Thursday, 23 February 2017

ග්‍රහ ලෝක හතක නව සෞරග්‍රහ මණ්ඩලයක් - ග්‍රහ ලෝක තුනක ජලය ?

ට්‍රපිස්ට් - 1 පද්ධතිය 
හදිසියේ ම දුටු මේ පුවතින් ඉමහත් සතුටක් දැනුනි.  එනම් යුරෝපියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය එක්ව කළ දීර්ඝ නිරීක්ෂණ හා පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කුඩා වාමන (dwarf ) සූර්යයෙකු සමග ග්‍රහලෝක හතකින් සමන්විත  සෞරග්‍රහ මණ්ඩලයක් 2017 ෆෙබරවරි 22 වැනි බදාදා සොයාගෙන තිබේ.  මෙය හැඳින්වෙන්නේ ට්‍රපිස්ට් -1 (TRAPPIST -1) යනුවෙනි. අපට ආලෝක වර්ෂ 40 (එනම් හැතැප්ම ට්‍රිලියන් 235 පමණ ) ඈතින් පිහිටා  තිබෙන මෙම මණ්ඩලය සොයාගත් කණ්ඩායමේ නායක මයිකල් ගිලන් පවසන්නේ මෙහි විශේෂත්වයන් දෙකක් තිබෙන බවයි . එකක් නම් මේවා සියල්ල විශාලත්වයෙන් පෘථිවිය ට සමාන ඒවා වීමයි. නමුත් අපට වඩා වැදගත් වන්නේ දෙවන හේතුවයි.
එම ග්‍රහලෝකයක් මෙසේ විය හැක -Credits: NASA/JPL-Caltech


එනම් මින් ග්‍රහ ලෝක තුනක්ම තිබෙන්නේ ජිවය  පැවතිය හැකි සීමාවේ වීමය  ("habitable zone alias goldilocks zone'). මෙය හැබිටබල් සෝන් හෙවත් පැරණි ළමා කතාවක් වන  ගොල්ඩිලොක් හි දැරියගේ නමින් ද  හැඳින්වේ. එනම් මේ ග්‍රහලෝක තුන තමන්ගේ සුර්යයා ගේ සිට ඇති දුර අපේ පෘතුවිය අපේ හිරුට ඇති දුරට සමාන දුරකින් (මද වෙනස් කම් සහිතව) පිහිටා  තිබේ. එහි තේරුම නම්  මේවායේ ජිවය පැවතීමට අවශ්‍ය ද්‍රව ජලය තිබිය හැකි වීමය. ජලය තිබී නම් මහා සාගරද තිබිය හැකිය. එසේ සාගර තිබේනම් ජීවයට ද පැවතිය හැකිය.


පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කළ තවත් විද්‍යාඥයෙකු වන ඇමරි ට්‍රයාඩ් (Amaury Triaud) පවසා තිබෙන්නේ මෙම පද්ධතියේ වාමන සුර්යයා නිපදවන බල ශක්තිය අපේ සුර්යයාට වඩා  බොහෝ අඩු බවයි. එසේම ග්‍රහ ලෝක පද්ධතියද එකිනෙකාට ලඟින් පිහිට තිබේ. එනිසා ජලය පිහිටීමේ සහ ජිවය පැවැතීමේ සම්භාවිතාව වැඩිය. 


නාසා ආයතනයෙන් එලි දක්වන ලද වීඩියෝවක් ඉහත තිබේ. (Credits: NASA)

මෙසේ වෙනත් සුර්යයන්  වටා ග්‍රහලෝක තිබෙන බව දැන ගන්නේ කෙස්ද? මෙවැනි ග්‍රහලෝකයක්  නම් කරන්නේ  ට්‍රාන්සිට් එක්සෝප්ලැනෙට් (Transiting exoplanets) යනුවෙනි. "ට්‍රාන්සිට්" යනු හරහා ගමන් කරන යන තේරුම දෙන්නකි.

පළමු ක්‍රමය නම් බලවත් දුරේක්ෂයකින් කෙලින්ම නිරීක්ෂණය කිරීමයි. (direct imaging) මෙසේ නිරීක්ෂණය කර ග්‍රහලෝකයක් සොයාගත් ප්‍රථම දුරේක්ෂය ස්ටෙයාර් (STARE) නම් සෙන්ටිමීටර් 10 ක (කාචයක්) අපර්චර් එකක් තිබුණකි. අද අපට බ්‍රහස්පති, සෙනසුරු හෝ ඔවුන්ගේ චන්ද්‍රයන් මේ ක්‍රමයට නිවසේදී වුවද නිරීක්ෂණය කළ හැකිය.



ඊළඟ ක්‍රමය කොරෝනග්‍රපි (Coronagraphy) ලෙස හැඳින්වේ. උපකරණය දිසාවට එන හිරුගේ රශ්මි කදම්බය කිසියම් පෙත්තක් (disk) වැනි යමකින් සඟවා එය නිරීක්ෂණය කරනු ලැබේ. එසේ කරන විට කෙළින් ම බැලූ විට නොපෙනන සැඟවී මෙන් තිබෙන වස්තූන් අදුරු තිත් ලෙස පෙනේ. මේ ක්‍රමයට ග්‍රහලෝකයක් සෙවීමට නම් ඒවා තමන්ගේ හිරුට ඉතා ලංව පිහිට තිබිය යුතුය. පහත පින්තූරයේ පෙනෙන්නේ ෆොමල්හට් නමැති තාරකාව අසල එසේ ඩිස්ක් එකකින් වැසීමෙන්  ෆොමල්හට් b ග්‍රහලෝකය සොයා ගැනුණු අන්දමයි.

තවත් ක්‍රමයක් වන්නේ ග්‍රහලෝක තම සුර්යයා සමග පිහිටා  තිබෙන කෝණය ගණනය කිරීමයි. මෙය ඇන්ගියුලර් ඩිෆරන්ස් ඉමේජින් (Angular difference imaging) ලෙස හැඳින්වේ. HR8799 නමැති තාරකාව වටා  යන ග්‍රහ ලෝක තුනක් මේ ආකාරයෙන් සොයා ගන්න ලදී.

වඩාත්ම සාර්ථක ක්‍රමයක් වන්නේ සංක්‍රාන්ති හෙවත් ට්‍රාන්සිට් (transit method) කරයි. දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක 3565 න්  බහුතරයක් සොයාගෙන  ඇත්තේ මෙලෙසය.

සාමාන්‍යයෙන් ඈත තිබෙන තාරකාවකින් එන එළියේ දීප්තිය (brightness)  බලවත් දුරේක්ෂ මගින් නිරික්ෂනය කළ හැකිය. මාස ගණනාවක් හෝ අවුරුදු ගණනාවක් තිස්සේ කරන එම නිරීක්ෂණ  වලින් එම දීප්තියෙ නොයෙකුත් ආලෝක චක්‍ර වගු  (light curve graphs) ඇඳිය හැකිය. මෙම වගු බොහොමයක් ඇඳීමෙන් පසු ඒවා  නැවත නිරීක්ෂණය කරන විට මෙම ආලෝක වගු වල ඇතැම් තැන වල බැස්මක් නිරීක්ෂණය කල හැකිය. පහත පින්තූරය බලන්න. ඒ අර තාරකාව හරහා ග්‍රහලෝකය ගමන් කරන විට දීප්තියේ අඩුවක් පෙනෙන අන්දම නිරීක්ෂණය කරන්න.
ට්‍රාන්සිට් ක්‍රමය 

මෙය නිවසේදීද අත්හදා බැලිය හැකිය, නිවසේ ලාම්පුවක් (table light) උඩින් නූලක්  බැඳි බෝලයක් එල්ලන්න. ඉන්පසු එය ලාම්පුව වටා කරකවන ලෙස කෙනෙකුට භාර දෙන්න. ඔබ ලාම්පුව දෙස බලන දිශාව හරහා බෝලය යනවිට එමගින් ලාම්පුවේ  ආලෝකය වැසෙන  අයුරු නිරීක්ෂණය කරන්න.


ට්‍රාන්සිට් ක්‍රමය තව  දුරටත් 
ට්‍රාන්සිට් ක්‍රමයෙන් ගන්නා ආලෝකයේ දීප්තිය රැගත් වගුවක් 

මෙසේ  ලබා ගන්නා දත්ත  එකතු කර කොපමණ දීප්තියෙ අඩු වීම් ඇත්දැයි නිරික්ෂනය කළ හැකිය. ඉන්පසු ග්‍රහලෝක කිහිපයක්ඒ තාරකාව වටා යනු ඇත්දැයි යන කාල (දින වකවානු) ගණනය කිරීමෙන් සොයා ගත හැකිය.

