Friday 1 January 2016

සුභ නව වසරක් සමග මහා තනපට යුද්ධයත් නිම කරමු

නත්තල් නිවාඩුවට ජර්මනියට ගොස් පැමිණියේ ඊයේය. නිවාඩු යනවිට මගේ අන්තර්ජාල භාවිතය අවම කිරීමට බිරිඳ දරන ප්‍රයත්නයන් පරාජය කරමින් ඊමේල් ටිකක් යවා ගත්තද බ්ලොග් කියවීම් අතපසු විය. අප ජර්මනියට යන්නේ වසරක් පාසා බිරිඳගේ දෙමව්පියන් හා නෑදෑයන් බැලීමට අප යොදා ගන්නා කාලය නත්තල නිසා මිස ආගමික සංවත්සරයක් සැමරීමට නොවේ. ඉතින් ඊයේ ලන්ඩනයට පැමිණි විට තවමත් තනපට යුද්ධය නිමා නොවී ඇදෙන බව දුටිමි. මෙහිදී මට මතක් වුනේ ජර්මනියේ විවාහ උත්සව වලදී කෙරෙන ක්‍රීඩාවක් ගැනය.


ශ්‍රී ලංකාවේදී සිදී කෙරුණු අපේ විවාහයේදී අපි සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළෙමු. ජර්මනියේදී අප අනුගමනය කලේ එහි චාරිත්‍රය. එහි විවාහ උත්සව වල නෑදෑයන් හා යහළුවන් නොයෙකුත් "ක්‍රීඩා" සංවිධානය කරනු ලබයි. පටන් ගැන්මේදී ඒවා කවි කියවීම, පරණ මතකයන් එකිනෙක ඇවිස්සීම, මනාල යුවලගේ ප්‍රේම කතා හා ඔවුන්ට විහිළු තහළු කිරීම ආදියෙන් සමන්විත වෙයි. වඩාත් රාත්‍රිය එළඹෙද්දී හා මධුපානයන් නිදහසේ ගලා යද්දී ක්‍රීඩා ද වඩා "වැඩිහිටි" වෙයි. ජර්මනියේ ළමුන්ව රාත්‍රී 9.00 පමණ වන විට නිදා ගැනීමට යවති. අවුරුදු 14ට වැඩි ළමුන්ට 10.30 පමණ වනතුරු සිටිය හැකිය. මා සහභාගී වූ විවාහ උත්සව කිහිපයකම මෙය මෙසේ සිදු විය.

ඉන්පසු කරන "වැඩිහිටි " පන්නයේ ක්‍රීඩාවක් මට මතක් වුයේ තනපට කාල ගෝට්ටිය නිසාය. සංගීත පුටු තරඟය මතකද? මෙහි වැඩිහිටි වර්ෂන් එක මෙසේය. පිරිමි ගැහැණු සියල්ලෝම සංගීතයට වටේ යති හිටි හැටියේ සංගීතය නැවතුනු පසු අප අර කුඩා කාලයේ ක්‍රීඩා කල "කන් කන් බූරු සින් සින් නෝරු " ආකාරයේ අණක් ලැබෙයි. දුවල දුවල ගිහින් අණ කරන දේ කර වහා පැමිණ හිස් පුටුවකින් වාඩි විය යුතුය. මේවා බොහෝ විට සිනහ උපදවන හා "වැඩිහිටියන්ට පමණයි" ස්වරුපයේ අණවල්ය. එකක් වන්නේ "දුවල දුවල ගිහින් තනපටක් (බ්‍රා එකක්) අරන් ඇවිත් වාඩි වෙන්න" යන්නයි. තරඟයේ කාන්තාවන් සිටී නම් ඔවුන් බොහෝ විට අත යවා තමන්ම තනපට මුදාගෙන වාඩි වෙති. ප්‍රශ්නය වන්නේ උෂ්ණ කාලයක නම් (ශිත සෘතුවේ නොවේ නම්) බොහෝ ගැහැනුන් තනපට පැළඳ නොසිටීමයි. එවිට බොහෝ අය තරඟයෙන් පරාජය වෙති. විවාහක පිරිමින් තම බිරින්දන් ගෙන් තනපටය රැගෙන දිව එන අතර තනිකඩ අයට අවට සිටින කාන්තාවන්ගෙන් තනපටය සිඟා යාමට සිදු වේ. සමහර විට මේ තනපටය මුදා ගැනීම අසීරු වෙන අතර උඩුකය වැස්ම උස්සා තනපටය අදින කාන්තාවන්ද සිටිති. එවිට නොමිලයේ ලැබෙන කලාත්මක දර්ශන වලින් සිත සතප්පවා ගත හැකිය.

