රත්මලානේ හෙන්ට්ලි සහ මැක්සිම් යනුවෙන් ඇඟලුම් කම්හල් දෙකක් තිබුණි. මේවා නිදහස් වෙළඳ කලාප පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ පිහිටවූ එවැනි මුල්ම කම්හල්ය. ඇය හෙන්ට්ලි ආයතනයේ සුපර්වයිසර් හෙවත්, ඈ කිවූ අන්දමට "ළමයින්" ගේ වැඩ පාලිකාවක් වූවාය . එවැන්නියන් කිහිප දෙනෙක් ශාලාවකට සිටිති. බොහෝ විට 'ලයින්' එකකට එක් අයෙකු බැගිනි. පසුව මැක්සිම් ඇඟළුම් කම්හලේ තත්ව පාලකවරියක් (quality control) ලෙස රැකියාව ලැබුවාය.
මේ ආයතන යුරෝපයට ඇඟළුම් සැපැයූ සාර්ථක කම්හල් දෙකක් විය. මේ ආයතනයන් රත්මලානේ බොහෝ අයට රැකියා සැපයූ ස්ථානයන්ය.
මේ 1970 දශකයේ අග කාලයයි. මැක්සිම් සහ හෙන්ට්ලි යන ආයතන දෙකෙහිම එක දිගට වර්ජන රැල්ලක් පටන් ගැනුනි. එය පටන් ගත්තේ මැක්සිම් ආයතනයේ සේවකයෙක් කිසියම් වරදකට එලියට දැමීම හා සේවකයන්ට වැසිකිලි පහසුකම් ලැබීමේ කාලය පිලිබඳ ප්‍රශ්නයකට විය යුතුය. ඒ දිනවල කුඩා ළමයෙකු වන මට ඒ පිලිබඳ හරි මතකයක් නැත.
නමුත් අප බැලීමට පැමිණෙන ඇය අත සැමවිටම හොඳ රස කැවිලි තිබුණු බව මතකය. ඉඳ හිට ඇඳුම් පැළඳුම් තෑගී වශයෙන් ලැබුණි.
මේ කාලයේ ඇය, පෙමින් බැඳුණේ ඇයට වඩා රැකියාවෙන් පහළ කම්කරු ශ්‍රේණියේ කෙනෙකු සමගය. ඔහු වාමාංශික පක්ෂයක සාමාජික ගාස්තු ගෙවන ඒ දිනවල කොළඹ කම්කරු පන්තිය මෙහෙයවූ වා...හා බා ...දෙදෙනාගේ භක්තිවන්ත සපෝටර් කෙනෙකු විය. මේ සම්බන්ධයට විරුද්ධව මගේ පියා ඇතුළු අය කොතෙකුත් අය කරුණු කීවද සැලුනේ ඇය නොවේ. (ඔවුන් විරුද්ධ වූයේ රැකියාව ගැන නොව ඔහු නිතරම බීමතින් සිටීම නිසාය)
ඇයට දරුවෙකුද ලැබුණි. ඇය සැමියා සමග මැයි දින රැලි වලටද ගියාය. මේ කාලයේ සෝවියට් සඟරා මෙන්ම සෝවියට් පොත පත කියවමින් තරමක මාක්ස්වාදී මතයක සිටි මට ඇය පෙනුනේ සම්මතයට එරෙහිව යන, මේ පොත් පත්වල සිටින වීරවරියක ලෙසිනි. මා ළඟ තිබූ "අම්මා " සහ ගෝර්කිගේ පොත් පෙළ ,"ගුරු ගීතය", "වානේ පන්නරය ලැබූ හැටි","සැබෑ මිනිසෙකුගේ කතාවක්" ආදී සියල්ල ඇය ඉල්ලාගෙන ගෙන ගොස් කියවා තිබුණාය . ඇයට තමන්ව පෙනුනේ "පාවෙල්" ගේ මව ලෙසය.
මැක්සිම් ආයතනය තුල පක්ෂය මෙහෙයවූ ඊළඟ වර්ජනයට නායකත්වය දුන් අයගෙන් කෙනෙක් ඇය වූවාය. ඇය රැකියාවෙන් නෙරපා දැමුණි. අසූවේ වර්ජනයට සහභාගී වීමෙන් ඇගේ ස්වාමියා ගේ රැකියාව ද අහිමි වුනි.
