Friday 22 May 2015

පොකුණු දිය බොර කල පට්ට වේ*******ගේ කථාවක්

අනුව දශකයේ මුල්ම හරියේ ලංකාවේ දකුණේ කලබල කෙමෙන් සිඳී යමින් පැවති  සමයේ  කිසියම් කරුණකට ලංකාවේ සිටියෙමි. ඒ අතර මගේ හිතවතෙකුගේ අවශ්‍යතාවයකට  එවකටපැවති  රජයේ ඇමති මට්ටමේ ප්‍රබලයෙකු හමුවීමි.  (ඔහු දැන්
ජිවතුන් අතර නැත) ඔහු සමග ආයෝජන  ප්‍රවර්ධන කලාපයේ කම්හලකට ගියේ මගේ හිතවතාට එම කම්හලේ නිපදවන භාණ්ඩ අපනයන කිරීමට අවශ්‍ය වූ බැවිනි. ඇමති මට්ටමේ ප්‍රබලයාට ඒ පැත්තේ කම්හල් හිමියෝ ඉමහත් ගරු කළහ. පිට රටින් ගෙන්වන නිමි ද්‍රව්‍ය අඩු බදු මුදලකට පාස් කර ගැනීම වැනිදේ ඔහු ලවා කරවා  ගත හැකි වුනු අතර, රජය සම්බන්ධ ප්‍රශ්න හා ඕඩර් ලබා ගැනීම්  සඳහාත් ඔහු ඔවුන්ට උදව් කළේය. මට අවශ්‍ය කාර්යයට එම කම්හලට ගිය පසු ඔහු තමන්ගේ "කට් " එක ගැනීම සඳහා වෙනත් ගාමන්ට් එකකට ඇතුළු විය. එහි අයිති කරුද ඔහු හඳුනයි.  "කට් " එක සමග තවත්  "කට් " එකක් ද ඔහු පැජරෝවට රැගෙන ආවේය. ඒ සත්‍යජිත් මාඉටිපේ ගේ  "බොරදිය පොකුණ" හි මංගලා මෙන් එහෙත්  එතරම් උස නැති අවුරුදු දහහතක දහඅටක   ඉතා පියකරු යුවතියකි. ඔහු කීවේ "ඇයට ලිෆ්ට් එකක්" දෙන බවකි. නමුත් කලාපයේ සිට කොළඹ පැමිණි පසු ඔහු තරු 5 හෝටලයක් ළඟ රිය නැවැත්වීමට අණ දුනි. රියදුරුට මා පෙන්වා "මේ මහත්තයාගේ   ගේ ගාවින් බස්සන්න " යයි පවසා,  පියකරු යුවතියව පැජරෝවෙන්  බස්සවා  ගත්තේය. ඇය මදෙස බැලූ  බියමුසු විලාසයත් ඇගේ  අතේ ඇඟිලි වෙව්ලු ආකාරයත් පැහැදිලිව දුටිමි.   ඉන් පසු එන ගමනේදී ජීප් රථයේ සිටි ඔහුගේ ආරක්ෂකයන් සමග කතාවට වැටුනෙමි.
"මහත්තයාට ගාමන්ට් පැත්තේ ගියාම ඒවල  ලොක්කෝ හොඳට සලකනවා, අලුතෙන් හොඳ  කෑල්ලක්  ආවොත්  මහත්තයට එන්නත් කියනවා." එතකොට මේ එහෙම ළමයෙක්ද යයි විමසීමි. වඩාත් දොඩමලු වූ ඔහුත් අනිත් අරක්ෂකයාත් පැවසුවේ ඔහු මාස  දෙක තුනකට වතාවක් අලුතෙන් එන යුවතියක රැගෙන හෝටලයකට යන බවයි. ඒ යුවතියන් යන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් නොවේ. ඔවුන්ට බල කරන නිසාවෙනි.
නැතහොත් ලැබුන රස්සාව දමා  ගෙදර යා  හැකිය. ඉන්පසු ආරක්ෂා අංශ  සමාජිකයා  පැවසුවේ "එහෙම කෑලි  මහත්තය ගෙන් පස්සේ අපටත් සෙට් වෙනව (හෙවත් තර්ජනය කර සෙට් කර ගන්නවා යනුවෙනි)" පස්සේ උන් කොල්ලෝ සෙට් කර ගත්තත් කොල්ලට කියනවා කියල බය කලහම එනවා පට්ට වේ***යෝ. ඔවුන් පට්ට වේ**** වන්නේ කෙසේ දැයි මම නොඇසුවෙමි. නමුත් මගෙත් ඒ දේශපාලනයට සම්බන්ධ තැනැත්තා ගේත්  සම්බන්ධය එතනින් අවසන් කලෙමි.

ලන්ඩනයේ අගෝරා කලා කවය සංවිධානය කල බොරදිය පොකුණ නැරඹීමට පසුගියදා  ගියෙමි.  එහි ගෝතමී (කෞශල්‍යා ප්‍රනාන්දු) තමන් රහසේ ආදරය කරන විපුල (දුමින්ද ඩි සිල්වා)  ලබා ගැනීමට ඔහුගේ පෙම්වතිය මංගලා (දිලානි අබේවර්ධන )  දෙන පෙම් ලිපි නොදී ඔවුන් විරසකයකට යොමු කරයි. ඉන්පසු ඒ පිලිබඳ දුකින් ගොළු හදවතේ මෙන් බි වෙරිවී සිටින බොළඳ පෙම්වතා වන විපුල හමුවීමට ගොස් ඔහු සමග ලිංගිකව  හැසිරෙයි.  ඔහු නොලැබෙන අවස්ථාවල රැයේ  ස්වයං වින්දනය සඳහා රහසේ යොමු වෙයි.මේ අවස්ථාවේ මා  ළඟ හිඳගෙන සිටි  චිත්‍රපටිය පටන් ගත් තැන සිට නිතර තම බිරිඳ සමග  විස්තර ප්‍රචාරය කරමින් සිටි සැමියෙක් මෙසේ කියනු අසා සිටියෙමි. "පට්ට වේසි, ඌම (විපුලව) අල්ල ගන්න ඕනෙද? පව්  අර අහිංසක කෙල්ල මංගලා,  අර ගෙදර ඉන්න අනිත් කොල්ලට  (සුරන්ජිත් - ගයන් ලක්රුවන් ) කියල කර ගත්ත නම් මොකද ".  විවේකයෙන් පසු චිත්‍රපටියේ  දෙවන භාගයේ සත්‍යජිත් මාඉටිපේ ඉතා සුක්ෂම ලෙස මංගලා  රහසේ සුරන්ජිත් සමග ඇති කරගත් සම්බන්ධය හෙළි කරයි. අර සැමියා හා බිරිඳ නිහඬ වුනේ එතැන් සිටය.

දීප්ති ගුණරත්න විසින් සංස්කරණය කල "හිස්ටීරියාව" පොතේ මෙසේ දැක්වෙයි.
"ෆ්‍රොයිඩ් මෙසේ පැවසුවේය. 'තමා ආදරය කරන්නා  අහිමි වීම නිසා තමාට අහිමි වුනේ
කවුදැයි යන්න වැළපෙන්නා  විසින් දන්නා මුත්, එසේ වීමෙන් තමාට අහිමි වුයේ කුමක්ද යන්න ඔහු නොදනී.' ෆ්‍රොයිඩ් විසින් 'කුමක්ද' යන්නෙන් සලකුණු කළේ  ඉහත අභිරහස මානසික ඒජන්සියක් බවයි. ආදරයට ලක් වන්නා යනු පුද්ගලයෙක් බව ඇත්ත මුත්, ඊට ප්‍රථමව ඒ අපේ අවිඥානයේ ම 'කොටසකි'."

