Monday 17 August 2020

අග්ගෝ හමස්මී පොලිටික්ස........අරුණ පෙරේරා


ඇත්තම කියනවා නම් මම මැටි වැඩ වලට කැමැතියි. සමහර වෙලාවට කරන්නෙත් මැටි වදනේ. සම්මාන උළෙලවල් ඕගනයිස් කරනවා වගේ ඒවා. තවමත් සමහර බූරුවෝ ඒක අල්ලලා එන් ජී ඕ වලින් මට ආපු සල්ලි ගැන,කියනවනේ.  
ලුණුගල ඉන්න කාලේ පොඩි දොළක් තිබුනා. සුදු වැලි පාර පහල. දැන් නැහැ ඒක . ඒ හරියේ මැටි තිබුනා. මම ඒවා ගෙනත් ගෙදර එක එක දේවල් හදනවා. 
අනික මැටි භාණ්ඩ හැදීම ඇත්තටම කලාවක්. හදල පිටරට යවන්න උනත් පුළුවන්.

මේ පහල ලියා ඇත්තේ මගේ අදහසක්ම  නොවේ. නමුත් එකඟ වෙන්න පුළුවන්. කලක් බ්ලොග් ලෝකයේ වැජඹී සිටි "අවුල් වෙන්නට පෙර " බ්ලොගය ලියූ අරුණ පෙරේරා සහෝදරයා ගේ සටහනකි. ඔහුගේ අවසරය ඇතිව මෙහි පළ කරමි.

අග්ගෝ හමස්මී පොලිටික්ස........

 මෙයින් කියවෙන්නේ දේශපාලනයෙන් ලොව පහලවු ශ්‍රේෂ්ඨයා මම වෙමි යන්නය. එසේ සිතනා කෙනෙක් සිටීනම් එය ක්‍රියාවෙන් ඔප්පුකර සිටිය යුතුවේ. එහෙම එවුන් නැත. මට මෙය ලියන්නට හිතුනේ සමගි ජන බලවේගයේ(සජිත් ජලනි බලවේගය යැයි කීමට මම ඉක්මන් නොවෙමි )පශ්චාත් මැතිවරන හැසිරීම දෙස බලා සිටීමෙන් පසුවය. ලපටි පක්ශයක් ලෙස සජිත්ලා නරකම නැත. ඔවුන් ආසන 54ක් ලබා ප්‍රධාන විපක්ෂය ලස පත්වී සිටී. ඉන් පහලොවකට ආසන්න ප්‍රමානයක් සහෝදර දෙමල-මුස්ලිම් ධාරාව නියෝජනය කරනා පක්ෂවලින්වේ. එය පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයේ නිවැරදි ලක්ශනයක් යැයි මම සිතමි.
                                සජබය ලපටි දේශපාලන පක්ෂයක් යැයි කීවේ කරුණු දෙකක් නිසාවෙන්වේ. එකක් නම් එය  ආරම්භ කර ඉතාමත් කෙටි කාලයක් වීමය. අනික එහි සිටින්නේ අහුනොවෙන්නට ගේමක් ගසාගන්නටවත් බැරි, කටට එනදේ ඒ අයුරින්ම දෙසා බානා මයික් කටා පන්නයේ, ෆුට්නෝට් අත දරුවන් බැවින්ය. පොහොට්ටුවන් වැනි අංක එකේ සුදු කරපටි චෞර රාජයින් අතරේ මොවුන් ලපටියන් හැර අන් කවරේද.. ශවර් එක තියෙද්දි ,බාල්දියෙන් නාගන්නා මොඩ්ල් එකේ බුවාලාය.

                           ඇසළ පෝයට කැළණි යන්නාසේ සුදු හැඳගත් පොහොට්ටුවෝ 
 පෝලිම් ගැසී සැදෑ සිතින් දියවන්නාවට වඩිමින් සිටී. සුදු හැඳගත් මේ උපාසක භ්‍රන්තයන්ගෙන් බොහෝ දෙනා සියළු දුශ්චරිතයෙන් කෙළ පැමිණි අශ්ඨාංග අශීලයෙන් ගොජ දමන අපතයන් බව නොදන්නේ අපේම රටේ සිල්වත් ඡන්ද දායකයින්ම නිසා ඒ පිලිබඳ පුන පුනා කීම අවැසි නොවේ. ඔවුන් දැන් තේරී පත්වී හමාරය. බොහොමයක් අපතයෝ ඇමතිවරුන්ය. සම හරක් චෞරයෝ රාජ්‍ය ඇමතියෝය. හොඳ මිනිසුන්ද නැත්තේ නොවේ.  එලොවටත් ,මෙලොවටත් නැති ගන්ධබ්බයෝ රොත්තක් කැබිනෙට්ටුවෙන් විසිවී ගොස්ය. කෙසේ හෝ වේවා අපට දැන් නීත්‍යානුකූල රජයක් පත්වී ඇත. ඒ අපෙ රජයයි. උන් අපේ ආණ්ඩුවයි.

                       මට නම් මේ පත්වූ සම හරක් ඇමති පරාණ පිලිබඳ මහ ලොකු විශ්වාසයක් නැත. ඇත්තේම නැතැයි කීවත් වරදක් නැත . නමුත් ඔවුන් වෙත පවරා ඇති අමාත්‍යාංශ සහ එහි වගකීම් සහ විශයන් පිලිබඳ යම්තාක් දුරට පැහැදීමක් සහ අවබෝධයක් තිබේ. ලිපිය දීර්ඝ වන නිසා මේ පිලිබඳව ඉදිරියේදී පැහැදිලි කරගැනීමට උත්සාහ කරමි. ඒ කෙසේ වෙතත් වගකිව යුතු විපක්ශයක් ලෙස මේ ලපටියෝ මේ කිසිවක් දෙස විචක්ශනශීලි ඇසින් සහ මනසින් නොබලා වචන විසිකිරීමට පටන්ගෙන තිබේ. මෙය පැහැදිලි ඊරිසියාව දැයි ලපටි හරීන්ලාගේ හැසිරීමෙන් සිතාගන්නට සිදුවේ. අප කතා කල යුත්තේ අමාත්‍යාංශ විශය පථය පිලිබඳව මිස එහි නාමකරණය පිලිබඳව නොවේ. බල්ලාට සුනඛයා කීවත් දඩෝරියා කීවත් සරළ නාමකරණයේදී ඌ බල්ලාම වේ. අප සැලකිය යුතුවන්නේ ඒ බල්ලා සතු රාජකාරිය ,වගකීම සහ ඌගේ සුභ සාධනය ගැන පමනි. පැණියා වුනත් හනි (Honey) වුනත් බල්ලා බල්ලාමය. මේවා වටහා ගැනීම ලපටියන් සතු වගකීමවේ. එය වටහා ගතහොත් කතිරෙ ගැසු නොගැසු කාටත් ප්‍රයෝජනවත් වේ. අමාත්‍යාංශ පිලිබඳ පසුව කතා කරමු.
                                                                                        අරුණ පෙරේරා...A.N.Perera

6 comments:

  1. හීන්සැරය රාමසැරයටත් වඩා බලවත්ය!
    කලබල වුණාම කොරොස් කටෙත් අත දාගන්නට බැරි වෙයි!!
    කතා නොකරනතාක් කල් මෝඩයා පණ්ඩිතයාය!!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින් x 2

      Delete
  2. මෙවර මැතිවරන ප්‍රතිඵලය ගැන එතරම් සතුටුවිය නොහැක.
    යුදෙව්වෝ බරබ්බස්නම් හොරි නිදඑස්කර යේසුස් වහන්සේ කුරුසිපත්කලාක්මෙන්,

    සිංහලයෝ මධුමාධව මැතිඳු අන්තිමයා කර.
    වාසුදේවයාට මනාප 62000ක් දි ඇත.

    ක්‍රිස්තියානි වසලයෝ මධුමාධව මැතිඳුගේ මුහුනුපොත් පිටුවෙහි ඔහුට සරදම්කර කඩප්පුලි කතා ලියා තිබෙනුදැක මගේ හදවත පත්තුවිය.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින් X 3

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .