Wednesday, 18 December 2013

Movement for Equal Rights meeting in London

MER Meeting
Movement for equal rights (MER) held a meeting to commemorate the International Human Rights day on the 15th of December 2013 at Savoy court, North Harrow. A remarkable day indeed as Nelson Mandela was buried in South Africa on the same day. It was a good idea to commemorate human rights day as there are lot of human rights violations happening around the world and especially in Sri Lanka. In the introductory speech,  we were reminded of that fact that many human rights violations were occurred in Sri Lanka past few decades. The speaker emphasized that, while those violations are happening country’s political leadership embarked on forcing new liberal economic policies on populace. The abstract form of the speech was later translated to Tamil by a member of the audience. Thereafter two speeches were done in Tamil by two gentlemen. Unfortunately there were no translations of these speeches to English or Sinhalese. So I cannot comment on any of the ideas of the learned speakers. I found this is rather disappointing. It is partially my own fault as I should have learned Tamil, but as a speaker of three languages myself, however I think I never had a good chance to learn that language. I am sorry about that fact (about myself), but I think organizers should have provided the translation.
Then we had, as a general "habit" of many other Front Line Socialist party organised meetings I have attended "the eminent call to Sri Lanka" via skype. As usual, with many delays we had the convener of the Movement for Equal Rights in Sri Lanka on the line with his translator. He spoke in Sinhalese and we had a Tamil translator there. Well done.  I wouldn't find anything different he said about what's happening in Sri Lanka, compare to the lecture given by Mr KG in one of the first meetings last year or the speech by the first speaker earlier on. In the first meeting of MER Mr Gunarathnam eloquently spelled out problems facing Sri Lankan population regarding human rights and how nationalistic parties supporting this with their unabated nationalism. The current convener of MER repeated the same ideals except he added the TNA to the equation as well. According to him TNA is as nationalistic as UNP. There are no arguments about that. UNP MPs were trying to score nationalistic points regarding MP Sridharan's speech last few weeks.  I may not condone the separatism and  MP Sridharan's nationalistic course or the UNP MPS replies, however I am clear about the rights of the Tamil people to live in dignity and respect in their own land. Whether we called it self-determination or limited autonomy or fully powered provincial council is mere a formality. While we should oppose the TNA's nationalist position, we must not forget that, they are the most vociferous advocates for the Tamil people's rights in Northern and Eastern provinces at this moment in time. They are getting the wrath of the government, armed forces and southern media for that matter. Do the MER wanted to jump into that same band wagon?
We were allowed to ask few questions and few did. One of them was Comrade Nirmala Rajasinghem. She did not identify herself. I think presidium should have recognized work done by her in human rights front and her role as one of the founding members of the Sri Lankan Democracy forum and frequent writer to the Open Democracy website. She was the first women to be detained under the prevention of terrorism act according to Open Democracy website and I remember she was freed by the LTTE from Welikada prison. (reference:  http://www.opendemocracy.net/authors/nirmala-rajasingam) She left the LTTE due to its serious human-rights abuses and also LTTE was accused of assassinating her sister, a well-known human rights activist Rajini Thiranagama. Rajini was one of the founding members of University Teachers of Human rights (Jaffna).  Her question was answered but not required level of authority or assurance by the organiser or  the Convener of the forum. This is a serious lapse on their part, as obviously they haven't done their homework.
There was a Muslim gentlemen who asked what the objectives of the MER as it was not clear to him, and he has said he converted himself to Islamic religious person from a Marxist and he would like to know what MER thinks about Muslim issues radicalised by the young Muslims. He particularly wanted to know what the MER's stance about Niqab is. This is an important issue as, even though I assume myself to be a leftist I am against women wearing niqab. Niqab for me a garment of suppression of women by male dominated society and I would not like anyone to force women to wear a niqab. Most of the Muslim countries lack basic human rights and most countries do not allow women to drive, Marry on their will, there are also many honour killings as well. I am also against segregation of women and men in lecture halls at British Universities. But I would have liked to listen to this gentlemen and if his opinion is fair than I would have agreed with it. There were no time to accommodate his request and reply from presidium was "working Class Struggle". Apparently MER is there to facilitate working class struggle and unite the masses for it. There I was thinking Front Line Socialist party's main objective was to unite and lead the working class in Sri Lanka.
I would like to emphasize the fact that I would not undermine anyway the organizers hard work to get the people into these forums and organize such an event. They put themselves in the line of fire while organising these events. Convener of MER and his Tamil translator may even put themselves in danger (as shown in the recent past in Jaffna and Trincomalee) when they are courageously taking part in rallies, demonstrations and discussions.
However in this whole period of time apart from mentioning disappearances of Lalith Kumar Veeraraj and Kuhan Muruganandhan they have not mention any other specific human rights violations by the state. Very recently Sri Lankan police gunned down suspects of a crime without resorting to lawful path. This happens very often and torture of suspects in Police Stations across the country is ripe. They have mentioned the land grab of the North but failed to mention any concrete places they are happening. These are important. When we level an allegation then we should back them up with facts.  What we need is not an another forum, discussion with Skype connection and continually  repeat same points over and over as in a political rally. What they need is to research the subject of the discussion more and allow the people to air their opinions and handle the discussion forum. Then formulate the response at the end of the forum with the approval of the majority. What is not clear is, what they have achieved here except just to show "headquarters" that they had organised a meeting.

Saturday, 7 September 2013

පෙරටුගාමී සමජවාදීන් හා ලංකාවේ විප්ලවය Joke එකක්ද ? ඇත්තක්ද ?

