Tuesday, 2 June 2015

ජිජැක් ගේ කතාවේ විසංයෝජනය

ජිජැක් ලංකාවට ගෙනාවේ X -කණ්ඩායම බවත් ඔබ ඔවුන් ගැන සඳහන් කලේ නැත්නම් ජිජැක් ගැන කිසිවක් ලිවිය නොහැකි බවත් කියා කවුදෝ මට අවවාදයක් දුනි.  ජිජැක් ට සිජැක් කියා ලීවේ කවුරු හරි වලියක් අදීද බලන්නටය. ඇද්ද කෙනෙක් නැත.  මුල් ලිපිය බලන්න මෙතනට යන්න.  මා මුල් උපාධිය කලේ සෝවියට් දේශයේ නිසා ස්ලාවික් නම් මා උච්චාරණය කරන්නේ වෙනස් අයුරිනි. ඇමෙරිකානුවන් ජිජැක් හඳුන්වන්නේ ෂිෂෙක් යනුවෙනි. ස්ලාවික් වරු ඒ නම උච්චාරණය කරන්නේත්  එලෙසම ය.මගේ නමේ ධ අකුර රුසියානුවන්  ලිව්වේ ද යන්න ෂ හා ජ එකට උච්චාරණය වන අකුරක් හැටියටය.   කෙසේ වතුදු ඉහත ලිපිය කියවූ සැවොම හඳ  දෙස නෙත් යොමු කලා මිස ඇඟිල්ල දෙස බැලුම් හෙළුවේ නැත. හෙවත් ජිජැක් ට මොන නමින් කතා කලත් ඔවුන්ට එය වැදගත් වුයේ නැත. 

දැන් අපි අර ජිජැක් ගේ කතාව සාකච්චා  කරමු. 
කෝපි  කඩයට ඇතුළුවූ මිනිසා ඉල්ලන්නේ  කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ය. 

කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා කියන්නේ ඔවුන්  ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර බවයි. ඒ වෙනුවට ඔහු පාරිභෝගිකයාට  සීනි  නැති කෝපි  කෝප්පයක් මිලදී ගන්නට යෝජනා කරයි. 

සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා  මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.

ඔහු එසේ කියන්නේ ඇයි?  එක්කෝ කෝපි  කඩේ සීනි  සහ ක්‍රීම්  දෙකම නැත.  එසේ නැතිනම් කෝපි කඩේ බැරිස්ටා පාරිභෝගියකයාට වෙනත් නව විසඳුමක් යෝජනා කරයි. එනම් ක්‍රීම් නැති නිසා ඔහුට සිනි නැති කෝපි එකක් යෝජනා කිරීමයි. දැන් අපි සාමාන්‍ය වෙළඳ හලකට ගොඩ වැදී හෙම්බිරිස්සාව හැදී එන නිසා  සමහන් පැකට් එකක් ඉල්ලු විට කඩයේ සමහන් නැතැයි සිතමු. ඒ වෙනුවට කඩ හිමියා  කටුවැල් බටු පැකට් ඇත්නම් එය යෝජනා කරන නොඅනුමානය. එසේ නැත්නම් "අපි ළඟ  හොඳ තේ කොළ පැකට් වගයක් ඇවිත් තියෙනවා". "ආ මේ අලුත් බිස්කට් පැකට් ජාතියක් (හෝ තව මොනවා හරි)  කඩ හිමියා  හෝ සේවකයා විසින්  යෝජනා කරනු ලබයි. මා  ජිවත් වන එන්ෆිල්ඩ් වලට  නුදුරු  එඩ්මන්ටන් වල ඇති දෙමල ජාතිකයන් විසින් පවත්වා ගෙන යන වෙළඳ හලට ලංකාවේ කෑම මිලදී ගැනීමට මසකට දෙවතාවක්  පමණ යමි.  සමහර විට රතු හාල් සහ ලංකාවෙන් එවන කිතුල් පැණි  බෝතලයක් රැගෙන ඒමට  යන මම  අන්තිමට එන්නේ , ගෙදර උයන්නේ නැති වුනත් මුකුණුවැන්නා  මිටියක්, ගොටු කොළ මිටියක්, මාළු, කෙහෙල් මුව, දිවුල්  කිරි බෝතලයක්, රොටී සහ තව නොයකුත් දෑ මට නොදැනිම මිලිදී ගෙනය. මින් භාගයක්ම දේවල් යෝජනා කරන්නේ සේවකයා හෝ කඩ හිමියාය. ඔවුන්ගේ ලාභය ඇත්තේ ම අප සොයා ගොස් ගන්නා  එක භාණ්ඩයෙන් නොව තව මොනවා හරි අපට වැඩිපුර විකුණා ගැනීමෙන්ය.  සමහරවිට අදාල භාණ්ඩය නැත්නම් නැහැයි නොකියා තව මොකක් හරි දෙයක් විකිණිය යුතු මය. නැත්නම් පාරිභෝගිකයා වෙනත් ස්ථානයකට යනු ඇත.  ඔවුන් ගේ ලාභය අහිමි වනු ඇත.

අප විශාල සුපර්මාර්කට් එකකට ගිය විට සිදු වන්නේ කුමක්ද?  අද මම කිරි කාට්න් එකක් (බෝතලයක්) ගැනීමට කෑම පැයේදී ගොස් රයිස් පුඩින් එකකුත් , කඩල  ටින් එකකුත්, චොකලට්  බනිස් පැකට් එකකුත් රැගෙන ආවෙමි. අනිත් ජාති තුනම මම ඇලුම් කරන දේ නිසා හදිසි  අවශ්‍යතාවයක් නැති වුවත් මිලදී ගතිමි. අද දවස තුල මම ඒවා නොකෑමට හොඳටම ඉඩ තිබේ. 
බොහෝ අයගේ මේ භාණ්ඩ වලට ඇති ඇල්ම මිට වඩා බොහෝ දුර ගොස් තිබේ. භාණ්ඩ නිසා ජිවත් වන තරමට අපි ඒ දේට ඇලුම් කරමු. ඒවායේ ලාභය කාටද ලැබෙන්නේ කියන එක අපට ප්‍රශ්නයක් නොවේ. කාල් මාක්ස් "භාණ්ඩ වලට ඇති ඇලුම" ගැන පවසා ඉන් ලබන ලාභය ධනවාදය රැක ගැනීමේ මුලික පදනම බව පැවසුවේ බොහෝ කලකට පෙරය. නුතන ධනවාදයේ ප්‍රධානම සලකුණක් වන්නේ අපට අවශ්‍ය වුනත් නැතත් ඒ දේ අපට අවශ්‍ය බව ඔත්තු ගැන්විමය. ක්‍රීම්  නැති කෝපි කෝප්පයක් වෙනුවට සිනි නැති කෝපි කෝප්පයක් වුවද ඔබට (පරිභෝගියකයාට) ලබා දීමට අප (වෙළෙන්දා) සුදානම්ය. මේ භාණ්ඩ වලට ඇති ඇල්ම ගැන බොහෝ කලකට පෙර ලියු ලිපියට මේ යොමුවෙන් යන්න. 

දැන් නැවත අර පරණ කතාවට යමු. මෙයට ෆේස්බුක් එකේ පිළිතුරක් සපයන  ඇන්ඩි බෙස්ට් පරණ සෝවියට්  විහිළු කතාවක්  සිහි ගන්වයි. 

සෝවියට් කාන්තාවක් ආහාර (මස්) විකුණන වෙළඳ හලකට ගොඩ වැදී ඔවුන් ළඟ මස් විකුනන්නට  තිබේදැයි අසන්නිය. ඔවුන් "නැහැ අපි ළඟ නැහැ " යනුවෙන් පිළිතුරු දෙන අතර ඇගේ  දෙවන ප්‍රශ්නය එනම් "එහෙනම් කිරි තිබෙනවද ?" යන්නට කියන්නේ  "අපි විකුනන්නේ මස් විතරයි. පාරෙන් එහා පැත්තේ කඩේ තමා කිරි විකුනන්නේ. නමුත් ඒ ගොල්ල ගාව  කිරි නැහැ. "
ඇන්ඩි බෙස්ට් නමැති එංගලන්ත ජාතිකයා සෝවියට්  දේශය ගැන සිතන්නේද එසේමය. ඔවුන්ට කෑම සහ අනිකුත් භාණ්ඩවල දැඩි හිඟයක් ඇති අතර බොහොමයක් සෝවියට් වැසියන් සිට ඇත්තේ බඩගින්නේය. ඒ නිසා ධනවාදී රටවල සමාජවාදය පිහිටුවීමේ තේරුමක් නැත.  

මගේ අත්දැකීම ලෙස මා  ලිව්වේ බඩ  ගින්නේ පෙලෙන රුසියානුවෙක් හෝ කෙට්ටු රුසියා නුවෙක් මවිසින්  කිසිදා නොදුටු බවයි.


තවත් අත්දැකීමක් නම් මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගිය විටදී එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල්  වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැති බව නිරීක්ෂණය කිරීමයි.  ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන්  ගෙන් ඇසූ  විට පිළිතුර වුයේ කඩේ වැඩ කරන හොඳ ගැහැනියක වන මහත ගාල්යා  කඩේට  මස් මාළු  සහ අලුත් භාණ්ඩ පැමිණි විට හැමෝටම පණිවිඩ එවන බවයි. ඉන්පසු පස්සා දොරින් හොඳම අත්‍යවශ්‍ය භාණ්ඩ විකුනන බවයි.මේ නිසාම ඔවුන්ගේ ගෙවල් වල අග හිඟයක් නැත. මා  කිවේ මේ දුෂිත සමාජවාදය බවයි.  


මෙහිදී  මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ? යන ප්‍රශ්නයන් නැගුවෙමි. සෝවියට්  දේශයේ විනිට්සා නගරයේ ඉගෙනීම ලැබූ අපේ සහෘද බ්ලොග් ලියන්නකු වන වෛ ද්‍ය රුවන් එම් ජයතුංග විසින් සෝවියට් මිනිසුන් භාණ්ඩ සපයා ගන්න ආකාරය ගැන හොඳ ලිපියක් ලියා තිබුණි. මැක්සිම් ඉවානවිච්  නම් මේ ලිපිය හැකිනම් නැවත කියවන්න. සෝවියට් පන්නයේ  සමාජවාදී සමාජයේදී "නැති" පැට්‍රොල් සොයා 
දෙන තැනැත්තා ගැන කියවන්න. 
ලාභය අහෝසි කල විට වෙළඳ ආයතනයේ ළඳුන්ට තම දේවල් පරිභෝගිකයාට විකිනීමට අවශ්‍ය තාවයක් නැත. කඩ හිමියා  සෝවියට් රජය හෝ ප්‍රාදේශීය රජයයි. හෝ නගර සභාවයි. ඉතින් වෙන්නේ හැමෝම තියෙන දේවල් ටික උස්සගෙන යාමයි. කාටවත් විකිනීමට අවශ්‍යතාවයක් නැති මේ  රජයේ දේපල වලින් සොරකම් කිරීම සාමාන්‍යකරණය වීමක් සිදුවී තිබේ. එසේ උදව් කරන අය  හොඳ ගාල්යා සහ කරුණාවන්ත මැක්සිම් ඉවානවිච්ය.  සෝවියට් දේශය බිඳ වැටුනු  විට මේ සුපර්මාකට් සහ අනිකුත් විශාල කර්මාන්ත  ශාලා කුණු කොල්ලයට ඒ භාණ්ඩ පිට දොරින් විකුණු අයටම ලැබුණි. දැන් රුසියාව පාලනය කරන්නේ ඔවුන්ගේ නියෝජිතයාය. 

දැන් ජිජක් නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන පැවසුවේ කුමක්ද?


ත්‍රිමාණ පිළිතුරක්:
අජිත් , මෙතන ජිජැක් අවධාරනය කරන්නෙ “ධනවාදය”[capitalism] ගැන නෙවි , ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] නැතිව පවතින්න බැහැ යන අදහසයි. [0/-1] ඒ අදහස මත තමයි ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ .[capital as a suject]

-visiting:



92 comments:

  1. ඔය ජිජැක් බිජැක් එන්ට කලින් අපේ ආච්චි කඩේ ගොහින් බඩු ගේන දවස්වලත් ඔය කතාව කිව්වා. උන්දෑට එදාට ගන්ට උවමනා නැති කට්ටා කරවල, පැණිදුංකොල ආදිය වික්ක වික්ටර්ලෑ කඩෙන් උන්දැට විකුනලා උන්දැ බදොය්යගෙන එනවා මට හොඳට මතකයි. "මගෙ ඇඟේ ගැහුවා. ඒ ඉතිං කොයි වෙලෙන්දගෙත් හැටි නෙව" කියලයි උන්දැ ඒ වෙලාවට කියන්නෙ. අපිට ඉතින් පිටරට මොකෙක් හරි යමක් කිව්වොත් ඒක තමයි ඉතිං "න්‍යාය", "තියරිය", "සංකල්පය". අනේ බොලං.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනේ බොල එහෙම කතාවක්ද මේ කියන්නේ? අනුන් ඇඟේ ගැහූ දේවල් විතරක් නෙමේ අපි කැමති දේවලුත් අනිවාර්තෙන් ගන්නවා කියල මේ කියන්නේ. ජිජක් ල බිජක් ල මාක්ස් ල ඕනේ නැහැ සමහර දේවල් තේරුං ගන්ට. කොටින්ම බටහිර විජ්ජාව ඕනන්නෙත් නැහැ නොව. ඔය සොබාව දර්මයේ තියෙන දේමනේ උනුත් හොයා ගන්නේ. භාවනා කොරලා ඥානය පහල කොරගෙන ඔක්කොම දන ගත්ත හැකි ලු නේ. වැඩේ මේකයි ඔය දැනුන් තේරුං තියාගෙනත් අර පොලෝසියේ එවුන්ව අවොත් මරනවා කියන එවුන්ටමනේ බොලා ලා චන්දෙ දීල කවුන්සිලේට යවන්නෙත්. ඕකට තියරිය න්‍යාය ඕනේ නැහැ තමා. කුට්ටියෙන් කොටසක් බොලටත් ගන්න දුන්නහම ඇති.

      Delete
    3. ඇයි බොල ඒක නේන්නං කිව්වෙ. එදාට උන්දැට ගන්ට උවමනා නැති දේවලුත් ඇන්න ආවා කියලා. මොකෑ උන්දැ නොකන නුවුමනා දේවල්ම ගෙනාවයැ. බොටත් ඉතින් ඇඟිල්ලෙන් අනිනකං තේරෙන්නෑ නෙව. බොගෙ දේසපාලනෙත් මෙතනට ඈඳගෙන තියෙන්නෙ. ඔන්න ඔහොමයි බොලා ප්‍රශ්නෙන් පැනලා යන්නෙ හිටං.. හැක් හැක්

      Delete
    4. අනේ බොල බොට මේවල කොමෙන්ට් දාන්න වෙලා තියෙන්නෙත් පිටරට එවුන් හොයා ගත්තු කොම්පියුටර් වල ඉන්ටනෙට් එකේ නොව. නැත්ද ඔය බොලගේ එවුන් හොයා ගත්ත මුකුත් අපිට සංවාද කොරන්න ?

      Delete
    5. ඔය කිව්වෙ ගොන් නාම්බා. යකෝ හඳ පෙන්නපුවම ඇඟිල්ල දිහා බලන්ට එපා. පිටරටටම අදෝමාර්ගය දීපන්. සංවාද කොරන්න ! බොලා ගමයෙක් කියාගන්ට එපා. මිනිස්සු හිනාවෙයි.

      Delete
    6. පිටරටනේ ඉන්නේ එක නිසා ලේසියි. හරියට අඩුම ගානේ ජිජක් කියන්නේ මොකක්ද කියලාත් කියවල වරෙන්. කොළඹ කොහෙද යකෝ ගමයෙක් . ඒක වත් තේරෙන්නේ නැත්ද? වසු නාම්බා.

      Delete
    7. බොට තරා ගියාද පිටරට ගමයා? අනේ උක්කුං වරෙං නලවන්න. හාා මං කියෝලා එන්නංකො බොගෙ ජිජක්. අනේ යකෝ. බොගෙ ජිජක් විඤ්ඤාණෙ ඕං බේරෙනවා දෙපරැන්ද අස්සෙන්.

      Delete
    8. ආයේ ඉතින් පිටරට ගමක් ගහනවා . බොලන් වහු පැටියෝ විරුද්ධභ්‍යසය (ආ යන්න එන්නේ නැහැ බොල මෙතන ) කියන එක තෙරෙනේවද. ඒක නම් ජිජක් ගොබිල නෙමේ කිව්වේ. බෝල තාගේ භාෂාවෙන්ම උත්තර දෙනකොට වසු නාම්බෝ බොගේ ගැමි විඤ්ඤාණෙට වැටහෙන්නේ මට තරහ ගිහින් කියලද? බෝගේ ගැමි විඤ්ඤාණෙ ඕන් බේරෙනවා. කමතට පලයන් මෙතන තප්පු ලන්නේ නැතිව. බොල තොට පයිතගරස් ගේ ප්‍රමේය ඉස්කෝලෙදි තේරුණාම තෝ ගුරාට කීවද ඕක පයිතගොරස් ම කියන්නම් ඕනෙද කියල?

      Delete
    9. හැක් හැක් උඹැහැත් අරින්නෙ නෑ වගේ. මගෙ ගැමි විඤ්ඤාණෙ මට හොඳයි. උඹැහැගෙ තෝ බොල භාෂාවට මං උත්තර දුන්නා දැං ඉතිං ඒක මගෙ භාෂාවලු. ප්‍රශ්නෙට උත්තර දීපන් අහන ඒකාගේ දේශපාලනේ, සමාජ තත්ත්වය අරවා මේවා ඇදලා අරන් ෂේප් නොවී. උඹ වගේ උන් ඕන තරං මං දැකල තියෙනවා ලොක්කො. පව් දෙය්යනේ. දැං විරුද්ධභ්‍යසයක් ගැන දොඩෝනවා. හැක් හැක්

      Delete
    10. අරින්නේ මොකටද බං . මේකත් මාර ආතල්. මන් වගේ උන් ඕන තරම් දැකල තියේ නම් කොච්චර හොඳද? උඹ හේ වාසනාවන්තයි කොලුවෝ.

      Delete
    11. බොල කතාව ගෙනාවේ තෝමනේ බොල .//අපිට ඉතින් පිටරට මොකෙක් හරි යමක් කිව්වොත් ඒක තමයි ඉතිං "න්‍යාය", "තියරිය", "සංකල්පය". අනේ බොලං// බොලන්ගේ මුලික කථාවට හිත් දුන්නැත්තේ මේ අන්තිම වාක්‍යය නිසා කියල බොට තේරුනේ නැතුවට මං පලිද?

      Delete
    12. හැක් හැක්... බොලං කියන එක අපේ ගමේ වචනයක් උන්නැහේ. බොල කියන අදහස නෙවෙයි. කමක් නෑ. උඹැහැ තාමත් ප්‍රශ්නෙන් පැනලා යනවනෙ. ඔහොමම පල. අනික් උන්ට පේන්න බොගෙ තරාතිරම. පව්.

      Delete
    13. ආ තව එකක්. බොගෙ බිජැක් විඤ්ඤාණෙට තරහ ගිහින් නෙමෙයි වෙන්ටැ මගෙ භාෂාවටම කොටන්නෙ. "හිත් දුන්නෑ" කියන්නෙත් "මට ඇල්ලුවෙ නෑ/ තරහා ගියා" කියන එකම තමා ගොය්යො. උඹැහැ ගැන මං දන්නවා හොඳට. කල්පනා කරලා බලපන් මේ කවුද කියලා. හැක් හැක්

      Delete
    14. ඈ බන් කොලුවෝ දැන් ඒක ගමේ වචනයක් වුනාද? ප්‍රශ්නෙන් පැනල යන් ප්‍රශ්නේ මොකක්ද කියල හිටහන්කෝ කලින්? බෝල අනුන්ගේ අඩවි වල මම නිකන් කෑ ගැන වුන්ට පිළිතුරු නොදී හිටියට මම එහෙයි කියල හිතන උපාසකයෙක් කියල හිතුවයි ? අනික් එවුන් නම් මගේ තරාතිරම දන්න ඈයෝ මන් හිතන්නේ. උඹහැ තමා දැනන් හිටලා නැත්තේ. මට පව් කියන්න පව් පින් විස්චාස කරන එකෙක්ය මං. - හිත් ඇල්ලුවේ නැහැ කියන්නේ කැමති වුනේ නැහැ කියන එක ගොයියෝ. මන් ගැන අමුතුවෙන් දන ගන්ට දෙයක් නැහැ. ඔය එල්ලලා තියන්නේ පින්තූරේ, නම ගම එක්ක . හැම තහනම් ඉතින් ප්‍රසිද්ධියේ පෙනී හිටිනවනේ. ඔය කවුද කියල දැනන් නොව බෝල මේ කතා කරන්නේ. උද තියෙන ස්ටැට් එකට ගියාම ආපු පළාත වහන්ගන්ට බැහැ නොව.

      Delete
    15. ඩෙරීඩා කියන ගොබිල විසංයෝජනය ගැන කියන්නේ මෙහෙම: What is deconstruction? Nothing, of course. (Derrida,1991, p. 275)-. deconstruction doesn’t consist in a set of theorems,
      axioms, tools, rules, techniques, methods . . . there is no
      deconstruction, deconstruction has no specific object . . .
      (Derrida, 1996, p. 218)
      මු පිටරට නිසා ගණන් ගන්ට එපා.
      මේන් මේ ටික කියවල තේරුම් ගනින්කෝ වුනේ මොකක්ද කියල;
      The deconstructive
      process comes not from the reader/critic but from
      the text itself; it is already there, it is the tension
      ‘between what [the text] manifestly means to say and
      what it is nonetheless constrained to mean’ (Norris,
      1987, p. 19)
      නැත්නම් නාථ දෙයියන්ගෙන් ඇහුව නම් රෑට නිදාගෙන උදේට බලන කොට ටාන් ගාල තේරිලා තියෙයි.

      Delete
    16. හැක් හැක්.. උඹයි මායි දන්න ස්ටැට්. අල්ලයි මගෙ වලිගෙ. කමක් නෑ, චූටි ආතල් එකක් ගනිංකො මාව බය කොරන්ට හදලා. උඹ ඉතිං වීදුරු ගේ ඇතුලෙ ඉඳින් කලිසම ඔලුවෙන් ගලවන කොට මම ඇනෝ ඉන්නෙ. ඒක බොගෙ විසංයෝජනේටවත් බිජැක් විඤ්ඤාණෙටවත් අහුවෙන්නෙ නෑ. හුකෑස්. දැං මට විසංයෝජනේ උගන්නනවා. නලින්ද සිල්වගෙ නාථ ලයින් එකකුත් පිදුරුගහක් වාගෙ අල්ලගෙන තියෙන්නෙ මට පහර දෙන්ට.. හෙහ් හෙහ්... මුලින්ම මම කිව්වහම ගමේ අපිට දැනටමත් දන්න දේ තේරුම් ගන්ට උඹේ ජිජැක් ඕන නෑ කියලා තාමත් උඹැහැ අහනවා ප්‍රශ්නෙ මොකද්ද කියලා? ඕං බොගෙ වසු විඤ්ඤාණෙ හැටි.
      මේ පොඩි උදව්වක් කරපං ලොක්කො. මට තප්පුලන්ට කියන්ට කලින් චුට්ටක් තප්පුලලා පෙන්නපංකො. එදා පැදුරු පාටියෙදි උඹ අගේට කලා බොලං... හැක් හැක්

      Delete
    17. This comment has been removed by the author.

      Delete
    18. ස්ටැට් ගැන කිව්වේ ගොබිලෝ මේ කතාවට පිළිතුරක් වශයෙන්.// කල්පනා කරලා බලපන් මේ කවුද කියලා. හැක් හැක්// කවුද කියල කිසියම් අවබෝධයක් තිබෙන බව පෙන්වන්න. නමුත් // අල්ලයි මගෙ වලිගෙ. කමක් නෑ, චූටි ආතල් එකක් ගනිංකො මාව බය කොරන්ට හදලා// ලිවිමෙන් පෙනී යන්නේ සිතේ කිසියම් චලිතයක් ඇතිවී ඇති බවයි. කවුරු හරි අල්ලන්න ඕනේ වෙන්නේ මරණ තර්ජනය කලොත් විතරයි. සාමාන්‍ය කතාවකදී, අපහාසයකදී නොවෙයි. ඔය ගමේය කියන අයගේ ප්‍රශ්නේ තමා යමක් සරල කරන කොට අපි ඕක දන්නවනේ කියල කියපු එකාටයි ලියපු එකාටයි ගරහන එක. හැමෝටම තේරෙන දේ ඒ විධිහට ලියන්නේ ගරහන්ට නෙමෙයි කතා කරන්න කියල නොතේරෙන වසු විඤ්ඤාණෙ තමා ඕක. ඔන්න උඩ ස්ටැට් එකේ පින්තුර දෙක තුනක් දැම්මා කිව්වේ මොකක්ද කියල තේරෙන්න. පරිගණක ඉන්ජිනේරුවට ip address එකක් තිබ්බම ඉතින් ඇතිනේ නේද බලන්න .......................

      Delete
    19. ඇපල් අයි පෑඩ් එකටම පණිවිඩයක් එවන්නද?

      Delete
    20. ඔව් ඒක ටිකක් හරි නැහැ වගේ ඕස්ට්‍රේලියන් ගමයෝ සහ .... පස්සේ ලොග් වෙන්නකෝ.

      Delete
    21. හොඳා හොඳා. මටම එවපන් ඔය පයිණ්ඩෙ හොඳේ. උඹ දන්න ඉංජිනේරු සූත්තර ඔක්කොම දාලා. නැත්තං ඉල්ලං අසූචි කෑව වගේ වෙයි. සවුත්තුවනෙ නේද?

      Delete
    22. පිස්සුද එහෙම කලොත් මමනේ නීතියෙන් වැරදි පැත්තේ ඉන්නේ. ඕව කියා කියා කරන වැඩ නෙමේනේ. ඔයත් දන්නවා ඇති නේ. මේ කොමෙන්ට් එක IP එක වහල එව්වේ මොකද කියල කල්පනා කලේ හේ හේ. මේක මෙතනින් මන් ඉවර කරනවා. pin point කර ගන්න ඕන වුනා හරියටම. මාව ටාගට් කරනවද කියල දැන ගන්න. ටෙස්ට් සබ්ජෙක්ට් එකක් වුනාට බොහොම ස්තුතියි. අද නිව්ස් එකක් තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙයි.

      Delete
    23. හැක් හැක් අනේ මන්දා උඹැහැ මොනවා කියනවද කියලා. ip වහලා එව්වලු. ටෙස්ට් සබ්ජෙක්ට්ලු. නිව්ස් එකක් තියේලු... කමක් නෑ මාත් ආතල් එකක් ගත්තා නෙව උඹැහැත් එක්ක කතා කරලා... මං එඤ්ඤංකො අනික් පෝස්ට් පැත්තෙත්. හැබැයි අර පයිණ්ඩෙ එන කල් මගෙ ඇඟේ ලේ නැතුව ඉන්නෙ. හුකෑස්... කෝපි ටිකක් එහෙම ලෑස්ති කරගෙන ඉඤ්ඤං මොකද මට බඩ යයිනෙ මාව මාට්ටු වුන හැටි දැකලා නේද? මතක ඇතුව එවපන් හොඳේ. මගෙ කොමෙන්ටු පල නොකර ඉන්නෙපා මොකෝ අපේ පාටක ප්‍රජාවට දැනගන්ට බෑනෙ උඹේ පොරතිචාර මොනවට කලාද කියලා. මයිකාර් මයි පැට්ටරෝල් කියලා ඉන්ට එපා හොඳේ. පිලිගත්තා නැතුවා මම කිසිම ප්‍රොක්සියක් පාවිච්චි කරලා නෙවෙයි මේ එවන්නෙ. හැක් හැක්... ඕං ඉතිං මේක බලලා උඹැහැගෙ කැමැත්තක් කලාට මට කාරි නෑ.

      Delete
    24. බය වුනු තරම සැටින්ග්ස් ටිකත් වෙනස් කොලා නේද?
      Your comment will be visible after approval ලු දැන් .... හැක් හැක්.

      Delete
    25. ම මුලින් සිතුවේ රූපෙ අයියා නම් profile එකෙන් කොමෙන්ට් දමනවා කියා. නමුත් පසුව මේ යොමුවේ http://sinhala.lankanewsweb.net/news/17249-2015-06-08-11-01-19 ඇති කාරණයකට නෙලුම් යාය හා ලංකානිව්ස්වෙබ් සම්බන්ධ අයට එරෙහි කොමෙන්ට් දැමීමක් ගැන කියන නිසා කොමෙන්ට් දමමින් ip ලිපින චෙක් කරන ලදී. එය එතනින් ඉවරයි.

      Delete
  2. කාලෙකට පස්සේ ආවත් අවුලක් වුණේ නෑ කලින් කොටස කියවලා තිබ්බ නිසා. මේ වර්ගයේ ලිපි කියවන්න මං කැමති ඒවා මට රසවත් . දෙතුන් පාර එකම ජේදේ කියෝ කියෝ හිතන්න ලැබෙන එක හරිම ඉන්ට්‍රස්ටින් තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි. මම හදන්නේ මගේ අත්දැකීම් වලින් කොහොමද මේ ආචාර්ය වරුයි දර්ශනවදියෝයි කියන අය ලියන්නේ මොනවාද කියල තේරුම් ගන්න.

      Delete
  3. "වොද්කා ප තැලෝනම්" බෝඩ් එකක් නම් දැක්කේ පළවෙනි වතාවට, මම "සමගොන් ප තැලෝනම්" කතාවක් ලියන්නම්, අපි ..... ඉන්නකොට එහේ සීනි නිකුත් කරේ කූපන් (තැලෝන්) වලට, සීනි හිඟයක් ඇතිවෙලා තිබ්බේ ගෙවල් වල හදන වයින් වලින් සවුත්තු (ඇඔුල්) වුනු වයින් වලින් කසිප්පු පෙරන්න සීනි ගත්ත නිසා, අමතරව ඔය බෙරි ජාති වලින් බීම හදන්නත් සීනි බහුලව යොදාගත්තා. අපිට සීනි කූපන් නිකුත් කරේ ස්ටුඩන්ට් කවුන්සිල් එකෙන්, හැම මාසයකම ෆැකල්ටියේ අපේ අවුරුද්දේ ෆොරින් ස්ටුඩන්ට් ල 40ක විතර සීනි කූපන් කවුන්සිල් එකෙන් ගෙනත් බෙදාදීම මගේ ස්තාරස්තා පෝස්ට් එකේ කුණු බැණුම් අහන ජොබ් වලින් එකක් වෙලයි තිබ්බේ, හැබැයි නිවාඩු ගිය උන්ගේ කූපන් මගේ තමයි, ගෙදර යන රුස්සියකුට කූපන් තුන හතරක් දුන්නම කොම්පෝර්ත් තඩි බෝතලයක් (බාන්කා එකක්) සහ බේක් කරපු කුකුලෙක් ෂුවර්. එක මාසයක කූපන් තොගයම මිස් ප්ලේස් වුනා, පහුවදා කඩේට සීනි ආපු නිසා හැමෝම කූපන් ගැන අහන්න වුනා, මක්ක කරන්නද? කවුන්සිලේට ගිහින් වැරද්ද කියලා සුළු කූපන් ගණනක් හරි ඉල්ලගන්න ගියා, හවස්වෙලා වහන්න හදිස්සියට ඒකේ හිටිය රුස්සි ඇහුවේ කූපන් කීයක්ද කියලා විතරයි, ගාන කීවා, ගණන් කරල දුන්නා, එච්චරයි. සතියකින් අර මිස් ප්ලේස් වුන කූපන් අසූ ගණනම ආපහු හම්බුනා, රූමට කූපන් තොගේ පෙන්නපු ගමන් ඌ ඩීල් එකක් කතා කරා "සමගොන් ප තැලෝනම්" , සමගොන් ඔක්කොම ෆෙන්ඩ්ශිප් එකට උන්ම සෙට් වෙලා බිව්වා හැබැයි කොලිට් වයින් බාන්කා කීපයක් නිතරම රූම් එකට ආවා හොස්ටල් අතෑරලායනකම්ම. කවුන්සිල් එකේ ගණන් මිණුම් ගැන හොද අවබෝදයක් ලැබුණු නිසා කූපන් මගඩිය මාස කීපයක්ම කරා ස්තාරස්තා කම ගහලයනකම්.
    කොළඔ ගමය රුසියාවේ දි කඩවල වයසක ගෑණු ළමයින්ට ඔය පුංචි පුංචි දේවල් තෑගි දීලම නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි දීල තියෙනෙව. තලෝන් වලින් ගන්න අහේනියක් ආවේ නැහැ. මම කුකුළු මස් ඌරු මස් එහෙම ගත්තේ පස්ස දොරින්. කඩේ වැඩ කරපු ගනු ළමයට තේ කොළ දීල යාළු කර ගත්තේ. ස්තුතියි මේ පැත්තේ ඇවිත් අත්දැකීම් ලිව්වට.

      Delete
    2. මෙව්වා කියවනකොට මට නිකං පිස්සු වගේ

      Delete
    3. මන් හිතන් හිටියේ අටමට කොහොමත් පිස්සු කියලා.

      Delete
  4. මගේ කාමරයේ හිටපු රුසියන් සිසුවා දවසක් මගෙන් ඇහුවා කාන්තාරේ සමාජවාදය ඇති කලොත් මොනාද වෙන්නේ කියලා : මම පණදාගෙන කල්පනා කරනකොට ඔහු කිව්වා : පිසොක් බූදිත් ප තැලොනම් කියලා. ඒ කියන්නේ වැලි නිකුත් කරන්නේ සලාක ක්‍රමයට කියලා. නමුත් රුසියාවේ තිබුණු ආහාර ලාබ බව සහ ගුණාත්මක බව ලෝකයේ ( UK , US Canada , Australia , Germany ) කිසිම රටක තාම දැකලා නැහැ. අජිත් එඩ්මන්ටන් වල කඩ ගැන කතා කරනකොට මතක් වෙනවා එඩ්මන්ටන් 69 බස් එක ස්ටාට් කලේ වෝල්තෙම්ස්ෙටා් central වලින් එතන සික් ජාතිකයෙකුගේ කඩයක් තිබ්බා (වෝල්තෙම්ස්ෙටා් ටියුබ් එක අසල )

    ReplyDelete
    Replies
    1. දැන් නම් නැතුව ඇති. මම ලෙය්ටන් වල මුලින් හිටියේ . දැන් වෝල්තෙම්ස්ෙටා් central සැහෙන්න වෙනස්. හොඳට හදල. ලොකු සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකක් හෙම තිබෙනවා. රුසියාවේ කෑම ගැන ඊළඟ ලිපියෙන් බල පොරොත්තු වන්න.

      Delete
  5. социализме вы не купите, вы найдете

    ReplyDelete
    Replies
    1. да да правда тнаваришь рюван

      Delete
  6. මෙන්න මෙහෙම ප්‍රායෝගිකව ලියන්ටකො අප්ප මේ අපි වගේ දෙකේ පහේ කෑලි වලටත් තේරෙන්න.
    1. අපේ රටේ පැරණි සමූපාකාරවල තත්ත්වයට සමාන තත්ත්වයක් දැක්කා ගාල්යාගෙ කඩේ.
    2. ධනවාදී කඳවුර චිත්‍රපටියක් ගැහුවත් ඉතිං සමාජවාදී කඳවුරේ රටකට ගිහිං ගේම දීලා එන හැටිනෙ පෙන්නන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මද්දෝ. ඒක ඇත්ත. සමුපකාරවල මේ දුෂනයම වුණා. එක වලක්වා ගන්න නම් බ්ලොග් කාරයෝ ටිකක් ඉන්න ඕනේ නිදහස තියෙන. හේ හේ

      Delete
  7. ජිජැක් ගැන ලියනව නං කොපිරයිට්ස් ගන්න වෙනව. මේක මම ලියපු එකක්.
    http://raj1st.blogspot.com/2014/01/blog-post_6.html

    හෙහ් හෙහ් දූෂිත සමාජවාදය!
    සුපර්මාකට් වලට යන ඕනෑම කෙනෙකුට වෙන සිද්ධියක් තමයි අමතර මොනවා හරි ගන්න සිදුවීම.

    අජිත් පුළුවන් නං සෝවියට් ජීවිතය ගැන ලියන්න. තනිකරම දේශපාලනය නැතිව කියවන්න රසවත් විදියට. දේශපාලනය හංගල ලියන්න.

    ReplyDelete
    Replies
    1. \\සුපර්මාකට් වලට යන ඕනෑම කෙනෙකුට වෙන සිද්ධියක් තමයි අමතර මොනවා හරි ගන්න සිදුවීම\\

      එහෙම්මම නෑ රාජ්.. අපි නම් ගෙදරට ඕනෑ අඩුම කුඩුම ගන්නේ සුපර් මාර්කට් වලින්මයි. ඒ බොහෝ අවස්තාවල සුමානෙට ගේන බඩු, ඒ සුමානෙම ඉවර වෙනව. ඒ කියන්නේ අපි අරන් තියෙන්නේ අවශය දේවල්.

      ඕකේ අනිත් පැත්තත් අපිට වෙලා තියෙනවා.. අපි තොග බඩු කඩේකට හරි, සාමාන්‍ය වෙලෙද සැලකට හරි ගියහම "රැවටීමේ" ප්‍රතිශතය ඉතා ඉහලයි.

      Delete
    2. රාජ් ස්තුතියි ලින්කුවට. ජිජැක් හෝ ලකාන් හෝ කියන්නේ හිනා වෙලා ඉවටැහැ දැමිය යුතු මිනිසුන් නෙමේ. අප අවබෝධය ගන්නට නම් බුද්ධාගම පමණක් නොවේ හැකි හැම දෙයක්ම කියවිය යුතු බවයි මගේ හැඟීම. මම ජිජැක් ල ගැන ලියන්නේ පොර වීමට නොව මා තේරුම් ගන්නා සැටි අනිත් ඒ ගැන දැන ගන්නට කැමති අය සමග බෙදා හදා ගැනීමටයි. පොර කතා මා කවදාවත් ලියා නැත. දේශපාලනය අපේ ජිවිත වල හැම අස්සක් මුල්ලක් නෑරම රිංගා ඇති නිසා මගේ හැම කතාවකම දේශපාලනය ඩිංගක් හෝ තිබේවි. මම වමට කැමතියි. නමුත් වමේ බොහෝ අයගේ ඇති දන්නා බව පෙන්වන උඩඟු බවට මමත් කැමති නැහැ.

      Delete
    3. ඇල්බන් කියන කතාවේ මෙහෙම එකක් තිබෙනවා. මගේ බිරින්දෑ තමා සුපර්මාර්කට් යන්නේ සතියට බඩු ගේන්න, ගන්නේ අවශ්‍යම දේ විතරයි. එහම් වුනත් චොකලට්, ජර්මන් බඩු හෙම තියෙන කොට එයත් ඒ වගේම කැමති දේ ගන්නවා. ඔබට හරියටම කියන්න පුලුවන්ද හැම වෙලේම ගන්නේ අවශ්‍යම දේ විතරයි කියල. එකේ නෙමේ මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි.

      Delete
    4. අනේ ඇල්බන් අයියේ අපිත් එහෙමයි හැමදාම සුපර්මාර්කට් එකෙන් ගන්නේ ඒත් ඊලග සතියේ යද්දී මොනාහරි තියෙනවා අලුතින්,, ලියන් යන ලිස්ට් එකට වඩා සෑහෙන දේවල් ගේනවා , සමහර ඒවා වැඩකුත් නෑ බලද්දී ඒත් ගේනවා කොච්චර කලත් ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. සමහර විට පිරිමි ඇයගේ ඒ ගතිය අඩු ඇති

      Delete
  8. සෝවියට් ජීවත්ය ගැන දැන ගන්න අපිත් ආසයි දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මාතෘකා එන පිළිවෙලට ලියවෙනවා.

      Delete
    2. මේ ඔබේ බ්ලොග් එකද? sugv.wordpress.com

      Delete
    3. ඔව් sugv.worpress.com තමා අජිත් මගේ බ්ලොග් එක එහි ලිපියක් ඇතුළු කර ඇති බව දැක්කා ඒ ගැන මගේ සතුට ස්තුතිය පිළිගන්වනවා.

      Delete
    4. ස්තුතියි.

      Delete
  9. මේ අයිසෙ කොළඹ හාදය, චුට්ටක් රුසියන් බාසාවත් උගන්වනවකො.
    පොඩි පොඩි එව්ව ටිකක්

    ReplyDelete
    Replies
    1. අයිසේ මල්ලි, අපොයි ඒකට ඔය රුසියන් භාෂා මධ්‍යස්තානේද මොකක්ද තියෙනවා නේද ? ඒකට යන්න.

      Delete
  10. මම මැතක ඉඳන් තමා ජිජැක් කියවන්න ගත්තේ. අපි හිතන්න පත්තියන් වෙච්ච හැටිත් එක්ක ගැටෙනවා. ඒක හොඳයි. ලිපිය මරු

    ReplyDelete
    Replies
    1. ජිජැක් හුඟක් වෙලාවට මාක්ස් කියපු තේරුම් ගන්න අමාරු දේ පොඩි කටහ්වකින් කියල දානවා. හුඟක් වෙලාවට අපි දනන් දෙයක්ම නේද මේ කියල හිතෙන්නේ ඒ වෙලාවට.

      Delete
  11. අර රුසියාවේ කතන්දරේ කියවන කොට මට අපේ අම්මගේ සමාජවාදේ තිබුන කාළේ සම්පේ (සමූපකාරය.) මතක් උනා. ඒ කාළේ සම්පෙ මැනජර්ලට තමයි මනමාලියෝ දුන්නේ.

    ReplyDelete
  12. ඕක තමා ඒ කලේ වුනේ මාතලන්. පන් පෝලිමයි හාල් පෝලිමයි දෙකක් තිබ්බ. සමුපකාරේ තම හොර ගුහාව.

    ReplyDelete
  13. මේ තියෙන්නේ අජිත් සහෝදරය ලිපිය ලීවීමට පාදක කරගත්ත ජිජැක් විසින් කරනලද දේශපාලනික විහිළු කතාවේ වීඩියෝව..මෙතනින් යන්න https://www.youtube.com/watch?v=_WHdAKfcNnA

    ReplyDelete
    Replies
    1. සුමිත් තත්‍රිමානේ කියන ආකාරයට නෙගේෂන් එක කතා කරන්න ගියොත් මෙතන කාටවත් තේරෙන්නේ නැහැ කියයි. අනිත් අයට තේරෙන්නේ නැති , මටත් තේරෙන්නනේ නැති දේවල් ලියන්නේ නැතුව ඒක වෙන විධිහකට සරලව විග්‍රහ කිරීමක් කලේ. ඒක නිසා තමා අන්තිම ප්‍රශ්නය එතෙන්ට දැම්මෙත්. කාට හරි තද පිළිතුරක් දෙන්න.

      Delete
    2. ඔව් ඔබ හරි නෙගේෂන් එක කතා කරන එක මෙතන එච්චර ප්‍රයෝගික නෑ

      Delete
  14. ත්‍රිමාණ ඉදිරිපත්කර ඇති අදහස ඉදිරියට ගෙනයමින් ඒ ඔස්සේ යම් සොයා බැලීමක් සිදුකරා...සිසැක් ගේ "Less Than Nothing: Hegel and the Shadow of Dialectical Materialism" පොතේ කෝපි කතාව,Negation සහ ඒ ආශ්‍රිත කාරනා ගැන කාතා කරනවා...මේක online තියෙනවා.මම නම් තාම කියවන්න උත්සහ කරනවා (අඩු ගානේ කෝපි කතාව ආශ්‍රිත විවරණය.....තාම හරියටම සෙට් වුනේ නෑ..සෙට් වුනොත් ඒ ඔස්සේ කමෙන්ට් එකක් පල කරන්නම් :D ). කෝකටත් ලින්ක් එකත් දැම්මා https://books.google.lk/books?id=XxYQCoaEU7AC&pg=PA768&lpg=PA768&dq=slavoj+zizek+double+negation+coffee&source=bl&ots=2EsAyMCT-_&sig=0dd0wwog9eTmjTGwy7ZmcrtPZB8&hl=en&sa=X&ei=WkRvVbWgGcL7ULGbgOAO&sqi=2&ved=0CCwQ6AEwAw#v=onepage&q=slavoj%20zizek%20double%20negation%20coffee&f=false

    ReplyDelete
    Replies
    1. පොත මං ළඟ තියනවා. සුමිත් දුන්න ලින්ක් එකෙන් බලන්නම ඕනේ නැහැ. ගෙවන්නේ නැතුව පොත ගන්න තැනක් නම් තිබෙනවා. කැමති නම් එවන්නම්. වැඩේ සදාචාරාත්මකද දන්නේ නැහැ ඉතින්. මෙගා බයිට් 11ක් හෙවත් පිටු 1050 නිසා එවන්න බැහැ ගුගල් එකේ. ඩ්‍රොප් බොක්ස් එකට දාන්න පුළුවන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. It says this: In the terms of the joke quoted in Chapter 10, is the
      ics multiplicity just plain coffee or coffee without . . . (x)? The Lacano-Hegelian axiom is that the impossibility of the One is the immanent negative feature of the ics multiplicity: there is an ics multiplicity because there is no One, because the. One is in itself blocked, impossible." -here ics is identity of the inconsistent

      Delete
    4. To better grasp this notion of the non-All, let us turn to a wonderful dialectical joke in Lubitch’s Ninotchka: the hero visits a cafeteria and orders coffee without cream; the waiter replies: “Sorry, but we’ve run out of cream. Can I bring you coffee without milk?”;, In both cases, the customer gets straight coffee, but this One-coffee is each time accompanied by a different negation, first coffee-with-no-cream, then coffee-with-no-milk.3′ What we encounter here is the logic of differentiality where the lack itself functions as a positive feature .
      if you read further : we have andy west type story:
      A political equivalent can be found in a well-known joke from socialist-era Poland. A customer enters a store and asks: “You probably don’t have butter, or do you?” The answer: “Sorry, but we’re the store that doesn’t have toilet paper; the one across the street is the one that doesn’t have butter!”
      මා මෙහිදී උත්සාහ කරන්නේ සමාජවාදය ගැන කතා කරන විහිළු කතාව ඇසුරින් සමාජවාදයේ “නැති කම් ” හෙවත් හිඟ කමත් ධනවාදයේ “ඇති කමත් ” ගැන කතා කිරීමටයි. නැති ක්‍රිම් නැති සිනි හෝ නැති- නැති කෝපි , නැති මස් , නැති කිරි කඩ , නැති – නැති භාණ්ඩ – එහෙත් භාණ්ඩ ඇති සමාජවාදය ,- කිව්වා හරිද මන්ද. double negation එකක් ගැන අවධානයක් දුන්නේ නැහැ. ඊළඟ ලිපියකින් ක්වංතං බෞතිකය ගැන කතා කරන කොට එතනට එන්න පුළුවන්.

      Delete
    5. කියන්න ඕනේ වුනේ ක්වන්ටම් භෞතිකය කියලා . ලියවුනේ quantum කියන වචනේ.

      Delete
    6. http://rebels-library.org/files/less_than_nothing.pdf

      Delete
    7. link එකට බොහොම ස්තූතියි මම ඩවුන්ලෝඩ් කරා.
      මම නැවත ත්‍රිමාණ පිළිතුර වෙත අවධානය යොමු කරා....//ඒ අදහස මත තමයි ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ //. එසේ නම් එය ධනවාදය කෙරෙහි ඇති විවේචනයක් නොවේද(කෝපි කතාව).කෙසේ නමුත් ත්‍රිමාණ අවධාරනය කරන//ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] නැතිව පවතින්න බැහැ යන අදහසයි// යන්න කිසි ලෙසක මින් අවතක්සේරු නොකරමි.
      අජිත් අය්යා, ඔබත් වෙනත් මාර්ගයකින් idelogy විවෙචනයක් නෙද කර තිබෙන්නේ?

      Delete
    8. ideology ලෙස නිවැරදි විය යුතුය.

      Delete
    9. මම පොත විදිමත්ව read කරන්න (හෙමින් සැරේ) පටන් ගන්න ඕනේ.නැවතත් ස්තූතියි ලින්ක් එක එව්වාට.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. ඔයත් නිවැරදියි. ත්‍රිමාණ ත් නිවැරදියි. කෝපි කතාව ජීජක් ගේන්නේ ඩබල් නෙගේෂන් එක ගැන කියන්න බව හරි. එහෙම තමයි ජිජක් කියල තිබෙන්නේත්. ඔබ හරි වෙන්නේ ත්‍රිමාණ දෙවන අදහස විසංයෝජනය කිරීමේදී. ////ඒ අදහස මත තමයි ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ //. එසේ නම් එය ධනවාදය කෙරෙහි ඇති විවේචනයක් නොවේද(කෝපි කතාව).// ඔබ මේ පොත ගැන මතක් කිරීම ඉතා වැදගත් . මෙහි ඇති විවේචනයේදී මෙන්න මේ කරුණු බලමු. උඩම කොමෙන්ටුව කියන්නේ ජිජක් අවශ්‍ය නැහැ කියල කඩේකට ගිහිල්ල බඩු ගන්න එක ගැන කියන්න. ඒක ඇත්ත. එතැන් ජිජක් නොකියවූ අයෙකු කියන කතාවක්. ඔබ කියවූ නිසා දන්නවා මම කියන්නේ ජිජක් කියන එක නොවේ කියල. නමුත් ජිජැක් ව කෙලින්ම නිශේධනය කරලා දාන්නේ නැතුව හොයනවා පිළිතුර. හැබැයි එතැන තිබෙන්නේත් නිෂේධනයක්. මේ දෙකේදී අපට හමුවෙනවා පිළිතුරක්. ජිජක් කතා කරන්නේ කැපිටලිස්ම් ගැන කියන එක. චැප්ටර් 5 හරියේ මෙහෙම එකක් තියෙනවා. //This is why cyber-capitalists appear as the paradigmatic capitalists today. why Bill Gates can dream of cyberspace as providing the frame for what he calls "frictionless capitalism:' What we have here is an ideological short - circuit between two versions of the gap between reality and virtuality: the gap between real production and the virtual or spectral domain of Capital, and the gap between experiential reality and the virtual reality of cyberspace. //එතකොට මේ කතාව : ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ .[capital as a suject] ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] තිබීම මත. මගේ සරල කතාවෙන් කියන්නට උත්සහ කරන්නෙත් මෙයයි. හැබැයි එහෙම වුනාද දන්නේ නැහැ. එය රඳවා පවතින්නේ මා අත නොවේ. කියවන්නා මතයි.

      Delete
    12. පොත පටන් ගන්න කොටම ජිජැක් මෙහෙම කියන්නේ නැත්ද? //There are two opposed types of stupidity. The first is the (occasionally) hyperintelligent
      subject who just doesn't "get it;' who understands a situation logically,
      but simply misses its hidden contextual rules// The second and opposite figure of stupidity is that of the moron: the stupidity of those who fully identify with common sense, who fully stand for the "big Other" of appearances.// දයලෙක්තික භෞතිකවාදයේදී නිශේධනයේ නිශේධනය නියමය යනු ස්වභාව ධර්මය, සමාජය හා සිතීමේ වර්ධනය පිලිබඳ නියමයයි කියල කියනවා නේද.
      In materialist dialectics, the law of the negation of the negation is considered a law of the development of nature, society, and thought. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. අපනාසියෙව් ගේ පැහැදිලි කිරීම පැවතුන සෝවියට් ක්‍රමයට අදාලව පක්ෂග්‍රාහී විධිහට කල බව. ඒ නිසා මේවා කියවිය යුත්තේ පරිස්සමින්ය. http://encyclopedia2.thefreedictionary.com/Negation+of+the+Negation,+Law+of+the

      Delete
    13. //මෙතනදී වටහා ගත යුතු න්‍යායික අදහස තමයි “යථාර්තයට වඩා සංකල්පය ප්‍රාථමිකයි” යන හෙගලියානු ප්‍රවාදය// ත්‍රිමාණ මට දුන් මේ පිළිතුරෙන් මට වැටහුනේ ඔවුන් කියන්නේ ඔබ යථාර්තයට පාදකවූ සන්කල්පයටම නොගොස් යථාර්තය ලගින් නැවති එය විවේචනය කරනවා වැනි අදහසක්..ඉහත හෙගලියානු ප්‍රවාදය අනුව විවේචනයට නොගියා වැනි අදහසක්....කෙස් නමුත් අවසාන විග්‍රහයකදි ජිජැක් කර ඇත්තේද ධනවාදය විවේචනයක් යන්නට මම එකගයි. එම නිසා තමා මම ඉහත කමෙන්ට් එකේදි ත්‍රිමාණ පිළිතුරේ දෙවන කොටස විසන්යෝජනය කරේ

      Delete
    14. //දයලෙක්තික භෞතිකවාදයේදී නිශේධනයේ නිශේධනය නියමය යනු ස්වභාව ධර්මය, සමාජය හා සිතීමේ වර්ධනය පිලිබඳ නියමයයි කියල කියනවා නේද// මෙහිදී ස්වභාව ධර්මයට දයලෙක්තික භෞතිකවාදය එදිය හැකි යයි යන ප්‍රවාදය තුල මා පිහිටන්නේ නෑ.ඔබත් මම හිතන්නේ එම කතිකාව පිළිබද දැනුවත්..මා සිතනවා ඒ නිසාම තමයි ඔබ අපනාසියෙව් පිළිබද විවෙචනය ගෙනෙන්නේ

      Delete
    15. ත්‍රිමාණ එය නිවැරදිව පවසා තිබෙනවා කියල මම පිලිගන්නවා. කොපි කතාවේ මුලික් සංකල්පය වන නිශේධනයේ නිශේධනය වෙනුවට මට අවශ්‍ය වුනේ ජිජක් සැබවින්ම කියන්නේ මාක්ස් ගේ කැපිටාල් එකේ පළමුවන පරිච්චේදය කියල. ඒ තමයි මට හමුවන යථාර්තය.

      Delete
    16. //මෙහිදී ස්වභාව ධර්මයට දයලෙක්තික භෞතිකවාදය එදිය හැකි යයි යන ප්‍රවාදය තුල මා පිහිටන්නේ නෑ// මම මෙයට එකඟ නැහැ.මා හිතනවා දයලේක්තික දයලෙක්තික භෞතිකවාදය යෙදිය හැකි යයි කියා.මෙතන බලන්න. //මෙහි එක ක්‍රියාවලියකදී (මුලික) ප්‍රෝටෝනයක් හා න්යුට්‍රෝනයක් ගැටී ඩියුටිරියම් මුලිකනුවක් හා ශක්තිය (ගැමා ) ෆෝටෝන වශයෙන් නිපද වෙනවා. ඩියුටිරියම් හා ඩියුටිරියම් ගැටී හීලියම් හැදෙනවා. හයිඩ්රොජන් හා හීලියම් ගැටී ලිතියම් හැදෙනවා.// මට හිතෙනවා මෙතන දයලේක්තිකය නමින් අප හඳුන්වන ක්‍රියාදාමයම සිද්ධ වෙනවා කියල. හෙගෙල් ගේ තර්කනය හැටියට (එහෙම හරියටම හෙගෙල් කියල නැති වුනත් ) අප හඳුන්වන්නේ ප්‍රතිවිරෝධයක් තුලින් මතුවන synthesis එකක් ගැන. "development through the stages of thesis, antithesis, and synthesis in accordance with the laws of dialectical materialism ....any systematic reasoning, exposition, or argument that juxtaposes opposed or contradictory ideas and usually seeks to resolve their conflict. මේක මම 2014 ලිව්වේ.
      http://kolambagamaya.blogspot.co.uk/2014/03/1.html

      Delete
    17. නිශේධනය කියන්නේ නැති දෙයක් ඒ කියන්නේ කියන දෙයට විරුද්ධ දෙයක් කීම වගේ සරලව ගමු. එතකොට නිශේධනයේ නිශේධනය කියන්නේ ඔබ මුලින් කල යෝජනාවමද? විරුද්ධ දෙයට විරුද්ධ දෙය යනු මුල් සංකල්පනාවමයි යන්න. අපනාසියෙව් අනුගමනය කළහොත් ක්වන්ටම් භෞතිකයට එද්දී ඇන ගන්න වනේ අපි. පියසේන මා නිල්ගමගේ සිංහල පරිවර්තනයත් පැහැදිලි නැති එකක්.සිරිල් සි පෙරේරා වත් ඒක කලා නම් ඔයිට වැඩිය තේරුමක් ගන්න තිබ්බ. ජිජක් ගේ ඔයා කියන පොතේම ක්වන්ටම් භෞතිකය ගැන කතා කරනවා නේද. විශ්වයේ මුල initial state වල singularity ගැන කතා කිරීමේදී විශ්වය ඇති වන්නේ නැති දෙයකින්ද? හිග්ස් බෝසෝන් එක හෙවත් දෙය්යියන්ගේ අංශුව (god's particle) වලින් එහාට ඇති "නැත්ත " ට විරුද්ධව එන අදහස "නැත්තක් නොවේ " වන විට අපට නැවත හමුවන්නේ හිග්ස් බෝසෝන් අංශුවද එසේ නැත්නම් බහු විශ්වයන්ද? ජිජක් ගේ පිළිතුර පරිපුර්න නැති වුනත් ඔහු නැවත එය ලියයි කියා මගේ බලා පොරොත්තුවක් තිබෙනවා.

      Delete
    18. හෙගල් ගේ දයලික්තකය ගැන මා දන්න දේ තමයි.හෙගල් ට අනුව දයලික්ත්කය ත්‍රිත්ව ආකෘතියෙන් ප්‍රකාශ කල නොහැකමෙහි සහවාදය නොමග යවන සුළු යෙදූමකි.හෙගල් ට අනුව අවසන් සහවාදයකට පැම්නිය නොහැක.ඔනම සහවාදයක් තුල කලින් අවදියේ සංගටක මෙන්ම ඒවා ඉක්මවා යන ගුනාංගද අඩංගුය.දයලික්තකය ඉදිරියට තල්ලුකරන්නේ ප්‍රතිවිරෝධතා හරහාය.අතිරේකයන් හරහාය.මේ අනුව සහ වාදයක් ඇති තැනක දයලික්තිකයක් නැත.දයලික්තිකයට රූපික සූත්‍රයක් නැත.ප්‍රතිවිරෝධතා ඉක්මවා යන රූපික ක්‍රමයක් එක් සහවාදයකට ගත හැකිවිදියක් නැත.දයලික්තිකය විධික්‍රමයකට හෝ ආකෘතික ව්‍යුහයකට කොට කර නොහැකමෙහි සෑබෑ රූපය නීශේදනය විනා ත්‍රිත්ව රූපික ව්‍යුහයක් නොවේ,හැමවිටම ඉඩ දෙන්නේ අසම්පූර්නත්වයටය,පරිපූර්න ත්‍රිත්ව රූපයකට ඉඩ නොදෙයි.මෙය සියලු රූපකායන් ඉක්මවා යන අතර වෙනත් අතිරේක කරනයක් ඉල්ලා සිටී.

      Delete
    19. හෙගල් ගේ දයලික්තකය ගැන මා දන්න දේ තමයි.හෙගල් ට අනුව දයලික්ත්කය ත්‍රිත්ව ආකෘතියෙන් ප්‍රකාශ කල නොහැකමෙහි සහවාදය නොමග යවන සුළු යෙදූමකි.හෙගල් ට අනුව අවසන් සහවාදයකට පැම්නිය නොහැක.ඔනම සහවාදයක් තුල කලින් අවදියේ සංගටක මෙන්ම ඒවා ඉක්මවා යන ගුනාංගද අඩංගුය.දයලික්තකය ඉදිරියට තල්ලුකරන්නේ ප්‍රතිවිරෝධතා හරහාය.අතිරේකයන් හරහාය.මේ අනුව සහ වාදයක් ඇති තැනක දයලික්තිකයක් නැත.දයලික්තිකයට රූපික සූත්‍රයක් නැත.ප්‍රතිවිරෝධතා ඉක්මවා යන රූපික ක්‍රමයක් එක් සහවාදයකට ගත හැකිවිදියක් නැත.දයලික්තිකය විධික්‍රමයකට හෝ ආකෘතික ව්‍යුහයකට කොට කර නොහැකමෙහි සෑබෑ රූපය නීශේදනය විනා ත්‍රිත්ව රූපික ව්‍යුහයක් නොවේ,හැමවිටම ඉඩ දෙන්නේ අසම්පූර්නත්වයටය,පරිපූර්න ත්‍රිත්ව රූපයකට ඉඩ නොදෙයි.මෙය සියලු රූපකායන් ඉක්මවා යන අතර වෙනත් අතිරේක කරනයක් ඉල්ලා සිටී.

      Delete
    20. ඊළගට බලමු හෙගල් විසින්ම මල් පොහොට්ටුවේ මලක් වීමේ කතාව දයලික්තකයට කොහමද අදාලකරගත්තේ කියලා.මෙතන්දි හෙගල් කතා කරන දේ සහ විද්‍යාවේ කතා කරන දේ දෙකක්.විද්‍යාවේ අර්තයෙන් මේ ක්‍රියාවලිය ගැන කතා කරනවා නම් ඒකට කියන්න පුලුවන් බව වාදය(ඔන්ටික්).නමුත් හෙගල් කතා කරන්නේ මෙහි ඇති සත්වාදයයි.හෙගල් කතා කරන්නේ ස්භවධර්මයේ මේ දේවල් ගැන අධ්‍යනය කරද්දි චින්තනයේ වෙනස් වන්නේ කොහමදයි කියාය.ඔහු කතාකරේ මෙහි ඇති ontology එක සම්බන්දයෙන්ය.එමෙන්ම මෙය ඔහු එක් එක් අවස්ථාව ලෙසින් ගත නොහැකි බව පෙන්නුවා.(මලේ කතාවට අදාලව ).මේ ඇසුරෙනුයි මම ස්භවධර්මයට අදාලව දයලික්තය යෙදීමට විරුද්ද වුනේ.ඉතින් අපට particle decay එකකට දයලික්තක්යට දාන්න පුලුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා

      Delete
    21. හෙගලියන් දයලෙක්තිකය එය බව මම පිලි ගන්නවා. නමුත් දයලේක්තික භෞතික වාදය හා ඓතිහාසික භෞතික වාදය සම්බන්ධ පසු සංවාද වලදී ස්වභාව ධර්මය හා විද්‍යාව දයලෙක්තිකය ඇසුරෙන් පැහැදිලි කර ගත හැකිබවට පිළිගැනීමක් තිබෙනවා. පරණ මාක්ස්වාදීන් හා පරණ වාමාංශිකයන් ඔබ කියන සිමාවේ සිට ක්වන්ටම් භෞතිකය ඉදිරියට එනවිට ඇතිවන ඔන්ටෝලොජිකල් ප්‍රශ්නයට පිළිතුර සොයා ගත නොහැකිව ආසියානු ආගම් දෙසට හැරුන. හෝ හැරෙනවා. (උදා: ජී අයි ඩී ධර්මසේකර , සෝමවංශ අමරසිංහ )
      http://www.thenorthstar.info/?p=3783

      මෙන්න මේ ලින්ක් එකේ පොතක් තිබෙනවා. http://m.friendfeed-media.com/2ea002becccc8cc99691a12b53cc7bcdf766b04b
      The Dimensions of Hegel's dialectic. එහි Ontology and Dialectic in
      Hegel’s Thought කියා හොඳ ලිපියක් තිබෙනවා. මම හිතනවා මෙහිදී අපි එකඟ නොවී සිටීමට එකඟ වෙමු. මගේ ඉලනාග ලිපියට පසු ලිපියක් ලියනවා ක්වන්ටම් භෞතිකයේ නවතම සොයා ගැනීම ගැන. එතැනදී මෙය තව දුරටත් සාකච්චා කරමු. මේ පිළිබඳව තව ටිකක් නිදහසේ කියවීමක් හා සිතීමක් අවශ්‍ය වෙනවා මට. දැනට ඒ වෙලාව නැහැ.

      Delete
    22. මට කියන්නට අවශ්‍ය වුනේ ඊළඟ ලිපියට කීයා. ඊළඟ ලිපිය විදුලි බලය සම්බන්ධව.

      Delete
    23. ස්තූතියි පොතට සහ ලිපියට (ලින්ක් වලට ) . ඔව් අපි මේ සම්බන්දයෙන් දැනට එකග නොවී සිටීමට එකග වෙමු.

      Delete
  15. ඔයා හොට පොටකට එන්නේ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හොට පොටකට ? ස්තුතියි ජයවේවා කිව්වට. හැබැයි මොකටද ජයවේවා කිව්වේ ?

      Delete
  16. ඇත්තටම මගේ සමාජ වාදය, මාක්ස් වාදය ගැන දැනුම බොහොම අඩුයි... ඒත් මේ පෝස්ට් එකේ නම් තේරෙන දෙයක් තියෙනවා.. පාරිභෝගිකයාට ඕනි දේ නැතුව වෙළෙන්දාට ඕනි දේ ගැනීමට පෙළඹ වීම "වෙළඳ උපක්‍රමයක්" නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒක වෙළඳ උපක්‍රමයක් තමා. නමුත් අපිඅට භාණ්ඩ වලට ඇති අල්මකුත් තිබෙනවා නේ. එකෙනුත් තමන්ගේ ලාභය වැඩි කර ගන්න පුළුවන්. මම මෙතැන් උත්සාහ කලේ ජිජැක් කියන ඩබල් නෙගේෂන් අමාරු කතාවට වඩා ධනවාදයේ නැති දෙයක් නැත කියා ලාභය ලබා ගැනීමත් , එයින් තවමත් නුතන ධනවාදය රන් වෙන බවත් පෙන්වා දීමටයි. ත්‍රිමානය කියන්නේ ජිජැක් ගේ ඔරිජිනල් කතාවයි.

      Delete
  17. දැන් අජිත් ඔයත් ජිජැක් ගැන දැන ගත්තේ 3මාන එකෙන්නේ.ඔයා අර අරුනිගේ බ්ලොග් එකේ උදිත එක්ක රන්ඩු කර ගනිත්දී ඔය මොකුත්දැන ගෙන හිටියේ නැහැනේ .ඒක කියන්නේ නැත්තේ ඇයි

    ReplyDelete
    Replies
    1. ඒක වැරදියිනේ. උදිතයි අරුනියි එක්ක රණ්ඩු කලේ ඒ ගොල්ලෝ ඇමෙරිකාව උඩ දාගෙන අනිත් හැම දෙයක්ම පහත දාන නිසා සහ මාක්ස්ට සීය කියල විහිළු කරමින් කතා කරන්න සංවාද කරන්න එන කට්ටියට හිනා වෙන නිසා. ඉංග්‍රීසි ගැන කෝචෝක් කරලා අජිත් පැරකුම් ට හෙම අවඥා සහගතව කතා කල නිසා. මේවා ලිව්වේ එකයි. http://kolambagamaya.blogspot.co.uk/2014/04/1_29.html
      ෂිෂෙක් ගැන දැන ගත්තේ 2006 ගනන්වල යාළුවෙකුගෙන්. First As Tragedy, Then As Farce තමා ඉස්සෙල්ලම බැලුවේ මන් හිතන්නේ. එයාට ජිජක් කියල ලංකාවේ කියනවා කියල දන ගත්තේ ත්‍රිමාණ එකෙන් වෙන්න ඕනේ. හැබැයි ඩෙරීඩා ලැකාන් ල වැදගත් කියල දැනගත්තෙත් ජිජක් කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න උපකාර වුනෙත් ත්‍රිමාණ අඩවිය කියල පිළිගන්න ඕනේ. හේගල් නැවත හදාරන්න ගත්තේ ත්‍රිමාණ නිසා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම හේගල් ගැන දැන නොසිටිය කියල. මොකද scientific communism උගන්වන කොට රුසියාවේදී හේගල සහ ජර්මන් දර්ශනවාදය ලිබ්නිට්ස්, ලක්සම්බර්ග් ආදීන් ගැන උගන්වපු නිසා. නැවත මාක්ස්වාදය ගැන උනන්දුවක් ඇති වෙන්න ත්‍රිමාණ උපකාරී වුණා කිව්වොත් නිවැරදියි. අනික මම x කණ්ඩායමේ ලිපි කියවන්නේ ඒ ගොල්ල බෙදෙන්නත් කලින්. ඊයේ පෙරේද බොරදිය පොකුණ ගැන ලියන කොට බුද්ධික බණ්ඩාර ලන්ඩන් සඟරාවට ඒ කාලේ ලියපු ලිපියක් හෙව්වා "ශ්‍රී ලාංකිකයාගේ ගෘහ ජීවිතය " වගේ නමක් තියෙන ලිපියක්. දැන් ඒ ගොල්ලෝ එකට නැහැ. දීප්තිගේ ලිපි වලට අමතරව මම සුමිත් චාමින්ද ගේ ලිපිත් කියවනවා. මුලාශ්‍ර දෙන්න ඕනේ තැන්වල , ඒ ගෞරවය දෙන්න ඕනේ තැන්වල කවදාවත් පැකිලිලා නැහැ..

      Delete
    2. "ශ්‍රී ලාංකිකයාගේ ගෘහ ජීවිතය" ඔබ කියන, බුද්දිකගේ ලිපිය අන්තර්ජාලයෙන් ලබා ගත් හැකිද අජිත්?? සුමිත් චාමින්දගේ ලිපි කියවන්නට් මගක් තිබේද?? ඔවුන් බ්ලොගයක ලිපි පල කරන්නේ නෑ නේද?? පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද මාව මේ ගැන අජිත්.

      Delete
    3. මම හරියට දන්නේ නැහැ. මේ කතිකා එක එගොල්ලගේ ද කියල.
      https://kathika.wordpress.com/2016/10/
      ඒ ලිපිය මගේ ළඟ තිබුන. දැන් හොයා ගන්න නැහැ.

      Delete
    4. ලිපිය හොයාගත්ත. කොහොමද දෙන්නේ

      Delete
    5. https://drive.google.com/file/d/0B6MwaSCQQNUxQTZZRWVvdWVjSmc/view?usp=sharing

      Delete
  18. සුමිත් චාමින්ද ගේ ලිපි හිටපු ගමන් ජනරලේ දැම්ම. දැන් එකත් නැවතිලා නිසා දන්නේ නැහැ.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.