මෙම විශ්මිත 'කොටස', මෙම අහිරහස් 'වස්තුව'  පිලිබඳ ගැටලුව ලැකාන් විසින් නොවිසඳූ අතර, ඔහු එයට "object a " ලෙස සලකුණක් යෙදුවේ ය.  මෙහි විශ්මිත, අභිරහස්මය ස්වභාවය යනු අන් කිසිවක් නොව සංකේතනයේ අසමත්වීමට පසුව මුණ ගැසෙන, යථ  තුල ස්ථාන ගත කෙරෙන අතිරික්ත ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ශේෂයයි, මෙය ආදරය කරන්නාට, එනම් විෂයට හෝ අනෙකා -ට අයිති දෙයක් නොවේ. මෙය සරලව කියන්නේ නම් ආදරය කරන්නාගේ ශරීරයේ ශෘංගාර කලාපයක් ප්‍රමෝදයට පත් වන විට එම ශෘංගාරයේ ශරීර කොටස ප්‍රමෝදයට පත්වෙමින් ආදරය ලබන්නාගේ 'කොටසක්' හා බැඳේ, එනම් අනෙක් අතට කීවොත් මගේ ආදරයට පාත්‍ර වන්නා විසින් මගේ ශරීරයේ කොටසක් මට අහිමි කරයි; එය මගේ ආදරයට පාත්‍රවෙන, යථාර්ථය තුල සිටින පුද්ගලයාට  අයිති නොවන අතර මටද අයිති නැත. එම පුද්ගලයා යනු විෂයේ ෆැන්ටසිය තුලින් විෂය කරා  එන හුදු ආධාරකයක් පමණි.
-හිස්ටිරියාව පිටුව 374

ගෝතමිගේ ජිවිතයේ යථාර්තය දිග හැරෙන මේ චිත්‍රපටිය දිග වැඩි බවක්ද පැවසිනි. අනවශ්‍ය දර්ශන කීපයක්ම සත්යජිත්ට කපා  හැරීමට අවකාශ තිබිණි. බටහිර රටවල පැය  එකහමාරේ චිත්‍රපටිය නරඹන සිනමා ලෝලීන් ඉන් අනතුරුව අවන්හලකට රාත්‍රී  ආහාරයට ගොඩ වැදීම සුලභ දෙයකි. දිග චිත්‍රපටියක් වෙළඳ පලට නිකුත් කිරීම ඒ නිසා අවාසිදායකය.  නමුත් පැය  දෙක පසුකරයන  චිත්‍රපටි නැතුවා  නොවේ. "ෆිලිපිනෝ පවුලේ විකාශනය "නමැති චිත්‍රපටිය පැය  10 කි. "දස පනත " චිත්‍රපටිය පැය  තුනකුත් විනාඩි 40කි.  සත්යජිත්ට අවශ්‍ය වී ඇත්තේ ගෝතමී රැකියාව පටන් ගත්  දා  පටන් ඇය  මුහුණ දෙන සිද්ධීන් ගේ විශ්ලේෂණයක් කිරීමට පාඨකයාට අවස්ථාව ලබා දීමට යයි සිතෙන බැවින් මේ මහා දිග කතාවට  එකඟ විය හැකිය.
එය එසේ බව ද සත්‍යජිත් පහදා  දෙයි.  මංගලා  හා විපුල ගේ ආදරයට සහය වන ගමන් ගෝතමී විපුලට රහසේ ආදරය කරන දීර්ඝ රූප  මාලා විපුල හා ගෝතමී ගේ අතර ඇතිවන ලිංගික සම්බන්ධයෙන් හා ගෝතමී  ස්වයං වින්දනය කිරීම  පෙන්වන රූප මාලාවෙන් සාධාරණය වෙයි. එසේම ඉන්දියන් චිත්‍රපටියක මෙන් සුභ අවසානයක් කිරීමට මෙන් යන දීර්ඝ රූප මාලා - එනම් ගෝතමී හා සැමියා ඩෙස්මන්ඩ්  (ධර්මසිරි බණ්ඩාරනායක) ගේ ආදර කතාව, ඔවුන් හදා ගැනීමට දරුවෙක් සෙවීම, දරුවා රැගෙන වාහනයකින් නැවත ඒම - කෙළවර වන්නේ ගෝතමී වැනිම වූ තවත් ගාමන්ට් කෙල්ලක් රථයේ හැපීමට ගොස් බේරී ඔවුන්ට බනින දර්ශනයකිනි. කදුළු වැගිරෙමින් ඈ  දෙස  බලා  සිටින ගෝතමී ප්‍රේක්ෂකයාට, ගෝතමී මුහුණ දුන් විෂම චක්‍රය ඒ ආකාරයෙන්ම ඉදිරියටත් වෙනත් ගැහැණියකටත්  මුහුණ දීමට සිදු වෙන බව දන්වයි.

චිත්‍රපටයේ ඇතැම් තැනක ග්‍රාම්‍ය  වදන් භාවිතය ඒ ආකාරයෙන්ම දැකිය හැකිය.  සම්භාව්‍ය සිනමා හෝ වෙනත් කෘතියක එසේ නොවිය  යුතුයිද භාෂාව හැසිරවීම වඩාත් කලාත්මක විය යුතුයිද විවේචනයක් පවතී. සම්භාව්‍ය යයි කියා ගන්න දේශපාලකයන් සම්භාව්‍ය හා උගත් ජනතා නියෝජිතයන් සිටිය යුතු ව්‍යවස්ථා නීති රීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවක ප*** ඇතුළු ග්‍රාම්‍ය වදන්  භාවිතා කරන්නේ නම් යථාර්තවාදී රීතියෙන් බැහැර නොයමින් සත්‍යජිත් තම සිනමා කෘතියට  එවදන් එක්  කිරීමේ පාපයක් මම නොදකිමි. ඇරත් අතිශය ලෙස උද්වේගකාරී අවස්ථාවක ස්ව හැඟීම් අමු අමුවේ තලා  දමනා  වෙලාවක   අපේ වචන භාවිතය මෙසේ වේ යැයි කිව හැකිද? මා  දන්නා පරිදි විශ්වවිද්‍යාල  උපාධිධාරී යුවලවල් කුණුහරපෙන් බැන ගන්නා  සමයක, හාමුදුරුවරුන්, දේශපාලකයන්, පුජකයන් කුණුහරප කරනා සමයක, ගෝතමිලා කෝපය හා වේදනාව  ග්‍රාමය භාෂාවකින් පිට වීම වැළැක්විය හැකිද?

  ගෝතමිගේ ෆැන්ටසිය විපුලයි. ඇගේ  ෆැන්ටසියේ යථාර්තය දරුවකු ලැබී අනාථ  වීමයි. නමුත් ඒ යථාර්තයට ඇය  යට වුයේ නැත. මවකට කෙතරම් අපහසු වුවත් දරුවා හදා ගන්නට දී ඇය  නැවත  ජීවිතය සොයා ගියාය.


"ෆැන්ටසි සවිඥානික  හෝ පුර්ව  විඥානික (එනම් අපි ඒ කෙරේ අවධානය යොදවන්නේ නම් දැනුවත් විය හැකි ෆැන්ටසි ) ලෙස පැවතිය හැකි අතර ම ඒවා අවිඥානකවත් පවතියි. උදාහරණයක් ලෙස ෆ්‍රොයිඩියානු, "ළමයෙක් පහර කමින් සිටියි" යනුවෙන් වන සවිඥානිකෆැන්ටසියේ අවරෝධිත, දෙවන ස්වරුපය වන "මම මගේ පියාගෙන් පහර කමින් සිටිමි" යන්න පහරදීමේ-ෆැන්ටසියේ අවිඥානික ස්වරූපයයි.නිරන්තරයෙන් මෙවැනි අවිඥානික ෆැන්ටසි කරා  අපට ලඟා  විය හැක්කේ 'අවිඥානය කරා ඇති " ෆ්‍රොයිඩියානු 'රාජකීය මාවත' වන සිහින හරහායි."
අනෙකාගේ ආශාවේ ප්‍රහෙලිකාවට පිළිතුරක් - හිස්ටිරියාව පිටුව 375

බෞද්ධ හැදියාව නමැති  ෆැන්ටසිය විනාශ වෙන නගරයේ සිට දරු ගැබ සහිත කාන්තාව (ගෝතමී)  සහල් පිරි නමන ශාන්ත භික්ෂුව නිරූපනය කරන්නේ දරුවා අවජාතක නොකරන ඇගේ සහෝදරියගේ හා සැමියාගේ අව්‍යාජත්වයද?

විපුල සමග එක්වීමෙන් දරුවකු පිළිසිඳ ගෙන ඔහුගේ යහළුවන්ගෙන් පට්ට වේ... නම් ගරු නාමය රැගෙන දරුවා බිහි කිරීමට ගමට යන ඇය නැවත පැමිණ මැද පෙරදිග යයි. එහිදී කතෝලික ඩෙස්මන්ඩ්  සමග යහළුවී නැවත ලංකාවේදී විවාහ වෙයි.  කතෝලික නම් දික්කසාද විය නොහැකි අතර දෙවන කසාදයක් කිරීමද කල නොහැක්කකි. නමුත් ඩෙස්මන්ඩ් මෙහිදී සම්ප්‍රදායට විරුද්ධව යයි? ඇය බැලීමට ඩෙස්මන්ඩ් ගේ පළමු කසාදයේ බිරිඳ ඩොරින් (වීනා ජයකොඩි?) පැමිණෙයි. ගෝතමී සිටින නිවසට  දරුවාගේ නඩත්තු මුදල් සොයා පැමිණෙන ඩොරීන් දැකීමෙන් ප්‍රලය වන ඩෙස්මන්ඩ් ගේ මව (චන්ද්‍රා කළු ආරච්චි ) ඇයට  "එක එකා සමග යන එකී"  හෙවත් "පට්ට වේ***"  සම්මානය ලබා දෙයි. ඇගේ අලුත ලැබුන  සුපිරිසිදු ලේලියගේ (ගෝතමී) ෆැන්ටසිය ආරක්ෂා කිරීමට මන්නයද  රැගෙන සටනට යයි.  අවාසනාවන්ත ලෙස  මේ අවුලේ ගොදුර වන තම මිනිපිරිය පිලිබඳ දුකට වඩා ඇගේ සමාජ තත්වය  වැදගත්ය.
කතාවේ මුල් හරියේ  වේ...ගේ  සිට  සුපිරිසිදු ලේලිය බවට පත් වීමේ  දයලේක්තික ප්‍රතිවිරෝධයේ සින්තසිය ගෝතමී නමැති පරිණත කාන්තාවයි.
මංගලා  හා විපුලගේ නිවසට යන ගෝතමී ඉන්පසු මුහුණ දෙන්නේ පියකරු යුවතිය හා කඩවසම් තරුණයා  අතර සිදුවිය යුතු  පරිපුර්ණ සාමය සතුට පිරි කසාදය හා මෙරිගෝ රවුමේ යමින් දරුවෙකු සමග සතුටු වන ලස්සන පුංචි පවුල් කැදැල්ලේ  ෆැන්ටසිය
නොවේ. විපුල සමග යහළුවී සිටිමින්ම  බෝඩිමේ මල්ලි සමග ද පෙම් සුව විඳ දරුවකුද ගබ්සා කර ගත්  මංගලා ගේ හා ඇය පිලිබඳ සත්‍ය දැනගත් විපුල අතර විවාහය නමැති ඛේදවාචකයයි.

චිත්‍රපටිය අවසාන  වන්නේ තවත් ගෝතමීලා හා මංගලා ලා මේ ක්‍රමය තුල   බිහි වන්නට වන්නට නියමිත බව පසක් කර දෙමිනි.

චිත්‍රපටියේ කෞශල්‍ය ප්‍රනාන්දුගේ ප්‍රතිභාපුර්ණ රංගනය  අති  විශිෂ්ටය. දුමින්ද ඩි සිල්වා හා දිලිනි අබේසුන්දර ද ඉතාමත් දක්ෂ ලෙස තම හැකියාවන්ගෙන් සහය දෙයි. ධර්මසිරි, වීනා, ගයාන්, ප්‍රියංකා, චන්ද්‍රා  , ලියෝනි  චාන්දනී, මෙන්ම  බෝඩිමේ ඇන්ටි රත්නාවලිද මේ දිගු චිත්‍රපටියේ සාර්ථක රංගනයක යෙදෙයි.
කාලයකට පෙර ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටියේ යුද්ධයේ දරුණු පිඩාව විඳ  ජිවිතයෙන් පලා යන අහිංසක යුවතියගේකථාව  නැරඹුවෙමි. ඉන්පසු මලිත් හෑගොඩ ගේ "දැකල පුරුදු කෙනෙක් " චිත්‍රපටියේ සිය දිවි නසා ගැනීම පිළිතුරක් ලෙස නොගෙන දරුවා සමග සැමියා හැර යන කාන්තාව ගේ කතාව දුටුවෙමි. ඒ දෙකම අගනා  සිනමා කෘතීන්ය. පියකරු නොවීම නිසා ළමා කාලයේම කොන්වන, ප්‍රශ්න ඉදිරියේ පීඩා විදිමින් ජිවිතයට මුහුණ දෙන දිරිය ගැහැනියක ගෝතමී තුලින් දුටුවෙමි.   සත්‍යජිත් මාඉටිපේ තම මුල් සිනමා කෘතියෙන්ම සම්භාව්‍ය සිංහල  සිනමා කලාවේ තවත් පියවරක් තබමින් සාර්ථක සිනමා කෘතියක් නිර්මාණය කර ඇත. මේ පරම්පරාව සිංහල සිනමාව වඩාත් උසස් තලයකට ගෙන යනු ඇත. අපේ වාසනාවට අගතිගාමී මන්දබුද්ධික  කපන මණ්ඩලයක් දැන් නැත.

මේ චිත්‍රපටිය ලන්ඩනයේ  පෙන්වූ අගෝරා කලා  කවයට ස්තූතියි.

81 comments:

  1. කාලෙකට කලින් සිඩ්නි හි දී නැරඹුවා. ලිංගික දර්ශන අස්වාභාවිකයි. කතාව ප්‍රභලයි.

    හොඳම දර්ශනය පාසලේ නාට්‍යයට තෝරා ගන්නා තැනයි.

    ReplyDelete
    Replies
    1. /ලිංගික දර්ශන අස්වාභාවිකයි// ස්වභාවික ලිංගික දර්ශන පෙන්වන්නේ මොන ෆිල්ම් එකේද? නිම්ෆොමනියක් ෆිල්ම් එකේවත් නැහැ.

      Delete
    2. Flying Fish :P

      Delete
    3. මේ චිත්‍රපටියේ ඔවුන් ඇත්තට ලිංගිකව හැසිරෙන්නේ නැත. ඇත්තේ සිමියුලේශාන් එකක් පමණි. Flying Fish - ස්වභාවික ලිංගික දර්ශනයකදී සැබවින්ම එසේ හැසිරීම අවශ්‍ය නැත්ද? 80% ස්වභාවික කරගන්න පුළුවන් නම් හොඳයි.

      Delete
    4. ලිංගිකත්වය යනු ස්වාභවිකත්වය හැර කුමක්ද? සිනමාවේ ලිංගිකත්වය සහ ජීවිතයේ ලිංගිකත්වය යනු දෙකක්ද?
      මම අරූ!

      Delete
    5. /////////////සිනමාව ගැන අතිශයින්ම උගත් ම්ගේ මිතුරකු පැවසුවේ කුණුහරප දැමීම වැරදි බවත් දඩයම වැනි සම්භාව්‍ය චිත්‍රපටයක මෙන් වදන් හැසිරවිය යුතු බවත්ය./////////

      කවුද අජියා උඹ ඔය කියන හුකන උගතා...ඌට කියපන් සාමන්‍ය මනසකින් හිතන්න කියලා... එහෙමම බැරිනම් හිකීම යනු බයලොජිකල් අවශ්‍යතාවයක් මිස, තමාගේ ගැනීට හැමනීම පමනක් කරන්නේ, සදාචාරයක් විතරක් නිසාම කියලා හිතන්න පුරුදු කරපන්. කවුද අකැමති වෙන වෙන වෙනස් දේවල්වලට... අපි ඇත්ත කතා කරමු.... මම අරූ!!!!!!

      Delete
    6. මෙන්න එතුමාගේ පිළිතුර:
      this is the problem we r facing.When you dont have fundamental understanding about media & cinema these things will arise.

      Delete
    7. ලිංගිකත්වය යනු ස්වාභවිකත්වය හැර කුමක්ද? සිනමාවේ ලිංගිකත්වය සහ ජීවිතයේ ලිංගිකත්වය යනු දෙකක්ද?
      - අරූ

      Delete
  2. දැන් නම් ඇමති නෙමෙයි අම්මගෙ මිනිහා ආවත් එහම අරන් යන්න දෙන්න පට්ට වෙිසියෝ ගාමන්ට් වල නෑ.
    පැෂන්බග් නෝලිමිට් යන කෙඩ්‍රිට් ඩෙබිට් කාඩ් පාව්චිච කරන ටැබ් ඇපල් අයි ෆෝන් පාවිච්චි කරන කෙල්ලො දැන් ගාමන්ට් වල ඉන්නෙ.
    ගාමන්ට් වල ඉන්න කෑලි පට්ට වෙිසියෝ අතිතයට එකතුවෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++

      Delete
    2. මාත් ගහනව වැටක් +++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. අත් දෙකම ඉස්සුවා !!!

      මගේ රෙෂ්පට් එක පිළිගනින් !!!

      Delete
    4. දැන් ඒ කාලේ ඉවර ඇති ඒ විධිහට කරන. දැන් අවුරුදු කීපයකට කලින් හෙවත් ජනවාරි 8ට කලින් කතා වුණා නේද ටෙලි නාට්‍යය පාස් කරගන්න නිෂ්පාදක පිදෙනියක් යවනවා කියල ....ඇමතිට. සල්ලි දීල හරි කැමැත්තෙන් හරි ඕන දෙයක් කර ගත්තට ,මගේ විවේචනයක් නැහැ. මම බොරු සුචරිත වාදියෙක් නෙවෙයි. බලහත්කාරයට අකමැතියි. අනික දැන් කොච්චර ගබ්සම කර ගන්නවද?