තවත් ජනප්‍රිය ක්‍රමයක්  වන්නේ තාරකාව තිබෙන තැන හරියටම අස්ට්‍රොමෙට්‍රි (Astrometry ) නම් ක්‍රමයෙන් සොයාගෙන ඉන්පසු එම තාරකාවේ ඇතිවන කැළඹීම් (wobbles - චලනයන් ) අවට තිබෙන  අනිකුත් තාරකාවල් වලට සාපේක්ෂව නිරික්ෂනය කිරීමයි. එසේ කැළඹීම් ඇති වන්නේ එය වටා යන ග්‍රහලෝකයක් ඇති බැවිනි.  මේ චලන නිසා ආලෝක චක්‍ර වල වර්ණයේ වෙනස් කම් ඇතිවේ.

රේඩියල් වෙලෝසිටි  හෙවත් කේන්ද්‍රීය ප්‍රවේගය යන ක්‍රමයෙන් හිරු වටා යන ග්‍රහලෝකය මගින් ඇති කරන චලනයන්  (wobble)  හා  ආලෝකයේ වර්ණයන් ගේ වෙනස් කම් නිරික්ෂනය කළ ගණිතමය ලෙස  ඔප්පු කළ හැකිය.

මේ නාසා වීඩියෝව ක්‍රම පහක් ගැන රූප සහිතව හොඳ විස්තරයක් දෙයි. 


අප සිටින්නේ මේ නව ශත වර්ෂයේ සිදුවන ප්‍රබලම හෙළිදරව්වක් ඉදිරියේද?


මුලාශ්‍ර: https://www.nasa.gov/press-release/nasa-telescope-reveals-largest-batch-of-earth-size-habitable-zone-planets-around
A nearby star has seven temperate Earth-size planets
නාසා වීඩියෝව: https://exoplanets.nasa.gov/interactable/11/
ඉහළම පින්තූරය =http://www.telegraph.co.uk/science/2017/02/22/nasa-announcement-live/

46 comments:

  1. නාසා එක ලෝකේ හෙලවෙන්න තරමේ සද්දයක් දාන්නේ ට්‍රම්ප් එයාලගේ ෆන්ඩ්ස් කපන්න යනවාවද්ද?

    ReplyDelete
    Replies
    1. හැබෑටම ඒකත් වෙන්න පුළුවන්.

      Delete
    2. පිටසක්වල ජීවය පවතින බවට ඉතාම විශ්වාසදායක සාක්ෂි හමුවුනාය කියල නාසා එකත් සම්බන්ධව කරන ප්‍රෝඩාවක් ගැන ලියවුනු නවකථාවක් කියවල ඉවර වුනා විතරයි.එතනත් වෙන්නෙ නාසා එකේ වියදම වැඩියි කියල වියදම් අඩුකරන්ට යන වෙලාවක...:)

      Deception Point by Dan Brown

      Delete
    3. බලන්න ඕනේ අනිවාර්යයයෙන්ම. ස්තුතියි රවී

      Delete
  2. අද හතේ ප්‍රවෘත්තියට මේ ගැන කිව්වා. මේ තරම් දිග විස්තරයක් නෙමෙයි. ඉතින් මේ විස්තරයෙන් ගොඩාක් දේ දැනගත්තා. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න දුමී ගෙන කවියක් නැති කොමෙන්ටුවක්. ඉතිහාසයේ ප්‍රථම වතාවට?
      ස්තූතියි දුමී. රෑ නිදි මරාගෙන ලිව්වේ උණුසුම් ප්‍රවෘත්තියක් නිසා.

      Delete
    2. ඇවිත් බ්ලොගේ බැලුවම මම හවස්වෙලා
      අජිත් තිබුණෙ නව ග්‍රහයන් ගැන ලියලා
      මටත් සතුටු වැඩි හින්දම එය දැකලා
      කවිත් නැතුව කොමෙන්ටුවක් මා දමලා.......

      ඕකයි වුණේ මට.

      ජයවේවා!!!

      Delete
    3. හා හා එල. නව ග්‍රහයන් නෙමේ. ග්‍රහයන් හතයිනෙ. හේ හේ

      Delete
    4. මෙහි නව යනු "නවය" නොව " අලුත්" යන්නයි.

      Delete
    5. දන්නවා දුමි. විහිළුවට ලිව්වේ.

