කුමාර් එන දවස කියන්න බැහැ - පුබුදු ජයගොඩ ලින්ක් එක : එන දවස ගැන පුබුදු ජයගොඩ - ත්‍රිමාණ යේ ප්‍රශ්නයකට උත්තරයක්
(සමහර නොත්රෙන තොත්ත බබාලාට -- මේක ලියා ඇත්තේ දේශපාලනය කරන වාමාංශයේ ඇත්තන් ගෙන් පොඩි හිනාවක් සපයා ගන්න විතරයි. හීන යනු සැබෑවට සිදුවන දේවල් නොවේ. )
අවුරුද්ද 20...කියමු.
පසුබිම් කතාව: ගරු සෝ....හාමුදුරුවන්ගේ විපස්සයේ සෙක්සි සන්ධානය මහා විප්ලවයක් කර සාර් රජතුමා පරාද කර සෝ.......... හාමුදුරුවන් ලවා රජකම අහෝසි කරවා කෙරෙන්ස්කිගේ පන්නයේ මෙන්ශේවිකයන් සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන ලදී. සෝ.... හාමුදුරුවන් ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති උන්නාන්සේ බවට පත්ව වැඩි කල් යාමට මත්තෙන් විපස්සයේම අන්තවාදී වාම කණ්ඩායම නව බෝල්ෂෙවික් වරු වශයෙන් සන්ධාන ගත විය. ඔවුන් නව මෙන්ශේවික් රජයට විරුද්ධව අරගල පටන්ගත් අතර එයට හේතුව වශයෙන් පවසන ලද්දේ නව ආණ්ඩුව ඇමෙරිකාවට හා චීනයට ගැති තවත් එක් ධනපති ආණ්ඩුවක් බවයි.
........................................................................................................................
.....................................................................................................................................
අලුතින් ඉන්දියාවට යා කර හැදු මන්නාරමට එන දුම්රිය පාරේ දුම්රියක් එයි. ඔස්ට්‍රලියාවෙන් ඉන්දියාවට ගිය කුමාර් ගුණරත්නම් ලෙනින් පිටුවහළේ සිට පෙට්‍රොග්‍රාදයට ආවාක් මෙන් මන්නාරම හරහා දුම්රියෙන් කොළඹට එයි.
දීප්ති කුමාර විප්ලවයේ න්‍යායාචාර්ය තුමා මල්මාලයක් රැගෙන එක සමාන නම් ඇති පක්ෂවල ආධාරයෙන්, එකට වමේ විප්ලවය කල තමන්ගේ මෙන් එකම වාගේ වාසගමක් ඇති තම සටන් සගයා පිලි ගැනීමට බලා සිටි. අධ්‍යාපන ඇමැති නිර්මාල් රන්ජිත් සීයට හයේ රතු පිත්තයක් අරගෙන දුම්රිය වේදිකාවේ හරියටම නවත්තන තැන හරහා ඇදගෙන බලා සිටින ගමන් දීප්ති කුමාරට විහිළුවක් කර සිනා සෙයි. දීප්ති සමග විප්ලවයේ අනු න්‍යායාචාර්ය වැඩේ කල සුමිත් චාමින්ද පිත්තය කපන්නට කුමාර්ට කතුර දෙන්නට බලා සිටින ගමන් ඒ විහිළුවට සිනා වෙයි. වික්‍රමබාහු ඊලම් කොඩියක් රැගෙන උතුරටත් එන්න යනුවෙන් පිකටින් බෝඩයක් උස්ස ගෙන බලා සිටි. පුබුදු ජයගොඩ හා චමීර කොස්වත්ත රතු බලකාය හසුරුවන අතරේ අජිත් කුමාරසිරි අලුත් තාලේ උපහාර ගීයක් පුහුනුවෙයි. ඕපාත මහත්තයා අල්ලා ගත් ප්‍රති විප්ලවවාදී අනුර කුමාර හා ලාල් කාන්ත ගෙන් තවමත් ප්‍රශ්න කරමින් සිටින නිසා මෙතන නැත.
අලුත් ආණ්ඩුවේ මාධ්‍ය ඇමති තුෂාර දස්කොන් ත්‍රිමානය අප්ඩේට් කරන්න ෆොටෝ ගන්න ලෑස්ති වෙන කට්ටියට ගුරු හරුකම් දෙයි. .
"මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න. ලං නොවන්න ...."
ප්.ලි. මෙය විකාර හීනයක් පමණි.
ත්‍රිමානෙ කොමෙන්ට් වැටෙන්න වෙලා යනවා.අනික ඇපෲ නොකරන වෙලාවලුත් තියෙනවා..
ReplyDeleteවැඩේ කුරුවල් වුණා නේද , දස්කොන් මහත්තයට කියල කොමෙන්ටුව අහක් කර ගන්න ඕනේ
ReplyDeleteYou may say I'm a dreamer, but I'm not the only one!
ReplyDeleteHa ha Ano. Classic :)
ReplyDeleteමේ උපුටා ගැනීම ත්‍රිමාණ අඩවියෙන්,
ReplyDelete"කෙසේ නමුත් මේ වන විට විවිධ අකාරයේ මාධ්‍ය වාර්ථා වලින් කියවෙන්නේ කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණ මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නට අදහස් කරගෙන සිටින බවත්, දැනට ඔහුට ලංකාවට එන්නට ඇති නීතිමය බාධාවන් ඉවත් කරන්නට ජනාධිපති ලේකම් කාර්යාලය සමග සාකච්ඡා පවත් වන බවත් නොනිල ආරංචි මාර්ග ඔස්සේ විවිධ කතා පැතිරෙන්නට පටන් ගෙන ඇත. අනෙක් අතට ඔහු ඒ ආකරයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ මගින් ප්‍රධාන පක්ෂ දෙකට වඩා වැඩි අවාසියක් ජනතා විමුක්ති පෙරමුණට අත්විය හැකි බවත් මේ නිසාම ජනතා විමුක්ති පෙරමුණත් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නට සැළසුම් කරමින් සිටින බවත් වාර්ථා වෙනවා."
දීප්ති කුමාර මහතාගේ 'සමාජවාදී' කියන භාවිතයනම් මට කවදත් ගැටලුවක්. හොද වෙලාවට අජිත් හීනයක් දැක්කේ
http://3mana.com/%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80/
මේවා හීන මිසක් හැබැහින් සිද්ධ වෙන ඒවා කියල ඇනෝ හීනෙකින්වත් හිතනවද? අනික දීප්ති මල් මාලා අරගෙන කුමාර් පිලි ගන්න හරි දීප්ති නිර්මාල් එක්ක හිනා වෙන්න හරි යයිද? කුමාර් දීප්තිට වැඩිය උසද? දීප්ති කුමාර්ට වැඩිය උසද? නිර්මාල් සුමිත්ට වැඩිය උසද? සුමිත් දීප්තිට වැඩිය උසද? ඔවෙනේ ප්‍රශ්න . අමතක වුණා පතුල කරන මලයත් ඉන්නවනේ. හේ හේ අපි හිනාවෙලා මැරෙමු.
ReplyDelete