http://janarala.wordpress.com/2013/08/13/flsp-2/
මගේ උත්තරය:
සුගත් ගේ කතාවේ සඳහන් කරුණු ගැන කීර්ති ගේ පිළිතුර ට මගේ විවේචනාත්මක එකඟතාවය පල කරන්න කැමතියි. මෙහිදී සුගත් ශ්‍රී ලන්කන් පෙරටුගාමී පක්ෂය ගැන කියන තක්සේරුවට එකඟ වීම අමාරුයි. ශ්‍රී ලංකා  පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙ ජාතිවාදී ප්‍රවණතාවය මුල සිටම නිර්දය විවේචනයට ලක්කළ පක්ෂයක්.  ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය පල කරන පොත් පත්  කියවීම හා සම්මන්ත්‍රණ වලට සහභාගී වීම අනුකුල කරගෙන කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිස පෙරටුගාමී නම අන්ද ගත්ත විය හැකියි. මේ ගැන ත්‍රිමාණ වෙබ් අඩවියේ විවෙච්නයකදී මගේ අදහස වුනේ මෙය දයලේක්තිකව ඉදිරියේදී විසදෙනු ඇත කියා. සුගත් මෙහිදී පෙරටුගමින් හැටියට මුලදී අදහස් කරන්නේ පෙරටුගාමී සමාජවාදීන්. දෙවනුව ඔහු කියනව පස්සේ ශ්‍රී ලංකා පෙරටුගමින් ගේ නිශ්ධනාත්මක ආකල්ප ගැන. පෙරටුගමින් කියල පක්ෂයක් තියන නිසා ඔවුන් ඒ නමින් අමතල , පෙරටුගාමී සමාජවාදීන් ඒ නමින් ඇමතීම තමා  කල යුත්තේ . මේ නම් දෙකේ ඉතා ප්‍රබල වෙනසක් මම දකිනවා. ප්‍රධාන ප්‍රශ්නයට මුලයත් මෙතනම තමා තියෙන්නේ.
දීප්ති සහෝදරයාගේ පක්ෂය හේගල් පිලිබඳ උගැන්වීම් හමාර කොට වෙනත් සංස්කෘතික හා කල විචාර, සමාජීය ප්‍රශ්න සඳහා කරන කාලින විචාර තම දයලේක්තික න්‍යාය පිලිබඳ අවබෝධය ඔස්සේ විශ්ලේෂණය කරමින් ඉන්නව. අපටත් එතන ඉගෙන ගන්න දේවල් තියෙනවා. ශ්‍රී ලංකා පෙරටුගමින් විප්ලවයක් සඳහා පිලියෙල වෙන්නේ ඔවුන්ගේ ක්‍රමයකටයි. ඔවුන් පිහිටුවන්න යන්නේ සමාජවාදී සමාජයක්ද ලිබෙරල් නිදහස්  ධනවාදී එකක්ද යන්න තවම අපැහැදිලියි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (මේ මන් හිතන විධිහටයි කියන්නේ) අවශ්‍ය සමාජවාදය  පිහිටුවීමේ ලංකාවේ පෙර  ගමන් කරුවන් වීමට. එහිදී ඔවුන් ජවිපෙන් ඉවත් වෙනවා . එයට හේතු කීපයක් ඔවුන් ඉදිරිපත් කරනවා. ජවිපෙ ජාතිවාදී වීම, නායකයන් නිලධාරිවාදීන් වීම, ස්වයං විවේචනයක් පම කිරීම ආදී දේවල්. ඔවුන් අලුත් විධිහකට යමක් කරන්න එලියට එනවා. ඔක්කොම හොඳයි.
මොකද වුනේ...
මම සහභාගී වුන පළමු වන දේශනය වරුණ දීප්ත රාජපක්ෂගේ. අධිරාජ්‍ය විරෝධය ගැන. එහිදී ඒ සහෝදරයා කල ඇල්මැරුණ  දහස් වාරයක් අසා  තිබෙන ඒවා ඇහුවට පස්සේ මන් ඇහුව - මේ අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ  තවත් මතුරන හේතුව මොකක්ද කියල. ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂත් ඕව කියනවනේ. එතන හිටපු කිසිවෙක්  එකට හරි උත්තරයක් දුන්නේ නැහැ.
කුමාර් ගුණරත්නම්  දේශනා වලදී ජාතික ප්‍රශ්නය ගැන පක්ෂයේ ස්ථාවරය එලියට ආවේ නැහැ. හරි එකට කල් දුන්න කියමු. පුබුදු ජයගොඩ  කතා කලේ ආගමික සම්මුතිවදයකට යාම ගැන. ලතින් ඇමෙරිකාවේ ක්‍රිස්තියානි සහෝදරත්වය ගැන. මිට පස්සේ ගිය රැස්වීමක කාන්තා  විමුක්තිය ගැන කතා වුනේ. ඒ පිලිබඳ විවේචනයක් මෙහි පල කිරීම අදාල නැහැ. අන්තිමට එකෙනුත් පස්සේ මට දැඩිව සිතුනු සිතිවිල්ල තමයි - මෙතන තවම ඉන්නේ පරණ ජවිපෙ සහෝදරයෝ ටික කියන එක. එකේ වැරැද්දක් නැහැ. නමුත් ජවිපෙ කියන ඒවම කියනවනම්, ඒ මාර්ගයම දේශනා වලදී ගන්නවනම් අපට ජවිපෙ රැස්වීම වලට ගිහාම ඇතිනේ. තව ටිකක ජාතිවාදී වෙන්න ඕනේ නම් ජනිපෙටත් ගිය හැකිනේ. ඉති මට පෙරටුගාමී සමාජවාදී සහෝදරයන් ගෙන් අහන්න තියෙන්නේ එකයි, ජවිපෙන් ආවේ අයි? එතනින් පටන් ගන්න.

Thursday, 22 August 2013

ද්‍රෝහියාගේ දියණිය මතු කරන ප්‍රශ්න - විචාරයක්

බොහෝ කලකට පෙර මා   කියවූ පොත් කීපයක් පිළිබඳව සිහියට නැගුනේ "ද්‍රෝහියාගේ දියණිය " පොත අතට ගත් පසුවයි.  ඇලෙක්සැන්ඩර් සොල්ෂේනිට්සින්  ගේ "පිළිකා   වාට්ටුව - cancer ward " හා "The Gulag Archipelago " යන විශිෂ්ට නවකතා  දෙක සලකා  බලන විට ඒ පොත් වල කියවෙන්නේ ස්ටාලින් ගේ සමයේදී සෝවියට් දේශයේ බුද්ධිමතුන්, පක්ෂ සාමාජිකයන් බුරුතු පිටින් අත්  අඩංගුවට ගෙන සයිබීරියාවේ  ගුලාග් නමැති වහල් කඳවුරු වල තබා ගැනීමත් , මරා දැමීමත් පිළිබඳව අපකීර්තිමත් සිද්ධීන් දාමයයි. තවත් පොත් දෙකක් නම් ඔරුවල බන්දු නම් ප්‍රවීන ලේඛකයාණන්  ගේ "සෝවියට් සිර මැදිරියේ සිට " හා  "බිරියෝසා  ගස්" නම් කෘතිනුයි. අනිත් පොත නම්  සෝවියට් දේශයේ ස්ටාලින් පාලන සමය අළලා  ඇමෙරිකා එක්සත් ජනපදයට පලා  ගිය ස්ටාලින්ගේ බාල දියණිය ස්වේත්ලානා අලියේවා ගේ "යහලුවෙකුට ලිපි විස්සක්” යන්නයි. ඔරුවල බන්දු  සිංහලෙන් ලියු පොත් ඇරෙන්න අනිත් පොත් සිංහලට පෙරලා ඇත්ද යන්න මා  නොදනිමි . නමුත් සෝවියට් ජන ජිවිතයේ හොඳ තැන්, සෝවියට් දේශය වර්ණනා කරන පොත් සහ එහි විප්ලවිය සමය ගැන සහ  දෙවන ලෝක යුද්ධය පිලිබඳ කතා බොහොමයක් දැදිගම වී රුද්‍රිගු පියසේන, පියසේන මහනිල්ගම වැනි  ලේඛකයන් හරහා පරිවර්තනය වී තිබෙනවා. ඒවා අපිත් මහත් රුචියකින් කියවූ පොත්. ප්‍රගති ප්‍රකාශකයන් ගේ පොත් සහ අනිකුත් සමාජවාදය ගැන ලියු පොත් හැත්තෑව අසූව දශකයේ ඉමහත් ලෙස ජනප්‍රියව තිබුණා   මට මතකයි.

මෙයින් සරෝජ් පතිරණ පරිවර්තනය කල "ද්‍රෝහියාගේ දියණිය " මා  මුලින්ම  සඳහන් කළ  ගණයේ  පොතක්. සෝවියට් ජන ජිවිතයේ සෝවියට් සමාජයේ අප නුදුටු පැත්ත හෙවත් අපි කතා නොකළ, නමුත් දැන සිටි නියම යථාර්තය හෙළි කරණ පොතක්.  මේ නිසා මේ පොත වැදගත් පරිවර්තනයක්. ඒ වගේම සෝවියට් දේශයේ වැඩිදුර අධ්‍යාපනය හදාල  අයෙකු හැටියට මටත් සෝවියට් දේශය පිලිබඳ අපේ අත්දැකීම ගැන කතා කරන්න දැඩි අවශ්‍යතාවයක් හා ආශාවක් තිබෙනවා. සරෝජ්ටත් එම කැමැත්ත එසේම තිබෙන බව මම දන්නවා.

මෙම අනුවර්තනය තුලින් ඔහු සෑහෙන දුරකට එම සාක්ෂාත් කරගෙන තිබීම ගැන මට ඇත්තේ දැඩි සතුටක්. ඇයි  අපට ඒ අවශ්‍යතාවය දැනෙන්නේ?  මට හිතෙන විධිහට සෝවියට් දේශයේ සමාජවාදී ක්‍රමය  බිඳ වැටුන පසු සමාජවාදී සමාජය හා එහි වැරදි ගැන හෝ ඒ එය බිඳ වැටීමේ හේතු ගැනවත් හරියට කවුරුත් පුළුල්ව සාකච්චා කර නැහැ. සෝවියට් දේශය බිඳ වැටී දැනට අවුරුදු 24ක් ගත වෙලා. සමාජවාදී පක්ෂ බිහිවෙලා නැතිවෙලා . කොමියුනිස්ට් පක්ෂ බිහිවෙලා තවම ජනතා සහය නැතුව හෝ ඇතුව ඇදන් යනවා. යුරෝපයේ ට්‍රොට්ස්කීවාදී පක්ෂ  සාමාජිකයෝ හතර පස් දෙනෙක් තියාගෙන මදුරුවෝ තලමින් ඉන්නවා. මේ නිසා මෙවැනි පොතකින්වත් එහෙම සංවාදයක් ඇති කරන්න පුළුවන් නම් හොඳයි.

මාධ්‍යවේදියෙකු වන සරෝජ් පතිරණ හුඟක් සංවේදී පුද්ගලයෙක්. ඒ වගේම හමුවුණු ඕනෑම කෙනෙකුට කතා කරන, මට හමුවුණු හොඳ මනුෂ්‍යත්වය අගයන සහෝදරයෙක්. ඉතින් ඊන්නා ප්‍රෝහොරෝවා ගේ අනුවේදනීය කථාව චෙක් රටේ නිවාඩු නිකේතනයේදී ඇයගෙන්ම අසා දැන, තම සහෘදයන් සඳහා මේ පොත පරිවර්තනය කිරීම අපි අගය කල යුතු යයි සිතනවා.

ඊන්නා ප්‍රෝහොරෝවා ගේ පියතුමා සෝවියට් දේශයේ පශු වෛද්‍ය වරයෙක් වගේම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්.  එවැනි බොහෝ අයට ස්ටාලින් ගේ පාලන සමයේදී වුනාක් මෙන් ඔහුවත් ද්‍රෝහී හංවඩුව ගහල සයිබීරියාවට පිටු වහල් කරනවා. එතැන් පටන්  ඊන්නා ප්‍රෝහොරෝවා ඇගේ  මව හා සොයුරිය සමග දැඩි දුකක් විඳිනවා. පොතේ ඒ ගැන මනාව විස්තර කරන නිසා මා ඒ ගැන කියන්න යන්නේ නැහැ.  මේ විද්වතුන්ට , සෝවියට් දේශය ගොඩ නගන්න ඇප  කැපවූ  අයට ද්‍රෝහී ලේබලය ගහන්න පටන් ගත්තේ ට්‍රොට්ස්කි එලවපු කාලයේ සිට. ලෙනින් සමග සිටි රුසියානු විප්ලවය කල කාමෙනෙව් , සිනොවියෙව්  වැනි විප්ලවයේ නායකයන්   මරා දැමු පසු එය වඩාත් දැඩි ලෙස සිදුවුණා.  ඔවුන් මරණ විට හඬ නොනැගු සෝවියට් බුද්ධිමතුනට පසුවදී තමන් කරාත්  nkvd  (සෝවියට් රහස් පොලිසිය) එනවිට, ඔවුන්ටත් මරණයේ හෙවණැල්ල වැටෙන විට ඔවුන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් හිටියේ නැහැ.  (අර මාර්ටින් නීමොලර් කිවා  වගේ) .

ප්‍රෝහොරෝවා මහාමාරියට බෙහෙතක් හොයාගන්න දායක වුන දක්ෂ විද්‍යාඥවරියක්. නමුත් ඇය අහනවා ඇයි මට මෙහෙම වුනේ? මට  මගේ රටේ  ආණ්ඩුව මෙහෙම සැලකුවේ  ඇයි ? මගේ තාත්ත නිදහස් වුනාට පසුව වුනත් මගේ කරදර ඉවර නොවුනේ ඇයි ? මා ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ හිටියානම් මිට වඩා  පොහොසත්, මහලු වියේදී හොඳ විශ්‍රාම වැටුපක් සහිතව හොඳින් ජිවත් වෙනවා නොවේද ? කොටින්ම කියනවනම් ඇය අහන්නේ "ධනවාදී සමාජය තිබ්බනම් මට මේ විධිහට අසාධාරණයක් සිඳු  වෙයිද" කියයි. ඇත්තටම ප්‍රෝහොරෝවා එහෙම අහනවද ? එහෙම නැත්නම් අප දැන් ජිවත් වන ධනවාදී සමාජයේ මිට වැඩි ශෝක ජනක කතා , දුප්පත් වුන නිසාම  මිනිස්සු දුක් වින්ද හැටි, නුවණැති විද්‍යාධරයන් ආණ්ඩු විරෝධී වීම නිසාම නොයෙකුත් ආණ්ඩු ඔවුන්ගෙන් පලි ගත්ත හැටි අපි අසා නැත්ද ?

තව වැදගත් ප්‍රශ්නයක් ප්‍රෝහොරෝවා අහනවා ? ඇයි මගේම නංගි , මම මෙච්චර හොඳට සලකපු සහෝදරිය මෙහෙම සැළකුවේ ?සරෝජ් පතිරණ Beyond  Boston රේඩියෝව සමග සම්මුඛ සකච්ච්වේදී ඒ ගැන පවසනවා. (යොමුවට මෙතනින්  යන්න. http://www.youtube.com/watch?feature=player_embedded&v=pC7IbDzUzDQ) .

කාලයකට ප්‍රථම ත්‍රිමාණ (www .thrimana .com ) නම් වෙබ් අබවියේ "නංගියාගේ සංකල්පය " කියල ලිපියක් තිබ්බා . ඒකෙ  සරලව කතා කලේ ලංකාවේ තරුණියන් අද ධනවාදී සමාජයේ වෙනස්කම් වලට භාජනය වෙලා ඒ සම්බන්ධතා පාවිච්චි කරලා  සුක්ෂම විධිහට සමාජ තලයේ ඉදිරියට යන්නේ කොහොමද කියලා . ඉතා ආත්මාර්ථකාමී ලෙස තම අභිප්‍රායන් මේ තරුණියන් ඉටු කර ගන්න අන්දම. මම මේ ලිපියට අන්වර්ථ නාමයකින් කොමෙන්ටුවක් ඉදිරිපත් කල පසුව වෙබ් අඩවියේ ලිපියට අදාලව එයත් පළවී තිබුණා. එම ලිපියේ කොටසක් මෙතන පල කිරීමට මට හිතුනේ ප්‍රෝහොරෝවා ගේ නංගිට තම සොහොයුරියට සැලකූ  අන්දම අපට විශ්මය දනවන්නක් නොවන නිසා.

 සෝවියෙට් දේශයේ සිටි කාලයේ සෝවියෙට් තරුණියන් ගැන මෙවැනිම නංගියා  සංකල්පය වැනිම මතයක් අප සාකච්චා  කලා. (රුසියාවේදී). මේ පිළිබඳව වටහා ගැනීමට   "ඉන්ටර් දෙවුෂ්කා " හෙවත් "Inter girl" නම්   චිත්‍රපටිය http://www.imdb.com/title/tt0097584/   නරඹන්න. 