ඒ කාලයේ එක්තරා වලව්වකට සම්බන්ධයක් ඇති වාමාංශික නායකයෙකු ගේ නිවසට ගිය විට ගේට්ටුව වත් නොඇරවුනු බව ඇය කීවාය.
වරෙක් දහවල කෑම කන වෙලාවේ පැමිණි ඇයට අප කෑමට ආරාධනා කල විට කුස ගින්නේ සිටි පුතාට කෑම දී ඇය කෑම නොගෙනම පිටව ගියාය. ඇගේ අභිමානය නොසැලී තිබුණි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කල ඇන් ඇම් ගැන කොල්වින් ගැන, බ්‍රේස්ගර්ඩ්ල් ගැන මා මුලින්ම දැනගත්තේ ඇගෙන්ය.
යුඇන්පී රෝයල් එකට පුතා ඇතුලත් කිරීම ගැන ඇය මපියාට උපහාසයෙන් සිනාසුනාය. මා ශිෂ්‍යත්වයෙන් සමත්ව එසේ ඇතුළත් වූ බව මම ඇයට පැවසුවෙමි.
ඇගේ පුතාට හොඳ විදුහලක් සොයා වමේ නායකයන් ගේ උදව් පැතූ බව දනිමි. ඔහු ගියේ ඇස්වාට්ටුව පැත්තේ රජයේ පාසැලකටය.
මා සෝවියට් දේශයට ඉගෙනුමට යන බව අසා ඈ සතුටු වූවාය. පාවෙල්ලා ඒ රටේ තව දුරටත් නොමැති බව අසා ඈ කම්පා නොවුනාය. ඒ වනවිට ඇගෙන් පළවූයේ උපේක්ෂා සහගත බැල්මක් පමණි.
ඇය ඇගේ රැකියාව අතහැර දැමීම වරදක් බව මම ඇයට නිතර කීවෙමි. වර්ජනය කිරීම ජනතාවගේ පරම අයිතියක් බව ඇය මට නිතර කීවාය.
වර්ජනය කිරීම ගැන සමාව ඉල්ලා එජාප මන්ත්‍රී කෙනෙකු හරහා ඇගේ සැමියා රැකියාව නැවත ලබාගත්තේ නොකළ බැරිකමට බව මම දනිමි.
සැමියා වෙනත් ගැහැනියක සමග සම්බන්ධයක් පටන් ගනිද්දී ඇය නොසැලී සිටියාය.
ඇගේ පුතා අතුරුදහන් විය.
ඇගේ කිසිදු වාමාංශික සගයෙකු ඇය බැලීමට පසුගිය අවුරුදු 25 තුල නොපැමිණියහ. සමහර විට ඔවුන්ද ජිවිත සටනින් පැරදී සිටිනවා විය හැකිය.
ඇගේ දෑසේ තිබු දීප්තිය මම ඉන්පසු නොදිටිමි. ඉඳහිට මුදලින් කල සුළු උපකාරයක්, චොකලට් එකක් දීමක් හැර වෙනත් උපකාරයක් නොකෙලෙමි.
කිහිප දෙනෙකුගේ පමණක් දෙනෙත් තුල කඳුලක් රඳවා ඈ හුදෙකලාවම නික්ම ගොස්ය.
ලංකාවට කතා කර ඇගේ අවමගුලේ වියදම් පිළිබඳ වගකීම භාර ගතිමි.
බ්‍රිතාන්‍යයේ රැකියාව කර ලැබෙන මුදලින් එය පියවීමට සිදුවීම ගැන ඇය මට සමාව දෙනවා නිසැකය.
සමහර ෆයර් බ්‍රෑන්ඩ් සෝෂලිස්ට් (firebrand socialist) ලා එක්කෝ අවසානයේ තම සටන පාවාදෙන බවත් නැත්නම් හුදෙකලාව මිය යන බවත් මම දැන් අත්දැකීමෙන් දනිමි.
අයිරීන් සහෝදරිය (අයිරීන් නැන්දේ) ඔබට සුභ ගමන්.