Saturday 11 February 2017

සයිටම් පිලිබඳ මධස්ථ සිතින්

මෙයට අවුරුදු විස්සකට ප්‍රථම මගේ පියා හදිසියේ මියගියේ වයස හැට එකක්ව තිබියදීය. ඔහුගේ ව්‍යාධිය මුලදී හඳුනා නොගත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කළේ වෙනත් ලෙඩ වලටය. මෙකල ද ලන්ඩනයේ වාසය කළ මම  ඔහුට ප්‍රතිකාර කිරීමට නොයෙකුත් පෞද්ගලික රෝහල් වල චැනල් කිරීම් කිරීමට පවුලේ අය මෙහෙයවුයෙමි. එසේම බොහෝ රෝග පරීක්ෂණද කළෙමු.  නමුත් රෝගය ගැන හරි අදහසක් නොතිබුණි.

 වරක් හදිසියේ අසනීපවී පුංචි  බොරැල්ලේ රජයේ මහා රෝහලට ගිය විට එහි සිටි දක්ෂ වෛද්‍යවරයෙකු  මගේ පියාගේ රෝගය හෙමක්‍රොමටෝසිස්   hemochromatosis  නැමති රුධිරයේ යකඩ ලවණය  වැඩි වීමේ රෝගය බවට හදුනා ගත්තේය. මෙය බොහෝ විට සංජානිය ආබාධ හෙවත් පරම්පරාවෙන් සෑදෙන රෝගයක් ලෙස හැඳින්වේ.  ඔහු ප්ලාස්මා පාරවිලනයභාවිතා  කරමින් පියාට වෙදකම් කල අතර අපට මුදල් වියදම් වුයේ එම බෝතලයක් ලේ බැංකුවෙන් ගැනීමට පමණි. එසේම පියාටද සෑහෙන සුවයක් ලැබුණි.

ඒ දක්ෂ අවංක දොස්තර මහතා කිසියම් ප්‍රශ්නයක් ඇතිවීම නිසා වෙනත් රටකට ගිය බව ආරංචි විය. ඉන්පසු රජයේ රෝහලේ අනිකුත් වෛද්‍යවරු මගේ පියාට එම පාරවිලනය කිරීම හා ඔහු නියම කළ බෙහෙත් දීම ප්‍රතික්ෂේප කළහ.  එසේම ඔවුන් නැවතත් ඔහුට ඇත්තේ හෙපටයිටිස් සී වැනි රෝගයකි වරෙක කී  අතර මත්පැන් බීම නිසා සිරෝසිස් හැදී ඇති බව කියමින් ඇතැම් හෙද මහත්මියන් පවා අකරුණාවෙන් කතා කළහ.

මේ නිසා ප්‍රසිද්ධ වෛද්‍ය විශේෂන්ඥයකු චැනල් කර නැවතත් පුද්ගලික රෝහලකට පියා  රැගෙන  පරීක්ෂණ කර නිමකර එම විශේෂන්ඥ වෛද්‍යවරයා සේවය කරන රජයේ රෝහලටම ඇතුලත් කරන ලදී. (මෙය ලංකාවේ ක්‍රමයයි)  ඔහු මගේ පියා ගේ ව්‍යාධිය අර පෙරකී වෛද්‍යවරයා කියූ පරිදිම  හෙමක්‍රොමටෝසිස් යයි අනුමත කල අතර ප්ලාස්මා පාරවිලනයට  ප්‍රථම  තවත්  පරීක්ෂණ කිරීම අවශ්‍ය බව කියමින් අර රුධිර පරීක්ෂණ ආදී සියල්ලම නැවත කරන ලදී. අපේ පවුලේ අය ආයාචනා කලද ඔහු ප්ලාස්මා ප්‍රතිකාරය ලබා දුන්නේ  නැත.

මපියා  දිනෙන් දින දුබල වුනු අතර එක දිනක් වෛද්‍ය සිසුන් සමුහයකට මගේ පියා පෙන්වමින් ඔහු කියා ඇත්තේ "මෙයා වැඩි කල් ඉන්නේ නැහැ. මේ ලෙඩේට බෙහෙත් කරන්න අමාරුයි.  මුහුදු මට්ටමින් ඉතා උඩ  ජිවත් වෙන්න ඔක්සිජන් වැඩි ප්‍රමානයක් පෙනහළු වලට ගැනීමට රුධිරයේ යකඩ වැඩියෙන් තිබුනත්එ, මුදු මට්ටමේ ජිවත් වනවිට එම  අවශ්‍යතාවය නැතිවී යන නිසා එම ලවණය අක්මාවේ තැන්පති වී පසු කලෙක සිරෝසිස් වලට පෙරලෙන  බවත්  කියා තිබේ. " එසේ කියා බලාපොරොත්තු තබා ගත නොහැකි රෝගියකු වශයෙන් හඳුන්වා දී තිබේ. සේලයින් දී තිබුනත් හොඳ සිහියෙන් සිටි පියා ඔහු බැලීමට පැමිණි ඖෂධවේදිනියක වන මගේ සොයුරියට මේ බව කඳුළු ගලමින් කියා තිබේ. සොයුරිය මට කිවේ ලංකාවේ ඇතැම්  දොස්තරවරුන්ගේ උඩඟු බව නිසාම කිසිවක් කිව නොහැකි බවයි.

මා කළේ එම රෝහලේ දුරකථනය සොයාගෙන මා එංගලන්තයෙන් කියා ඉංග්‍රීසියෙන් ඔවුන් ඇමතීමයි. ලංකාවේ එයට කිසියම් ගරුත්වයක් ඇතිබව අත්දැකීමෙන් දනිමි. එම වෛද්‍යවරයා වාට්ටු පරික්ෂා කර අවසාන වන වෙලාව හොයාගෙන ඔහුට කතා කල මම මේ ගැන චෝදනා කළෙමි. මගේ පියා  මිය යන්නට ආසන්නව සිටිය හෝ නැතා  ඔහු ඉදිරියේ එසේ කීමට කොතරම් ලොක්කෙක් වුවත්  මෙම වෛද්‍යවරයාට ඇති අයිතිය කුමක් දැයි විමසුවෙමි. ඔහු කීවේ මපියා නිදාගෙන  සිටී යයි සිතා  එසේ කී බවයි. ඔහු එයට කණගාටු වන බවත් පැවසීය. මා  එංගලන්තයේ සිටින බව දැන ගත් ඔහු පියා ඉක්මනින් ගමන් කිරමට හැකිවන ලෙස සෑහෙන දුරට සනීප කර දෙන බවත් එංගලන්තයේ ඔහු දන්නා වෛද්‍යවරයෙකුට යොමු කර අක්මාව  බද්ධ කිරීමට අවස්ථාවක් සලසා දෙන බවටත් පොරොන්දු විය .

එසේ නම් වෙද  සිසුන්ට එසේ කීයේ ඇයිදැයි ඇසු  විට තමන් කළේ  ඉගෙන ගන්නා අයට කරුණක් පැහැදිලි කල බව පමණක් යයි ඔහු පැවසුවේය.

නමුත් ඉන් සතියකට පමණ පසු මගේ පියාගේ ඇඳ ට යාබද ඇඳට ඉන්ෆ්ලුවන්සා සහිත රෝගියකු ගෙනෙන ලදී. (හෝ උවමනාවෙන් මාරු කරන ලදී). දුබල  අක්මාව නිසා සිරුරේ ප්‍රතිශක්තිය දුර්වලව තුබූ මගේ පියා  නිවුමෝනියාව සෑදී අප හැර ගියේය. මගේ සොයුරිය මේ ගැන ප්‍රශ්න කල විට උක්ත වෛද්‍යවරයා කණගාටුව ප්‍රකාශ කර තිබුණි.

නැවත නැවතත්  පරීක්ෂණ කරමින් මුදල් අයකරමින් ඔහු කල විගඩම කුමක්  දැයි ප්‍රශ්න කල විට මා හඳුනන වෛද්‍යවරියක කීවේ මේ බොහෝ මහාචාර්ය හෝ විශේෂන්ඥ වෙදදුරන්ගේ ළමුන් එක්කෝ විදේශ රටක (පිඑම්සිය රජයට පවරා  ගෙනය)  ඉගෙන ගන්නා  බැවින් ඔවුන්ගේ වියදම් පියවීමට මෙසේ කටයුතු කරන බවය. ඇගේ අදහස වූයේ  එය සාමාන්‍ය  දෙයක් බව යයි මට සිතුනි.

ඉන්පසු අපට වෛද්‍යවරුන් මෙන්ම සමස්ත රෝහල් පද්ධතිය කෙරෙහිම ඇති වූයේ කළ කිරීමකි.

තවත් වරෙක ලංකාවට පැමිණි විටෙක  මගේ දරුවා අසනීප ගතියක් හා උණ ගතියක්  පෙන්නුම් කළෙන්  මීගමුවේ පෞද්ගලික රෝහලකට (විශාල දිස්පෙන්සරියක් වැනි)  ගියෙමි.  එහිදී වෛද්‍යවරිය අති විශාල පෙති වර්ග සමුහයක් දුන්නාය. ඒ සියල්ලට රුපියල් දහසකට වඩා වියදම් විය. (පවුම් වලින් එතරම් මුදලක් නොවූවත් පැරසිටිමෝල් ද ඒ අතර විය  ) නමුත් ඒ බෙහෙත් සියල්ලම මගේ බිරිඳ විසින් කුණු කුඩයට දමන ලදී. වඩා  හොඳ වාතාශ්‍රය සහිත තැනකට ගිය විට දරුවා ඉබේම ප්‍රකෘති තත්වයට පත් විය.

මෙසේ අනවශ්‍ය බෙහෙත් දෙන්නේ ඇයිදැයි ඇසූ විට මගේ යහළු දොස්තර මහතෙකු කිවේ එසේ කුමන හෝ බෙහතක් නොදුන්නොත් වෙදා හොඳ නැති යයි ලංකාවේ මිනිසුන් මැසිවිලි නගන බවය. බෙහෙත් පෙති දෙන තරමට දොස්තර හොඳ යයි ඔවුන් වර්ණනා  කරන බවද කීය. කොටින්ම ඔහු තුල  වූයේ ලංකාවේ අසනීප වී පිළියම් ගැනීමට එන ජනතාව ගැන අවන්ඥා සහගත හැඟීමකි යයි මට සිතුනි.

මේ නිසා බොහෝ විට මට සිතුනේ පෞද්ගලික රෝහල් තිබීම හොඳ  යයි කියාය. නමුත් මගේ මව හදිසියේ අසනීප වූ විටෙක හා තවත් ඥාතියකු අසනීප වූ විටෙක ද ඔවුන් පෞද්ගලික තැනකින් බෙහෙත්  ගත්තත් හදිසියට ගියේ එහිවූ ප්‍රාදේශීය  රෝහලටයි. වෛද්‍ය මහතුන් නොපමාව නිවැරදි ප්‍රතිකාර කළ නිසා එහිදී ඔවුන් සුවවී නිවසටද පැමිණියහ. එනිසා රටේ ජනතාවට එංගලන්තයේ NHS මෙන් නොමිලේ ප්‍රතිකාර දෙන රෝහල් පද්ධතියක්  අනිවාර්යයෙන්ම තිබිය යුතු යයි සිතමි.

මේ අදහස සනාථ කරන තවත් සිද්ධියක් පසුගිය දෙසැම්බරයේ සිදුවිය. ඒ මගේ ළඟම ඥාතියෙකුට හෘදයාබාධයක් හදිසියේ සෑදීමයි. ඔහු සිටි දුර ප්‍රමාණය අනුව කොළඹ රජයේ රෝහල ට හෝ වෙනත් පෞද්ගලික රෝහලකට ගෙනයාමට වෙලාවක් නොතිබුණු අතර ඔහුගේ යහළුවන් ඒ අසල මිනිත්තු පහක දුරින් පිහිටි උක්ත ප්‍රාදේශීය රෝහලට ඔහු ඇතුලත් කළහ. ඔහුට සෙලවීමටවත් නොදුන් වෛද්‍යවරු  සහ හෙදියන් දින දෙකක් ම  රෝගියා  ළඟම සිට ප්‍රතිකාර  කළහ. මා  එහි යන විට ඥාතියා තරම  සුවයක් ලබා සිටියත් රෝගී තත්වය ගැන දැන ගැනීමට පවුලේ අයට නොහැකි විය.  එයට හේතුව ශ්‍රී  ලංකාවේ වෛද්‍යවරුන් හෝ හෙදියන් රෝගයන් ගැන කිසිම  කරුණක් නොකීමයි. ඔවුන් (පවුලේ අය) ඇසීමටද බයය.

මා වෛද්‍යවරුන් හමුව ඒ ගැන විමසීම් කර තත්වය දැන  ගතිමි. ඔවුහු කාරුණිකව තත්වය පැහැදිලි කළහ. පසුව මගේ මිතුරෙකුගේ ගේ වෛද්‍යවරියක් වන බිරිඳක් ද පැමිණ තොරතුරු අසා දැනගත්තාය. මා  එහිදී පැහැදිලිවම දුටුවේ තරමක් තදින් කටයුතු කලද එම තරුණ වෛද්‍යවරුන් හා හෙදියන්ද කරුණාවන්ත බවය. වාට්ටුවද  පිරිසිදුය. ඔවුන් නිතර උද්යෝගයෙන් වැඩ කරති. එතරම්ම  ප්‍රමාණයක් ලෙඩුන් ද සිටිති. ඔවුන්ගේ කාර්යය ලෙහෙසි පහසු නොවේ. නමුත් ඔවුන් හැකි පමණ තම උපරිමයෙන් කටයුතු කරමින් ලෙඩුන්ගේ ජිවිත බේරා  දෙති. එතනට පැමිණෙන   ඉතා දිළිඳු ලෙඩුන්ට ද සමසේ ප්‍රතිකාර කරති. දොස්තරවරුන්ට පමණක් අවලාද කළ නොහැක්කේ මේ නිසාය.