      Delete
  3. ඕක මොකද බං ග්‍රහලෝකයක් මගේ මූණ ගාවින්ම ගියා... ග්‍රහලෝකාගාරය බලන්න ගිය වෙලාවේ... අපි කීප දෙනෙක් ගුටිත් කෑවා.. ඇඟේ ග්‍රහලෝක යනවා කියලා කින්ඩිය දැම්මා කියලා..

    එතකොට දැන් අඟහරුගේ ජනපද හඳන්න යන වැඩේ නවත්තයිද,,,?

    ReplyDelete
    Replies
    1. හේ හේ. උඹ හින්ද ඕක පිලි ගත්ත හැකි. අඟහරු ජනපද වැඩේ තවම යනවා මම දන්නා විධිහට.

      Delete
  4. හොඳම එක තමයි ඔය ග්‍රහ ලෝක වලට දාපු නම් හත.
    මෙන්න මෙතන තිබුනේ

    ReplyDelete
    Replies
    1. විට්ටර් ගේ මල්ලි හැට්ටර් සාදරයෙන් පිලි ගන්නවා කොළඹ ගමයා විසින්. එකනම් මාරු අකලන්කය ගේ නම් ටික.

      Delete
  5. අපි විශ්වයේ තනිවෙලා නැහැ. අනිත් අයව සොයාගන්න මට්ටමට අපි දියුණු නැති එක විතරයි. වෙනත් සුර්යයන් හා ග්‍රහලෝක සොයාගන්න ආකාරය පැහැදිලි ලෙස විස්තර කිරීම අගනේයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසුදැල්. මේ පැත්තේ අවටත් ස්තූතියි කිව්වා එහෙනම්.

      Delete
  6. ගොඩක් දේ දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. මමත්,නොදත් බොහෝ දේ දැනගත්ත මේ ගැන.

      Delete
    2. ස්තූතියි නොකී කතා හා මනෝජ්. කාලෙකට කලින් ලියන්න හිටිය එකක් . ඊයේ ප්‍රවෘත්තිය නිසා ලිව්වා.

      Delete
  7. I believe alien life is quite common in the universe, although intelligent life is less so. Some say it has yet to appear on planet Earth.

    Stephen Hawking

    ReplyDelete
    Replies
    1. The surest sign that intelligent life exists elsewhere in the universe is that it has never tried to contact us. - Bill Watterson

      Delete
    2. I said that if an alien came to visit, I'd be embarrassed to tell them that we fight wars to pull fossil fuels out of the ground to run our transportation. They'd be like, 'What?' Neil deGrasse Tyson

      Delete
  8. වෙන ග‍්‍රහලෝක පිටසක්වල ජීවින් මොකටද මේ ලොකේ ඉන්න උන් හැසිරෙන්නේත් පිටසක්වලින් ඇවිල්ලාවාගේ නේ.

    නොදන්නා දේවල් ගොඩාක් දැනගන්න උපකාරිවුනා ස්තූතියි අජිත් මහතානනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග මහතා. මම හිතන්නේ ඒ පිටසක්වලින් ආපු අය වෙන්න ඇති.

      Delete
  9. Thanks Ajith....A very exciting discovery and A Really interesting article...:)

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ක්‍රිෂ් - සොරි රවී

      Delete
  10. ඕක හොයා ගත්තේ චතුරගේ උපදෙස් පිට නේද? කැත වැඩේ අජිත්, නිකමට වත් ඒ නම සඳහන් නොකළ එක..ඔයා හරි නෝටි.

    ReplyDelete
    Replies
    1. මෙන්න අප්පේ රේණුකාත් ඇවිල්ලා මේ පැත්තේ. මම ඒත් බැලුවා අද ඉර පෑව්වේ මොකද කියල මේ පැත්තට ඊයේ වැහැල ඩොරිස් ගේ හුළං පාරත් එක්ක.
      චතුර බිග්බැන් එකට පොඩ්ඩකට පස්සේ විශ්වයට ප්‍රදුර්භුත වෙච්ච නිසා ලිව්වේ නැහැ මේ වගේ පොඩි දෙයක් ගැන.හේ හේ

      Delete
  11. විශ්වයේ පරිමාණය අනුව සාපේක්ෂව කුඩා දුරක්වන ආලෝක වර්ශ 40ක් දුරින් මිනිසාට වාසයට සුදුසු තත්වයේ ග්‍රහයන් අඩංගු ග්‍රහ මණ්ඩලයක් පිහිටීම.
    2017 වසරේදී එය සොයා ගැනීම යන කරුණු සමිදාණන්ගේ සැලසුමක් විය හැකියි.
    එසේනම් කෙටි කලක් තුල මෙම ග්‍රහයන් වෙතට යාමට තරම් තාක්ෂණයක් ඉතා කෙටි කලකදී බිහිවිය යුතුයි.

