දෙවන කොටස
අවවාදයයි: ඔබ අවුරුදු දහ අටට අඩු නම් මෙය ඔබට කියවීමට සුදුසු නැත. කරුණාකර ඉවත් වන්න.
සියාමා ට ඇගේ හදවත සිදුරු කරන වේදනාබර මතකයෙන් මදක් හෝ නිදහස් වීමට අවශ්‍ය බව සිතූ මම නිහඬ වීමි.
"අක්කාගේ මිනිය හම්බ වුනේ ලඳු කැලෑවක් තුල. එළුවෝ බලන ළමයෙකුට හම්බ වෙලා තියෙන්නේ. තාත්තා හා අම්මා ඉස්සෙල්ලම එතනට ගිහින්. මට ගේ ඇතුලේ ඉන්න කියල කිව්වත් මම දිව්වා. මාත් එක්ක එකට ජිවත් වුන, එකට ඉස්කෝලේ ගිය, එකට කාපු බීපු, එකට හඬපු , එකට සිනාසුනු මගේම සුන්දර සහෝදරී. ඇය මිය ගිහින්. මිය ගිහින් නෙමේ මරල දාල. "
"ප්‍රියාන් මගේ සහෝදරී මම කවදාවත් නිරුවතින් දැකලා නැහැ. පළමුවෙන්ම දැක්කේ එදා. තාත්ත පිස්සුවෙන් වගේ කෑ ගහමින් ඇවිදිනවා. අම්මා විලාප දෙනවා. අක්කගේ ලස්සන සිරුර, මුහුණ ඇය පැහැර ගත්ත උන් පුළුවන් තරම් අවලස්සන කරන්න හදල. ඇගේ ඇස් දෙක උගුල්ලලා තිබ්බේ. පියයුරු උඩ කපලා ඒවා ඇස් දෙක උඩින් තියලා. මුන්ගේ හිත් කොච්චර අවලස්සන දූෂ්‍ය වෙන්න ඕනෙද එහෙම කරන්න." ඇය කතා කරන්නේ විටින් විට හඬමිනි.
"හ්ම්.." මම හිත එතන රඳවා ගැනීමට දරමින් සිටියෙමි. මෙය මා බලාපොරොත්තු වුවක් නොවේ. ඇත්තටම මේ තරුණිය සමග කිසියම්ම වූ සම්බන්ධතාවයක් ඇති කර ගනිද්දී මා මෙවැනි ජිවිත කතාවක් බලාපොරොත්තු වූයේම නැත.
ඉන්පසු මගේ දෑස් දිහා ඇය කෙලින්ම බැලුවාය.
"ඇගේ ස්ත්‍රී නිමිත්ත තිබුන ප්‍රදේශය එකම තුවාලයක්. මට මේ හැම දෙයක්ම හිතේ තදින් වැදිලා තියෙන්නේ. හිතේ තිබෙන ඒ රූප ඉවත් කරගන්න හරිම අමාරුයි ප්‍රියාන්. ඔවුන් කටු වගේ තිබෙන ලී දඬුවක් ඇතුළු කරලා තිබ්බේ ඇගේ වැජයිනා එකට. පසු පස ප්‍රදේශයට උලක් ඇතුළු කරලා ..." ඇය මදක් කැස්සාය.
"සමාවෙන්න. මම හිතේ තියාගෙන හිටියේ හැම දෙයක්ම. අම්මා සිහිය නැතුව වගේ හිටියේ. මට තමයි ඒවා අක්කාගේ සිරුරින් අයින් කරන්න සිදු වුනේ. මම පොරවන් හිටිය රෙද්දෙන් අක්කව වැහුවා. කවුදෝ කෙනෙක් තාත්තට පෙන්නලා ඇස් දෙක වෙන තැනක පාගලා තියෙන හැටි. පුදුම වෛරයක් මගේ අහිංසක සොහොයුරිය එක්ක. ඇයි ඒ? මං හිතන්නේ තාත්තා ඒවා ගෙනල්ල තිබ්බ ඇස් දෙකට. එතැනදී කවුදෝ මාව පෙන්නලා තියනවා. මට ඒවගේ එලියට එන්න තහනම් වැඩි විය පත්වෙලා ඉන්දැද්දී. මුලදී කවුරුත් ගණන් ගත්තේ නැති වුනත් එතනට ආපු ගෑණියෙක් මාව පෙන්නලා බැනල. ආච්චි විජහට මම හඬද්දී ම මාව එතනින් ඇදගෙන ආව. ගැහැණියෙකුට ට තව ගැහැණියෙකුගේ ගේ දුකක්, සම්ප්‍රදායික රීති වලට උඩින් තේරුම් ගන්න බැරි තරමට මේ ලෝකේ විසද?"