එසේම සෞඛ්‍ය  අමාත්‍ය රාජිත  සේනාරත්න මහතා විසින් හෘදරෝග සැත්කම් සඳහා නොමිලේ  ස්ටෙන්ට් ආදිය ලබා දුන්නද වෙද්‍යවරු කොම්පැනි වලින් මිලදී ගන්නට කියා බල කරන බව  රාවය පුවත්පතේ පළවී තිබුණි. ඔවුන්ට ඒ සඳහා කොමිෂන් ලැබේ යයිද මෙය ජාවාරමක් යයිද කියා තිබේ.  මම එය මගේ ෆේස්බුක් බිත්තියේ ද බෙදා ගතිමි.
නමුත් සොයා බැලුවිට පෞද්ගලික රෝහල් වල හා ශ්‍රී ජයවර්ධන පුර වැනි භාගයක් රජයට අයිති රෝහල් වල ස්ටෙන්ට් දැමීමට ලක්ෂ තුනක් පමණ අය කරන බවත් ස්ටෙන්ට් දෙකකට ලක්ෂ හයක් පමණ යන බවත් දැන ගතිමි. නමුත් හදිසි ලෙඩුන් සියල්ලන්ටම මහා රෝහලේ නොමිලේ ස්ටෙන්ට් ලබා දෙති. කොටින්ම  අර කතාව සත්‍යයක් නොවේ යයි රෝගීන් කිහිප දෙනෙකුම  අපේ ඥාතීන්ට පවසා තිබුණි. එකම ප්‍රශ්නය දිනකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අති විශාල නිසා බොහෝ අයට බලා සිටින්නට සිදුවී තිබීමයි. එතරම් හදිසි නැති රෝගීන් ට දින නියම  වන්නේ පරක්කු වීය. එවැනි අය සමහරවිට අර ස්ටේන්ට් විකුණන සමාගම් වල අය සමග කතා කර ඔවුන් සමග පෞද්ගලික රෝහලකට ගොස් ඒවා කර ගනිති.  බොහෝ  විට සිදු වන්නේ එයයි.

බොහෝ මධ්‍යම පන්තික හා පහල මධ්‍යම පන්තික රෝගීන් මහා රෝහලට පැමිණ සුවය ලබා යති.

මේ නිදහස් සෞඛ්‍ය සේවය රැක ගත යුත්තේ ඒ නිසාය.  නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට නම් එහි සේවය කිරීමට  අවශ්‍ය  වෛද්‍යවරු ද නිදහස් අධ්‍යාපනයෙන්ම බිහි විය යුතුය.


මේ නිසාත් සයිටම් පිලිබඳ  විරෝධය දක්වන මිතුරන් මෙන්ම  සහයෝගය දක්වන මිතුරන්ද ඇති නිසා මේ පිළිබඳව මිතුරු වෛද්‍යවරු  කිහිප දෙනෙකු ගෙන් අදහස් විමසීමි.

- සයිටම් එකට   විරෝධය දක්වන වෛද්‍යවරු 


සයිටම් හි ප්‍රමිතිය ඉතා අවුල්ය. ඔවුන්ට හරියට උගන්වන්නේ නැත. ගුරුවරු දක්ෂ හෝ එතරම් උගත් අය  නොවේ. ප්‍රයෝගික පුහුණුව නැත. සයිටම් සිසුන්  සමග වැඩ කර තිබේ. ඔවුන්ට වඩා  විදේශ වලින් පැමිණි අය ඇඩ්වාන්ස් වැඩිය.

සයිටම් එකේ හෑන්ඩ්ස් ඔන් ප්‍රක්ටිස් නැත. එහි  උගන්වන්නේ ඇක්ට් 16 වත් සමත් නැති විදේශ  වල උගත් අයයි. එවැනි අය ඉන්ටර්න් නොකර තමන්ගේ සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ කෙසේද? ඒ ගුරුවරුන්ද ඇක්ට් 16 සමත්විය යුතුය. (ඇක්ට් 16 යනු වෛද්‍ය සභාව විසින් විදේශවල සිට එන වෛද්‍යවරුන් සඳහා පවත් වන විභාගයයි)

දේශීය සිසුන් එම් සී කියු කරන අතර ඇක්ට් සික්ස්ටින් ඒ හා සමානය. ඊට අමතරව විදේශ වලින් එන  සිසුන් (වෛද්‍යවරුන්) තවත් ප්‍රශ්න පත්‍ර තුනක් කරති.

එනිසා සයිටම් සිසුන් අනිවාර්යයෙන්ම එම් සි කියූ කල යුතුය. එසේ කර මෙරිට් ලිස්ට් එකක ට යා යුතුය. සයිටම් එක වසා දමනවා නම් වඩා හොඳය.

- සයිටම් එකට  අනුකම්පාව  දක්වන වෛද්‍යවරු 

මම දන්නා දොස්තර කෙනෙක් ගේ ළමයෙක් කොතලාවල ඩිෆෙන්ස් එකේ ඉගෙන ගන්නවා. එයාගේ අපොස ප්‍රතිඵල හොඳයි. නමුත් කලම්බු යන්න බැරිවුනා. ඉතින් කොතලාවල එකට යන්න හොඳනම් සයිටම් බැරි ඇයි ?

මම: ප්‍රමිතිය නැති නිසා නේද?

ඉතින් ප්‍රමිතිය  හැදුවාම ඉවරනේ. ආණ්ඩුවෙන් බල කරලා. ආණ්ඩුවට ඕක කරන්න පුළුවන්නේ.
මම දන්නා දුප්පත් ළමයෙක් ඉන්නවා. එයාගේ උසස් පෙළ ප්‍රතිඵල ඉතා හොඳයි. නමුත් දිස්ත්‍රික් බේසිස් නිසා කොළඹින් යන්න බැරි වුණා. අම්මල තාත්තල දුප්පත්. ඒ ළමයගේ එංගලන්තේ ඉන්න නෑදෑයෙක් මුදල් එවනවා ඉගෙන ගන්න . ඒ ළමයට පව් නැත්ද?

මම: එක ළමයෙක් නිසා මුළු අධ්‍යාපන  ක්‍රමයක්ම විනාශ වෙන්න ඕනෙද?

නැහැ. නමුත් තව ළමයි හුඟක් ඉන්නවා අපි වගේ මධ්‍යම පන්තික අයගේ. පිටරටවල නෑදෑයෝ ඉන්න අයගේ.  ඇමතිගේ ළමයත් ඇති.

මම: එතකොට අපොස අසමත් කට්ටිය?

එහෙම අය ඉන්නවා නම් ඉවත් කරන්න ඕනේ? තුන් දෙනෙක් විතර ඉන්නව කියල තමා ආරංචිය. එඑහෙම නම් ඒ අය හොයල ඉවත් කෙරුවම ඉවරයි.  හරි දැන් ඔයා  කියන්නේ සෝවියට් දේශයට ආපු හැමෝම උසස් පෙළ පාස්ද ? විජේවීර ගියේ උසස් පෙළින්ද?

මම: ආණ්ඩුවෙන් යැව්ව (UGC එකෙන්)   හැමෝම වගේ උසස් පෙළ සමත්. විජේවීර හිටිය කාලේ උසස් පෙළ විභාගේ තිබුනද? නැත්නම් ඒ දවස් වල ගන්න ඇත්තේ සාමාන්‍ය පෙළින්  වෙන්නඇති.
 No automatic alt text available.
හරි ගිය ආණ්ඩුව කාලේ තමා මිලියන හයසීයක් වියදම් කරලා ණයක්  දුන්නේ. මේක පිහිටෙව්වේ. ඔව් ඒ ගොල්ල (සයිටම් අධිකාරය)  බොරු කිව්වා රුසියාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය දෙනවා කියලා.  නමුත් දැන් තිබෙන තත්වයේ හැටියට ප්‍රමිතිය නැත්නම් ඒක හදල මේ වෛද්‍ය විද්‍යාලයට ඉඩ දෙන්නේ ඕනේ. ලංකාවේ  දොස්තර හිඟයක් තිබෙනවා. දැන් විශ්ව විද්‍යාලම  කීයක්  තියෙනවද? ඒත් මදි. අපොස සමතුන් වැඩියි. ඇයි මොකද වෙන්නේ  තව කෙනෙකුට චාන්ස් එකක් දුන්නම?

අනික ඔයා ඉන්න එංගලන්තේම කොච්චර  දොස්තරලට වේකන්සි තියනවද? ඇයි ඒවාට යවන්න  බැරි?

මට මගේ අදහසක් කීමට නොහැකි තරමට මේ දෙපාර්ශවයම  නිවැරදි යයි සිතේ.

මෙහදී මගේ ඇතැම් යහළුවන්ගේ දෙබිඩි බවද ප්‍රශ්නයකි. සයිටම් එක අහෝසි කරන්නට කියන ඔවුන්ගේ දුවා  දරුවන් පෞද්ගලික ටියුෂන් පන්ති වලට යන බව දනිමි. ඔවුන් හොඳ පාසල් සොයා දරුවන් ඇතුළු කල බවද දනිමි.  සමහරුන්ට දරුවන් යවන්නට වෙන්නේද ගෙවන විශ්ව විද්‍යාල වලටය. තවත් දරුවන් පිරිසකට එවැනි අවස්ථාවක් අහිමි කිරීම සාධාරණද?

මගේ දරුවන් ටියුෂන් යන්නේ නැත.  අපොස උසස් පෙළ කරන විට මම ටියුෂන් නොගිය මුත් අවසන් වසරේ යහළුවන්ගේ පෙරැත්තයට  බණ්ඩාරගේ රිවිෂන් ක්ලාස් එකකට ගියෙමි.  බැංකු පේලි දමා දාඩිය දාගෙන  දේශනය අහන්  හිටි,  ටියුට් ලැබුණු ඒ පන්තියෙන් වුනු සෙතක් නැත.

හෝඩියේ පන්තියේ සිටම ටියුෂන් ගොස් විභාග පාස්  කරන සංස්කෘතියක් ඇති රටක එක පෞද්ගලික වෙද  විදුහලක් වැසීමට කීමේ තේරුමක් තිබේද? කන්නන්ගර මහතා  අපට ලබා දුන් නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ  වැනසී ගොස් නැතිද?

ත්‍රීමා විතාන දිවි දී රැකගත් අයිතිය තවමත් තිබේද? ත්‍රිමා ගේ දෙමාපියන්ට දරුවෙකු නැතිවීමත් ඔවුන් අසරණ වීමත් හැර ශ්‍රී ලකාවේ විප්ලවයක් සිදු වුනිද? අධ්‍යාපනය පෞද්ගලිකරණය වී නැත්ද?

වාමාංශික අදහස් දක්වන්නන් අතරින් මේ පිලිබඳ හොඳම විවරණය දීප්ති විසින් ලබා දී ඇති සිතමි.

"අපොස උසුස් පෙළ විභාගය පිලිබඳ සුජාත භාවය අහෝසි වී යනු ඇත. ඒ කියන්නේ වෙනත් රටවල තිබෙන ලෙස ලන්ඩන් ඒ ලෙවල් වැනි ඒවා වල  තිබෙන ක්‍රමයටම විභාග දෙපාර්තමේන්තුවේ බලපෑම මේ නඩු  තීන්දුව නිසා නැතිවී යනු ඇත. ස්ටේට් යුනිවර්සිටි වලට දුප්පත් ළමයි පමණක් ඇතුළු වනු ඇත.  ඉදිරි කාලය තුල ගුණාත්මක වෛද්‍යවරයා සහ ප්‍රමාණාත්මක වෛද්‍යවරයා යනුවෙන් දෙපිරිසක් ඇතිවීමට නියමිතයි.

ඒ අනුව පහළ  පන්තියේ හා ඉහළ  පන්තියේ වෛද්‍යවරු දෙපිරිසක් ඇති වීමට නියමිතය. 


විශ්ව විද්‍යාල අතාර්කික වීමට නියමිතය.  (මේවා දැනටම  සිදුවී තිබේ) UGC එකේ පැවතීමේ අවශ්‍ය තාවයක් නැතිව යනු ඇත. මානව ශාස්ත්‍ර පීඨ වල (සමාජ විද්‍යාව,, දේශපාලන විද්‍යාව  ආදී ) සුජාත භාවය නැතිවනු ඇත.  


යහපත් පැත්ත නම්  බණ්ඩාරනායක දර්ශනය ඉගෙන ගැනීමට ඔක්ස්ෆර්ඩ් ගියා  මෙන් ඉහළ  පන්තිය තමන්ගේ අධ්‍යාත්මික පෝෂණය සඳහා මානව ශාස්ත්‍ර ඉගෙනීමට විදේශ වලට  යනු ඇත.  


(මා ඉතාම කැමති කොටස) ලංකාවට නිදහස ලැබූ පසු කන්නගර ගේ නිදහස් අධ්‍යාපනය නිසා යම්කිසි උන්නතිකාමයක් පහල පන්ති වලට තිබුණි.  එනම් තමාගේ දක්ෂතාවය  හෝ කුසලතාවය මත සමාජ ඉණිමගේ ඉහළට යාමේ හැකියාව තිබීමයි. ඔවුන් ඉහළට ගොස් කළේ කුමක්ද? ඔවුන් ශ්‍රී ලංකාව  විනාශ කරන ලදී.  ශ්‍රී ලංකාවේ ද්වි භාෂා කතා කරන උගතුන් නැති වී ගොස් සිංහල පමණක් කතා කරන, ජාතිවාදයට නැඹුරුවී  රට විනාශ කරන ලද පරපුර මේ කන්නන්ගර නිසා බිහිවූ අයයි. 


මේ නඩු තීන්දුව නිසා ඒ අයගේ අනාගතය අඳුරු වේ.  (හදිසියේම ඉතාමත් අතාර්කික  ලෙස ගිය ආණ්ඩුවේ කොටසක් සයිටම් විරෝධයට එක්වීම මෙයින් මැනවින් පැහැදිලි වේ) 



දීප්ති කුමාර ගුණරත්න ගේ අදහසට මෙතනින් සවන්  දෙන්න 

- මගේ අදහස


බ්‍රිතාන්‍යය , ඇමෙරිකාව ආදී රටවල් කිහිපයක් හැර යුරෝපයේ  පොහොසත් රටවල් උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දෙයි. ඔවුන් සලකන්නේ එය අයිතියක් වශයෙනි.

එසේ නම් ප්‍රශ්නය වන්නේ අධ්‍යාපන විකිණීමට  එකඟ වෙනවා ද නැත්ද යන්නය? එසේ නැතුව සයිටම් එකට විරුද්ධ වෙනවා ද නැත්ද යන්න නොවේ? මෙහිදී ජවිපෙ, පෙසප ප්‍රමුඛ  වාමාංශික පක්ෂ දැනට කරන්නේ බොරුවක් යයි මට සිතේ. රජයේ වෛද්‍ය සංගමයට   ඇති ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නය සයිටම් වැසීම දක්වා මිස අනිකුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වැසීම  දක්වා ගෙන නොගොස්, ටියුෂන් කඩ වලට නොයා පාසලින් පමණක් ඉගෙන ගන්නා සිසුන්  ඇති,  රටේ අධ්‍යාපනය  සම්පුර්ණයෙන්ම  නිදහස් කිරීමක්  දක්වා ගෙන නොගොස්  අතර මැදි විසඳුමක් සෙවීම කෙළවර වන්නේ තවත් දීර්ඝ විශ්ව විද්‍යාල වැසීමකින් විය හැකිය.

අධ්‍යාපනය හුවමාරු භාණ්ඩයක් වී ඇති විටෙක සයිටම් වැසීමෙන් ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගත හැකිද?

මගේ ප්‍රශ්නය දීප්ති කියන අන්දමට මෙවන්වූ වාමාංශික ව්‍යාපාරයක් හා පෙළ ගැසෙන්නේ කෙසේද යන්නය?


සයිටම් අවුල එස් බී ගේ වැඩක් - ව්ලොග් එකක් 

82 comments:

  1. දික්වැල්ල11 February 2017 at 20:02

    JVP කාරයෝ අවස්ථාවාදියෝ මිස ප්‍රතිපත්තියක් අැති ජාතියක් යෑ.මක්ක උනත් GMOA දොස්තර මුදලාලිලා තම තමංගෙ ලෑලී වලට මාළු අඩුවෙයියැ බයත් අැති.මේ සීන් එ‍‍කෙන් යහපලනේට කෙල උනත් SAITAM ගොඩයනවා සිකුරුයී.
    (රෝගීන්ට හොදින් ප්‍ර‍තිකාර කරන දොස්තර මහත්වරු 40-50 මේ රටේ ඉන්නවා,ඒ අයට සැලියුට් )

    ReplyDelete
    Replies
    1. මම අධ්‍යාපනය හැකිනම් හැමෝටම නොමිලයේ දිය යුතු යයි සිතන කෙනෙක්. ඕනෑම දියුණු රටක හෝ සියල්ල රජය සතු රටක එය කළ හැකියි. නමුත් චීනයේ පෞද්ගලික විද්‍යාල ඇති කිරීමට ඉඩ දී ඇත්තේ ඇයි කියා ජවිපෙ සිතිය යුතුයි. කියුබාව කියන්නේ සුවිශේෂී රටක්, නමුත් ඔවුන්ත් ට්‍රැක් එක අමාරු කරන් යනවා.

      Delete
    2. කියුබාව ට්‍රැක් එක මාරු කරන් යනවා කියා නිවැරදි විය යුතුයි.

      Delete
  2. අතුරු කතාවක් -

    කොළඹ මහ රෝහල පිහිටා ඇත්තේ පුංචි බොරැල්ලේ නොව කොළඹ 7 ප්‍රදේශයේ ය. ද සොයිසා වාට්ටුව සහ වෛද්‍ය පීඨය පමණක් කොළඹ 10 සීමා වේ ය.

    ReplyDelete
    Replies
    1. ඔව් වෝර්ඩ් ප්ලේස් එකේ කෙළවර. නමුත් ඒ හරිය බොරැල්ල නේ.

      Delete
  3. ඒ කාලේ සයිටම් තිබ්බනං මටත් දොස්තර කෙනෙක් වෙන්ඩ තිබ්බා ...රට ඉන්න නැයෝ වියදං කරයි

    ReplyDelete
    Replies
    1. අටම්පහුර;

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ///

      Delete
    2. ඒකනේ. කාව හරි රට යැව්වා නම් හරි.

      Delete
  4. මාගේ පියා මියගොස් මාසයකි. කුරුණෑගල රෝහලට ඇතුලත් කර පැය 12 ට පසු පළමු බෙහෙත ලැබුණි.තවත් පැය 12 ට පසු මියගියේ නිව්මෝනියවෙනි. මෙවැනි හදිසි රෝග ගැන ප්‍රතිකාර කිරීමට කාර්ය මණඩලයට පුදුමාකාර "නොදැනුවත්කමක්" දුටුවෙමි.

    රජයෙන් කොතරම් වියදම් කලත් මොවුන්ගේ නීච ගති නැති කල නොහැක.

    මහදුරු බිබිලේ වැනි අය බිහි නොවන්නේ , එතුමාට වලව් හදන්න ඕනේ නොවුනේ වලව්වකින් ආපු හින්දායි.දැන් ඉන්න බහුතරයක් රෝහල් කාර්ය මංඩලවලට (Dr,Eng,Accountant,Clerical,Nurse,MLT,Physio,Radiographer.....etc) ඔක්කොටම ඕනේ වලව් ඇරියස් කවර් කරන්න.

    උදා: ඕනේ තරම් දෙන්නම් පගා ගැහීම් ගැන / රෝගීන් ට කෙලෝපුවා.
    - මම වෙද උපකරණ ඉංජිනේරුවෙක්

    ReplyDelete
    Replies
    1. සිලිදු12 February 2017 at 05:09

      //ඔක්කොටම ඕනේ වලව් ඇරියස් කවර් කරන්න.//
      සමහර දොස්තරලා පුලුවන් නම් වෙදනලාව කරේ දාගෙන පොලෙත් යනවා.

      ලංකාවේ සෑම අවකාශයක්ම විනාශකරමින් හීනමානය ඔඩුදුවලා හමරයි.බලන්න පාර්ලිමේන්තු රථගාය.
      මෙරට නිදහස් අධ්‍යාපනය ශික්ෂණයක් නොමැති රැකියා ලබාදීමේ වැඩපිලිවෙලක් පමණී.C.W.W කන්නන්ගර, නිදහස් අධ්‍යාපනයේ පියා පමනක් නොව නූතන ලාංකික හීනමානයේ පියාද වේ.ඒ අනුව C.W.W කන්නන්ගර ලාංකික පිඩිත පංති සතුරෙක්ද ?

      Delete
    2. මහත්මයා ඔබ දන්නා තොරතුරු එවන්න. මගේ බ්ලොගයේ ඉඩ ලබා දෙන්න සූදානම්. මට ලැබුණු අත්දැකීම් (ඊයේ පෙරේදා ) හොද ඒවා. නමුත් හැම තැනම එහෙමෙ ය කියා කියන්න බබැහැ . එංගලන්තයේ රැකියා පිලිබඳ තරා තිරම් වාදයක් නැහැ.
      @සිළිඳු - පැමිණියාට ස්තූතියි.
      /.C.W.W කන්නන්ගර, නිදහස් අධ්‍යාපනයේ පියා පමනක් නොව නූතන ලාංකික හීනමානයේ පියාද වේ.// මෙහෙම් අදහසක් තමා මතුවෙන්නේ නේද?

      Delete
    3. කන්නන්ගර මහත්තයාට අපහාස කරන්න එපා මිස්ට අජිත්. එතුමා අධයාපනේ නිදහස වෙනුවෙන් රටේ පීඩිත ජනතාවට නිදහස් අධයාපනය ලබා දුන්නත් එතුමා ලබා දුන්න නිදහස් අදයා‍පනෙන් පස්සෙකාලෙක අපත‍යෝ බිහි උනාට එතුමා පලි නැත.

      Delete
    4. නැහැ ෂෙනාල් එතුමාට කරපු අපහාසයක් නෙමේ. මම කිව්වේ මෙහම අදහසක් තමා මතුවෙන්නේ කියල. අර ඉහල දීප්ති කියල තියෙන්නෙත් කන්නගර දුන්න අධ්‍යාපනේ හරි. නමුත් බිහිවුණු කට්ටිය කුමක්ද කළේ කියන එක තමා අහන ප්‍රශ්නේ.

      Delete
    5. ඒක නැත්නම් අපිත් මෙතන නැහැනේ.

      Delete
  5. ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්කාරක ක්‍රමයක් නොවේ. එහි වැඩවසම් බව , වෘත්තීන් අතර කුලල්කාගැනීම් , වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම් , රෝගියා සමග සන්නිවේදනයේ හීන බව කැපී පෙනෙයි. රෝගියා ඉදිරියේ වෛද්‍යවරයා බොහෝ අවස්ථා වලදී පෙනී සිටින්නේ මවාගත් ගාම්භීර භාවයකිනි. සමහර වෛද්‍යවරු රෝගියාගේ මුහුණ දෙසවත් නොබලති. රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක​. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference එක විශාල එකකි. වෛද්‍යවරයා රදලයෙකු මෙන් හැසිරෙන අතර රෝගියා යටත් සහ පහත් වැසියෙකි, ප්‍රවේණි දාසයෙකි. ලංකාවේ වෛද්‍යවරු සියල්ල මෙසේ රෝගීන් ඉදිරියේ හැසිරෙනවා කියාමම නොකියමි. එහෙත් බොහෝ විට මේ තත්වය රෝගීන් විසින් අත් දැක තිබේ.

    ReplyDelete
    Replies
    1. හැමෝම නෙමේ. හොඳ දොස්තරලා ඉන්නව. හොද හෙදියනුත් ඉන්නවා. නමුත් ඕකේ තව පැත්තක් තියනවා. එහෙමෙ කතා කරන්න ගියහම රෝගියා සහ රෝගියාගේ නෑදෑයින් ඕනවට වඩා ලං වෙනවා. ඊට පස්සේ කචල්. මම දන්නා දොස්තර මහත්මයෙක් මයි ඒ කථාව කිව්වෙත්.

      Delete
    2. අපි දැනට අවුරුදු 16 කට කලින් අලුත් නිවසට ආවහම GP (අපේ දොස්තර) වුනේ ලංකාවේ උගත් දෙමළ වෙද මහතෙක්. ඔහු ඉතා හොඳයි. ඔහුගේ බිරිඳ සිංහල. මම ඔහුගෙන් ලෙඩේ ගැන විස්තර ඇහුවම ඔහු කියන්න මාලි බවක් තමා පෙන්නුම් කළේ. මගේ බිරිඳ ඊට එහා. ඔහු මට වරක් කීව මගේ බිරිඳ ඕනෑවට වඩා ප්‍රශ්න කරනවා. මම කිව්ව ජර්මනියේ පවුලේ දොස්තර කෙනෙක් සාමාන්‍යයෙන් ලෙඩේ හැම විස්තරයක්ම කියල බෙහෙත් ගැන ඔප්ෂන් නුත් කියනවා. ආයුර්වේද එක හොඳනම් ඒ ලෙඩේට ඒකත් කියනවා කියල. ඊට පස්සේ මගේ බිරිඳට ඔහු හැම විස්තරයක්ම කියන්න ගත්ත.

      Delete
  6. අජිත්,

    ඔබ ඉතා වටිනා මාතෘකාවක් තමයි තෝරගන තියෙන්නේ, දැනටනම් මගේ ස්ථාවරය මුනින්ම මම කියන්නම් එනම් නවීන බටහිර වෙදකම වෙත යොමුවෙන පුද්ගලයෙක් ඒ දේශ බැලිය යුත්තේ විශ්වාශයෙන් නොව බලවත් සැකය කිනුයි.