    මෙය විය නොහැක්කක් නොවේ වසර 50ක පමණ කෙටි කාලයක් තුල න්‍යෂ්ටික තාක්ෂණය බිහිවූ බව සිහිකරගන්න.

    ReplyDelete
    Replies
    1. වෙනන්ත් පුළුවන්. සමිදාණන් කිව්වේ කාටද?

      Delete
  12. මේගොල්ලෝ දැකල තියෙන්නේ දැනට අවුරුදු 40 කට කලින් තිබ්බ ග්‍රහලෝක සෙට් එකක්නේ...
    දැන් ඒවා තියෙනවද නැද්ද කියල කවුද දන්නේ...
    ඕවා මේ දැන් අපි ඉන්න කාල වකවානුව ඒ කියන්නේ 2017 පෙබරවාරි වෙද්දී පැවතුනා කියන එක පවා දැනගන්න වෙන්නෙ 2057 දී...
    නාසා එකට හොඳයි මේ වගේ සීන් එකක් එදා වේල ගොඩ දා ගන්න...

    ReplyDelete
    Replies
    1. අර කවුද කිව්වා වගේ ට්‍රම්ප් සල්ලි කපනවාද දන්නේ නැහැ. එහෙම කියන්න එපා. ඔය වෙන ග්‍රහලෝක හොයන එක දැන් අවුරුදු 20 ක වගේ ඉඳන් කරන දෙයක්. දිගටම. වැඩිය හමුවෙන්නේ නැත්තේ හොයන්න මිනිස්සු අඩු නිසා. ඩේටා වැඩියි. අවුරුදු 40 ඇතුලත ග්‍රහලෝකයක් විනාශ වෙන්න තියෙන ශක්‍යතාවය අඩුයි නේද?

      Delete
    2. ඒ උනාට කියන්ඩ බැනේ එකපාරටම ඉර පුපුරලා ගියොත්

      Delete
    3. ඉරක් එහෙම එකපාරට පුපුරන්නේ නැහැ. කාලයක් ගියහම පුපුරන්නේ සුපර්නෝව කියන්නේ ඒවාට. ලිපියක්ම ලියන්නද ?

      Delete
  13. දැන් ඕක හොයා ගත්ත එකෙන් අපිට තියෙන වාසි අවාසි එහෙම මොනවයි? හැතැක්ම ට්‍රිලියන බර ගානක් දුර තියෙන ඒවා හොයන්න වලි කන අතරේ අර කොකාවල කියුව වගේ අහල පහල තියෙන ඒවගේ පරීක්ෂණ ටික ගොඩ දා ගත්තොත් නරකද? මම කොකාවල ගේ බ්ලොග් එකේදිත් අදහස් කරේ ඒක.. නැතුව මේක ඇත්තක් උනත් බොරුවක් උනත් ඒ හැටි වෙනසක් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. කොකාවල ටයි ඔයාටයි පිළිතුරු පිණිස වෙනම ලිපියක් ලියන්න හිතුව.

      Delete
  14. අද ලෝකෙම මුලාවෙලා.....
    ආර්ථික වෙළඳ රාමුව ඇතුලෙ විවිධ මත ප්‍රායෝගික වශයෙන් සත්‍යය බවට පත් කරන්න ධනවාදී රටවල් හෝ ලෝක මහා බලවතුන් විසින් ලියා නිම කරන්න බැරි තරම් මුදලක් වැය කරති.ඒ වැය කල මුදල දෙගුනයකින් තෙගුනයකින් හම්බ කරති.බොහෝ පරීක්ෂණ වල නිගමනයන් අතරමං වී ඇති කල ඒ බොහෝ පරීක්ෂණ වල ප්‍රතිඵල අසාර්ථක වූ කල එම පරීක්ෂණ සාර්ථක වූවා සේ සඟරා සහ මාධ්‍ය හරහා ප්‍රචලිත කරති.ඒවායේ සත්‍ය තොරතුර දකින්න අපට නොලැබීමේ අවාසනාව හේතුවෙන් එම තොරතුරු විස්වාස කිරීමට පොලඹවා ඇති මූත් නාසා ආයතනයෙ හෝ වෙනත් ප්‍රවෘතියක් කියවා එකවර විස්වාස නොකර අපට ඒ ප්‍රවෘතිය සත්‍යක් දෝ යන්න හිතන්නත් ශක්තියක් අවශ්‍ය කාලයක් මේ.
    උදාහරණ අනගාරික ධර්මපාල තුමා කියා ඇති පරිදි එයට තවත් වචන ටිකක් එකතුවෙන්,
    ...කන්න කටක් තිබුනට මදි....
    ...ඉන්න රටකුත් ඕනෑය...ඉන්න රටක් තිබුනට මදි...
    ...හිතන්න හිතකුත් ඕනෑය.

    ReplyDelete
    Replies
    1. හිතන් එක හොඳයි. දන මම ඉහත ලිපියේ ලිව්වේ ඔය කියන දේවල් බොරු කියල හිතන අයට පැහැදිලි කරන්න ඒ පිටුපස් තිබෙන ගණිතය. මට සූත්‍ර සමීකරණ ලියන්න තිබුන. නමුත් එතකොට ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ. මේ වගේ දේවල් වැරදි නම් ඒ පර්යේෂණ පත්‍රිකාව බොරු කියල ඔප්පු කරන එක තමා කරන්න තියෙන්නේ. නැත්නම් මේ දත්ටැහැ විශ්ලේෂණය සරල දේවල්. සූත්‍රය දන්නවා නම් වැඩේ කෙරුව හැකි.

      Delete
  15. දැං තියෙන්නෙ ඕකට යන්න ජෙට් එකක් හදා ගන්න එක.. හැක්...

    වටින ලිපියක් අජිත් අයියේ... ජය වේවා!!!

    ReplyDelete
  16. //මිනිසා මොළය වැඩුනු දියුනු සතෙක්//?ඇයි අපි නිහඬ ලොවම ක්ෂණයකින් විනාශයට පත් කරන න්‍යස්ටික ද්‍රව්‍ය නිෂ්පාදනයට යොමු කල මොළය උතුරු අප්‍රිකාව වැනි රටවල හෙක්ටාර් ගනන් තිබෙන හිස් බිම් වල වගා කිරීමට ඔය ගත් උනන්දුව සහ අවදානය මොළයක් ඇති මිනිසා නම් නාසා විද්‍යාඥයින් ඇයි ජීවත් වන අසරන(අප්‍රිකාව වැනි රටවල් north africa) මිනිසා වෙනුවෙන් නොගන්නෙ උත්සහයක්?ඔවුන් කරන සැම පරීක්ෂණයක්ම අගය කලයුතුය මූත් අපත් මිනිස් සිත් ඇත්තන් නම් ඔය කරන පරීක්ෂණ අද පීඩිත ජනයා වෙනුවෙන් කුසගින්න නිවන්න අවදානය යොමු කලා නම් මීට වඩා වඩා පිනක් සහ මීට වඩා ලෝකෙම ලස්සනයි.//මිනිසා ගෙ මොළය දියුනු නම් ඔය කරන පුහු පර්යේෂණ නිසා වැයකරන අසීමිත ධනය මිනිසාගේ එදිනෙදා ජීවනය ,සෞඛ්‍ය සම්පන්න බව රැකීමට අපත් ඔවුන්ගේ පලක් නැති පරීක්ෂණ නැවැත්වීමට උද්ගොෂණ කල යුතු යුගයක් බව අමතක නොකරමු.

    ReplyDelete
    Replies
    1. අනිත් ලිපියේ පිළිතුරක් දී ඇත .

      Delete
  17. මන් හිතන්නෙත් මේක ඇත්තක් නම් මේක මේ ශත වර්ෂයේ සිදු වූ හොදම දේ වෙයි. හැබැයි අර ෆිල්ම් වල වගේ අපිට පැරසිටමෝල් වෙලා යන්න දෙන්න ඒලියන් අයියලා එහෙන් එයිද දන්නෙත් නෑ. කොහොමත් මේ ගැන හෑදෑරිමක් තියෙන කෙනෙක්ගෙන් මෙවැනි හොද විස්තරයක් ලබාදීම වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඇත්ත සාපේක්ෂයි මෙතන. ඔඅබ් මේ ගනිතක්‍රමය පිලි ගන්නවා නම් ඒක අත්තක්. නැත්නම් නැහැ. අලියන් ලට බය වෙන්න ඕනේ තමයි. මෙහෙ එන්න පුළුවන් කියන්නේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .