මේ ප්‍රශ්නය මුලින්ම අසා තිබුනේ කොකාවල මහතාගේ බ්ලොග් අඩවියේ මේ ලිපියේය. ඉන්පසු කල්‍යාණමිත්‍ර මහතා ද එවැනිම පැනයක් යොමු කර තිබුනේ මා ලියූ මේ ලිපියටය. නමුත් මේ ප්‍රශ්නය ඉතා සුලබ එකකි. නාසාව, රුසියාව හෝ වෙනත් යුරෝපීය රටවල් කරන අභ්‍යවකාශ පර්යේෂණ මුදල් නාස්තියක් ලෙස දකින බොහෝ පිරිසක් බ්‍රිතාන්‍යයේ මෙන්ම බොහෝ රටවල වෙසෙති. එම මුදලින් අප්‍රිකාවේ බඩගිනි නිවන්නට කතා කරන අයද සිටිති.
මිනිසා කියන්නේ මේ ලොව පරිණාමවාදයට අනුව විකාශනය වූ හෝ දේවවාදයට අනුව මැවූ සතෙකි. කොයි විධිහෙන් ගත්තත් මිනිසා විශාල කුතුහලයක් සහිත මොළය වැඩුණු , සිතා මතා වැඩ කරන සතෙකි.
හිතා බලන්න. පළමුවෙන්ම ගින්දර සොයා ගත් ආදී කල්පික මානවයා ගැන. ඔහු නිරීක්ෂණය කරන්නට ඇති ලැව් ගිනි. එසේම ගල් දෙකක් ගැටෙන විට ගින්නක් ඇතිවෙන හැටි. අකුණක් වැඩි ගසක් ගිනි ගන්නා හැටි. ගින්න දෙවියෙක් යයි (අදත් සමහරු සිතති) සිතූ හැටි. ගින්න හසුරුවන අයුරු ආදී මානවයා සොයා ගත්තේ මිට වසර මිලියන් 0.2 ත් 1.7 ත් අතර යයි විකිපෙඩියාවේ කියවේ.
අනිත් පිරිමින් හා ගැහැණුන් දඩයමේ යන්නට මොහුට හෝ ඇයට කතා කරන්නට ඇති.
"නැහැ මම එන්නම් පස්සේ. මම මේ ගින්න හදන්න යන්නේ. " ගල් දෙකක් අතුල්ලමින් හෝ ලී කෝටු දෙකක් අතුල්ලමින් ඔහු හෝ ඇය කියන්නට ඇත.
"අර ළමයි බඩ ගින්නේ. අපට බඩ ගිනි. මස් ටිකක් හොයන්න වරෙන්. බොරුවට වෙලාව නාස්ති කරන්න එපා". ඔවුන් කියන්නට ඇත.
"අපේ ඔය ගල් මුදල් වියදම් කරන්නට එපා". (මා උපකල්පනය කරන්නේ ලස්සන කැටයම් සහිත පාෂාණ ඔවුන් හුවමාරු ඒකකයක් ලෙස භාවිතා කරන්නට ඇති කියාය)
ඔහු හෝ ඇය එසේ නොකලා නම් අපේ පරිණාමය තව ප්‍රමාද වන්නට ඉඩ තිබිණි.
නමුත් ගින්න සොයාගෙන එයින් මස් පළහා කන්නට මෙන්ම සීතල දුරු කර ගන්නටද ඔවුහු ඉගෙනගත්හ. මානවයාගේ පරිණාමයට ඉන් සිදුවුයේ අති විශාල මෙහයකි.
ඔවුන්ගේ කුතුහලය එතනින් නතර වූයේ නැත. මිනිසා දැනුම සොයා ගියේ නිසඟයෙනි. ඔවුන් දර්ශනවාදීන් වූයේද එහෙයිනි. දර්ශනවාදී දැනුමේ ඔන්ටෝලොජිය යනු මේ දේවල් කුමක්ද යන්න විමසීමයි. එපිස්ටමලොජිය යනු අප මේ දේවල් දන්නේ කෙසේද යන්න යි. මේ දෙක එකිනෙකට ඇතැම් විට සමපාත වුවද දැනුම සොයා යාමේදී මිනිසා පසුබට වූයේ නැත. මරණයෙන් වන්දි ගෙවමින් ඔවුන් ඒ සඳහා ඉදිරපත් වූහ. (සොක්‍රටීස් ගේ සිට )
තාරක විද්‍යාව යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. ඉන්දියාවේ සිට චීනය දක්වාත් අලෙක්සන්ද්රියාවේ සිට ඔලිම්පස් දක්වාත් අපේ ආදිතමයින් තාරකා ගැන අධ්‍යයනය කළහ. තාරකා පද්ධති සටහන් කළහ. ඒවාට දෙවියන්ගේ නම් දුන්හ. එසේම ඉරබටු තරුව හෝ වෙනත් තරු පිහිටන ආකාරය දැනගෙන නාවික ගමනාගමනය හසුරුවා ගත්හ. කාන්තාර වලදී මග සොයා ගත්හ.
ඕලන්ද ජාතික ලිපෙර්ශි මෙන්ම මත්යෙස් සොයාගත් දුර දක්නය ගැලිලියෝ වැඩි දියුණු කළේ තාරකා නිරික්ෂනයටය. නමුත් ඉන්පසු දුර දක්නය නාවික ගමනා ගමනයට භාවිතා විය.
අක්ෂාංශ දේශාංශ භාවිතාවට ආවේත් යුරෝපිය ජාතීන්ට ලෝකය වටා ගමනේ යෙදෙන්නට මෙන්ම අධිරාජ්‍ය ගොඩ නගන්නට උදව් වුයේද මේ සොයා ගැනීම් මය. අමෙරිගෝ වෙස්පුචි සඳේ සහ අඟහරු ග්‍රහයාගේ පිහිටීම අනුව තමන් සිටින දේශාංශය ප්‍රථම වරට මැන්නේය. ඒ 1600 ගණන් වලය.
එම ඈත අතීතයේ සිට මෑත අතීතයට එමු. දෙවන ලෝක සංග්‍රාමය අවධියේ ජර්මානුවන් V 2 රොකට්ටුව නිෂ්පාදනය කළහ. මිනිසුන් 22 මරා දමමින් ලන්ඩනයට ප්‍රහාරයක් එල්ල කෙරුනේ 1944 දීය. ජර්මනිය යුදයෙන් පරාජය වූ පසු මේ යුදෙව් හා ජර්මන් විද්‍යාඥයන් ඇමෙරිකාවට සහ සෝවියට් දේශයට රැගෙන ගියහ.
මේ රටවල් දෙකේ අභ්‍යවකාශ ගමන් වලට අවශ්‍ය රොකට් තැනීම් ඇරඹුණේ ඉන් පසුවය. වර්නන් වොන් බ්‍රවුන් ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රථම රොකට්ටුව දුන්නේ එලෙසය. එසේ ඇරඹුන අභ්‍යවකාශ තරණයේ ප්‍රථම භාගය ජය ගත්තේ සෝවියට් දේශයයි. ඒ ප්‍රථම චන්ද්‍රිකාව අභාවකාශයට යැවීමෙන්, ප්‍රථම ජීවියෙක් (ලයිකා බැල්ල ) යැවීමෙන් හා ප්‍රථම මිනිසා යැවීමෙනි. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදය අභ්‍යවකාශය ජය ගත්තේ සෝවියට් දේශය පරයා යමිනි.
ඒ කෙසේ වුවද දැනුත් හොඳම හා බලවත්ම රොකට් තාක්ෂනය සතුව ඇත්තේ රුසියාව අත බව නාසා ආයතනයද පිලි ගනී. ඔවුන්ගේ මෙන්ම යුරෝපියඅභ්‍යවකාශ ආයතනයේ උපකරණ ආදිය ජාත්‍යන්තර අභ්‍යවකාශ යානයට ගෙන යන්නේ සෝවියට් රොකට්ටුය. සෝවියට් දේශය තමා ලත් දියුණුවේ වැඩි හරියක් භාවිතා කලේ න්‍යෂ්ටිකඅවි නිෂ්පාදනය සඳහා මෙන්ම යුධෝපකරණ නිෂ්දපානයන්ටය. එතරම් වැඩි දියුණු නොවුණු අති විශාල පරිගණකයන්ද කැමරාවන්ද මේ අභ්‍යවකාශ තාක්ෂණයෙන් ඔවුන්ට ලැබුණු දේවල්ය.
එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර විසින් අභ්‍යවකාශය ජය ගැනීමට ගිය ගමනේ අතුරු ප්‍රතිඵල ඉතා හොඳින් ලබා ගත්හ. සෝවියට් විද්‍යාඥයන්ට සහ නව නිපැයුම් කරුවන්ට ලොකු තැනක් ලැබුනේ නැත. අවශ්‍ය නම් සෝවියට් දේශයේ විරයා යන සම්මානය ලැබුණි . හොඳ නිවසක් ලැබුණි. එපමණකි. අභ්‍යවකාශ විද්‍යාඥයන් කෑම බීම සියල්ලම මෙන්ම හොඳ නිවෙස් ද ඇති ඔවුනටම සුවිශේෂ වූ තාරකා නගරයේ ජිවත් වූහ. (දැන් නම් රුසියාවේ තත්වය වෙනස්ය)
සෝවියට් හා ඇමෙරිකානු චන්ද්‍රකා තාක්ෂනය නිසා පණිවුඩ හුවමාරු ක්‍රම දියුණු විය. අද මොබයිල් තාක්ෂනය මෙන්ම වයර්ලස් තාක්ෂණයද දියුණු වූයේ ඒ නිසාය.
ඇමෙරිකාවේ එම නිපැයුම් තම තම තමන්ගේ නමට ලියා පදිංචි කල හැකිය. මේ නිසා අභ්‍යවකාශ වස්තුන් ගැන සෙවීම, අභ්‍යවකාශ තරණයන් හා ඒ සම්බන්ධ පර්යේෂණ වල අතුරු ප්‍රතිඵල ජනතාවට ලබා දෙන්නට ඔවුනට හැකි වුනි. පරිගණක තාක්ෂණයේ දියුණුව මෙන්ම නොයෙක් ප්රෝග්‍රමින්ග් භාෂාවන් දියුණු වීමටද තද බලපෑමක් තිබුණි.
සෝලර් පැනෙල් හෙවත් හිරු එළියෙන් විදුලිය නිපදවීම මුලින්ම කෙරුනේ අභ්‍යවකාශ යානා වල හා චන්ද්‍රිකා වල ප්‍රයෝජනයටය. දැන් අපේ නිවසේද සෝලර් පැනෙල් තිබේ. හදවත් වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කුඩා මෝටරය ද එවැනිම අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව නිසා ලැබුණු නිපැයුමකි. එසේම ජලය පිරිපහදු කිරීමේ ක්‍රම කිහිපයක්ම දියුණු වුයේද මේ නිසාමය. අවශ්‍ය නම් මෙවැනි බ්ලොග් ලිපි දහයක් ලිවීමට තරම් කරුණු එක් රැස් කරගත හැකිය.
නාසා ආයතනයෙන් පල කරන ස්පිනොෆ්ෆ් නම් සඟරාවක් තිබේ (මෙන්න යොමුව) එහි ඇත්තේ අභ්‍යවකාශ තරණය මෙන්ම එම වස්තුන් ගැන ඉගෙනීම සඳහා යොදා ගන්නා විද්‍යාඥ කාලය, ශ්‍රමය මෙන්ම මුදලේද අතුරු ප්‍රතිඵල ගැනය.
මේ වසරේ සඟරාවේ රොබෝටික්ස් දියුණුව ගැන ලියා ඇති තැනෙක රොකි 7 නමැති රොබට් යන්ත්‍රය රෝහල් වල භාවිතාව සඳහා යොදා ගන්නා හැටි පැහැදිලි කර තිබේ. මෙයට අරමුදල් යොදවා ඇත්තේ නාසා ජෙට් ප්‍රොපල්ෂන් ආයතනයයි. නාසා ආයතනය සඳේ පින්තුර වැඩි දියුණු කිරීමට තැත් කිරීමෙන් MRI හා CT ස්කෑන් තාක්ෂනය දියුණු වූ බව ඔබ දන්නවාද ?
ඉහත පින්තුරයෙන් දැක්වෙන පරිදි (ත්‍රිමාණ ඡායාරූප එන්ඩොස්කොපි) මොළයේ ස්කෑන් සහ ඔපරේෂන් කිරීමට අවශ්‍ය තාක්ෂණයන්හි බොහොමයක දියුණුවට මේ පර්යේෂණ බලපා තිබේ.
වෙනත් ග්‍රහලෝක සෙවීම හා ජිවය සෙවීම:
මා ඉහත දැක්වූ පරිදි ලෝකයේ ජිවය ඇති වුයේ කෙසේද යන්න ආදී කාලයේ සිටම අපට වද දුන් ප්‍රශ්නයකි. බොහොමයක් දාර්ශනිකයන් මේ ප්‍රශ්නයට සිත යොමු කළහ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගේ දේශනයක මෙන්ම ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන්ද මේ සඳහා වෙහෙසුනහ. ඇතැම් ආගමික ශාස්තෘන් වහන්සේලා සර්ව බලදාරී දෙවියෙක් ගැන කිවූහ.
නමුත් අපට සමාන ග්‍රහලෝක මේ අනන්ත විශ්වයේ තිබෙන බව දැන ගැනීමම අප ලද ජයග්‍රහණයකි. අප දන්නා විශ්වයේ බිලියන් 100 පමණ තාරකා තිබේ. එසේ නම් ඒවා වටා ගමන් කරන ග්‍රහලෝක තව කොපමණ සංඛ්‍යාවක් ඇත්ද? අප හා අපේ සුර්යයා අතර අප වැනිම ජීවයක් (ලෝකයේ මිලියන් 8.7 පමණ වන ජීවී විශේෂයන් ගනනක් තිබේ ) තිබිය හැකි දුර ප්‍රදේශය හැබිටබල් සෝන් යනුවෙන් හැඳින්වේ. ඉතින් එවැනිම දුර ප්‍රමාණයක තවත් ග්‍රහලෝකයක් තිබෙන්නේ නම් මෙහි ජීවය අහම්බෙන් ඇතිවූ විධිහටම එවැනි තැනක ද ජීවයක් ඇතිවිමේ සම්භාවිතාවක් තිබේ.
එය අපට දෙයාකාරයකින් වැදගත්ය. එනම් අප පමණක් නොව වෙනත් ජීවයන්ද විශ්වයේ ඇති බවට දැනෙන ප්‍රබල සාක්ෂියකි. එවන් පිටසක්වළ ජීවීන් සමුහයක් අපට වඩා බලවත් නම් ඔවුන්ගේ ආක්‍රමණයකින් ලෝකය බේරා ගැනීමටද අපට සිදුවනු ඇත. කොතරම් සුරංගනා කතාවක් ලෙස සිතිය හැකි වුවද එවැනි සම්භාවිතාවක් තිබෙන බවට ආචර්ය ස්ටීවන් හෝකින්ස් මහතාද අදහසක් පළ කළේය.
අනිත් ප්‍රශ්නය නම් මිට අවුරුදු 30000 කට ප්‍රථම අස්ටරොයිඩයක් වැදී ඩයිනෝසරයන් විනාශ වූ බවට ඇති මතයයි. අප සිටින පෙදෙසට කුයිපර් බෙල්ට් නමැති අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ කෙළවර පෙදෙසින් ධුම කේතු, අස්ටරෝයිඩ නිතර පැමිණේ. ඉන් විශාල එකක් හදිසියේ වැදුනොත් වෙන විනාශය කිව නොහැකිය. එසේ ලඟින්ම ගිය ඒවා කිහිපයක්ම පසුගිය දශකයේ විය. ඇමෙරිකාව හා රුසියාවද මේවා ගැන නිතර සෙවිල්ලෙන් සිටිති. අප කවදාවත් ඔවුන්ට ස්තූති කර තිබේද?
අවසන් වශයෙන් මෙම ගණනයන් කිරීම සඳහා උපයෝගී කර ගන්නා ක්‍රම වේදයන් ඉහත ලිපියේ පැහැදිලි කලෙමි. අවශ්‍ය අයට මේ වෙබ් අඩවියෙන් වලින් එම පර්යේෂණ දත්ත බැලිය හැකිය. ග්‍රහලෝක හත සොයා ගැනීමට පෙර ග්‍රහ ලෝක තුනක් ට්‍රාන්සිට් ක්‍රමයෙන් සොයා ගත්තේ බෙල්ජියමේ ලීජ් විශ්ව විද්‍යාලයේ ට්‍රපිස්ට් නම් දුරේක්ෂය භාවිතා කරන කණ්ඩායමකි. එය තව දුරටත් පරික්ෂා කර ග්‍රහලෝක හතක් සොයා ගන්නට උපකාරී වුනේ නාසා හි ස්පිට්සර් දුරේක්ෂයයි. ඒ පර්යේෂණ දත්ත ඕනෑම කෙනෙකුට බැලිය හැකි පරිදි පළ කර තිබේ.
ඉහත පින්තුරයෙන් (ආලෝක වක්‍ර light curves) පෙන්වන්නේ ග්‍රහලෝක හතෙන් පැමිණි ආලෝක දීප්තිය වෙනස් වන අයුරුය. මේවා බොරු දත්ත නොවේ. මා ක්වින් මේරි විශ්ව විද්‍යාලයේ උගත් අවධියේද මෙවැනි දත්ත නිරීක්ෂණය කිරමට අපට ගුරුවරුන් විසින් ලබා දුනි.
මුලින්ම හඳේ පස් ගෙනා රුසියාවද දැන් නැවතත් අභ්‍යවකාශ ගවේෂණයට එක්වී සිටීම සතුටකි. ඔවුන් 2018 දී නැවත සඳ වෙත යානයක් යවනු ඇත. ඉන්දියාවද, චීනයද මේ රටවල් ගොන්නට අළුතින් එකතු වී ඇත. මේ ශතවර්ෂය ඉතාමත් පැහැදිලිව මානව වර්ගයා ඉදිරි පිම්මක් පනිනු ඇති බව මගේ විශ්වාසයයි.
අජිත් ධර්මකීර්ති
සාමාජික - රාජකීය තාරකා විද්‍යා සංගමය
පින්තුරය:https://clipartfest.com/download/aec1d960ec939b4a3806d41febca7407d81d1762.html
https://www.nasa.gov/sites/default/files/files/Benefits-Stemming-from-Space-Exploration-2013-TAGGED.pdf
ස්පින්ඔෆ්ෆ් සඟරාව - https://spinoff.nasa.gov/Spinoff2017/index.html
https://arxiv.org/abs/1605.00616
http://www.sciencemag.org/news/2016/04/renaissance-russian-space-science
light curves