      Delete
    5. ටෙලිඩ්‍රාමා පාස් කරන්න කාට හරි දෙන්න ඕන කතාව ඉල්ලුම සහ සැපයුම පිලිබඳ ප්‍රශ්ණයක්, මොට්ට ටෙලිනාට්‍ය වැලක් තියනවා. කෝක දැම්මත් එකයි. එතනදි තමන්ගෙ එක ඉස්සරහට දාගන්න ගනුදෙනු ක්‍රමයක් හැදෙනවා, ඒක ලිංගික ගැනුදෙනුවක් මිසක කෙනෙක් අසරන කරලා කොනකට තල්ලු කරලා ගන්න එකක් නෙවෙයි, සමහර් සල්ලි වලට වැඩ කරනවා, ස්මහරු පූසාට වැඩ කරන්වා, තවත් සමහරි බෝතලේටත් වැඩ කරනවා. ක්‍රමයක් ප්‍රමිතියක් නැති ඕන තැනක දේවල් ගොඩ ගැහෙනකොට එකෙක් අනෙකා පරයා යන පොඩි වෙලඳපලක් ඇති වෙනවා, මේක වෙන්නෙම කාටත් කරන්න පුලුවන් දේවල් වලින් සමාජය පිරුනාම. දැන් ලංකාවෙ යන සින්දු වලටත් වෙලා තියන්නෙ ඒකමයි. බොහොමයක් චාර්ටර් ! ඒ නිසා ඒවා දමාගන්න කෙටි ක්‍රමවේද හැදෙනවා. අල්ලස ගන්න එකාට ප්‍රශ්ණයක් නෑ කොහොමත් දාන්න වෙන්නෙ කුනු ගොඩක් නේ,

      Delete
  3. ශ්‍රී ලාංකිය මානසිකත්වය හා සංස්කෘතිය මනාව පෙන්නපු චිත්‍රපටයක්. ඒක විශිෂ්ඨ වෙන්නේ රඟපෑම් නිසාමයි.. අර කිව්වා වගේ සමහර අවස්ථාවන් පට්ට බෝරින්. මටත් දෙසරයක් විතර නැගිටලා එන්න හිතුනා. මොකෝ දන්න කතන්දරයක් නේ. අළුත් දෙයක් නෑ. පටන් ගන්න කොටම කතාව තේරුම් අරගෙන ඉවරයි..

    ReplyDelete
    Replies
    1. ඒක හරි. කලින් කතාව වැටහෙන්නේ මේක කොයි තරම් පොදුද?

      Delete
  4. අපි නම් ඕව බලල නෑ. අපි පොඩි ළමයිනෙ :D.
    හොඳට විග්‍රහ කරලා තියෙනව. මම හිතුවේ මාතෘකාව දැක්ක ගමන් අපි අජිත් අයියා පාවිච්චි කරනවා දැකල නැති වචන සෙට් එකක්ම මේකෙ යොදල ඇති කියල :D. ඒ උනාට එහෙම නෑ. හැබැයි මේ ලිපියෙ මට නොතේරුණු වචන තිබ්බා. ෆිල්ම් එක බලන්න ආසාවක් ආව. හොයාගෙන බලන්න ඕනෙ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සින්හල ෆිල්ම් වලට හැම වෙලේම බනින එකේ හොඳ ටිකක් දකක්ත් කියනන් ඕනේ වගේ කියල හිතුන.

      Delete
  5. ෆිලුම බලල නැති නිසා ඒ ගැන විචාරයක් කියෙව්වම පොඩ්ඩක් මඥ්ඥං වගේ අජිත් අයියා... ෆිලුම බලලම ඉන්න ඕන.. මනා කිව්වා වගේ මාතෘකාව දැක්ක ගමන් තක්බීර් උනා...

    ReplyDelete
    Replies
    1. මාතෘකාව දමා ඇත්තෙම තක්බීර් වීමටය.

      Delete
  6. චිත්‍රපටය බලන්න ලැබිල නෑ.දුමින්ද ඩි සිල්වා සහ දිලිනි අබේසුන්දර නවක නළු නිළි දෙපොලක්ද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැත.

      Delete
    2. ඩිලානි අබේවර්ධන කියන්නේ අපිට හිටිය හැකියාවක් සහිත රංගන ශිල්පිණියක්. ඇය අහිමිවීම ජාතික සිනමාවට අපරාධයක්. එවැනි අය බොහෝමයක් ඉන්නවා. කතා කල යුතු මාතෘකාවක්!!!!!! මම අරූ.

      Delete
    3. අරූ , මේ ගැන අවබෝධයක් මට නැත. හෙවත් අලුත් නළු නිලියන් ගැන.

      Delete
  7. මම බලපු නිරසම චිත්‍රපටය

    ReplyDelete
    Replies
    1. නොදකින් විතරක්!!! රජ කතා සෙට් එක විතරක් බලබලා ඉදලා උබට වෙච්ච දෙයක්

      Delete
    2. @මකලි, ඔබේ ෆැන්ටසිය වන සර්ව සම්පුර්න අති පිරිසිදු බටහිරට වඩා අතිශයින් උසස් , ගැහැණු ස්වයං වින්දනය නොකරන, කුණුහරප නොකියන පරමාදර්ශී සමාජය බිඳ වැටුනා වත්ද ?

      Delete
    3. ගැහැණු ස්වයං වින්දනය කිරීමෙන් හා කුණුහරප කීමෙන් සංස්කෘතිය අපිරිසිදු වේද? අපට නම් එහෙම දැක්මක් නැත.

      Delete
    4. දැන් ඔය "අපට" කිව්වේ කාටද? ඔය අප අප කිය කිය ඉන්නේ නැතිව ඔය වෙස් මූන ගලවලා එලියට බහින්නකෝ මහත්තයෝ

      Delete
    5. සිනමාව ගැන අතිශයින්ම උගත් ම්ගේ මිතුරකු පැවසුවේ කුණුහරප දැමීම වැරදි බවත් දඩයම වැනි සම්භාව්‍ය චිත්‍රපටයක මෙන් වදන් හැසිරවිය යුතු බවත්ය. මේ කථාව ගැන මාතලන් කියන්නේ පටන් ගන්නකොටම ඉවර වෙන හැටි දන්නා බවයි. ඒ කියන්නේ සිහින ලෝකයේ හින්දි චිත්‍රපටියක වට්ටෝරුව වගේ නෙමේ. රටේ යථාර්ථය හෝ අවුරුදු දොළහකට කලින් තිබු සමාජයේ පැති කඩක් පෙන්වීමකි. ඔබට එහෙම දැක්මක් නැත්නම් හොඳය. ඔබේ කොමෙන්ට් කියවන විට (මගේ බ්ලොගයේ නොවේ) හෙළ බෞද්ධ සංස්කෘතිය අගයන සමාජයක් ඔබ පතන බවත් එය යම් තරමකට රැකි ඇති බවත් ඔබ සිතන බව පෙනේ. ඒ සංස්කෘතියේ කොටසක් හෝ ඉතිරිව ඇත්තේ ගොතමිගේ සොයුරිය සිටි හද්ද පිටිසර ගමේ පමණි. එය ඔබේ අවාසනාව හෙවත් ෆැන්ටසිය බිඳ වැටීමයි.

      Delete
    6. අජිත්, මහ කළුවා ෆැන්ටසි ගත කරන ආකාරයේ හෙළ බොදු පරම පිවිතුරු පට්ට පර්ෆෙක්ට් ගමක් මේ මහපළොවේ තිබුනේ නෑ.... ඒක ඔහු වර්තමානයේ සිට තම දේශපාලනික අවශ්‍යතාමත අතීතය ෆැන්ටසි ගත කීරීම තුලින් ගොඩ නගන ආඛ්‍යානයක්...සෑම විටම අපි ඉතිහාසය ගොඩනගනු ලබන්නේ වර්තමානයේ සිටයි...එම ගොඩනගනු ලබන ෆැන්ටසි තමා ක්‍රියා කරන දේශපාලන ආර්ථිකය මත රදාපවතී....තවද මොහුට මෙය බොහෝ දුරට නීරස වන්නේ මෙය පෙර පැවති රාජපක්ෂ රෙජිමය විසින් ගොඩනගා තිබු හෙජමොනියට මෙවන් කලා වියමන් ඩිරෙක්ට් තර්ජනයක් වන නිසාය....ෆැන්ටසි ගොඩනැගීම නරක දෙයක් නොවුව්ද මොවුන්ගේ ෆැන්ටසි ස්ථාන ගත වන්නේ අතීතය දෙසටයි.කාවදාවත් නොතිබු පරම පිවිතුරු පවිත්‍ර දෙයක් අතීතයෙදී තිබිල නැති වුනා කියාල ඒ මිත්‍යාව හබා යැමට කාලකන්නි වැඩ කරනවා.අපේ ප්‍රතියෝජනාව වන්නේ අනාගතය දෙසට වඩා යහපත් ෆැන්ටසි තනන්න කියලා.කෙසේ නමුත් මින් කිසි ලෙසකත් අනුරපුර යුගයේ පැවති ශිෂ්ටාචාරය අවතක්සෙරූ නොකරන අතර (ප්‍රමිති ගත මාන තූලින්) එකල හිටියවුන් වැඩ්ඩෝ කියලා වැඩ වලින්ම ඔප්පු කරල තියෙනවා(එකල ලෝකයට සාපේක්ෂව ) , කළුවෝ කටින් බතල කොළ හිටවල ලේ රහට ඉවකරන්නේ නැතුව හිට්පන්....

      Delete
    7. //අපේ ප්‍රතියෝජනාව වන්නේ අනාගතය දෙසට වඩා යහපත් ෆැන්ටසි තනන්න කියලා.කෙසේ නමුත් මින් කිසි ලෙසකත් අනුරපුර යුගයේ පැවති ශිෂ්ටාචාරය අවතක්සෙරූ නොකරන අතර (ප්‍රමිති ගත මාන තූලින්) එකල හිටියවුන් වැඩ්ඩෝ කියලා වැඩ වලින්ම ඔප්පු කරල තියෙනවා// ඔබගේ යෝජනාව නිවැරදියි හා එකඟයි. රජුගේ රාජ්‍ය බලය වැඩි දුර නොතිබූ, අවශ්‍ය විටෙක පමණක් වැසියා හමුදාව වූ වඩාත් නිදහස් ශිෂ්ටාචාරයක් ඒ. ම සිතුවේ සත්‍යජිත් හාමුදුරුවන්ගෙන් හා ගෝතමී දරුවා ලැබීමට ගමට යාමෙන් ගම විසින් ඒ තත්වය ඉවසීම පෙන්නුම් කරනවා කියලයි. ඒ නිගමනයේදී මා වැරදි විය හැකියි. //මෙය පෙර පැවති රාජපක්ෂ රෙජිමය විසින් ගොඩනගා තිබු හෙජමොනියට මෙවන් කලා වියමන් ඩිරෙක්ට් තර්ජනයක් වන නිසාය// මේ නිගමනයට මට එකඟ විය හැකියි. කෝල් එකකින් පසු බුදු සරණයි ආදිය කියමින් වඩා යහපත් සමාජයක් උඩින් පෙන්නුම් කලද යට තිබුනේ වෙනත් එකකි.

      Delete
    8. දැන් කියා වෙනසක් නැත, හැමෝම අතේ පිරිත් නූල්ය, ගණපති කෝවිල් නොයන එකෙක් නැත. ඒක නැති වුනා කියලා උඩ පනින්න එපා. කවුරුත් අන්තිමට යන්නෙ පන්සලට, කරුමක්කාරයො ලිව්ව ගුණදාස අමරසේකරගේ දැන් තත්ත්වය බලන්න. මට නම් තියන අරෝව ගෑණු මිනිස්සුන්ට තියන මූලික ප්‍රශ්ණය බුදියන එකද කියලයි.අපේ සිංහල අධ්‍යක්ෂකයාට වෙන කතාවක් ඔලුවට එන්නෙම නැති හැටි ! පොර ශෝකය වැඩි වී එල්ලිලා මැරෙන ( සුලඟ එනු පිනිස ), ගෙදරට පරන ආමි යාලුවා ආපු නිසා
      අඩි 15 වත් උස නැති තැනකින් මැරෙන්න හිතාගන පනින ( ඔබ නැතිව... ඒ වගේ උසකින් පැන්නාම 80% වෙන්නේ අත් පය කැඩෙන එක විතරයි ), ගැබිණියන්ව හු--- මරන , දේවල් ඇරෙන්න වෙන මුකුත් නැද්ද අප්පා මේ සම්භාව්‍ය මෙව්වා එක විකසිත කරවන?
      ඒකත් අර මොකද්ද 'අනිකා' කේස් එක වගේ. අතීශය සම්භාව්‍ය ෆිල්ම් වල පෙන්නන්නෙ අතීශයින්ම ග්‍රාම්‍ය බල්ලො බැල්ලියො වගෙ දුටු තැන රෙද්ද උස්සන කතානෙ. ලේසියෙන්ම සම්භාව්‍ය වෙන්න පුලුවන් ක්‍රමයක් ඒක. ඇත්තටම මානව සම්බන්ධතා සුන්දර වෙන්නෙම නැද්ද, එහෙම නැත්තම් එහෙම ඒවා කියන්න බැරි තරමට සුලබද? අඩුම ගානෙ එක මිනියක්, පිහි ඇනුමක්, ගබ්සාවක්, හදිසි හි---ක් නැති සම්භාව්‍ය මෙව්වා එකක් ඇත්තෙම නැද්ද ?

      Delete
    9. එහෙම නැති ඒවත් තියනවා මම හිතන්නේ. නමුත් ගූගල් වලින් අති සාර්ථක දෙවන වතාවටත් සෙක්ස් වචනය හොයන රට කියල දැම්මට පස්සේ මට නම් හිතෙන්නේ තව ඒ වගේ චිත්‍රපටි නිපදවිය යුතු බවයි.

      Delete
  8. ආයෝජන කලාප වල සේවයට එන්නෙ ගොඩක් වෙලාවට ගම් වල දෙමාපියො එක්ක නීති රීති රාමුවකක් ඇතුලෙ හැදුන කෙල්ලො. ඉතිං ගෙදර භාරකාරීත්වයෙන් මිදිල ලැබෙන නිදහස උන් උපරිම භාවිතා කරනවා. ඒත් කොල්ලෙක් අතින් අමාරුවෙ වැටිලා ආයෙමත් යන්න වෙන්නෙ පට්ට සම්ප්‍රදායානුකූල සමාජෙකට කිය එක මේ අයට මතක නැති වෙනවා. ඉතිං ඒ සමාජෙ ඇතුලෙ ඉන්න සුදු රෙදි ඇඳගත්තු උපාසකලා මේ කෙල්ලන්ව නොමරා මරනවා

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තකුත් තිබෙනවා? හැබැයි අර මෙන්ඩ කියපු තත්වයත් තිබෙනවා.

      Delete
    2. @ Ajith...
      ///////////සිනමාව ගැන අතිශයින්ම උගත් ම්ගේ මිතුරකු පැවසුවේ කුණුහරප දැමීම වැරදි බවත් දඩයම වැනි සම්භාව්‍ය චිත්‍රපටයක මෙන් වදන් හැසිරවිය යුතු බවත්ය./////////

      කවුද අජියා උඹ ඔය කියන හුකන උගතා...ඌට කියපන් සාමන්‍ය මනසකින් හිතන්න කියලා... එහෙමම බැරිනම් හිකීම යනු බයලොජිකල් අවශ්‍යතාවයක් මිස, තමාගේ ගැනීට හැමනීම පමනක් කරන්නේ, සදාචාරයක් විතරක් නිසාම කියලා හිතන්න පුරුදු කරපන්. කවුද අකැමති වෙන වෙන වෙනස් දේවල්වලට... අපි ඇත්ත කතා කරමු.... අපි ආදරය සහ ලිංගිකත්වය වෙනම කතා කරමු. ඒ දෙක එකට යනවා නම් හොඳයි. නමුත් යථාර්තය ඊට වෙනස්.අපි බයයි ඇත්ත කතා කරන්න..වල් මිනිස්සු!!!!!!!!!!!!!මම අරූ!!!!!!

      Delete
    3. යථාර්තය හුඟක් වෙලාවට අපේ ෆන්ටසියෙන් වෙනස්.

      Delete
  9. රත්වත්තෙ නේද ඇමතියා? මං හිතුවා

    ReplyDelete
    Replies
    1. මං හිකුවා. කාටද

      Delete
    2. අපොයි නැහැ. එයා නෙමේ. මන් වගේ කුනිස්සෙක් ඔය ලොකු මෝරු අඳුරන්නේ නැහැ. මේත් මේ යාලුවෙකුට උදව්වට ගිය ගමනක්. ඒ දේශපාලකයා ඔහුගේ යාළුවෙක්.

      දෙවන ප්‍රශ්නෙට.........අතට

      Delete
  10. සුගතපාල ද සිල්වාගේ බල්ලෝ බත් කති නැමැති පොතේ කතා නායිකාව වන පූසති මැනිකේ සිහි විය.....

    ReplyDelete
  11. පූසති මැනිකේ යහන් ගත වෙන්නේ අගමැතිවරයෙකු සමග නේද ?

    ReplyDelete
    Replies
    1. ඔවු ... ඒක තමා සමානකම... හැබැයි ඇයව අලෙවි කලේ ඇයගේම මාමා

      Delete
    2. මෙතන දේශපලකගේ කතාව මම මතක් කලේ කවද හරි ඒක කියන්න මට ඕන කම තිබුන. මෙතැනදී මේ වැඩ කරන කාන්තාවෝ මුහුණ දෙන ප්‍රශ්න වල දෙපැත්ත මම පෙන්නුම් කලේ.

      Delete
    3. සුගතපාල ද සිල්වා වැනි නිර්ව්‍යාජ මිනිසුන් ගැන සඳහන් කිරීමත් සතුටක්!!!!!!!!!!!
      මම අරූ!

      Delete
  12. විග්‍රහය දැක්කම බලන්න හිතෙනවා.
    බලන්න ඕනි ඉස්සෙල්ලම. එතකං නෝ කමෙන්ට්ස්.

    ReplyDelete
    Replies
    1. තවම ලංකාවේ පෙන්වන්නේ නැත්ද?

      Delete
  13. නියම විග්‍රහය අජි්ත් අයියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශක මල්ලි.

      Delete
  14. මොකක් දෝ හේතුවකට මට ඔය වගේ ෆිල්ම්ස් බලන්න යන්න හිතෙන්නේ නෑ. ලංකාවේ දී කොහොමත් ගොඩක් ඔය වගේ ඒවා පෙන්නන්නේ නෑනේ.

    මට අර හිස්ටිරියාව ද මොකක් ද පොතෙන් උපුටල අරන් තිබ්බ ටික නම් තේරුනේ නෑ..

    මමත් හිතන්නේ නෑ දැන් ගාමන්ට් වල ඉන්න කෙල්ලෝ ඔය විදියට යයි කියල නම්. හැබැයි ඉතින් නොවෙන්න බැරි දේකුත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පෙන්වනවා නම් හොඳයි. ඒ කියන්නේ බලන්නේ රන්ජන් රාමනායක ගේ ඒවාද ? හින්දි ඒවාද? මම නම් කවුරු හරි හොඳයි කියන චිත්‍රපටියක් අයි එහෙම කියන්නේ කියල බලන්න හරි ගිහින් බලනවා. ඒ වගේ මම බලපු දෙකක් (වර්ටිගෝ - දෙවෙනි වර බැලුව ත්‍රිමාණ එකේ දාපු නිසා විචාරයක්) , සේවින්ග් රෝසි අනිත් එක. පොතේ උපුටල තිබෙන දේ තේරෙන්නේ නැත්නම් නැවත කියවන්න. ආයිත් නැවත කියවන්න. පළමු වර නොතේරෙන දේ දෙවන වර තේරෙයි. මේ ගාමන්ට් කෙල්ලෝ ගැනම විතරක් කතා කරන්න හදපු එකක් නෙමේ. සමාජයේ එකපැති කඩක් අරගෙන සංවාද කිරීමක් .

      Delete
  15. නොබලපු චිත්‍රපටියක් ගැන විචාරයක් ගැන කොහොමද කියන්නේ.කොයි හැටි වෙතත් අර ඉහතකි වර්ගයේ දේශපාලකයෝ ඉතිහාසයෙන් අතුගා දැමිය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නම් මැරිලා විතරයි අතු ගෑ වෙන්නේ. මොකද අපේ නුවණැති ජනයා බොහොමයක් එවුන් චන්දෙ දීල තමන් පාලනය කරනන් එවනවනේ.

      Delete
  16. බලෙන් හරි චාටුවෙන් හරි කරන්න ඕනේ ඔක්කොම කරගෙන ඉවරවෙලා ඒ කෙල්ලන්ට පට්ට වේ..යෝ කියන උන්ගේ පිරිමිකම තමයි නියම පිරිමිකම...

    එතනින් එහා මේ ෆිම්ල් එක විතරක් නෙමෙයි ෆිල්ම් ගැන ගැනනම් දන්නේ නැහැ, බලන්නේ නැති නිසා
    ඔය ෆිල්ම් කියන ජාතිය TV එකේ යනවා වැරදිලා වගේ දැකල බැලුවොත් මිසක් බැලෙන්නෙම නැහැ...

    පැතුම් කිව්වා වගේ අර පොතෙන් ගත්තු උපුටනය මටත් ග්‍රීක් වගේ, ඒ අස්සේ අර ඇනෝ කෙනෙකුත් බරසාර වචන වගයක් දාල තියෙනවා... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා, මම තමා ඔබේ උක්ත කමෙන්ට් එකෙන් බර සාර වචන දාලා කියලා හීන් කින්ඩියක් දාලා සදහන් කරපු ඇනෝ...ඔව් ඔබට දැන් මොන මොන තැන්ද නොතෙරුනේ මම කිව්ව දේ වලින්....සිරාවට අහනේනේ ඔබට මොනවද පැහැදිලි කරගන්න අවශ්‍ය? සිරාවට අහන්නේ කියපන් කියපන් අවුලක් නෑ...

      Delete
    2. ආහ් මේ ප්‍රශ්නේ ලොකු පුතාගෙන් අහන්න අමතක වුනානේ(පරන ඇනෝමයි මේ) .....උඹ කමෙන්ට් එකේ මෙහමත් ලියල තියනවානේ //බලෙන් හරි චාටුවෙන් හරි කරන්න ඕනේ ඔක්කොම කරගෙන ඉවරවෙලා ඒ කෙල්ලන්ට පට්ට වේ..යෝ කියන උන්ගේ පිරිමිකම තමයි නියම පිරිමිකම// මේකට මට අහන්න තියෙන්නේ උඹ වැල (porn) බලද්දී වැඩිපුර බලන්නේ පරපීඩක ලින්ගික (BDSM) ශානරේ ඒවානේද? ඇත්ත කියපන් හෙහ් හෙහ් හෙහ් ....අපි දන්නවා.... ;) කෝකටත් උඹ ඩවුන්ලෝඩ් කරල නම් බලන්නේ ප්‍රෝගෑම් ෆයිල් අස්සේ වගේ හන්ගපන්...එක්ස්ටර්නල් හර්ඩ් එකක් නැත්නම්...මේක දැකල කවුරු හරි එකෙක් උඹේ පීසී එක චෙක් කරොත්....හැබයි උඹ බැලුවට කමක් නෑ ඕන්...ඕවා කරන්නේ බලාගෙන...ඊළගට ගොසිප් ලන්කා එකේ තියෙයි උඹ මොනව හරි කොරගෙන...සිරාවට හිටන්

      Delete
    3. @Anonymous25 May 2015 at 16:32

      වචන වශයෙන් මා කියුවේ නැතත් බරසාර යමක් ඔබ ලියු බව ඔබ පිළිගත් නිසා නොවේද නැවත පැමිණ මාගෙන් එය විමසන්නේ... :)

      @ Anonymous25 May 2015 at 16:58
      ///මේකට මට අහන්න තියෙන්නේ උඹ වැල (porn) බලද්දී වැඩිපුර බලන්නේ පරපීඩක ලින්ගික (BDSM) ශානරේ ඒවානේද? ///

      මගේ කමෙන්ටුවේ ඇති උත්ප්‍රාසය ඔබ වටහාගෙන නොමැතිව මෙවැනි කාරණා අසන බවක් සිතේ...

      ///උන්ගේ පිරිමිකම තමයි නියම පිරිමිකම.../// මා මින් අදහස් කලේ මුනුත් පිරිමිද යන අදහසින්...
      නමුත් එය ඔබ දුටු ආකාරයටද දැකිය හැකි බව මටද තේරුනේ ඔබේ පිළිතුරෙන් පසුවය...
      කමෙන්ටු එඩිට් කිරීමට නොහැකි වීම සම්බන්ධව කණගාටු වෙමි.

      Delete
    4. @ලොකු පුතා .ඔබ උපහාසයට මෙය ලියු බව මට තේරුණා. ලංකාවේ හිතන විධිහ. හොඳම උදාහරණය සාරුව සුනිල් වෙන්න ඕනේ.
      //බලෙන් හරි චාටුවෙන් හරි කරන්න ඕනේ ඔක්කොම කරගෙන ඉවරවෙලා ඒ කෙල්ලන්ට පට්ට වේ..යෝ කියන උන්ගේ පිරිමිකම තමයි නියම පිරිමිකම...//

      Delete
    5. ඔබට ලිවූ යමක් තේරෙන්නේ නැත් නම්. එය නැවතත් කියවන්න. එවිට තව ටිකක් තේරුනොත් නැවතත් කියවන්න. ලිවූ වාක්‍ය බෙදන්න (විසංයෝජනය), වෙන වෙනම තේරුම හොයන්න. නවතැහැ එකතු කර කියවන්න.

      Delete
    6. ලොකු පුතා ඔබ යම් අපහසුතාවකට පත් වුනා නම් සාමා වන්න...ඔබ කමෙන්ට් කර තිබූ අකාරයට මා වටහා ගත්තේ, ලක්දිව බොහෝමයක් පිරිමි සේ ඔබත් ගැහැනු සියලු ආකාරවලින් සූරාකා ඔවුන්ව තව බයිට් එකට ගන්නා , එය මහ වීරකමක් ලෙස සලකා කමෙන්ට් කීරිමක් ලෙසයි...එම නිසයි ඔබට මා ප්‍රාහරයක් එල්ල කෙරේ.... එවන් පුද්ගලයන් බ්ලොග් අවකාශයේ දුලබ නැති නිසයි සහ වරදවා ඔබත් ඒ ගනයට සලාකයි ප්‍රාහරය එල්ල වුයේ...සිදුවු අපහසුතාවට නැවතවතාවක් සමා වන්න. දෙවන කාරණාව මම මෙතන ලියා ඇති දේවල් බරසාරද කියා මන් දන්නේ නෑ...හැබැයි මම ඒක ලිව්වේ අනිත් අයගෙන් වෙන්ව පොරත්වයක් ලබා ගැනීමට නොවේ සරල අදහස් දැක්වීමක් පමනයි,,, නමුත් මා ලිවු ඔබ බරසාර යැයි සලකන දේ හැකි සරල ආකාරයට නැවත විවරනය කිරීමට,ඔබට ඇත්තටම ඇවැසි නම් මා සූදානම්.(මා පෞද්ගලිකව සිතන්නේ නෑ එය මාර හෙන ලොකු නැවත විවරනය කීරීමට තරම් දෙයක් කියා) ..මා ඔබට පොඩි උපහාස්ත්මක අකාරයෙන් පිළිතුරු දුන්නේ ලාන්කික බ්ලොග් අවකාශයේ සැලකිය උතු පිරිසක් කවුරු හරි මොකක් හරි ගැන බොහොම අමාරුවෙන් හරි අදහස් හුවමාරු කරන විට එය කිච කර ආතල් එකක් ගන්න උත්සහ ගන්න බැවිනි..මා සිතනවා ඔබ ඔවුන් ගෙන් එකකෙකු නොවේ කියා - ඔබට කමෙට් කර මා පරන ඇනෝමයි

      Delete
    7. හැක්...මෙච්චර හොඳ ඇනෝ කෙනෙක් දැක්කමයි....තමන්ගේ වැරදි පිළිගන්න ඇනෝ මහත්මයෙක්.

      Delete
    8. @ Anonymous26 May 2015 at 12:11
      ඔබතුමා නියම මහත්මයකු බව පැහැදිලිවම පෙනේ.
      මා බරසාර අදහසක් යයි කියා කිව්වේ ඔබව අපහසුතාවයකට පත් කිරීමට නොවේ.
      එය සාමාන්‍යයෙන් අප දකින සරල සුමට භාෂාවෙන් මදක් අපගමනය වී ඇති නිසාය.
      නමුත් එය මා හට වුවද කියවා තේරුම් ගත හැකිය. නමුත් එහි ඇති වෙනස් ස්වභාවය එය සරළ කියමනක් ලෙස සිතීමේ මග අහුරයි.
      බ්ලොග් ලිවීම සහ කියවීම අනෙකුත් අටෝරාසියක් වැඩකටයුතු අතරේ සිදු කරන මා වඩා කැමති සරළව ලියා ඇති දෑ කියවීමටය.
      (නමුත් මා ඉන් අදහස් කරන්නේ ඔබ මා කැමති ආකාරයට ලිවිය යුතු බව නොවේ)

      අජිත් උපුටා දක්වා තිබු උපුටනයන් පවා මා නොකියවූ තරම්ය... ;)

      ///මා ඔබට පොඩි උපහාස්ත්මක අකාරයෙන් පිළිතුරු දුන්නේ ලාන්කික බ්ලොග් අවකාශයේ සැලකිය උතු පිරිසක් කවුරු හරි මොකක් හරි ගැන බොහොම අමාරුවෙන් හරි අදහස් හුවමාරු කරන විට එය කිච කර ආතල් එකක් ගන්න උත්සහ ගන්න බැවිනි..///
      ඔබව අපහසු තාවයට පත් කිරීමේ කිසිදු අදහසක් මා තුළ තිබුනේ නැත.

      නමුත් ඔබගේ දෙවැනි කමෙන්ටුව දුටු පසු මා හට හැඟී ගියේ මා මතු කරන්නට උත්සාහ කල උත්ප්‍රාසය තේරුම් නොගත්තෙකු විසින් මාව බයිට් කරන්නට උත්සාහ කරනවා කියාය... :)

      ///ඔබට ලිවූ යමක් තේරෙන්නේ නැත් නම්. එය නැවතත් කියවන්න. එවිට තව ටිකක් තේරුනොත් නැවතත් කියවන්න. ලිවූ වාක්‍ය බෙදන්න (විසංයෝජනය), වෙන වෙනම තේරුම හොයන්න. නවතැහැ එකතු කර කියවන්න.///
      මම පුරුද්දක් වශයෙන් ලියනා යමක් දෙතුන් වතාවක් කියවන කෙනෙක්. නමුත් කමෙන්ට් එක ලියල එය උත්ප්‍රාසයක් යන කෝණයෙන් බැලු නිසා මට එහි ඇති වඩා පැහැදිළි අනෙක් අදහස එකවර ඔළුවට ආවේ නැහැ... :(

      Delete
  17. මාර්ටින් චස්ල්විට්25 May 2015 at 09:52

    හිස්ටීරියාව නම් පොතෙන් ගත් කරුණු නම් නොකියවාම අත්හැර දැමුවෙමි - කොහොමත් දීප්ති අපට බරසාර වැඩිය :) ෆිල්ම් එක නම් තාමත් බලා නැත - දැන් බලන්නට වෙන්නෙ වීඩියෝ පටයකින්ය - එඩිටිං ගැන කියනවා නම් සෝවියට් සිනමාවේ විශිෂ්ඨතම කෘතීන්වලත් තව ටිකක් කෙටි කළ හැකි තැන් ති‍බේ - විවිධ කැමරා කෝණ භාවිතය ආදිය මඟින් ඉතා දිග චිත්‍රපටයක් වුවද ප්‍රේක්ෂකයාට ‍බෝරිං නොවී ඔහු/ඇයගේ අවධානය නිරතුරුවම රඳා තබා ගැනීමේ හැකියාව දක්ෂ අධ්‍යක්ෂවරයෙක්ට තිබේ

    ReplyDelete
    Replies
    1. මචන් මාටියෝ.......දීප්ති බර සාර වැඩි කාලයක් තිබුනා... හැබැයි මාටියෝ රුවන් ෆර්ඩිනැන්ස් එක්ක රන්දිව කරන්න යනකොට බර වෙනුවට හර වෙයි. පවු බං දීප්ති!!! විහිලුවට ලිව්වුට, හිතේ ලොකු බරක් තියෙනවා...මීට... මම අරූ!!

      Delete
    2. බරක් තියෙනවා නම් නිදහස් කරගනින්....ඉක්මනට....ඔච්චර දීප්තී ගැන හිතනවා නම් ඌ කරන වැඩේ ඉස්සරහට ගෙනියන්න ට්‍රයි එකක් දීපන්....ඕනේ තුප්පහි වැඩක් කර කර ඉදලා තමන්ගේ හිත හදාගන්නවා "අවුලක් නෑ ඉතින් අපි ගේම හැහුවට දීප්ති වැඩේ කරනවනේ " කියලා...ඒකරල බරයි බරයි කිය කිය ඉන්නවා

      Delete
    3. ඔබට ලිවූ යමක් තේරෙන්නේ නැත් නම්. එය නැවතත් කියවන්න. එවිට තව ටිකක් තේරුනොත් නැවතත් කියවන්න. ලිවූ වාක්‍ය බෙදන්න (විසංයෝජනය), වෙන වෙනම තේරුම හොයන්න. නැවත එකතු කර කියවන්න.

      අරූ, රන්දිව වහල කියල ආරන්චියි. දීප්ති බර සාර කියන්නේ නොකියවා වෙන් ඇති නේද අරූ . දීප්තිට පවු කියන්න අවශ්‍ය නැහැ. මන් හිතන්නේ කරන්නේ මොකක්ද කියල දැනගෙන කරන කෙනෙක්.

      Delete
  18. මේ චිත්‍රපටය මෙච්චර කම්මැලි එකක් වුනේ ඒක ප්‍රදර්ශනය කරන්න ඕනේ කාලයේදී නැතුව ගොඩක් පහුවෙලා ප්‍රදර්ශනය කිරීම.හේතුව දන්නේ නැතිවුනත් ඒකෙන් ඒ චිත්‍රපටයට උනේ අසාධාරනයක් කියලයි මමනම් හිතන්නේ.කොහොම කලත් අර මෙන්ඩා කිවුවා වගේ ඔය තත්වය දැන්නම් ගොඩක් වෙනස්.ඒත් තාමත් "සබ්" අරන් කරන කුඩා පරිමාණ කර්මාන්තශාලාවල ඕවායේ නටඹුන් ඉතුරුවෙලා තියනවා.
    නිකිනි වැස්ස, සමනල සංධ්වනියට පස්සේ හොඳ සිංහළ චිත්‍රපටියක් ආවෙම නැති තරම්....

    ReplyDelete
    Replies
    1. ඒක ඒ දවස් වල තිබු රැඟුම පාලක මණ්ඩලේ වැරැද්දක්. කුණුහරප කපන්න කියල අධ්‍යක්ෂක ප්‍රතික්ෂේප කරපු නිසා පෙන්වන්න දුන්නේ නැහැ කියල තමා දන්නේ. මේ තත්වය වෙනස් තමා. නමුත් කථාව ගලා යනවිට ඔබට පෙනේවි එය මේ තත්වයට අදාලව නොව වඩා විශාල පරාසයක් කරා යන බව.

      Delete
    2. නිකිණි වැස්ස හොඳයි කියන්නෙ මොන පදනමකින්ද මන්දා. මිනී පුච්චන තැනක් හදන එක ජීවන කාරිය කරගන ඉඳීම සහ මඤ්ඤං ආර්කිටෙක්ට් හරිම අභව්‍යයිනේ. කිසිම වැදගැම්මක් නැති මොට්ට කතාවක්. ඒත් සම්භාව්‍යයිනේ අප්පා. චාන්දනී එම්බාම් මේසේ උඩ කලාත්මකව ඉන්නවා, ඒක තමයි සම්භාව්‍ය, තව තැනක කෙල්ලෙක් සිගරට් එකක් උරන්වවා ඒකත් මාර සම්භාව්‍යයි. මිනීපෙට්ටි ලොරිය යාම සමග කාලය ගතවීම සම්භාව්‍යයි...තව සම්භාව්‍ය කෑලි කීපයක් තිබුනද මන්දා.

      Delete
  19. 90 dashakaya 81,82,83,84,85,86,87,88,89,90- amila

    ReplyDelete
  20. ''පොකුණු දිය බොර කළ පට්ට වේසිගේ කතාව''ඇයි මේ විදියට කුණුහරුප ලියන්නේ,මේ දේවල් සමාජය අතරට යන්නේ ඔබ දෙන/ලියන/කියන තොරතුරු වලින් මිස සාමාන්‍ය සමාජය නොව මේවා ලියන්නෙ/කියන්නෙ.ඔබ දෙන පණිවුඩය බුද්ධිමත්ව හිතා ලියන්නේ නම් සමාජය හොඳ දෙයක් අහුල ගන්න පුරුදු වේ.'කන්න කටක් තිබුනට මදි,ඉන්න රටකුත් ඕනා,ඉන්න රටක් තිබුනට මදි හිතන්න මොළයකුත් ඕනා'.විචාරයන් දෙන්නේ ඔබ දෙන පණිවුඩය මත වූවත් ඉස්පිලි,පාපිලි,යනාදියෙන් වෙනස් වන වචන පරිස්සමින් හසුරුවා ගැනීමේ ක්‍රමවේද දැනුමක් අවශ්‍ය යුගයක් මේ.

    ReplyDelete
  21. ''පොකුණු දිය බොර කළ පට්ට වේසිගේ කතාව''ඇයි මේ විදියට කුණුහරුප ලියන්නේ,මේ දේවල් සමාජය අතරට යන්නේ ඔබ දෙන/ලියන/කියන තොරතුරු වලින් මිස සාමාන්‍ය සමාජය නොව මේවා ලියන්නෙ/කියන්නෙ.ඔබ දෙන පණිවුඩය බුද්ධිමත්ව හිතා ලියන්නේ නම් සමාජය හොඳ දෙයක් අහුල ගන්න පුරුදු වේ.'කන්න කටක් තිබුනට මදි,ඉන්න රටකුත් ඕනා,ඉන්න රටක් තිබුනට මදි හිතන්න මොළයකුත් ඕනා'.විචාරයන් දෙන්නේ ඔබ දෙන පණිවුඩය මත වූවත් ඉස්පිලි,පාපිලි,යනාදියෙන් වෙනස් වන වචන පරිස්සමින් හසුරුවා ගැනීමේ ක්‍රමවේද දැනුමක් අවශ්‍ය යුගයක් මේ.

    ReplyDelete
    Replies
    1. //ඇයි මේ විදියට කුණුහරුප ලියන්නේ// ඔබට මෙතන තිබෙන irony එක - දෙබිඩි ලෙස වචන පාවිච්චිය - වැටහී නැතුව වගෙයි. මේකට double speak කියලත් කියන්න පුළුවන්. ඔය මාතෘකාව සමාජයට එල්ල කරන පහරක් මිස ඇයව පහත් කිරීමක් හෝ කුනුහරුපයක් නොවේ.

      Delete
    2. ''පට්ට වේ........'' ඔබ හිතනවා එය සාධාරනයි කියා මූත්,එවැනි වචන උගත් නූගත් දෙපක්ෂයම ඉතා හොඳින් එක එල්ලේම තේරුම් ගන්නවා පට්ට වේසිගෙ යන අර්ථය ට.නමුත් ඔබ පිටුවේවත් කාගේ පිටුවේවත් මේවා බුද්ධිමත් යයි සිතා ලියන කිසිම අර්ථයක් වටහා දෙන්න්නේ නැති ගලාගෙන එන සේ ලියා ඇවිත් අවසානයේ ඒ හරුප සමාජයට වැමෑරීම සුභ ලකුනක් ද නොව.එසේ නම් විචාරයක් සඳහා ලාංකීය මුහුණත් පිටුවල පතුරවන්න.එවැනි ප්‍රචාර ඔබ අසභ්‍ය නොවේ යයි සිතීම පිලිගත නොහැක.බොහෝ අය ජනප්‍රිය තාව පතා සමාජය වැලඳ ගන්න ආකාරය සූක්ෂම බව කාලෝචිත පෙන්වා දේ.තවදුරටත් මිනිසාගේ මනසවල් ඝාතනයට ඉඩ නොදෙමු.ඕනෑම දෙයක් ගැන මාගේ විචාරයට එවන්න.මා සූදානම්.

      Delete
    3. මෙහි ඔබ කියනන් අදහස් කරන්නේ මම පට්ට වේසි යන වචනය භාවිතාව වැරදි කියල නම් සමාජයේ එය භාවිතයත් නැවැත්විය යුතුයි. මෙතන එවැනි වර්ගකිරිමකට ලක්වන ගැහැණිය පිලිබඳ විවේචනාත්මක බැලීමක් නොව සහයෝගයෙන් බැලීමක් තමා කර ඇත්තේ. අනුකම්පාව කියන වචනය භාවිතා කරනන් මම කැමති නැහැ. ඔබ සිටින උපාසක සමාජයම තමා මෙවැනි තරුණියන්ට ගරහන්නේ. එසේ කර වචය භාවිතා කිරීම වැරදි යයි කියනවා. කල යුතුව තිබෙන්නේ මෙවැනි කාන්තාවන් සඳහා සාධාරණය ඉෂ්ට කිරීමයි.
      මගේ ලිපියේ මෙහෙම තැනක් තිබෙනවා:
      /.මේ අවස්ථාවේ මා ළඟ හිඳගෙන සිටි චිත්‍රපටිය පටන් ගත් තැන සිට නිතර තම බිරිඳ සමග විස්තර ප්‍රචාරය කරමින් සිටි සැමියෙක් මෙසේ කියනු අසා සිටියෙමි. "පට්ට වේසි, ඌම (විපුලව) අල්ල ගන්න ඕනෙද? පව් අර අහිංසක කෙල්ල මංගලා, අර ගෙදර ඉන්න අනිත් කොල්ලට (සුරන්ජිත් - ගයන් ලක්රුවන් ) කියල කර ගත්ත නම් මොකද ".// මෙය ඇත්තටම සිදු විය. එසේ මේ කතාවේ ගැහැණිය අවමානයට ලක් කිරම සුදුසුද? ප්‍රශ්නය එයයි.

      Delete
    4. තර්කයට පුලුවන් බොරුව ඇත්ත කර ඇත්ත බොරුව කර පෙන්වීම.ගැහැණිය වක්‍රාකාරව හෝ අවමානයට ලක්කර පෙන්වීම හෝ ඇයි මෙසේ මෙවැනි ලිංගික කුතුහලය කිතිකවන සමාජය සහමුලින් ම ග්‍රහනයට හසුවී මානසික පීඩාකාරී තත්වයකට පත්කරන චිත්‍රපට හෝ ලියූ කතාවක් හෝ මිනිසාගේ රස ග්‍රහනයට හසුකරන්නේ කුමණ අරමුණක ටද?

      Delete
    5. තමා සිටින උපාසක සමාජයම තමයි ස්ත්‍රීන් ට ගරහන්නේ;උපාසක සමාජය මා දකින්නේ සුලු ජනතාව ලෙසයි.මහජනතාව ලෙස මා දකින්නේ ධනවාදීන් ලෙසයි.නමුත් මා කිසි ගැහැනියකට ගරහා නැත මුත් අප සමාජය නොදන්න පැති අධ්‍යාත්මික පැත්ත ට යොමු කල යුතු යුගයක් වේ.ලෝකෙ සෑම තත්පරයකම මිනිසාව එක් වෙළඳපොලකට විසිකර දමන කල ඔවුන් හොඳ හෝ නරක ඒ පොලෙන් අහුලාගන්න පොරකති නම් ඔබ කියන පරිදි නරක දේවල් වූවත් මිනිසා විඳිය යුතු කමක් බව ව්‍යාංගාර්තයෙන් දැනුම් දේ.ඇයි ඊට වඩා හොඳ කෘතීන් ගැන සමාජ විචාරට භාජනය කරන්න ඉඩක් නැත්තේ?එවැනි දේවල් කාලෝචිත වේ.

      Delete
  22. ++++😁
    3mana එකේ ඉදලා ආවෙ ලින්කුවකින්😅

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .