මේ බ්ලොග් අඩවියේ 2015 වසරේ පලවූ නවකතාවක් තමයි "සියාමා ". මම අද ගිහින් බැලුව ලැබුන ප්‍රතිචාර දිහා. අපි හැමෝම හොඳ යාළුවෝ වගේ කතා කරපු කාලේ. මාතලන්, දේශකයා, කල්‍යාණ මිත්‍ර, එකොනොමැට්ට, රසික, බස්සි, ඉවාන් පව්ළුෂා , පැතුම් හේරත්, මහේෂ් රත්නායක, හැලපේ, අනුර, එළද බ්‍රා මෙන්ඩ, මධු මාධවී, මනෝජ් ප්‍රනාන්දු , රොටියා, සඳ වියමන්, රාජ් , ගස් ලබ්බ, සින්දු ඇනෝ , කටුසු හදවත , ඔමාගේ හීන, මනාගේ පින්තාරුව, අනෝෆිලිස් ඇතුළු ඔබ සැම හෘදයංගම ප්රතිචාරයන් ලබා දුන්නා. ප්‍රියන්ති හංසමාලි නමැති නමින් පැමිණි ඔබ මේ කවිය ලියල තිබුන.
"තරු අතර සැඟව ගිය
සොයමි ඔබෙ නෙතු යුග
නිවි නිවී දැලවෙන
අර ලස්සන පුංචි තරුව ළඟ
ඔබ සිටින බව දනිමි....
නුදුටු සේ යළි යළිත්
මම සොයමි මුළු අහස පුරාවට
ආයෙමත් හැංගෙනවා
එහෙම නොවෙයි ඔන්න...."
තරු රසි පොත කෙටි නවකතාවකට හොඳයි කියල ලියල තිබුන. ඉතින් අන්තිමට මම ඒ කතාව පොතක් කළා. චූලානන්ද සමරනායක සහ අසංක සායක්කාර ගේ උදව්වෙන්. ඉතින් මේ පුංචි කෘතිය ගැන පොඩි කතාබහක් සූදානම් කළා මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ. සවස .00 ඉඳන් මම එතන ඉන්නවා. කතා කර කර ඉන්න කැමති නම් ඒ වෙලාවට එන්න. පටන් ගන්නේ තුනහමාරට හතරට විතර .
කතා කරන්න ඉන්නේ නන්දන විරරත්නයි, දීප්ති කුමාර ගුණරත්නයි. ගීතයක් දෙකක් ගායනා කරන්න දැරිවියක් ලෑස්ති වෙලා ඉන්නවා. පොඩි චිත්‍රපටයක් පෙන්වන්නත් ලැහැස්ති වෙනවා කතා ඉවර වුනාට පස්සේ. කතා ඉවරවෙනකොට හය වෙයි. ඊට පස්සේ කැමතිනම් වාර්තා චිත්‍රපටය නරඹන්න රැඳී සිටින්න පුළුවන්.
සභාව මෙහෙයවන්නේ අපි කවුරුත් දන්නා තරු රසි සහ ඉවාන් පව්ලුෂා.
ඔබ සැමට කරන සුහද ආරාධනයයි මේ.
ස්ථානය: මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රය, 281, ඩීන්ස් පාර, කොළඹ 10..