    මම දැන් මගේ අද්දැකීම කියන්නම් මගේ පියා 2003 දී පුද්ගලික විද්‍යාවරයකු විසින් පරික්ෂා කිරීමෙන් පසු කියන්නේ හැකි ඉක්මනින් රෝහල් ගතවන ලෙසයි, අපි ජාතික රෝහල වෙත යොමුවෙන්නේ මේ නිසයි, ඉහත පුද්ගලික විද්‍යාවරයා ECG මහින් මේ තීරණය ගත්ත, රෝහල් ගතවූ වහාම ඔහුට streptokinase නමැති රුධිර කැටි පාලනය කිරීමට දෙන ඔසුවක් ලබාදුන්නා, සිදුඋනේ මෙය අසාත්මික වීමයි, මම මගේ පියාගේ ඇද ලග සිටින විටදී මම දැක්ක ඔහුගේ සෙලයින් වලට ලබාදෙමින් තමයි තිබුනේ, මම ඔහුගේ අපහසුතාවය දැක්ක විට වහාම ලග සිටින හෙද මහතා දැනුවත් කළා එතන සිටි එක හෙද මහතකු වේගයෙන් දොස්තර මහතා සොයා ගිය අතර අනෙක් හෙද මහතා කරමින් සිටි වැඩේ නවතා ඉක්මනින් කිසියම් බෙහෙතක් සාදන්න පටන්ගත්ත, වාට්ටුවේ විද්‍යාවරයා ආ වහාම ඔහු අදාළ සෙලින් එක ඉවත් කල අතර කිසියම් දෙයක් අර හෙද මහතා ට පැවසුවා ඔහු එය කියනවත් සමග සාදා නිමකළ ඔසුව දොස්තර මහතාට ලබාදුන්නා, මෙම බෙහෙත ලබාදුන් පසු මගේ පියා සුව අතට පැමිණියා.

    දැන් දොස්තර මහතුන් ගෙන් සිදුවුනේ කුමක්දැයි අහපුවහම් ඔවුන් කිව්වේ " ඕගොල්ලෝ හොදටම අමාරු උනාමනේ ගෙනාවේ " ලෙසයි ඔවුෂධ වේදිනියක් වූ මගේ මව කිව්වේ ඉතින් ඩොක්ටර් ඇවිදගන්නේ ආවේ කොහොමද මෙහෙම උනේ කියලයි, ඉන් පැයකට පමණ පසු මගේ නැන්දනියක් (ඇය එවක ජෙෂ්ට විද්‍යාවරියක් ලෙස රාජ්‍ය සේවයේ සිටියා)
    පැමිණ මගේ පියාට ලබාදුන් බෙහෙත් ගැන විස්තර බැලූ වහම අදාළ විද්‍යාවරයා මුණගැසුනා, ඔවුන් ඇයට පවසා ඇත්තේ streptokinase අසාත්මික තාවයක් මගේ පියාට ඇතිවී ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. ඔබට මතක ඇති මම කලින් කිව්වා හෙද මහතකු විසින් කිසියම් ඔසුවක් සෑදුවා කියල ඔහු සාදල තියන්නේ hydrocortisone. කියන ඔසුවයි දොස්තර මෙය පිලියල කිරීමට අණදීමට පෙරම ඔහු දැනසිටියා සිදුවී ඇත්තේ කුමක්ද කියල (ඔබට හිතන්න පුළුවන් මෙවැනි රෝගීන් කොතරම් ප්‍රමාණයක් මෙහෙම වෙලා තියනවද කියල මේ හෙද මහතාට මෙහෙම අද්දැකීමක් තියෙන්න) මේ දොස්තරලා වරද අපේ පිට පටෙව්වත් ඇත්ත ඔවුන්ගේ ඔසුවක් තමයි විසවී ඇත්තේ.

      මේ ඔසුවල නම් දැනගත් වහාම මම ගෙදර පැමිණි විට අන්තර්ජාලය (එහ්ටකොට අපට ADSL තිබුනේ නෑ ) ඔස්සේ සෙවීමේදී සොයාගත්ත මේ streptokinase හොද ඔසුවක් ලෙස පාවිච්චි උනත් අසාත්මික තාවයකදී මියයන්න උනත් පුළුවන් බව.

      මිට ආදේශක වඩා හොද ඔසු තිබුණත් මිලෙන් වැඩි නිසා රජයේ රෝහල් වල පාවිච්චි උනේ නෑ.

      මේ තමයි මට මුල්ම බටහිර ක්‍රමය ගැන අප්‍රසාදය ඇතිඋන.

      ඉන් අවුරුදු කීපයකට පසු මගේ පියා ගේ බඩට මදක් ඉහලින් වේදනාවක් ආව මෙය දිනෙන් දින වැඩි උනා මම විවිද විශේෂන්යයන් ලගට ගෙනිච්චත් ඔවුන්ට ලෙඩේ හොයන්න බැරිඋනා විවිද පර්යේෂණ කරන්න කිව්වත් ඒ එකකින් වත් රෝගය සොයන්න බැරිඋනා අවසාන ලෙස මම ඔහුව වේදමහතකු ලගට ගෙනගියා ඔහු විසින් පරික්ෂාකර සිංහල බෙහෙත් වට්ටෝරෝවක් ලියා දුන්න මේ බෙහෙත් දෙනකොට ඔහු කිව්වා මෙය බෙහෙත් වර්ග දෙකක් ගැනීම නිසා ආමාශයේ ඇතිවී ඇති තත්වයක් කියල, ඇත්තටම මගේ පියා කලක් සිට ගනිමින් තිබුන මෙට්ෆෝමින් නමැති ඔසුව ඔහුගේ දොස්තරවරිය වෙනස් කරල තිබුන මොකද තවදුරටත් එය ඔහුට ප්‍රමාණවත් නැති නිසා.

      දැන් වෙදමහතා කිව්වා මේ බෙහෙත් වලින් අපහසු තාවය සුව වෙයි හැබැයි දියවැඩියාව කෙසේ හෝ පාලනය කලයුතු බව. දැන් සති 2ට පමණ පසු මගේ පියාගේ අසනීපය සෑහෙන්න සුව උනා දැන් ආහාර පාලනය සහ සිංහල බෙහෙත් වලින් දියවැඩියාවත් පාලනය උනා, මසක් පමණ යනවිට වේදනාව නැත්තටම නැති උනා හැබැයි වෙදමහතා කිව්වේ දියවැඩියාව පාලනය කිරීම අවශ්‍ය බවත් යම් විදියකින් දියවදියා මට්ටම වැඩි වෙනවනම් ඉංග්‍රීසි බෙහෙත් ගන්න සිදුවෙන බවයි, ඒ වගේම ඔහු කිව්වා ඉංග්‍රීසි බෙහෙත් ගත්තොත් නැවත වේදනාව පැමිණෙන බව.

      මෙහෙම කලක් ආහාර පාලනයෙන් මනාව දියවැඩියාව පාලනය උනත් ඔහු ටිකකලකින් තමන් කැමති කෑම ගැනීමට පටන්ගත්ත, එක දිනකදී මම glucometer පරික්ෂා කිරීමේදී දැක්කේ සිනි මට්ටම ඉතා ඉහල බවයි. මෙනිසා මම කිව්වා බටහිර ඔවුෂද ගන්න ඕනේ කියල, ඔහු එය පාවිච්චියත් සමගම නැවත වේදනාව පැමිණියා.

      දැන් නැවත වේදබෙහෙත් අරගෙන ආහාර පාලනය කරලා වේදනාව නැති කරගෙන තියනවා, මෙහිදී අප දැනගත් යුතු වැදගත් දෙයක් තියනවා එනම් දක්ෂ සිංහල වදමහතුන් සොයාගැනීම ඉතා අපහසුයි ඔබ සොයාගත්තොත් ඔවුන් දෙන බෙහෙත් සෑදීම සහ ගැනීමත් ඉතා අපහසුයි, නමුත් මතක තියාගන්න ඕනේ දේ ඉතා සෙමින් අසනීපය නිට්ටාවට සුව වෙනවා, අනෙක් කරුණ තමයි සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙගේත් වගේ වේගවත් නෑ මෙනිසා යමක් එපා කියල තියනවනම් මොනම හෙතුවක් නිසාවත් එය නොකළ යුතුයි. එහෙම විනයක් නැත්තනම් හොදම දේ බටහිර වෙදකමට යොමුවීමයි.

      මෙයට පසු මම සිංහල වෙදකම ගැන පැහැදීම වැඩි උනා නමුත් කොමෙන්ටුව දික්වන නිසා මම නවතින්නම්.
      අවසාන ලෙස ඔබ සිංහල බෙහෙත් වලට යොමුවෙනවා නම් ඔබ දැනගන්න ඕනේ සිංහල වෙදුන් නාමයෙන් ඉන්න හොරු වගේම බාගෙට දැනගත් අයත් ඉන්නවා, ඔබ කිසියම් වේද මහතකු විශාල ලෙස මුදල් අයකරනවනම් තේරුම් ගන්න ඕනේ ඔබ නියම සිංහල වේදමහතකු ගෙන් නෙමේ බෙගේත් ගන්නේ කියල. සිංහල වෙදකම තනිකරම තියෙන්නේ ආත්ම තෘප්තිය මත මිසක් මුදල් ඉපයීම මත නොවන බව. හැබැයි සමහර සිංහල බෙහෙත් තියනවා ඉතා ඉහල මිලක් වෙන, ඒ වගේ බෙහෙත් වලට මිසක් වේදමහත්තයට විශාල වශයෙන් අයකිරීමක් සිංහල වෙදකමේ වෙන්නේ නෑ.

      Delete
    2. This is what happen all round the world https://inews.co.uk/essentials/news/health/narcolepsy-swine-flu-vaccine-government-loses-appeal/

      Delete
    3. දියවැඩියාව පාලනයට සිංහල බෙහෙත් තියනවනම් හොඳයි. කරවිල වලින් සෑහෙන්න පාලනය වෙනවලු. නමුත් ඒවා පමණක් කිරම භයානකයි. මගේ මව නවලෝකයේ මොළය සඳහා කරන පරීක්ෂණයකදී (MRI ස්කෑන්) දුන්න බෙහෙඅතක් අසාත්මිකතා වුණා . ඔවුන් කෙසේ හොඅ ඇය බේරා ගත්තත් එය අපේ පවුලේ අයගෙන් සඟවා තිබ්බ. අපි දැනගත්තේ අඳුනන කෙනෙක් මගින්. ඇයි එහෙම කරන්නේ කියා මම දන්නේ නැහැ. මම හිතන්නේ අසාත්මිකතාව මුලින් චෙක් කරන්න ඕනේ. එය කළේ නැහැ. අපි නඩු යයි කියල භය වෙන්න ඇති. බටහිර බෙහෙත් වල නොයෙකුත් වෙනත් අතුරු අබාධ තිබෙනවා. නමුත් බොහෝවිට මුලික ලෙඩය සනීප වෙනවා. ජරමිනියේ බටහිර දොස්තර වරු දැන් ආයුර්වේද බෙහෙතක් තිඑබ්නවා නම් ඒකත් කියනවා. ජර්මනියේ ෆාමසි වල බෙහෙත් දෙවර්ගයම විකුනනවා.

      Delete
    4. http://www.diabetes.org/research-and-practice/patient-access-to-research/cinnamon-extract-improves.html?referrer=https://www.google.ca/

      Delete
    5. මෙහෙම දෙයක් තියනවා අජිත්, අපට දෙන බටහිර බෙහෙත් වල භයානක අතුරු ආබධ තියනවා නමුත් මේ බෙහෙත් වලත් අතුරු ආබාද අඩු ඒවා තියනවා, ප්‍රශ්නේ කියන්නේ රජයේ වගේම පුද්ගලික රෝහල් වලත් මේ බෙහෙත් නෙමෙයි දෙන්නේ.

      මෙය අපේ රටේ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් මෙහෙමයි, ඔබ දන්නවා ඇති ලගදි ඩොනල්ඩ් ට්‍රුම්ප් විසින්
      https://www.thestar.com/news/world/2017/01/10/trump-asks-anti-vaccine-advocate-to-chair-a-vaccine-commission.html
      විසින් Robert F. Kennedy Jr ව පත්කරනවා වැක්සින් වල ප්‍රමිතිය පරික්ෂ කිරීමට.

      Robert F. Kennedy Jr කියන්නේ වැක්සින් වලට විරුද) එකේ කෙනෙක් හැටියයි මාද්‍ය හදුන්වන්නේ නමුත් ඔහු කියනවා තමුන් තම දරුවන්ට වැක්සින් ලබාදුන් බවත් ඔහු ලබාදුන් වැක්සින් single-dose vials බවත් (එනම් මේම වැක්සින් වලට අහිතකර රස්ස්යනික අඩංගු වෙන්නේ නෑ.) https://www.youtube.com/watch?v=Yd3xdAp9_Zk

      මේ තමයි විද්‍යාත්මක කතාව https://www.ncbi.nlm.nih.gov/pubmed/14758432
      මේ single-dose vials ඉතා මිලෙන් අධිකයි මේ නිසා මෙය ගැන දැනුවත් අය මිසක් නොදැනුවත් අය ලබාගන්නේ නෑ (ශ්‍රී ලංකාවේ නම් මේ ගැන දැනගත්ත නොදනගත්තත් ලබාදෙන්නේ multi-dose vaccine vials පමණයි.

