික විශ්වවිද්‍යාල වලින් සිදුවන අසාධාරනයටද වඩා බොහෝ කෘරයි.

      Delete
  16. අජිත්, අපේ රට වචන දෙකක් පටලවාගෙන ඇත.
    එනම් නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ නිදහසයි.
    නිදහස් අධ්‍යාපනය යනු නොමිලයේ අධ්‍යාපනය නොවේ.
    නොමිල අධ්‍යාපනයක් ලෝකයේ කෙහේවත් නැත.
    තහවුරු කල යුත්තේ අධ්‍යාපනයේ නිදහසයි.
    රජයේ විශ්ව විද්‍යාල වල උසස් පොළ සමත් සියළුම දෙනාට අවස්ථාව ලබාදීමට නොහැක. ඉන් ඔබ්බට උසස් අධයාපනයට සුදුසුකම් ලත් අයට මුදල් ගෙවා අධ්‍යාපන ලැබීමට ආයතන බිහි විය යුතුය. එහි ගුණාත්මකභාවය රජය විසින් නියාමනය කල යුතුය. රජයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය.
    මගේ අත්දැකීම අපේ රටේ සියළුම දෙනා තම වෘත්තියේ ඒකාධිකාරය ගොඩනගාගැනීමට කුහක උත්සහයක් දරනවා. මේ ඉදිරියට නෙරන්නේ එයයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. "තහවුරු කල යුත්තේ අධ්‍යාපනයේ නිදහසයි." මසුරං කියමනක්.

      Delete
  17. පෞද්ගලික විශ්වවිද්‍යාල පමණක් නොව රජයේ විශ්ව විද්‍යාලවල මුදල් ගෙවා ඉගනීමේ ක්‍රමයක් ( සම්පූර්ණ, අර්ධ, කොටස් ක්‍රමයට ආර්ථික මට්ටම් අනුව නොමිලේ උගන්වන ශිෂ්‍යත්ව ක්‍රමයක් සහිතව ) තිබිය යුතුය. එයින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඇති තරඟකාරී ලකුණු අඩුවී, ඉතා ඉහල ලකුණු ලබා නොගත් සාමාන්‍යයෙන් හොඳට ලකුණු ලබාගත් දුප්පත් අයටද නොමිලේ ඉගන ගැනීමේ අවස්ථාව සැලසේ.(සල්ලි ඇති අයගෙන් සල්ලි අරගෙන ඉගැන්වීමෙන් සරසවි වැඩිදියුණුකර දුප්පත් අය වැඩි ගණනකට නොමිලේ හෝ අර්ධ ශිෂ්‍යත්ව මත ඉගනීමට පුලුවන්වේ) සරසවි සංඛ්‍යාව හා පහසුකම් හා අධ්‍යයන / අනධ්‍යන කාර්යමණ්ඩලයට වැටුප්ද වැඩි කල හැක.

    ඒත් ඕව කොරන්න ගිහිල්ල අපේ නිදහස් අජ්ජාපනේ මුරදේවතා සහෝදරවරු වැඩ ඇරිල ගෙදරයන මිනිස්සුන්ට පාරවල් බ්ලොක්කරගෙන රැග් කරන නිසා ඔන්න ඔහේ නිකම් ඉම්මු

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් නොමිලෙ එපා හැම දේම සල්ලිවලට කියන එක තමා මගෙ දැක්ම. මම සල්ලිකාරයෙක් නෙමෙයි. මම අත්දැකල තියන දේ තමා යමක කොලිටිය හොද වෙන්නෙ සල්ලිවලට දෙන කොට. සෞඛ්‍ය සල්ලිවලට දෙනකොට රෝගිය (ලාභය ) තමා ප්‍රධාන. එතන ලොක්ක රෝගිය. නිදහසේ කරනකොට ලොක්කො වැහිවැහැල හැම එකාම එතන අයිතිකාරයොනෙ.අධ්‍යාපනයත් දියව් සල්ලිවලට. එතකොට ශිෂ්‍යයා (ලාභය ) තමා ප්‍රධාන.වැඩේ හරියට කෙරෙනව. රැකියා ඉලක්කකරගත්ත පාඨමාලා එනව. කවුරුත් පිකටින් කරන්නෙ නෑ. දියව් දියව් කියල කෑ ගහන්නෙ නෑ.

      විස්සාස කරපංකො ගොයියො සල්ලි හරිම සුවදයි බොල.

      Delete
  18. අධ්‍යාපනයට මිලක් නොදිය යුතුයි කියන අදහසේ තමයි මමත් මුලින් හිටියේ.එත් පසුව අසන්න,දකින්න,කියවන්න ලැබුණු දේවල් එක්ක මම හිතනවා නිදහස් අධ්‍යාපනය සමගින් මුදල් ගෙවා අධ්‍යාපනය ලබන්න කැමති අයට දැරිය හැකි මිලකට අධ්‍යාපනය ලබා දීමේ වරදක් නැහැ කියලා.එසේ නොවුනොත් උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන හැමදෙනාටම එම අවස්ථාව ලබාදීමට රජයට නොහැකි නිසා බොහෝ දෙනෙක් අසාධාරණයට පත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා.රජය විසින් කරන නියමනයන්ට යටත්ව මේ දේවල් කිරීම සුදුසු බව මගෙත් දැන් හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. සාධාරණයක් තිබිය යුතුයි කියල තමා මමත් හිතන්නේ.

      Delete
  19. සයිටම් එකේ ප්‍රමිතිය ගැන ගැටළු තිබිය හැකියි. නමුත් මේ ශිෂ්‍යයො කියන්නෙනම් අන්තිම කුහක පිරිසක්. මම සයිටම් එකට සහාය දෙන්නෙ ඒකෙ ප්‍රමිතිය මොකක් වුනත් ඒක පිහිටෙව්වට පස්සෙ වෛද්‍ය ඍග් වේදයෙ අනුහස අඩුවෙනව. ඊට පස්සෙ තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවෙයි.

    දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා දක්ෂයන් විශාල පිරිසක් හැලෙන බවත් පිලිගන්න ඕන.ඒ නිසා මෙඩිකල් කොලෙජ් යන අය පට්ට වැඩ්ඩො කියන්නත් බෑ.
    මේ ශිෂ්‍ය සටන්වල යෙදෙන්නෙ පන්තිය මාරුකරගැනීමේ වාසනාවන්තයන්ගෙ මොනපොලිය රැකගන්න.


    89 කාලෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටන්කරපු අය අද රෝගීන් සූරාකන හැටි පේනවනෙ. මුන්ගෙ අරමුන බමුණු කුලය රැක ගැනීම.මුන් වැස්සෙ තෙමෙන්නෙ ඩිග්‍රිය අරන් ගමේ උන්ට පේන්න හදන මන්දිරේ ගැන තාප්පෙ ගැන ගමේ උන් බේත් ගන්න ආවම ගෙම්බර් දාන විදිය ගැන එහෙම සිහින මව මව වෙන්නෙ ඇති.( මුරුංග ගහ කපපු කතාව වගෙ )

    මුන් පොදු සතුරා ලෙස අරන් ධනපති සයිටම් එක එක්ක පෙල ගැහෙන්න ඕන.ධනපතියන් සමග එකට හිටගන්න අපව පොළඹවල තියෙන්නෙ මේ ශිෂ්‍යයො තමයි.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස එහෙම එකක් නෙමේ. නමුත් ඔබේ අදහසට ගරු කරමි.

      Delete
  20. එය සයිටම් එකේ සමහර වෛද්‍ය අධ්‍යක්ෂවරු ඒකාලේ මේ රටේ පුද්ගලික රෝහල් ඇතිකරනවාට විරුද්ධව ඒකාලේ වෛද්‍ය සභාවේ හඩ නගපු අයයි. අනේ කාලේ වනේ වාසේ. ඕහ් ඕහ් අපොයි දෙයියනේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි නේද?

      Delete
  21. ප්‍රතිචාර දැමූ සියලුම මහත්ම මහත්මීන්ට. මේ ලිපිය මේ ආකාරයට ලිවීමේ අරමුණ වූයේ ඉන් හොඳ සංවාදයක් ගොඩ නගා අදාල කරුණු සාකච්චා කිරීමට උත්සාහ ගැනීමයි. වාදයේදී සමහරවිට හිත රිදෙන දේවල් ලියැවීමට ඉඩ ඇත. වැඩි යහපත් සලක ඒවා ගණන් නොගන්නා මෙන් ඉල්ලමි. ඔබේ සියලු ප්‍රතිචාර ඉතා අගය කොට සළකමි.

    ReplyDelete
    Replies
    1. මුදල් ගෙවා උපාධිය ලබා ගතහැකි, රජයේ මැදිහත් වීම සහ පුද්ගලික අංශයේ සහයෝගීතාවය යටතේ ක්‍රියාත්මක වන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට සයිටම් පත්කිරීම සඳහා උසස් අධ්යාපන අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍යපීඨ 7ක පීඨඅධිපතිවරු අතර ඇතිවූ එකඟතාවය අනුව මෙමෙ ගැටලුව සතුටුදායක ලෙස විසන්දී ඇති බව පුවත් පලවී ඇත.

      සිදුවිය යුත්තේද ගුණාත්මකභාවය සුරකිමින් පුද්ගලික විශ්විද්‍යාල ක්‍රියාත්මක වීම වේ.

      Delete
  22. කොමෙන්ට්ස් දාල මහන්සිත් ඇති නේ...

    දැන් කවුරු කවුරුත් වෙබ් https://www.doc.lk/ සයිට් එකට ගිහින් තමන් කැමති දොස්තර මහත්තෙයෙක් හෝ නෝනා කෙනෙක් චැනල් කරලා අදාල දවසේ හරි වෙලාවට ඇවිත් ලෙඩේට ප්‍රතිකාර ලබාගන්න! ( හොඳ දොස්තර කෙනෙක් නහයෙන් පෙන්වීමට ද හැකිය )

    මෙය ස ර ස තුමා අජිත් ට මුදල් නොදී ම පල කල දැණ්වීමකි!

    ReplyDelete
    Replies
    1. ආචාර්ය දත් දොස්තර මහත්තුරුන්ගෙන් ඩිස්කවුන්ට් ලැබේද ?

      Delete
    2. නත්තල් කාලෙට ලාබ සේල්

      ඩිස්කවුන්ට් ලැබේ .....

      Delete
  23. අජියෝ,
    පොඩ්ඩක් පසු පාදයේ ආරක්ෂාකාරීව ක්‍රීඩා කරපන්. පන්දුවට නිදෙල්ලේ යන්න දීපන් ටිකක්.
    මොකද, උඹ මේවම ලිය ලිය ඉඳල සුද්දී උඹව ගෙදරින් එලෙව්වොත් එහෙම මල කෙලි දෙකයි.
    1. උඹට මේව ලියන්න කොහොමත් බැරී වෙනවා, 2. අපිට උඹට ඉන්න තැනක් සොයන්නත් වෙනවා.
    (මේක ෆුල් සීරියල් යන නිසා ලයිට් කොමෙන්ට් එකක් ලිව්වේ)
    take it easy my friend.
    මීට බොන ඇනෝ.

    ReplyDelete
    Replies
    1. මේක ටිකක හිතට දැනෙන මාතෘකාවක් මචෝ. දිගටම අදින්නේ ඒකයි. මිනිස්සු හිතන්නේ මොනවාද, තියෙනේ ප්‍රශ්න මොනවාද ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. සුද්දී කියල කියනව ටම් මම ටිකක් අකමැතියි. මට හිතෙන්නේ එක අපහාසයට කිව්වා වගේ කියල. හරියට අපි දෙමළි , කල්ලා , කල්ලී කියනවා වගේ. කොහොමත් joint ownership නේ බං . එලියට දාන්න ලෙහෙසි නෑ.

      Delete
    2. අජියෝ,

      අපි පොඩි කාලේ ඉඳලම හම සුදු (ලංකාවේ උනත්) නම් කියන්නේ සුද්දා, සුද්දී කියලනේ. කළු පුතා, රතු මහත්තයා එහෙම. අනේ, අපහාසයට නම් නෙමේ රජෝ ඕක කිව්වේ. සමාවෙයන් එහෙම හිතුනනම්. ඔය එලියට දාන කතාවත් කිව්වේ විහිළුවට. ඕව වැඩියා ගණන් ගන්න එපා මචෝ.

      මෙන්න අපි ගියා. බායි කිව්වා එහෙනම්.

      Delete
    3. ඔබ කියන එක කල්පනා කෙරුවම ඇත්ත තමයි. මමයි ඕනෑවට වැඩිය සංවේදී වෙලා තියෙන්නේ. ඔන්න සොරි කිව්වා. "සුද්දිලාගේ කතාව " කියෙව්වනේ අප්පේ කාලෙකට කලින්.

      Delete
  24. අජියෝ,

    දැන් දැන් කොමෙන්ට් එන්නේ කොමෙන්ට් වල තියෙන පොඩි පොඩි කොන් අල්ලාගෙන කොක්කට වගේයි. කොළඹ නුවර පාරේ මගින් හැරිලා ගම්පහ යනවා ගම්පහින් මිනුවන්ගොඩ යනවා එතනින් තව කොහේ හරි යනවා.... යන්න ගිය ගමන අමතකයි.

    ලංකාව දුප්පත් රටක්. කොහොම හරි නිදහස් අධ්‍යාපනයත් දෙනවා පළමුවන උපාධිය දක්වා. රටට මුදල් අඩුපාඩුකම් නිසා උසස් පෙළ පාස් වෙලා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන (3S ) හැමටම එය දෙන්න පහසුකම් නැහැ. රජයේ පාසල්වලත් එක සමාන පහසුකම් ඇත්තෙත් නැහැ. රටට සල්ලි තිබේනම් ඔය සේරම කරන්නට පුළුවන් නමුත් අවාසනාවකට සල්ලි හොඳටම අඩුයි. එමනිසා නොයෙක් ක්‍රම මගින් විශ්ව විද්‍යාල අද්‍යාපනය ශිෂ්‍යයන්ට සීමා වෙලා තියෙනවා.
    මම හිතන්නේ මේකට හැමෝම එකඟ වෙනවා ඇති.

    දැන් ඊළඟ ප්‍රශ්නේ. ගන්නවාද ?, ඔව් ගන්නවා.
    එතකොට අර ඉතිරි වෙන ළමයින්ට මොකද කරන්නේ. තමන්ගේ පාසලේ පහසුකම් අඩු නිසා උසස් අද්‍යාපනය ලැබීමට නොහැකිඋනු අය සහ සුදුසුකම් සපුරා විශ්ව විද්‍යාලවල ඉඩ අඩුකම නිසා යන්න බැරිවෙන අය.
    මම දන්නා හැටියට කියන්නම්. කරුණාකරලා සම්පූර්ණ කරන්න.

    ඉගෙනගත්ත ධාරාව අනුව හෝ කැමැත්ත අනුව සීමාසහිත විකල්ප කීපයක් තියෙනවා.
    විදේශ ශිෂ්‍යත්ව
    කාර්මික විද්‍යාල, විවුර්ත විශ්ව විද්‍යාලය සහ පුද්ගලික අධ්‍යාපන ආයතන. (සාපේක්ෂව අඩු මුදලක් )
    ගණකාධිකරණය, ඉංජිනේරු අධ්‍යාපනය, රසායන විද්‍යාව, නීතිය ආදියට පිළිගත් (බොහෝවිට ලෝකය පිළිගත්) අධ්‍යාපනයක් ලැබිය හැකියි (මධ්‍යම ප්‍රමාණයේ මුදල් ගෙවා)
    වෛද්‍ය විද්‍යාවට නම් රට යන්නම ඕනේ (සයිටම් අත්හරිමු දැනට)
    අනිත් දේවල් වලටත් පිටරට ගිහින් ඉගෙන ගන්න අයත් ඉන්නවා (ඉතා අධික මුදලක් ගෙවා)

    එතකොට තව හැට හුට හමාරක් කෝස් තියෙනවා මොකක් හරි සැටිපිකෙට් එකක් දෙන.

    දැන් මේ වර්තමානයේ ප්‍රශ්නේ තියෙන්නේ සයිටම් මුදලාලිගේ වෛද්‍ය විද්‍යාලය ගැන. එකෙත් ප්‍රශ්න දෙකක් තියෙනවා. දෙන්ඩ මල්ලි, ගන්නවා.

    අ ) වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කරගැනීම
    ආ ) වෛද්‍ය විද්‍යාලයේ ස්ටෑන්ඩඩ් එක

    දැන් බලමු වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කරගැනීම

    1. සල්ලි ගෙවල පිටරට ගිහින් කොහෙන්හරි වෛද්‍ය උපාධිය ගන්නවට ඔය කවුරුත් විරුද්ධ වෙනවාද? ම දන්නා තරමින් නැත
    2. ඒ යන අයගේ උසස් පෙළ ලකුණු අඩුද වැඩිද කියල කවුරුත් worry වෙනවද? නැත
    3. ඒ අය කොහොම හරි වෛද්‍ය විභාග පාස් වෙලා ලංකාවට ඇවිත් SLMC විභාග ලියල ලියාපදිංචිය ගත්තොත් අවුලක් තිබෙනවාද ? නැත

    4. සයිටම් මුදලාලිගේ වෛද්‍ය විද්‍යාලයට ගිහින් වෛද්‍ය විද්‍යාව හදාරනවට කවුරුත් විරුද්ද වෙනවද? ඔව්
    ඒ ඇයි ?
    අ) ඒක නිදහස් අධ්‍යාපනයට අනුකුල නෑ - සල්ලි ගෙවල ඕනෑම කෙනෙකුට යන්න පුළුවන් නිසා
    5. එතකොට සල්ලි ගෙවල උසස් පෙලට (සාමාන්‍ය පෙළ, පහේ ශිෂ්‍යත්වේ ඇතුළුව) ටියුෂන් ගිහින් විභාග හොඳින් පාස් වෙලා විශ්ව විද්‍යාලට යන එකට කවුරුත් එකඟද? ඔව්
    මට මෙතන 4 සහ 5 එකට යන්නේ නැති ගතියක් පේනවා.
    5ට අනුව සල්ලි ගෙවල තමන් කැමති විදියට තමන් කැමති විෂය ධාරාවක් කරන්න පුළුවන්. නමුත් 4 ට අනුව සල්ලි ගෙවල තමන්ට කැමති විෂය ධාරාවක් කරන්න ඔට්ටු නෑ. ඊට අමතරව සල්ලි ගෙවල IESL හරි Law College හරි CIMA හරි කරන්නත් අවුලක් නෑ. පිටරට ගිහින් වෛද්‍ය උපාධිය අරගත්තත් අපි දැක්කේ නෑ වගේ ඉන්නවා.

    දැන් බලමු කොහොමද මේ නිදහස් අද්යාපනේ දෙන්නේ කියල. එකට සල්ලි දෙන්නේ ආණ්ඩුවෙන්. ආණ්ඩුවට සල්ලි එන්නේ බදු වලින්. බදු ගෙවන්නේ මහජනතාව (සමාගම් බදු ගෙවන්නෙත් මහජනතාවගෙන් ගන්න සල්ලි වලින්)
    6. එතකොට නගරබද ඉස්කෝලවලට පහසුකම් දෙද්දී ගම්බද පාසල් වලට ඒ සමාන පහසුකම් දෙන්නේ නෑනේ. ඒක හරිද? වැරදියි, ඒ අයටත් සමානව ලැබෙන්න ඕනේ.
    7. ඔය ටියුෂන් සර්ලට කවුරුවත් කියල තියෙනවද ගම්බදත් ක්ලාස් දාන්න කියලා ? දන්නා තරමින් නැත


    ආ ) වෛද්‍ය විද්‍යාලයේ ස්ටෑන්ඩඩ් එක
    සයිටම් එකේ ස්ටෑන්ඩඩ් අඩු නම් ඒවා හදවන්න, නෙවිල් ප්‍රනාන්දු අත යටින් ගේම දෙන්න හදනවා නම් එකට එකහෙලා විරුද්ද වෙන්න ඕනේ.

    අනිත් එක. මේකට උද්ඝෝෂණ කරන වෙලේ, කරපල්ලකෝ ගමේ ළමයටත් නගරයේ ළමයට වගේම අද්යාපනයක් දියව්! කියල.
    (ලොකුවට අපි කියනවා 'සිරකරුවොත් මනුෂ්‍යයෝ' කියල, අහවල් එක තමයි.)

    දැනට මෙපමණයි,
    ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය 4, 5, 6,7, 8 තමා ප්‍රශ්න. ගම්බද පාසැල් දියුණු කරන්න ඕනේ. අපි ටැප් හදනවා කියල ඒකටත් හිනා වෙනවා. අර ගම්බද කොල්ලෝ කෙල්ලෝ ඉන්න ඕනේ මැරෙන්න.
      සිටම එක ගණන් වැඩියි. එකට ගණන් අය ගැනත් ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලට ඕකම කරන්න පුළුවන්.

      Delete
    2. අජියෝ,

      අපේ උන් නම් මාරු බඩු. ඇත්තටම අදහන්න ඕනේ ජනතාවක්. අපි සලකනවා මදි.
      අල්ලපු ගෙදර එකා කොහොම හරි සල්ලි ටිකක් එකතු කරලා පුළුවන් විදියට මයිනර් කට්ටක් ගත්තාම ඌට හිනාවෙනවා ලඩියක් අරං කියලා . හැබැයි හිනාවෙන එකාට බයිසිකලයක් වත් නෑ.
      වැස්ස දාට අරූ තෙමෙන්නැතුව උගේ ගමන යනවා මයිනර් එකේ. හිනාවෙන එකා තෙමිතෙමි බස් හෝල්ට් එකේ ඉන්නවා බස් එකක් එනකන්.
      එහෙව් උන් ඔය ටැප් හදන ඒවාට කතා කියනව තමයි. එක උන්ගේ ජම්ම ගති, ඇරෙන්නේ නෑ කෝවෙ දාල මැකුවත්. ඉස්කෝලේ යන පොඩි එවුන්ට මොනවා හරි උදව්වක් කරන එක හරිම ලොකු දෙයක්.

      අජ්ජගේ කතාව හරි. ඇත්තටම ආණ්ඩුව විශ්ව විද්‍යාල තව ටිකක් expand කරලා (say 10%), භාගයක් (5%) නොමිලේ කට්ටියටත් ඉතුරු බාගෙ මුදල් ගෙවා ඉගෙනගන්න අයටත් වාගේ ක්‍රමයක් වත් දැම්මොත්. එතකොට අර මුදල් ගෙවා කට්ටියගෙන් ලැබෙන දෙයින් ඔය expansion එක කරන්න සල්ලිත් හොයාගන්න පුළුවන් වේවි. ඕනෙනම් ඊට පස්සේ තවත් ඉදිරියට ගෙනියන්නත් පුළුවන්. (කොහොමද මගේ ටිකිරි මොළේ). නොමිලේ කට්ටියට බාගයක් දෙන එක දෙපැත්තටම වාසියි නේ. ඉට්‌ටැයික් කරන්න ඕනෙම නම් එකටත් හේතුවකුත් තියෙනවා.

      සයිටම් එක ගණන් වැඩි වෙන්නේ ඉල්ලුම වැඩියි සැපයුම අඩුයි නිසානේ. එහෙම උනහම තව අය ඕව පටන් ගනීවි අඩුවට. හොඳ regulation එකක් තියෙනවා නම් වැඩේ ගොඩ. නැද්ද මන් කියන්නේ හිටං.

      දැනට මෙපමණයි,
      ඔබ සැමට ස්තුතියි.

      Delete
    3. ස්තූතියි. මෙතැන් ඒ දැන් නිදහස් අධ්‍යාපනයට කෙළ වෙනවද, අධ්‍යාපනයේ නිදහස ලැබෙනවද කියන එක තමා කල්පනා කරනන් ඕනේ. ෆිලික්ස් ඒක හරියටම කිව්වා. අසාධාරණය නැති කිරීමනේ කරන්න ඕනේ. පස්සේ ඕනේ නම් අනවත සාමාන්‍ය ක්‍රමයට ගිය හැකි.

      Delete
  25. Ogollo dannawada kalin medical council eke hitapu registar dr.Nonis saitm eka ta eyage kale viruddaine. Denr eya retired ne .

    ReplyDelete
  26. Kalin SLMC regis.Dr.Nonis den o/l karapu lamaiwath pre med course karawala india Banglore wala manipal uni yawanawa medicine walata .

    ReplyDelete
  27. ලිපියට වඩා මරු කමෙන්ට්ස් ටික...

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳ සංවාදයක් ගියා

      Delete
  28. ලිපියට වඩා මරු කමෙන්ට්ස් ටික...

    ReplyDelete
  29. ආපසු සිතා බලන්න අවශ්‍ය වටිනා අදහස් රාශියක් වෙත යොමුකරන ලිපියක් නැවත කියවීමි

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .