ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද? -ඔබේ අදහස් දක්වන්න

ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද?  කියන ප්‍රශ්නය මම හුඟක් දුරට කල්පනා කල දෙයක්. මේ බ්ලොගයෙම මම ප්‍රාග්ධනය හා මාක්ස් කියන්නේ මොකක්ද කියල විමසන නිසා සහ බොහෝ අය මොන වගේ සමාජවාදී හෝ  කොමියුනිස්ට්වාදී සමාජයක්ද ගැන අහන්නේ කියන ප්‍රශ්නයට උත්තර දීමක් වශයෙනුත් විටින් විට යාවත්කාලින කරන අභිප්‍රායෙන් තමා මේ පිටුව පටන් ගත්තේ.
අපි සමාජවාදී කියල නම් කරන දැනට තිබෙන රටවල් (චීනය, වියට්නාමය , කියුබාව වගෙව් ) වල ක්‍රමය පිලි ගන්නෙත් නැත්නම්, කඩා  වැටුණු සෝවියට්  ක්‍රමය පිලි ගන්නෙත් නැත්නම් මොකක්ද අපි කියන්න හදන්නේ.

මම කියන්න හදන දේ මෙයයි.

1. මාක්ස්ට අනුව විශ්වය පරිණාමය වූ ආකාරයෙනුත්, ජිවයා  පරිණාමය වූ ආකාරයෙනුත් , එකිනෙක තුල ප්‍රතිවිරෝධයෙන් ඇතිවන සින්තසිසය හරහා ඇතිවන නවතම අවධිය ඇසුරෙනුත් සමාජ ප්‍රගමනය විස්තර කල හැකියි. මෙය මාත්  පිලි ගන්න නිසා ඒ අනුව කරන විග්‍රහයක් තමා  ඇතුලත් වන්නේ.
2.  පොදු දේපල බෙදා හැරීමක් තියෙනවද.   නැහැ . රජයට ප්‍රාග්ධනය පවත්වා ගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා  මිනිසුන්ගේ ගෙවල්, ඉඩම් ආදිය  රාජ්‍යය සතු නැහැ. මුලදී සතු වන දේපල වුනත් ක්‍රමයෙන් ජනතාවට පැවරිය  යුතුයි ගම්  සභා ආදිය  හරහා . සමාජවාදී සමාජය හෝ කොමියුනිස්ට්  සමාජය කියන්නේ රොබින් හුඩ් ගේ ශර්වූඩ් කැලය  හෝ සරදියෙල් ගේ අඩවියක් නොවේ.
3. ධනය අයත් සියලු දෙනා  ශ්‍රමය සූරා  කන ධනපතින්ද ?  නැහැ . ප්‍රාග්ධනය හිමි , කර්මාන්ත ශාලා හිමි, ශ්‍රමය විවෘත වෙළඳ පොලෙන් මිලදී ගෙන (වැටුපක්  ගෙවා), භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අතිරේක ලාභයක් ලබා එය තම ප්‍රාග්ධනය වැඩි කිරීමට යොදවන්නා  තමයි ධනපතියා. තමන්ගේ පෞද්ගලික දක්ෂතා වලින් ධනය රැස් කර ගන්නා ගායකයන්, නළු නිලියන්, ක්‍රීඩකයන්, ග්‍රන්ථ කතුවරුන් ආදීන්  මේ ධනපති වර්ගයට අයත් වන්නේ නැහැ. නමුත් ඔවුන් ආයෝජනය කරනවානම් ඉහත ව්‍යාපෘතියකට එයින් ඔවුනුත් ධනපතියන් බවට පත් වෙනවා.
4. ගමක, නගරයක සෝවියට් සභාවේ (ගම්  වැසි නගර වැසි ජනයාගේ සහභාගිත්වය ඇති රැස්වෙන සභාව  - ගම්  සභාව, නගර සභාව යනුත් මෙයයි) වෙනත් විරුද්ධ අදහස් තියෙනවද? වෙනම කණ්ඩායම් තියෙනවද? ඔව් . නමුත් බහුතරයේ අදහසට සුළුතරය එකඟ විය යුතුයි. බහුතරය , සුලුතරය නොසලකා නොහැරිය යුතුයි.
5. යුගෝස්ලාවියාවේ පැවති  ක්‍රමයක් තමා පස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එකතු කරගෙන තමන්ගේම සුළු කර්මාන්තයක්  ඇරඹීමේ හැකියාව. එහිදී සූරාකෑමට ඉඩක් නැති වෙන අයුරින් නීති සම්පාදනය කර සුළු කර්මාන්තය ආරම්භ කල තැනැත්තාට අනිත් අයගේ අනුමැතියෙන් වැඩි වැටුපක් ලැබෙන ක්‍රමයක් තිබුනා. ඒ ක්‍රමය සුළු කරමාන්ත දියුණු කිරීමේදී භාවිතා කල හැකියි. එසේම මෙම කර්මාන්ත මහජනයාට කෙලින්ම බලපාන අමුද්‍රව්‍යේ හා භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන.
6.ගොවින්ට හැකි තරම් උදව් දෙන ගමන් ඉහත ආකාරයටම ගොවින් වෙනත් ගොවින් සමග එකතුවී භෝග නිෂ්පාදනය කිරීමට අනුබල දිය යුතුයි. ඔවුන් ස්ව කැමැත්තෙන් එකතුවී ගොවි ජනපද පිහිටුවීමට විශේෂ ආධාර දිය යුතුයි. ඔවුන්ගේ භෝග මිලදී ගැනීම හා විකිණීම ඔවුන්ගේම සමාජ ජාලයකින් කලයුතු අතර ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතුයි මුල් කාලයේදී. ඉන්පසු තමන්ට ලැබෙන ලාභයෙන් ඒවා නඩත්තු කල යුතුයි. මෙහි ලාභය යනුවෙන් අදහස් වන්නේ ගොවියා තම භෝග විකුණා ඉතුරු වියදම් කපා හැරීමෙන් පසු
ඉතිරිවෙන් මුදලින් කොටසකුයි.
7. මහා කම්හල් වල  පරිපාලනය උගත් හා ඒ සම්බන්ධ පළපුරුදු අය වැඩ කරන අය අතුරින් හෝ පිටතින් ගෙන්වා විනිවිද භාවයෙන් යුතුව සේවයේ පිහිටුවිය යුතුයි. එවන් කම්හල් හෝ විශාල ආයතන වල ලාභය වැඩ කරන අය  අතර තමන්ගේ හැකියාව හා ශ්‍රම ඵලදායකත්වය  මත බෙදී යා  යුතුයි. (වැටුප් වෙනුවට)
.... මතු සම්බන්ධයි.

11 comments:

  1. මම හිතන විදිහට රුසියාව ඇතුලු නැගෙනහිර යුරෝපීය කදවුර වරද්ද ගන්න එක තැනක් තමයි අංක 4. වැඩකරන ජනතාවගේ පාලනයක් ගැන කථා කලත් ඒක යථාර්ථයක් කරන ආකෘතියක් නිර්මානය වෙලා තිබුනෙ නැහැ. ඒකෙ අවසාන ප්‍රතිඵලය වුනේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ආඥාදායකත්වයක් නිර්මානය උන එක. නිර්ධන පන්තියේ ආඥාදායකත්වය වෙනුවට පක්ෂ නිලධරයේ ආඥාදායකත්වයක් ගොඩ නැගුනා.

    මේ ඒ ගැන මගේ අදහස :

    රුසියානු විප්ලවය ආරම්භ වෙන්නෙ සෝවියට් සභා මත පදනම් වූ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් සහිතවයි. සෝවියට් සභා වලට බලය පවරන්න කියලයි බොල්ෂෙවික්වරු ඉල්ලුවේ. එතකොට පරමාධිපත්‍යය බලය ලැබෙන්නේ කම්කරුවන්ගේ සෙබලුන්ගේ හා ගොවීන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත සෝවියට් සභා වලට. මේක ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයට වඩා සිය ගුනයකින් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක්. සෝවියට් සභා ඇතුලේ එතකොට බොල්ෂෙවික් පක්ෂයට අමතරව වෙනත් පක්ෂත් ක්‍රියාත්මක වුනා.

    ඒත් සිවිල් යුද්ධය කාලයේදී ඒ වෙනත් පක්ෂ යටපත් කරන්ට බොල්ෂෙවික්වරුන්ට තත්වයන් විසින් බල කරනු ලැබුවා. සිවිල් යුද්ධය ඉවර වෙද්දී සෝවියට් සභා ඇතුලෙ වැඩ කරමින් හිටියෙ කොමියුනිස්ට් පක්ෂය පමනයි. ඊට පස්සේ අධිකාරියක් විදිහට පක්ෂය මෝදු වෙන්න ගත්තා. නිලධාරිවාදයට කැපුනු එක පාරක් ඒක.

    ලෙනින් පවා මේ ප්‍රශ්නය ඒ බරින්ම වටහා ගත්තෙ නැහැ කියන එකයි මගේ අදහස. ලෙනින් ජීවිතයේ අන්තිම කාලයේ නිලධාරිවාදය එක්ක හටන් කරන්න ස්ටාලින්ට විරුද්ධව විවිධ වැඩ තේරුවා. ඒත් ඒ යෝජනා සියල්ල ඉලක්ක කලේ පක්ෂ ව්‍යුහයේ අභ්‍යන්තර වෙනස්කම් සිදුකිරීමට. සෝවියට් සභා වලට බලගන්වා පක්ෂය ඊට යටත් කිරීමේ වැදගත්කම එතැනදී ලෙනින් ස්පර්ශ කලේ නැහැ ( රුසියානු මහජනයා එවකට ගිලී සිටි සංස්කෘතික පසුගාමීකම මේකට සමහර විට ලෙනින්ට බලපෑවා වෙන්නත් පුලුවන් )

    කොහොම කොහොම හරි සමාජවාදය ගැන ආපහු හිතනවා නම් ලෙනින්ට අතහැරුනු මේ කාරනේ ගැන බැරෑරුම්ව සලකා බලන්න සිදුවේවි. වැඩකරන ජනතාවගේ පාලනය යථාර්ථයක් කරගන්න ආකෘතියක් ගොඩනගන්නෙ කොහොමද? පක්ෂය ජනතාවට ඉහලින් සිටින අධිකාරියක් වීම වලක්වා එය ජනතාව අතර ගිල්වා දමන්නේ කෙසේද? නිලධාරිවාදය ඇතිවීම හා එය ඒකාධිපතිත්වයක් දක්වා වැඩී යාම වලක්වන්නේ කෙසේද? බලතල බෙදීම වගේ ලිබරල් න්‍යායන්ගෙන් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ආලෝකයක් ගන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. ධනවාදයෙන් පසු එළෙඹෙන සමාජය කුමක්ද?//
      මාගේ අදහස නම් ධනවාදය ලොවටම වාසිදායක ලෙස සාමාන්‍ය ජනයා අතර ඔවුන්ගේ ධනය ට වැඩි බදු අය කරන එක සාධාරණය බවයි.ධනවාදීන් නැති කල ලෝක ආර්ථිකයෙ වේගය පවත්වාගෙන යෑමට අපහසු වේ.උදා; රටක සාමාන්‍ය ජනයා අතර සුලු ව්‍යාපාරිකයිනට එක් අයෙකුට රජය පනවන බදු 30%ක් නම්,ධනවාදී ව්‍යාපාරිකයිනට එක් අයෙකුට 50%ක් වත් බදු පැනවීම සාධාරණයි.
      *දුප්පත් ජනයාව ධනවාදය නිසා අනාගතයට තල්ලුකර,ධනවාදීන් වර්තමානයේ ත් බුක්තිවිඳිමින් අනාගතයට රැස් කර ගන්නා ධනය හේතුවෙන් අනාගතයට තල්ලු වූ දුප්පත් ජනයා ගේ ඉරනම අතීතයෙ ගත කල ජීවන රටාවම අතීතයෙ ජීවත්වූ රටාවට වඩා අන්ත අසරණ තත්වයට පත් වෙති.මෙසේ මනාව පැහැදිලි වන්නේ දුප්පතාට අනාගතයක් නොමැතිව වලටම තල්ලුකර දැමීම වේ.තවත් කිව හොත් දුප්පතාට වර්තමානයත් හිස් අතින්ම මැලවී යනවා නම් සැබෑ කරුණකි.

      Delete
    2. මේක වැදගත්. //සෝවියට් සභා වලට බලගන්වා පක්ෂය ඊට යටත් කිරීමේ වැදගත්කම එතැනදී ලෙනින් ස්පර්ශ කලේ නැහැ//

      Delete
  2. ඔබේ අදහසට මම එකඟයි. අංක හතරේ තමා ප්‍රශ්නය ඇති වුනේ. මේ පිටුව ක්‍රම ක්‍රමයෙන් ගොඩ නගන එකක් . අදහසක් තිබෙනවානම් දාන්න. ඔබේ නමින් ඒක අංකයක් හැටිය ඇතුලත් කරන්නම්.

    ReplyDelete
  3. ධනවාදයෙන් පසු එළෙඹෙන සමාජය කුමක්ද?//
    මාගේ අදහස නම් ධනවාදය ලොවටම වාසිදායක ලෙස සාමාන්‍ය ජනයා අතර ඔවුන්ගේ ධනය ට වැඩි බදු අය කරන එක සාධාරණය බවයි.ධනවාදීන් නැති කල ලෝක ආර්ථිකයෙ වේගය පවත්වාගෙන යෑමට අපහසු වේ.උදා; රටක සාමාන්‍ය ජනයා අතර සුලු ව්‍යාපාරිකයිනට එක් අයෙකුට රජය පනවන බදු 30%ක් නම්,ධනවාදී ව්‍යාපාරිකයිනට එක් අයෙකුට 50%ක් වත් බදු පැනවීම සාධාරණයි.
    *දුප්පත් ජනයාව ධනවාදය නිසා අනාගතයට තල්ලුකර,ධනවාදීන් වර්තමානයේ ත් බුක්තිවිඳිමින් අනාගතයට රැස් කර ගන්නා ධනය හේතුවෙන් අනාගතයට තල්ලු වූ දුප්පත් ජනයා ගේ ඉරනම අතීතයෙ ගත කල ජීවන රටාවම අතීතයෙ ජීවත්වූ රටාවට වඩා අන්ත අසරණ තත්වයට පත් වෙති.මෙසේ මනාව පැහැදිලි වන්නේ දුප්පතාට අනාගතයක් නොමැතිව වලටම තල්ලුකර දැමීම වේ.තවත් කිව හොත් දුප්පතාට වර්තමානයත් හිස් අතින්ම මැලවී යනවා නම් සැබෑ කරුණකි.

    ReplyDelete
  4. ධනවාදයෙන් පසු එළෙඹෙන සමාජය කුමක්ද?//
    මාගේ අදහස නම් ධනවාදය ලොවටම වාසිදායක ලෙස සාමාන්‍ය ජනයා අතර ඔවුන්ගේ ධනය ට වැඩි බදු අය කරන එක සාධාරණය බවයි.ධනවාදීන් නැති කල ලෝක ආර්ථිකයෙ වේගය පවත්වාගෙන යෑමට අපහසු වේ.උදා; රටක සාමාන්‍ය ජනයා අතර සුලු ව්‍යාපාරිකයිනට එක් අයෙකුට රජය පනවන බදු 30%ක් නම්,ධනවාදී ව්‍යාපාරිකයිනට එක් අයෙකුට 50%ක් වත් බදු පැනවීම සාධාරණයි.
    *දුප්පත් ජනයාව ධනවාදය නිසා අනාගතයට තල්ලුකර,ධනවාදීන් වර්තමානයේ ත් බුක්තිවිඳිමින් අනාගතයට රැස් කර ගන්නා ධනය හේතුවෙන් අනාගතයට තල්ලු වූ දුප්පත් ජනයා ගේ ඉරනම අතීතයෙ ගත කල ජීවන රටාවම අතීතයෙ ජීවත්වූ රටාවට වඩා අන්ත අසරණ තත්වයට පත් වෙති.මෙසේ මනාව පැහැදිලි වන්නේ දුප්පතාට අනාගතයක් නොමැතිව වලටම තල්ලුකර දැමීම වේ.තවත් කිව හොත් දුප්පතාට වර්තමානයත් හිස් අතින්ම මැලවී යනවා නම් සැබෑ කරුණකි.

    ReplyDelete
    Replies
    1. මේ කරුණ මට ඒ දිනවල තේරුනේ නැහැ. නමුත් ඇත්තට බැලුවොත් දුප්පතා කියන සංකල්පය දියුණු ධනවාදී රටවල අඩුවෙලා නේද. ඒ වෙනුවට ඉන්නේ සංක්‍රමිකයන් හෙවත් ඉමිග්‍රන්ට් ලා නේද ඒනිසා ඔබේ දෙවන කරුණ අසාර්ථක තර්කයක්

      Delete
  5. Nonpareil after Anti Capitalist සම කල නොහැකි ධනවාදී සමාජය

    ReplyDelete
    Replies
    1. ධනවාදය සහ සමාජවාදය සම කරන්න බැහැ , සිස්ටම් දෙකක් , ධනවාදයේ කොටස් සමාජවාදයේ තියෙනවා කියලනේ අපට ඉගැන්වුවේ. වුනේ නැත්තේ සමාජවාදය ධනවාදය වඩා දියුණුය කියන එක. වැටුනේ එතනින්

      Delete
  6. ටිකක් පරන පෝස්ට් ඒකක් උනත් ඉතාම හොද ප්‍රශ්ණයක් අජිත්.
    ධනවාදයෙන් පසු කුමක්ද ? .සමහරු කියනව අරාජික වාදයකට යයි කියල. පැරණි මාක්ස්වාදය විශ්වාස කරන අය කියනව නැවත කොමියුනිස්ට් ක්‍ර්‍රමයක් බිහිවෙයි කියල. මගේ අදහස මේක මරණින් මතු ජීවිතය මොනවගේ වෙයිද කියල අහනව වගේ ඒකක්.

    මගේ පිලිතුර තමා ඒ්ක කිසිවෙකුට අනුමාන කරන්න බැහැ. අපි ජීවත් වෙන නුතන ලිබරල් ධනවාදය තුලත් ඉතා ප්‍රගතිශිලි දේවල් තියෙනවා සමාජවාදයට වඩා .නමුත් ඒහි ප්‍රතිවිරෝධතාවන් නිසාමඑ ඒ් හා සමාන නරක තත්වයකුත් තියනවා. අපි ඇත්තටම කරන්න මේ මොහොතේ පවතින ධනවාදයේ සංකීර්ණතාවය අවබෝධ කර ගැනීමයි

    3Mana ඒකේ අනුශ්ක මේ ගැන ලියපු ආටිකල් ඒකකුත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. පෝල් මේසන් ගේ පෝස්ට් කැපිටලිස්ම් කියෙන පොත කියෙව්වද? න්කව ලිබරල ධනවාදය ඉදිරියට යන හැම මොහෙතම කොමියුනිස්ට්වාදී සමාජයට තව දොරක් ඇරෙනවා කියල මම හිතන්නේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .