Thursday, 7 August 2014

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න

කුමාර් එන දවස කියන්න බැහැ - පුබුදු ජයගොඩ  ලින්ක් එක :  එන දවස ගැන පුබුදු ජයගොඩ - ත්‍රිමාණ යේ  ප්‍රශ්නයකට උත්තරයක් 
(සමහර නොත්රෙන  තොත්ත බබාලාට -- මේක ලියා  ඇත්තේ දේශපාලනය කරන වාමාංශයේ ඇත්තන් ගෙන් පොඩි හිනාවක් සපයා ගන්න විතරයි. හීන යනු සැබෑවට සිදුවන  දේවල් නොවේ. )


අවුරුද්ද 20...කියමු. 

පසුබිම් කතාව: ගරු සෝ....හාමුදුරුවන්ගේ විපස්සයේ සෙක්සි සන්ධානය මහා විප්ලවයක් කර සාර් රජතුමා පරාද කර සෝ.......... හාමුදුරුවන් ලවා රජකම අහෝසි කරවා කෙරෙන්ස්කිගේ පන්නයේ මෙන්ශේවිකයන් සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන ලදී.  සෝ.... හාමුදුරුවන් ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති උන්නාන්සේ බවට පත්ව වැඩි කල් යාමට මත්තෙන් විපස්සයේම අන්තවාදී වාම කණ්ඩායම නව බෝල්ෂෙවික් වරු වශයෙන් සන්ධාන ගත විය. ඔවුන් නව මෙන්ශේවික් රජයට විරුද්ධව අරගල පටන්ගත්  අතර එයට හේතුව වශයෙන් පවසන ලද්දේ නව ආණ්ඩුව ඇමෙරිකාවට හා චීනයට ගැති තවත් එක් ධනපති ආණ්ඩුවක් බවයි. 
........................................................................................................................

.....................................................................................................................................

අලුතින් ඉන්දියාවට යා කර හැදු මන්නාරමට එන දුම්රිය පාරේ දුම්රියක් එයි. ඔස්ට්‍රලියාවෙන් ඉන්දියාවට ගිය කුමාර් ගුණරත්නම් ලෙනින් පිටුවහළේ සිට පෙට්‍රොග්‍රාදයට ආවාක් මෙන් මන්නාරම හරහා දුම්රියෙන් කොළඹට එයි. 
දීප්ති කුමාර විප්ලවයේ න්‍යායාචාර්ය තුමා  මල්මාලයක් රැගෙන එක සමාන නම් ඇති පක්ෂවල ආධාරයෙන්, එකට වමේ විප්ලවය කල තමන්ගේ මෙන් එකම වාගේ  වාසගමක්  ඇති තම සටන් සගයා  පිලි ගැනීමට බලා සිටි. අධ්‍යාපන ඇමැති නිර්මාල් රන්ජිත් සීයට  හයේ රතු පිත්තයක් අරගෙන දුම්රිය වේදිකාවේ හරියටම නවත්තන තැන හරහා  ඇදගෙන බලා  සිටින ගමන් දීප්ති කුමාරට විහිළුවක් කර සිනා සෙයි. දීප්ති සමග විප්ලවයේ අනු  න්‍යායාචාර්ය වැඩේ කල සුමිත් චාමින්ද  පිත්තය කපන්නට කුමාර්ට කතුර දෙන්නට බලා  සිටින ගමන් ඒ විහිළුවට සිනා වෙයි. වික්‍රමබාහු ඊලම්  කොඩියක් රැගෙන උතුරටත් එන්න යනුවෙන් පිකටින් බෝඩයක් උස්ස ගෙන බලා  සිටි. පුබුදු ජයගොඩ හා චමීර කොස්වත්ත රතු බලකාය හසුරුවන අතරේ අජිත් කුමාරසිරි  අලුත් තාලේ උපහාර ගීයක් පුහුනුවෙයි. ඕපාත මහත්තයා  අල්ලා  ගත්  ප්‍රති විප්ලවවාදී අනුර කුමාර හා ලාල්  කාන්ත ගෙන් තවමත් ප්‍රශ්න කරමින් සිටින නිසා මෙතන නැත.

අලුත් ආණ්ඩුවේ මාධ්‍ය ඇමති තුෂාර දස්කොන්  ත්‍රිමානය අප්ඩේට් කරන්න ෆොටෝ ගන්න ලෑස්ති වෙන කට්ටියට ගුරු හරුකම් දෙයි. .


"මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. මගේ සිහිනෙන්  මා මුදන්න ලං නොවන්න. ලං නොවන්න ...."
ප්.ලි. මෙය විකාර හීනයක් පමණි. 

රොසේට්ටාව ළඟා වෙයි

පින්තුරය ගත්තේ මෙතනින්: credit: wikipedia
අවුරුදු දහයකට පසු රෝසේට්ටා අභ්‍යවකාශ (රොබොටික්) යානය තම එල්ලයට අගෝස්තු 06 වනදා ළඟා  වුණා. මේක වැදගත් සිදුවීමක්. මෙම යානය හදාරන්න බල පොරොත්තු වෙන්නේ 67P චෙරුමොව් -ගෙරසිමෙන්කෝ කියන ධුම කේතුව. මෙය මුලින්ම හොයා ගත්තේ 1969 සෝවියට් දේශයේ අල්මා - අතා කියන නගරය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ක්ලීම් චෙරුමොව් හා ස්වෙත්ලානා ගෙරසිමෙන්කෝ යන තාරකා   විද්‍යාඥයන් දෙදෙනා විසින්. මෙය තමන් වටා  පැය  12.ය කට වරක් කැරකෙන අතර අවුරුදු 6.45 කට සැරයක් හිරු වටා කක්ෂය සම්පුර්ණ කරනවා. මෙය කිලෝ මීටර 3.5 පළල හා කිලෝ මීටර 4ක පමණ දිග කේතුවක් .
යුරෝපියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් රෝසේට්ටාව යැව්වේ මෙම  ධුම කේතුව හැදිල තියෙන්නේ මොනවයින්ද කියල හොයන්න වගේම , අප සිටින සෞර  ග්‍රහ මණ්ඩලයේ උපත හා විශ්වය උපත සම්බන්ධ කර ගන්න අවශ්‍ය තොරතුරු ලැබේවිය යන පදනමින්. අරියෙන් 5 රොකට්ටුවක් මගින් 2004 මාර්තු දෙවෙනිදා යැවු මේ යානය  මේ අගෝස්තු මාසයේ බලා  පොරොත්තු වූ පරිදි කේතුව වටා  කක්ෂ ගත වුණා.

දැන් මෙහි වැදගත්කම කුමක්ද? මගේ මේ ලිපියේ ධනවාදයේ ඊළඟ උපාය" ධනවාදය පවත්වා ගැනීමේ අලුත්ම ස්ට්‍රැටජිය (උපාය)"  බ්ලොග් ලිපියේ සඳහන් කලේ ඇස්ටරොයිඩ් වැනි අභ්‍යවකාශ වස්තුන්ට යානා යවා ඉන් අමු ද්‍රව්‍ය ලබා ගැනීමේ සැලසුම්. මමත් ගිය රාජකීය තාරක සංගමයේ දේශනය මෙතන. "රාජකීය තාරකා සංගමයේ දේශනය" හා ඒ පිලිබඳ BBC ලිපිය. http://www.bbc.co.uk/news/science-environment-25716103 . රෝසේට්ටුවේ කක්ෂ ගතවීම වැදගත් මේ පල නොකළ දේවල් පවා ඉගෙන ගැනීමට අවකාශය ලැබීමයි. 

රිචර්ඩ් බ්‍රන්සන් නමැති බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ධනපතියා වර්ජින් ගැලක්ටික් නමින් අභ්‍යවකාශයට මිනිසුන් ගෙනයන සේවාවක් පටන් ගන්න ලැහැස්ති කරලා තියෙන්නේ . එයාගේ මුල්ම යානය සාර්ථකව කක්ෂගත කළා පසු ගියදා.
රිචර්ඩ් බ්‍රන්සන් ඇත්තටම බලා  පොරොත්තු වෙන්නේ වෙන දෙයක් බව හෙළි වුණා. ඔහු කිවේ ඇස්ටරොයිඩ් කැනීම් සඳහා ඔහු යානා නිපදවීමට හා අමුද්‍රව්‍ය පොලොවට ගෙනත් විකුණා ලාභ ගැනීම ඔහුගේ බලා පොරොත්තුව බවයි. මෙයට දැන් තවත් අමෙරිකානු සමාගමක් එකතු වෙලා තිබෙන්නේ. ඩිප් ස්පේස් ඉන්ඩස්ට්‍රිස් කියන එක. මේ ලිපිය බලන්න

රුසියාවත් මේ තරඟයේ සිටිනවා ඉන්දියාව හා චීනය සමග. 

ඉදිරියේදී ධනවාදයේ අලුත් පිම්මවල් කීපයක් බලා පොරොත්තු වෙන්න පුළුවන්. මේ එකක් .


Wednesday, 6 August 2014

ගුරුතුමා ළමුන් ලවා ටොකු ඇන්නවිම හා ගුරු ගුටි

මේ කතාව ලියන්න හේතුව ළඟදී දැක්ක නිව්ස් එකක්. ගුරුතුමෙක් හෙවත් විදුහල්පතිවරයෙක් අනෙක් ළමුන් ලවා තව ළමයෙකුට ටොකු ඇන්නවිම ක් ගැන පත්තරේක දාල තිබුන. ගුරුතුමා අත්  අඩංගුවේ.  ඇත්තටම කණගාටුදායකයි. ගුරුතුමා හා ළමය දෙන්න ගැනම. මේ සිද්ධිය නිසා මතක් වුන දෙයක් මේ. 1972-1974 කාලයේ මගේ විදුහල හෙවත් ඉස්කෝලේ වුනේ ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය.  හරිම ලස්සන පරිසරයක් ලුණුගල තිබුනේ. අපි හිටියේ  පොලිස් නිවස්න වල. එතන අඩාවත්ත කියල පාරක් තිබුන.  ඒක පහලට එනකොට වතුර පාරක් පාරේ අයිනේ ගලාගෙන යනවා. ඒ හරිය පහු කරලා එනකොට කුඹුරු.  ඊට පස්සේ පෙනෙන්නේ ලස්සන කුමුකන් ඔය. එතනිං පන්සල පාරට හැරිලා තමා සෙන්ට්‍රල් එකට එන්න ඕනේ. ඒක තිබෙන්නේත් ලස්සන පරිසරයක්. කනිෂ්ඨ පාසැල තිබෙන්නේ පොඩි කඳු ගැටය උඩ . ලොකු පිට්ටනියකුත් තියෙනව.
මෙන්න ගුගල් පින්තුරේ.
credit to Google Maps: https://www.google.co.uk/maps/preview?source=newuser-ws
ඉතින් මම දෙකේ පන්තියේ සිට හතර පන්තිය දක්වා ඉගෙන ගත්තේ මේ කනිෂ්ඨයේ. මේ සිදුවීම  වෙනකොට මම තුනේ පන්තියේ වෙන්න ඕනේ.  මගේ පන්ති භාර ගුරුතුමියගේ ස්වාමියා (husband) තමා හතරේ පන්තියේ ගුරුතුමා. ඔහු ජාතික ඇඳුම අඳින කෙට්ටු උස පුද්ගලයෙක්. ඔහුගේ පුතා අපේ පන්තියේ හිටියේ.

එක දවසක් විවේකයෙන් පස්සේ ලොකු ගාල ගෝට්ටියක්. අපිත් කලබලේට බැලුව. අර ගුරුවරයා පන්තියේ ළමයෙක්ව මැදට අරගෙන බනිනවා. මේ විදුහලේ කනිෂ්ටේ  කෑල්ල ලොකු හෝල් එකක්. පන්ති බෙදල වෙන් කරලා තිබුනට බිත්තියක් වත් නැහැ. අනික් පන්තියේ උගන්වන දේත් ඇහෙනවා. ඉතින් අපි බැලුව මොකද වෙන්නේ  කියල. අර ළමය ටිකක් මහත හතරේ කියෙන්නේ අවුරුදු නමයක විතර දුප්පත් බව පෙනෙන පිරිමි ළමයෙක්. ටිකක් ලොකු කොට කලිසමක්  හා දුර්වර්ණ වෙච්ච ලා  කොළ පාට කමිසයක් ඇඳගෙන හිටියා  වගේ මතකයි. එයාට අපි සෝමේ කියමුකෝ. මන් හිතන්නේ මිනිහ ගණිතය ලියන පොත අරන් ඇවිල්ල නැහැ. කොහොම හරි එක පාරටම අර බැන බැන හිටිය ගුරුතුමා ආවේශ වුන වගේ වේවැල අර ගත්ත. දැන් මෙයා  අර අහිංසකයට ගහනවා. එකක් දෙකක් නෙමේ ගහ ගෙන ගහගෙන ගියා . කොල්ල මර හඬ දීල අඩනවා. අනික්  ඈත පන්තිවල ගුරුවරු හා ළමයිනුත් ඇස්  උඩදාගෙන කටවල් ඇරගෙන  බලන් ඉන්නවා. ටිකක්  වෙලා හති ඇරිය  මේ ගුරුභවතා ආයි  ගහන්ඩ පටන් ගත්ත ආවේශ වෙලා වගේ. අර කෑ  ගහලා අඬන කොලුවා එක පාරටම නිස්සද්ද වුණා . ගුරා ගහනවා තවම. ටිකකින් අපට වැඩේ තේරුණා. කොල්ලට චු යනවා. දෝරේ  ගලනවා වගේ.  අපේ පන්තිය හරියට එනකන් ගලාගෙන එන සයිස් එකට.
එක  ගුරෙක් ආවේ නැහැ කොල්ලව බේරා ගන්න. පොඩි වුනත් මම මාරාන්තික තරහකින් හිටියේ. අපේ පන්ති භාර ගුරුතුමිය එනකොට (බිරිඳ නිසාද කොහෙද) ගැහිල්ල නතර වුණා . කොල්ල බිම බලාගෙන හිට ගෙන හිටිය ඉස්කෝලේ ඉවර වෙනකම්ම පැයක්  විතර චු ගොඩේ. ඊට පස්සේ මොනවා වුනාද මම දන්නේ නැහැ. කොල්ලගේ අම්ම ඇවිත් පන්තිය හේදුවලු .
මේ ළමය ඊට පස්සේ ඉස්කෝලේ ආවේ නැහැ. මමයි අපේ පවුලේ කට්ටියයි ගමනක් කියා මන් හිතන්නෙ  ජනතා පුර කියන පාරේ. ඔහොම යනකොට කඳුගැට තියෙන හරියක අලුත දුන්න ඉඩම් වගේ කෑල්ලක් දැක්ක කටු මැටි ගෙයක් එක්ක. මන් දැක්ක සෝමේ ඉඳන් ඉන්නවා. කඳු ගැට්ට උඩ . අර කලිසමයි කමිසෙයි ඇඳගෙන. මාත් එක්ක ලාවට හිනා වුණා  ඇඳින  ගෙන.
ලංකාවේ "සමහර" ගුරුවරු ටිකක් තියෙන මධ්‍යම පන්තික ළමයිනට එක විධිහකටත්  නැති බැරි ළමයිනට තව විධිහකටත් සලකන බව මම දන්නවා. ඒත් මේක මහා කෘර කමක්.
නැති බැරි භේදය ගැනයි දුප්පතාට හැමදාම ගුටි ලැබෙන බවයි මන් ඉගෙන ගත්තේ එදා කියල මට හිතෙන්නේ.