      සිංහල බෙහෙත් ගන්නවානම් පුග්ගලයකුගේ විනයක් තියන්න ඕනේ ඒ තමයි ලබාදෙන බෙහෙත් නිසි ප්‍රමිතියෙන් ගන්න ඕනේ අසනීපයට අහිතකර දේ කිසිවිටකත් නොගත යුතුයි. මේ දේවල් පිළිපදින්න බැරිනම් සිංහල බෙහෙත් වලට යොමුවීම මෝඩකමක්, අනෙක් අතට සිංහල වේද මහතුන් විවිද ලෙඩ වලට ප්‍රතිකාර කිරීමට දක්ශ අය ඉන්නේ විවිද තැන්වල මෙනිසා මහන්සිය නොබලා ඔවුන් වෙත යන්න වෙනවා.

      අවසාන ලෙස කියන්න ඕනේ බටහිර බෙහෙත් නිපදවන සමාගම් වල එකම අරමුන ලාබය උපරිම කිරීම තමයි මේ සදහා ඔවුන් නීතිය නමාගෙන තියනවා ඇමරිකාවේ පවා මොවුන් ඩොලර් බිලියන ගණන් මාද්‍ය සදහා වැයකරනවා
      ලගදි ඇමරිකාවේ ABC ආයතනයේ හිටපු මද්යවෙදිනියක් අපුරු පුවතක් ඇගේ අඩවියේ පලකලා

      https://sharylattkisson.com/cdc-scientist-confesses-to-destroying-study-documents-on-link-between-vaccines-and-autism-in-black-boys-but-crickets/

      ඇය විසින් මේ මායාව ගැන https://www.youtube.com/watch?v=-bYAQ-ZZtEU අපුරු විවරණයක් කරනවා.

      මම දන්නා විදියටනම් ඔබට බ්ටහිර බෙහෙත් වලට යොමුවෙනවානම් ඔබ ඉතාම දැනුවත් බාවයෙන් එය කලයුතු වෙනවා නැත්නම් ඔබට කනගාටුවිමට සිදුවෙනු ඇති

      Delete
    6. තව කියන්න දෙයක් අමතක උනා, කිසියම් කෙනෙකුට දියවැඩියාව තියනවනම් සහ ගෙදර glucometer තියනවනම් මේ පරීක්ෂණය ගෙදරදී කරලා බලන්න.

      පච්චපෙරුමාල් සහල් විශාවනිය තැනකින් මිලදීගන දිනක් ආහාරයට ගෙන පසුදින රුදිරය පරික්ෂා කරලා බලන්න ඔබ පුදුම වෙයි කොතරම් රුදිරයේ සිනි අඩුවී ඇද්ද කියල.

      අපි ගන්න අහාරයේ පාලනය සහ වියායාම විශාල ලෙස මිට උපකාර වෙනවා

      Delete
    7. කුරුඳු ගැන දැම්ම ඇනෝ ට ස්තුතියි. මගේ කෑම වලට සෑහෙන්න ලනක්වෙන් ගෙන කුරුඳු පවිච්හි කරනවා. (ලංකාවේ කුරුඳු තමා ලෝකයේ හොඳම කුරුඳු කියල මට ජර්මන් ෆාමසිසිට් කෙනෙකුත් කිව්වා.)
      පච්චපෙරුමාල් සහල් කියන්න එමොකද්ද කියල මම දන්නේ නැහැ. ලංකා සිතුවිලි.
      ඔබේ කොමෙන්ට් එක වැදගත් නිසා වෙනම ලිපියක් වශයෙන් පළ කරන්න හිතුව.

      Delete
    8. අජිත්,

      "පච්චපෙරුමාල් සහල්" කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණි සහල් වර්ගයක් මේ සහලේ ඇති වැදගත්කම තමයි වෙලදපොලේ ඇති අනෙක් සහල්වලින් වෙන්කර හදුනාගැනීමේ පහසුව මේ නිසා යම් කෙනෙක් වෙනත් සහල් වර්ගයක් සමග මිශ්‍ර කලොත් පහසුවෙන් දැනගන්න පුළුවන්.

      මේ දේශීය සහල් වලට කෘමිනාශක වගේම රසායනික පොහොර දැම්මොත් මේ පැල මැරෙනවා මෙනිසා මේවට රසායනික පොහොර දමන්න බෑ නමුත් කුට වෙළදුන් කරන්නේ මේවා වෙලදපොලේ ඇති වෙනත් සහල් සමග මිශ්‍ර කරනවා.

      සුවදැල් කියන්නේ දියවැඩියාවට ඉතා ගුණ සහලක් නමුත් මේ සහල් ඇටය හරියටම සම්බා හාල් වලට සමානයි මෙනිසා මේ සහල් වෙලදපොලේ සම්බා සමග මිශ්‍ර කරනවා.

      කොහොම උනත් මේ පැරණි සහල් වලින් හදන කැද වර්ග තියනවා, මගේ පියාගේ දියවැඩියා මට්ටම වේගයෙන් ඉහල යනවා පාන් හෝ සුදු බත් ආහාරයට ගන්න විට, මම මේ දේශීය සහල් වර්ග වලින් පිලියල කල කැද ලබාදුන්නට පසු glucometer මගින් පරික්ෂා කිරීමේදී සිනි මට්ටම ඉතා සුලුවෙනුයි වැඩිවී තියෙන්නේ . මම කරපු දෙය
      මෙය කියවන අනෙක් යටත් glucometer එකෙක් තියනවනම් පරික්ෂා කරන්න පුළුවන්.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. අපි සාමාන්‍යයෙන් කන්නේ දුමුරු හාල් බාස්මති සුදු හාලට මිශ්‍ර කරලා. ළමයි නැතනම් කන්නේ නැති නිසා. ලංකාවේ රතු හාල ඉන්දියන් කඩවල තියනවා. ඒවා වැඩක් නැහැ.හෝදනකොට සම්පුර්නයෙන්ම සුදු වෙනවා. සුදු සීනි කොහොමත් බොන්නේ වත් කන්නේ වත් නැහැ.

      Delete
    11. අජිත්,

      මෙහෙමයි දොස්තර andrew wakefield ගේ සහතිකය තහනම් කිරීමට හේතුවෙන්නේ එක්සත් රාජධානිය තුල කල පර්යේෂණයකින් නෙමෙයි ඇමරිකාවේ CDC ආයතනය විසින් කල පර්යේෂණයක තොරතුරු පදනම් කරගෙන එනම් දොස්තර විලියම් තොම්සන් ඇතුළු ප්‍රධානින් 3 දෙනෙක් කිව්වා ඔවිසම් සහ වක්සින් අතර සම්බන්දයක් නැති බව නමුත් වසර 10 ට පසු 2014 දී දොස්තර විලියම් තොම්සන් කියනවා 340% වක්සින් හා ඔටිසම් අතර සම්බන්දයක් කළු ජාතික ඇතිබව තිබුන වාර්තාව ඔවුන් විනාශ කල බව මෙන්න තියනවා ඇමරිකාවේ කොන්ග්රසයේදී මෙය සාකච්චවෙනවා https://www.youtube.com/watch?v=qxr-cv-JuI8&t=13s

      ඉහත දොස්තර් andrew wakefield ගේ විතරක් නෙමෙයි විද්‍යාසහතිකය අහෝසි කරන්නේ තව දොස්තර වරු 3 ක් ඉන්නවා, නමුත් එංගලන්ත අදිකරණය ඉදිරියේ සටන් කරන්නේ professor John Walker-Smith පමණයි මිට පවුම් ලක්ෂ 5ක් වැයවෙනවා, මෙතරම් මුදලක් නැති අනෙක් විද්‍යාවරු අධිකරණය ඉදිරියට යන්නේ නෑ.

      මේ තියෙන්නේ ඔහු ජයග්‍රහණය කල ලිපියයි http://www.independent.co.uk/life-style/health-and-families/health-news/mmr-doctor-john-walker-smith-wins-high-court-appeal-7543114.html

      andrew wakefield ගේ කතාව ලොකුවට ගියාට මෙයට දෙන්නේ ඉතා අඩු වටිනාකමක්.

      ඉදිරියේ ට්‍රම්ප් මේ ගැන පියවර ගන්න බවට දැනටමත් හිතන්න පුළුවන් ඔහු මේ පිළිබදව https://www.youtube.com/watch?v=_wiam6ui88E
      Robert F. Kennedy Jr. ව පත්කරනවා
      මේ සිදුවීම ජනතාව අතරට ගෙනයාම මගින් ට්‍රම්ප් තමාගේ ජනප්‍රිය බව ඇතිකරන අතර ඔවුෂධ මාෆියාවට බලවත් පහරක් දෙනු ඇති, හැබැයි මෙය කිරීමට ඉස්සල්ල ට්‍රම්ප් ව එලවන්න මේ සමාගම් කටයුතු කරයි.

      ජනමාද්‍ය මේ ගැන නිහඩ ඩොලර් බිලියන ගණනක වෙළද දැන්වීම් ඔවුන් ට අහිමි වන නිසා මේක තමයි ඔවුන් නිහඩ තාවය පවත්වන්නේ ABC ආයතනයේ හිටපූSharyl Attkisson https://sharylattkisson.com/cdc-scientist-confesses-to-destroying-study-documents-on-link-between-vaccines-and-autism-in-black-boys-but-crickets/

      අපුරු ලිපියක් ලියනවා




      Delete
    12. අද ශ්‍රී ලංකාවේ දරුවකු පාසලකට ඇතුළු කිරීමට ඉස්සල්ල දරුවාට කිසියම් මානසික ආබාදයක් තියනවද කියල අහන්න තරම් මේ තත්වය දුරදිග ගිහිල්ල ඉවරයි.

      මෙන්න බලන්න http://www.divaina.com/2013/10/15/feature03.html දිවයින පත්තරේ බලන්න
      1996 දී 10,000 ට 6 වූ ඔටිසම් රෝගීන් 2013 දී 100 ට 1 ක් දක්වා වර්දනය වෙලා දැන් වෙනකොට මෙය 50 ට 1 ක් දක්වා පැමිණිලා ඉවරයි.

      Delete
    13. හාල් සම්බන්දයෙන් නම්, සහල් වල වර්ණය ඉතා නොමග යවන සුළුයි එනම් මෙහෙ වෙළදුන් සහල් වලට වර්ණක යොදනවා. හැබැයි ඔබටම ගෙදරදී ම සහල් වල හොද නරක හොයන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කිසියම් බත් වර්ගයක් ගත්තහම රුදිරයේ සිනි ප්‍රමාණය සැලකියයුතු විදියට වැඩිවෙනවා නම් සහ සමහර සහල් වර්ග පාවිච්චියේදී රුදිරයේ සිනි වැඩිවීම අනෙක් සහල් වලට වඩා අඩු නම් ඔබටම තේරුම් ගන්න පුළුවන් හොද සහල් වර්ගය කොහොමද කියල.

      ඉතා හොද සුවදැල් සහල් සහ රන් කහවනු සහල් හරියටම සම්බා හාල් වල සොරුපය ගන්නවා ඔබට නිවැරදි සහල් වර්ගය තෝරන්න පුළුවන් නම් සුවදැල්, රන් කහවනු කියන්නේ සුදු හාලක් නමුත් ගුණයෙන් ඉතා ඉහලයි.

      Delete
    14. මම ඉක්මනින් ටයිප් කරන නිසා වචන වල වැරදි ගොඩක් වෙනවා. මේ එම ප්‍රතිචාරය නැවතත්.
      ඔබේ ඔය වැක්සින් කොමෙන්ට් එක ස්පෑම් ගිහින් තිබ්බේ. ඔතන් හොඳ කතාවක් තියනවා. මෙහෙ හිටපු දොස්තර් andrew wakefield කම්මුල්ගායට හෙම දෙන ට්‍රිපල් එන්නත MMR සහ දරුවන්ගේ ඖටිස්ම් අතර සම්බන්ධයක් තියනවා කිව්වා. අන්තිමට මෙහෙ ඖශධ සමාගම් වෙනම පරීක්ෂණ කරලා, වෛද්‍ය සභාව විරුද්ධ වෙලා ළමයි මැරෙනවා කියල මිනිහව එලෙව්ව. අන්තිමට රස්වෙසානුත් අස් කලා.
      ttps://www.thestar.com/news/world/2017/01/10/trump-asks-anti-vaccine-advocate-to-chair-a-vaccine-commission.html
      මම ලංකාවේ වෛද්‍ය යහළුවන්ගෙන් ඇහුව. ඒ ගොල්ලෝ කිව්වා මේ එන්නත ප්‍රශ්නයක් නැහැ කියල. නමුත් මට හදිසියේ ඉංග්‍රීසි ජාතිකයෝ දෙදෙනෙක් හමු වුණා. දෙදෙනාගේම ළමයින්ට අර එන්නත දීල, දෙන්නටම autism තියනවා. මේ විස්තර වහල. මම වහාම එක එන්නතකට පවුම් 70 ගානේ ගෙවල එන්නත් තුනක් ගැහුවා ළමයට. පෞද්ගලික තැනකින්. දෙවෙනි ළමයටත් ඒකම කලා . ළමයි දෙන්නම ඉස්කෝලෙන් ගන්න බැහැ කීව MMR ගහල නැහැ කියල. GP සර්ජරි එකේ නර්ස් කීව කවුන්සිල් එක නඩු දැම්මොත් අපට ළමයි නැතිවෙයි කියල. මම රිසිට් අරගෙන පෙන්නුවා අපි එන්නත් තුන වෙන වෙනම දීලා තියෙන්නේ. කොහෙද නීතියක් තියෙන්නේ එකට දෙන්න ඕනේ කියල. පස්සේ අපි එන්නත් දීලා තියෙන බව උන් පිලි ගත්ත. අපි තවමත් රිසිට් තියන් ඉන්නව හදිසියකට. දිවයින පුවත්පතේ කතාව දැනගෙන හිටියේ නැහැ.

      Delete
    15. අජිත්,

      ඔබ කරලා තියන දේ වැදගත් ඔබ ළමයින්ට දීල තියෙන්නේ mmr separate vaccines වල වැදගත් කම එයට Thiomersal (රසදිය වර්ගයක් ) නොදැනීමයි.
      මේ ගැන ශ්‍රී ලංකාවේ දොස්තර වරු දැනුවත් නෑ එය ඔබේ මිතුරන් ගෙන් දැනගන්න පුළුවන් මම දාපු
      Lankika Sithuwili15 February 2017 at 04:56 කොමෙන්ටුවේ andrew wakefield ට උනේ මොකද්ද කියල තියනවා මම හිතනේ ඔබ එය සම්පුර්ණයෙන් කියවල නෑ

      Delete
    16. “You take this little beautiful baby, and you pump . . .” he said of vaccinating children. “We had so many instances, people that work for me, just the other day, 2 years old, a beautiful child, went to have the vaccine and came back and a week later got a tremendous fever, got very, very sick, now is autistic.”

      Delete
    17. මොන ලිපියද ඔබ කියන්නේ? රසදිය කතාව මමත් අහල තියනවා. මට වෙනත් දොස්තර කෙනෙක් (ඉංග්‍රීසි) කිවේ අපේ සහ සමහර අප්‍රිකානු ළමයි පුංචි නිසා ඒ අයට වැක්සින් එකේ අතුරු ආබාධ බලපානවා වැඩියි කියල. යුරෝපිය ළමයින්ට ඒ තත්වය අඩුයි නමුත් ඉන්නව කියල ප්‍රශ්න තියන ළමයි. විශාල ඖශධ සමාගම් එක්ක මේ පර්යේෂණ කරන්න අමාරුයි.

      Delete
    18. ඊළඟ ලිපිය බලන්න. ඔබට ලින්ක් එකක් දමන්න ඕනේ නම් මෙය පාවිච්චි කරන්න. URL කියන තැනට යොමුව කොපි කර title එක තැනට ඕන මාතෘකාව ලියන්න.
      Title
      මෙන්න යොමුව:
      http://bloggeruniversity.blogspot.co.uk/2007/01/post-link-in-comments.html

      Delete
  7. Medical ordinance එක amend කරන්න ඕන කියල දැන්ද SLMC, GMOA එකට හිතුනේ සයිතම් issue එක අනුව ඇමතිට වැඩිබලයක් තියෙන බව රටට එල් වුන නිසා ? MBBS කියන්නනේ ප්‍රඨම වෛද්‍ය උපාදිය MD කියන්නනේ පශ්චාත් උපාදිය , රුසියාවේ , ඇමරිකාවේ MD කියන්නේ ප්‍රඨම වෛද්‍ය උපාදිය. දැන් ලංකාවේන් MBBS අරගෙන ඇමරිකාවෙන් MD අරගෙන (දෙකම ප්‍රඨම උපාදි) ලංකාවට ඇවිල්ල පුද්ගලික ක්ලින්ක් එකක් දාගෙන නමට අගින් ගහනවා DR someone MBBS, MD කියල , මිනිස්ස විතරක් නොවේ සමහර වෛද්‍ය වරුත් මෙයාට රෑවටෙනවා, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් කියල. දැන් වෛද්‍ය සභාවෙන් ඇහුවම මොකද්ද කියන්නේ ? එයාට "ඒ සඳහා පුහුණුවක් ඇත්නම් ශල්‍ය කර්ම කිරීමට නිතියෙන් බාආවක් නැත " කියල . ඒකිියන්නනේ පුහුනුව පරීක්‍ෂාකිරීමේ බලයක් SLMC එකට නෑ . එතකොට ලෙඩ්ඩුද එයාගේ පුහුණුව පරික්‍ෂා කරන්න ඕන ?

    ReplyDelete
    Replies
    1. කොහොමත් වෛද්‍ය සභාවට පුළුවන් විශ්ව විද්‍යාලය හෝ එම උපාධිය පිලි ගැනීමට පමණයි. පුහුණුව සඳහා තමයි ඉන්ටර්න් එක තියෙන්නේ නේද?

      Delete
    2. serendipity,

      සාමානයෙන් උතුරු ඇමෙරිකාවේ MD කියන්නේ second entree degree එකක් නේද ? මම දැකල තිබෙනවා John Hopkins වගේ විශ්වවිද්‍යාල වල ඇතුලත් වීමේ සුදුසු කම් වලට B.S/ B.A එකක් ඇතුලත්ව තිබෙනවා. මෙය ඇමෙරිකානු ප්‍රථම වෛද්‍ය උපාධියක් යන යෙදුම එතරම් පැහැදිලි නෑ.

      ඒ වගේම ඇමෙරිකානු MD වෛද්‍ය උපාදියෙදී යම් විෂය ක්ෂේස්ත්‍රයක් තෝරාගෙන ඒ ගැන විශේෂ පුහුණුවක් ගත හැකි බව අසා තිබෙනවා. එය ඇත්තක් නොවෙයි ද ?

      Delete
    3. ඔබල දෙදෙනාම කියන ප්‍රශ්න සෝවියට් උපාධි ධාරීන් වන අපට තියනවා. සෝවියට් ක්‍රමයේදී ඔවුන්ට අවශ්‍ය වුනේ එක විෂයකට විශේෂන්ඥයන්. ලංකාවේ වගේ නොවේ. එනිසා උදාහරණයකට මම අවුරුදු 4ක් විදුලි ඉංජිනේරු උපාධිය කළාට පස්සේ ඉතිරි අවුරුදු එකහමාර (මම අවුරුදු 5.5 ඉගෙන ගත්ත) ස්පෙෂලයිස් කලේ තාප විදුලි බලාගාර. (පොඩ්ඩක් නියුක්ලියර් ත් ඉගැන්වුවා) ඒක ඉවර වෙලා ඩිසර්ටේෂන් එක ලියල ඩිෆෙන්ඩ් කරන්න ඕනේ. ඊට පස්සේ දෙන්නේ MSc එක. නමුත් ලංකාවේ ඒක ගණන් ගන්නේ ප්‍රථම උපාධිය කියල. සෝවියට් දේශයත් කැඩිලා අවුරුදු ගානක් ගිහින් දැනට අවුරුදු කිහිපයකට කලින් තමා ලංකා විදුලි බල මණ්ඩලය MSc එකට දෙන වැටුප් වර්ධකය දීලා තියෙන්නේ. මම සිලබස් එක ගිහින් පෙන්නලත් 1988 ඉංජිනේරු සංගමය ඒක හිනාවෙලා නිකන් හිටිය. දැන් රුසියාවේ අධ්‍යාපන අමාත්යංශය උපාධි දෙක කඩලා දෙනවා. අපට දුන්නේ නැහැ.

      Delete
    4. මාත් එක්ක වැඩ කරනවා එහෙම කෙනෙක්. ජපානයේ දී PhD එකට ඇතුලත් කර ගැනීමට නම් ඔහුගේ උපාධිය M.S එකක් විදියට පිළිගත්තා.

      ඔහු මුල අවුරුදු 3ක් වියට්නාමයේ ඉගෙනගෙන පසුව මොස්කව් ස්ටේට් යුනිවර්සිටි එකට මාරුවී ගිහින්. ඔහුගේ උපාධිය මොස්කව් ස්ටේට් කියල තමයි සඳහන් වෙන්නේ. ඔහු සැබෑ දක්ෂයෙක්.

      අනිත් අතට මේවගේ නොකියවෙන කතා ගොඩක් තිබෙනවා.

      ලංකාවේ සිවු අවුරුදු විශේෂ උපාධියට බ්‍රිතාන්‍ය ක්‍රමය තිබෙන යුරෝපීය රටවල්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සහ හොංකොං හි කෙලින්ම PhD යන්න පුළුවන්. එත් ඇමෙරිකාව, කැනඩාව, කොරියාව සහ ජපානය තුල නම් නැවත M.S එකක් කරන්න ඕනේ.

      කණගාටුවට කාරණේ කියන්නේ ලෝකේ විවිධ අධ්‍යාපන ක්‍රම ගැන අපේ රටේ වගකිවයුතු ආයතනවත් හරිහැටි උනන්දු නැති එක.

      Delete
    5. ඔබ කියන එක ඇත්ත. ලංකාවේ ඉංජිනේරු සංගමය හිනා වුනාට මම මෙහෙ ඇවිත් උපාධිය පෙන්නුවම Phd එක කරන්න කිව්ව. අතේ සල්ලි තිබ්බේ නැහැ. (ශිෂ්‍යත්වයක් ගන්න දැනන් හිටියේ නැහැ) එනිසා සල්ලි ගෙවල ආපහු තව MSc එකක් කලා. ලංකාවේ සිවු අවුරුදු විශේෂ උපාධියට PhD දෙනවා තමා මෙහෙ. නමුත් ගොඩක් අය මුලින් MSc එක කරනවා.

      Delete
  8. සයිටම් වාදය;
    රටේ ආර්ථික වාසි ගලා එන්නේ පෞද්ගලික ආයතන වලින් වූවත් අධ්‍යාපනය බටහිර රටාවට මැන පෞද්ගලික කරනය හෝ පෞද්ගලික අධ්‍යාපනය පවත්වා ගෙන යෑම අනෙකුත් පෞද්ගලික ආයතන වලින් බොහෝ වෙනස්ය.අපේ රටේ ඇති දේශපාලන ආර්ථික රටාව නිසා ක්‍රම දෙකකින් අධ්‍යාපනය පවත්වාගෙන යාම කඩාකප්පල්කාර්‍ර වේ.අධ්‍යාපනය රාජ්‍ය ආයතනයක්ම විය යුතුයි.මින් ඉදිරියට පෞද්ගලික අධ්‍යාපනය තහනම් කොට දැනට අතරමංව ඉන්නා සයිටම් ලාව රජයට පවරා ගැනීම මානුෂික බුද්ධියෙන් බැලීම පවතින රජයේ යුතුකම වේ නම් සුභයි.
    වෛද්‍ය සහතිකයට පමනක් සීමා වෙන එකක් නොවන බැවින් ප්‍රායෝගික පුහුනුව විශේෂ කොට ගෙන වෛද්‍ය ලෙඩෙක් බවට පත් නොකොට හොඳ මානසිකත්වයෙන් දැනුම ලබාගන්න ස්ථානය පිලිවෙල කර දීම වටී.මේවා දේසපාලකයෝ මහා ලොකු ප්‍රස්න කරගෙන ජනතාවට රාජ්‍ය සයිටම් පෙන්විමක් පමනි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට එකනගයි. නමුත් ලංකාවට තමන් දෙන නිදහස් අධ්‍යාපනයේ ප්‍රමාණයට ඉන් පිටවන් සිසුන්ට උගන්වන්න විශ්ව විද්‍යාල හදන්න මුදල් නැහැ. ඒක තමයි යථාර්තය.

      Delete
  9. ඉතින් ප්‍රමිතිය හැදුවාම ඉවරනේ. ආණ්ඩුවෙන් බල කරලා. ආණ්ඩුවට ඕක කරන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නෙ කියන විදිහට හදන්නෙත් නෑ..
      පාර්ලිමේන්තුවට වත් වගකියන්නෙත් නෑ..
      ඉතින් කෝමෙයි කොරන්නෙ?

      Delete
    2. සයිටම් එකට පසුගුය රජය මගින බරපතල වරප්‍රසාද කිහියක් දී තිබෙන බව පැහැදිලියි. වෛද්‍ය සභාවේ ප්‍රධානින් එම රජය සමග ථිබුඅ සමිපත්වය නිසා ඒ ගැන කථා කලේ නැහැ. දැන් ඒ ඇමතිලා මයි මේ රජයේත් ඉන්නේ. නමුත් රජය දුර්වලයි. එනිසා විරෝධය වැඩිය. වමේ පක්ෂ පෙසපේ වගේ ඒවා රජයන් දෙකේදීම විරෝධය දැක්වුවා. අන්තරෙත් එහෙමයි. නමුත් ප්‍රමිතිය හැදුව පමණින් දෙන්න දැන් කවුරුත් කැමති නැති එකයි - වමේ පක්ෂ , ජවිපෙ, මහින්ද , අන්තරය

      Delete
  10. ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ සයිටම් දොස්තරලගෙ ගුණාත්මකභාවය නම් වහන්න කියන්නෙ නැතිව ගුණාත්මකභාවය ඉල්ලල සටන් කරන්න එපැයි. මොකද අපි නොදන්න A/L ප්‍රතිඵල වලින් තේරිලා පිටරට University වලින් ඉගෙනගෙන ඇවිත් වෛද්‍ය සභාවෙ අවශ්‍යතා සම්පූර්ණ කරල දොස්තරල වෙන අයත් ඉන්නවනෙ...