"පොලිසිය ආවට පස්සේ මිනිය ගෙදර ගෙනාව. අම්මලා අක්කගේ සිරුර හෝදලා පිලියල කළා. අම්මා තමා අක්කගේ සිරුරේ කපපු තැන් මතුවේ අඬ අඬා. අපට පස්සේ ආරංචි වුණා අක්කා ඉස්කෝලේ ඇරිලා තනියම එද්දී අක්බාල් ඇයව හමුවෙලා ඔහුත් සමග එන්න කියල. ඇය ගිහින් නැහැ. පස්සේ කවුරුවත් නැති තැනක ඔහු ඇයට ගහලා සිහි නැති කරලා අරන් ගිහින්. ගමේ වැඩි හරියක් පිරිමි ඇයව දුෂණය කරලා තිබෙනවා.
උන් කියා තිබෙන්නේ කෆීර් ගේ කෙල්ලට මේක හොඳ වැඩියි කියල දුෂණය කරද්දී. "
"කෆීර් කිව්වේ? "
"කෆීර් කිව්වේ තාත්ත අපේ ආගමේ නොවේ කියන එක. තාත්තගේ විශ්ව විද්‍යාලයේ වැඩ කරන එවුන් දෙන්නත් එතන හිනා වේවි ඉඳල තියනවා. කොහොමද උන් මෙහෙම කරන්නේ ප්‍රියාන්. ඇයි පිරිමි මේ වගේ හැසිරෙන්නේ. සත්තු වගේ.ශිෂ්ණය කෙලින් උනාම ඒක ඇතුලට දාල, වද දිදී හිනා වෙන්න අහිංසක කෙල්ලෙකුට. උන් හැමෝම චෝදනා කලේ මට. මගේ අවාසනාවලු. මම වැරදි දවසේ වැඩි විය පැමිණිලා . මගේ අවාසනාව පවුලට ගහල. මුන්ගේ පුරුෂ ලිංග නැත්නම් වැඩ කරන්නේ නැතුව ඇති. " කනට ගසන්නාක් වැනි ඒ වදන ඇය පැවසුවේ කෝපයෙන් රතු වී ගෙනය.
මට කියාගන්නට දෙයක් නැතුව මොහොතක් ලත වුනෙමි.
ඇය මදක් සන්සුන් වුනාය. ඇගේ කෝපය පහවී යමින් නැවත දුක ඉස්මතු වෙමින් යයි.
"මම අක්කගේ උකුලට ඔලුව තියාගෙන මුළු රැයම හිටියේ. අක්කා මැරුන දවසේ අපට වළලන්න ලැබුනේ නැහැ. ඒ නිසා අපි පහුවදා තමා අරන් ගියේ ගමේ සුසාන භූමියට. නමුත් පල්ලියේ ඉමාම් ඉඩ දුන්නේ නැහැ එතන වළලන්න. ගමේ අනිත් මුස්ලිම් වරුන් විරුද්ධයි කියල. භුමිය අශුද්ධ වෙනවලු. පස්සේ අපි අක්කව ආදාහනය කළා ගඟ ගාවට ගෙනිහිල්ල. අපට එයාව වෙන තැනක වළලන්න බැහැ. සත්තු හාරනවා බිම එහෙම වුනොත්. උන්ටත් ඕන වුනේ එකමයි. අපි අළු පා කරලා හැරියා ගඟේ. නමුත් ඒකත් වරදක් වුණා.
අපි හින්දු චාරිත්‍ර අනුගමනය කළා කියල. ඇයි අපේ රටේ අපිට මෙහෙම වුනේ. "
ඇය ඇගේ කතාව පටන් ගනිද්දී , දෙමාපියන් සිහිව හඬද්දී ඇය මට කුමක් කියාවිද යන්න ගැන මට හැඟීමක් තිබුනේ නැත. ඇගේ සොයුරිය ගැන පැවසූ සිද්ධියෙන් මගේ සිත දැඩි ලෙස සසල විය, නමුත් ඇයට මීටත් අමාරු කථාවක් කීමට ඉතිරිවී ඇති බව මගේ මුග්ධ මොළයට එදා එතැනදී වැටහුනේ නැත. මම අගේ අත් දෙක මගේ දෙඅතට ගත්තෙමි.
"මට ඕකට පිළිතුරක් නැහැ. එංගලන්තේ හේවායෝ වෙන රටවලට ගිහාම ඔය වගේ සමහර සිද්ධි දෙක තුනක් වුණා. මම ඉපදුන රටෙත් ඔහොම දේ වුනා. ආණ්ඩුවට විරුද්ධව සටන් කරපු සටන්කාමීන් ට දුන් වද වලට අමතරව ස්ත්‍රී දූෂණයත් භාවිතා වුනා කියල ලියවිල තියෙනවා. විශේෂයෙන්ම 88-89 කාලේ. ආරක්ෂක හමුදාවල් හා පාතාල හමුදාවල් වලින් තෝරගත්ත දරුණු කට්ටිය තමා හුඟක් වෙලාවට කරල තියෙන්නේ ඒවා. සටන්කාමී අයත් හැබැයි හමුදාවේ හා අනිකුත් සිවිල් වැසියන් මැරුවා. මෙහෙ චැනල් 4 එකේ පෙන්නුවා ලංකාවේ තිබුණු සිවිල් යුද්ධය අවසන් වෙනකොට සමහර හමුදා භටයන් විසින් දුෂණය කල මරා දමපු සටන්කාමී තරුණියන්. මම ඒවා විශ්වාස කලේ නැහැ මුලදී . ඒවා පෙන්වනවාට විරුද්ධව උද්ඝෝෂණ වලටත් ගියා. මොකද ගරිල්ලන් සිය දිවි නසා ගන්නා බෝම්බ වලින් මිනිසුන් මැරූ නිසා සහ ගම් වැසියන් මැරූ නිසා. දැන් හිතනව ඒවා වෙන්න ඇති කියල. ඒවාට අනුකුලතාවය නොදක්වපු ඒවා නොඉවසපු හමුදා සාමාජිකයෝ ඒවා වීඩියෝ කරලා එලියට දාන්න ඇති මිනිසුන්ට බලන්න. " ඇගේ හිත හදන්නට මෙන් කියුවෙමි.
"මං දැක්කා ඒක. අපි ලංකාව ගැන අහල තියෙන්නේ අපට වැඩිය සාමකාමී රටක් හැටියට. අපේ ප්‍රවෘත්ති එච්චර විස්තර දෙන්නේ නැහැ. මෙහෙදී තමා මම දැන ගත්තේ ඔයා ආපු රටේ යුද්ධය. ඒ චිත්‍රපටිය බැලුවාම මට අපුලක් දැනුන ඒ හේවායෝ කරපු දේ ගැන. නමුත් එතන දෙපැත්තම මිනි මැරුව බව ජෝන් ස්නොව් කිව්ව. මෙතැන එක ගමේම පිරිමි ප්‍රියාන්. එක ගමේ. අපි කාටවත් මුකුත් කලේ නැහැ. අපි අහිංසකයි.ඔයාට
සමාන කරන්න බැරි දේ තියනව. ඔයා මගේ හිත හදන්නද කියන්නේ මේවා වෙන අයට වුනා කියල. මගේ හිත කැඩිලා බිඳිලා හුඟක් කල්." ඇගේ වදන් මා තුල කිසියම් නොසන්සුන්තාවයක් ජනිත කළේය. මා සිතුවේ ඇයට අවශ්‍ය වී ඇත්තේ ඇගේ දුක සහ ප්‍රශ්න මට කීමට බවත් මවිසින් පණ්ඩිතමානීව ඇගේ කුමක් හෝ මා නොදන්නා මේ දුක්ඛිත ප්‍රශ්නය විසඳිය යුතු බවත්ය. මගේ පණ්ඩිත කම මගේ සංවේදී කමට වඩා ඉස්මතු විනිද?
"මිනිස්සු තමන්ට වැඩිය වෙනස් අයට කැමති නැහැ. මිනිස්සු නූගත් වෙන තරමට ඒක වැඩියි. මට ඔයාගේ දුක හොඳටම තේරෙනවා. දෙවන ලෝක යුද්දෙදි ජර්මන් සොල්දාදුවෝ නැගෙනහිර යුරෝපිය ගම් වැසියන් මැරුවේ ඒ ගම්වල අයගෙම සහයෝගයෙන්. ස්ත්‍රී දුෂණය කලෙත් එහෙම මයි. අනිත් පැත්තට රුසියන් සොල්දාදුවෝ ජයග්‍රහණය කරගෙන ආපු වෙලාවේ ජර්මනියේ අතට අහුවන හැම ගැහැණියෙක්ම වගේ දුෂණය කෙරුව. පලි ගන්න. මම ඔයාට මට යාළුවෙක් කිව්ව කතාවක් කියන්නද? මේක වුනේ රුසියාවේ. සෝවියට් දේශය තිබෙන කාලේ."
ඇය නිහඬව හිස වැනුවාය. ඒ මොහොතේ දී පවා ඇගෙන් තව දුරටත් ඇගේ කතාව අසනු වෙනුවට මා දන්නා දෙයක් කීමෙන් ඇගේ දුක අඩු වේවිය යන බොළඳ සිතුවිල්ලට මා යටත් වූයේ යයි සිතමි.
"මේක මට කිව්වේ රුසියාවේ හිටපු යාළුවෙක්. සෝවියට් දේශය කාලේ එහෙ ඉගෙන ගත්තු කෙනෙක්. එයාගේ ර.....කියල යාළුවෙක් ඉඳල තියෙනව පෙතිගොර්ස්ක් හරි පල්තාව හරි වගේ නමක් තියෙන නගරයක. ඒ ගොල්ල රුසියන් භාෂාව උපාධියට හදාරන අය හැටියට ගිහින් තියෙන්නේ එහෙ. වාමාංශික වගේ නැම්මක් තිබුන අරාබි රටවලින් ආපු සිසුන් වගේම ලතින් ඇමෙරිකානු රටවලින් හා අප්‍රිකානු රටවලින් ආපු සිසුනුත් හුඟක් හිටිය සෝවියට් රුසියාවේ. මේ ආසියානු සිසුන්ට අමතරව. අරාබි උන්ට ටිකක් සල්ලි වැඩි පුර තිබ්බ අනිත් සිසුන්ට වඩා. උන් තමා හුඟක් වෙලාවට හොරෙන් ඩොලර් මාරු කලේ වැඩි ගාණට. උන්ට අනිත් එක නේවාසිකාගාර පරිපාලනයේ සහය තිබ්බ. තෑගී හෙම දීල අල්ලගෙන. ඒගොල්ලන් ගේ කණ්ඩායමට හුඟක් කලින් ආපු කට්ටියකගේ එක් අරාබි සිසුවෙක් රුසියානු තරුණියක් සමග යහළුවෙලා ඇයට ගෑණු දරුවෙක් ලැබිල තිබුන. මොකක් හරි අරාබි නමක් සහ රුසියන් නමක් දාල තිබුනේ මේ ගෑණු දරුවට. මේ කෙල්ල අවුරුදු 18-19 ක විතර, මිශ්‍ර සම්බන්ධයකින් උපන් නිසා ජාතීන් දෙකේම හැඩයන් ගත් ලස්සන තරුණියක්. කළු හිසකේ තියෙන සුදු අරාබි වගේ තරුණියක් . එයා මුලදී ලිබියන් තරුණයෙක් එක්ක යාළු වෙලා ඉඳල තිබෙනවා. ශිෂ්‍ය නේවාසිකාගාරෙට ඇවිත් ගිහින් තිබෙනවා නිතරම. පස්සේ මේ ගෑණු ළමයා ලතින් ඇමෙරිකානු, මං හිතන්නේ බොලිවියන් සිසුවෙකු සමග යාලු වෙලා. ලිබියන් එකාව අත ඇරලා. මේක ඇල්ලුවේ නැහැ ලිබියන් උන්ට. උන්ට අනුව න්ගේ ආත්ම අභිමානයට සහ රටට විතරක් නෙමේ ගඩාෆිටත් නිග්‍රහයක් මේක. මුන් මේ කෙල්ලට දවසක් කතා කරලා "තේකක් බොන්න එන්න අපේ කාමරේට. ඔයා අපේ ඇරබික් ළමයෙක්නේ. " කියල. අර කලින් යාලු වෙලා හිටි ලිබියන් එකත් මෙතනම ඉඳල තිබෙනවා. කෙල්ල ගියාම මුන් කෙල්ලට බැනලා පිට ජාතිකයෙක් එක්ක යනවා කියල මුන් හතර පස් දෙනෙක් ඇයව දුෂණය කරලා කාමරෙන් එලියට දාල. ඇය අඬ අඬා මුන්ට කෑ ගහනවා අනිත් සිසුන් දැකල තිබෙනවා. කෙල්ල බලධාරීන්ට පැමිණිලි කළාට වැඩක් වෙලා නැහැ. එක හේතුවක් තමා කෙල්ල ඉගෙන ගන්නේ නැහැ එතන. පිටින් ආපු කෙල්ලක්. අනික විදේශ ශිෂ්‍යයෝ හමු වෙන්න පිටින් එන කෙල්ලන්ව ගණන් ගන්නේ ටිකක් නරක විධිහට පොලිසිය වුනත්. පොඩ්ඩක් ගණිකාවන් ගේ තත්වයට දාල." සියාමා ගෙන් පිළිතුරක් නොලද්දෙන් මම මගේ කතාව කරගෙන ගියෙමි.
"මේ කෙල්ල අර දුෂණය කිරිල්ලෙන් ගැබ්බර වෙලා. සෝවියට් දේශයේ නීතියක් තියෙනවා ළමයෙක් හම්බ වෙන්න එනවා නම් පිරිමියා අනිවාර්යයෙන්ම ඒ කාන්තාව කසාද බදින්න ඕනේ කියල. හැබැයි කාන්තාව නම් කරන්න ඕනේ කවුද පිරිමියා කියල හරියටම. අර කෙල්ල ගර්භනී වෙලා මාස 3-4 කට පස්සේ අර ලිබියන් උන්ගේ කාමරේට ගිහින් උන්ට කියන්න කෙල්ල එකෙක්ව නම් කරනවා කියල. මුන් ඒ කෙල්ලව නිරුවත් කරලා බඳ පටි වලින් ගහල, සිගරට් කොට වලින් පුච්චලා, වයින් හරි වොඩ්ක හරි බලෙන් පොවල සෑහෙන වදයක් දීල. පස්සේ කෙල්ලගේ ඇඳුම් විසි කරලා උන් හිටිය තුන් වන තට්ටුවේ ජනේලෙන් එලියට. කෙල්ල කාමරෙන් එලියට දාල නිරුවතින් ඇඳුම් ගිහිල්ල ගනින් කියල. කෙල්ල කෑ ගගහා පහලට දුවල තියනවා නිරුවතින්. ඒ අවස්ථාවේ අප්‍රිකානු ශිෂ්‍යයෙක් ඇයව තමන්ගේ කාමරේට ඇදල අරගෙන ඇයත් එක්ක සංසර්ගයේ යෙදෙන්න උත්සාහ කරලා. කොටින්ම දුෂණය කරන්න. ඇය ඔහු එක්ක පොර බදන කොට ඔහු ළඟ තිබුන ශම්පේන් බෝතලේකින් කෙල්ලට ගහල. ලේ විලක්ලු. කෙල්ල ඊට පස්සේ සිහි මඳ ගතියකින් පෙලෙන්න අරන් නතර වෙලා තියෙන්නේ සිහි මඳ අයට තිබෙන රෝහලක. " මම කතාව අවසන් කලෙමි.
"සෝවියට් රට ගැන මම අහල තියෙනවා. ඒ වගේ රටකත් එහෙම වුණා නම් අපේ රට වගේ වැඩිපුර නුගත් මිනිස්සු ඉන්න රටක වෙන දේවල් වලට සමාව දෙන්න පුළුවන් කියලද ඔයා කියන්නේ ප්‍රියාන්. ඔව් ඔයත් පිරිමියෙක් නේ." අප්‍රසන්නයට පත් වූ ලෙසින් ඇය කීවාය.
"මම එහෙම හිතල නෙමේ ඒ කතාව කිව්වේ සියාමා. ඔයාගේ හිත හදන්න "
"මේක වෙලා අවුරුදු ගාණක්. මම හිත හදා ගෙන නැති දුබල ගෑණියෙක් කියලද ඔයා හිතන් ඉන්නේ. මම අඬනවා තමා"
එසේ කියමින් ඇය නැගිට්ටාය.
"ඔයා යන්න දේශන වලට" මට කීවාය.
"ඇයි අදත් ඔයා එන්නේ නැත්ද?"
"මම එන්නම් දෙවෙනි එකට. ඔයා දන්නවද අක්කාව දරුණු විධිහට මරා දාල බව කියන්න තාත්තයි අපිට හිතවත් ගමේ කෙනෙකුයි පොලිසියට ගිහාම පොලිසියේ ලොක්ක කියපු දේ. බංගලා දේශයේ වෙන ගම් වලත් ඕවා වෙලා තියෙනවා, අපේ රටේ නෙමේ වෙන රටවලත් ඕව වෙනවා, කියල. ඌ කොහොම හරි මිනී මරුවා හොයනවා කිව්වලු. සාක්කි නැහැ කිව්වලු. හැබැයි අපට ආරංචි ආව පොලිසියේ දෙන්නෙකුත් අරුන් එක්ක එකතු වෙලා එතන හිටිය කියල. ඔයයි පොලිසියේ ලොක්කයි අතර වෙනස මොකක්ද? "
එසේ කියා ඇය පුස්තකාලය දෙසට පිය මැන්නාය.
මහත් ව්‍යාකුල භාවයකින් යුතුව මම දේශනා ශාලාවට ගියෙමි.
දෙවන දේශනය සඳහා පැමිණි ඇය මා අසලින් හිඳ ගත්තාය. ඇය කෝපයෙන් පසු වෙතැයි සිතීමි. මට මදහස මුසු බැල්මකින් සංග්‍රහ කල ඇය දේශක ගුරුවරයා හැරෙන තුරු සිට මගේ දේශන ලියන අභ්‍යාස පොතේ කොනක "මම ඔයාට කැමතියි ඔයා කොච්චර වාද කලත්" කියා ලීවාය.
"මමත් ඔයාට කැමතියි සහෝදරියකට වගේ" මම ලීවෙමි.
"Big brother ලොකු සහෝදරයෙකු හිටිය නම් කොච්චර හොඳද කියල මටත් හිතිලා තිබෙනවා " ඇය ලීවාය.
"දැන් ඉන්නවයි කියල හිතන්න" මම ලීවෙමි.
අප අසල සිටි හිටපු භෞතික විද්‍යා ගුරුවරයකු වන රෝලන්ඩ් අප දෙස බලා ඇසක් ඉඟි මැරීය. ඔහු මගේ පිටුවේම කෙළවරක "මම හිතුවේ ලව් නෝට්ස් පන්තියේ ලියන්නේ පාසල් වල ඉහල පන්තියේ තරුණ තරුණියන් විතරයි කියල." යයි ලීවේය.
"එහෙම දෙයක් නැහැ. " මම ලීවෙමි.
සියාමා සුන්දර ලෙස සිනා වෙමින් සිටියාය.
ඊළඟ දින දෙකේම ඇය පැමිණියේ නැත. මම ඇයට ඒ බව විමසා ඊමේලයක් යැවීමි. දිනක් පසුවී ලැබුණු පිළිතුරේ සඳහන් වූයේ ඇගේ නැන්දාට අසනීප නිසා ගෙදර නවතින්නට සිදු වූ බවත් නැන්දාට කිසියම් රුධිරය හා සම්බන්ධ අසනීපයක් තිබෙන නිසා රෝහලට යාමට සිදුවූ බවත්ය.
ඊළඟ දවසේ පැමිණි ඇය කිවේ නැන්දාට පිළිකාවක් සැදී ඇති බවට වෛද්‍ය වරුන් සැක කරන බවයි. මම ඇයට හැකි සෑම උදව්වක් ම කරන බවට පොරොන්දු වුනෙමි. වැඩි යමක් කිරීමට නැති බවත් රෝහලට යාම ඒම මදක් අපහසු බවත් ඇය පැවසුවාය. ඉන්පසු දිනෙක ඇගේ හිසකේ පෙන්වමින් ඇගේ හිසකේ හැලෙන බව මා නිරීක්ෂණය කළේ දැයි විමසුවාය. තමන්ට ලේ වල ප්‍රශ්නයක් ඇත්දැයි සිතෙන බවත් කෙස් හැලෙන බවත් හිසේ තැනක් පෙන්වමින් ඇය කීවාය. දිගු කෙස් කළඹ වල් ඇති කාන්තාවන් ගේ කෙස් ප්‍රමාණයක් දවසට හැලෙන බවත් ඇය එය ගනන් නොගත යුතු බවත් කීවෙමි.
ඉන්පසු අප අතර ඒ ගැන කතා බහක් නොවීය.
මගෙන් බාධා ඇතිවූ පසු ඇගේ ජීවිතය ගැන මින් පසු මට නොකියා වී යයි මට සිතී තිබුණි. ඇගේ දෙමාපියන් ගැන දැන ගන්නට වුවමනාවක් ද මට පහළවී තිබුණි.
වැඩි කල් නොගොස් ඒ දවසද එළඹුණේ අනපේක්ෂිත ලෙසය.
(මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)
හතරවන කොටස
මට තාම දහඅටක් නැතිවුනාට කතාවනම් කියෙව්වා,
ReplyDeleteදහ අට වෙනකොට කියන්න තෝරලා දෙන්න.
Deleteපිස්සු වගේ.
ReplyDeleteසමහර දේවල් තියෙයි අහල තියෙයි වෙනව කියල ඒත් ඒක ලයිව් වුනොත් ලොවෙත් අපිට ඔළුව උස්සල ඉන්න බැරිවෙයි. මේක කියෙව්වමත් ටිකක් ඒ වාගෙ
එහෙම හිත අවුල් වෙනවා නම් ඊළඟ කොටස් දෙක කියවන්න එපා.
Deleteකියන්න දෙයක් හිතාගන්න බෑ බං.. අයියේ.. මේ ලෝකයේ පෞරාණිකව පැවතුන කුරිරැ හිංසනයෙන් තමා මිදිල නැහැ. මිනිස්සුන්ට ඒවට පුද්ම ආසාවක් තියෙන්නේ..
ReplyDeleteහවස මේක කියවල මගේ ඔළුව කැක්කුම හැදුන. මේක ප්‍රබන්ධයක් වුනත් නොවුනත් ඇඟ හිරිවටෙනවා මේ කතා කියවද්දී. ඊයේ මම කියෙව්වා ලංකාවේ දී ඔය වගේ සීන් එකක් ඇත්තටම වෙච්ච එකක් ගැන. පිස්සු හැදෙනවා.
ReplyDeleteපිස්සු හදා ගන්න එපා. සාවධානව තත්වය දිහා බලන්න. මිනිස්සු නුගත් කම නිසාම නෙමේ දේවල් කරන්නේ.
Deleteඑල ද බ්‍රා
ReplyDelete