1. 2015 හොඳම බ්ලොග් අඩවිය සිංහල - පළමුවන ස්ථානය රුපියල් 15,000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය
දෙවන ස්ථානය සිංහල - රුපියල් 10,000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය
තුන්වන ස්ථානය සිංහල - රුපියල් 5,000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය
2.2015 හොඳම බ්ලොග් අඩවිය දෙමළ - පළමුවන ස්ථානය රුපියල් 15000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය
දෙවන ස්ථානය දෙමළ - රුපියල් 10000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය
තුන්වන ස්ථානය දෙමළ - රුපියල් 5000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය
දෙමළ භාෂාවෙන් පලවෙන බ්ලොග් අඩවි සඳහා නාම යෝජනා තාමරෛකුලම් වෙබ් අඩවියේ පලවෙනු ඇත.
සිංහල බ්ලොග් අඩවි සඳහා පහත සඳහන් බ්ලොග් අඩවි විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. නාම යෝජනා කරන ලද බ්ලොග් අඩවි 12න් මුල් වටයේ බ්ලොග් අඩවි 5ක් තෝරාගෙන ඉන් 3ක් පළමු, දෙවන හා තුන්වන ස්ථාන සඳහා තෝරා ගනු ඇත.
(පහත නම් සඳහන් අනු පිළිවෙල විනිශ්චය කරන අනු පිළිවෙල නොවන බව කරුණාවෙන් සලකන්න). විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් එකිනෙකා ලබා දෙන ලකුණු සියල්ල එකතු කර වඩා ලකුණු ලබා ගත් බ්ලොග් අඩවියට ප්‍රථම ස්ථානය හිමි වනු ඇත. මෙහි සඳහන් බ්ලොග් අඩවි හිමි කරුවන්ට සම්මානය සඳහා සලකා බැලීමට අවශ්‍ය නොවේ නම් කරුණාකර අපට දන්වා එවන්න. ඔබේ අඩවියේ නම නාම යෝජනා වලින් ඉවත් කරන්නෙමු.
1. w3ලංකා - http://www.w3lanka.com/2016/01/blog-post_56.html, http://www.w3lanka.com/2016/01/blog-post_8.html
2. එකොනැමැට්ටා - http://economatta.blogspot.co.uk/2015_09_01_archive.html, http://economatta.blogspot.co.uk/2015/08/blog-post_29.html
3. නිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.co.uk/2015/12/379.html, http://ranrandil.blogspot.co.uk/2015/11/366.html
4. කුරුටු ගෑ ගී පවුර - http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_4.html, http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_25.html
5. රසිකලොජි - http://rasikalogy.blogspot.co.uk/2015/12/daya-pathirana-end.html, http://rasikalogy.blogspot.co.uk/2015_04_01_archive.html
6. ට්‍රාන්සිල්වේනියා - http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post.html, http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post_21.html
7. බස්සිගේ නවාතැන - http://bassigenawathana.blogspot.co.uk/2015/07/blog-post_24.html, http://bassigenawathana.blogspot.co.uk/2015/09/blog-post_94.html
8. යාං හෑල්ල http://yanhella.blogspot.co.uk/2015/05/travel-with-grandma.html, http://yanhella.blogspot.co.uk/2015/11/village-water.html
9. ඉවාන් පව්ලුෂා - http://iwanpaulooshaa.blogspot.co.uk/2015/11/blog-post_24.html, http://iwanpaulooshaa.blogspot.co.uk/2015/08/blog-post.html
10. විචාරක - http://wicharaka.blogspot.co.uk/2015/10/blog-post_28.html, http://wicharaka.blogspot.co.uk/2015/11/blog-post.html,
11. අසම්මතයා - https://asammathayaaa.wordpress.com/2015/11/, https://asammathayaaa.wordpress.com/2015/09/15/sangakkara/
12. පින්ච්පොයින්ට් - http://pinchpoints.blogspot.co.uk/2015/12/blog-post_12.html, http://pinchpoints.blogspot.co.uk/2015/11/blog-post.html
මීට අමතරව සිංහල බ්ලොග් සඳහා පමණක් පහත සඳහන් රුපියල් 5000 තෑගි වවුචර හා සහතික පිරිනමනු ලැබේ.
මේ සඳහා යෝජනා වුන බ්ලොග් අඩවි ඉදිරියේදී ඉදිරිපත් කරන්නෙමු.
දේශපාලන - පළමු(රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කවි /නිසඳැස් පළමු (රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කාලීන සංවාද - පළමු(රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කෙටි කතා - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
විද්‍යා හා තාක්ෂණ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
විද්‍යා ප්‍රබන්ධ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
නවකතා - (බ්ලොග් ) රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
හයිකු - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
ප්‍රහසන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
අතීත කාමය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
සංගීතය රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
සංචාරය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
ඉතිහාසය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
ගෘහස්ත කරන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
පරිවර්තන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
18ප්ලස් - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
වීඩියෝ බ්ලොග - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
ජනවාරි 2016 නෙළුම් යාය සම්මානය
මෙවර 2016 වසරේ නෙළුම් යාය දුරුතු මස මාසික සම්මානය හිමි වන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති වසර ගණනක් බ්ලොග්කරණයේ දී සිටින ජනප්‍රිය බ්ලොග් කරුවෙකුට. හන්තානය ගැන මෙන්ම ජෙට් එන්ජිම ගැනද ඔහු ලියූ බ්ලොග් ලිපි නෙළුම් යාය සහෘද සමුහයේ මෙන්ම අපගේ වෙබ් අඩවි කියවන බොහෝ දෙනා අගය කල නිර්මාණ. මේ බ්ලොග් කරු තමන්ගේ නිර්මාණ "තිලක සිත " නමි පොතක් වශයෙන් ද පල කර තිබෙනවා. ඔහු මහගම සේකරයන් ගේ 2016 ජනවාරි 14 වසර හතළිහක් පිරෙන ගුණ සමරු දිනය සමරා ලියු මෙම නිර්මාණය නෙළුම් යායේ පලකල පසු බොහෝ දෙනාගේ සිත් ගත් බව කිව යුතුයි.
මේ එයින් කොටසක්.
'ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න' .
'සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'.
'එහෙනම් ? '
'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.
මේ කතාව මොන තරම් බරපතලේට මට දැනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ කියා මම හඬ නගා අම්මා ඇමතීමි ."
ජනවාරි මස බ්ලොග් සම්මානය හිමි වන්නේ තිලකසිතට.
තිලක සිතට සුභ පැතුම්
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන්
Deleteතිලක සිතටත්, සම්මාන තරගය සඳහා යෝජිත බ්ලොග්අඩවිවලටත් මගේ සුභ පැතුම් එක් කරමි.
ReplyDeleteජයවේවා!
ස්තූතියි.
Deleteහොඳයි. තිලක සිත ලියු ඒ post එක හරිම imaginative and creative.
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteතිලක සිත ලියන තිලකෙ අය්යටත් මගේ සුබ පැතුම්. තවතවත් ලියන්න හැකි වේවා.
ReplyDeleteඔය බ්ලොග් කරුවන් විදිහට තෝරගෙන තියෙන බ්ලොග් 12 ම මමත් බොහොම ආසාවෙන් කියවන බ්ලොග්. මේ කාට ලැබුනත් සතුටුයි. එදාට සතුට සමරමු.
බොහොම ස්තූතියි කසුන්. එදාට එන්න.
Deleteතිලක සිතට සුබ පතන අතරම බ්ලොග් සම්මාන උළෙල සාර්ථක වේවා කියා ද ප්‍රාර්ථනය කරනවා. සම්මාන උළලේදී හොඳ සංවාදයක් ඇතිවනු දකින්නට කැමතියි.
ReplyDeleteස්තූතියි විචාරක. හොඳ සංවාදයක් කරමු.
Deleteකාලෙකට පස්සේ බ්ලොග් බලන්න ආවා.. තිලක සිතට සුබ පැතුම්.. බ්ලොග් සම්මාන උළෙලටත් ජය!
ReplyDeleteස්තූතියි පැතුම්. මොකද වුනේ බිත්තියට. තීන්ත ගානවද අලුතෙන්.
Deleteතිලක සිතගේ පෝස්ට් නම් හැම එකටම සම්මාන දෙන්න වෙනවා ලොක්කෝ....
ReplyDeleteඅනේ මචන් පුලුවන්නම් දීපන්.
Deleteවිමසුම් අැසින් බලා සිටිමි.. ෙම් කාර්යය ෙකාතරම් අමාරු දැයි මා දන්නවා.. මගුල සිංහල අවුල් ෙවලා ෙනව.. පසුව ඒමි. කට්ට කපටි තිලකයාට සුභ පැතුම්.. හැක්.. ජය
ReplyDeleteස්තූතියි දේශකයා.
Deleteතිලකට සුබපැතුම්!
ReplyDeleteපූල් එකේ කට්ටිය නම් අවිවාදයෙන් සුදුසුයි. තව එක බ්ලොග් එකක් මම බලාපොරොත්තු උනා.
අමතක වීම් මග හැරීම් සිදුවෙන්න පුළුවන්.
DeleteWhat is that blog Upayo.. if you can tell it here we'd have tell what went wrong with it. Sorry for no sinhala.
Deleteඋපයාගේ මඟුලේ යෑම 1 & 2 :)
DeleteKalyana:
DeleteI've already informed Ajith about it as I felt that not nice to say in public. He might consider it. But no hard feelings about it. What you guys are doing is appreciated.
අර ගිය පාර වගේම මිස් වෙච්ච තියනවා. ඒවා අර human error ගොඩට වැටෙන්නේ. නිර්දේශ කරන්න හිතාගෙනම හිටි දෙකක් තමා දුමියාගේ කට කහන කතා සහ දුකා. නමුත් මට හොයා ගන්න බැරි වුණා ලිපි දෙක. වෙලා මද කමත් එනවා.
Deleteඅජිත් අයියා..................
ReplyDeleteමුලින් ම තිලක සිතට සුභ පැතුම්.... ඔය කියන නිර්මාණය තාම හිතේ අැදිලා තියෙන නිර්මාණයක්..... ඒ නිසා තේරීම ගැන අපේ සතුට......
දෙවැනි දේ තමා හොදම බ්ලොග්කරු හැටියට තේරුණ සියලු දෙනාටම අපේ සුභ පැතුම් (අපි ද අැතුලුව) අජිත් අයියා මේ හොදම බ්ලොග්කරු නොමිනේෂන් අපි සින්ඩියේත් දානවා........... ජයවේවා..
ස්තූතියි කුරුටු මල්ලිලා නංගිලා.
Deleteසම්මාන සඳහා යෝජනාවී ඇති සිංහල බ්ලොග් අඩවි සහ පොස්ට් වලින් සමහරක් සම්මාන ලැබීමට නිර්දේශ වීම විහිලුවට කරුණක් වන්නේ ඒවාට වඩා සම්මාන ලැබීමට සුදුසු බ්ලොග් කරුවන් සිංහල බ්ලොග් ලිවීමේ නිරතව සිටිනා බැවිනි. විනිසුරු මඩුල්ල වර්තමානයේ ලියවෙන බ්ලොග් සියල්ල විමසා බලා නොමැතිද එසේත් නැතහොත් හිතවතුනට සම්මාන කොටය ලබාදීමට දරනා ප්‍රයත්නයක්ද ??? විමසා බලන්න...
ReplyDeleteඔබ අපි ගැන දන්නවාද දන්නේ නැහැ. ගියවර අපි මාතලන්ට, බස්සිට හෙම බ්ලොග් සම්මාන දෙද්දී ඔවුන් රතුද නිල්ද කළුද සුදුද කියාවත් දන්නේ නැත. ඉන්පසු බොහෝ අය දන්නා මුත් හමුවී ඇත්තේ කීප දෙනෙකි. ඒ නිසා මේ චෝදනාව ප්‍රතික්ෂේප කරමි. මේවාට වඩා සුදුසු බ්ලොග්කරුවන්ට තම නිර්මාණ එවීමට අපි අවස්ථාව දුන්නෙමු. මේ නෙළුම් යාය සම්මාන දීම ගැන මිට පෙරේ ලිපි පලවී තිබේ. අප සම්මාන දෙන්නේ අපි කියවූ අපි දන්නා බ්ලොග් වලට් පමණි. අපි බොහෝ සින්ඩි වලට යන අතර කියවන්නේ වෙලා තිබෙන පරිදි පමණිය. අපි සම්මාන දෙන්නේ ද අපේ නිර්ණායකයන්ට මිස වෙන කාගෙවත් නිර්ණායකයන්ට නොවේ.
Deleteමම බොහෝ බ්ලොග් ප්‍රමාණයක් කියවා ඇති අතර මේ තෝරාගැණීම ඉතා ඉහල මට්ටමේ තෝරාගැණීමක් බව මගේ අදහසයි. මේ පෝස්ට් එකකට එකක් අනර්ඝ ඒවායි. මේවායින් එකක් තෝරාගැණීම නම් විනිශ්චය මණ්ඩලයට අන්තිම අපහසු කාර්‍යයක් වීමට ඉඩ ඇත. යමක් නොකර කරන අයගේ වැරදි සෙවීම බලාපොරොත්තු විය යුතු දෙයකි.
Deleteතිලක සිත ලියන තිලක් අයියාටද
ReplyDeleteනෙළ්ම් යාය බ්ලොග් සම්මාන උළෙල සදහා නිර්දේශ වූ සියල්ලන්ටමද මගේ හද පිරි සුභ පැතුම්
අජිත් අය්යේ හැම වැඩ කටයුත්තක්ම කිරි ගහට ඇන්න වගේ සාර්ථක වෙන්ට ඕන
ජයෙන් ජයම වේවා
ස්තූතියි මහේෂ්.
Deleteබොහොම ස්තුතියි මගේ ලිපිය අගය කළ සියලු දෙනාටත් ඒ ඇගයීම සම්මානයක් ලෙස නිර්දේශ කළ නෙලුම් යායටත්. සම්මාන ගැන කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බත් මේ වගේ ඇගයීමක් ලැබුනම ලොකු සතුටක් දැනෙනවා. ඒත් මේ සමග පිරිනැමෙන යම් තිළිණයක් ඇත්නම් එය පෙබරවාරි මාසයේ හොඳම බ්ලොග්කරුට ලබා දෙන ලෙස ඉල්ලනවා .
ReplyDelete(පොඩි නිවැරදි කිරීමක් තියෙනවා අර ලිපිය පළවූ 2016 ජනවාරි 14 සේකරගේ උපන් දිනය නෙවෙයි. ඒ ඔහු මියගොස් වසර හතළිහක් පිරෙන ගුණ සමරු දිනයයි.)
තිලක සිත ස්තුතියි නිවැරදි කිරීම කරන්නම්. ඒ තිළිණය හොඳම වීඩියෝ බ්ලොගයට දෙන්නම්. හොඳම බ්ලොග් කරුට දැනට නියමිත් ගණන දෙන නිසා. ඒකට කමක් නැත්ද?
Deleteවීඩියෝ බ්ලොගයට දෙනවාට මම උඩින්ම සතුටුයි අජිත් .
Delete2015 වසරේ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වෙච්ච හමොටෝමත් මගේ උණුසුම් සුබ පැතුම්!
තිලකේ අයියා..................
Deleteඅපේ අාචාරය.
සම්මාන උළෙල සාර්ථක වේවා! ඉඩක් ලැබුනොත් ඇවිත් යන්න එන්නම්.
ReplyDeleteස්තූතියි උදය . ඇවිත් යන්න එන්න.
Deleteතිලක සිතට සුභ පැතුම්.
ReplyDeleteසම්මාන උළෙල සාර්ථක වේවා!
ස්තුතියි මහේෂ්.
Deleteඈක්ක.. මුදල වටින්නේ නැතුව තමයි. ඒත්.. දේශපාලන, කවි/නිසඳැස්, කාලින සංවාද හා කෙටිකථා කියන්නේ බ්ලොග් රචනා අතර අමාරුම හා වැඩියෙන්ම අගය කල යුතු නිර්මාණ.. ඒවාට පලවෙනි තෑග්ගට 2500ක් දෙනවා කියන්නේ මොන කුණු හබ්බයක්ද? හයිකුවකට රුපියල් 5000ක් දෙද්දී? මෙහෙම කරන්න බලන්න.. පලවෙනි තෑග්ගට 5000යි දෙකට 3000යි තුනට 2000යි වත් දුන්නනම්.. එතකොට තෑගි තුනටම යන්නේ 10000යි. දැන් ඔය 2500 දෙකයි 1000යි එකතු උනාම 6000ක් වෙනවනේ .. අඩු වෙන්නේ 4000යි. කැටගරි හතරටම 16000යි. ඔන්න ඕක මන් කොහෙන් හරි හොයල දෙන්නම්.. අන්න ඒ විදියට කරන්න ..
ReplyDeleteතිලකසිතට ජනවාරි බ්ලොග් සම්මානය ලැබීම අත් දෙකම ඔසවල අගේ කරනවා. විශේෂයෙන්ම ඒ පොස්ට් එකේ ශෛලිය හා නිර්මාණාත්මක බව අගය විය යුතුමයි. සුභ පැතුම්.. :)
මල්ලි වරදවා වටහාගෙන . උඩ ලියල තියනවා රුපියල් 5000 දෙනවා කියල පළමුවන තෑග්ගට. දෙවන හා තුන්වන ඒවාට තමා 2500. වරහන් ඇතුලේ දැම්මේ ඒකනේ . වරහන දාන්නේ ඒ ළඟ තියන වචනයට අදාලව කියල දන්නේ නැත්ද? . ඔන්න ඔයා හොයල දෙන්නකෝ ඉතිරි ටික. (5000 කොහොමත් පළමුවෙනි එකට දෙනවා ) එතකොට 3000, 2000 දෙන්නම්."පනින්නට (කොමෙන්ට් කරන්නට) පෙර සිතා බලනු."
Deleteහා.. :)
Deleteකැටගරි හතරටම එහෙනම් වැඩිවෙන්නේ එහෙමනම් රුපියල් හයදහයි (500/- *4 + 1000*4 = 6000/-) නේ එක මන් හොයලා දෙන්නම්. ඔයා කතාව පැහැදිලිවම ලියලා තිබුන නම් අපරාදේ වෙනස් කරේ.. :)
තිලකසිරි මහත්තයාට මේ සම්මානෙ ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ඉතිහාසයේ පටං රටේ මිනිස්සුංගෙ දැනුම වර්ධනය කරන්න ඔහු කරලා තියෙන සේවය අපමණයි. ඒක වෙනමම පෝස්ටෙහෙකිං ලියන්නං.
ReplyDeleteඅපොයි ලියන්න සුරංග. අපෙන් සුභ පැතුම්.
Deleteනෙලුම් පොහොට්ටුව කල එලි දකින යාමේ නෙලුම් යාය.....
ReplyDelete:D
මට මේ කොමෙන්ට් එක ගැන හිතා ගණන් බැහැ. සරසා නේ කියන්නේ.
Delete///නෙලුම් පොහොට්ටුව කල එලි දකින යාමේ නෙලුම් යාය..... ///
Deleteතව කී දෙනෙක් හිරේ යයිද ඊට කළින්...
//මට මේ කොමෙන්ට් එක ගැන හිතා ගණන් බැහැ. සරසා නේ කියන්නේ.//
Deleteඔයි යකා කිවුවොත් කියන්නේ මෝඩ කතාවක් නේ අජිත්...
//තව කී දෙනෙක් හිරේ යයිද ඊට කළින්...//
මොකා හිරේ දැම්මත් සිජ්ජ වෙන වැඩේ නවත්වන්න කාටවත් බැහැ ලොකු පුතේ...
// මට මේ කොමෙන්ට් එක ගැන හිතා ගණන් බැහැ. සරසා නේ කියන්නේ.//
Deleteඅහක යන කුනු ඔක්කොම බේරුවල් බොක්කට කියන්නැනැහෙ, ඔහෙට ගණන් බැරි එකට ස ර ස තුමා මක් කරන්නද.... ගණන් උගන්නපු ගුරුවරුන් තමයි ඕකට වග කියන්න ඕනේ....
http://www.mrsena.com/#!මහින්ද-බලවේගය-පොහොට්‌ටුවට-පණ-දෙන්න-දිනේෂ්-ගුණවර්ධන-පෙරමුණ-ගනී/cjds/56adcc960cf24ff5b2c9aed2
Deleteතිලක සිතට සුභ පැතුම් !!! සම්මාන උලෙලට ජය... :-)
Deleteමගේ ප්‍රියතම බයියා සා රස
Deleteතිලකේ අයියාටත් නාම යෝජනා ලබා ඇති අනෙකුත් සහෘදයින්ටත් සුබ පැතුම්...!!!
ReplyDeleteස්තූතියි මනෝජ්.
Deleteතිලක සිතට සුභ පැතුම්!!! නෙලුම්යායටත් සුබපැතුම්!!!
ReplyDeleteතැන්කිව් ඉකෝන්
Deleteතිලක සිතට සුබ පැතුම්...
ReplyDeleteඒ වගේම නාම යෝජනා ලබා ඇති සියල්ලන්ටමද සුබ පැතුම්...
ගොඩක් ස්තුතියි ලොකුපුතේ
Deleteදුරුතු මස හොඳම බ්ලොග්කරු වූ තිලකෙට මුලින්ම සුබ පතමි.නම් නිර්දේෂවූ සියලු දෙනාටත් සුබ පැතුම්.නෙළුම්යාය කරන මේ සත්ක්‍රියාව සම්පූර්ණයෙන්ම සාර්ථක වේවායි සුබ පතමි!!!
ReplyDeleteඅපිත් ගහල හරි සම්මානයක් ගමු බං.. හැක්
Deleteකාටද ගහන්න යන්නේ මට නෙමේනේ. අර කමියා ඉන්නේ උසට මහතට .
Deleteතිලකසිත සම්මානයට සුදුසුයි... ඉත සිතින්ම සුභපතමි...
ReplyDeleteගොඩක් ස්තුතියි Drakee
Deleteතිලක් මගේ සුබ පැතුම්..
ReplyDeleteඒ වගේම නෙළුම්යායටත් ස්තූතියි,ඔබගේ උත්සාහය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!!
ස්තූතියි රවී.
Deleteතිලක සිතට සුභ පැතුම් !!! සම්මාන උලෙල සාර්තක වෙන්න, කියලා මාත් ප්‍රාර්තනා කරනවා. ජය....:-)
ReplyDeleteස්තූතියි හේමමාලි
Deleteබොහොම ස්තුතියි ඔබ සියලු දෙනාගේ සුබ පැතුම් වලට . ඒ ඒ කොමෙන්ට් ළඟටම ගිහිං රිප්ලයි කරන්න බැරි තාක්ෂණ දෝෂයක් අලුතින් ඇවිල්ලා . සුරංග තැන්කිව්. හැබැයි ඔය පරණ කතා ගැනනම් ලියන්න එපා ඕන් මම ඔය කියන තරම් දෙයක් කරලා නෑ .
ReplyDeleteනිතර කොමන්ට් නොකලත් මම බලන බ්ලොග් එකක් තිලක සිත .
ReplyDeleteතිලකට සුභපැතුම්
බොහොම ස්තුතියි ඔබට
Deleteගිය වතාවේ වගේ වැඩේ සාර්ථක වෙන්න මගෙනුත් සුබ පැතුම්
ReplyDeleteතිලකේ අයියටත් සුබ පැතුම්.
ස්තූතියි දිනේෂ්.
Deleteතිලක සිතටත් නෙළුම්යායටත් මුළු හිතෙන්ම පිරිනැමෙන සුබ පැතුම්
ReplyDeleteස්තූතියි.
Deleteතිලකසිත තිලකයියාට සුභ පැතුම්.. සම්මාන නිර්දේශිත සහෝදර බ්ලොග් කරුවන්ටත් හදවතින්ම සුභපැතුම්.. වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...
ReplyDeleteස්තුතියි සජ්ජා
Deleteසම්මානවලට නිර්දේශ වූ සියළුම දෙනාටත්, තිලකසිතටත් උණුසුම් සුභපැතුම්!
ReplyDeleteසම්මාන උළෙල අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා, මොකද අපිත් එනවනෙ. :D
ස්තුතියි අශාන්
Deleteතිලක සිතට උණුසුම් සුභපැතුම්! (මම නම් සුභපතන්න එන්න සෑහෙන්න පමා උනා) සම්මාන දෙන්න වටින, වැදගත් දේ බොහොම නිවුනු ස්වරයෙන් ලියවෙන මම කැමතිම බ්ලොගක් තිලකසිත.
ReplyDeleteපොත් ප්‍රදර්ශණයෙදි තිලක අයියව අඳුනාගන්න ලැබීමම තවත් සතුටක්!
ගොඩක් ස්තුතියි බස්සී . ඔව් ගියවර පොත් ප්‍රදර්ශනයේදී බස්සී සහ බස්සා මුණගැසීම මටත් ලොකු සතුටක් වුනා
Deleteලඟදි තිලක සිත ආයෙත් මුල ඉඳල අගටම කියෙව්වා. පිදිය යුත්තන් පිදීම ඉතාම හොඳයි. උණුසුම් සුබ පැතුම්
ReplyDeleteතිලක සිත ට තිලක් අයියාට සුබ පැතුම්..
ReplyDeleteමට පෙනෙන මම දකින මගේ සිත එක්ක මම මේ බ්ලොග් එකකට ප්ලග් වුනා විතරයි. තිලක සිත කියවලා නැහැ. මට හිතෙන්නෙ හිතට බැහැලා තිතට හිත දකින්නෙ ඇහේ සුද නැති අය. තිලක සිතට මගේ සුභ පැතුම්
ReplyDelete