    ReplyDelete
  11. කෙලින්ම ලිපියට අදාල නොවුනත් අද වෙනකොට අවධානය යොමු කරන්න වෙලා තියන ලොකු කාරණයක් තියනවා ඖෂධ වෙළඳපල සම්බන්ධයෙන්.
    බාල ඉන්දියානු ඖෂධ වෙළඳපල ආක්‍රමණය කරලා ජනතාවට වෙන ඔප්ශන් එකකුත් නැති තත්වයක් තියෙන්නෙ.
    කොච්චර තත්ව පරීක්ශා කලා කිව්වත් රෝගීන් හා රෝගී සත්කාර සේවයේ යෙදෙන්නන්ගේ අත්දැකීම් නම් එන්න එන්න තත්වය බාල වන බවයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉන්දින්යන් බෙහෙත් එංගලන්තයට එන්නේ නැහැ. මැලේසියන් බෙහෙත් නම් එනවා . මේකට මොකක් හරි හඬක් නැගුවා නම් හරි.

      Delete
  12. I think private education is needed in srilanka .But the issue is whether these institution will give a good deal to their students. Please read the article in Janarala 7th Feb .It was a letter by parents of some saitem students

    ReplyDelete
    Replies
    1. එම ආටිකල් එක තිබෙන ලින්ක් එක දෙනවද?

      Delete
    2. I sent you a message check messenger

      Delete
    3. මට ලැබුන. ස්තූතියි. තවම කියෙව්වේ නැහැ.

      Delete
  13. මේ සම්බන්ධව කියපු වැදගත්ම ලිපියක්.
    මුල් ටික ගැන කිව්වොත් නිදහස් අධ්‍යාපණය සුරකින්න හදන වෛද්‍යවරු රෝගින්ට සලකන විදිය ගැන තව උදාහරණ එමට.
    මන් හිතන්නෙ අපේ රට 80%කට වඩා විශාල පිරිසකට සයිටම් වගේ තැනකින් අධ්‍යාපණය ලබන්න මුල්‍ය හැකියාවක් නැත්තම්. මේ වගේ තැන් ඇරඹීමෙන් අර 80% ට වැඩි පිරිසකට විශාල අසාධාරණයක් වෙනවා. විශ්වවිද්‍යාල වලට යන්න බැරි ව්එන පිරිසට නිකන් අධ්‍යාපනය නොදිය යුතු වුනත් යම් සාධාරණ පිරිවැය පමණක් ආවරනය ක්‍රමේකට උසස් අධ්‍යාපණය ලබා දියයුතුයි..උදා-විවෘත විශ්වවිද්‍යාලය
    හරිද වැරදිද දන් නෑ මේ මට හිතෙන විදිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්ති, ඇම්ගේ ලඟදි අත්දැකීම අනුව දොස්තරවරු සෑහෙන්න හොඳින් සැලකුවේ මම දන්නා රෝගියෙකුට.
      //විශ්වවිද්‍යාල වලට යන්න බැරි ව්එන පිරිසට නිකන් අධ්‍යාපනය නොදිය යුතු වුනත් යම් සාධාරණ පිරිවැය පමණක් ආවරනය ක්‍රමේකට උසස් අධ්‍යාපණය ලබා දියයුතුයි..උදා-විවෘත විශ්වවිද්‍යාලය// ඔබගේ අදහස් හරි. මම දන්නා වමේ කියන යහළුවන් පවා එයට කැමැත්තක් දක්වනවා. රුසියාවේ දැන් ක්‍රියාත්මක වෙන්නේ ඔය වගේ ක්‍රමයක්.

      Delete
  14. මූලික සුදුසුකම් සම්පූර්ණ නම් (උසස්පෙල සමත්) නොමිලේ අධ්‍යාපනය දිය යුත්තේ දිස්ත්‍රික් පදනමකින් නොව ආර්ථික මට්ටම අනුවය. මුදල් ගෙවිය හැකි අයට ඒ ඒ මට්ටම් වලට අනුව සම්පූරණවශයෙන්ද, කොටස් ශිෂ්‍යත්ව වශයෙන්ද මුදල් ගෙවා රජයේ විශ්ව විද්‍යාලවල ඉගැන්විය යුතුය. දුප්පත්ම අයට පූර්ණ නොමිලේ විය යුතුය.

    Hemochromatosis සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් දැන් තියනවද?

    ReplyDelete
    Replies
    1. රුසියාවේ ක්‍රියාත්මක වෙනෙන් හොන්දම ලකුණු තියන යට ශිෂ්‍යත්ව. (නොමිලේ ඉගෙනීම) ඉලනාග ලකුණු කට්ටියට භාගයක් ගෙවන්න ඕනේ. තුනාවන් තැනට එනකොට 2/3 ගෙවන්න ඕනේ. ලකූ අඩුම අය සම්පුර්ණයෙන් ගෙවල ඉගෙන ගන්න ඕනේ. ඒක වඩා හොඳ නැත්ද?

      Delete
    2. //Hemochromatosis සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් දැන් තියනවද?// මම දැනගත්තේ ඒක තත්වයක් කියල. අවුරුද්දකට සැරයක් මමත් චෙක් කර ගන්නවා අයන් වැඩිද කියල. පරම්පරාවට යන්න පුළුවන් නිසා. එකම විසඳුම අක්මා බද්ධය, අයන් වැඩි ආහාර නොගැනීම.

      Delete
  15. අජිත් අයියා මම හිතනවා රටේ නිදහස් අධ්‍යාපනය වගේම පුද්ගලික අධ්‍යාපනයට තිබිය යුතුයි කියලා.රජය විසින් කරන්න ඕනේ පුද්ගලික අධ්‍යාපනය නියාමනය කිරීමයි.සයිටම් ප්‍රශ්නය දැන් දේශපාලනිකරණය කරගෙන තියෙන්නේ.ඒ බව පැහැදිලිව පෙනෙනවා මහින්ද,ජවිපෙ,පෙරටුගාමී ඔක්කොම එක වේදිකාවක් උඩ එකතු වීමෙන්.(එහෙම ආණ්ඩු විරෝධීන් එකතු වෙනවා නම් මේ සයිට්ම් ප්‍රශ්නයට වඩා බරපතල ප්‍රශ්න මේ රටේ තියෙනවා එකතු වෙන්න.)
    දොස්තරලා කැමති නැහැ තමන්ගේ බලය අඩු වෙනවා දකින්න.සයිට්ම් ප්‍රමිතිය ගැන කතා නොකර වසා දමන්න ඉල්ලන්නේ තමන්ගේ බමුණු කුලය රක ගැනීමේ චේතනාවෙන්.

    ReplyDelete
    Replies
    1. //(එහෙම ආණ්ඩු විරෝධීන් එකතු වෙනවා නම් මේ සයිට්ම් ප්‍රශ්නයට වඩා බරපතල ප්‍රශ්න මේ රටේ තියෙනවා එකතු වෙන්න.)// මසුරං කතාවක්. දීඝවාපිය බේරා ගනිල්ලකෝ එකතුවෙලා. නැත්නම් අර යාල වනාන්තරයද කොහෙද? මුස්ලිම් ජනටහ්ව අන්තවාදීන් ගෙන් බේරලා ඒ මිනිස්සුන්ට ජිවත් වෙන්න තැනක් හොයල දීලා , දෙමල මිනිසුන්ට ජිවත් වෙන්න තැන් හද දීලා රට සමගි කරලා දියුණු කරනන් පුළුවන් කාලේ.

      Delete
  16. සුුදුසුකම් තියෙනවානම්, සල්ලි තියෙනවනම්, තමන් කැමති නම් රජයේ විශ්වවිද්‍යාලවලට යන්නේ නැතිව කැමති කෙනෙකුට පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න පුලුවන් වෙන්න ඕන. අදටත් අපේ රටේ උපාධිදෙන ආයතන කීයක් තියෙනවද. ප්‍රමිතිය හරි නැත්නම් රජය මැදිහත්වෙලා ප්‍රමිතිය හදන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක තමා දැනට මේ ප්‍රශ්නයට හොඳම විසඳුම. සමාජවාදය එනකන් ඉන්න කියන්නත් බැහැ. නිදහස් අධ්‍යාපනය නැති කරන්න දෙන්නත් බැහැ.

      Delete
  17. මේ වගේ ඉතා වැදගත් ජාතික ප්‍රශ්නයක් ගැන මේ විදියට කරුණු එක් රැස් කරලා හොඳ ලිපි ලියන අජිත්, වෛද්‍ය රුවන් වැනි බ්ලොග් කරුවන්ට අපි ප්‍රනාමය පල කල යුතුයි. ( තව අය ඉන්නවා ). දැන් දැන් සයිටම් විරෝදීන් ඔවුන්ගේ විරෝදතා දැක්වීම් හුදු විහිලු කථා හරහා ගැලරිය දක්වා ගෙන ගොස් ඇති හැටියකුයි පෙනේන්නේ.

    මේ ප්‍රශ්නය ගැන මගේ නම් මූලිකවම ඇත්තේ එකම එක මතයක් පමණයි. ඒ නම් උසස් පෙළ සමත් යැයි සම්මත සාමාන්‍ය සමාර්ථ 3 යමෙකු ලබා ඇතිනම් ඔහුට උසස් අධ්‍යාපනය ලැබූමට අවිවාදිත අයිතියක් ඇති බවයි. ඒ අයිතියට බාධා කිරීමට කිසිදු පුද්ගලයෙකුට සංවිධානයකට හෝ රජයට අයිතියක් නැත. එවැනි වූ යමෙකු ඉතා ඉහල ප්‍රතිඵල ලැබුවේ නම් ඔහුට රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක නොමිලේ අධ්‍යාපනය හැදෑරීමේ ශිෂ්‍යත්ව ලැබිය යුතු අතර අනෙක් උන් තමන් කැමති පාඨ මාලාවක් තම වියදමින් (දෙමාපියන්ගේ හෝ අනෙකෙකුගේ ආධාරයෙන් හෝ මූල්‍ය ආයතන ප්‍රථිපාදන මගින් ) හැදෑරීමේ අයිතිය ලැබිය යුතුය.
    වසරකට 250,000 පමණ වන උසස් පෙල සමතුන් සඳහා විශ්ව විද්‍යාල පහසුකම් සැපයීම රජයට කල නොහැකි නිසා එයට පෞද්ගලික ආයෝජකන් දිරි ගැනිවීම කල යුතුය.
    පසු ගිය වසර 30කට වැඩි කාලයක් තිස්සේ පැවති මේ තත්වය තුල සුදුසු කම ලබා උසස් අධ්‍යාපනය අහිමි වූ ගනන කොතරම්ද? ඔවුන්ගෙන් රටට ඉටු කර ගත හැකිව තිබූ සේවය මග හැරීම කෙතරම් අභාග්‍යයක්ද?

    ReplyDelete
    Replies
    1. නයනේ ඔබ සමග එකඟයි. ඇත්තටම ඉතාම සතුටුයි ප්‍රතිචාර දක්වන බොහොමයක් අපි එක මතයක ඉන්න එක.
      //වසරකට 250,000 පමණ වන උසස් පෙල සමතුන් සඳහා විශ්ව විද්‍යාල පහසුකම් සැපයීම රජයට කල නොහැකි නිසා එයට පෞද්ගලික ආයෝජකන් දිරි ගැනිවීම කල යුතුය//මෙන්න මේක තමා ප්‍රධාන ප්‍රශ්නය. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන මේ හැමෝටම ඉදිරියට ඉගෙන ගන්න පුළුවන් අය. නමුත් විශ්ව විද්‍යාල ඔතරම් ප්‍රමානයක් හදන්න නම් බදු ගෙවන ජනතාවක් ඉන්න ඕනේ. දාන බද්ද ගෙවා ගන්නත් ඔවැඩි දෙනෙකුට බහ. එහෙනම් අධ්‍යාපනයට වියදම් කරන්න සල්ලි හොයන්න බහ. ඒ මදිවට පත්වෙලා එන මන්ත්‍රීවරු ගේ වරප්‍රසාද වැඩියි. ඒවා උන් අඩු කරන්නෙත් නැහැ. එනිසා //එවැනි වූ යමෙකු ඉතා ඉහල ප්‍රතිඵල ලැබුවේ නම් ඔහුට රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක නොමිලේ අධ්‍යාපනය හැදෑරීමේ ශිෂ්‍යත්ව ලැබිය යුතු අතර අනෙක් උන් තමන් කැමති පාඨ මාලාවක් තම වියදමින් (දෙමාපියන්ගේ හෝ අනෙකෙකුගේ ආධාරයෙන් හෝ මූල්‍ය ආයතන ප්‍රථිපාදන මගින් ) හැදෑරීමේ අයිතිය ලැබිය යුතුය.// මේ වගේ විසඳුමක් තිබිය යුති=උයි. .

      Delete
  18. බොරු විරෝධතා නිසා සැබෑ ලෙසම වෛද්‍ය උපාධිය නියාමනය කිරීමට ලැබෙන අවස්තාව මග හැරීම තමා සිද්ධ වෙන්නේ . ප්‍රමිතිය පිලිබඳ නියාමනය හැරුණු කොට වෙන ප්‍රශ්නයක් සයිටම් කෙරෙහි බල නොපාන බව මගේ හැගීමයි

    ReplyDelete
    Replies
    1. තුසිත දාපු යොමුවේ තියෙනෙන් දෙමාපියන් සයිටම් පාලනයට විරුද්ධව කතා කරනවා. ඒ කියන්නේ එතැන් ප්‍රශ්නයක් තියනවා. ඒක විසඳන්න තිබ්බ. දැනුත් ප්‍රමාද නැහැ.

      Delete
  19. දේශපාලන බලපෑම් මත මේක කාලෙන් කාලෙට කල් දැම්මත් කවද හරි අනික් අධ්‍යාපන ආයතන වගේම වෛද්‍ය විද්‍යාලත් පෞද්ගලීකරණය කරන්න වෙනවා (අපි කැමති උනත් අකමැති උනත්). වැඩිදෙනෙකුට සාධාරනයක් ඉටුවෙන විදිහට මේක කොහොමද කරන්නේ කියන සංවාදෙ මතු පිටට එන්නේ නෑ, දෙගොල්ලොම මස් රාත්තලම ඉල්ලන හින්ඳා.
    ආර්ථික අපහසුකම් තියෙන ශිෂ්‍යයින්ට පෞද්ගලික ආයතන වල ඉගෙනුම ලබන්න රජයෙන් ණය පහසුකම් ලබා දෙන වැඩ පිළිවෙලක් තියෙනවනම් එය ගොඩක් දෙනෙකුට පහසුවක් වෙයි. දැනට පිනට දෙන මහපොල හා ශිෂ්‍යාධාර, හුදු දීමනා වෙනුවට පසු කලෙක ගෙවිය හැකි අඩු පොලී ණය බවට හරවන්න පුළුවන්නම් එය රජයටත් පහසුවක් වෙයි.
    ස්වීඩනයේ තිබෙනවා ඉතා ප්‍රායෝගික ශිෂ්‍ය ණය ක්‍රමයක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබුනත්, තම ජීවන වියදම් සඳහා සිසුන්ට මෙමගින් ණය ලබා ගන්න පුළුවන්. ණය ආපසු ගෙවිය යුතු වන්නේ රැකියාවක් ලැබුනු විටයි (ප්‍රමාණවත් ස්ථිර මාසික ආදායමක් ලැබෙන විටයි ). රැකියාවක් නොමැති හෝ ආදායම අඩු කාලවලට ගෙවිය යුතු ණය වාරිකය අඩු වෙනවා. ඒ වගේම විදේශ විශ්ව විද්‍යාලක මුදල් ගෙවා අධ්යාපනය ලබන්නේ නම් ඊට අනුරූපව වැඩි ණය මුදලක් ලබා ගන්නටත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අසංග පුලුවන්නම් ස්වීඩනයේ හා පින්ලන්තයේ ක්‍රමය ගැන ලිපියක් දාන්න. ස්වීඩනයේ ඉන්න විජිත ගුණරත්න මහතා මට කීව විධිහට ස්වීඩනයේ බදු ඉතාමත් වැඩියි (ඒක අපි දනන් දෙයක් නේ) නමුත් ඒ බදු වලින් මේ වගේ සේවාවන් දෙනවා නේද?
      //ස්වීඩනයේ තිබෙනවා ඉතා ප්‍රායෝගික ශිෂ්‍ය ණය ක්‍රමයක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබුනත්, තම ජීවන වියදම් සඳහා සිසුන්ට මෙමගින් ණය ලබා ගන්න පුළුවන්. ණය ආපසු ගෙවිය යුතු වන්නේ රැකියාවක් ලැබුනු විටයි (ප්‍රමාණවත් ස්ථිර මාසික ආදායමක් ලැබෙන විටයි ). රැකියාවක් නොමැති හෝ ආදායම අඩු කාලවලට ගෙවිය යුතු ණය වාරිකය අඩු වෙනවා. ඒ වගේම විදේශ විශ්ව විද්‍යාලක මුදල් ගෙවා අධ්යාපනය ලබන්නේ නම් ඊට අනුරූපව වැඩි ණය මුදලක් ලබා ගන්නටත් පුළුවන්.// මේ ක්‍රමයට මමත් කැමතියි. එංගලන්තයේ මේ මුදල වැඩියි. එයටත් හේතුවක් තියෙනවා හැබැයි.

      Delete
  20. අජිත් අයියා, ඔබගෙ පියාට සිදුවූදේට කණගාටුයි. මගේ පියා හොඳටම බීල ලිවර් එක දියවෙලා, පුද්ගලික රෝහලකට පිංසිද්ධ වෙන්න ලක්ෂ ගානක බිලක් ලැබිලා ගොඩ ගියා. මම තාත්ත ලඟ හිටපු නිසා දැක්කෙ, කොච්චර ප්‍රතිකාර කළාද කියලා. තාත්තගෙ ලිවර් විතරක් නෙවෙයි, කිඩ්නිත් ෆේල් වෙලා තිබ්බෙ. වයසත් 70 ගණනක්. ආණ්ඩුවෙ රෝහලකට ගියා නම්, බීපු එකෙක් කියලා මැරෙන්න අරිනවා. තාත්තට පැය 24ම දවස් ගාණක් සේලයින් දුන්නා. ප්ලෙට්ලට්, ප්ලසස්මාව, විටමින්, ඇන්ටිබයොටික් මේ සියල්ල වරින්වර දුන්නා. ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලට ලෙඩ්ඩු බලන්න ගිය කෙනෙක් විධියට මම දැක්කෙ, ඒවයෙ ලෙඩ්ඩුන්ට ලැබෙන්නෙ අවම හෝ ප්‍රමාණවත් නොවන ප්‍රතිකාර. මුදල් තියෙන කෙනෙක් නම් යන්නම ඕනෙ පුද්ගලික රෝහලකට තමයි. හැබැයි නොයා යුතු පුද්ගලික රෝහලුත් තියෙනවා. අනික දොස්තර එක්ක කථා කළ යුත්තෙ ඉංග්‍රීසියෙන්, නැත්නම් දොස්තර හරි විස්තරයක් කියන්නෙ නෑ, වැඩිය ගණන් ගන්නෙත් නෑ. ඉන්ගිරිසිය ලංකාවෙ අති ප්‍රබල ආයුධයක්.
    මගේ මිතුරු දොස්තරලා ගොඩක් දෙනෙක් ඉන්නවා ලංකාවෙ වගේම විදේශවල උපාධි ගත්තු. හැමෝගෙම අදහසනම් සයිටම් ප්‍රමිතියෙන් තොරයි කියන එක. ඔවුන්ගේ වගේම මගේ අදහසත්, රජය මැදිහත්වී ප්‍රමිතිය සෑදීම මිසක් එය රජයට ගැනීම හෝ වසා දැමීම නෙවෙයි. හැබැයි ලංකාවෙ ගොඩක් දෙනෙක්ට තියෙන්නෙ ජෙල, මොකද තමුන්ට සල්ලි නැති නිසා සයිටම් යන්න බැරිනම් එය වසා දැමිය යුතුයි කියන අදහස.
    ඉදිරි කාලයෙ පුද්ගලික විශ්ව විද්‍යාල තවත් වැඩිවෙලා, ඒකට සිදු වන්නෙත් පුද්ගලික රෝහල්වලට වෙච්චදේ. සල්ලි තියෙන මිනිස්සු පුද්ගලික විශ්ව විද්‍යාලවලටත්, සල්ලි නැති මිනිස්සු රජයේ විශ්ව විද්‍යාලවලටත් යයි. ඊට පස්සෙ රස්සාවක් ගන්නකොට, පුද්ගලික විශ්ව විද්‍යාලවලින් ආපු අයට වැඩි තැනක් ලැබෙන දවසට, ඔය ඔක්කොම ප්‍රයිවෙට් යුනි යන්න දේපලත් උගස් තියයි.

    ReplyDelete
    Replies
    1. මගේ පිය අසනීප වුනේ 1990 ගණන් වල. පෞද්ගලික රෝහල් දෙකකට ගෙනිච්ච. ඒ අයමයි කීවේ මහා රෝහලට හා ඒ පිලිබන්දව තියෙනේ රජයේ රෝහලට ගෙනියන්න කියල. වෛද්‍යවරයා චැනල් කරන්නේ අර පෞද්ගල්ක රෝහල හරහා. සමහරවිට මට හිතෙනවා ඔබලා කල දේ කරන්න තිබුන කියා. අදටත් හිතට වදදෙන ප්‍රශ්නයක්.
      // අනික දොස්තර එක්ක කථා කළ යුත්තෙ ඉංග්‍රීසියෙන්, නැත්නම් දොස්තර හරි විස්තරයක් කියන්නෙ නෑ, වැඩිය ගණන් ගන්නෙත් නෑ. ඉන්ගිරිසිය ලංකාවෙ අති ප්‍රබල ආයුධයක්. // කන්නන්ගර මහත්තයාගේ නිදහස් අධ්‍යාපනයට බණ්ඩාරනායක මහත්තය කෙලවපු තැන. බණ්ඩාරනායක මහත්තය හොඳ හිතින් කළදෙයක් අපි වරද ගත්ත වෙන්න පුළුවන්.

      Delete
    2. // ඊට පස්සෙ රස්සාවක් ගන්නකොට, පුද්ගලික විශ්ව විද්‍යාලවලින් ආපු අයට වැඩි තැනක් ලැබෙන දවසට, ඔය ඔක්කොම ප්‍රයිවෙට් යුනි යන්න දේපලත් උගස් තියයි.// මේක තමා වෙන්නේ අන්තිමට. හරියට හරි.

      Delete
  21. ඔබේ පියාට සිදුවූ අකරතැබ්බය ගැන කණගාටුව! සයිටම් ප්‍රශ්නේ ගැන ලියවුනු මනුශිකම පොස්ට් එකක්.. මගේ උවමනාවත් නිසි ප්‍රමිතියකින් මේක ඉදිරියට ගෙන යනවා දැකීම.. නමුත් කාගෙවත් දැනට එහෙම උවමනාවක් දකින්න නෑ. හැමෝම මස් රාත්තලම ඉල්ලනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒ සිදුවීම වුනේ 90ව දශකයේ. ඊයේ ප්රේද වුනු ප්‍රශ්නෙදි දොස්තරවරු ඉතාමත් හොඳට රෝගියාට සැලකූ බවත් කිව යුතුයි.

      Delete
  22. පසුගිය වසරේ SAITAM ලාභය මිලියන 300. සිසුන්ට මුදලාලිගේ පීඩනය අධිකලු. මේවා කළු කඩ බිස්නස් නේද? සාදාරණයක් බලපොරොත්තු වෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔය් ඉහටැහැ තුසිත එව්වා ලින්ක් එක මම දාල තියෙන්නේ. ඉවාන්ට උත්තරේට.
      අපේ දරුවන් නෙවිල් ප්‍රනාන්දුගේ අත්අඩංගුවේ – (සම්පුර්ණ ලිපිය) ඒකෙ එහෙම කතාවක් කියනවා. පෞද්ගලික ව්‍යවසායකයෙක් මේක කරන්නේ පාඩු විඳින්න නොවේ ලාභයක් ගන්න. අධ්‍යපනය විකුනනවා කියන අදහස දීප්ති හෙම කියන්නෙත් වාමාංශික පක්ෂ කෑ ගහන්නෙත් ඒකනේ . කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය ලෝකේ ධනවත්ම විශ්ව විද්‍යාලයක්. මුදල් පාලනය කරන්නේ චැරිටබල් ෆවුන්ඩේෂන් එකකින්. ඉතින් ලැබෙන මුදල් ඉගනීමට, පර්යේෂණ වලට, නඩත්තුවට යොදනවා. ට්‍රස්ටි එකකට භාර දීල ගුරුවරුනට සහ සිසුන්ට විශ්ව විද්‍යාලය පාලනය කරන්න දෙන්න.

      Delete
    2. ඉංදියාවෙත් පුද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක් අරඹන්නෙ ලාභ නොලබන ආයතන විදිහට.ඔය ගැන කම්මැලි නැතිවම කියවන්න පුළුවන් නවකතාවක් චේතන් භගත් ගේ රෙවලූශන් 2020. ඒක අධ්‍යයන වාර්ථාවක් නොවුනට අදහසක් ගන්න පුළුවන්.
      වංචාවයි රැවටීමයි අන්තිමට භීශනයත් එකතුකරගෙන නෙවිල් ෆර්නෑණ්ඩුලා අල්ලගන්න හදන්නෙ ලංකාවට වැඩක් ගන්න පුළුවන් රත්තරන් ඉඩකඩක්.

      Delete
    3. ඕකේ තියන ප්‍රශ්නය තමා එහම පදනම් හදනන් තරම් දානපතියෝ ලංකාවේ නැති එක. කේම්බ්‍රිජ් යුනි එකට බිල් ආණ්ඩ මෙලින්ද ගේට්ස් ෆවුන්ඩේෂන් එකෙන්ම මිලියන් 300 ද කොහෙද දීල තිබ්බ. එහෙම නැති නිසා තමා පෞද්ගලික ආයෝජකයෝ අවශ්‍ය. නමුත් මෙතන ප්‍රශ්නේ ඕනේ මහින්ද මහතා මිලියන් 6000 නයට දුන්න එක. ඉතින් ඒ මිලියන් 600 ට අමතරව පදනමක් හදල ඒකට දීල ස්වධ්න විශ්ව විද්‍යාලයක් හදනන් තිබ්බ. ආණ්ඩුවට සල්ලි නැහැ. ඒක අපට පිලි ගන්න වෙනවා. සමාජවාදී රටවල අධ්‍යාපනය නොමිලේ දුන්නේ වෙන තැන් වලින් සල්ලි ඇදල . ඒකනේ සත්‍යය.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .