ජිජැක් ගේ කතාවෙන් පස්සේ කෙලින්ම හිතුන දෙයක් තමා අපි සෝවියට් දේශය විවේචනය කලත් දුෂිත සමාජවාදය කියල, තව කොපමණ හොඳ දේවල් තිබුනද කියන එක. එකක් තමා කෑම. මේ පෝලිම් ගැන නෙමේ කියන්නේ. කොම්පෝත් හෙවත් පලතුරු යුෂ බීම හා ආහාර ගැන. සෝවියට් එළවළු කඩවල හා සුපර්මාර්කට් වලත් නිතර දකින්න තිබුන දෙයක් තමා පලතුරු යුෂ බීම. කොපෙක් විස්සක් වගේ සුළු මුදලක් පමණයි.
සමහර විට ඊටත් අඩුයි. එවෙලේම හදල දෙනවා පෙයාර්ස් වලින්. නැත්නම් ඇපල් හෝ දොඩම් යුෂ. සිනි ඕනේ නම් දාගන්න පුළුවන්. තිබහම නැත්නම් පෝලිමේ ඉඳන් මේවා බොන්න යන්නේ නැහැ. කඩේ මේවා ගන්න තිබ්බත් කලාතුරකින් තමා ගත්තේ.
එතකොට කොමියුනිස්ට් පක්ෂයේ හොර ගෙඩියන්ට තිබ්බ කඩවල වික්කේ පිටරට එව්වා. කේ ජි බි කට්ටියටත්, විදේශික ශිෂ්‍යයෝ අඳුනන කට්ටිය ටත් ඉතින් පිටරට බීම වර්ග ගණන් පුළුවන්.
ඉතින් ගොර්බචොව් ගේ පාලනය ආවහම රට පොඩ්ඩක් විවෘත වුනා නේ. ඔන්න ඉතින් පෙප්සි කෝලා, කොකා කෝලා එන්න ගත්ත. සීනි දාල හදපු දොඩම් යුෂ හෙවත් දොඩම් පාට ෆැන්ට ආව. ස්ප්‍රයිට් ආව. මමත් ඉතින් රූම් එකට එනකොට අරන් එනවා ගොඩක්. මගදී බොන්නෙත් ඒවා. යාලු වෙලා ඉන්න ගෑල්ලමයි ඉල්ලන්නෙත් ඒවා. පාටියක් දැම්මත් දැන් අර "ලාභ ජරා" සෝවියට් පලතුරු යුෂ වෙනුවට හොයන් යන්නේ මේවා. මමත් වැඩියෙන්ම කැමති වුනේ පෙප්සි බොන්න.
දැන් අවුරුදු විස්සකින් විතර ඉස්සරහට එමු. එංගලන්ත ජිවිතයට. අපේ ළමයින්ට කොකා කෝලා , පෙප්සි දෙන්නේ නැහැ. ඇසිඩ් එනවා. සීනි වැඩියි. සීනි හොඳම නැහැ. අපි දැන් බොන්නේ දුඹුරු සීනි. සුදු සීනි ඇඟට පුරුදු වුනහම කොකේන් වගේලු. තනිකර කෙමිකල් ප්‍රොඩක්ට් (සමාවෙන්න රසායනික නිෂ්පදනයක්) එකක්. මම දැන් සිනි දාන්නෙත් නැහැ තේ වලට. ගහක කොළ වලින් හදපු රස කාරකයක් භාවිතා කරන්නේ. ළමයින්ට පෙයාර්ස් වලින් හදපු යුෂ බිම නැතත් දොඩම් යුෂ දෙන්නේ දුඹුරු සීනි දාල. ගෙදර පිටිපස්සේ බිරින්දෑ ඇඹුල් චෙරි ගහක් හිටෙව්වා. ඇඟට ගුණයි කන එක බොන එක. එයා ඒකෙන් ජෑම් හදනවා . ඇඹුල් බිමක් හදනවා. නින්ද නොමැති කමට, කෑම දිරවන්න, හන්දි පත් රුදාවට හොඳයි. ඒ දවස් වල කීසෙල් කියල පහල පින්තුරේ තියෙන ඇඹුල් චෙරි වලින් හදපු බීමක් සෝවියට් දේශයේ තිබ්බ. (පහල පින්තුරය) මම කටේ තිබ්බේ නැහැ. දැන් තමා දන්නේ ඒවායේ හොඳ .
එංගලන්තේ ස්මුතී කියල බිමක් ආව. දැන් හරි ජනප්‍රියයි. සෞඛ්‍ය සම්පන්නයි. තනිකරම පලතුරු යුෂ කෙසෙල්, ස්ට්‍රෝබෙරි ආදිය එකට දාල හදන්නේ. ටිකක් ගණනුත් වැඩියි. ටිකක් ලං වෙලා බලන කොට මේ අර සෝවියට් දේශයේ තිබ්බ ලාභ පලතුරු යුෂ බිම එකමනේ කියල තේරෙනව. එංගලන්තේ සීනි වැඩි , ලුණු වැඩි බීම ලාභයි. ගුණ වැඩි යුෂ වර්ග හෙම ගණන්. ලාභ ඒවා ජරාව.
අර සෝවියට් විද්‍යාඥයෝ ආහාර දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කරලා මිනිසුන්ට බොන්න හොඳයි කියල දුන්න ඒවා සෝවියට් වැසියෝ ගනං ගත්තෙත් නැහැ. අපි ගණන් ගත්තෙත් නැහැ. ඇයි ඔක්කොම ලොකු පොරවල්, නිලධාරියෝ බීවෙත් පිටරට ඒවනේ.
ගොර්බගේ කාලෙම ආපු තව දෙයක් තමා බ්‍රොයිලර් කුකුළු මස්. මම ටිකක් සීනියර් වෙච්ච කාලේ ඉතින් කඩේ වැඩ කරන අඳුනන රුස්සෝ රුස්සියෝ ලවා ගන්නව. පෝලිම තිබුනත් නැතත්. අපේ හිටි පොෂ් ලංකාවේ කෙල්ලෝ හෙම සමුහ ගොවි පලවල සෝවියට් කුකුළු මස් වලට කිව්වේ රබර් වගේ ඇදෙන ෆ්‍රීස් (ශීත කරන ලද ) කරලා තිබ්බ ගං කුකුල්ලු කියල. සමුහ ගොවි පලවල හදන ජරාව. ඒ වගේද හොලන්ඩ් පැත්තේ ඉඳං එන බ්‍රොයිලර් කුකුල්ලු. ඒ පැත්තෙන් හුලන් වැදිලා ආවත් සැපට රහයි. සැපට හැදිච්ච ලොකු රසවත් කුකුල්ලු.
දැන් ආයෙත් අවුරුදු විස්සක් විතර ඉස්සරහට එමු. බ්‍රොයිලර් කුකුල්ලු කියල කියන්නේ දවස් 28 විතරක් ජිවත් වෙන කුකුල්ලු. උන් ඉන්නේ පුංචිම පුංචි හතරැස් කොටුවක. උන්ව මහත් කරන්න ඕනේ නිසා ඇවිදින්න දෙන්නේ නැහැ. උන් කරන්නේ කන එක විතරයි. දවස් 28 කින් නියම මහතට ආවහම මස් මඩුවට යවනවා.
මේ කුකුලන්ට ස්ටේරෝයිඩ්ස් දෙනවා (හෝමෝන) මහත් වෙන්න. ඒවා අපේ ඇඟවල් වලට හොඳ නැහැ. කැන්සර් (පිළිකා) වුනත් හැදෙන්න පුළුවන් වෙන විධිහේ බෙහෙත් උන්ට දෙනවා. ප්‍රති ජීවක ඖශධ වගේ දේ. ඉතින් මොකද කරන්නේ. දැන් අපි ගන්නේ ෆ්‍රී රේන්ජ් චිකන් ඒ කියන්නේ දුවල පැනල නිදහසේ ෆාර්ම් එකේ හිටපු කුකුල්ලු. එහෙම නැත්නම් කෝර්න් ෆෙඩ් හෙවත් ඉරිඟු කන්න දුන් "නිදහස්" කුකුල්ලු. එහෙමත් නැත්නම් ඔර්ගනික් කුකුල්ලු - ඒ කියන්නේ කාබනික අහරගන්න අර කූඩු අස්සේ හිර නොවී ඉන්න එවුන්. දැන් වැඩේ මේ කුකුළු මස් ඔක්කොම ගණන්. කිලෝ එකක් පවුම් 6-8ක් විතර. රුපියල් 1200-1400 විතර. හැබැයි අර දින 28 බ්‍රොයිලර් එවුන් පවුම් 3ටත් අඩුයි සමහර වෙලාවට.
මම පසුගිය අවුරුද්දක ලංකාවට ආපු වෙලේ මල්ලිත් එක්ක සුපර්මාර්කට් එකකට ගියා. පොර කුකුළු මස් ගන්න කොට මම කැමති වුනේ නැහැ. පෙනුමට අර බ්‍රොයිලර් වගේ. මම ඇහුවා ගං කුකුල්ලු නැත්ද කියල මල්ලි ගෙන් . පස්සේ කැරකිලා කැරකිලා පොඩි කඩේකට ගියා. මල්ලි කණු කුණු ගෑව , මේක හරියට සුද්ධ වෙලත් නැහැ, සුපර්මාර්කට් එකේ වගේ හොඳ පාටක් නැහැ. මේ ගම්වල ගෙවල් වල හදන කුකුලොනේ, කියල. මං කිව්වා හරි ඒකම තමා ඕනේ කියල.
සමුහ ගොවිපලවල් කුකුලන්ට නිදහසේ ඇවිදින්න කරන්න නිදහසත් තිබ්බ. හැබැයි ගං කුකුල්ලු කියල අපි කැමති වුනේ නැහැ. වෙජිටේරියන් වුනා නම් වඩා ලේසියි. ඒත් වැඩක් නැහැ ගහන පලිබෝධ නාශක ප්‍රමාණය දිහා බැලුවහම.
ලංකාවේදී A/L කරන කාලේ මගේ යාළුවෙක් එක්ක උදේට දුවනවා. යාලුව රගර් ගහපු නිසා හොඳට ව්‍යායාම කරන කෙනෙක්. එන ගමන් කිරි පැකට් එකක් බොනවා අරගෙන. මුකුත් ප්‍රශ්නයක් නැහැ. සෝවියට් දේශයේ ස්මිතානා කියන යෝගට් වගේ පානය ට මම හරි කැමතියි. ඒ වගේම කෙෆිර් කියන යෝගට් පානය. අපේ හිටිය වඩුගේ කියල සීනියර් අය්යා කෙනෙක්. එයා ගෙන් තමා ඒක බොන්න පුරුදු වුනේ. කිසි ප්‍රශ්නයක් නැහැ.
අවුරුදු විස්සක් ඉදිරියට එමු . පහුගිය අවුරුදු දහය ඇතුලත හරිම අමාරුවෙන් හිටියේ. බඩේ අමාරුවක් නිසා. බඩ පිපෙනවා. මොනවා කෑවත් හිටපු ගමන් පලු වගේ එනවා. රෑට නිදා ගන්න බැහැ හුස්ම හිර වෙනවා. ටින් කෑම , බෝතල් කෑම , චීස් කිරි පොඩ්ඩක් වත් බොන්න බැහැ. යෝගට් කන්න බැහැ. ක්‍රීම් දාපුව කන්න බැහැ. ජර්මනියේදී ට්‍රයි කරා ඔර්ගනික් (ඓන්ද්‍රිය නැත්නම් ස්වභාවික) කිරි. ඒත් හරි ගියේ නැහැ. ජීපී (ආණ්ඩුවේ පවුලේ දොස්තර) ට කිව්වහම අසාත්මිකතාවය තියෙන එක හොයා ගන්න කියා කිව්වා මිසක් මුකුත් කලේ නැහැ. පස්සේ ඔෆිස් එකෙන් දෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් ගියා චෙක් කරන්න. පවුම් 2000 ක විතර රක්ෂණයෙන් ගෙව්වා එකට. පරීක්ෂණ දහයක් විතර කරලා කිව්වා මට කිරි වල තියෙන ලැක්ටෝස් හරි යන්නේ නැතිලු. (lactose intolerance). මට මල පැනපු පාර කන්සල්ටන්ට් එක්ක වාද කලා . එහෙම නම් කොහොමද මම පොඩි කාලේ කිරි බිව්වේ ලංකාවේදී. රුසියාවේදී බිව්වා ප්‍රශ්නයක් වුනේ නැත්තේ මොකද වගේ දේ? මිනිහ කිව්වා කිරි වල ප්‍රශ්නය ආසියාවේ හැමෝටම තියෙනවා කියල. අපි හරියට පරිණාමය වෙලා නැහැල්ලු. මැරෙන්න හිනා ගියා ඒක අහල. ඉන්දියාවේ කිරි ඔච්චර බොන්නේ ඇයි කියල ඇහුවම කට උත්තර නැති වුනා පොරට. පස්සේ මම ඉන්දියාවට ගිය වෙලේ 2008 විතර, ඉන්දියන් තේ බිව්වා කිරි වලින්ම හදන වතුර නොදා. පස්සේ යෝගට් කෑව. තව කිරි වලින් හදන බිම බීව. කිසි ප්‍රශ්නයක් නැහැ.
ඔය අතරේදී මට කල්පනා වුනා මගේ ළමයි පුංචි කාලේ කිරි බොන කොට , යෝගට් කන කොට අසාත්මික තාවක් ආව නේද කියල. අපි පාට පාට, ගණන් යෝගට් නැතුව සරල ඔර්ගනික් යෝගට් දුන්නම හරි ගියා.
ළමයි නිකන් කිරි වලට පුරුදු වුනා වගේ දෙයක් වුනේ. (ලොකු දුවට ආයෙත් ඒක හැදිලා දැන් ). ඔය අතරේදී ගිය එංගලන්තේ ගොවිපලක් බලන්න. ළමයි ව එක්කන් ගියා චාරිකාවක් නිසා. එතැනදී දැක්ක දෙයින් මට වැටහුනා මගේ ප්‍රශ්නය. එතන එළදෙනුන්ට තණකොළ දුන්නත් කන්නේ නැහැ වගේ දැක්කේ. උන් කන්නේ පොඩි දර කෑලි වගේ (පුන්නක්කු නොවේ) ජාතියක්. අහල බලන කොට ඒ ගව ආහාර වල ස්ටෙරෝයිඩ් (හෝමෝන ජාති) , ප්‍රති ජීවක ඖෂධ, විටමින් ජාති , කිරි වැඩි පුර එන්න මොකක්ද රසායනිකයක් වගේ දේවල් දාල හදපු කෑමක්. ඉස්සර හරක් හා බැටළු මසුත් තිබිල තියෙනවා. අර හරකුන්ට හැදුන CJD ලෙඩෙන් පස්සේ මස් අඩංගු කෑම දීම තහනම්. ඒත් මාළු තියෙනවා මන් හිතන්නේ. තණකොළ කන්නේ නැති හරක්. මට වෙලා තියෙන්නේ මේ කිරි වල තියෙන රසායනික වලින් එන අසාත්මික තාවයක්. හොයල බලන කොට මේ එළකිරි වල වෙනම ප්‍රෝටීන් වර්ග වගයක් නිපද වෙනවා. කෘතීම ඒවා. ජර්මනියේ පමණක් නොව මුළු යුරෝපයේම කිරි වල එහෙමයි. ඒවායෙන් සමහර අයට අසාත්මික තාවයන් ඇති වෙන්න පුළුවන්. ඉන්දියාවේ කිරි මට බොන්න පුළුවන් වුනේ ඒවා වල මේ අමුතු ප්‍රෝටීන් වර්ගය නැති නිසා. දැන් මිල අධික කිරි වර්ගයක් එනවා A2 කියල. අර කිරි වලින් අසාත්මිකතාව ඇති කරන ප්‍රෝටීන් එක අයින් කරපු. ඉස්සෙල්ල එහෙම අමුතු කිරි හදල දැන් ඒවා වලින් ප්‍රෝටීන් අයින් කරලා ආයි වැඩි ගානට විකුනනව. අර සමුහ ගොවිපලවල් වල තිබ්බ විධිහට සාමාන්‍ය තණකොළ කාල හැදෙන එළදෙනුන්ගේ කිරි වල මේ ප්‍රශ්න නැහැ. හැබැයි සෝවියට් රජය අන්තිම කාලේ බටහිර ක්‍රම අත්හදා බැලුව.
ඒ කාලේ සමාජවාදී රටවල් තිබ්බ ප්‍රශ්නයක් තමා අහර විකුණන කඩවල පෝලිම්. ඒවා ගැන මිට කලින් කතා කරලා තිබෙන නිසා මෙතන ලියන්නේ නැහැ. ඇයි ඒවා ඇති වුනේ කියල. එක පවුලේ අම්මා පෝලිමේ එක තැනක. දුව හෝ පුතා තව තැනක. සැමියා තව කොනක. එතකොට තම වැඩිපුර දොඩම් මල්ලක්, කෙහෙල් ටිකක්, මස් ටිකක් ගණන් පුළුවන්. ඒවා වල වැසියන් නැවත ඒ ක්‍රමයටයන්න කැමති නැහැ. ධනවාදී ක්‍රමයේ අහාර කොච්චර නුගුණ වුනත්. ගණන් වැඩි වුනත්.
හැබැයි ඉතින් දැන් බටහිර ඉන්න අපි ආපහු නැවත යනව. සරල ක්‍රම වලට. වඩා සෞඛ්‍යයට හිතකර වගා ක්‍රම වලට. මස් මාළු නිෂ්පාදනයට. හිමින් හිමින් සමාජවාදයට යනවද? මොකද ඩෙන්මාර්ක් වල මේ පැත්තෙන් හුඟක් ඉහලයි තත්වය. මේ සමාජවාදය ලෙනින්, ස්ටාලින්, මාඕ, විජේවීර කියූ විධිහට නොව වෙනස් විධිහට හැඩ ගැසෙමින් එනවා වත්ද?
පාලන ක්‍රම සාපේක්ෂයි මට නම්. සමහරු ජනතාව පෙළනවා සමහරු ජනතාවට ආදරේ කරනවා. ආහාර තෝරාගැනීමේදී විතරක් නෙවෙයි හැමතැනදිම සාමාන්‍ය අපි අසරණයි. ප්‍රචාරණ උපක්‍රම වලට අපි අහුවෙනවා
ReplyDeleteඅපි අපේ අත්දැකීම් තුලින් ඉගෙන ගත යුතුයි කියල. සමජවදයේදීත් ධනවදයේදීත් මිනිස්සු දැනුවත් නම් රවටන්න අමාරුයි. උතුරු කොරියාව වහගෙන ඉන්නේ ඇයි? රජයක් පවත්වා ගන්න මිනිසා නිදහසේ ලබන දැනීම සිමා කල යුතු නිසා? පුළුවන්තරම් බ්ලොග් වලින්, සමාජ ජාලා වලින් වෙනත් ක්‍රම වලින් මිනිසුන් දැනුවත් විය යුතුයි. දේශපාලකයන්ට වෙළෙන්දන්ට අපව රවටන්න බැරි වෙනෙන් එවිටයි.
Deleteඔබේ ලිපිවල ඉගෙනගැනීමට බොහෝ දේ තිබේ. කමෙන්ට් කිරීමට තරම් මාක්ස්වාදය පිලිබඳ ලොකු දැනුමක් හෝ සෝවියට් සංගමය පිලිබඳ අත්දැකීම් මට නැත. ඔබේ තර්ක මත පදනම්වම නොවිය හැකි වුවත් අවසන් වැකියේ කියා ඇති දේනම් බොහෝ විට මටත් සිතී ඇත. මගේ විශ්වාසයනම් ලෝක දෙකක් සසඳමින් ඔබ සාකච්ඡා කරන බොහෝ දේ මඟින් (පෙර ලිපිද ඇතුළුව) පිළිබිඹු වන්නේ දේශපාලන හෝ අර්ථ ක්‍රමයේ ලක්ෂණයකට වඩා පුද්ගල ස්වභාවයේ ලක්ෂණ බවයි. කෙසේ වුවද ඒ මට හිතෙන හැටිය.
ReplyDeleteමාක්ස්වාදී කතාවල් මේ ලිපියේ නැත. සෝවියට් සංගමය ගැන නොදන්නා යට දන ගැනීමට ලිවූ දෙයකි. පුද්ගල අත්දැකීම් ඉදිරිපත් කරන්නේ එයින් වඩාත් සත්‍ය භවයට සමීප කතාවක් පැවසිය හැකි නිසයි. දේශපාලන අර්ථ ක්‍රමයක් තෝරා ගන්නට යයි මා කියන්නේ නැත. මා කියන්නේ සමාජවාදයක් ගැන හිතනවා නම් එය බිහි වන්නේ ධනවාදය තුලින්ම බවයි. සෝවියට් යුෂ හොඳ බව අප නොදැන සිටියේ එයට සම්බන්ධ ධනවාදී අත් දැකීම අප සතුව නොතිබූ නිසාය බව ඔබට වැටහේද?
Deleteමාත් තවරිෂ් ඔය සේරම කාල-බීල තියනවා. බොරු කියන්න අවශ්‍ය නැහැ, කොම්පොර්ත්, අර එළවලු අච්චාරු බාන්කා, කීෆිර්-ස්මෙතනා ආසාවෙන් කාපු බීපු දේවල්. (සමහර දා උදේට) අච්චාරු බාන්කා එකේ තියන, ඇඹුල් වතුර ටිකත් ප්‍රයෝජනවත් වුණ අවස්ථා නැතුවම නොවේ. මා මගේ සටහන් වල ලියල ඇති, උඹට මතකද එහෙ තිබුන අර අලියා බිම වගේ, ගෑස් දමපු පැණි බීම එක. මේක වඳ වුනා පෙප්සි ආවට පස්සේ. එයත් මගේ ප්‍රියතම පානයක්. මා එකම නගරයක දුටුවා, බාන්කා වල විකුණන වොද්කා.
ReplyDeleteහැබැයි මේ දේත් කියන්න ඕනේ, ධනවාදී ඕස්ට්‍රේලියාවේ මා අද කන දේවල් ගැනත් මට තියෙන්නේ ඒ වගේම කැමැත්තක්.
//ධනවාදී ඕස්ට්‍රේලියාවේ මා අද කන දේවල් ගැනත් මට තියෙන්නේ ඒ වගේම කැමැත්තක්.//මා මෙහි කියන්නේ වෙනම කටහ්වක් රයිගමයා . ජර්මනියේ කෑම සැහෙන්න හොඳයි. රහයි. quality එක හරි හොඳයි. ටිකක් ගණන්. සොසේජස් හෙම හරිම රසයි. එංගලන්තෙත් ගණන් දේවල් හොඳයි. නමුත් මිනිස්සුන්ට ගණන් තියෙන ලාභ හැම දෙයක්ම ජරාව. ජර්මනියේ එක සොසේජස් හදන තැනක ඉන්ටවිව් එකක් කර මෙහා TV එකක. ජර්මනියේ විසි කරන කුකුල් කෑලි , මස් හම, බඩවල්, එකතු කරලා සොසේජස් හදල එවනවා එංගලන්තට ලාභෙට. ඒවා එහෙ තහනම් නිසා. එංගලන්තේ තහනම් ඒවා වෙන රටවල. අනිවාර්යනම හොයල බලන්න ඕස්ට්‍රේලියාවෙත් එහෙම ඇති. සිනි වැඩි ඒවා ගණන් අඩු නැත්ද? කොකාකෝලා , පෙප්සි නෙවේද වැඩිය බොන්නේ? ඇමෙරිකාවේ දුප්පත් මිනිස්සු ඔච්චර මහත (obese ) මොකද ?
Deleteමචං උඹ කියන කතාව මට තේරෙනවා. ඔය කෑම ගැන මාත් ටිකක් ලියල තියනවා. සෝවියට් ආහාර නිෂ්පාදන ක්‍රමය තිරසාරී කියා මා සිතන්නේ නැහැ. එහෙත් ඇත්තටම ආහාර නිෂ්පාදනය වන හැටි මා දුටුවා. මෙහෙත් දකිනවා.
Deleteජරා කෑම කොහෙත් ලාභ නම් තමා. කේඑෆ්සී කෑම එක සමහර විට ඩොලර් හත අටකට ගන්න පුළුවන්. හොඳට හදපු ගුණ දායක වේලක් කඩෙන් කන්න ඩොලර් විස්සක් තිහක් යනවා. අපේ සුපර් මාර්කට් වල තියන බෙරි ජූස් ඕස්ට්‍රේලියානු ඇපල් වලින් හදන ඒවා නොවේ. ඒවා චීනයෙන් හෝ දකුණු අමෙරිකාවෙන් ආනයනය කරන සාන්ද්‍ර ගත ඇපල් ද්‍රාවණය යන්තමින් කලවම් හදන වල් එවුවා. එයින් ලීටර 3 ඩොලර් හතරකට විතර ගන්න කොට, මෙහෙ වවන ඇපල් වලින් හදපු 100% ඇපල් බීම එක ලීටරයක් ඩොලර් 4-5 ක් වෙනවා.
//ධනවාදී ඕස්ට්‍රේලියාවේ මා අද කන දේවල් ගැනත් මට තියෙන්නේ ඒ වගේම කැමැත්තක්.// මේක මා ලියුවේ අතේ මුදල් තිබුණත්, විෂ වර්ග නොමැති ආහාර ගන්න නොහැකි රටවල් ලෝකයේ තියනවා කියන්න. චීනය පවා එයින් එක රටක්.
කේඑෆ්සී කතාවක් කියන්නම්. නිල නොවන පරීක්ෂණයක් කලා අයි අවුරුදු 8-9 ගැහැණු ළමයි වැඩි විය පත්වන්නේ කියල. සාමාන්යෙන් වුනේ අවුරුදු 10-14 අතර වැඩි විය පත්වීම නිසා. එතැනදී හොයා ගත්ත කුකුළු මස් සතියකට තුන් හතර වතාවකට වඩා කන, ගැහැණු ළමයි වැඩි ප්‍රතිශතයකට එහෙම වෙනවා කියල. ඊට පස්සේ හොයා ගත්තේ එහෙම වෙන්නේ කුකුළු මස් වල තියෙන ස්ටේරෝයිඩ්ස් නිසා කියල. ඒත් වැඩි පුරාම වින්ග්ස් කන කොට. කුකුලට එන්නත ගහන්නේ වින්ග් එකට නිසා.
Deleteධනවාදයට පස්සෙලු සමාජවාදය එන්න ඕනේ, මාර්කස් කිව්වේ එහෙමලු. එත් මාර්කස් ල සමාජවාදය ගැන නොකියම හිටියනන් කොච්චර හොඳද? එහෙමනම් ජෙප්පෝ ප්‍රජතන්ත්රවදියෝ වෙන්න තිබ්බ, ලෝකේ නොදනිම සමාජවාදයට යන්න තිබ්බ.
ReplyDeleteබලන්නකෝ බුදුහාමුදුරුවොත් ඔයවගේ මගුලක්නෙව කරලා තියෙන්නේ, nivana ගැන නොකියම හිටියනන් කොච්චර හොඳද? හාමුදුරු කරදරේ නොවෙන්න තිබ්බ, අපිට කරදර නොවිදම නිවන් යන්න තිබ්බ.
හා හා හොඳ කතාව. මාක්ස් කලේ ඩාවින් කරපු දේම වගේ දෙයක්. එහෙම නම් ඩාවින්ට පරිණාමවාදය ගැන නොලිය ඉන්න තිබ්බ. අයින්ස්ටයින් ට සාපේක්ෂතාවාදය ගැන නොලිය ඉන්න තිබ්බ. ලෝකය නොදනිම කොහේටවත් යයිද? ලෝක ඉතිහාසයේ එහෙම වෙලා තිබෙනවද? වැඩ වසම් යුගය නොදැනීම ඉවර වුනාද නැත්නම් ධනපති විප්ලවයවල් ආවද ? බුදු හාමුදුරුවෝ නිර්වාණය ගැන නොකිව්වනම් වෙනත් කවුරුහරි බුදු කෙනෙක් එක හොයා ගන්න තිබ්බේ නැත්ද?
Deleteවිජේවීර ගේ වැරැද්දක් කිව්වා නිසා අප්සෙට් ගියා වත්ද?
