මගේ පියා මේ ලෝකය හැර යනකොට මම ලන්ඩන් සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයේ MSc එකක් කරනවා තොරතුරු තාක්ෂනය පිළිබඳව. ඉතුරු වෙලා තිබ්බේ අවසන් කොටස කරන්න. අපට සෝවියට් දේශයේදී යන්තමට වගේ
ෆොර්ට්‍රන් කියන මෘදුකාංග භාෂාව උගන්වල තියනව. අපේ තීසිස් එකට අවශ්‍ය කොටසක් (module) විධිහට.
ඒ කාලෙම තාත්ත ගෙන්න ගන්න ඕනේ නිසාම අපි (ඉනෙසුයි මමයි) ෆ්ලැට් එකක් ගත්ත මොර්ගේජ් කරලා. (ඒ කියන්නේ නැට්වෙස්ට් බැංකුවෙන් ණයක් අරගෙන). ඒවා ඔක්කොම ලැහැස්තිකරගෙන යද්දී නිව්මෝනියා හැදිච්ච ලෙඩෙක් තාත්ත හිටපු ඇඳට අල්ලපු ඇඳට ගෙනත් දාල ඒක හැදිලා තාත්ත අන්තරා වුනා . ඉතින් මම ලංකාවට ගිහින් ඇවිත් අර MSc එක ඉවර කළා. මගේ සුපර්වයිසර්
ලරිසා ෆ්‍රඩ්කින් කියන රුසියානු මහාචාර්ය කෙනෙක්. එයා ඉගෙන ගෙන තියෙන්නේ ලෙනින්ග්‍රාඩ් පොලිටෙක් එකේ (ශාන්ත පිතර්බුර්ගය). මම පස්සේ තමයි දැන ගත්තේ එයාත් මම වගේම සෝවියට් නිෂ්පාදනයක් කියල. එයා මට හොඳ අවවාදයක් දුන්න. ෆීල්ඩ් එකේ ඉන්න නම් භාවිතා කරණ ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න කියල. ඒ දවස් වල කොම්පියුටර් වීක්ලි වගේ සඟරා තිබ්බ කියවන්න.
සවුත්බෑන්ක් එකේදී මම ඉගෙන ගත්ත පාඨමාලාවට ඩේටබේස් (දත්ත ගබඩා කියමු) නිර්මාණය, සහ C කියන මෘදුකාංග භාෂාව ඉගැන්වුවා. ඒ දවස් වල තිබ්බ එක ඩේටබේස් සිස්ටම් එකක් තමයි dbase කියන එක. ඒක තමයි ඉගැන්වූවේ. හැබැයි මට තිසිස් එකට කරන්න තිබ්බේ C ++ කියන භාෂාවෙන් පොඩි ප්‍රෝග්‍රෑම් කෑල්ලක්. ලරිසා අපට කීව ලියන ප්‍රෝග්‍රෑම් එක ෆ්ලොපි ඩිස්ක් එකකට දාල ලියාපදිංචි ලිපියක් හැටියට තමන්ටම එවා ගන්න කියල. එහෙම තමයි ඒ කාලේ කොපි රයිට් එක තියා ගත්තේ. ඒ ඩිස්ක් එක තවම මං ළඟ තියනවද කොහෙද . මම ඒ කාලේ රස්සාවට කලේ පරිගණක අලුත්වැඩියාව ,සහ මෘදුකාංග දාල දෙන වැඩ. ඒකට කම්පැනි එකක් දාගෙන හිටිය චිප්ස් ඇන්ඩ් බයිට්ස් කියල.
ඒ කාලයේ මම රන්ජිතකුමාරන් කියල දෙමළ නීතිඥ කෙනක් ගේ සමාගමක පරිගණක වැඩ වලට උදව් කලා. . මගේ පොඩි කම්පනියේ නෙට්වර්ක් ඉන්ජිනේරුව හැටියට වැඩ කලේ නුරායි කොට්සංගි කියන තුර්කි ජාතික යෙහෙළිය. (මීග් ෆේස්බුක් එකේ ඉන්න කෙනා තමයි) අපි දෙන්නම ඉගෙන ගත්තේ සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයේ. සමහර සබ්ජෙක්ට් වලට එක ලෙක්චර් වලට ගිහින් තමයි අඳුර ගත්තේ. අදටත් ඉනෙස් සහ මම සමහර වෙලාවට සෙනසුරාදා ඉරිදට ඇවිදින්න යන්නේ එයාල එක්ක. අපි තුර්කි කෑම ජාති හෙම ඉස්සෙල්ලම කන්න පුරුදු වුනෙත්එ යාල නිසා.
රන්ජිත් ඇන්ඩ් කෝ එකේ මුල්ම පරිගණක නෙට්වර්ක් එක දාල අලුත් වින්ඩොව්ස් සිස්ටම් එකක් දාල දුන්නේ අපි. රන්ජිත් ට ඕනේ වුනා එයාගේ හැම ක්ලයන්ට් කෙනෙක්ම ඩේටබේස් එකකට දාගන්න සහ ටයිපිස්ට් ල වගේ එයාගේ ලීගල් සෙකට්‍රිලා ගහන ලියුම් පරිගණක මගින් ප්‍රොසෙස් කරන්න.
අර කොම්පියුටර් සඟරා ඒ කාලේ එක එක මෘදුකාංග නිකන් දෙනවා. එහෙම ලැබිල මං ලඟ තිබ්බ ලෝටස් නෝට්ස් කියල ඒ දවස් වල ජනප්‍රිය සිස්ටම් එකක්. ඒකෙ ඩේටබේස් එකක් සහ ලිපි ලියන්න දැන් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වගේ වර්ඩ් ප්‍රොසෙසර් එකක් තිබ්බ. ඉතින් මම කලේ අර ඩේටබේස් එකට රන්ජිත් ගේ කස්ටමර් ල ගේ විස්තර ඇතුලත් කරලා ඒ විස්තර අරගෙන ලිපි ඉබේ ගහන්න පුළුවන් විධිහට සිස්ටම් එකක් හදපු එක. ඒ කියන්නේ ලිපියට අවශ්‍ය දත්ත - නම, ලිපිනය, උපන්දිනය, ලිපියේ හේතුව, රෙෆරන්ස් වගේ දේ දැම්මම වැඩ කරන අයට ලිපියේ ඉතිරි ටික ලියන්න ලේසියි. හැම ලිපියකටම ටෙම්ප්ලේට් එකකුත් දැම්ම. එතකොට ඒක අරගෙන අවශ්‍ය ලිපිය සම්පාදනය කරන්න පුළුවන්. මේ වගේ සිස්ටම් එකකට කියන්නේ කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියල. ඒ කියන්නේ නීතිඥ සමාගමකට කෙනෙක් ආවහම එයාට කේස් ෆයිල් එකක් ඇරලා අවශ්‍ය වැඩ ටික කරලා දෙන එක පරිගණක ගත කිරීම. ඒකෙන් වැඩේ ලෙහෙසි වෙනව. රන්ජිත් වැඩිපුරම කලේ ආගමන විගමන වැඩ. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් කේස් . ඊට අමතරව කොන්වෙයන්සින් හෙවත් නිවාස
හැබැයි මගේ ඔය වැඩේට ඒකෙ හිටිය සෙකට්‍රිලා වැඩිය කැමති වුනේ නැහැ, රස්සාවල් නැති වෙයි කියල බයට වෙන්න ඕනේ. කොහොම හරි ඔය සිස්ටම් එක මම වික්ක තව කම්පැනි එකකට. ඔය දෙකේම වැඩ කරන ගමන් තවත් සමාගම් හෙව්වා මේක විකුනන්න. හැබැයි මගේ මාකටින් අන්තිම සවුත්තුයි. මට ඔය වැඩේ තේරෙන්නම නැහැ. අනික මම කරන වැඩ වලට ගන්න ගානත් මදි කියල මට පස්සේ තමා තේරුනේ.
අපේ දුවලට පොඩි කාලේ ඉඳන්ම එංගලන්තේ ව්‍යවසායකත්වය ගැන උගන්වනව. ලොකු දුව ශනායා එයා අඳින චිත්‍ර අඩු ගණන්වලට විකුනන්නේ නැහැ. අපේ ගෙවල් ළඟ දෙමළ පවුලකට එයාලගේ සීයා ගේ පින්තූරයක් අන්ද ගන්න ඕනේ වුන දුවට කියල. මෙයා පවුම් තිස් පහක් ද කොහෙද අය කළා. මම කීව අඩු කරන්න ඒ අය පව් නේ කියල එයා කිව්ව් "ඩැඩී මම පැය ගාණක්, දවස් ගාණක් මහන්සි වෙලා අඳින චිත්‍රයක් අඩු ගානකට දෙන්නේ මොකටද" කියල පස්සේ මගේ බල කිරිමට පවුම් විසි පහකට අඩු කළා. ඒත් වැඩි කියල මට හිතුනේ. එයා චිත්‍ර මෝස්‌තර ඇඳල ටි ෂර්ට් වලට ප්‍රෙස් කරනවා. ඒවල ගණන් හරි සැරයි. එයා කියන්නේ එයා විකුනන්නේ එයාගේ හැකියාව කියල. මට වෙලාවකට හිතෙනවා කෙල්ලගේ මොලේ ඒ කාලේ මට තිබුනේ නැහැ නේද. අපි අපිව අගය කරනවා අඩුද? අපට කියල දීල තිබුනේ හෙම. පැනල දෙන්න එපා. පිටි පස්සට වෙලා ඉන්න. අත උස්සන්න බයයි. අපිව මාකට් කර ගන්නේ නැහැ. පස්ස ගහනවා. අපි අපි ගැනම අඩුවෙන් තක්සේරු කරලා කියන්න පුරුදු වෙලා ඉන්නේ. ධනවාදී සමාජයක නෙමේ සමාජවාදී එකකවත් එහෙම වෙලා ජීවිතය උස්ස ගන්න බැහැ.
ඉතින් මම හදපු සිස්ටම් එක විකුණා ගන්න උත්සාහ කරනවා වෙනුවට මම කලේ ජොබ් හොයපු එක. මා ගාව වැඩ කරපු නුරායි ටත් මම කීව රස්සාවක් හොයා ගන්න කියල. මම ලෝකල් පත්තරේක දැක්ක නීතිඥ සමාගම් වලට පරිගණක සේවා සපයන සමාගමකට ප්‍රෝග්‍රැමර් කෙනෙක් හෙවත් පරිගණක ඉංජිනේරුවෙක් ඕනේ කියල. ඒකෙ නම ඩිපිඑස්, ඒ කියන්නේ document processing system හෙවත් ලිපි සකස් කිරීමේ හෝ ලියා ගැනීමේ ක්‍රමය කියන එක. මට රැකියාව ලැබුනේ හැබැයි ප්‍රෝග්‍රැමර් හැටියට නෙමේ පස්සේ. අර මම කීව කේස් මැනේජ්මන්ට් ඩිවොලොප් කරන්න. මේ 1999 වසර.
ලියන්න අමතක වුනා ඒ දවස් වල මගේ ඉනෙස් නඟා වැඩ කලේ ඩෙල්ටා එයාර්ලයින් එකේ රිසර්වේෂන්ස් ඒජන්ට් (ටිකට් නිකුත් කරන) කෙනෙක් ලෙස. ඉතින් එයට නොමිලේ ලැබෙන ටිකට් වලින් ලෝකේ හැම තැනම සහ ඇමෙරිකාවේ නිතරම යනවා. නිකන් ටිකට් ලැබිලත් මම නෙමේ ඇමෙරිකා එක්සත් ජනපදේට ගියේ. ඒ දවස් වල ඉතින් ෆුල් ඇමෙරිකන් විරෝධී, ව්‍යාපාර විරෝධී, ඉතින් හරියයි ද ? 😀
ඒ කතාවත් ලබන සතියේ කියලම බ්‍රයන් හමුවුන විධිහට යමු.
සුපුරුදු පරිදිම කම්මැලි නොහිතෙන්න ලියලා. සාකච්චාවට එන්නං කමෙන්ට් වැටුනාම.👌🙏💐
ReplyDeleteහුම්. නිවී හැනහිල්ලෙ ලියල නැහ්නං අඩියක් අනුමත වෙච්ච වෙලාවක සිතුවිලි දෝරෙ ගලල 🙈
Delete@බස් , හෙහ් ස්තුතියි , එන්නකෝ. @නමි කාලෙක ඉඳන් ලියන්න කියල හිතන් හිටියේ. නවකතාවකට ලියනවා කියල ඒ අදහස අත ඇරිය. සුරුට්ටුවක් බිල හෙම ලියන්න ගත්තේ
Deleteමට මතකයි, මේ අසල්වැසියා ගැන ලියනවද, නැද්ද කිය, කිය හිටියා. පොරොන්දුව ඉස්ට කලාට ස්තූතියි. දැනට ලියපු ටිකෙන්ම, කතාව හොඳ වේවි කියල හිතෙනවා. අජිත් කියන එක හරි, පොඩි කාලෙ ඉඳලම අපට පුරුදු කරන්නෙ බැක්වර්ඩ් ඇටිටියුඩ්. දූපතෙන් පිටට ගියාම, ඒක බොහොම නරක විදිහට අපේම පස්ස හපා කනවා.
Deleteකාලයක් යනවා ඒ ටික එන්න. මේ කතාවේ ටිකක් ඒ ගැන කියනවා.
Delete//පොඩි කාලේ ඉඳන්ම එංගලන්තේ ව්‍යවසායකත්වය ගැන උගන්වනව//
ReplyDeleteමෙහෙ ව්‍යවසායකත්ව උපදේශනය ගැන ලියල නෑ
ඔහේ තියනවද? අපි ඉගෙන ගන්න කාලේ තිබ්බේ නැහැ
DeleteDF
Delete?/ DF
Deleteමෙහෙ දැන්නම් අවු 20, 25හේ උනුත් ව්‍යවසායකත්ව කතා යූබටේ බුකියෙ කියවනව ඕසෙට. මෝටිවේසන් අප්පොච්චිල, අම්මිල වැහිවැහැල 🤭
ReplyDeleteහොඳයි නේ. හරියනවනම් කාට වුනත්. බිස්නස් කියන්නේ මට කරන්න බැරි දෙයක්
Deleteමාත් තරුණ කලේ හෙන ඇමරිකන් විරෝදියෙක්...
ReplyDeleteදැන් නම් විරුද්ද රට කාපු හොර දේශපාලකයන්ට
ඒක හොඳයි. මගේ එහෙමට ඇමෙරිකන් විරෝධයක් ඒ කාලේ තිබ්බේ නැහැ. මම අර මේඩ්වේ පවර් ස්ටේෂන් එකේ කට්ටියත් එක්ක උස්බෙකිස්තාන් පවා ගියා. (ඇමෙරිකන් කම්පනියක්). ඒ වුනාට යන්න හිතෙන රටක් නෙවි. මොන මගුලක්ද මන්ද. දැන් ඔය නෙත්නයාහු එක්ක නටන නාඩගම . අවුලනේ.
Deleteහැරිලා බලනකොට පහුගිය අතීතය
ReplyDeleteසොඳුරුය සුන්දරය කටුකය දුක්බරය
ඒ සේරමත් වඩවන්නේ නැණ සවිය
අනාගතය සැකසෙන්නෙත් ඒ මතය
මටනම් බලනකොට පහුවුන අතීතය
Deleteආතල් එකකි දැනෙන්නේ හැකි හැම විටම
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා
කිව්වේ අනේ කට කහනවටමද
එංගලන්තයේ ඉඳලත් ඇමරිකන් විරෝධී.😃 අජිත් ඔය ඉනෙස් නුයි මමයි කියලා ලියලා තියන එක ඉනෙසුයි මමයි කියලා ලිව්වොත් හරි කියලා මට හිතෙනවා.
ReplyDeleteඔය මගේ ඇමෙරිකන් විරෝධී එක සාමාන්‍ය අමෙරිකන් අධිරාජ්‍ය විරෝධී සටන් පාඨයට වැඩිය වෙනස් එකක්. එංගලන්තේ ඉන්නව හෙන ඇමෙරිකන් විරෝධී සෙට් එකක්. විශේෂයෙන් කම්කරු පක්ෂයේ ඇතැම් කොටස් හා මුස්ලිම් ඡන්ද දායකයෝ. අනේ ඒ ගොඩේ නම් මම නෑ.
Deleteබිරින්දෑ ඉනෙස් ඒ දවස් වල ඇට්ලන්ටා යනව ඩෙල්ට එකේ ට්‍රේනින් . ඉතින් මට ඇවිත් තියනවා ඔෆිස් එකේ මෝටිවේෂන් කරන හැටි. හැමෝම කතා කරන විධිහ. එයාට ඒවා හෙන කෘතිමයි වගේ. උන් හොඳයි. නමුත් ඒ ඇමෙරිකාවේ හැටි. ඉංග්‍රීසි හෝ අනිත් යුරෝපිය ජාතින් ඊට වැඩිය වෙනස්. හැබැයි දැන් අපිටත් ඒ කෝපරේට් කල්චර් එක ඇවිත් තියෙන්නේ.
අනික් කාරනේ ඇමෙරිකන් උන් කරන පිස්සු වැඩ. ටලිබන් උන්ටයි ඔසාමා ටයි ස්ටින්ජර් මිසයිල් නුයි ආයුධයි දීලා පුහුණු කරලා සෝවියට් දේශයට ගැස්සෙව්වා. නැත්නම් ඇෆ්ඝන් කාරයෝ secular රටක් විධිහට් හැදීගෙන ආවේ . ඊට පස්සේ ඉල්ලන් කෑව උන්ගෙන්ම. ඉරාකෙට තේරුමක් නැතිව ගහල මුළු යුරෝපෙම refugee crisis එකක් හැදුව. තවමත් අවුල්. ඒ රටෙත් බෝම්බ දහස් ගණන් පිපිරිලා මිලියන් දෙහෙකට වැඩිය සාමාන්‍ය මිනිස්සු මැරුණා . අපි පොල්පොට් ට විතරක් බනින්නේ ඇයි. අයිසිස් එක හැදුව සිරියාවෙන් යුඔපෙන් අන්තවාදීන් එලවන්න. ඒ වැඩේ නම් කළා ඒත් සිරියාව කැඩුන එතනත් මිලියන් ගානක් යුරෝපෙට සහ එන්ගලන්තෙට ආව . අපේ ටැක්ස් වලට තවත් කෙල වුනා. යුක්රේන් වලට තේරුමක් නැති උදව්වක් කරනවා ඒක විසඳන්නේ නැතිව. ගොර්බා වයි යෙල්ට්සින් වයි රැවට්ටුවේ නැතිනම් පුටින් වගේ ඒකාධිපතියෙක් බිහි වෙන්නේ නැහැ. ඔය වගේ අටමගල ගොඩක් කලානේ
Deleteඉනෙසුයි මමයි කියල හැදුවා . ස්තූතියි
Deleteහොඳින් මතක තබා ගත යුතුයි!
ReplyDeleteThis comment has been removed by the author.
Delete
Deleteහොඳ ලිපියක්. ආසාවෙන් කියවූව . හැබැයි ට්‍රැෆික් ලයිට් කතාව නම්එහෙමම නැහැ ඉතින් . එංගලන්තයේ හුඟක් පාරවල ඒක වැඩ කරනවා. වාහන ගොඩක් එන පාරවල ටයිමර් එකක් තියෙනවා . මොකද නැත්නම් අනවශ්‍ය ට්‍රැෆික් එකක් හැදෙන නිසා. නමුත් සෙන්සර් එකට පුෂ් බට්න් එක ඔබන එක බලපානවා කියල තමා දන්නේ.
ඔව් ඔබ කියන ට්‍රැෆික් ලයිට් කතාව ගැන මටත් එහෙම හිතුනා. සමහර තැන් වල වෙනම කැමරා හෝ සෙන්සර් තියනවා , ඔබ කිව්වා වගේ අනවශ්‍ය වෙයිටින් ටයිම් අඩුකරන්න.
Deleteඒත් එක එක රටවල ට්‍රැෆික් ලයිට් සිස්ටම් වෙනස් ඇති කියල හිතෙන නිසා, මේ කිව්ව ආකාරයේ ඒවත් ලාබෙට තියෙනවද දන්නෙ නෑ. ලාබ නං , කොමිස් එක වැඩි නං ඒවට කැමති රටවලුත් තියනවා නේද?
ඔව් එහෙම වෙන්නත් පුලුවන්.
Delete😀
ReplyDeleteඅයියයි නංගියි කසාද බැඳලා වගේ
ඔය අයිය නඟා කතාව නම් අපේ තිබ්බේ නැහැ. හේ හේ , මේක මේ විහිළුවට ලීව එකක්
Deleteඇමරිකාව එක්සත් ජනපදය ජඩ, කාලකන්නි රාජ්‍යයක්. හිංසනයට ලක්වෙන කුඩා දරුවන් ලොකු වූ පසු මැරයින් වෙනවාය කියනවා වගේ මෙයට හේතුව ස්ටාලින් ගේ කාලයේ සිට පැවතුණු සීතල යුද්දය විය හැකියි.
ReplyDeleteමම එච්චර දරුණු වෙන්න කැමති නැහැ 😀. ඇමෙරිකන් ආත්මාර්ථකාමීත්වය නිසා ඇතිවුන ප්ප්‍රශ්න වගයක් තිබෙනවා ලෝකේ පුරාම
Deleteඔස්ට්‍රේලියාව කියන්නෙ රහතන්වහන්සේලාගෙ රටක් වෙන්න ඇති? 😜😂😂😂
Deleteඇබොරොජින් ලට දුන්න ගේම තමා ඉතින්
Delete👍 සහතිකවම
Deleteඅජිත් මහත්මයා , ඇමරිකාවෙ යමු. නියම shemales ල gay twinks ල ඕසෙට ඉන්නවා. ගිහින් එයාල එක්ක සැපක් ගනිමු.
ReplyDeleteවැඩිය කැමති කාන්තා පක්ෂයට ඇනෝ . ඔයා ගිහින් සැපක් අරගෙන කියන්නකෝ 😀
Deleteහරි හරි අජිත් මහත්තයා අපි ඔය සැප එහෙදි ගත්තා. ඔබතුමාත් පොඩි වෙනසකට පොඩ්ඩක් ට්‍රයි කරන්න.
Deleteහපොයි
Deleteඅපරාදේ අජිත් හෙන කොම්පැනියක ලොක්කෙක් වෙන්ඩ තිබ්බ අවස්තාවක්
ReplyDeleteමමත් ඔහොම තමා .. ඒ කාලේ ඔය වෙබ් සයිට් එහෙම හදල දීලා පොඩි ගණන් හම්බ කළා .. සමහර වෙලාවට අවුරුදු 20ක් විතර ගිහිල්ලත් ඒ ගත්ත ගණන් වැඩියි කියල පසු තැවෙනවා .. හෙහ් හෙහ්'
මම 2013 දී ලංකාවෙන් මැලේසියා යන්න කලින් දවස් 2-3ක් මහන්සි වෙලා යාලුවෙකුට නොමිලේම පොඩි සිස්ටම් එකක් හදල දුන්නා එයාගේ ලේ මුත්‍රා චෙක් කරන ලැබ් එකේ වැඩ වලට .. හෙන බග්ස් ගොඩක් එක්ක .. හැබැයි මේ මනුස්සයා අවුරුදු 7-8ක් ඒ සිස්ටම් එක දාගෙන දුවල අද වෙද්දී ලැබ් දෙකක අයිති කාරයෙක් ..
පහුගිය දවසක මට කිව්වා උඹ හදපු එකෙන් තමා මේ ඔක්කොම කර ගත්තේ කියල .. හෙහ් හෙහ් ..
අපිට කොහේ හරි අවුලක් තියෙනවා .. හෙහ් හෙහ්
ඔයා ඒක ටිකක් වැඩි දියුණු කළා නම් කියල හිතෙනව නේද? මටනම් ඒගැන මුකුත් හිතෙන්නේ නැහැ. මං ගත්ත මාර්ගය අවුලක් නැහැ. මම කොහොමත් කම්මැලියි වැඩි වැඩ කරන්න. මට තියෙන්නේ ඒ අවුල. කම්පැනි එකක් දාල මුලදී ඉඳන් රැගක් කන්න ඕනේ. මගේ ඒ කාලේ බොසා මට රෑ දෙකට තුනට ඊමේල් එවපුව හම්බ වෙලා තියනව. . (මම බලන්නේ උදේට) . ඕක තමා මගේ අවුල. සෙනසුරාදට පොතක් කියවල ෆිල්ම් බලල ඇවිදලා ෆන් එකේ ඉන්න ඕනේ. බිස්නස් වලදී ඒවා අමාරුයි. (මුලදී අඩුම ගනනේ)
Deleteමට එහෙම හිතිලා තියෙනවා නමුත් මගේ විදියත් ඔය වගේ තමා .. ගානට වැඩක් කරලා පුළුවන් තරම් නිදහසේ මම කැමති දෙයක් කරන්න තමා කැමති .. බිස්නස් කරන්න සුදුසු ලක්ෂණ උපතින්ම පිහිටලා නැහැ .. හෙහ් හෙහ්
Deleteඑක බෝට්ටුවේ 😀
Deleteමැද රට විත්ති...
ReplyDeleteමේකට ගියා
Deleteහා, හා ඊළඟ. බ්‍රයන් තාම බුදිද? 😋😁🤣
ReplyDeleteසංස්කෘතිය, පුද්ගල චර්යා හා ගණුදෙනු
අද ඉවානයා ආවා , බ්ලැක් පෝක් කරි එකක් හැදුව. කිත්මා නංගි ආවා රොටී හදාගෙන. අපි කාලා හවානා සිගාර් එකක් එහෙම පිටින් ගහල මේ වැටිලා ඉන්නේ. මොන බ්ලොග් ද දැන්
Delete//කාලා.......වැටිලා ඉන්නේ. මොන බ්ලොග් ද දැන්//
Deleteවැඩේ කැතයි උපාසක. 😋💢
මමත් බ්ලැක් පෝක් කරි හැදුවා. හරියටම හරි ගියේ නෑ. ආයෙ රෙපයාර් කරල බලන්න ඕනෙ.🤔
ඉවාන් ගෙන් ගුරු හරුකම් ගත්තනම් හරි
Deleteමමත් AL කරලා කම්පියුටර් කෝස් එකකට ගියා. ඒකෙ අපිට ඉගැන්නුවෙ Visual Basic, DBaseIII+, Lotus 123, PW කියලා Word වගේ ලියන්න භාවිතා කරන්න පුළුවන් එකක්. Lotus 123 උගන්නද්ඩි කිව්වා දැන් Excel කියලා එකක් ඇවිත් තියනවා මීට වැඩිය ගොඩක් ඇඩ්වාන්ස් කියලා... :) අපි කරණ ප්‍රෝග්‍රෑම් සේව් කලේ දඩ (මතක විදිහට අඟල් 71/2 ක් විතර දිගයි) ෆ්ලොපි ඩිස්ක් වල.. ඔය එකටවත් මවුස් ඕනා කලේ නෑ. ඔක්කොම කී බෝර්ඩ් ශෝර්ට් කට් තමා. ආපහු හැරිලා බලද්දි අපූරු මතක ගොන්නක්...
ReplyDeleteඒ කාලෙම වගේ නේද? මම නම් ඒවා ඉගෙන ගත්තේ එක ඩිග්රි එක්ක ඉවර කරලයි. Lotus 123 ඒ දවස් වල හොඳ එක. නමුත් අලුත් කම්පැනි එකේ ඒෂ්කෙල් තමා භාවිතා කලේ
Delete