සෝවිය ට් ආණ්ඩුව විසින් නිදහස සිමා කිරීම, කොමියුනිස්ට් පක්ෂයේ අයට පමණක් තිබු සුඛෝපභෝගී පහසුකම් තමන්ට නැති වීම,  බටහිර සුඛෝපභෝගී  භාණ්ඩ හිඟ කම ආදී දේ නිසා බොහෝ සෝවියෙට් තරුණියන්  පිටරට මිනිසුන් ඇසුරු කිරීමට  පටන් ගත්තා. බොහොමයක් අය විදේශ ශිෂ්‍යයන් සමගත්  සමහරු විදේශ වලින් පැමිණෙන වෙළෙඳ සේවකයන් සමගත් ලිංගික සම්බන්ධතා ඇති කර ගැනීමට හෝ අඹු සැමියන් වශයෙන් එකට ජිවත් වීමටත් පෙළඹුනා. මේ බොහෝ සෝවියට් නංගිලා තමන් සමග සම්බන්ධ වී සිටි පිරිමින් සමග ආදරයෙන් වෙලුනේ නැහැ. එසේ  වුනානම් එසේ කලේ කීප දෙනෙක් පමණි. බොහෝ අයට  අවශ්‍ය වුයේ මේ සම්බන්ධතා තුලින් අවශ්‍ය හොඳ සපත්තු , ලේවයිස් ඩෙනිම්, සංගීතය අසන්නට කැසට් ප්ලේයර්ස් ආදී බටහිර භාණ්ඩ ලබා ගැනීමත් (Denim Jeans, Walkmans  etc) එසේ නැති නම් සෝවියට් ග්‍රහණයෙන් මිදී බටහිර හෝ අඩු තරමේ ශ්‍රී ලංකාව වැනි බටහිර ට ගැති රටකට හෝ පැන  ගැනිමටත්ය. 
 (මා සිටින්නේත් බටහිර රටක නිසාත් අපේ රටෙනුත් යුරෝපයට , ඔස්ට්‍රලියාවට තවමත්  යන නිසාත් මා  මෙය විවේචනය  කරනවා නොවේ. ඔවුන්ට තමන් සිටි අගාධයෙන් එලියට ඒමට තිබු අවශ්‍යතාවයට අපට සමච්චල් කල නොහැක. )   සමහර නංගිලා රස්සාවල් හොයා  ගෙන සශ්‍රික වුනු අතර අනිත් අය පිම්පියන්ට අසුවී නොවිඳිනා දුක් විඳ රුසියාවට ආපහු පැන ගත්හ.  සෝවියෙට් දේශය බිඳ වැටුණු පසු මේ ක්‍රියාවලිය වෙන  විදිහකට මංගල දැන්වීම දමන ඒජන්සි Dating Agencies  හරහා දැනටත් ක්‍රියාත්මක වේ.
(පුටින් ගේ ආගමනයෙන් පසු රුසියාවේ ගිලිහි යමින් පවතී ගෞරවය නැවත නගා  සිටවීමෙන් මේ තත්වය ධනාත්මක ලෙස වෙනස් වුන අතර ඔවුනට වෙන රටකට යාමට වඩා තම රටේ රැකියාවක් කරගෙන හොඳින්  ජිවත් වීමට හැකියාව ලැබුණි.).

අසුව දශකය අග භාගයේ සිට සෝවියෙට් සමාජයේ පිරිහීම වේගවත් වීම හා අවසානයේ බිඳ වැටීම පිටුපස ඇති අඳුරු කතාන්තරය පටන් ගන්නේ ද්‍රෝහී ලේබලය අලවා මරා දැමුණු හා  පිටු වහල් කෙරුණු බුද්ධිමතුන්ගේ ශෝචනීය ඉරණමින්. එය අවසන් වන්නේ ඉච්චා  භංගත්වයට වැටුණු  ජනකායක්, සමාජවාදී මිනිසා නිර්මාණය කිරීමක් වෙනුවට ධනවාදී සමාජය පතන මිනිසෙක්  නිර්මාණය කිරීමෙන්.

ප්‍රෝහොරෝවා ගේ නංගි සොවියෙට් නිලධාරීන්ගේ හා තම සැමියාගේ උදව්වෙන් සුඛෝපභෝගී නිවසක් හා රැකියාවේ උසස්වීම් ලබා ගන්නවා. ඇය  එසේ කරන්නේ තම සහෝදරිය පවා පාවා දීලා . එය ඇයට දැනෙන්නේවත්  නැහැ. එතකොට ප්‍රෝහොරෝවා ගේ පුතාගේ බිරිඳ - අමෙරිකාවේ  කොපමණ  මුදල් තිබුනත්, ප්‍රෝහොරෝවා ගේ පුතා  හොඳ රස්සාවක් කලත් ප්‍රෝහොරෝවා ගේ මුදල් සොරකම් කරනවා බැංකුවෙන්. එතකොට 1977 අග භාගයේ "බල්ලෝ මරා  හරි සල්ලි හොයන" ආර්ථිකය හඳුන්වා දුන් පසු එහි දිගුවක් වශයන්  ඇදෙමින් යන ලාංකික  සමාජය , සමාජ සාර  ධර්ම පිරිහෙමින් අගතියට ඇද  වැටුන  අසූව  දශකයේ සොවියෙට් සමාජයට සමාන නොවේද? එහෙම නම් ප්‍රෝහොරෝවා කියන්නාක්  මෙන් දියුණු ලිබරල්  ධනවාදය මීට වඩා හොඳද? "ඇයට නම් නිදහසේ මැරෙන්න තිබ්බ" - ප්‍රෝහොරෝවා කියන්නේ එහෙමයි.

සරෝජ් පතිරණ Boston  රේඩියෝව සමග සාකච්චාවේදී ද්‍රෝහීන් ලේබලය  ඇලවීම  ගැන ලංකාව අරගෙන කිසියම් සංසන්දනයක් කරනවා. හැබැයි මෙය ලංකාවට සමාන කරන්නම බැහැ . හේතුව ඔය ලේබලයම ආගමික අන්තවාදිනුත් අලවනවා අනිත් රටවල්වල. අරාබියේ, ඊශ්රයලයේ   , ඇමෙරිකාවේ, එංගලන්තයේ පවා තමන් ඉන්න කණ්ඩායමට සාපේක්ෂව අනික් අයට ද්‍රෝහීන් කියා  කියනවා. මේ පොතේ ප්‍රෝහොරෝවා කියන්නේ ඒකම නෙමේ.

මෙහි අටවන පිටුවේ මේ පොතේ ප්‍රෝහොරෝවා ගේ පවුලේ පසුබිම ගැන ලියා ඇති හරියට තේරුම් මදි. ප්‍රෝහොරෝවා තම නිවසක් සාදා  ගත්ත කියා එක තැනක කියන ගමන් පහලින් කියනවා සොවියෙට් දේශයේ පොදු දේපල ක්‍රමය නැහැ කියා . තරමක ප්‍රතිවිරුද්ධතා  තියන තැන් කිහිපයක්ම තියෙනවා.

ඒ කෙසේ වෙතත්  අද තත්වය බලපුවහම - සම්ප්‍රදායික වම සෝවියට් දේශයේ සමාජවාදය බිඳ වැටීම මගහැර පැන යාම, පරණ වම (ජවිපෙ) අසාර්ථක කැරලි දෙකක් කර , පසුව ජාතික චින්තනයට කරදී, ඉන් පසු දෙකට, තුනට කැඩී  තවමත් මාර්ක්ස්  එංගල්ස් කර ගහගෙන පෙළපාලි වල යාම (මොන න්‍යාය යටතේද එහෙම කරන්නේ කියල මට ප්‍රශ්නයක් ),  එසේ ජවිපෙ කැඩීමෙන් බිහිවූ  පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජවාදය බිහි කිරීම ගැන කතා කෙරුවත් ඔවුන්ගේ භාවිතාව වඩා උසස් ලෙස සලකමින් පරණ සමාජවාදී ලෝකයම ආදර්ශය ලෙස ගැනීමත් , ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය හේගල් කර පින්නා ගෙන, ලිබරල් අන්දමේ  සමාජවාදයක්  ගැන කතා කිරීමත (මෙය වරදක් හැටියට මා  දකින්නේ නැත. මිනිසුන්ට අවබෝධය ලබාදීම හොඳ දෙයකි ), කතා කරන්න දෙයක් නැති පොතේගුරු වාදී  ට්‍රොට්ස්කි වාදී  පක්ෂ , මාර්ක්ස් නොකී ස්වයං තිරණ අයිතිය කියන ලිට්මස් ටෙස්ට් එක නැති පක්ෂ මාක්ස්වාදී නොවේ යයි කියා එන කුමන හෝ එකමුතුවකට කකුලෙන් ඇදීම - මේ සියල්ල  මෙසේ වෙන අතර තුර අපට නැවත සමාජවාදයේ බිඳ වැටීම ගැන කතා කරන්න නිමිත්තක් ගෙන එම ගැන සරෝජ්ටත් ප්‍රෝහොරෝවාටත් ස්තුතියි.

අජිත් ධර්මකීර්ති

පසුවදන :

සරෝජ් ගේ පොත රුපියල් 480කට ලංකාවේදී  මිලදී ගත හැකියි.

හලාල් ප්‍රශ්නයත් - ප්‍රශ්නයක්ද?

හලාල් ප්‍රශ්නය - ප්‍රශ්නයක්ද?
දැන් ශ්‍රී ලංකාවේ අලුත්ම ප්‍රශ්නය හෝ ප්‍රශ්නයක් කරගෙන තියෙන කාරනාව හලාල්.  මේක දැන් තරමක් ඔඩු දුව ඇති බව පෙන්නේ චාර්ල්ස් හැවිලන්ඩ් ගේ BBC වාර්තාව කියෙව්වට පස්සේ. අපි හොඳින් අඳුනන යහළු දිලන්ත විතානගේ මහතාත්  ඉදිරියන්ම සිටින බව පේනවා. මම එංගලන්තයේ ජීවත් වන නිසා කොතරම් දුරට මෙය ලංකාවේ මුස්ලිම් වරුන්ට බලපා  තියෙනවද කියා දන්නේ නැහැ. නමුත් සමහර ආයතන හලාල් සලකුණ ඉවත් කරන්න කැමති වෙලා තියෙනවා කියල පුවත් පලවී තිබුණා. 
 අපි ජීවත් වන බ්‍රිතාන්‍යයේත් , වෙනත් යුරෝපියානු රටවලත් හලාල් ලකුණ දරන භාණ්ඩ විකුණනවා. දිලන්ත මහතා   එන්ගලන්තයට සංචාර සඳහා බොහෝ වතාවක් ආ ගිය අයෙක්.  එතුමාත් මේවා දකින්න ඇති. Sainsbury's , Tesco වැනි  supermarket වල හලාල් මස් වර්ග හා භාණ්ඩ සඳහා වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා. මුස්ලිම් ජනතාවට ඕන නම් ඒවා මිලදී ගත හැකි. එහෙම  නැත්නම් වෙනම මුස්ලිම් කඩත් තියෙනවා. වෙනස මේකයි. අපිවත්, වෙන  මුස්ලිම් නොවන අයත් මේ භාණ්ඩ මිලදී ගන්නේ නෑ . ඕන නම් ගත හැකි. ඒකට  ඕන කෙනෙකුට නිදහස තියෙනවා. මේ රටවල  හලාල් මස් සහ හලාල් නොවන මස් තියෙනවා.
ඇයි ලංකාවේ මේක කරන්න බැරි. හලාල් භාණ්ඩ ඕන නැත්නම් නොගෙන ඉන්න.  මට හිතෙන විධිහට ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ ව්‍යාපාරිකයෝ. හේතුව තමයි ඔවුන් තමන් විකුණන භාණ්ඩයට හලාල් ලකුණ දීම හා එය පමණක් වෙළඳ  පොලට නිකුත් කිරීම . ඔවුන් හලාල් ලකුණ නැතිව භාණ්ඩ නිකුත් කරන්නේ නෑ . ඒක  වැරදියි.  ඉතින් මුලිම් නොවන අයටත් හලාල් භාණ්ඩ  ගන්න වෙලා තියෙනවා. අකමැති අයට  බලෙන් දීමේ තේරුමක් නෑනේ .  ඒක  නිසා කල යුත්තේ හලාල් ක්‍රමයට හදන විස්කොත්තුව හෝ සිද්ධාලේප ඒ විධිහට කරලා හලාල් නොවන ඒවත් නිපදවා  වෙළඳ පලට නිකුත් කිරීමයි. 
දැන් මේ ප්‍රශ්නය ජාතිවාදී ප්‍රශ්නයක් හැටියට ඉස්මතු කරන්න හදන බවකුත් පේනවා. මෙතන තියෙන්නේ පොඩි ආගම් ප්‍රශ්නයක්.  මුස්ලිම්  ජනතාවගේ ආගමික අයිතිවාසිකමක් හලාල් කියන්නේ. Jewish  ජාතිකයන් kosher  කෑම  විතරක් ගන්නවා වගේ තමා  මේකත්.  බෞධයෝ හෝ හින්දු වරු හරක් මස් කන්නේ නැත්නම් බලෙන් කවන එක හරිද? හැමෝගෙම මේ වගේ අයිතිවාසිකම් වලට ගරු කරන්න ඕනේ. ප්‍රශ්නය තියෙන  තැන හඳුන ගෙන සාකච්චා මාර්ගයෙන් ඒක  විසඳීම නේද හොඳ දිලන්ත සහෝදරයා ? (සහෝදරයා කීවට අමනාප නොවේ කියා සිතනවා)
මා  හිතනවා  බොදු බල සේනා  සංවිධානයේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලා හා දිලන්ත ඇතුළු අනිත් මහත්වරුත් මේ ගැන සාකච්චා මාර්ගයෙන් ව්‍යාපාරිකයන්ට  කරුණු පහදා දී තත්වය සමනය කර ගනීවි කියා. මොකද ආගම්වාදී  ප්‍රශ්නයක් ඇති කර ගැනීම මේ අවස්ථාවේ ලංකාවේ කාටවත් හොඳ නැහැ. ලංකික ගොඩක් අය මුස්ලිම්  රටවල් සේවය කරනවා. තියෙන ප්‍රශ්න නැතිවට තව ප්‍රශ්න ඇති කරන්නඕන නැහැනේ ඒ අහිංසකයන්ට . බොදු බල සේනා  සංවිධායක වරුන්ට පුළුවන් සල්ලි එකතු කරලා මුස්ලිම් රටවල්  වල අතරමන් වී සිටින සහෝදරියෝ ටික ගෙන්න ගන්න ලංකාවට . අම්ම නැතිව අඬන  දුප්පත් සිංහල ළමයින්ගේ අම්මල ටික ගෙනල්ල දෙන්න. පින් අතේ වැඩක් නේ.



අජිත් ධර්මකිර්ති

මමත් හලාල් මස් කෑමට විරුද්ධ නැහැ . මම මුස්ලීම් ජාතිකයන් ගේ ආපන ශාලා වලින් කෑම අරන් තියෙනවා . නමුත් එංගලන්තයේ එහෙමෙ හලාල් මස් කන්නේ නැත්තේ වෙන ප්‍රශ්නයක් නිසා. ඒ සතුන්ව බෙල්ලේ කපල මරන්නේ . එංගලන්තයේ හා යුරෝපයේ සතුන්ව වඩාත් මානුෂික විධිහට නොදැනෙන්න තමයි මරන්නේ. (මරනවා තමයි ඉතින්) ඒ නිසා තම මාත් හලාල් මස් කන්නේ නැත්තේ . උදාහරණයක් වශයෙන් මම crab කන්නේ නෑ . රෙස්ටුරෙන්ට් වලින්. හේතුව පන පිටින් තම්බන නිසා. ඉතින් හලාල් නොකන අයට ඒ අවස්ථාව දිය යුතුයි . 

Comments from previous blog copied here.


Anonymous said...
එංගලන්තේ හලාල් මස් වෙනම විකුනන්නේ ඒව ඒ තත්වයේම අනිත් මස් වලට වඩා ගණන් නිසා. මිල එකම නං හලාල් කෑවම මොකද වෙන්නේ. මස් වලට අමුතුවෙන් දෙයක් එකතු කරලා නැත්නම් කවුරුත් හලාල් කෑවම මොකද? හරිනම් හාමුදුරුවරු කියන්න ඕන හලාල් නෙමෙයි කිසිම මසක් කන්න එපා කියලයි. අනික ලංකාවේ විකුණන බඩු හරියටම ලේබලේ විධියටම තියෙනවද. ටික දවසකින් හලාල් ලේබල් ගහල ඔය දැන් තියෙන ඒවම තමයි කඩේට එන්නේ. ගාන ඕනනම් පොඩ්ඩක් වැඩි වෙයි.
Anonymous said...
අජිත් කියන කතාව හරි , හලාල් ඕන අයට හලාල් අනිත් අයට නෝ හලාල් ! හලාල් වලට යන වියදම අය කර ගන්න ඒ හලාල් බඩු , කෑම ගන්න අය ගෙන් .
Ajith Dharmakeerthi said...
මමත් හලාල් මස් කෑමට විරුද්ධ නැහැ . මම මුස්ලීම් ජාතිකයන් ගේ ආපන ශාලා වලින් කෑම අරන් තියෙනවා . නමුත් එංගලන්තයේ එහෙමෙ හලාල් මස් කන්නේ නැත්තේ වෙන ප්‍රශ්නයක් නිසා. ඒ සතුන්ව බෙල්ලේ කපල මරන්නේ . එංගලන්තයේ හා යුරෝපයේ සතුන්ව වඩාත් මානුෂික විධිහට නොදැනෙන්න තමයි මරන්නේ. (මරනවා තමයි ඉතින්) ඒ නිසා තම මාත් හලාල් මස් කන්නේ නැත්තේ . උදාහරණයක් වශයෙන් මම crab කන්නේ නෑ . රෙස්ටුරෙන්ට් වලින්. හේතුව පන පිටින් තම්බන නිසා. ඉතින් හලාල් නොකන යට ඒ අවස්ථාව දිය යුතුයි .
Anonymous said...
"...මානුෂික විධිහට නොදැනෙන්න තමයි මරන්නේ....". ඔයා ගිහිල්ල බැලුවද. පොතේ තියෙන විදියට මරන්නේ චෙක් කරන දවසට විතරයි. අනිත් දවස් වලට අලුගෝසුවෝ වගේ සත්තු මරල දාන්නේ. සුමානයක් දෙකක් ඔය රස්සාව කරනකොට 'මරණය' සාමාන්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ හරක හුරතල් කරකර ඉන්නේ නෑ ඇදන් ඇවිල්ල තමයි මරන්නේ. Abattoir එකක වැඩ කරන කෙනෙක් ගෙන් අහල බලන්න.

බෙල්ල කපපු නිසා කන්නේ නෑ, පණපිටින් තම්බපු නිසා කන්නේ නෑ, ඕව නිකන් හිත රවටගන්න කියන කතා. නොදැනෙන්න මරන්න නං ඉස්සෙල්ල නිදි බේත් දීල ඉන්න ඕන. බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ කිනිහිරයක් උඩ ඉන්න මැස්සෙක් ව ක්ෂණයකින් තලා දැමුවත් (ඉතා ක්ෂණික මරණයක්)ඌට මරණ භය ඇතුළු සිතුවිලි හතක් ඇතිවෙන්න කල් ලැබෙනවා කියල. ඒ භෞව්තික වේදනාව දැනෙන්න ඉස්සෙල්ල.

මසුත් කාල, සෝබන කතාත් දාන එකනම් මැරිච්ච සත්තුන්ට කරන අගව්රවයක්.
Ajith Dharmakeerthi said...
ඔව් , මන් ගිහිල්ල බලල තියෙනවා කීප වතාවක්. සතුන්ට අනිත් සතුන් මරලා ඉන්නවා හෝ මරනවා පෙන්නන්නේ නෑ . ඇවිද යනකොට විදුලිය මොලයට වද්දනවා . එකෙන් තාවකාලික සිහි නැති වීමක් වෙනවා . ඉන්පසු තම මරන්නේ. එක මානුෂික හැටියට තමා මිනිස්ස්සු හිතන්නේ . මේක සෝබන කතාවක් වෙන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නෑ හැබැයි. ඔයා මස් කන්නේ නැත්නම් හොඳයි. මට එහෙමෙ උවමනාවක් නෑ . හැබැයි මම ලංකාවේදී හරක් මස් හෝ උරු මස් කන්නේ නැහැ. මන් ලංකාවේ මරණ විධිහ දැකල තියෙනවා. වද දීල මරන්නේ. උණු වතුරේ පන පිටින් තමබන නිසා crab කන්නේ නැහැ. එක සෝබනයක් වෙන්නේ කොහොමද. අනික මෙතන ප්‍රශ්නේ හලල්ද නැත්ද කියන එක. මම කියන්නේ හලාල් ඕන කට්ටියට ඒ විදියට සතුන් මරපු මස් විකුණලා එහෙමෙ ඕන නැති යට ඒ විදියට විකුනන්න කියල විතරයි . ලංකාවේ මස් කන එකේ ඔයාට වත් මටවත් තහනම් කරන්න බැහැනේ.
Ajith Dharmakeerthi said...
ඔව් , මන් ගිහිල්ල බලල තියෙනවා කීප වතාවක්. සතුන්ට අනිත් සතුන් මරලා ඉන්නවා හෝ මරනවා පෙන්නන්නේ නෑ . ඇවිද යනකොට විදුලිය මොලයට වද්දනවා . ඒකෙන් තාවකාලික සිහි නැති වීමක් වෙනවා . ඉන්පසු තමා මරන්නේ. ඒක මානුෂික හැටියට තමා මිනිස්ස්සු හිතන්නේ . මේක සෝබන කතාවක් වෙන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නෑ හැබැයි. ඔයා මස් කන්නේ නැත්නම් හොඳයි. මට එහෙම උවමනාවක් නෑ . හැබැයි මම ලංකාවේදී හරක් මස් හෝ උරු මස් කන්නේ නැහැ. මන් ලංකාවේ මරණ විධිහ දැකල තියෙනවා. වද දීල මරන්නේ. උණු වතුරේ පන පිටින් තම්බන නිසා crab කන්නේ නැහැ. ඒක සෝබනයක් වෙන්නේ කොහොමද. අනික මෙතන ප්‍රශ්නේ හලාල්ද නැත්ද කියන එක. මම කියන්නේ හලාල් ඕන කට්ටියට ඒ විදියට සතුන් මරපු මස් විකුණලා එහෙම ඕන නැති අයට ඒ විදියට විකුනන්න කියල විතරයි . ලංකාවේ මස් කන එක ඔයාට වත් මටවත් තහනම් කරන්න බැහැනේ.
Anonymous said...
school field trip වලට ළමයි ගෙනියන cute Abattoir එකකට නෙමෙයි, nail gun වලින් stun කරලා සතුන් මරණ සාමාන්‍ය Abattoir එකකට ගිහින් බලන්න. බ්‍රිතාන්‍ය වෙළඳ පොලට වැඩිහරියක් මස් එන්නේ ඒ විධියේ Abattoir හරහා. අනික සිහි නැතිවෙනකන් කරන්ට් අල්ලන එක මානුශිකද? ඇඟිල්ලකට යන්තන් කරන්ට් වැදුන අයත් දන්නවා ඒකෙ තියෙන සනීපෙ.

ඔයා රෙස්ටොරන්ට් ගිහින් crab කන්නේ නැතිඋනාට ගෙදරදී ඉස්සෝ කනවද? ඔය රෝස පාටට කඩේ තියෙන ඉස්සෝ ඔක්කොම පණපිටින් තම්බපුව තමා. හුඟක් උන් trawler එකෙදීම තම්බල freeze කරන්නේ. එතකොට අනිත් මාළු ඔක්කොම පණපිටින් අයිස් දාල හරි freeze කරලා හරි තමයි ඔය කඩවලට ගෙනත් තියෙන්නේ. (Discovery channel එකේ යන trawlers කියන program එක බලන්න).

ඔයාට මරපු සත්තු කන්නත් ඕන, පොර වෙන්නත් ඕන. ඉතින් ඔයා කියනවා 'රෙස්ටොරන්ට් කකුලුවොයි හලාල් මසුයි අමානුශිකයි. මම හරි මානුෂික කෙනෙක් නිසා ඒවා කන්නේ නෑ' කියල. ඒක තමයි සෝබන කතාව. ඔයා කන ඉස්සෝ, මාළු සහ අනිත් මස් වර්ග පිඟානට එන විධිය ගැන ඔයා fපැන්ටසියක් හදා ගෙන, ඔය දෙක එකතු කරලා පඩ ෂෝ එකක් දානවා. ඇත්ත Abattoir එකකට එක්ක ගිහින් ඇත්තටම සත්තු මරන්නේ කොහොමද කියල ඔයාට පෙන්නුවොත්, ඔයා කියයි 'මෙතන සත්තු මරන්නේ අමානුෂික විධියට. අද ඉඳල මම හලාල් මස් , රෙස්ටොරන්ට් කකුළුවෝ සහ මේ Abattoir එකේ මස් කන්නේ නෑ ' කියල.

එක්කෝ ඔයා දේවල් දන්නේ නෑ , නැත්නම් බොරුවට සෝබන කතා දෙනවා. මේ දෙකෙන් හරි මොකද්ද කියල ඔයාම කියන්න.
Anonymous said...
කෝ.. ඔයා සෙල්ලම මැදදී පැනල යනවනේ. පාලු පැදුරට හිට්ස් ටිකක් ගෙන්නන්න පුලුවන්ද කියලයි බැලුවේ. ඔහොම නම් බෑ. ලැජ්ජ වෙන්නේ නැතුව එන්න සෙල්ලං කරන්න.

ජුං අල
Ajith Dharmakeerthi said...
Anonymous said...Anonymous ගේ කතාවත් හරි තම. මේක මං සෝබනේට නෙමේ ලිව්වේ. බෙල්ල කපපු නිසා හෝ වදදී මරණ නිසා කන්නති එක සාමාන්‍යයෙන් බටහිර රටවල සම්ප්‍රදායක්. මන් හිතන්නේ අපිත් එක (මමත්) අනුගමනය කරනවා කියල. මං මස් කන නිසා මට එකෙන් වැළකෙන්න ඕන කමක නැහැ. අනිත් අයට වැලකෙන්න ඕන නම ඒක පෞද්ගලිකව කර ගත්තට කමක් නෑ නීතියක් කරන්නේ නැතුව.
Anonymous said...
මේ සංවාදෙ ගියේ මිනිස්සු මස් කන එක නවත්තන හැටි ගැන නෙවෙයි, 'මං පොර' ටෝක් දෙන බාල මිනිස්සු ගැනයි. කතාව මොකද්ද කියල දන්නේ නැතුවම කතාකරගෙන යන එකත් ඔය රෝගයෙම ලක්ෂණයක්.

බටහිර රටවල සම්ප්‍රදායක් කිව්වම අපි ඔක්කොම 'ආහ් එහෙනම් කමක් නෑ කියල' ඉන්න ඕනද. නැත්නම් ඒක හරිද වැරදිද කියල හිතල බලන්න ඕනද. ඔයා ඔක්කොම බටහිර සම්ප්‍රදායන් රකිනවද නැත්නම්, ඔයාට convenient ඒව විතරද.

Anonymous ගෙ කතාව හරි නම්, ඔයාට කියන්න තිබ්බේ - 'ඔව් මම මසුත් කනව, ඉස්සොත් කනව හැබැයි ඒ මගේ ෆැන්ටසිය ඇතුලේ ඉඳගෙන. මගේ ෆැන්ටසිය ගොඩනැගිල තියෙන්නේ මගේ නොදන්නා කම උඩ. ඒ උනත් මගේ කතා ඔහේ අහගෙන ඉන්න අයට මං පෙන්නන්න හදන්නේ "මෙන්න මස්/මාළු කන නිවැරදි ක්‍රමේ" කියල. මිනිස්සු ඕක අහාන ඉන්නවා දැකල මම ස්වයන් වින්දනයක් ලබනව'.

ඔන්න එහෙම කිව්වා නම් අපි දන්නව ඔයා අවංකවම තමා කතා කරන්නෙ කියල. නැතුව, යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නෙ එක්කෝ කතාව තාමත් තේරෙන්නේ නෑ, නැත්තන් ඇත්ත කියන්න තරම් හයියක් නෑ. මේ දෙකෙන් හරි මොකද්ද කියල ඔයාම කියන්න.

jun ala
Anonymous said...
මේ සංවාදෙ ගියේ මිනිස්සු මස් කන එක නවත්තන හැටි ගැන නෙවෙයි, 'මං පොර' ටෝක් දෙන බාල මිනිස්සු ගැනයි. කතාව මොකද්ද කියල දන්නේ නැතුවම කතාකරගෙන යන එකත් ඔය රෝගයෙම ලක්ෂණයක්.

බටහිර රටවල සම්ප්‍රදායක් කිව්වම අපි ඔක්කොම 'ආහ් එහෙනම් කමක් නෑ කියල' ඉන්න ඕනද. නැත්නම් ඒක හරිද වැරදිද කියල හිතල බලන්න ඕනද. ඔයා ඔක්කොම බටහිර සම්ප්‍රදායන් රකිනවද නැත්නම්, ඔයාට convenient ඒව විතරද.

Anonymous ගෙ කතාව හරි නම්, ඔයාට කියන්න තිබ්බේ - 'ඔව් මම මසුත් කනව, ඉස්සොත් කනව හැබැයි ඒ මගේ ෆැන්ටසිය ඇතුලේ ඉඳගෙන. මගේ ෆැන්ටසිය ගොඩනැගිල තියෙන්නේ මගේ නොදන්නා කම උඩ. ඒ උනත් මගේ කතා ඔහේ අහගෙන ඉන්න අයට මං පෙන්නන්න හදන්නේ "මෙන්න මස්/මාළු කන නිවැරදි ක්‍රමේ" කියල. මිනිස්සු ඕක අහාන ඉන්නවා දැකල මම ස්වයන් වින්දනයක් ලබනව'.

ඔන්න එහෙම කිව්වා නම් අපි දන්නව ඔයා අවංකවම තමා කතා කරන්නෙ කියල. නැතුව, යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නෙ එක්කෝ කතාව තාමත් තේරෙන්නේ නෑ, නැත්තන් ඇත්ත කියන්න තරම් හයියක් නෑ. මේ දෙකෙන් හරි මොකද්ද කියල ඔයාම කියන්න.

jun ala
Ajith Dharmakeerthi said...
මන් හිතන්නේ ජුන්ග් අලයට මෙතන ප්‍රශ්නයක් තියෙනෙව කියලයි. මගේ බ්ලොගයේ මට පල කරන්න ඕන අදහස තමා "හලාල් කන මිනිස්සුන්ට ඒක කන්න දෙන්න , නැති මිනිස්සුන්ට ඒ විධිහට කන්න දෙන්න ". මෙතන සෝබන දන්නේ බොදු බල කට්ටියයි ඔයාලයි. ඔයාල මිනි මරනවා , හරක් මස් කන්නේ නෑ . එතනනේ සෝබනේ . අනික බටහිර සම්ප්‍රදාය ගන්න ඕනේ නැහැ. මන් ගත්ත කියල . මට හරියි කියල හිතනවානම් මන් ඒක පිලි පදිනවා . බුදු හාමුදුරුවෝ මස් කන්න එපා කිව්වද එහෙමෙ නැත්නම් නිඝන්ට ආගමේ විධිහට පිළිපදින්න කියල මහනුන්ට කීවද මන් දන්නේ නෑ . ඔයා දන්නවද? ඉස්සෝ මැරෙන්න අරිනවා මිස තම්බන්නේ නැහැ. මන් ගන්නේ ඉන්දියානු ඉස්සෝ විතරයි. උන්ව තම්බන්නේ නැහැ. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නෑ මේ සතුන් මරණ වෙලාවේ වේදනාවක් විඳින්නේ නැහැ කියා . එතැනදී මගේ hypocracy එකක් තියෙනවා . ඒක මම පිලිගන්නවා. එළවලු පමණක් කන අය සමග කිසි විවාදයක් නැහැ මගේ . මම කියන්නේ ඕගොල්ල ඒක කර ගන්න. අනික අයට ඒ අයගේ නිදහස දෙන්න .

Wednesday, 9 January 2013

අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය තව දුරටත් වලංගුද ?


අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය තව දුරටත් වලංගුද ?
පසුගිය මාසයේ එක්තරා දිනෙක නුතන  අධිරාජ්‍ය වාදය  ගැන හා විදේශ ආධිපත්යන්  පිලිබඳ කතාවකට සවන් දුන්නේ. කතාව කලේ පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ වරුණ දීප්ත රාජපක්ෂ සහෝදරයා. කතාව අවසානයේ ම නැගු පැනය නම් ලංකාවේ පැරණි මාක්ස්වාදීන් පට්ට ගැසූ අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය එලෙසම පාවිච්චි කිරීමෙන් ඇති පලය කුමක්ද කියායි. කොටින්ම කියනවනම් මගේ අදහස වුනේ ලංකාවේ  රනිල් වික්‍රමසිංහගේ එජාප කෑල්ල ඇරෙන්න අනික් හැමෝම අධිරාජ්‍ය විරෝදියි.  පසුගිය කාලයේ ජ නි පෙ විමල් වීරවංශත් අධිරාජ්‍ය විරෝධී පෙළපාලි කලා. ඇමෙරිකානු හා  බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වලට විරුද්ධව. පරණ වමත් මේ අධිරාජ්‍ය  විරෝධයම පට්ට ගගහා පවතින ආණ්ඩුවලට එක්වී සිටිනවා. මන් කියන්නේ පෞරාණික වම ගැන. දැන් අලුත්ම පරණ වම ජවිපෙනේ. ජනිපෙ පෙළපාලියේ අධිරාජ්‍ය  විරෝධී පින්තුර වල හිටියේ චීන නායකයා හු ජින්ටාවෝ, රුසියාවේ පුටින්, ගඩාෆි, කස්ත්‍රෝ හා හියුගෝ  චාවේස්. සමහර අය නම් අධිරාජ්‍ය විරෝධී කියල කිව්වහැකි (කස්ත්‍රෝ හා හියුගෝ  චාවේස්).  අනිත් අය? දැන් පෙරටුගාමී සමාජවාදී සහෝදරවරු කියන්නෙත් ඒගොල්ල අධිරාජ්‍ය  විරෝදී කියලනේ. මොන අධිරාජ්යටද? වරුණ සහෝදරය ලෙනින්ගේ පොතකින් කෑල්ලකුත් ඇද්දා ඔවුන්ගේ තර්කය හරි කියා පෙන්වන්න.  
නමුත් එම කතාවෙන් පස්සේ මොකද වුනේ? ජවිපෙ හෙවත් පැරණි වමේ දඹර අමිල හිමි ප්‍රමුඛ  ජවිපෙ සංවිධාන වල අයම අධිරාජ්‍ය විරෝධී පෙරමුනකුත් අටවා ගත්තා. කාටද - බටහිර අධිරාජ්‍ය  වාදයට විරුද්ධව. 
මොකද මේ අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය  කොච්චර පට්ට ගැහුවත් මිනිස්සු එක්වනවා නොවැ. අමෙරිකාවනේ ඔක්කොම කරදර දෙන්නේ බලාගෙන ගියහම. මානව හිමිකම් වල පටන් අනික්  හැම එකටම. ඒ මදිවට ලංකාවේ හදන බඩුත් ගන්නවා, ඇඳුම් වගේ දේවල්. සූරාකන තරම.
අපි බලමු '1978-2012  ජවිපෙ ගමන් මග' කියන නව ජවිපෙ (හෙවත් පෙරටුගාමී සමාජවාදීන්) පල කල පොතේ මොකද්ද කියන්නේ කියල. 2004 සන්ධානය - පිටුව 125 බලන්න. "වර්තමාන ධනවාදය පවතින්නේ අධිරාජ්‍යවාදයේ ස්වරූපයෙනි. අධිරාජ්‍යවාදය යනු අන් කිසිවක් නොවැ ඒකාධිකාර ප්‍රාග්ධනයේ අවධියයි. ලෙනින්, අධිරාජ්‍ය වාදය යනු ධනවාදයේ උසස්තම අවධිය ලෙස හඳුන්වා දුන්නේය. අධිරාජ්‍යවාදයේ මුලික ලක්ෂණයන් වන්නේ ප්‍රාග්ධනය ජාතික රාජ්‍ය දේශ සිමා අභිබවමින් ලොව පුරා සංසරණය වීමයි. එහෙත් ඒ අතරම සිය සුරාකෑමේ අවශ්‍යතා වෙනුවෙන් ජාතික රජයන් පවත්වා ගැනීමටද කටයුතු කරයි. "

තම ස්වයං විවේචන පොතේ නිවැරදිව සඳහන් වෙන කාරණාවක් වරුණ සහෝදරයා වෙනත් විධිහකට ඉදිරිපත් කල බව මගේ හැඟීමයි.
ආපහු කියවන්න 
http://www.marxists.org/archive/lenin/works/1916/imp-hsc/


VII. IMPERIALISM AS A SPECIAL STAGE OF CAPITALISM

We must now try to sum up, to draw together the threads of what has been said above on the subject of imperialism. Imperialism emerged as the development and direct continuation of the fundamental characteristics of capitalism in general. But capitalism only became capitalist imperialism at a definite and very high stage of its development, when certain of its fundamental characteristics began to change into their opposites, when the features of the epoch of transition from capitalism to a higher social and economic system had taken shape and revealed themselves in all spheres. Economically, the main thing in this process is the displacement of capitalist free competition by capitalist monopoly. Free competition is the basic feature of capitalism, and of commodity production generally; monopoly is the exact opposite of free competition, but we have seen the latter being transformed into monopoly before our eyes, creating large-scale industry and forcing out small industry, replacing large-scale by still larger-scale industry, and carrying concentration of production and capital to the point where out of it has grown and is growing monopoly: cartels, syndicates and trusts, and merging with them, the capital of a dozen or so banks, which manipulate thousands of millions. At the same time the monopolies, which have grown out of free competition, do not eliminate the latter, but exist above it and alongside it, and thereby give rise to a number of very acute, intense antagonisms, frictions and conflicts. Monopoly is the transition from capitalism to a higher system.