ධනවාදයට කලින් ආපු සමාජවාදයවල් ඔක්කොම ඉවරයි කොරියාව ඇරෙන්න? ඇයි කියල හිතුනේ නැත්ද?
Deleteඩාවින් හරි වෙන කවුරු හරි පරිණාමය ගැන ලිවූ නිසා අපේ සමාජයේ වෙනසකට සිද්දවෙලේ තියෙන්නේ, පරිණාමය කටපාඩම් කරගෙන විබාගේ හොඳට පාස්වෙලා ළමයි හදල එයාලට මස්මාලු කන්න එපා පවු සිද්දවෙනේව කියල උගන්නන එක, ඉතින් දැන් ක්‍රියාත්මක වරණයෙන් ( විභාග සහ ඖෂධ) සිද්දවෙන්නේ ශාරීරිකව දුබල පිරිසක් පරිණාමය කිරීම.
Deleteවිජේවීරට බනිනකොට මට සතුටුයි, අපේ තාත්ත කොමිනිස්කාරය නිසා මම විජේවීරත් එක්ක තරහවුනේ බහතෝරන කාලෙමයි,
මහින්දයි ගෝඨ යි දෙන්නෙක් නොවී එක්කෙනෙක් වුනා නම්, ලංකාවත් තවත් උතුරු කොරියාවක් කරන්න තිබ්බ.
//මහින්දයි ගෝඨ යි දෙන්නෙක් නොවී එක්කෙනෙක් වුනා නම්, ලංකාවත් තවත් උතුරු කොරියාවක් කරන්න තිබ්බ.// මේ දවස් වල බුකියේ හැම තැනම යනව කොළඹ දියුණුම වෙන නගරයලු. දෙන්නටම ස්තුති කරලා ඒකට. බලන කොට සංචාරකයන් එන ප්‍රමාණය අනුව. විජේවීරට බනිනවට වඩා මම කරන්නේ ප්‍රශ්න කරන එක. විජේවීර තේරම් ගත්ත සෝවියට් දේශයේ වැරැද්දක් තිබෙනවා කියල. නමුත් එතනට ඔහු ආදේශ කළේ චීනය. නමුත් චීන ආණ්ඩුව පවා සහයෝගය දුන්නේ සිරිමා ආණ්ඩුවට.
Deleteපහලොස්වන ශතවර්ශයෙන් පසු යුරෝපය තුල චින්තන විප්ලවයක් වුනා.
ReplyDeleteඑතෙක් පැවති කතෝලික චින්තනය වෙනුවට යුදෙව් ක්‍රිස්තියානි චින්තනය බිහිවුනා.
ධනවාදය බිහිවුනේ මේ යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තුලයි.
කතෝලික චින්තනය පරාජය වුනත් එය යුරෝපා සමාජය තුළ සැඟවී පවතිනවා.
යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තුල අර්බුද මතුවන විට මේ කතෝලික චින්තනය යුරෝපය තුල නැවත මතුවෙනවා.
ෆැසිස්ට් වාදය, නාසි වාදය, සමාජ වාදය සහ වික්ටෝරියානු සදාචාරය මෙසේ කතෝලික චින්තනය මතුවීමෙන් ඇතිවූ ප්‍රතිඵල.
(කතෝලික සභාව සහ සමාජවාදී රාජ්‍යයක ආකෘතිය කොතරම් සමානද සිතන්න)
එකම චින්තනයකින් බිහිවූ සමාජවාදය සහ නාසිවාදය එකිනෙකා සමඟ යුද්ධ කිරීම දෛවයේ සරදමක්.
විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපය තුල කතෝලික චින්තනය දරුණු ලෙස පරාජය වුනා.
නමුත් නැපෝලියන් බොනපාට් යුද්ධයෙන් පැරදුනත් යුදෙව් ක්‍රිස්තියානි චින්තරය පැතිරවීමට සමත්වුන නිසා ඔහු ජයග්‍රාහකයෙක්.
අද වනවිට ලෝකයේ ප්‍රධාන කතෝලික කලාපය වන ලතින් ඇමරිකා කලාපයේ රටවල් තුල මාරුවෙන් මාරුවට
ෆැසිස්ට් වාදී සහ සමාජවාදී ආණ්ඩු ඇතිවීම දෙස බලා සමාජවාදය සහ ෆැසිස්ට් වාදයට සමඟ කතෝලික චින්තනය සමඟ ඇති සම්බන්ධකම ගරන අදහසක්
ඇතිකරගත හැකියි. සමාජවාදයේ ප්‍රධාන අර්බුදය වන්වන්නේ එය ආර්ථික, දේශපාලන වශයෙන් කතෝලික චින්තනය මත රැඳෙද්දී සංස්කෘතික වශයෙන්
යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පසුපස යාමයි.
අනේ බන් උබ වගේ පිස්සෙක්.
Deleteයකෝ නලින්ද සිල්වා දෙන ලනු කනවා කියලා ඔහොමත් කනවද?
උබ කියන මරුම කතාව තමා කතෝලික සබාවයි ෆෑසිස්ට්වාදයයි සමාජවාදයයි තුනම ඵකයි කියන ඵක .......හා හා....පට්ට හිනා......
ඵතකොට ඔය තුන ඵකයිනම් ෆෑසිස්ට්වාදී හිට්ලර්ගේ ජර්මනිය, සමාජවාදී රුසියාව ආක්‍රමණය කරලා සෝවියට් වෑසියන් කෝටිගානක් මෑරුවේ ඈයි බන්?
ඵ්තකොට සමාජවාදී සෝවියට් දේශය හිට්ලර්ගේ ෆෑසිස්ට් හමුදාව පරසක්කල ගහලා යුරෝපය බේරගත්තේ ඈයි බන්?
ඵතකොට කතෝලික සබාව ඈමරිකාව ඵක්ක ඵකතුවෙලා සෝවියට් දේශයට විරුද්දව කුමන්ත්‍රන කරලා සොවියට් දේශය කඩාවට්ටන්න අම්බානෙකට කඩේ ගියේ ඈයි බන්?
යකෝ බොරුවක් කියනකොට අහුවෙන්නෙ නෑතිවෙන්නවත් කියපන්......
උබ සමාජවාදයේ අර්බුදයක් ගෑන කතාකරනවා....තොපි වගේ පිස්සෝ හොදයි කුබුරු හාන්න........සමාජවාදය අර්බුදයට ගියා කියලා සමාජවාදයට ලෙනින්ට මාක්ස්ට හරි පාඩු ඈති....නේදබන්???
ගොන් මී හරකෝ සමාජවාදය අර්බුදයට ගියයි කියලා සමාජවාදයට පාඩුවක් නෑ යකෝ පාඩුව වෙන්නේ මිනිස්සුන්ටමයි.......
ඔය හැම ප්‍රශ්නෙකටම උත්තර අන්තිම වාක්‍යයේ තියෙනවා,
Deleteසමාජවාදයේ ප්‍රධාන අර්බුදය වන්වන්නේ එය ආර්ථික, දේශපාලන වශයෙන් කතෝලික චින්තනය මත රැඳෙද්දී සංස්කෘතික වශයෙන්
යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පසුපස යාමයි.
//සමාජවාදයේ ප්‍රධාන අර්බුදය වන්වන්නේ එය ආර්ථික, දේශපාලන වශයෙන් කතෝලික චින්තනය මත රැඳෙද්දී සංස්කෘතික වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පසුපස යාමයි// මෙහෙම විකාර කතාවක් ඇහුවමයි. අර නො කෙනෙක් පිළිතුරක් දීල තියෙන නිසා මම වැඩිය මුකුත් කියනන් යන්නේ නැහැ. සමාජවාදය කතෝලික චින්තනය මත රැඳෙනවා කියන කතාව අමුම අමු විහිළුවක්. රුසියාව අවම වශයෙන්වත් කතෝලික නැහැ. එහි තිබුනේ ඔර්තොදොක්ස් ක්‍රිස්තියානි ආගම ග්‍රීසියේ වගේ. ඔවුන් පෝප් පිලි ගන්නෙත් නැහැ. සෝවිය සමාජවාදය ආගම ප්‍රතික්ෂේප කලා . අනේ මිට වැඩිය කියවන්න.
Deleteරුසියාව ඔර්තොදොක්ස් රටක් වුනත්,
Deleteසෝවියට් විප්ලවය කියන්නේ පක්ෂයක් මුල්කරගෙන ඇතිවුනු විප්ලවයක්
එහිදී පක්ෂ නායකත්වය බටහිර සංස්කෘතියෙන් පෝෂනය වූ පිරිසක්.ඔවුන්ට තිබුනේ බටහිර චින්තනයක්.ලෙනින් වුනත් මැරෙනකම්ම ජර්මන් විප්ලවයක් ගැන
බලාපොරොත්වෙන් සිටියා.ඔවුන් රටේ ඇති ආර්ථික අර්බුධ හා දේශපාලන අවුල් සාර්ථකව කලමනාකරනය කර බලය අල්ලාගෙන ඔර්තොදොක්ස් රුසියානු
සමාජයට සමාජවාදය පැටවූවා.
කතෝලික චින්තනය කියන්නේ කතෝලික ආගම නෙමෙයි මේ ගැන නලීන්ද සිල්වා මහතා සවිස්තරව ලියා තිබෙනවා.
මේ දෙකේ වෙනස ගැන උදාහරණයකින් දක්වනවා නම් වික්ටෝරියානු (කතෝලික) සදාචාරය බිහිවුනේ කතෝලිකයින් බහුතරයක් සිටින ප්‍රංශයේ නොවේ
බ්‍රිතාන්‍යයේ.
ඔබ ඔර්තොදොක්ස් ක්‍රිස්තියානි ආගමේ සහ කතිලික ආගමේත් ඔය කියන කතෝලික චින්තනයේත් වෙනස දන්නවද? එංගලන්තයේ ඇන්ග්ලිකානු ක්‍රිස්තියානි අගමැ කතෝලික ආගමට බ වඩා වෙනස් බවත් වික්ටෝරියානු සදාචාරය කතෝලික චින්තනයට සම්බන්ධයක් නැති බවත් එංගලන්ත රැජින ආගමේ නායකයා බවත් ඔබ දන්නවද?
Delete@ Anonymous6 June 2015 at 13:38
Delete//එහිදී පක්ෂ නායකත්වය බටහිර සංස්කෘතියෙන් පෝෂනය වූ පිරිසක්.ඔවුන්ට තිබුනේ බටහිර චින්තනයක්//
බටහිර චින්තනයෙන් පෝශනය වූවන් නෙවෙයි බටහිර චින්හනය තුල හෑදී වෑඩිලා ඵ්කෙ නිස්සාරන කම අවබෝද කරගෙන හුරාකෑමේ විශම චක්‍රයෙන් ගෑලවීම බලාපොරොත්තු උන පිරිසක් තමා විප්ලවය මෙහෙයවූවේ.ඔවුන් නිස්සාරන බටහිර සoස්කෘතියේ පසමිතුරන් මිසක් මිතුරන් නෙවෙයි.අජිත් මහතාගේ මේ ලිපිය පුරාවටම සාක්කිත්ඵක්කම පෙන්නලා දෙන්නේ ඵකතමයි.අජිත් මහතා මෙච්චර පෑහෑදිලිව කරුනු කාරනා පෙලගස්සලා අපිට ලස්සනට කතන්දරේ පෑහෑදිලිකරද්දී ඔයා ගොන් පාට් දාන්නේ ඔයාගේ තියන තක්කඩි කමට.හොරට බුදියන් ඉන්න උන් කූද්දන්න බෑ නේ.
ඔවුන් ව්‍යාජ ප්‍රචාරකවාදී බටහිර ක්‍රමය බොහොම පෑහෑදිලිව ප්‍රතික්ශේපකරන්නන්.අදටත් යුක්‍රේන අර්බුදය ඈතුලේ ඈමරිකන් ව්‍යාප්තවාදයට ඵරෙහිව ඔවුන් කරන සටන හදුන්වන්නේ බටහිරට ඵරෙහි සටන කියලයි.(ඵ් බටහිර බටහිර යුරෝපය හා ඈමරිකාව මිසක් නලින්ද සිල්වා දකින අපිට බටහිරෙන් ඈති යුරෝපා මහද්වීපය නෙවෙයි )
සමහරවිට ඔයා කියන්න හදන්නේ නලින්ද සිල්වලා සමස්ත සුදුහම ඈත්තන් ඵකම විදියට දකින නිසා රුසියන් විප්ලවය රුසියන් සුද්දන් කරපු නිසා ඵ්ක ඈලජික් කියන න්‍යාය වෙන්න ඈති.රුසියන් විප්ලවය ලෙනින් ඈතුලු රුසියන් බොල්ශෙවික් සුද්දන් කරන්නේ නෑතිව ලoකාවේ ;නලින්ද සිල්වයි; 'චින්තන පර්ශදේ' පිස්සො දෙතුන්දෙනයි පාරමිතා පෙරහෑරකින් ගිහින් කරන්න පුලුවන් ඵකක් නෙවෙයි නේ.
පිස්සු හැදෙනව අජිත්,යුරෝපයේ කෑම බීම ආරක්ෂාකාරීයි කියල හිතාගෙන හිටියට එහෙම නෑනෙ.මොනවා කන්නද කියල හිතාගන්නවත් බෑ.
ReplyDeleteඩෙන්මාර්කයේ , ස්වීඩනයේ , ජරම්නියේ කෑම හොඳයි. ඔවුන්ගේ බලවත් food safety නීති තියෙනවා. එංගලන්තයේ එච්චර නැහැ. අපි සටනක් දෙනවා ඒකට. මමත් ඔය සංවිධාන කීපයකම ඉන්නවා. ලාභය වැඩි කර ගන්න ඕන ජරාවක් විකුනනවා.
Deleteඔවුවා මොනවද අජිත්, ඔය පැත්තේ ඇල්ඩි සුපර් මාකට් චේන් එක හලාල් පෝක් එහෙමත් වික්කෙ මේ පහුගිය කලෙ..
ReplyDeleteඒක නම් මාත් දැක්කා. හිනා වෙලා පන ගියා. ඇල්ඩි එක ජර්මන් එකක. ඒකෙ සමහර බදු නම් හොඳයි ලාභ වුනාට.
Deleteමේක විෂම චක්‍රයක්. නරක දේ නැති කෑම මිළ වැඩියි. ජන්ක් කෑම මිළ අඩුයි!
ReplyDeleteඒ අතින් ගමේ අපි තම ටිකක් විතර වාසනාවන්තයි , සමාජවාදී රුසියාවේ වුනා වගේ ජන්ක් ෆුඩ් කන්න නම් වැඩියන් වියදම කරන්න වෙනවා, එත් ඉඳල හිටලා ටවුමට ඇවිත් ඒවා නොකෑවොත් සමාජ තත්වෙට හොද නෑ.
Deleteගම්වල එහෙමද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අපේ අම්ම කිව්වා දැන් නුවර එළියෙන් එන එළවලු කන්න බයයි කියල පලිබෝධ නාශක නිසා. අපි පහුගිය අවුරුදු දෙක තුනටම KFC කෑවේ 5 පාරයි. ඒත් වෙන අය ගිය නිසා. මුලදී ප්‍රොසෙස් කරපු කුකුළු මස් තිබ්බේ.. ඒක අහු වුණාම පහුගිය අවුරුදු කීපය ඇතුලත ස්වභාවික කුකුළු මස් දාල හදන්නේ.
Deleteදැන් පහත රට එළවලු වගාවට සාපේක්ෂව උඩරට පලිබෝදනාශක බාවිතය අඩුයි, පරණ කෘමිනාශක බොහොමයක වෙළෙඳපොළෙන් ඉවත් වෙලා අලුත් කොළපාටින් වර්ග කරපුව ඇවිත්, පසුගිය බෝංචි සහ ගෝව වගාවලට ස්ප්‍රේ කරලා තිබුනේ එක වතාවයි, අවුරුදු දෙකකටපෙර තුන් වතාවක් වත් ස්ප්‍රේ කරනවා, හැබැයි දැන් දියර පොහොර ස්ප්‍රේ කරනවා, සමහරු එකත් පලිබොඩ නාශක ගොඩටම ගණන කරනවා, ඔය අතරට අතක් පාතක් වස නාවන ගොවිනුත් ඉන්නවා.
Deleteලීක්ස් හැර අනෙකුත් සියලුම එළවලු වර්ග පහත රට වග කරත් දවස පුරාම පවතින අදික රස්නය නිසා කෘමි සහ දිලීර පාලනය අසීරුයි, ඒවා වස වලින් නාවල තියන්නේ.
මං කියෙව්වා පසු ගිය දවසක (ඇත්තටම මගේ බිරිඳ පෙන්නුවේ ) ජර්මන් ජාතිකයෙක් ලංකාවේ පලිබෝධ නාශක නැතුව වගා කරලා එම එළවලු ජර්මනියට අපනයනය කරන බව. ඔහු පලිබෝධ නාශනය සඳහා ර්මනියේ සහ ලංකාවේ ස්වභාවික ක්‍රම භාවිතා කරන බවත් එම ලිපියේ තිබුන. දැනට තිබෙන ප්‍රශ්නය ඒවා ඉතාමත් මිල අධිකයි. එංගලන්තයේ මිල අධ්කම ඒවා එසේ නිපදවූ ආහාරයි.
Deleteස්මෙතානා, කිෆීර් , සාලා, කුරින්නය කත්ලේත්කි , සොලයානය රීබා, කැපූස්තා, ප්ලාව්, වරේනිය, පිල්මේනි , අජිත් අපිව පිස්සු වට්ටනවා
ReplyDeleteඇත්ත නේ. දන්නවද කපුස්ත හෙවත් ගෝව වල හොඳ කම? මස් කන කොට ගෝව කෑවම හොඳට දිරවනවා. අපේ බිරිඳගේ පැත්තේ අයත් එකම කරනවා. වරෙනිය හා අපි කන ජෑම් බලන්න. වරෙනිය එකේ තනිකර පලතුරු තියෙන්නේ. එකම දේ සිනි වැඩි කම ටිකක් . දුඹුරු සිනි දාල හැදුවම හරි. අනික උන් තේ බොන්නේ සිනි නැතුව වරෙනිය එක්ක. ඇත්තටම එහෙම තමා තේ බොන්න ඕනේ.
Deleteඅපි West Germany ඉඳන් East Germany එනවා ලාබෙට දවල්ට කාලා යන්න
ReplyDeleteමාත් කලා.
Delete//හිමින් හිමින් සමාජවාදයට යනවද? මොකද ඩෙන්මාර්ක් වල මේ පැත්තෙන් හුඟක් ඉහලයි තත්වය. මේ සමාජවාදය ලෙනින්, ස්ටාලින්, මාඕ, විජේවීර කියූ විධිහට නොව වෙනස් විධිහට හැඩ ගැසෙමින් එනවා වත්ද?// //මා කියන්නේ සමාජවාදයක් ගැන හිතනවා නම් එය බිහි වන්නේ ධනවාදය තුලින්ම බවයි// මා උපකල්පනය කරනවා ඔබ් මින් ගම්‍ය කරවන්නේ Eduard Bernstein's evolutionary socialism කියා... evolutionary socialism vs revolutionary socialism !!! නමුත් මා මා සිතනවා මෙය වෙනම කතාකර යුතු topic එකක් කියලා.
ReplyDeleteඔබ ඩෙන්මාර්ක් ගැන කතා කරපු නිසා ස්කැන්ඩනේවියානු රටවල් ගැන ටිකක් අදහස් පලකරන්න සිතුනා..ස්කැන්ඩනේවියානු රටවල් යනු ලෝක මනව සOවර්ධන දර්ෂකවල ඉහලින්ම ඉන්නා රටවල්ය.වරක් බටහිර මාධ්‍ය මගින් නොර්වේ හැදින්වුයේ Europe's 'last Soviet state කියාය.බොහෝමයක් රටවල පාලනය දීර්ග කලක් තිස්සේ එම රට වල කම්කරු පක්ෂ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අත පවති.ඔවුන්ගේ සමාජ ආර්ථික මොඩලය නෝර්ඩික් මොඩලය (Nordic model) ලෙස හැදින්වේ.මොවුන් යම් තාක් දුරට සුභසාධක ආර්ථික මොඩලයක් පවත්වා ගෙන යයි.national Gini coefficient එක ඉතා අඩු අගයක පවත්වා ගැනීමට මේ රටවලට හැකිවී තිබෙනවා.ලෝක ආර්‍ථික අවපාත තුල නොසැලී Nordic miracle යයි නම් දැරීමට මොවුන්ට හැකිවී තිබෙනවා.එමෙන්ම ඔවුන් අධ්‍යාපන,විද්‍යා තාක්ෂණ (eg-danish architecture),පරිසර (lowest carbon emission cities),මානව හිමිකම්,සමාජ සාධරනත්වය ආදී කාලාප තුල ලබා ඇති දියුනුව විශ්මයජනකය.නමුත් මෙය සමාජවාදයමද කියා ගැටලුවක් තියෙනවා.මෙය communist සමාජයක් නම් නොවේ නිසැකවම..මොවුන් මෙම ක්‍රමය පවත්වා ගැනීමට කෙස් කටයුතු කරනවාද යන්න අවධානය දිය යුතු කරුනක් ඒ වගේම ඒ සදහා පරිධියේ ඇති රටවල් කෙස් වන්දි ගෙවනවාද යන්නත් සැලකිය යුතු කරුනක්...
DeleteNordic success ගැන පවත්වන විවාදයක් https://www.youtube.com/watch?v=6F6cgO6fW-8
Eduard Bernstein's evolutionary socialism හි දයලේක්තිකය ප්‍රතිකෙෂේප කරන නිසා ඒ ගැන නෙමේ කියන්නේ. මාක්ස් පසු කලෙක පිලි ගත්තේ ප්‍රචණ්ඩ විප්ලවය වගේම නීති වෙනස් කිරීම හා වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වලින් එය සිදු විය හැකියි කියල. හැම රටකම ධනපති විප්ලවයන ප්‍රචණ්ඩ ලෙස සිදු වුනේ නැහැ. ජර්මංඉඑ වයිමර් සමුහාණ්ඩුව 1918 පිහිටවුණේ පළමු ලෝක යුදයෙන් පස්සේ. වැඩවසම් ක්‍රමය සම්පුර්ණයෙන් නැතිවී රජු නෙරපා හැරියත් ඔවුන්ගේ වැඩවසම් ටයිටල් හා ඉඩම් තබා ගන්නට ඉඩ දුන්න. නොර්ඩික් මොඩලය මෙන්ම සමාජවාදය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද යන්නත් මෙහිදී සාකච්චාවට බඳුන් විය යුතුයි? සමාජවාදය යනුවෙන් ඔබ අදහස් කරන්නේ ඇති එකාගෙන් රැගෙන නැති එකට දී පොදු දේපල ක්‍රමය ක්‍රියාත්මක කර සියල්ලන් රාජ්‍යයේ වහලුන් බවට පත් කිරීම නම් නොර්ඩික් රටවල් සමාජවාදයක් නැත.
Delete//සමාජවාදය යනුවෙන් ඔබ අදහස් කරන්නේ ඇති එකාගෙන් රැගෙන නැති එකට දී පොදු දේපල ක්‍රමය ක්‍රියාත්මක කර සියල්ලන් රාජ්‍යයේ වහලුන් බවට පත් කිරීම //නැත ඔබට වැරදි වැටහීමක් ඇති වී ඇත.ස්ටලින්වාදී පන්න්යේ සමාජවදයක් එනම් එක්තරා ආකාරයක රාජ්‍ය ධනාවාදයක් මම අනුමත කරන්නේ නෑ.මම කියන්න හැදුවේ නෝර්ඩික් මොඩලය දැනට තිබෙන උසස්ම ක්‍රමයක් වුවද එහි සීමාවන් ලකුනු වී ඇත.එය එසේ ක්‍රියාත්මක වීමට ධනවාදයේ පරිදියේ ඇති රටවල් කෙසේ බිලිවී ඇත්ද සහ එහි ඇත්තේ සමාජ ප්‍රජාත්න්ත්‍රවාදී ආකෘතියක් හා සුභසාධක රාජ්‍යක ආකෘතියක් සහිත සමාජවාදි ලක්ශන කැටි වූ රාජ්‍යක් විනා වඩාදියුනු සමාජවාදි සාමාජයක් නොවේ යන්නයි,නමුත් මෙම සමාජය ලෝකයේ අනිත් සමාජ වලට සාපේශව ඉහල මට්ටමක ඇත,එහි කතා දෙකක් නැත.මේ පිළිබද වාඩා සංයුක්ත සහ වඩා කරුනු සහිත පිළිතුරු දැක්වීම්ක් කිරීමට බලාපොරොත්තුවේ
Deleteවටින පොස්ට් එක. සුද්දෝ කලොත් තමයි ඉතින් අපටත් දෙයක් වටින්නේ. අපේ කැඳ උනත් කොච්චර ගුණ දෙයක්ද. කොහොමහරි දැන් "කැදැබිලද " අවේ කියල අහන්නේ අපහසේට. ජාත්‍යාන්තර කුමන්ත්‍රණ මේව .(ඇත්තටම කිව්වේ.)
ReplyDeleteඔතන "කැඳ " ප්‍රශ්නය නම් දෙය්යෝ දුන්න කියල කියන එකනේ. බොඳ හිතෙන්නේ නැත්තේ ඒකයි. දෙයියන්ගේ කෙහෙල්මලක් නොව අපේ මව්තුමි අපට හාතවාරිය කන්ද ගොටු කොළ ඉරිදා උදේට හදා දෙනවාත් ඒවා වල රසත් තවම මතකයි. පස්සෙන් පහු බිරින්දෑ නිසා චොකලට් ස්ප්රෙඩ් , ස්ට්‍රොව්බෙරි ජෑම්, කරීම් චීස් එක්ක උදේ ආහාරය අවුරුදු දහයක් ගෙන සිනි වැඩි වීම නිසා දැන් අපහු බෝංචි , මුන් ඇට කන්න පුරුදු වෙලා. නමුත් උදේට හදන කැඳ එක නම් නැහැ.
Delete//මම වැඩියෙන්ම කැමති පෙප්සි බොන්න//
ReplyDeleteඒත් මේවට දාන දේවල් ඇඟට හොඳ මදි නේද? (කොකාකොලා එහෙමම තමයි).
අපේ අම්මා අපිට කෑම බීම වලට තහංචි දාල තියෙන්නෙ. බිස්කට්, බීම වල ගහල තියෙන රසකාරක (ඔය E220,E501 වගේ) වල ප්‍රථිඵල ගැන පත්තරවලින් දැනගෙන තමයි අම්මා අපිට මේ තහංචි දාල තියෙන්නෙ (පේන විදිහට ඒකෙ වැරද්දක් නෑ). කොටින්ම අයිස් පැකැට් එකක් කෑවත් බනිනවා .ඒත් ඒවා නොදාපු කෑම හොයාගන්න අමාරුයි.
මම වැඩියෙන්ම කැමති පෙප්සි බොන්න - මේ අවුරුදු 25 කට කලින්. දැන් ඉඳල හිටලා ඩයට් පෙප්සි එක දාගන්නවා විස්කි ටිකක් හරි වොඩ්ක ටිකක් හරි බොන කොට. දෙකම හොඳ නැති නිසා අවුලක් නැහැ. හේ හේ . E නොම්මර හොඳ නැහැ තම. ළමයි පොඩි කලේ අපේ බිරින්දෑ ලිස්ට් එකක් අතේ අරගෙන තමා බඩු ගන්න යන්නේ.
Deleteනියම අතීත වර්තමාන සසන්දනයක්. අපි ආපහු ඉස්සර තිබුණු ස්ථාවර යුගයකට යනවා විතරක් නෙමේ, කෘෂිකර්මය පාදක කරගත් ආර්ථිකයකට ඉතා ඉක්මනින් යනවා පුම්බපු බැලුම අකුලලා.
ReplyDeleteසෙන්නා කාලෙකට ඉස්සර පරිවර්තනයක් කරලා තිබුනා වානේ, තුවක්කු සහ විශබීජ මගින් යුරෝපීයයන් ලෝකය ඇල්ලීම ගැන. කොටස් 3කට ලියලා තිබුණේ.
මෙන්න මේක
//නියම අතීත වර්තමාන සසන්දනයක්. අපි ආපහු ඉස්සර තිබුණු ස්ථාවර යුගයකට යනවා //
Deleteඅපි ආපහු "ඉස්සර තිබුන (ස්ථාවර ) යුගයට ආපසු " යන්න තමයි ගොඩක් දෙනා උත්සහ කරන්නේ, අපිට බැරිවෙයිද ආපසු යන්නේ නැතුව අවබෝධයෙන් වැරදි හදාගනිමින් ඉස්සරහට යන්න, ලෝකේ ස්වාබවයෙන්ම ස්ථාවර එකක් නොවෙන නිසාත්, එක අපි කැමති වුනත් නැතත ඒක පැත්තකට විතරක් කැරකෙන නිසාත් අපි අමාරුවෙන් ආපහු ගියත් වැඩක්වෙන්නේ නෑ, ඉබේම ආපහු එවෙනවා.
හැබැයි ආපහු යන්න හදන අය හොදයි, අර ඉස්සරහ පස්ස මාරුකරගෙන ඉස්සරහටම යන්න දතකන උදවියට වඩා.
ඇණය ගේ කටහ්වට එකඟයි මධු. අපහු යනවට වඩා හරි ගස්සාගෙන යන එක තමා හොඳ. අපහු ගියොත් ලැබුණු දියුණුවේ ප්‍රතිඵල නැති වෙනවා.
Deleteමම අදහස්කලේ සේවා ආර්ථිකය සහ කෘතීමබවෙන් ඉහල නිෂ්පාදන මත වැඩි බරක් තබන ආර්ථිකයන්ගෙන් මිදිලා කෘෂිකාර්මික පැත්ත ප්‍රවර්ධනය කරන තත්ත්වයක්. නැතිව, නොදියුණු තත්ත්වයකට යාම නෙමේ.
Deleteඔව් ඒක හරි.
Deleteගොඩක් වැදගත් ලිපියක් අජිත් අයියෙ. මේ ලිපියෙන් ආහාර ගැන ගොඩක් තොරතුරු කියවුණත් යටින් හැමදාම ලියන අපිට වැඩිය නොතේරෙන සමාජ වාදය , ධනවාදය ගැනත් කියවුනා නේද කියල අවුරුදු 20 ක් එහාට මෙහාට කරල සංසන්දනය කරන අවස්ථා වල හිතුනා. ආහාර සම්බන්ධයෙන් නම් ගොඩක් වැදගත් ලිපියක් :).
ReplyDeleteජය වේවා!!!
//මෙහිදී යමෙක් මතුපිටින් කියන දෙයට අමතරව කථාකරන භාෂාවේ යටිපෙළ තුළ තවත් අර්ථයක් සගවා ප්‍රකාශ කරයි. එහිදී මතුපිටින් ප්‍රකාශ වන දෙය ප්‍රකාශිතය (Enunciated) ලෙස ද යටිපෙළ තුළ සගවා කියන දෙය ප්‍රකාශනය (Enunciation) ලෙස ද හැදින්වේ. ද්විකෝටික තර්කනයේ මූලාරම්භය ඇත්තේ මෙතනය.// උපුටා ගැනීම ත්‍රිමාණ.
Deleteයුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ පවතින ප්‍රධාන අංග ලෙස
ReplyDeleteලෝකය මිනිසා වෙනුවෙන් මවා හෝ මැවී ඇති බව.
සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය වර්ධනය කිරීම
අසීමිත ඉන්ද්‍රිය පිනවීම (ඒකීය)පුද්ගල අයිතියක් ලෙස සැලකීම ගත හැකියි.
ධනවාදය බිහිවුනේ මෙම ආකල්ප නිසයි.
සමාජවාදය ආර්ථික වශයෙන් සාමූහිකත්වය පිලිගත්තත් සංස්කෘතික වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මතම රැඳෙනවා.
කතෝලික සභාව සමාජවාදයට එරෙහි වුනෙක් සමාජවාදය සංස්කෘතික වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත රැඳීම නිසයි.
ඒ වගේම සෝවියට් සමාජවාදය නිසා එරට ඔර්තොදොක්ස් සංස්කෘතියට දැඩි හානියක් වුනා.
යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නෛසර්ගිකවම පරිසර හිතකාමී නෑ.
මේ නිසාම ධනවාදය හෝ සමාජවාදය පවත්වා ගැනීමට නම් අසීමිත ස්වාභාවික සම්පත් අවශ්‍යයි.
එමනිසා ඇතිවන පරිසර දූෂනය නිසාම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අර්බුදයට යනවා. ඒ සමඟම ධනවාදයත් අවසන් වෙයි.
නමුත් ඉන්පසු සමාජවාදය ඇතිවන්නේ නෑ.
මොකක්ද එතකොට ඇති වෙන්නේ? වෙන නමක් යෝජනා කරනවද?
Deleteත්‍රස්තවාදය කියලා කිවුවහම ගොඩක් දෙනා හිතන්නේ වෙඩිතියාගන බෝම්බ ගහගන යුද්ධකරන එකතමා ත්‍රස්තවාදය කියලා.ඒත් ත්‍රස්තවාදය කියන දේ ගොඩක් අංශවලින් ක්‍රියාත්මකවෙනවා කියන දේ ගොඩක් අය තේරුම්ගන්නේ නෑ.ඒකනේ ප්‍රභාව මැරුනට හුරේ දාලා ආර්ථිකේ විනාශකරන අප්පච්චිලව ඔළුව උඩ තියන් එන්නේ.ආකල්පයම වෙනසකින් තොරව මේ ප්‍රශ්නෙට විසඳුමක් තියනවද?කෑම ගැන හෝ වේවා ආර්ථිකය ගැන හෝ වේවා ජනමාධ්‍ය භාවිතය ගැන හෝ වේවා වෙන්වෙන්ව කතාකිරීමෙන්,වෙන් වෙන්ව සටන්කිරීමෙන් පලක් තියනවද?මේ සියල්ල එකම විශම චක්‍රයක දැති බව තේරුම් නොගෙන කරනා සංවාද නිශ්ඵලයි නේද?අර අජිත් අයියාගේ මනෝරාජික සිස්ටම් චේන්ජ් එක වැදගත් වෙන්නේ මෙතනට නේද?ආගම,ජාතිය,රට,කුලය,දේශපාලන මතය කුමක් වුනත් මනුස්සකම උදෙසා නිර්මාණය කරගන්නා පාලන තන්ත්‍රයක් බිහිවෙනකම් මේ සැබෑ නොවනා හීනය අපි කොච්චර කාලයක් දකින්න ඕනෙද අජිත් අයියේ?
ReplyDeleteකටුස්සෝ බ්ලොග් සංසදයක් හදන්න පුලුවන්ද වෙනස්කම් ඔක්කොම එකට. පොඩි දෙයක් බැරි එකේ වැඩ වැඩි පරාසයකට යන කොට බෙදීම් තව වැඩියි. මෙතන අවශ්‍ය ක්‍රිටිකල් මාස් එක. ඒක අහල තියනවද?
Deleteලාභ බඩුවේ හිලක් තියෙනවා කියන්නෙත් ඕකනේ.ඇත්තෙන්ම එංගලන්තේ ආහාර සම්බන්ධ නීති ඒ තරම් දැඩි නැති එකේ ලංකාවේ ආහාර සම්බන්ධ නීති ගැන කවර කතාද.
ReplyDeleteඒක ඇත්ත. නමුත් වෙන්න ඕනේ අනිත් පැත්ත. ගුණ දායක කෑම ලාභ කිරීම. එංගලන්තේ තමා යුරෝපයෙන්ම කෑම බිම පිලිබඳ නීති ලිහිල්ම. යුරෝපිය නීති එනවට කොන්සර්වටිව් පක්ෂය විරුද්ධ නිසා මේක තව කල් යනවා. අනිත් කරණය නීති තද කලොත් බිස්නස් වැටෙයි කියල බයක් තිබෙනවා.
Deleteඑංගලන්තෙත් එහෙම නං අපේ කොහොම ඇද්ද?
ReplyDeleteනියම ලිපියක් අජිත්. රසවත් කෑම එකතු කරල දේශපාලනය කවන්න දරන උත්සාහය ඉතාම සාර්ථකයි.
මම දේශපාලනය කවන්න හදනවට වඩා විචාර බුද්ධියෙන් කරුණු සලකල බලන්න කියල විතරයි කියල තියෙන්නේ රාජ්.
Deleteවැරදි අදහසකින් කිව්ව නෙවේ මචං.
Deleteමේ ඇමෙරිකාවේ සිටින මගේ මිතුරු සොයුරියක් විසින් එවන ලද පිළිතුරක්. මෙයින් ඔඅබට යමක තේරුම් ගන්නට හැකි වේවි.
DeleteThanks Ajith. Nice article, enjoyed reading it! I am sure if you compare the food in modern day Russia, it will by much similar to what we have now in uk and usa.
we also switched to organic milk many years ago, meat and other products as much as possible..
also proud to say that despite the busy schedules, we grow many SL herbs and vegetables. every weekend breakfast is Kola-kenda (Gotukola, mukunuwenna, polpala, Karapincha, penera..) I also add other greens like murunga, kankun. Also have many fruit trees, to make fresh juices for the family :)
රුසියානුවන් දැන් කන්නේ අප එංගලන්තයේ හා ඇමෙරිකාවේ කන කෑම මය. ඔබාමාට සම්බාධක පනවන්නට් හැකිවී තිබෙන්නේත් ඒ නිසාය.
Deleteඑංගලන්තේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
ReplyDeleteලංකාවේ හැම දෙයක්ම මාර හොඳයිය.මා ජාති ද්‍රෝහියකු වීමට අකමැත්තෙමි.
Deleteආහාර ගැන කතා කරද්දී අමතක කර නොහැකිම විකල්ප සම්ප්‍රදායක් තමා "slow food Movement" .ඉතාලි ජාතික Carlo Petrini විසින් ආරම්භකරන ලද මේ ව්‍යාපෘතිය අද ලොව පුරා ප්‍රචලිතය.slow food movement ව්‍යාපාරය තිරසාර නොවූ, යාන්ති‍්‍රක හා වාණීජකරණය වූ ආහාර නිෂ්පාදන හා බෙදා හැරීමේ ක‍්‍රම සියල්ලට මතවාදීව එරෙහි වීමක්. එසේ ම සුළු පරිමාන ගොවීන් හා කුඩා කඩපිල් හා පොල සමග සහයෝගීතාව දැක්වීමක්. මේ පිළිඹද කලකට පෙර ප්‍රවීන මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා ඔහුගේ සිව්මංසල කොලුගැටයා කොලමට ලිපියක් ලිව්වා,මම ඒක shareමෙතන කරන්නම්..http://nalakagunawardene.com/2014/02/04/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-154-%E0%B6%9A%E0%B7%8A%E0%B7%82/
ReplyDeleteඒ වගේම ආහර ගැන කතා කරද්දි වැදගත් ශ්‍රී ලාංකික චරිතයක් ඉන්නවා ශානක ප්‍රනාන්දු කියලා,ලාංකාවේ ඉපද දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නෙක්, "lentil as anything "කියන අවන්හල් සමූහයේ නිර්මාතෘවරයා.මෙම අවන්හල් වල විශේෂත්වය වන්නේ ඔවුන්ගේ කෑම ලයිස්තුවේ (menu) කිසි තැනෙක මිළ ගණන් සඳහන් කර නැහැ. එයට හේතුව ඔවුන්ගේ ක‍්‍රමයෙහි මිළ දර්ශනයක් නොතිබීමයි !!!!! අප කැමති ආහාරවේලක් අවන්හල ඇතුළේ රස විදීමෙන් පසුව නික්ම යන විට අප ‘සාධාරණ යයි සිතන ගණනක්’ දමා යන්නට පෙට්ටියක් තබා තිබෙනවා. එහෙත් හැම පාරිභෝගිකයා ම එසේ කරනවා ද යන්න සොයාබැලීමට සේවකයන් රඳවා නැහැ...ඔවුන්ගේ business model එක පදනම් වී ඇත්තේ පාරිභෝගිකයා විශ්වාස කිරීමේ සංකල්පය මතයි. LAA අවන්හල් නිසා සමාජශීලී වීමේ නිදහස අත් විදිනවා...නැතිබැරි අය පවා අති බහුතරයක් හැකි අන්දමින් මුදලක් ඉතිරි කර නික්ම යනවා., ඒ අතර දානපති හැගීමක් ඇති අය තමන් රස විදි කෑම වේලට වඩා ඉහළ මට්ටමේ ආධාරයක් කර යන්නටද අමතක කරන්නේ නෑ,හැබැයි මේ අවන්හල් නිර්මාංශික කෑම වට්ටෝරු දෙන අවන්හල්...2007 දී ඔස්ටේ‍්‍රලියාවේ පොදු ජන උන්නතියට කැපවී ක‍්‍රියා කරන අයට වාර්ෂිකව පිරිනමන වසරේ හොඳම ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රජා වීරයා සම්මානය ශානක ප‍්‍රනාන්දුට පිරිනැමුණා.මා දන්නා තරමින් මෙම හිතා ගන්නට අපහසු අවන්හල් සමූහය පාසල් ආපනශාලවලටද කෙමෙන් ව්‍යාප්තවන බව මම ඔවුන්ගේ facebook පිටුවේ දැක්කා.කොහම වුනත් යම් දවසක මේ අවන්හලකට ගොස් ආහර වේලක් රස විදීම හා ඒ අත්දැකීම විදගැනීම මගේ to do list එකට දාගත්තා :D ,මම නම් හිතන්නේ නෑ අපේ රටේ නම් මේ සංකල්පය තව අවුරුදු 30 මෙහා ක්‍රියත්මක කරන්න පුලුවන් වෙයි කියලා!! මේ ඔහු ගැන හා Lentil As Anything ගැන තියෙන වීඩියෝවක් https://www.youtube.com/watch?v=47PB92dU75U
Deleteස්තුතියි යොමුවට. හොඳ ක්‍රමයක් නේද. සමහරවිඅට ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඔඑන් බ්ලොග් කරුවන්ට.
Deleteස්තුතියි යොමුවට. අද මම ඔබ ලියු ඡේදය විසංයෝජන කරමින් සිටියේ. සහවාදය කියා ඔබ කියන්නේ synthesis එකට නේද?
ReplyDeleteඔව් මම සහවාදය යන්න යොදා ගත්තේ synthesis එකට
Deleteවටින සටහනක් අජිත්, කෑමට දැන් වියදම් කරලා හොඳ කෑම කන්න පුරුදු වෙන එක හොඳයි පස්සේ ලෙඩ වෙලා බෙහෙත් ගන්න වියදම් කරනවාට වඩා.
ReplyDeleteමටත් දැන් අවුරුදු 6-7ක ඉඳන් තියෙනවා ඔය පලු දාන ඇලජික් එකක්. කාටවත් තාම හොයා ගන්න බැරි වුණා හේතුවක්. නිතර කන දේක මොකක් හරි අවුලක් ඇති. හැබැයි දොස්තරලට හොයා ගන්න බෑ..දවස් 2ක් 3ක් යද්දී ඉබේම එනවා. පෙත්තක් තියෙනවා ඒක ගත්තම ඉබේම බැහැල යනවා.. මරු ලෙඩක්.. හෙහ් හෙහ්
හුඟක් වෙලාවට ඕවා හැදෙන්නේ කෑම වලට. ඕක ට්‍රයල් ඇන්ඩ් එරර් ක්‍රමයට විසඳ ගන්න. හැදුන දවසේ ලියා ගන්න කාපු කෑම , බීපු බීම. ඊළඟ දවසේ එක කෑම එකක් හෝ බිම එකක් අයින් කරන්න. එහෙම අයින් කර ගෙන යන්න පලු නැති වෙනකන්. එතකොට හොයා ගන්න පුළුවන්. පිරිටන් ගණන් ඕනෙම නැහැ. මාළු එක දිගට කෑවොත් පලු වෙනවා ඇඟේ කෙමිකල් එකක් හැදෙන නිසා. හිස්ටමයින් කියල.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Scombroid_food_poisoning
mamath iganagaththe soviet deshe, ahamben dekapu ogollange blog ekata mage komentuwak danna puluwan nam hondai. palmuwenma kema bima gena 1975-77 kale lankawe maisur parippu gana ape demavpio katakarapu devalui, oba ada katakarana sovietdeshe 'kompot 'gana tibena vataheemai dekama ekai. eka ateetha kamaya misak wena mokawath newei.eelangata, FLSP eke pantiya mokkakda kiyana eka, lankawe, polowe payagahana minissu hamotama vatahaganna itama pahasu deyak, lankawe peeditha pantiye pakshaya FLSP kiyena eka.
ReplyDeleteඅතීත කාමය කියන්නේ නොස්ටල්ගියා කියන එකනේ. ඔය මේක සම්පුර්ණයෙන්ම වැරදියට කියවල කියල මම හිතන්නේ. මට සෝවියට් අතීතයට යන්න කොහෙත්ම ඕනේ කමක් නැහැ. අතීත කාමය කියන්නේ අතීතය මිස් වෙලා ඒකට තියෙන ආදරයට. මම කලේ සංසන්දනයක්. දැන් අපි ඉන්න එංගලන්තේ හරි ඇමෙරිකාවේ හරි සමහර කෑම බීම වල තත්වෙයි අපි දැන් හොඳයි කියල හිතන් කන්නන හදන දේවලුයි ඒ දවස්වල ජරාව කියල අහක් කරපු දේවලුයි සංසන්දනයක්. සෝවියට් ක්‍රමය - නැහැ එපා. ඒක වැරදියි. මේවා මම වෙන තැන්වල කතා කරලා තබෙනවා. අතීත කාමය තියෙන්නේ කාටද දනන්වද? කුමාර් මහත්තය ඇතුළු අයට. අනේ අපට කරගන්න බැරිවුනානේ කියල දැන් පරණ ක්‍රමේටම කරන්න හදනවා.
Delete// FLSP eke pantiya mokkakda kiyana eka, lankawe, polowe payagahana minissu hamotama vatahaganna itama pahasu deyak, lankawe peeditha pantiye pakshaya FLSP kiyena eka// මේක ඔයා මම රිවිහාරගේ බ්ලොග් එකේ අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් එතන දාන්න තිබ්බේ. එතන එයා කියල තියන එකට පිළිතුරක් නොව ප්‍රශ්නයක් අහටියට අහල තියෙන්නේ. මමං දන්නා FLSP බොහොමයක් අය මධ්‍යම පන්තික හා පහල මධ්‍යම පන්තික. අනික් අය ශිෂ්‍යයෝ. පිඬිත පන්තිය කියල තමන්ව හඳුන්වා ගත්තට එහෙම බ=වෙන්නේ නැහැ නේද. රිවිහරගේ එකේ කතා කරමු. මතනට අදාල නැති දෙයක් ඒක..