පිරිමින්ටද ගැලවී යා නොහැක. ඊළඟ අවස්තාවේදී දුවල දුවල ගිහින් යට ඇඳුම හෙවත් ජොකා ගළවා ගෙන ආ යුතුය. හිල් තිබෙන අපිරිසිදු ජොකෙක් ඇඳන් ආවා නම් කාඩ් ඉවරය. මෙය කල යුත්තේද සම්පුර්ණයෙන්ම කලිසම ගැලවීමෙන් නොවේ. කලිසම එක කකුලක තිබෙද්දී හා රහස් පෙදෙස වසා ගෙන ජොකා ගැලවිය යුතුය. මා දුටු එක දසුනක කාන්තාව කලේ තමන් ඇඳ සිටි කබාය ගලවා සැමියාට පොරවා ඔහුගේ කලිසම බලෙන් මෙන් ගලවා ජොකා අරගෙන දිවිමයි. මෙහිදී තමන් සැමියා ගේ යටි කය කබායෙන් වැසූ බව අමතකව ඇය කබායද ඇඟ ලා ගත්තාය. නිරුවත්ව කෑ ගසන සැමියා දැක සියල්ලෝම පෙරලි පෙරලි සිනා සුනහ. මෙවැනි ක්‍රීඩා බොහෝ විට කරන්නේ මිනිසුන් අපහසුතාවයට පත් කර සිනහ වීමටය.

ශීත සෘතුව අවසන් වීගෙන යන විටම අපේ කාර්යාලවල තරුණියෝද තනපට හැඳීම අත හරිති. කවුරුත් එය විවේචනය කරන්නට යන්නේ නැත. මේ සියල්ලේ මේ රටවල සංස්කෘතික විඥානය අනුව සලකා බැලිය යුතු හැසිරීම් වේ. මේ රටවල තනපටයක් ගැලවීමේ හෝ නොහැඳ සිටීමේ ලොකු ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය වන්නේ එම සංස්කෘතික තත්වයන් නොමැති රටවල එය එසේම කල යුතුද යන්නය. මගේ අදහස වන්නේ එසේ නොකළ යුතුය යන්නයි.

අප ශ්‍රී ලංකාවට යනවිට අපේ පවුලේ ගැහැණු කිසිවෙකු කොටට අඳින්නේ ඇත. රටේ සංස්කෘතිය අනුව එසේ හැසිරිය යුතු බවට මම ඔවුන් ට කියා ඇත්තෙමි. වරක මගේ දියණිය කොටට හැඳ සිටින ශ්‍රී ලංකික තරුණ කාන්තාවන් කිහිප දෙනෙකු කොළඹ දී මට පෙන්වූවාය. මා ඇයට කිවේ ඔවුන් එසේ ගියද පිට රටින් පැමිණෙන අප දෙස මිනිසුන් වඩා තදින් විමසා බලන බවත් සමහර නෑදෑ ගෙවල එසේ හැඳ ගියොත් විවේචනයට ලක් විය හැකි බවත්ය.

තමන් සිටින රටේ සංස්කෘතිය අනුව හැකිතාක් දුරට හැසිරිය යුතු බව මගේ අදහසයි. ශ්‍රී ලංකාවේ තනපට හා උඩුකය වැසීම ඉංග්‍රීසින් පටන් ගත් විට එයට විරුද්ද වූවෝ කුලිනයෝය. කුලහිනයන්ට උඩුකය වැසීම තහනම් වූ හෙයිනි. ඒ නිසා එදා එය ප්‍රගතිශීලී පියවරක් විය. දැන් තනපට ගැලවීම ප්‍රගතිශීලි ද ?

පිටරටවල වුනාය කියා ශ්‍රී ලංකාවේද එසේ හැසිරීම කල යුත්තක් නොවේ. ඒ නිසා සිරිසේන මහතා තමන් ජිවත් වූ පොළොන්නරුවෙන් උකහා ගත් සංස්කෘතික හැදියාවන්ට අනුව කළ චෝදනාව මෙතරම් තදින් විවේචනය කිරීමේ තේරුමක් නැත යන්න මගේ විශ්වාසයයි. විවේචනය කල යුත්තේ ඔහුගේ පුතා, බෑනා හා ඔහුගේ ගුවන් හමුදාපතිගේ දියණියද ගිය මේ ප්‍රසංගය වැනි ඒවා ඔහු තහනම් කල යුතු යයි පැවසීමය. ඒ කියන්නේ පවුලේ අය ගියා වුනත් මම මේවා තහනම් කරනවා යයි හෝ මඩු වලිගෙන් තලනවා යයි කීමය. ඔහු පුතාට හා ගුවන් හමුදාපති තුමාගේ දියණියට එසේ කළා දැයි මම නොදනිමි. නමුත් ශ්‍රී ලංකාවේ පවුලට සැලකීමේ ප්‍රවනතාවයෙන් වෙනස් ව පවුලේ කැමැත්තද ගණන් නොගෙනෙ මෙවැනි තහනමක් යෝජනා කිරීම පිළිබඳව ඔහුට මගේ ප්‍රසාදය හිමි වේ.

තන පටයේ බලය පිළිබඳව කියවෙන මේ රුසියානු වීඩියෝවත් බලන්න.

එසේම අතිගරු ජනාධිපති උතුමාණන් එන්රිකේ සමග ගයන ගීයක් ද අද වත් පොතේ දුටුවෙමි. එයත් නරඹන්න

සියලුම බ්ලොග් කරුවනට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.

57 comments:

  1. ඔබට තනපට ගහන සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් තනපට වලින් පිරි සුභ නව වසරක් වේවා

      Delete
  2. තනපටයක් ගිය දුර බලමුකො.අජිත් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඔබට හා පවුලේ සැමට සුභ නව වසරක්.

      Delete
  3. සිරිසේන මහතා තමන් ජිවත් වූ පොළොන්නරුවෙන් උකහා ගත් සංස්කෘතික හැදියාවන්////////මගේ අදහස අනුව ඔහු තුල තිබූ සංස්කෘතික පසුගාමිත්වය නිසා තමයි මඩු වල්ග කතා කිව්වේ. එසේම මේ සංස්කෘතික පසුගාමිත්වය නිසා තමයි දහම් සිරිසේන බීමතින් + අඩ නිරුවතින් මාලු මාලු හෝටලෙයේදී පොලිස් නිලධාරියාගේ පුතාට පහර දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මා කියූ දෙය ඔබ කෙලින්ම පවසා තිබේ.

      Delete
  4. මා නම් ඔය තනපට සීන් එක ගැන කිසිවක් දන්නේ නැත. ආවාය කියන ගායකයා කළුද සුදුද දන්නේද නැත. එබැවින් සිරිසේන කී (හෝ නොකී) දේ ගැන විවේචනයක් ද නැත.

    ReplyDelete
    Replies
    1. මා දන්නේද නැත. බ්ලොග් හා නිව්ස් කියවා ලබාගත් අදහසක් පමණි.

      Delete
  5. ඔබට හා පවුලේ සියල්ලන්ටම සුබ නව වසරක් අජිත්!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබට හා පවුලේ සැමට සුභ නව වසරක්.

      Delete
  6. "විවේචනය කල යුත්තේ ඔහුගේ පුතා, බෑනා හා ඔහුගේ ගුවන් හමුදාපතිගේ දියණියද ගිය මේ ප්‍රසංගය වැනි ඒවා ඔහු තහනම් කල යුතු යයි පැවසීමය".

    True. I think it's a classic case of Sri Lankan double standards....Loketa Parakase.

    ReplyDelete
  7. Back in Sri Lanka, our cultural conditioning is such that we tend to think westerners do not have moral values, they embrace free sex etc. However, once we come to western countries, work and socialise with westerners, we start seeing their good qualities and beautiful hearts. Although, the majority of them do not have any religions, they have spiritual qualities such as compassion and empathy (and a lot more). I recently watched an Aussie TV programme about a family with three kids and the middle son is having an incurable muscular condition. He is a bubbly, little boy and the parents know that his death is inevitable. His father has left his career to take care of the little boy and in the programme he says 'I am privileged to be his father'. How beautiful....I was thinking if this was a Sri Lankan family, most probably the parents would cry saying 'this is our karma and the child's karma'. Any way, the point I am trying to say is that once we see westerners as whole human beings, it doesn't matter to us whether they wear bras, throw bras or whatever. Back in Sri Lanka, most people do not have this exposure or understanding (and also some Sri Lankans living overseas only see and embrace the negatives in the western culture). That's why these things become big issues to some and like you are pointing out, MS's rural upbringing does not allow him to see this incident with an open mind (and some possible sexual jealousy as well).

    That's my five cents worth. Sorry for tying in English.

    Wishing a happy and prosperous 2016 to Ajith and the lovely bloggers and blog fans.

    ReplyDelete
    Replies
    1. //MS's rural upbringing does not allow him to see this incident with an open mind (and some possible sexual jealousy as well)//
      thanks. I agree fully with the whole comment.

      Delete
  8. //ප්‍රශ්නය වන්නේ එම සංස්කෘතික තත්වයන් නොමැති රටවල එය එසේම කල යුතුද යන්නය. මගේ අදහස වන්නේ එසේ නොකළ යුතුය යන්නයි//

    //පිටරටවල වුනාය කියා ශ්‍රී ලංකාවේද එසේ හැසිරීම කල යුත්තක් නොවේ//

    මතකද ශ්‍රී ජවහර්ලාල් නේරු තුමාගේ කියමන?

    “I do not want my house to be walled in on all sides and my windows to be stuffed. I want the cultures of all the lands to be blown about my house as freely as possible. But I refuse to be blown off my feet by any.”

    වර්තමාන අධ්‍යාපන ක්‍රමය නිසා/අයහපත් පවුල් සංස්කෘතිය නිසා/පාප මිත්‍ර සේවනය නිසා/සහතික වලට සීමාවූ උගත්කම ඇතත්, විශ්‍ර බුද්ධියෙන් හීන, යම් ජීවන දර්ශනයකින් හික්මීමක් නොලද, පාරට ඇදවටුන, අපිස් ජීවිත ගත කරන්නෝ, තම සංස්කෘතික මූලයන් මේ යයි නොදැන, වල්මත්ව, පාපකාරී ජීවන රටාවක ගැලී සිටිමින්, එයින් ගොඩ යාමක් නැතැයි සිතට ඇතිවන වේදනාව වසාගනිමින්, අනෙකුන් ද ඒ නරාවලට ඇදගැනීම සඳහා, අහෝ මේ උතුම් සැපයකි, පරම සැපයෙකි, එව බලව, සැනහෙව කියා, ඉච්ඡා බස් බෙනෙති. තමන්ගේ කුණුවූ ආත්මය තවත් විකුණන්නට ක්‍රමවේද යොදති.



    ReplyDelete
    Replies
    1. රෝමෙට ගිහාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕනෙලු. රුසියාවට ගිහාම බොන්නේ වොඩ්ක මිසක් විස්කි නෙමෙයිලු.

      Delete
  9. සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  10. Sirisena bayyeki....
    toyye kara thiyagena yanneda amu gon thadiyeki

    ReplyDelete
    Replies
    1. මෙයත් ටොයි බයි ප්‍රශ්නයක් වී ඇත්ද

      Delete
  11. බ්‍රා වලින් තොර සුබ නව වසරක් වේවා

    ReplyDelete
  12. සුබ නව වසරක්...

    ඒ මනුස්සයා එල්ලෙන්න හදපු පිදුරු ගහෙයි අජිත් අයියේ වරද තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් පිදුරු ගස් වල එල්ලෙනවා වගේ

      Delete
  13. ඔබට හා පවුලේ සියල්ලන්ටම සුබ නව වසරක් !!

    ReplyDelete
    Replies
    1. ඔබට පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා.

      Delete
  14. ශ්‍රී ලංකාවේ 'ජාතික තනපට දිනයක්' නම් කරන ලෙසත් එ දින ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කරන ලෙසත් යෝජනා කරමි.ලංඩන් වල සිටිනා නිසා අජිත් අයියලාට ඒ සඳහා ප්‍රභල මැදිහත්වීමක් කල හැකිය.සිරිසේන මහතා 'ලංඩන්' යෝජනා ඉවත දමතැයි සිතිය නොහැක.
    හෙහ් හෙහ්...
    සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලනක්වේ නිවාඩු ඕනෑවටත් වැඩි නිසා මෙය කිසිසේත් අනුමැත නොකරමි. ගස්ලබ්බා යනුත් වැඩ නොකර නිකම් සිටින ශ්‍රී ලංකා රජයේ සේවකයෙක් බව පෙනේ.

      Delete
    2. මේ දවස් වල වැඩක් නොකර නිකන් ඉන්න එක ඇත්ත.ඒත් රාජ්‍ය සේවකයෙක් නම් නෙමෙයි.හෙහ් හෙහ්...

      Delete
    3. මම විහිළුවට කිව්වේ. මේ දවස් වල නිවාඩු නේ අපි හැමෝටම.

      Delete
  15. නීති රීති පැනවීමෙන් සංස්කෘතිය හදන්න බැහැ කියන එක ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕනේ.ඒ ඒ රටවලට ආවේනික සංස්කෘතීන් තියෙනවා.මේ ප්‍රසංගයේදී ඒ ගයකයාගේ පැමිණිමෙන් අපේ සංස්කෘතියට හානියක් උනා කියන්න බැහැ.එහෙම දෙයක් උනා නම් වුනේ ඒක බලන්න ආපු මිනිස්සු හැසිරුණ ආකාරයෙන්.මේ වගේ ප්‍රසංග තහනම් කරන්න හැදීම හරියට මුව හමට තඩි බානවා වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා. ඕක දෙබිඩි කමක් නේ.ඔය ප්‍රසංග වලට කැමති මිනිස්සු ඉන්නවා ඒ අය ඒවා බලපුවාවේ.

      Delete
  16. රටේ නායකයට රටේ තියෙන පන්තීන් හා ඔවුන්ගේ සඟිස්කුරුතිය ගැන අවබෝධයක් නැති කම සහ ඔහුගේ බයි මානසිකත්වයයි ඔහු පෙන්නුම් කලේ. සිරිසේනට අද තමන්ගේ අනන්‍යතාවය හ බලය රඳවා තබා ගැනීම පිළිබඳව විශාල ගැටළුවකට මුහුණ දෙන්න වෙලා. දැන් සිරිසේන දඟලන්නේ තවත් මහින්ද කෙනෙක් වෙන්න. ඒ ඔහුගේ අවසානය. සිරිසේනට ජේ ආර් කෙනෙක් වෙන්න බෑ. ඒත් සිරිසේනට ප්‍රේමදාස කෙනෙක් වෙන්න පුළුවන්. තීරණය ඔහු සතුයි. කෙසේ වෙතත් ඩී බී ගෙන් පසුව අකාර්යක්ෂම ජනප්ති වනවා නොඅනුමානයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ජනපතිගේ බලය පාර්ලිමේන්තුවට ගන්නනේ යන්නේ. තව විලියම් ගොපල්ලව කෙනෙක් වෙන්න පුළුවන්.

      Delete
    2. ගොපල්ලව කෙසේ වෙතත්. ජනවාරි 8න් පස්සේ ඔක්කෝම අමාත්තන්ස වලට හොට දානවා කියලා අද පත්තරේක තිබුනා.. සිරිසේන මහත්තයා බල අරගලයකට මුහුණ දීලා ඉන්නේ... පව්.. කියපු දේ නොකර බොරු කරන්න ගියාම ඔහොම වෙනවා...

      Delete
  17. සුබ නව වසරක් වේවා !!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා.

      Delete
    2. අජිත් අයියා විදානේ 2016 දී කොහොම හරි ජර්මනියේ යන්න ප්‍රාර්ථනා කරලා........... අපිත් ඒකට විදානෙට සුභ පතනවා........ වෙඩිමකට අාරාධනාවකුත් ලැබේවා.....

      Delete
    3. එහෙනම් ජර්මනියේදී හමුවෙමු.

      Delete
  18. ජර්මානු මගුල් ගෙදර කතා කියනකොට මට මතක් වුනා ' සෝර්බා නම් ග්‍රීකයා ' පොතේ තියෙන මගුල් ගෙදරක විස්තරයක් .
    දැන්නම් තනපට කතා අහල අහලම ඇති වෙලා .
    අජිත්ට , බිරිඳට හා දුලා දෙන්නාට සුබ අලුත් අවුරුද්දක් පතනවා

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මෛත්‍රී ඔය කතාව ඇද්දේ වෙන මොනවා හරි වහන්න කියල. එයාම දනනවා ඇවිලෙයි කියල. ඔබටත් පවුලේ සියලු දෙනාටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා .

      Delete
  19. සුබ නව වසරක් වේවා අජිත් අයියා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වර්ණ.

      Delete
  20. අජිත් අයියාටත් සුභ ම සුභ නව වසරක් වේවා...... ජය

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කුරුටු මහත්වරුනි.

      Delete
    2. හා මහත්මියනි.

      Delete
  21. / ඒ නිසා සිරිසේන මහතා තමන් ජිවත් වූ පොළොන්නරුවෙන් උකහා ගත් සංස්කෘතික හැදියාවන්ට අනුව කළ චෝදනාව මෙතරම් තදින් විවේචනය කිරීමේ තේරුමක් නැත යන්න මගේ විශ්වාසයයි. /

    සිරිසේන මහත්තයා 2015 ජනවාරි 08 වෙනිදයින් පස්සෙ එහෙම තමන් හැදුනු වැඩුනු සංස්කෘතිය අනුව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන එක වැරදියි කියලයි මම කියන්නෙ.... ඔහු පොළොන්නරුවට විතරක් නෙවෙයි මුලු ලංකාවටම ජනාධිපති. විදේශ ජනමාධ්‍යය වාර්තා කරන්නෙ ශ්‍රී ලංකා ජනාධිපති මෙහෙම කිව්ව කියල මිසක්, පොළොන්නරුවේ ජනාධිපති මෙහෙම කිව්වය කියල නෙවෙයි.

    සිරිසේන මහත්තය අකමැතිවුනත් නැතිවුනත් ඔබ හෝ මම අකමැති වුනත් නැති වුනත් එහෙම සංස්කෘතියකුත් මේ රටේ තියනව ...:)

    සුබ නව වසරක් අජිත්..ඔබට සහ පවුලේ සැමට!!!

    ReplyDelete
    Replies
    1. මගේ ලිපියේ උපහාසය තේරුම් ගෙන නැතුවා වත්ද? පොලොන්නරුව අනුරාධපුරයේද මිනි මැරීම් ස්ත්‍රී දුෂණ ඇති අතර ඔහුගේ සහෝදරයෙකුටද චෝදනාවක් තිබේ. ඒවා කලාට බ්‍රා විසි කරන්නේ කාටත් නොපෙනෙන්නටය.
      ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක්.

      Delete
    2. අජිත්,

      අපොයි සමාවෙන්න, උත්ප්‍රාසය / උපහාසය වටහා නොගතිමි..:)

      Delete
  22. ඔබටත් පවුලේ සැමටත් සතුට සැනසුම සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔඅබටත් එසේම වේවා.

      Delete
  23. /* ශීත සෘතුව අවසන් වීගෙන යන විටම අපේ කාර්යාලවල තරුණියෝද තනපට හැඳීම අත හරිති. */

    විසිවසරක් තුළ මෙවැනි දසුනක් ඔසී කාර්යාලයක දී හෝ මග තොට දී හෝ දැක නැත. මේ සමාජය "මව් රටට" වඩා කන්සර්වේටිව් ද මන්දා?

    ReplyDelete
    Replies
    1. බොහොම කණගාටුයි. ඕකනම් කොන්සර්වටිව් ම තමා. අපට වඩා රැජිනට ආදරෙයි නොවැ. ඕක ඇත්තටම ලොකු දෙයක් නෙමේ. සමර් එකට ගොඩක් කාන්තාවෝ අඳින්නේ නැහැ.

      Delete
  24. එහෙනං වෙරි වෙන අවුරුද්දක් වේවා.. තව ටික දවසක් ගිහිල්ලා හිටංගේ නෝනා තමන්ගේ බ්‍රා එක හිටංට විසි කරල කියාවි.. “ඕක ඇදගෙනවත් පාඩුවෙ හිටං“ කියලා.. හැක්

    ReplyDelete
    Replies
    1. වෙරි වෙලා තමා වැඩිපුර හිටියේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .