Sunday 26 March 2017

නෙළුම් යාය බ්ලොග් සම්මාන 2016 වසර සම්මාන ලාභීන්

එක වරක් පමණක් පිරිනැමෙන නෙළුම් යාය විශේෂ සම්මානය 2016 - අසමි දකිමි සොයමි | විචාරක

​​හොඳම සිංහල බ්ලොගය
- ප්‍රථම ස්ථානය - නිදහස් සිතුවිලි | රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්‍රනාන්දු
- දෙවන ස්ථානය - යාං හෑල්ල | සුරංග ලියනගේ සහ සොඳුරු සිත | සොඳුරු සිත
- තෙවන ස්ථානය - ඉකොනොමැට්ටාගේ බොජුන්හල | ඉකොනොමැට්ටා
- හතරවන ස්ථානය - Transylvania | රුවන් එම්. ජයතුංග
- පස්වන ස්ථානය -අනිත් කොන | බෝධිනී සමරතුංග

හොඳම ඉංග්‍රීසි බ්ලොගය
Subha Wijesiriwardena | සුභා විජේසිරිවර්ධන

හොඳම දෙමළ බ්ලොගය 
රාජ් සුගා 

1. අතීතකාම
අප්පච්චිගේ වී මෝල | පොකුරු වැහි | වත්සලා විජයලත්
අපේ ගෙදර ආ මහගම සේකර | තිලකසිත | තිලකසිරි ඒකනායක
මගේ සැන්ටා ක්ලෝස් | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි

2. අධ්‍යාපනික
අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය | අනිත් කොන | බෝධිනී සමරතුංග
පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද? | කැලේ පිපුණු මල් | වත්සලා විජේරත්න
ලොව නොදකින දෑසක්, ලොව දැකීම | අහසෙන් එන්න | සත්‍යා නිර්මාණි 



3. ඉතිහාසය
හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම - වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර | දසත සැරිසර
ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි
කුකුළාගේ ණය ගෙවාදමන්න | වාසිතය | ඩියෝන් මිතිල ප්‍රනාන්දු

4. කාලින සංවාද
ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව | රෝමාන්තික රස්තියාදුකරයා
මරේ වත්තේ හෝටලේ සිරිපාදේට | අන්සතු දිනපොත
පොත් කියවීම සහ පොත් ඇහීම | පුංචි කැකුළු මල් | තුශානි


5. කෙටි කථා
හාදුවක් | අකුරු | බීට්ල්
ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම | නයියාගේ නයි | දසුන් සිල්වා
ඒකිත් ගෑණියක් | වැව් ඉස්මත්ත

6. දේශපාලන
මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර
සෝමවංස මැරුණේ නැත | සුදු කුකුළා | ප්‍රේමලාල් රණවීරගේ
සයිටම් ජාතිවාදියෝ | සිත් අහසට අතවනයි ස්පාටකස් | රිවිහාර පින්නදූව


7. පරිවර්තන
ගොවිපලේදී | ඇවිද්ද පය | සුදීක
ෆ්ලොස් නදිය අසබඩ | සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
පිරුණු කළය සහ පිපිරුණු කළය | නිදහස් සිතුවිලි | රන්දිකා රණවීර ප්‍රනාන්දු

8. ප්‍රහසන
දඩ උපහාර ගීතය | 
නිල්පාට තට්ටම් | හිස් අහස | චින්තක සඳරුවන්
ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා | කුරහන් හේන | කුරහන් හේනේ මල් මල්ලී



9. බ්ලොග් නවකතා
අමුතු කතාවක් | අහසෙන් එන්න | කසුන්
වාදී ස්වර සංධ්‍වනි | අම්බලංගොඩ කතා
නිර්සත්වයෝ | සුදු පූසාගේ අඩවිය | සුදු පූසා

10. විද්‍යා ප්‍රබන්ධ
ගිණි වලල්ල | විද්‍යා ගවේෂණ | ටෙරන්ස් කහපොල ආරච්චි
නිකෝ | බස්සිගේ නවාතැන | යශෝධා සම්මානි


11. විද්‍යා හා තාක්ෂණ
පරිසර සංරක්ෂණයේ මිත්‍යාව | පෙනෙන නොපෙනෙන | නදීර විජේසිංහ 
සංනිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) කොටස් 1-23 දක්වා | The Tech Croach Cyber | Tek Croach
ජනපති මැදුරේ ඔත්තුබැලූ අතිං කයිට් | මම කොයි වගේද?


12. විවිධාංග
ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද | කාර් පිස්සුව | තරිඳු ශ්‍රී ලොකුගමගේ
ලාබයි... ලාබයි ... වාලම්පුරි ලාබයි | සජ්ජාගේ පඩංගුව
මං ආදරෙයි ලැපී | හරීගේ හීනලන්තය


13. සංගීතය
රොක් සංගීතයේ ඉතිහාසය | දම්පාට දේදුන්න | ජීවන ප්‍රනාන්දු 
කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 1-4 කොටස් | යසනාත් සිතුවිලි | යසනාත් ධම්මික බණ්ඩාර
මේ අපේ අම්මාය | දුකා | සුභාෂ් ගුණවර්ධන

14. සංචාරක හා ඡායාරූප
එල්ජින් ඇල්ල සොයා රේල්පාර දිගේ | තෙවැනි ඇස දුටු සොබා රූ | දිල්ශාන් දිසානායක
කොළපතන ඇල්ල සොයා ගිය චාරිකාව | සමකය වටේ | නලීන් දිල්රුක්ෂ
බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ | බිත්තිය | පැතුම් හේරත්


15. සඳැස් / නිසඳැස් හයිකු හා කෙටි කවි
පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක් | දුමී | දුමින්ද අබේසේකර
නගර සෝභිනියක ස්නේහය | වැව් ඉස්මත්ත
නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා | කටුසු හදවත
ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට | විසිරි සිහින | කිත්මා වසනා දහනායක

16. සාහිත්‍ය කලා විචාර
සිරිල් සී. පෙරාරේ : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව | පාඨයකාගේ පිටුව | ප්‍රභාත් චින්තක මීගොඩගේ
යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව | Iranga.net | සුරෝෂන ඉරංග
ෆ්‍රැන්ජිපානි ඇවිත්! දැන් සටන් කරමු | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර







ඩියෝන් මිතිල ප්‍රනාන්දුගේ වාසිතය බ්ලොග් අඩවිය: මේ බ්ලොග් අඩවියේ ලිපි මුලාශ්‍ර නොදෙන වෙනත් අයගෙන් කොපි ඇන්ඩ් පේස්ට් කරන වර්ගයේ බ්ලොගයක් යයි චෝදනාවක් ලැබුණි. මේ නිසා අපි ඔහුගේ ලිපි ඉවත් කර සොයා බැලුවෙමු. ඔහු 2017 ලියූ ලිපියක් ඉදිරිපත් කර තිබූ නිසා එය ඉවත් කළෙමු. තවත් ලිපියක් මුලාශ්‍ර නොමැති නිසා ඉවත් කළෙමු. ඉතිහාස අංශයේ තෙවන ස්ථානයට තේරුවේ ඔහුගේ තවත් ලිපියකි. එහි මුලාශ්‍ර දී තිබුණු අතර අකුරෙන් අකුර පරිවර්තනය නොකර ඇති බවට අප තිදෙනෙකු තීරණය කළෙමු

108 comments:

  1. සම්මාන දිනූ සියලු දෙනාටම සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. එක වරක් පමණක් පිරිනැමෙන නෙළුම් යාය විශේෂ සම්මානය 2016 - අසමි දකිමි සොයමි | විචාරක

      ​​හොඳම සිංහල බ්ලොගය
      - ප්‍රථම ස්ථානය - නිදහස් සිතුවිලි | රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්‍රනාන්දු
      - දෙවන ස්ථානය - යාං හෑල්ල | සුරංග ලියනගේ සහ සොඳුරු සිත | සොඳුරු සිත
      - තෙවන ස්ථානය - ඉකොනොමැට්ටාගේ බොජුන්හල | ඉකොනොමැට්ටා
      - හතරවන ස්ථානය - Transylvania | රුවන් එම්. ජයතුංග
      - පස්වන ස්ථානය -අනිත් කොන | බෝධිනී සමරතුංග

      හොඳම ඉංග්‍රීසි බ්ලොගය
      Subha Wijesiriwardena | සුභා විජේසිරිවර්ධන


      1. අතීතකාම
      - අප්පච්චිගේ වී මෝල | පොකුරු වැහි | වත්සලා විජයලත්
      - අපේ ගෙදර ආ මහගම සේකර | තිලකසිත | තිලකසිරි ඒකනායක
      - මගේ සැන්ටා ක්ලෝස් | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි

      2. අධ්‍යාපනික
      - අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය | අනිත් කොන | බෝධිනී සමරතුංග
      - පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද? | කැලේ පිපුණු මල් | වත්සලා විජේරත්න
      - ලොව නොදකින දෑසක්, ලොව දැකීම | අහසෙන් එන්න | කසුන්

      3. ඉතිහාසය
      - හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම - වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර | දසත සැරිසර
      - ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි
      - කුකුළාගේ ණය ගෙවාදමන්න | වාසිතය | ඩියෝන් මිතිල ප්‍රනාන්දු

      4. කාලින සංවාද
      - ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව | රෝමාන්තික රස්තියාදුකරයා
      - මරේ වත්තේ හෝටලේ සිරිපාදේට |
      - පොත් කියවීම සහ පොත් ඇහීම | පුංචි කැකුළු මල් | තුශානි

      5. කෙටි කථා
      - හාදුවක් | අකුරු | බීට්ල්
      - ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම | නයියාගේ නයි | දසුන් සිල්වා
      - ඒකිත් ගෑණියක් | වැව් ඉස්මත්ත

      6. දේශපාලන
      - මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර
      - සෝමවංස මැරුණේ නැත | සුදු කුකුළා | ප්‍රේමලාල් රණවීරගේ
      - සයිටම් ජාතිවාදියෝ | සිත් අහසට අතවනයි ස්පාටකස් | රිවිහාර පින්නදූව

      Delete
    2. එක වරක් පමණක් පිරිනැමෙන නෙළුම් යාය විශේෂ සම්මානය 2016 - අසමි දකිමි සොයමි | විචාරක

      ​​හොඳම සිංහල බ්ලොගය
      - ප්‍රථම ස්ථානය - නිදහස් සිතුවිලි | රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්‍රනාන්දු
      - දෙවන ස්ථානය - යාං හෑල්ල | සුරංග ලියනගේ සහ සොඳුරු සිත | සොඳුරු සිත
      - තෙවන ස්ථානය - ඉකොනොමැට්ටාගේ බොජුන්හල | ඉකොනොමැට්ටා
      - හතරවන ස්ථානය - Transylvania | රුවන් එම්. ජයතුංග
      - පස්වන ස්ථානය -අනිත් කොන | බෝධිනී සමරතුංග

      හොඳම ඉංග්‍රීසි බ්ලොගය
      Subha Wijesiriwardena | සුභා විජේසිරිවර්ධන


      1. අතීතකාම
      - අප්පච්චිගේ වී මෝල | පොකුරු වැහි | වත්සලා විජයලත්
      - අපේ ගෙදර ආ මහගම සේකර | තිලකසිත | තිලකසිරි ඒකනායක
      - මගේ සැන්ටා ක්ලෝස් | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි

      2. අධ්‍යාපනික
      - අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය | අනිත් කොන | බෝධිනී සමරතුංග
      - පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද? | කැලේ පිපුණු මල් | වත්සලා විජේරත්න
      - ලොව නොදකින දෑසක්, ලොව දැකීම | අහසෙන් එන්න | කසුන්

      3. ඉතිහාසය
      - හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම - වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර | දසත සැරිසර
      - ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි
      - කුකුළාගේ ණය ගෙවාදමන්න | වාසිතය | ඩියෝන් මිතිල ප්‍රනාන්දු

      4. කාලින සංවාද
      - ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව | රෝමාන්තික රස්තියාදුකරයා
      - මරේ වත්තේ හෝටලේ සිරිපාදේට |
      - පොත් කියවීම සහ පොත් ඇහීම | පුංචි කැකුළු මල් | තුශානි

      5. කෙටි කථා
      - හාදුවක් | අකුරු | බීට්ල්
      - ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම | නයියාගේ නයි | දසුන් සිල්වා
      - ඒකිත් ගෑණියක් | වැව් ඉස්මත්ත

      6. දේශපාලන
      - මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර
      - සෝමවංස මැරුණේ නැත | සුදු කුකුළා | ප්‍රේමලාල් රණවීරගේ
      - සයිටම් ජාතිවාදියෝ | සිත් අහසට අතවනයි ස්පාටකස් | රිවිහාර පින්නදූව

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. එක වරක් පමණක් පිරිනැමෙන නෙළුම් යාය විශේෂ සම්මානය 2016 - අසමි දකිමි සොයමි | විචාරක

      ​​හොඳම සිංහල බ්ලොගය
      - ප්‍රථම ස්ථානය - නිදහස් සිතුවිලි | රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්‍රනාන්දු
      - දෙවන ස්ථානය - යාං හෑල්ල | සුරංග ලියනගේ සහ සොඳුරු සිත | සොඳුරු සිත
      - තෙවන ස්ථානය - ඉකොනොමැට්ටාගේ බොජුන්හල | ඉකොනොමැට්ටා
      - හතරවන ස්ථානය - Transylvania | රුවන් එම්. ජයතුංග
      - පස්වන ස්ථානය -අනිත් කොන | බෝධිනී සමරතුංග

      හොඳම ඉංග්‍රීසි බ්ලොගය
      Subha Wijesiriwardena | සුභා විජේසිරිවර්ධන

      Delete
    5. 1. අතීතකාම
      - අප්පච්චිගේ වී මෝල | පොකුරු වැහි | වත්සලා විජයලත්
      - අපේ ගෙදර ආ මහගම සේකර | තිලකසිත | තිලකසිරි ඒකනායක
      - මගේ සැන්ටා ක්ලෝස් | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි

      2. අධ්‍යාපනික
      - අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය | අනිත් කොන | බෝධිනී සමරතුංග
      - පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද? | කැලේ පිපුණු මල් | වත්සලා විජේරත්න
      - ලොව නොදකින දෑසක්, ලොව දැකීම | අහසෙන් එන්න | කසුන්

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. 3. ඉතිහාසය
      - හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම - වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර | දසත සැරිසර
      - ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි
      - කුකුළාගේ ණය ගෙවාදමන්න | වාසිතය | ඩියෝන් මිතිල ප්‍රනාන්දු

      4. කාලින සංවාද
      - ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව | රෝමාන්තික රස්තියාදුකරයා
      - මරේ වත්තේ හෝටලේ සිරිපාදේට | අන්සතු දිනපොත
      - පොත් කියවීම සහ පොත් ඇහීම | පුංචි කැකුළු මල් | තුශානි

      Delete
    8. 5. කෙටි කථා
      - හාදුවක් | අකුරු | බීට්ල්
      - ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම | නයියාගේ නයි | දසුන් සිල්වා
      - ඒකිත් ගෑණියක් | වැව් ඉස්මත්ත

      6. දේශපාලන
      - මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර
      - සෝමවංස මැරුණේ නැත | සුදු කුකුළා | ප්‍රේමලාල් රණවීරගේ
      - සයිටම් ජාතිවාදියෝ | සිත් අහසට අතවනයි ස්පාටකස් | රිවිහාර පින්නදූව

      Delete
    9. 7. පරිවර්තන
      - ගොවිපලේදී | ඇවිද්ද පය | සුදීක
      - ෆ්ලොස් නදිය අසබඩ | සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
      - පිරුණු කළය සහ පිපිරුණු කළය | නිදහස් සිතුවිලි | රන්දිකා රණවීර ප්‍රනාන්දු

      8. ප්‍රහසන
      - දඩ උපහාර ගීතය |
      - නිල්පාට තට්ටම් | හිස් අහස | චින්තක සඳරුවන්
      - ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා | කුරහන් හේන | කුරහන් හේනේ මල් මල්ලී

      Delete
    10. 9. බ්ලොග් නවකතා
      - අමුතු කතාවක් | අහසෙන් එන්න | කසුන්
      - වාදී ස්වර සංධ්‍වනි | අම්බලංගොඩ කතා
      - නිර්සත්වයෝ | සුදු පූසාගේ අඩවිය | සුදු පූසා

      10. විද්‍යා ප්‍රබන්ධ
      - ගිණි වලල්ල | විද්‍යා ගවේෂණ | ටෙරන්ස් කහපොල ආරච්චි
      - නිකෝ | බස්සිගේ නවාතැන | යශෝධා සම්මානි


      11. විද්‍යා හා තාක්ෂණ
      - පරිසර සංරක්ෂණයේ මිත්‍යාව | පෙනෙන නොපෙනෙන | නදීර විජේසිංහ
      - සංනිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) කොටස් 1-23 දක්වා | The Tech Croach Cyber | Tek Croach
      - ජනපති මැදුරේ ඔත්තුබැලූ අතිං කයිට් | මම කොයි වගේද?


      12. විවිධාංග
      - ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද | කාර් පිස්සුව | තරිඳු ශ්‍රී ලොකුගමගේ
      - ලාබයි... ලාබයි ... වාලම්පුරි ලාබයි | සජ්ජාගේ පඩංගුව
      - මං ආදරෙයි ලැපී | හරීගේ හීනලන්තය

      Delete
    11. 9. බ්ලොග් නවකතා
      - අමුතු කතාවක් | අහසෙන් එන්න | කසුන්
      - වාදී ස්වර සංධ්‍වනි | අම්බලංගොඩ කතා
      - නිර්සත්වයෝ | සුදු පූසාගේ අඩවිය | සුදු පූසා

      10. විද්‍යා ප්‍රබන්ධ
      - ගිණි වලල්ල | විද්‍යා ගවේෂණ | ටෙරන්ස් කහපොල ආරච්චි
      - නිකෝ | බස්සිගේ නවාතැන | යශෝධා සම්මානි

      Delete
    12. 11. විද්‍යා හා තාක්ෂණ
      - පරිසර සංරක්ෂණයේ මිත්‍යාව | පෙනෙන නොපෙනෙන | නදීර විජේසිංහ
      - සංනිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) කොටස් 1-23 දක්වා | The Tech Croach Cyber | Tek Croach
      - ජනපති මැදුරේ ඔත්තුබැලූ අතිං කයිට් | මම කොයි වගේද?


      12. විවිධාංග
      - ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද | කාර් පිස්සුව | තරිඳු ශ්‍රී ලොකුගමගේ
      - ලාබයි... ලාබයි ... වාලම්පුරි ලාබයි | සජ්ජාගේ පඩංගුව
      - මං ආදරෙයි ලැපී | හරීගේ හීනලන්තය

      Delete
    13. 13. සංගීතය
      - රොක් සංගීතයේ ඉතිහාසය | දම්පාට දේදුන්න | ජීවන ප්‍රනාන්දු
      - කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 1-4 කොටස් | යසනාත් සිතුවිලි | යසනාත් ධම්මික බණ්ඩාර
      - මේ අපේ අම්මාය | දුකා | සුභාෂ් ගුණවර්ධන

      14. සංචාරක හා ඡායාරූප
      - එල්ජින් ඇල්ල සොයා රේල්පාර දිගේ | තෙවැනි ඇස දුටු සොබා රූ | දිල්ශාන් දිසානායක
      - කොළපතන ඇල්ල සොයා ගිය චාරිකාව | සමකය වටේ | නලීන් දිල්රුක්ෂ
      - බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ | බිත්තිය | පැතුම් හේරත්

      Delete
    14. 15. සඳැස් / නිසඳැස් හයිකු හා කෙටි කවි
      - පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක් | දුමී | දුමින්ද අබේසේකර
      - නගර සෝභිනියක ස්නේහය | වැව් ඉස්මත්ත
      - නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා | කටුසු හදවත
      - ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට | විසිරි සිහින | කිත්මා වසනා දහනායක

      16. සාහිත්‍ය කලා විචාර
      - සිරිල් සී. පෙරාරේ : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව | පාඨයකාගේ පිටුව | ප්‍රභාත් චින්තක මීගොඩගේ
      - යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව | Iranga.net | සුරෝෂන ඉරංග
      - ෆ්‍රැන්ජිපානි ඇවිත්! දැන් සටන් කරමු | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර

      Delete
    15. Thanks Thisara...You are the best...:)

      Delete
    16. තිසර , ලොව නොදකින දෑසක් ලොව දැකීම - නිර්මාණී.
      ස්තූතියි මේ ලින්ක් වලට.

      Delete
    17. බොහොම ස්තූතියි තිසර. මට වෙලාවක් තිබ්බේ නැහැ ඔය මුකුත් කරන්න ඇත්තටම. අනික ලැප් එකෙන් අමාරුයි මට.

      Delete
  2. Replies
    1. ඒකනේ . මෙන්ඩ හඳුනා ගත්ත එකට සතුටුයි.

      Delete
  3. අඩේ මාත් දිනලා නේ..දැනුයි දන්නේ.. හදිස්සියේ සිද්ද වෙච්ච මරණයක් නිසා මම ලංකාවේ හිටියත් උත්සවේට එන්න බැරි වුණා. සෙනසුරාදා ආපහු එන්න තිබුණු නිසා.. බොහොම ස්තුතියි නෙලුම් යායට..

    ReplyDelete
    Replies
    1. කියන්න බැරිවුණු ගොඩක් කට්ටිය ඉන්නවා.

      Delete
  4. විභාගයක් හින්දා මටත් එන්න බැරි උනා. මහරගමින් එනකොටත් වෙලාව 4යි.
    සම්මාන දිනූ සියලු දෙනාටම සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. Mage post ekakuth dinapu list eke thyenawa. Danui dakke

      Delete
    2. එන්න බැරි වෙන බව කලණ කිව්වා.

      Delete
  5. සම්මාන ලැබූ හැම කෙනෙක්ටම හදවතින්ම සුබ පතනවා...

    අති සාර්ථක සම්මාන උළෙලක් ගෙන එන්න දායක වුනු ඔබ ඇතුළු නෙළුම් යායේ හැමෝටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . මට කතා කරන්න බැරි වුණා එදා.

      Delete
  6. බ්ලොග් කරුවන් අභිපේ‍්‍රරණය කළාට ස්තූතියි කියන්න බැරිවුනා.

    ReplyDelete
  7. සම්මානලාභී හමුවූ හමුනොවූ ඔබ සියළු දෙනාටම සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. බුද්ධික බොහොම ස්තූතියි රොහාන් මල්ලිට උදව් කලාට. ඒ වගේම ආපසු ගමනේදීත්. ඔයාගේ ආදරණිය සැමියා සහ චුටි දුවත් මුණ ගැසුන. දැන් නම සීල් වෙලා හරිය. ශ්‍රංග තමා කියන්නේ. හේ හේ . "මම එරන්දිගේ හස්බන්ඩ්" "මේ එරන්දිගේ දුව"

      Delete
  8. මේකට හොඳම උත්තරය මෙතුමා දීලා තියනවා කැමතිනම් පමණක් කියවන්න

    http://slash-dev-slash-null.blogspot.com.au/2017/03/blog-post_26.html#comment-form

    දැන් ඔතන ඉන්න කීදෙනෙක් මේ ගැන දන්නවද ? තරු පෙන්වලා ෂෝ දැම්මට

    මේකත් අර ඉන්ටර්පොල් පොලිස් ලයිස්තුවේ ඉන්න කෙනා ගැන දැනගත්තා වගේම තමයි
    සුජීව කොකාවෙලට ඇනෝ උපහාරය පිළිගන්වමු

    ReplyDelete
    Replies
    1. සුජීව ලියල තියෙන්නේ පැරඩියක්. ඔය හැම දෙයක ඒ විධිහටමත් නෙවේ සිද්ධ වුනේ

      Delete
  9. සියලු සම්මානලාභීන්ට සුබ පැතුම්....!

    ReplyDelete
  10. කිසිදු ආර්ථික වාසියක් බලාපොරොත්තු නොවී තම දැනුමෙන් හා අත්දැකීම්වලින් සයිබර් අවකාශය පෝෂණය කරන මෙවැනි බ්ලොග්කරුවන් වෙනුවෙන් සම්මාන උළෙලක් පැවැත්වීම ඔවුන්ගේ නිහඬ සේවය අගය කිරීමක් බව කිව යුතුයි.

    ඒ වගේම මෙවැනි අතිඋත්කර්ශවත් හා අභිමානවත් උළෙලක් පැවැත්වීම සඳහා වෙහෙස වී කටයුතු කළ නෙළුම් යායේ සියලු දෙනාට මෙම සත් කාර්යය ඉදිරියටත් පවත්වාගෙන යෑමට ධෛර්යය, ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  11. බ්ලොගර්ස්ලා බහුතරයක් හමුවුනා ගොඩක් සතුටුයි.. ඇවිත් වාඩි උනා විතරයි හමු උනේ අජිත් අයිය.. බ්ලොග් ලියලා වසරක් තුළ නෙලුම් යායට එන්න ලැබීමත්, නිර්දේශයන්ට ඉදිරිපත් වීමට හැකි වීම ගැනත් සතුටුයි..
    සියලු සම්මානලාබීන්ට සුභපැතුම්..
    ඔබ ඇතුලු නෙලුම් යාය සංවිධායක මඩුල්ලට ස්තුතී..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි. ඔයාල දෙන්නම ඇවිත් ඉන්නවා දැක්ක. කතා කරන්න බැරි වුන කසුන් එක්ක.

      Delete
  12. මේ වගේ ලස්සනට උත්සවයක් සංවිධානය කරලා අපි වගේ ආධුනිකයෝ දිරිමත් කිරීම ගැන සංවිධායක මණ්ඩලය ඇතුලු මෙය සංවිධානය කිරීමට සම්බන්ධ වූ සියලු දෙනාට හදපිරි ස්තුතිය පුදකරමි.

    ReplyDelete
  13. සුභ පැතුම් හැමෝටම

    ReplyDelete
  14. ජයෙන් ජය හැම දෙනාටම.

    ReplyDelete
  15. Replies
    1. කෝ කොමිස්?

      Delete
    2. ඉවාන් මට ඊයේ කෝල් කලාද වයිබර් එකේ ?

      Delete
    3. කෝ බජට් එක .....ශු ශු කට කට ඒවා නෑ කමියගෙන් අහන්න ඕනෙම නම්

      Delete
    4. අයියන්ඩි උබ මගේ නබර් එක ඉල්ලා ගත්තා යනකොට කෝල් එකක් දෙන්නම් කියලා ...කමක් නැහැ මෙලක් දහන
      sanjeewamen5@gmail.com

      Delete
    5. කෝල් එකක් දෙන්න සෙනසුරාදා වෙනකන් ඉන්න ඕනි. මම මේවා ලියන වෙලාවට ඔයාල නිදි.

      Delete
  16. හිතම සතුටු විය එදවස අතර රැයේ
    තවම ඔබට අමතන්නට බැරුව ගියේ
    සුභම පැතුම් හැම දෙනාට මගෙන් තියේ
    තවම ඔෆිසියේ වැඩ ගොඩ ගැසී තියේ......

    කොළඹ ගමයා මුණගැහුණත් කතා කිරීමට වෙලාවක් නොලැබීම අඩුපාඩුවකි. නෙලුම් යාය 4න් හෝ ඒ අවස්තාව ලැබෙනතුරු සිටිමි.
    නෙලුම් යායට වෙහෙසවී දායකත්වය දුන් හැමෝටම ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ බිසී වැඩි වුණා නේ අපි හැමෝම.

      Delete
  17. හොඳ ම බ්ලොග් අඩවිය - දෙමළ අංශයත් ඇතුලත් කරන්න :)

    ReplyDelete
    Replies
    1. මට පලනියාව හොයා ගන්න බැරිව ඉන්නේ.

      Delete
    2. දැම්මා .
      http://suga-elizabeth.blogspot.com/

      Delete
  18. සම්මාන දිනූ සියලු දෙනාටම සුභ පැතුම්.!!!!!!

    ReplyDelete
  19. අගය කිරීම පිළිබඳව ස්තුතියි! ඒ වගේම සම්මාන ලැබූ සියළු දෙනාටම සුභ පැතුම්! සම්මානය තිබෙන තැනකින් හැකි වූ විටක ලබා ගන්නම්. මෙවර දෙමළ බ්ලොග් වලට සම්මාන දුන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පළමු එකට විතරයි දුන්නේ. එක දෙමල සංවිධායක ගේ පැත්තෙන් වූ අඩුවක්. කඳුකරෙන් 20 පමණ ඇවිත් හිටිය බ්ලොග් කරුවන්.

      Delete
  20. තරුණ බ්ලොග්කරුවන් ඔවුන් අගැයීමට ලක්වන විට ඔවුන්ට තිබුණ සතුට ,දොස් කීම් කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම් මැද අති සාර්ථක උත්සවයක් පැවැත්වීමෙට ඔබලා ගත් මහන්සියට ලැබෙන තිළිණයයි.

    ReplyDelete
  21. සුභ පැතුම්..............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , කුරුට්ටෝ කට්ටිය දැක්කෙම නැහැ.

      Delete
  22. සංවිධායක මණ්ඩලයට ස්තූතිය සහ සම්මාන ලාභීන්ට සුබ පැතුම්!

    ReplyDelete
  23. සම්මාන ලැබූ සියලු දෙනාට සුභ පැතුම් !

    මගේ බ්ලොග් අඩවියේ පළවූ ලිපියකටත් සම්මානයක් ලැබුනු බව දැන ගන්න ලැබුනා.

    ඒ ලිපිය තෝරාගත්, නිර්දේශ කල අයට ස්තූතිවන්ත වෙනවා.

    විනෝදාස්වාදය වෙනුවෙන් කරන දෙයක් උනත් අගැයීමකට ලක් වුනාම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා තව අය අපි ලියන දෙයක් කියනවා, ඒවා කිසියම් හෝ මට්ටමක තිබෙනවා කියා සිතන බව සිතුවාම.

    බ්ලොග් උළෙල සම්බන්ධව බොහෝ කතිකා ෆේස්බුක් එක පුරාම තවමත් ඇවිලෙනවා දකිනවා.

    කාර්‍යබහුලත්වය නිසාම ඒවාට සම්බන්ධ වෙන්න ඉඩ කඩ අඩුයි.

    නිර්ශේෂිත බ්ලොග් හෝ සම්මානලාභී ලිපි වල අන්තර්ගතය නොව උළෙල වෙනුවෙන් ඉහල පිරිවැයක් දැරුවේ කෙසේද යන්න ඒවායේ මූලික අරමුණ බව දුටුවා.

    සම්මාන උළෙලක් පැවැත්විය යුතු ලෙසම ඉතාම ඉහල ආකාරයෙන් පැවැත්වූ බව දැක්කා.

    මින් පෙර බ්ලොගර්ස්ලා සංවිධානය වී එකිනෙකාගෙන රුපියල් 200-300-500 බැගින් එකතු කරමින් සංවිධානය කල කුඩා උත්සව හා සසඳා බලන කල බ්ලොගර්ස්ලා වෙනුවෙන් මේ තරම් ඉහල පිරිවැයක් වියදම් කලේ කවුරුන්ද, ඒ අය හුදෙක් බ්ලොග් කලාව වෙනුවෙන් ඒ පිරිවැය දැරුවද? සැඟවුනු න්‍යාය පත්‍ර ඒ තුල නැද්ද ආදිය ප්‍රශ්න කිරීම ඇත්තෙන්ම සමාජ ජාල නිසා අප ලැබූ ජයක්.

    විනිවිධභාවය යන වචනාර්ථය පවා නොදැන සිටි ජනතාවක් පාරක බෝඩ් ලෑල්ලක් ගැහුවත් "කවුද කලේ? ඇයි ගැහුවේ? මොකද්ද හේතුව? සල්ලි කොහෙන්ද ලැබුනේ?" ආදී වශයෙන් ප්‍රශ්නකරන ජනතාවක් බවට පත්වීම අනාගතයේ "විචාර බුද්ධියෙන්" කටයුතු කරන පිරිසක් බිහිවීමේ පෙර මඟ සලකුනුක්

    එනයින් උළෙල සම්බන්ධව සමාජ ජාල නගන ප්‍රශ්නවලට පැහැදිලි පිලිතුරු ලබාදීමෙන් උළෙල සාර්ථකව සංවිධානය කල සංවිධායක වරුන් බ්ලොගර්ස්ලා ඇතුලු සියලු දෙනාගෙන හරසර ලබනු ඇති අතර සම්මාන ලැබූ අයට ආඩම්බරයෙන් ඔවුන්ගේ සම්මානය සමාජට ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙනු ඇත.

    කෙනේ නමුත් සංවිධානය වුනු සහ වෙහෙස මහන්සි වුනු සියලු දෙනාට ගෞරව පූර්වක ස්තූතිය පුද කරමි !

    ReplyDelete
    Replies
    1. //එනයින් උළෙල සම්බන්ධව සමාජ ජාල නගන ප්‍රශ්නවලට පැහැදිලි පිලිතුරු ලබාදීමෙන් උළෙල සාර්ථකව සංවිධානය කල සංවිධායක වරුන් බ්ලොගර්ස්ලා ඇතුලු සියලු දෙනාගෙන හරසර ලබනු ඇති අතර සම්මාන ලැබූ අයට ආඩම්බරයෙන් ඔවුන්ගේ සම්මානය සමාජට ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙනු ඇත.//මෙතන පැහැදිලිව දෙපැත්තක් තියනවා. මේ දෙකේම වරද්ද්දක් නැහැ. පවතින රජයට හිතවත් අය හා යුඇන්පී අය ප්‍රශ්න නගන්නේ නැහැ. අනිත් පැත්තේ අය අහනවා. මම හිතන්නේ ඒකට හේතුව දේශපාලනඥයන් ගෙන ආ නිසා වෙන්න ඇති. නෙලුම් යාය පදනමින් ඒ පිළිතුරු දිය යුතුයි. මම ලංකාවට පැමිණිය මගේ වියදමින්. මාත් අටමත් කල්‍යාණ මිතරත් මෙවර බ්ලොග් තෝරා දීම පමණයි සිදු කලේ. අවශ්‍ය අවස්ත්වල ඉල්ලීමක් පැමිණි විට පමණක් අනිත් දේවලට දායක වුණා. ලැබුණු අනිත් ස්පොන්සර්ශිප් ගැන එහම අපේ සම්බන්ධයක් නැහැ. බ්ලොග් සඳහා ත්‍යාග මුදල් වෙනවද වගේම ත්‍යාගශීලි බ්ලොග්කරුවෙක් ගෙන් ලැබුනේ.

      Delete
    2. ස්තූතියි අජිත් මහත්මයා.
      මම හිතන්නේ බුකියේ මේ ගැන විවේචන ඇති අයට මේ පිලිතුරම සෑහේ කියලා.
      ස්තූතියි පැහැදිලි කිරීමට සහ සියලු දෙනාගේ කැපවීම ගෞරවයෙන් සිහිපත් කරනවා.
      ජය !

      Delete
  24. හැමටම සුභ පැතුම්

    ReplyDelete
  25. මාවැනි ආධුනීක බ්ලොග්කරුවන් ප්‍රවීනයිනට හඳුන්වාදීමේ වැඩ පිළිවෙලක් සංවිධානය කිරීම ඊලඟ සම්මාන උළෙලේදී සුදුසුයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ දැකීම ගැන සතුටුයි. නමුත් මට කතා කරන්න වෙලාවක් තිබුනේ නැහැ. ඒ ගැන ඉමහත් ලෙස කණගාටුවට පත් වෙනවා. එහෙම දෙයක් කරමු.

      Delete
  26. සම්මාන දිනපු හැමෝටම, තව අලුත් නිර්මාණ කරන්න මුලු හදවතින්ම සුබ පතනවා! සම්මාන උළෙලට වෙහෙස මහන්සි උනු හැමෝටම ගොඩක් ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ආපු එකට ස්තූතියි බැරි අමාරුවෙන් හරි. එරන්දි ටත් හස්බන්ඩ් ටත් ස්තූතියි ඒ උදව්ව කලාට

      Delete
  27. සම්මාන ලැබූ බොහෝ දෙනා සන්තෝෂ වෙන අන්දම ඔවුන්ගේ බ්ලොග් තුලින් දැක්කා.
    මාත් ඔවුන්ට සුබ පතන අතර ඔවුන් සමග සන්තෝස වන්නට එක් වෙනවා.
    පොඩි පාහේ උත්සවයක් උනත් සංවිධානය කිරීම පොඩි පහේ කටයුත්තක් නොවේ. සංවිධායකයින්ටත් මගේ ස්තුතිය!

    ඩියෝන් ගේ වාසිතය බ්ලොග් අඩවිය ගැන ඇති පාද සටහන ගැනයි මේ.
    බ්ලොග් ලිපිවල මුලාශ්‍ර දියයුතු යයි නියමයක් තිබේද?
    අනෙක මේ දක්වා ඇති නිර්ණායක (මුලාශ්‍ර නොමැති, අකුරෙන් අකුර පරිවර්තනය නොකර ඇති වැනි දේ) ඔබ කලින් දන්වා තිබුනාද?

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබ මුලාශ්‍ර භාවිතා කර ඇත්නම් ස්වභාවික රීතිය නම් ඔබ ඒ මුලාශ්‍ර සැපයිය යුතුයි. පරිවර්තනයක් නම් එය අනිවාර්යයෙන්ම කළ යුතුයි. එසේ නැතත් තමන්ගේ අදහස් නොවේ නම් එය කළ යුතුමයි. ලනක්වේ බොහෝ දෙන එය කරන්නේ නැති බව නම් දන්නවා . බුකිය පුරා අනුන්ගේ නිර්මාණ කොපි වෙනවා දකින්න පුළුවන්. අපි කලින් දැන්වුවත් නැතත් වෙනත් අයෙකුගේ නිර්මාණයක් කියල අපි දන ගත්තොත් සම්මානය දෙන්නේ නැහැ. මෙහිදී වසිතට එරෙහිව චෝදනාවක් රසුදැල් බ්ලොග් අඩවියෙන් ඉදිරිපත් කලා. තවත් කිහිප දෙනෙකුත් එම චෝදන්වට සාක්ෂි ඉදිරිපත් කලා. ඒ සියල්ල සසලකා බලා ඉන්පසු අදාළ ලිපියට වසිතයේ මුලාශ්‍ර සපයා ඇති බව දැන ගැනීමෙන් පසු එයට සම්මනය දෙන්නට තීරණය කලා.

      Delete
    2. ඔව් අනුන්ගේ දේවල් කොපි ඇන්ඩ් පේස්ට් කිරීම නම් කාටවත් අනුමත කරන්න බැහැ.
      දැන් මේ සම්මාන දිනු ලිපි කීයක මුලාශ්‍ර දී තිබෙනවාද?
      ඔබ කියන විධියට ඒවා ඔවුන්ගේ ස්ව තන්ත්‍ර නිර්මාණ විය යුතුයි.
      හැබැයි කථාව අන්තර්ජාලයෙනි වැනි දේවලුත් ???? හ්ම්ම් ඒකත් එහෙම වෙන්න ඇති නේ

      Delete
    3. //ඔබ කියන විධියට ඒවා ඔවුන්ගේ ස්ව තන්ත්‍ර නිර්මාණ විය යුතුයි.// , පරිවර්තන හා විද්‍යා තාක්ෂණ, ඉතිහාසය වගේ ඇරෙන්න අනිත්වා ස්ව තන්ත්‍ර නිර්මාණ විය යුතුයි. එසේ නොමැති නම් දන්වන්න. අපි හැම එකක්ම චෙක් කලේ නැහැ. බ්ලොග් කරුවන් එසේ නොකරනවා කියා හිතනවා.
      // කථාව අන්තර්ජාලයෙනි// වැනි ඒවා නම් තෝරන්නේ නැහැ. ඒ කියන්නේ වෙන අයෙක් ෆේස්බුක් දැමු එකක්බ්ලොගයේ පළ කලාට සම්මාන දෙන්නේ නැහැ.
      අමාවක අඩවියේ ඒ මහතා ගේ ලිපය එම මහතාම කියා තිබුන ඔහුගේ නොවන බව. එම ලිපිය ඉවත් කළ. එසේම එවැනි අවංක භාවයන්ට අපි ගරු කරනවා. වාසිත කියන්න අපොස උසස් පෙළ කරන දරුවෙකු නිසාත් ඔහු මුලින් කල වැරදි තිබූ බවත් සමහර චෝදනා සත්‍ය බවත් අවංකව පිලි ගත්ත. ඔහු ඒවා තමන්ගේ බ්ලොගයෙන් ඉවත් කර තිබුන. ඔහුගේ ලිපි දෙකක් වෙනත් කැටගරි වල නිර්දේශ වලින් අහක් කලා. එක ලිපියක් ගැන අප සෑහීමකට පත්වුණා කොපියක් නොවන බවත් මුලාශ්‍ර දී ඇති බවත්. පරිවර්තන, විද්‍යා තාක්ෂණ හෝ ඉතිහාසය මුලාශ්‍ර සපයාගෙන ලිවිය හැකියි. අපට කරනු ඉදිරපත් කල රසුදැල් ඇතුළු මහත්මියන්ටත් ඉතාම ස්තුති වන්ත වෙනවා එලෙස නිරීක්ෂණයේ සිටීම ගැන. ඔවුන්ගේ සේවය ඉදිරියේදීත් ලබා ගණන් කැමතියි.

      Delete
    4. //අපි හැම එකක්ම චෙක් කලේ නැහැ. බ්ලොග් කරුවන් එසේ නොකරනවා කියා හිතනවා. //
      සමහරුන්ගේ ඒවා චෙක් කිරීම හා තවත් අයගේ චෙක් නොකිරීම බොහොම වැරදි වැඩක් නේ. හරියාකාරව වැඩේ කළා නම් සියල්ල චෙක් කල යුතුයි නේද.
      බ්ලොග් කරුවන් එසේ නොකරනවා කියා සිතනවානම් කිසිවක් චෙක් නොකළ යුතුව තිබුණා. ඇයි වාසිතයේ හාදය කළුද එයාගේ ඒවා චෙක් කරන්න.

      //// කථාව අන්තර්ජාලයෙනි// වැනි ඒවා නම් තෝරන්නේ නැහැ. ඒ කියන්නේ වෙන අයෙක් ෆේස්බුක් දැමු එකක්බ්ලොගයේ පළ කලාට සම්මාන දෙන්නේ නැහැ.// අම්මප!, වැඩිය ඕනේ නැහැ බලන්නකෝ - පිරුණු කළය සහ පිපිරුණු කළය | නිදහස් සිතුවිලි | රන්දිකා රණවීර ප්‍රනාන්දු. කතාව අන්තර්ජාලයෙන්. ස්ථානය තුන!!.
      තව එතකොට ; - හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම - වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර | දසත සැරිසර ?? කෝ මුලාශ්‍ර?

      රසුදැල් මුලාශ්‍ර දෙනවා තමයි. නමුත් එයා දෙන 'අල්ලපු ගෙදර ලින්ඩ ගෙන්' වැනි දේවල් ඇත්තටම මුලාශ්‍ර නොවේ. මුලාශ්‍රයක් අවශ්‍ය වෙන්නේ ලියන්නා ලිපිය හොඳින් සොයා බලා ලිව්වද කියා සෙවීමට සහ පාඨකයාට එම මුල් ලිපිය (අවශ්‍ය නම්) සෙවීම සඳහායි. ඉතින් 'රසුදැල්' ඉන්න තැන වත් නොදැන කොහොමද 'ලින්ඩ'ව සොයාගන්නේ මුලාශ්රේ වෙරිෆයි කරගන්න. ඔන්න ඔහොම අය තමයි අනුන්ගේ මුලාශ්‍ර සොය සොයා ඉන්නේ. ටිපිකල් සිරි ලන්කන්.

      වාසිතයේ හාදය එච්චර මෝරලා නැති බව පෙනෙනවා. කොහොමද මිනිහ 'මුලාශ්‍ර: අල්ලපු ගමේ පල්ලියේ සුවාමිගෙන්' කියල දුන්න නං.
      අජිත්, මේ බ්ලොග් ලියවිල්ලයි විශ්ව විද්‍යාලේ තිසිස් සහ පැවරුම් එක්ක පටල ගන්න එපා. බ්ලොග් ලියවිල්ලේ 100%ක් ඇත්ත නැහැ. බ්ලොග් එකක් කියවන්න පුළුවන් එකා ඕනෙම නම් අන්තර්ජාලේ පොඩි 'සර්ච්' එකක් දාල ඒ ලියල තියෙන එව්වා හරිද වැරදිද කියල බලා ගනීවි.
      මුලාශ්‍ර දෙනවා නම් හොඳයි, නමුත් මුලාශ්‍ර නැහැ කියල බ්ලොග් පොස්ට් අස් කරවන්න ඔයා හරි මම හරි පොලිස් කාරයෝ නොවේ.

      Delete
    5. //හරියාකාරව වැඩේ කළා නම් සියල්ල චෙක් කල යුතුයි නේද// පුතේ බ්ලොග් 200 කට අධික සංඛ්‍යාවක් කියවල ඉන් 80 තෝරලා ඒවා නැවත කියවන කොට හැම එකම චෙක් කරන්නේ නැහැ. කොපියක් නොවේ කියල හිතෙන නිර්මාණ තීරණය කරන්න පුළුවන් එම බ්ලොග්කරුව කලින් ලියපුව සංසන්දනය කලහම.
      රන්දිකා රණවීර ට දීල තියෙන්නේ පරිවර්තන අංශයේ. දැන් ඒ කතාව ඒ විධිහටම තව කෙනෙක් පරිවර්තනය කරලා තියනවද? //ඒ කියන්නේ වෙන අයෙක් ෆේස්බුක් දැමු එකක්බ්ලොගයේ පළ කලාට සම්මාන දෙන්නේ නැහැ// ඔය ඔප්පු කරනවද ඒ ලිපිය වෙන කෙනෙක් ලියූ එකක් කියල? රන්දිකා වෙන අයගෙන් කොපි කරලා ලිව්වා කියල හිතන්න අමාරුයි .
      වාසිතගේ ලිපි වලට හාවඩ් ස්ටයිල් මුලාශ්‍ර අපි ඉල්ලුවේ නැහැනේ. ගත්ත තැන ලියන්න කිව එච්චරයි. එයට හේතුව අවසන් දවස් දෙකේ දැඩි පීඩනයක් එල්ල වුණා . එයා නිර්දේශ කරපු මහත්මයාම ඉවත් වුණා එයාව අයින් කරනන් කියල. මට චෝදනාවක් ආවා පෞද්ගලිකව දන්නා නිසා සම්මාන දෙනවා කියල. ඒ නිසා තමා ඔය සටහන් දැම්මේ. ඒ දරුවා වැරැද්ද හදා ගත්ත නම් පන්න පන්න දඬුවම් දෙන්න ඕනේ නැහැනේ.

      Delete
    6. //පුතේ බ්ලොග් 200 කට අධික සංඛ්‍යාවක් කියවල ඉන් 80 තෝරලා ඒවා නැවත කියවන කොට හැම එකම චෙක් කරන්නේ නැහැ.//
      අනේ "මාමේ", හැම එකම චෙක් කරන්නේ නැතුව සම්මාන දෙන්න තෝරන්නේ කොහොමද? මාමේ, ඔබේ කතාවෙන් හැඟෙන්නේ ඔය ගොල්ලෝ තම තමන්ගේ අයගේ ඒවාට විතරයි සම්මාන දීල තියෙන්නේ එහෙම නැතුව සුදුස්සාට නොවේ.

      //කොපියක් නොවේ කියල හිතෙන නිර්මාණ තීරණය කරන්න පුළුවන් එම බ්ලොග්කරුව කලින් ලියපුව සංසන්දනය කලහම.//
      කොයි රටේද එහෙම කියන්න පුළුවන්? උදාහරණ එහෙම ඇතිනේ. මා නම් දන්නා තරමින් කෙනෙක්ගේ එක නිර්මාණයක් නරක උනා කියල හැම එකම නරක වෙන්නෙත් එකක් හොඳ උනා කියල හැම එකක්ම හොඳ වෙන්නෙත් නැත.

      //ඔය ඔප්පු කරනවද ඒ ලිපිය වෙන කෙනෙක් ලියූ එකක් කියල? රන්දිකා වෙන අයගෙන් කොපි කරලා ලිව්වා කියල හිතන්න අමාරුයි .//
      මම ඔප්පු කරන්න අවශ්‍ය නැහැ මොකද මම රන්දිකා කොපි කළා කියා නොකී නිසා. මම තාමත් කියන්නේ නැහැ රන්දිකා ඒක වෙන කෙනෙක්ගෙන් කොපි කළාය කියා, එක මට අදාලත් නැහැ. නමුත් එය පරිවර්තනය කිරීමට කොතනින් ගත්තාද කියා රන්දිකා කියලා නැහැ. අන්න එකත් ඔය මුලාශ්‍ර දෙනෙකොට කෙරෙන දෙයක්. ඔරිජිනල් එක ලියපු කෙනාට එකේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. කතාව අන්තර්ජාලයෙන් කිව්වම කොහොමද හොයන්නේ, එකේ කොච්චර බිලියන් ගණනක් පොස්ට්, වෙබ් පේජ් තිබෙනවාද? අජිත් ඉතින් පොඩි බබෙක් නොවෙයිනේ.
      අනෙක අජිත්, හිතන්න අමාරු දේවල් කොච්චරක් කියල වෙනවද, බලන්න ඔබගේම ලිපියක අර මැරුණු LTTE සෙබලා කියූ දේ, 'K' අකුරින් පටන්ගන්න තැනක ... ලෙසට.

      //වාසිතගේ ලිපි වලට හාවඩ් ස්ටයිල් මුලාශ්‍ර අපි ඉල්ලුවේ නැහැනේ//
      ඒවා හාවඩ් ඉස්ටයිල් එකෙන් ඉල්ලන්න ඔබ හාවඩ් එකේ ස්ටාෆ් නොවෙයිනේ. අනෙක බ්ලොග් වල කොහෙද කියන්නේ මුලාශ්‍ර අවශ්‍යයි කියල.
      ඔබ කලින් කොමෙන්ට් එකක කියා තිබෙනවා 'ඔබ මුලාශ්‍ර භාවිතා කර ඇත්නම් ස්වභාවික රීතිය නම් ඔබ ඒ මුලාශ්‍ර සැපයිය යුතුයි' කියා.
      ඔව්, එසේනම් ස්වභාවික රීතිය අනුව කෝ ඔබලාගේ ගණන් හිලව්, කෝ ඔබලාගේ සම්මාන නිර්දේශ කළ කණ්ඩායම. ලිස්ට් එක තව දිගයි අජිත්.
      තමන්ගේ ඇහේ තියෙන පරාලේ පෙන්නේ නැහැ.

      //ඒ දරුවා වැරැද්ද හදා ගත්ත නම් පන්න පන්න දඬුවම් දෙන්න ඕනේ නැහැනේ. //
      ඒ කොලුවට දඬුවම් දෙන්න අජිත්ට හෝ මට බැහැ. අපිට ඒවාට අවශ්‍ය නීති ප්‍රතිපාදන නැහැ. තමුන්ට කැමති දෙයක් - හරි හෝ වැරදි - ලියන්න ඔහුට අවකාශ තිබෙනවා. නමුත් ඔහු හෝ අනෙකෙක් එම නිදහස අවභාවිතා කරනවානම් එය වැරදියි. නමුත් මෙතන මට නම් පෙනෙන විධියට දඬුවම් දිය යුත්තේ ඔබටයි. වැරදි වැඩේ කලේ ඔබයි, තේරීම නිර්ණායක කලින් කිව්වේ නැත (තේරීම් කලේ කවුද කියා වත් නොකියන අය ගෙන් ඕව බලාපොරොත්තු වෙන්න බැහැ තමයි)

      තාමත් ඔබ මා මුලිකවම කියූ දෙයට තවමත් උත්තර දුන්නේ නෑ.
      මුලාශ්‍ර නැතිනම් ලිපි අයින් කරනවා කියා නෙලුම්යයෙන් මුලදී කියුවේ නැහැ නේ. ඊළඟට කියාවි ව්‍යාකරනත් හරියට තිබෙන්න ඕනේ කියල. අක්ෂර වින්‍යාෂයත් නිවැරදි වෙන්න ඕනේ කියල.
      ඔබට අවශ්‍ය අයට සම්මාන දෙන්නත් අකමැති අයට නොදෙන්නටත් පස්සෙන් පහු නොයෙක් විධියේ කොන්ඩිෂන් දැමීම හරිම කැත, බාල වැඩක්.
      //අවසන් දවස් දෙකේ දැඩි පීඩනයක් එල්ල වුණා// ඔව්, වැරදි වැඩ කරනකොට පීඩනය වැඩියි තමයි. ඔයින් ගියා ඇති, තව සමහරුන්ට ආතතියත් හැදෙනවා.

      කොහොමත් අවසානයේදී කළේ අජිත්ට ඕනේ අයට මුලාශ්‍ර හෝ මොක නැතත් සම්මාන නිර්දේශ කළා, ඔවුන්ට සම්මාන දෙන්න ඕනේ නිසා නැති හේතු ඇති කරමින් අන් අයව කපා දැම්මා. මේක අජිත් පෞද්ගලිකව හෝ අජිත්ව 'මෝරා' කරලා පැත්තක ඉන්න පපට් මාස්ටර් කෙනෙක් හරි කළා.

      වැරදි වැඩක් කලහම එක වහන්න තව සියයක් වැරදි වැඩ කරන්න වෙනවා, එත් අන්තිමේ අර මුල් වැරැද්දවත් වහ ගන්න බැහැ
      අජිත් බ්‍රෝ, මිනිසෙක් උනහම ගරුත්වයක් (dignity) කියල දෙයක් තිබෙනවා. ඒක පරිස්සම් කරගන්න (කැමති නම්)

      Delete
    7. මම වෙන ඇනෝ කෙනෙක් . මම වාසිතගේ නිර්දේශ බලලා අයින් කරයි කිව්ව ලිපි කියෙව්වා. සංචාරක සටහන් එක ලිපිය ගමුකො මුලින්. මෙන්න ලින්කුව https://wasithaya.blogspot.com/2016/12/1.html?m=1  මේ ලිපියෙ මූලාශ්‍ර තියෙනවනේ. කව්ද නෑ කියන්නේ. ඔය කියලා තියෙන්නේ තන්තිරිමලෙන් අරගත්තු ලීෆ්ලට් වලිනුයි, බිත්ති පුවත්පත් වලිනුයි කියලා. තව මොනවද අජිත් ඕනෙ?? අනික මේ ලිපියෙ තියෙන ඡායාරූප වල අයිතියත් එයාගෙ. එයාට අයිති නැති ඡායාරූප කිහිපයක් තියෙනවා. වාසිත ඒ ඡායාරූප වල අයිතිකරුවන්ගේ නම් සදහන් කරලා ස්තුති කරලත් තියෙනවා. අද ඡායාරූපයක් බ්ලිග් එකට දාද්දි ඒවයේ මුල් හිමිකරුවන්ගේ නම් දාන්නේ කීයෙන් කී දෙනාද අජිත්? මේ ලිපිය ඉවත් කරපු එකනන් අසාධාරණයි.

      Delete
    8. වෙන ඇනෝ : වාසිත ගේ ෆේස්බුක් එකවුන්ට් එකට ගිහින් මම කොමෙන්ටුවක් දමං මුලාශ්‍ර දාන්න කියල. අනිත් ඇනෝ - බළලා මල්ලෙන් එලියට පාන්නේ දැන් නේ.
      මම දැන් නිවාඩු යනවා. ගිහින් අවට පස්සේ (සිකුරාදා එන්නේ) නිර්දේශ දුන් අයගේ නාමාවලියක් දෙන්නම්. දැනට මතක විධිහට අටම්පහුර, කල්‍යාණ මිත්‍ර, හෙන්රි වර්ණකුලසුරිය, කසුන්, තුෂානි සහ තවත් අය එව්වා. ආයි ඔයා එව්වේ නැත්තේ. අපි පැහැදිලිව කිව්වනේ එවැන්න කියල. ඒ වෙලේ නිකන් ඉඳල දැන් පුස් පාට් දාන එක වැරදියි. අනික ඔය පක්ෂග්‍රාහී කතාව සම්පුර්නයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. බ්ලොග් සම්මන ලැබූ යට කරන තිරශ්චින බලු සහ කැත අපහාසයක් එක. දේශපාලන කේ දීපු එක අයෙකුවත්, කලින් සංවාද එක අයෙකු වත් අතීත කාම එක අයෙකුවත් මම දන්නේ නැහැ. අනිත් ඒවලත් පෞද්ගලිකව දන්න හඳුනන බ්ලොග් එකක් වත් නිර්දේශ කලේ නැහැ මම. අනිත් අය නිර්දේශ කරන කම් හිටිය එනිසාම මම දන්නා අයට අසාධාරනයකුත් වුණා. දැන් බයිලා කියන්න එපා.

      Delete
    9. මම චෙක් කලා කිව්වා වචනේ වැරදියි. කියෙව්වා කියලයි කියන්න ඕනේ. අනික අටම තමයි නිර්දේශ කලේ වසිත්ව. එයම තමා දෙන්න එපා කීවේ වැසිත කොපි කරනවා කියල චෝද්නවල් තියනවා කියල. අපි ඒක විභාග කලා . ඊට පස්සේ තීරණය කලා එකකට දෙනවා කියල ඒ තීරණයේ අටම හිටියේ නැහැ. එයා අයින් වුණා.

      Delete
    10. මේවා තමා ලැබුණු චෝදනා:
      //කොපි වලින් හොරකමින් තමන්ගේ ප්‍රතිරූපය හදා ගන්න උත්සාහ කරන කෙනෙකුට සම්මානයක් දෙනවා කියන්නේ ලංකාවටම දෙන වැරදි පුර්වාදර්ශයක්..හැමෝම එක ෆලෝ කලොත් අපේ රටේ අනාගතයට මොකද වෙන්නේ..අපේ රට දැනටත් ආගාධයට ගිහින්..
      //මේ මිතිල ගේ පිළිතුර එයාට :
      දැන් මේ නොමිනේට් වෙච්ච ඒවා කොපි කියලා කියන්නෙ කොහොමද ... මුල් කාලෙ මම මූලාශ්‍ර දැම්මෙ නෑ... ඒක ඇත්ත... ඒත් මම කොපි කරලා ලිව්වා කියලා කොහොමද කියන්නේ ... මම අන්තිමට ලිව්ව ඒවා බලන්න... මූලාශ්‍ර හැම එකකම දක්වලා තියෙනවා..// මේ තව චෝදනාවක්:
      මම හිතන්නේ රෙණු ඔක්කොම කියලා. ඒනිසා ඒ ඔස්සේ මම ලියන්න යන්නේ නෑ. කොහොමටත් අජිත් මහත්තයට මාත් එක්ක මළ පැන්න බව හුවමාරු වුන ලිපි වලින් මට තෙරුණා. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාලයේ කොපි කිරීම වෙන නිසා උසස් පෙල කරන දරුවෙකුට කොපි කිරීමට සම්මානයක් දීමද හරි? අජිත් මහත්තයා ඔබට ඔනේ නම් රතු කාර්පට් දාලා හොරනැවකුත් පිඹලා එයාට සම්මාන දෙන්න... මට නම් එකේ කිසිම ප්‍රශණයක් නෑ. මම ඔය වගේ දේවල් අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. ඔබ වගේ ලාංකික අය මට කොතෙකුත් හමු වෙලා තියෙනවා ඔබ ඉන් එක් අයෙක් පමණයි. මම ඔයා නම් අජිත් මහත්තයා මම කරන්නේ ඒ දරුවට ලෙඛන කලාව හරියට කරන්න ඉගෙනීමට අතහිත දෙනවා.. එකයි ඒ දරුවට දෙන්න පුළුවන් හොඳම සම්මානය අපි වැඩිහිටියෝ වශයෙන්. එහෙම නැතුව කොපි කරන බව දැන දැන ඔය ප්‍රොෆෙසර්ලාත් කරන්නේ කියලා සම්මාන දෙන එක නෙමෙයි. ප්‍රොෆෙසර්ලා විදිහට කොපි කරන්නේ දරුවෙක් විදිහට ඌට හරි වරැද්ද කවුරුවත් නොපෙන්නපු නිසා, //

      Delete
    11. සම්පුර්න සංවාදයම මා ළඟ තියනවා. බුදු හාමුදුරුවෝ අංගුලිමාල දඬු කන්දේ ගැහුවා නම් අද අංගුලිමාල පිරිතත් නැහැ. ඒ රහත් නමත් නැහැ. එච්චරයි. අපිට චෝදනාවක් අව. අපි ඒකට ඉඩ දුන්න. අපි ගත්ත තීරණය පිළිබඳව මම පෙනී සිටිනවා. එච්චරයි.

      Delete
    12. අජිත් ගේ 3 April 2017 at 09:27 කොමෙන්ටුවට

      අජිත්, මෙතැන් නිර්දේශ කළ අය ගැන ප්‍රශ්නයක් නැහැ නේද. කැමති අය නිර්දේශ එව්වා අනෙක් අය නිකන් හිටිය. පෙන්නන්නකො බලන්න මම මෙතන දාපු පුස් පාට් එක. වචන තිබුන පලියට අනුන්ට ගරහන්න එපා.
      ප්‍රශ්නේ තියෙන්නේ සම්මාන තෝරපු එක ගැනනේ. සම්මාන තෝරපු කෙනෙක් නැහැ කියලනේ මම කිව්වේ. ඒකෙන් හැඟෙන්නේ අජිත් (හෝ වෙනත් කෙනෙක්) අන් අය කපා දමා තමන්ට ඕනේ අයට සම්මාන දුන්නයි කියන එකනේ. අනික අජිත්ට ඕන ඕන වෙලාවට, එක එක්කෙනා කියපු විධියට තරඟයේ නීති රීති වෙනස් කරල තිබෙනවා. ඔබ කොතරම් ප්‍රතික්ෂේප කලත් වැඩේ පක්ෂග්‍රාහී තමා. මෙතන පක්ෂග්‍රාහී කියන්නේ යූ ඇන් පී, සිරි ලංකා නොවේ තමන්ට කැමති කියන එකයි.

      ඔබට ඔච්චර අමතක වෙනවානම් මෙන්න මෙහෙමයි මම මේ සංවාදේ පටන්ගත්තේ "සම්මාන ලැබූ බොහෝ දෙනා සන්තෝෂ වෙන අන්දම ඔවුන්ගේ බ්ලොග් තුලින් දැක්කා. මාත් ඔවුන්ට සුබ පතන අතර ඔවුන් සමග සන්තෝස වන්නට එක් වෙනවා." එතකොට ඔබගේ මේ "බ්ලොග් සම්මන ලැබූ යට කරන තිරශ්චින බලු සහ කැත අපහාසයක්" කියන එක මට කරන තිරශ්චින, බලු සහ කැත අපහාසයක්.
      මේ අතරේ බළලා මල්ලෙන් එලියට පනිනවා බලන්න ගිහිල්ල අජිත් නම් තොප්පිය හරියටම දාගෙන තිබෙන බව පෙනෙනවා.

      අජිත් මම නං බයිලා කියන්නේ නැහැ නමුත් ඔබ නං ඇම් ඇස් ප්‍රනාන්දුගේ ගෝලයෙක් වගේ පෙනෙනවා.

      Delete
    13. අජිත් ගේ 3 April 2017 at 09:32 කොමෙන්ටුවට

      ////කොපි වලින් හොරකමින් තමන්ගේ ප්‍රතිරූපය හදා ගන්න උත්සාහ කරන කෙනෙකුට සම්මානයක් දෙනවා කියන්නේ ලංකාවටම දෙන වැරදි පුර්වාදර්ශයක්..හැමෝම එක ෆලෝ කලොත් අපේ රටේ අනාගතයට මොකද වෙන්නේ..අපේ රට දැනටත් ආගාධයට ගිහින්..//

      අජිත්, මම ඕකම මෙහෙම කියන්නම්. තරඟයේ නීති රීති මුලින් නොකියා, තමන්ට ඕනෑ අයව තෝරාගැනීමට තරඟය අතරමැදදී නීති රීති වෙනස්කිරිමත් ලංකාවටම දෙන වැරදි පුර්වාදර්ශයක්..හැමෝම එක ෆලෝ කලොත් අපේ රටේ අනාගතයට මොකද වෙන්නේ..අපේ රට දැනටත් ආගාධයට ගිහින්
      පරණ කියමනක් තිබෙනවා "ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට" කියල.

      3 April 2017 at 09:33 කොමෙන්ටුවට
      ඔබගේ තීරණය පිළිබඳව ඔබ නිර්භීතව පෙනී සිටිනවා. එයට අප ගරු කල යුතුයි. නමුත් ඔබ කොපමණ පෙනී සිටියත් වැරදි තීරණයක් නිවැරදි වන්නේ නම් නැහැ.
      එම තීරණය වැරදියි කියා මා නැවතත් කියනවා.

      Delete
    14. අපි තරඟයක නීති රීති කියල දෙයක් මුලින්ම දාල තිබ්බ නම් ඔය චෝදනාව කරන්න තිබ්බ. නීති රීති හෙවත් ලකුණු දෙන විධි ගැන කිව්වේ විනිශ්චය කරන අයට විතරයි. එනිස අඑක අදාලම නැහැ.
      /ඔබට ඔච්චර අමතක වෙනවානම් මෙන්න මෙහෙමයි මම මේ සංවාදේ පටන්ගත්තේ "සම්මාන ලැබූ බොහෝ දෙනා සන්තෝෂ වෙන අන්දම ඔවුන්ගේ බ්ලොග් තුලින් දැක්කා. මාත් ඔවුන්ට සුබ පතන අතර ඔවුන් සමග සන්තෝස වන්නට එක් වෙනවා// එතකොට ඔවුන්ට සුභ පතන ඔයාම කියනවා , මම ඒක ගැන සතුටු වෙන තාරේ , මේ සම්මාන දීල තියෙන්නේ මට ඕන ඕන විධිහට් කියල. ඔලුව අතගාල සම්මාන ලාභීන්ට සැරෙන් ටෝකක්ක ඇනල . චිහ් මේ වගේ සම්මානත් ගන්නවද කියල. කොටිනම් නරුමවාදී කම මිසක් වෙන දෙයක් මෙතන නැහැ. අන්තිම නරුමයි. ඔය වාසිතව නිර්දේශ කලේ . අටම. අන්තිමට එයාට දෙන්න එපා කීවෙත් අටම. ඔය කොපි කැට් චෝදනා බලල. නමුත් ඒ ළමය ලියපු ඒ ලිපියේ වරදක් හෝ කොපි කැට් එකක් අපි දැක්කේ නැහැ. ඒ තීරණය එහෙමමයි. අනික ආවේ නැහැ කියල ලිස්ට් එක ඊළඟ යට සම්මාන දෙනවා කියපු එකත් වෙනස් කලා මාතලන් ගේ හෙම විරෝධය සලකලා . දේශපාලන අංක 3 ආවේ නැහැ. එහෙම වුණා කියල අංක 4 ට දුන්නෙත් නැහැ. අජිත් පැරකුම් අයින් වුන රුපවාහින සාකච්ඡා වලට හිටි ය කියල ඒ මහත්මයාම. ඒ තරම් කරලත් ඔහෙලා මේ කියන්නේ නරුමවාදී තිරශ්චින කතා . ඊළඟ සැරේ කරන අයටත් මම කියන්නේ කවුරු මොනවා කිව්වත් සම්මාන දෙන්න කියල. මේ දුන් සම්මාන වල වරදක් මම දකින්නේ නැහැ. එච්චරයි

      Delete
    15. //නීති රීති හෙවත් ලකුණු දෙන විධි ගැන කිව්වේ විනිශ්චය කරන අයට විතරයි//
      ඒ කියන්නේ වැඩේ කළේ හංගල කියලනේ. තව දුරටත් කියනවනම් ඔයාලට අවශ්‍ය අයට විතරක් දුන්න කියන එකනේ. හරි, එහෙම එන්න අජිත්.
      වැඩේ වන කරගෙන නිකන් සුදු හුණු ගාන්න ඕනේ නැහැනේ වැඩේ සාධාරණයි කියල.

      මම සම්මාන ගත් අයට කිසිම වරදක් කියලා වත් කියන්නේ වත් නැහැ. මම කියන්නේ නෙලුම්යයෙන් සාධාරණව තෝරලා නැති එකයි, නෙලුම්යයට ඕන ඕන අයට විතරක් සම්මාන දෙන්න 'සඟවාපු' (හෝ කොහෙත්ම තිබුනේ නැති නැති) ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළා කියලයි. අනික කෙනෙක්ව කපනවා මුලාශ්‍ර නැහැ කියා නමුත් මුලාශ්‍ර නැති කෙනෙකුට දෙනවා ඇස් කන් පියාගෙන. අන්න එකයි මම කියන්නේ. නැතුව සම්මාන දෙන්න එපා කියල නෙවෙයි.
      //නමුත් ඒ ළමය ලියපු ඒ ලිපියේ වරදක් හෝ කොපි කැට් එකක් අපි දැක්කේ නැහැ//. ඉතින් එහෙම නං ඔය බොරු චෝදනා කළ අය කවුද? ඒවත් හෙළි කරන්න. වැරදි වැඩ කරන එකා වගේම බොරු චෝදනා කරන එකාත් කරන්නේ ලොකු වැරැද්දක්.

      //මේ දුන් සම්මාන වල වරදක් මම දකින්නේ නැහැ// . නමුත් ඔබ ෂෝර්ට් ලිස්ට් උන අයගෙන් සමහරක් නොයෙක් නොයෙක් නැති හේතු සඳහන් කරමින් කපා දමා ඇති. අන්න එකයි වැරැද්ද. අන්තිමේ ඉතුරු කරගත්තේ ඔබට ඕනෑ අය පමණයි.මේ වාසිතයේ කේස් එක විතරයි එලියට ආවේ. තව නොදන්නා ඒවා කොච්චරක් ඇතිද? ඕව කැත වැඩ අජිත්.

      මම පොඩි කාලේ කියවපු රුසියන් ජනකතා පොත්වල තිබුන මෙහෙමෙ දෙයක්. 'නැති රටෙන් නැති දේ අරගෙන එන්න කියල'.
      සමහරවිට මෙතනත් ඔබ කලේ එවැනි දෙයක් වෙන්න ඇති. අන්න ඒවාට තමා කියන්නේ නරුමවාදී තිරශ්චින වැඩ කියා.

      කෙසේ වෙතත් ඔබ සම්මාන දුන්න. ඔබට දෙන්නම ඕන අය තියාගන්න නැති හේතු දාල අන් සමහරුන්ව කැපුවා.
      අජිත් කොච්චර වහන්න හැදුවත් ඕකනේද උනේ.

      Delete
    16. සම්මානයක් දෙනකොට විනිශ්චය කරන කොට තියනවා සාමූහික වගකීම කියල දෙයක්. මගදී කඩාගෙන ගියත් අන්න එක තියාගන්න එක තමා කර්ටසි කියල කියන්න.
      //කෙසේ වෙතත් ඔබ සම්මාන දුන්න. ඔබට දෙන්නම ඕන අය තියාගන්න නැති හේතු දාල අන් සමහරුන්ව කැපුවා.// ඔය දීල තියෙන සම්මාන ලිස්ට් එකේ ඔය කපපු හේතු හරි අනවශ්‍ය හේතු දාල කපපු ය කවුද කියන්න. නෙළුම් යයෙන් සාධාරණව තෝරලා නැත්නම් අර ටැබුව කර වගේවත් ඔය සාධාරණ අයව තෝරලා සම්මාන දෙන්න. නැත්නම් ලිස්ට් එකක් දාන්න. ඉවරයිනේ. එතකොට මාත් මේ චෝදන්වම ඔයාටත් කරන්නම්. නරුමවාදියෙක් කියන තවත් තහවුරු කරනවා. සම්මාන දුන් අයට සුභ පැතුම් දෙනවලු. නමුත් සාධාරණ නැහැලු. ඒ කියන්නේ උඹලට සුභ පැතුම් අසාධාරන් සම්මාන ලාභියෝ. මෙහම නරුම රැලක් මම අහන්නේ.
      ඔය වසිතට චෝදනැ කරපු අය තමයි අරුණාලෝකය කියන ෆේස්බුක් පේජ් එකට බ්ලොග් දාන්නේ . මම ඒ අයට මුකුත් කියන්නේ නැහැ. ඒ අය සම්මාන දෙන්න කලින් ලිඛිතව විරෝධය ඉදිරිපත් කලා . එහෙම උනන්දුවක් පෙන්වීම ගැන ඔවුන්ට ස්තුති කලා . ඒ ගොල්ලෝ ඔය වගේ හංගලා ගහන අය නෙමේ. වැසිත් ලියන මහත්මයත් එයාලාව දනනවා. ඒ ගොල්ලෝ මුලින් යාලු අය මම හිතන විධිහට. අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ඔච්චර නරුම වෙන්න එපා. වැඩක් නැහැ. සම්මාන දීල ඉවරයි.

      Delete
    17. //අනික කෙනෙක්ව කපනවා මුලාශ්‍ර නැහැ කියා නමුත් මුලාශ්‍ර නැති කෙනෙකුට දෙනවා ඇස් කන් පියාගෙන// මෙතනත් ඔබ වැනි නරුමවාදියෙකු වරදවා ගෙන කියා තේරෙන්නේ නැත්ද? මුලාශ්‍ර නැහැ කියල අප[ඉ කවුරුත් කැපුවේ නැහැ කියා වත් දන්නේ නැත්ද? සම්පුර්ණයෙන්ම ම කියා ඇති දේ කියෙව්වොත් තේරෙයි මුලාශ්‍ර නැහැ කියා අපි වාසිත බ්ලොග් අඩවිය ඉවත් නොකළ බව. ඒ වෙනුවට ඔහුට පණිවිඩයක් යවා මුලාශ්‍ර ඇතුල් වූවාද යන්න විමසා එය හොඳින් කියවා ඔහුට සම්මානය දුන් බව. (නිදි මරාගෙන ) එනිසා ඔබේ චෝදනා පදනමකින් තොර නරුමවාදී ලෙස කරන බව උදක්ම පැහැදිලිය.

      Delete
    18. චෝදනා කළ අය බොරු චෝදනා කලා යයි සිතිය නොහැක්කේ වාසිතය එම චෝදනා සමහරක් පිළිගෙන තම බ්ලොගය නිවැරදි කළ නිසා. කෙනෙක් වරදක් නිවැරදි කළ පසු පන්න පන්නා පහර දීමත් වරදක් යයි මට සිතේ.

      Delete
    19. මම තවත් වැඩිදුර මේ ගැන කතා කරන්නට අවශ්‍ය නැහැ. මේ පහත තිබෙන්නේ ඔබ ලිපියේ ෆුට් නෝට් එකයි.
      මෙහි ඔබම කියනවා මුලාශ්‍ර නොමැති නිසා ඉවත් කළා කියල. නමුත් රන්දිකාගේ පරිවර්තනයේ කෝ මුලාශ්‍ර, දසත සැරිසර ගේ එකේ කෝ මුලාශ්‍ර.
      නිදි මරාගෙන තමන්ගේ අයට දුන්නම සන්තෝස ඇතිනේ. කමක් නෑ අජිත්, කතාවක් තියෙනවනේ මයි කාර් මයි පැට්‍රොල් කියල. ඔහොම යන් .

      //ඩියෝන් මිතිල ප්‍රනාන්දුගේ වාසිතය බ්ලොග් අඩවිය: මේ බ්ලොග් අඩවියේ ලිපි මුලාශ්‍ර නොදෙන වෙනත් අයගෙන් කොපි ඇන්ඩ් පේස්ට් කරන වර්ගයේ බ්ලොගයක් යයි චෝදනාවක් ලැබුණි. මේ නිසා අපි ඔහුගේ ලිපි ඉවත් කර සොයා බැලුවෙමු. ඔහු 2017 ලියූ ලිපියක් ඉදිරිපත් කර තිබූ නිසා එය ඉවත් කළෙමු. තවත් ලිපියක් මුලාශ්‍ර නොමැති නිසා ඉවත් කළෙමු. ඉතිහාස අංශයේ තෙවන ස්ථානයට තේරුවේ ඔහුගේ තවත් ලිපියකි. එහි මුලාශ්‍ර දී තිබුණු අතර අකුරෙන් අකුර පරිවර්තනය නොකර ඇති බවට අප තිදෙනෙකු තීරණය කළෙමු//

      Delete
    20. ඔබ මෙය කෙසේ තේරුම් ගන්නේද යන්න මට නම් ප්‍රශ්නයකි. ඔහුගේ ලිපි වලට චෝදනා ඇති නිසා එක ලිපියක් මුලාශ්‍ර නොමැති බවට තීරණය කර ඉවත් කලත් ඊළඟ ලිපියට එසේ නොකළේ ඔහුට සාධාරණත්වයක් ඉටු කර දීමටය. මෙය සම්මාන උළෙලක් මිස දඬුවම් පමුණුවන ස්ථානයක් නොවේ. මේ නිර්දේශ සම්මාන දෙන්නට ප්‍රථම අපි පල කෙළෙමු. ඔබට රන්දික හෝ සදාත සැරිසර ගැන ප්‍රශ්නයක් තිබුන නම් රසුදැල් හා බුද්ධිනි වැනි ය කල ලෙසට ඒ ගැන අපට දන්වන්නට තිබුණි. ඔවුන් කල දේ නිවරදිය්. ඔබ කරන්නේ සම්මාන දුන්නට පසු අවලාද කීමකි. ඔබට විරෝධතා දක්වන්නට අවස්ථාව දී තිබුණි.

      Delete
    21. අපි හොඳ ලිපි අවුරුද්ද පුර නෙළුම් යයට එකතු කරන්නෙමු. සම්මාන දෙද්දී ඒවා මුලින්ම බලන්නේ එනිසාය. එසේම ලැබුණු නිර්දේශද බලන්නෙමු.
      මේ දසත් සැරිසර ඒ ගැන ලියන හැටිය:
      ///ජනශ්‍රැති හා ජනප්‍රවාදයන් කෙසේ වුවද දුටුගැමුණු රජතුමා එළාර රජු පැරදවීමෙන් අනතුරුව ක්‍රි.පූ.164 දී වහකෝට්ටේ කුඩා බලකොටුවක් ඉදිකළ බවට ඉතිහාසගත මූලාශ්‍ර වල සඳහන් වේ./// එම යොමුවට යන්න. වසර 2016 ජුනි 21 මා එම ලිපිය නෙලුම් යායේ පළ කලේ එය හොඳ නිසාය.
      Ajith DharmaJune 21, 2016 at 2:50 PM
      http://nelumyaya.com/?p=6064
      ඉතිහාස කතාව වටිනවා

      ReplyDelete
      http://dasathasarisara.blogspot.co.uk/2016/06/blog-post.html

      Delete
    22. දසත සැරිසරJune 24, 2016 at 11:09 AM
      නෙළුම් යායට ඈඳ ගත්තට ස්තූතියි.

      Delete
    23. මේව මම කියපුව නෙවේ අජිත්.

      9 April 2017 at 00:59 //මුලාශ්‍ර නැහැ කියල අප[ඉ කවුරුත් කැපුවේ නැහැ කියා වත් දන්නේ නැත්ද?//
      9 April 2017 at 15:51 //ඔහුගේ ලිපි වලට චෝදනා ඇති නිසා එක ලිපියක් මුලාශ්‍ර නොමැති බවට තීරණය කර ඉවත් කලත්//

      //මේ නිර්දේශ සම්මාන දෙන්නට ප්‍රථම අපි පල කෙළෙමු. ඔබට රන්දික හෝ සදාත සැරිසර ගැන ප්‍රශ්නයක් තිබුන නම් රසුදැල් හා බුද්ධිනි වැනි ය කල ලෙසට ඒ ගැන අපට දන්වන්නට තිබුණි. ඔවුන් කල දේ නිවරදිය්. ඔබ කරන්නේ සම්මාන දුන්නට පසු අවලාද කීමකි. ඔබට විරෝධතා දක්වන්නට අවස්ථාව දී තිබුණි.
      //

      මට විරෝධතා දක්වන්නට නං , ඔබ නිර්ණායක කෙසේ වෙතත් අඩුම ගන්නේ මුලාශ්‍ර බලනවා කියා මුලදී කොතනකවත් දන්වා තිබි නැහැනේ. මොනවාද බලන්නේ කියල නොදැන මා කොහොමද විරෝධතා දක්වන්නේ. රසුදැල් හා බුද්ධිනි කොහොම හරි ඒවා දැනගෙන ඇති. ඒවා ඒගොල්ලෝ විතරක් දැන ගත්ත හැටිත් හරිම අපුරු ඇති. ඔයා බබා අජිත්.

      9 April 2017 at 00:47 //වැඩක් නැහැ. සම්මාන දීල ඉවරයි//
      මෙන්න මේකෙන්ම තේරෙනවා ඔබගේ නියම නරුම ගතිය. විමල් විරවංශල ශිරාණි බණ්ඩාරනායක ගෙදර ඇරලා කලෙත් ඕකම තමයි. අර්ජුන් මහේන්ද්‍රන්ලා බොන්ඩ් බිස්නස් එක කරලා කියන්නෙත් ඕකම තමයි. වැඩේ කරලා ඉවරයි. දැන් මොකද කියන්නේ කියල. චන්ඩි පාට්.

      Delete
    24. //රසුදැල් හා බුද්ධිනි කොහොම හරි ඒවා දැනගෙන ඇති. ඒවා ඒගොල්ලෝ විතරක් දැන ගත්ත හැටිත් හරිම අපුරු ඇති. ඔයා බබා අජිත්.// මම හිතන්නේ මෙතන බබා පාට් දාන්නේ ඔය කියල. මොකද ඔය හොඳටම දැනගෙන කතා කරන්නේ කියලත් මම දන්නවා. රසුදැල් බුද්ධිනි වගේ අය කතා කලේ සාමාන්‍ය රීතියකට අනුව. ඔවුන් දුටු දෙයක් අපට දැන්වුවා. ඉන් කෙනෙක් තවත් දුර යමින් මම වසිතය පෞද්ගලිකව හදුනනව කියලත් ලංකානිව්ස්වෙබ් අඩවිය මින් කරන උළෙල තවත් රජයට පක්ෂපාති එකක් හොරනෑව කියලත් හැඳින්වූවා. ඒ මොනවා කිව්වත් ඔවුන්ගේ චෝදනා අපි විමර්ශනය කලා. ඕක කොච්ඡාර තර්ක කලත් ඔච්චරම තමයි. එයාල වගේම ඔයත් ඉන්නේ තමන්ගේ මතයේ අපි වැරදියි කියල. එච්චරයි. එහෙම හිතා ගන්න. නමුත් පි අපේ සම්මාන දුන්න කට්ටියව හෑල්ලු කරන්නේ නැහැ ඔයාල වගේ මිනිසුන්ගේ අසාධාරණ චෝදනා වලට භය වෙලා. ඔය ලක්මාල් වගේ අය එක්ක සම්මන උළෙලක් පවත්වා අතිශයින් සුපිරිසිදු විධිහට දෙන්න. දීල අපටත් උදාහරණයක් දෙන්න. අපිත් එන්නම් ඉගෙන ගන්න. අර අටම ම කිව්වා දවසක් බස් සම්මාන එකේ විනිශ්චය කාරයෙක් එක පොස්ට් එකක් ලියපු ඥාතියෙකුට සම්මාන දුන්න හැටි. ඕව ඔහොම තමයි. එකඟ නොවීමට එකඟ වෙමු.

      Delete
    25. // නමුත් පි අපේ සම්මාන දුන්න කට්ටියව හෑල්ලු කරන්නේ නැහැ ඔයාල වගේ මිනිසුන්ගේ අසාධාරණ චෝදනා වලට භය වෙලා//
      සම්මාන දීල ඔයගොල්ලන්ටම ඊට පස්සේ ඔවුන්ව හෑල්ලු කරන්න බැහැනේ. අනික මම කරන්නේ අසාධාරණ චෝදනාවක් නොවේ.
      මම මෙච්චරක් කිව්වා ඔබ අසාධාරණ විධියට කපල දාල තිබෙනවා කියල.
      //අර අටම ම කිව්වා දවසක් බස් සම්මාන එකේ විනිශ්චය කාරයෙක් එක පොස්ට් එකක් ලියපු ඥාතියෙකුට සම්මාන දුන්න හැටි. ඕව ඔහොම තමයි. එකඟ නොවීමට එකඟ වෙමු.// ඕව ඔහොම තමයි. අජිත් මේකෙදි පොස්ට් එකක් ලියපු එකෙක්ව කපල දැම්ම. ඕකේ, අපි එකඟ නොවීමට එකඟ වෙමු. ආසියා හංගගෙන අටේ කොලෙන් කපමු, අජිත්.

      Delete
    26. //අජිත් මේකෙදි පොස්ට් එකක් ලියපු එකෙක්ව කපල දැම්ම.// කාවද කපල දැම්මේ?

      Delete
    27. රසුදැල් සහ බුද්ධිනි රුහුනුහේවා සමග කතා කරන්නේ ලක්මාල් කන්දෙවිදන. එයාගෙන් ඇහුවනම් කියයි.

      Delete
    28. //ඩියෝන් මිතිල ප්‍රනාන්දුගේ වාසිතය බ්ලොග් අඩවිය: මේ බ්ලොග් අඩවියේ ලිපි මුලාශ්‍ර නොදෙන වෙනත් අයගෙන් කොපි ඇන්ඩ් පේස්ට් කරන වර්ගයේ බ්ලොගයක් යයි චෝදනාවක් ලැබුණි. මේ නිසා අපි ඔහුගේ ලිපි ඉවත් කර සොයා බැලුවෙමු. ඔහු 2017 ලියූ ලිපියක් ඉදිරිපත් කර තිබූ නිසා එය ඉවත් කළෙමු. තවත් ලිපියක් මුලාශ්‍ර නොමැති නිසා ඉවත් කළෙමු. ඉතිහාස අංශයේ තෙවන ස්ථානයට තේරුවේ ඔහුගේ තවත් ලිපියකි. එහි මුලාශ්‍ර දී තිබුණු අතර අකුරෙන් අකුර පරිවර්තනය නොකර ඇති බවට අප තිදෙනෙකු තීරණය කළෙමු//

      සොරි සොරි, පොස්ට් එකක් ලියපු එකෙක්ව නොවේ, (අඩුම තරමින්) පොස්ට් එකක් කපා දමා (සොරි... ඉවත් කර) තිබෙනවා.
      දැන් හරිද අජිත්.


      Delete
  28. සම්මාන ලබා ගත්‍ත සියලු දෙනාටම සුභ පැතුම්. ඒ වගේම මෙවර නෙලුම් යාය සම්මාන උළෙල වඩාත් සාර්තක කර ගන්න මහන්සි වුනු අජිත් අයියා ඇතුලු සියලු දෙනාටමත් සුභ පැතුම්.
    ජය වේවා!!!

    ReplyDelete
  29. සම්මාන ලබා ගත්‍ත සියලු දෙනාටම සුභ පැතුම්. ඒ වගේම මෙවර නෙලුම් යාය සම්මාන උළෙල වඩාත් සාර්තක කර ගන්න මහන්සි වුනු අජිත් අයියා ඇතුලු සියලු දෙනාටමත් සුභ පැතුම්.
    ජය වේවා!!!

    ReplyDelete
  30. සම්මාන ලබා ගත්‍ත සියලු දෙනාටම සුභ පැතුම්....

    ReplyDelete
  31. මෙතන ගොඩක් දේවල් කතා වෙලා තියෙන නිසා මේ ගැන කියන්න හිතුනා... සම්මාන උලෙලට මගේ ලිපි තුනක් නිර්දේශ උනා... එකක් නිර්දේශ වලින් ඉවත් කරා ඒක 2017 පල කරපු එකක් නිසා... ඉතිහාස අංශයෙන් නිර්දේශ වුන අනෙක් ලිපියට තෙවන ස්ථානය ලැබුනා... මෙතන ප්‍රශ්නෙට ආවෙ තුන්වෙනි නිර්දේශය. සංචාරක හා චායාරූප අංශයෙන් නිර්දේශ වුන ලිපිය. මම ලිව්වේ තන්තිරිමලේ ගැන. ගිය දෙසැම්බරේ ගිය චාරිකාවක් ගියා මඩු වලට... ඒ එන ගමන් තමා තන්තිරිමලේ ගියේ... අවසාන මොහොතේ චෝදනාවක් ආවා මේ ලිපිය කොපි කරලා දාපු එකක් කියලා...

    මේ ලිපිය කියවන කෙනෙක්ට තේරේවි මේකෙ වැඩිමනක් තියෙන්නේ ඉතිහාස කතාවක් කියලා ... මම තන්තිරිමලේ ගැන ඉගෙනගත්තු කියවපු දේවල් වලින් තමා ලිව්වේ... මගේ අදහස් වලින් විතරක් ලිව්වනන් මේක ප්‍රභන්දයක් වෙනවා... හරි දැන් බලමු මම මේකට මූලාශ්‍ර විදිහට ගත්තෙ මොනාද කියලා...

    තන්තිරිමලේ කෞතුකාගාරයෙන් මට ලැබුනා අත්පත්‍රිකාවක්... ඒකෙ ප්‍රධාන මාර්ගයේ ඉදන් තන්තිරිමලේට එන මාර්ගය ( සිතියමක් ) , තන්තිරිමලේ බලන්න තියෙන දේවල් , ඓතිහාසික වටිනාකම ගැන ලියලා තිබ්බා... මම මේකෙන් තොරතුරු ගත්තා... ඊට පස්සේ කෞතුකාගාරය ඇතුලේ තියෙන බිත්ති පුවත්පතෙන් තොරතුරු ගත්තා... ඒකෙ ලෙන් ගැන විස්තර තිබ්බා... තන්තිරිමලේ කෞතුකාගාරයේ ඡායාරූප ගන්න තහනම්... ඒත් මම මේ ලිපිය ගැන එයාලට කියලා විශේෂ අවසරයකින් ඡායාරූප අරගත්තා... ඔහොම තමා මේ ලිපියට විස්තර ගත්තේ... දැන් බලමු ඡායාරූප ගැන... මේ ලිපියෙ තියෙන වැඩිමනක් ඡායාරූප ගත්තෙ මම... මට ලෙන් වල ඡායාරූප ගන්න බැරි උනා... ඒ නිසා මුහුණු පොතේ සමූහයකින් මම ඉල්ලුම් කරා තන්තිරිමලේ ලෙන් වල ඡායාරූප කා ගාව හරි තියෙනවනන් දෙන්න පුලුවන්ද කියලා... එතකොට හැමෝම දන්න හදුනන හසිත චාමිකර අයියා මට ලෙන් වල චායාරූප දුන්නා... තව අක්කා කෙනෙකුත් ලෙන් වල තියෙන රූපාක්ෂර ගැන පොතකින් පින්තූරයක් මට එව්වා.... මම ලිපියේ හසිත අයියයි ඒ අක්කයි ගැන සදහන් කරලා ස්තූති කරා චායාරූප දුන්නට.

    කොහොමහරි මට චෝදනාව ආවෙ මම කාගෙද මන්දා පොතකින් මේ විස්තර ගත්තා කියලා... කොටින්ම මම ඒ කියන කෙනාගෙ පොතක් කියවලාම නෑ... එයාලා පොත ලිව්ව කෙනෙක්ගේ නමක් කිව්වා විතරයි, ඒ පොතේ චායාරූපයක්වත් මොකවත් පෙන්නුවේ නෑ... ඒ නිසා ඒ පොත මොකක්ද කියලා අදටත් මම හොයනවා... අන්තිමට මගේ මේ ලිපිය නිර්දේශ වලින් ඉවත් කරා... ඔහොමයි උනේ...

    මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි... මම ලියන ලිපි වල මූලාස්‍ර ගැන කාට හරි කුකුසක් තියෙනවනන් වැඩිය ඕන්නෑ මම අන්තිමට ලිව්ව ලිපි කියවන්න... එතකොට තේරේවි මම මූලාශ්‍ර ගැන කෙතරම් සැලකිලිමත්ද කියලා ..

    මේ තියෙන්නේ ලිපියේ ලින්ක් එක...

    https://wasithaya.blogspot.com/2016/12/1.html

    ReplyDelete
    Replies
    1. ඔබ කියූ දේවල් අපි පිළි ගත්තනේ.
      ඔබට චෝදනා කළේ සූරී නමැති මහත්මියක් හා බුද්ධිනී නමැති මහත්මියක්. එය විනිශ්චය මණ්ඩලයේ සියලු දෙනාට ඒවා තිබුන. ඒ ගොල්ල කැමතිනම් එලියට දාන්න පුළුවන්. අටම්පහුර (ලක්මාල්) මහත්මය ඔබව ඉවත් කරන්න නිර්දේශ කලා. අපි තිදෙනෙක් එයට විරුද්ධ වුණා. ඉන්පසුව තමා ඔබට මුලාශ්‍ර දෙන්න කිව්වේ.ඔබ ඉන්පසු අපට පිළිතුරක් එව්වා. අපි ඒකෙන් සෑහීමකට පත්වුණා. එක අංශයකට ඔබට සම්මානයකුත් අපි නිර්දේශ කලා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .